6.2.11

තේ බී වෙරි උනා...!




කටි දුම් පිටවෙන

වැසි වසින සීත උදයක

නංගි ගෙන තේ එක

බීගෙන ගියා එක හුස්මට


රසින් රස වෑහිනි

කෝප්පේ අඩිය පෑදිනි

අහෝ ඛේදයකි...........!

කෝප්පය තුල හූනෙකි


සුදුම සුදු පැහැගැන්වි ලා

වල්ගෙ රවුමට කැරකි ලා

කටත් බාගෙට විරවෙ ලා

හිටියා බාගෙට මියැදි ලා


ලෝකයම කැරකු නා

කබරයා විසි නා

දෙපය පන නැති නා

තේක බී මම වෙරි නා ..!!


දැන් තේ දකින විට

හූනා සිහිවෙයි හැම විට

ඉතින් මම තේක වෙනුවට

ගසමි අඩියක් උදේ හවසට

සඳරු//

45 comments:

රත්ගමයා said...

අප්පට සිරි...ඉකේයියා....බිව්වද ඉතින්... හැබැයි මම දැකලා තියෙන්නේ මල්,ආදරේ,අම්ම ගැන ලියපුවා විතරයි බන් අයියේ...හූනෙක් ගැන ලියලා දැක්කේ දැන් තමා..හැබැයි මැක්ක්සා....ඒ වෙනස තියෙන්න් ඕන..හැමෝම නොකරන දේවල් අපි කරොත් තමා අපිට පවතින්න පුලුවන් වෙන්නේ..හූනට ජය වේවා!!!

රත්ගමයා said...

ප.ලි - අඩි සීන් එක නම් කැතයි හොදේ...මම බලපු ගමන් ඒක දැක්කේ නෑ..පස්සේ දැක්කේ.....
යකෝ අයියේ...හූනා එක්ක තේ එක බීහන්...ඒක සැපැයි බොල ඔව්වා කට ගහනවට වඩා

හිස් අහස said...

@රත්ගමයාඋඹ හූනු තේ බීවනම් ඔහොම කියන්නේ නෑ මයෙ පුතා ! මම හිත හයිය නිසා බේරුනා ! රත්ගමයා එහෙම වගේනම් 4ට් පැලෙනවා ..

ayesha said...

හපොයි හූනු තේ බිලා උන විනාශයක්

Anonymous said...

හිස් අහස වෙරි වෙලා
තරු කැටත් පොඩි වෙලා
සඳ යන්නෙ විසි වෙලා
සඳ හාවා වෙරි වෙලා

කවිය ලස්සනයි. කොහෙන් එන අදහස් ද මන්ද........

BLOG ගඩොල් said...

අනේ පව් හූනා. නියමෙට ලියලා තියෙනවා මචෝ

සංකල්ප said...

මාරම සීන් එක. මටත් පොඩිම දවස්වල ඔහොම සින් එකක් උනා. අපේ ගෙදර වතුර උනු කරන කේතලයට හූනෙක් වැටිලා. අම්මා දන්නෙ නැතුව වතුර දාලා ලිපේ තියලා පස්සේ නැන්දා වැවිත් කිව්වාම තමයි දන්නේ. එතකොට මම කිරි බෝතලෙන් බාගයක්ම බීලා ලු.

පොඩි කාලේ නේ. ඔන්න ඔහේ සුප් එක වගේ බොන්න ඇති. හැබැයි දැන් හූනෙක් වගේ නම් නෙමෙයි. ලොකු උෟරෙක් වගේ එකෙක් මතක් කර ගත්තොත් හරියටම හරි. හි හි හි

හිස් අහස said...

@ayesha = මතක් කරන්න එපා සහෝදරී මට වමනේ යන්න එනවා

.....................................................................................................................................................

@සොඳුරු සිත = පට්ට ලස්සන කවිය ..මේ අදහස් ආවේ ජුංඩි සොට් එකක් නවා ගත්ත නිසා

.....................................................................................................................................................

@blog gadol = හූන නෙවේ බං මං පවු ! මං ගැන බලපල්ලා !

.....................................................................................................................................................

