4.7.11

බිසෝ මැණිකේ නෝනා ගේ ඩබල් ක්ලික් එක.



           බිසෝ මැණිකේ මිස් අපේ ඉන්ස්ටිටියුට් එකට ආපු දවස මට අද වගේ මතකයි . ඒ අදට මාස 7 කට 8කට විතර කලින් !. අලුත් ඔසරියකින් සැරසිලා , වළලු ,මාල , මුදු , කරාඹු එහෙම දාලා .ඇස් දෙකටම බෝතල් අඩි ප්‍රමාණයේ කණ්ණාඩි කුට්ටමක් දාගෙන හිටපු බිසෝ මැණිකේ මිස්, මගේ අම්මා වගේ දෙගුණයක් විතර වයසයි .

කතාව කෙළින්ම කීවොත් බිසෝ මැණිකේ මිස් ආවේ අපේ ආයතනයෙන් පරිගණක පාඨමාලාවක් හදාරන්න . ඉතින් බිසෝ මැණිකේ මිස් පළමුවෙනි දවසේ කෙළින්ම ඇවිල්ලා මුණගැහුණේ අපේ බොස්ව ! .ඉස්සරහා පිළිගැනීමේ පුටුවේ වාඩි වෙච්ච මිස් , ප්‍රධාන පුටුවේ හිටපු මගේ බොස් එක්ක කතාකරපු දේවල් වලින් සමහරක් මට තවම මතකයි .

"සර් මට පරිගණක පාඨමාලාවක් හදාරන්න ඕන .. මම වැඩ කරේ තැපැල් කන්තෝරුවේ . දැන් නම් පැන්සන් තමයි ඉන්නේ .”

අපේ බොස් බිසෝ මැණිකේ මිස් ගේ මූණ දිහා බලලා .මෙහෙම කිවුවා !

"මිස් මෙහේ පරිගණක උපාධිය දක්වාම පාඨමාලා තියනවා. මිස්ට කොයිවගේ එකක්ද කරන්න ඕන ?. සාමාන්‍ය ඩිප්ලෝමා එකක්ද ? , මීට කලින් පරිගණක පාවිච්චි කරලා එහෙම තියනවාද ?”

"අනේ නෑ සර් මම තවම කොම්පීතරේ අල්ලලා වත් නෑ ..!”

"එහෙනම් මිස්ට හරියන්නේ Individual කෝස් එකක්... මිස්ට විතරමයි ඒක කෙරෙන්නේ !”

ඒ කහපාට වයසක මූණට යන්තම් හිනා පොදක් වැටුණා …

"අනේ අන්න එහෙම හොඳයි !”

ගාන කීයද කියලා වත් අහන්නේ නැතුව බිසෝ මැණිකේ මිස් Individual කෝස් එක සඳහා ලියාපදින්චි වෙද්දී කැලන්ඩරේ අඟහරුවාදයි සිකුරාදයි කියන දින දෙකම බිසෝ මැණිකේගේ පරිගණක පන්තිය වෙනුවෙන් වෙන් වුණා !.බිසෝ මැණිකෙට පරිගණක පාඩම උගන්වන්න නියමිත වෙලා තිබුණේ අපේ ආයතනයේ ඉස්සර වැඩ කරපු තවත් lecture කෙනෙකුට .මම එයාට තරිඳු කියලා කියලා කතාව කියාගෙන යන්නම් .

තරිඳු ඇවිල්ලා උපතින්ම සෝමාරිකමත් කර පිනාගෙන ආපු කෙනෙක් .මොන වැඩේ කරන්න ගියත් . කම්මැලිකම වපුරවලා හැමෝටම වැඩ එපා කරවනවා !. ක්ලාස් එකක් කරන්න දුන්නොත් ඔරලෝසුව දිහා බලමින් ඉඳලා විනාඩි තිහකට විතර කලින් කොහොම හරි ඉවරකරලා දාලා එළියට එනවා. ඊටපස්සේ . තමන්ගේ හයිපයි ගිණුම දිහා බලා ගෙන ඉන්නවා . ඒක නිසා තරිඳුට Individual කෝස්ම වැඩි වැඩියෙන් ලැබුණා .

අහස වලාකුළුවලින් පිරිච්ච එක වැහිබර අඟහරුවාදා දවසක . උදේ 10.30 ට විතර බිසෝ මැණිකේ හා හා පුරා කියලා අපේ පරිගණක පන්තියට ආවා .කුඩේ අකුළලා දොර ගාව බිමින් තියලා පාපිස්ස උඩ හතර පාරක් විතර කකුල් දෙක අතුල්ලපු බිසෝ මැණිකේ. තරමක් බයාදු ගතියකින් ඉස්සරහා දොරෙන් ඇතුළට ඇවිදින් කාඩ් එකත් මාක් කරගත්තා.. ඊට පස්සේ මම පෙන්වාපු පරිගණකය ඉදිරියට ගිහින් ඉඳගත්තා . ඉඳගෙන ඉවර වෙලා එයා මහ පුදුම වැඩක් කලා ..

මම මේ කියන්නේ බොරුවක් නම් හෙණයක් ගහලා මම මැරිලා යන්න ඕනෙ !!!


බිසෝ මැණිකේ පරිගණකයට වැන්ඳා ..!! මට ඕක අරුමයක් නෙවේ . දවසක් ට්‍රැෆික් සාජන් මහත්තයෙකුත් ඔය වගේම පරිගණකයට වැඳලා ඉගනුම පටන්ගත්තා මට මතකයි !

මට හීන් හිනාවක් ගියා ..

බිසෝ මැණිකෙත් මං දිහා බලලා හිනා වුණා .

"එතකොටයි ඉගනුම පිහිටන්නේ ..” මැණිකේ කියනවා ..

ඇත්ත වෙන්නැති !. මගේ ජීවිතේට මට හරියට පාඩම් වැඩ මතක නොහිටියේ මම ඒවට ගරු නොකරපු නිසා වෙන්න ඇති ..මටත් හිතුණා ..ඉස්කූල් බෑග් එකේ .පොත් අතරේ , බෝතල් , සිගරට් . XXX වගේ ඒවා නිතර තියාගෙන හිටි පවට මට ඉගනුම පිහිටලා නැතුව ඇති .

එක්කෝ මේ නාකි උන්දෑගේ මල විකාර . මට එහෙමත් හිතුණා ..

විනඩි පහළොවක් ගෙවුණා . බිසෝ මැණිකේ තවම පරිගණකය ගාව . තරිඳු පේනතෙක්මානෙක නෑ .! බොස් ආවොත් නියමෙට බැණුම් අහන්න වෙනවා .මම හෙමීට ලැබ් එක පැත්තට ගියා . තරිඳු උලමෙක් වගේ මොනිටරේ දිහා බලාගෙන හයිපයි එකේ හයිපයි කරනවා . මට මල පැන්නා ! . මම හෙමීට ගිහිල්ලා . System unit එකේ පවර් බොත්තම එබුවා . තරිඳුට වද දෙන්න මම කොහොමටත් ආසයි . තරිඳුවාගේ පරිගණකය එක පාරටම ඕෆ් වෙලා ගියා !

"මොනාද බං බලු වැඩ කරන්නේ ..!”

මොනාද බං නෙවේ ! පල තොගේ ලෙක්චර් එකට!! අර මිස් ඇවිල්ලා දැන් හෙණ වෙලාවක් වෙනවා . බොස් ආවොත් තෝ විතරක් නෙවේ අපි හැමෝම බැණුම් අහනවා . .!”

මම බොරු තරහක් මවාගෙන එහෙම කිවුවා . මට මුවින් නොබැණ තරිඳු ඕනෑවට එපාවට නෝට් එකත් අරගෙන බිසෝ මැණිකේ ගාවට ගියා .

ටිකෙන් ටික වෙලාව ගත වුණා . . . . . . . . . . පන්තියත් හෙමිහිට ඉවර වුණා . වෙලාවට කලින් ඉවර වුණාද නැද්ද කියලා නම් මට මතක නෑ .! . ඔය විදිහට මාසයක් විතර ගත වුණා . බිසෝ මැණිකේ මිස් නොකඩවාම පන්ති ආවා. පලමු වෙනි දවසේ ඒ වයසක මූණේ තිබුණු උනන්දුව , ඕනෑකම මේ වෙනකොට මැකිලා ගිහින් තියන හැටි මම හොඳටම දැක්කා ! ..

