18.2.11

ගමක බයියෙක් දුටු නගරයේ සුන්දරත්වය .




          ටිකෙන් ටික සීතල ගතිය මගහැරිලා ගිහිල්ලා ආයෙමත් අර මුරුගසං දේසගුනේ ලංවෙනවා .ඉන්න බැරි තරමට රත්වෙන බොන්න වතුර ඩිංගක්වත් නැතිව ආයෙමත් අපට දුක් විඳින්න වෙන කාලේ ආයෙමත් ඒවි. කොයිතරම් රත් උනත් හුස්ම ගන්න බැරිතරමට දූවිල්ල පිරිලා තිබුනත් . මම මගේ ගමට මම ඉන්න මේ පලාතට පුදුම විදිහට ආදරේකරා . ආදරේ අන්ධයි !. කතාව හරියටම හරි කියන එක මට පහුගිය සතියේ දවසක තේරුම් ගියා . දැං මට මගේ ගම එපා වෙලා .!

පොඩි කාලේ ඉඳලම මම මගේ මේ ගම හොඳට අඳුරනවා . මොකද මම ඉපදුනේ මේ ගමේ නිසා . මම ඉපදිලා තියෙන්නේ රෝහලක නෙවෙයි ගෙදරම. මට උපදින්න උදවුකරපු ඒ වින්නඹු අම්මා තවම ජීවත් වෙනවා .මට උදේ හවස හම්බවෙනවා . ඒක දෙයියනේ අමුතුම අද්දැකීමක් . වෙන ළමයි "අම්මා" , "තාත්තා" කියලා තමන්ගේ මුල්ම වචනේ කතාකරද්දී .මම මුලින්ම කීව වචනයලු "කාක්කා" අම්ම තවම මට ඒ කතාව කියනවා . කාලේ අපේ ගෙදරට හෙවිලිකරලා තිබුනේ ඉලුක් . ඉතින් ඒ ඉලුක් වහලෙ සිදුරකින් එන කාක්කෙක් මට කොටලා මගේ ඇඳ වටේ තියන බත් ඇට .වගේ ඒව කාල යනවා . ඒක නිසා වෙන්න ඇති මම කාක්ක කියලා මගේ වචනය කතා කලේ . මම මේ ගමේ හැම අස්සක මුල්ලකම ඇවිදලා තියනවා . ඉතින් හැමදාම දකින කුකුලගේ කරමලය සුදුයි කියන්නා වගේ දැං මට මේ ගමේ ජීවත් වෙච්ච ජීවිතය තිත්ත වෙලා .ඒකාකාරී වෙලා..!

මම උදේ 6:00 නැගිටිනවා වත්තේ අලි බෙටි තිබ්බොත් උදැල්ල අරගෙන ගිහිල්ලා ඒවා . අල්ලපුගෙදර වත්තට දලා එනවා . ඊට පස්සේ මම නාල වැඩට යනවා . හැමදාම එකම පාරදිගේ . එකම පැත්තෙන් .එකම දේවල් මම මග දිගටම හැමදාමත් දකිනවා . වැඩට ගියාමත් හම්බවෙන්නේ එකම මිනිස්සු . ගිහිල්ලා ළමයින්ට උගන්වන්නෙත් එකම දේ . දවල්ට කන කෑම වල රසත් දැං දිවට දැනෙන්නේ නැති ගානයි . කිඹුලා කිරිමැට්ට කනවා වගේ මමත් ඔහේ කාල දානවා . හවස 6:00 ගෙදර එන්න එලියට බහිනවා . අවුරුදු ගානකින් තාර නොදාපු කවදාකවත් වතුර නොහිඳෙන ලොකු වලවල් තියන ඒ පාර දිගේම මම ආපහු එනවා . අතර මගදී දුං දදා තියන තේ කෝප්පයක් නෑ වැරදුනා ! . දුං දදා තියන අලි බෙට්ටක් දැක්කොත් බයික් එක හරවගෙන ටිකක් ආපස්සට යනවා. විනාඩි 15 විතර එතන ලතවෙනවා . ඉතින් 6.45 ට විතර ආයෙමත් ගෙදර එනවා ! ඩොංගල් එක හතර වටේටම කරකවලා යන්තම් සිගනල් 2 ආවට පස්සේ . ඔන්න මම කස්ටියගේ බ්ලොග් බලනවා . කමෙන්ට් කරනවා . ...

ටිකෙන් ටික රෑ වෙනවා 8:30 න් පස්සේ . මම දෙවුලොව යනවා . ගඩොල් ගොඩ අස්සේ හංගපු බෝතල් එලියට අරගෙන මම .වැඩ පටන්ගන්නවා . ඉස්සරනම් බයෙන් බයෙන් බීවට දැං ඕවට හුරුවෙලා . අම්මට ඉස්සරනම් මම බීල එනකොට ගඳ දැනෙන්න ඇති . ඒත් කාලය ගතවෙද්දී හැම දෙයක්ම සාමාන්‍ය වෙනවා . ඉතින් වැනි වැනී ඉඳලා මහ රෑ 1.30 නිදියන්න යනවා

ඔන්න ඔය විදිහට මගේ පහුගිය කාලේ ගෙවිලා ගියා . මගේ අනාගතයත් ඔය වගේම ගෙවිලා යාවි . මම මේ ගමේම බයියෙක් වගේ ඉපදිලා බයියෙක් විදිහටම මැරිලා යාවි . දෙයියනේ Internet නැති උනානම් මම අද ලිඳක ඉන්න ගෙම්බෙක් වගේමයි ටීවී එකටත් අහුවෙන්නේ එකම එක චැනල් එකයි . ෆෝන් එකටත් සිග්නල් දෙකයි ..මම මගේ ගම ඇතුලේම මටත් නොදැනීම හිරකාරයෙක් වෙලා ! මට මෙතනින් එලියට යන්න ඕන කොහොමහරි ..

කොළඹ , නුවර වගේ පලාතක පදිංචියට යන්න සල්ලි ගොඩක් තියෙන්න ඕන. අපි ඉන්න ඉඩම ලොකු ගානකට විකුනුවොත් ඒ වැඩේ කරගන්න බැරි වෙන එකකුත්නෑ . ඒත් අම්ම කොහොමටවත් මේ පලාත දාල යන්න කැමති නෑ . නංගිත් එයාගේ යාළුවෝ දාල යන්න කැමති නෑ .ඉතින් මගේ කැමත්තට කිසිම ඉඩක් නෑ . මම හැමදාටමත් බයියෙක් වෙලා මෙතනම තැම්බි තැම්බි ඉන්නවාට අම්මයි නංගියි දෙන්නම කැමතියි වගේ. කොළඹ ගිහිං මොකක්හරි ජොබක් කරන්න ආසාව තිබුනත් තාත්ත නැති අම්මවයි නංගිවයි තනියම දාල යන්න හිත දෙන්නෙමනෑ . යන තැනක යන්න වෙන්නේ මේ දෙන්නවත් අරගෙන .

හැමදාම කරන මේ ඒකාකාරි වැඩවල වෙනසක් දකින්න මම ආසයි . වලවල් නැති බත් දාගෙන කන්න හිතෙන පාරක බයික් එක වේගෙන් පැදගෙන යන්නත් මම ආසයි . තත්පරේකට 100KB Download වේගයක් දැක ගන්නත් ආසයි . විදුලි සෝපානයක ජීවිතේට එකපාරක් හරි යන්නත් ආසයි. Majestic city. එකේ තියන අර කරකැවෙන පඩිපෙලේ උඩට පහලට යන්නත් මාරම ආසයි ..ඒත් ඒ දේවල් මට කවදා දකින්න ලැබෙයිද ඔය පහසුකම් මගෙ ගමට එනකොට මම නාකිවෙලා ඉඳීද ?
 
මම මගේ ජීවිතේටම තුන් ගමනක් විතරයි කොළඹ ගිහිල්ලා තියෙන්නේ . කවුරු කොහොම කිවුවත් කවුරු කොළඹට බැන්නත් මම කොළඹ නගරේ පුදුම ලස්සනට දැක්කා . අපොයි මට මෙහේ ජීවත් වෙන්න තියනවානම් . පොඩි හරි ගෙයක් හදාගන්න තියනවානම් . මට කොළඹ ගිය දවසේ එහෙම හිතුනා . Majestic city එකේ කැරකෙන පඩිපෙලක මම එකම එක වතාවක් ගියා ටිකෙන් ටික පඩිපෙල ඉහලට යනකොට මට නොදැනීම හිනා ගියා . පඩිපෙල ඉහලට ගිහිල්ලා අන්තිම පඩියත් අතුරුදහන් උනාම මම වීසි වෙලා ගියා..! තව පොඩ්ඩෙන් මම වැටෙනවා . !  කවදා කපු ටකරන්ද ?

ඉපදුන ගම දාල යන්න මට ගොඩක් දුකයි . ඒත් වැවේ ගිලිලා නාන එකවත්, වෙල්යායක සරුංගල් අරින එකවත්, වලකජු ගහන එකවත් . කැලෑවේ ඇවිදින එකවත්, ගමේ හදපු කෑම බීම කන එකවත් නෙවෙයි ජීවිතේ කියන්නේ . මම ප්‍රාර්ථනා කරන ජීවිතේ මීට වඩා ගොඩාක් වෙනස් . මගේ එකම එක හීනයක්වත් මට මේ ගමේ ඉඳගෙන . සම්පූර්ණ කරගන්න බැරිබව මම හොඳාකාරවම දන්නවා . ඉතින් මම මගේ හීනේ හැබෑවක් කරගන්න හැම තත්පරයකම මහන්සි වෙනවා. මම කොහොමහරි අම්මව කැමතිකරව ගන්නවා. මම බයියෙක් වගේ ගිවිතේ ගතකරලා වයසට යන්න සූදානම් නෑ .! .

ගම හරිම ලස්සනයි ..ඒත් මට නම් ගම හරියට ජිල් බෝලයක් වගේ ජිල් බෝලෙත් ලස්සනයි ඒත් ලස්සන විතරමයි ඒ ලස්සන පිටිපස්සේ මෙන්න මේ දේවල් හැංගිලා තියනවා . ලෙඩක් හැදුනම බෙහෙත් ටිකක් ගන්න විඳින දුක . අලියෙක් වත්තට ඇවිදින් බිත්ති පෙරලයි කියලා බයෙන් නිදිගන්න එක . පායන කාලෙට වතුර හොයාගන්න විඳින දුක . ඔන්න ඔහොමයි ගමේ ජීවිතේ .

සමහර අය ගමට ආසයි . ගොල්ලන්ට නගරේ ජීවිතය හිර ගෙයක් වගේලු . මටනම් හිතාගන්නවත් බෑ ඒ මොකද කියලා. මම බයියෙක් නිසා වෙන්න ඇති එහෙම හිතෙන්නේ .මට මම ඉන්න ගම අපායක් වගේ. ඉස්කෝලෙකට ගුරුවරු අඩුයිනම්. ලමයින්ට ඉගනගන්න පහසුකම් අඩුයිනම්. පාරවල් කැඩිලානම් . ඒ පලාතේ ලස්සනක් තියනවද ? .මේව කාගෙවත් වැරදි නෙවෙයි . මේ ගමේ ජීවත් වෙන්න ආපු අපේ වැරදි .! කවුරු කොහොම කීවත් මේක තමයි ගමක තියන ඇත්තම ලස්සන .. ලස්සන මටනම් විඳගත්තා හොඳටෝම ඇති. ..

මගේ යාලුවෝ වැඩිදෙනෙක් දැන් මේ ගමේ ජීවිතෙන් හෙම්බත් වෙලා තමන්ගේ නිදහස හොයාගෙන මේ ගමෙන් ඈතට පියාඹලා යන්න ගියා !. මේ ගෙවෙන හැම තත්පරයක් ගානෙම මටත් ගමෙන් ඈත්වෙන්න ආසාව වැඩිවෙනවා..මම ඉන්න ගමෙන් එහා තියන ලෝකේ බලන්න ඒ ලෝකේ ජීවත්වෙන්න. මට කවදාහරි වාසනාවක් තියේවිද දෙවියනේ .! .දෙවියෝ ඉන්නවානම් මාව මෙහෙන් ගලව ගලවාගනීවි . මම මේ ගමෙන් නගරයකට පදිංචියට ගියදාට .අන්න එදාට .මම දෙවියන්ට පොරොන්දුවෙනවා . මම ආයේ කවදාකවත් අරක්කු බොන්නේ නෑ කියලා ඒ බීම මම හැමදාටම නතරකරනවා කියලා .!

මගේ ගම කොහේද කියලා අහන්න එපා ! දන්න අය කාටවත් කියන්නත් එපා ! මම ඉන්නේ කොළඹ ඉඳලා බස් එකක යනවානම් රු 700ක පැය 10ක දුරක .. හරිම ලස්සන පට්ට ගමක . හොඳටෝම ඇති ..ගමට ආදරේ ඇත්තොන්ට ඕනනම් මට බනින්නත් පුලුවන් . මගේ අමනාපයක් නෑ .. මේව ලියන්නේ ගමක ජීවත් වෙන බයියෙක් . ඒකනිසා මේක දැකලා තරහක් ගිය කෙනෙක් ඉන්නවානම් .බයියෙක් නේ ඔය ඕක ලියලා තියෙන්නේ කියලා අමතක කරලා දාන්න .


සඳරු //






89 comments:

හා පැටික්කි (MS) said...

හ්ම්ම්ම්ම්

අනේ මංදා..... සඳරු කියන හැටියට සඳරුලගේ ගම එපා උන එක සාධාරණයි වගේ. හැම තැනම එක වගේ නෑ තමා. එක එක්කෙනා ආස වෙන තැනුත් එහෙමනේ ඉතින්..........

හැබැයි ඉතින් ඔය ගමේ බයියා බයියා කිව්වට නගරයක ඉන්න අයට වඩා කොයි තරම් අත්දැකීම් සමූහයකින් ඉගෙන ගත්තු දේවල් තියද. අම්මවයි නංගිවයි පරිස්සම් කරන් ආස හීනය සොඳුරු විදියට දකින්න ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා......!!!!

BLOG ගඩොල් said...

උඹලගෙ ගමෙන් මොනවා නැතත් සිංහල බ්ලොග් අවකාශයට සුපිරි බ්ලොග්කරුවෙක් දායක කරලා තියෙනවා.

උඹේ ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙන්න පූසන්ගෙන් සුභපැතුම්!!!

Anonymous said...

