7.3.11

නිල්වන් නෙතු සඟලකට පැරදුනෙමි .

     


           ආදරනීය සහෝදර වරුනි , සහෝදරියනි . මං අද ඔයාල කියන්න යන්නේ ටිකක් වෙනස් කතාවක් .! මේ කතාව මගේ ජීවිතේ අමතක නොවෙන සිදුවීමක් අද මම ලොකු කරදරේක. ඕනනම් අහන්න . පුලුවන්නම් උදවුවක් කරන්න .

සතියක් විතර එක දිගට මොනවත් ලියන්නේ නැතුව හිටියේ මෙන්න මේ ප්‍රශ්නය නිසා !. නිදා ගන්න ගියාට නින්ද යන්නේ නෑ !. කන්න කියලා ගියාට කන්න බෑ !. කක්කුස්සියට ගියාට එතන වැඩේ කරන්නත් බෑ !. මම හැම පැත්තෙන්ම හිර වෙලා . සමහරවිට හිස් අහස කියවන ඔයාලට පුලුවන් වේවි මට උපකාරයක් කරන්න . මම කතාව කියලම ඉන්නම්

මේ හැම දේම සිදු උනේ . පහුගිය සතියේ අඟහරුවාදා ..........................................

උඩින් පල්ලෙන් ඇස්දෙක ඇරලා කොට්ටෙට යටවෙලා තිබුනු ෆෝන් එකෙන් වෙලාව බැළුවා . වෙලාව උදේ 7 යි . අද වැඩට යන්න පරක්කුවෙලා . වෙනදා තරම් වැඩට යන්න පිරියක් නෑ .. . ඔන්න ඔහේ වැනි වැනී ලිඳ ලඟට ගිහිං වතුර බාල්දියක් ඇදලා මූන හේදුවා . වතුරත් වෙනදාට වඩා සීතලයි . දත් බෙහෙත්වල රසත් අමුතුයි . ඉතින් ඕන දෙයක් කියලා සීතල වතුරෙන් නාගත්තා . බාල්දියට කක්කුට්ටෙක් ආවා ඉතින් මට අසභ්‍ය වචනයක් කියවුනා .ඔන්න මම.. නාල ඉවරයි ..

තේ බොන්න ගියාම අම්ම ගෑස් ටැංකියත් එක්ක සෙල්ලම් කරනවා . අනේ පුතා තේ හදන්න විදිහක් නෑ ගෑස් ඉවරයි . ඉතින් මල පයින්නේ නැතුව තියේවිද ? . ටිකක් තරහ ගියා . මම බුම්මගෙන ගිහිල්ලා . කිරි පිටි බෝතලේ ඇරලා . පිටි ජිංඩක් කාලා . සීනි ටිකක් කාලා .වතුර උගුරක් බීවා . මම පොඩි කාලේ ඉඳන් කන්න ආස කෑමක් ..සීනියි පිටියි ..!

"අද කෑම කඩෙන් කන්න පුලුවන් නේද ? අම්මා අහනවා !

බීල බීල අතේ සතේ නෑ කියලා කියන්නේ කොහොමද ? රුපියල් 1000ක් නැති උනා කියලා කියන්නේ කොහොමද ? . ඉතින් දෙයියනේ මමත් බැරි බැරි ගාතේ "හ්ම්" කිවුවා . ....

ඉතින් මම මේ වහින පොද වැස්සේ තෙමීගෙන වැඩට ගියා . මම ලඟදී වැඩකරන තැන ඇතිකරගත්ත ආරවුල මතකද ? . එදයින් පස්සේ මට වැඩට යනවා කියන එක තිත්ත කසාය බොනවා වගේ වැඩක් . ඒත් තව ටික දවසක් වැඩට යන්න හිත හදා ගත්තා . .. මම එදා රන්ඩු වෙච්ච දවසේ . ඒ සිදුවෙච්ච සිදුවීම කලු සුදු ටීවී එකක මාරු වෙන රූප රාමු වගේ විටින් විට මගේ ඇස්වලට ඉදිරියෙන් මැවිලා පේන්න ගන්නවා . ඒ සිදුවීම මතක් වෙන මතක් වෙන වාරයක් ගානේ තව තවත් තරහ වැඩි වෙනවා . අඟේ මාළු නටනවා ! .

බයික් එකෙන් බැහැලා හෙල්මට් එකත් අතේ අරගෙන Institute එකට ඇතුල් වෙනකොටම මොකක් හරි වැඩක් පැටවෙනවා . සමහර වෙලාවට වැඩ කීපයක් . සමහර වෙලාවට එක දිගට පැය 6 උගන්වන්න වෙනවා . එකක් ඉවර වෙනකොට තව එකක් ඒක ඉවර වෙද්දී තව එකක් . එදාට මට ජීවිතේම එපා වෙනවා . ඔන්න ඉතින් අද මට කන්නත් නෑ .! අදනම් මහ එපා ම කරපු දවසක් වේවි ! . මම තනියම හිතුවා . ඒත් මටම පුදුමයි . අද පුදුම ලස්සන දවසක් උනා . මට අමතක නොවෙන දවසක් උනා .


පහත සිදුවීම ස්ලෝ මෝෂන් ලෙසින් සිදුවූ බව සලකන්න ...

මම ෆයිල් එකක් පෙරල පෙරල හිටියා විතරයි එක පාරටම .......! මම මේ අවුරුදු 22 ටම දැකලා තිබුන ලස්සනම ඇස්දෙක ! මගේ ඉස්සරහින් ඇවිදගෙන ගියා . මාව සීතල උනා . මට හුස්ම ගන්න අමතක උනා (මොහොතකට) මට කතාකරන්න ඕන උනත් දිව ගල් වෙලා !. අතපය හොල්ලන්න බෑ එවුවත් ගල් වෙලා !. මට මොනා වෙලාද ? . මොහොතකින් මම ගල් බවින් මිදුනා . ආපහු සාමාන්‍ය සඳරු බවට පත් උනා ..ඒත් මම කල්පනා කලා මේ මොකද මට උනේ කියලා . දිගටම කල්පනා කලා . අන්තිමට මට තේරුම් ගියා මම මගේ ජීවිතේ හතරවෙනි වතාවටත් ආදරේ කරන්න සූදානම් වෙනවා කියලා . ඒ මගේ ඉස්සරහින් ගියේ මම මගේ ජීවිතේටම දැකපු ලස්සනම කෙල්ල . මගේ කලින් කෙල්ලත් ඒතරම් ලස්සන නෑ . ඒ ආඩම්බර ගමන . දිගම දිග කොන්ඩේ . රෝසපාට හැට්ටේ . රෝසපාට සාය .ඒත් ඒ ඔක්කොටම හපන් . ඒ නිල් පාට ඇස් දෙක ඒ ඇස් වෙනුවෙන් මට . මොනාද කරන්න බැරි . ? ගෙදර යද්දිත් මග දිගටම හිතුවා එයා ගැන . නාන අතරේදිත් . කන අතරෙදිත් . නිදාගන්න අතරේදිත් මම එක දිගටම එයා ගැන හිතුවා . මම එයා ගැන දිගටම හිතුවා . මහ රෑ 12 වෙනකම්ම හිතුවා . හැබැයි රෑ 12 ඇන්ජලීනා ජොලී ගැන හිතුවා ! . 12:05 ට ආයේ එයා ගැන හිතුවා . ..

