22.3.11

බූත ගුනේ...

රන් අකුරෙන් නම ලියවී නැතුවට
මගේ ගමෙත් විරුවෙක් හිටියා
කාලක් කාරිය ගත්ත වෙලාවක
ගැන ලියනට මට හිතුනා ..

වාස ගමක් නැත මුල අකුරක් නැත
බූත ගුනේ ඔහු නම වූයේ ….
කතා බහක් නැත වැඩිය හිනා නැත
පාරෙ තමයි ඔහු දිවි ගෙවුවේ

බුරියට ඇඳි කොට කලිසම පමණයි
තුන්සිය හැටපස් දින ඇන්දේ
තුම්මං හන්දියේ බෝක්කුව තමයි
ඔහුගේ නිවහන ලෙස සැදුණේ

හරක් හොරා තෝ තැඹිලි හොරා !
පිරිමින් ගුනේට අමතනවා !
වලත්තලා තෝ ගෑනු පෙරේතය
ගෑනුත් ගුනේට නම් දෙනවා !

අවමන් වින්දද ගැරහුම් ලැබුවද
ගුනෙයා නෑ නෙව සසල උනේ
අඳුර ගෙවී ගොස් ගුනේගෙ දිවියට
අළුත් ඉරක එළියක් වැටුණේ

ගම වනසන්නට එකමත් දවසක
දෙපා කොටින් රෑනක් ආවා
කැත්තක් ගෙන බූත ගුනේ එක
කොටියෙකුගේ හිස දෙපළු කළා !!

මූනම් මිනිහෙක් නෙවෙයි බූතයෙක් !
වීර කොටින් දෙදණින් වැටුණා
ආඬවනේ ! කොටි නායකයන්ටත්
ඇඳන් උන්නු රෙදිවල රෙවුණා !

අත රැඳි ගිනි අවි විසිකර දමලා
කොටි රෑල හූ කියමින් දිවිවා
සැඟ වී සිටි ගම්මුන් එළියට විත්
ගුනේගෙ පා වඳිමින් වැටුණා

බූතගුනේ නම අප හදවත් තුළ
එදා පටන් ලියැවී තිබුණා !
බූතගුනේ යන නමට පසු දිනක
දේශ බන්දු නම එකතු උණා !

දේශ බන්දු ලෙස පිදුම් ලැබූවද
බූත ගුනේ නෑ වෙනස් උනේ
ගස් ගල් ගානේ සැතපී ඉඳලා
උදෑසනම ටවුමට එන්නේ !

හරක් ඉස්සුවත් හොර පොල් කැඩුවත්
ගුනේට නෑ ආයෙත් බැන්නේ
පොලීසියේ අයි සී ලොක්කත්
ගුනේ සමගිනුයි දැන් බොන්නේ !

මගුල් ගෙදරටත් මරණ ගෙදරත්
බූත ගුනේ මුලසුන ගන්නේ
මාස හතරකින් ගුනේගේ දිවියට
තව ගේමක් එන්ටර් වෙන්නේ

කැලෑ දෙවියන්ට තද උණු දවසක
වල් අලි රෑනක් ගම් වැදුණා
හේන් කුඹුරු වී අටු කොටු සේරම
දූවිලි සුළඟේ ඉගිල්ලුණා !

හරක් පැටවු වල් බල්ලන් පූසන්
අහුරු පිටින් පොළවේ ගැසුවා.
කටු මැටි වරිච්චි බිත්ති ගෙවල්වල
පපඩම් ලෙස පොඩිකර දැමුවා

ළමයින් අතහැර ගෑනු වඩා ගෙන
පිරිමින් හිස්ලූ අත දිවිවා
මේ සේරම මැද බූත ගුනේ තම
කැත්තද ගෙන පෙරමුණට ගියා

අලි රැළ මැද්දට පැන්න ගුනේ
කැත්තෙන් නියම වැඩක් දැම්මා ..!
ඒත් අනේ එක වල් අලි පැටියෙක්
ගුනේට පොඩි පාරක් දුන්නා !!!