එදා හවස . බිසෝ මැණිකේ මිස් ගේ පන්තිය ඇරෙන්න පැයකට විතර කලින් . මම උගන්වමින් හිටපු පන්තියක් ඉවර වුණා . මට විවේකයක් ලැබිච්ච ගමන් මම කරන්නේ දොර ගාවට වෙලා හේත්තු වෙලා පාර දිහා බලං ඉන්න එක . ඔන්න ඔහොම පාර දිහා අරමුණක් නැතිවම බලාන ඉන්න අතරේ . දැකලා පුරුදු කෙල්ලක් ගේට්ටුවෙන් ඇතුළට ආවා .

මම එයාව අඳුනනවා .! ඒ හිටියේ . ශානිකා ‍‍!!

හ්ම්...මම 10 වසරේ ඉන්නකොට පන්තියේ හිටපු ලස්සනම කෙල්ල . මම ඒ කාලේ ඒකිව සෙට් කරගන්න විඳපු විඳපු දුකක් !!. ඒත් මම ඉගනීම අතින් හාල් තැනක හිටි නිසාත් පන්තියේ රස්තියාදු බෙබේ කොලු රෑන් සමඟ හිටි නිසා මම ඒකිගෙන් ආදරේ ඉල්ලන්න පැකිළුණා . ඉල්ලුවත් ඒ ආදරේ මට නොලැබෙන බව මම හොඳටම දැනගෙන හිටියා .වාරේ මැදදී මට දුක් ගිනි දීලා ඒකි කන්ද උඩරට ඉස්කෝලෙකට ගියා ..එදයින් පස්සේ දැක්කේ අද !

"ඉතින් සඳරු දැන් මේකෙද වැඩ ?”

"ඔවු මේකේ තමයි .”

"ඔයා මෙතන මොනාද කරන්නේ .?”

"මෙතන අතුපතු ගාන තේ හදන වැඩ කරන්නේ මම ….”

"අනේ යනවා යන්න . කෝ බලන්න තමුසෙගේ අයිඩී එක .”

මගේ බෙල්ලේ එල්ලෙමින් තිබුණු අයිඩී එක ශානිකා ඇදලා ගත්‍තේ බෙල්ලත් හිරවෙන්න තරම් වේගෙන් ..මගේ මූණ ශානිකාගේ ඇඟට කොඩක්ම ලං වුණා . එයාගෙන් විහිදුණු . කාන්තා විලවුන් සුවඳ මගේ නාසය දිගේ ගිහින්. බොක්ක කඩා ගෙන. කුඩා අන්ත්‍රය ඔස්සේ අන්නශ්‍රෝතයට ළඟා වුණා ! .. කෙටියෙන්ම කීවොත් මම ඔකඳ වුණා !

".! ඔයා උගන්වනවා !..ආපෝ අපේ අම්මටත් උගන්වන්නේ ඔයාද ?”

"කවුද අම්මා . අර තැපල් කන්තෝරු මිස්ද ?”

"හ්ම් .. එයා තමයි . ඔයාද උගන්වන්නේ ?”

"නෑ තරිඳු කියලා අපේ ලෙක්චර් කෙනෙක් .”

ඉතින් මම යි ශානිකායි . පන්තිය ඉවර වෙනකම්ම එළියේ තිබුණු සිමෙන්ති බංකුව උඩ වාඩි වෙලා කතා කලා . මගේ හිතට සීතලක් දැනුණා . දෑත සීතලවෙලා , යටි පතුල දාඩිය දැම්මා . ඔන්න මට ආයෙමත් අර එපා කරපු ලෙඩේ හැදීගෙන එනවා .

ආදරේ බොලවු ! ආදරේ .!

මම මොන නැකතකින් උපන්නද මන්දා ? මට ලස්සන කෙල්ලක් දැක්ක ගමන් ආදරේ හිතෙනවා .ඒක ආදරේද ?, කෑදරේද ? කියලා කියන්න මම දන්නේ නෑ .ඒත් මම ඒ හැඟීමට ආසයි .ඒ හැඟීම මගේ හිත ඇතුළේ යන්තම් ඉපදෙද්දී මම ඒ හැඟීමට හුස්ම පිඹලා ඒ හැඟීම ජීවත් කරවන්න උත්සහ කරනවා.ඉස්කෝලේ කාලෙදී මම කතාකළාම අහක බලාගත්ත මේ ආඩම්බරකාරි . අද මගෙත් එක්ක එක ළඟ වාඩිවෙලා කතාව . සමහර විට මේ මගේ රැකියාවේ බළේද මන්දා ? .. ඇඳුමේ බළේද මන්දා ?

අපි කතා කරමින් හිටියේ අපේ පන්තියේ හිටපු යාළුවෝ ගැන . ඒත් මොහොතකින් ශානිකා කතාව වෙනතකට හැරෙවුවා .

"අපේ අම්මා මේ පන්තියට එන්න්නේ කැමැත්තකින් නෙවේ .”

"ඒ මොකෝ ..?”

"එයාට උගන්වන කෙනා හරියට කියලා දෙන්නේ නෑලු එක පාරක් වැරදුණොත් .ආයේ ඒ ගැන බලන්නේ නැතුව නෝට් එක ලියාගන්න දෙනවලු .අම්මා සල්ලි සේරම දීලා නිසා තමයි මේ දිගටම එන්නේ .”

"මම ඒක හොයලා බලන්නම් .”

ඔන්න එතකොටම බිසෝ මැණිකේ මිස් ගේ පන්තිය ඉවර වෙලා එයා එළියට එන හැටි අපි දැක්කා . අපි දෙන්නම බංකුවෙන් නැගිටලා ඉස්සරහට ගියා .

"ශානි ඔයා දැන්ද ආවේ ?”.......... බිසෝ මැණිකේ මිස් අහනවා !

"නෑ ටිකක් වෙලා අම්මා මේ සඳරුයි මායි එක පන්තියේ !. ඔන්න අම්මා මම මෙයාට අරක කීවා .ඔයාට මේ පන්තිය එපා වෙලා කියලා !”

බිසෝ මැණිකේ මිස් දුකෙන් බලාන හිටියා . "අනේ මොනා කරන්නද මට ඒ ළමයා කියන දේවල් තේරෙන්නේ නෑ . මම කොච්චර ගෙදර ගිහිල්ලා පොත පාඩම් කරත් මට ඒව බෑ .”

බිසෝ මිස් දුකෙන් කිවුවා

හරි මේක තමයි මට දෙවියෝ දීපු චාන්ස් එක ! මම ඉක්මන් තීරණයක් ගත්තා !

"මිස් ඔයාට ඊළඟ දවසේ ඉඳලා මම පන්තිය කරන්නම් .! ඔයා ගිහිල්ලා වෙලාව වෙනස් කරගෙන එන්න . දැන්ම යන්න !!"

බිසෝ මිස් මා දිහාවට දයාබර බැල්මට් එකක් හෙළුවා . මට ඒ වයසක බැල්මට් එකෙන් වැඩක් නෑ මට ඕන ශානිකාගෙන් ආදර බැල්මක් විතරයි ..ආත්මාර්ථකාමී මගේ හිත එහෙම කියනවා .බිසෝ මිස් සතුටෙන් ආපහු ඇතුළට ගියා .

ඉතින් ඔය විදිහට බිසෝ මැණිකේ මිස් ගේ පන්ති මාරු වුණා ! .. සඳරුගේ ග්‍රහයා මාරු වුණා !!! "අම්මව අල්ලගෙන කෙල්ලව අල්ලගම්මු !” ..මගේ ආත්මාර්ථකාමී කැත හිත . ඌ හරිම නරකයි ! ඌ මට එහෙම උපදෙස් දුන්නා . මම සතුටින් ඉපිලෙනවා .."දැන් නම් ශානිකා මගේ ! මම ඒකිව බලාගන්නවා ඇහැක් වගේ !” .. මම ඉඳන් ඩ්‍රීම් කාසල් ගහනවා !