තමන්ට තමන්ගේ ලග තියෙන දෙවල් වල අගේ දැනෙන්නේ හරි අඩුවෙන් සදරු අයියේ...හුගාක් අය දකින්නේ නොලැබුන දෙවල් ගැන හීන...ලග තියෙන දෙවල් වල අගය ටිකෙන් ටික නැති වෙනවා...හැමදාම දැකපු දේ දකින්න දකින්න එපා වෙනවා..හැමදේටම පොදුයි..ගම දාලා ඔයා කොලඹ එනවා...කොලඹ දාලා මිනිස්සුන් ගමකට යන්න ආසවෙන් ඉන්නවා..රටවල් වල ගිය මිනිස්සු තමන්ගේ රට ට එන්න ඉන්න ඒ හුලග විදින්න ආසවෙන් ඉන්නවා...කියනවා වගේ වැරද්ද මිනිස්සුන්ගේ නෙමේ..හැමෝම ජිවත් වෙන්න ඔනා කොහේහරි තැනක..ඒ තැන පහසුකම් සහිත..මිනිස්සුන්ට බයක් සැකක් නැතුව ඉන්න ඉඩ හදලා දෙන්න ඔනා රටේ ලොකු පුටුවල බලතල තියෙනා උදවිය..ගමේ පය ගහලා ඉන්න මිනිස්සු කරන්න්න ඔනා එකට අත්වැලක් වෙන එක... ගම ගමේ සුන්දරත්වය තියාගෙන පහසුකම් සහිත තැනක් කරන්නයි ඔනා..කොලඹක් කරන්න කියනවා නෙමේ...මොකද කොලඹ රස්නේ උහුලන් බැරි උදවියත් ඉන්නවා...ගම කොලඹක් කරාම ගමේ හුලග විදින්න ඉඩ නැති වෙයි..එත්කොට ඔයා ලියයි..කොලඹ කුණුකානු පිරිලා...කුනු කන්දවල් පිදුරුතලගල වැඩිය උස ගිහිල්ල... නංගිව හිතේ සතුටින් තැනකට යවන්න බැ කොලඹ කක්කන්ගෙන් බෙර ගන්න රස්සව අත හැරලා නංගි ගේ පස්සෙන් යන්න වෙලා..මෙවා ලියයිද කියන්නත් බැනේ අයියේ.. වැරද්ද ගමේ කමේ නෙමේ...අපහසුකම් එදා වගේම මෙදාටත් තියෙන එකෙයි..ඒ වෙනසයි ඔනා...ගමත් හැදෙන්න ඔනා.. ඔයා හිතනවා වගේ හැමෝම දාලා එන්න ගියොත්.. ආරාබියේ අතැරලා දාපු කාන්තාර වෙයි ලංකාවේ ගමුත්...

මොකක්ද අප්පා අර කැත වැඩේ...අලි බෙටි ටික අනුන්ගේ ගෙවල් වල මිදුල් වල දාලා එන්නේ ..අල්ලපු ගේදර මම වගේ උන්නා නම් සදරු අයියාට පාඩු නැතුව මා එක්ක හොද ගොරි දෙකක් තුනක් දාගන්න තිබ්බා ලෙසියෙන්ම..

nihal gurusinghe said...

නගරයක ටික කාලයක් ජීවත් වෙලාම බලන්නකො කොහොමද කියල. කොච්චර කෘතිමද කියල .

Podi Kumarihami said...

සඳරූ,

මට නම් හිතාගන්නවත් බෑ මේ ගම තියෙන්නේ කොහෙද කියලා...කොහොම හරි අලි එන පැත්තක. මම නම් ගමටත් කැමති. නගරෙටත් කැමති. බලන්න, කරන්න දේවල් තියනවා නම්, ඉන්න තැන ගැන සතුටු නම් කොහේ උනාම මොකද? පහසුකම් නම් අත්‍යවශ්යයි. ඔය විදියට නගරේ ගැන හිත,හිත ඉන්න ගියොත් වැඩක් වෙන්නේ නෑ. ඔහොම පොඩ්ඩක් ඉවසලා ඉන්ට. ඔයා ඔය හිතන 'නිදහස' ඔයාට ඉක්මනින් ලැබෙයි.

dinesh said...

මලේ,මොනව කියන්නද කියල මට තේරෙන්නෙ නෑ බං.ඒ උනාට ඔතනින් එහාට තව පට්ට ලෝකයක් තියනවා.මටත් උඹේ වයසෙදි ඕව ඔහොමම හිතුනා.ගම විතරක් නෙමෙයි මට ලංකාවත් එපා වෙලා හිටියෙ.දැනුත් මේ යන්න හිතාන ඉන්නෙ අම්මගෙ වදෙන් බේරෙන්න බැරුව මිසක් හිතේ කැමැත්තකින්නම් නෙමෙයි.බලන කවුරුහරි ඔරොප්පු වෙයිද දන්නෙත් නෑ,මම ප්‍රාර්තනා කරන්නෙ ලබන ආත්මෙනම් ගමේ විතරක් නෙමෙයි ලංකාවෙවත් උපදින්නෙ නැතුව මේ වාගෙ සුපිරි රටක ඉපදේවා කියල.

උඹ දවසක් මට කියපු එක පුළුවන්කමක් තියනවනම් මම නොකර ඉන්නෙ නෑ මචං.ඒ උනාට ඉතිං ඒවටත් බාධක එමටයි.කොහොම උනත් අම්මයි නංගියි ගැන ඔයිට වැඩිය හිතපන්.පුතා බීල වැනෙනකොට අම්මට දැනෙන දුක උඹත් තාත්ත කෙනෙක් උන දවසක තේරෙයි.

හික්....හික්....මල්ලි අලින්ගෙන් ප්‍රවේසමෙන්......!!

MaRLaN said...

අයියා පට්ටෙටම ලියලා තියනවා....
හ්ම්... අපේ ගමේ ඔච්චර ප්‍රශ්න නැති හින්දා මම නම් මේ ගමට කැමතියි.. තව දෙයක් කිසි පහ්සු කමක් නැත් ගමකටනම් මම කොහෙත්ම කැමති නෑ...

දෙවියෙක් ඉන්නවනම් අනිවාර්යෙන් අයියා ඉල්ලන දේ දෙයි... හැබැයි ඔන්න එතකොට බීමනවත්තන්න වෙයි හොදේ,,

මම එක හිතින්ම ප්‍රර්තනා කරනවා අයියාගෙ හීනේ ඒ බලාපොරොත්තුව හරි යන්න කියලාඅ

Abeetha Edirisinghe said...

සඳරු...

ඉස්සර මමත් ගමේ බයියෙක්.... ඒත් ඔයා වගේ දුෂ්කරම ගමක නෙමෙයි... කොළඹ එන්න අපිත් එක්ක දවස් තුනක් විතර ඉඳලා යන්න... ආවට වඩා වේගෙන් යන්න හිතුනොත් අපිට කියන්න.... ලිඳේ ඉන්න එක හොඳයි බන් ගොඩට එනවට වැඩිය....

Dakshina said...

අයියේ (මම හිතන්නේ අයියා කෙනෙක් වෙන්න ඕනේ). මමත් කාලයක් හිතුවා කොළඹ කියන්නේ සුරපුරයක් කියලා. මම අවුරුදු තුනක් තිස්සේ ජීවත් වෙන අත්දැකීමෙන් කියන්නේ.... අපිට ඔය එක දවසක් කොළඹ ඇවිද්දම තියෙන සුන්දරත්වය හැමදාම ඉන්න ගියාම නැහැ.

මට දැන්නම් කොළඹ ඉන්නවා කියන්නේ මරනවා වගේ වැඩක්. ඒ වගේම සඳුදා උදේට නැගිටලා කොළඹ යනකොට තියෙන හැඟීම.. අනෙ අම්මේ මතක් කරන්නවත් එපා...

මේ අවුරුද්දේ අන්තිම වෙනකොට හුඟක් වෙලාවට මගේ ඉගෙනීමේ වැඩකටයුතු අවසන් වේවි. ඉතින් ම‍ගේ එකම බලාපොරොත්තුව පුලුවන් ඉක්මණට ගෙවල් පැත්තෙන්ම රස්සාවක් හොයාගෙන ආපහු ගෙදර එන එක. සමහර විට ඔයා මම කියන දේවල් විශ්වාස කරන එකක් නෑ. කාලයකදී ඔයත් ඒ වගේ කොළඹ ආවම තේරුම් ගනීවි මම කියන දේ. මොනවා උනත් පොඩිකා‍ලේ ඉඳලා හැදැනු වැඩුනු පරිසරය වගේ තැනක් තව නැහැ නේ...

Hishan de Silva said...

මට මේ ගැන මොනවත් ලියන්න බැහැ. හොදයි කියන්නත් බැහැ නරකයි කියන්නත් බැහැ. ඩොංගල් එකක් තියෙනවනම් ඉතින් කොළඹ ගියා වගේ තමා. හැබැයි ඉතින් පහසුකම් ගැන කතා කරනවනම් හොද තීරණයක් ගන්නය කියල කියන්න වෙනව.

පූසා said...

උඹලගේ ගමට මම සිරාවටම ආසයි. උඹ කියන එක ඇත්ත. අපි කොළඹ ඉන්නවා අපේ අත ළඟටම තියන පහසුකම් වලින් භාගයක්වත් ඔය පැත්තේ නෑ.(අත් දැකීමෙන් දන්නවා) මම උඹලගේ ගමට ආසයි කියන්නේ කලාතුරකින් ඇවිත් නතර වෙලා ටිකදවසක් ඉඳලා යන නිසා වෙන්න ඇති. ඒත් පදිංචි වෙන්න ගියොත් ඔය උඹ කියන ඒවා ඇත්ත කියලා මටත් තේරෙයි.

අපි නගරේ ඉඳන් ගම හොඳයි කියන්නේ අපි ගම් පළාත් වලට යන්නේ ඉඳලා හිටලා ට්‍රිප් එකක් ගියාම විතරක් ගම දකින නිසා. ඒත් ගමේ පදිංචි අය තමයි හරියටම දන්නේ ඒ අයගේ ජීවිත ගැන.
ඇත්ත ඒක නෙවෙයිද මචෝ?
උඹේ ප්‍රාර්ථනාව ඉක්මනටම සඵල වේවා!

Anonymous said...

වැඩිය ආසාවල් තියාගන්න එපා සහෝදරයා,
එහෙම කට්ටිය නිසා තමා අද ලෝකෙට මෙහෙම වෙලා තියෙන්නෙ.. (සහෝදරය නිසා නෙවෙයි)

Gayan Rupasinghe said...

වැවේ ගිලිලා නාන එකවත්, වෙල්යායක සරුංගල් අරින එකවත්, වලකජු ගහන එකවත් . කැලෑවේ ඇවිදින එකවත්, ගමේ හදපු කෑම බීම කන එක

මචන් මේ ටික කියවගෙන යනකොට ආස හිතුනා.. මම මෙහෙම කියන්නම්. මගෙත් ගම නුවර. මහ නුවර. මගෙ ගමට මම අදරෙයි. මචන්. ගමෙ ඉන්න ජේමිස් මාමා ගේ, යසෝ නැන්දගේ සිතුවිලියි, නගරෙ ඉන්න කට්ට කපටි උන්ගේ සිතිවිලි හාත්පසින් ම වෙනස් මචන්. මේක තරගෙට දුවන සමාජයක් යාලුවේ. ගිනි ගන්න අහසක් යට මිනිස්සු පැය 24ක් ඇතුලට දහසකුත් එකක් වැඩ රාජ කාරි නිම කරගන්න පිස්සුවෙන් වගේ දුවන සමාජයක් උබේ ගම එක්ක සංසංදනය කරන්න උබට බෑ. මට ත් බෑ. තෙරුම් ගනින්.. ඒත් නගරෙ ජීවත් වෙන එක මහ ලොකු ගෙම කුත් නෙවෙ.

හිතහන්

ජය..

රංග - මගේ ලෝකය said...

මචං මගේ ජීවිතෙන් බාගෙකට වඩා ගෙවුනෙ ගමේ. ඉතුරු ටික කොළඹ. මම නම් දෙනෙක් එකක් වත් හොඳයි කියන්නෙ නෑ. එක සතියක් කොළඹ එක සතියක් ගමේ ඉන්න තිබුන නම් පට්ටම තමා. මොකද දෙකේම හොඳ වගේම නරකත් තියෙන නිසා

බූරු පුතා said...

ලොක්කට තියෙන්නේ ගමේ ඉන්න බැරි ලෙඩක් නම් නෙමේ. මේ බූරුවට තේරෙන විදිහට සඳරු අයියන්ඩිට තියන එකම ප්‍රශ්නේ මේ අන්තර් ජන්ජාල පහසුකම් වල අඩුපාඩුව. මොකද කියන්නේ ඒ ගැන.

මමත් දන්නවනේ ඉස්සර අපිට 3G නැති දවස් වල කොම්පූටරේ එක එක කාමර වලට ගෙනියල සිග්නල් හොයපු හැටි. අනික ඒ කාලෙ ලැප් එකක් තිබ්බෙත් නෑ. මල්ටි ප්ලග් එක ගහගෙන ගේ පුරා යන්න අම්ම නැති දවසක් හොයාගන්න එකත් ගේමක්.

හිකිස් . . . .
ඩයලොග් එකේ හරි මොබිටෙල් එකේ හරි වැඩකරන කෙනෙක් මේ බ්ලොග් එක කියවනව නම් ඉක්මනට අපේ ගමට 3G දුන්න වගේම සඳරු අයියලගෙ ගමටත් 3G දෙන්න.

Anonymous said...

සඳරු මෙලේ. උඹට එහෙම හිතෙන එකේ කිසිම වැ‍රැද්දක් දකින්නෙ නෑ බං. ඔය වගේම හීනෙක තමයි ඔච්චර දුෂ්කර නොවෙච්ච ගාල්ලෙ හිටපු කාලෙ මටත් තිබුනෙ. මමත් හිතන් උන්නෙ හොළඹ ආවම මට සුරබිදෙනයි කප් රුකයි මුනගැගෙයි කියල, ඒත් එහෙම නෑ බං. එහෙමයි කියල ආයෙම අකුලං ගමට යන්නෙත් නෑ. ගමේ ගෙවල් දොරවල් අතෑරල මෙහේ පුංචි කුලීගෙදරක කො‍ටු වෙලා ඉන්නෙ දුකකින් නෙමෙයි බං. ඒ හිතේ තියෙන හීන නොමැරී තියෙන හන්ද තවම.

