18.4.11

ලොවට හොරෙන් සිදුකළ මගේ කසාදය

          මීට මාස හයකට කලින් හිස් අහස කියලා විකාරම නමක් දාගෙන පුංචි බ්ලොග් එකක් හදලා . සිංහල අකුරු එකින් එක විකාර විදිහට අමුණමින් කාලයක් ගෙවුණා ........ .මම අද මේ හිස් අහස බ්ලොග් එකේ ලියන පනස් වෙනි ලියවිල්ලත් සම්පූණ කරන්නයි හදන්නේ .
මගේ ජීවිතේ මම ගත කරපු අවුරුදු 22 න් වැඩි හරියක්ම මම ගත කරේ කිසිම කෙනෙකුට ප්‍රයෝජනයක් නැති කාලකන්නියෙක් විදිහට . සහතික ඇත්ත මම ජීවිතේ විඳින්න උත්සහ කරා !. උපරිමයෙන් විඳින්න උත්සහ කරා. අන්න ඒ හේතුව නිසා මම මගේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් නිකරුණේ කාල දැම්මා .ඒත් මම මේ ගතකරපු අවුරුදු 22 කාලය ඇතුළේ මම කරපු මෝඩ වැඩ , මට වැරදුණ තැන්. මගේ කාලකණ්නි ජීවිතය ගතවෙච්ච හැටි කිසිම කෙනෙකුට නොකියන්න මම හිතාගෙන හිටියා. ඒත් ! ඒත් මට වැරදුනෙත් අන්න එතන .

"ප්‍රශ්න ගැටලු ආවම ඒවා හිතේ තියාගෙන ඒව ඉවසගන්න පුළුවන් මිනිහා අති දක්‍ෂයෙක් !
 
මම එහෙම. හිතාගෙන වේගයෙන් හමාගෙන එන කාලය කියන කුණාටුව ඉස්සරහා සද්දන්ත ගහක් වගේ ඉන්න උත්සහ කරා. අන්තිමේදී මම මම පරදින්න ඇති . මම අසාර්ථක මිනිහෙක් වෙන්න ඇති .මම පැරදුණත් අසාර්ථක උණත් ඒ බව පිළිගන්න අදටත් මගේ හිත මට ඉඩ දෙන්නේ නෑ . මගේ හිත ඒ තරම්ම උද්දච්චයි ! අදටත් . මේ දැනටත්. ඒත් මේ බ්ලොග් එක නිසා මම මගේ ජීවිතයේ දුර්වලකම් අඳුරගත්තා . මට වැරදුණ තැන් අඳුරගත්තා .මගේ හිතත් එක්ක මම කතාකරන්න ඉගෙනගත්තා ! . 

කෙනෙක් ඉදිරියට ඇවිල්ලා මගේ වැරදි ඇඟිල්ලක් දික්කරලා පෙන්වනකොට මම කවදාකවත් ඒ වැරැද්ද පිළිගන්නේ නෑ !. මම කිසිම දවසක වැරද්දක් පිළිගන්න මිනිහෙක් නෙවේ .! මට උපදෙස් දෙන එක නිකම් වචන නාස්ති කිරීමක් විතරමයි .

"යකෝ ඕක වැරදියි . උඹ හැදියං ! අහවලා ගැන හිතලා වත් හැදියං !

ඔය වගේ කවුරුහරි මට සද්දේ දානවානම් . මොහොතේ කරච්චලෙන් බේරෙන්න .මම මොහොතකට .මැටි ගොඩක් බවට පත් වෙනවා. හරීම හොඳ නිහතමානී දරුවෙක් වගේ. මාව ගොඩගන්න හදන ඒ පුද්ගලයා කියන දේ අහගෙන ඉන්නවා . ඒත් මගේ හිතට යන්තම්වත් තට්ටු කරන්න ඒ වචන ප්‍රමාණවත් මදි . එත් හිස් අහස බ්ලොග් එකේ බ්ලොග් පිටුවල HTML Cord අතරේ . සිංහල Unicode වලින් . මම මගේ ජීවිතේ ගලාගෙන ගිය හැටි ලිවුවා . මමම ලියපු අන්න ඒ මගේ කතාව දැකලා මම මොහොතකට ගැස්සුණා !.

"මේ ලියාගෙන යන දේවල් ඇතුළේ උඹට සතුටු වෙන්න පුළුවන් එකම එක දෙයක් වත් ලියවුණාද ?

මගේ හිත මගෙන්ම අහනවා !

ඇත්තටම නෑ ! ලියැවෙන තරමක් ලියැවුණේ මම පරාද වෙච්ච හැටිමයි . මම මගේ ජීවිතේ ජයක් ලබාපු දවසක් මට මතක් කරන්නත් අමාරුයි .

