18.12.11

චියර්ස් රත්තරන් ..!!


"බොන්න එපා අනේ !!”

එයා මගේ කනට ලං වෙලා හැමදාකම කෙඳිරිගාන ඔය බොන්න එපා බයිලේ මට ඉතින් ඇහිලාම වෙරි වගේ .ඉස්සර බීමට ජීවිතේම පුදලා හිටිය මම අද වෙනස් . ඉස්සර ටිකක් විතර වැඩියෙන් බීපු මම අද වෙනකොට මම සාමාන්‍ය පුද්ගලයෙක් තරම් යාන්තමට මත් වෙන කෙනෙක් විතරමයි . ඉතින් ඒවගේ තත්වයක් යටතේ එයා මාව අවීශ්වාස කරන එක මට දරාගන්න අමාරුයි

ඔයා අද කොහේද ගියේ ?

අහ වලා ගේ ගෙදර

ඔයා එහේ ගිහිං බිවුවා නේද
 
න් නෑ .
 
අනේ මෙයා බීලා මම අම්මට කියනවා ..
 
සෑහෙන කාලයක් නිදහසේ මේ නැගෙනහිර හිස් අහසේ ඉගිලෙමින් හිටි මම නැමති කුරල්ලාට වෙච්ච දේ ඔන්න ඕකයි. තටු කැපිලා ගියා , අතට පයට වගේම තොලට කටටත් විලංගු වැටුණා . ඒත් ඒක වුණේ බොහෝම හෙමීට . හීන් නූලෙන් වැඩේ දෙන්න කාන්තාවෝ බොහෝම දක්‍ෂ බව තේරුම්ගන්න බැරි වෙච්ච මටයි වැරදුණේ .

ඒත් මම කියලා නිකම්ම පරාජය බාර ගන්න කැමති වුණෙත් නෑ ...! 

කෙල්ලෙක් නැතිව ජීවිතයක් ගෙවන්න කොල්ලෙකුට බෑ .! ඒ වගේම ආතල් නැති ජීවිතයක් ගෙවන්නත් කොල්ලෙකුට බෑම තමයි . කෙල්ල කෝල් එකක් දුන්නාම කොයිතරම් වීරයෙක් ගේ වුණත් කඳයි බෙල්ලයි නිකම්ම පාත් වෙන්නේ අන්න ඒකයි .

මම දන්න තරමට මමත් එක සාමාන්‍ය මනුස්ස පරාණයක් විතරයි.. ඉතින් මමත් ඒ ඇත්තිගේ දණ්ඩ නීති සංග්‍රහයට මැදි වෙලා .යට වෙලා තව ඉස්සරහට මොනවයිං මොනා වේවිද ?

කොල්ලොත් එක්ක කෝම කතාබහ කළත් කෙල්ලක් එක්ක කතා බහ කරද්දී මගෙ කතාව කෙළින් . ඉතින් ඒක නිසා මම මගේ පෙම්වතියගෙන් එදා යාළු වෙන්න අහද්දී බය නැතිව කීවා . "කෙල්ලේ මම ටිකක් බොනවා . ඒ වුණත් ඔයාට ඒකෙන් කරදරයක් වෙන්න තියන්නේ නෑමයි කියලා"

"
ඔයා නොකීවත් ඔයා බොන බව මට මූණෙන් පේනවා" එයාගේ පිළිතුර වුණේ ඔන්න ඕකයි

එදා මම සතුටු වුණා උපරිමයෙන්ම . ඒ මොකෝ කියනවා නම් මගේ ඉඳලා හිටලා යාන්තම් සිද්ධ වෙන මධුපැන් තොලගෑමට එයාගේ ඒ හැටි විරුද්ධත්වයක් නැති නිසා. ඒත් කාලයත් එක්ක එයා වෙනස් වුණා . මගේ යාන්තම් බීමත් එයාට ලොකු ප්‍රශ්නයක් වුණා . මගේ ඇස් දෙක යට ගිහිං , තොල් කලු වී ඇති බවත් , මම කෙට්ටු බවත් නිතරම කියන එයා තව එක වතාවක් හෝ මම මත් වතුර ඩිංගක් කටේ තිවුවොත් අපේ සම්න්බන්දෙට නැවතීමේ තිත එයා විසින්ම තියන බව මට නොකියා කීවා .

හිතේ දුකට මම එදා බිවුවා

ඒ රෑ පුරාම නින්දත් නොනින්නදත් අතර එහේට මෙහේට පෙරළුණු මගේ හිතේ මහ විකාර කවි කෑලි කීපයක් ඇඳුණා . අනික් පහුවදා උදේ මම ඒවා කොළේකට ගොනු කරලා . එයාට ගිහින් දුන්නේ ඇයි කියලා මම තවම දන්නේ නෑ සමහර විට ඒ මොහොත වන විට මම හරිහමං විදිහට නින්දෙන් අවදි වෙලා නොහිට් නිසා වෙන්නැති .

කවිය කියවලා බලපු එයාගේ මූණේ ඇඳුණේ මම බලා පොරොත්තු වුණා වාගෙම පොඩි හිනා මලක් .
ඔයාට කවිත් ලියන්න ඇහැකිද
 
ලාවට විතර
 
ඊළඟට එයා ලොකු හුස්මක් ඉහළට ඇද්දා ...................................................................... 

මම ඔයාගේ ජීවිතේට දුකක් දෙන්න නෙවේ අනේ ආවේ ඔයා ඉඳලා හිටලා බොනවා නම් විතරක් මම මොකුත් කියන්නේ නෑ . ඒත් !
 
ඇයි ඒත්
 
බොන වෙලාවට අනිවා මගෙන් කෝල් කරලා අහන්න ඕනෙ .
 
ඕකේ
 
තව දෙයක් .. 
 
ඒ මොකක්ද ?
 
එයා ඊළඟට අහපු වචෙනේ තමා වචනේ මේ ලියැවෙන මොහොතේ පවා මගේ මූණේ ඇඳෙන හිනා රැල්ල මේ කියැවෙන දේට සාක්කි

මටත් එක පාරක් බීලා බලන්න ඕනෙ . ...
 
ඉතින් කෙල්ල්ගේ ආසාවනේ කියලා මමත් මට ගත හැකි ඉස්තරම්ම දේවල් වලින් සුලු ප්‍රමාණයක් සාක්කුවේ දාගෙන ගියා දවසක එයාව මුණ ගැහෙන්න . .

"
කොහොමද මේක බොන්නේ ?ඔන්න මධුපැන් ස්වල්පයක් ඉදිරියේ එයා අහපු පළමු ප්‍රශ්නය .

චියස් !! කියලා උගුරටම හලා ගන්න ඇඟේ හලා ගන්න විතරක් එපා . .. ! 
 
චියර්ස් කියන්නම ඕනෙද
 
ඔවු !
 
ඇයි ඒ
 
නැත්තම් වස් වදිනවා !! 
 
එහෙනම් චියස්

එයා ඒ සැර ලෝදිය උගුර කටට හලා ගන්න මත්තෙන් එක පාරක් රහසින් වගේ "චියස්" කීවා . ඊළඟ මොහොතේ පෙනෙන්න තිබුණේ එයා මූණ දෙකක් කරගෙන කඳුලැලි පිරුණු නෙත් අගින් මා දිහා බලාන ඉන්නවා . මම දන්නෑ ඇයිද කියන්න නොබීපු මගේ බඩ පපුවත් දාලා ගියා .

ආ ඉක්මනට මෙන්න මේක කන්න
 
මම ඉක්මනට රුපියල් පහේ බයිට් පැකට් එක කඩලා එයාගේ අත්ලේ තිවුවා . විනාඩි පහක් විතර ගියාට පස්සේ එයා ආයෙමත් යථා තාත්වයට පත් වුණා . සුදුමැලි වෙලා තිබුණු කම්මුල් ආයෙමත් රෝස පාට වුණා . කඳුළු පිරුණු ඇස් ආයෙත් හිනා වෙන්න අරං ...

