16.9.11

මුහුණ වසාගත් කැම්පස් තරුණියගේ අභිරහස 2



පලමු කොටස

මා කල ගවේශන 1


පහුගිය කොටස අවසන් වුණේ මම ජනාලැයි ගෙදර ගිය වෙලාවේ ජනා සහ මම අතර වෙච්ච දෙබසකින් .

"
සඳරු මල්කාන්ති වෙන එකෙකුට ගිහිල්ලා නම් මට ඉඳලා වැඩක් නෑ සඳරු . මම ඒකිගේ ගේ ඉස්සහටම ගිහිං මගේ ටී56 න් වෙඩි වෙඩි තියාගෙන මැරෙනවා ! “

අද එතන සිට ..


#@^!** උඹ මෝඩ වැඩ කරන්න හදන්න නම් එපා හරී.! මේක මම බලාගන්නම් .උඹ නිකං ගොං වැඩ කරලා නරි ආතල් අරං රට්ටු හිනස්සවන්න විතරක් හදන්නෙපා .

ඒ තරවටුවට ජනාගේ හිත පොඩ්ඩක් හැදුණා මම මේක හොයා බලනවා කීවාම ඌට සතුටුයි . ලවු කේස් වලදි මම මගේ ජීවිතේ ගැනවත් හිතන්නේ නැති බව මේ ගමේ ඕන එකෙක් දන්නවා මගේ අවුරුදු ගානක පාසල් ගමනත් නැතිවෙලා මම පාසලෙන් ඉවතට වීසි වුණේ ඔය වගේ යාළුවෙකුගේ ලවු හුටපටේකට උදවු දෙන්න ගිහින් කියන වග මේ ගමේ හැමෝම දන්නවා .

එදා හැන්දෑවේ අපි තුන් දෙනෙකුගෙන් යුත් රස්තියාදු බලාකායේ ප්‍රධාන කතාබහ වුණේ . මල්කාන්ති බඩ වීම කියන කාරණාව . මමයි ජනයි , රවීන් මලයයි . ඒකිගේ ගෙවල් පැත්තට හෙම්ට ගෑටුවා .

මල්කාන්තිගේ ගෙවල් තියෙන්නේ පොඩි පල්ලමක පාරේ ඉඳන් බැලුවාම පහළ වෙන දේවල් යසට බලාගත හැකි . අපි තුන් දෙනාටම ඕනෑ වුණේ මල්කාන්ති ගෙදර ඉන්නවාද නැද්ද කියලා හරියටම දැනගන්න. අපිත් ඉතින් කතාවෙන් කතාවෙන් මල්කාන්තිලෑ ගෙවල් කිට්ටුවටම ආවා .

"
මේ සඳරු අයියා අපි මල්කාන්ති අක්කලෑ ගෙදරට ගිහිං අහමු නේද ඒයා ආවද නැද්ද කියලා නේ ?ඒ මෝඩ අදහස රවීන් මල්ලිගේ

වයස අඩු හින්දම මුගේ මොළේ ටිකක් අඩුයි . මම එහෙම හිතලා පස්ස පැත්තෙන් හිනා වෙලා මූට මෙහෙම කිවුවා

"බොල නරියෝ . මැට්ටෝ ! කෙල්ලගේ ගෙදරින් ඒකිව හංගං ඉන්නවා නම් අපි ගියාම කියාවිද "මේං ඉන්නවා කියලා..? " . කෙල්ල ගමේ ආව බව අපි දන්නවා කියලා ගෙදර උන් දැනගත්තොත් ඒකිව ආයේ වෙන කොහාට හරි මාරු කරයි . අපි මචං ටොප් සීක්‍රට් රහස් පරීක්‍ෂක ගේමක් දෙමු .”

රවීන්ට හිනාවක් ගියා ."අඩෝ මට චූ බරකුත් එනවා බං මේ අභිරහස් ගතියට" රවීන් කියනවා ඌ කොහොමත් රහස් වැඩ වලට ආසයි .

මම ෂර්ලොක් හෝම්ස් පොත් සෙට් එකම කියවලා තියන නිසා මම මේ සිදුවීමේ මූලිකත්වය ගත යුතු බව මමම ඒක මතිකව තීරණය කළා . අනෙක් දෙන්නගෙනුත් කිසිම විරෝධයක් පල වුණේ නැති නිසා මම කරන්න ඔන්න දේවල් සහ ගහන්න ඕන ප්ලෑන් ගැන අනෙක් දෙන්නට විස්තර කරන්න පටන්ගත්තා .උන් දෙන්නත් ඉතින් මගේ කට පල්ලෙන් අහං ඉන්නවා .

"
ජනා උඹගේ බයිසිකලේ චේන් එක පන්නවපං .. “

"
ඇයි බං ඒ .?”
 
"එතකොට අපිට චේන් එක දානවා වගේ රඟ දක්වමින් ටිකක් වෙලා මෙතන කල් ගන්න පුළුවන්. අනික එතකොට පාරේ යන එවුවෝ අපි ගැන කැත හිතින් බලන්නෙත් නෑ. උඹ චේන් එක දාන අතරේ මම ගෙවල් පැත්ත බලන්නම්. රවීන් උඹ වට පිට බලපන් . මොකෙක් හරි පාර දිගේ එද්දී . අපි තුන් දෙනාම චේන් එක දාමු .. හරිනේ ..!”

මම එහෙම කියලා චේන් එකේ තිබුණු මජං ටිකකුත් අතේ ගාගත්තේ කාටවත් සැක නොහිතෙන්න. මම විනාඩි කීපයක්ම පහළ තිබුණු මල්කාන්තිගේ ගෙදර දිහා බලාන හිටියා . ගෙදර දොරවල් දෙකම වහලා . වීදුරු ජනේලත් සේරම වහලා . ඒත් උංගේ ගෙදර තිබුණු බටකොල ඇන්ටනාවේ රතු බලුප් එක දැල් වෙනවා . දක්‍ෂ රහස් පරීක්‍ෂකයෙක් වුණාම හැම දෙයක්ම නිරීක්‍ෂණය කරන්න එපෑය ! "හ්ම්..ඒකෙන් කියවෙන්නේ ගේ ඇතුළේ කවුරු නමුත් ටීවී බලමින් ඉන්නවා .”

අපි තුන් දෙනා මල්කාන්තිගේ ගේ ඉස්සරහා පාර ඉඳගෙන පැයගාණක් එබිකම් කෙරුවත් මල්කාන්ති ගැන යන්තමින්වත් හෝඩුවාවක් දැනගන්න අපිට නම් බැරි වුණා . ඉවසලා ඉවසලා බැරිම තැන . බලෙන්ම පන්නවාපු බයිසිකලේ චේන් එකත් අමාරුවෙන් දාගෙනම අපි ගෙවල් බලා යන්න පිටත් වුණා

මම හිටියේ බර කල්පනාවක . ජනත් බිම බලාගෙන හෙමීට ගාට ගාට එනවා . රවින් බයිසිකලේ තල්ලු කරනවා . බොරළු පාර දිගේ ආපු අපි තුන්දෙනා කටු කුසුම් ඇන්ටිලාගේ වත්තෙන් පැනලා සෝට්කට් එකක් දාගෙන ඇල පාරට ආවා .

"
සඳරු අපි හෙටත් පොඩ්ඩක් විපරම් කරලා බලමුද ?”
 
ජනා මගෙන් බැගෑපත්ව එහෙම ඇහුවත් ඒ වෙද්දී මට මේ කරදරේ තිත්ත වෙලා තිබුණා . එක පාරක් මේ වගේ දේකට ගෑවිලා වින්ද දුක දන්න නිසාම මට මේ කේස් එකෙන් පැනලා යන්න හිතයි .ඒත් එදා මගෙන් ආදරේට උදවු අරගෙන මාව පාවා දීපු එකා වගේ නෙවෙයි ජනා ඌ මට පණ වගේ, මගේම සහෝදරයා වගේ . ඒවුණත් ඒ යාළු ෆිට් එකෙත් හිතේ තදකරගෙනම

"
මට හෙට වැඩ නේ මචං .” මම බෑ නොකියා බෑ කීවා !

"උඹත් නැත්තම් කවුද බං මට උදවු කරන්න ඉන්නේ ?.අනික් එවුන් නිකං කතාවට විතරයි ඉන්නේ උඹ එහෙමද ? එදා මම අරකිව මට ඕන කියාපු ගමන් උඹ මට ඒකිව ගෙනල්ලා දුන්නා මට මේ පාරත් උදවු කරපන් සඳරු ..

"මම හෙට නොගිහින්ම බෑ මචං . මම කියන්නම් . මම හෙට හතරට විතර ඔෆිස් එකෙන් පැනලා එන්නම් . උඹලා දෙන්නා දවල්ට පොඩ්ඩක් ඔළුව දාලා බලපල්ලා . මොනවා හරි විශේෂ දෙයක් වුනොතින් මට කෝල් එකක් අර කියපල්ලකෝ .!

"
හ්ම් එහෙනම් එහෙම කරමු බං. ජනත් බැරි බැරිගාතේ "හා" කිවුවා .

එදා ගෙදර ගියත් මට නිදහසේ නින්දක් දාගන්න නම් බැරිව ගියා . ඒ මොකද කියනවා නම් ජනා මොනවා හරි පිස්සු වැඩක් කලෝතින් ඒකෙන් කොටසක් මගේ ඇඟේ පතේ පටවන්න මගේ තරහා කාරයෝ කීපදෙනෙකුත් බලං ඉන්න බව මතකෙට ආපු නිසාමයි .

මල් කාන්තිට හිතින් ලවු කරපු තවත් එක සත්‍ය ප්‍රේම බුංගයෙක් තමා වික්ටර්

වික්‍ටර් ඇවිල්ලා අපිට වඩා වසර කීපයකින් වැඩිමල් . නගර සභාවේ තේ හදන, ෆයිල් ට්‍රාන්ෆර් කරන පියන් ජොබ් එක තමයි මිනිහා කරේ . ඒත් ඉතින් මිනිහා හිතාන වුන්නේ මිනිහා ඉන්නේ දිසාපති තුමාටත් ඉහළින් කියලයි .