ක්‍රිකට් ගහන වෙලාවේ ගහපු හයේ පාරවල් ! , යාළුවෝ බීල බිම වැටෙද්දී වැඩිපුරම බීපු මම විතරක් කෙළින් හිටපු හැටි, වලි වලට ගිහිල්ලා ගහගෙන ආපු හැටි . ඔන්න ඕව තමයි දිනුම් ! මම හිතාගෙන හිටියේ එහමයි . ඒත් ඒව ජයග්‍රහණ නෙවෙයි . ඒව නිකම්ම නිකම් මතක සටහන් විතරමයි ! ඔන්න ඔය කියන යථාර්ථය මට පෙන්නලා දුන්නේ . මෙන්න මේ බ්ලොග් එක
 
මගේ ජීවිතයේ මම කරපු දේවල් . මම මුහුණ දීපු අද්දැකීම් . මම ටයිප් කරලා . ආයෙම වතාවක් මමම කියවනකොට මගේ ජීවිතේ වැරදි කරපු තැන් මම තේරුම් ගත්තා . කරපු වැරදි වල සයිස් එකත් තේරුම් ගත්තා . නිකරුණේ කාලා දාපු කාලය ගැනත් . යාළුවෝ කියලා ආශ්‍රයකරපු අමනුස්සයෝ ගැනත් හොඳාකාරවම තේරුම් ගත්තා . වෙන කෙනෙක් මේ දේවල් මට පෙන්වලා දෙන්න ගියානම් . මම නෙවෙයි යන්තමටවත් ඒවා ගානකට ගන්නේ . ඒත් මම ලියපු මේ ලියවිලි නිසා . මම මාව අඳුර ගත්තා. ඉතින් අන්න ඒ නිසා මේ බ්ලොග් එක පටන්ගත්ත එක මම මේ ජීවිත කාලේ කරපු වැදගත්ම වැඩේ කියලත් මොහොතකට හිතෙනවා .
හිස් අහස බ්ලොග් එක පටන් අරගෙන දැන් මාස හයක් වෙනවා .! මට මාස හයක්ම ගියා ලිපි පනහක් ලියන්න. හිතට එන හැම දේම මේකේ ලියන්නත් බෑ . මගේ ජීවිතේ මම හංගගෙන ඉන්න කැමති රහස් ගොඩක් තියනවා . වැරදීමකින්වත් ඒ දේවල් නොගෑවෙන්න . කාටවත් කරදරයක් නොවෙන්න අකුරෙන් අකුර තෝරලා බේරලා හෙමිහිට ලියන නිසා මට ලිපි පනහක් ලියාගන්න මාස හයක්ම ගියා .

මේ ලියපු ලියවිලි හතළිස් නවයෙන් . මම ගොඩක් දේවල් උපයාගත්තා . සල්ලි එහමනම් නෙවේ ! යාළුවෝ ගොඩක් කමෙන්ට් ගොඩාරියක් . උපදෙස් ගොඩක් . එක්කම පුංචි සතුටකුත්

එහෙනම් කමෙන්ට් දුන්න . ආවගිය ඔය හැම කෙනෙකුටම ගොඩක් ස්තූතියි .ස්තූතියි කියන වචනෙත් පුරුදු උණේ බ්ලොග් එක හින්දමයි .ඉතින් ඔන්න ඔය කොහොම කොහොම හරි මම පෝස්ට් පනහක් ලියුවා ! ඔය ගැන හිතනකොට මට මෙහෙමත් හිතුණා මන් දන්නෑ ඒ හිතිච්ච විකාරේ බලන ඈයෝ කොහොම දකීවිද කියලා !

මට නිකමට හිතුණා සයිබර් ලෝකයේ මගේ සහකාරිය මේ බ්ලොග් එක කියලා ! .මෙයා මාව කොයි තරම් හොඳට තේරුම් ගත්තද ? මගේ වැරදි කොයි තරම් මට පෙන්වලා දුන්නද ?

ඉතින් මම තීරණය කරා . මම තීරණය කරා . මේ දැන්ම මගේ සයිබර් සහකාරිය එක්ක විවාහ වෙන්න .

දැන් වෙලව රෑ 12:30 පැනලා .

ඉතින් මගේ බ්ලොග් සුන්දරියේ................අදයි අපේ කසාදේ !

ජය මංගල ගාථා නෑ.
නගින්ඩ පෝරු නෑ .
මගුල් කන්ඩ හෝටල් නෑ .
හනිමුන් යන්ඩ පින නෑ . ..........

මට උඹගෙන් ලැබෙන දෑවැද්ද නම්

හිට්ස් තොගේකුයි
කමෙන්ට් බර ගානකුයි .
අනුගාමිකයෝ රොත්තකුයි..
උඹයි විතරයි !

ඉතින් හත් දෙයියනේ ! සිංහල බ්ලොග් අවකාසේ ඔබ තමුන්නැහේලා හැමෝම අපේ කසාදෙට සාක්කි !

අපි උත්සාහ කරන්නම් මේ බ්ලොග් අවකාසේ ඉන්න ආදර්ශමත් ජෝඩුවක් වෙන්න

මම උත්සාහ කරන්නම් මගේ අත් දෙකේ ටයිප් කරන්න හයිය තියනකම් මගේ බ්ලොග් බිරිඳව දලා නොයන්න !!

කියවන ඔබ තමුන්නාසෙලා එන්න . අපේ දුක සැප බෙදා ගන්න !

