15.2.11

වැලන්ටයින් දුන් තෑග්ග




      හතරැස් ඔරලෝසුවේ කටු කැරකෙන්නේ බොහොම හෙමීට. ඔරලෝසුව දිහා බලන වාරයක් පාසා මට එහෙම හිතුනා. අදනම් මට ඕන උනේ ඉක්මනටම ගෙදර යන්න . ගෙදර ගිහිං මලා වගේ උදේ පාන්දර වෙනකම්ම නිදාගන්න . ඒතරමට මේ වැලන්ටයින් දවස මට වදයක් උනා.!

අද මම උගන්වන Institute එකේ පරිගණක පාඨමාලාවක් අවසන් කරපු ලමයි කන්ඩායමකට සහතික බෙදන දවස .

 මේ එලොවටත් නැති මෙලොවටත් නැති. මහම මහ ලොකු වැලන්ටයින් දවසේ .! අපේ බොස්ටත්  අදම මේ දවසෙම සහතික බෙදලා දාන්න ලොකුම ලොකු දොලදුකක් ඇතිවෙලා තිබුනා ..! බොස් නිකං අර කොහේද කැඩිච්ච කඩියා වගේ එහාටයි මෙහාටයි දුවනවා . අපේ Institute එකේ අනික් උදවියටත් දසකුත් එකක් වැඩ ..

ඒත් මම ඔරලෝසුව දිහාම බලාගෙන හිටියා

සඳරු ඉස්සරහට දවස් දෙකක් නිවාඩු ඒක නිසා අදම මේක බෙදලා ඉවරයක් කරලා දාමු  බොස් මට කියලා ආයෙමත් කොහෙදෝ දිවුවා .. බොස් ආපු නිසා වැඩක් කරන්න වගේ ලෑස්ති වෙච්ච මම .එයා ගියපු හැටියෙම ආයේ ඔරලෝසුවේ කටු ගනින්න ගත්තා .

අද නම් අනිවා එයා එනවා ..ඒක මගේ හිත හොඳටම දන්නවා .මම මගේ දකුනු අත කම්මුලේ තියාගත්තා . හරියට ගෑනි මැරිච්ච මිනිහෙක් වගේ ! මගේ අත් ගොඩාක් සීතල වෙලා . කියන්නේ මම ඩිංගක් කලබල වෙලා ..! කමක්නෑ ඕක මහ දෙයක් නෙවේ එයා ඇවිදිං සහතිකේ අරං යන්න යාවි ..මම එයා දිහා බලන්නෙවත් නෑ . මගේ ලඟපාතම තියන Key board එකේ Key ඔහේ ඔබාගෙන යනගමං මම හිතාගත්තා ..‍‍

සඳරු අන්න එනවා !

අපේ Institute එකේ Reception එකේ ඉන්න අක්කා මට හිනාවෙවි කිවුවා ගමෙන් බාගෙකට ඇහෙන තරම් සද්දෙං ..ඒකිට නම් හිනා ..මට දෙයියංගෙම පිහිටයි !!

ඔන්න ඔය විදිහට මගේ හිටපු පෙම්වතිය .මගෙන් මාස ගානක් ඉගනගත්ත ලස්සන කෙල්ල .අම්මයි තාත්තයි එක්ක .රතුපාට ගඩොල් අතුරපු පාරදිගේ .හෙමීට එනවා .. අනේ මන්දා ! මටනම් අම්මයි තාත්තයි පෙනුනේ නිකං යමපල්ලො දෙන්නෙක් වගේ . ඈත ඉඳං කට්ටියව මම සන්සන්දනාත්මක බැලුවා ..

මගේ හිටපු කෙල්ල එයාගේ අම්ම වගේද ? අපෝ නෑ මේ ඇන්ටිගේ නිකටේ දිග ..
කෙල්ල තාත්ත වගේද ? කොහෙත්ම වෙන්ඩ බෑ . ! මේකා නිකං ගොරකා යකා වාගෙනේ~!