කෝමද ? සැරද
 
අපෝ මගෙ උගුර පිච්චුනා .. මේ මොන ජරාවක්ද ? මගෙ බඩත් දනවා
 
එතකොටයි මට මතක් වුණේ සැන්ඩි නෑ නේ කියලා ... 

ආ කමක් නෑ තව පොඩි වෙලාවකින් ඕක ඇරිලා යාවි ..දැං අපි ගෙදර යමු
 
මේ ගෙදර යන්න කලින් ඔයාට කියන්න බඩ්ඩක් තියනවා
 
ඒ පුංචි මත් පැන් මූඩිය එයාව දොඩමළු කරන්න සමත් වෙලා .. ! දැන් එයා ගොඩක් කතා කරනවා

.
මොකද්ද බඩ්ඩ
 
මම දවසක් අපේ ගෙදර තිබ්බ බෝතලයකින් පොඩ්ඩක් වෙන්න බිවුවා .. හික් හික්

අපෝ මහා බේබද්දියක් වගේ ..

එයා හිනා වෙනවා .. ! මමත් හිනා වෙනවා ..මේ ජීවිතය අපි දෙන්නගෙමයි . මෙතන අපි දෙන්නෙක් උන්නේ නෑ එක්කෙනයි උන්නේ . මම බොනකොට එයාට වෙරි වෙනවා . එයා හිනා වෙනකොට මගේ හිතට සතුට දැනෙනවා .. මම හිතන්නේ මම එයාට සිරාවට ආදරේ කරන්න පටන් ගෙන වගේ ..

මේ ඉඳලා හිටලා බොන එකත් නතර කරලා දාන්න කාලෙ හරි වගේ ...කහ ඉරෙන් පාර මාරුවෙන්න කලින් එයාගේ හීතල කෙට්ටු අත අල්ලගත්ත වෙලේ මට එහෙම හිතුණා .....

********

අකුර අකුර ගලපාගෙන
පදවැල් එකිනෙක අමුණා
මා ලියනා මේ සියල්ල
සොඳුර නුඹ නිසයි

නුඹේ අතින් කන බත් කට‍
නුඹෙන් ලැබෙන ආදර පද
සමඟින් මුසු වූ සිනහව
මගේ දුක නිවුවේ

නුඹගෙන් තිළිණ වෙන හාදුව
නුඹෙන් පිදෙන ගතමනාව
මගෙ බේබදු ජීවිතයට
සවිය ගෙනාවේ

ඒත් කෙල්ලෙ නුඹ දැන් මට
අමුතු දුකක් දෙන්න අරං
මගේ ජීවිතේ සතුටක්
මරන්න යනවා

බොන්න එපා බොන්න එපා
අනේ එපා රත්තරනේ
එකම පදේ නුඹ දිගටම
ගගහ අඬනවා

කෝල් කරත් අඳෝනාව
කෙටි පණිවිඩයත් එහෙමයි
බොන්න එපා නවත්තන්න‍
කියා අඬනවා

හමු වීලා සත් මසකින්
නුඹ මගෙ ජීවිතය වුණත්
බෝතලෙ මගෙ ගිනි නිවුවේ
කුඩා කල ඉඳන්

උඹේ මතට තිත තියපං
මිතුරන් කොතෙකුත් කීවා
ගුරුවරු ගහ බැණ කීවත්
මම බඩු දැම්මා

අන්තිමේදි ඒ හැමගෙම
කට රිදිලා හිත රිදිලා
බොන්නට අවසර දීලයි
මා අත හැරියේ

ඉතින් කෙල්ලෙ නුඹ කොහොමද
මගේ මතට තිත තියන්නේ
මගේ හිතට ගිනි තියන්නෙ
යළිත් ඒ ලෙසින්

නුඹ නොදන්නවා වුණාට
පිරිමි ගතට ජවය දෙන්න
මත් පැන් බිඳුවක් ඕනැයි
ලොවම දන්නවා

නුඹට ආදරේ තරම්මට
බෝතලෙටත් මම කැමතියි
බෝතලයයි හැමදා මගෙ
පළමු පෙම්වතී

බෝතලයත් නුඹත් මෙමට
මගෙ ඇස් දෙක වගෙම තමයි
එක ඇහැකින් කෝමද මම
ලොවම දකින්නේ

බීගෙන මම කෑගැහුවත්
වෙරි පිට වැනි වැනි නැටුවත්
කවදාවත් නෑ නුඹ මට
මතක නැති වුණේ

නුඹගේ මිතුරන් ඉදිරියෙ
බීගෙන මම පච වුණාට
සමා වෙයං හැමදාටම
මගේ රත්තරන්

ටික දොහකින් අපි බැඳලා
ලාවට අඩියක් දාලා
සිත දුක් නැති අර දමලා
සැපෙන් ඉඳිමුකෝ


/ලි ..මේක ලිවුවේ කවුද දන්නෑ.... වැසි දිය පිරී ගිය කාණුවක් දිගේ පාවී ආ දින පොතක පිටු පෙරළුවාම මට මේ ලිපිය සහ කවිය හම්බුනා . මෙය ඇත්තක් නොවන බව මෙන්ම බොරුවක්ද නොවන බව මේ ලිපිය පහළින් ලියා තිබුණා .

102 comments:

ශානි said...

මොනාද මල්ලි නගාට බොන්න දුන්නෙ බියර්ද මටත් මේ ලඟකදි ඉඳන් බියර් බොන්න ආසාවක් ඇවිත් තියෙනවා කෙනෙක්ගේ දැඩි තර්ජන හේතුවෙන් ඒක දැනට පෝස් වෙලා තියෙන්නෙ :-(

මාතලන් said...

සමහර නිර්මාණ කරුවන් තම අත්දැකීම් අනුන් පිට දාලා නිර්මාණ කරනවා..

Miyuru said...

එයා එහෙම කියන්නෙ ඔයාට ආදරේ හින්දනේ...

අර ගෑණු ළමයට සැන්ඩි නැතිව පෙව්ව එකනම් මරු..හික්..හික්...හික්...
පව් අනේ එයා.... ඔයාගෙ පළමු පෙම්වතිය කොහොමද කියල එයාටත් අත්දැකීමෙන්ම දැනගන්න ඕන වෙන්නැති.... ;P

නියමෙට ලියල තියෙනව....
'...එයා හිනා වෙනවා .. ! මමත් හිනා වෙනවා ..මේ ජීවිතය අපි දෙන්නගෙමයි . මෙතන අපි දෙන්නෙක් උන්නේ නෑ එක්කෙනයි උන්නේ . මම බොනකොට එයාට වෙරි වෙනවා . එයා හිනා වෙනකොට මගේ හිතට සතුට දැනෙනවා .. මම හිතන්නේ මම එයාට සිරාවට ආදරේ කරන්න පටන් ගෙන වගේ ..'

Buratino said...

// මේ ඉඳලා හිටලා බොන එකත් නතර කරලා දාන්න කාලෙ හරි වගේ //

හපොයි යසට හිටපු සදරුවටත් බඩු බනිස් වගේ.. අනේ සංසාරේ.. හැබෑටම මටත් හිතාගන්න බෑ බං ඔය සමහර කෙල්ලො ඔච්චර විරුද්ධ මොකද කියලා ඇල්කොහොල් වලට..!!?? :D

Unknown said...

සදරුවෝ... අද මම එක. පෝස්ටි එක කියවලාම ඇවිත් කොමෙන්ටුවක් කොටන්නමි....

Isuru said...

Ela machan, Thanks
Maruwata liyala thiyenwa

Raj said...

උඹට නොබි ඉන්ඩ හිතේනවනං...බොන එක නවත්තපං...අවුලක් නෑ..."ච්යර්ස්"...හික් හැබැ...ගැනියෙක් කිව්ව පලියට නෙමේයි.ජය.

රාජ් said...