බිසෝ මැණිකේ මිස් යන්නයි සූදානම .

"එහෙනම් අපි යන්නම් සර් !”

. බිසෝ මිස් මට කීවා ."සර්" කතාව ඇහිලා ශානිකා අතින් කට වහගෙන මට අමුම අමු කින්ඩියක් පාස් කරා .. "ශානිකා උඹ දන්නෑ සඳරු කවුද කියලා" ..මම ඒ මොහොතේම එළියේ තණකොළ ගොල්ලේ වැටිලා පෙරළිලා බිසෝ මැණිකේ මිස්ට වැන්ඳා ! ..

"තෙරුවන් සරණයි පුතේ ” බිසෝ මිස් හදවතින්ම කිවුවා ..ශානිකා ඉක්මනට බිම බලා ගත්තා .. එයාගේ ඇස් දෙක දිලිසෙනවා ! ඒකිට ඇඬෙන්න වගේ එන්න ඇති මයෙ හිතේ .!

"අපි යන්නම් සඳරු “..ශානිකා සහ බිසෝ මැණිකේ මිස් යන්න පිටත් වුණා .

මම ශානිකාව අල්ල ගන්න මෙහෙයුමේ පළවෙනි වෙඩිල්ල තිවුවා !. ඒ වෙඩිල්ල ඉලක්කෙටම වැදුණා .දැන් ඉතින් ඊළඟට බිසෝ මැණිකේ පන්ති එනකම් ඉන්න ඕන .දෙවියනේ සඳරුවාගේ හොඳ කාලේ පටන් අරගෙන වගේ ..මම හිතින් හිනා වෙවී ඇතුළට ගියා ..

ඊට පස්සේ. . . . . . .?

මතු සම්බන්ධයි … ඒවගේම ඊළඟ කොටසින් ඉවරයි …



70 comments:

පූසා said...

ඔව් ඔව් මේවා මෙගා කොරලා අපිට අප්පිරියා කොරවන්ට නම් එපා :D
මේ අර මොනවද බං බෑග් එකේ පොත් එක්ක ගෙනියනවයි කිව්ව xxx? කන දෙයක්ද බොන දෙයක්ද? ;)

Podi Kumarihami said...

ඔයා නම් ඉපදිලා තියෙන්නේ ආදර නැකතින්. ඒකනේ ලස්සන කෙල්ලක් දැක්ක හැටියේ ආදරේ හිතෙන්නේ? හැබෑට ඉස්කෝලේ යනකාලේ ශානිකාගේ අම්මා දැකලා නොතිබුනේ වාසනාවට නේද?...:)

ඉතින් ඊට පස්සේ???

කතන්දර Kathandara said...

මරු!
බිසෝමැණිකේ මිස් අම්මා වගේ දෙගුණයක් විතර වයසයි කියන එක තමයි මෙතන එකම වැරදි වාක්‍යය!
මේ කාලේ එහෙම නං, මීට අවුරුදු විසිගාණකට කලින් දෙන්නාටම ළමයින් හම්බ වුණු කාලේ පරතරය කොහොමද?

Anonymous said...

What is a lecture/lecturer?
A lecture is a talk on a particular subject given by a staff member - a lecturer.

Chanaka Aruna Munasinghe said...

ඉතුරු කොටසත් හෙටම දැම්මෙ නැත්තන් ලොක්කට කියල ඔය ක්ලාස් එක වෙන කාට හරි දෙනවා

කස්ස said...

ඊලඟ කොටසින් වැඩේ පත්තුවෙයි වගේ.ඔය උඹට තියන ලෙඩේ ඉස්සර මටත් තිබුන.කකුල් සීතල වෙන එක.හැබැයි ආදර නහරෙ කැපුවට පස්සෙ එක නැතිඋනා.

Dakshina said...

මචං... උඹ නම් ජාත්‍යන්තර පොරක් නේ? අපි බලමු මොකද වෙන්නේ කියලා... දැන්ම වැඩිය මම මොනවත් කියන්නේ නෑ.

වැප් said...

අඩ්ඩා ඩ් ඩා වෙනදා වගේම සුපිරි ලියවිල්ල ...

ඔකඳ වෙන එක ගැන කියලා වැඩක් නැහැ ඕයි :DD

සරත් ලංකාප්‍රිය said...

බිසෝ මැණිකේ පරිගණකයට වැන්ඳා ..!! මට ඕක අරුමයක් නෙවේ . දවසක් ට්‍රැෆික් සාජන් මහත්තයෙකුත් ඔය වගේම පරිගණකයට වැඳලා ඉගනුම පටන්ගත්තා මට මතකයි !

මට හීන් හිනාවක් ගියා ..

බිසෝ මැණිකෙත් මං දිහා බලලා හිනා වුණා .

"එතකොටයි ඉගනුම පිහිටන්නේ ..” මැණිකේ කියනවා ..

ඇත්ත වෙන්නැති !. මගේ ජීවිතේට මට හරියට පාඩම් වැඩ මතක නොහිටියේ මම ඒවට ගරු නොකරපු නිසා වෙන්න ඇති ..මටත් හිතුණා ..ඉස්කූල් බෑග් එකේ .පොත් අතරේ , බෝතල් , සිගරට් . XXX වගේ ඒවා නිතර තියාගෙන හිටි පවට මට ඉගනුම පිහිටලා නැතුව ඇති .

එක්කෝ මේ නාකි උන්දෑගේ මල විකාර . මට එහෙමත් හිතුණා ..
සහෝදරයා
අපේ මිනිස්සු නගුලට වැඳලා හාන්න පටන් ගන්නවා. උදැල්ලට වැඳලා කොටන්න පටන් ගන්නවා. කුල්ලට වඳිනවා හරකට වඳිනවා.. රියදුරා ස්ටියරින් වීල් එකට වඳිනවා.. මමත් හැමදාම ඒ වැඩේ කරනවා තුන් පාරක්.. අපේ අම්ම බත් එක තිබ්බේ හැලියට වැඳලා. එක හිනාවෙන්න ඕන දෙයක් නෙවෙයි.. එහෙම කරන නිසා අම්මගේ අතින් උයපු බත් හැලියෙන් අපේ බඩ කට පිරුනා අපිට විස උනේ නැහැ ඒක..
හුඟක් මිනිස්සු හිතන්නේ ඒ අය වඳින්නේ අර ආයුදෙට හරි යකඩ ගොඩට හරි කියලයි... නැහැ ....ඒ කරන්නේ තමුන් අදහන ආගම සිහි කරලා කරන වැඩේ හරියට කෙරෙන්න කියල පතනෙක. ඒ වගේම තමුන්වත් ඒවා බලපාන අනිත් අයවත් ආරක්ෂා කරන්න කියල.. බිසෝ මැණිකේ කියන්නේ අම්ම කෙනෙක්.. උඹ මොනවට හිනා උනත් අපේ මිනිස්සු පුරුදු කරගෙන තියෙන හොඳ සිරිත් වලට හිනා වෙන්න එපා.. උඹත් ගමේ කොල්ලෙක් මමත් හැදුනේ වැඩුනේ ගමේ.. මේ කෑල්ලෙන් උඹ ගැන හිතන විදිහ වෙනස් වෙනවා නේද ?

මාරයාගේ හෝරාව said...

අඩේ මටත් කාලයක් ඔය කිව්ව ලෙඩේ තිබ්බා බං..දකින දකින ලස්සන කෙල්ලන්ට හිත යන එක..අම්මපා ඔව්..මේ ඇත්තමයි කියන්නේ..අන්තිමට ඕකේ ප්‍රතිඵලේ උනේ මේ වෙනකොට අති සාර්ථක 24 වෙනි ප්‍රේමයත් අවසන් කරන්න මට පුළුවන් වෙච්ච එකයි..ඒත් දැන් ලෙඩේ හොඳද මංදා..ඉස්සර වගේ එහෙම දකින දකින එකට හිත යනවා අඩුයි.. මොකද මංදා කාරනේ.. දුකේ බෑ බං...