අන්තිමට මම තීරණයක් ගත්තා . මම ඒ කෙල්ලට ආදරේ කරනවා! .ඔවු මම ට්‍රයි කරනවා .! එයා අපේ Institute එකේ ඉගන ගන්න කෙනෙක් නෙවේ ! ඒක නිසා මම එයාව මගේම කරගන්න ට්‍රයි කරනවා .

අන්තිමට මම තීරණය කලා මේ කතාව මට ඉන්න හොඳම මිතුරියට කියන්න කියලා එයාගෙන් උපදෙස් ගන්න . මම වහාම මූනු පොතට බැහැලා එයාව සෙට් කරගත්තා .එයාට මේක කියලා ලොකු උදවුවක් ගත්තා .උපදෙස් ගොඩක් ගත්තා . ..හරි දැන් මම ඕන දෙයකට සූදානම් .

පහුවදා උදේම මම අවදි වෙලා වැඩට ගියා . මම මුලින්ම කලේ අපේ Institute එකේ වැඩකරන අක්කලා දෙන්නව හම්බවෙච්ච එක . එක අක්ක කෙනෙක් උසයි කෙට්ටුයි රිටක් වගේ, අනික මිටියි බතලයි .

මම = අක්කලා මට ඔයාලගෙන් උදවුවක් ඕන

අක්කලා = කියන්න සඳරු අපි ඔයාට නොකරන උදවුවක් නෑනේ

මම = - මට අර අඟහරුවාදට යන එන කෙල්ලව ඕනි . ඔයාලත් එක්ක එයා ෆිට් නේද ?

අක්කලා = අපිත් එක්ක නම් නියමෙට ෆිට් එයා ඔයාට හොඳටම ගැලපෙනවා . අපි උදවු කරන්නම් ..


ඔන්න ඔය විදිහට මම මගේ ආදරය බඩජාරි කෙල්ලෝ දෙන්නෙකුගේ අතේ තිබ්බා . දැං මුන් දෙන්නගේ වැඩේ මගෙන් කන්න බොන්න ඉල්ලන එක . පලවෙනි දවසෙම මුන් දෙන්නා මගෙන් සෑහෙන ගානක චොකලට් කෑවා .,... උස කෙල්ල මම යනකොටම බඩු ලැයිස්තුව දික්කරනවා .

"එයාව සෙට් කරලා දෙන්නම් මේන්න මේව ගෙනල්ල දෙන්න .

ඕකේ දෙකයි ,ශීතකරනයේ තැබූ සුදු චොකලට් දෙකයි . ඉතින් මමත් හූල්ලලා ඕව ගිහිල්ල දුන්නා . හවසට කාලක් ගහන්නවත් දැන් අතේ සල්ලි නෑ . අද මට පේර ගේන්න කිවුවා .පේර කඩන්න ගිහිං මම ගහෙන් වැටුනා අනූ නවයෙන් බේරුනා ...

මම පේර ගහ ලඟට ගිහිල්ලා උඩ බැලුවා . පේර තියෙන්නේ ගහේ මුදුනෙම . මමත් ෆෝන් එක සාක්කුවේ දාගෙන ගහට බඩ ගෑවා අපේ ගෙදරට සමහර වෙලාවට සිග්නල් එනවා හොරයි .මම පේර ගහ මුදුනට නැග්ග හැටියේ ෆෝන් එකට සිග්නල් ඇවිල්ලා . මිස් කෝල් ඇලට් වගයක් වයිබ්‍රේට් සමගින් එන්න පටන්ගත්තා . සාක්කුවේ තිබුනු ෆෝන් එක දෙදරන කොට මට හීනි කිතියක් ආවා (දන්නෝ දනිති) . මම එහෙට මෙහෙට දඟලනකොට . මම ගහෙන් වැටුනා (පේර ගහෙන් බව සලකන්න) මම ඉක්මනට නැගිටලා බලනකොට මම වැටිලා තියෙන්නේ පොලවේ ඇනලා තිබුනු පොල් උලට අඟල් කීපයක් මෙහාට වෙන්න . නූලෙන් බේරුනා ..!

හිස් අහස බලන ඔයාලගෙන් මම මීට කලින් උදවු ඉල්ලලා නෑ . අද මම උදවුවක් ඉල්ලනවා . මම මේ ලියවිල්ල ලීවේ ජොලියට නෙවේ ! සීරියස් . පුලුවන්නම් මේ කෙල්ලො දෙන්නට පොඩ්ඩක් කියන්න මට උදවු වෙන්න කියලා . උං දෙන්නා මගේ බ්ලොග් එක බලනවා . ඔයාල කීවොත් එයාල පිලිගනියි . නැත්නම් මුං මොනවා කරයිද දන්නේ නෑ . උන්ට පොඩ්ඩක් අවවාද කරලා යන්න පුලුවන්නම් මට ඒක ලොකු උදවුවක් ..

ලස්සන කෙල්ලව මට සෙට් උනොත් බ්ලොග් අවකාසේ ඉන්න වාසනාවන්තම කොල්ල මම වේවි . එයා මට සෙට් උනොත් මම මගේ බ්ලොග් එකේ නම වෙනස් කරනවා . "නිල් අහස" කියලා මොකද මේ කෙල්ලගේ නම පටන් ගන්නේ "නි" යන්නෙන් . තව දෙයක් මට මේ ලස්සන නිල් මැනික සෙට් උනොත් . මම මටම පොරොන්දු වෙනවා . මම අරක්කු බොන එක නතරකරනවා කියලා . මගේ අම්මාපල්ල!! . මම මේ කියන්නේ බොරුවක් නෙවේ . කමෙන්ට් එකක් නොදැම්මත් මොකෝ හැමෝම එක හිතකින් ප්‍රාර්ථනා කරන්න . මට මේ ආදරේ ලැබෙන්න කියලා . මට ඒ ඇති .


සඳරු ..//


















54 comments:

MaRLaN said...