අනේ මං දන්නෙ නෑ. මේවට මොකුත් කියන්නත් බෑ. උඹට බොන්න එපා කියන්නත් බෑ. ටිකක් අඩුවෙන් සෙට්වෙයං ඒවගේම ඒ වෙලාවට කෙලිං ඉන්න පුළුවන් ගානට බීපං.
කෙල්ල ගැන නං කියන්න තියෙන්නෙ මොකද්ද දන්නවද? "දැනට බොන ගානට අනාගතේ අනාථවෙනගානට ගහන්න ගනීද" කියන බය තමයි එයාලට තියෙන්නෙ. බොරුනං අහල බලපං. මම මෙව්ව කියන්නෙ අත්දැකීමෙන් බොල.

rachi said...

උඹ යකගෙ පොරක් නෙ. ඇයි යකෝ කෙලට බොන්න දුන්නේ. තව ටික කාලෙකින් උබට කෙල්ල කියපු එක උඹටම තමා කියන්න වෙන්නේ

Abeetha Edirisinghe said...

මේක විහිළුවෙන් බැහැර කරන්නත් පුලුවන් සඳරූ.... ඒත් මචන් සීරියස් ටෝකකුත් දෙන්න හිතෙනවා...

බොන පිරිමියෙක් එක්ක ගෑනියෙකුට ඉන්න අමාරුයි.... ඒත් පිරිමියෙකුට ගෑනියෙක් එක්ක නොබී ඉන්න අමාරුයි.

විවාහ ජීවිතයේදී අපි අතින් මෙන්ම කාන්තාවන් අතිනුත් විය යුතු යුතුකම් තියෙනවා... ඒ දෙක නිසි පරිදි ඉටු වෙනවානම් අපි පොඩ්ඩක් බොන එකට තහංචි වැටෙන එකක් නෑ.... පොඩ්ඩක් බොනවා කියන එක පවත්වාගෙන යන්න අපි දැන ගන්න ඕන... එච්චරයි.. ඕක එච්චර ලොකු සීන් එකක් නෙවෙයි....

Sanjaya said...

hoh hoh hoh....permission :D

පවනි said...

කෙල්ලෙක්ට අපේ ජීවිත වල කොයි තරම් දේවල් වෙනස් කරන්න පුලුවන්ද කියල හිතෙන්නෙ මෙන්න මේ වගෙ වෙලාවට නේද බං?

btw උඹ අපිටත් හොරෙන්ම බැන්ඳ ද?

Unknown said...

සදරුවෝ... පොස්ටි එක නමි කියෙවිවා... බොන එකට නමි මම කිසිදෙයක් කියන්නේ නැහැ. මොකද ඒක පුද්ගලික දෙයක් නිසා. ඒත් මම මෙි කියන්නේ පිරිමි අපි ඇයි කෙල්ල කතා කලාම නිකමිම පූස් පැටවි ගානට වැටෙන්නේ. මට ඒක තමයි හිතාගන්න බැරි.. අමතක වුනා මොකද මම යාළුවෙලා නැහැනේ කාත් එක්කවත්. කතාව නමි පංකාදු පහයි සදරුවෝ.. නැටුමි තෛල රාජයා පානය කරපු තමුන්ගේ ස්ත්‍රි පරාණයට දැන් වෙරි හිදිලද කියලා හොයලා බැලුවද?

ජයවෙිවා!!!!

elephas said...

හික්ස්...... ජය වේවා...... කවද්ද වෙඩිම? :)

Praසන්ன said...

ඒයි සඳරු උඹ ඒ කෙල්ලට බොන්න දුන්නෙ මුල්ල පටස් ද?

කොහොම උනත් සඳරු කොල්ල
හොඳ එකෙන්ම අමාරුවේ
වැටෙන දවස ළඟයි කියල
අපිට හිතෙනවා.

DragonD said...

නියමෙට ගැලපෙන ජෝඩුවක් නෙ
ජය වෙවා
චියර්ස් !!!

සාතන් said...

කාලෙකින් මේ පැත්තෙ එන්න වුනේ... කෙල්ල ඉස්සරහ උඹේ කඳයි බෙල්ලය් පාත් වුනාට අපේ නම් එහෙම වෙන්නෙ නෑ හරිය...

කො‍හොමහරි සැන්ඩි නැතුව පෙව්ව එහෙනම්... එල එල... ඉදිරිකාලයෙදි ඒ පැත්තෙ යන කෙනෙකුට බේබදු කපල් එකක් දකින්න ලැබෙයි වගේ.. :)

ඔබ නොදු‍ටු ලොවක්..... said...

අනේ මන්දා මෙවට මොනව කියන්නද කියලා,අපේ ගෙදර එක්කෙනාටත් මම බියර් බොන්න පුරුදු කරලා අන්තිමට සිගරට් පොඩ්ඩකුත් බොන්න ආසයි කිව්වා.මගේ බොක්ක කූල් උනා,එක දවසකටනේ කියලා පොව්වා ඒකත්,දැං නං මම නිවාඩුවට එනකන් ඉන්නේ ඩියුටි ‍ෆ්‍රී එකෙන් ගේන වයින් බොන්න,කජු වයින් නේ කියලා බීලා දානවා.....

Anonymous said...

//බෝතලයත් නුඹත් මෙමට
මගෙ ඇස් දෙක වගෙම තමයි
එක ඇහැකින් කෝමද මම
ලොවම දකින්නේ //

සුපිරි! ලොවෙත් නෑ! බොන එක නම් අඩු කරගනින්!

Anonymous said...

හැබැයි මිලත් වැඩි උනා කියන වෙලාවෙ පවුලෙ අාර්ථිකේටනං සෑහෙන බලපායි.

Ice (අයේෂා කුලතුංග) said...

අම්මේ...... මාත් බීල තියෙනවා එක දවසක් වෙරි වෙන්නම හිතේ දුකට... අපේ පුංචිගේ දුවත් එක්ක... පහුවෙනිදා ගෙදරට මුණ දෙන්න බැරිකමට අපි දෙන්නා බණ්ඩාරවෙල ගියා. එදත් එදයි ආයේ නම් ඔය දහජරව කටේ තියන් නෑ කියල හිත ගත්තා.. හිකිස්..

හිතුවක්කාර කෙල්ල said...

ඈහ්හ්හ්???? මේක දැන කාට සිද්ධ වුනු කතාවක්ද??? අනේ මංදා.. කොයි කෙල්ලත් පොඩ්ඩක් බිව්වට කමක් නෑ කිව්වත් මොකද, තමන් අදරේ කරන කොල්ලා බීලා මත් වෙනවට කැමති නෑ....

Anonymous said...

"ටික දොහකින් අපි බැඳලා
ලාවට අඩියක් දාලා
සිත දුක් නැති අර දමලා
සැපෙන් ඉඳිමුකෝ"
ඔහොම තමයි බන් අපිත් හිතුවෙ. මොන බොරු කතාද බන්. ලමය දෙක හම්බ වෙන කොට සීන් එක වෙනස් වෙනවා.
අද තනියම අඩියක් ගහගෙන මේක බැලුවෙ. විචාරයක් කරන්න අමාරුයි බන්. උඔට ජය වේවා.
JH

පූසා said...

අනේ මන්දා මචං මම නම් ඔව්වා ගැන දන්නේ නෑ. ඔය අභීතයිලා අපිට වඩා ඔව්වා ගැන දැනුම් තේරුම් තියෙන අයනේ. උන්දෑගන් තව උපදෙස් ටිකක් ගනිං :D

ලහිරු said...

ෆට්ට ෆට ෆට කිව්වලු.... ඔහොම යමු!

වර්ණා said...

@ Sihina
බලන්න ඔයාට හොරා කව්දෝ මන්දා 1 වෙලා නේද..