මල්කාන්තිව මම ජනාට සෙට් කරපු බව අපේ කොල්ලෙක් වික්ටර්ට කියාපු දවසේ ඌට මල පැනලා මට ගමේ හෝල් හන්දියට එන්න කියලා පණිවිඩයක් එවලා තිබුණා . ඒ එන්න කියලා තිබුණේ වලියට .මමත් පස්ස ගැහුවේ නෑ . ජනාවයි තව අපේ කොල්ලෝ කීප දෙනෙකුවයි එකතු කරගත්තු මමත් කියා තිබුණු වේලාවට කලින්ම එතනට ගිහිං වික්ටර් අයියා එනතුරු බයික් හරස් කරගෙන වාඩි වෙලා හිටියා . ඒත් වික්ටර් ආවේ නෑ. ආවානම් එදා ඌට ගහන්න හිටියෙත් මම නෙවෙයි ජනා. ඒ වුණාට එදයින් පස්සේ පාරෙ තොටේ කඩපිලේ කොහේදි මාව දැක්කත් කාරලා කෙළ පාරක් ගහලා තමන්ගේ හිතේ මං වෙනුවෙන් කැකෑරෙන වෛරය එළියට දාන්නත් වික්ටර් අමතක කළේ නෑ .දැන් ගම පුරාම පැතිරිලා යන "මල්කාන්ති බඩ වීම" කියන කටකතාවත් පතුරුවන්න මූලික වෙන්න ඇත්තේ වික්ටර් ගොයියම තමයි .

මට ආපු තරහව වැඩිකමට මට දත්මිටි හැපෙන්න ගත්තා .

පහුවදා උදේම වැඩට ගියත් මම හිටියේ හොඳටම කලබල වෙලා . මම හැට පාරකට වඩා මල්කාන්තිට කෝල් කරන්න ඇති . ඒත් ඒ ෆෝන් එක මම අමතන කොයි මොහොතේත් ඕෆ් වෙලා තිබුණා.

කොහොමද මල්කාන්තිව කන්ටෑක් කරගන්නේ .? ලඟපාතකවත් කැපස් එකතිබුණා නම් ගිහිං බලන්න තිබුණා . ඒත් පැය 8ක දුරකින් පිහිටි තැනකට යනවා සහ ආයේ එනවා කියන්නේ සෙල්ලමක් නෙවේ . ඒක නිසා මල් කාන්තිව හොයාගෙන යන අදහස මම අමතක කරලා දැම්මා .

"දැන් ඉතින් මොකද කරන්නේ..?" හිතමින් ඉන්න අතරේ ඔන්න මට නියම අදහසක් කල්පනාවට ආවා .
මල්කාන්තිගේ යාළුවෙක්ගේ ෆෝන් නම්බර් එකක් හොයාගත්තා නම් වැඩේ හරි . එයාට කෝල් කරලා බැලුව හැකි මල්කාන්තිට මොකද වුණේ කියලා .

මම ඒ මොහොතේ පටන් සේරම වැඩ පැත්තක දාලා මගේ ෆෝන් එකේ තිබුණු දන්න අඳුන අයගේ අංක ඩයල් කරන්න පටන්ගත්තා .ඔන්න ඔහොම යනකොට එක යාළුවෙක් මට අහවල් කැම්පස් එකේ ඉන්න තමන්ගේ මිතුරෙකුගේ අංකයක් ලබා දුන්නා . මමත් හනි හනිකට ඒ අංකයට කතා කළා .

"
හලෝ !” 

"හලෝ මම මේ සඳරු කියලා කෙනෙක් කතා කරන්නේ ඔයාගේ නම්බර් එක මට දුන්නේ අහවලා . මගේ යාළුවෙක් ඉන්නවා ඔයි කැම්පස් එකේ මට පොඩ්ඩක් එයාට පයිණ්ඩයක් දෙන්න පුළුවන්ද ? එයාගේ ෆෝන් එක වැඩ නෑ"

"
හා මම බලන්නම් මොකද්ද නම ?

"
නම මල්කාන්ති. අහවල් අවුරුද්දේ කෙනෙක් අහවල් සබ්ජෙක්ට් තමා කරන්නේ"

"
හරි හරී මට පොඩ්ඩකින් කෝල් එකක් ගන්න මම බලලා කියන්නම් මම දැන් ඉන්නේ බෝඩිමේ .”

"
එළකිරි මචං මම තියන්නම් .”

ඊට පස්සේ මගේ ඇඟට ලේ ටිකක් ඉනුවා . ඒත් මගේ ගාව තිබුණු පරිගණකයේ නොටිෆිකේෂන් ඒරියා එකේ වැටිලා තිබුණ වෙලාව දැක්ක හැටියේ මගේ ඇඟට ඉනුව ලේ සේරම ඇසිල්ලකින් පිච්චිලා ගියා .

වෙලාව තුනයි හතළිස් පහයි ! ! ! 


තත්පර දෙකකින් මම උන්නේ බොස්ගේ මේසේ ළඟ.

"
සර් මගේ නෑදෑයෙක් මැරිලා මම පොඩ්ඩක් ගිහිං එන්නද ?

"
නෑ..! සඳරු කවුද නෑදෑයා ?

"
සර් අපේ දුරින් නෑ , වෙන කෙනෙක් .”

"
හා හා ගිහින් එන්න . අතේ සල්ලි තියනවාද ?

"
තියනවා සර්"

"
ආ සඳරු අපේ ඉන්ස්ටිටියුට් එකේ සාතිෂ්‍ය සංවේගය කියලා ගහපු බැනර් එකත් අරං ගිහිං එල්ලන්න . අර පිටිපස්සේ ඇති .

"
නෑ ස් සර් කම්ම ක් න් නෑ"

"
නෑ නෑ ගන්නවා ඒක . අරං යන්න . අපිත් එන්නම් හවස් වෙලා .

"
සර් එයා අපේ ළඟම නෑයෙක් නෙවේ ඉතින් මමත් මේ දැන් පොඩ්ඩකට ගිහිං එනවා සර්ලා එන්ඩ ඕන නෑ .!

"
හරි එහෙනම් අපි එන්නෑ ඒ වුණාට බැනර් එක අරං යන්න ..! ගිහිං ඒක එල්ලන්න . එනකොට ආයේ ඒක අරං එන්න .

"
හරි සර් !”

බලෙන්ම පටවාපු බැනර් එකත් අරං බයික් එකට නගිනකොට මගේ ඉහිං කනිං දඩිය බේරෙනවා
.බොස් ඉස්සරහා බොරු කියන්න ගිහිං තව පොඩ්ඩෙන් මගේ ජොබ් එක නැත්තටම නැතිවෙනවා .ඒ මදිවට "අහෝ දුකකි !” බැනර් එකකුත් අරං යන්න මට සිද්ධ වුණා නෙව. අනේ මන්දා මටත් වෙන දේවල්. මේ වගේ ලවු වලට උදවු දෙන්න ගිහිං මම කවද්ද පාඩමක් ඉගනගන්නේ ?

මමත් බයික් එකේ නැගිලා ඊයක වේගෙන් ගෙදර පැත්තට ඉගිල්ලුණා . අතරමගදී පාර පැන්න මුගටියෙක් බේරගන්න ගිහිං පාර පාර මැද පතබෑවෙන්නත් ගිහිං මම නූලෙන් බේරුණා .

එදා මම ගෙදර නොයා කෙළින්ම ගියේ ජනා හොයාගෙන. මම යනකොටත් ජනා සහ රවීන් ඇල ළඟ මං එනකම් බලාන ඉන්නවා . මාව දැක්ක ගමන් ජනා වාඩිවෙලා හිටපු තණකොළ ගොල්ලෙන් නැගිට්ටේ අලුත් පණක් ලැබුණ එකෙක් වගේ

"
මොකද බං මේ මරණ දැන්වීමක් අරං මම වෙඩිතියාගෙන මැරුණා කියලා උඹ හිතුවද ? ඒක නෙවේ සඳරු මල් කාන්ති ගෙදර ඉන්න බව දැන් මම සුවර් එකටම දන්නවා" . 

මම බයික් එක නතර කරපු ගමන්ම මගේ බයික් එකේ ක්ලච් එක තදකරන ගමන් ජනා කියාගෙන ගියේ වෙවුලන කටහඬින් .

"
උඹ කෝමද හරියටම දන්නේ ?”

"
මචං ඒකි නිතර අඳින නිල්පාට ගවුම වැලේ දාලා තිබ්බා ..! උඹට මතක ඇති අර ඒකි නිතරම අඳින ගවුම අර.. මචං !” 

"මේ ජනා මට ඔය කෙල්ලන්ගේ රෙදි මතක නෑ බං . ඒ වුණාට රෙද්ද දැක්ක පලියට කියන්න බෑ කෙල්ල් ගේ ඇතුළේ කියලා පොඩ්ඩක් විමසිලිමත් වෙයල්ලකෝ . උඹලටත් ෂර්ලොක් හෝම්ස් පොතක් කියවන්න කියන්නේ ඔන්න ඕකයි . ඒවා බැලුවා නම් උඹලාට තේරේවි ඔහොම ක්‍ෂෙනික තීරණ ගන්න එකේ වරද ?

"
හරි දැන් අපි මොනා කරන්නේ ?”

"
යමු අදත් ගිහිං ඒකිගේ ගෙදර වටේ වටයක් දාමු .!” 

මමයි ජනයි බයික්කෙට නැග්ගා රවීන් උගේ පුස් බයිසිකලේ නැගලා ජනාගේ අතින් අලගෙන අපී පිටිපස්සෙන් හෙමීට ආයාසයකින් තොරවම එන්න පටන්ගත්තා . අපි මල් කාන්තිලෑ ගෙදරට ගාවට කිට්ටු වෙනකොටම මගේ ෆෝන් එක වදින්න ගත්තා .

"
හලෝ ..!”

"
හලෝ ඔයා නේද මල් කාන්ති කියලා කෙනෙක් ගැන අහලා දවල් මට කෝල් කළේ ?

"
ආ ඔවු මචං"

"
යි ඔයා එයා ගැන හොයන්නේ ?”

"
මේ ඒ මගේ යාළුවෙකුගේ වැඩකට මම අහවලාගේ යාළුවා එයා තමා මට ඔයාගේ නම්බරේ දුන්නේ !” 

"ආ මේ එයා මේ කැම්පස් එකේ ඉන්නවා . මම ඇහුවාම කීවා නේ සඳරු කියලා කෙනෙක්ව එයා දන්නෑ කියලා . ඔයා මට ඇත්ත කියන්න මොකටද මල්කාන්ති ගැන හොයන්නේ ? මම ආයේ මල්කාන්ති ගැන ඔයාට කිසිම විස්තරයක් කියන්නෑ"

මට මල පැනගෙන ආවා ඇයි යකෝ මමත් වැරදියි තමා ඒත් මම අහිතකින් නෙවේ මේ කෙල්ල ගැන හෙවුවේ .

"
මේ මට ඕන නෑ ඔයාගේ මල්කාන්තිව ඔයා එයාට කියන්න හැංගිලාම ඉන්න ගමේ එන්න එපා කියලා .! “තරහෙන් පිපිරුණ මම ෆෝන් එක කට් කළා .

"
සඳරු මොකද අවුල ? මොකෝ බං ? ඇයි ?ජනා මගේ ළඟටම වෙලා මට ඇඟිල්ලෙන් අනිනවා .

