5.2.11

හැරදා නුඹ ගිහින් .





             අදට අවුරුදු හතරකට විතර කලින්  කණ්ණාඩියක් ඉදිරියේ හිටගෙන  මම මටම පොරොන්දු උනා හදවතින්ම ආදරේ නොකරන බවට කිසිම කෙල්ලෙකුට කිසිම දවසක .  

අතේ තිබුනු sony ericsson K310 ෆෝන් එකේ SMS ටික සේරම හෙමීට එකින් එක මකල දාන්න හිතුවත් .ඒක එදා සෑහෙන්න අමාරු වැඩක් උනා . ඒක නිසා තවත් වැඩිය ගැන හිතන්නේ නැතුව K310 දකුනු පැත්තේ බිතියට වේගයෙන් දමල ගැහුවා ..

මගේ ජීවිතේ මුලින්ම අරගත්ත ෆෝන් එක . වගේමයි මුලින්ම කරපු ආදරේ !

.ඇත්ත .. මගේ පලවෙනි ෆෝන් එක . වේගයෙන් ඉගිල්ලිලා ගියපු ෆෝන් එක බිත්තියේ වදිනවාත් එක්කම කොටස් දෙකකට වෙන් උනා ..දෙකටම කැඩුනා

හරියටම හරි ..

මගේ හදවත වගේ ..දෙකටම කැඩුනා .!  

තමයි මගේ පලමුවෙනි ආදරේ මට දඬුවම් කරපු හැටි

එදා මම මටම වෙච්ච පොරොන්දුව කැඩුවට මට අද දඬුවම් ලැබුනා . කමක් නෑ ඒකත් හොඳ අත්දැකීමක් .

මීට අවුරුදු හතරකට පෙර !

*******************************************************************************************
                                               
.අතෙන් කුකුලාවත් වඩාගෙන  . මම වෙනදටත් වඩා උදෙන්ම  ඊයේ  වැඩට ගියා . වෙනදා වැඩට යන අතරමගදී ..ඉස්කෝලේ ගේට්ටුව ගාව ඉඳගෙන .මට මල් හිනාවක් තෑගි කරන එයාව නම් දකින්න මට බැරි උනා . එයා මට ගේට්ටුව ගාව ඉඳන් හැමදාම හිනහා නොවුනත්. ඉඳලා හිටලා . එයා දුන්න හිනා මල්වලට මම හරිම කැමතියි .

අයේ කවදාකවත් හිනාව මට බලන්න බැරිවේවි ,

  මම වෙනදා උදේට නැගිටින කොට හිතනවා අද මම මගේ හුරුබුහුටි කෙල්ලව හම්බ වෙන්න ඕන නේද කියලා . ඒක නිසා වෙනදාට මම අමාරුවෙන් හරි උදෙන්ම නැගිට්ටා අමුතු සතුටකින් . දැන් සතුට මට උරුම නෑ . කරටි කැඩෙන්න බොන අය හොඳටම දන්නව ඇති  බීව්වම උදේට නැගිටින්න තියන අමාරුව . මටත් අමාරුව හොඳටම තියනවා . දැං උදේට නැගිටිනකොට අමාරුව ඩබල් .!

වැඩට ගියපු වෙලේ ඉඳන් 20 පාරකට වැඩිය මම ෆෝන් එකේ තිබුනු එයාගේ පින්තූරේ බැලුවා . දුකක් නෑ කියලා පොරටෝක් දුන්නට පපුව හිරි වැටිලා වගේ  .. හිනාව , කතාව , ආදරබර වචන , හවස 2න් පස්සේ නොකඩවාම ගලාගෙන එන SMS මේ හැම දෙයක්ම නැතුව දැන් මට පොඩි පාලුවක් දැනෙනවා . ඒත් දුක නෑ .!

මට මේ ලෝකෙන් 100% හරි යනවා කියලා මම හිතපු එකම කෙල්ල .  මට ආදරේ කරලා , මගේම වෙලා ඉඳලා , අද මාව දාල ගිහිල්ලා . එයා මට වරදක් කරානම් මට පොඩ්ඩක්වත් දුක නෑ . මගෙ අතිනුත් අබමල් රේණුවක තරමින්වත් අහිංසකීට වරදක් වෙලා නෑ .. මේව මතක් කර කර මට ඉන්න බෑ ඉතින් මම එක දිගටම වැඩකරා . වැඩකරන එක දුකට නියම බේහෙත

කල්පයක් තරම් දිග දවසක් ඔය විදිහට ඉවර උනා  !