@ සදරු
ගැහැණු ළමයෙක් තමන්ගේ අත ගන්න ඉන්න කෙනාට නීති දානවය කියලා කියන්නේ, ඒ කෙනාට ඕනා ඔයාව ගොඩාක් කල ජිවත් කරගන්න, මෙන් මිනිස්සුන්ගේ ජිවිත කෙටි වෙනවා. ඒවා නීති කියලා කවදාවත්ම හිතන්න එපා. මමත් කැමති මගේ ජීවිතේට නීති දානවාට, මට මගේ වැරදි වලට බනිනවට. එතකොට තේරෙනවා අපි ජිවත් වෙනවා කියලා. අපි ගැන හිතන අපි ගැන වද වෙන කෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියලා. එයා කොච්චර අපිට ආදරෙයිද කියලා හිහෙනවා. ඒ ගනුලමයාගේ වචන කවදාවත් බරක් කියලා හිතන්න එපා/
මේක ඔයාගෙම කතාවක්ද නැද්ද කියලා මම දන්නේ නැහැ. එත් කියන්න තියෙන්නේ බිමට එයා අකමැති ඔයාව ගොඩාක් කල එයා ලග තියාගන්න ඕනා නිසයි එයා එහෙම කියන්නේ කියලා. අතහරින්න මත්පැන්..

සෙන්නා said...

උඹ තමයි, දවසකටවත් මිනිහා... මම ඔය ඇහුවමයි තමන්ගෙ කෙල්ලට බොන්ඩ දීපු එකෙක් ගැන.. උඹව අදහන්ඩ වටිනවා...

ලකී සිරි said...

හපොයි..මහ විනාසයක්...දැන් ඉතින් උඹ තනියෙන් බීලා හමාරයි..ඔයා බිව්වොත් මමත් බොනවා කියන තර්ජනය එන දවස වැඩි ඈතක් නෙවෙයි.
තොට හොඳ වැඩේ...

Anonymous said...

දැන් නම් හරි... උඹ හැදෙයි නියමෙට... සුභ පැතුම් මචං....

ItalyDilan said...

පමනට මද පමනින් ගත්තහම ඇගට ගුණදායක පානයක් බව වටහා දියන් එතකොට හරි යයි...

සිත්රූ සිහින said...

ඒ කියන්නෙ සඳරු වගේ තව කවුරු හරි ඉන්නව නේද ඔයි පැත්තෙ..ඒකනෙ ඔයාටම ගැලපෙන කතාවක් ලියල කානුවෙ පා කරල එවල තියෙන්නෙ..හිහි මොනව වුනත් ලස්ස්න කතාව..ඒත් මට හිතා ගන්න බැරි ඒ කොල්ල බය නැතුව එහෙම මත් වතුර ගිහින් දුන්නඩ කියල ඇත්තටම කෙල්ලට :D

හසී said...

ආ මේක පාවෙලා ආපු ලිව්මක්මද සඳරු..... ;)

Dr. R. A. R. P. Susantha (Ph.D) said...

තෝ තියන්න වටින් නැහැ කොල්ලෝ. අනේ මේකාගේ වැඩ. ආයි එහෙම ඔය කෙල්ලට ඕවා දෙන්න එපා. මේක කථාවක්ද? ඇත්තකද? අනේ මන්ද මොන් ජංජාලයක් කර ගන්න යනවද කියලා. මට නම් හිනා මේක කියවලා. මරු ජෝඩුව. හෙක්... හෙක්...
(ආයි ඔය කෙල්ලට බොන්න දීල උඹ මට අහුවෙන්න එපා. මම එනවා සිංහළ අවුරුදු කාලේ උඹව බලන්න. තව කට්ටියක්ම එනවා.)

පිණිබිඳු... said...

මුකුත් නොකියන තරමට හොඳය. රෙඩ් වයින් සම්බන්ධව තව පෝස්ට් එකක් පැමිණීමට නියමිතය.

ගැමියාගේ පත් ඉරුව said...

මම මුලින් කියවද්දි හිතුනේ මෙයා කෙල්ලටත් ලෙඩේ බෝකරලා තමයි කියලා ඒත් අන්තිමට යන එනමං නැතිව හිරවුනා දැන් දෙතුන් සැරයක් කියෙව්වත් මේක වෙන කෙනෙක්ගේ අත්දැකීමක් වගේ මට පේන්නේ අනේ මන්දන්නෑ.හැබැයි ඉතිං කෙල්ලෙක් බොන්න පුරුදුවුනොත් මරුවට තියෙයි.

මම මේ ලගදි මොකක හරි දැක්කා ගෑනි බීලා ඇවිත් මිනිහට ගහනවා කියලා මිනිහා පොලිසියේ පැමිණිල්ලක් කරලා තියෙනවා කියලා.අන්න ඒකතමයි කවද හරි වෙන්නේ.

හැබැයි ඉතින් මේක කියවද්දි තව දෙයක් නොසිතුනා නෙමෙයි.අපි අයියට බොන්න එපා කියලා පහර දුන්නාම ඒකට පිළිතුරු විදියට මේක ලිව්වදෝ කියලයි මට හිතෙන්නේ.අඩු ගානේ ඒක සැරටම හිතේ පයිත්තියං කොරං ලිව්වද මන්දා.(හික් හික් විහිළු හොදේ)

කාගේ අත්දැකීමක් ලිව්වත් වෙන කෙනෙක් කියපු කථාවක් ලිව්වත් ඒක කියවන අයට දැනෙන්න ලියන එක පුදුමයි පුදුමාකාර රචන හැකියාවක් මේක.

"බොන්න හදන මත් පැන් නොම පෙවීයන්
කන්න හදන බයිට් කටින් වැටීයන්
යන්න හදන බාර් එහෙම වැසීයන්
සදරු ඇසට බෝතල් නොම පෙනීයන්"

Sabith said...

කතා කරන්න එපා ඔය ජාතිය ගැන නම්! උන් ගාව තියන එව්වා අපිට ඕන කියලා හොඳටම දන්න නිසාම ගනන් උස්සනවා!අපිටත් නැතුවම බැරි නිසාම ඔලුව පාත් කරන්න වෙනවා උන් ඉස්සරහා~!

ලොකු පුතා said...

කාණුවේ පාවෙලා ඇවිත් තියෙන්නේ සිරාම කතාවක්නේ මචන්...
ඒක බිව්වට පස්සේ කෙල්ලට උනත් තේරෙන්න ඇතිනේ මේ කෙරුවාව ලේසි පහසු වැඩක් නෙමෙයි කියලා....
කෙල්ලෝ ගොඩ දෙනෙක් ගෙදර තියෙන බෝතල් වලින් හොරාට බිලා අමාරුව දන්නා නිසාද දන්නේ නැහැ කොල්ලන්ට බොන්න එපා කියන්නේ
මගේ හාමිනේත් ඒ දවස්වල කිව්වේ පොඩ්ඩක් බිව්වට කමක් නැහැ කියල
දැන් ඉතුරුටික හිතා ගනින්...
මම කියන්න ඕනේ නැහැනේ

ඉඳුනිල් said...

සඳරු මචෝ, උඹට මතක නැහැ ඕක කාණුවට දැම්මේ කවුද කියලා ?

uwiniran said...

හැමදාමත් වගේ නියමයි මචං....!!

Podi Kumarihami said...

බොරු කියන්ට එපා සඳරූ. මේ නම් ඔයාට උනු දෙයක්ම තමයි. :D:D:D

පන්සල් හංදිය said...

කමක් නැහැ මලයා උඹ අනුන්ගෙ නම විකිණුවට මේ වැඩේ කලේ උඹම කියලා අපි දන්නවා ‍‍........

නියමයි පදවැල් ටිකත් ලියලා තියන විදියත් .........

තාරක Dilsh@n said...

පළවෙනි ෂොට් එකම සැන්ඩි නැතුව..
බෙන්න යන වියදම ඩබල් වෙයි වගේ....
සුභ අනාගතයක්... :D :D
චියර්ස් මචං...!!

ඉන්දික උපශාන්ත said...

උඹට මම අත්දැකීමෙන් පොඩි අවවාදයක් දෙන්නම්.

