16.3.11

නුඹලාට ස්තූතියි...

                             



                  ටයිප් කරන්න කියලා දවස් ගානක් කීබෝඩ් එකට අත තිවුවත් හිත එක තැනක නැති නිසා හරිහමං දෙයක් ටයිප් කරගන්න මම බැරි උනා . පහුගිය දවස් ටිකේම නිල්පාට ඇස් දෙකක් පස්සේ එළවලා එළවලා මට දැන් හොඳටම මහන්සියි . මේ ගෙවෙන මාර්තු මාසේ මට ඒතරම් හිතට අල්ලලා ගියපු මාසයක් නෙවේ . මේ මාසේදී මට වෙන තරමක් උනේ මහම මහ මස්ත සිදුවීම් විතරමයි .යන්තම් හිතට සතුටක් කියලා ආවේ පහුගිය ඉරිදා විතරමයි !

මම හිතන්නේ වෙලාව එදා හවස රෑ 7.00 විතර ඇති . මම මගේ පුංචි පරිගණකය ඉස්සරහා වාඩි වෙලා . බ්ලොග් එක බලන්න සූදානම් උනා . පරිගණකයේ . Power Button එක එබුවත් තවම පරිගණකයට වගේ වගක් නෑ වගේ ඉන්නවා . මොනව වෙලයි මගේ පරිගණකෙට . ? හොඳට බලන කොට තේරුම් ගියා . මේකට කරන්ටෙක එන්නේ නැති බව .

"දෙයියනේ ආයෙමත් ගෙදර කරන්ට් එක කපලද ? !!

නෑ මගේ යූ පීඑස් එක වැඩ නෑ ඇඟේ පතේ හයිය දලා යූ පීඑස් එකට දෙකක් දුන්න දෑත බදල ! ඔන්න යන්තම් පරිගණකය ඔන් උනා . ඒත් මගේ යූ පීඑස් එක කෑලි දෙකකට කැඩුණට .! කෑලි වලට කැඩුණට තවම හොඳට වැඩ ..

මම බ්ලොගර් එකට ලොග් වෙලා කමෙන්ට් කොටසට ආවා . මෙන්න තියනවා . "සීයා" කියල කෙනෙකුගෙන් කමෙන්ට් එකක් !. එයා කියනවා . මගේ බ්ලොග් පෝස්ට් එකක් . ජාතික පුවත් පතක තිබුණාය කියලා . මම හිතුවා මොකක් හරි වැරදීමක් වෙන්ඩ ඇතිය කියලා මම ඔන්න ඕක අමතක කරලා දැම්මා . .

ඉතින් මම සිග්නල් එකක් විතරක් එන පුංචි ඩොංගල් එකෙන් බ්ලොග් වල බඩගානකොට . ඔන්න මට කෝල් එකක් අවා . කාගෙන්ද ? මගේ චීන ෆෝන් එකේ ෆෝන් බුක් එක වැඩ කරන්නේ නෑ මොකක් හරි අවුලක් ඉතින් කෝල් කරන කෙනාගේ නම බලාගන්න බෑ . මමත් ඉතින් "හලෝ .. හලෝ " කිවුව එහා පැත්තෙ එක්කෙනා . බොහෝම නිවිච්ච හඬකින් කතා කරා . කවුද දන්නවයි කතා කරේ .? අපේ පිස්සා ! . ඇයි බොල අර පලාමල්ල කර තියාගෙන යන පිස්සා ! මෑන්ස් තමයි මට කතා කරේ . ඔන්න එයා මට කිවුවා . ඔන්න මල්ලි ඔයාගේ බ්ලොග් පෝස්ට් එකක් ඉරිදා ලක්බිම පත්තරේ තියනවා . මට ඉතින් පට්ට හැපී . පිස්සා මට කතා කරපු එකත් මට හැපී .