වෙලාව 5.45 විතර ඇති මහ හයියෙන් වැස්සා මම තෙමීගෙනම ගෙදර ආවා . ගෙදර එනකොටම වැස්ස නතර උනා . අහසත් මට කොලොප්පං කරනවා ! .

එතකොටම කෝල් එකකුත් ..

හලෝ !

සඳරු මල්ලී මම ජයසිරි අයියා කතා කරන්නේ

කියන්න අයියේ

මල්ලි ගං වතුර අධාර බෙදන්න ආපු සුද්දෝ වගයක් මට කොටයක් දීල ගියා .මම ඉතින් ඕවට නෑනේ . උඹ ඇවිල්ලා අරගෙන පලයං

හ්ම් මම එන්නම්

ඉක්මනට වරෙං නැත්නම් මේක වීසි කරනවා

මටත් නොදැනීම මගේ අඩිය ඉක්මන් උනා . අතරමග බයිට් කරත්තෙන් . බයිට් ටිකකුත් අරගෙන . මම ජයසිරි අයියගේ බෝඩිමට ගියා .

අන්න අරක දොර මුල්ලේ ඇති . බීල බෝතලේ පේන්න තියන්න එපා .! මම යනවා උඹ පිටිපස්සේ දොර වහගෙන වරෙං

 මමත් දොර මුල්ලේ පැදුර අස්සේ හංගලා තිබුන බෝතලේත් අරගෙන . පිටිපස්සේ පඩි බංකුව උඩ වාඩි උනා. පෙට්ටිය ඇරල බලනකොට රෙඩ් ලේබල් එකක් .. තනියම ගහන්න බෑ .. අද  බාගයක් ගහනව..!  

පලමුවෙනි ෂොට් එක උගුරෙන් පහලට වැටෙනකොට මට මගේ සම්පූර්න ආදර කතාවම මතක් උනා ..ඇයි මම එයාව අමතක කරේ කියලත් මතක් උනා .එයාව අන්තිමට දැකපු දවසත් මතක් උනා ! හරියට චිත්‍ර පොතක පිටු පෙරලෙනවා වගේ .

මගේ තාත්ත ගොඩක් නම්බුකාර විදිහට , ආඩම්බරෙන් ගමේ ජීවත් වෙච්ච කෙනෙක් . එයා මැරුනේ .එයාගේ නම්බුව එයාගේ නම් . මේ හැමදෙයක්ම මගේ අතේ තියලා ..මම ආදරේ කරන කෙල්ලගේ අම්ම හරි තාත්ත හරි අයියලා හරි මගේ ගෙදර ඉස්සරහට ඇවිල්ලා . කෑ ගැහුවොත් . තාත්ත එයාගේ ජීවිත කාලෙම හම්බකරපු නම්බුව .මම නිසා නැතිවෙලා යනවා ..එහෙම උනොත් මට කවදාකවත් සැනසීමෙන් ඉන්න බැරිවේවි.ඒක නිසා මේ ඇවිලිච්ච ගින්දර .ආයේ වැඩි කරන්න මම කැමති නෑ .හැබැයි මම මේක නතරකරාට පස්සෙත් කෙල්ලගේ ගෙදරින් මොකෙක් හරි පිරිමියෙක් ඇවිල්ලා . කෑගහන්න හැදුවොත් මම ඌව යහතින් යවන්නෙත් නෑ !

 ටිකෙන් ටික කලුවර වැටුනා . බෝතලෙත් බාගයක් විතර ඉතුරු උනා .. මම වටපිට බැලුවා ..

අද උදේ තිබිච්ච ලස්සන උදෑසන නෙවෙයි දැන් තියෙන්නේ කලුවර පාලු හැන්දෑවක් . මගේ ආදරෙත්  හරියට ගෙවිල ගිය උදේ කාලේ වගේ . ..හරිම සුන්දරයි ! .

කිසිම දෙයක් හිතන්නේ නැතුව . පොඩ්ඩක් මම අවට සද්ද වලට කන් දීගෙන හිටියා ..!  කිසිම සද්දයක් නෑ . හරිම නිහඬයි .මම ගොඩ කාලෙකින් ඇතිවෙන්නම තනිකම විඳ ගත්තා !