ඕනෙම නං උඹල අපි අපි අවුරුදු හැත්තෑපහක් ජීවත්වෙලා මැරිල යයි. ගමේ හිටියත්, කොළඹ හිටියත් ඔච්චරයි. ඒත් කවද හරි උඹ මැරෙන්නෙ "කොළඹ ඇවිල්ල ජීවිතේ මීය වඩා වෙනස් කරගන්න පුළුවන් උනානම්" කියල කීනෙත් එක්ක නම් ඒක උඹ උඹේ ජීවිතේට කරගන්න අපරාදයක්. කොළඹ ඇවිල්ලත් උඹ පරදින්න පුළුවන්, ඒත් උඹ එදාට ඇත්ත දැනගෙනයි මැරිල යන්නෙ.

Anonymous said...

උණු අලිබෙටිවල උණුහුමට, මැටි ඉරිතැලිච්ච වැවි පතුලක, නාවර පෙරාගත්තු බඩ ඉදිමිච්ච පොවි උන් ඉන්න ඉලුක් පැල්කොට දකිනකොට කොළඹ උන්ට හිතෙන සෞන්දර්යාත්මක කවි සිතුවිලි උඹට නොහිතෙන්නෙ උඹේ වැ‍රැද්දකට නෙමෙයි බං.

අර අභීත කිව්ව වගේ ටික කලක් ජීවත් වෙයන් ඇවිල්ල කොළඹ, සමහර විට උඹට ආස හිතෙයි, නැත්නං ආපහු ගමට යයි. ඔය හැම සිතුවිල්ලක්ම සාපේක්ෂයි මලේ. අම්මයි නංගියි එක්ක වරෙන්, ඇවිල්ල උඹ දකපු හීන හැබෑකරගනින්. ඊට කලින් බේබදුකම නවත්තපන් මල්ලී. නැත්නං උඹට ව්නාස වෙලා යන්න ඕනතරං පාරවල් මෙහේ.

[උඹේ ලිවිල්ල දැකල හිතිච්ච දේවල් එක කමෙන්ට් එක්ක දාන්න බෑ බං. ඒකයි කෑලි දෙකකට බොහොම අඩු කරල දැම්මෙ.]

Anonymous said...

සඳරු උඹ මොකද කියන්නේ? මම කැමතියි මගේ අළුතෙන් හදන ගේයි වත්තයි උමට දීලා උඹලගේ ගමට ඈවිත් පදිංචි වෙන්න.

මුල්ල පටස් පාරක් දාගෙන ආතල් එකේ ඉන්න බැරියේ බං.

කොළඹට උඹ ආසාවේ මැරෙන්න හදනවා, ඈවිල්ලා සතියක් විතර ඉඳලා බලපංකෝ... එතකොට තේරෙයි... සනීපේ..

අපරාජිතයා :::: Aparajithaya said...

අනේ මන්දා සහෝ මොනා කියන්නද කියලා.එත් මට හිතෙන දේ මං උඹට කියන්නම්.මචං මම ඉන්නේ කොළඹින් කි.මි. 40 ක් විතර දුරින්.කැම්පස් යන්න පටන් ගත්තට පස්සේ මුලින් බෝඩින් උනා කොළඹ... දැන් ඉන්නේ හොස්ටල් එකේ.සතියට දවස් 5 ක් ඉන්නේ කොළඹ.සදුදා උදේට ගෙදරින් යන්නේ මරන්න ගෙනියන හරකා වගේ ආයේ සෙනසුරාදා හවසට ගෙදර එන්නේ දිවය ලෝකේ හොයන යනවා වගේ.ඉරිදා රෑට සදුදා ගැන මතක් වෙද්දීත් එපා වෙනවා.සතියට වේල් 17 ක්ම කන්නේ හොස්ටල් එකෙන්.ඒ ජහ ජරාව කද්දී තමයි බන් අම්මගේ උණු උණු බතයි පොල් සම්බෝලෙයි රහ තේරෙන්නේ.

කොලබ ඉන්නේ හැගීම දැනීමක් නැති මිනිස්සු.බාහිර ලෝකෙට පේන්න සතුටින් ජිවත් වෙන එත් ඇතුලතින් විදවන කාල කන්නි ජාතියක් උන් දන්නේ අනිත් උන්ට ඉරිසියා කරන්නයි ඉහලට යනකොට කකුලෙන් ඇදල වට්ටන්න විතරයි බන්.ඒ කොළඹ ගැන මට දැනුනු මම අත් විදපු දේ....

මෙහෙම එකක් කියන්නම් උබට මෙහෙට එන්නම ඔනෙනම් වරෙන් එත් කොළඹට නෙමෙයි මචං.ගම්පහ,කඩවත,රාගම,මිගමුව,කළුතර වගේ කොළඹ අවට නගරෙකට..... එත් ඔබට හිතෙන දේ සාදාරන ඇති උබේ පැත්තෙන් බලද්දී...... උබට ජය වේවා.....!!!

ප.ලි. :- උඹ ඉස්සෙල්ලම කිව්වා වචනය "කාක්කා" ද මං හිතන් හිටියේ "බෝතලේ" කියලයි බං හික්ස් ... එල රජෙක් වගේ හිටපන්.....!!!!

Kanishka said...

Nice post. Hats off :)

Anonymous said...

අයියගෙ ලිපිය දැකල මට මතක්වුණේ අපේ කැම්පස් එක. බෙලිහුලිඹය ඉදං ගෙදර යනකං අපි ඉන්නෙ පුදුම ආසාවකින්.ගෙදර ඉදං සබරගමුවට යන්න පැය අටක් යනව,බස් තුනක යන ගමන මිහිරි නෑ. හිතාගන්න බැරි දේ තමයි ගෙදර ගියාම ආපහු අර වේලුණු පොළවයි, කැලැවයි, හිරිකටු ඹයයි,පරන අදහස් එක්ක තවම ජීවත්වෙන ගමේ මිනිස්සුයි කැලේ මැද්දෙ තියන faculty එකයි ආයෙ දකින්න තියන නොඉවසිල්ල.
ඒත්... මමත් හැමදාම එහෙ ඉන්න කැමති නෑ!

Ravi said...

ඇත්තම කතාව මලේ, ආයෙ මොකවත් කියන්ඩ දෙයක් නැහැ සම්පූර්ණ ඇත්ත,ගමේ සුන්දරත්වය කියල ලොකුවට කවි කතා ලිව්වට ඒ දුක විඳින එකයි දන්නෙ ඒකෙ අරුමෙ, උඹ පතන වෙනස උඹට ඉක්මනටම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා, වෙන මොනව කියන්නද බං,

Anonymous said...

සඳරු

කොළඹ ජීවිතය ඔය කියන තරම් සුන්දර නෑ මචං.
ඔය ජීවිත දෙකේම අඩු වැඩි වශයෙන් වාසි අවාසි තියෙනවා.
කොහොම වුනත් කොළඹ එන එක උඹේ හීනය. ඉක්මනින්ම එක ඉටුවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා...

-නිර්මල-

ඉලංදාරියා said...

මේ උබ ලියලා තියන එකේ වෑරෑද්ද... උබේ නෙවෙයි ..මේ රටේ යාන්ටත්‍රනය.. මෙකයි හෑටි ... බලපන් ලගදීම දවසක කොලඹ මුහුද පස්වලඉන් ගල්වලින් වහලා දාලා .. අලුතෙන් ටවුමක් හදනවලු.. හිතපන් අන්න ඒවගේ වෑරදි නිසයි අපි උබලා වගේ මිනිස්සු නගරයට ආසවේන් නගරයට ඈදෙන්නේ... එත් නගරය ඈතුලේ මිනිස්කම නෑතිවෙලා ඒ හෑමදේම මුදලින් මනින්නේ .. හිටපන් උබ මම ඉන්න ගමේ ඔය උබේ හිනවල තියන පහසුකම් තිබුනානම් අපි නගරයෙන් පිටට යයිද ... නෑනේ... නෙද.. මේ රටේ වෙලා තියෙන්නේ මේ යානත්‍රනයේ වෑරෑද්ද... මේ මිනිස්සු අපිට පෙන්නන් හදන්නේ හීනවිතරයි ඒ කයි මෙතන තියන අවුල. උබලගේ ගමට පාරක් තියනවා එත මම ඉන්න ගමට පාරක් නෑ අපේ ගමේ ඉන්න මිනිස්සු යන්න එන්නේ වෙලේ නියර උඩින්.. කාට හරි අසනීප උනත් පුටුවක ඉන්දවලා පුටුව දෙපෑතේන් පොලු දේකක් ගෑට ගහලා උස්සගේන් අයන්නේ මරනයක් උනත් එචරයි දෙනෙකුටයි උස්සගේන් අයන්න වෙන්නේ... මේවා අපේ උබලාගේ වෑරදි නෙවෙයි බන්..... එක පෑතකින් අපියි වෑරදි ..
අපි ගමට කියලා අපේ එකෙක් කියලා පත්කර ගන්න එකගේ වෑරදී.. උන්ටයි පුලුවන් වෙන්නේ උබලා අපි දකින හීන නගරයෙන් ගමට ආරගෙන් එන්න..

මොනවා උනත් උබේ හීන ඉක්මනින්ම ඉටුවෙන්න කියලා පතන්නම්......

මම දන්නවා බඩේ කෑකුමේ වෙදනාව දන්නේ එක තියන මිනිහා විතරයි......

හිස් අහස said...

@හා පැටික්කි = මේක තමයි හාවි ඇත්ත . ගම ලස්සනයි ඒත් ලස්සන විතරක්ම මදි නේද ජීවත් වෙන්න ? ගමේ ඉඳලා මම ඕනම තැනක ජීවත් වෙන්න පුලුවන් පන්නරය ලබාගත්තා .ඒත් නගරේ .තියන දේවල් ඉගන ගන්නත් ආසයි .එහේ බලන්නත් ආසයි . නමස්තේ කිවුවා හාපැටීකිට අදනේද මුලින්ම ආවේ ?
.....................................................................................................................................................
@blog gadol = බොහෝම ස්තූතියි මචංලා . උඹලටත් ජයම වේවා !! උඹලගේ බ්ලොග් එකේ ගඩොලක් නෑරම කියවලා .මේ නගරෙට යන ආසාව තව වැඩි උනා
.....................................................................................................................................................
@නිම්ශා = සමහරවිට ඔයා හරිඇති ඒත් මම දැන් මගේ ජීවිතේ අවුරුදු 22 ම මෙහේ ගතකරා මේ ගමේ දූවිලි සුවඳ ඇති වෙන්න විඳගත්තා . ඉතින් දැං ඒ ඇති මට . ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ කියනවා නේද ? කොළඹ කාක්කෝ ගැන ඔයාලියපු එක දැකලානම් මට පොඩි බයක් ආවා .රස්නේ නම් මට හොඳට පුරුදුයි නගා . ඔයා අල්ලපු ගෙද හිටියනම් අලි හතර මායිමේ එන එකක් නෑ .... හි .හි
.....................................................................................................................................................
@Podi Kumarihami = කුමාරි අක්කේ මම ඔයාට කිවුවා නේද මම පීඩිත පන්තියේ කොල්ලෙක් කියලා . ඔන්න වලවුවෙන්
පිට අම්බලමක ඉන්න අයගේ කතාව . ඔයත් වෙලාවක මැප් එකක් අරගෙන බලන්න ලංකාවේ උඩවලව ඇරුනම වැඩියම අලි ඉන්නේ කොහෙද කියලා ..
.....................................................................................................................................................

@dinesh = ඔයා ඉන්න රටට මට එන්න බැරිද කියලා මම දවසක් ඇහුවා මතකද දිනේශ් අයියා .? ඔයාට ඒක මතකයි
. මමත් ආසයි රටකට පැනගන්න .ඒත් අම්මවයි නංගිවයි දාල එන්න බැරි නිසා මම හිරවෙලා . මමත් ප්‍රාර්ථනාකරන්නෙම මට සුපිරි රටකට යන්න ලැබේවා කියලා . මෙතන හිටියොත් දවසක මටත් වෙන්නේ හණ මිටිය කරගහගෙන ගිය අර බුවාට වෙච්ච සිද්දියම තමයි
.....................................................................................................................................................
@MaRLaN = ලිවුවේ නෑ මාලන් මචං මටත් නොදැනීම ලියවුනා . ඒක තමයි. ලස්සන විතරක් මදි පහසුකම් තියෙන්නත් ඕන නැත්නම් අපටත් නොදැනීම අපි අපේ පලාතට වෛර කරනවා . . දෙයියෝ ඉන්නවද බලමු .. බොහෝම ස්තූතියි මචං..
.....................................................................................................................................................
@අභීත = කොළඹ එන්න ආසයි අභීත අයියේ ! ඒත් මම කොහේද ඇවිදිල්ලා ඉන්නේ . මට ඔය පලාතේ නෑදෑයෝ කවුරුත්නෑ . අනික දවසක්ම බස් එකේ එන්න වෙනවා . ඔයා මේක කියවයි කියලා මම දැනගෙන උන්නා . ඔයා ගමට ආසයි නේද ? මමත් එහෙමයි . ඒත් බං මමත් මිනිහෙක්නේ .ටිකෙන් ටික මටත් ගම එපා වෙනවා මේ ගමේ පාළුව නිසා ...
.....................................................................................................................................................
@Dakshina = මචං මට වයස 22 මම 1989 . අයිය මල්ලි මොනවා උනාම මොකෝ . මම උපන් දා ඉඳලම මෙහේ හිටියා
. දැන් මට හොඳටම ඇති මගේ ජීවිතයට වෙනසක් එක්කරගන්න අසයි . මමත් ආසයි කොළඹ කොල්ලෙක් වෙන්න . අද නේද ඔයා හිස් අහසට පය ගැහුවේ . ආයිබෝං කියලා පිලිගත්තා මචං . වරෙන් බං දවසක අපේ ගමත් බලලයන්න

Anonymous said...

ගමේ ඉන්නකම් නගරේ හොඳයි,නගරේ ඉන්නකම් ගම හොඳයි,ඕක ලෝක ස්වභාවයනෙ.

හිස් අහස said...