ඇත්තටම කියනවා නම් මම බ්ලොග් කියන දේ ඉගන ගත්තේ පිස්සගේ බ්ලොග් එකෙන් . ඩොංගල් එක තිබ්බත් මම සිංහල යුනිකෝර්ඩ් පාවිච්චි කරත් සිංහල බ්ලොග් ගැන මෙලෝ හසරක දෙයක් නොදැන හිටි කාලෙක . දවසක් මගේ අතින් වැරදීමකින් මොකක්දෝ සිංහල වචනයක් ගූගල් එකේ වැදිලා සර්ච් උනා . සර්ච් රිසල්ට් එකේ මුලින්ම ආවේ පිස්සගේ බ්ලොග් එක . ලියලා තිබ්බේ කවුදෝ කෙල්ලෙක් ගැන . "දිනිති" කියලා කෙල්ලෙක් ගැන හි ක් පිස්සගේ ෆ්‍රස්ට් ලවුස්ටෝරිය මමත් ඉතින් ඒ ලවු ස්ටෝරිය අසාවෙන් කියෙවුවා . ඊට පස්සේ මම පිස්සගේ බ්ලොග් එකේ තිබිච්ච ලිංක් වලින් වටේ පිටේ බ්ලොග් වලට ගියා .. පස්සේ සින්ඩි ගැන හොයාගත්තා කාලෙයක් ගියාම මමත් "හිස් අහස" කියලා බ්ලොග් කෑල්ලක් පටන් ගත්තා ඉතින් "පිස්සා" අයිය තමයි මගේ බ්ලොග් ලිවීමේ මුල් ගුරුතුමා . මට ඔය පිස්සාව කොහේදී හම්බ උනත් දනගහලා වඳින්න ලැජ්ජාවක් නෑ !

 කොහොමහරි මම දන්න කියන කීපදෙනෙක් මට සුබ පැතුවා ...නිර්මල , පැන්ඩා , Dul , .සීයා.සොඳුරු සිත, නම බැරි වෙච්ච අය ඉන්නවනම් මේ අමතක වෙන කොල්ලට සමාවක් දියල්ලා . ඉතින් පත්තරේ පෝස්ට් එක ගිය එක ඒහැටි ලොකු දෙයක් නෙවේ කියලා කට්ටිය සමහරවිට හිතයි . ඒත් මට පට්ට හැපී ! මගේ පෝස්ට් එක පත්තරේ දාපු කෙනා කවුරු උනත් කමක් නෑ එයාට ස්තූතියි ! කොයිතරම් සතුටු උනත් මම මේ පත්තරේ පිටුව කාටවත් පෙන්නුවේ නෑ . මොකද මම ලියන මේ බ්ලොග් එක දැක්කොත් මගේ අම්මටයි සීයටයි . දෙන්නටම කලන්තේ හැදේවි .. ! ...

  අද බ්ලොග් කියවන්න ආපු ගමන් කනට ගහන්නා වගේ දෙයක් දැක්කා ! සොඳුරු සිත ලියන වත් අක්කා . ඔන්න එයැයිට දැන් අපිව එපා වෙලාලු . ! මම මුල් කාලෙදීම බලපු තවමත් හදවතින්ම කියවන තවත් ලස්සන බ්ලොග් එකක් . කවියක් රස විඳින්න තබා කවියක් කියවන්නවත් ආසාවක් නැති කාලයක් මගේ ජීවිතේ තිබුනා . සොඳුරු සිත බ්ලොග් එක නිසා . මම කවි කියවන්න පටන් ගත්තා . එයා එක්ක යන්තම් වචනයක් චැට් කරපු වෙලාවක එයා කියපු එක දෙයක් තමයි "අනේ මල්ලි මගේ ගැන නම් මොනවත් ලියන්න එපාය කියලා" ඒත් ඉතින් සඳරු කියන්නේ කියන දෙයක් අහන එකෙක් නෙවෙයිනේ ! . මම නම් ඉල්ලන්නේ එකම දෙයයි .මහන්සි නම් කෙටි විවේකයක් ගන්න අතිරස උනත් දිගටම කද්දී තිත්තයි . කෙටි විවේකයක් අරගෙන හෙමීට ආපහු ලියන්න ..