පාර වැදීල කැත්ත විසි වෙලා
ගුනේ කැරකිලා බිම වැටුණා !
අලි රැළ ගුනේගේ ඇඟ උඩ නැගලා
බ්රේක් ඩාන්ස් පාරක් දැමුවා !

ගල් රෝලට ලබ්බක් යට වූ කල
කොහොමද මිතුරනි දිස් වෙන්නේ ?
අලින්ට පෑගුණ ගුනේගෙ බොඩියත්
පොඩි වූ ලබු ගෙඩියක් වැන්නේ

පොලීසියෙන් දුන් කඳුළු ගෑස් මැද
හැම නෙතකම කඳුලැල් නැගුණා
ටයර් පුච්චලා කලු කොඩි දාලා
බූත ගුනේ මිහිදන් කෙරුණා

වීර පුතෙක් පොළවේ ඇලුණා
ගම්මානෙම කඳුළින් තෙමුණා
අලින් ලැබූ ජය මතකෙට එනවිට
මගේ මුවින් සුසුමක් නැගුණා !

 
සඳරු //

58 comments:

MaRLaN said...

පට්ට ඕයි ඇඩෙනවා.....

Anonymous said...

අඩේහ්..මරු...කවිය සදරු... ආයේ දෙකක් නැ.. යුගයේ නව කවිකාර සදරු... පව් කියලා අර මනුස්සයා ගැන කියන්නත් වචන නැ කවියට...ආයේ දෙකක් නැ..මේක නම් එල...

චතුවා said...

මේ ඇත්තටම වු‍නු දෙයක්ද? :O

චතුර.... said...

ලස්සන පදපෙළ..

"ළමයින් අතහැර ගෑනු වඩා ගෙන
පිරිමින් හිස්ලූ අත දිවිවා "

හික්ස්
අලි ආවත් නැතත් ගොඩක් පිරිමි කරන්නේ ඕක..

පැන්ඩා said...

මම හිතනව මේ වගෙ පොදු අලි ප්‍රශ්නයක් ගැන උඹ අතින් කතා කෙරුණ දෙවනි වෙලාවෙ එක දාන්න තරං අපේ ජනමාධ්‍ය වෙදියො පෙළඹෙයි කියල..

කවි ටික ගැන කිව්වොත් පට්ට..අදහස ගැන කිව්වොත් තවත් බලධාරීන් නිහඩ අලි මිනිස් ගැටුමක්..

Hipo said...

හික්... අනේ පව්.. මොනා වුනත් මට බලන් හිටිය වගේ කතාව මැවිලා පෙනුනා....

මාරයාගේ හෝරාව said...

උඹනං යකෙක් බං..
මට දැන් හිතෙනවා මං හරිම වැඩේ කලා කියලා..මං දැන් අර මොකක් සින්ඩියකින් පවත්වන බ්ලොග් ස්ටාර් තරගේ වට දෙකෙදීම තොට චන්දේ දැම්ම එක ගැන මටම සංතෝසයි බං...

සෝරෝ said...

උඹේ කවි කීමේ හැකියාව නම් උපරිමයි කොල්ලෝ... මරු කවිය..!!

පූසා said...

බූත ගුණේට නිවන් සුව අත්වේවා!
ෆට්ට බං. කියල වැඩක් නෑ......

නචියා said...

ලස්සනයි සදරූ....... නියමෙටම ගලපලා තියනවා......

Rachintha Jayawardhana said...

මරු කවි සෙට් එක සහ කතාව මචං!

Chanaka Aruna Munasinghe said...

Excellent !!

Praසන්ன said...

ලස්සන පද පෙලක්..

Asanka Udayanga said...

එල එල......තනුවක් දාන්න වුනත් සුදුසු ආකාරයේ පද පෙලක්..

ඉලංදාරියා said...

සදරු මචො මේක උබ මරුවටම ලියලා තියනවා.. කොල්ලො..

