14.9.11

මුහුණ වසාගත් කැම්පස් තරුණියගේ අභිරහස




මා කල ගවේශන 1

මේක ටිකක් වෙනස් කතාවක්. ඒ වගේම මම විසින් කරපු රහස් පරීක්‍ෂක ගවේෂණාත්මක කතාන්දරයක් හිස් අහස බ්ලොග් එකේ ලියන පළමුවෙනි වතාව . මට ඒ කාලේ රහස් පරීක්‍ෂක උණක් වැලඳිලා තිබුණා . ශලොක් හෝම්ස් පොත් කියවලා බොක්කටම වැදිලා වැළඳිව්ව උණක් කීවොත් වඩාත්ම නිවැරදියි . ඉතින් කියවලා බලන්න මම විසින් විඳාපු මගේ ගමේ සිදු වෙච්ච ලොකුම ලොකූ අභිරහස තමයි. "මුහුණ වසාගත් කැම්පස් තරුණියගේ අභිරහස. “

---------------------------------------------------------------------------------------------------------------------


2010 පස් වෙනි මාසේ මුල් හරිය. දිනේ මතක නැතිවුණත් සතියේ දිනයක් බව නම් මට සහතිකේටම කිවුවහැකි .!

තිලකේගේ සෝයා අයිස්ක්‍රීම් කඩෙන් ගත්තු අයිස්ක්‍රීම් එක හප හපා ඉන්න අතරේ පිට මැදට වැදුණු තඩි පාරකින් මම එකපාරටම ගැස්සිලා ගියා .

"අඩෝ තනියම ගිලිනවා නේද ?මගේ පිටිපස්සේ හිටියේ මගෙත් එක්ක පොඩි කාලේ ඉඳන් එකට හිටපු, රෝන්දේ ගියපු, කාපු බීපු මගෙ මිත්‍රයා "ජනා”

මගේ අවසරයකින් තොරවම එකපාරටම මගේ අයිස් ක්‍රීම් එකෙන් පළුවක් හපලා කාපු ජනා .අතේ ඇඟිලිවල ඇට කීපයක් කඩලා , උගේ බෝල ඇස් කරකෝලා. ලොකු කතාවක් කියන්න ලැහැත්ති වුණා .

"මචං සඳරුවා . මල් කිනිත්ත ආයේ ගමට ඇවිල්ලා කියලා උඹ දන්නවාද ?

"මොකක් .. ?

"ඔවු බං ඒකි ගිය සඳුදා හොරෙන්ම ගමේ ඇවිල්ලා . ?

මට මහ පුදුමයක් දැනුණා . මල් කිනිත්ත කියලා අපි ආදරේට හැඳින්වුවේ අපේ පන්තියේ ඉස්සර ඉඳන්ම එකට ඉගන ගත්තු මිතුරියක් වෙච්ච මල්කාන්තිව

වෙනදා ගෙදර ආවම හැන්දෑවට අපේ ගේ ඉස්සරහට ඇවිල්ලා මට පොඩ්ඩක් කතා කරලා යන මේ මල්කාන්ති කෙල්ල මොකද එකපාරම වෙනස් වෙලා ? මට ඒක නිකම් අමතක කරලා දාන්න බෑ . මල්කාන්ති එක්ක මගේ ලොකු ගනුදෙනුවක් තියනවා ! .ඒක නිසා මට කීයටවත් මල්කාන්ති ගැන හොයා බලන්නැතුව ඉන්න බෑ

"ඒකි ඇවිදින් දැන් දවස් හතරක් විතර වෙනවා මම කීප සැරකම කෝල් කළා ඒත් ෆෝන් එක නිවලා .ඒකි මෙච්චර කල් ෆෝන් එක නිවාගෙන ඉන්නේ නෑ මචං මොකක් හරි අවුලක්"

"ජනා උඹට සුවර්ද මල්කාන්ති ගෙදර ඉන්නවා කියලා .?මම ආයෙත් ජනාගෙන් එහෙම ඇහැවුවේ හිත ඇතුළේ තෙරපෙන කුතුහලේ වැඩි නිසාමයි

"ඔවු සඳරු මට සුවර් මම පීටර් මාමලාගේ කඩෙන් පොල් තෙල් භාගයක් අරං එනකොට මාව පහු කරං ඩොල්පිං වෑන් එකක් ගියා. මම ඉස්සරහට යද්දී පාර මැද මී හරකෙක් ලැගලා හිටි හින්දා වෑන් එක නවත්තං හිටියා .මම ඉතින් ඒක පහුකරගෙන යන්නයි හැදුවේ ඒත් එතකොටම මම ජනේලෙන් මල් කිනිත්තව දැක්කා බං .

"වෙන කවුරු හරිද දන්නෑ .”

"නෑ නෑ බං ඒකිමයි මම ඒකිගේ අම්මවත් දැක්කා .. ! හැබැයි සඳරු . ඒකි මූණ කවර් කරලා රෙද්දක් දාගෙන ඊට උඩින් තොප්පියකුත් දාගෙනයි උන්නේ ඒත් මට ඒකිව අඳුනන්න පුළුවන්"
 
අපේ පන්තියෙන් හොඳටම ඉගනගත්තේ මල්කාන්ති විතරයි . එයැයිගේ අම්මා ටීචැර් කෙනෙක් වීමත් තාත්තා කච්චේරියේ ලොක්කෙක් වීමත් හින්දා වෙන්නැති . ඒකිට පුදුම විදිහට ඉගන ගන්න පුළුවන් .ඉගන ගන්න පුළුවන් වුණාට මල්කාන්ති පොඩ්ඩක්වත් ආඩම්බර නෑ . අපේ පන්තියේ ඉන්න ඉගන ගන්න එවුන් ගෙන් හැමෝම වගේ ආඩම්බරයි ඒත් මල්කාන්ති වෙනස් .

"සඳරු , ගණිතය සෑර් දීපු ගණං ගෙදර වැඩ ටික හදං ආවද ?මම පන්තියට ආපු ගමන්ම ඒකි මගෙන් අහන මුල්ම ප්‍රශ්නේ ..

ඔන්න ඔය වෙලාවට මගේ යටි බඩ රිදෙන්න ගන්නවා .. මොකද මම කවමදාකවත් ගෙදර වැඩ කළේ නෑ කම්මැලි කම නිසා නම් නෙවේ . මට එවුවා බැරි නිසා . මම ආසාවෙන් ඉගන ගත්තේ සිංහල , සමාජ අධ්‍යනය කියන විෂයන් දෙක විතරමයි .

"ආ මෙන්න පොත ඉක්මනට ලියාගන්නවා .!” 

මල්කාන්ති මට ගෙනල්ලා දෙන ගණිත පොත පෙරළාගෙන මම පෑනෙන් ගිනි විසි වෙන තරම් වේගෙන් ගණං කොපි කරනවා . ඊළඟට ඉංග්‍රීසි පොත මගෙන් ඉල්ලගෙන යන මල්කාන්ති ඒකිගේ මුතු කැට වගේ අත් අකුරු වෙනස් කරලා අමාරුවෙන් මගේ ඉංග්‍රීසි ගෙදර වැඩ ටිකත් සම්පූර්ණ කරනවා . මොකද කීවොත් මට ඒ වෙනකොට සමහර ඉංග්‍රීසි අකුරු ලියාගන්න පවා බෑ .

ඉකෝලේ කාලේ ලස්සනට ගෙවුණේ මෙන්න මේ වගේ මිතුරියෝ මිතුරෝ ටිකක් මගේ වටේ හිටපු හින්දයි . මල්කාන්ති ඉස්කෝලේ ආපු නැති දාට මම පන්තියෙන් පැනලා ගිහිං . වෙනත් පන්තියකට වෙලා කයියක් දාගෙන හරි ඉස්කෝලේ බතල පාත්තියේ හරි හැංගිලා ඉන්නවා .