"
ඒකි කැම්පස් එකේ ඉන්නවාලු බං ! “

"
එතකොට මේ කවුද බං ඉන්නේ ගේ ඇතුළේ ? වෑන් එකේදී මම දැක්කේ මල්කාන්තිව තමා සත්තයි බං මම දැක්කේ එකිව . “

"
ඒකිට නිවුන් සහෝදරියක් නෑ නේද බං ?රවීන් ඒ අතරේ කතාවට පැන්නා

"
යකෝ ඉන්නවානම් උඹත් දැනගන්න එපෑ ඇයි උඹ උන්නේ මේ ගමේ නෙවේද ?

මම මොහොතක් කල්පනා කළා .ෂර්ලොක් හෝම්ස් නම් මේ වෙලාවේ කරන්නේ මොකද්ද ? මිනිහා නියම වේලාවේදී කඩාගෙන බිඳගෙන ඇතුළට යනවා . ආයේ ලිහන්න තියන මල්ල ඔබ ඔබා බලන සිරිතක් නෑ .

"
අපි යමු ගේ ඇතුළට ජනා , රවීන් කවුරු බැන්නත් කමක් නෑ අපි මේ ගමේ එවුං අපිට ගමට එන අය ගැන හොයන්න අයිතියක් තියනවා . අපි ගේ ඇතුළටම යමු .”

"
සඳරු ඒක හරිද බං ?

"
උඹට බැරිනං හිටහං රවීන් , ජනා අපි දෙන්නා යමු .”

මම ටිකක් තදින් කතා කළාම ජනා සහ රවීන් දෙන්නාම මගෙත් එක්ක ගේ ඇතුළට යන්න කැමති වුණා . මට කිසිම හොර වැඩකට ප්ලෑනක් තිබුනේ නෑ මට ඕන වුණේ කෙළින්ම ගිහිං ඉස්සරහා දොරට ගහලා දොර ඇරගෙන එන කෙනාගෙන් මල් කාන්ති ගැන අහන්නයි . ආයේ මේ රහස තම්බ තම්බ ඉන්න දෙයක් නෑ .

මල්කාන්තිලෑ ඉස්සරහා දොර හදලා තිබ්බේ බුරුත ලීයෙන් . මම "දාං දාං බාං බාං බෝං ඩෝං" ගාලා කීපවතාවක්ම ඒ දොරට තඩිබෑවා . ජනා නම් කියන්නේ මම එදා "ටික් ටික්" ගාලා දොරට තට්ටු කළා කියලයි .

ඔන්න මොහොතකින් දොර බාගෙට විවර වුණා . දොර ඇරියේ ආච්චි කෙනෙක් මම නම් ඒ ආච්චිව මීට කලින් අපේ ගමේදී දැකලා නෑ . ඒත් මම කහඬ ආචාරශීලී කොරගෙනම ආච්චිගෙන් මෙහෙම ඇහුවා

"
ආච්චම්මේ මල්කාන්ති අක්කි ඉන්නවාදැ ?මම ඒම ඇහුවේ අක්කා කීවාම ආච්චි සැක නොහිතෙන්න

ආච්චි එයාගේ ලොඹු කට අරින්න හදනකොටම එතකොටම බාගෙට ඇරිලා තිබුණු දොර ෆුල්ම අරුණා

දොර ඇරගෙන ආවේ මල් කාන්ති . ඒකිගේ මූණ පුරාම මොනාදෝ බේතක් ගාලා දෙහි සුවඳ මගේ නාහෙට එනවා .

"
සඳරු මොකද මේ . ?

ජනා සහ රවීන් දුවන්න සෙට් වෙලා මිදුලේ බාගයක්ම දුර ගිහිල්ලා .ඒත් මේ සඳරු , ගල්පරුවතයක් වගේ සවිශක්තිමත් හිතක් ඇති සඳරු, කුණාටුවකටවත් නොසැලෙන ගල් හිතක් ඇති සඳරු ඉද්ද ගැහුවා වාගේ උන් තැනම හිටියා අඩියක්වත් පස්සට ගියේ නෑ .

"
මල්කාන්ති ඇයි මොකෝ ලෙඩින්ද මොකෝ ෆෝන් එක ගත්තේ නැත්තේ ?

"
අනේ මට කම්මුල් ගාය . දැන් ඔයාලත් මේකේ අස්සේ ආවානම් බෝවුණා බෝ වුණා කියලා මට සෝලි තියන්න නම් එපා හරිද ? මගේ ෆෝන් එක මට උණ විකාරේ හදිස්සියේ බෝඩිමේ දාලා ඇවිදින් “

"
එතකොට මට කෝල් කළේ කවුද ඔයා කැම්පස් එකේ කියලා .?”

"
කවුද කීවේ සඳරු ?. " ල් කාන්ති අලි අහක්ක ගාපු මූණ ලේන්සුවකින් වහගන්න ගමන් මගෙන් පුදුමෙන් ඇහැවුවා .

"
අහවල් කැම්පස් එකේ ඉන්න මෙන්න මේ පුග්ගලයාගෙන් තමා ඇහැව්වේ .ඒත් මේ
 
"අනේ මෝඩ සඳරු මම ඉන්නේ කිං කන්ට්‍රි කැම්පස් එකේ මිසක් ඔය කැම්පස් එකේ නෙවේ ඔයා කොහාටද මේ කෝල් කරලා තියෙන්නේ දැන් තමුසේ ආවානම් කම්මුල් ගායත් හදාගෙනම ගෙදර යනවා .”


"ආ මලී මට නම් අවුලක් නෑ මට කම්මුල්ගාය හදිලා තියනවා" . ජනා උගේ මනමාල හිනාව දාගෙන ඉස්සරහට ආවා . "මටත් දැන් අවුරුදු දෙකකට විතර කලින් හැදුණා අක්කේ රවීන් මලයත්" ඉස්සරහට ආවා .

මම !

"
මට හැදිලා නෑ යකුනේ !මම හෙමින් හෙමින් මල්කාන්තිගේ වැට මායිමට උපක්‍රමශීලීව පසු බැස්සා

"
එහෙනම් සඳරු අයියේ උඹට බැස්ටිය. රවීන් නම් පොලේ හැපි හැපී හිනාව . මගේ කකුල් දෙකත් ගල් වෙලා .! තොල කට වේලිලා ගියා .

මම ගල් වෙලා ඉන්න අතරේ. රවීනුයි ජනයි සිද්ධ වෙච්ච හැම දෙයක්ම මලීට පැහැදිලි කරන්න පටන්ගත්තා . ඒ පැහැදිලි කිරීම අවසානයේ මල්කාන්ති හිනා වෙලා මෙහෙම කීවා .

" අනික සඳරු අපේ අම්මා උඹලෑ ගෙදරින්ම තමා මගේ මූණේ ගාන්න අලි හක්ක කෑල්ලක් ගෙනල්ලා තිවුණේ .! අම්මා ඔයාට කීවේ නැද්ද ඒක .ඇයි අනික උඹලා දැක්කේ නැද්ද මේ උළුවස්සේ නූලකින් එල්ලලා තියන අඹ කොළ ටික .? ඒකෙන් කියැවෙන්නේ බෝවෙන රෝගියෙක් ගෙදර ඉන්නවා අනික් අයට එන්න එපා කියන එක නේ !

"
අපි නම් දැක්කා අක්කේ ඒත් අපේ රහස් පරීක්‍ෂක තුමා ඒක නිරීක්‍ෂණය කළේ මේ දැන් .. හික් හික් .” රවීන් එහෙම කියනකොට ජනා උඩ පැන පැන හිනා වෙන්න ගත්තා

සෙහ් මටත් නෝන්ඩි කෝටියයි..! ..කමක් නෑ කෝම හරි කේස් එක වෙඩි තැබීමකින් තොරවම නිමා වුණ එකම මදෑ .මමත් ලැජ්ජාව වහගන්න යටි හිතින් එහෙම හිතුවා .

මල්කාන්තිගේ දෙමවුපියන් එන්න කලින් අපි කට්ටිය .ඉක්මනට මරු වුණා . අපි පාර දිගේ ගෙදර යනකොටත් ජනා සහ රවීන් මට කඩන එකේ ඉවරයක් නෑ ..

අපි ඇල පාර දිගේ ආපහු යනකොට එහා ඉවුර පැත්තේ පාරේ හිටි කොල්ලෙක් කෑගහලා අපෙන් මෙහෙම ඇහුවා .

"
ඒ මල්කාන්තිට ඇසිඩ් ගහලා කියන්නේ ඇත්තද බං ? !! !! !! “
 
මම කතා කරන්න කලින්ම ජනා ඒ ප්‍රශ්නෙට නියමෙට කෑගහලා උත්තර බැන්ඳා .. ඒත් ඒ උත්තරේ මෙතන ලියන එක මට කීයටවත් කරන්න බෑ

ඉතින් ඔන්න ඔය විදිහට තවත් එක පජාත සිදුවීමක් අවසන් වුණා . ! ඔය සිදුවීමෙන් හරිටම දවස් පහකට පස්සේ මට කම්මුල්ගාය හැදිලා ඇඳෙන් නැගිටගන්න බැරිව ගියා සතියක් යනකම් බත් කටක් කන්න බැරිව ගියා .

. ජනාගෙයි මල්කාන්තිගෙයි ලවු එක නම් අද වෙනකොට හෙමිහිට දිය වෙලා ගිහිල්ලා . ඒ ආදරේට මොනවා වුණාද ? ඇහුවාම වෙච්ච දේ උන් දෙන්නාවත් දන්නේ නෑ . ඒත් අද උන් දෙන්නාම සතුටින් . රවීන් උගේ ගෙදර අයත් එක්ක තරහ වෙලා පැදුරටත් නොකියා දවසක් දා රෑ ගම දාලා යන්න ගිහින් ඌ අද කොහේද කියන්න මම දන්නෑ

. මේ සිදුවීම නිසා කාලයක් යනකම් මට ගමේ කොල්ලෝ නමකුත් දාලා තිබුණා . සීඅයිඩී සඳරු කියලා . අද වෙනකොට නම් ඒ නමත් මේ සිදුවීමත් දෙකම කාලයට යට වෙලා වැළලිලා ගිහින් .

හ්ම්.. කාලය කියන හුළඟේ පාවෙලා යන පරඬැල් වෙච්ච අපි හැමෝටම මේ වාගේ සිදුවීම් ඕනෑ තරම් වෙලා ඇති .සමහරුන්ට ඒවා මතකයි සමහරු ඒවා අමතක කරනවා .

තමන් මුහුණ දෙන සොඳුරු ජීවිත අද්දැකීම් අමතක කරන්න එපා .! එවුවා රත්තරන් වගේ වටිනවා . පරණ වෙද්දී පරණ වෙද්දී .මතක්කරන්න තියෙන්නේ , මරන මංචකේදී සිහිපත් කරන්න තියෙන්නේ එච්චරම විතරයි .