යකෝ මෙහෙම පවුලකටද මම පෑහෙන්න ගියේ ? ගෙනෙල්ල ඔය බූවල්ල මට ගහන්න ..මට එහෙම කියලා කෑගහන්න හිතුනා ..! ඒත් මට පොඩ්ඩකින් මතක් උනා මීට ටික දවසකට කලින් වෙච්ච සිදුවීමක් . කෙල්ලගේ මෑනියෝ ඇවිදිල්ලා මට ලොකු සීන් දාලා ගියපු හැටි එදා ආවේ මේ අම්ම නෙවේ ! . මෙයාට අම්මලා කීදෙනෙක් ඉන්නවද ? .. මම පස්සේ දැනගත්ත මේ ආවේ එයාගේ බාප්පයි පුංචි අම්මයි කියලා 

එහෙනම් අදින් ඔන්න සේරම සම්බන්ධකම් ඉවරයි .. මගේ හුරුබුටි කෙල්ලයි මේ ආයතනයයි මායි . අපි තුන්දෙනා අතර තිබුනේ හරිම ලස්සන බැඳීමක් . මේ ආයතනයේ හැම මුල්ලක්ම අපි දෙන්න හැංගිලා අනෙක් අයට නොපෙනෙන්න අපේම ලෝකවල රවුම් ගැහුවා ..අපි දෙන්න අපි දෙන්න එක්කම හිනා උනා . ඔන්න ඉතින් මෙ හැමදේකම අවසානය ඇවිල්ලා .

මගේ මේ ආදරේට ආයුෂ තිබුනේ බොහෝම කෙටි කාලයයි .මගේ බ්ලොග් එක හදලා දවස් 3 පස්සේ තමයි මම එයාට මගේ හිතේ තියන දේ කිවුවේ . එයාව මගේම කරගත්තේ . ඉස්සරහා ඇතුලුවෙන තැන දොරකොඩ තියන පාපිස්ස උඩ මම හිටගෙන . මේ ලස්සනම ලස්සන කෙල්ලගෙන් ආදරේ ඉල්ලපු හැටි . පැය තුනක්ම එයා මාව පුච්චලා පුච්චලා ඊට පස්සේ ආදරේ මට දීපු හැටි

මගේ හුරුබුහුටි කෙල්ල එයාගේ නමට වෙන්වෙලා තිබුන සහතිකය අරගෙන .මේසේ උඩ තිබුන කොලේකත් අත්සන් කරලා . Institute එකේ හිටපු හැමෝම ලඟට ගිහින් එයාලට වැන්දා !  ටිකක් හැදිච්ච මගේ හිත ආයෙමත් අවුල් කරගන්න මට ඕනෑකමක් තිබුනේ නැති නිසා .මම හෙමීට පිටිපස්ස දොරෙන් එලියට පල්ලම් බැස්සා . අහිංසකී මාව හොයන්න ඇති . අන්තිම වතාවට මට හිනා මලක් තෑගිකරන්න . .මටත් සුරංගනාවිව ආයෙමත් දකින්න ආසාවක් නොතිබුනා නෙවේ .. ඒත් ආයේ මට එයාව එපාඑයා එයාගේ පාඩුවේ හිටපුවාවේ මම මගේ පාඩුවේ ඉන්නවා ..මීට කලින් උන්න වගේ

මාස කීපයකට සීමා උනත් ලස්සන ආදරේ මට ලෝකයක් වටිනවා ..! මතකද ? එදා මම මගේම ආදර කතාව ලියනකොට කීව කතාවක් ..

මගේ ආදරේ තියනකම් කතාව බ්ලොග් එකේ ලියවේවි .  ඔන්න කතාව අවසන් උනා .

කොහොම හරි සඳරු කියන්නේ  හිඟන්නෙක් නෙවේ .මගේ කතා නොකරන හදවත ඇතුලේ තව තව කියන්න දේවල් එහෙම්පිටින්ම තියනවා .. ඔන්න ඔහේ කියලා දාමු ..බලන කෙනෙක් බලන්නේ නැතෑ ..අද බොන්න මූඩ් එකකුත් නෑ .මෙතනම වාඩිවෙලා බ්ලොග් කියව කියව ඉන්න ඕන මහ රෑ වෙනකම්ම ..