 ඔන්න ඔහොමයි මගේ ජීවිතේ ගත වෙන්නේ ඉතින් එක පැතකින් නිල් පාට ඇස් තියන කෙල්ලෙක් හිත ගිනි තිවුවා ! හිතේ පැත්තක් පිච්චුනා ! අනික් පැත්තෙන් බ්ලොග් එකයි බ්ලොග් එකට එන උඹලයි (උඹල කිවුවට අමනාප වෙන්න එපා ! මගේ කමටයි එහෙම කීවේ) මගේ හිතට සීතල වතුර ඉහිනව... උඹලට ස්තූතියි !!

සඳරු //














42 comments:

Observer said...

මන් එත් කල්පනා කොලා, පලවෙනි වතාවටද හිස් අහස පැත්තේ ආවෙ කියල, ඒ වුනාට පත්තරේ වැටිච්ච ලිපිය බ්ලොග් එකේ කියවල තියෙන බව මතක් වුනා. රායිට් මෙන්න මගේ සුභ පැතුම්.

මාරයාගේ හෝරාව said...

මං දැන්නේ මේ කතන්දරේ දැක්කේ...
පරක්කු වෙලා හරි ඔන්න මාත් සුභ පැතුවා කොල්ලෝ...

මං හිතන්නේ මේක චානුක වත්තෙගෙදර මහත්තයාගේ වැඩක් වෙන්ට ඕන...එතුමා තමයි නිතරම බ්ලොග් අවකාශෙයි ලක්බිම පත්තරෙයි යා කරන දම්වැල...මොකද මීට කළින් එතුමා විසින් වියුණු සටහන් කියලා හැම සතියෙම ලක්බිමේ පිටු බාගයක ආර්ටිකල් එකක් කලා.ඒ සතිය ඇතුලත බ්ලොග්වල පල උන ලිපි අරගෙන විවිධ අංශ නියෝජනය වෙන ආකාරයෙන්..අද වෙන කොට වියුණු සටහන් ලියවෙන්නේ නැති උනත් එතුමා කල ඒ වැඩේ ඇත්තටම බොහෝම හොඳ වැඩක්.

මට තේරෙනවා ඔය ලිපිය හරහා උඹටත් කොයි තරම් සතුටක් විඳින්න පුළුවන් උනාද කියලා..මොකද එක් වතාවක් මගේ ලිපියකුත් ඔය ආකාරයටම චානුක මහත්මා විසින් ලක්බිමේ දාපු දවසේ මගේ හිතටත් ඒක හයියක් උන හින්දයි.

මම මල්ලිට එතුමාගේ මුහුණු පොතේ හැදින්වීම එවන්නම්..මගේ මිතුරු ලැයිස්තුව තුල එතුමා හිටියා.

dinesh said...

අඩේ මං මේක ඉරිද ලංකාදීපෙත් තියනව දැක්කා.ඡන්ද සීන් එච්චර කියවන්නෙ නැති නිසා අනිත් පි‍ටුවට මාරු උනා.යකෝ උඹේ කතාව නේන්නම් තියෙන්නෙ.අනිවා අපේ ගෙදර පත්තරේ ඇති.එළිවෙනකන් ඉන්නෙ ගෙදරට කෝල් එකක් දෙන්න පත්තරේ ආපු දවසක බලන්න තියන්න කියන්න.මටනම් මාර හැපී බං. ජයවේවා.....!!

අර නිල් ඇස් තියන එක්කෙනාගෙන් නැද්ද සතු‍ටුදායක ප්‍රතිචාරයක් මචෝ...

MaRLaN said...

සදරු අයියේ මක්කැයි උනේ... නිල් පාට ඇස් මක්කැයි කිවුවෙ.. උස්සමුද?

අපරාජිතයා :::: Aparajithaya said...

උඹට කිව්වට මොකෝ බං මාත් බ්ලොග් එකක් කියලා මුලින්ම කිව්වේ පිස්සා අයියගේ බ්ලොග් එක තමයි.මගේ පිට රට ඉගෙන ගන්න යාලුවෙක් තමයි මට ලින්ක් එක දුන්නේ.මගේ බ්ලොග් එක මුලින්ම මම හැදුවෙත් පිස්සා අයගේ බ්ලොග් එක බලාගෙනයි.පස්සේ වෙනස් කරලා පාට කරලා ගත්තේ බ්ලොග් ගැන අදහසක් ආවට පස්සෙයි.මම පිස්සා අයගේ බ්ලොග් එකේ මුලින්ම කියෙව්වේ අර වරුනි කියලා අක්ක කෙනෙක් ගැන දාල තිබ්බ කතාවයි. මචං උබේ පොස්ට් එක පත්තරේ ගිය එක ගැන ඔන්න උණුසුම් සුබ පැතුම් (මෙච්චර වෙලා සුබ පැතුම ලිපේ රත්කලා එකයි ලේට් උනේ හික් හික්...) මචං මමත් 1989 හැබැයි සැප්තැම්බර්.....