පට්ටම මට කියවනකොට් මෑවිලා පේනවා කතාව..

සත්සමුදුර said...

නියමයි! සහෝ.. නියමයි!

ayesha said...

ෂා නියම කවි පද ටික. ඔයාට ලස්සනට කවි ලියන්නත් පුලුවන්නේ

Gayan Rupasinghe said...

අඩේ පට්ට කවි ටික ඈ....

පිණිබිඳු... said...

කවි ටික නම් කියල වැඩක් නෑ සහෝ මරේ මරු

පබලු said...

ඇඩිලා ආයේ ඇඩෙනවා ..
සුපිරි !!

Anonymous said...

කවදත් කොතනත් ඔහොමයි ගොයියෝ
මිනිහට මිනිසුන් සලකන්නේ
පෙනුමට හැඩ නිල වලට වහනවුන
මිනිසත්කම නැහැ ජය ගන්නේ

කළු සුදු මිනිසුන් වෙන් කෙරුමට ගත්
මිනුම් දණ්ඩ විසි කරපන්නේ
කළු අය අතරෙත් හිත සුදු මිනිසුන්
ඇති බව දිනකදි දැන ගන්නේ

මටත් දුකයි මේ කවි කොලයේ තතු
කියවා මගේ හදෙත් සුසුමක් නැගුනා
එනමුදු මොහොතින් සැනසුම් සුසුමක්
පසු පස විත් මේ බව කීවා

සඳරුගෙ අයියා ලොක්කෙක් බව දැන්
අපි කවුරුත් දන්නව නේදෝ
අලි එල වන්නට ගම දිනවන්නට
අයියට දැන් තිං හැකි නෙවෙදෝ

Anonymous said...

බං සඳරු මල්ලි. ආයෙ නෑ දෙකක් මෙක පට්ටම පට්ටයි. උඹට ලියන්න ඇහැකි බං උපරිමේටම, ආයෙ වැදුනා මේකනං...

දුමී said...

නියමයි සඳරු මල්ලි. මේක කියවද්දි මට මතක් උනේ අර නෙයිනගේ සූදුව නාට්ටියේ විරුදුව....!

Anonymous said...

මේ කවියේ පොලිටික්ස් බින්දුවක් වත් නැත,
නියමයි

Ravi said...

බූත ගුනේ වගෙ නිහඬ වු විරුවන්,
ඉන්නව කොයි ගමකත් වාගේ,
කවුරුත් දන්නෙ රඟනා නලුවන්,
ගුනේල නිහඬයි ගල් වාගේ,

ඇත්තක්මද නම් මන්දා මේකා,
ලියපු විදිහ නම් මාර තමයි,
ගුනේට උනු දේ මැවිලා පෙනෙනව,
කඳුලු නැඟී ඇස් දෙකම බරයි,

/ ළමයින් අතහැර ගෑනු වඩා ගෙන /
එළම කොටස මේ ටික හෙහ්, හෙහ්,
හැමදා අලි ඒවා ගම් මැද්දට,
ගෑණු පැතූ බව නම් සත්තයි,

බූත ගුනේ හට පතනෙමි මොක්සුව,
වෙන මොනවා කරනද නොහැඟේ,
චන්දෙන් අයියා දිනන්ඩ ඇති නෙව,
අලි එලවන්නට දැන් කාලේ,

hare :-) said...

ආයෙ මොනව කියනවද? උපරිමයි සඳරු. කතාවෙ කෑල්ලෙන් කෑල්ල මැවෙන්න තියෙනවා.

Anonymous said...

"ළමයින් අතහැර ගෑනු වඩා ගෙන
පිරිමින් හිස්ලූ අත දිවිවා" හික්Zz

මොනවා වුනත් නියමෙටම ලියලා තියනවා, පට්ට කවි ටික

Chanaka Aruna Munasinghe said...

කොටින්ගේ හතුරාට අලියා පහරදීම තරයේ හෙළා දකිමි. මෙය අලි කොටි සම්බන්ධතාවය පිළිබඳව තවත් සාක්ෂියකි

Podi Kumarihami said...