වැලන්ටයින් එක්ක මගේ අමනාපෙකුත් නෑ .. කෙල්ල එක්ක මගේ අමනාපෙකුත් නෑ . එයත් මගෙත් එක්ක අමනාපයක් නෑ .ඉතින් මම වෙනදාට වඩා සතුටෙන්

නිදිවරා මහ රෑට
SMS කල  කාලෙ ඉවරයි
මාව සතුටු කරන්න
එයා දුක් වින්ද කාලෙත් ඉවරයි
ලෝකෙටම බයෙන්
හොරෙන් ලවුකරපු කාලෙත් ඉවරයි
මම වින්ඳ ලස්සනම
ආදරෙත්  ඉවරටම ඉවරයි !


අද ඉඳන් ……..!






 සඳරු //








32 comments:

MaRLaN said...

:(
සදරු අයියේ ජීවිතේ හදාගමු ප්‍රශ්න එන්නෙත් මිනිස්සුන්ටමනේ අපිම ඒ ප්‍රශ්නවලට උත්තර හොයාගන්නත් එපැයි නේ?
ඉතින් හොයමු උත්තරයක් හොද එකක්....

hare :-) said...

"වැලන්ටයින් එක්ක මගේ අමනාපෙකුත් නෑ .. ඒ කෙල්ල එක්ක මගේ අමනාපෙකුත් නෑ . එයත් මගෙත් එක්ක අමනාපයක් නෑ .ඉතින් මම වෙනදාට වඩා සතුටෙන් …"

තව මොනවද ඉතිං... ආදරේ හිතනවටත් වඩා ලස්සනයි කියල දැණෙයි ඉස්සරහට!

dinesh said...

මචං මට උදේම මාර විදියට අප්සෙට් ගියා බං මේක කියවල.කාලෙකින් හැඟීම් බර උනා වාගෙ කියල හිතුනා.අන්තිම අවස්ථාවට උඹ මූණ නොදුන්න එක හොඳයි කියල හිතෙනවා.හීනියට හරි බලාපොරොත්තුවක් හිතේ ඉතුරුකර ගන්න පුළුවන් නිසා.අනේ මන්ද ඒ මට හිතුන හැටි.ආදර කතාව ඉවර උනාට දිගටම ලියපන් මලේ.දැන් ගෙදර ගියාම කරන්න වැඩකුත් නැති එකේ මේව වත් බලන්න පුළුවන්නෙ.
අවංකවම කියනවනම් කෙල්ලන්ගෙ දෙමව්පියො තමයි බං මට ඉස්සර ඉඳලම පේන්න බැරි.ඒ ගොල්ලො හිතාන ඉන්නෙ හැම දුවෙක්ම දොස්තරලට ඉන්ජිනේරුවන්ට දෙන්න.හෆොයි ...මටත් අල්ලගෙන දීපු ටෝක්...ඇයි බං අපි කියල ඔ‍ටුවොද නේද?

ඒක නෙමෙයි මචං ඔය සේරම සීන් අමතක වෙන්නත් එක්කල උඹට 18ක 19ක විතර සුදු ලස්සන ස්වීට් තායි කෑල්ලක් ඉම්පෝර්ට් කරල දෙන්නද?මෙහෙ කෙල්ලන්ට කොල්ලො හිඟයි බං.....හික්......

පැන්ඩා said...

අද ඉඳන්...

උඹ ආයෙත් රැකියාව හොදට කරගෙන අම්මට තාත්තට සලකගෙන එක ජරාවල් නොබී ඒ සල්ලි අපේ ඉළන්දාරියගෙ ගිණුමට දාල බ්ලොග් ලියල බ්ලොග් බලල පන්සලකට ගිහිල්ල බණක් බාවනාවක් කරගෙන අලියෙක් දෙන්නෙක් පන්නල ගමට උදව්වක් කරගෙන ටික කාලයක් ඉඳල හෙමින් සිරුවෙ විවාහයක් කරගෙන රැකියාවෙත් ඉහළට ගිහින් ගෙයක් දොරක් හදාගෙන රෝද හතරක් ඇරගෙන දරුවෙක් මල්ලෙක් උස් මහත් කරල ජීවත් වෙලා සැනසිල්ලෙ ජීවිතේ ගෙවනව.