බීල හරි සිගරට් බීල හරඉ කෙල්ල ( බිරින්දෑ ) ගාවට යන්න එපා, මොකද උඹ ගාව ගඳ නිසා ( මේක ඉස්තරම්ම විස්කි වලටත් අදාලයි පුතේ )
කවදාවත් බිරින්දෑ ඉන්න තැනක ළමයි ඉන්න තැනක බොන්න එපා, මොකද අපි බීල කරන මෝල් වැඩ වලට චාටර් වෙන්නෙ උන්.
බීලනං කිසිම වාහනයක් පදින්න හිතනන්වත් එපා, මොකද උඹ අමාරුවෙ දාන්නෙ අනික් උන්ගෙ ජීවිත.

මේ මම බීම සම්භන්ධයෙන් අනුගමනය කරන ප්‍රථිපත්ති. හිතවත්කමට උඹට විතරයි කිව්වෙ.

Anonymous said...

සුපිරි කථාවක්...ඇත්තටම එහෙම කෙල්ලෝ ඉන්නවනම් මරු..ඒ වගේමයි තමන්ගෙ කෙල්ලත් එක්ක බොන එක තරම ්ෆන් එක නම් තවත් නැහැ

``` Outsider``` said...

මූ මරන්න එපැයි. අර කෙල්ලට අමුවෙන්ම අරක්කු පොවල.

Janaranga Dewasurendra said...

ජීවිතය බෙදාගන්නවා වගේම අත්දැකීමුත් බෙදාගන්න ඕනනේ ආදරේදි..මමනම් මත්පැන් වලට විරුද්ධයි..ඒත් කතාවේ ගන්න හරාත්මක දෙයක් තියනවා

අසරණයා said...

චියස් කිවුවේ නතුවහම වස් වදිනවද?.එක තම සමහර මිනිස්සු අය්යනායක දෙවි පිහිටයි කියන්නේ

පොඩි මෑන් said...

අඩෝ මගේ ඩයිරි එක..... ඕක මම ලිවුවෙ.. උඹට කොහොම හම්බ උනාද බං.... ??

Observer said...

'සුරා මේරය මජ්ජ පමා ධට්ටානා'

මනුස්සයා සුරාව එන්ජෝය් කොරාට කමක් නැත, සුරාවට මනුස්සයා එන්ජෝය් කොරන්න ඉඩ දිය යුතු නොවේ

duliponline said...

මතට තිත තිබ්බට කමක් නෑ මචං . . . ඒත් කෝමහරි ගේම අල්ලගෙන හිටිං ලබන අප්‍රේල් ඉවරවෙනකංවත් . . . . වෙද මහත්තය උඹට ඔය උඩැහිං පණිවිඩයක් කියල තියෙන්නෙ . . ආන්න ඒකට

sameera said...

ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ........ උඹලා දෙන්නා නිකං ජාඩියට මූඩිය වගේ ඇති ......... ආන්න එහෙම තමයි ඉන්ඩ ඕනේ ....
මොනා උනත් වෙන්ඩ වයිෆ් බොන්ඩ ඉල්ලුවාම උඹට බීම එපා උනා නේද කොල්ලො ............ ඒක එහෙම නං ඒක තමා සිරා ලව් එක

Raj said...

@ වෙදමහත්තයා
අනේ මාවත් එක්කං යන්ඩො....

පිස්සු පුසා said...

හි හි....ඒක තමා බං අපි බොනවට මුන් ඔච්චර අකමැති ඇයි...??

චීටා said...

සඳරු මලයා..උඹේ බීම අඩු කොලාට ඔය දැරිවිට සම්මානයක් දෙන්න වටිනවා. හැබැයි එන පොටේ හැටියට නම් ඉස්සරහට සඳරුවට සිද්දවේවි වගේ කෙලීට බීම නවත්තන්න කියල පින්සෙන්ඩු වෙන්න. චියර්ස් ඩබලටම.

Weni said...

ඔය පොඩ්ඩක් නම් පොව්වට මක්ක වෙනවද ? අපි බීලා විඳින සැප හරි දුක හරි ඇයි අපි තව කාටවත් වාරණය කරන්නෙ ?

Harshana said...

පොස්ට් එක නම් එල සඳරු .......
ඒ උනාට උබේ කතාවට අපි අහුඋනාද ෂුවර් නෑ මට...

@ ගැමියාගේ පත්ඉරුව
උබ නම් අහුවෙලා මුගේ කතාවට...

Athula said...

ෂුවර් එකටම මේක නම් ප්‍රමෝෂන් එකක්

හිස් අහස said...

@ශානු - අනේ මචෝ අපි බොන්නේ නෑ කටේ වත් තියන්නේ නෑ මේ වෙන කපල් එකක් :පී
.............................................................................................................................
@මාතලන් = නොදකිං නේද බං ඒ වගේ උන් ? :)
.............................................................................................................................
@Miyuru=ආදරේ නිකං මධුවිත වගේ කියලා කස්ටිය කතා වෙනවා ඔයා අහලා ඇති නේද ? පලමු පෙම පිරිච්ච බොටල් එකක් වාගේ ..
.............................................................................................................................
@Buratheno =කෙල්ලෝ බොන්න එපා කියලා කෑගහන්නේ සොබ්බෙට බං . කෙල්ලෝ කැමති කොල්ලන්ට පවුඩර් දාලා ලස්සන ඇඳුම් අන්දලා පිලිවෙලකට ජපන් බෝනික්කෝ වාගේ තියාගන්න . බොන උන්ට කෙල්ලෝ අකමැති ඒකයි .
.............................................................................................................................
@Sihina = උඹ එකද ඈ ?
.............................................................................................................................
@Isuru = තෑන්කූ තෑන්කූ
.............................................................................................................................
@Raj1 = මේ උඹලා දෙන්නා නම් වෙනස් කරගනිල්ලකෝ මල්ලිලා . නිකං නිවුන්නු වගේ බලහං උඹට යටින් අනිත් රාජ් කමෙන්ට් කරලා . මට හිතෙන්නෙම උඹලා නිවුන්නු
.............................................................................................................................
@රාජ්2 =බොන එක නම් මචං අන්තිම කැතයි මේ ලිපිය ලියාපු එකා හමු වුනොත් මම ඕකට ..ඔන්න අනික් රාජ් උඩ කමෙන්ට් දාලා .
.............................................................................................................................
@rachi = ඉතින් දෙයියෝ ඒකි ඉල්ලූ නිසානේ මම දුන්නේ !!
.............................................................................................................................
@අභීත = //බොන පිරිමියෙක් එක්ක ගෑනියෙකුට ඉන්න අමාරුයි.... ඒත් පිරිමියෙකුට ගෑනියෙක් එක්ක නොබී ඉන්න අමාරුයි.// අන්න කතාව . ඕක අවියක් කරගන්න මට බැරි වේවිද ? තෑන්ක්ස් අයියා ..
.............................................................................................................................
@Sanjaya = පර්මිට් ගත්තා !
.............................................................................................................................
@පවනි = නෑ පික්සුද අඩේ මම දැන්ම මේ රත්තරන් තනිකට දිවිය කඩාගන්නේ නැතුවා
.............................................................................................................................
@Sihina = එයාට වෙරි නෑ අයියෝ අනික මේක වෙන කවුද ලියාපු කතාවක් කියලා තමයි කියන්න තියෙන්නේ . මම නෙවේලු ලිවුවේ :හිනා
.............................................................................................................................
@elephas=තව වසර තුනකින් 4කින්
.............................................................................................................................
@Praසන්ன= මුල්ල පටස් දුන්නා නම් ඉතින් .. අයියේ මම අමාරුවේ වැටෙන්නේ තව වසර තුනක් විතර ගිහිල්ලයි
.............................................................................................................................
@DragonD =ජාඩියට මූඩිය වගේ නේද ?