@මධුරංග = ඔයා ඒක දැක්කේ නෑ නේ පස්සෙනේ දන්නේ ..එහෙම නෙවේ බොන අතරේ කෝමද හූනා නිකං කිඹුලා වගේ කෝප්පෙක පතුලේ ඉන්නව දැක්ක්ම ..මට මල පැන්නා ..ඔයාටත් දව්සක හූනු තේකක් බො

Thusitha (දිමා) said...

දෙයක් නෑ මවන්.
http://www.youtube.com/watch?v=R3a9r8qFlhQ&feature=related

හිස් අහස said...

@Thusitha Jayasinghe අප්පේ නයා ගැහුවා වගේ . මචෝ මගේ හිත හදපල්ලා ! . මුං මට තව අප්පිරියා කොරෝනව .. දැන් වමනේ යන්ඩ ඔන්න මෙන්න ..

Anonymous said...

අයියෝ අයියේ මට මුකුත් පෙන්නේ නැනේ ඔයාගේ සිංහල යුනිකොඩ්..ඔයාගේ විතරයි...කොටු කොටු කැලි ටිකක් පෙන්නේ..අපොයි...

පූසා said...

කූඹි එක්කනම් ඔන තරම් තේ බීලා තියනවා හූනොත් එක්කනම් බීලා නෑ :D සුපිරි කවිය මචෝ

පැන්ඩා said...

අඩො හූනො හරි විසයි කැමට එහෙම වැටුනම.පොඩි බබෙක්ගෙ තේ එකක් හදල ඔහොම හුනෙක් වැටිල හිටපු වතුර කේතලයකින් බබා නැති වුනා.
උබ නම් ඉතින් උදේ හවා බඩට පණු බෙහෙත් එහෙම දාල සුද්දෙට තියා ගෙන ඉන්න ව නෙ.අනික දැන් ඒවයෙ විසට පුරුදු වුන බඩට හුනු තේක නිකං අර සිසිල ගලන මින්ට් සිදුරක් කැව වගේ ඇති.

සූර සරදියල් said...

අප්පෝ හිරිකිතයි!!! Thusitha Jayasinghe දාලා තියන වීඩියෝ එකේ පිගානේ කපලා ඉන්න නයා දගලනවා!!! ..මොකක් ද ඩා මාලුන්ට කරන අපරාදේ!!! චීන්නු අපිට කෑමත් එපා කරනවා!!

Anonymous said...

මචං කොහොමද ටේස්ට් එක? සුපිරි නේ?

කොහොමත් මුල්ල පටස් එහෙම හදද්දී හූනෝ වරදින්නේ නෑ බං...

Praසන්ன said...

දැන් කවුද ඔය තේ එකට හූන දැම්මෙ...

සෝරෝ said...

අඩේ ෆට්ට සිරා කවිය බං.... මට චිත්‍රපටියක් වගේ මැවුනා සීන් එක.... :D

hare :-) said...

හූනො පෙනුමෙන් සියැමැලියි
කෑවොත් කබ‍රයෙක් වෙයි
ඒනිසා කන්නට නුසුදුසුයි
සඳරු ඒ බව කියයි

ගමේ සියාතු හවසට
පෙරන ලෝකල් ඒවට
කවුරුත් දන්න විධියට
හූනොත් දමයි පණපිට

ඒනිසා ඔය කිවූ ලෙස
බොනවිට උදේ හවසට
නොකලවම් ෂුවර් පිට
ගන්න සීල්ම හැමවිට

Anonymous said...

කොහොම බිව්වද මන්දා තේක. (puke)

පිණිබිඳු... said...

මම දන්න කෙනෙක් සුදුළුණු කන්නෙ නෑ. ඇයි ඇහුවම කිව්වෙ එයා පොඩි කාලෙ පරිප්පු වගයක් කෑවලු. ඒක සුදුළුණු රහයිලු. පස්සෙ බලද්දි පරිප්පු එකේ ගෙම්බෙක් වැටිලා. එදායින් පස්සෙ එයා සුදුළුණු කන්නෙ නෑ ගෙම්බගෙ සීන් එක මතක් වෙන හින්ද.

අපරාජිතයා :::: Aparajithaya said...