හැබැයි පුතේ මං මේ අත්දැකීමෙන් කියන්නේ ඔය අම්මා අල්ලගෙන දුවව අල්ලන්න යන තියරියේ හොඳ වගේම නරකත් තියෙනවා... මමත් ඕක කිහිප වතාවක්ම අත්හදා බලලා අති සාර්ථක ප්‍රතිඵල ලබා ගත්ත බුවෙක්..ඒත් බං පස්සෙන් පහු ඕකම හෙන ඇනයක් බවට පත් වෙනවා...

බලහංකෝ කෙල්ල මදිවට නැන්දත් නිතරම උපදෙස් දෙන්න ලෑස්ති උනහමයි..දෙන්නගෙ වෙඩිම ඉක්මන් කරන්න කරදර කරන කොටයි ඇනේ තරම...

Anonymous said...

දැන් මේ කතාවත් අහවර වෙලාද උඹ කතාවේ ලියන්නේ කියපං. නැත්තං මේක දැනට සිද්ධ වෙන දෙයක්ද?

Anonymous said...

මේක බිසෝ මැණිකේ මිස්ගේ බඩල් ක්ලික් එක නෙමේ සඳරුගේ බඩල් ක්ලික් එක කියලා දැම්මනම් තමා හරි.

hare :-) said...

යකෝ ‍තොට ඉගෙනීම පිහිටල නෑ කියන්නෙ කොහොමද? ඔය යස අගේට වැඩිහිටි උදවියට උගන්නන්නත් පැනල බාර අරන් තියෙන්නේ... අනික බ්ලොග් කියවන අළුත් මල්ලිල කෙල්ලො අල්ලාගැනීමේ මිෂන් ඉගෙනගන්න මේ බ්ලොග් එකලු දැන් කියවන්නේ ;-)

Charmi said...

"ඔකඳ වුණා !"
බොලේ ඔය වචනේ තමා හරිම.

Deeps said...

අනේ මෙහෙමත් කොල්ලෝ :D

සෝරෝ said...

අනේ මන්දා බං... ​උඹ ලියන ඒවා කියවනකොට නිකන් ​නවකතාවක් කියවනවා වගේ.. එළ එළ.. ඉත්මනට අනිත් කොටසත් දාපං මෙගා කරන්නේ නැතුව.. :D


ජය වේවා..!!

MaRLaN said...

අපිට ඉතාමත් ඉක්මනින් ඊලග කොටස ලබාදෙන්න....
බලමුකෝ සඳරු අයියාගේ වැඩ

නචියා said...

සදරූගේ තවත් එක් සත්‍ය, සොඳුරු, සෝචනීය දර කතාවක්....

සුපිරි මචං... ඉතුරු ටිකත් ලියපන් බලන්න.....

Dasun said...

සදරු උඹ තමා දවසකටත් මිනිහා...ශානිකාට මොකද උනේ කියලා ඉක්මනට දාපං.....

duliponline said...

ඉතුරු ටිකත් කියෝලම කොමෙන්ට් කෑල්ලක් දාන්නං

Buddhi said...

සඳරු සයිබර් යායට ආවට මම මේ ළඟදීයි මේ පැත්තෙ ආවේ. කතා ටික මරු වගේ! වේලාවක මුල ඉදලා කියවන්න ඕනේ!

කතාව ලබන සතියේ ඉවර කරන එක හොඳයි.

මම හිතුවේ අර රතු කොරොල්ලා කාරෙක වවාගෙන කන තට්ටයා වගේ මේකත් සෑහෙන ප්‍රමානෙකට කුට්ටි කරයි කියලා.

සංකල්ප said...

හිප් හිප් හුරේ !!!!
සදරු මල්ලි ආයෙම ආදරේ කරන්න පටන් අරන් !!! මේ ආදරේ ඉතුරු කොටස කියවන්න අපි බලාගෙන ඉන්නවා. ඉක්මනටම ලියන්න මල්ලි.

මල්ලිට කියන්න ලැජ්ජ වෙන්න ඕනේ නෑ. බිසෝ මැණිකේ මිස් වගේම තමා මාත් කොම්පියුටර් එකට වැදලා තමා වැඩ පටන් ගන්නේ. අර ඩ්‍රයිවර්ලා සුක්කානමට වදිනවා වගේ මම කීබෝඩ් එකට වැදලා තමා වැඩ පටන් ගන්නේ.

මේ කොම්පියුටර් එකෙන් නේ එදාවේල හරි හොයා ගන්නේ !!!

පිණිබිඳු... said...

ඕවා ඔහොම තමා මලේ. ලස්සන කොල්ලොන්ටත් ඉතින් කොච්චර උනත් අපිටත් ඇහැ යනවා. හිත හෙලවෙනවා. මොනා කරන්නද. බැඳීම් තිබ්බත් අපිත් මිනිස්සුනෙ. හිත් රිදෝගන්නැතුව ඕනෙ එකක් හරිද.

Anonymous said...

පළවෙනි වැඩේ නම් ඉටි කිරිස් එකට දීලා තියෙනවා..

ඊළඟ කොටස ලියන්න ඉස්සෙල්ලා අර කෙල්ලට වෙන ග්‍රහයෙක්වත් ඉන්නවද කිය්ලා බලලා හිටියනම් තමයි හොඳ..

තරු said...

***බිසෝ මැණිකේ මිස් අපේ ඉන්ස්ටිටියුට් එකෙට ආපු දවස මට අද වගේ මතකයි . ඒ අදට මාස 7 කට 8කට විතර කලින් !. අලුත් ඔසරියකින් සැරසිලා , වළලු ,මාල , මුදු , කරාඹු එහෙම දාලා ***

මේක දැකපු ගමන් මම දන්න ලස්සන සුදු මැණිකෙ කෙනෙක් ව මගේ ඉස්සරහ මැවිල පෙනුනා..(ඩාන්සින් ස්ටාර් බලන්නකො ).

****ඇස් දෙකටම බෝතල් අඩි ප්‍රමාණයේ කණ්ණාඩි කුට්ටමක් දාගෙන හිටපු බිසෝ මැණිකේ මිස්, මගේ අම්මා වගේ දෙගුණයක් විතර වයසයි ***

මේක දැකපු ගමන් අඹ යහලුවෝ එකේ "ලොකු හාමිනේ" රුබී ඩි මෙල් ව මතක් වුනා... :-)

කතාව නම් එල, ෂානිකා..ට මොකද වුනේ...තරිඳුවා එක්ක පැනලා ගියාද?

දිනුක said...

ඇතුවත් බැරි නැතුවත් බැරි ගෑනු........

මේකෙත් තියෙන්නෙ අර පොදු අවසානයමද?

Praසන්ன said...

'රැකියාවේ බළේද මන්දා ? .. ඇඳුමේ බළේද මන්දා?' ඈ බං සඳරු උඹ ජපානෙං ගෙනාපු රෙදිවලිං මහන එකක්ද ඇඳගෙන හිටියෙ.
ඊළග කෑල්ලත් ඉක්මනට දාහං මලේ.

පැන්ඩා said...

ඇඩෙනවා...උඹේ ජිවිතේ නම් ඇත්තටම කතා පොතක් සඳරුවො ..පුදුම අත්දැකීම් සීන් ගොඩක් තියෙන්නෙ..මට නැනෙ ඔහොම දේවල් අඩුම ගානෙ අර බනිය ගෙ උපදෙස් පරිදි බ්ලොග් එකක් ලියන්නවත්...අපුරුයි..අර කතන්දර වගේ පිස්සු කෙලින්නෙ නැතුව (තද වෙයි ද මන්ද කතන්දර මහත්තයට) පිලිවෙලට ඉක්මණට දාල ඉවර කරපන්

BLOG ගඩොල් said...

එල එල!! බලමු මොකද වෙන්නෙ කියලා ඉස්සරහට. සඳරුට බිසෝ මැණිකෙ නෝනගෙ ආදරේ හම්බවෙයිද දන්නෙ නෑ. හික් හික්!!

Anonymous said...

පළමුව නැන්දම්මා දමාගෙන, දෙවනුව කෙල්ල දමාගැනීම අතිශයින් භයංකර ත්‍රාසජනක අත්දැකීම් සමූහයක ආරම්භයයි. මුලදී ඔකඳ වූවද අවසන වකූර් වී යනු ඇත.

jhothishalanka said...