හරිම ලස්සනයි සඳරූ.
"ළමයින් අතහැර ගෑනු වඩා ගෙන"
"බ්‍රේක් ඩාන්ස් පාරක් දැමුවා "
"පොඩි වූ ලබු ගෙඩියක් වැන්නේ "
මාර කවි අදහස් ටික. හරිම අලුත් විදියකට හිතලා තියනබව පේනවා.
පින්තූරේ ඔයාගේ එකක් එහෙම නෙමේ නේද?:D

සංකල්ප said...

පට්ට සීන් ටික. ඇඩෙනවා කියවද්දි. නියම මනුස්සයෙක් නේ මල්ලිලාගේ පැත්තේ ඉදලා තියෙන්නේ.

දේශ බන්දු බූත ගුණේට ජාතියේ උත්තමාචාර !!!!!!

හීනියට.... said...

එළ එළ.....චිත්තරපටියක් බැලුව වගේ ඕO......

හිස් අහස said...

MaRLaN = අඬන්නනම් එපා පුතේ !
.....................................................................................................................................................
@නිම්ශා = බොහොම ස්තූතියි බොහෝම ස්තූතියි . "කවිකාර සඳරු" ම්... නරකමත් නෑ ඒත් මට කවි සිතුවිලි එන්නේ එක කාලෙකට විතරයිනේ ! . එල නම් එල !
.....................................................................................................................................................
@චතුවා (ළමයා) = මම පොඩි කාලේ වෙච්ච දෙයක් . අම්ම තමා කතාව කීවේ . සඳරු තමා පද ගැලපුවේ
.....................................................................................................................................................
@කැන්ඩි = ආ... කැන්ඩි උඹව දැක්ක කල් ! . අපේ පැත්තේ අය අලියෙක් එනකම් ඉන්නේ බං ගෑනියෙක් වඩා ගන්න !
.....................................................................................................................................................
@පැන්da = අලි මිනිස් ගැටුම දැන්නම් ටිකක් අඩුයි අපේ පලාතේ ඒක අඩු උනේ ඒතරම් හොඳ ක්‍රමේකට නෙවේ . අද අලියෙක් මැරිලා . මම හෙට අනිද්දම ෆොටෝ කීපයක් දාන්නම් ...
.....................................................................................................................................................
@Hipo = ස්තූතියි හිපෝ . ඔය ලොකු කටින් එහෙම දෙයක් අහන්න ලැබීමත් සතුටක්
.....................................................................................................................................................
@මාරයාගේ හෝරාව = ආ ඔයාද ඒ මට චන්දේ දැම්මේ . ඇයි බං අයියේ ඔයා එකම ජන්දේ මට පාවිච්චි කරේ ! උඹ හොඳම හොඳ එකෙක් . මට ආපු දෙවනි කමෙන්ට් එකත් උඹගෙන් .
.....................................................................................................................................................
@සෝරෝ = ස්තූතියි සෝරෝ . බොක්කෙන්ම
.....................................................................................................................................................
@පූසා = ගුනේ වෙනෙ කොහේ හරි ඉපදිලා ඇති මචං .ස්තූතියි . පූසෝ !
.....................................................................................................................................................
@නචී = අනේ ගලපලා නෙවේ නිකම්ම ගැලපිලා . මම බීලා නෙව ලීවේ
.....................................................................................................................................................
@මුචලින්ද = මුචා අයියේ බොහෝම ස්තූතියි . "කාලෙකින් ටොපියක් කෑවේ නෑ ටොපියක් දියං බං"
.....................................................................................................................................................
@Chanaka Aruna Munasinghe = මකරත් මගේ කවිය බලල . ස්තූතියි මකරෝ !
.....................................................................................................................................................
@Praසන්ன = ස්තූතියි ප්‍රසන්න අයියා .! ඔයාගේ සප් එක රටක් වටී මට
.....................................................................................................................................................
@අසoක = අඩේ තනු දාන්න එපා . බූතගුනේ ගේ හොල්මන මේ පැත්තේ කැරකෙනවලු !
.....................................................................................................................................................
@ඉලංදාරියා = උඹගෙනුත් වර්ණනාවක් ලැබිච්ච එක කොයිතරම් හොඳඳ මචං. ස්තූතියි
.....................................................................................................................................................
@දිනේශ් දීපාල් = එලකිරි දිනේ !!! ස්තූතියි ආ !
.....................................................................................................................................................
@ayesha = අනේ මට ලැජ්ජයි !
.....................................................................................................................................................
@Gayan Rupasinghe = බලහං නේ මොකෙද්ද එකෙක් ලියලනේ ! ස්තූතියි මචෝ !