කතාව පිනිස්

බස් රේඩියෝ කතාBuzz හතරවෙනි පියවර  සමඟ සඳරු කරපු ඉන්ටර්විවු එක අහන්න ඕන නම් මෙතනින් ඇහුවැකි

99 comments:

Sanjaya සිතුවිලි said...

අද්දැකීම් නම් අමතක කරන්න හොදනැහැ තමා .. එකෙන් තමනුත් දෙයක් එකතු කරගන්නවානම් ගොඩක් වැදගත් වෙයි...

Unknown said...

පස්ට කතාව.මුල කොටසින් හිතුනෙ වෙනමම සීන් එකක් නෙ...:D
ඔයා කියන එක සහතික ඇත්ත. අපේ අත්දෑකීම් තමයි මැරෙන දවසටත් මතක් කරන්න තියෙන්නෙ.

නචියා said...

සීඅයිඩී සඳරූ.....

නියම රහස් පරීක්ෂක. රවින් මල්ලි කිව්ව වගේ කෝ උඹ අර අඹ අත්ත දැකලත් නෑනෙ.

ගම් වල ඔහොම තමයි බන් ලෙඩවෙලා ගෙට වෙලා හිටියත් කතන්දර හදනවා මිනිස්සු....

කතා බස් එකත් ඇහුවා ඕං..

ජය..!!!!

මන්තරකාරි said...

සී.අයි.ඩී. සඳරු කියන්න ගිය කතාව මන් පළවෙනි කොටසෙන්ම හොයා ගත්තනෙ. මේකා කපටියා වගේ මගේ කොමෙන්ටුව නොදා හිටියා...කොහොමද මගේ රහස් පරීක්ෂක ඥානය... :)
මේ ඒක නෙවෙයි, මං අහලා තියෙනවා කොල්ලොන්ට කම්මුල්ගාය හැදෙන්න හොඳ නෑ කියලා...

Praසන්ன said...

කොහොම හරි අපේ සඳරුක් හොල්ම්ස් පරීක්ෂක මලයට උලුවස්සෙ එල්ලල තිබිච්ච අඹකොළ ටික පෙනුනෙ නෑ එහෙනං. එතකොට දොස්තර වොට්සන්ට හිටියෙ ජනා වෙන්න ඇති.
පට්ට කතාව සඳරුවෝ. ඉතිං ඊට පස්සෙ සී අයි ඩී වැඩ කරන්න ගියෙ නැතෙයි.

Niගම්බූ කොලුවා said...

අඩේ අප්පා. . .මෙහෙම සීන් 1ක් කියලාමට නිකමටවත් හිතුනේ නැනේ. :D :D :D
පස්ට කථාව. වැඩි වැඩියෙන් කථා ලියන්න ලැබෙන්න ඕනේ. :)

පූසා said...

විභාගේ අස්සේ මේක කියවන්නමයි ආවේ... ආයේ සති කීපෙකට මාවත් හොයා ගන්න නැතිවෙයි...
මම පළවෙනි කොටස කියෙව්වාම හිතුවේ කෙල්ලට පැපොල හැදිලයි කියලා.... මගේ අනුමාන කිරීමත් නරක නෑ වගේ. සර්ලොක් හෝම්ස්ට ළඟින් යනවා! :D

Anonymous said...

"අනික සඳරු අපේ අම්මා උඹලෑ ගෙදරින්ම තමා මගේ මූණේ ගාන්න අලි හක්ක කෑල්ලක් ගෙනල්ලා තිවුණේ .! අම්මා ඔයාට කීවේ නැද්ද ඒක"....
උඹල අලින්ට බැන්නට එකටත් ඕන වුනේ උන්ගේම හක්ක නේද බං
"ඇයි අනික උඹලා දැක්කේ නැද්ද මේ උළුවස්සේ නූලකින් එල්ලලා තියන අඹ කොළ ටික .? ඒකෙන් කියැවෙන්නේ බෝවෙන රෝගියෙක් ගෙදර ඉන්නවා අනික් අයට එන්න එපා කියන එක නේ" !” අඩෝ අපේ පැත්තෙ නම් අඹ කොළ එල්ලන්නේ දෙමල මිනිස්සුන්ගේ උත්සව වලට............. බෝවෙන රෝග වලට එල්ලන්නේ කොහොඹ කොළ මචන්
මේ උඹට කම්මුල් ගය හැදුන වෙලාවේ උඹේ අහවල් දෙක ඉදිමුනේ එහෙම නෑ නේද ඉදිමුනානම් case පුතෝ

සාතන් said...

අපෝ උඹ ෂර්ලොක් හෝම්ස් නමත් එක්ක කාලනෙ...
මේක තමා පට්ටම කෑල්ල "අපි නම් දැක්කා අක්කේ ඒත් අපේ රහස් පරීක්‍ෂක තුමා ඒක නිරීක්‍ෂණය කළේ මේ දැන් .. හික් හික් .”

හැබැයි උඹ ෂර්ලොක් හෝම්ස්ගෙ කල්‍යාණ මිත්‍රයා කතාව ඒ වෙද්දි කියවල තිබුන නම් ටිකක් බේරෙන්න තිබුන....

සංකල්ප said...

හික් හික් සී අයි ඩී සදරු !!!!
අඩේ මල්කාන්තිට අච්චර කොල්ලෝ කැමැත්තෙන් ඉදලා තියෙනවනේ. මරු නේ. මාරම කටකටා තමයි මල්කාන්තිටත් වෙලා තියෙන්නේ.
මතක් වෙනකොටත් මැරෙන්න හිනා.


"ඒ මල්කාන්තිට ඇසිඩ් ගහලා කියන්නේ ඇත්තද බං ? !! !! !! “

මේක නම් මරු !!!!!!

Bindi said...

මේක ඔයා ගොතපු කතාවක් නම් මට කියන්න තියෙන්නේ ෂර්ලොක් හෝම්ස්ගේ කතාවකට වඩා වොට්සන්ගේ කතාවකටයි වඩා ළඟ . නැත්නම් චන්දන මෙන්ඩිස්ගේ ඩුප්ලිකේට් කතාවකට .මොකද මේ මටත් තේරුනා ඕක බෝවෙන ලෙඩක් වෙන්න ඕන කියල .ද.. ඇත්ත සිද්ධියක් නම් ඉතින් නියමයි. මොක වුනත් මලයාගේ ලිවීමේ ආර්ට් එක නිසා ඕන උලව්වක් රසවත් වෙනවනේ .

බස් එක ටිකක් ඇහුව. මල්ලිගේ කටහඬ බොහොම හොඳයිනේ . ඔන්න අර ලිස්ට් එකට [ ලස්සනට ලියන ..කඩවසම් ] නිවේදක කටහඬක් ඇති කියල එකතු කරන්න කැමතියි. සේරම ටික ඇහුවේ නැහැ. අපිට ගොඩක් රෑ නිසා . සින්දු නම් වැඩියි. සින්දු වලට වඩා අපි කැමති සඳරුගේ යුනික් අත්දැකීම් වලට . ඇඟට නොදැනී ජිවිතේ අපුරු දේවල් විස්තර කරන කතා වලට. '' මන් බය්යෙක් නෙමේ ''

මට ඇහුනු මන් කැමතිම කොටස ඒක.. ඔව් ඔයා බය්යෙක් නෙමේ . ''තව හුඟ දෙනෙක්ට ජිවිතේ සිදුවීම් අමතකයි . මගේ වෙනස මට ඒවා මතකයි '' ඒ කියමනටත් මන් කැමතියි. පොඩි එකෙක් වුනත් වෙනස් සහ රසවත් අමුතුම චරිතයක් ලෙස මන් ඔබව දකින්නේ .

පිසාචයා said...

නියමයි අයියෙ......
ලෝකල් හෝම්ස් හරියට නිරීක්ශනය කරල නෑ නෙව......

වැප් said...

යකෝ හිතුවේවත් නැති ත්‍රාස ජනක අවසානයක් :DDD

ශානි said...

හික් හික් පුදනකොටම කාපි යකා කිව්වලු පලවෙනි සී අයි ඩී වැඩෙන්ම ජොබ් එක හබක් වෙලා

@මන්තරකාරි : ඔව්වා කියන්න එපා මේ කොල්ලා බය වෙයි

මාඩා said...

opsssssssss,,,,,,,,,,,,,

adeee.... Scooby dooooo wage ne......
:D :D :D :D :D :D :D


adenw oooiiiii................. :D :D :D :D :D :D

නදී said...

මරු රහස් පරීක්ශකයා.කම්බුල් ගායත් හදාගන පරීක්ශනේ ඉවර කරේ එහෙනම් :)

කින් කන්ට්‍රි නම් අපිටත් හොයලා කියන්න තිබ්බ.ආහ ඔහොම එකක් උනොත් කියන්නකො.විස්තර හොයල දෙන්න :)

සිතුවිලි නිහඬයි said...

හික්ස්......නියම කතාව අයියා.......සි.අයි.ඩි සඳරු....ශා.......නමුත් දත්ත නිරික්ෂනයනම් හදිස්සියට දුර්වල වෙලා වගේ.....

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ෂර්ලොක් හෝම්ස් ට කවදාවත් අඹ කොල , කොහොබ කොල මුණගැහිල තියන එකක් යැ ඒවා නිරීක්ෂනය කොරන්න (එහෙම කිව්වට ඉතින් බටකොල ඇන්ටනාත් මුණගැහිල නැනේ !! )

ayesha said...

සීඅයිඩී සඳරු මරු කතාව...
ඔන්න ඔයාගේ බස් කතාව මාත් ඇහුවා ඊයේ. ඔයාට හරි පැහැදිළි හඬක් තියෙන්නේ

මාරයාගේ හෝරාව said...

මොකක්ද බං ඒ බට කොල ඇන්ටනාව..?

Anonymous said...

ඇයි බන් අමතක උනාද ලබාගත් දත්ත එකට ගලපගන්න නම් බ්‍රැඩ්ලිගෙ සාප්පුවෙන් සැර දුම්කොල අවුන්සයක් අරන් පයිප්පෙ බොන්න ඕනෙ කියලා. කොහෙද උඹ දත්ත ටික හරියට අරන් නැහැ නොවැ.

උඹට නම දාන්න තිබුනෙ ''සදරුක් හෝම්ස්'' කියලා.
ඇත්තටම බන් උඹ සෙට් කරපු ලව් එකක්වත් කසාදෙකින් කෙළවර උනේ නැද්ද ?

මම හිතපු එක හරි.

අහින්සක - අන්තිම පේළිය.

Gimhani said...