හැමදාම අපේ සෙට් එකට ගෙදර වැඩ කොපි කරගන්න උදවු දීපු මේ සුන්දර කෙල්ල ඒ පින් බලයෙන්මද කොහෙද ලංකාවේ ඉහළින් පිළිගත්තු කැම්පස් එකකට යන්න වාසනාවත් ලබාත්තා . වාසනාවමත් නෙවේ ඒක ඒකිගේ හැකියාව .මමත් ඉහළින්ම සතුටු වුණා අපිට උදවු කල අපේ එකියකට කැම්පස් යන්න පුළුවන් වුණා නේ !. ඒත් එක්කම ටිකක් විතර දුකත් හිතුණා . "දැන් ඉතින් ආයේ මේකිව දකිනවා බොරු . කැම්පස් එකේ කොල්ලෙක්වම සෙට් කරගෙන මේකි ගමෙන් පිට යාවි" කියලා පොඩි දුකකුත් මගේ හිතේ නොතිබුණාමත් නෙවේ .

කැම්පස් ගිය මල්කාන්ති මාස දෙහෙකට වරක් වගේ ගමේ ආවා . ඒ පළාතේ තවත් මොකක්දෝ ට්‍රේනිං එකකට යන හින්දා නිතර එන්නැති වෙන බව තමයි එයා අන්තිමට හම්බ වෙච්ච වෙලාවේදී මට නම් කීවේ .

"දැන් ඉතින් උඹට කොල්ලෙක් ඇති ඒකයි උඹ ඔය ගමේ එන්න ටිකක් අදි මදි කරන්නේ .!

"අපෝ බං මට එහෙම එකෙක් නෑ .ඒකි හිනා වෙලා කතාව මාරු කරලා දානවා .”

මම දැකලා තියන රූපෙන් ලස්සන කෙල්ලෝ අතරේ මල්කාන්තිට නම් තැනක් දෙන්න ගොඩක් අමාරුයි ඒත් මම දන්න කියන අයගෙන් හිත ලස්සන්නම කෙල්ල කවුදැයි ඇහුවොත් නම් මම කෙළින්ම කියන්නේ මල්කාන්ති කියලා . කොයිතරම් ඉගන ගත්තත් අපිව ඒකිට කවදාවත් අමතක වෙලා නෑ .

ඉතින් ඔන්න ඔය විදිහට මල්කාන්ති ගමෙන් පිට වෙලා කැම්පස් ගියාම අපි සේරෝටම වඩා එක්කෙනෙකුගේ හිත හොඳටම හිදිලා තිබුණා . ඒ හිත ජනාගේ . ජනා මල්කාන්තිට යටි හිතින් ලවු කරලා .! ඒත් මල්කාන්ති කියන්නේ මීටරයක්, ජනා කියන්නේ පන්තියේ අන්තිමයා .! මමත් ඉඳලා හිටලා අන්තිමයා වෙලා තියනවා ඒත් වැඩිපුරම අන්තිම තැනට හිමිකම් කීවේ ජනා .!

දවසක්දා මහ රෑ 10 විතර හඳ පානේ අපි කීප දෙනෙක් බීර බෝතල කීපයක් හිස් කරමින් ඉන්න අතරේ හිටපු ගමන් ජනා නාහෙන් අඬන්න පටන්ගත්තා .

" අනේ බොලවු මම මල්කිනිත්තට ආදරෙයි ඒත් මම කෝමද බං ඒක කියන්නේ මට ඒකිව ඕන මට කෝම හරි ඒකිව ඕන .

ඇල්කොහොල් බින්දු කීපයක් මගේ බඩටත් වැටිලා තිබුණු නිසා ජනාගේ ඇඬීමට මගේ හිතත් නිකම්ම උණු වෙලා ගියා. හරියට බටර් වගේ. පොඩ්ඩක් පැත්තකට ගියපු මම ඒ මොහොතේම මල්කාන්තිට කෝල් කරා .ඒ මොහොතේ අපි දෙන්නා අතර වෙච්ච දුරක්ථන සංවාදය විනාඩි 30විතර තිබුනත් මම ඒ සංවාදය පේලි කීපයකට අඩු කරලා පාතින් ලියන්නම් .

"හලෝ ! මල්කාන්ති මම මේ සඳරු කතා කරන්නේ ! “

"ඇයි බං මේ මහ රෑ .?”

"උඹට වැදගත් දෙයක් කියන්න තියනවා බං !”

"කියන්නකෝ එහෙනම් ඉක්මනට “

මේ....උඹට ජනා කැමතියිලු බං ! ඌ ඉස්සර ඉඳන්ම උඹ ගැන හිතේ තියාගෙන ඉඳලා .ඒත් උඹ මීටරේ හින්දා ඌ උඹගෙන් මේ වගක් අහලා නෑ . ඌ හිත හොඳ එකා බං !

"ජනා හොඳයි කියලා මම දන්නවා සඳරු ඒත් ඌට ජොබ් එකක් නෑ නේද ? අපේ ගෙදරින් ඕකට අකමැති වෙයි සඳරු . උඹ දන්නවා නේ මම ගෙදර කීමට පිටින් යන්නෑ කියලා .”

"හරි ඌ ජොබක් හොයාගත්තොත් .”

"හ්ම්....එහෙම නම්......................සලකලා බලමු . “

"නියමයි . කෙල්ලේ ! . මම ඌට මේක කියන්නම් ඕකා දැම්ම ජොබක් හොයාගනීවි .”

"හික් .. අනේ අනේ සඳරු තමුසේ බ්‍රෝකර් වැඩ කරන්න ගිහිං යකඩ බජාර් එකෙන්ඇතිවෙන්නම ගුටි කාලත් තවම මට්ටු වුණේ නෑ නේද ?”

"යාළුවෝ වෙනුවෙන් මම බොක්ක වුණත් ගලවලා දෙනවා නේ .? “

බ්ලා බ්ලා බ්ලා

ඔන්න ඔය විදිහට අපේ දුරකථන සංවාදය අවසන් වුණා .

ජොබ් එකක් හොයාගන්නවානම් මල්කාන්ති කැමැත්ත දෙන බව ජනාට කීවා විතරයි ඌ ස්ට්‍රවුට් බීර බෝතලේම කට තියාන බීගෙන බීගෙන ගියා .

මට හොඳටම මතකයි එදා ඒ හඳ් එළිය යටදී ජනා මාව බදාගෙන මට පොරන්දුවක් වුණා .

"මම හෙටම රස්සවක් හොයාගන්නවා, මතට තිත තියනවා , මල්කාන්තිව මලක් වගේ බලා ගන්නවා කියලා , ඒවගේම උඹ වෙනුවෙන් මැරෙන්න මම රෙඩි සඳරු" කියලා .. මටත් හරිම සතුටුයි අපේ එකෙකුට හරි ගියා .

ජනාට හොයාගන්න පුළුවන් වෙච්චි හොඳම ජොබ් එක තමයි සිවිල් ආරක්‍ෂක බලකායට බැඳෙන එක . ජනාගේ ගෙදර මිනිස්සු ජනා ගැන පුදුම වුණා . කාලකණ්ණියෙක් විදිහට හිටි ජනා බීම අත හැරලා ජොබ් එකට ගිහිං සල්ලි ඉතිරි කරන්න පටන්ගත්තු එකට .

කොහොම හරි මල්කාන්තිත් ජනාට බහ දුන්නා .මල්කාන්ති ගමේ ආවාම ජනා එක්ක බොරළු පාරේ එහෙ මෙහේ අත් වැල් අල්ලගෙන හොරෙන් වගේම බයෙන් ඇවිදින හැටි අපේ කොල්ලෝ සෙට් එකට නම් රහසක් වුණේ නෑ . ඒත් මල්කාන්තිලාගේ ගෙදරට නම් ඒක ලොකුම රසක් වුණා . ඒ ඇයි කීවොත් මල්කාන්තිගේ දෙමවුපියෝ උගත් අය ඒය මේ සිවිල් ආරක්‍ෂක කොල්ලට තමන්ගේ දුව දෙන්න එකපාරම කැමති නොවෙන බව අපි හැමෝම දැනගෙන හිටියා . ඉතින් මේ ආදර කතාව ගලාගෙන ගියේ කාටත් හොරෙන් .

