27.12.11

බොසාට කියන කවි



සිනා සෙන්න නොම දන්නා
නිවාඩු දින ගැන නොදන්න
කතා බහට හරි අකමැති
මගේ හොඳ බොසා

නිතරම නීතියට සිටින
බඩේ ගින්න නොම හඳුනන
ඔබත් එක්ක වැඩ කළෙ මම
කරුමෙටද බොසා

සෙනෙසුරාද ඉරිදත් වැඩ
පොහොය නත්තලේදිත් වැඩ
කරන්න අප යොමු කරවයි
අපේ හොඳ බොසා

කෝඩිං ලියපං කොල්ලෝ
අතුපතු ගාපං කොල්ලෝ
ලෙක්චස් කරපං කොල්ලෝ
කියයි මට බොසා

පරි සමාප්ත අර්ථයෙන්ම
බොසා ඔබ තමයි ගමටම
අපිට ඔබව දැකපුහාම
ඇඬෙනවා බොසා

හැදුනොතින් ලෙඩක් කරුමෙට
නිවාඩු ගනු නොහැක අපට
පඩියෙන් රුපියල් දාහක්
බොසා කපන්නේ

ඕටී ගැන නොකර කතා
පඩි දවසට සවන් පුරා
ගොතමින් ගල් පැළෙන මුසා
බොසා හිනැහුණේ

කොතරම් දඬුවම් දුන්නත්
පරුස වචනයෙන් බැන්නත්
පඩිය නොදී මැග හැරියත්
බොසා වටිනවා

බීල වැටිල මහ පාරේ
සිටිනව දැක මම අඳුරේ
රැකියාවට පුරුදු කරේ
ඔබ තමයි බොසා

සම්මජ්ජාතියක නොලද
වගකීමක් ගෙල එල්ලා
මාව මනුස්සයෙක් කළේ
රත්තරන් බොසා

එහෙවු ඔබට බනින්න බෑ
කැවූ අත හපන්නට බෑ
මුලු දිවියම ඔබ පාමුල
ගෙවමි මම බොසා

නමදිමි ඔබෙ දෙපය සදා
මලින් පුදමි ඔබ සැමදා
ප්රමෝෂන් එකක් සාදා
දෙන්නකෝ බොසා ...!
 
 

66 comments:

elephas said...

හික්ස්....... මරු කවි ටික සහෝ........... බොසාට ජය වේවා.......

sAm (සෑම්) said...

සදරැ කපටියා.. බැනලා.. බැනලා.. පස්සේ බොසාව ෂේප් කරලා.. :)

ෆට්ට..ෆට්ට ජය සිරි කිව්වා.. !

Janaka Rathnayaka said...

අනෙ උඹෙ බොසා නම් මාර පොරක්තමා.. සදරු ඕක බොසාට පෙන්නපන් උඹට ප්‍රමෝෂන් හම්බවේවි..

Raj said...

ඔය පැන්නේ බළලා මල්ලේන්..ඔය ඔක්කොම කෙලි ප්‍රමොෂන් එකක් ගන්ඩ නොවැ....

cjgayan said...

මේක දැක්කාම ඉක්මනටම ප්‍රමොෂන් එකක් ලැබෙයි කියා පතනවා..

Harshana said...

ඔය ඇවිත් තියෙන්නේ හොද අයිඩියා පාරක් .........
බොස්ට කවි ටික පෙන්නලාවත් ප්‍රොමෝෂන් පාරක් ට්‍රයි කරගන්නවද ..
( බලාගෙන තියන පොස්ට් එකත් නැති උනොත් නේද...)

Observer said...

බොට ෂුවර් නේද බ්ලොගේ බොසා කියවන්නෙ නෑ කියල, එහෙම නැත්තං අන්තිම හරිය කියෙව්වොත් ශේප් එකක් දා ගන්නද?
කවි පන්තිය නං මරේ මරු

කෙෂාන් විදුරංග said...