හික්ස් මරු කථාව. ඔයාටත් වෙන්නෙ හරි වැඩ තමයි.
ඔයගෙ බස් වැඩසටහන ඇහුවා. හරි සතුටුයි කටහඬ
අහන්න ලැබුනට. ඉවර වෙනකම්ම අහන්නනම් බැරිඋනා.

Anonymous said...

මාත් මේ හෙන ආසෙවං උන්නේ ඇඩ්වෙන්චර් පිරි සිරා කතාවකට... කොහෙද ඉතිං...?

Podi Kumarihami said...

මම නම් හිතුවෙම මල්කාන්ති මූන ලස්සන වෙන්ට මොනා හරි දෙයක් අතුල්ලගන එලියට එන්ට බැරුව ඉන්නවා ඇති කියලයි.

අනේ මට ඔයාගේ ඔය කියන ලස්සන කටහඬ අහන්ට බැරි උනා නෙවැ. අපරාදේ....:D

හා පැටික්කි (MS) said...

සර්ලොක් හෝම්ස් කෙසේ වෙතත් මේක හොඳයි අර "වොට්සන් හපනෙක් වූ හැටි" කියන පුංචි පොත් පිංචටම එකතු කරන්න..... හික්ස්....
ලෙඩක් බවනම් හිතුනා. කම්බුල් ගායක් හිතුනේ නැහැනේ. හැබැයි මට හැදුන ලෙඩ වලින් ආසම ලෙඩක් තමා ඕක. ඇයි ඩොට්ටර් අංකල් බෙයි ඕනි නෑ කිව්වා ඒ මදිවට චුයිංගම් කන්නත් කිව්වා.... 3 වසරෙදි එහෙම චාන්ස් කියන්නේ කියලවත් කරගන්න බැරි වැඩක්නේ..... හික්ස්......

Gimhani said...

@@poddi
ithin ahanna danwath link eka dala thiyenne Sandaru.

Niගම්බූ කොලුවා said...

@මාරයා
මං හිතන්නේ අය්යේ සඳරු අයියා ඔය කියන්නේ බටපොල ඇන්ටනා ගැන. :D :D

පිණිබිඳු... said...

ඒ ඇත්තටම ඇන්ටනා එකේ ලයිට් එක පත්තු වෙනව කියන්නෙ ඇතුලෙ ටීවී බලනවා කියන එකද

Unknown said...

" තමන් මුහුණ දෙන සොඳුරු ජීවිත අද්දැකීම් අමතක කරන්න එපා .! එවුවා රත්තරන් වගේ වටිනවා . පරණ වෙද්දී පරණ වෙද්දී .මතක්කරන්න තියෙන්නේ , මරන මංචකේදී සිහිපත් කරන්න තියෙන්නේ එච්චරම විතරයි "

සහතික ඇත්ත මචන් !!!

Knowledge Boost said...

පරීක්ෂණය අවසානයේ අර හතරැස් බෝතලයකටවත් සෙට් වුනේ නැතැයි?

රාජ් said...

//මිනිහා නියම වේලාවේදී කඩාගෙන බිඳගෙන ඇතුළට යනවා . ආයේ ලිහන්න තියන මල්ල ඔබ ඔබා බලන සිරිතක් නෑ //මට දැනුත් මැවිල පේනව උඹ(ෂර්ලොක් හෝම්ස්) දොස්තර වෙට්සනුයි ටෝබියස් ග්‍රෙග්සනුයි (අරැන් දෙන්නා) එක්ක ගෙදරට යනහැටි:)
//අපි මේ ගමේ එවුං අපිට ගමට එන අය ගැන හොයන්න අයිතියක් තියනවා . අපි ගේ ඇතුළටම යමු// ජනාට හපං උනානෙ උඹ!

කැමීලියා said...

අනේ මලයො බටකොල ඇන්ටනාවත් දැකපු ඔයාට අඹ අතු ටික මීටර් නොවුනෙ උළුවස්සේ දළු දාලා කියලා හිතලා වෙන්ටැ. හික් හික්...
මොනවා වුනත් පට්ට කතාව.

"හ්ම්.. කාලය කියන හුළඟේ පාවෙලා යන පරඬැල් වෙච්ච අපි හැමෝටම මේ වාගේ සිදුවීම් ඕනෑ තරම් වෙලා ඇති .සමහරුන්ට ඒවා මතකයි සමහරු ඒවා අමතක කරනවා .

තමන් මුහුණ දෙන සොඳුරු ජීවිත අද්දැකීම් අමතක කරන්න එපා .! එවුවා රත්තරන් වගේ වටිනවා . පරණ වෙද්දී පරණ වෙද්දී .මතක්කරන්න තියෙන්නේ , මරන මංචකේදී සිහිපත් කරන්න තියෙන්නේ එච්චරම විතරයි ."

නියම අදහස් මල්ලි.. ඒකයි හැමෝම කියන්නේ ඔයා ‍දඟ මෝලක් වුනාට හිත හොඳයි කියලා. ජය..

Unknown said...

අඩේ සඳරුවා මේක මරු. ඊයේ කතාවත් ඇහුවා ඒක පට්ට. මේ ඉලව් සින්දුනේ වැඩිපුර තිබ්බේ මට මළ පැන්නත් එක්ක. කොහොම උනත් මරු බන්. නියමයි සුපිරියි. අපේ ගෙදර මිනිස්සුත් ඒක ටිකක් වෙලා ඇහුවා. හෙහෙ බය වෙන්ඩ එපා ඒ වෙලාවේ අරක්කු ගැන කිසිම දෙයක් කීවේ නෑ. මම ඉක්මනටම ඉවරයි කියල එලෝ ගත්තා.

Anonymous said...

මම මොකාද කිව්ව වගේ කියල ඇති මයෙ කොමෙන්‍ටුවෙ මේක තමයි වෙන්නෙ කියල.
කොහොම වුනත් නියෙමෙට ගලපල ලියල තියෙනව.
උඔගෙ බ්ලොග් එකේ වටිනකම තියෙන්නෙ හැමදාම ආසාවෙන් කියවන්න පුලුවන් විදියට ලියල තියන එක.
ජය වේවා.
JH

Praසන්ன said...

@ මාරයා,
මූ රහස් පරීක්ෂ‍කයෙක් හින්ද බටපොල පෙනිල තියෙන්නෙ බටකොළ වගේ. ඇයි බං උඹ දැකල නැද්ද අර කූරු දෙකක් වී අකුර වගේ ප්ලාස්ටික් පෙට්ටියකට හයිකල්ල යටිං බල්බ් එකක් දාල තියෙන ඇන්ටනාව.
මාත් පරණ එකට වැඩිය හොඳට පෙනෙයිනෙ කියල හිතල ඔයින් එකක් අරන් හයිකළා මොන ලබ්බක්වත් පේන්නෙ නෑ. අන්තිමට දෙකට කඩල වීසි කළා. ගන්නනං එපා බටකොළ.

ලකී සිරි said...

හරිනෙ සඳරු..මම ගෙස් කරානෙ..

ඒ වුනාට මේක උඹ සුපිරි විදියට ලියලා තියනවා..අත්දැකීම තිබුන පලියට හැමෝටම මෙහෙම ලියන්න බැහැ මල්ලි,,

අර බටකොල ඇන්ටනාව කිව්වෙ බටේපොල ඇන්ටනාවටද...හික්ස්..එළකිරි..

//මට හැදිලා නෑ යකුනේ..//.ඒකට නම් හිනාවෙලා පනගියා...

ඊයෙ බස් කතාවත් ඇහුවා සඳරූ..ගොඩක් හොඳයි.උඹ අදට වඩා හොඳ හෙටක් තියෙන කොල්ලෙක්..කල්පනාවෙන් ජීවිතයට මුහුණ දෙන්න...

Dakshina said...

උඹලා සෙට් එක ඔතනින් බේරුණා ඇති. කොහොමද කෙල්ලොන්ගේ ගෙවල් අස්සේ රිංගලා ගමේම උන් එකතු වෙලා තුන් දෙනාට එළව එළවා නෙලුවනම් එහෙම?

කොහොම වුනත් හැමදාම වගේ සුපිරි ලිපියක්.

සිරාවට මීට පස්සේ මෙහෙම වැඩ කරන්න ගියේ නැත්ද? :P

දුශ් said...

අහ එළ මචන්.. පජාත කතාවක් පදිරි වෙන්න ලියල තියනවා..
අහා මේ උබේ voice එක ඇහුවා.. උබේ voice එක ඇහුවම මට මතක් වෙන්නේම අපේ campus එකේ හිටපු සින්නෙක්, ප්‍රබුද්ද කියල.. පොරත් අම්පාරෙම තමා, මම campus එකේ අසම කරපු චරිතයක්..
උබලගේ පැත්තේ සේරගේම voice ඔය වගේද? උබ ගැනත් මට පොඩි සැකයක් නැතුවම නෙමෙයි... උබ ගමේ කිවුවට කොලබ ගැන නොදන්නා දෙයක් නැ නේ..
හ්ම්ම්ම්... anyway , උබේ voice එකේ හොද ගැම්මක් තියනවා.. ගොඩක් පැහැදිලියි.. political ගතියකුත් තියනවා.. සිරා.. වෙලාවක උබව හොයන් එන්නම්.. උබ කියන ඒවා නම් මට sure නැ..

දුශ් said...

තව පොඩ්ඩෙන් අහන්න හිටපු එක අමතක වෙනවා.. bus radio වල ජොකියෙක් වෙන්න අදහසක් නැද්ද? ට්‍රය් කරලා බලපන්.. නරක නැ..

පබලු said...

සී අයි ඩි වෙන්න ගිහින් නෝ න් ඩී වුනා ද මලේ..හික්zz..හැමදාමත් වගේ නියමයි කතාව.

ලිවිල්ල විතරක් නෙවෙයි මලේ කතා බශේ උඹේ කියවිල්ලත් මරු.

දුමී said...

ඕකනේ සඳරු මලේ, මම මුලින්ම කිව්ව නේද ඕක කම්මුල් ගායක් වෙන්න ඇති කියලා....!

රහස් පරීක්ශක කොස් කොල ටික දැක්කෙ නැති එක නම් පට්ටයි.

ආ... රහස් පරීක්ශක ඉතින් එළුවෙක් නෙමෙයිනේ කොස්කොල ටික දකින්න.....! ඒත් එලිච්චියකුත් කිස් කරලා තියෙන එකේ එළුවෙක් නෙමෙයි කියලාමත් කියන්න බෑ....! හික් හික්....!

සඳරුවෝ, මට උඹේ ඉන්ටර්වීව් එක අහන්න බැරි උනානේ... මම ඊයේ ගෙදර එනකොට රෑ 2ත් පහුවෙලා....!

මාධව විදුරංග said...

maru maru! eeyi sandaru! man kalin post 1ta comment 1k damma boowena rooga yak thamai kambul gaaya or papola kiyala! eeka awee nadad? naththan publish kalee nadda? :) kamak naa kamak naa! mmmm ube CID wada digatama karahan!