එදා ජනාට පණ වගේ ආදරේ කරපු මල්කාන්ති අද ගමේ ඇවිදිල්ලා ජනාව මග අරින්නේ ඇයි.? .ඇයි ඒකි රෙද්දකින් මූණ වහගෙන හිටියේ, , ඒකි මූණේ දැලි ගාගෙනද ? මේවා හිතනකොට මගේ හිත ඇතුළේ මේතරම් ගින්නක් නැඟෙනවා නම් ජනාට කොයිතරම් දුකක් ඇත්ද ?

හැන්දෑවේ ගෙදර ඇවිල්ලා නාලා එහෙම මම පාර පැත්තේ ගියේ මල්කාන්ති ගැන තොරතුරක් දැනගන්න හිතාගෙන . මම යන කොට ගමේ කොල්ලෝ අතරේ මල්කාන්ති ගැන අමුතු කටකතාවක් පැතිරිලා !

"සඳරුවා අරකි කැම්පස් ගිහිං බඩක් හදාගෙන ඇවිල්ලලු නේද ? අල්ලපු ගෙදර රවීන් මල්ලි මම ගෙයින් එළියට බහින කොටම මගෙන් අහපු කතාවට මම කොර වෙලා ගියා .

"කවුද **යෝ තොට එහෙම කීවේ ..”

"ඔය කෂ්ටිය කතා වෙන්නේ .! ඊයේ මලීගේ අම්මා ! රුක්මණී නැන්දා දොස්තර ගාවට යනවා එනවා මම දැක්කා මල්කාන්ති අක්කලෑ ගෙදර දොරවල් ජනෙල් සේරම වහලා . සුවර් එකටම මල්කාන්ති අක්කා උපාධිය පැත්තක තියලා කොට්ටක් පැනලා වගේ .! . අනික ජනා දැක්කලු රෙද්දකින් මූණ ඔතාගෙන වෑන් එකක ගෙදර එනවා . වෙනදා ඒකි තාත්තා එක්ක බස් එකේ නෙව එන්නේ ! “

මටත් එකපාරම හිතුණේ එහෙනම් අපේ කෙල්ලටත් වැඩේ හරි කියලයි . "හ්ම් . දැන් ඉතින් සබන් පවුඩර් ටිකක් එහෙම අරගෙන තියාගන්න වෙයි .මමත් එහෙම හිතුවා .

මට ජනා ගැන පුදුම දුකයි . ඌ කොයිතරම් හීන මැවුවද ? ඌ කෙල්ල නිසා කොයිතරම් වෙනස් වුණාද ? ඒත් ඇයි ඒ කෙල්ල මෙහෙම කළේ . දුර වැඩි වෙනකොට සම්බන්ධතාවල හයියහත්තිය නිකම්ම අඩු වෙලා යනවා . ඒවගේම කැම්පස් ගියාම ඕනම කෙල්ලෙකුගේ සිතිවිලි වෙනස් වෙනවා . ජනා පවු .මල්කාන්ති නම් මහ බැල්ලියක් ! ඇයි අපේ එකාව රැවැට්ටුවේ .?

මම ජනා හොයාගෙන ගියා ! .. මම යනකොට ජනා වහල නැගලා උඩ බර කල්පනාවක .

"සඳරු මල්කාන්ති වෙන එකෙකුට ගිහිල්ලා නම් මට ඉඳලා වැඩක් නෑ සඳරු . මම ඒකිගේ ගේ ඉස්සහටම ගිහිං මගේ ටී56 න් වෙඩි වෙඩි තියාගෙන මැරෙනවා ! “

ඒ වචනයට මාව වෙවුලලා ගියා . ! මූ උපංගෙයි මෝඩයා මූ ඒක කළොත් . ඔතනින් එන නරක නම මටත් වදිනවා. අනික මූ මගේ යාළුවා මුං දෙන්නව එකතු කළෙත් මම . මට මෙතනදී නිකම් කැපෙන්න බෑ .

මතු සම්බන්ධයි .


කතාව තව දිගට ලියා තිබ්බත් එක දිගට කියවද්දී ඒකේ ගතියක් නෑ .මේ කතාවට තව එකම එක කොටසයි තියෙන්නේ ඒක අනිද්දාට දාන්නම් ..හිතාගන්න බැරිතරම් පුදුම අවසානයක් දකින්න නම් කතාව එක්ක ඊලඟ කොටසේදීත් රැඳිලා ඉන්න .


89 comments:

Gimhani said...

රසවත් කතාවක්. ඉතුරු ටික බලනකම් ඉවසිල්ලක් නෑ...

පිස්සු පුසා said...

අපොයි ඇයි බං මෙතනින් නැවැත්තුවේ.ජාතික අපරාධයක් නේ බං උබ කරලා තියෙන්නේ කතාව අතර මග නවත්තලා.උබේ ලිවීම නම් සුපිරියි මචන්.මම නම් දහයෙන් දහයම දෙනවා උබට.අනිත් කොටස ඉක්මනටම දාන්න...

පිස්සා පලාමල්ල said...

යකෝ නිකන් බස් ගාස්තු වැඩි කරනව වගේ ඩොං ගාල නේ උබත් මේක නවත්තල තියෙන්නේ... ඉක්මනට දාපන්කො බලන්න.... ඔය අලුත් ෆෝන් එකෙන් සෙල්ලම් කර කර ඉන්නෙ නැතුව අවසානයක් කරලම සෙල්ලම පටන් ගනින්කො... අපි පව්. හික් හික්....

පිණිබිඳු... said...

ඉක්මනට අනිත් කොටස දාන්න සඳරු. කියන්න දෙයක් හිතාගන්න බෑ.

Knowledge Boost said...

"දුර වැඩි වෙනකොට සම්බන්ධතාවල හයියහත්තිය නිකම්ම අඩු වෙලා යනවා"
ඒකනම් සහතික ඇත්ත. මේක තවත් මෙගා සීරීස් එකක් වෙයිද මංදා

සාතන් said...

ලියල ඉවරනම් මඟුලක් නොකර දාපන් ඉක්මනට... ගතිය නැද්ද තියෙනවද කියල තීරණය කරන්නෙ අපිනෙ...

ෂර්ලොක් හෝම්ස් උන නම් අපිටත් තිබුන... ඒත් විසඳන්න පරීක්ෂණයක් තමයි තිබුනෙ නැත්තෙ... ඒ දවස් වල අපරාධ නීතිය ගැනත් පොත් ගෙනත් කියෙව්ව මතකයි...

හිරණ්‍ය said...

හා හා රැඳිලා ඉන්නම්කො එහෙනම්! :)

MUHUDU said...

මම හිතුව මෙගා සිරිස් එකක ආරම්භය කියල. :)

Dasun said...

මේකනම් පට්ට ස්ටෝරියක් වගේ... ඉතුරු ටිකත් ඉක්මනට දාපං...

duliponline said...

හික් හික් . . . . ඉකං සිරසෙ ප්‍රවීනා බැලුව වගේ . . . . .මැරුනයි කියපු අනුරාධ බාසුගෙ ‍රැවුල වවපු මූන එක පාරටම ශොපිං මෝල් එකේදි ප්‍රවීනව පහුකරගෙන යද්දි . . . . . "මතු සම්භන්දයි" . . . . .!!!! **පිය . . . !!!

WaH-Banana said...

අනේ කියන තැනකට වදින්නම්, ඉතුරු ටිකක් ඉක්මනට දාපන්.

ayesha said...

මොකද්ද හලෝ කටත් ඇරන් කියවන් ගියා. භීතිය කුතුහලය ඉතුරුකරලා මගින් නතර කරලා. ඉක්මනට ඉතුරු ටික දාන්න

සිහින said...