හැමෝටම ජය වේවා ! ! !


සඳරු //


.


73 comments:

Dinesh said...

ඔන්න මම මේ කසාදේ සාක්ෂියක් විදිහට අත්සන් කරනවා..:)

කතාව සම්පුර්ණ ඇත්ත සදරු මල්ලි.. අපි ගොඩ දෙනෙක්ගේ ජීවිතය මේ බ්ලොග්කරණය..

විවාහ දිවියට මගෙන් සුභ පැතුම්...

රොබින් said...

ඔන්න මාත් සාක්කි....
ජය මංගලානී...

Thusitha (දිමා) said...

ජය වේවා !!

කතන්දර Kathandara said...

අවුරුදු විසි දෙකක කොල්ලෙක් තමන් ගේ ජීවිතේ අසාර්ථකයි කියා සිතීම තමයි මං හිතන විදියට තිබෙන එකම අසාර්ථක බව.

මොකද, තව ජීවිතේ හොඳ හරිය පටන්ගෙනවත් නැති නිසා.

සාර්ථක යැයි ඔබ හිතන කිහිප දෙනෙක් ගේ චරිත්‍රප්‍රදාන (biographies) කීපයක් කියවන්න.

Chanaka Aruna Munasinghe said...

ජය මංගලම් !!!

රත්නේ said...

එකත් ජයශ්‍රී මංගලන් කිව්වලු..උඔ බර ෆැමිලි එකකටනෙ සෙට්වෙලා තියෙන්නේ..ජිමෙල් මස්සිනාව මතක්කලා කියපන්..

වැප් said...

ලිපි 50 සුබ පතන ගමන් මේන් මාත් සාක්ෂීට කන අත්සන ගැහැව්වා :DDD

Dayal Bathee said...

නියම ලිපි කෑල්ල මහත්තයො. මටත් ලජ්ජ හිතුනා.

සඳරූ ගෙ විවාහය වෙනුවෙන් ලියු ලිපිය හරියට මං ගැනත් ලියපු එකක් වගේ. කෙස්ස පැහෙන්න ඇවිලල්ත් මට තවම ඔය මොලේ පෑදුනේ නැහැ.

ලෝකෙ අපි වගේ අයත් ඉන්න එපායෑ.

Podi Kumarihami said...

සඳරුටයි, අලුත් සහකාරියටයි (එයාට නමක් තියනවද ) මුලු ජීවිත කාලයේම මේ බ්ලොග් යායේ රැඳිලා ඉන්න වාසනාව ලැබේවා කියලා මුලු හිතින්ම සුබ පතනවා.

හොඳ පුහුනුවක් සඳරූ...

Anonymous said...

හැබෑටම , කොල්ල කසාද බැඳල නේන්නම්. ඒත් මම බැලුව, මොකක් ද අර මගේ බ්ලොග් එකක හිස් අහස ලියල තිබ්බ කහෙන්ට් එක කියල...

එහෙම බැලුවොත් මල්ලි මාත් ඉතින් බ්ලොග් එක කසාඳ බැන්ද වගේ තමයි...

සංකල්ප said...

හැමවෙලේම පරාජයන් නම් නැහැ මල්ලි. කවදාහරි උබ දිනයි. ඒක ෂුවර්. බ්ලොග් අවකාශයේ සුන්දරව ගලා ගිය ආදර කතාව තිබ්බෙත් මල්ලිට කියලා අමතක කරන්න එපා.

ඒ වගේම තමයි මල්ලිගේ වැටීම් වලින් පාඩම් ඉගෙනගෙන තමන්ගේ සාර්ථකත්වයට ඒවා යොදා ගත්තු අයත් බ්ලොග් අවකාශයේ නැතුව නෙමෙයි.

ඒ වගේම තමා බ්ලොග් අඩවියක ලිපියක් මුලින්ම මුද්‍රිත මාධ්‍යයක පල වෙච්ච එකම බ්ලොග් අඩවියත් මල්ලිගේ නේ

Dasun said...

කිරි අප්පට බල්ලෝ පැනපි, සදරු අපිටත් නොකියම බැන්දා නේද? සුභ මංගලම්...!!!!

Asanka Udayanga said...

සුබ සංවත්සරයක් කියලා පටන් ගම්මුකෝ එහෙනම් .සුබ පෑතුම් මචන්.මම බොලොග් කියවන්න ගත්තු කාලේ ඉදලා(තාම වෑඩි කාලයක් නෑ ඔන්නා) හිස් අහසට ගොඩ වදිනවා,කොමෙන්ට් එකක් දාන්න හෑම වෙලෙම නොහෑකි වුනත් බොහොම ආසාවෙන් කියවපු බ්ලොග් එකක්.එහෙනම් ඔන්න මචන් අපෙන් සුබපෑතුම්...ජයවේවා...

Abeetha Edirisinghe said...

ජය වෙවා... උඹටයි හිස් අහස නංගිටයි ජය මංගලම්...

ධනාත්මකව හිතපන්.... බැරි දෙයක් උනත් හරි යන්නේ එතකොට.....