අපරාජිතයා :::: Aparajithaya said...

මොනවා කියන්නද කියල හිතාගන්න බැහැ මචං. මේ ලෝකේ වෙලාවකට මාර දරුණු වෙනවා බං.දරා ගන්න බැරි තරම් වේදනාවක් දීලා අපි දිහා බලන් හිනා වෙනවා. මේ ලෝකේ හැමදාම දුකවත් සතුටවත් පවතින්නේ නැහැනේ මචං.උඹටත් හිනා වෙන්න පුළුවන් කාලයක් ලගම එනවා ඇති.මින්දදයා මල් හිසරක් ready කරගෙන ඇති උඹට විදින්නත්. උබට ජය...!!!
ප.ලි :- මේ මොකද කියන්නේ උබලගේ එකේ ඉන්න රිසෙප්ෂන් අක්කා හොද නැතැයි උඹට.....???? හි. හි. පොඩි ජෝකක් කලේ හොදේ.....

සෝරෝ said...

අපේ ජීවිත හැමදාම එක වගේ තියෙන්නේ නෑ බං.. කාලෙන් කාලෙට වෙනස් වෙනවා..
ඒ මදිවට එක එක්කෙනා කාලෙන් කාටෙ සමිප වෙනවා දුරස් වෙනවා.. යාළුවෝ, නෑදෑයෝ..
ඒ වගේ තමා ආදරේත් කාලෙකදී ලැබෙනවා කාලෙකදී නැතිවෙනවා..

අපිට පුළුවන් වෙන්න ඕනි ඒ හැම එකටම මුන දෙන්න.. හොදින් ​බැරි නම් නරකින්..

ජය වේවා....!!

Anonymous said...

හරි හරි බං වෙන එකක් සෙට් වෙන්නේ නැතෑ...

Anonymous said...

හිතේ ලෙඩ වලට හොඳම බෙහෙත තමයි කාලය.. කාලයත් එක්කම ඔයාගේ ජීවිතේ නියම හිමිකාරිව හම්බවෙයි.

පිණිබිඳු... said...

ඔයා එයාව අපහසුතාවයට පත් නොකර එතනින් ගිය එක හොඳයි. ඔයාලා දෙන්නම දෙන්නට ආදරේ නම් ඇයි දෙමාපියො හන්ද වෙන් වෙන්නෙ. ටික කාලයක් ඉවසගෙන හිටියොත් හරි යන එකක් නැද්ද. අනේ මන්ද. මම මෙහෙම කිව්වට ඊට වැඩිය ලොකු ප්‍රශ්න ඇති. කාලයට ඉඩ දෙන්න සහෝ.

අනික ඔය දිනේශ් කියන ඒවට නම් රැවටෙන්න එපා හොඳේ. එයාම කියනව එහෙ ඉන්නෙ කෙල්ලොද කොල්ලොද කියල හොයා ගන්න බැරි ජාතියක් කියලා. දැන් කියනව එහෙන් කෙල්ලෙක් හොයල දෙන්නම්ලු. මේ ඕවා විදේශ කුමන්ත්‍රණ.

පබලු said...

හ්ම්...ලැබෙන නොලැබෙන දේවල් එමටයි ජිවිතේ..හැමදේම මැදිහත් සිතින් විදිමු.සතුටින් ඉන්න මලේ

Anonymous said...

උඹට හරිම සංවේදී හිතක් බං තියෙන්නෙ. සහතික අරං වඳින්න එද්දි උඹ පිටිපස්සෙ දොරෙන් එලියට බැහැල ගියා කියනකොට මට එහෙම හිතුන. ආයෙත් නෑ උඹ ඒ කෙල්ලව එතන අපහසුතාවයකට පත්නොකර ඒ තීරණය ගත්තෙ කෙල්ලට තවම ආදරේ හන්දනෙ. ඒකත් හිතේ තියාගෙන පැත්තකට වෙලා ඉඳින්. උඹට කොහේ වරදින්නද. ආයෙමත් දවසක උඹ නොහිතන වෙලාවක හුළඟක් හමයි මල් සුවඳක් අරං. එතකං කුණු නොවී ඉඳපන් මලේ.