ශඃ.. පට්ට.. මට එක ගැටලුවක් තියනව. කොහොමද බං ජනා මූනත් වහන් ඉන්න මල් කිනිත්ත අඳුනගත්තෙ.ඌ වෙන මොකක් හරි කැපිල පේන දෙයක් නෝට් කරන් ඉඳලද?

අනේ මංද දැන්නම් යන්නෙ සර්ලොක් හෝම්ස් ගෙ කතා වල චන්දන මෙන්ඩිස් ලියපු ටිකද කියලත් හිතෙනව.හැක් හැක්.. පට්ට.

ඔන්න හෙට [2011-09-15] සඳරු එනව කතා බස් එක්ක එකතු වෙන්න

ඔයාලත් හෙට රෑ 8.30 වෙද්දි බස් රේඩියෝවටසවන් දෙන්න...

ලකී සිරි said...

අනිද්දට වරද්දන්නෙ නැතිව දාපන් මලේ...මට හිතෙන්නෙ කෙල්ලට මොනව හරි අස්නීපයක්..දෙයියන්ගෙ ලෙඩවත් හැදිලද ?

සිතුවිලි නිහඬයි said...

අප්පේ...සඳරුත් මාර වැඩ තමා කරන්නේ බලන් ගියාම...දැන් ඔය රහස් පරීක්ෂක වැඩේ පටන් ගන්නේ ඔතනින් වෙන්න ඇති...ඔන්න කතාවනම් නියමයි.......

මාඩා said...

අඩේ.... maxxxxxaaaaaa කතාව මචෝ.....
මුල්ම පාරටයි comeent කරන්නේ..... ඒත් දන්න කාලේ ඉදන් කියවන blog වලින් එකක්.....

සංකල්ප said...

අනිවාර්යෙන්ම ඉතුරු කොටසත් එක්කම ඉන්නවා. ඉක්මනටම ඒක ලියන්න.
පවු නේ ජනායි අර අහිංසක මල් කිනිත්තයි !!!
මම් හිතන්නේ ඒ කෙල්ලට වරදින්න ඇත්තේ කම්පස් එකේ යාලුවෙලා හිටපු කොල්ලා නිසා. මොනා කරන්නද ඉතුරු කොටස එනකම් ඉමු.

Podi Kumarihami said...

//"ඔවු සඳරු මට සුවර් මම පීටර් මාමලාගේ කඩෙන් පොල් තෙල් භාගයක් අරං එනකොට මාව පහු කරං ඩොල්පිං වෑන් එකක් ගියා. මම ඉස්සරහට යද්දී පාර මැද මී හරකෙක් ලැගලා හිටි හින්දා වෑන් එක නවත්තං හිටියා .මම ඉතින් ඒක පහුකරගෙන යන්නයි හැදුවේ ඒත් එතකොටම මම ජනේලෙන් මල් කිනිත්තව දැක්කා බං .”//

නියම ෂර්ලොක්ගේ කතාවක් විදියට ගලාගන යනවා.
හරිම ලස්සනයි......:)

//වෙනදා ගෙදර ආවම හැන්දෑවට අපේ ගේ ඉස්සරහට ඇවිල්ලා මට පොඩ්ඩක් කතා කරලා යන මේ මල්කාන්ති කෙල්ල මොකද එකපාරම වෙනස් වෙලා ? මට ඒක නිකම් අමතක කරලා දාන්න බෑ . මල්කාන්ති එක්ක මගේ ලොකු ගනුදෙනුවක් තියනවා ! .ඒක නිසා මට කීයටවත් මල්කාන්ති ගැන හොයා බලන්නැතුව ඉන්න බෑ //

මගේ නම් කුතුහලය හොඳටම ඇවිස්සුවේ මේ කියමනයි.

Praසන්ன said...

ඉතුරු කෑල්ලත් ඉක්මනට දාපං සඳරු මලේ.
දැන් උඹ අලුත් ෆෝන් එකට ඔකඳ වෙලානෙ ඉන්නෙ.:D

හසී said...

ඉක්මනට ඉතිරිය දාන්නෝ.....

රාජ් said...

මෙන්න...හිස් අහසෙ සදරුගෙක් ඇග කිළිපොළායන සිදුවීම් රැසකින් සමන්විත "මුහුණ වසාගත් කැම්පස් තරුණියගේ අභිරහස“..!
හරියටම ෂර්ලොක් හෝම්ස්ගේ සැගවුණු ලිපිගොණු වගේ. නියමයි.
මේකත් හරියට මුවන්පැලැස්ස වගේ උනානෙ. හොදම හරියට එනකොට මතු සම්බන්ධයි.

Anonymous said...

බලවත් විරෝධය බොට මගේ කෑලි කැඩීම සම්භන්ධව. ලියල අහවරනං තියං ඉන්නෙ පොල් දාල මලවන්න ද බං.
ඊලන්න කොටහෙදි උඹ අපේ සුපියල් පහ කනව එහෙම නෙවෙයි

Gayan Rupasinghe said...

ඉක්මනට දාපිය ඉතුරු එක. අනිද්දා උදෙන්ම... මට හිතෙන විදිහට ඔය බොලා හිතන මගුලක් නෙමෙටි වෙලාතියෙන්නේ..


ජය,...

දුකා said...

ඉතුරු ටිකත් ඉක්මනට දාපා . . .. .. න්

Gizaa said...

සදරෑවෝ අනිද්දා වෙනකම් ඉන්න බෑ බන් උබ අපේ කුතුහලය ඈති කල නම් හෙටම ඉතිරි කොටස දාලා ඉවර කරපන් :D

ගොඩක් කාලෙකින් කොමෙන්ට් එක් නොදෑම්මට අපි නම් හෑමදාම උබේ බ්ලොග් එක බලනවා මල්ලි උබේ ඔය ලියන හෑකියාවේන් වෑඩක් ගනින් බන් පොතක් ලියපන් :)

Anonymous said...

ෂුවර් එකටම කෙල්ල facial එක කරලා වැරදිලා නේද?

BLOG ගඩොල් said...

නියමයි මචෝ! මටනං ඉතිං උඹට උපදෙස් දෙන්න බෑ කොටස් නොකඩා දාන්න කියලා. මගෙ අතිනුත් ගොඩක් වෙලාවට වෙන්නෙ ඒකනේ. ඉතුරු කොටස එනකං නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා

ItalyDilan said...

මාර නැවැත්තිල්ලක් නේ බන් මේක,,උබට හදිසියක් වෙලා වගේ නැවැත්තුවේ

kasun said...

නියමයි..ඉතුරු ටිකත් ඉක්මනටම දාන්ඩෝ...
(ෂර්ලොක් වැඩ තියෙන්නේ ඊලග කොටසෙ වෙන්න ඇති නේහ්...? )

කල් said...

අඩේ ඇයිබන් උබ අපේ සොමි කඩන්නෙ.ආතල් එකේ කියවන් ආව උබ ඒක කෑව.හරි හරි ඒකට කමක් නෑ අනිත් ටිකත් ඉක්මනට දාපන්කො..:D

ශානි said...

හෆ්ෆා හොඳම හරියෙන් නවත්තලා

දුශ් said...