රංග - මගේ ලෝකය said...

මගේ සුභ පැතුම්, මම නම් ගොඩක් දුරට දිගටම ලියන එකක් නෑ. මම ලියල තියෙන දේවල් කවද හරි ප්‍රශ්නයක් වෙන තත්වෙට ආවා ලියන එක නවත්තනව. එතකන් ලියනවා

~ChAnDiKa~ said...

හවතු සබ්බ මංගලම්!!!
ඔන්න අපිත් අත්සන් කරා... :D

(පස්සෙ දිග කමෙන්ට් එකක් දාන්නම් මචෝ. හෙට එග්සෑම්)

මාරයාගේ හෝරාව said...

සුභ මංගලම් කිව්වා කොළුවෝ...
ආයේ මොකද ඔය කසාදේනං හොඳට ගැලපෙනවා...

නචියා said...

එලනේ..... ඔන්න මමත් සාක්කි. උබගේ අනාගතය සාර්තක එකක්ම වේවා කියල මම බොක්කෙන්ම සුභ පතනවා...

ජය වේවා සදරූ....

ayesha said...

දුක සැප බේදාගෙන හැමදාම ඔයා ලඟ ඉන්න මේ සහකාරිට හැකි වේවා කියලා මම ප්‍රර්ථනා කරනවා යාළු.
ජය සිරි මoගලම්!

Anonymous said...

හැකර්ලට එහෙම මනමාලිව දැලේ දාගන්න දෙන්න එපා

නදී said...

ඇ...මේං අවුරුදු 22කෙ කොල්ල කසාදයකුත් බෑදගන.නරක නෑ හොද දෑවද්දකුත් එක්කනෙ!!!
ඔන්න ඔයාගෙ කසාදෙට මගෙනුත් සුබ පෑතුම්.

හසී said...

මමත් සාක්ෂි.. රීඩර් එකේ අවුලක් නිසා මට පෝස්ට් කීපයක්ම මග ඇරිලා තිබ්බා.. එහෙනම් සඳරුටයි සහකාරියටයි මගෙන් සුබ පැතුම්!

Anonymous said...

උඹට පිස්සුද බං, සාර්ථකත්වය මනින්න උඹ පාවිච්චි කලේ මොන මීටරේද කියාපං බලන්න. අනුන් එක්ක සංසන්දනය කරන්න යන්න එපා බං උඹෙ ජීවිතේ. මේ ලෝකෙ එක වගේ දෙන්නෙක් නැතිය කියන එක උඹෙ ඔය බේබදු ඔළුගෙඩියට තේරුනේ නැද්දබං හැබෑටම.

මොකක් කලත් උඹ බ්ලොග් එකත් එක්ක හනිමූන් නොයන්න ගත්තු තීරණේනං මල් හතයි. අපෙ අප්පෝ එහෙම උනානම් ආයෙ අපි කොහොමෙයි මේ පැත්ත ඇහැක් ඇරල බලෙන්නෙ.

පෝස්ට් පනහට දාහක් ලියන්න හයිය ලැබේවා ! බේබදු කතා මාසෙකට එකකට වැඩිය දකින්න නොලැබේවා !

නිශ් said...

සුබ පැතුම් සඳරූ..........

කෙල්ලෙක් කසාද බඳිනකන් මේ කසාදේ තියෙයි තිත්ත ඇත්ත ඒක තමා බන්.


ජයවේවා...................!

හිරණ්‍ය said...

ඔන්න එහෙනම් ජය සිරි මංගලම් කිව්වලු! :)

Praසන්ன said...

ඔන්න මගෙනුත් අත්සනක් එක්කම සුබ පැතුම් !
දිගු කාලයක් බ්ලොග් එක පවත්වාගෙන යන්නට හැකිවේවා !

Ashoka said...

This is much more mature stuff for a 23 year old...

Keep Going, Good Luck!

තාරා said...

ජය මංගලම්.... ඔයාගේ දුකේදි සැපේදි (විශේෂයෙන් ම දුකේදි අපිටත් ඔයා වෙනුවන් වචනයක් හරි කියන්න පුළුවන් උනේ මේ මනමාලි නිසානේ... මෙයාව හොඳට බලාගන්න.... මගෙන් සුභපැතුම්....

Anonymous said...

ජය වේවා අය්යේ.....!
ඔන්න මගෙන් දෙන්නටම සුභ පැතුම්......
තව මාස දහයකින් විතර පොඩි බ්ලොග් පැටියෙකුත් ඉදිය්ද දන්නේ නෑ.... චූටි හිස් අහස කියලා....හික්...

Anonymous said...

ඇති යන්තං වර්චුවල් කසාදයක් හරි කරගත්තා... දැන් වත් හැදියං...

උඹට තව තවත් ලියන්න ශක්තිය ​ධෛරය ලැබේවා...

ඉන්දික උපශාන්ත said...

කොල්ලො ජීවිතේ පටං ගන්නත් කලින් පරාද වෙන්න හිතන්න එපා. ජීවිතය විඳල හිටින් විඳවන්න කලින්

හා පැටික්කි (MS) said...