Observer said...

සඳරු,
අර මන්තරකාරී කියල තිබ්බ කතාව දැක්කද? සොරිම තමා උඹ ගැන.
මොකෝ බං අර බැනර් එකට කොලේ?
අනික් ප්‍රශ්නෙ "බටකොල ඇන්ටෙනාව" මොකද්ද බොලේ ඒ?

BLOG ගඩොල් said...

මටත් හිතුනා මොකක් හරි ලෙඩක් වෙන්න ඇති කියලා. ඒත් කම්මුල්ගාය වගේ බෝවෙන ලෙඩක් කියලා හිතුනෙ නෑ. මටත් 3 වසරෙදි ඕක හැදිලා අලි හක්ක උරච්චි කරලා ගෑවා

``` Outsider``` said...

ඒ වුණාට මේ සිද්දියේදිනම් අනෙක් සිද්ධි වලදි තරම් උඹ නාගෙන නෑ මලයො.. ඒව ඉතිං හෙණම අකරතැබ්බනෙ..

~ChAnDiKa~ said...

පට්ට කතාව සඳරුවෝ!! දිග කොමෙන්ට් එකක් දාන්න ඖන වුනත් වෙලාව නැහැ බං. අම්බානක බිසී!!!

Weni said...

අර හෝම්ස් ගෙ පොත් සෙට් එක කියවල නොතිබ්බ නම්.. වැඩේ මුලින්ම ගොඩ ! ඔයින් ගියා ඇති අප්පා අතක් පයක් කඩා ගන්නෙ නැතුව..

Anonymous said...

මහත්මයාණනි,

තනි අලියා වන මගේ නිවසට දෙහි අැට පහක්(ප්‍රදේශයේ දොඩම් නති බැවින් විය යුතුය) දමන ලද ලියුම් කවරයක් ලැබී අැති අතර එයින් පවුඩර් සුවඳක් වහනය වේ! මේ ගැන නිවැසියෝ මහත් කලබලයට පත් වී අැත. එබැවින් බේකර් වීදියේ 221B ස්ථානයේ දී (ද කොහෙද) ඔබතුමා හමුවට පැමිණෙන බව දැනුම් දෙමි. :D

මෙයට,
විශ්වාසී(?)
තනි අලියා!
ඔබතුමා sherlock holmes the awakened ගේම ගහල තියනවද?

Anonymous said...

උඩ තියන පවුඩර් යන්න සුවඳ විලවුන් ලෙස වෙනස් විය යුතුය! :D

cjgayan said...

උඹට ඒ වෙලාවේ අහල පහලක සවලක් හොයා ගන්න තිබුනෙ නැද්ද වලක් කපාගෙන හැංගෙන්න..:D :D ශර්ලොක් හෝම්ස් ගෙ පොත් වලින් සමහරක් පරිවර්ථනය කරල තියෙනව කේ.ජි. කරැනාතිලක මහත්මයා ඒවා සම්පුර්ණ අසංෂිප්ත පරිවර්ථන හොයාලා කියෙව්වොත් හොඳා..

හිතුවක්කාර කෙල්ල said...

හිකිස්ස්ස්ස්ස්.... මම අවසානෙ හිතුවෙ දේ නෙවෙයි වුනේ.. හරිම පුදුම විදියට තමා ඉවර වුනේ..
හිනා ත් යනවා..:))))
නියමයි අයියේ... සුපිරියි.....!!!!

Anonymous said...

මන් කිව්වේ..මල් කිනිත්ත පර වෙලා නෑ කියලා...
ඇද්ද රහස් පරික්ෂක වෙන්න ගියා..මට හිනා වෙලා බඩ රිදෙනවෝ...

හිස් අහස said...

@Sanjaya සිතුවිලි =පරණ අද්දැකීම් තමයි අපිව ජීවත් කරවන්නේ
.............................................................................................................................
@නිසූපා = මැරෙන දවසට ඉතින් නරක අත්දැකීමක් මෙනෙහි කලොත් ඉවරයි නේද ?
.............................................................................................................................
@නචියා = අඩේ ඒ නම කියන්නෙපා මට මල පයිනවා ! මගේ කලබලේට මම මොනවත් හරියට දැකේ නෑ බං නිකං හාල් වුණා
.............................................................................................................................
@මන්තරකාරි = මම ඔයාගේ කෙමෙන්ට් එක දැම්මා අනේ ! ඒකට උත්තරත් බැන්ඳා ? ඔයා හරි උත්තරේ දුන්නම මම කොර වෙලා ගියා . ඒ ඇයි අනේ කොල්ලොන්ට ඒක හැදෙන්න හොඳ නැත්තේ ?
.............................................................................................................................
@Praසන්ன = ගියා ගියා ඇයි බොලේ මා කල ගවේශන 1 නේ මේ දාලා තියෙන්නේ තව එවුවා ගමකට තියේ .එවුවත් දාන්නම් අයියා දවසක බලමු
.............................................................................................................................
@Y2K = තෑන්කුයි මචෝ තව ලියන්නම් ඉතින් ඈ
.............................................................................................................................
@පූසා = විභාගේ ඉවර වෙලා වුණත් කියෙවුව හැකි බං මොකෝ මම මේක මකා දානවා යැ උඹලා අදහස් නොදුන්නත් මම දන්නවා කියවලා යන බව
.............................................................................................................................
@මලික් = අයියා කොහොඹ කොල වලට වඩා අයියා අපේ පැත්තේ එල්ලන්නේ පාවට්ටා කොලයි අඹ කොලයි . සාමාන්‍යයෙන් මොන කොල වර්ගේ එල්ලුවත් ඒකේ වරදක් නෑලු . හැබැයි මටත් මතකයි ඉස්සර අපේ නැන්දා නම් ඔය වගේ ලෙඩ ආවාම එල්ලුවේ කොහොඹ කොල දැන් ටික ටික වෙනස් වෙලා අතට අහුවෙච්ච එක එල්ලා දානවා . ඔයා කීව කතාව100% හරි .ඒත් මම දැක්කේ මැංගෝ කොල
.............................................................................................................................
@සාතන් = කියවලා තියනවා ඒ කතාව ඒත් දැන් ගොඩ කාලෙකට කලින් මට දැන් ඒක යන්තම්වත් මතක නෑ මුල ටික මතක් කලා නම් බඩු මතක් වෙයි .
.............................................................................................................................
@මධුරංග = ඒක නේ අයියා කියන්නේ මෙහේ උං පොඩ්ඩ ඇත්තං කතාවක් හදන්න බලා ගෙනමයි ඉන්නේ ඇයි කාලයක් කතාවක් ගියා මම අරක්කු බොනවා කියලා .මේ ගමේ උන්ගේ හැටි බලහංකෝ
.............................................................................................................................
@Bindi = නෑ අක්කේ මේක ගොතාපු කතාවක් නම් නෙවේ . අනේ අක්කේ මගේ කටහඬ හොඳයිද ඈ විලි ලැජ්ජාවයි .බයියා කියන්නේ වෙල්ලස්සේ කැරැල්ල කාලේ බයේ පලා ගිය අයට . මම එහෙම නෑ අක්කන්ඩි මම නිර්භීත කොලුවෙක් .තැන්කුයි අක්කේ මගේ කතාව ඇහුවට .
.............................................................................................................................
@පිසාචයා = අඩේ නියම ශර්ලොක් කොල්ලා ආවත් අපේ ගමේදී එයා ඇනගන්නවා සුවර් මම මේතරම්වත් කලා මදැයි
.............................................................................................................................
@වැප් = මිනිසාටයි හැම දේ වෙන්නේ , නොසිතු දෙයක්මයි සිදුවෙන්නේ !!
.............................................................................................................................
ශානු= මම හාල් වෙච්ච තවත් දවසක්
.............................................................................................................................
@මාඩා = අඬන්න එපා !! මටත් ඇඬෙනවා මචෝ
.............................................................................................................................
@නදී = ඒ කාලේ මොන බ්ලොග්ද අක්කා .නැත්තම් කෙලින්ම ඔයාට කෝල් කරලා කියනවා බුස් ගාලා

හිස් අහස said...

@සිතුවිලි නිහඬයි =සහතික ඇත්ත මම පන්ඩිත වුණා නෙව
.............................................................................................................................
@buwa = මචෝ මම දන්නවා ඔය ඇන්ටනා වර්ගයේ නම ඒත් අර නිශ්පාදක නාමය කවර් කරන්න ඕන නිසා මම යන්තම් නම වෙනස් කලා මයෙ අම්මාපල්ල මම ඒක හිතා මතා කලේ .
.............................................................................................................................
@ayesha =මගේ කටහඬ ඇහුනාම සමහර අය ඔකඳ වෙනවා අනේ
.............................................................................................................................
@මාරයාගේ හෝරාව = මාරේ අයියා මම හිතා මතා ඒකේ නම වෙනස් කලේ මයෙ අම්මාපල්ල මේ ඇත්තමයි .ඇත්ත නම පොට බල ඇන්ටනා
.............................................................................................................................
@අහින්සක - අන්තිම පේළිය. =මචං අපිට බ්‍රැඩ්ලිගේ කඩේ නම් නෑ ඒත් කරුනෙගේ මල් පොට් එක නම් තියනවා ඒත් ඒවා ගහලා පරීක්‍ෂනේ මෙහෙයවන්න ගියා නම් මම කපෝතියි
.............................................................................................................................
@Gimhani=ස්තූතියි අක්කේ මගේ කතාව බැලුවටත් රේඩියෝ කතාව ඇහුවටත් . ඉතින් ආයේ බලන්නකෝ ඔන්න මම සබැඳියක් දැම්මා පාතින්
.............................................................................................................................
@prasanna86k =උඹලට ඉතින් මම මලත් ඇඩ්වෙන්චර්
.............................................................................................................................