ෂා..... මරුනේ නියම රහට තියෙන්න ඇති............ මටත් ඔයවගේ වැඩක් වෙලා තියෙනවා පොඩි කාලේ... අම්ම මුං ඇට තම්බපු වතුර ටිකකට සීනි දාලා බොන්න තිබ්බා. මාත් ඉතින් ගහල දැම්මා.බීලා බීලා කෝප්පේ පතුල බලද්දී තඩි කුරුමිනියෙක් මැරිලා කෝප්පේ පතුලේ. ඔය වගේම කබරයා දැම්මා එදාට පස්සේ මුං ඇට තම්බපු වතුර තියා මුං ඇට කෑවේත් නැහැ අවුරුදු ගානක් යනකන්....

Anonymous said...

අනේ මගෙ කට. උඹෙ කසිය බීමෙ හැටියට හූනෙක් වැටිච්ච තේ එක මොකක්ද. මේ උදේ පාන්දරත් තේ එක නොගහ සීල්ම ගහන්න පාදාගනිපු පොටක් නේද? ඇත්ත කියපන් මලේ. උඹම නේද තේ එකට හූන දාගත්තෙ?

Podi Kumarihami said...

අනේ මට පේන්නෙත් කොටු, කොටු විතරයි. මේකත් අර පොඩි ලමයින්ට තහනම් කරපු එකක්ද? ඉතින් ලොකු ලමයින්ට පේන්නේ නැත්තේ ඇයි?

dinesh said...

ඔව්ව මොනවද බං.මෙහෙ බීම ඇතුලෙ සරපයි,ගෝනුස්සො,දිවි මකුළුවො,නයි පෙන ඔය වාගෙ එව්වත් එක්කල අරක්කු වර්ග තියෙන එකේ.අපිට හිතා ගන්නත් බැරි පට්ට ගනන් එව්ව.උඹට නොමිලෙම හූනෙකුත් එක්ක තේ එක හම්බ වෙච්ච එකේදැක්කට පස්සෙ මුල්ලපටස් කියල ඇදල අරින්න තිබුනෙ අප්පිරියා නොකර.

Dasun said...

හුනු තේ ගැනනම් ඔය ඇහුවමයි. හැබැයි මම පණ පිටින් පත්තෑයෙක් එක්ක වතුර නම් බීලා තියෙනවා...

හිස් අහස said...

@නිම්ශා= නගා ඔන්න මම දැන් හැදුවා මොකද්ද අමුතු ෆොන්ට් එකක් වැටිලා ඒකයි
.....................................................................................................................................................

@පූසා = කූහුඹුවෝ එක්ක තේ වගේද හූනු තේ . ඔයා පූසනේ නියමෙට ගැලපෙනවා ඔයාට නම්

.....................................................................................................................................................

@පැන්da = පැන්ඩයියේ ආයේ මොනාද ? මගේ බඩඩ ගල් උනත් දිරවනවා.. ඇයි ඒව මගේ ජාතික පානයනේ .. හූනෙක් නම් මොනාද . දවසක පැන්ඩෙක් කාල බලන්න ඕන

.....................................................................................................................................................

@සූර සරදියල් = ඒකනේ මේක දාල තියන වීඩියෝව දැකලා මට තව මොහොතෙන් කබරයා ! අද සිට චයිනීස් කන්න එපා මිතුරනි ..

.....................................................................................................................................................

@prasanna86k = අනේ යන්න අලෝ ..මුල්ල පටස් හදන්නේ උඩට උඩුවියන් සහ පයට පාවඩ දාගෙන

.....................................................................................................................................................

@Praසන්ன = අනේ මන්දා අභිරහසකි ! .සමහරවිට නංගිගේ කුමන්ත්‍රනයක්ද මන්දා ?‍‍

.....................................................................................................................................................

@සෝරෝ = ඔයාට මේහූනා චිත්‍රපටිය මැවිලා පේනවා ඇති

.....................................................................................................................................................

@hare :-) = සියාතු නොවේ . ඇඩිඩිං තමා අපේ පලාතේ ඔය දිව්‍ය ඔසු හදන්නේ . එයා බොහෝම පිරිසිදුව තමයි ඔවුව හදන්නේ .. හූනෙක් තියා මීයෙක්වත් වැටෙන්න කිසිම විදිහක් නෑ ... ලස්සන කවිය . (අවංකවම ඉරිසියයි . මගේ කවියට වඩා එල )

.....................................................................................................................................................