ඈ දෙන්නෙක්ට සාක්කියට අත්සන් දාන්න තියෙන පොතේ බර ගානක් සයින් කරලා නිසා මම යන්නැ ඔතන මගේ අත්සනත් ගහන්න.

දිගටම ලියන්න ශක්තිය ධෛර්ය්‍ය හා නිමාවක් නැති අදහස් ලැබේවා.......!!!! අමතක කරන්න එපා මේ ලිපි 50 ඇතුලේ පත්තරේක ප්‍රසිද්ධියට පත්වුන ලිපියකුත් තියනවා. අපිට නම් කොයි ලිපියත් අගෙයි.

සුභ පැතුම් සඳරු............... (ජය මංගලම් ඈ...... )

මකුළුවා..... said...

ඒකත් ජයසිරි මංගලම් කිව්වලු.....
සුභ පැතුම් යාළුවා!

MaRLaN said...

අයියට සුභ පැතුම් කිවුවා ඔන්න

තාරක Dilsh@n said...

සුභ මංගලම් & 50ට සුබ පැතුම් මචං.
හනිමූන් ගියේ නැතිවුනාට කමක් නෑ අපිට පාර්ටි එකක් දිපන්

හිස් අහස said...

@ Dinesh = දිනේ අයියා ! ඔන්න මගේ පලමු සාක්කි කාරයා ඔයා එහෙනම් ආ ...!
.....................................................................................................................................................
@රොබින් = හත් වලාමයි රොබිනත් ඇවිල්ලා ! ස්තූතියි මචා !
.....................................................................................................................................................
@Thusitha Jayasinghe = තුසීත මගේ මචෝ ! අඩේ උඹව මම දැක්කෙත් අදද කොහෙද ? ආ කාරි නෑ ස්තූතියි මචං ...
.....................................................................................................................................................
@Kathandara = ඒ මම ලබා උපං හැටි කතන්දර අයියේ . අඩේ අන්න ඒ වැඩේ කරලා බලමු biographies ටිකක් කියෝලා බලමු. ජීවිතේ හොඳ හරියට ෆේස් කරන්න මම දැන් පමා වැඩියිද මන්දා ?
.....................................................................................................................................................
@Chanaka Aruna Munasinghe = බ්ලොග් කෙල්ලේ මේ ඉන්නේ මකරා ! ස්තූතියි මකා
.....................................................................................................................................................
@රත්නේ = අම්මඩ උඩු රත්නේ ! උඹත් ආවද ? ඒ පොර ගැන කතා කරන්න ලැජ්ජයි පොර මේ පියන් කෙනෙක් නේ
.....................................................................................................................................................
@වැප් = වැප් .බොහෝම ස්තූතියි .ඔන්න පලමු කන අස්සන
.....................................................................................................................................................
@Dhayal Bathee = එහෙම කියන්න එපා මචා මටත් හතර විලි ලැජ්ජාව ! බොහෝම ස්තූතියි
.....................................................................................................................................................
@Podi Kumarihami = වෙඩිමට වලවුවෙනුත් ඇවිල්ලා . ඔවු ඉතින් වලවුවෙන් අපිට අකමැතියිනේ . ඔන්න අපි ගූ වලවුවෙන් හිරයක් ගත්තා ! මොකද කියන්නේ ?
.....................................................................................................................................................
@සොඳුරු සිත = සඳරු කීවොත් කීවා මේ බඳින්න හිතුනා මේ බැන්ඳා ..ඔයා නම් අපිට කීවෙවත් නෑ
.....................................................................................................................................................
@මධුරංග = උඹ කියපු මේ කතාව මට මාරම ගැම්මක් අයියේ .හදවතින්ම ස්තූතියි අයියේ උඹට .සිරාවට
.....................................................................................................................................................
@නිර්මල = බැන්ඳා කීවොත් ආයේ බැන්ඳා . නිර්මල ඔයාගේ බ්ලොග් කෙල්ල දලා ගිහිං කියන්නේ
.....................................................................................................................................................
@අසංක = සුබ පැතුමට ස්තූතියි මචං ඔයා තාම අලුත් නේ හොඳ හොඳ සෙලම් මේ අවකාසේ වෙනවා මේ දැන් උනා වගේ හි හි
.....................................................................................................................................................
@අභීත =අනේ මාමේ ! .....ධනාත්මකව හිතන්නේ කොහොමද මම නිර්ධන පන්තියේ එකෙක්නේ
.....................................................................................................................................................
@රංග - මගේ ලෝකය = ඇයි රංග එහෙම හිතන්නේ ? මේ බ්ලොග් එකත් දෙපැත්ත කැපෙන පිහියක් වගේ බං . අපිව කපාගන්නේ නැතුව අනුන්ව කපන්නෙත් නැතුව අපි මේ පිහිය වනමු.බං
.....................................................................................................................................................
@.ChAnDiKa. = එක්සෑම් අස්සේ මේ මගුල් ගෙවල් වලට මේකා ඇවිල්ලා ..අත්සනට ස්තූතියි මචං . ගුඩ් ලක් ආ!!!