බොසාට ජය වේවා... පට්ට කවි ටික...

නචියා said...

මේක බොසාට යවමු බන්....

Podi Kumarihami said...

බොසාට මල් තියලා වඳින්ට වටිනවා තමයි.:D

Charitha said...

එල මචං

Pinky said...

heh e.. hari shok sadaru aiye

Anonymous said...

Hamadamath wage Maxxa kawiyak sadaru....
Cheerz...!!!

පොඩි මෑන් said...

බොසාලගේ හැටි එහෙමයි
ගනං ගන එපා ඕවා
තියෙන දෙයක් කාල හිටිං
සඳරු මගෙ මචා....

Anonymous said...

එළ කිරි සඳරු බොසා

sameera said...

කියලා වැඩක් නෑ සුපිරි ........

miuranga said...

උඹේ කවිය හරි ආතල්
කියන්නට දෙයක්නම් නැ
උඹයි බොසාටයි දෙන්නට
ජය පතමි මෙමා ...

රාජ් said...

කෙ‍ාහෙන්ද බං අර වදින පිංතූරෙ හොයාගත්තෙ! කයි ටිකත් එල!

ගිනි කුරුල්ලා said...

එල කවි ටික..
අන්තිම ටික දැක්කම නම් බොසා ඩබල් ප්‍රමෝෂන් දේවි..
:)

ක්සැන්ඩරයා said...

අඩේ සඳරු මලේ, උඹ බොසාට ගාන්නේ ඔබා අයියගෙන් ඉම්පෝර්ට් කරපු ඕස්ට්‍රේලියන් බටර් ද? බලගන උඹේ බොසා ලිස්සල බොලගේ ප්‍රොමෝෂන් එකට කෙලවෙයි..

දිල් said...

ඔහොම බොසාලට මල් තියලා වැන්ඳට කමක් නෑ වගේ.....හි හී.... මේක බොසා නිකමට හරි දැක්කොත් මොනා වෙයිද සඳරූ ??

Gimhani said...

ඕනම බොස් කෙනෙක්ගෙ හොඳත් නරකත් දෙකම තියනවා.
…බොසාට කවි ටික පෙන්නන්ට . වැඩක් වේයිද බලන්න .

uwiniran said...

කල ගුණ මතක තිබීම හොඳ ගතියක්,
බොසාට ජය වේවා....!!

අවුල තියෙන්නෙ බොසාට මතක නැහැ වගේ....!!

දුකා said...

උඹ බොසා උනත් ඔච්චර තමා බන් . . .

ඕක බොසාගේ අවුලක් නෙමේ

බොසා ඕවා ඔහොම නොකලොත් බබීත් සුන් බබීගේ ආච්චිත් සුන් . . .

හික් හික් හික්

ලකී සිරි said...

අන්න හරි.....
උඹ දන්නවා බොසාගෙ වටිනාකම..බොසා දන්නවා උඹේ වටිනාකම....
උඹටයි බොසාටයි දෙන්නටම ජය....

වර්ණා said...

හිහි මරු කවි ටික හැබැයි.

Anonymous said...

Bosaata jayawewa!, umbatath jayawewa!

සෙන්නා said...

මචන්, බොසා බ්ලොග් කියවනවද ? එහෙනම් උඹව අස්කරලා, උබට ප්‍රොමෝෂන් එකක් දෙයි..

කෝකටත් තව ඇප්ලිකෙශන් දෙක තුනක් දාලා තියපන්... බොස්ලා කියන්නේ තේරුම් ගැනීමට අමාරුම සත්තු වර්ග වලින් එක සත්තු ජාතියක්...

ලොකු පුතා said...