"මම දැකලා තියන රූපෙන් ලස්සන කෙල්ලෝ අතරේ මල්කාන්තිට නම් තැනක් දෙන්න ගොඩක් අමාරුයි ඒත් මම දන්න කියන අයගෙන් හිත ලස්සන්නම කෙල්ල කවුදැයි ඇහුවොත් නම් මම කෙළින්ම කියන්නේ මල්කාන්ති කියලා ."
අනිවා.. ලෝකේ ගෝලාකාරයි කෙල්ලෝ විවිධාකාරයි.. දෙය්යෝ හැමෝටම බාගේ බාගේ දීගෙන ගිහින් තියෙන්නේ..
"මටත් එකපාරම හිතුණේ එහෙනම් අපේ කෙල්ලටත් වැඩේ හරි කියලයි . "හ්ම් . දැන් ඉතින් සබන් පවුඩර් ටිකක් එහෙම අරගෙන තියාගන්න වෙයි .” මමත් එහෙම හිතුවා ."
පට්ට මචන්.. හික් හික්.. උබ නම සිර dial එකක් දැන් සැන් පවුඩර් ගත්තද?
"මම යනකොට ජනා වහල නැගලා උඩ බර කල්පනාවක ."
අඩෝ උබ එනවා දැකලද පොර කෑගහන්න ගත්තේ..? මු නම් දෙන්න add එක මචන්.. හේ හේ..

පූසා said...

ඕං දැන් ඒ පාර උඹත් පටං ගත්තද කතාව භාගෙට ලියලා අපිව චූං කරලා තියන්න....
බලපං මම මේ දවස් වල විභාගෙකට පාඩම් කරනවා. උඹ මේවා භාගෙට ලියලා නැවැත්තුවාම මම කොහොමද හිත එක තැනක තියං පාඩම් කරන්නේ??? ඇයි බං අපිට මෙහෙම කරන්නේ??????

Anonymous said...

"දුර වැඩි වෙනකොට සම්බන්ධතාවල හයියහත්තිය නිකම්ම අඩු වෙලා යනවා . ඒවගේම කැම්පස් ගියාම ඕනම කෙල්ලෙකුගේ සිතිවිලි වෙනස් වෙනවා"
එහෙම කියන්න එපා සදරු..මේ හේතු දෙකම ආදරයක් අහිමි කර ගන්න තරම් මහ ලොකු හේතු නෙමේ..

ඔයිට වඩා දුර ගියපු..කෙනෙක් වෙනුවෙන්..කැම්පස් ගියපු කෙල්ලෙක් අදටත් බලන් ඉන්නවා..

"ඒ වගේම මල් කිනිත්ත පර වෙලා නැතුව ඇති"

uwiniran said...

ශුවර් එකටම මලකාන්ති ලොකු ලමයෙක් වෙලා... ඒකයි රෙද්දකින් වහල අරන් ගියෙ..... ලකී කිව්ව වගේ.. සමහරක්විට පැපොල් හැදිලද දන්නෙත් නැහැ.

Observer said...

මොකද්ද මේ අලුත් ෆෝන් එකේ කතාව?

Niගම්බූ කොලුවා said...

හයියෝ. . . ප්‍රජාතන්ත්‍රවිරෝධි වැඩක්නේ කරලා තියෙන්නේ :D ඉතුරු කොටසත් ඉක්මනට දාන්න සඳරු අයියේ :) :)

පබලු said...

කතාවේ ඉතිරිය එනතුරු පුල පුලා බලා සිටිමි

Anonymous said...

අපොයි... ලස්සන හීනයක් දැක දැක ඉන්නකොට, එකපාරට ම කුළු ගෙඩියකින් ගැහුවා වගෙයි. ඉතුරු ටිකත් ඉක්මණ ට ලියන්න. අපි බලන් ඉන්නවා.... . :D :D :D

"දුර වැඩි වෙනකොට සම්බන්ධතාවල හයියහත්තිය නිකම්ම අඩු වෙලා යනවා .." ඒ කියමන මගේ හිත ට තදින් ම වැදුණා....

" ඒවගේම කැම්පස් ගියාම ඕනම කෙල්ලෙකුගේ සිතිවිලි වෙනස් වෙනවා ." මේ කියමන ට නම් මම විරුද්ධයි හොඳේ............. :)

තරු said...

කොල්ලෝ ලිවීම නම් සුපිරිය්...
එක හුස්මට කියවන් ගියා..
ඉක්මනට අනිත් කොටසත් දාපන්..
අර ලියපු කතාව දාන්නෙ නැත්නම් .. මට ඊ මේල් කරලා එවපන්..
දෙන්නද ඇඩ්‍රස් එක?

Dinesh said...

උඹත් කරන්නේ පුදුම අපරාද තමයි... මම මේක උදේ දැක්කත් කියවන්න වෙලාවක් තිබුනේ නෑ.. ගෙදර දුවන් ආවේ මේ මොකද්ද කියලා බලන්න... හරි ඒකේ අවුලක් නෑ.. අනිත් ටික ඉක්මනට දාන්නකෝ...
කොහොම උනත් ගමේ මිනිස්සු කියන කතාව බොරුවක් වෙනවනම් අන්තිමේ ඒක ලොකු දෙයක්...

sameera said...

අනිද්ද වෙනකං ඉන්න බෑ හොද කොල්ලා වගේ හෙට උදේම මේක දාපන් හරී............ , මට හිතෙනව උබ නිකං ඇඩෙන්න දෙයි කියලා..........

unknown said...

ඉතුරු ටිකත් දාන්න. වෙනදා වගේම සුපිරි...

හිතුවක්කාර කෙල්ල said...

අදමයි මම හිස් අහසට ගොඩ වැදුනෙ ... පුදුම ලස්සනයිනෙ මේ කතාව. හරිම ලස්සනට ලියලා තියන්වා.. සුපිරියි...!!!
ඉතුරු ටික කියවනකම් ඉවසිල්ලක් නෑ, ජය වේවා..!!!!

හිස් අහස said...

Gimhani= දවසක් ඉවසන්න සහෝදරී ඉක්මනට දෙන්නම් ඉතිරි සහ අවසන් කොටස
.............................................................................................................................
@පිස්සු පුසා = මේ කතාව එකපාරම ලියාදැම්මොත් ඒක නිසං බං කැහැලා ඉවර කලා වාගේ නෙව
.............................................................................................................................
@පිස්සා පලාමල්ල = කස්ටියට මගේ නවීන ජිංගම දුරකථනය ගැන ඉව වැටිලා වගේ ? දෙන්නම් සර් ඉක්මනට දෙනවා ඉතිරි කොටහ
.............................................................................................................................
@පිණිබිඳු.= දෙන්නම් අක්කන්ඩි අනිද්දට
.............................................................................................................................
@Knowledge Boost = නැත නැත බලන්න යාලූ අර රතු පැහැයෙන් ලියා ඇති දේ
.............................................................................................................................
@සාතන් = අපෝයි ඔවු බං අපේ සමහර එවුං හිටියා බිම වැටිලා තියන මොකක් හරි දැක්ක ගමං ඒක කාලා බලලා අත ගාලා බලලා ඒ ගැන අනාවැකි කියන්න පෙලඹෙනවා
.............................................................................................................................
@හිරණ්‍ය = ඒකනේ කියන්නේ
.............................................................................................................................
@මුහුදු කොල්ලකාරයා = පික්ෂුද ? ඊලඟ කොටහින් අහවයි කොල්ල කාරයෝ
.............................................................................................................................
@නිර්මල = අනේ මේක පජාත ස්ටෝරියක් බං . ඔන්න උඹට ඉඟියක්
.............................................................................................................................
@ඕනයා = අඩේ ඒම නෙවේ හරියටම ඕපන් ඔෆිස් රයිටර් වල තුන හමාර වන පිටුවෙන් තමා මේක කැඩුවේ ඊලඟ කොටසටත් සමබර වෙන්නට හිතාගෙන .
.............................................................................................................................
@9.98mm =වඳින්න එපා දෙයියෝ අනිද්දට දෙන්නම් කතාව
.............................................................................................................................
@සිහින = ඌ සිරා කොල්ලෙක් බං ඌට පුලුවන් අපේ ගමේ ඕනම වැස්සියෙක් දිහා බලලා මේකි ඉඳුල්ද නොයිඳුල්ද කියලා කියන්න. ඌ ඒතරම් වැඩ්ඩා
.............................................................................................................................
@Luckey =අයියේ උඹගේ නම තමා නම
.............................................................................................................................
@සිතුවිලි නිහඬයි = තාම කතාව ඉවර නැතුවා . අනිද්දා වෙනකම් ඉවසන්න සිතූ
.............................................................................................................................
@මාඩා = අඩේ අපේ පුංචම්මා කෙනෙකුත් ඉන්නවා මාඩා පුංචි අම්මා කියලා .!ස්තූතියි ඈ
.............................................................................................................................
@මධුරංග = මමත් හිතන්නේ කැම්පස් එකේ කොල්ලා හින්දා තමා මේක වෙලා තීන්නේ උඹ කතාව බලලා නෑ අයියේ ආ ආ ආ ..
.............................................................................................................................
@Podi Kumarihami = මගෙයි එයාගෙයි ගණුදෙනුව තමා ජනාට සෙට්කරලා දීම එච්චරයි අක්කන්ඩි . අනිද්දා වෙනකොට හොඳ හොඳ සෙල්ලම්
.............................................................................................................................
@Praසන්ன = හිකිස් . දාමි දාමි අයියා . හැබැයි අනිද්දාට .
.............................................................................................................................
@හසී = බැ
.............................................................................................................................
@රාජ් = රාජ් අයියා .එකපාර කනකොට ගතියක් නෑ නේ තම්බ තම්බ කනකොට කෝමද රස ? අනිද්දාට බලමු නේ ?