කතාවට හරිම ආස හිතුනා.සමහර විට ඒක ඔයාගේ ලේඛන ශෛලිය නිසා වෙන්න ඇත.එක හුස්මට කියෙව්වා.ඉතිරි ටික ඉක්මනට දාන්න.

රවින් said...

පිස්සුද බං හෙන ගහන්න වගේ එක පාරට ලව් කොරන්න??? කව්ද දන්නේ ඔය ශානිකාට කොල්ලෙක් දැනටමත් ඉන්නවද නැද්ද කියලා??? බොට නම් පිස්සු හොඳම එකෙන්..:-පී

නදී said...

ඉතුරු ටිකත් ලියන්ඩො ඉක්මනට

ItalyDilan said...

අතීශය බයංකාර ක්‍රමේට කෙල්ලව අල්ලන්න යන මෙහෙයුම නැන්දම්මව මුලින්ම සෙට් කර ගැනීම,,,බලමු මොකෝ වෙන්නේ කියලා

පබලු said...

අත්දෑකීමක් ද මවාගත්ත කතාවක් ද ?

කොහොම වුනත් නියමෙටම ලියල තියනවා සඳරු.

Anonymous said...

"අහස වලාකුළුවලින් පිරිච්ච එක වැහිබර අඟහරුවාදා දවසක . උදේ 10.30 ට විතර බිසෝ මැණිකේ හා හා පුරා කියලා අපේ පරිගණක පන්තියට ආවා .කුඩේ අකුළලා දොර ගාව බිමින් තියලා පාපිස්ස උඩ හතර පාරක් විතර කකුල් දෙක අතුල්ලපු බිසෝ මැණිකේ. තරමක් බයාදු ගතියකින් ඉස්සරහා දොරෙන් ඇතුළට ඇවිදින් කාඩ් එකත් මාක් කරගත්තා.. ඊට පස්සේ මම පෙන්වාපු පරිගණකය ඉදිරියට ගිහින් ඉඳගත්තා . ඉඳගෙන ඉවර වෙලා එයා මහ පුදුම වැඩක් කලා .."

මේවා කියවනකොට පිලිවෙලකට චිත්ත රූප මැවෙනව.
මේවගේ අත්දැකීම් තිබ්බට මේහෙම ලියන්න පුලුවන් කීයෙන් කී දෙනාටද.
නියමයි. ෆට්ටයි.
JH

Anonymous said...

sadaru aiya maluwage theory pawichchi karanawa wage...mulin amma,,passe duwa... hodai...hodai..ohma yanko...ikmanta ithiriya danna...

Ravi said...

හෙහ්...හෙහ්...සඳරු, ලස්සන කෙල්ලො දැක්කම උඹ ඔකඳ වෙනව නේද? මම නම් සලිත වෙනව නැත්නම් කුල්මත් වෙනව, ඔක්කොම එකම තමයි බලාගෙන ගියාම. එකම ජාතිය.......... ග්‍රේඩ් එක තමයි වෙනස්.......

හැබැයි මලේ,පොඩ්ඩක් පරිස්සමින්, ඔකඳත්වය උපරිමත්වයට ගියාම ක්ෂුද්‍ර අතුණුබහන් මහා අතුණුබහන් වල එතිලා අහක වෙලා, අන්නශෝත්‍රය උණ්ඩුකපුච්ඡයෙ හැප්පිලා එහෙම, කුස ලිහිල් වීම නොහොත් බඩ බුරුල් වීමේ අවස්ථාවට එන්න පුලුවන් ස්වයංක්‍රීයව.......අත්දැකීමෙන් මල්ලි කියන්නෙ, අත්දැකීමෙන්.......

මම කියන්නද වෙන්න යන දේ?......නැන්දම්මට ඩබල් ක්ලික් කරන්න උගන්නන්න උඹට බැරිවෙනවා මාසයක් ගිහිල්ලත්......හෙහ්, හෙහ්, අන්තිමට උඹට කෙල්ලත් එපා වෙනව ඒ කෙහෙල්මල නිසා......

අපරාදේ කියන්ට බෑ උඹට කමෙන්ට් එකක් දාන එක නම් කොහෙත්ම අමාරුවක් නෑ, කොල්ලො,......කොපි ඇන්ඩ් පේස්ට් විතරයි තියෙන්නෙ.

එළය........ පට්ටය........ මාරය.........

පුංචි සුරංගනාවි said...

කියන්න දෙයක් නැ ඔය ලව් එකත් සුවර් එකටම චකබලාස් වෙන්න ඇති.....මොකද මෙකත් අයිති වෙන්නේ වැරදුන තැන් කියන ලේබල් එකටනේ නැද්ද ..........මල්ලි සිකුරා ලබලා වගේ ඔයාටත්

හිරණ්‍ය said...

ඉතින් ඊට පස්සේ???

හීනියට.... said...

මම දවසකුත් කිව්වේ.....සඳරු ගොයිය ඇහැ නොදාපු එකක් ඔය ගම් පලාතෙ හොයනව බොරු ඕං....

Dinesh said...

සදරුට ඉගෙනීම පිහිටලා නැති උනාට ඔය හොදට උගනන්නේ.. අර "මම ඉගැන්වීමටම උපන්නෙක්මී" කියලා කියපු ජාතියේ කෙනෙක්ද කියලත් හිතෙනවා.. හොදා හොදා.. ඉක්මනට කිවුවනම් මොකද උනේ කියලා.. අන්තිමට අර " ගල් කෝරියේ" වගේ අප්සට් කර ගන්නනම් එපා....

Beetle said...

මටත් හිතෙන්නේ රවි අයියා කියපු එකම තමයි...

ඩබල් ක්ලික් එකක් හින්දා ශානිකාත් නැති වෙයිද...? :D

Unknown said...

සඳරු මලේ මම හිතන්නේ මේ මම උඹේ බ්ලොගේට දාන පළවෙනිම කමෙන්ට් එක. දැන් තමයි සම්පූර්ණ බ්ලොග් එකම කියවලා ඉවර කලේ. උඹේ ලිවිල්ල ගැන නම් ඉතින් ආයේ මට කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ මචං, මම මෙච්චරක් කියන්නම් දැන් මට දැනෙන්නෙ උඹ සෑහෙන කාලෙක ඉඳන් අඳුනන යාළුවෙක් වගේ සිරාවටම. උඹට වරදින්නෑ කොල්ලො ඔහොම යං....

ශානිකාගෙ සීන් එක ගැන කියනවනම් මටත් ෂුවර් උඹට ඔය ඩබල් ක්ලික් එක නම් බිසෝ මැණිකෙ මිස්ට උගන්න ගන්න බැරි උනා කියලා... :D

හිස් අහස said...