මරු.....
මෙව්වා කියල හරි කමක් නැහැ ප්‍රමෝෂන් එක ගන්න බලපන් :))

Anonymous said...

ane sandaru..bosa meka baluwothin takketama oyawa rassawen eliyata danawa..miniha oyawa aluth car eketh dagena giya neda ara tharam senaga indadi.
aththatama kawi tika nam niyamai.
eth kollata bonus ekakwath deela nathi wagey meda para.

ඉඳුනිල් said...

ප්‍රායෝගික කළමනාකරණය හා එහි අතුරුඵල

Weni said...

මේ බොසාගේ ඇස ගැටී... නව වසරේ ඩබල් ප්‍රමෝශන් එකක්ම ලැබේවා කියලා අපි පතන්නම් ! හැබැයි බොසා මූලග්ගාය කාරයෙක්නම් කවි පෙලේ මුල් දෙක තුන කියවලා පුකට පයින් එකක් ගහලා එලියට දමයිද මන්දා ????

Unknown said...

හප්පා බොසාට වඳින ගාතාව....එළ එළ....

duliponline said...

හික් හික් . . . මචෝ . . මට එවපංකො උඹේ බොසාගෙ ටැලිපෝං නොම්මරේ . . . පොඩි විස්තර වගයක් තියනව කතා කරගන්න

BLOG ගඩොල් said...

හික් හික්!!බොසා මේක දැක්කොත් උඹට කනේ පාරක් දිලා ප්‍රෙමෝෂන් එකත් දෙයි

Sammani said...

සදරුගේ බොසාට :

අනේ බොසෝ මේ අහන්න
මේ කොල්ලගෙ හිත හැදෙන්න
එකට ප්‍රමෝශන් දෙකක්ම
දීම හරි වටී...

නුබේ වැඩකිඩ සියල්ලක්ම
කොරන්නෙ මේ සදරු නේද
එහෙව් කොලුව මගහැරීම
බොසෙකුට නොවටී...

Loku John said...

ඒ උනාට අපෙ බොසා
…දැමුවෝතින් ඔෆිස් වසා
…පට්ටම් සහතික සිරසා
…වෙනවා කරනට උගසා

…ඒ හන්දා
…මං සැමදා
…මේ මන්දා
…ගොස් වැන්දා

Anonymous said...

බොසා බොසෙක් වෙලා ඉන්නෙයි මල්ලි ගෝලයෙක් වෙලා ඉන්නෙයි මොකද කියල හිතුවනම් බොසාගෙ අර ගතිගුණ වල රහස තේරුම් ගන්න ලේසියි...

Anonymous said...

මචං උඔත් කවදහරි බොසෙක් වෙයං! :D :D

බට්ටි said...

සෙනෙසුරාද ඉරිදත් වැඩ‍
පොහොය නත්තලේදිත් වැඩ
කරන්න අප යොමු කරවයි
අපේ හොඳ බොසා මටම කියලා වගේ

මගේ බොසත් ඔය වගෙමයී
හැමදා එනවට කැමතියී
ගෙදරින් කොපමණ බැන්නත්
මාත් එයි ඉතිං

අසරණයා said...

උඹ බොසාගේ ඔලුව අතගාල ටොක්කක් ඇන්නද නැත්තනම් ටොක්කක් ඇනලා ඔලුව ඇත ගාවද ?

හිස් අහස said...

@elephas - අකමැත්තෙන් හරි මමත් ඒටිකම තමා කියන්නේ
.............................................................................................................................
@sAm sRi = තෑන්ක්ස් බොලේ ජය වේවා
.............................................................................................................................
@Janaka Rathnayaka = බොසා ප්‍රමෝෂන් දෙයිද නඩු දායිද ?
.............................................................................................................................
@Raj = කොච්චර පෙමෝසන් ගත්තත් පඩි වැඩි නොවේමයි අයියා
.............................................................................................................................
@cjgayan =ස්තූතියි එදාට මං උඹට තෑග්ගක් එවන්නම්
.............................................................................................................................
@Harshana= බොසා බ්ලොග් බලන්නේ නෑ බං