රත්ගමයා said...

දිග කොමෙන්ට් එකක් ද...කොට එකක් ද..මම එහෙම හිත හිත ඉදියා...නෑ...කොට එකක්...
ආදරේ අමතක කරන්න නම් බෑ...ඒත් මතක තියාගෙන ඉන්නත් බෑ...ලොකේ කැරකෙනවා..අපි දන්නේ නෑ...අපිත් කැරකෙනවා..අපි කැරකෙන්නේ නෑ කියලා කොච්චර හිතුවත් අපි කැරකෙනවා...
අමතක කරන්නේ නෑ කියලා කොච්චර හිතුවත් අමතක වෙනවා...ඒක කාලෙට ඉඩ දෙමු....හ්ම්ම්ම්ම්ම්ම්....ජය වේවා!!!

තාරා said...

දුක් වෙන්න එපා යාළුවා.. ඔයාට ඊට වඩා ගොඩාක් හොඳ කෙනෙක් ලැබෙයි... හැම දෙයක්ම සිද්ද වෙන්නෙ මොකක් හ්රි හොඳකට කියල හිතන්න... ඔයාට බුදු සරණයි.

MaRLaN said...

පැන්ඩා අයියාගෙ කතාවනම් නියමයි... අන්න ඒ විදිහට ඉන්න අයියේ..

BLOG ගඩොල් said...

වෙච්ච දේ ගැන දුකයි. ඒත් උඹ ගත්ත තීරණේ ගැන සතුටුයි සහෝ!!!

Anonymous said...

කොල්ලෙක් නම් සඳරු වගේ වෙන්න ඕනි....

Hishan de Silva said...

ඊලග සැරේ වැලන්ටයින් එකටවත් බැච්ලර් පාටියක් දෙමු. ලෝකෙ කඩං පාත් උනත් ෆුල් ෆිට් එකේ ඉන්න කියල තමා කියන්න වෙන්නේ...

සමහර විට ජීවිතේ අන්තිම කාලෙදි ඕව මතක් කරල හිනා වෙවී ඉන්න පුළුවං වේවි.

පසුතැවීම නවත්වල අපි ජීවිතේට අවශ්‍ය විදියට පෙරලෙන්න ඉඩ දෙමු.

අපි හැමෝම කවද හරි මැරෙන කොට මේ කිසි දෙයක් අරන් යන්නෙ නැහැනෙ.

Dasun said...

සඳරු,
උඹ ගත්ත තීරනේ හරි. වැටෙන්න එපා බං...කාලය සියල්ල විසදයි...උඹ එතකම් වැටෙන්නේ නැතුව ඉදපං.....උඹට ජය!!

චතුවා said...

රත්ගමයා වැදගත් කමෙන්ට් එකක් දාලා තියෙනවා කාලෙකින් දැක්කේ. ඒකට මමත් එකඟයි. කාලයට ඉඩදීලා බලමු...

Anonymous said...

කාලයත් එක්කම හැමදේම ත් අමතක වෙනවා සදරු අයියේ...කාලයට ඉඩ දෙන්න...ජිවිතේ කියන්නේ ඉගෙන ගන්න විදින්න...විදවන්න ලැබෙන තොතැන්නක්..
අඩන කදුලු වලට..කවදාහරි හිනා වෙන්න දවසක් එනවා...හැමදාම දුකම තියෙන්නේ නැ..හැමදාම අහිමි විම් ම ජිවිතේ රැදෙන් නැ.. අදුරු කාල ගොඩකට පස්සේ ඔයාගේ ලොකේටත් ලස්සන දවසක් එයි....සතුටින් ඉන්න හැමදාම...

හිස් අහස said...