Anonymous said...

ආව් ආව්.... හිස් අහස දැන් පත්තරෙත් යනව ආ....!!! පුදුම වෙන්න දෙයක් නෑ, ඔහොම ලියන්න හැමෝටම බෑ. අපිට සතුටුයි!!!

නචියා said...

කවුරු උනත් පත්තරේට දාපු එකනම් ලොකු දෙයක්.... සෙල්ලම් නෑ සදරූ සර්ව දැන් ලංකාවම දන්නවා..... මගේ හදවතින්ම සුභ පතනවා උඹට සදරූ ...........ජය වේවා !!!!!

අකීකරු හිත said...

මගේ සුබ පැතුම් මල්ලියේ

සංකල්ප said...

මල්ලිගේ බ්ලොග් පෝස්ට් එකක් පත්තරේ වැටිලා තියෙනවා දැක්කම මාරම සතුටුයි. නිල් නෙතු නැති උනාට මල්ලිගේ අහස හිස් වෙන්න අපි ඉඩ තියන්නේ නෑ.

නිශ් said...

ජය වේවා ! මටත් ඕක දැක්කහම මාර සතුටක් දැනුනා. ඉතින් මොනාද පෙන්නුව අපේ උන්දැට අපේ සඳරුවා තමා මේක ලියල තියෙන්නෙ කියලා

wiaw said...

නියමයි.......... සුබ පතනවා මචෝ...........

Praසන්ன said...

මාත් බ්ලොග් කියවන්න පටන් ගත්තෙ ඉරිද ලක්බිමේ තිබුණු 'වියුනු සටහන්' කියල ගිය එකේ තරිදුගෙ සුදන්ත සාදුගෙ කතාව බලල ආස හිතුන නිසයි..

Anonymous said...

සුභ පැතුම් මචෝ... තව ලියපං... උඹට වරදින්නේ නෑ බං... එල එල...

හා පැටික්කි (MS) said...

සුභ පැතුම් සඳරු......

නිල් ඇස් දෙක ගැන ඔහොම හිතන්න එපා. කෙල්ලො කවදත් ගනන් උස්සනවනේ...... ඉවසන තරමට ප්‍රතිඵල හොඳ වෙයි.

අපේ සඳරුට ජය වේවා....!!!!

ayesha said...

මට නම් හුඟාක් සතුටුයි යාළු. සුභ පැතුම් ! දිගටම ලියන්න ලැබේවා කියලා

Gayan Rupasinghe said...

අඩේ උබ ගැන ආඩම්බරයි බං... සන්තොසයි...
ජය

pissi said...

සුභ පැතුම්! :)

පබලු said...

පට්ට හැපි මලේ...
අලි කරදරේ ගැන ලියපු ලිපිය කියවපු දවසේ මට හිතුනා මේක නම් පත්තරේක රූපවාහිනියකට දෙන්න ඕන කතාවක් කියලා.

කොහොමින් කොහොමහරි අපේ එකෙක්ගේ අදහසක් ,ලිවිල්ලක් ජාතික පුවත්පතක තියනව දැක්කම කාටද අඩම්බර ..

දිගටම ලියමු ..ජයෙන් ජය

Anonymous said...

අප්පට සිරි මේ කියනකං හාංකවීසියක් දැනං උන්නෙ නෑ නෙව මේක පත්තරේ ගියා කියල. එලම තමයි බං මලේ. සුභපැතුම්.

Anonymous said...