උස මිටි අක්කයි/ කෙට්‍ටු බතල අක්කයි අපේ සදරු සර්ට උදවු නොකර හිටියොත් සුදු වෑන් එකකින් ඇවිත් උස්සනව හරිය.... ගේම තියාගන්න එපා හරිය...

ආ... මේං වැරදිලා
උස කෙට්‍ටු අක්කයි/ මිටි බතල අක්කයි දැන් හරිනේ ගේම නම් ගේම හරිය... දැනටම සුදු වෑන් 1 ලෑස්තියි හරිය... හෙට වෙද්දි සදරු සර් ගෙන් සුභ ආරංචියක් නාවොත් ඉතින් සොරි කියලා තමයි කියන්න තියෙන්නේ හරිය...

Anonymous said...

ඔයාට ඔයාගේ හිත ප්‍රාර්ථනා කරන ආදරය ලැබෙන්න කියලා මුලු හිතින්ම පතන්නම් සදරු අයියේ...

( අඩේ අක්කලා දෙන්නා මෙන්න මේ හිච්චි කොල්ලාට ඔය නිල් ඇස් අක්කාව සෙට් කරලා දෙන්න අක්කේ..සාක්කුවට බහින් නැතුව..පව් නේ..පින් අතේ වැඩක් වත් කියලා හිතලා.. )

මාරයාගේ හෝරාව said...

යකෝ සඳරු කොළුවෝ...
ලාභ බඩුවේ හිලක්..ඒ හින්දා ඔන්න ඔහේ ඔය අක්කලා දෙන්නට හරි ටිකක් වියදං කරලා වැඩේට වටිනාකමක් හදා ගනින්..
අනික බං ඔක මහත්පල මාහානිසංස දෙන පිංකමක් කියලා හිතා ගංකෝ..මං කිව්වේ මේ ඔය අක්කලා දෙන්නාගේ බඩ කට පුරෝන එක..එහෙම හිතලා ඔන්න ඔහේ සලකපන්...(පවුනේ හිගන පැටවු දෙන්නා..)
මේ අර කාවද දොළහට සිහිකලා කිව්වේ..තෝ වගේ එකෙක්..අම්මපා තෝවනං මෙහෙ ගෙන්නගෙන බැහැ..ඔහේම හිටු...

පූසා said...

උඹේ ආදරය මොන විදිහකින් හරි උඹට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මචෝ.

අක්කලා දෙන්නාට: අනේ අක්කලා කොහොම හරි කරලා අපේ සඳරුට ඒ නිල් දෑස් තියනය කෙල්ලව සෙට් කරලා දෙන්න. සඳරුගෙන් ඉල්ලන දෙයක් වැඩේ හරි ගියාට පස්සේ ගන්න. වැඩේ හරියන්න කලින් එක එක ඒවා ඉල්ලන එක හරි නෑ නේද? ;)

රත්ගමයා said...

අපොයි....අඩෝ අක්කේ....තොපි දෙන්නා හෙල්ප් කරනවද අපි ඇවිල්ලා හෙල්ප් කොරවන්නද.,.අඩු නම් කඩු පිහි නම් පිහි...තුවක්කුත් තියෙනවා....
හොද හිතින් කියන්නේ හරිද...අලි වෙඩිත් තියෙන්නවා...
ඔය ගහනෙ වැටුනු සදරුවට උලෙන් අනින්න ගියා නේ තව ඩින්ගෙන්..
අඩෝ අක්කලා දෙන්නා...මාව නරක රත්ගමයා කරගන්න එපා හොදේ

ප.ලි - අක්කලාට කවුරු හරි ඉන්නවාද?..අපේ අයියා කෙනෙක් කෙල්ලන් කරකාරෙට හොයනවාහුය..කේන්දර කොපියක් සමග රත්ගමයාගෙන් විමසන්න...

ඊටත් ප.ලි ආව්....පැනි හදයා.......ඉකේයියා..පැනි හදයා

Anonymous said...

සඳරු අය්යේ, ඔය නිල් පාට ඇස් දෙක ඔයාගෙම වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.
මොකද කියනවනම් මමත් කාලක් ලස්සන ඇස් දෙකකට වහ වැටිලා හිටියා, අන්තිමේ මට නම් එයාව හම්බ වුනා.....

Abeetha Edirisinghe said...

මේ සඳරූ... උඹත් අලි ගහනවා. ගම දුෂ්කරයි කිය කිය තෙපර බෑවට රෑ වෙච්ච ගමන් එන විනාඩි පහට ඉන්නේ ඇන්ජලීනා ජොලීත් එක්ක ඈ...... අනේ යකෝ....

කොහොමහරි ගොඩ පලයන්කො ඔය වැඩෙත්... සුභ පැතුම්....

නචියා said...

මචන් සදරූ..... නිල් අස් දෙක උඹට ලැබෙයි.... හැබැයි..... පොරොන්දු අමතක කරන්න එපා....

(අක්කලා දෙන්න අපේ කොල්ලට සප් එකක් දෙන්න උගේ සාක්කුවට බහින්නේ නැතුව.....)

රොබින් said...

උඹේ ඒ හීනය සැබෑ වේවා... !

තාරක Dilsh@n said...

හිස් අහස ඉක්මනින්ම නිල් අහස වෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා..

ඔය අක්කල දෙන්නත් පුලුවන් උපරිමෙන්ම සප් එකක් දුන්නනම් ‍මේ සඳරු කොලුවට..මේ දවස් වල කොයිතරම් හීන දකිනවා ඇත්ද..

Unknown said...

උස කෙට්ටු අක්කනම් අදුරනවානේ මාව. මොනාද හලෝ ඔය අහින්සකයගේ දත් ටික ගලවන්න හදන්නේ? ගෙදර යනකොට කොටියම කයි ඔහොම කරනවට අපේ සඳරුට. අක්කේ ආයේ හම්බ උනොත් එහෙම මම නෙමෙයි ඕං මේ කමෙන්ට් 1 දැම්මේ හරිද?

Anonymous said...

හත් ඉලව්වයි, මේකට ආයෙමත් ලව් කොරන්න හිතිලද, යකෝ ගහෙන් ගෙඩි එන්නහේ මෙහම කොරන්න ඇහැක ලව්. [මොකෝ බැරි නේ බං මලේ ?] මේපාර බාල අපරාදකාරයෙක් නොවෙච්ච එකනං අගෙයි. එහෙම් උනාම දෙන්නටම හිතන්න, ප්‍රශ්ණ දරාගන්න ඇහැකි නෙව. [එහෙම උලව්වක් ආයෙමත් නොවේවා !]

අර කෙල්ලො දෙන්නට මං මේ කියන්නෙ. අනේ කමක් නෑ මුගෙන් කන්න ඇහැක් තරං කන්න. ඕව හැන්දෑවට ගිණි වතුරට දාන සල්ලි නෙව.