හිස් අහස said...

@nawammawatha = කතාවක් කුට්ටි කිරීමෙත් පස්ට ගතියක් තියනවා අයියා .
.............................................................................................................................
@Gayan Rupasinghe = සිංහයා හිතුවා හරි මහ අමුතු දෙයක් නෙව වුණේ !
.............................................................................................................................
@දුකා = බෑ බෑ බෑ බැ......................බෑ
.............................................................................................................................
@Gizaa s = ආ කමන්නෑ අයියා ඔය අදහසක් දුන්නෑ කියලා මම කා එක්ක වත් අමනාප නෑ උඹලා දකින්න ඇති මයෙ කමෙන්ට් බොක්ස් එක උඩ තියන ආදර්ශපාඨය. අනිද්දත් එන්ඩ.
.............................................................................................................................
@මලික් = උඹගේ කමෙන්ට් එක කියෝලා මට මැරෙන්ඩ හිනා බුදු අයියේ ! අඩේ එහෙම වුණා නම් කපෝති නේ
.............................................................................................................................
බ්ලොග් ගඩොල් = උඹලා කොටස් කලාට කතාවේ රස අඩු වෙන්නෑ බොලවු . මේ බ්ලොග් ගඩොල් ලියන්නේ එක්කෙනෙක්ද ? පිරිසක්ද ?
.............................................................................................................................
@ItalyDilan = පොඩි කක්කුස්සි බරකුත් තිබ්බා මචං ඒකයි වැඩියෙන්ම මේක මග දාලා දිවුවේ
.............................................................................................................................
@චතූ = අන්න හරි ඒකේ තමා ඒ සේරම තියෙන්නේ
.............................................................................................................................
@කල් = කල් ඒ කොයි වගේ නමක්ද ? ආ අවුලක් නෑ අනිද්දා උදේම සෙට් වෙන්න මේක අහවර කරමු
.............................................................................................................................
ශානු= හොඳ හොඳ සෙල්ලම් ?
.............................................................................................................................
@දුශ් = වරෙල්ලකෝ දවසක අපේ ගෙවල් පැත්තේ ඔය වගේ බස් වහරවල් තමා අපේ පැත්තේ නාකි සීයලත් යූස් කරන්නේ ඔයා අලුත් කෙනෙක් වගේ ?
.............................................................................................................................
@පූසා=අප්පෝ උඹ ෆෙල් වෙන්න නම් එපා බං . තව එක කොටහයි නේ . ඒක ඒපැත්ත බලාල මේ පැත්ත බලද්දී වැටිලා තයේවි .
.............................................................................................................................
@අසනි = මම ඒම කීවේ මගේ ගමේ කෙනෙක්ට කැම්පස් කෙල්ලක් හින්දා පික්සු හැදුණ නිසා අසනි . සමහර විට මම වැරදි ඇති .බලන්නකෝ මල් කිනිත්තට වෙච්ච දේ
.............................................................................................................................
@uwiniran = හක් හක් හා ඒකි ලොකු උනේ හත වසරේදී බොල .! ආ ..මේ

හිස් අහස said...

@Observer = ශල්ලි ශල්ලි කියලා බැලුවේ නෑ අයියා ගත්තා පස්ට ෆෝන් එකක් මදක් භාවිතා කරලා ඇති සැම්සුන් බාන්ඩයක් ගිනි ගින්දර
.............................................................................................................................
@Y2K = අනිද්දා උදෙන්ම දෙන්නම් මචෝ ඉවසපන් මයෙ දෙයියෝ
.............................................................................................................................
@පබලු = අනිද්දා වෙනකම් ඉන්න සුන්දරී
.............................................................................................................................
@මහි = කැම්පස් ගියාම සමහර කෙල්ලෝ ගමේ ලවු එක අමතක කරලා දානවාලු ඒකයි මම ඒම කීවෙ ඒකේ වරදක් නෑ ඇත්තටම .අනික් කොටස බලන්න එනකෝ අනිද්දට
.............................................................................................................................
@Tharu = ආ මෙන්න මෙයා ලොකු සීන් දානවා . ඉඳහන් අනික් අය වගේ පෝලිමේ ඊමේල් දෙන්න ආවා මෙතන :) (ජෝක් ඈ)
.............................................................................................................................
@Dinesh = අනිද්දා වෙනකම් ඔයාට තපින්න වෙනවා ආයියා .ඉවසලා බලන්ඩකෝ
.............................................................................................................................
@sameera = ඇඬෙන්න නෙවේ මචෝ සෙවෙන්න දෙන්නම් . හැබැයි අනිද්දට .
.............................................................................................................................
@unknown = තෑන්ක්ස් unknown අනිද්දාට බලමු ගින්දර වගේ
.............................................................................................................................
@හිතුවක්කාරි = ඉතිරිය දෙන්නම් අනිද්දට හිතුවක්කාර නොවී කතාව බලමින් ඉන්න ඕන හරිද ?

Anonymous said...

"මල්කාන්ති එක්ක මගේ ලොකු ගනුදෙනුවක් තියනවා"
ඒක ඉතින් අපි දන්නවනෙ බන්. උඔලගෙ ගමේ වුනානම් කෙල්ලෙක් වුනානම් උඔත් එක්ක ගනුදෙනුවක් නොතිබ්බ වෙන්න බැහැනෙ.
අදත් කතාව නියමයි ඇඟ කිලිපොලා යන ප්‍රේම ජවනිකා කියන්නෙ මේවා තමයි. උඔ ටෙලි ඩ්‍රාමා එකක වගේ නියම තැනින්නෙ නවත්තල තියෙන්නෙ.
ජනා වරදට සමාව දෙනවද? නැත්නම් අර දැරිවිට දෙය්යන්ගෙ ලෙඩ හැදිල වත්ද ?
හරි හරි ඉතින් හෙමිහිට දෙවෙනි කොටස විකාසනය කරපන්කො.
ජය වේවා.
JH

Chanaka Aruna Munasinghe said...

ඒකි උද්ඝෝෂණේකට ගොහින් පොලෝසියෙන් බැටන් පොලු පාරවල් කා දත් කඩාගෙන වෙන්නැති.

ශ්‍රී said...

හාපෝයි! මොකෑ කොල්ලෝ මඟින් නැවැත්තුවේ??? දැං ඉතින් බලං හිටපියකෝ ඉතුරු ටික එනකං...

ලිවිල්ල නං කවදත් වගේ සුපිරියි සඳරුවෝ... :)

මාරයාගේ හෝරාව said...

යකෝ බතල පාත්තියේ හැංගෙන්න උඹ හාවෙක්ද..මීයෙක්ද..?