හිස් අහස said...

@පිණිබිඳු = ස්තූතියි සහෝදරී ! .
.....................................................................................................................................................
@පබලු = අඩන්න එපා ! මටත් ඇඬෙනව අක්කේ . ස්තූතියි
.....................................................................................................................................................
@සොඳුරු සිත = දිවිල්ලක් තමා තියෙන්නේ . වත් අක්කා එක්ක කවි ලිවුව්ව හැකිය මේ මට ? අනේ කවියට කවියක් දෙන්න තරම් කවි කරුවෙක් නෙවේ මම . ඔයාගේ කවිය සුපර් . ඉතින් ආයේ සොඳුරු සිත අතුපතු ගාලා පිලිවෙලකට හදලා ලියන්න පටන්ගම්මු අක්කේ ! මට උදවු ගන්නත් ඕන
.....................................................................................................................................................
@nawammawatha = ඔයාට තරම් හැකියාවක් මට නෑ අයියේ මමත් ඔයාගෙන් යම් යම් දේ ඉගන ගන්නවා
.....................................................................................................................................................
@දුමී = දුමීගෙන් අදහසක් ආපු එක කොච්චර හොඳඳ . කෝ බොල අයියේ ? කට කහන කතාවක් දියංකෝ !
.....................................................................................................................................................
@Dee = බොහොම ස්තූතියි සහෝදරයා . මේක පීඩිත පන්තියේ මිනිහෙකු ගැන කවියක්
.....................................................................................................................................................
@Ravi = මගේ කවිය පරාදයි . අයිය අනිවා අලිටික එලවලා දායි විල්පත්තුවට . අයියාගේ මුල්ම ජන්ද ගුන්ඩුවත් ඒක . මේක ඇත්ත සිද්දියක්ලු අම්ම තමයි මට කීවේ . තව ඉතින් ගමේ උන් ඕන එකෙක් මේක දන්නවා . ඔයාගේ දිගු කවියට ස්තූතියි !
.....................................................................................................................................................
@hare :-) = ස්තූතියි හරී . ඔයාල මේකට කැමතිනම් මම පට්ට හැපියෙන් !
.....................................................................................................................................................
@බීටා = අයේ අපේ ගම්මේ එවුං ගෑනියෙක් වඩාගන්නේ කොයි වෙලාවෙද කියලා ඉන්නේ . (මම නැතුව) ස්තූතියි බීටෝ!
.....................................................................................................................................................
@Chanaka Aruna Munasinghe = බලහංකෝ ඉතිං මේ මකරාගේ දෘෂ්ඨි කෝණය .අලි මට නඩු දාවිද ?
.....................................................................................................................................................
@Podi Kumarihami = අක්කේ අපේ සීයා තමයි ඔය උඩ පින්තූරේ ඉන්නේ සීයා කොල්ලා කාලේ ගහපු පින්තූරයක් . කොහොමද ? ස්තූතියි ආ!
.....................................................................................................................................................
@මධුරංග = ස්තූතියි මධු අයියේ . මම කියනම් ඔයත් උත්තමාචාරේ දුන්න කියලා .පොරගේ සොහොනට ගිය දවසක
.....................................................................................................................................................
@Heeniyata = ඇක්ශන් ෆිල්ම් එකක් . නේද ? ප්‍රසංසාවට ස්තූතියි අයියෝ !