@MaRLaN= ඒකනම් එහෙම තමයි මල්ලි ..බලමු මිනිස්සු හැමදාම පරදින්නේ නෑනේ නේද ? එතකොට මලයගේ අර අපට වහෙං ඔරෝ කියන ගැටලුව ඒක තවම එහෙම්ම්ම නේද ?

.....................................................................................................................................................

@hare :-) = අනිවා ! කොයිතරම් දුක් දුන්නත් නොකර ඉන්න බැරි දෙයක් තමයි ඔය ආදරේ කියන්නේ නේද ..?..

.....................................................................................................................................................

@dinesh = මට ඒහැටි දුකක් නෑ අයියේ . වෙනද වගේම කාල බීල ඉන්නවා ..කෙල්ලගේ මවු පිය දෙපලනම් මට කොහෙත්ම දිරවන්නේ නෑ ..ඒ අයට දුවව තියාගන්න කියලා මම පැත්තකට උනා . අනේ දෙන්නබැරිනං හංගගන්න එකනේ ඇත්තේ .නැද්ද බං හිතං ඉන්නේ චාර්ල්ස් කුමාරයට දුවව දෙන්නද කොහෙද ...අනේ තායි වෙරලු නම් එපෝ !! අපේ පැත්තේ තැඹිලි ගස් තියනවෝ !..

.....................................................................................................................................................

@පැන්da = අම්මටනම් සලකගෙන ඉන්නවා පැන්ඩයියේ .මගෙ තාත්ත නෑ නෙව .!. මම ඉලන්දාරියගේ ගිනුමට මුදල් බැරකරා ගිය සතියේ . මට බාවනා කරන්න බෑ අයියේ .අලි පන්නන්න බෑ උං අපිව පන්නනවා .රෝද 4 වරකට එක රෝදේ බැගින් වත් ගන්න ඕන .දරුවෝ හදන්නේ නෑ ..මම ලිවිං ටු ගෙදර් (ඔයාට මම එදා කීව මතකද ? ) ..මට පැන්ඩ කීවම මතක් වෙන්නේ පැන්ඩෙක්මයි ..මම ඉතිං හිතෙං මවා ගන්නවා පැන්ඩෙක් කමෙන්ට් කරන හැටි ...හි හි

.....................................................................................................................................................

@අපරාජිතයා = ලෝකේ අපට කින්ඩිය දාන වෙලාවල් තියනව බං .මමත් ඒක පිලිගන්නවා .ඒත් අපටත් දවසක් තියනවා .. මම බලං ඉන්නේ එදා දවස එනකං ඒ අක්කා මට වැඩිය අවු 2 වැඩිමල් .අනික අප්‍රේල් වල බඳින්න ඉන්නේ අඩේ ජෝක් එකක්ද ? මම මේ හැපී එකෙන් උන්නේ සිරාවට කියලා ..

.....................................................................................................................................................

@සෝරෝ = ඒක හරි සදා කාලික කිසිම දෙයක් නෑ ..හැමදේම එහෙමයි .බලමු .සෝරෝ කියනවා වගේ ඕනම දේකට මූනදෙන්න රෙඩි පිට ඉන්න ඕන .මම කොහොමත් රෙඩි මගේ මිත්‍රයා . උඹනම් නියමයි .."හොඳින් බැරිනම් නරකින්" අන්න එහෙම

.....................................................................................................................................................

@prasanna86k = අනේද කියන්නේ හිත ගිය තැන මාලිගාව ..නැද්ද මචං ..

.....................................................................................................................................................

@කොට ජීවිතේ = ඔයා හරියට හරි අක්කේ . මේ ලෙඩේට කාලෙ ටිකක් කන්න ඕන .කාලේ කෑවම මේ ලෙඩේ ඉබේටම හරියාවි නේද.. ? අපරාදේ මට තිබ්බේ නෑ නෙව ඔයාට වගේ හැපී එන්ඩින් සහිත ලවු ස්ටෝරියක් ..ඔයාට ජය

හිස් අහස said...