@Podi Kumarihami =තාම පමා නෑ සුන්දරී . ඔය පාත තියන සබැඳිය පාවිච්චි කරලා අහන්න මගේ සුමිහිරි වොයිස් පාර
.............................................................................................................................
@හා පැටික්කි (MS = අපෝ මම නම් අකමැතිම ලෙඩක් අනේ ඕක ඔයා නම් චුංයිගම් කයි මට කතා කරගන්න පවා කට අරින්න බැරි වුණා .සත්තයි
.............................................................................................................................
@පිණිබිඳු = නැතුං ! අනේ අක්කේ ඔයාලා දැකලා නැද්ද බට කොල ඇන්ටනා
.............................................................................................................................
@ChammA =මැරෙනකොට අපි වෙන මොනා ගෙනියන්නද චම්මා මචෝ
.............................................................................................................................
@Knowledge Boost = නෑ මචෝ ඒ වෙනකොට මගෙ පඩිය එක අතක ඇඟිලි ගානට සමානයි
.............................................................................................................................
@රාජ් = අනේ අයියා මම ඉතින් ගමේ කාලා බීලා හිටි එකා නෙව . හැබැයි ඒ ගෙදර මහ එකා හිටියා නම් මය ආයේ එන්ඩ වෙන්නේ නැතුවා .
.............................................................................................................................
@කැමීලියා = මම දඟත් නෑ අක්කන්ඩි අනික් කොලුවෝ වගේම තමා .මගේ හදිස්සියට උලුවස්සේ රත්තරන් එල්ලලා තිබ්බත් මට පේන්නේ නෑ
.............................................................................................................................
@මිත්‍යාදෘෂ්ටිකයා= එහෙම නොකලා නම් උඹ ආයේ ගමේ ආවාම අපේ ගෙදර එනවා බොරු ! වෙලාවට උඹ ඒම කලේ
.............................................................................................................................
@JH = ස්තූතියි අයියේ නමක් නිකඩවා ලියවෙන මේ බ්ලොග් එකට උඹලා ගෙන් ලැබෙන මේ පොඩි හයිය මහ මෙරක් තරම් වටිනවා .
.............................................................................................................................
@Luckey=මට උඹ ගැන මාර කේන්තියක් ආවේ ! අයියා .කෝම හරි උඹ තමා ඔන්න හරි උත්තරේ මුලින්ම දුන්න කෙනා උඹට මගේ ගානේ අලි හක්කක් තෑගි .
.............................................................................................................................
@Dakshina=ඔන්න මේ දවස් වල එහෙම ඔහොම රිංගන්න ගියා නම් කපලා තමයි අපිව එවන්නේ ග්‍රීස් යක්කු කියලා

හිස් අහස said...

@දුශ් = ඉතින් මස්සිනා මට මේල්ලුවක් දාන්න මම මගේ බුකියේ නම එවන්නම් එතන ඇති මගේ මෙවුවා එවුවා තෑන්ස්ක් ආ . අපෝ බං මාව ඕකුං ගන්න එකක් නෑ මගේ කට හරි නෑ
.............................................................................................................................
@පබලු = තැන්කුයි පබලු අක්කා . මගේ කටහඬ නිකං කනට මීපැනි වගේ නේද ? ම
.............................................................................................................................
@දුමී = අනේ අයියන්ඩි . ඉතින් මයෙ දෙයියා ඔය මම පාතින් සබැඳියක් දීලා තියෙන්නේ ඒක ක්ලික් කරලා අහන්ඩකොයි !
.............................................................................................................................
@මාධව - மாதவ - Madhawa = සත්තයි මචං ඒක ආවේ නෑ මම කුනු හරප කමෙන්ට් එකක් ආවොත් මකනවා ඇරෙන්න . අනික් එවුවා මකන්නෑ . උඹ හරි උත්තරේ දුන්නා නම් උඹට මගේ ගානේ අලි හක්කක් තෑගි ලැබේ
.............................................................................................................................
@ඔබ්සර්වර් අයියා = මයෙ ලොකු අයියේ බලහං පොඩ්ඩක් ඒකිට දීපු උත්තරේ මම ඒ කමෙන්ට් එක පලමු පෝස්ට් එකට දාලා ඒකිට උත්තරත් දීලයි තිබුනේ එයැයි දැකලා නෑ සත්තයි බං මයෙ රට පල්ලා
.............................................................................................................................
@blog gadol= අලි හක්ක තමා මචං ඕක හරියටම හරියන එකම බේත අපේ ගමේ ඉතින් අලි මරලා වුණත් හක්ක ගත හැකි එනි ටයිම්
.............................................................................................................................
@Outsider = ඒකත් ඇත්ත ! ඒත් මේ සිදුවීම නිසා මම සතියක් පාං විතරක් කාලා හිටියා .මචෝ
.............................................................................................................................
@..ChAnDiKa= ඉතින් මම අමනාප වෙනවා කියලෑ .උඹලා කියෙවුවා නම් ඒ මදෑ
.............................................................................................................................
@Weni =කෙල්ලගේ මවුපියන් හිටියා නම් මම එන්නේ අත ක් පයක් නැතුව අනේ මම ලකී
.............................................................................................................................
@තනි අලියා = මම ඒ ගේම ගහලා තියනවා තාම මා ගාව ඩීවීඩී එක තියේ ඒත් මචං මට ඒකේ අර වොට්සන් ගෙන් ප්‍රශ්නයක් අහන්නේ අර උත්තරේ ටයිප් කරන්න තියෙන්නේ ඒක කරන්න ඉංග්‍රීසි බෑ මට මෙලෝ මගුලක් තේරෙන්නෑ
.............................................................................................................................
@cjgayan =මම තව පොඩ්ඩෙන් හපා ගෙන මැරෙනවා . මම ආසා චන්දන මෙන්ඩිස් ගොයියාගේ පොත් වලට විතරයි මම කරුණා තිලක මහත්තයා ගේ එවුවා නම් බලලා නෑ එවුවත් හොඳ ඇති මයෙ හිතේ .
.............................................................................................................................
@හිතුවක්කාරි = උඹලටත් ඉතින් මට මොනා හරි වුණාම හිනා වෙන්න තමා පුලුවන් ඇයි අනේ දුක හිතුන්නැද්ද
.............................................................................................................................
@අසනි = මල් කිනිත්තක් හින්දා තව පොඩ්ඩෙන් මට ගමේ ඉන්න බැරිව යනවා . හිනා වෙන්ඩ හිනා වෙන්ඩ එතකොට තර වෙන්ඩ .

පැණි දොඩම් said...

සඳරුවෝ කියනවන්න නම් වෙලාවක් වුණෙ නෑ...
පස්සෙ වෙලාවක කියවන්න ඔනෙ නිදහසේ.

Anonymous said...

කියන්න අමතක වුනානේ,
කතා බස් ගැන අබ මල් රේණුවක දැනුමක්වත් නොතිබ්බ මන්..ඔන්න හා හා පුරාවේ ඔයාගේ කට හඩ අහගෙනම දැනුවත් වුනා..තාම ඒ හැටි තේරුමක් නැතත්...
කට හඩ අහන්න ලැබුනට සතුටුයි යාලු...

Anonymous said...

ගේම් එකේ හෙල්ප් ෆයිල් එකක් තියනව, මම ගැහුවෙත් එ්ක බලාන (පුලුවන් තරං ට්‍රයි කලා තනියම කරන්න, එ්ත් ඉතිං හොම්ස් කවුද මං කවුද), ලින්ක් එක හොයල දෙන්න ට්‍රයි කරන්නම්! හැබැයි එ් හැම ප්‍රශ්ණෙකටම තියෙන්නෙ තනි වචනෙ උත්තර !

දිනුක said...

ඇත්තට සඳරුවො උඹට කම්මුල්ගාය හැදුනද? අනේ උඹලගෙ පරම්පරාව ඔතනින් ඉවරයි.....උඹට ඉන්නෙත් නංගි විතරයිනෙ??????

Anonymous said...

කියවන්න ආස හිතෙන විදියට ලියලා තියෙනවා.. කියන්න වචන නෑ ඒ ගැන නම්.... මචන් උබ ලියන ඒවා කියවන්න ආස හිතෙනවා සදරු අයියේ.

www.mynil.blogspot.com

තරිඳු said...

මේ සඳරැවා පොඩි කෙස් එකක් තියනවා ඔක කොල්ලෙකුට හැදුනොත් ඌ වඳ වෙනවා මචන් විහිලු නෙමෙයි.......සිරා මම මේ කමෙන්ට් එක දාන්න කලින් ටක්කෙටම එකෙක් ගෙන් අහල දැන ගත්තා......උබට නම් බඩුම තමයි....

Kasun said...

පට්ටම සීන් එක බං ඒක නම්. උඹත් ලෝකේ නැති ලෙඩ නේද දාගන්නේ? කමක් නෑ කොහොම හරි වැඩේ කෙරුනනේ.

Observer said...

මට දැන් 100% ෂුවර් උඹ බාගෙකට වැඩිය ගහල කොමෙන්ට් වලට උත්තර ලිව්වෙ කියල, කොහෙද යන්නෙ ඇහුවම මල්ලේ අස්ථි දෙක කියල තියෙන්නෙ...

duliponline said...

අඩේ උඹට කම්මුල්ගාය හැදුනද ???? පවු බං උඹ . . ..
මචෝ පොඩි උදවුවක් කරපං . . . උඹේ අනාගත මාමන්ඩි කියපු කිසිම දෙයක් කරන්න එපා . . . . එතකොට උඹේ කසාදෙ කෙරෙන්නෙ නෑ . . . . හදිසියෙ හරි ඔය කසාදෙ කෙරුනොත් ඔය කියන විදියට අපිටනෙ බං කරදරේ . . . . මොකද යාලු ‍ෆිට් එකට උඹ උදවුවක් ඉල්ලුවොත් බෑ කියන්නද ????