සදරු,

ලක්බිම පත්තරේ ටික කාලෙකට උඩදි ගිය ලිපි වගයකින් කතන්දරකාරයගේ බ්ලොග් එකයි තරිදු අයියා ලියපු සුදත්ත සාදුගේ කතාවයි කියවලා තමයි මමත් බ්ලොග් කියවන්න ලියන්න පුරුදු වුනේ.සමහරවිට උඹේ ලිපිය දැකලත් අලුත් කෙනෙක් බ්ලොග් කියවන්න ලියන්න පුරුදුවේවි.

දැන් මොකද නිල් නෙතු සීන් එකේ තත්වේ?

-නිර්මල-

රත්ගමයා said...

අඩ්ඩා....මම මේ කොමෙන්ට් එක දාල කඩේට දුවලා යනවා පත්තරේ ගේන්න....උම්ම්ම්ම්...
අඩෝ...දැන් ඉතින් සදරු සර් අල්ලන්න අමාරු වෙයි...
ඔය තීයෙන්නේ...අයියා දිනන්න කලින් මල්ලිට බෙනිෆිට් ලැබිලා...දිනන්න කලින් මෙහෙම නම් දින්නට පස්සේ කොහොම වේවිද..
අඩේ.....අත්සන දියන් කෝ සදරු අයියේ...දැන් බන්ගලාවක් එහෙම අරගෙන පොත් ටිකක් එහෙම ලියලා දැම්ම නම් ගොඩ නේ...
හිස් අහසේ සදරු ගේ අහස ෆුල් ඌ දවස...අම්මපා මේ පැත්තක ඉන්න මට මාර හැපී ඕයි....සිරාවටම....
ජය ම වේවා!!!!1

පිස්සා පලාමල්ල said...

හප්පා... මේ මක්කැයි ලියල තියෙන්නේ... ලැජ්ජයි වගේ බන්... හික් හික්... මම එදා නිකමට පත්තරෙ බල බල ඉද්දි ඕක දැක්කේ... හිස් අහස.. උඩින් සඳරු ගෙ නම දැක්කම හප්පා... මෙ අපේ පුංචි සර් නෙ කියල ගත්තා කෝල් එකක්... හිහි..

එලකිරි... මේ ඒකා නෙමේ කොල්ලො අවුරුදු උත්සවේට එමු නේ..

දුකා said...

මගේ සුභ පැතුම් සඳරූ
කලින් කිව්ව වගේ මේ පෝස්ට් එක මුල් පිටුවේ යනන් ඕන ලිපියක් . .

ඔන්න මෙතනත් දැමමා හොඳේ අර මම කාලෙකට ඉස්සර ලියපු පෝස්ටර් ගහන උන්ට චන්දේ දෙන්න එපා කියපු ලිපිය

සම්පූර්ණ ලිපිය කියවන්න

තාරක Dilsh@n said...

සඳරු කොලුවට ජය වේවා!!

මොකෝ අර දෑස ගැන අප්ඩේට් මුකුත් නැත්තේ??

හිස් අහස said...