කලුවරට අයිති හෙවනැල්ලක් වගේ .මම බංකුව උඩ වාඩි වෙලා හිටියා. එක කුරුල්ලෙක්වත්  මං වෙනුවෙන් එකම එක සින්දුවක්වත් කිවුවේ නෑ .! ..උන්ටත් දැන් මාව එපා වෙලා !

කමක් නෑ මම අළුත් ඇරඹුමකට සූදානමින් හිත හදාගත්තා

 සඳරු //

































29 comments:

Anonymous said...

ගෙවුනු උදැසන වගේම ඔය ගෙවිලා යන කලුවර හැන්දාව හෙටත් එනවා...එකම අපිට ආයේ ආයේමත් විදින්න වෙනවා...හිත ශක්තිමත්ව තියා ගන්න අයියා... ඔයාට නරකක් වෙන එකක් නැ...

පූසා said...

මමත් ඔහොමමයි බං. එකක් කෙළ වුනාම පොර ටෝක්ස් දෙනවා ආයේනම් බොක්කෙන් ලව් කරන්නේ නෑ කියලා. ඒත් අළුතෙන් එකක් සෙට් වුනාම ඒක අමතක වෙනවා. පස්සේ මට තේරුණා මම විතරක් නෙවෙයි හුඟක් අයට එහෙම තමයි කියලා.
(ආයේ වැස්සලු නේද බං)

MaRLaN said...

කියන්නට දෙයක් නැත..
ඇයි ඔච්චර හිත දුර්වල කරගෙන නොබී ඉන්න බලපං කෙල්ල වෙනුවෙන්වත්

Dasun said...

හිත දුර්වල කරගන්න එපා සදරු....

Anonymous said...

බොන එක ප්‍රශ්න වලට උත්තරයක් නෙමෙයි. ප්‍රශ්න වලින් පැනලා යාමක්. බීලා බීලා හිත දුර්වල කර ගන්නේ මොකටද? හැම දේකටම හොඳ ආත්ම විශ්වාසයකින් මුහුන දෙන්න.

Asanka Udayanga said...

තමන්ගේ සතුට වෙනකෙනේක් මත පටවන්න එපා මචෝ,උබල අපිට වරදුනු තෑන ඔක තමයි,ආදරෙ කරට කමක් නෑ එත් ප්‍රමනෙකට,මතත් ඔක වෑටහෙද්දි පරක්කු වෑඩි,එත් දෑ කොහොමහරි මම ජීවත් වෙන්නේ ඔය දේ තෙරුම් ගත්තු නිසයි...

pissi said...

කාලය සේරම විසඳයි ඉවසන්න......

සෝරෝ said...

කථාවක් වගේ ලියලා තියෙනවා....

diskediskad said...

මුහුදෙ එක මාළුවද ඉන්නේ?හරි වෙලාව ආවම හිටියට වැඩිය හොද කෙල්ලෙක් ලැබෙ‍යි..සමහර විට ඔය කෙල්ලම ආපහු ලැබෙයි.
මටත් ඔහොම වුන කාලයක් තිබුනා...එක කෙල්ලෙක් නිසා නෙවේ කෙල්ලො දෙන්නෙක් නිසා...මමත් ඔහොම දුක් වෙවී හිටියා...හැබැයි ඒ හැමදේම මම දැන් යාලු වෙලා ඉන්න කෙල්ල නිසා වෙනස් උනා...ඕක ගැන හිතන්නෙ නැතුව හිත වෙන දේකට යොමු කරන්න....ටික කාලයක් යනකොට ඕක දැනෙනේ නැතුව යනවා....හැබැයි තව දෙයක් මට කියන්න ඕනි....
First cut in your hear is the deepest one...its really hard to forget...අත්දැකීමෙන් කියන්නේ

Anonymous said...