දිනුක said...

ඇයි බං ඉතුරු කොටස අනිද්දා දාන්නං කිව්වෙ..? ඔන්නොහේ දාන එක පරක්කු නොකර දාපං.මිනිස්සු කාලා අත හෝදන්නවත් යන්නැතුව බලං ඉන්නවා.........

දුමී said...

අනේ බං සඳරු මල්ලියේ.... බලපන් උඹ මේක ඔක්කොම එකට දැම්ම නම් කියවන අය නොකියවා ඉන්නවද ?

මම නම් හිතන්නේ කෙල්ල විශ්ව විද්‍යාලෙ ගියාට පස්සෙ තමයි ජම්බු ගහෙන් වැටිලා තියෙන්න.....! ඔහොම කේස් මම අහලා තියෙනවා.....!

miuranga said...

හා හා ඉක්මනට දැම්මනම්..
සිරාවට කොහොමද බතල පත්තියේ හැංගුනේ?

දේව් ගේ අඩවිය said...

පුසා කිව කතාවමයි කියන්න තියෙන්නේ... ඇයි සදරුවෝ මේ දවස්වල මාත් කරුමයක් ගොඩ දාගන්න පාඩම් කරනවා.. දැන් හිත ගැහෙනවා මේ කොටස මිස් වෙයි කියලා.... දැන් මොනවද බන් කරන්නේ කොහොමද හිත හදාගෙන පාඩම් කරන්නේ

බැ බැ බැ බන්

සුපිරි එකෙත් සුපිරිම එකක් බන්

Anonymous said...

මොනා වෙන්න ඇද්ද බං....?

ANU D said...

අය්‍.යෝ... ඇයි නැවැත්තුවෙ??????. ලස්ස්න කතාව.ඉතුරු ටිකත් ඉක්මනට දාන්න.මල්ලි ඔයාගෙ ලිවීමෙ හැකියාව නම් උපරිමයි.ඔබට ජය​!

Anonymous said...

ado gani plastic surgery 1k wath karan da.ikmanata ithiti kalla dapan do.

Anonymous said...

මුහුණ වසා ගත් කැම්පස් කෙල්ලන් ගැන, කොයිතරම් නම් කතන්දර වෙද?

Chanaka Aruna Munasinghe said...

ආගම මාරු කරලවත්ද ?

BLOG ගඩොල් said...

සඳරු - මුලදි දෙන්නයි. ඒත් දැන්නං එක්කෙනයි. අනිකාට අම්බානට වැඩ. දැන් ලියන්නෙ කවුද කියලා ඉතිං දන්නවනේ

Weni said...

මන් ලඟත් ඇති ශර්ලොක් හෝම්ස් ගෙ පොත් සෙට් එකම..සමහර ඒවා නම් ඉංග්‍රීසි එක..එව්වයෙ සිංහල ටික ගන්න ඕනි මේ පොත් ප්‍රදර්ශනයෙන්වත්..

දුශ් said...

උබට මව මතක නැ නේ.. හිටපන් මම එන්නම් ඔය පැත්තේ..
අඩෝ මම රස්තියාදු කරය ඩෝ..

මැණික් - සුදු මැණිකේ said...

//මම දැකලා තියන රූපෙන් ලස්සන කෙල්ලෝ අතරේ මල්කාන්තිට නම් තැනක් දෙන්න ගොඩක් අමාරුයි ඒත් මම දන්න කියන අයගෙන් හිත ලස්සන්නම කෙල්ල කවුදැයි ඇහුවොත් නම් මම කෙළින්ම කියන්නේ මල්කාන්ති කියලා //

මල්කාන්තිට ඔය කියන තරම් ලස්සන හදවතක් තිබුන නම් ජනාව අමතක කරන්නේ නෑ නේ. මටත් හිතෙන්නේ මල් කිනිත්තට දෙයියන්ගේ ලෙඩ වගේ බෝවෙන ලෙඩක් හැදිලා කියලා. නැත්නම් මේ මල්කිනිත්ත නෙවෙයි. වෙන කෙල්ලෙක්.

කතාවේ කුතුහලය උපරිම තැනට ඇවිත්නේ නවත්තලා තියෙන්නේ. ඉතුරු ටිකත් ඉක්මනට දාන්න අයියා. අපි කියවන්න නොඉවසිල්ලෙන් ඉන්නේ.

වෙනදා වගේම අයියගේ ලිවීම නම් ඉතින් සුපිරියි.
ජය වේවා............!!!!!!!!

මන්තරකාරි said...

ෂුවර් කම්මුල්ගාය.නැත්නම් වෙන මොකක් හරි බෝවෙන ලෙඩක්...

Anonymous said...

මචන් මම සම්පූර්ණ දවස් තුනක් අරන් උඹගේ බ්ලොග් එක කියවලා ඉවර කලා. උඹ ඉන්න පැත්තෙ තියෙන කර්කශ බව මම හොදට දන්නවා මොකද මගෙ කෙල්ලගෙ ගෙවල් තියෙන්නෙත් ඔය දිස්ත්‍රික්කෙම තමයි. මම ලගදි ගියෙ නැහැ එහෙ. ගියාම උඹව හොයන් එනවා. වෙන මොකටවත් නෙවෙයි, අව්‍යාජව ලියන උඹේ මූණ බලලා පහක් දාලා යන්න එකෙන්ම..

මේ කෙල්ලට වෙලා තියෙන එක මට හිතාගන්න පුළුවන්.. උඹ ඊළග කොටස දාපන් ...හරි නම් ම්ම කියන්නම්.... ජයෙන් ජය....

අහින්සක - අන්තිම පේළිය.

නචියා said...

සම්පූර්ණ කතාව දන්නෙ නැතුව මොකුත් කියන්න බෑ මචෝ. ඉක්මනට ඉතුරු ටිකත් දාපන්...

ජය..!!!

හා පැටික්කි (MS) said...

@ මාරයියා.....
හැකිස්.... ඒක මරු කතාව..........

@ සඳරු

මල්කිනිත්ත කැම්පස් ගිහිල්ලත් අගේ නැතිව ජනාට හා කිව්ව නම් එහෙම වුනා වෙන්න බෑ. ඕක මොකක් හරි වෙන ඉලව්වක්. කට්ටිය කිව්ව වගේ ලෙඩ වෙලා වෙන්නැති. ඒත් ලෙඩ උනාම 4න් ඕෆ් කරාවියැ.

හැබැයි සඳරු ඔය ඔක්කොම නෙමෙයි එකක් කියන්නම් පුරුදු වෙන්නෙහෙම නෑ අනික් අය වගේ කොටස් කඩන්න. එහෙම උනොත් කෙලින්ම අර “හා“ කියලා වචනේ දීපු ශ්‍රේෂ්ඨාධිකරණෙට නඩුව ෆයිල් කරන්නේ............ අපි නරකයි කියන්ට එපා ඕන්...............

වැප් said...

ඔන්න නොහිතපු පැත්ත
1. ඒකිව පිච්චිලා
2. ජානාගේ වැඩක්

ම් එහෙම වෙයිද :DD

සංකල්ප said...

කතාව කියෙව්වා මල්ලි. යකෝ මම් දාන දාන කමෙන්ට් එකෙන් කියනේ කතාව කියෝලා නෑ කියලා. දිල් අක්කත් එහෙම කිව්වා දවසක්. කියෙව්වා මලේ කියෙව්වා.

කැම්පස් ගිහින් ආපු හන්දා කැම්පස් එකේදි උනා කියලා තමයි මම් කිව්වේ.

නදී said...

ඉක්මනට ඉතුරු ටික ලියන්නකෝ

හිස් අහස said...