@Observer= එයැයි බ්ලොග් බලන්නේ නෑ අයියේ මම හිතන්නේ පොරට හිංගල බෑ !
.............................................................................................................................
@කෙෂාන් විදුරංග = තෑන්කුයි
.............................................................................................................................
@නචියා = බෑ බෑ මාව දොට්ට දායි
.............................................................................................................................
@පොඩි කුමාරිහාමි = මල් ගන්නත් සල්ලි නේ පඩි දුන්නේ නෑ නෙව තාම
.............................................................................................................................
@Charitha = ස්තූතියි මචං
.............................................................................................................................
@Pinky= තෑන්ක්ස් පිංකියේ
.............................................................................................................................
@Anonymous = ස්තූතියි මචෝ බොක්ක තමා
.............................................................................................................................
@පොඩි මෑන් = කන්න බෑ මචෝ පඩි දුන්නේ නැති නිසා වඩෙයක් පමන කන්න සලි නෑ මම දුගියෙක් වෙලා
.............................................................................................................................
@Anonymous = බොක්ක තමයි බොස් ..ස්තූතියි ඈ
.............................................................................................................................
@සමීර = ස්තූතියි මචෝ කවිය කියෙවුවාට
.............................................................................................................................
@miuranga = ජය වේවා මචෝ උඹටත් . ආතල් නම් එච්චරයි
.............................................................................................................................
@රාජ් = ඔන්න ඔය බොසා කියලා සර්ච් කලාම ආවා බං
.............................................................................................................................
@ගිනි කුරුල්ලා = කනට දෙකක් නොදේවි නේද ?
.............................................................................................................................
@ක්සැන්ඩර් = බටර් බැරිනම් සුපර් ග්ලූ හරි ගාලා පඩිය වැඩි කරගන්න බලන්න ඕනෙ
.............................................................................................................................
@දිල් = මේ බ්ලොග් එක මගේ නෙවේමයි කියලා බොසාට මම කියනවා ! වැඩේ පිනිස්
.............................................................................................................................
@Gimhani = ඊට පස්සේ මගෙ ජොබට කෙලවුනොත් මම එනවා ගිම්හානි අක්කලාගේ ඔෆිස් එක අතුගාන්න

හිස් අහස said...

@uwiniran = බොසාට පඩි දවස නම් පට ගාලා අමතක වෙනවා
.............................................................................................................................
@දුකා = ඔය ඉක්මනට ආසියාත්‍රාව ඉගිල්ලුනාද අයියේ ? ඒකත් හැබෑමයි බැන්නේ නැත්තං අපි කෝමද හසුරුවන්නේ .
.............................................................................................................................
@ලකී = ස්තූතියි ලකී අයියා .
.............................................................................................................................
@වර්ණා = ස්තූතියි වර්ණා
.............................................................................................................................
@Anonymous = උඹටත් ජය පිට ජය වේවා මචෝ
.............................................................................................................................
@Senna = අස් කලාම කෝමෙයි පෙමෝසන් දෙන්නේ ? මට නඩු නොදා හිටියෝතින් මදෑ
.............................................................................................................................
@ලොකු පුතා = මම මේ ට්‍රයි කරන්නේ මේ මාසේ පඩිය ගන්න බං .
.............................................................................................................................
@Anonymous = බොසා ඉතින් මගෙ හොඳ බොක්ක ඒක නිසා මාව පහ කරන එකක් නෑ . අනික එයා කවදාකවත් බ්ලොග් කියවන්නේ නෑ .
.............................................................................................................................
@ඉඳුනිල් = මාත් හිතන්නේ ඒකම තමා
.............................................................................................................................
@වෙනී = එහෙනං මම කොරාපු මගෝඩි වැඩ වල හැටියට මට පුකක් නැති වෙන්ඩ ඕනෙ
.............................................................................................................................
@ඔබ නොදු‍ටු ලොවක් = මේක බොසාට කියන කයිය . ගාතාවක් මම ලඟදිම ලියන්නම්කෝ
.............................................................................................................................
@ඕනයා = මම උඹට බුකියෙන් එවන්නම් මචෝ
.............................................................................................................................
@බ්ලොග් ගඩොල් = මේ මාසේ පඩිය දුන්නානම් හොඳටෝම ඇති අප්පේ
.............................................................................................................................
@Sammani = තෑන්ක්ස් යාළු කවියට . මේක ප්‍රින්ට් කරලා ගිහින් බොසාගේ කාර් එකේ අලවලා එන්ඩ ඕනෙ
.............................................................................................................................
@Loku John = බොසාට ඔච්චර වඳින්න ලැජ්ජ නැද්ද බං මේ මං වගේ කෙලින් හිටු :)
.............................................................................................................................
@සපතේරු උන්නැහේ = ධනපති පන්තිය නිර්ධන පන්තියේ ශ්‍රමය සූරා කනවා අයියන්ඩි මම බොසා වුණානම් ඕක වෙනස් කරනවා
.............................................................................................................................
@තනි අලියා = පිස්සුද බං මගෙ වෙඩ ගෑනිටත් මම සේවකයෙක් නේ
.............................................................................................................................
@බට්ටි = යකෝ අපි හැමෝටම මේ සෙතේද ? මොකද කියන්නේ යූනියන් එකක් හදමුද ? මම ලීඩර් වෙන්නම්
.............................................................................................................................
@අසරණයා = අනේ නෑ බං මේ ටිකක් වැදුන වෙලාවට ලියවුණා