ඇත්ත තමයි බං මල්ලි. නැතිවෙච්ච ආදරේ පපුව පුච්චනව තමයි. වරදක් නොකරම අහිමිවෙලා ගියපු ආදරේ ඊටත් වඩා පපුව පුච්චනව. පැත්තකට වෙලා තනියම කල්පනාකරනකොට පපුව නොරිදෙනවනං උඹ ආදරේ කරල නෑනෙ. ඒක හන්ද සතු‍ටු වෙයං මල්ලී. ජීවිතේට තවත් අද්දැකීමක්. උඹ ඔතන නවතින්නෙ නෑ බං. උඹ කොච්චර කිව්වත් ආයෙමත් ලස්සන හිතක් හොයන් උඹ යනව.
බොන්න එපා කියන්නෙ නෑ මං. එත් නොබී ඉන්න උඹට හිතුනොත් ඒක කරහං උඹ වෙනුවෙන්.

මාරයාගේ හෝරාව said...

මල්ලී..
උඹට ඔනද වැද්දෙක් බණ කියනවා අහන්න..
ඔනනං කියහං මං පටන් ගන්නං..

එහෙම එපානං..මෙහෙම කියන්නං..

"අපි එකම රෑනෙ කුරුල්ලෝ..
අපි එකම රෑනෙ කුරුල්ලෝ..
මෙ පාරා දීසේ..."

රත්ගමයා said...

දැන් ඉතින් බීලා නේ ප්‍රශ්න විසදන්න හදන්නේ...ඔහොම බෑ හරිය...මට මාර පොර ටෝක් දෙන්න බෑ මෙතන..කෙල්ලව අමතක කරලා හිත හදා ගන්න කියලා...ඒත් ඒක ගොඩක් අමාරු වැඩක් කියලා මම දන්නවා....මේ මම ඉන්නේ.....හෙහෙ....බ්ලොග් එක ලියන්න.....ගොඩක් දේවල් අමතක කරලා සතුටින් ඉන්න පුලුවන්...බෝතලේට ඇබ්බැහි වෙනවට වඩා බ්ලොග් එකට ඇබ්බැහි වෙන්න......
ජය වේවා!!!!!!!

Anonymous said...

දැන් බීපං මලේ.. එකකොට උඹට සතුටු හිතුන දාට නොබී ඉන්න පුළුවන්...

dinesh said...

දුක තමා මලේ....ඕව විඳල මටනම් දැන් හොඳට පුරුදුයි.උඹ තාම පොඩි එකා නොවැ.පහුවෙනකොට උඹත් ඕකට හුරුවෙයි.

කියන්න තියෙන්නෙනම් මේ ජීවිතේ හොඳම කාලෙ නිකරුනේ නාස්ති කර ගන්න එපා කියල.කිව්වට මටත් ඒ දවස් වල මෙහෙම හිතුනෙ නෑ බං.ඒත්.......ඒත් දැන් තේරෙනකොට පරක්කු වැඩියි.මේකත් නොකියම නම් බෑ.වෙන ඒන්ජල් කෙනෙක් හම්බ උන දාට ඔය සේරම හරියනවා.එතකන් පරෙස්සම් වෙයන් මචෝ....උඹ කොහොමත් අනුමත වෙන එකේ ටිකක් විතර ...ඔන්න ඔහෙ ඕනැ එකක්.ඒ උනාට ඔය කොහෙවත් යන කෙල්ලන්ට වැඩිය උඹේ අහිංසක අම්මයි නංගියි ගැන හිතපන්.උඹේ ඔය වැඩ හින්ද අම්ම කොච්චර දුක් වෙනව ඇද්ද...????

(මට ටික දවසක් යනකන් සමහර විට comment එකක් දාන්න බැරිවෙයි.සඳුද ඉඳන්bzy)

Hishan de Silva said...

යශෝදරා කොච්චර ලස්සන කෙල්ලෙක් වෙන්න ඇත්ද?
සිද්ධාර්තට එයාව දාල යන්න කොච්චර අමාරුවෙන්න ඇත්ද?

හිත ශක්තිමත් කර ගන්න. මම තදින්ම කියනව බොන්න නම් එපා. බීල කාටද හරිගියේ. සිහියෙන් හැමදාම හිනා වෙලා ඉදපං මොන ප්‍රශ්නෙ තිබුනත්. උඹට හරියනව බය වෙන්න එපා.

නැතිවුන ආදරය තවත් අළුත් විදියට, තවත් නැවුම් ආකාරයකින්, වෙනත් රූපයකින් ඇතිවේවි.

කල බල නොවී ඒ කෙනාට උඹව හොයා ගන්න ඉඩදීපං. ඒකි එනෙකාට උඹට දැනේවි. උඹ ඔහේ බීගෙන ලොවෙත් නැති වෙලා ඉන්න කොට කව්ද දිනන්නෙ? උඹට ආදරයක් ඇති කරගන්න බැහැයි කියන්නෙ බොරු කතාවක්.