@JH = අපො නෑ මචෝ මල්කාන්ති එක්ක තිබ්බ ගනු දෙනුව තමා මම ඒකිව ජනාට සෙට් කරපු එක . දෙයියංගේ ලෙඩ ? හෙහ් !
.............................................................................................................................
@Chanaka Aruna Munasinghe = අපෝ මලී වලි වලට උද්ගෝසනා වලට යනවා හොරයි ඒකී බය ගුල්ලී
.............................................................................................................................
@ගීතක= හෙට දෙන්නම් අනික හෙටත් වරෙං මචා
.............................................................................................................................
@මාරයාගේ හෝරාව = අඩේ අපේ බතල පාත්තිය තියෙන්නේ කැලෑවට මායිම්ව ඒකේ වටේම ගස් හැදිලා කවර් වෙලා අපිට වහං වෙන්න කියාපු පොට් එක
.............................................................................................................................
@දිනුක ජයකොඩි = අඩේ ඉවසපං මයෙං දෙයියා ඉවසපං
.............................................................................................................................
@දුමී = හක්ක හක්ක හා හා එහෙම කෙල්ලොය්ූ ඉන්නවාද බං අයියේ අපේ ගමේ නම් නෑ ගමේ කෑම ජාතිවල පෝසන ගුනේ නිසා අපේ කෙල්ලෝ කටේ කිරි සුවඳ යන්නත් කලින් ගෙට වෙනවා
.............................................................................................................................
@miuranga = බතල පාත්තිය ගැන හිතන්නැතුව බලපිය කතාව .. ආවා මෙතන බතල පාත්ති ගැන අහන්න . හිකි හිකි . මාරේ අයියාට දීපු කමෙන්ට් එක බලපං මයෙ දෙයියා !
.............................................................................................................................
@miuranga = මේක මිස් වෙන්නෑ බොල උඹ විභාගේ ගොඩදාගනිං කමෙන්ට් කරන්න ඕනත් නෑ උඹ ඇවිල්ලා බලලා යන්ඩ මොකෝ මම අමනාප වෙනවා කියලා යැ උඹ එක්ක
.............................................................................................................................
@prasanna86k= මට හිතාගන්න බෑ බං
.............................................................................................................................
@ANU D = ජය වේවා !! අනික බලන්න හෙට එකතුවෙන්න
.............................................................................................................................
@Anonymous = ඔහොම තදියමට කතාව බලන්ඩ බෑ දොරේ !
.............................................................................................................................
@යහපත්_ඇනෝ=ෂෙහ් මචං උඹගේ නම දැක්කාම ආදරේ හිතෙනවා . වෙල්කම් මේ පැත්තට . හෙට දානවා අනික් කොටස

හිස් අහස said...

@Chanaka Aruna Munasinghe = අනේ මකරාටත් හිතෙන දේවල් ඈ
.............................................................................................................................
@blog gadol =දැන් ලියන්නේ පුරු පුරුවා !! මම දන්නවා මචෝ
.............................................................................................................................
@Weni= මංගාව තියෙන්නේ චන්දන මෙන්ඩිස් ලියාපු සිංහල එවුවා සෙට් එක මට ඉතින් කඩ්ඩ බෑ නෙව
.............................................................................................................................
@දුශ් = ඒකනේ මම බැලුවේ මොකෝ රස්තියාදුව නතර කලැයි ?
.............................................................................................................................
@සුදු මැණිකේ(මැණික්) = මැණිකේ ඉවසලා ඉන්ඩ අනේ හෙට වෙනකම් ඉන්ඩ මම කතාව හෙට උදේම දානවා . තෑන්ක්ස් ඈ
.............................................................................................................................
@මන්තරකාරි = අනේ යන්ඩ පේන කියන්නැතුව . මන්තර කාරි :)
.............................................................................................................................
@Anonymous = වරෙං මවෝ උඹ එන දවසට මගේ මේල් එකට මේල්ලුවක් දාහං මම උඹ හොයං එන්නං මචං උඹගේ කෙල්ල කොහේද බං ?
.............................................................................................................................
@නචියා = හෙට ලියනවා මචෝ බලහං ඈ
.............................................................................................................................
@හා පැටික්කි = අනේ නෑ හා පැටික්කි මම වැඩිම වුණොත් කතාව කඩන්නේ කොටස දෙහෙකට ඊට වඩා නෑ
.............................................................................................................................
@වැප් = වැපා අයියා උඹ මචෝ වැරදියි ! හිකි හිකි . ජනා මයෙ බොක්ක
.............................................................................................................................
@මධුරංග =හරි බං අයියා මම ජොලියට කීවේ උඹලා කමෙන්ට් නොකලත් මම උඹලට මොකුත් කියනවාද ? නෑ උඹලාගේ මූන නොදැක්කට උදේ අදහස් දෙන උඹව මගේ බොක්ක වගේ දැං මට . සමාවෙන්ඩ ලොකු අයීයේ
.............................................................................................................................
@නදී = බෑ බැ

හිස් අහස said...

බස් රේඩියෝ එකේ යන සඳරුගේ ඉන්ටර්විවු එක අහන අය අද රාත්‍රී 8.30ට මෙතන ක්ලික් කරලා බස් රේඩියෝව අහන්න

Anonymous said...

ඉතුරු ටිකත් දාන්නෝ... ඔයාගේ ලිවීමේ හැකියාවනම් උපරිමයි සඳරු...

තරිඳු said...

ඉක්මනට දාපියො.......නමත් වෙනස් කරගනින් රහස් පරික්ෂක සඳරැ හොමස් කියලා හික් හික්.......

bashitha said...

හෆොයි හෙට බලන්න වෙන්නෙ හවස් වෙලා :(

Kasun said...

අම්මෝ ඉතුරු ටිකත් ඉක්මනට දාපන්. ගොඩක් කෙල්ලෝ නම් කැම්පස් ගියාම එහෙම වෙනස් වෙනවා. ඒත් උඹ කියන විදියට ඒකි හොඳ කෙල්ලෙක් නම් වෙන මොකක් හරි හේතුවක් වෙන්නත් පුළුවන්.

Prasenajith said...

සදරුවත් එහෙනම් buzz පැද්දා ආ... දැන් තමයි අහලා ඉවර වුනේ. හැබැයි උඹ ලියපුවා කියවනකොට මට දැනුන කතා විලාසයම නෙවේද මන්දා උඹට ඇත්තටම තියෙන්නේ....

Anonymous said...

T 56 wedi thiyanda kalin ithuru tika dapan ban.

~ChAnDiKa~ said...

ඉතුරු ටිත ඉක්මනට දාපාාාාාාාාාාාාාාාාාාාාාං :O

cjgayan said...

ඔක්කොම ඉවර වෙනකම් කමෙන්ට් කරන්නෙ නැ කිව්වට දාල තියෙන කමෙන්ට් දිහා බැලුවම නොකරත් බැ වගේ. කතාව හෙට දාපන්. උඹ 18 වෙනිදා පොත් ප්‍රදර්ශනය බලන්න එනවද ?

මාධව විදුරංග said...

adee man daapu comment 1 watila naa!

Unknown said...

where is the rest? Put a link here

රන්සකු said...

අඩේ ඇඩ් දාන්න එපා බාන්

චූටී said...

ඉස්මනට ඉතුරු ටිකත් ලියාපන්කෝඕ

සඳූ said...

2 කොටසට link එක මෙතනම දැම්ම නම් හොදයි නේ...

නිපුන තොටහේවා said...

අඩෝ පට්ට කතාව බං කෝ අනිත් කොටස බං....


Comment නොකලට මගේ හිතේ කහටක් නෑ කවදාකවත් !...මේ තත්පරෙත් ඔබට වටින බව මම හොඳටම දන්නවා ..

ඒක තමයි මම මේ වටින තත්පරේ වටින වැඩකට (මේක ආමාරැවෙන් ලියන උඹට හයියක් වෙන්න ) යෙදෙව්වෙ....

ජය වේවා

Unknown said...

ඉක්මනට දාපන් මචෝ....නිකන් අවුල් වගේ ඉතිරි ටික නැතිව.....

Post a Comment

තැන්කූ බං