@Hishan Melanga = ඩොන්ගල් එකක් තිබුනට මචෝ මට නෝ සිග්නල් . බලමු මම හොඳට හිතලා තීරනයක් ගන්නවා . ඒත් මට නගරේ හොඳා !
.....................................................................................................................................................
@පූසා = උඹ ඉතින් අපේ ගමේ පූසෙක් නේ . ඔයාට කොහොමද දැනෙන්නේ . කොළඹ හොඳයි නේද ? මෙහේ මට වැඩිය සැප ඕන නෑ මචං . මටයි අනෙක් මිනිස්සුන්ටයි ගමකට ලැබෙන පහසුකම් ටික හරියට ලැබුනනම් ඇති . ඒත් දැන් මම පරක්කු වැඩියි . මගේ ජීවිතේ හොඳ කාලෙන් බාගයක්ම ගෙවිලා ඉවරයි .
.....................................................................................................................................................
@Anonymous = ආසාවල් ඇතිවෙන්නේ අපිටත් හොරෙන් මචං . කොහොමත් මම උඹ කියපු එකත් හිතට දාගත්තා ඕනවට වැඩිය මේ ගැන හිතන්න යන්නෙත් නෑ
.....................................................................................................................................................
@Gayan Rupasinghe = ගමටත් ආසයි මචං . ඒත් ඒ ආසාවටම මට වහල් වෙලා ඉන්න බෑ කියලා හිතෙනවා . ම්මත්
කැමතියි අලුත් ලෝකෙත් එක්ක ගැටෙන්න . ගේමක් නොදී . මෙහේට වෙලා අතපය අකුලගෙන ඉන්න මට මොකද්ද වගේ බං. උඹ කියපු එක හරි ගේමක් දෙන්න වෙයි . සමහර විට මට බැරි වෙයි ඒත් මම ට්‍රයි කරන්න කැමතියි මචං . නුවර මම කැමතිම පලාතක් .
.....................................................................................................................................................
@රංග - මගේ ලෝකය = මගේ ජීවිතේ අවු 22 ම මේ ගමේ ගෙවිලා ගියා රංග අයියේ . ඔයා ලියන ඔයාගේ ලෝකේ මටනම් පේන්නේ මාරම ලස්සනට . රංග වගේ දියුනු වෙන්නත් ආසාවක් මගේ හිතේ තියනවා . ලොකු මිනිස්සු එක්ක එකට ගැටෙන්න ලොකුම ලොකු ආසාවක් තියනවා . ඒත් මෙහේ ඉඳන් මම මොනවා කරන්නද ?
.....................................................................................................................................................
@බූරු පුතා = මමත් මගේ පරිගණකේ මුලු ගෙදර පුරාම ඇදගෙන ගියා බං උඹ වගේම . අපිට කොහෙද 3ජී හරිහමං නෝමල් සිගනල් එකක්වත් තියනවානම් මදෑ .. ජං ජාලේ නැති එකත් අඩුවක් තමයි .උඹට ඒක තේරුනා එහෙනම් ආ

.....................................................................................................................................................
@nawammawatha = මම ගමේ ජීවත් උනා උපන් දා ඉඳන්ම . මම මේ ගමෙන් ලබාගත්ත දේවල් ගොඩකුත් තියනවා . ඒත් එක්කම මේ ගම මගෙන් අරගත්ත දේවල් ගොඩකුත් තියනවා . මගේ තාත්ත නැති උනෙත් මගේ ගම ඒකාලේ කොටි කටක තිබුනු නිසා . මට තවම හරියට කඩ්ඩ බෑ . ඒක උනේ මගේ වරදින් නෙවේ . අපේ ඉස්කෝලේට හරිහමං ගුරුවරු නැති නිසා . මගේ යාළුවෝ රොත්තත් කඩ්ඩ ෆේල් උන එක ඒකට උදාහරනයක් . නගරෙට එන ගොඩක් අලුත් දේවල් අපේ ගමට එන්නේ ඒවගේ කාලේ ඉවර උනාට පස්සේ . අනික ඔය පලාත්වල ඉන්න ලමයි එක්ක අපේ ගම්වල ළමයින්ට හැරෙන්නවත් බෑ . මගෙන් ඉගන ගන්න එන වයස 17 -18 ළමයි හුඟ දෙනෙක් තවම මවුස් එක
අල්ලන්වත් දන්නේ නෑ . අපි මොකදබං කරන්නේ ? අර කතාව හරි කොළඹට කිරි අපිට ....
.....................................................................................................................................................
@prasanna86k = රන් මාළුවා ඔයාට පායපු දවසක වැසිකිලි යන්න වතුර නැතිවෙලා තියනවද? ඒ අද්දැකීම විඳ ගන්න ආසද ? සාදරයෙන් පිලිගන්නවා .ඔයාව . උඹට එදා මම එන්න කියපු දවසේ එන්න තිබ්බේ . පට්ට ආතල් එකක් ගන්න තිබ්බා .

පැන්ඩා said...

අනේ මන්ද බං..මම ඔය දෙකම අත් දැකල තියෙනව බොහොම අපූරුවට..මගෙ ජිවිතෙ හරියට භාගයක් ගමක (මුල් භාගෙ ) ඉතුරු භාගෙ කුරුදු වත්තෙ ඉඳන් ගොල් ෆේස් රොඩ් එකෙ මොරටුවට යන කං හැම අස්සක් මුල්ලකම..මම තනියෙන් කොළඹ උන්නෙ..2 ට ඉස්කොලෙ ඇරුනම උඹ කියන mc එක අස්සෙ අපි ඇවිදල ඇති කකුල්ව රිදෙන කං ඔහෙ..කුරුදුවත්තෙ දවසට 1000 ඇරන් ඉස්කොලෙට ඇවිත් 1000 ම ඉවර කරල හවසට ගෙදර යන උන්ගෙ ගෙවල් වල උන් එක්ක පිස්සු කෙළල තියේ..ඇමරිකාවෙ ටෙක්සාස් වල ඉන්න ගොපල්ලො ගැන දන්න උන් ලංකාවෙ ම තවත් පැත්තක ඉන්න උඹල ගැන දන්නෙ නැ..

අනේ මචන් මට තෙරෙන්නෙ නැ..කොහෙත් ජිවිතෙ දුකයි එක තමයි ඇත්ත.අර බුදු සාධු කිව්ව වගේ..ජිවිතෙ දුකින් මිදවන්න ඕනි එහෙනම්..

මම අන්තිමට මෙක කියන්නම් මොකක් වුනත් තෙරුවන් සරණින් උඹ බලාපොරත්තු වෙන විදිහට උඹේ හීන සැබැ වේවා..

හිස් අහස said...

@අපරාජිතයා = මමත් උදේට නගිටින්නේ .මරන්න ගෙනියනවා වාගෙම තමයි . ඇයිබං මට මේවගේ සිතිවිල්ලක් ආවේ ? සමහරවිට මම මේ දාගන්න හදන්නේ කේස් එකක් වෙන්න ඇති .ඒත් මම එක පාරක් හරි ඔය ගෙන්දගම් පොලවෙත්
පස් පාගන්න ආසයි . මචං කොළඹ ඒ තරමට අවුල්ද ? ම්පහ,කඩවත,රාගම,මිගමුව,කළුතර ඒ පලාත් අවුලක් නැද්ද ?
අන්න මට ඒක කියපු එකනම් ලොකු දෙයක් බං . මම මේදවස් වල සල්ලි එකතු කරනවා . මගේ හීනේ හැබෑ කරගන්න . මම බෝතලේ කියලා කීව අම්මට ඇහිලා නෑ ..
.....................................................................................................................................................
@Kanishka = මේං සුප්‍රසිද්ධ කණියා මගේ බ්ලොගේ. Hats off මචං Hats off (තේරුම නොදනිමි )
.....................................................................................................................................................
@ඉෂ් = ඒක තමයි සහෝදරයා කොහොමත් අපිට ඕනම දෙයක් එක දිගටම විඳ දරා ගන්නකොට ඒකට තියන අසාව නැති වෙලා යනවා . ඔයත් එහෙමනේ හැමදාම ඉන්න කැමති නෑනේ . ඒ කියන්නේ ඔයා මගේ පැත්තේ .! එල ..මචං
.....................................................................................................................................................
@Ravi = හරියට හරි දොරේ ! මෙන්න 5ක් මතුපිටින් ලස්සනට පේන හැමදෙයක්ම පේන තරමට ලස්සනක් නෑ .තවත් මට ලබාගන්න දෙයක් නෑ . මම දිනන්න ඕන ඒත් මේ හන මිටියත් එක්ක ඒක කරන්න බෑ . එල කිරි මචං ..!
.....................................................................................................................................................
@annanmannan = නිර්මල .ලස්සනයි අවලස්සනයි දෙකම අපේ ජිවීතවල තියනවා . හරියට කාසියක දෙපැත්ත වගේ . මමත් මගේ කාසිය උඩ දාල බලන්න කැමතියි මට වාසනාව තියන පැත්ත වැටේවිද කියලා .සමහර විට මම පරදියි . ඒත් මෙහේ ඉඳලම මම වයසට ගියොත් මම කවදාහරි දුක් වේවි මම බයියෙක්ම වෙලා ඉඳලා වයසට ගියා නේද කියලා .
.....................................................................................................................................................
@ඉලංදාරියා = ඉතින් කොල්ලෝ කොහොමද ? මගේ හීනේ බල්ලට ගියාවේ . උඹ ගොඩ යනවනම් ඒ ඇති . මමත් මට
පුලුවන් හෙල්ප් එක දුන්නා . මම තවත් උඹට උදවු කරන්න බලාගෙන ඉන්නේ . මම වගේම ගමක ඉපදුන කොල්ලෙක්
දැකීමත් සතුටක් . අපිට තමයි බං ඔය හැම කරදරයක්ම වෙන්නේ . උඹගේ කතාව ඇහුවම මම මොකෙද්ද කියලා හිතෙනවා . දේස පාලනේනම් මට අරහං . . උඹට හැමදාටම ජය වේවා !! . අපි කොච්චර දුරක උන්නත් උඹට උදවුවට ඉන්නවා
.....................................................................................................................................................
@sithuwilimandiya = මොනවා කරන්නද අපිත් ආසයි බං කාපට් පාරක යන්න . ගමත් එක්ක මගේ තරහක් නෑ .ඒත් නගරෙ අඳුනගන්න මම ආසයි . ජය ..!

හිස් අහස said...

@පැන්da MC එකනම් පට්ට නේද පැන්ඩයියේ දිව්‍ය ලෝකේ ගියා වගේ . ඒකේ ඇතුලට ගියාම නහයට දැනෙන සුවඳ .මට තවම මතකයි .මගේ පලාතේ ඉන්න කිසිම මිනිහෙක් මම හිතන්නේ රු 100 වත් දවසට වියදම් කරන්න යන්නේ නෑ අපි දුප්පත්ම නෑ ඒත් අපි 1000 අඩුම ගානේ සති 3 වත් පාවිච්චි කරනවා . මගේ බලාපොරොත්තුව කොහොම හරි සල්ලි කාරයෙක් වෙන එක ඔන්න මම කෙලින්ම කිවුවා පැන්ඩෝ

ස්තූතියි පැන්ඩයියේ

රංග - මගේ ලෝකය said...

හිස් අහස : මමත් ගමෙන් එද්දි හිතුවෙ ඔහොම තමා. ඒත් මහ ලොකු සල්ලිකාරයෙක් නොවුනත් ඕනෙ තැනකට යන්න එන්න පුලුවන් මට්ටමෙ පඩියක් අද මට ලැබෙනව. ඒත් ජීවිතේ කියන්න සල්ලි විතරක්ම නෙමේ. සල්ලි වලින් ගන්න බැරි ගොඩක් දේවල් මගේ ජීවිතේ අඩුයි. මම සල්ලි පස්සෙ දිවුවෙ නෑ. හැබැයි රාජකාරිය දේව කාරියක් වගේ කරා. ඒක නිසාම ‍රැකියාව පැත්තෙන් ඉහලටම ගියත් ජීවිතේ අනිත් දේවල් අතින් නම් අන්තිම පහල ඉන්නේ.

hare :-) said...

පතුලටම වැදුණා... මට මම ගැන කල්පනා වුණා. මට නගරයට යන්න හීනයක් තිබුණේ නෑ. ඒ වුණාට ගලාගෙන යන ජීවිතේ තව එක වංගුවකදි මට නගරෙට යන්න වුණා.. අවුරුදු 10කට කිට්ටු කාලයක් නගරෙ ඉඳල ආයෙත් මට ගමට එන්න වුණා. ඒ නිසා මම ඔය දෙකේම කතාව දන්නවා. මම කියන්නෙ ඔය දෙකම එකයි. කාලයක් යද්දි කොතනක ගියත් ඒක හුරුවීමත් එක්ක අගයක් නැතිව යනවා.

මම ප්‍රාර්ථනා කරනව ඔයාගෙ හීනය ඉටුවෙන්න කියලා... ඒ වගේම gadol කිව්ව වගේ මලයා සුපිරි බ්ලොග්කාරයෙක් බවට පත්වෙලා කියල මමත් කියනවා...

ජය!

ayesha said...

මටත් හිතෙන්නේ ගමෙත් නගරෙත් 2 ම හොදයි නරකයි 2 ම තියෙනවා. කොහොම වුනත් අද්දැකිම් ලබා ගන්න එක වටිනවා. ඒ නිසා නගරෙත් ටිකක්කල් ජිවත් වෙන්න. ඒ වගේම යාළු ඔයාගේ හීනේ හැබෑ වෙන්න කියලත් මම ප්‍රර්ථනා කරනවා.

අපරාජිතයා :::: Aparajithaya said...

මෙහෙමනේ මචන් කොළඹ එක්ක බලද්දී ඒ පැති ගොඩක් හොදයි බං සැනසිල්ලේ ජිවත් වෙන්න පුළුවන්.එතකොට උඹට කොළබ යන්න ඕන වෙලේක යන්නත් පුළුවන්.ජිවිතේ සැනසිල්ලෙනුත් ඉන්නත් පුළුවන් මිනිස්සු ඔක්කොම කරන්නේ සැනසිල්ලෙන් ජිවත් වෙන්නනේ බං.හැබැයි ගොය්යෝ තව එකක් රේස එකක් දුවන්න වගේ ලෑස්ති වෙලා වරෙන් මචන්... මෙහෙ ඉන්න අපි හැමෝම දුවනවා දුවනවා ඉවරයක් නැහැ...

මං එකක් කියන්නම් උඹ උඹේ අම්මට ආදරේනම් ඔය බෝතල් ගැහිල්ල නවත්තල දාපන් බං.ඒකට යන සල්ලිත් උඹේ හීනෙ ලබාගන්න එකතු කරහන්.පොඩ්ඩක් ඒ ගැන හිතල බලහන් පොඩි ඉල්ලීමක් විතරයි යාලුවෙක් වගේ එකෙක් කරන කියල හිතාගනින්.

හැම කොමෙන්ට් එකකදීම මට කුප්ප අයිඩියා එකක් එනවා බං අන්තිමට අනේ මන්ද අත වාචාල වැඩි.. මොකෝ කියන්නේ මෙහෙන් බර අත්තක් තියෙන කෙල්ලෙක් හොයල බැඳගමුද....??? හික්ස් ජය වේවා මචන්...!!!