@Observer = බොහොම ස්තූතියි ඔබ්සර්වර් මත්තයෝ !
.....................................................................................................................................................
@මාරයාගේ හෝරාව = සුබ පැතුවට ස්තූතියි . ඇත්තටම මගේ ලිපිය පත්තරේ දැම්මේ චාමික මහත්තයා නම් ඔන්න මම එතුමාට ස්තූතියි
කරා . ගොඩක් අලුතෙන් බ්ලොග් ලියන්න එන උදවිය කමෙන්ට් නෑ කියලා ආපුගමන් ලිවිල්ල නතර කරනවා එහෙම කෙනෙකුට මෙහෙම
අවස්ථා ලැබෙනවනම් ආසාවෙන් ලියයි හැමෝම . ඇත්තටම සතුටුයි මාරේ අයියේ ඇත්තටම ...
.....................................................................................................................................................
@dinesh = නෑ ලංකා දීපේ මේක තිබ්බා නෑ ..ඔයා අදහස් කරේ ලක්බිම වෙන්ඩ ඕන . ඔයා ඉතින් එදා ඉඳන් මගේ බ්ලොග් එකට ඇවිදිල්ලා මාව හැමදාම බලල යන මගේ එකානේ... උඹව කවදාවත් දැකලා නැති උනාට උඹ මගේ සහෝදරයෙක් වගේ වෙලා කමෙන්ට් එකට පෙරේත කමේ කියනවා නෙවේ . බොක්කෙන්ම කියන්නේ මචං .... නිල් ඇස් තවම ට්‍රයි ...
.....................................................................................................................................................
@MaRLaN = හි .හි . උස්සන්න බෑ ඒකි මාර බරක් ...
.....................................................................................................................................................
@අපරාජිතයා = අප්පටසිරිස් උඹත් බ්ලොගට ආවේ පිස්සා පලාමල්ල නිසාද ? බලහං නේද අපි සෙට් එකම එකතු වෙලා මේකව හොයලා
සම්මනයක් දෙමුද ? මචං උඹ සැප්තැම්බර් ද මම දෙසැම්බර් .. උඹ අයියා ..
.....................................................................................................................................................
@ඉෂ් = බෝහෝම ස්තූතියි . ඔයාලට හෑනම් මටත් හැපී ...
.....................................................................................................................................................
@නචී = ඇත්ත මට ගොඩක් සන්තෝසයි ඒක තමයි මම ඊයේ බස් එකේ යද්දී කෙල්ලෝ වගයක් හැරි හරී බැලුවේ .. :) ජය වේවා මචං උඹටත් ස්තූතියි
.....................................................................................................................................................
@අකීකරු හිත = ස්තූතියි අක්කේ
.....................................................................................................................................................
@මධුරංග = මම දන්නවා අයියේ . ඒකනේ උඹල හැමදාම මාව බලල යන්න එන්නේ උඹල නැත්තම් මම දැන් හිස් ...උඹලට බොක්කෙන්ම
ස්තූතියි
.....................................................................................................................................................
@නිශ් = අනේ මට ලැජ්ජයි !( මම මූන හංගගෙන . ) අක්ක මොකෝ කීවේ ? :)
.....................................................................................................................................................
@wiaw = ස්තූයි මචං ....!!!!!
.....................................................................................................................................................
@Praසන්ன = මම ඒක මීටකලින් දැකලා නෑ ඒ බ්ලොග් එක හොයාගෙන කියවන්න ඕන . කෝ ඉතින් ඔයා කමෙන්ට් කරනවා විතරයිනේ . ලියන්නේ නෑ නේ .ලියමු බ්ලොගක්
.....................................................................................................................................................
@prasanna86k = උඹට බොක්කෙන්ම ස්තූතියි මචං . උඹල ඉන්නකම් අපි ලියනවා .
.....................................................................................................................................................
@හා පැටික්කි = අපරාදේ නිල් ඇස්වලට වහ වැටුනේ . මට පාඩුවේ ඉන්න තිබ්බා . බලන්න මම දැන් නිකං ලිපේ තියාපු රොටී තැටිය වගේ . කෙල්ලෙක් නිසා වෙච්ච හදියක් මොකටෙයි හාවි කෙල්ලෝ ගනං උස්සන්නේ ...? හාවිටත් ජය !
.....................................................................................................................................................
@ayesha = ඔයාත් ස්තූතියි යාළු

හිස් අහස said...