මේ ටික කිව්වෙ අත්දැකීමෙන්. අපි ටිකක් ඉවසල ඉදිමු. තමන්ට අහිමි වෙච්ච දේවලින් සාර්තකත්වය මනින්න පුරුදුවෙන්න. මොකද ඒ හැම අහිමිවීමක්ම ජීවිතයට අළුත් පාඩමක්, අළුත් අත්දැකීමක් එකතු කරන නිසා....

සංකල්ප said...

බීලා ප්‍රශ්න විසදන්න නම් බෑ මලයෝ. ඔයාගේ ජීවිතයේ ගෙවුනේ එක හැන්දෑවක් විතරයි ආයෙත් දවසක ඒ වගේම දවසක් උදා වෙයි.

ජීවිතේ ඔහොම දුක් විඳින්න වෙනවා. ඒවට අපි මුහුන දෙන්න ඕනේ, හොද සිහියෙන් මිසක් අවසිහියෙන් හොද සිහියෙන් මිසක් අවසිහියෙන් නෙමෙයි.

හිස් අහස said...

@නිම්ශා= නගා හරි දැන් දුක කෙමෙන් කෙමෙන් ගෙවී ගිහින් .. තව සතියකින් කොල්ල යතා තත්වයට .. ආ..කූල් අයිස් නියමයි ! දිගටම ලියන්න
.....................................................................................................................................................

@පූසා = හෙ .හෙ .. අපි ඉතින් කොල්ලොනේ බං ..අපිදන්නේ පොරටෝක් දෙන්න විතරනේ . කෙල්ලෝ ලස්සනට අපිව අන්ඳලා යනවා අපි දන්නෙවත් නෑ

.....................................................................................................................................................

@MaRLaN = හිත දුර්වල නැත මගේ යාලුවා .ඒත් මම පොඩි අඩියකින් නිවෙන්න කැමතියි .. මචං මාලේ උඹ බොන්නේ නැද්ද ?


.....................................................................................................................................................

@නිර්මල = මචා .මම මේ .දුර්වල හිතකට බෝතලකින් ජැක් එකක් ගැහුවා !

.....................................................................................................................................................

@කොට ජීවිතේ = කොහොමද අප්පේ මේ නමින් කෙනෙක් අමතන්නේ ..තරහ වන්න එපා ! .. මට පොඩි කාලේ ආත්ම විස්වාසය වර්ධනය කරගන්න තිබුනේ එකම බේතයි අක්කේ . .. මම කාටවත් කරදරයක් නොවෙන්න ඒක පාවිව්චි කරා

.....................................................................................................................................................

@අසංක Asanka = අනේ මන්ද මචං . මම හිතාගෙන හිටියේ .ඔන්න ඔහේ ආතල් එකට ලවු එක කරගෙන යනවා කියලා . බලාගෙන යද්දි කෙලවුනා නියමෙට . ..ජය ..

.....................................................................................................................................................

@pissi = හ්ම්..ඔවු සහෝදරී මම බලං ඉන්නවා ..

.....................................................................................................................................................

@Malan = මුහුදේ මාළු ගොඩාක් ඇත ..නමුත් මචං මා ටැංකියක තනිවූ මාලුවෙකි වට්ටු ඩූ ? මෙයාව මට ආපහු එපා ! එයා ආවොත් වැඩේ දිග්ගැස්සෙනවා .. අමතක කරන්න අමාරුයි තමා ..ඒත් හෙමීට අමතක කරමු ..

.....................................................................................................................................................

@nawammawatha = නිතරම දුක නොහිතුනත් එක වෙලාවකට එනවා දුකක් හතරට පැලෙන්න වගේ ...ඔවුවා වැඩද ? මම තව සතියකින් ඔය සේරම අමතක කරලා පරන සන්තෝසෙන් ඉන්නවා
..ඔන්න ඔහේ පොඩ්ඩක් බොනවා ..ඒක මම ඉස්සරත් කරානේ ..ජය නවම් ජය

හිස් අහස said...