Dinesh said...

හරිම ලස්සනයි යාළුවා... හිතෙ චිත්‍රයක් මැවෙන විදිහට ලියලා තියෙනවා අපුරුයි....

තාරක Dilsh@n said...

නියමයි!

Abeetha Edirisinghe said...

එලස්.. පට්ට...අලි එලවන්න එපා බන්... උනුත් ඔහොම හිටපුවාවේ....

හිස් අහස said...

Dinesh = ගොඩක් ස්තූතියි දිනේශ් .ඒ අගය කිරීම මට මාරම සතුටක්

.....................................................................................................................................................
@තාරක Dilsh@n = තැන්කුයි මචං !
.....................................................................................................................................................
@අභීත = ඔන්න ඉතින් ඔයත් මට මොත්තේ දානවා ! ඈ අයියේ අලි ගමේ ඉන්නකොට අපි ඉන්නේ හඳේද ?

Kasun said...

හෙනම පට්ටය. සිරා කවි ටික. හැබැයි ඇත්තට ඔහොම කෙනෙක් හිටියද?

Anonymous said...

මාර ගති කවි සෙට් එක... හොඳට පද ටික ගලපලා තියෙනවා... :)

Anonymous said...

උඹට බිව්වම තමා වෙනස් අදහස් එන්නේ... මේ බං... උඹලාග​ේ පැත්තේ පිරිමි ළමයින්ව තියලා ගෑනුන්ව වඩාගෙනද බං යන්නේ?

Anonymous said...

පදපෙල කදිමයි අදහස නියමයි
නොදැනිම කදුලක් නෙත රැදුනේ

මෙහෙම කීදෙනෙක් අලි ගෙනියනකං
ඉන්නද දන්නෑ මුං යන්නනේ

රතීගේ දිනපොත said...

කවි කාරයෙක් වුනාද? හොදටම හොදයි. අගෙයි.

හිස් අහස said...

@Kasun = ඉඳලා තියනව මචං මම එතකොට පොඩි එකා අපේ අම්ම තමයි මට ඔය කතාව කීවේ
.....................................................................................................................................................
@කොට ජීවිතේ = ගැලපුනා අක්කේ මම හිතලා ගැලපුවා එහෙම නෙවේ ඕං . ස්තූතියි
.....................................................................................................................................................
@prasanna86k = අනිවා මචං හීනිවට දාගත්තම ආයේ රචනාවක් උනත් කවියක් කරලා රීමික්ස් එහෙමත් කරලා ගත හැකි .
.....................................................................................................................................................
@ඉෂ් = ඔන්න මචං අලියෙක් පෙරේදත් අවසන් ගමන් ගියා මම ෆොටෝ ටිකක් ගහගන්න යන්න ඉන්නේ ෆොටෝ ටික ගහපුහාම බ්ලොග් එකේ දාන්නම් .
.....................................................................................................................................................
@රතී = පොඩ්ඩක් වනාගත්තම ඉතිං අපිත් කවි කරුවෝ තමයි අයියේ . මම මේ දවස්වල උඹගේ බ්ලොග් එකේමයි ඉන්නේ මට නෙට්වර්කිං පාඩම් වගයක් වැටිලා මම උඹගේ බ්ලොග් එකේ තියන පාඩම් එවුවට සම්බන්ද කරගන්නවා .අයියා අමනාප නෑ නේ !

පාරභෞමිකයා / ET said...

බූත ගුණේ ගෙන් අපිට තව ආදරුශයක් ගන්න පුලුවන් නේ ද?