තීර්ථ යාත්‍රිකයා said...

මෙහෙමයි සහෝදරයා.උඹ නගරෙ දකින සුන්දරත්වය ..ඒක එහෙමමද කියල මට හිතෙනවා.නගරෙ ජීවිතේ උඹ හිතන තරම්ම සුන්දර නෑ මගෙ මිත්‍රයා.තීර්ථ යාත්‍රිකයා ඉගන ගත්තෙ නගරෙ ඉස්කෝලෙක, තෘතික අධ්‍යාපනය හැදෑරුවේ නගරෙ තක්සලාවක.දැන් එව්වා ඉවර කරලා වැඩ කටයුතු කරන්නේ කොළඹ.ඒත් තීර්ථ යාත්‍රිකයාගේ මුල් තියෙන්නේ ගමේ.ගමට තීර්ථ යාත්‍රිකයා තාම ආදරෙයි.නිවාඩුවක් එනකල් බලාගන ඉන්නේ ගෙදර යන්න.ගමේ තියන ඒ නිසංසල වටපිටාවට, දූවිලි නැති හීතල හුළඟට ,ගල් අතරින් හිමීට ගලාගන යන වතුර පාරට ,පොල් අතු අතරින් බිමට වැටෙන හඳ එළියට තීර්ථ යාත්‍රිකයා තාම ආදරෙයි.
මගෙ මිත්‍රයා නගරෙ නරකමත් නැහැ.ඒත් ගම උනත් නගරෙ උනත් ජීවත් වෙන මිනිස්සු අනුව තමයි හැම දේම රඳා පවතින්නේ.ඒ නිසා උඹ බොන එක නවත්තන්න කැමති නම් ඒක නතර කරලා දාපන්.ඒකට උඹ නගරෙට යන කම්ම ඉන්න ඕන නෑ....
ජයෙන් ජය.......

Charmi said...

ඔබේ සිහිනයට මම කැමතියි.
ඒ වගේම කවදාහරි ඒ සිහිනය සැබෑවෙනවානම්, ඒතුල විකසිත වෙන්න ඔබට හැකියාව ලැබෙයි කියලත් මට හිතෙනවා.
හැබැයි එදාට අර්ධ ධනේෂ්වර ව්‍යූහයක් ඇතුලේ කෘෂිකාර්මික සම්බන්ධතා හොයාගෙන ගිහින් නන්නත්තාර වෙලා, 'අම්මේ මට ගමට එන්න කුරුළු පිහාටුවක් එවන්න....' කියලා ඔබ කියන එකක් නැතිවෙයි නැතිවෙයි නේද?
ඔබේ සිහිනයට මම සුබපතනවා.

(මාලන්ට ස්තුතියි මේ ජෙනුයින් කතන්දරේ ගැන ඔත්තුව දුන්නට..
http://malansamarawickrama.wordpress.com/2011/02/18/migrant/ )

Abeetha Edirisinghe said...

ඉන්න තැන ප්‍රශ්නයක් නෙමෙයි... මම උඹව අපේ ගෙදර තියාගන්නම්... වරෙන් දවස් කීපයක් ඉන්න..... රස බලා දැන ගනින්.. මේ උඹට පුළුවන්නම් මට කෝල් එකක් දියන්.. මගේ නොම්මරේ ඔය හැම තැනම තියෙනවනේ....

දීඝායු said...

තවත් පොඩි වස්තු බීජයක් ලැබුන මට පෝස්ට් එකකට.. උඹේ කතාවට මොනවා කියල කොමෙන්ට් කරන්නද කියල හිතාගන්න බෑ. උඹට මුකුත් කියල හිත වෙනස් කරන්න හදල වැඩකුත් නෑ.

-HacKrisH- said...

මචන් මම මේක කියෙව්වෙ දවල්. ඒත් කමෙන්ට් එකක් දැම්මෙ නෑ. මොකද මේකට හොඳ උත්තරයක් දෙන්න ඕන නිසා. ඇත්තටම උඹෙ පැත්තෙන් උඹ සාදාරනයි. ගමේ නැති සුන්දරත්වයක් උඹ නගරෙ දකිනවා. ඒ මොකද උඹ දැන් ඉන්නෙ ගමේ නිසා. උඹ නගරෙට එනවා නම් උඹ මුලින්ම කරන්න ඕන හොඳ ආර්තික තත්වයක් හදාගන්න එක. එහෙම නැතුව උඹ නගරෙට ආවොත් උඹට තේරෙයි නගරෙට වඩා ගම කොච්චර සුන්දරද කියලා. සල්ලි නැතුව අද කාලේ කිසිම සුන්දරත්වයක් විදින්න බෑ. මොකද සල්ලි නැත්තම් අපිට කිසිදෙයක් කරන්න බැරි නිසා. මුලින්ම ඔය අඩිය ගහන එක, සිගරට් බොනවා නම් ඒක නවත්තපන්. කරන වැඩ වලින් හොඳ ආර්තිකයක් හදා ගන්න බලපන්. සල්ලි තියෙනවා නම් උඹ අද ඔය නගරෙ දකින සුන්දරත්වය ගමේ ඉඳගෙනම උනත් විඳින්න පුලුවන්. උඹෙ සිහිනය කවදාහරි සැබැ වෙන්න කියලා මම බොක්කෙන්ම පතනවා...

හිස් අහස said...

@රංග - මගේ ලෝකය = මම හැමදාම හිතන දෙයක් තමයි අයියේ . මම හැමදාටම මේ මම දැන් වැඩකරන තැනටම වැඩකරකර ඉන්න වේවිද කියලා . ඔයා ගෙවන ජීවිතේ මම හොඳටම දන්නවා . මටනම් ඒක පට්ටම ගති . වේටර්ලා ඔයා ගාව දනින් වැටුන හැටි . දුකා එක්ක බීඩි ගහපු හැටි .; ඔයා රට ගිය හැටි කටෙනුයි අනික් පැත්තෙනුයි මම බලං හිටියා . මොකටද බං අයියේ මම බොරු කියන්නේ මටනම් ඒව ඉහටත් උඩින් .
.....................................................................................................................................................
hare :-) - = ඔයා හරි . එහෙම ටික කාලයක් ඉන්නකොට මටත් නගරේ එපා වේවි හැබැයි සමහරවිට . මම කැමතියි දියුනු වෙන්න . මම කලින් නොවින්ඳ අද්දැකීමක් විඳගන්න . මම මේ හීනේ හැබෑවක් කරගත්තේ නැත්නම් . මම දවසක දුක්වේවී . අනේ මම ට්‍රයි කරේවත් නෑ නේද කියලා . . ජය පැතුවට බොක්කෙන්ම ස්තූතියි .මචං
.....................................................................................................................................................
@ayesha = බොහොම ස්තූතියි මට ඕනෙත් ඔය නගෙරේ අද්දැකීම ලබා ගන්න . නැත්නම් කිසිම දවසක සඳරු කියන මේ කැලේ සතා සමාජ ගතවෙන එකක් නෑ . ඔයා හරියට හරි යාළු .
.....................................................................................................................................................
@අපරාජිතයා = අන්නහරි මම රෙඩි වෙනවා රේස් එකට පැරදුනත් කමක්නෑ .නැත්නම් මම හැමදාටම පරාජිතයෙක් වේවි . බෝතලේ මම කොහොමටත් අතාරිනවා මචං ඒත් මට ඒකට තව ටික කාලයක් ඕන . සල්ලි නම් මම හිඟා කාල හරි එකතු කර ගන්නවා . මම මුලින්ම ජොබක් හොයාගන්න ඕන ඔය පලාතෙන් . මම මේදවස් වල ට්‍රයි කරන්නේ ඒකට .අඩා ලොකු අත්තක් අල්ලගත්තනම් මමත් නාගරිකයෙක් නැද්ද ? බලමු ඔය ලොකු අතු ආම්බං කරන්න අමාරුයිලු බං ..
.....................................................................................................................................................
@තීර්ථ යාත්‍රිකයා = බ්ලොග් අවකාසේ යාත්‍රා කරන තීර්ථ යාත්‍රිකයාව මගේ බ්ලොග් එක ඇතුලේදී දැකීම සතුටක් . මචං මම ඉගනගත්තේ සාමාන්‍ය ඉස්කෝලෙක . මමත් මේ උපන් ගමට ආදරෙයි අම්මට වගේම . ඒත් මචං මේ ගම මට දීපු දේවල් වලට වඩා මගෙන් ගත්ත දේවල් වැඩියි වගේ . මේ ගමේ ඉන්නකම් මට කවදාකවත් මගේ හිත හදාගන්න බැරි වේවි . මොන කරුමයක්ද මේ ගෙවන්නේ කියලා හැමදාම උදේට නැගිටීමයි . හවසට ගෙදර ඒමයි එක්ක මට දැන්ම බොන එක නවත්තන්න බෑ මචං . මම කොහොමහරි නගරෙට එනවා . මම ගම අමතක කරන්නෙත් නෑ . .
.....................................................................................................................................................
@Charmi = බොහෝම ස්තූතියි මිත්‍රයා . මාලන් මගේ නියම බොක්කක් . මමත් ඔන්න ඔයාගේ බ්ලොග් එක දැක්කා . ඔයා මතක්කරපු කුරුලු පිහාටුව . පද ටික දැකලා මට පොඩ්ඩක් අවුල් ගියා .ඇත්තටම මට එහෙම කියන්න වේවිද . අනේ මම දන්නේන් නෑ . සමහරවිට මට ගිය පයින්ම ආපහු එන්න වේවි . මොකද අප්පා මම කරන්නේ ?
.....................................................................................................................................................
@අභීත = අභීත අයියා ඔයා සිරාවටද කීවේ ..? ගෙන්දගම් පොලවේ පයගහන්න මාරම අසයි බං . වැඩිය නෙවේ මම එක දවසකට එනවා ! . අද ආවා හෙට උන්නා අනිද්දා ගියා . නිවාඩුවක් සෙට් වෙච්ච ගමං අයියට කෝල් කරන්න ඕන . අමනාපයක් නෑ නේද ? උඹලව දැන අඳුන ගන්නත් ආසයි . දැං ඉතින් හැංගෙන්න ඕන නෑ මගේ බාල වයස් කාර ආදරීත් මා එක්ක නෑ නේ . මම එනවා ..මම එනව !
.....................................................................................................................................................
@දීඝායු = මම හිතල බලල මචං මේ තීරනේ ගත්තේ . කොහොමත් මම මෙහේ හිටියොත් මම කිසිම දෙයක් අළුතින් ඉගන ගන්නේ නෑ . මෙහේ අය ඉංගිරීසි වචනයක් ඇහුනත් නෝන්ඩියට හිනා වෙනවා . ඒත් ඔහේ එහම නෑ නේද ? මට ඒ වෙනස ඔන
.....................................................................................................................................................
@-HacKrisH- | හැක්ක්‍රිෂ් = හැකා මම තව කීපදවසකින් ලෝන් එකක් ගහලා හරි ඔය ආර්ථික තත්වය හදාගන්නවා . ඊටපස්සේ කඩ්ඩ හදාගන්නවා . දුම් අදින්නේ නෑ දැං . බොන එක විතරයි . ටවුන් ගිය ගමන් මම ඕක නතර කරලා මිනිහෙක් වෙනවා . . ස්තූතියි මචං උපදෙස් වලට . (රොම්බ තෑන්ක්ස් )

Anonymous said...

හ්ම්ම්... මොනව කියන්නද කියල හිතා ගන්න බැහැ. හැබැයි හිතට වැදෙන්න ලියලා තියෙනවා. මොනවා උනත් අලි බෙටි ටික එහා ගෙදර වත්තට දාන එකනම් කැත වැඩේ... :D

Abeetha Edirisinghe said...

වරෙන් වරෙන්.. අවුරුදු උත්සවේට වරෙන් දවස් දෙක තුනක් ඉදලා යන්න....

මාරයාගේ හෝරාව said...

මංනං උඹට ඔය එකක්වත් කියන්න යන්නේ නැහැ..කියන්න ඕන හැම එකක්ම ඔය උඩ ඉන්න අයියලා අක්කලා නංගිලා මල්ලිලා කියලා තියෙනවා..ඒත් මං උඹ ගැන දන්නවා..ඒ හින්දා කියන‍්නේ..

එන එකනං ප්‍රශ්නයක් නෙවෙයි..දැන් කල්පනා කරහං ඇවිත් කරන දේ...
ඔය ගමේ උඹ කරන ජොබ් එක මෙහෙදි කරන්න උඹට හම්බ වෙන්නේ නැහැ මල්ලියේ..ඒ වගේ ජොබ් කරන්න මෙහේ ඔන තරං කට්ටිය ඉන්නවා...
මං දන්නේ නැහැ උඹ මොනවා ඉගෙන ගෙන තියෙනවද කියලා..
පුළුවන්නං දාපං ඒ ටිකත් යටින්...

ඒ හින්දා මෙහෙ ඇවිත් කරන්න දෙයක් ගැන හිතපං.
සමහර විට උඹ සාර්ථක වෙයි..එහෙම උනොත් කිසි අවුලක් නැහැ..එහෙම නැතිව උඹ තවත් අසාර්ථක එකෙක් උනොත් ආපහු ගමට ගිහින් වැටෙන්න ඉඩං කෑල්ල තියා ගනින්...

හැබැයි තව එකක් කියන්නං..උඹ හිතන තරං සුන්දර මිනිස්සු කොහේවත් නැහැ.
අර අභියා කියලා තියෙන යෝජනාව පැත්තකින් තියලා කතා කලොත්..උඹට තේරෙයි මිනිස්සු කොයි වගේ ජාතියක්ද කියලා...
තමන්ගේ සහෝදරයින්ට බලන්නේ නැති..අම්මට අප්පට සලකන්නේ නැති..
අල්ලපු වැටේ ඉන්න එකාගේ රීරී මාසේ කන්න හදන උං ගොඩට උඹත් ඇවිත් වැටියං..කිසි අවුලක් නැහැ...

සමහර විට උඹත් කවදා හරි නවලෝක මුදලාලි කෙනෙක් වෙයි..
ඒ වගේමයි...සමහර විට කොහේ හරි තැනක යුනිෆෝම් කෑල්ලක් ගහගෙන නිදි කිර කිර ඉන්න සික්කෙක් වෙලා ජීවිත කාලෙම හැම තැනටස ණය වෙවී..ගොඩ එන්න බැරිව දගලන බහුතරයක් සංක්‍රමණිකයො ගොඩටත් යන්න පුළුවන් වෙයි...