@ඔබ්සර්වර්:
බටකොල ඇන්ටනාව කියන්නෙ බං අයියෙ "බටපොල" කියන බ්‍රෑන්ඩ් එකෙන් ආව V හැඩ ඇන්ටනාවක්. ඒකෙ උඩ පාට දෙකකින් LED දෙකක් පත්තුවෙනව.

හිස් අහස said...

@පැණි දොඩම් = කිසි අවුලක් නෑ අයියා පුලුවන් වෙලාවක ඇවිත්‍ යන්න
.............................................................................................................................
@අසනි= කොයිතරම් හොඳද මගේ කටහඬ අහපු එකට ස්තූතියි ඈ ගෑනුළමයෙක් මගේ හඬ ඇහුව එකට මම කොහෙත්ම අමනාප නෑ
.............................................................................................................................
@තනි අලියා= මම අල්ලලා දැම්මා කමන්නෑ මට ඒලිංක් එක පොඩ්ඩ්ඩක් දාපං මලේ hisahasa@gmail.com එකට හරි මෙතන හරි දාන්ඩ ඔයාට ලේසි විදියක්
.............................................................................................................................
@දිනුක ජයකොඩි = උඹගේ කමෙන්ට් එකෙන් මට තව කතාවක් මතක් වුණා තෑන්කුයි මචං .මම ව* වෙයිද බං ? මගේ යාලුවෝ ගොඩකට ඕක හැදිලා තියනවා නේ
.............................................................................................................................
@Anonymous =ස්තූතියි මලේ
.............................................................................................................................
@තරිඳු =අඩෝ මයෙ අම්මා වත් මට ඔහොම කතාවක් කීවේ නෑ නේ ! අඩෝ මගේ පරම්පරාවේ නම ගෙනියන්න ඉන්නේ මම විතරයි .අනේ බං ඇත්ත කියහං බං
.............................................................................................................................
@Kasun =මොන වැඩේද බං මෙන්න මෙහේ මම වඳ වෙලා ලු
.............................................................................................................................
@Observer= සමා වෙන්න අයියා මම වී ඇන් ඒ විස්කි සොට් එකක් දාලා ආවේ ඒක වදිනවා සුපිරිවට .ඔයා හරියටම හරි . හ්ම් මම ඒ බැනර් එක ආයේ අරං ගියා .ඕනයා ඔයාගේ ඇන්ටනා ගැටලුවටත් උත්තර දීලා තියෙන්නේ . අයියා අද්දැකීම් වැඩි කෙනා නේ කියන්න මට තාත්තා කෙනෙක් වෙන්න බැරි වෙයිද කියලා
.............................................................................................................................
@ඕනයා = ඇයි බං උඹට මොකද්ද කරදරේ ? ඔය කම්මුල් ගාය හැදුණාම වඳ වෙන කතාව බොරුලු නේද මොකෝ කියනවා නම් අපේ පැත්තේ හෙන සෙට් එකකට ඕක හැදිලා තිබුණා .බය වෙන්ඩ එපා මවං මම මගේ හෝම්වර්ක් තනියම කරන කෙනෙක් . උඹ බලාගෙන ඇති මම වන්ඳෙක් වෙනකම් .. :)

ශශී said...

මම මොකුත් කියන්නෙ නෑ බං

Anonymous said...

පළමු කොටස කියවද්දිම මම අනුමාන කලා බෝවෙන රෝගයක් වෙන්න ඇති කියලා. එත් කතන්දරය අන්තිම වෙනකම් කුතුහලය උපරිම අයුරින් තිබුණා. නියමයි සඳරු!

Weni said...

සඳරුවො මට ඊයේ අහන්න බැරි වෙච්ච රේඩියො එකේ සාකච්ජාව දැන් තමයි අහල ඉවර වුනෙ..එල ආ !

ItalyDilan said...

උබ හරියට ශර්ලොක් කියවලා නෑ ඒකයි ඕවට හේතුව

Dinesh said...

ශර්ලොක් හෝම්ස් හිටියනම් මේ කතාව කියවලා පපුව පැලිලා මැරෙනවා..
කොහොම උනත් යාළුවා වෙනුවෙන් කරපු දේ අගය කරනවා.. ඇත්ත අපේ ජීවිතේ සමහර දේවල් අපිටත් නොදැනිම අමතක වෙනවා... අපි එහෙම අමතක කරමු අමිහිරි මතක.. මේ වගේ සොදුරු මතක හැමදාම මතකේ තියේවී... නැද්ද CID සදරු... එක්කො උඹ පොලිසියට බැදියන් බං... දැන් ඉන්න උන්ට වඩා උඹ හොදයි.. නිරික්ශණ වැරදුනත් හිතේ හයිය තියෙනවනේ..

Dasun said...

සඳරු උඹට යාලුවන්ගෙ ලව් සීන් වලට උදව් කරන්න ගිහින් අපලයි වගේ ....

ශ්‍රී said...

සඳරුවො, ම්ං නම් බලාපොරොත්තු වුනේ මීට වඩා ගින්දර අවසානයක් :) ඒ වුනාට ඉතිං මේක ඇත්ත කතාවක් නම් මක්කැයි කරන්නේ? අර ඇන්ටෙනාවෙ නිරීක්ෂණය, නිගනමය නං ටිකක් ෂර්ලොක් ගතියක් තිබ්බා ඕං...

Observer said...

කම්මුල් ගාය හැදුනම වඳ වෙන කතාව හෙන බොරුවක් වෙන්න ඇති, මට දරුවො දෙන්නෙක් ඉන්නෙ ඔය අගේට. උන්ගෙ ගති ගුණ වලින් එහෙම වෙන කාගෙවත් කියල හිතන්න බැහැ...හෙහ්....හෙහ්...හෙහ්...

Anonymous said...

කාලය කියන හුළඟේ පාවෙලා යන පරඬැල් වෙච්ච අපි හැමෝටම මේ වාගේ සිදුවීම් ඕනෑ තරම් වෙලා ඇති .සමහරුන්ට ඒවා මතකයි සමහරු ඒවා අමතක කරනවා .

තමන් මුහුණ දෙන සොඳුරු ජීවිත අද්දැකීම් අමතක කරන්න එපා .! එවුවා රත්තරන් වගේ වටිනවා . පරණ වෙද්දී පරණ වෙද්දී .මතක්කරන්න තියෙන්නේ , මරන මංචකේදී සිහිපත් කරන්න තියෙන්නේ එච්චරම විතරයි .

පිස්සා පලාමල්ල said...

අඩේ ලියවිල්ල නම් සුපිරියි සඳරුවො... ආයේ හෝදන්න දෙයක් නෑ... කතන්දරේ 2 පාරක්ම කැත නැතුව කියවල දැම්ම....

බස් රේඩියෝ එකත් ඇහුවා... ස්තුතියි මං ගැනත් මතක් කලාට හික් හික්....

දුකා said...

අඩේ මේක්ත් සිරා බන් . ..

අහ් අර බස් රේඩියෝ වැඩසටහන ගැන කියනවනම් . .

උඹ කියනවා "මම බයියෙක් නෙවේ" කියලා . .

කවුද යකෝ එහෙම කියන්නේ . .

උඹම වෙලාවකට උඹව ඩවුන් කර ගන්න හදනවා මිසක් . .

හෙ හෙ හේ . . .

මේ වගේ කතා තව ඕනේ . . .

ඉන්දික උපශාන්ත said...

බය්ය කියන්නෙ කවුද කියල දැනගත්තෙ අදයි. උඹට ස්තූතියි මලේ ඒකට.

තරිඳු said...

මට එකා අහියටම බර වචන දාල පහදන්න බෑ එත් මෙහෙමයි එක කොල්ලෙක් පොඩි කාලේ හැදුනොත් අවුලක් නෑ ඌ ලොකු වෙලා ඉන්න කොට හැදුනොත් (අහන්න එපා කොල්ලො ලොකු වෙන්න කොහොමද කියලා) අවුල මාව අවිශ්වාස නම් දොස්තර කෙනෙක්ගෙන් අහපන්.අහල මටත් ඇත්ත විස්තරය කියපන්

Hishan de Silva said...

බස් රේඩියෝ කතාBuzz අහල ඇගේ මයිල් කෙලින් උනා. ඇත්තටම උඹ ගැන සතුටුයි.

සෝරෝ said...

හක හක හක...

සික් සාටර් සීඅයිඩී සඳරු.... :D

නදුන් උයන said...

සඳරුව මෙච්චර මහන්සි වෙලා කරල දීපු මගුල මුන් දෙන්න දිය කරගෙනනෙ... මට නම් තරහ ඒකට....

duliponline said...

@ඔබ්සර්වර්:
අයිය අහල තියනවද අර කුඩයක් අරගෙන දඩයමේ ගිය සීයගෙ කතාව ????

Malya said...

සඳරුගේ කටහඬ ඇහුවාම ඔකඳ වෙනවා අප්පා...ලස්සනයි ඈ.....

charmi said...

අර බැනර් එකත් උස්සං එන්ඩ වෙච්ච එකනං මරු.... මටත් ඕවා ඕනතරං වෙලා තියෙනවා.

දේව් ගේ අඩවිය said...

ඇති යන්තම් දැන් හිතහදාගෙන පාඩම් කරතහැකි.....
ආයේ ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැනේ පස්ටයි කියලා....

මාරයි........... මාරම මාරයි

Salinda C said...

මම දැකපු වටිනා කියන බ්ලොග් අකක් තමා මේක.මම නම් ජීවිතේ ගැන ගොඩක් දෑ ඉගෙන ගත්ත...ඔයාට ගොඩක් ස්තුතියි......අයියේ ඔයාගෙ ජීවිතේ හරි පුදුමයි....

Beetle said...

සඳරුක් හෝම්ස් ඒක පට්ට නම...

බටකොල ඇන්ටෙනාවේ ලයිට් එකෙන් ගෙදර මිනිස්සු ඉන්න බව කියපු සඳරුක්ට අඹ කොල පෙණුනෙ නැති එක තමයි මම ආසම කෑල්ල...

said...

උඹටත් කම්මුල්ගාය හැදුනද??? බඩුම තමයි :-D

සිත්රූ සිහින said...

නියමයි..නියම රහස් පරීක්ෂක :D

පවනි said...

මොනව කලත් මතක සටහන් තමයි හැමදාටමත් ඉතුරු වෙන්නෙ ඒව හොඳ උනත් නරක උනත්.....

ඒ උනාට මල්ලි 2වෙනි වටයට යන්න නම් ලකුනු මදි වෙලා වගේ....

:D

ගොඩයා said...

උඹේ මේ ලියන කතා නම් ඉතින් හැමදාම කියවනවනේ. ඒවා ගැන ඉතින් අමුතුවෙන් සිරා කියන්න දේයක් නෑනේ බං. ඒත් අදනේ කියන කතා ඇහුවේ. වෙනසක් නෑ බං. දෙකම එලකිරි.............

kasun said...

ada thama balanna une...
pattama thama...

Era said...

maru macho

හිස් අහස said...

අදහස් දාපු අයට බොහෝම ස්තූතියි .. !! අලුත් කතාවක් ලියා තිබුනත් පබිලිස් කරගන්න බැරුව දුක්වෙන ගමන් .. බ්‍රහස්පතින්දාට අලුත් කතාව බලා පොරොත්තු වෙන්න ..

ඒක සරුංගල් ගැන කතාවක් ..

ජීවිතේ මල් said...

හිකි හිකි හිකි :)

esh said...

එල එල නියම කතාවක්.මිනිසුන්ටත් කට කතා හදන්න තියනවනම් වෙන මොකක් වත් ඕනේ නෑ.අනිත් දවසේ හරියට කගේ හරි කැම්පස් අහගනවා නම් හරියට අහගන්න .නැත්නම් ඔය වගේ වර වැටහීම් ඇති වෙය්. හි හී

Anonymous said...

ගොඩක් ලස්සනයි කතාව ,බොහොම ස්තුතියි. දිගටම ලියන්න.

වර්ණ said...

පළවෙනි කථාවට කමෙන්‍ටුවක් නොදැම්මෙ මොන අවමංගල්ලයක් වෙලාද කියලා සේක හිතිලා.අහවල් එකට කම්මුල් ගාය හැදිලා අප්සට් යනවා කියලා කියන්නෙ කතාවක් විතරයි බන්.අපි ඉස්කෝලෙ යද්දි කම්මුල් ගාය ‍රැල්ලක් ගියා.ඔය හැදිච්ච එවුන් පෝලිමට හදන්නෙ පෙරහැර වගේ

Anonymous said...

HGYGG

Post a Comment

තැන්කූ බං