@මාරයාගේ හෝරාව = පට්ටම බන මාරේ අයියා ..මේං මම දොහොත් මුදුං දීලා ඉඳගත්තා ...අම්මපල්ල අපි එකම රෑනේ නේන්නං ..එහෙනං මමත් අයියගේ ඔරුවෙම ඉඳගත්ත ඕං ..හෙමීට පදිමු . ඔලුව බරයි..

.....................................................................................................................................................

@රත්ගමයා = උඹව දැක්කම දුකක් තිබ්බත් අතුරුදහං ..අනේ පල යන්න ! උඹ පහුගිය දොහේ අඬා වැලපුන හැටි මමනේ දන්නේ ..එනව මෙතන ..පොඩි එකා ! මම එන්නද රත්ගම හන්දියට ..ඇත්තටම රත්ගම මල්ලී බ්ලොග් කෙරුවාවට ඇබ්බැහි වෙලාද ? මටනම් හිතෙන්නේ එහෙමයි ..හිනා කකා බලන උඹේ බ්ලොග් එක පං කාදු 5යි .. ආ 50 ගැහුවට ජය වේවා !

.....................................................................................................................................................

@prasanna86k = අද බඩු නෑ ...බලහං උඹෙන් අවසර ලැබෙනකොට බඩු නෑ ..අද හිස් බඩ

.....................................................................................................................................................

@dinesh = මටත් හිතෙනවා අයියනම් ඉතින් කෙල්ලෝ කාල වතුර බීපු කෙනානේ .. :) ආයේ මම මොන කෙල්ල ගැන හිතන්න ගියත් අයියගෙන් අහලා තමයි පටන් ගන්නේ .අම්මයි නංගියි ගැන හිතලා තමා අයියා මම මේක නැති කොරලා දැම්මේ . ඔයා පුලුවන් වෙලාවක ඇවිල්ලා බලල යන්න . වැඩ පාඩු කරගන්න එපා ,..කමෙන්ට් නැතත් මම දන්නවා අයියා මෙහේ ආවා කියලා .උඹ තමයි මගේ එලම පාඨකයා ..මුල ඉඳන්ම හිටියා .

.....................................................................................................................................................

@Hishan Melanga = නැවුම් විදිහකින් ආදරේ මාව හොයාගෙන එනකම් මම මෙතන ඉඳගෙන බලං ඉන්නවා මචං ..මම ඉස්සර ඉඳන්ම බොනවා ඒත් මචං මම කොයිතරම් බීවත් හැමදාම හොඳම හොඳ සිහියෙන් හිටියා . ඉඳලා හිටලා . පොඩි අවුලක් දෙකක් නොගියාමත් නෙවේ .. ඔයාගේ අයිඩියා නම් සුපර් ..

.....................................................................................................................................................

@මධුරංග = ලොකු අයියා ! හරි හරි මම බීලනෑ . අද මම 100% හොඳින් ..එක දිගටම බොන්නෙත් නෑ . අතේ සල්ලිය බාගේ හිඟයිනේ ..ඔය ඉන්නම බැරිවෙච්ච දාට තමයි බොන්නේ .. ඔයා හරි මම හරියටම දවස් 7 කින් වෙනදා හිටියා වගේම සතුටෙන් ඉන්නවා ..

ayesha said...

ඔයාට වරදින එකක් නෑ යාළු. හැමදෙයක්ම හොඳ විදියට සිද්ද වෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා

MaRLaN said...

ආ බොල මං බොනවනම් වෙන එකෙක්ට බොන්න එපා කියන්න මට පිස්සුයි කිය්ලා හිතුවද?

තාරා said...

හිරු නැඟ එද්දි රිවිකත මල් සිනාවා
හිරු බැස යද්දි ඒ මල දුක් ගී කීවා
යලි හිරු එපා මගෙ ලොව මම තනි වෙනවා
කියු දේ සියල් හිරු දැක අමතක කෙරුවා

ඔබේ ලොවට නැවතත් හිරු නැඟෙන තුරා
හිතේ දුක් ගින්න දියවී ගලන තුරා
ඉවසා ඉන්න ලං නොම කර පසමිතුරා
මත්පැන් නොබොන් සොහොයුර දිවි තිබෙන තුරා


(රිවිකත = සූරියකාන්ත)

Thusitha (දිමා) said...

අනේ මන්ද සහෝ මොනව කියන්නද කියල...

Thusitha (දිමා) said...