.............................................................................................................................
@සාතන් = උඹ ඉතින් සාතන් හින්දා වෙන්නැති බෙල්ල නැවෙන්නේ නැත්තේ ඔය කීවට උඹ කෙල්ල ඉස්සහරා කෝම ඉන්නද කියලා මට පේනවයැ .. හූ
.............................................................................................................................
@ඔබ නොදු‍ටු ලොවක් = අම්මපා .. සිගා එකකුත් දුන්නයි .. උඹ නියම ඩයල් එකක් නේ .ඉල්ලුවාම දෙනවා ඇරෙන්න වෙන මොනා කරන්නද බං .
.............................................................................................................................
@විසිතුරු = ඕකේ පුල්ස්ටොප් කරන්නයි ඉන්නේ
.............................................................................................................................
@තනි අලියා = මිල නම් පපුවටම වදින්න ඉහල ගියා නේද ?

හිස් අහස said...

@ අයේශා කුලතුංග = මොකක්ද අනේ ගෑනු ළමයෙකුට ඔච්චරට ආපු දුක . ඒක මතක් වෙන්නත් එක්ක ආයේ පොඩ්ඩක් ගමුද ?
.............................................................................................................................
@හිතුවක්කාරි = කෙල්ල පොඩ්ඩක් බීවට කමක් නෑලු කොල්ලට බොන්න එපාලු අනේ අම්මපා !
.............................................................................................................................
@JH = අප්පා ළමයි එනකොට ඉතින් මෙවුවට තිත තියන්නම වෙනවා නේන්නම් .එතකොට ඉතින් අවන් හලකට වැදිලා තමයි බොන්න වෙන්නේ
.............................................................................................................................
@පූසා = දැං උඹත් කපල්ය කියන්නේ ? සුබ පැතුම් ඈ මයෙ මචෝ !!
.............................................................................................................................
@ලහිරු = ජය වේවා !!
.............................................................................................................................
@වර්ණා = මේ බ්ලොග් එකේ මම අනුංගේ එවුවා දානවා නම් අඩුයි ...හික් හික් .
.............................................................................................................................
@Senna = ආ මේ මම කල කී දෙයක් නෙවෙයි මචෝ ..! වෙන එකක් කල දෙයක්ලු !
.............................................................................................................................
@ලකී =ඔයා බීවොත් මමත් බොනවා කීවොත් නම් මම නය වෙලා හරි ගේනවා ගෙනල්ලා පොවනවා නෙවේ නාවනවා ‍
.............................................................................................................................
@prasanna86k = එලද බෲ මචෝ . තව වසර පහකින් විතර වරෙන් මාව බලා යන්ඩ
.............................................................................................................................
@ItalyDilan= මදි පමනින් ගත්තාම මදි වෙනවා නෙව ඒක නිසා පමනට මදක් වැඩියෙන් ගමු නේද ?
.............................................................................................................................
@සිත්රූ සිහින = එක වතාවකට වැඩියෙන් මධුවිත ටිකක් ඉල්ලනකොට තමන් බොන්න ගෙනා ඒවායෙන් ටිකක් කුප්පියක දාගෙන ගිහින් දෙන්න හිතෙන්නැති ඒ කොල්ලට
.............................................................................................................................
@හසී = පාවෙලා අවේ සිරාවට
.............................................................................................................................
@වෙද ගෙදර මහ වෙදනා = වෙද මහත්තයා ! එහෙනම් අපිට මෙදා වංගියේ අවුරුදු තියේවි . මම මග බලාන ඉන්නවා ඒනම් . කොච්චර සතුටුද ඔබලා අපිව බලාල යන්ඩ එනවා කීවම .
.............................................................................................................................
@පිණිබින්දු = ඔබේ රතු වයින් බී වයින් වී නින්දට වැටීම නම් මම කියෙවුවා !
.............................................................................................................................
@ගැමියාගේ පත් ඉරුව = ගෑනී බීලා ඇවිදින් මිනිහාට ගැහුවලු ? හුටා එහෙම ලෝකයක් . මචෝ මේ බ්ලොග් එකේ මම දාන්නේ මගේ නිර්මාණ විතරයි . මේකත් මේ ...
.............................................................................................................................
@Sabith =ගෑනු ජාතිය ගලේ ගාලා මරා දාපිය
.............................................................................................................................
@ලොකු පුතා = පොඩ්ඩක් බීවට කමක් නෑ කීවාම අපිට බැරිද පොඩ්ඩක් බීලා මොහොතක් ඉඳලා තව පොඩ්ඩක් බීලා තව ටිකකින් ...
.............................................................................................................................
@ඉඳුනිල් = අපේ පැත්තේ මහ එපා කරපු එකෙක් ඉන්නවා බං ඌ තමා මට සුවර්
.............................................................................................................................
@uwiniran = තෑන්ක් බං

හිස් අහස said...

@Podi Kumarihami = මම එහෙම නෑ මම බොන්නේ නෑ
.............................................................................................................................
@පංසල් හන්දිය = මයෙ කෙල්ල පදිංචි වෙලා ඉන්නෙත් පන්සල් හන්දියේ තමා . ඒත් මේ පලාතේ . මේක ලීව එකා කවුද මන්දා බං ...:පී
.............................................................................................................................
@තාරක Dilsh@n = චියර්ස් මචෝ
.............................................................................................................................
@ඉන්දික උපශාන්ත = මම බොන්නේ නෑ අයියේ මම කටේ තියන්නෑ මේක ලියාපු එකා නිසා මයෙ නමත් කැත වෙලා අයියේ බලන්නකෝ !
.............................................................................................................................