@කොට ජීවිතේ = බීවට පසු තමා දැක්කේ අක්කේ

@පිණිබිඳු. = ගෙම්බ සහිත බනිස් මම කාලා තියනවා . ඔයා කාලා නැද්ද . මම කාපු බනිසක පොඩි ගෙම්බෙක් උන්නා . මම ඌව වීසිකරලා කෑවා ..

.....................................................................................................................................................

@අපරාජිතයා = ආ මේ අලුත් සහෝදරයා ..වෙල්කම් කීව හිස් අහසට ..පට්ට වැඩේ ඔහේටත් වෙලා තියෙන්නේ . ගෙදර අයත් බීවද ? එලට තියෙන්න ඇති පැනිරහද බං ..හි හි

.....................................................................................................................................................

@nawammawatha = මයෙ අම්මේ ! මේ මොනා නවම් අයිය කීන්නේ ..කොහොම හරි ඉතින් උදේටත් දැන් අරවා ගහත හැකි ..හිහි . කොහොමද හූනගේ මොලේ ..තේක වගේද ඒක ..පැල මද වගේද පොල් අරක්කු ?

.....................................................................................................................................................

@Podi Kumarihami = දුකකි ෆොන්ට් කචල් එකකි දැන් හරිය . බලනු මැන . මම පීඩිත පන්තියේය ....

.....................................................................................................................................................

@dinesh = මේ මොකෝ යට ..ඇත්තටම අයියා ඔයාල ඉන්න රටේ නයි විස්කි නැද්ද මට ආසයි එවුව ගහල නිකං නයා වගේ ඉන්න .දිවි මකුලුවා පානය වදිනවද ? හොඳම එක මොකද්ද ? එනකොට බෝතලයක් ගේනවද ? . මම කීයක් උනත් ගෙවන්නම් .

.....................................................................................................................................................

@නිර්මල . පත්තෑයා .. පන පිටින් .. නිර්මල සහෝදරයා .ඔබතුමා ජීවතුන් අතර නේද ? නැත්තනම් මේ ඔබගේ අවතාරයද ?

මාරයාගේ හෝරාව said...

අම්මපා මලේ උඹ කොහොමද බං මේ කවිය ලිව්වේ...?
ඒ තරංම සුපිරි නෙව..

හිස් අහස said...

@මාරයාගේ හෝරාවඅනෙ යන්ඩ මරෙයිය ! මට ලැජ්ජාවේ බැරුවා ..නෝන්ඩි ගොඩයි අයියො..

තාරා said...

නංගි නිකන් නොමිලේ හදල දීපු තේ එකට හූනෙක් නැතුව කිඹුලෙක් දාන්නයෑ. ඔන්න රුපියල් 10 ක් වත් දුන්න නම් පොඩි කොස්සැට මීයෙක් වත් දාල දෙයි. අපේ කැන්ටිමේ රු 40ක් දීල ගන්න බත් එකට දෙන්නෙත් ජුන්ඩි පණුවෙක් නැත්නම් කැරපොත්තෙක් විතරයි. ඉතින් නිකන් තේ එකට හූනෙක් කියන්නෙ කොච්චර දෙයක්ද??? ඒක අල්ලගෙන අඩි ගහන්න හදන්නෙ ඉතින් කපටි කමට තමයි.. ඒක නෙමෙයි.. කෝ වල් අලියා?

මාරයාගේ හෝරාව said...

පිස්සු කියවන්ඩ එපා බං..ඇත්තටම මම ආසම සෛලීයේ එකක් ඔක..
උබට ලැජ්ජනං උඹ නටා ගනින්..මයේ මොකද..?
ඒත් කවියනං මල් හතයි..

හිස් අහස said...

@මාරයාගේ හෝරාවඅයියගෙන් ඔහොම වචනයක් ඇහුව කියන්නේ මට මලත් සැපයි ..

තෑන්ක්ස් ඔ ලොට්ට මාරේ අයියා . කෝ කකුල්දෙක මට වඳින්න ..

අඩෝව් මාරය මගේ කවිය වර්නනා කරා ! මම තමා දැන් කවියා . බ්ලොග් අවකාසෙම සරෙන්ඩර් ..

මාරයාගේ හෝරාව said...

‍හෙහ් හෙහ්...උඹනං බං...

හිස් අහස said...