Anonymous said...

ඔයාගේ ප්‍රේම පුරාණේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

අක්කලා දෙන්නාට : අයියෝ මෙයාට පොඩි සපෝර්ට් එකක් දෙන්න. ඔයාලට වැඩි වැඩියෙන් කොල්ලො සෙට් වෙයි මේ උදව්ව කලොත්... :)

Anonymous said...

@මාරයාගේ හෝරාව
හා දැං මාරයා හදන්නෙ ගොඩක් වියදම් කරල හිලක් නැති බඩුවක් ගන්නද? හපෝ !

පිණිබිඳු... said...

ඉක්මනට ඒ නිල් ඇස් දෙක ඔයාගෙම කරගන්න ලැබෙන්න ඕනෙ. හැබැයි සහෝදරයා මම එකක් කියන්නම්. රූපය දැක පලියට කෙනෙක්ට වහ වැටෙන්න නම් එපා. පොඩ්ඩක් ගති ගුණ එහෙමත් හොයල බලන්න හොඳේ. මොනා උනත් ඒක පිටින් ගිහින් හරි බොන එක නවත්තනවානම් ලොකු දෙයක්.

හා පැටික්කි (MS) said...

අක්කලා දෙනානා බඩංහරියොම වගෙයි. ඒ උනාට එහෙම කියන්න හොඳ නෑනේ. ඔන්න ඔය හිත හොඳ සඳරුට ඔය උදව්ව කරලා දාන්න. ඒ පිනෙන් අක්කලා දෙන්නටත් රටක් වටින කොළු පරාණ දෙකක් ලැබෙනවා. ඔව් ඔව් හාවි කිව්වොත් ලැබෙනවම තමා.

තව එකක් අක්කලා දෙන්නා සැට් කලොත් දිගටම බඩජහරි සුට්ටි සුට්ටි කෑම හරි ලැබෙයි. නැත්නම් ශොරිම තමා බ්ලොග් අවකාශේ කස්ටියට හිතුනොත් කෙල්ලෝ දෙන්නෙක් ඔය පැත්තට එවලා හරි වැඩේ ගොඩ දාලා දෙයි. මේ අවකාශේ සහෝදර බැම්ම ඒ තරමටම ශක්තිමත්.

නැද්ද කස්ටිය......... :D (මාගේ කන් දෙකේ නිකම් ගැට දෙකක් වැටෙනවා වගේ දැනෙනවා. සඳරුවෝ මේ අක්කලා මාව ගැටගහනවෝ මෙන්නෝ........ )

Anonymous said...

අපරාදේ ... ඇස් නිල් පාට කියල කිවනම්... තව ලස්සනට අර අර... අපරාදේ ළමයො....

අනේ මෙහෙමත් අක්කල... අක්කකෙනෙක් නම් හරියට කවුරු වගේ වෙන්න ඕනි ද සඳරු....?

හරි හරි කමක් නැහැ... කොහොම වුනත් සඳරු තමයි දවසකටවත් !!! හතර වෙනි ආදරය.... මේ නැතුවුන ආදර ගැන හිත හිත දුක් වෙන කොල්ලන්ට ආදර්ශෙට ගන්න වටින දරුවෙක්.........

ජය වේවා සඳරු..........

Podi Kumarihami said...

අනේ ඔය උස, සහ මිටි, සඳරූගේ මේ බ්ලොගය බලන ලස්සන ගෑනු ලමයි දෙන්නා. ඒ අහිංසකයගෙන් මොනා ගත්තත් කමක් නෑ එයාට උදව් කරන්න. එයා මෙතන වැටිලා අඩනවා. පව්නේ. අනෙක ඔයාලා එයාට උදව් නොකලොත් එහෙම මම අපේ වලව්වේ චූටි කුමාරියෙකට එයාව සෙට් කරලා ඔයාලට පාඩමක් උගන්නන එක,උගන්නනවාමයි.

පොඩි ප්‍රශ්නයක්? ඔය ගෑනු ලමයගේ ඇස් නිල් පාට උනේ කොහෙමෙයි?

සංකල්ප said...

අඩෝ අක්කේ සදරු මල්ලිගෙන් චොකෝ කෑවා වගේ නෙමෙයි මලයට උදව් කරන්න ඕන හරිය... නැත්නම් මම නරක එකා කියලා කියනවා එහෙම නෙමෙයි.

මල්ලිගේ ආදර කතාවට මම එක සිතින්ම සුබ පතනවා. මල්ලි එච්චර පව් කරලා නෑ... ඒ හින්දා මල්ලිට එයාව අනිවා ලැබෙයි. මල්ලි උත්සහය අත අරින්න එපා.
කොහ්මහරි මල්ලි බොන එක අත අරිනවනම් අපට ඒ ඇති. !!!!

ayesha said...

ඔයාගේ හීනේ සැබෑ වෙලා ඒ ආදරේ ජය ගන්න ලැබේවා කියලා එක හිතින් කියලා ප්‍රර්ථනා කරනවා.
අනේ අක්කලා දෙන්නා මේ මල්ලිට උදවු කරන්නකෝ.......

pissi said...

නිල් ඇස් දෙක ඔයාගෙම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා....

(අරක්කු බොන එකත් නතර කරනවානේ :) අක්කලා දෙන්නා සඳරු අය්යට සප් එක දෙන්න)

සචී said...

කීප වතවාවක්ම හිස් අහස දිහාවට ගොඩ වැදුනත් ..comment එකක් දල යන්න තරම් නිදහසේ ගොඩවදීන්න බැරි වුනා.මම තවමත් මේ බ්ලොග් අවකාශයට බොහොම අලුත් කෙනෙක් ...
කොහොම වුනත් අක්කල දෙන්නගෙත් උදවු ලැබිලා සදරුගේ නිල් ඇස් අයිතිකාරියව හිමි වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා..

නිල් ඇස් කැල්මෙන්
ගොළු වුනේ මා මුව ...
ඔබ හිමි කරගැන්මට
පැතුමක් පීදුනේ මා ලය ....
ඔබේ තරු ඇස් මිස
මට දැන් නැත වෙන
ජිවිතයට පැතුමක්...

Anonymous said...

අර නංගිලා දෙන්නාට,
අපේ සඳරුට වැඩේ කරලා දෙන්න...නැත්තං උගේ අයියා දිනුව දාට ඔයාලා ඉවරයි.

dinesh said...