@පූසා= මෙගා කරන්නේ නෑ පූසෝ . ඊලඟ කොටසින් ඉවරයි . දිග වැඩි වුණාමත් අවුල් නේ ඒකයි දෙකට කැඩුවේ
......................................................................................................................................................
@Podi Kumarihami = සමහර විට ඉස්කෝලේ යකාලේ ශානි ගේ අම්මා දැක්කානම් මට කෙල්ලෝ එපා වෙන්නත් ඉඩ තිබුනා කුමාරි අක්කන්ඩි .. ඊටපස්සේ .. මම මැරුන නේ !
......................................................................................................................................................
@කතන්දර Kathandara = මේ වගේ කියවලා බලලා ප්‍රශ්නයක් අහන කෙනක් ඉන්න එක කොයිතරම් හොඳඳ . මගෙන් ඉගනගන්න ළමයින්ගෙනුත් මම කැමති ප්‍රශ්න අහන ළමයින්ට .. මම කෙටි පිලිතුරක් දෙන්නම් .. මගේ අම්මා තාත්තා එක්ක පැනලා එනකොට එයාගේ වයස 19 යි ලු.. දැන් ඔයාගේ උත්තරේ ලැබුනා නේද ? අන්න පහල කෙනෙක් කියනවා ඔයා කොන්ඩේ රහිත කෙනෙක් කියලා ! ඇත්තද අප්පේ !
......................................................................................................................................................
@Anonymous = ඔයා හරි මම වැරදි . දන්නවනේ මගේ ඉංගිරීසි දැනුම ඒතරම් හොඳ මදි . මට වැරදිලා .. ස්තූතියි පෙන්නුවාට . මට ඒක හැමදාටම මතක තියේවි
......................................................................................................................................................
@Chanaka Aruna Munasinghe = මෙන්න වැන්දා ! අනේ මගේ මකරෝ මට ඒ ටික කරලා දියන් මගෙ දෙයියෝ ! මටත් ඕන ඒක
......................................................................................................................................................
@කස්සා = ආදර නහරේ මටත් කපාගන්න ඕන කොහේද බං ඕක තියෙන්නේ ! කොහොමද මචං ඒක කපන්නේ ?
......................................................................................................................................................
@Dakshina = කෙල්ලගේ හිත දින්නානම් තමයි බං මම ජාත්‍යන්තර වෙන්නේ නැත්තම් ඉතින් මමත් චාටර් බුවෙක් තමයි !
......................................................................................................................................................
@වැප් = වැප් ලොකු අප්පච්චි එහෙම කියනවානම් ඉතින් ස්තූතියි .. එයැයිටත් ඔකඳ වෙලා පුරුදුයි වගේ !
......................................................................................................................................................
@සරත් ලංකාප්‍රිය = මේකයි ලංකා අපේ පරිගණක ආයතනයට වැඩිය වයසක කට්ටිය ඇවිල්ලා නෑ . එන තරුන කොල්ලෝ කෙල්ලෝ කවදාකවත් පරිගණකයට වඳින්නේ නෑ. ඉතින් කෙනෙක් පරිගණකයට වඳිනවා දැක්කම මට පොඩි පනාවක් ආවා . ඒත් ඒක එතනින් අහවරයි . ආයේ මම හිනා වෙන එකක් නෑ ..
......................................................................................................................................................
@මාරයාගේ හෝරාව = 24 ප්‍රේමය ! අප්පා මම නම් ඉතින් ආදරෙයි කියලා ආදරෙයි ලබාගෙන තියෙන්නේ කෙල්ලෝ හතර දෙනෙකුගෙන් විතරයි . සෑහෙන ගානකට හිතෙන් විතරක් පෙම් කරලා නම් තියනවා . නැන්දා මට මෝල් ගහෙන් පතබෑවත් මොකද බං කෙල්ල ඉටි රූපේ වගේ නම් බැන්ඳට පස්සේ නැන්දට ඉතින් මාත් එක්ක හැප්පෙන්න බෑ ! .. ඒත් ඉතින් මම පරාදයි බං මේකෙනුත්
......................................................................................................................................................
@prasanna86k = ආදර කතාව ඉවරයි . බය හිතෙන කතාව තමයි දැන් තියෙන්නේ .බලාගෙන ඉන්ඩකෝ බිසෝගේ ක්ලික් එක .
......................................................................................................................................................
hare :-) = "බ්ලොග් කියවන අළුත් මල්ලිල කෙල්ලො අල්ලාගැනීමේ මිෂන් ඉගෙනගන්න මේ බ්ලොග් එකලු දැන් කියවන්නේ" එහෙනම් උන්ට අඹ සරනයි මචං !. මම උගන්වන්නේ පරිගණක විතරයිනේ බං අනික් ඒවා මට යන්තමටවත් පිහිටලා නෑ !
......................................................................................................................................................
@Charmi = ඔයාටත් තේරේවි ඔකඳ වෙච්ච දාට .

හිස් අහස said...

@deeps = ස්තූතියි සම්මානනීය බ්ලොග් ලියන්නියනි ! මෙහෙමත් කොල්ලෝ ! ඒ වචනය මාහට ගෞරවයක්ම විය !
......................................................................................................................................................
@සෝරෝ = හය වෙනිදාට කලින් ඉවර කරනවා මචං ..බොලා එනවා නේද ? අපිව බලන්න
......................................................................................................................................................
@MaRLaN = සඳරු අයියා හාල් වුණා බං ආයේ උගේ වැඩ ගැන අහන්න දෙයක් නෑ !
......................................................................................................................................................
@නචියා = සෝකේ ඇරෙන්න ඔතන අනික් සේරම තියනවා . ඉක්මනට ලියනවා අන්තිම කොටස
......................................................................................................................................................
@නිර්මල = ශානිකා යසට ඉන්නවා බං .අඩේ මම දවසකට නෙවෙයි ඕල්වේස් මිනිහා :)
......................................................................................................................................................
@ඕනයා = උඹගෙන් කමෙන්ට් එකක් එනකොට බය හිතෙනවා බං ! මයෙ දෙයියෝ ! . කොස් කකා හිටියානම් හොඳයි කියලා මට හිතුනා බං
......................................................................................................................................................
@බුද්ධි = ඔවු බුද්ධි අයියේ ඊලඟ කොටහින් ඉවරයි . කතන්දර තට්ටයෙක්ද ? මම හිතුවේ හොඳ තරුණ ගැටයෙක් කියලා ! ස්තූතියි ආවට .
......................................................................................................................................................
@මධුරංග = අඩේ මේකත් අල වුණා අයියේ . මොන හුරේද ? . මම තාම පරිගණකෙට වැඳලා නෑ . මමත් ආයේ හැමදාම උදේට මේකට වැඳලා පටන් ගන්න ඕන .උඹ ඉතින් මගෙ එකා නේ මට හරියනකොට උඹට හැපී නේද
......................................................................................................................................................
@පිණිබිඳු = ඒක ඇත්ත අපි හැමෝම මිනිස්සු නේ ! කෙල්ලොන්ට එහෙම වෙනවා කියලා මම දන්නේ අද . අපේ ගමේ සමහර කෙල්ලෝ ඉන්නේ නිකං කොල්ලෝ අහරං වගේ .. ඔයාගෙ කමෙන්ටුවෙන් පට්ට හයියක් ලැබුනා
......................................................................................................................................................
@sameerausa = දැන් පමා වැඩියි බං . උඹ ඔය කතාව කලින් කීවානම් තිබ්බා ෂෙහ්! ස්තූතියි සහෝ !
......................................................................................................................................................
@Tharu = ශානි තරිඳු එක්ක පැනලා ගියානම් කොච්චර එකක්ද ? අපේ කොල්ලෙක් හරි ගොඩ නේ . බලන්නකෝ අනේ මට වෙච්ච දේ . බිසෝ කියලා මම හඳුන්වපු කෙනා . නිකම් චාල්ස් කුමරිය වගේ !. ටිකක් සුදුයි ටිකක් කලුයි
......................................................................................................................................................
@දිනුක ජයකොඩි = අනේ ඔවු බං එපා වෙනවා . අවාසානයට පෙර ඈ ගියානේ . ! මට එපා වුණා !
......................................................................................................................................................
@Praසන්ன = ඉක්මනට ලියන්නම් අයියේ . මම හිතන්නේ ලංකාවේ රෙද්දෙන් මහපු එවුවා තමා ඇඳන් හිටියේ යට ඇඳුම නම් ආනයනය කරපු එකක් .!ඊලඟ ටිකත් ඉක්මනට දෙන්නම් මචෝ . රෙද්දේ තියන බලය ගැන ඔයා හොඳටම දන්නවා ඇති .
......................................................................................................................................................
@පැන්ඩා = මගේ හදවත ඒතරම් කතා කරන්නේ නෑ පැන්ඩයියේ මගේ හිතේ තියන දේ මම එකෙක්ටවත් කියන්නේ නෑ මොකද එතකොට මගේ ගමේ මට තියන යන්තම් පොරත්වයත් නැතිවෙලා මම බාල්දු වේවි . අපේ ගමේ ඉන්නකොට නිකං ඕන දේකට නොසැලී ඉන්නවා වගේ පෙන්නගෙන ඉන්න ඕන . ඉතින් මම එහෙම ඉඳලා බ්ලොගේ නිසා හැඟීම් එලිට දානවා .

හිස් අහස said...