@Anonymous = එහෙම ෆන් එකෙක් මිත්‍රයා ලොවෙත් නෑ අනිවා
.............................................................................................................................
@Outsider = අද කාලේ ගෑනු පිරිමි කියලා වෙනසක් නෑ හැමෝටම සම තැන
.............................................................................................................................
@Janaranga Wijaindu = ස්තූතියි මචෝ . ලියනවට ලිවුවා ඇත්තද බොරුද කියලා හිතන්න එපා මම ඒක කියන්නෙත් නෑ ඉතින් ඔබලාගේ හිතට වැදුණා නම් මට ඒකම මදෑ
.............................................................................................................................
@අසරණයා = ඇයි සමහරු සයිමන් කියලා කීවලු නේද ?
.............................................................................................................................
@පොඩි මෑන් = මේ අපේ රීපට් කානුවේ තිබ්බේ උඹ මොනවයි ඒකේ කලේ ?
.............................................................................................................................
@ඔබ්සර්වර් අයියන්ඩි = ඒක නම් සහතික ඇත්ත . අද කාලේ තරුණයෝ ගන්න දෙයක් නෑ කොයි වෙලෙත් හැන්දෑවෙට මත් වෙනවා නෙව
.............................................................................................................................
@ඕනයා = ඒමද මම දැන් ඉඳන්ම ප්‍රැක්ටිස් කරන්නම් ඒනම් . ඔතන ඩ්‍රිංකිං ගේම් තියනවාද දන්නෙත් නෑ නේ ? වෙද මාමා තමා මෑන්
.............................................................................................................................
@sameera = මට වල දාගන්න හිතුනා මචෝ එහෙමත් ඉල්ලීමක් අනේ අම්මපා
.............................................................................................................................
@පිස්සු පුසා = අපි තනියම බොන නිසා නේ බං
.............................................................................................................................
@චීටා = චියර්ස් වේවා චීටා අයියන්ඩිටත් . මගේ කෙල්ල හරි හපනී
.............................................................................................................................
@Weni=මරු කතාව ලියන්නාගේ කටේ මොනා දාන්නද කියලා මට හිතාගන්න බෑ අප්පා :)
.............................................................................................................................
@Harshana = මේක මගේ නෙවෙයි බොලේ වෙන කාගෙද ?
.............................................................................................................................
@අතුල =මේක ඩබල් පෙමෝසන් එකක් අතුල මහත්තයෝ

Janaka Rathnayaka said...

"අපි බීලා විඳින සැප හරි දුක හරි ඇයි අපි තව කාටවත් වාරණය කරන්නෙ ?"
එක ඇත්ත චුට්ටක් විතර ගත්තට කමක් නැනේ... ඔන් එහෙනම් දෙන්නටම ච්යර්ස......!!

ඇනෝපිලිස් said...

චියර්ස්ස්........ උඹ එහෙනම් අමුවෙන්ම කෙල්ලට පෙව්වා....... එල එල..... මමත් කවද හරි බඳින්නෙ ඔය වගේ බේබද්දියක් තමයි........

පැන්ඩා said...

මෙච්චරක් විතරක් කියන්නම් ඉන්දික උපශාන්තගෙ උපදෙස් අනුගමනය කරපන් ශුවර් එකටම

මේක පැන්ඩා විසින් බීමට දෙන අනුබලයක් ලෙස සලකන්න උඹට කිසිම අයිතියකුත් නැ..

මගේ එකම පැතුම උඹයි ඔය කෙල්ලයි බැඳල ඉක්මණට එක වහලක් යට සතුටෙන් ඉන්න එක තමයි..

Beetle said...

මගේ යාලුවෙකුටත් මේ වගේ සීන් එකක් වුනා... හැම වීකෙන්ඩ් එකේම වැටෙන්න ගහනවා මූ..අලුතින් කෙල්ලෙක් සෙට්වුණා... ටික දවසකින් කෙල්ල මුගෙන් අහලා බොනවද කියා... මූ බයවුනු පාර කියලා නෑ කියලා... එතකොට කෙල්ල කියලා...

"අපෝ බියර්වත් බොන්නේ නැද්ද, මම නම් බියර් බොනවා..." කියලා :D

නචියා said...

හික් හික්... ඒ දිනපොතේ අයිතිකාරයා සඳරූ කියලා කෙනෙක් වෙන්ට ඕනෑ...

කතාව එක්ක සීයට සීයක් එකඟයි. කෙල්ලට දැන්ම බොන්න පුරුදු කරලා තියගන්න එක්ක හොඳයි. බැන්දම ගෙදරටම ගෙනත් දෙන්නත් එක්කම බොන්න පුළුවන්නෙ,,,, එළ එළ...

cjgayan said...

දැන් වෙඩිම ළඟයි වගේ අපිටත් කියහං..

Pisakkatuwa said...

"මේ ඉඳලා හිටලා බොන එකත් නතර කරලා දාන්න කාලෙ හරි වගේ ...කහ ඉරෙන් පාර මාරුවෙන්න කලින් එයාගේ හීතල කෙට්ටු අත අල්ලගත්ත වෙලේ මට එහෙම හිතුණා ....."
ඔන්න ඔය කෑල්ලෙන්නම් පේන්නෙ උඹ සිරාවටම ආදරේ කරන්න පටන්ගෙන වගේ ...

අසේල said...

සදරුවා බීලා ඉන්න වෙලාවක විසික් කරපු උගෙම දින පොත ඌම අහුලගෙන ඌම ලියපුව වෙන එකෙක්ගෙ පිටින් දාලා ලියනවා....

ඹාලු ෆිට් එක said...

දෙන්න මාරෙට කැපෙනවා..සුභපැතුමි..!
පැන්ඩා කීව වගේ දෙන්න බැඳලා, එක වහලයක් යටට ඇවිදින් සතුටින් ජීවත් වෙන්න..
එදාටවත්. about me..තීරුව වෙනස් කරන්ඩ අයියේ...
ජය!

හා පැටික්කි (MS) said...

ඕක තමුන්ගෙම අඳ යටින් මතුවුන එකක්ද දන්නෑනේ සඳරු...... හික්ස්.....

කාලෙකින් ආවේ. ලිපි නම් බලන්න ගමකට තියනවා.

දුශ් said...

සිර කෙල්ලෙක්.. අපේ එක්කෙනා වගේම තමා.. මටත් වෙලා තියෙන්නේ ඕකම තමා.. හොද වෙලාවට මම බොන්නේ නැ. එත් මම බීවොත් එය බොනවා කියල තමා කියන්නේ. අනිවා ඩෙෆා බොනවා කියල තියෙන්නේ. බලමුකෝ එකෙත් හැටි.. මේ කෙල්ලෝ ඔක්කොම එකයි. අපි දෙන්න එක දවසක් සෙට් වෙලා ගැහුවා, හැබැයි වල් අලියා එකක්, ඊට වැඩ දෙයක් නම් අපි දෙන්නම බීලම නැ. හේ හේ. උබ නම සිරා, මේ ඉතින් ඒ ළමය වෙරි මරගතේද ගෙදර ගියේ..? අය්යෝ මල මගුලයි.. පොඩ්ඩක් හොයල බැලුවද? නැන්දම්මා උබව හොයනවද දන්නේ නැ..?

Anonymous said...

lankava veni pivithuru samajayaka meveni deval sidu veema gena kanagatui...sthreethvayata apahasa karanna epa!

සිතුවිලි පවුර.. said...

සුරාමේරය මජ්ජපමාධඨ්ඨාණා වේරමණි සිඛ්ඛා පදං සමාදියාමි.

අපිට කන්ට දෙනවනන් අපිට
බොන්ට දෙනවනන් අපිට
මොන කෙන් ගෙඩියද තව ඕන කියන්නේ..
නැද්ද මචෝ.....?

pissi said...

මාත් ඔය වැඩේ කරා :)

Anonymous said...

madai sandaruta bonnepa kiyala api methana marenna hadanawa.balanakota denna demahalloma ekathu wela gahanawa wage..
eth sandaru,oya meka liyapu eka kellata nam honda na wage.mokada oyage love stories e tharam dura gihin nathi eke me kathawa dan DANNO DANITHI wage seen ekakne,neda?
kohomath ithin denna demahallo geta unama oyi wage dewl karanawa nam thamai..eth ane public kalama upset nadda mama ahanne.