කළ හැකි දේ
මට කරන්න බැරි දේ
තෝරා ගන්නට බැරි හින්දා
අනුන් බැන්ද රත්තරන් මාලයේ
දිස්නෙත් සෑහෙන වැඩි හින්දා
සම්මානයි ගෞරව නාමයි මට
රැකගන්නට ඕනත් හින්දා
බැරි දේ කරනට ගොස් ඔහු ගේ දිවි
තොර වූ හැටි බලනුය දුකිනා

මෙහෙමම නෙ සඳරු, කෙනෙක් නරක දේවල් කරල කරල හිටපු ගමන් හොද වැඩ කරාම , ජීවිතේ පරදුවට තියල වීරකම් කරාම වටේ පිටේ ඉන්න අය ඒ පුද්ගලයගේ අර ඕක්කම නරක ගති ගුණ අමතක කරල ඒ පුද්ගලයව සම්මානනීය කරනවා.

ඉතින් ඊට පස්සේ ඒක රැක ගන්න මේ මනුස්සය ඕනිම දෙයක් කරන්න පෙළඹෙනවා. ඒ වගේ තමයි මේ මනුස්සයටත් වෙන්න ඇත්තේ. ඉතින් පුලුවන් දේ බැරිදේ ගැන සෙවීමක් නැතිවම වීර කම රැගන්න ගිහින් ඒ මනුස්සයට වෙච්චි දේ බලන්න.

ඇත්තටම ඒ මනුස්සයගේ මරණයට වග කියන්න ඕනි අලිය ද ? නැත්තම් ගමේ මිනිස්සු ද? ගමේ එක මිනිහෙක් කෑගැහුව ද? යන්න එපා භූත ගුණේ . ඔය අලිය මහ වස නපුරා කියල...

කොහොම වුනත් කවිපද ටික ලස්සනට ලියල තියනව සඳරු... ජය ෴

BLOG ගඩොල් said...

නියමයි මචං! සිරාවටම, සංවේදී විදිහට ලියලා තියෙනවා

අපරාජිතයා :::: Aparajithaya said...

පට්ටයි ඕයි ඇඩේනවා............!!!

Hishan de Silva said...

හිස් අහස යට බූත ගුනේ. පට්ට කතාව.

kANI said...

පට්ට මචන්.. ඇඩෙනවා!!
මාරම කවි ටික!

jhothishalanka said...

හපොයි මේක මම අදනේ දැක්කේ.භුත ගුනේ වගේ අයත් ඉන්න ඕන.
අම්මපා කවි ටිකත් මරු.

අලුත් කොල්ලා | The New Guy said...

කොල්ලට හිතෙන හැටිද මන්දා...ව්‍යoගාර්ථයක් පෙන්නුම් කරනවා...

http://aluthkolla.blogspot.com

ප්‍රාර්ථනා said...

කියන්න වචන නෑ..උපරිමයි..^_^

Bunny said...

අලියා ගහයි බැටෙ එකෙන්.. මං දැන් දැක්කෙ මේක :D

Chanaka Aruna Munasinghe said...

මෙන්න මරණයෙන් පස්සෙ භූත ගුණේට වෙච්ච හරියෙ ඉතුරු ටික

http://status-chanaka.blogspot.com/2011/06/blog-post_23.html

වන්නි said...

යකෝ මේ වගේ කවියක් කියෙව්වමයි. මට පුදුම, මට කොහොමද මේක මිස් වුනේ කියලා. මං මකර රංදහන හරහා ආවේ. උඹ එළ පොරකි. මෙන්න මගෙන් පහට දහයක්... පචාස්..!!! :-)

Buddhi said...

වන්නියා වගේ මමත් මකරාගෙ හරහා ආවේ..... මලයාගෙ කවි ටික නං සුපිරියි. හැඟීම් කීයක් මේ වචන අස්සෙ තියෙනවද අප්පා....

kasun said...

නියමයි..‍ෆිල්ම එකක් බලනව වගේ මේක කියෝනකොට සිද්දිය මැවෙනවා...!!!!!

Anonymous said...

kaviya aviya.akandulu enawa ban hinawa atharinma...ravi malaysiya

sanka said...

"ළමයින් අතහැර ගෑනු වඩා ගෙන".....
උබනම් මිනිහෙක් නෙවෙයි බූතයෙක් !

Post a Comment

තැන්කූ බං