හිස් අහස said...

@මාරයාගේ හෝරාව = උඹ මේ බ්ලොග් එකට ආව මුල් දවසේ දීපු කමෙන්ටුව රටක් වටිනවා . ස්තූතියි මාරේ අයියේ !! මට අමතක නෑ
.....................................................................................................................................................
@නචියා = ජය වේවා නවී. ඔන්න මම පොල්ල තීවොත් සක්කි කාරයෝ බලා ගන්ඩ ....ඈ
.....................................................................................................................................................
@ayesha =ඔයාට ගොඩක් ස්තූතියි යාළු .
.....................................................................................................................................................
@Anonymous =අන්න බං මට ඒකනම් සුවර් නෑ මෙයා පිට යාවිද ?
.....................................................................................................................................................
@නදී = ආ ඕක මොකද්ද අර අවුරුදු 18 ළමයිනුත් බඳින්නේ ? දෑවැද්දනම් මාර ගති හලෝ කල්ල මරේ
.....................................................................................................................................................
@හසී = ආ හසි අක්කා ඔන්න අපිත් එහෙනම් ජෝඩු උනා . ඔයා විතරක් නෙවේ හරිද
.....................................................................................................................................................
@nawammawatha = ඔයාගේ උපදෙස් තමා මට වැඩියෙන්ම හරි ගිය උපදෙස් මගේ ලවු කෙලියේදී පවා .හනිමුන් යන්න ? මේ සඳරු ? බ්ලොගක් එක්ක ? ඊයා
.....................................................................................................................................................
@නිශ් = සහතික ඇත්ත සහෝදරයා . එතනින් පස්සේ මට මෙයාගෙන් ඩොවෝස් වෙන්න වේවි . බලමු එදාට ....
.....................................................................................................................................................
@හිරණ්‍ය = ස්තූතියි කොල්ලෝ ... ජය වේවා කීව
.....................................................................................................................................................
@Praසන්ன = අප්පා ප්‍රසා අයියත් ඇවිදින් මොනාද ගෙනාවේ ? ස්තූතියි අයියේ ...
.....................................................................................................................................................
@Ashoka = බොහොමත්ම ස්තූතියි අශෝක !

හිස් අහස said...

@තාරා = මම මේකිව මට පුලුවන් කාලයක් වෙනකම් බලා ගන්නම් තරා ...ස්තූතියි ඔයාට
.....................................................................................................................................................
@බීටා= මේ කාටවත් කියන්න එපා මට දැනටමත් බ්ලොග් පැටියෙක් එන්නවා !
.....................................................................................................................................................
@prasanna86k = ස්තූතියි රන්වන් මාලුවෝ . අපි දෙන්න බ්ලොග් අවකාසේ බේබදු යුවල වෙන්නම්
.....................................................................................................................................................
@ඉන්දික උපශාන්ත =ඉන්දි අයියේ... විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ බවය පුරා ?
.....................................................................................................................................................
@හා පැටික්කි = ආ හා පටික්කී ඔන්න අපිත් දැන් කපල් උනා හරිද ! පත්තරේ ලිපි ගැන මට හීන් ආඩම්බරයක් නැතුවාම නෙවෙයි ස්තූතියි . හාවව මතක් කරා කියන්ඩෝ !
.....................................................................................................................................................
@මකුළුවා = බොහොම ස්තූතියි මකුලුවෝ .ඔයා ලඟදී බඳිනවා කියන්නේ ?
.....................................................................................................................................................
@MaRLaN = මේ කෙටේරියක් තිබ්බා ... කොහේ දාලද මන්දා ඒක ... (ස්තූතියි මාලේ )
.....................................................................................................................................................
@තාරක Dilsh@n = ස්තූතියි තාරක .පාටිද ඕන කියන්න එපෑය කෝහේද සෙට් වෙන්නේ . දෙන්නම් කරටි කැඩෙන්න ...

Beetle said...

උඹ මෙතෙක් කල් සාර්ථකද අසාර්ථකද කියන්න මම දන්නේ නෑ, ඒත් මම අහලා තියෙනවා සාර්ථක වීමේ පළමු පියවර තමන් අසාර්ථක වූ තැන් හඳුනාගැනීම කියලා... ඉතින් උඹ අඩුගානේ පළමු පියවර හරි තියලා තියෙන එක ගැන සතු‍ටු වෙයන්...

අනික උඹට තාම විසි දෙකයි නේද... අහලා නැද්ද "ලයිෆ් බිගින්ස් ඇට් තර්ටි" කියලා... ඉතින් එහෙම බැලුවොත් උඹේ ජීවිතේ තාම පටන් අරගෙනත් නෑ... :)

පණස් වෙනි පෝස්‍ටුවට සුභ පැතුම්... සීය ලියද්දී උඹ අදට වැඩිය සාර්ථක වෙලා ඉන්නව දකින්න කැමති...

සුදර්ශන බංඩාර හේරත් said...

යකෝ අර අහින්සක කෙල්ලට එතකොට මොකද වෙන්නේ?