@පිණිබිඳු = ආදරේ නම් ගමකට තියනවා සහෝදරී ඒත් මට එයාව දෙමවුපියන්ගේ අකමැත්ත එක්ක ඇසුරු කරන්න බෑ මම මම කෙල්ලෙක්ව පන්නගෙන යන්න කමැතියි . ඒ හැටි ලොකු ගැටලු .එකයි තියෙන්නේ ..ඒකත් ඉක්මනටම පිනිස් වේවි . දිනේශ් අයියා හිත හොඳ එකා ..මට කරන උදවු දැක්කද ?

.....................................................................................................................................................

@පබලු = ස්තූතියි අක්කේ ඔය වචන කීපයෙන් හිතට සැහැල්ලුවක් ආවා

.....................................................................................................................................................

@nawammawatha = අනේ මන්දා නවම් අයියා මම ඒහැටි සංවේදීද .මම එහෙම සංවේදී නෑ මයෙ හිතේ .මට එයා ඉස්සරහා අයේ ගිහින් වගේ ඉන්නබෑ ඒක නිසා මම කැපුනා .කොහොමද අයියේ ඉතින් පැල මදයක් තැපෑලේ එවන්ඩය ?

.....................................................................................................................................................

@ රත්ගමයා = කෝ බොල ඉකේයියා ? කාලෙට ඉඩදී මම බලා උනිමි කාලය මා කාදමා පිටව යනතුරු මම දැන සිටියේ නැත ! අද මොකෝ අර හැඟීම්ද මොනාද බර කෙමෙන්ටුවක් දාලා ..? බරද ? උඹව දැක්කත් මට හිනා ...ඔය

.....................................................................................................................................................

@තාරා = තරක් නෑ තාරා .(අක්කද නංගිද නොදනිමි) ඔයාහරි මට තව හොඳ එක්කෙනෙක් සෙට් වෙන්න තියනවා කියලා මම මගේ කේන්දරේ මට අද පෙන්නලා කීවමම ඒ ගැන වෙන දවසක ලියන්න ඕන . .ඔයාලගේ බෝඩිමේ නාය යාමේ තර්ජනය අහවරද ?

.....................................................................................................................................................

@MaRLaN = පැන්ඩා කියන විදිහට ඉන්න ආසයි ..ඒත් අලි එලවන්න ගිහිං මාව දවසක මැරෙනවා . අනික් ඒව කරන්න
පුලුවන් ඒත් අලි එලවන්න තමා බැරි

.....................................................................................................................................................

@blog gadol = තෑන්කුයි පූස් සහෝදර වරුනි ...!

.....................................................................................................................................................

@සොඳුරු සිත = ෂ්..ෂ් ඔය වටේ පිටේ ඉන්න කොල්ලොන්ගෙන් මට පෝරියල් සෙට් කරන්නද කොහේද වත් අක්ක හදන්නේ ..

.....................................................................................................................................................

@Hishan Melanga = අඩා ..! පාටි කීව කොහේද කොහේද බොන්න තියේද ? උඹනම් දෙයියෙක් පුතා . මෙච්චර සෙනග ආවා කවුරුත් මගේ හිත හැදෙන්න පාර්ටියක් දාමු කීවේ නෑ ... දාමු දමු ..බොමු වැටෙනකං ජය වේවා !!

.....................................................................................................................................................

@නිර්මල = ජය වේවා මචං .කොල්ල එච්චර ලේසියෙන් වැටෙන්නේ නෑ ..අලියෙක් ගැහුවොත් මිසක්ක . ඉතින් ජෝක් කතාවක් කියන්න මචං අපට බලල හිනා වෙන්න

.....................................................................................................................................................

@චතුවා (ළමයා) = රත්ගමය අද ඇඳේ වැරදි පසකින් අවදිවෙලා ස්තූතියි මචං

හිස් අහස said...

@නිම්ශා සියලුදේ
හැරදමා
මල ගියත්
පරවෙලා

මතක උතුරා
ගලයි
හිත සුවඳ
පුරවලා ..!

ස්තූතියි සහෝදරී ..

Podi Kumarihami said...