Dinesh said...

නියමයි සදරුවා.. අදනම් මම එන්න ටිකක් පරක්කු උනා.. ඒත් පෝස්ට් එක නම් සුපිරි... උඹටම හරි යන කෑල්ල..ආ නෑ.. මේක උඹේ කතවක් නෙමෙයි කිවුවනේ..

sAm (සෑම්) said...

මම මචෝ කෙහෙ පෝස්ට් එකක් බැලුවත් දන්න අදුනන එවුන‍්ගේ කමෙන්ට් ගැන සැලකිලිමත්..
මාතලන් බයිටක් දාලා, රාජ්ගේ නවාතැන උපදෙසක් දීල, අසරණයා, පොඩි මෑන් වගේ තව ගොඩක් අයගෙත් කමෙන්ට් බැලුවා..

අඩුවෙන් සෙට් වෙයන්.. වැඩි උනාම චොර.. මද පවනේ. වික්ටර්, කපුගේ, මිල්ටන් ගේ සිංදුවක් කියාගෙන..
එතකොට ආදරේ, විරහව එහෙම උපරිමයි..

ජය ශ්‍රී..

ප්‍රාර්ථනා තෙන්නකෝන් ( පොඩි එකී ) said...

අනේ ඇත්තමයි.මගේ කොලු පොඩ්ඩත් අපරාදේ කියන්ඩ බෑ...ඔය වගේමයි. මගේ කොලු පොඩ්ඩට මම කිසිම නීතියක් අද, තව වෙනකම් දාල නැහැ. එයත් දානවා, මමත් දන්නවා, අපිට අපේ වෙන්න තියෙන්නේ බොහොම සීමා සහිත ඉඩක්. ඒක ඇතුලේ එය බොන්නේ වහ වුනත්, මමත් මගේ කොටස ඉල්ලන් බොනවා...

චියර්ස් රත්තරන්!!!!!!!!!!!

ගිහාන් චින්තක said...

නීට් ගහලා දෙන්නත් එක්ක කහ ඉරෙන්ම පාර පැනලා... කොච්චර උනත් හැදිච්ච කපල් එකක්...

එළ මචං... එළ....

Unknown said...

මේක කියෙව්වා සඳරු..දැනුයි ඔන්න කමෙන්ට් එකකට ඉඩ ලැබුණෙ.. ඔක්කොම කියවනවා. මොකෝ ඔක්කොම ඔයා ලියන එවා...(පබ්ලිස්) කරන ඒවා..මට එන්න හදන් තියෙන්නෙ.අර අවුල තියෙන්නෙ කමෙන්ට් එකක් දාන්න මෙතෙන්ටම එන්න ඒ වෙලාවට බෑ..රස්සාවල් කරන මිනිස්සුනෙ අප්පා..අපි.. තරහ අවසර ඒවාට.... මේක නම් ආතල්..මයෙ කොල්ලා ඉස්සරහ නම් තාම මට මේ ගැන කියලා අඬන්න වුණේ නැහැ....ලස්සන ලිපිය...තල්පෙගෙ ඉනා බේත් එකත්..මරු..සොඳරිට නම් මම මොනා හරි ලීවා... දැක්කානෙ..උඹ ලියපුවා මට මතකයි.

Loku John said...

චියර්ස් !!!

Anonymous said...

ඔය කෙට්ටුයි කිව්ව අත දරුවො ලැබිල මහත අතක් උනදාටත් ඔයවගෙම කහ ඉරෙං පාර පන්නන්ට ලැබේවා කියා පතනවා. ඔය බෝතල් අරං සඳරු බලන්ට යන උදවිය කෝඩියල් බෝතල් හෝ පොල්තෙල් බෝතල් ගෙනිච්චොත් වඩා හොඳා අනාගතයෙදි.

පිස්සා පලාමල්ල said...

හික් හික් හික්.... සඳරුවො දාපන් බන් 5 ක්... මමත් ඔය බෝට්ටුවේමයි බන්... මුලින් නම් අවුලක් නෑ.. දැන් ටික ටික සීන්... මගෙත් බීම සෑහෙන අඩුවෙලා බන්...

ඒ උනාට යකෝ උබ නම් මහ දසයෙක් නෙ... සැන්ඩි නැතුව ඒ කෙල්ලට මක්කැයි පෙව්වෙ... සන්දුක්කේ... උබ වගේ එකෙක්.

ඕනයයි වෙද මහත්තයයි එක්ක මාත් සැට් වෙනවා හොඳද... බොල මාව හලනව නෙමෙයි..
අඩෝ එතකල් අල්ලහිටින් අර කිව්වත් වගේ. හික් හික්

ක්සැන්ඩරයා said...

මාරම කතාවක් මලේ.. මගේ කෙල්ලත් යාලු වෙලා ඉන්නකොට මම බොනවා කියල කිව්වාම එයාටත් බොන්න ඕනේ කිව්වා,. එත් අද වෙනකම් මම එයට ඇල්කොහොල් උගුරක් බොන්න දුන්නේ නෑ. මට එක කරන්න හිත දෙන්නේ නෑ..

Jeew said...

මම බොන්නේ නැහැ කියලා මගේ වයිෆ් හැමෝම එක්ක කියන්නේ ලොකු ආඩම්බරයක් හිතේ තියාගෙන...

අසී said...

"චියස්"

පූසා said...

මේ මං? කපල්ය කිව්වා? තාම නෑ බං :D

ayesha said...

නියමයි යාළු... ඔයාගේ ජීවිතේ හැම දෙයක්ම සාර්ථක වෙන්න පතනවා

Anonymous said...

puluvannam me link eken gihin youtube eken balanna mahabharata kiyana indiyan epic eken nirmanaya kala teledrama eka..eeka thamai mama jeevithe balapu lassanama teledrama eka.hema episode ekama youtubevala thiyenava.meya minisunge jeevitha venas kala heki aakaraye apurva saha athi vishishta ganaye indian tele drama ekak.avasanaya vana vita mehe charitha samaga apuru bendeemak apata ethi venava.meya ethem vita oba naraba ethi..eya kalakata pera lankaveth vikashaya vuna.meya indiyave vikashaya vana vita ema rate paraval his vu bava pavasenava.ee kiyanne siyaluma indiyanu vesian telenatayaya naraba thibena bava.

meya avasanaya vana thek belu kenek nisekavama lankave telenatya narabannan gena kanagatu vevi!

meya liyana ma budhdhagame.. namuth oonema agamaka kenekuta hindu aagama padanam karagath me telenatyaya ihamath ashaven,aadarayen saha gauravayen nerambiya heki..epamanata eya thula jeevithaya,premaya,sanskruthiya saha siyallama geb vee thibenava.

WATCHING THIS TELEDRAMA IS THE MOST BEAUTIFUL THING EVER HAPPENED TO MY LIFE..

if you like to watsh it,search google as 'mahabharat with English subtitles'-youtube

Anonymous said...

හෙහ් උඹල නෙව දවසකටවත් ජෝඩුව ! ඕව පුරුද්දට තියාගෙන්න එහෙම නෑ කොළුවො. එහෙම නැත්නං ආයෙ උඹට චීත්තයක් අඳින්න වෙයි පහුවෙනකොට හික් !

Pathum Herath said...

Eyes Wide Shut කියල ෆිල්ම් එකක් තියෙනවා. දෙන්නටම ගානට වෙරි උනාම වෙන්න පුළුවන් සීන් එකක් ගැන තියෙන්නෙ.. පොඩ්ඩක් හොයල තනියම බලන්න(බැඳල නැත්නම් විතරක්)

මාධව විදුරංග said...

උඹලා දෙන්නම බිව්වද බොල?? යකෝ කෙල්ල උඹට කලියෙන්ම බීලා වගේ! හිකි හිකි! පට්ට කේස් එක!

jhothishalanka said...

DDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDD

පැට්ටා said...

අනේ සඳරුවෝ අපි කොච්චර බීවත් ගැහැනු ලමයට චුට්ටක් හරි බොන්න දෙන එක නරක දෙයක් හැටියටයි මම නම් දකින්නෙ

Charith Samarakoon said...

හප්පා! මොකාද ඕක ලියපු එකා...අර අහස හිස් කියල හිතන් ඉන්න පළාතක හාදය වෙන්නැති...ඕකට කෙල්ල නෙවේ මහ බ්‍රහ්මය කීවත් ඔච්චරයි...මේ පැත්තෙ එන උන් කොච්චර කියුවද...

අඩේ මට දුකයි බං අද මම අන්තිම හරියෙ... බොන්ඩ ඕනෙ දුක නැතිවෙන්න..හික්....
කාණු පල්ලෙන් ඇහිලපු තව 5ක්ම කොටහන් අවුරුද්ද ගෙවෙන්න කළියෙන්...

චියර්ස්! රත්තරන්ටත් එක්ක!

ගැමියාගේ පත් ඉරුව said...

http://data.gossip9.com/2011/12/blog-post_15.html

මෙන්න මේකෙයි තිබුනේ ගෑනි බීලා මිනිහට ගහපු කේස් එක කියවලාම බලන්නකෝ අයියේ

සංකල්ප said...

නියම වැඩේ. දෙන්නත් එක්ක එකට එකතු වෙලාම බොන්න පුලුවන්. මම් හිතන්නේ දැන් සදරුවා බොන එක අතෑරියොත් හොදයි කියලා. නැත්නම් කොහොමද අර ඇත්තිව ආදරෙන් බලාගන්නේ.

ටීම් ට්‍රැවලර්ස් said...

මොන දේ තිබ්බත් බොන එක නම් අත හරින්න එපා සඳරුවෝ!

නවෝ!

Anonymous said...

පිස්සුද මනුස්සයො ඔය කෙල්ල කවදාහරි ගෙනාපු දවසක ගෙදරට ගෙනත් බොන්ඩ බැරි වෙනවා. බඩු ගෙනත් ගෙදර තියලා උඹ වොෂ් දාගන එනකොට ඉවර කරලා තියයි.

Dilshan Malitha Manaranga said...

මැක්සා කතාව.. හොඳට ලියන්න..

Umesh J said...

යකෝ උබ සැන්ඩි නැතිවද කෙලීට පෙව්වේ ?? හප්පා ....!!

Unknown said...

Wow

Post a Comment

තැන්කූ බං