උබේ කැමැත්තක්...
අභිත උදව් කරයි..හැබැයි ඒ යම් සීමාවකට..සමහර විට ඌ උඹට ආපහු පාර පෙන්නයි ගමට..ඒත් උඹ ඒ පාර තේරුම් නොගත්තොත් අභියට බැහැ ඉන් එහාට දෙයක් කරන්න.

රංගගෙන් අහපං ඒ ගමන ඌ ආවේ කොහොමද කියලා..බලහං උඹටත් ඒ ගමන ගියෑකිද කියලා..

හීන දැක්කට වැඩක් නැහැ..හොයා බලපං ඒ හීනේ ඇත්ත කරගන්න උඹ ගාව දැනට තියෙන්නේ මොනවද..?
තව උඹට ඕන කරන දේවල් මොනවද..?
ආන්න ඒවා ලෑස්ති කරගනින්..
කඩ්ඩ කියන්නේ ඒ ලොකෙට යන බස් ටිකට් එකක් විතරයි...
උඹයි මමයි දන්න කොම්පියුටර් දැනීම ඇති ඔය ගමට..හැබැයි මෙහේ ඉන්න මොන්ටි සෝරි යන ලමයි ගාවත් ඒ දැනුම තියෙනවා..උඹ මේ ඉතුරු දවස් ටිකේ කල්පනා කරහං ඒ හීනේ ගොඩ දාගන්නේ කොහොමද කියලා.
ඒ ලෝකේ හරි මිල වැඩියි...උඹට ඔය ඉන්න පලාතෙන් ඉඩං අක්කරයක් විකුනලා මෙහෙං පර්චස් එකක්වත් ගන්න බැරි වෙන්නත් පූළුවන්..ඒ තරමට මෙහෙ වෙනස්..

කමක් නැහැ ඇවිත් ඒ සැපත් විදහං...

Thusitha (දිමා) said...

නග‍රෙට ආවත් මාස 2ක 3නක් යද්දි එපාවෙයි ම‍චං. ම‍ට නන් ඉපදුනු හැදුනු වැඩුනු ගම තරන් කොහෙවත් හරියන්නෑ...

BLOG ගඩොල් said...

මචං උඹ පදිංචි වෙන්න හොයනවානං කොළඹ නගරෙ නැතුව ඒ ආසන්න වෙන නගරෙකට වරෙන්. කොට්ටාව, හෝමාගම වගේ.

නැත්තං ගම්පහ දිස්ත්‍රික්කෙ කියන්නෙ ලංකාව ඇතුලෙ මනුස්සයෙක්ට පදිංචි වෙන්න ගොඩක් වටින පැත්තක්. කිසි කරදරයක් නෑ. ගමේ ගතියත් තියෙනවා. පහසුකනුත් තියෙනවා. කොළඹට යන්න එන්නත් පුලුවන්. ආපු කෙනෙක් කවදාවත් ආපහු යන්නෙත් නෑ.

උඹ අදහස් කළේ කොළඹ නගරෙ ඇතුලත පදිංචි වෙන්නනං මම හිතන්නෙ නෑ ඒක හොඳ අදහසක් කියලා. කොළඹ නගරෙ පට්ට අජූතයි බං. හය වසරෙ ඉඳලා දැන් අවුරුදු 13ක් තිස්සෙ කොළඹ ගිහින්/ පදිංචි වෙලා තියෙන අත්දැකීම් අනුව කියන්නෙ.

අපේ පැත්තෙන් උඹට ඉඩමක් හොයලා දෙන්න බලන්නං. ආස නැද්ද පූස්ගමට එන්න?

Anonymous said...

මම මරුවා උනාට උඹේ ලිපියට හරි කැමතියි...
කොළඔ එන්න එපා සල්ලි නැත්නම්...
ගමේ ඉන්න එපා සල්ලි ඇත්තම්...

මරුවා

හිස් අහස said...

@කොට ජීවිතේ = මොනවා කරන්නද කියල මට හිතාගන්න බෑ .අනේ එයාල දන්නේ නෑ අනික උදේ පාන්දර ඕව උස්සගෙන ගිය හැකිය . ඒකනිසා ලඟ පාතට වීසිකරනවා
.....................................................................................................................................................
@අභීත = ඔයා ඉතින් බොක්කෙන්ම කියන්නේ කියලා මම දන්නවා . එන්නම් අයියේ එන්නම් . අනිවා එනවා උඹලව බලල යන්නම
.....................................................................................................................................................
@මාරයාගේ හෝරාව = මාරේ අයියා මම BIT අවසන් අවුරුද්ද ඉගන ගන්නවා . මේ අවුරුද්දෙන් ඒකත් ඉවරයි BIT Complete කරගත්තම මොකක් හරි හොයාගන්නවා . මම මේ අවුරුදු ගානම ඉගනගත්තේ . මගේ ගමේ ඉඳන්ම . මටත් උවමනාවක් තිබුනා කොලඹ IDM වගේ එකක ඉගන ගන්න . ඒත් දුර සහ මුදල් නිසා මම ඒ අදහස වල දැම්මා . අවුලක්නෑ . මටත් ඕන උනේ ඔයා මට දෙන උපදෙස කොයිවගේද කියලා බලාගන්න . මම බලාපොරොත්තු උනේනම් මේක නෙවෙයි . ඒත් ඔයා ලියලා තියන ඒව හරි . ඉඩම නම් ආයේ විකුනන්න හිතන්නේ නෑ .මම කොහොම හරි සල්ලි ටිකක් හොයාගෙන කොළඹට බැරිනම් ඒ ලඟපාතකට හරි එනවා . අපොයි දෙයියනේ . මම මොකදෝ කරන්නේ ? පොඩි කාලෙම දියුනු පලාතක ඉපදුනානම් කොච්චර හොඳද
.....................................................................................................................................................
Thusitha Jayasinghe = මටත් ගම අමතක කරන්න අමාරුයි ඒත් අලුත් ලෝකේ බලන්න තියන ආසාව වැඩියි .මචං !
.....................................................................................................................................................
@blog gadol = 100 ගැහුවට සුබ පැතුම් .ඔයා කියපු නගර වලට මම කවදාකවත් ගිහිල්ලා නෑ . මේ වගේ කරදර නැතුව යන්තම් ජීවත් වෙන්න තිබුනානම් ඇති හොඳටම . පූස් ගම කොහෙද තියෙන්නේ . ? උඹලා මාර ගුනයහපත් එල කිරි වගේ පූසෝ . ඒකනේ කවදාකවත් දැකලා නැති එකෙකුට හෙල්ප් එකක් දෙන්න ඉදිරිපත් උනේ . උඹලට වැඩි වැඩියෙන් ලැබියං ..!
.....................................................................................................................................................
@Anonymous = ස්තූතියි මරුවා . ඒක උපදෙසක් කියලා මම හිතාගන්නම් . ජය වේවා !!

පිණිබිඳු... said...

මම මගේ ජීවිතේ වැඩි කාලයක් ගත කලේ ගමේ. රස්නෙ කාලෙට පිච්චෙනවා. වැස්ස කාලෙට එපා වෙනවා. ඒත් ඉගෙනගන්න නගරෙට ආවම ටික කාලෙකින් තේරුනේ ඇල් වතුරෙන් හදන බත් එකට වඩා අම්මගෙ පොල් සම්බෝලෙයි බතුයි කොච්චර රසද කියලා. අහංකාරකමින් ගල් වෙච්ච මූණු වලට වඩා ගමේ මිනිස්සුන්ගෙ බුලත් කහට බැඳිච්ච හිනාව කොච්චර ලස්සනද කියලා. ඒසී කාමරේ කෘතිම සීතලට වඩා ගස් හෙවනෙ සිසිලස කොච්චර සුන්දරද කියලා. කොටින්ම නපුරු මිනිස්සු අතරෙ කඳුළු හිරකරන් ඉන්න එක කොච්චර අමාරු වැඩක්ද කියල දැන ගත්තෙ නගරෙට ආවට පස්සෙ.

Anonymous said...

@මාරයාගේ හෝරාව
මචං සඳරු, දිග වැඩි හන්ද මගේ කමෙන්ට් එකෙන් බොහොම අමාරුවෙන් කපල අහක් කරපු දේවල් බොහොම අපූරුවට මාරයා අයිය කියල තියෙනව. මේ කමෙන්ට් වල හරි ලස්සනට උපදෙස් දෙන අපිටත් ඔයිට වැඩිය දෙයක් කරන්න බෑ බං. බෙල්ල ගාවටම එරිල. මෙහේ රේස් එකේ අපි ගොඩක් දෙනා ඉන්නෙ අන්තිම හරියෙ. ගමෙන් එද්දි සාක්කුවෙ දාගෙන ආපු අන්තිම ග්ලූකෝස් ඩින්ග කනගමන්. උඹ හිතල බලහං උඹෙ කකුල් දෙක හයිය ඇතිද කියල මේක දුවන්න. ඒක නිසා පැල පදියන් වෙන්න කලින් රවුමක් දාල බලහන් මලේ. ආස හිතුනොත් නැවතියං, එහෙම නැතුව ආපහු වැටෙන්න තියන තැන නැතිකරගන්න එපා බං.

duliponline said...

මචෝ උඹේ පෝස්ට් කියෙවුවට අද තමයි කොමෙන්ට් එකක් දාන්න හිතුවෙ. මමත් කොලඹට ආවෙ කිලෝමීටර් 100ක් විතර දුරක ඉඳල තමයි. හරියටම කියනව නං අභියගෙ ගමට අල්ලපු ගමේ ඉඳල. මම උඹට කොලඹට එන එකේ හොඳක් වත් නරකක් වත් කියන්නෙ නෑ . . . . ඒක ඇවිල්ල උඹම තීරනය කරපං. හැබැයි මස්සිනේ මම උඹට එක දෙයක් පැහැදිලිව කියන්නං . . . . කොලඹට බැරිනං ඕනෙ මගුලක පලයං . . . හැබැයි ආපහු ඔලුව උස්සගෙන ගමේ ගෙදර ජීවත් වෙන්න බලාගෙන. නැතුව නිකං බොරුවට ගමේ තියන ඔක්කොම පරදුවට තියල කොලඹ ජීවත් වෙන්න හිතන්න එපා.
අභිය කිවුව වගේ ඕනෙම නං වරෙං දවස් දෙක තුනක් නතරවෙලා යන්න. පුලුවං සපෝට් එකක් දෙන්නං.

Unknown said...

අම්මෝ මටනම් දැන් මං මේ ඉන්න කොලඹ නගරෙට වඩා මං හිටපු ගම දාහකින් සැපයි ඔයා දන්නවනේ මගේ ගම මොකක්ද කියල මටනම් මෙහෙ ජිවිතේ එපා වෙලා ගමට වෙලා ඉන්න තිබ්බනම් කොච්චර හොඳද කියල හිතෙනවා එත් මට ඒක කරන්න බෑනේ මං කොහොමද ආපහු ගමට යන්නේ? ගියත් මට ආපහු එන්න වෙනවනේ ඔයා මෙහෙ ඇවිත් බලන්නකෝ ටික දවසකින් ඔයාට එපා වෙයි ඔයාට හිතෙයි ඔයාගේ ගම මීට වඩා කොච්චර හොඳද කියල

රත්ගමයා said...

කොහේද...දවස් 4කට පස්සේ අද තමා ගෙදර ආවේ...
මේකට මට මුලින් කොමෙන්ට් එකක් දාන්න තිබ්බ නම් හරි..මට කලින් කියන්න ඕන එව්වා උඩ ඈයෝ කියලා...හැබැයි අර බ්ලොග් ගඩෝල් කියපු එකට මම ලයික්.......

Dakshina said...

@හිස් අහස

මම හිස් අහස කියවන නිහඬ පාඨකයෙක්. :D හුඟ කාලෙක ඉඳලා ඔයාගේ බ්ලොග් එක කියෙවුවත් Comment එකක් දාපු පළවෙනි වතාව. මොකද මේ ලියුම හිතට වැදෙන්නම ලියලා තිබුණ නිසා. මේ ලිපිය කියෙවුවම මට මතක් වුනේ AL ඉවර කරපු ගමන් මම හිටපු තත්වේ... ඊට දශමයක වෙනසක් තිබුණේ නෑ. හැබැයි මචෝ මම ඔච්චර දුෂ්කර පැත්තක නම් නෙවේ.

මේ ඔක්කෝම කියෙවුවම මට කියන්න තියෙන්නේ එකම දෙයයි. කොළඹ වරෙන්. ඕන ආතල් එකක් ගනින්. ඒ වගේම ජීවිතේට දෙයක් එකතු කරගනින්. හැබැයි කවදාවත් ගමට යන පාර අමතක කරන්න එපා. එහෙම කරගෙන ජීවිතේම විනාස කරගත්ත මගේම යාලුවෝ සෑහෙන ගාණක් පහුගිය අවුරුදු තුනට මම දැක්කා.

එහෙනම් උඹේ සියලු ප්‍රාර්ථනා සථල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

Anonymous said...

Jeewetaya marai malli.. game enna minissu town ekata enna hadanawa.. town enna minissu gamata yanna hadanawa....

Good luck .... jeewete hena dakina minissu tamai ewa haba karaganne..

R

හිස් අහස said...