Anonymous said...

සුබම සුබ මංගලම්!!!!! ජයෙන් ජයම පතමි

Anonymous said...

අනේ...... සුබ පැතුම් ..... සුබ මංගලම්.. කො අපිට පාර්ටි.... ;) ඔන්න ගැලපෙන කාසාද.... ඔහොම බැලුවොත් මමත් නම් මගේ බ්ලොග් කාරයාව බැදන් ඉන්නේ එහෙනම් ඇයි මගේ පණ කියලා නේ බොලේ කියන්නේ..මමත් දවසක බදින්න ඔනා එහෙනම් හොරෙන් නම් නෙමේ මේ සදරු අයියා වගේ.... :)

පනහට උපරිම සුබ පැතුම් අයියේ...තව ගො.....ඩා...ක්...ක්...ක්.. ලිපි එක්කලා එන්න..ඔය ලස්සනට ලියනවා වගේම... අයියේ...

සාර්ථක කියලා කියන කි දෙනාද සාරථක...අපි කවුරුත් සාරථක නැ ..අපි ට වැරදි තියෙනවා හදා ගන්න..බලන්න ... ඔයාත් එහෙමයි..මමත්...

Ishan Yapa said...

සාක්ෂි අත්සන් කරන්න තාම පොඩි වැඩි වුනත් මමත් සාක්ෂිකරුවෙක් කරගනු මැනව සහෝ !

පිණිබිඳු... said...

ඔන්න එහෙනම් සඳරුටයි හිස් අහසටයි සුභ මංගලම් හොඳේ. අපිට දරු මුනුබුරොත් බලන්ට ඇහැක් වෙයිද මන්දා.

jhothishalanka said...

හොදයි හොදයි ඔන්න මාත් කසාදෙට සාක්‍ෂි.ඔයාට තාම 22 යිද?ෂා නියම වයස.
ඔයා කියනව වගේ අපි හැමෝටම තම තමන්ගේ බ්ලොග් එක වටිනවා.

හිස් අහස said...

@Beetle = මචං බීටල් මමනම් හිතන්නේ නෑ මම 30 වෙනක්ම් ඉඳීවි කියලා අනිවා තව අවුරුදු හතකින් මම වල කජ්ජ ගහයි ..මගේ කේන්දරෙත් එහෙම ලියැවිලා තියනවා ! සුබ පැතුවට ස්තූතියි..
.....................................................................................................................................................
@සුදර්ශන බංඩාර හේරත් = ඒ කෙල්ල ඉන්නේ හැබෑ ලෝකේ මේ කෙල්ල ඉන්නේ සයිබර් ලෝකේ ...කොහොමද ඒක ?
.....................................................................................................................................................
@punchisamanalee = ආ සමනලී බොහෝම ස්තූතියි ...
.....................................................................................................................................................
@නිම්ශා = වෙඩින් එක අරගෙන මේදවස් වල අතේ සතපහක් නෑ . මම ඊලඟ මාසේ පඩි ගත්තම කට්ටියටම ඇති වෙන්න හුලං ඉස්කෝතු අරගෙන දෙන්නම් . ඔයාගේ දිගම දිග සුබ පැතුමට මම හදවතින්ම ස්තූති කරනවා .
.....................................................................................................................................................
@කුක්කු පැටියා = අනේ මේ පොඩි එක්කෙකුත් ඇවිල්ලා ..හුරතලේ බෑ ! ..කුක්කු බීවයි පැටියෝ ?
.....................................................................................................................................................
@පිණිබිඳු = දෙන්නම් අක්කේ ළමයි නම් ගමකට . මට උංව නඩඩතු කරන්න තරම් වචන නෑ නැත්තම් මම තව බ්ලොග් පැටවු කීප දෙනෙක් හදලා ..
.....................................................................................................................................................
@JHOTHISHALANKA = අපි අසූ නවේ කොල්ලොනේ අයියේ තාම විසි දෙකායි . මටත් මෙන්න මේ බ්ලොක්ක කෑල්ල ගොඩක් වටිනවා .බොහොම ස්තූතියි

Unknown said...

ජය පතනවා.හරිය​?

සෝරෝ said...

ක.කා කිවුවා වගේ තමුන් අසාර්ථකයි කියලා හිතන එකත් අසාර්ථක බවක්...

ඔන්න උබේ මගුලට මමත් අස්සං කොරා.. හැබැයි මම එනකොට මගුල ඉවර වෙලා සෑහෙන්න දවස් වෙනවා..... :D

Anonymous said...

මුලින්ම මඟුලට සුබ පැතුම්... ඊළඟට අවුරුද්දට සුබ පැතුම්... අන්තිමට 50වෙනි පෝස්ට් එකට සුබ පැතුම්.
ඔයාගේ ජීවීතේ තාම පටන් ගත්තා විතරයි. තාම ඔයා පරාද වෙලා නැහැ. ඔයාට වෙලා තියෙන්නේ අත් වැරදීම් ටිකක් විතරයි. ඒ අත් වැරදීම් හදා ගත්තනම් ඉස්සරහට ජීවිතේ දිනන්න පුලුවන් කියලා මටනම් බුදු ශුවර්. ඒක නිසා අලුත් කසාදෙත් එක්ක, අලුත් අවුරුද්දේ අලුත් විදිහට ජීවිතය දිහා බලලා ඉස්සරහ ගමන පටන් ගන්න.