අප්පට සිරි......මෙන්න අළුත් කතාවක් පටන් අරන්.ජයවේවා........!!මට මාර හැපී බං.කියා ගන්න වචන නෑ.වැඩි විස්තර දැනට අහන්නෙ නෑ.මොකද බ්ලොගෙන් සීන් ටික අපිට ඉස්සරහට ලස්සනට ගලප ගන්න පුළුවන්නෙ.
අර නංගිල දෙන්න ගැන කියනවනම් එක්කෙනෙක්නම් මම දන්නෙ නෑ.හැබැයි අනිත් එක්කෙනා අනිවා reception එකේ නඟා වෙන්න ඕනෙ.ඔන්න අපේ සඳරු මලයට ෆුල් සපෝට් එක දෙන්න කියල දෙන්නගෙන්ම ඉල්ලා සිටිනවා.

මචං අද දවසටම හිනා උනේ උඹේ බ්ලොගේ කියවපු වෙලාවෙ.හික්......හික්....විනාඩි පහ ඇද්ද බං.

ප.ලි - හැබැයි අහිංසක සඳරුවගෙ දත ගලවන එක නම් හරි නෑ.වැඩේ ගොඩ දාල දුන්නට පස්සෙ නම් ඉතිං පාටියක් වාගෙ ඉල්ලුවට කමක් නෑ.

Buddhika Krishanha said...

අක්කලා වැඩේ ගොඩදානවනේ.....

ඔන්න මගෙනුත් සුබම සුබ පැතුම්....

ප.ලි ඇස් දෙක විතරක් නෙමේ කෙල්ලව ලැබෙන්න සුබ පැතුම්.... :P

හීනියට.... said...

12ටම පැන්න චැනල් එක නේ.......
අනේ වාසනාවන්, අමාරුවෙන් හරි පටලැවෙන්න කියල තමයි ප්‍රාර්ථනය නම් ඕO......
ඇන්ජලීනා ජොලී, බ්‍රැට් පිට්, මරුම ජෝඩුව බO.....

Anonymous said...

හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරමි!!!

හිස් අහස said...

ඉන්නකෝ මම කට්ටියටම උත්තර දෙන්නම් . මට සිග්නල් නෑ අඩේ . යාන්තම් එකයි දෙකයි තියෙන්නේ .. ඉන්න මම රෑදොලහට උත්තර දෙන්නම් .. මං ගැන හිතුවට ස්තූතියි ...හැමෝටම

හිරණ්‍ය said...

ඔන්න මගෙනුත් සුබ පැතුම්, අර අක්කල දෙන්නා උදව් කරාවි. :)

ලහිරු said...

ඵල ඵල බොන එක නතර කරනව නම් අයේ මොන කෙල්ල ද අකමැති වෙන්නේ.... හැබැයි කොල්ලෝ පොරොන්දු නම් අමතක කරන්නෙපා. එහෙම වුනොත් පස්වෙනි ආදරයකටත් යන්න වෙයි හරිය.....
…සඳරු ට උදව් නොකළොත් ඔය අක්කලාටත් කවදාවත් හොඳ කොල්ලෙක් ලැබෙන එකක් නැතිවෙයි හරිය.... ඔන්න නොකිව්වයි කියන්නෙපා...............

Anonymous said...

සඳරුට සපෝර්ට් කරන අක්කලා දෙන්නා වෙත,
කැමති කැමති ජාති ඉල්ල ගත්තා වගේ නෙමෙයි අපේ සඳරු කොලුවට උපරිම සපෝර්ට් එක දෙන්න. හැබැයි වැඩිය දත ගලවන්නත් එපා අහිංසක කොල්ලනෙ. අක්කලා දෙන්නා සඳරු ව ගොඩ දාලා දුන්නොත් අපේ බ්ලොග් ලියන කට්ටියගෙ අනුග්‍රහයෙන් අක්කලා දෙන්නටත් හොද අයියලා දෙන්නෙක් හොයලා දෙන්නම්.

සඳරු ,
උඹට නිල් නෙතු ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!


-ණිර්මල-

හිස් අහස said...

@MaRLaN = මචං මුං ගෙනියන්න වෑන් එකක් නෙවේ ටිපර් එකක් ගේන්න වෙයි හෙටයි දවස ...ස්තූතියි මචං
.....................................................................................................................................................
@නිම්ශා = මම දන්නවා ඔයා අවංකවම ප්‍රාර්ථනා කරනබව . මට ඒ හොඳටම ඇති සහෝදරී හොඳටම ඇති . ගොඩක් ස්තූතියි..
.....................................................................................................................................................
@මාරයාගේ හෝරාව = අයියේ උඹ දන්නේ නෑ මුං දෙන්නට මං කඩසෝරු ගිල්ලවපු තරම් . මුං දෙන්නා ඉස්සර හිටියේ කටුස්සියෝ වගේ දැං බලන්න එපැයි මං අරංදීපුව කාල කෙලින් ඉන්න බෑ . කමක්නෑ අයියේ පිනක් කියලවත් හිත හදාගන්නවා. ආ මම සිහි කරේ වැරදි එක්කෙනෙක් නෙවේ . බොහොම ලැජ්ජ බය ඇති කෙල්ලෙක්ව .ඇන්ජලීනව .
.....................................................................................................................................................
@පූසා = එලම කිරි මචං . මට ඕනෙත් එච්චරයි . ඉතින් එයාව ආපහු දකිනකම් මට හරියට නින්ද යන එකක් නෑ .. උඹ දන්නවනේ ?
.....................................................................................................................................................
@රත්ගමයා = හි හි ...උඹේ කටට මුං ටිකක් විතර හල්ලං උනා . නියමයි රත් ගමයෝ ! . මල්ලිට කියන්න . පොල් උල තිබුනේ මට මීටර් 10 තරම් අත ලඟ ඇනුනනම් . එහෙම ? . අඩෝ මෙන්න මූ මට කාඩ් එකක් ගහලා ! අල්ලගන්නම් කුමාරි හාමිව .
.....................................................................................................................................................
@බීටා = බීටා නියමයිනේ මචං . උඹ එහෙනම් උඹේ හීනේ හැබෑ කරගත්තා . මටනම් මොනවා වෙයිද මන්දා ? අද නේද මුලින්ම ආවේ . ? බොහොම ඉස්තූතියි මචං .ප්‍රාර්ථනාවට.
.....................................................................................................................................................
@අභීත = අභී අයියේ කාටවත් කියන්න එපා . මම රහසක් කියන්නම් . ඇන්ජලීන විතරක් නෙවේ . මම කත්‍රීනා කයිෆ් එක්කත් හිටියා .! . මම එයාව සෙට් කරගත්තම . අභි අයියත් එක්ක ට්‍රිප් එකක් යන්න ඕන .
.....................................................................................................................................................
@නචී = මචා ! සඳරුවා කිවුවොත් කිවුවා ! . අනික මම බොරුවට අම්මපල්ල කියන්නේ නෑ මචං .. අක්කලාට මචං මගේ සාක්කුවෙන් තොර ලොවක් නෑ , ජීවිතේට කාපු නැති එවුං වගේ බං !
.....................................................................................................................................................
@රොබින් = ජීවිතේට දැකපු නැති එකෙකුට ඔහොම ප්‍රාර්ථනාවක් දීපු එකට . උඹට පට්ට ස්තූතියි මචං...
.....................................................................................................................................................
@තාරක = තාරකට කියන්න මම මේදවස්වල . හීන දකින එක විතරයි කරන්නේ . ඒත් බං නින්ද යන්නේ නෑ . බලමු නිල් වෙයිද කියලා . කෙල්ලට අයියකෙනෙකුත් ඉන්නවද කොහෙද ?
.....................................................................................................................................................
@මිත්‍යාදෘෂ්ටිකයා = ඔන්න උඹ එනකම් ඉන්නවා අල්ලගන්න ....දැං කාපං මචං
.....................................................................................................................................................
@nawammawatha = අනේ අයියේ . හිත ගිය තැන මාලිගාව කියනවනේ . මටත් හොරෙං මගේ හිත දඩාවතේ ගිහිං . නෑ මේපාර එක්කෙනා මට වඩා . වසර දෙකක් පමනයි බාල .මට මොනවා වෙයිද නවම් අයියේ ? .....ඒකි මට වැටෙයිද ?. මේක මම ආතල් එකට කරන එකක් නෙවේ බොක්කෙන්ම කරන්න හිතාගත්ත එකක් . . පට්ට බයයි බං