@blog gadol = මල කෙලියයි එහෙම වුනොත් එදාට මගෙ මලගමට වරෙල්ලා ! . මාරි පෙට්ටියකුත් අරගෙන
......................................................................................................................................................
@nawammawatha = සහතික ඇත්ත වෙන්ඩ ගිය නැන්දා නිසා මම අද විඳින දුක දන්නේ මා පමනි නවම් අයියේ .
......................................................................................................................................................
@JHOTHISHALANKA = ඉක්මනටම ලියනම් මචෝ . අදහසක් දීලා ගියාට ස්තූතියි .
......................................................................................................................................................
@රවින් = මම කවදාවත් ඕව හිතන්නේ නෑ බං . අනේ මම වගේ මැටි පෝච්චියක් ! . ඒකමයි මට කෙලවුනේ
......................................................................................................................................................
@නදී = බෑ බෑ ආයේ ලියන්න බෑ ! :)
......................................................................................................................................................
@ItalyDilan = ඊලඟ කොටසේදී මචං පිලිතුරු ලැබේවි . බයංකාරද කියලත් අහනවා . මම ඊයෙත් හීනෙන් බය වුණා .
......................................................................................................................................................
@පබලු = මවාගත්ත එකක් වුණා නම් කොච්චර හොඳඳ අක්කන්ඩි ! ස්තූතියි සහෝදරී
......................................................................................................................................................
@JH = බොහොම ස්තූතියි බොහොම ස්තූතියි . මොකද්ද මචෝ ජේ එච් කියන්නේ ? නම කියන්ඩකෝ ! නිතරම එන කෙනාගේ නම දැනගත්තොත් මට මාර ගැම්මක්
......................................................................................................................................................
@Anonymous = අඩේ මාලුවත් එහෙම එකක් ලීවා නේද ? පවු ඒ අහින්සකයාව මතක් කරෙත් නෑ .උගේ තියරිය නිසා තමයි මේ සේරම .
......................................................................................................................................................
@Ravi = රවී ගේ අනාවැකිය වැරදිත් නෑ හැබැයි හරියටම හරිත් නෑ . බඩ බුරුල් වෙන අවස්ථාව මට කීප වතාවක් හැදුනා . ඒත් මගේ ආත්ම සක්තිය සහ උපතින්ම ගෙන ආ මෙවුව එක නිසා ඒ බඩ බුරුල් වීම මග හරවාගන්න හැකි වුණා .ලස්සන කෙල්ලක් දැක්කද අනේ මමනම් අතට උඩින්ම ඔකඳ වෙනවා . රවී අයියත් එහෙමද ?

හිස් අහස said...

@පුංචි සුරංගනාවි = මම හිතන්නේ අක්කේ පලවෙනි ලවු එක කලයක් යකම් තිබුනා ඒක අල වුණාට පස්සේ එකක්වත් මට හරියටම හරි ගියේ නෑ .අනේ මන්දා සිකුරා ලබලා තමයි .කේන්දරේ බලවා ගන්නඕන
......................................................................................................................................................
@හිරණ්‍ය = ඊටපස්සේ වෙච්ච හරිය මේ මම ලියන ගමන් ..ඉක්මනට දෙන්නම්
......................................................................................................................................................
@හීනියට = උඹ මච මට හීනියට ටොකු අයිනවා නේද . මම එහෙම හැම එකීටම ඇහැදෙන්නේ නෑ මචෝ අහින්සක උන්ට විතරයි ඇහැ දෙන්නේ
......................................................................................................................................................
@Dinesh = මම සක්විති වගේද මචං ! අනේ හෙම වුණා නම් ! . ගල් කොරියේ එක වගේම හාල් වෙලා ඉවරයි මේකත් . මේක වෙලා දැන් සති 3 - 4 විතර වෙනවා .
......................................................................................................................................................
@Beetle = ශානිකා කොහොමටත් නැති වුණා .බිසෝ මැනිකේ නම් තාම මා ගාව ඉන්නවා
......................................................................................................................................................
@නිශාචරයා = මමත් ඔන්න ඔයා අපු පාර දිගේ එහේ ආවා .. උඹලා හරියටම හරි .මචෝ. ඒකම තමයි වුනේ බලාගෙන ඉඳපල්ලකෝ . මට වෙච්ච හාල් වැඩේ. ඉතින් බොහොම ස්තූතියි කීවා අපේ බ්ලොග් කට්ටට ආවා සහ ඒක කියෙවුවාට . අලුතෙන් ලියන්න මමත් එන්නම් ඒ පැත්තේ ඇවිත් යන්න .

Anonymous said...

සඳරු අයියාගේ කතා වලට මම එදා ඉදන්ම කැමතියි..එවා හරියට අර්ධ ප්‍රබන්ධ වගේ..හරිම ලස්සනට ලියනවා... කියන කෙනාට එ දේ මැවෙන්න තරම්...කිව්වත් වගේ සඳරු අයියාව නොදන්න කෙල්ලෙක් ගමේ ඉන්නවද දන්නේ නැ නේද...ඔය වයසේ වැරැද්දෝ මන්දා...

Dinesh said...

නෑ මලයා සක්විතිට වඩා නම් හොදයි.. මම කිව්වේ ඉගැන්වීමට හපනෙක් වගේ පෙනුන නිසා..
අයියෝ... උඹට මොකද මලේ හැමදාම ලව් එකකදි වෙන්නේ... අනිත් කොටස දැම්මනං.. දැන්නං කියවන්නත් හිතට දුකයි වගේ...

දේව් ගේ අඩවිය said...

කොහොම හරි ඔය දකින දකින කෙල්ලන්ගෙන් හොදටම ගැලපෙන කෙල්ලව ඉක්මනටම හොයා ගනින්කෝ මල්ලියෝ....

Photoshop Online said...

ආතල් කතාව මචො.....කොටස් දෙකම එකට දාන්න එපැයි

Anonymous said...

සිස් අයියේ උඹ තමා මිනිහා......
දකින දකින ලස්සන කෙල්ලට ආස හිතෙන එකනම් ආදරේ නෙවෙයි කෑදරේ.... හික්:)

duliponline said...

අඩේ . . . . සඳරුවා . . . උඹ නෙමේ බං අපිට බයවෙන්න ඕනෙ . . . අපියි උඹට බයවෙන්න ඕනෙ. උඹේ තර්ජනවලට බයවෙච්චි අර බඩ ලොකු ඩුබායි ආලවකයා . . .අන්න මුට්ටිය දාල බලන්න හදනවලු . .. . ආරංචිය ඇත්ත නං . . .
ඌත් උඹට බය උනා නං . . . අපිට උඹේ නම ඇහෙද්දිත් ඇඳිවතේ සුලුදිය පහවෙන්න ඕනෙ.

චතුවා said...

ඉස්කූල් බෑග් එකේ .පොත් අතරේ , බෝතල් , සිගරට් . XXX වගේ ඒවා නිතර තියාගෙන හිටි පවට මට ඉගනුම පිහිටලා නැතුව ඇති .

හික්ස් අෆ්ෆා.. මට ‍පාඩම් මතක නොහිටින සීන් එක දැන්නේ මතක සෙන්ටර් වෙන්නේ.. ගොඩක් වෙලාවට මට නොවුනත් අනුන්ට හරි මං මේවගේ ඒවා මගේ බෑග් එකේ ඇදලා තියේනේ.. :D

කතාවෙ ඉතිරි ටික කියවන්න බලා...........ගෙන ඉන්නවා.. :D

ලකී සිරි said...

කෝකටත් පරිස්සමෙන් ලියපන්..මේක ශානිකා බලනවද දන්නෙ නැහැ...

Bindi said...

පරක්කු වුනා හොඳටම . මටත් අන්තර්ජාලය කොකා පෙන්නුවා ඊයේ. ඔය වැඩේ වත් හරිගියේ නැද්ද . පව් අර අම්ම . මෙහෙමත් ගුරු හොරු. මෙයාද අර කලින් දවසක කිව්ව මිස් ඩබල් ක්ලික් කරන්න මාසයක් ගියා කියපු. අම්ම මෙහෙම නම් දුව කොහොම ඇද්ද කියල වැඩේ අල්ලලා දැම්ම නේද. තව ටිකක් වයස ගියහම ''සඳරුගේ ආදර කතා ''.කියල පන්සීය පනස් ජාතකේ විතර පොතක් ලියන්න හැකි වෙයි . උණු කැවුම් වගේ විකිනෙයි.

pissi said...