@පිණිබිඳු = මම මොනවා කරන්නද මගේ හිත වෙනසක් ඉල්ලනවා සහෝදරී . නගරේ ඉඳන් දුක් වින්දත් ගමේ ඉඳන් හිතෙන් දුක් වින්දත් ඒ දේකේම මට වැඩි වෙන්සක් නෑ . මම දවසක දුක්වේවි අපරාදේ මම මේ ගමට වෙලා උන්නේ කියලා .
.....................................................................................................................................................
@nawammawatha = මම හිතන්නේ නෑ නවම් අයියේ කොලඹ ඇවිද්දට මගේ හිතේතියන නාගරිකයෙක් වීමේ ආසාව අඩුවේවි කියලා . ඔයාට කියන්න මේ පලාතේ ඉන්න වයස අවු 20.25 කොලෝ කෙල්ලෝ වැඩි දෙනෙක් හරියට පරිගණකයක් පාවිචිකරන්න දන්නේ නෑ . ඉතින් බලන්න . මෙහේ ඉන්න මමත් කොලඹ පොඩි කොල්ලොත් දන්න දේවල් නොදන්නවා ඇති ..ඉතින් ..
.....................................................................................................................................................
@ඕනයා = අනිවා මම කොලොම්පුරේට එනවා මචං උඹලට කරදර කරන්නේ නෑ . හෙමිංම ඇවිදිල්ලා රවුමක් දෙකක් දාල යනවා . අවුරුදු උත්සවයට එන්න පුලුවන් උනොත් අනිවා උඹවත් අඳුනගන්න බැරි වෙන එකක් නෑ . අපි දවසක මීට් වෙමු .
.....................................................................................................................................................
@Thilini = ගොඩ කාලෙකින් නේද ? ඔයාගේ හීනය ඔයා හැබෑ කරගත්තා . මට මතකයි ඔයා ඉංග්‍රීසි පන්තියේදිත් ඔයාගේ එකම හීනය ගැන නිතරම කියනවා . දැං ඔයා කොලඹ . ලංකාවේ තියන දියුනුම නගරේ . අනික ඔයාට දැන් මොනවයිං අඩුවක්ද ? සහෝදරී මගේ හිත දැනටමත් ගමෙන් පිට ..ඔයාගෙයි මගෙයි ගම දැන් වෙනස් . දවසක ආයේ මෙහේ එන්න .
.....................................................................................................................................................
@රත්ගමයා = ඉකේයිය නැතුව , කට කැඩිච්චි කතාවක් නැතුව මම මාරම පාලුවෙන් උන්නේ . දැන් කියාපන් මලේ අපිට කන්දෙකේ ඇඟිලිගහගන්නම ..මමනම් උඹේ කැත කතාවලට මාරම ලයික් . "ඩොට් 2 සී "
.....................................................................................................................................................
@Dakshina = නිහඬ උනත් ඔයා යන එන හැටි මම බලාගෙන උන්නේ මිත්‍රයා . මම කොලඹ එනවා . හිතෙන්නම් දැනුත් එහේ . ගම අමතක කරන්නේ නෑ කවදාවත් , ඔයාගේ පැතුමට හදවතින්ම ස්තූතියි . මට ඕන ඒවගේ ගැම්මක් ..

හිස් අහස said...

@Anonymous

මේක හීනයක්ම වේවිද කියලාත් මට වෙලාවකට හිතෙනවා .නම නොදැම්මත් මගේ සයිඩ් එකේ ඉන්න එකට ඔයාට ස්තූතියි ...

සංකල්ප said...

අපෝ මල්ලි නගරේ වැඩක් නෑ මලයෝ. ගමට වඩා නගරේ හොදයි කියන්න එපා. මම නම් ආසයි ඔයවගේ ගමක ඉන්න . මල්ලිගේ ගම නම් මම දන්නවා. මොකද මල්ලි මුහුනුපොතේ ඉන්න හන්දා.

මකුළුවා..... said...

මචං සඳරු....
මමත් මේ ගැන ලිපියක් ලිව්වට අමනාපයක් නැද්ද?කොමෙන්ටුවක් දාන්න ගියොත් දිග වැඩි වගේ....

හිස් අහස said...

@මධුරංග = ඇවිදින් බලන්න මධුරංග අයියේ . මේ ගමේ ඔයා හිටියානම් කවදාකවත් අද ඔය ඉන්න තැන ඉන්න හිතන්නවත් පුලුවන්ද කියලා . මම ඉන්න තැන අමතක කරලා දාන්න
.....................................................................................................................................................

@මකුළුවා = උඹ එහෙම එකක් ලියනවානම් ඒක මට මාරම ආඩම්බරයක් මචං . .ඕක මගෙන් අහන්නත් දෙයක්ද ? හැබැයි උඹ ලියනවා කියලා නොලිය හිටපිය බලන්න ! ඇවිල්ලා බලෙන් ලියවනවා.. :)

ධරණි said...

මල්ලියේ උඹට කොළඹ එන්න අසාවක් තියේනම් මුලින්ම බෙබදු කම නවත්තහන්. නැත්තම් උඹ කොළඹ ආවම අම්ම අප්පා නෙමේ දෙවියෝ බූදුන් කිව්වත් ඕක නම් නවත්තන්නේ නෑ බන්. කොළඹ එන්නම ඕන නම් වරෙන් මුලින්ම ගම්පහ කළුතර දිස්ත්‍රික්ක වල තියන පැයකින් දෙකකින් කොළඹට යන්න පුළුවන් ( අපිට වගේ ) ගමකට ඇවිත් කුලියට වගේ හරි පදිංචිවෙලා බලපන් නැත්තම් උඹ කොළඹටම ඇවිත් ඉන්න ගියොත් උඹේ සාක්කුවටත් ලේසි පහසු නෑ මලේ. උඹ උඹටම බයියා කියාගන්නවට නම් මම කැමති නැ. හේතුවක් කිවතොත් උඹ දකින සුරපුරේත් ( කොළඹත් ) ඉන්නවා උඹට තරමට වත් හැකියාවක් නැති රස්තියාදු ගගහ විනාසවෙන එවුන්. උඹට බයියා කිවතොත් උන්ට කියන්න නමක් නැතිවෙනවා බන්. අන්තිමට කියන්න තියෙන්නෙත් උඹට කොළඹ එන්න ආසාවක් තියේනම් දැන්ම හිටම රෑට රෑට බොන බීම නවත්තල ඒකට කරන වියදමත් නවත්තගෙන ඉතුරු කරගනින් උඹේ ආසාව ඉටු කරගන්න මතු ප්‍රයෝජනේට ගන්න. උඹේ ආසාව ඉක්මනින්ම ඉටු වේවා..!

හිස් අහස said...

@ධරණි ඇයි අක්කේ මට හැමෝම කොළඹ එන්න එපා කියන්නේ ? මෙහේ තියන තත්වයයි කොළඹ තත්වයයි අතර ඒතරම් වෙනසක් නෑ වගේ . ඔයාට කියන්න දවල් වරුවේ අපේ ගෙදරට කරන්ට් එක නෑ . මේ පලාතේ වටිනාකම නිසා තමයි . ෆෝන් තිබුනට පාවිචි කරන්න බෑ . ටීවී තිබුනට බලන්න බෑ .. වාහන තිබුනට යන්න බෑ . ඔන්න ගමේ ලස්සන . මගේ යාලුවෝ ගොඩ දෙනෙක් කොළඹ ගිහිං දියුනු වෙලා ඉන්නවා කියලා මට ආංචියි . සමහරවිට මම ඇනගනීවි ..ඒත් අක්කේ මේ දුප්පතාට එක සුබ පැතුමක් දෙන්න .පොඩි එකාගේ ආසාවනේ . ඔන්න ඔහේ එකපාරක් ගිහිං බලනවා . අක්කට ස්තූතියි!!

ධරණි said...

කොළඹට වරෙන් මලේ. වතුරට බැහැලම ගැඹුර දැනගනින්. ඒකයි උඹට කිව්වේ කොළඹට ළඟ ගමක හොරණ, වස්කඩුව, බණ්ඩාරගම, ගෝවින්න, වේයන්ගොඩ මිනුවන්ගොඩ, නිට්ටඹුව, මිරීගම, මීගොඩ, ගම්පහ, රාගම ඒ කොහෙහරි පැත්තක පදිංචි වෙයන් කියලා. ( උඹට හානියක් නැති වෙන්නයි / map 1ක් අරන් බලහන්, උඹට දවසගානේ කොළඹ යන්න පුළුවන් දුරක පදිංචි වෙයන් ) ජොබ් 1 ක් හොයාගෙන හිමිට දියුණු වෙයන්. යාලුවෝ වගේ කොළඹ ගිහින් දියුණු වෙන්න ඕන නම් උඹ ජිවිතේට ආදරේ කරහන්. ගමෙන් ම බිම නවත්තහන් මලේ. කොළඹ ආපු දවසක පෝස්ට් 1 ක් ලියහන් උඹට දැනෙන දේ කියලත්. උඹේ අහිංසක පැතුම ඉක්මනට ඉටු වේවා.

දීඝායු said...

මට තේරෙනවා බං උඹට කොච්චර ඕක දැනෙනවද කියල.. පොඩි අදහසක් දෙන්නද? දැන් උඹ කියන විදියට උඹේ ගමයි කොළඹයි කියන්නේ අහසට පොලව වගේනේ. එක සැරේට පොලවේ ඉඳන් අහසට පනින්න හදන්නේ නැතුව, ටිකක් මගට පැනපන්.. එතකොට උඹට එක සැරේට ලොකු වෙනසක් අත්විඳින්න වෙන්නේ නෑ වගේම යම්කිසි විදියකින් ඇනෙන්න ගියොත් පොඩි හෝ ගොඩ ඒමේ චාන්ස් එකකුත් තියේවි. ගාල්ල, මාතර, පානදුර, රත්නපුරය වගේ, හැමදේම වගේ තියෙන, ඒත් කොළඹ නොවෙන දිහාකට.. හිතල බලපන්..

Podi Kumarihami said...

මේ මෙල්බන් සැලකෙන්නෙත් නගරයක් හැටියට තමයි. ඒ පැත්තේ එන්න එහෙම අදහසක් තියනවද?

Maleesha said...

බත් දාගෙන කන්න පුළුවන් පාරක් මේ රටේ කෙහේ හරි තියෙනවා නම් කියන්න. මමත් කොළඹ ඒත් මට නම් මේ රටේ හොදයි කියන්න පාරක් නම් අහුවෙලා නෑ. කොන්තරත්කාරයො හොරට පාරවල් හදන්නේ... පේමන්ට් එකේ කොන්කීට් කෑලි ඇදවෙලා කකුල හැපිලා වැටෙන්නත් යනවා. කොළඹ කියලා ඒ හැටි හෙදක් නෑ. දැන් ගමත් නගරයත් එක වගේ වෙලා

හිස් අහස said...

@ධරණි = අක්කේ මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් මම කොලඹ ඒවි .මට ගොඩක් අය කීවා කොළඹ යන්න එපා ඒ ලඟ ටවුමක නතර වෙන්න කියලා . ඉතින් එහෙම කියන්නේ මොකහරි හේතුවක් ඇතුවනේ . මම ඒක හිතලා බලනවා . බොන එක ගමේ ඉඳන් නතරකරන්න කොහෙත්ම බෑ අක්කේ .මම නගරෙට ගියත් ලිවිල්ල නතර කරන්නේ නෑ ..අනිවා ලියනවා ..ස්තූතියි ..
.....................................................................................................................................................
@දීඝායු = බොකු බඩවැල් පුරාවටම දැනිලා බං ඉන්නේ . ගොඩක් අය කියන එකේ මමත් කොළඹම නොගිහින් ඊට ලඟින් පදින්චි වෙන්න හිතාගෙන ඉන්නේ . ඒත් කොළඹට ලඟින්ම ඉන්නයි මම කැමති .ඇත්තම මම ඇනගනීවිද ? අනේ මන්දා බං . ඇනගත්තොත් මට උඹලව මතක්වෙයි..අනේ මුං මට මේක කිවුවා නේද කියලා .
.....................................................................................................................................................
@Podi Kumarihami = බුදු අම්මෝ . මම වලවු කාරෙක් නෙවේ අනේ ඔය පැත්තට එන්න .අනික මම කැංගරුවන්ට බයයි
.....................................................................................................................................................
@Maleesha = කොළඹ කාපට් පාරවල් තියන නිසයි මම එහෙම කිවුවේ . අපේ පැත්තේ පාරක් දැක්කොත් ඔය පාරක අගේ ඔයාටත් නිකම්ම වැටහේවි .අම්මපා මේපැත්තෙත් ඔය කොන්ත්‍රාත් කරයෝ හදපු පාරවල්වල තාටාක වල අලි බැහැලා නානවා .

Anonymous said...

උඹ එක පැත්තකින් සමාජ විරෝධී අදහස් වලටත් තවත් පැත්තකින් තමන්ගෙන්ම පලි ගන්න තැනකටත් තල්ලු වෙලා කියලා මට හිතෙනවා. ඔය විදියට නම් ජීවිතය ජය ගැනීම ලේසි නෑ. උඹට තියෙන ප්‍රශ්න අපිට නෑ. හැබැයි උඹට නැති ප්‍රශ්න අපිට තියෙනවා. ජීවිතය දුකයි කියන බුදු වදන ගමේද නගරයේද කියන එක උඩ වෙනස් වෙනවා කියලා මම නම් හිතන්නෙ නෑ.

තාරක Dilsh@n said...

යන්න අයියේ ගිහින් ඔයාගේ හීනෙ හැබැ කරගන්න බලන්න. ඔයා ඔය ඉන්න තත්වෙත් එක්ක එපා කිව්වට හරියන්නෙ නෑ. ඒ අත්දැකීම විඳලම බලන්න ඕනෙ. සුබ පතනවා, ඔයාගෙ නිර්ව්‍යාජ අදහස් වලටත්.
කොලඹ ගියත් ගමට එන පාර අමතක කරන්න එපා. මොකද ජීවිතයේ දවසක ආයෙ ඔයාට ගම ඕන වෙයි.
කෙලින්ම කොළඹට නොයා ගම්පහ වගේ පැත්තකට යන්න බලන්න මුලින්ම.
ජය!!!!

Unknown said...

නියමයි, පට්ට, මරේ මරු!!.. පරිස්සමින් කරන දෙයක් කරන්න. හෙන වලින් බේරිලා. උබලගේ ගමට හෙන නම් පාත් වෙන්නේ නැතිව ඇති. ඒත් වැහි නැති 1ක් වත් ආවොත්.

Anonymous said...

ඔන්න පුතේ උඹ ගමේ හිටියත් උඹේ ලිපියක් ජාතික පුවත්පතක ප‍ළ වෙලා. ඕක තමයි කියන්නේ කොහේ හිටියත් වැඩ කාරයට බොරු බෑ කියලා !!!!!!!!!!! :)

- සීයා -

පිස්සා පලාමල්ල said...

මම මොකුත් කියන්නෙ නෑ බන්. ගමේ එක නගරේ යන්න හදනවා.. නගරේ එකා රට යන්න හදනවා... රට ඉන්න එකා ගමට යන්න හදනවා... ඔය කොයිකෙවත් පිටින් පේන ලස්සන නැහ බන්.

අප්සට් said...

කොහේ යන්න හෑදුවත් උබ කවදහරි ආයෙමත් කෑරකිලා ගමටමයි එන්නෙ සහෝ.ගමේ මිනිස්සු එකතු උනා නම් උබේ ගම සුරපුරයක් කරන්න පුලුවන් ශක්තිය උබලට තියනවා.කොලඹ ඉන්න ලොකු ලොක්කෝ MC,KFC ගිහිල්ලා දාස් ගනන් වියදම් කලාට උනුත් ඉන්නේ මහ ගිනිගොඩක් මචෝ.නගරෙට ගිහින් කොන්ක්‍රීට් කෑලේ අතරමන් වනවාට වඩා උබ හිර වෙලා ඉන්න කෑලේ දාස් ගුනයකින් වටිනවා.උබ නගරෙට පලයන් ඒත් ගමේ තියන දේ විකුනලා යන්න එපා.දුවලා දුවලා හති වෑටුන වෙලාවක ඈවිල්ලා හිත නිවා ගන්න තියන එකම තෑනත් නෑති කරගන්න එපා.