@තාරා

තාරා ඔයා ජරා කැන්ටිමකින් කාල තියෙන්නේ ඒකයි .අපේ කැන්ටිමේ ඉන්නේ දලඹුවෝ විතරමයි ..අලියා ගැන කියන්න දෙයක් නෑ ඌ අපේ වී ගබඩාව බින්ඳා ..ඔයාලටනම් අලි කරදර නෑනෙව

හිස් අහස said...

@මාරයාගේ හෝරාව මාරෙ අයියනේ මගේ බ්ලොග් එකේ මුලින්ම කමෙන්ට් කරපු එක්කෙනා මට ඒක කවදාවත් අමතක නෑ

මාරයාගේ හෝරාව said...

හරි බං අදටත් මම එනවා යනවානේ..ඒ එන්නේ උඹෙ ලිවිල්ලේ හොදකම හින්දම තමයි...

හිස් අහස said...

@මාරයාගේ හෝරාව සන්තෝසයි මාරේ අයියේ .උඹට බොක්කෙන්ම ස්තූතියි . අපි ඉතින් එක රෑනේ කුරුල්ලොනේ . මැරෙන්න කලින් අපි දෙන්න සෙට් වෙමු කොහොමහරි .

අපරාජිතයා :::: Aparajithaya said...

නැහැ මචන් මමයි තාත්තයි විතරයි බිව්වේ.මගේ කෝප්පේ පතුලෙයි හිටියේ.අපොයි මතක් වෙද්දීත් මොකක්ද වගේ.කොහොමත් දැන්නම් මුං ඇට කනවා ඒත් මුං ඇට තම්බපු වතුරනම් කටේවත් තියන්නේ නැහැ වැරදිලාවත්.

හිස් අහස said...

@අපරාජිතයා :::: Aparajithaya දැක්ක නේද මටත් අන්න ඒකමයි අවුල .මටත් තේ දැන් පේන්න බෑ තේ දැක්ක හැටිය කබරයා ! මචන් දැං උඹලත් මොනව හරි විකල්ප පානයකට හුරු වෙන්න . මුංඑට ජලය වෙනුවට කොහොමද රෙඩ් රම් වගේ පානයක් ..එල නේ ..?

M.M said...

කවියනම් නියමයි, කියන්න වචන නෑ...
උඹට නියමෙටම ලියන්න පුලුවන්නෙ බන්. උඹේ මේ බ්ලොග් එකට මම සෑහෙන කලෙක ඉඳල ආව බන් හැබැයි පලවෙනි සැරේට තමයි මේ කමෙන්ට්‌ එකක්‌ දාන්නේ.
උඹ ලියන එකනම් නවත්තන්න එපා බන් දිගටම ලියපන්.උඹේ පෝස්‌ට්‌ සේරම මම කියවල තියෙනව බන්,කමෙන්ට්‌ නොකෙරුවට.උඹේ ඔය බොන එකනම් ටිකක්‌ අඩුකරගන්න බලපන්. නැත්නම් කාලයක්‌
යනකොට උඹ් බේබද්දෙක්‌ වෙයි.

පබලු said...

hapoi...hunek ekka thekak..

siduveema apriyayi ..nirmaanaya uparimayi..supiri..

M.M said...

මමත් කූඹි,ඇඹලෙයො වගෙ උන් එක්‌කනම් තේ බීල තියෙනව.එක දවසක්‌ මට ඇඹලයෙක්‌ හපුනා බන්,අප්පේ... තේ එකට දෙහි දම්මවගේ..හූනෙක්‌ කිව්වම මට ඊයෙ රෑ කපුවත් උගුරට අවා..

pissi said...

චීන්නු ඔය එක එක ජරා සත්තු කනකොට එක මේසෙ ඉදන් කන්න වුනා මට. මට ඉල්ලුවෙ චිකන් ගේන්න කියලා. ගෙනාව ඔලුවත් එක්කම..... අනේ එලවලු සැපයි කියල කෑව ඔලුව උස්සන්නෙවත් නැතිව

මැරා... said...

හූනා මොකෙක්ද ඩො කැරපොත්තො කාපු මට කතාව පස්සේ ලියන්නම්........

radi said...

supiri kiwwa

Kalpani said...

ඇත්තටම උන දෙයක්ද අයියා....හූනු තේ...ඈක්ක

Post a Comment

තැන්කූ බං