මාරයාගේ හෝරාව said...

අනේ බොසෝ මේ අහන්න..
එක දවසක් මෙය කරන්න..
බොස් පට්ටම මූට දීලා..
මුගේ වැඩ ටික ඔබ කරන්න..

ගැමියාගේ පත් ඉරුව said...

නියමයි ඈ බොසාවත් මතක් කරලා පෝස්ට් එකක් නොදැම්මොත් සදරු අයියට නිකං කෑවේ නෑ වගේ නේ මොනා උනත් බොසා නරක නෑ වගේ .ඒක නෙමේ මම අහන්න හිටියේ අයියා BIT කරලද ඉන්නේ????

නරකද ගෙවෙන කාලේ ටිකක් අල්ලලා BIT කරලා නැත්තම් කෙරුවොත් සුදුසුකම් තව වැඩි කරගෙන බොසෙක් වීමේ සිහිනය සැබෑ කරගන්න පුළුවන් වෙයි කියලා මට හිතනවා.

අර "පෙම්වතියකගේ නිවසට ගොස් පච වුනෙමි" කථාවේ නැන්දා කියනවානේ ඩිග්රියක් තියෙනවා කියලා කෙල්ලගේ අම්මට කියපන් කියලා ඉතිං මට හිතුනා BIT කරලාවත්ද කියලා ඒත් ඉතිං මෙහෙම කිව්වේ ඒක කරලා නැත්තම් කරන්න හිත හදාගන්න කියන්න...

ම්ම්ම්ම්ම්ම් මමත් ඒක කරනවා මේ දවස් වල ඒක ටිකකට නැවැත්තුවා සල්ලි හෙනට යනවා කියලා හිතන්න එපා.මම හොයාගත්තු විදියට විභාග ගාස්තු පමණක් හොදටම ප්‍රමාණවත්.

ටිකක් හිතලා බලන්න ඈ.......

මාධව විදුරංග said...

mata nam mokuth kiyanna be! eeth bosa qwama ohoma thamai!

kasun said...

හෙ හී..

Anonymous said...

සඳරු... උඹ ආයෙ වැඩට යන්නත් ඕනේ නේද බං... බොසා බ්ලොග් බලන්නේ නැද්ද?

ගිහාන් චින්තක said...