MUHUDU said...

සඳරු, අද තමයි මම මේ බ්ලොග් එකට ආපු පලවෙනි පාර. මේක මට මිට කලින් හම්බුනේ නැත්තේ ඇයි කියල මම තාමත් හිතනව. හෙට විභාගෙකට ලැස්ති වෙන ගමන් කම්මැලි කමට බ්ලොග් කියවන්න ආවම මේ පැත්තෙ ආවෙ. මුල ඉඳන් දිගටම කියවනව. මේ ලිපිය කියෙව්වම මටත් මතක් උනේ මට ඒ දවස් වල තිබ්බ උන. මම ඉපදුනේ කොළඹ, හැදුනේ වැඩුනේ කොළඹ. මට ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන් තිබ්බ ලොකුම උන තමා රට යන එක. දැන් ඉන්නෙ රට. හැබැයි දැන් තේරෙනව දෙකේම හොඳ නරක දෙකම සමබරව තියෙනව කියල. ඒක නිසා මලයො අමතක කරන්න එපා ඔය කොයි නගරෙකවත්, රටකවත් සදාකාලික සැපයක් නෑ. හැබැයි උඹේ උනන්දුව නැති කරගන්න එපා. අරමුණ වෙනස් කරගන්න එපා. කියමනක් තියෙනව 'it takes a rough sea to make a good captain' කියල. (මට ඉතින් කොහොමත් ඔය මුහුදට සම්බන්ද ඒව මතක හිටිනවා වැඩි. හික් !) ඒක නිසා අපිට හම්බුවෙන බාධක මැදින් ඒවායෙන් තවත් ශක්තිමත් වෙලා ඉස්සරහට යන්ඩ අපි ඉගෙන ගන්ඩ ඕනෙ. උඹට ජය!

රවින් said...

ඔන්න මචන් මමත් උඹේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා කියලා විශ් කරනවා... කවුරු මොනවා කිව්වත් තමන්ගේ ආතල් 1 දන්නේ තමන් නේ බං

Anonymous said...

උඹ බොන්නේ තනියෙම නේද ඕව ඔලුවට එන්නේ ඒ වෙලාවටනේ මොන වුනත් උඹේ කතාව හරි උඹ කියන විදියට ගමේ ජීවිතේ මහා තිත්ත එකක් වෙන්න ඕන හැබැයි එක සරල ජීවිතයක් මචන් උඹ කොළඹ සුරපුරය වගේ දැක්කට ඒ සුර පුරේ අස්ස හැරෙන්න පෙරෙලන්න මාර ගේමක් දෙන්න ඕන බන් ඒ මොනාවුනත් නගරෙක ඉපදෙන එක වාසනාවක් කියන කාරනේට මාත් එකඟයි

මැරා... said...

සදරැ සහොදරයා මගේ වචන වලට උබ අවුලක් ගන්න එකක් නෑ කියල හිතෙනවා දැන්නම් මට උබ මගේම සහොදරයෙක් වගේ......මම උබට මේහෙම කියන්නම්..........."උබ මේ මගුලක් කියනවා මගේ ගෙදර ඉදලා කොලඹට රැ 30.00.එත් මමත් තාම කොලඹ ගිහින් තියෙන්නේ හතර පාරයි"එ ගැන හිතන්න එපා ඔය හිනය ඉක්මනටම හැබෑවෙයි.මචන් සදරැ උබ අයෙත් කොලඹ එන දවසක මටත් කියපන් අනිවා කොහේ හිටියත් මමත් එනවා.මම දන්න කියන තැනක් තියනවනම් උබටත් පෙන්නනවා...

සමීර said...

මම නම් හිතන විදියට සදරු මල්ලි ඉන්නෙ අම්පාරෙ..මම හරිද?

pasindu mihiranga said...

අය්යෙ මම මෙච්චර කාලයක් මේ බ්ලොග් එක කියෙව්වට කොමෙන්ටුවක් දාන්නනම් පුලුවන් උනේ නෑ ඒකට සමාවෙයන් ..... ඔයගේ ඔච්චර ලස්සන ගමේ නම කියන්නකෝ ............. අනිත් එක ඔයා කොලබට ආවා කියලා තතපරයට 100/Kb ස්පීඩ් එකක් එන්නෙ නම් නෑ
මට උබලගෙ ගම බලාගන්න මාර ආසාවක් ආවා අය්යෙ මේ නිවාඩු කාලෙ එන ඕනි කට්ටක් කාගෙන ඔය ගම බලන්න එන එක එනවාමයි ........ මට උබලගේ ගමේ නමයි තියෙන තැනයි කියපන් මම අපේ කොල්ලොත් එක්ක බස් එකේ හරි එන එක එනවාමයි .....

හැබයි අපිට එකෙන්ම කන්න ඕනි ෴෴෴෴ :D

නෙතු මායිමෙන් ඔබ්බට -Beyond the eyes sight said...

.උබලගේ ගම ඇතුළු සියලුම පළාත් වල දැනට 3G කරගෙන යනවා ...තාම tower construction යන්නේ ... 2G+ ... තව කාලයක් යාවි ... වැඩේ පේනවට වඩා amarui සදරු ..
මමත් උබේ ගම පළාතට හරිම ආදරෙයි... නුවරට පස්සේ ලස්සනම කෙල්ලෝ ඉන්නේ ඔහේ... මමත් කෙල්ලෙක් අරන් ආවේ ... ඉක්මනටම දියුණු වෙන්න ඕනි පැත්තක් ... මම ඔය පළාතේ දුක හොදටම දන්නවා ...
හරිම හොද මිනිස්සු ඉන්නේ ..
පස්සේ හම්බ වෙමු ...
උබට ජය...

Charith Samarakoon said...

උඹ මහ පරාජිත මානසිකත්වයකින් ඉන්නෙ...profile එක දැක්කම හිතෙනව...මං දන්නෑ උඹ දැන් ඉන්නෙ කොහෙද කියල...හීන පස්සෙ දුවල හැබෑකරගනින්...අතාරින්නෙපා...
මටත් කොළඹ ජීවිතේනම් නීරසයි...හැබැයි උඹ බයියෙක්නම් නෙවේ...ගම හැදේවි අයියෙ අදහෙටම...දැනටත් ඔය පැත්ත හදාගෙන යනවනෙ...

Anonymous said...

ane mata sinhala liyanna sinhala akuru nam na,mata oya gana hith ganna ba.me man blog1 k asawen kiyawapu palweni wathawa.
matath gama ,nagaraya ,rata okkoma epa wela meeta awrudu 1.5 kata kalin katu kala poliyalata salli aragena Australiyawata igana ganna student visa walin apu oyata wada awruddak wadimal akka kenek.
mata oyage duka therenawa.
plzz bonna epa,oya bonakota ammata kochchara duka athida?
oyage hama hinayakma saba wenna oni.anika nangita kiyanna yaluwo hamadama laga na kiyala..good luck..

Sandaruwan said...

ඇත්තටම මේක කියවනකොට පපුව ඇතුලෙන් කට්ටකින් අනිනව වගේ දුකක් දැනුනා.. උඹ සිහින දක්න දේවල් අපි උදේ හවා අත්වින්දත් ඒවයෙ අගය කොච්චරද කියල වැටහුනේ මේක කියෙව්වහම. ඇත්තටම මට හිතුන දවසකට හරි උඹට මේ දේවල් අත්විඳින්න දෙන්න පුළුවන් කමක් ලැබුනනම් කියල.. හැමෝටම හොඩක් හීන තියනවග ඒත් සැබෑ වෙන හීන අඩුයි. කාට හරි කෙනෙකුගේ හීනයක් සැබෑ කරන්න පුළුවන්නම් ඒක ගොඩක් වටින දෙයක්. හැබැයි එක දෙයක් කියන්න ඕනෙ භෞතික සම්පත් අඩු උනා කියල නගරයකින් ලැබෙන්නෙ නැති ගොඩක් දේවල් ගමකිවන් ලබා ගන්න පුළුවන්.. ඒක කියනවට වඩා නගරයට ආපු දවසක ලැබෙන අත්දැකීම් වලින් වැටහේවි.. කවදාකවත් ඉන්න තැන විකුණල නගරයට යන්න එපා.. මුදලක් හම්බකරගෙන ඒ මුදලෙන් හීන හැබෑ කරගන්න උත්සාහ කරන්න. මොකද මම දන්නව කොහේ ගියත් අන්තිමට තමන් හිටපු තැන කවද හරි මතක් වෙනව.. අන්න එදාට ඒ තැන අපේම වෙලා තිබුනොත් එදාට හිතට දැනෙන සැනසීම නගරෙට ඇවිත් ලක්ෂ ගණන් මුදල් හම්බ කලත් ලබා ගන්න බැරි වේවි. සඳරු මල්ලි ඔබේ සියළු බලාපොරාත්තු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා. ජය!

Nuwan Kithmal Warawita said...

Same story in Sunday Lakbima Newspaper. It is totally upto u to decide whether village or town is better.

වරුණ said...

සිරා කථාව මල්ලි මං අද අව මේල් එකකින් ඔයගේ බ්ලොග් එකට අවේ. මං ඔයාට එකහිතින් පාර්ථනා කරනවා ඔයගේ හීනේ හැබැ වෙන්න කියලා. මත් ඔයා වගේ ගමේ බයියේක් මන් කොළඹට අවේ 2000 අග භාගේ ඇත්තටම මායි මගේ පවුලේයි ඉරනම කනපිට හැරෙවුවේ මගේ ගමනේන් මට නම් ඇත්තටම හදවතින් උදවු කරපු කට්ටිය හිටිය ඉන්නවා මෙ ගෙන්දගම් පොලවේ හැබැයි මලේ මතට තිත තියලා එන්න හොඳේ

Anonymous said...

mona naththath nidahase bonna thiyanawane bn kolaba apita ehema chance ekak koheda hamathanama polisiyen

ටීම් ට්‍රැවලර්ස් said...

සඳරුවා....
මම උපන්න දා ඉඳං ඉන්නේ කොළඹ. හැබැයි මම කලින් කීවා වගේ මුළු ලංකාව ව්අටේම ඇවිදින එක තමා මගේ විනෝදාංශේ. කොළඹ ඉන්න එකා ගමට ආවාම කියනවා අනේ ගම කොච්චර හොඳද. කොළඹ වගේ ජරාව නෙමෙයි කියලා. ගමේ එකා කියනවා කොළඹ එන්න තිබුනා නම් කොච්චර හොඳද කියලා.

මම නම් සඳරුවෝ ඔය දෙක්කටම එකඟ නෑ. ඔය දෙපැත්තේම අපිට පෙනෙන වගේම නොපෙනෙන ප්‍රශ්න ගොඩාක් තියෙනවා. මම ඒක අත්දැකීමෙන් විඳලා තියෙන දෙයක්.

කොහොම හරි උඹ කොළඹ එනවා නම් මමත් මනාපයි. වෙන මොකටවත් නෙමෙයි. උඹත් එක්ක අඩියක් ගහන්න සෙටාර් වෙන්න පුළුවන් මාසෙකට සැරයක්වත්.

නවෝ!

Anonymous said...

hariyata hari colabata awith onna oya uda innawa wage unta set unoth uba iwarai

පාර දිගේ - Paara Dige said...

කොලුවෝ,

දැන් දවස් දෙක තුනකට කලින් තමයි මම උඹේ බ්ලොග් එක දැකල කියවන්න ගත්තේ, අපේ මායියා පෙන්නලා. අලුත්ම පොස්ට් එකේ ඉඳල පල්ලෙහට කියෝගෙන ගිහින් මෙතන නැවතුනා.

මේ වෙනකොට මම කියෝපු හොඳම බොල්ග් එක උඹේ එක තමයි. ඒ වගේම මම දැක්කා උඹට ඒ වෙනුවෙන් සම්මාන පවා හම්බුවෙලා තියනවා. උඹේ පොස්ට් වලට මිනිස්සු මෙච්චර කැමති වෙන්න හේතුව මට තේරෙන විදිහට නම් උඹ ගම ගැන නියන නිසා. හන එකාම කොයි දීපන්කරේ හිටියත් ගම දකින්න කැමතියි. තමන්ගේ ජාන පටන් අරගෙන තියෙන්නේ එතනින් නිසා.

මේ වෙනකොට උඹ මේ පොස්ට් එක ලියල අවුරුදු දෙකහමාරක් විතර වෙන හින්ද උඹේ අදහස් දැන් වෙනස් වෙලාද දන්නේ නැහැ. එත් උඹට කියන්න ඕනේ දේවල් ටික බොහොම අපූරුවට මාරය අය්යා කියල තිබ්බ. ඒ වගේම තමයි කොල්ලෝ, උඹට ඕනේ කම තියනවා නම්, කොළඹ විතරක් නෙමෙයි කරදිය වළල්ලෙන් එහාට ගිහිනුත් දේවල් බලා කියාගන්න පුළුවන්. ඒ පනින හැම පිම්මකින්ම උඹට තේරෙයි, උඹ මෙච්චර කලක් දැකපු විදිහට වැඩිය වෙනස් විදිහට ලෝකේ කැරකෙන බව. තමන්ට හොඳයි කියල හිතෙන විදිහට ලෝකේ කැරකෙන තැනට අවහම නැවතිලා බලපන් එතනද උඹේ තැන කියල.

ඒ වගේම අන්තිමට කියන්න ඕනේ, ඔය ගමනේදී, මීට කලින් කෞදෝ කියල තියන විදිහට සෙට් වෙලා ෂොට් එකක් දාන්න 'විතරක්' බලාගෙන ඉන්න එව්වන්ගෙන් බොහොම ප්‍රවේසම් වෙයන්. අපි හැමෝම ගොඩක් එවුන්ට ඒ වගේ තමයි...

Anonymous said...

machan meka neda lakbima paper eke giya blog eka.eka balala thama mama mulinma umbe blog eka baluwe mage hithe.eta passe kalekta baluwe ne.dan lapak tiyena hinda balanna puluwan..umba dan wadiya liyan nadda ban.ehema karanna epa.liyana eka thama ban umbe ananyathawaya.umba kiyanna wage umba game bayyek nam ea bayyata tiyena hondama identitiya thama ban umbe livilla.blog hari newspapaer,magazine mokak hari media ekaka liyapan hari...ravi(Malaysiya)

Post a Comment

තැන්කූ බං