හිස් අහස said...

@කොට ජීවිතේ = ඔයාගෙයි පාසල් අයියගෙයි වගේම ලස්සන ලවු ස්ටෝරියක් උනොත් . මම ඒතරම් වාසනාවන්ත වේවිද අක්කා .?
.....................................................................................................................................................
@පිණිබිඳු = මම පොඩක් හොයලා බැලුවා . කලින් කෙනෙක් ඉඳලා . හැබැයි දැං නෑලු . මට ඉතින් පට්ට හැපී . අනේ මන්දා සහෝදරී මම එයාට වහ වැටුනේ ඇඹලයෙක් වගේ .. කිවුවොත් කිවුවා . බොන්නෙම නෑ
.....................................................................................................................................................
@හා පැටික්කි = හාවි මුං දෙන්නට කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා . උං දෙන්නගෙන් කන්නේ නැතුව මගෙන්ම කනවා . බලන්න ඉතින් නේද ? මම එන්න එන්න කෙසඟ වෙනවා . මුං නිකං බෙර කඳං වගේ මහත් වෙනවා . අනිවා . අපි ඉලන්දාරියට සප් එක දෙනහැටි මෙයාල දැක්කා ! ඉන්න හාවි මම මේ පොල්ලක් අරං එන්නම් .
.....................................................................................................................................................
@සොඳුරු සිත = මම කලබල උනා අක්කේ එදා හොඳටම කලබල උනා .ඒකයි ඔයාට වැඩිදුර විස්තර කියන්න බැරි උනේ . මම මේ ලවු එක දින්නොත් එදාට අර ඔයාගේ උපකාරය ගැන පාපොච්චාරනය කරනවා . අනේ මට කින්ඩිය දානවා ! අක්ක කෙනෙක් නම් ඔයා වගේ වෙන්න ඕන ! ජය වේවා අක්කේ .!
.....................................................................................................................................................
@Podi Kumarihami = මෙන්න කුමාරි හාමි ඇවිල්ලා ! .අයාගේ නෙරියට මඩ තලියක් ගහන්නද ? ඔන්න ඔයා මට දාපු කාඩ් එක රත් ගමයා කිය කිය දුවනවා . හි හි .... මටත් හිනා ! . අඩේ කුමාරි හාමි අක්කා . මම පැනියෙක් වගේදැ ? ඒ ගෑනුලමයා ආවේ සුරංගනා ලෝකෙන් එයාගේ ඇස් මවලා තියෙන්නේ එහේදී . සත්තයි අක්කේ හරිම ලස්ස්නයි එයා !
.....................................................................................................................................................
@මධුරංග = මධු රංග අයියා මේ ඔයාමද ? අනේ ඔය සරම පාතට දාල ඉන්න මට බය හිතෙනවා ! ඊයේ ඔයාගේ බ්ලොග් එක පැත්තේ එනකොටත් කාටද බනිනවා . මොකෝ කේස් එක ඔයාට මල පයිනවනේ ? . උත් සාහය මම එක පාරින් අතාරිනවා . ඒයා බෑ කීවොත් ආයේ මොකටද හිතන්නේ . අමතක කරනවා මචං ... ස්තූතියි ආ....
.....................................................................................................................................................
@ayesha = ඔයාගේ පැතුමට ස්තූතියි යාළු . අක්කලා දෙන්න බලන්නේ කෑම දිහා විතරයි !
.....................................................................................................................................................
@pissi = අනේ පිස්සියේ . ඔයාට පිස්සස හම්බ උනා වගේ මටත් නිල් ඇස් තියන මගේ පිස්සිව හම්බ උනොත් ඒ ඇති
.....................................................................................................................................................
@සචී = මම එන්නම්කෝ ඔයාගේ බ්ලොග් පැත්තේ . කවදාවත් දැකපුනැති සඳරු වෙනුවෙන් මේ වගේ ලස්සන කවියක් ලියලා . සුබ පතලා ගියාට ඔයාට බොක්කෙන්ම මම ස්තූති කරන්නම් . මටත් ඕන එකම එක පැතුමක් ඉටුකරගන්න විතරයි
.....................................................................................................................................................
@prasanna86k = උඹට කියන්න මචං . අයිය දිනුවොත් මම මුං දෙන්නව සල්ලි වලට ගන්නවා ! කොහොමද මගේ අයිඩියාව . උඹට එකෙක් ෆ්‍රී දෙන්නම්

හිස් අහස said...