අය්යාගෙ සිකුරා නලලේ නේ:P

සිහින said...

මචන් සඳරුව, මං ගොඩක් පරක්කුයි... කොහෙද මේ දවස් ටිකේ බස් රේඩියෝ එකක් අල්ලාගෙන ඒකෙ වැඩ බං.

ලිවිල්ල ගැන ආයේ කියන්න දෙකක් නෑනේ.බිසෝ මැණික මුලින්ම ආව හැටි කියල තියන විදිය චිත්‍රයක් වගේ බං.මැවිලා පේනවා.මොනවා උනත් උඹට පොඩි දෙයක් උනත් අල්ලාගෙන ලොකු කතාවක් ලියන්න පුළුවන්.අපිට නැත්තේ ඕක.උඹ ඉන්න ඕනේ ඔතන නෙමෙයි බං..ඒත් මං දන්නවා කවද හරි ලංකාවේ පත්තරේකට එක දවසකට විතරක් නෙමෙයි දිගින් දිගටම උඹ ලියනවා.මතකනේ ලක්බිමේ...මෙගා සීරීස් උඹ ලියන්නේ නෑ කියල මං දන්නවා.ඒ හින්ද තව දවස් දෙක තුනකින් අවසානේ බලාගන්න පුළුවන් වෙයි.
ජය වේවා !!

මචන් තිශ් කියන නම වෙනස් කරන්න උනා බස් පදින්න ගිහින්.සිහින නම අරගත්තා බ්ලොග් එකේ දෙවැනි කෑල්ල.උඹට අදුරගන්න පුළුවන් නේද?

හසී said...

මම මේකට කමෙන්ට් කලාද මතක නෑ අප්පා..

සඳරුවෝ පරිස්සම් වෙයන් මාමා එනෝ.................

Sabith said...

අප්පට හුඩු!කැ ස්ටොරියක් නේ බං මේක! උඹ නම් නියම කැ***! හික්ස්! සමවෙයන් මෙහෙම කිව්වට!හැබැයි මේ වචනෙට වඩා හොඳ වචනයක් නැහැ උඹව විස්තර කරන්න!

පන්සල් හංදිය said...

සඳරු වඳිනවා මට මැවිලා පෙනුනා, කෙල්ල ඇත්තටම ලස්සන ඇත මාර ගණ දෙවි නුවණකුත් මලයට තියනවා නේ .....

නැත්නම් ඔය වෙලේදී කාටද දණ ගහලා වඳින්න මතක් වෙන්නෙ ..

duliponline said...

@සිහින:
අඩේ . . . මේ උඹද ??? මම ඒත් මේ ලඟදි බස් පදින්න ආපු වෙලාවක කල්පනා කොලා මොකාද මූ කියල . . . ??? දැං එතකොට අන්තිම පේලිය පැත්තෙ එන්නෙ මොන නමින්ද ?

Gizaa said...

ඔන්න බලපන් මල්ලි උබලට අපිට නෑති උනන්දුවක් තියනවා බිසෝ මෑණිකේ නෝනට :P
එක නෙමෙයි බන් මල්ලි උබ අත්තටම ඉපදුන වෙලවෙ සිකුරු තරුව පයලා තිබුනෙ උබලගෙ ගමට උඩින්ද කියල හොයලා බලපන් මල්ලි :P

මම උබේ කොස් කතාවට දාපු කොමෙන්ට් එක නම් පබ්ලිශ් උනෙ නෑ මල්ලි මොකක්ද දන්නෑ කේස් එක :D

මන්තරකාරි said...

ශානිකාගෙ අම්මා ක්ලාස් එකට ආවෙ නැද්ද ඊලඟ කොටස දාන්නෙ නැත්තෙ? කෝ ඊලඟ කොටස ඉක්මනට දාන්නකෝ...

තරු said...

පොරොන්දුවක් වුනා නම් ඒක හරියට ඉෂ්ට කරන්න ඕන බන්...
කෝ බොළ බිසෝ මැණිකාගෙ යට කෑල්ල ???????
නෑ.....මේ.....මම .... කීවේ...............
දෙවෙනි කෑල්ල.... :-(

ayesha said...

ම්....,ම් එහෙනම් ඔන්න ජය සිරි මoගලම්! මොකද වුනේ කියලා ඉක්මනට කියන්න.

අනූ said...

සඳරු අයියගෙ ලෙඩේ තමා ලෙඩේ,,

හිස් අහස said...

@නිම්ශා = අයියෝ නගා කින්ඩි පාස් කරන්න එපා !!
..........................................................................................................................................
@Dinesh = අනික් කොටස ලියන ගමන් මචෝ
..........................................................................................................................................
@දේවා ගේ අඩවිය = බබා කොටපු කෙනා එනකම් වෙයිටිං තමා බං
..........................................................................................................................................
@Fx මැක්ස් = සොරි බොස් මට ලියාගන්ඩ බැරි වුණා අම්බානෙට වැඩ .ඕං හෙටම ලියනවා
..........................................................................................................................................
@බීටා =කාටවත් කියන්න එපා ඒක උඹයි මම විතරක් දැනං ඉම්මු
..........................................................................................................................................
@ඕනයා = ඉඳපල්ලා මම එනවා උඹලව බලන්න
..........................................................................................................................................
@චතුවා (ළමයා) = ඉක්මනටම ලියනවා මචෝ .
..........................................................................................................................................
@Luckey = 100% සුවර් එයා මෙවුවට නෑ ඒකි සිංහල බ්ලොග් ගැන දන්නේ නෑ මචං
..........................................................................................................................................
@Bindi = ස්තූතියි අනේ කැවුම් නම් මොනාද උනු උනු පපඩම් වගේ විකිනෙනවානම් හොඳා
..........................................................................................................................................
@pissi =ඒවගේම සෙනසුරා ඔඩෙක්කේ
..........................................................................................................................................
@සිහින = මට අඳුනන්න බෑ . හූවක් කියපන් බලන්න එතකොට අඳුරන්න පුලුවන්ද බලමු
..........................................................................................................................................
@හසී = මාමා ආවා ..:(
..........................................................................................................................................
@Sabith = අවුලක් නෑ බං මට අම්මා ඇරෙන්න අනික් උන් ඔකෝම කියන්නේ ඔය නම තමයි
..........................................................................................................................................
@පන්සල් හංදි = මතක් උනා නෙවේ . ඉස්නායු ඉබේටම ක්‍රියාත්මක වුණා මමවත් දන්නැ මක්කයි වුණේ කියලා .
..........................................................................................................................................
@Gizaa = සමාවෙන්ඩ ගිසා . ඒක මගේ මෝඩ වැඩක් හින්දා මැකුනා . සොරි බං
..........................................................................................................................................
@මන්තරකාරි = මේ දවස් වල මාර දිවිය පුත්‍රයෝ වගයක් ගෙදර ආවා ඒ නිසා පමා වුණා අනේ !
..........................................................................................................................................
@Tharu = උඅට කෑල්ල මග එනෝ
..........................................................................................................................................
@ayesha = තාම මංගලම් නෑ අයියෝ
..........................................................................................................................................
@කඩේ හාමිනේ . ලැජ්ජ නැති ලෙඩක් නේද ?

ජීවිතේ මල් said...

මල්ලි මේ උබ ලියන්නෙ උබගෙම ජීවිතේ නම් , මට කියන්ඩ වෙන්නේ , මන් දෑකපු නිර්ව්‍යාජම ආත්ම රචනය මම දෑක්කෙ අද කියලයි..

උබ කොහොමද මේ තරම් උඹෙ හිත සියුම්ව ස්කෑන් කරන්නෙ ???

ඈත්තෙන්ම සතුටුයියි.....මට දෑන් පාන්දර 1 වෙලත් උබෙ බ්ලොගෙන් ගෑලවිල්ලක් නෑනෙ :-)

Post a Comment

තැන්කූ බං