මම ආවා බලලා යන්න. හපොයි මේ පැත්තේ කට්ටිය අඬනවමනේ වැඩේ. එයා බෑ කීවනම් ඇඬුවට කමක් නෑ. ඔයා ඔය තීරනය ගත්තා නම් නාඩා ඉන්න. ඇත්තටම දෙන්නා ආදරේ නම්, අම්මලාට කුද ගහගන්න කියලා පැනලා යන්න. (ෂ්...මම කීවා කියන්න එහෙම එපා) දිනේෂ් කියන අර සුදු කෑලි වගේ ඉන්න තායි කෙල්ලන්ට කීයටවත් රැවටෙන්න එපා.

තව ඕන තරම් ගෑනු හොඳ ලමයි ඇති.(මේ මම වගේ:D ) දුක්වෙන්න එපා

Thusitha (දිමා) said...

ජිවිතේ තියෙන්නෙ විදින්න... විදවන්න එපා...

pissi said...

ඔයා කරපු දේ හරි නත්තන් එයගෙ හිත ආයෙමත් රිදෙවි..........

පැණි දොඩම් said...

සෑහෙන කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවෙ.
ඔක්කොම අනිත් පැත්ත පෙරළිලානේ කොල්ලෝ.

ගණන් ගන්න එපා බං ජීවිතේ හැටි ඔහොම තමයි.

හිස් අහස said...

@Podi Kumarihami = මම නිර්ධන පන්තියේ කොල්ලෙක් අක්කේ ඉතින් මම මොනවා කරන්නද ? ඒත් මම අඬලා නෑ . මම දිනේශ්ට කියලා තායි කෙල්ලෙක්ව සෙට් කරගන්නවා . ඒක නෙවෙයි ඔයා මට කැමතිද ?

.....................................................................................................................................................

@Thusitha Jayasinghe = මම දැන් ෆන්එකේ ඉන්නවා මචං . දැං කිසි ගැටලුවක් නැත

.....................................................................................................................................................

@pissi = අනේ මන්දා . දැං ඉතින් මම ඔයගැන හිතන්නේ නෑ පිස්සි . ඔයාට නම් නියම නමක් තියෙන්නේ ..හි හි

.....................................................................................................................................................

@නුවන් කුමාරනායක = ජීවිතය සකපෝරුවකි අපි එහි මැටි භාජන වෙමු . නේද අයියේ ..?

Gayan Rupasinghe said...

මචන් කාලයට ඉඩ දීල බලන් ඉදපන්.. උබට වරදින් නෑ.
ජය

Thusitha (දිමා) said...

(((ජීවිතය සකපෝරුවකි අපි එහි මැටි භාජන වෙමු)))

නොදකින් නොදෝමකින්.... තුක් විතරක්..
මැටි භාජන වෙලා වැඩක්නෑ
මැටි භාජනය හදන එකා වෙයන්.
එක එකාට ඕනෙ විදියට නැතුව උබට ඕනේ විදියට උබේ ජීවිතේ හදාගනින්...
................................................

(((මචන් කාලයට ඉඩ දීල බලන් ඉදපන්)))

සදරුවො කාලයට ඉ‍‍ඩ දුන්නොත් ‍උබට වෙන්නෙ මැටි භාජන වගේ මැට්ටෙක් වෙන්න. උබට ‍ඕනේ විදියට උබේ ජීවිතේ ප්ලෑන් කරපන්
එතකොට උබට ඔනේ දේ නිකම්ම උබ ලගට එයි.

Thusitha (දිමා) said...
This comment has been removed by the author.
මකුළුවා..... said...

මචං ගුරු ගීතය හොයාගෙන කියවපන්.....ඒකේ දුයිශෙන් කියන්නේ දූශ්ඨයෙක් නෙවේ....උතුම් පරිත්‍යාගශිලියෙක්....මට උඹව පේන්නෙත් අන්න ඒ විදියට.....ජීවිතේ හැම මොහොතකම ජීවත් වෙයන් බං....හැමදේම වෙන්නෙත් මිනිස්සුන්ට වගේම හැමදේම කරන්නෙත් මිනිස්සුමතමා.....
සුභ අනාගතයක්!

Post a Comment

තැන්කූ බං