ඔබ හිමෙන් හිමෙන් ඇවිදින් මගෙ හීන ලොකෙට
අතිත සැමරුම් එකිනෙක ගෙනෙයි මතකෙට
අමතක කරලන්නට යන හැම මොහොතකම
හද රිදුම් ගෙනන ලෙස මතකෙට එන්නෙපා ඔබ
(‍ඕක උස්ස ගත්තෙ ශිරෝශී නඟාගේ බස් ඒකෙන්)
http://bit.ly/hwoF4C

පැන්ඩා said...

මට කියන්න දෙයක් ඔලුවට එන්නෙ නැ උබෙ මෙක කියවල මට එක එක ඒව දාස් ගානක් ඔලුවට කඩා පත් වුනා.මොකක් ලියන්නද මට තෙරෙන්නෙ නැ. හැමදේම ආයෙත් හොදින් වෙයි.තෙරුවන් සරණයි.

neetha said...

පිරිමියෙකුට ආදරෙන් පැරදුනාම සිහිය නැතිවෙනතුරු බොන්න පුලුවන්, යාලුවො හම්බවෙන්න ගිහින් කතාකර කර හිතේ දුක තුනී කරගන්න පුලුවන්.ඒත් ගෑනු ලමයින්ට? එහෙම බැහැනෙ අඬන එක විතරයි කරන්න පුලුවන් ඒකටත් නිදහසක් නැහැ, සමහර වෙලාවට හොරෙන් තමා අඬන්න වෙන්නේ.හැමදේටම හොඳම බෙහෙත කාලය කියනවනේ.

හිස් අහස said...

@ayesha = බොහොම ස්තූතියි යාළු ..දැන් හැමදේම හරි මම පට්ට හපී ..

.....................................................................................................................................................

@MaRLaN = අනේක වාරයක් සාමාව .මාගේ කට කැඩුනු වදන්වලට අමනාප නොවන්න ..

.....................................................................................................................................................

@තාරා = ලස්සනයි තාරාවී ..හරිම වටින කමෙන්ට් එකක් ..ඒත් දැන් මම දෙගුනයක් බොන්න හිත අහදාගත්තා ..සමාව දෙන්න ..හේතුව ඊලඟ ලිපියෙන් කියන්නම් ..ජය

.....................................................................................................................................................

@Thusitha Jayasinghe = මටත් හිතාගන්න බෑ මචං ..ඒකනෙවේ මොකෝ බයික් එකේ ඇතුලට ආවේ ? බස් එකෙන් ඉස්සුවා ! මොකක් ඒ හරුපේ ?

.....................................................................................................................................................

@පැන්da = මම මේදවස් වල වත්තපිටිය සුද්දකරනවා පැන්ඩයිය එන නිසා ..පැන්ඩයියේ හිස් අතින් හිස් අහස බලන්න එන්න එපා ! බොන්න මොනවා හරි ගේන්න . අනේ මචං මගෙ පැන්ඩයියේ මම 100% හොඳින් ..හි හි ..සඳරුට ඔවුවත් වැඩද ?

.....................................................................................................................................................

@neetha = අන්න නීතා ඔයා වරද්දගත්ත තැන පිරිමියෙකුට අඬන්න තහනම් . මම අන්තිමට ඇඬුවේ 1 වසරේදී විස්වාස කරන්න පුලුවන්ද ? මගේ තාත්ත මැරිච්ච දවසේවත් මම ඇඬුවේ නෑ ..මම දුක පිටකරගන්නේ අඬලා නෙවේ ..කෙල්ලෙකුගේ කඬුලු පොලවට බරනෑ ඒව තෙතයි ..කොල්ලෙකුගේ කඬුලු පොලවට බරයි ..ඒව කැතයි ..ඔයාගේ අදහස් අනර්ඝයි ..මට හිතන්න යමක් දුන්නා ඔයා ස්තූතියි..

Thusitha (දිමා) said...

Google Buzz

හිස් අහස said...

@Thusitha Jayasingheආ ගූ බස් ..එල එල මම තාම ඔය බස් එකේ යන්න දන්නේ නෑනෙව

BLOG ගඩොල් said...

දැනුයි දැක්කේ! මොනවා වුණත් ඔය වගේ කේස් වලදි නොබී ඉන්න පුලුවන්නං හොදයි

Post a Comment

තැන්කූ බං