පැන්ඩා said...

ලොක්කා සුභ අලුත් අවූරුද්දක් වේවා...අනේ මස්සිනෙ බ්ලොග් කියවිල්ල ටිකක් ප්‍රමාද වුනා..අද තමයි ලිපි ටික දැක්කෙ..ඉතින් ඉතින්...

Unknown said...

මම දෙවෙනි මනමාළයා විදිහට සාක්ෂි අත්සන් කරා එහෙනම් ඕං.. හනිමූනුත් මෙහෙම්මම ගියානම් හරිනේ. දැන් ඉතින් සින්ඩි වලට මුකුත කරන්ඩත් බෑනේ, ඔයාගේ කසාද ගෑනි නොවැ.

අපරාජිතයා :::: Aparajithaya said...

චාහ් මන් එනකොට මුන් වෙඩිම මගුලක් කරලනේ බොලව්.අපරාදේ කෝ අපිට කේක්.ඔන්න එහෙනම් කිව්වා සුබ පැතුම්.................

BLOG ගඩොල් said...

උණුසුම් සුභපැතුම් සහෝ! ඉදිරියටත් දැන් ලියනවා වගේම ලියන්න. පරක්කු වුණාට සොරි හොඳේ!!!

Hasitha Gunasinghe said...

මටත් පරක්කු වුණා සුභ පතන්න එන්න. ඉතින් පුස් කාපු කේක් කෑල්ලක්වත් නැද්ද මට ???

සුපර් මාරියෝ said...

මමත් අද දැක්කෙ මේක ;-) ...
මේක නම් බොක්කටම වැදුනා අයියා....
පලවෙනි ඇනිවර්සරි එකටවත් අපිට පාර්ටියක් දෙන්න...

Anonymous said...

apita patiyak ahema nadda ? dan hari mehema hithunanam loku deyak

Anonymous said...

ජය සිරි මoගලම්!

වජිරදේවි said...

හප්පේ.. හරි ජය මංගල්ලයක් නොවැ! දැන් ඉතින් පිකාසා අක්කල, බස් නැන්දලා ලොකු ලොකු නෑදෑයො නොවැ ඉන්නේ!! එහෙනම් ඒකත් ජය සිරි මංගලම් කිවුවලු!
50 වෙනි ලිපිය දක්වා ආ බ්ලොග් ගමනට වජිරදේවිගෙන් සුභ පැතුම් සහෝදරයා...

මාධව විදුරංග said...

niyama talk 1! mmm uba serama therun aran wage! mmm google maama! narakama na! mmm jaya sri mangalam ehenam! :)

Unknown said...

කමෙන්ට් 59ක් දැක්ක නිසා ඕං 60 දාන්න හිතුනා....

ජය මංගලම් කිව්වා හිස්අහස බ්ලොගියටයි සඳරු මහත්තයටයි

~ShiraN~ - SL said...

ඔන්න එහෙනම් ජය මංගලම් කිව්වා. ඔන්න සාක්කියට මාත් අත්සන් කලා.

Titu. said...

math oyata suba pathanawa.

compbuwa said...

Meeke wede nam niyamai machan, Umba mee karala tiyenne Pattama sira wedak, Ettama kuwoth kiyawanna poth netuwa weeli weeli hitapu mata meeka nama Pusta kalayak kiyanna puluwa, Ettatama Umbata mama mage mulu sarwangenma Suba patanawa Tawath Chirath kalayak Umbata Mee Deege Satutin geniyanna wasanawa Dhiryaya lebenna kiyala
Umbata Jaya Weewaa Meeta

Asiri....

Anonymous said...

jaya wewa

Anonymous said...

subama auba mangalam sadaru :)

Dulitha said...

අඩේ උබ මේ වගේ බ්ලොග් එකක් ලියන එකම ජයග්‍රහණයක් මැටි අලයෝ.. එනිවේස් සුබ මංගලම්... අද තමයි මේ බ්ලොග් එක කියවන්න පටන් ගත්තේ..

Unknown said...

ජය මංගලම්

Anonymous said...

නව යුවලට මගෙන් සුබ පැතුම්....!!!

විකියා said...

අවුරුදු දෙකකට පස්සේ එවන සුබපැතුමක් බාර ගන්නව නං ඕං අපිත් එකක් එව්වා... සුබ මංගලම්.. දැන් නං ළමයිනුත් ඇති...

Anonymous said...

aekath jaya siri mangalam

Aruni Kalupahana said...

විවාහ දිවියට මගෙන් සුභ පැතුම්. :)

Hasitha Wimalasiri said...

wish you all the best sandaru

sanka said...

එහෙනම් උබ උබෙ බිරිදවත් අමතක කරා......

Post a Comment

තැන්කූ බං