@dinesh = මෙන්න මගේ බොක්ක ඇවිල්ලා . කලින් ලවු එක වගේ මේ ලවු එක හාල් කරගන්න බෑ මචං . අනේ මන්දා . ඒකි මට කැමති වෙයිද ? ටිකක් ආඩම්බරයි , හරියට ඔයාගේ භාග්‍යා වගේ .! ඔයා හිතුවා හරි එක්කෙනෙක් reception අක්කා . අනික ආවේ දැන් සති දෙකකට විතර පෙර . ඇන්ජලීනනේ අයියේ මුල්ම දින කීපයේ විනාඩි 5ක් ඇති පහු වෙද්දී ....... ඉතින් කල් ගත වෙනවා . එතකොට වෙන කෙනෙකුට මාරු වෙනවා . වැඩේ ගොඩ ගියොත් දානවා පාටියක් බ්ලොග් එවකාසේ හෙල්ලෙන්න .
.....................................................................................................................................................
@Buddhika Krishanha = අක්කල නම් ටිකෙන් ටික ගොඩ යන්නවා වගේ . මම අනේ හිටපු තැනම වගේ . ඔයාට කියන්න අදත් මට කියලා ටිපිටිප් එකක් කෑවා ! . ඔයා හරි කෙල්ලම ඕන .ඇස් විතරක් එපා !
.....................................................................................................................................................
@Heeniyata = ඒ වෙලාව නිදහස්නෙ මචං . බලමු මමත් පුලුවන් උත්සහය දෙනවා . උඹටත් ස්තූතියි ඇවිලා සප් එක දුන්නට . ඇන්ජලීනට හොඳටම ගැලපෙන්නේ . රැම්බෝ වගේ කෙනෙක්
.....................................................................................................................................................
@හිරණ්‍ය =බොහෝම ස්තූතියි සහෝදරයා...
.....................................................................................................................................................
@ලහිරු = මම පොරොන්දු උනේ අම්මපල්ල කියලා ! මම දිවුරලා කිවුවේ බොරුවට නෙවෙයි ඇත්තටමයි . ඔයාගේ කමෙන්ටුව දැකලා අක්කලා සරෙන්ඩර් වගේ !
.....................................................................................................................................................
@annanmannan = අක්කලා දෙන්නට අයියලා සිටී ගමකට ! අහිංසක සඳරුට තමයි කෙනෙක් නැත්තේ .. නිර්මල උඹ කරපු ප්‍රාර්ථනාව මට ගොඩක් වටිනවා මචං . බොක්කෙන්ම කියන්නේ උඹට ස්තූතියි .

Hishan de Silva said...

උඔට දෙන්න තියෙන එකම උපදෙස තමා රෑ වැටුන වලේ දවල් වැටෙන්නෙ නැතුව වැඩ කර ගන්නයි කියන එක.

dinesh said...

මලේ දවස් දෙකෙන් දෙකටවත් ප්‍රථිපල දන්වපන්.කෙල්ලට කොල්ලෙක් නෑ කියල ෂුවර් නේද?

අපරාජිතයා :::: Aparajithaya said...

මේ අක්කලා දෙන්නා කොල්ලන්ව කඩේ යවලා කෙල්ලෝ සෙට් කරලා දෙන්නා හදන එව්වා පල දෙවි හොදේ....එක්කෝ ඔන්න ඔහේ ඉල්ලන දේ ගෙනත් දියන් බලු කපුටු දානයක් දුන්නයි කියලා උබේ හිත හදාගන්න බැරිය.....නැද්ද මන් අහන්නේ....???
මක්ක උනත් උබට මේ ලව හරියන්න කියලා ප්‍රර්ථනා කොරනවා.... උබව හදාගන්න ඒ කෙල්ලට හරි පුළුවන් වේවිනෙ බොන එක නවත්තලා.......

කැම්පස් එකේ එක්සෑම් බන් 7-8 දවස් දෙකෙයි 10 යි 15 යි. 15 නම් ප්‍රැක්ටිකල් එකක්.ඒකයි බ්ලොග් එකේ මොකුත් ලිව්වේ නැත්තේ.10න් පස්සෙම දිගටම ලියන්න ඉන්නේ එක්සෑම් එකත් කරගන්න එපාය බං.එල තැන්කු වේවා හොයල බැලුවට අදයි බං බ්ලොග් එකක කියල කොමෙන්ට් කරන්නෙත් සැහෙන කාලෙකට පස්සේ....

ජය වේවා....!!!
අඩේ මේ සදරුවා උබ සිරාවට ඇයි බං ජොලී අක්කව මතක් කොරන්නේ....???ඒ වෙලාවට ටෙන්ට් උස්සන්න ඕනේ නැතුව ඇති මයේ හිතේ......

Anonymous said...

දුකෙන් ඉන්න අපේ සදරැට සතුට ගේන්න අක්කල දෙන්න උදව් කරනව නේද....?
නිල් ඇස් ඹයාටම ලැබෙන්න කියල wish කරනව!ජය

සෝරෝ said...

උඹේ ඔය නිල් ඇස් දෙක උඹට ලැබේවි මචං.. මම සුභ පතනව උඹට.. ටෙලිෆෝන් එකේ අප්ෂට් එකක් නිසා ජාලගත වෙන්න බරි වුනා පහුගිය දවස් ටිකේ...

ප.ලි- හබැයි උඹ විනාඩි දහයකට හරි ඇන්ජලීන මතක් කරපු එක වැරදියි... (ඇන්ජලීනා අක්කා විතරද බං උඹට මතක් වෙන්නේ... :D )

අකීකරු හිත said...

මම පරක්කුයි නේද... මම උඹට සුබ පතනව මල්ලියේ... ජයෙන් ජයම වේවා

මකුළුවා..... said...

මේ ඔය කියන අක්කලා දෙන්නා කරුණාකරලා අපේ අහිංසක සඳරු ළමයගේ සාක්කුවට විදින්නේ නැතුව දෙන්න පුළුවන් උපරිම සපෝර්ට් එක දෙන්න....හරි ගියමා සිනමන් ග්‍රෑන්ඩ් එකෙන් ග්‍රෑන්ඩ් පාර්ටියක් ඉල්ල ගන්න අවුලක් නෑ නේ.....
සඳරූ උණුසුම් සුභපැතුම්!!!!

කතන්දර Kathandara said...

මං හිතන්නේ අරක්කු බොන එක අඩු කලොත් කෙල්ලත් සෙට් වෙයි.

කොහෙමටත් නිල් ඇස් කෙල්ලට චොක්ලට් අරන් දෙන්නත් සල්ලි ඕනැ වෙන නිසා දැන්මම නරක පුරුද්ද අඩුකරගන්න.

Gayan Rupasinghe said...

අඩේ අන්න රත්ගමයා අර නම පාවිච්චි කරනව බොල සදරුවෝ.

අනේ අක්කල දෙන්නටයි මේ කියන්නේ. ඔයාල දන්නව ඇතිනේ සදරු සර් කොච්චර හොද කොල්ලෙක් ද කියල (හෙහ් හෙහ්). ඔයාල නිසා වලිත් දාගන්නවනේ. ඔන්න ඔහේ අර උදව්ව කරල දෙන්න අප්පා... සාක්කුවට බහින්නේ නැතිව..

හෙහ් හෙහ්.. පැනි හදයාට ජය වේවා..

හිස් අහස said...