@Gayan Rupasinghe = මෙන්න මගේ බෝට්ටුවේම එකා . අපිදෙන්නම කරන්නේ එකම ජොබ නිසා මට උඹව වැදගත් !! ස්තූතියි මචං !
.....................................................................................................................................................
@pissi = ස්තූයි පිස්සි
.....................................................................................................................................................
@පබලු = මේං පබලු අක්කා ඇවිදිල්ලා .! මෙවුවා රූපවාහිනියට දැම්මොත් අලි මට හොයාගෙන ඇවිලා ගහාවි . බොහෝම ස්තූතියි අක්කේ .ඔයාල නිසා තමයි අපි ලියන්නේ .
.....................................................................................................................................................
@nawammawatha = ස්තූතියි නවම් අයියේ . හැම දේකටම (විශේෂයෙන්ම උපදෙස් වලට)
.....................................................................................................................................................
@annanmannan = එහෙම උනොත් ඒක කොයි තරම් ආඩම්බරයක්ද ? නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ ? මම ඉතින් ඔහොම කිය
කිය ඉන්නවා . මචං .
.....................................................................................................................................................
@රත්ගමයා = අඩෝ අපේ අයිය දින්න වගේ තමයි . හරිය දැන් ඉතින් ගම මගේ ! රටත් මගේ ! . ඊලඟමාසේ පඩියෙන් බංගලාවක් ගන්නම් . එක්සැයිස් පොත් ටිකක් ගත්තනම් ඔය මොනාහරි ලියන්ඩ බැරියැ ....ආවට ස්තූයි මචං . මගේ බංගලාවේ දවසක් ඉඳලා යන්ඩ වරෙං මචං !
.....................................................................................................................................................
@පිස්සා පලාමල්ල = අවුරුදු උත්සවේට එන එක කියන්න බෑ අයියේ . මට නිවාඩු ගන්න බැරි වෙන පාටක් තමා තියෙනෙනෙ . මගේ බ්ලොග් මුල් ගුරුතුමාව බලන්නත් ආසයි ... බලමු මට පින තිබ්බොත් එන්නම්
.....................................................................................................................................................
@දුකා = ස්තූතියි දුකා අයියේ . නිකමට ඔන්න ඔහේ ලියලා දාපු එකක් . ඔයාගේ ලිපියත් මම බලන්න යන්න හදන්නේ .
.....................................................................................................................................................
@තාරක = මචං උඹටත් රොම්බ තෑන්ක්ස් . නිල් නෙතු මට ඔරවනවා ... එයා ගනං උස්සනවා

Unknown said...

මම අද ටිකක් පරක්කුයි මිත්‍රයා... මම කොහෙන් හරි ඔය පත්තරේ හොයාගන්නවා. අපරාදේ මේ දවස් දෙක මට ඔයාගේඑ බ්ලොග මඟ ඇරුණනේ.. කොහොම උණත් ජය වේවා, එලම කිරි.

Thusitha (දිමා) said...

Elakiri machan....

Hishan de Silva said...

මේක මම හිතන්නෙ blog post එකක් ලංකාවේ පත්තරේක පලවෙච්ච පළවෙනි සැරේ වෙන්න ඕනේ.

මොකද හුගක් අය blog එකක් කියන්නෙ මොකක්ද කියලවත් තාම දන්නෙ නැහැ. උඹේ ඔය ලිපිය හොදට රසවත්ව ලියවිලා තිබුන නිසා කියවපු අය "හැමෝම" මුල ඉදන් අගටම ලිපිය කියවන්න ඇති. අනිවා...

ඔන්න දැං ලංකාව, හිස් අහසෙ, සදරු කොල්ල දිහාවට හැරෙන සයිස් එකක් තමා තියෙන්නේ.

BLOG ගඩොල් said...

නියමයි සහෝ!!! අපිට ගොඩක් සතුටුයි ඈත ගමක ඉඳලා උඹ ලබාගත්ත සාර්ථකත්වය දැක්කාම. කොහොමත් ලේඛනයෙන් උඹ කවදාහරි යම්කිසි තැනකට එයි කියලා මම කලින්ම හිතුවා. ජයවේවා

MaRLaN said...

අප්පට මාර බරක් කියන්නේ උස්සලත් බලලා වගෙයි නෙ....
මාට්‍ටුද?

poppy said...

mamath blog eka patan gaththe lakbimen blog kiyawala balala aasaawata,kalinma site 1k hadan thibbata post damme na.....ela kiri.congratulations!!!!!!

Nuwanga said...

නියමයි අයියේ, ඡන්දෙ ඉල්ලන ඔයාගේ අයියා මේක දැක්කද?

හීනියට.... said...

උඹට ජය ශ්‍රී සහෝ......ඔහොම යමු.....

උඹටත් වඩා පට්ටම හැපී මට බO....ඇයි නිතර ගොඩ වදින තැන වෙච්චි, ඒ වගේම ලිපියත් මුලින් කියවල නොවැ තිබ්බේ.....මරු මරු

හිස් අහස said...

@මිත්‍යාදෘෂ්ටිකයා = උඹ ආපු වෙලාවක මම පත්තරේ දෙන්නම් බලන්න . උඹට ඉතින් මට කොයි වෙලේ ස්තූතියි කියන්ඩ බැරිය
.....................................................................................................................................................
@Thusitha Jayasinghe = තෑන්කුයි වේවා මචං !!
.....................................................................................................................................................
@Hishan Melanga = මචං මීට කලින් ලක්බිම පත්තරේ බ්ලොග් වලටම කොටසක් වෙන්කරලා තිබ්බලු . ලංකාවම හැරිලා මට මදි නොකියන්න දේවිද ? . උඹටත් ස්තූතියි මචං ..
.....................................................................................................................................................
@blog gadol = පූසෝ සෙට් එක මගේ බ්ලොග් එක කියවන්න දින පතා එනවනේ . ඔයාල ආපු අඩි සටහන් බ්ලොග් එකේ තියනවා. උඹලට තරම් පට්ටෙට අපිට ලියන්න බෑ .මට එවුව නිකං හීනයක් පමනයි . පූසෝ රැලටම ස්තූතියි . ඤාව් !ඤාව් !
.....................................................................................................................................................
@MaRLaN = පික්සුද මැරියන් එයාව උස්සන්න ගියොත් මම සුන් .කිලෝම 50ක් විතර ඉන්නවා .!
.....................................................................................................................................................
@poppy = බොහෝම ස්තූතියි අයියෝ . ඔයා අර ලියනවා කියපු එක ලියන්නේ නැතුවා !
.....................................................................................................................................................
@Nuwanga = අයිය තියා මගේ ගමේ මොකෙක්වත් දන්නේ නෑ මම මේ බ්ලොග් එක ලියනවාය කියලා .මම කියන්නෙත් නෑ මචං. ස්තූතියි උඹටත්
.....................................................................................................................................................
@Heeniyata = උඹලට හැපීනම් මටත් හැපී මචං . කොයිතරම් සන්තෝසයක්ද අපිව බලන්න යනවා එනවා කියන එක . ස්තූතියි උඹලට ..

Anonymous said...

හිස් අහසක් වුනාට.. තරු වලටත් වඩා එළිය දෙන යාළුවො යෙහෙලියෝ ගොඩක් ඉන්න අහසක් වගේ...

මම හිතන විදිහට අහස හිස් වෙන්න ඇත්තේ... යාලුවො ඔක්කම ඉන්නේ පොළවෙ නිසා වෙන්න ඇති....

සුබ පැතුම් හිස් අහස..........

සම්පත් said...

ඔව් බන් කමෙන්ටුව දාන්නෙ පරක්කු වෙලා...සොරි කිව්වා...
මම බ්ලොග් කියල දෙයක් දැන ගත්තෙ අනුරාධ ගෙ "අනන්තය" න් බ්ලොග් එකක් ලියන්න ඔන කියල හිතුවෙ උඹගෙ පොස්ට් කියවලා...මගෙ ජීවිතෙට කියවපු ලස්සනම පොස්ට්ස් තියෙන්නෙ උඹගෙ බ්ලොග් එකෙ...
මම උඹගෙ බ්ලොග් කියවලා මගදි නවත්තනව...පොඩ්ඩ පොඩ්ඩ කියවන්නෙ....මොකද උඹගෙ සමහර බ්ලොග් පොස්ට් එකක් ඔක්කොම එක පාරට කියවනකොට ඇඬෙනවා...office එකෙ එවුන් ඉස්සරහ කඳුලු පුරවන් හිටියොත් පට්ට නොන්ඩිය නෙ....

උඹට සදා ජය....!

අලුත් කොල්ලා | The New Guy said...

ජය වේවා.....සුබ පැතුම්...

මේ කොල්ලගේ පළවෙනි කොමෙන්ටුව......

http://aluthkolla.blogspot.com

Hasitha Gunasinghe said...

සන්තෝෂයි සන්තෝෂයි ස්කීම් එකටනේ ආඩම්බර :)

මැරා... said...

ela......ela......

සාතන් said...

අඩේ එල එල... සුභ පැතුම් ලොක්ක !..

Anonymous said...

Jai Ho!!!

Post a Comment

තැන්කූ බං