@Hishan Melanga = මෙදා පාරත් මම වලේ වැටුන වගෙයි මචං .පරක්කු වැඩියි වගේ
.....................................................................................................................................................
@dinesh = මේ අන්තර් ජාලේ පට්ට ස්ලෝ අයියා එපා වෙනවා ඉතින් සතියකට සැරයක් වගේ තමා ලියන්නේ .(8 කිලෝබයිට්)
.....................................................................................................................................................
අපරාජිතයා = කොච්චර කෑවත් බිවුවත් උංගේ පෙරේතකම නම් ඇරෙන්නේ නෑ මචං .කෙල්ල මට හා කිවුවොත් මමම නවත්තනවා බොන එක .ඉතින් එක්සෑම් ගොඩ දාගනින් බ්ලොග් ලියන්න බැරියැ පස්සේ ! 12 කියන්නේ නිදහස් වෙලාව මම ඒ මොහොතේ ටෙන්ට් එක යට ...
.....................................................................................................................................................
@ඉෂ් = බොහෝම ස්තූතියි අයියෝ !
.....................................................................................................................................................
@සෝරෝ = සුබ පැතුවට බොක්කෙන්ම ස්තූතියි . ඇන්ජලීනයි . කත්‍රීනා කයිෆ්වයි දෙන්නවම මම මතක්කරනවා
.....................................................................................................................................................
@අකීකරු හිත = අයියෝ එහෙම හිතන්න එපා සහෝදරී . ඔයා නාවත් මම මොනවත් හිතනේනෑ . මම දන්නවා ඔයා අපේ ෆිට් එක කියලා .ස්තූතියි සහෝදරී
.....................................................................................................................................................
@මකුළුවා = පාර්ටි එක කොහේ කිවුවා ! මචං . මම ඔය සිනම්මන් එක සියැසින් දැකලා නෑ ඒක කොයි වගේද ? මම උදේට තේ බොන පෙට්ටි කඩේට වඩා ලොකුද ? :)
.....................................................................................................................................................
@Kathandara = කෙල්ල මගේනම් බෝතලය මට එපා ! .චොකෝ නම් අයියේ අරන්දෙන්න බැරියැ ගමකට ...
.....................................................................................................................................................
@Gayan Rupasinghe = රත්ගමයව කිඩ්නැප් කරමු . අනේ ඔවු බං මම අහක යන කේස් දාගන්නේ මුං හින්දා . මුංට මං ලොකුනෑ කෑම ලොකුයි . වෙලාවට සාක්කුවේ හිලක් නැත්තං මුං එකේ පදිංචි වෙනවා . පැනි හඳයා කෝ එයා කවුදෑ ඒ ?

රතීගේ දිනපොත said...

මොනව නැතත් අගුණ දේවල් කන බොන එක කෙල්ලෙක් නිසාවත් නතරවෙනවා නම් මාත් කැමතියි. අර අක්කලා දෙන්න ඉතින් දෙය්යෝ වගේ උඹ දිහා බලයි මචං. මං කීවා කියන්නකෝ එහෙම .

පිස්සා පලාමල්ල said...

මුලු හදවතින්ම සුබ පතනවා... වැඩේ ගොඩ යන්න. ඔය අක්කල දෙන්න මේ අහිංසකයව මරං නොකා වැඩේ කරල දුන්නනම්... හරි ගිය පසු ඕනි දෙයක්... හික් හික්

හරී said...

අක්කලා දෙන්නටයි මේ කියන්නෙ...

අක්කේ ඔයාලා දෙන්නට මාර චාන්ස් එකක් නේ ලැබිලා තියෙන්නේ..කාටහරි උදව් කරා කියලා ජීවිතේම සතුටු වෙන්න පුලුවන් වේවි..ඒ පිනම ඇති ඔයාලගේ ජීවිතත් ගොඩ යන්න...

සඳරුට උදව් කරන්න එයාගෙන් එව්වා මෙව්වා ඉල්ලුවම වෙන්නේ කවදහරි එයාට හිතෙනවා එයා ඔයාලගෙන් පඩියට වැඩ ගත්තේ කියලා.. එතකොට ඔයාලා කරලා තියෙන්නෙ උදව්වක් නෙමෙයි කුලී වැඩක්..

කුලියට වැඩ කරන අය අපිට උදව් කරන අය කියලා අපි සලකන්නේ නෑනෙ ඔයාලටත් ඒ දේම වේවි..

මම හිතන්නේ කාටහරි උදව්වක් කලාම ඒගොල්ලො ඒකෙන් ප්‍රතිලාභ අරන් සතුටු වෙනවා දකින එක ඇත්තටම සතුටක් ..අඩුමගානෙ ඒගොල්ලෝ ස්තුතියි කියලා නොකිව්වත්...

කොහොමහරි සඳරුට උදව් කරන්න.. ඒ පින ලබාගන්න..

Hasitha Gunasinghe said...

අනේ අනේ අනේ.........

networkdisa said...

මචෝ 12 ට ඇන්ජලීනා ජොලීගෙ කතාව හිතටම වැදුන ආ.මටනම් ඇන්ජලීනා ජොලී විතරක් නෙමෙයි උඩරට පහතරට ‍ඔය හොලිවුඩි බොලිවුඩ් කෙලිවුඩ් සෙරම 12 ට විතර හිතට එනව.

වැඩේ සර්ථක වෙන්න පතනව ඕන්! පරක්කු වෙලා හරි....

Anonymous said...

aiye..me kathawata mokada une??

මැරා... said...

ඇන්ජලීනා ජොලී...කවුද එ.........එයටත් තියෙන්නේ නිල් ඇස්ද ?

Charith Samarakoon said...

කෙල්ල සෙට් උනේ නෑ නේ...ඒකනෙ තාමත් හිස් අහස... සඳරුවො උඹට විනයක් නෑ අයියෙ! රෑ 12 ට කලින් කෙල්ල,12ට ජොලී,12.05ට කෙල්ල...නියමයි...

ඔන්න ඔය විනයක් නැතිකමයි,බ්‍රේක් නැතිකමයි නිසයි හිස් අහස රහ...
:D

Hashan Kaveesha Thalgasduwa said...

To:-Akkala(Tall White&short Fat)
Please help our Sandaru Ayya.If not It will be your DOOM!!!!!
I hope that you could have that BLUE-EYED AKKA

little angel said...

සදරු අය්යට අය්යගේ නිල් ඇස් අක්කිව ඉක්මනටම ලැබෙන්න කියල සුබ පතන ගමන්
අර අක්කිලා දෙන නත් සදරු අය්යට උදවු කරන්නකෝ පවු නේ .......
හිස් අහස ඉක්මනින් නිල් අහසක් වේවි !!!!

Post a Comment

තැන්කූ බං