මේක දැක්කනම් ඩබල් ප්‍රමෝෂන් දෙනවා... බඩුම තමා... හැක් හැක්....

දිනුක said...

ඕකත් අර ගැනිගෙයි මිනිහගෙයි වලිය වගේ, නැන්දම්මගෙයි ලේලිගෙයි වලිය වගේ, නයාගෙයි මුගටියගෙයි වලිය වගේ තවත් එක සදාතනික වලියක්.

jhothishalanka said...

මුල් කවි හත අගට දාලා අන්තිම ටික මුලට දාහං.බැරිවෙලාවත් බොසා මේකේ මුල් කවි ටික විතරක් කියෙව්වොත්....

Anonymous said...

මේවා දැකලා බොසා දුවනකොට අයිය ට කෙලින් ම බොසා වෙන්න පුළුවන්... හිහි......... :D :D


//පරි සමාප්ත අර්ථයෙන්ම
බොසා ඔබ තමයි ගමටම
අපිට ඔබව දැකපුහාම
ඇඬෙනවා බොසා//

Anonymous said...

"නමදිමි ඔබෙ දෙපය සදා
මලින් පුදමි ඔබ සැමදා
ප්‍රමෝෂන් එකක් සාදා
දෙන්නකෝ බොසා"
උඔ වැඳල හරි ප්‍රොමෝසන් එකක් අරන් අනිත් එවුන්ට බොසෙක් වෙන්න නේද හදන්නෙ.
මම දවසකුත් කිව්ව වගේ දැන් කවි කොල බිස්නස් එකකට බැස්ස නම් පොඩි අමතර ආදායමක්නෙ බන්.
කවිටික නම් පන්කාදුයි. ජයවෙන්ඩ කිව්ව එහෙනම්.
JH

Miyuru said...

හිතේ දුක යන්න බැනල පස්සෙ බටර් ගගා වඳිනව.... නරක නෑ සඳරු.... හික්ස්...
කවි පෝස්ට් එකයි, කවියෙන් දීපු උත්තර ටිකයි මරු ඈ....

හා පැටික්කි (MS) said...

අනේ හැබෑට පාරේ හිටපු එකාට රස්සාව දුන්නා මදිවට දැන් ප්‍රොමෝසනුත් ඉල්ලනවා..........

තණ්හාව මොකක්ද සෝකෝ කිව්වලු සඳරු කවුද........ හික්ස්.......

පැන්ඩා said...

සඳරු මචන් තැනක කට්ට කාගෙන හිටියොත් දහ දාහට 20 දාහක වැඩ කලොත් ආයතනයට නැතුව බැරි පොරක වුනොත් මුල් කාලෙ කාපු කට්ට මතක් කර කර හිනා වෙන්න තැනකට මිනිහෙක් එනවම තමයි ඒක ශුවර්..

ඒ නිසා කොල්ලො මේක නම් අතරින්න එපා..සඳරු උඹ සරුංගලයක්..හොඳ හයිය කිතුල් පටියක් දාල හදාපු තඩි බුරි ගහන්නෙ නැති දඩ සරුංගලයක්.වටේ හුගක් ඉන්නව උඹ පට්ට සරුංගලේ නිසා නූල කපල කොහොම හරි බා ගන්න..අවටින් හමන හුලග බදල අල්ලනව උබට හොදට..හැබැයි උඹට තියෙන හොද නොම්මර 50 නූලක් දාල බැදල..ඒ නූල තමයි උඹේ රැකියාව..උඹට දැනෙයි අනේ මේ **තෙ නූල නැත්තං මම ආතල් එකේ මේ හුලගෙ යනව කියල..ඒත් එක එහෙම නැ නූල කැඩිල විනාඩි 5න් උඹ පාලනයක් නැතුව ගිහින් අනිවා පැටලෙනව ලොකු කටු ගහක..ඒ හින්ද නූල නම් කඩා ගන්න එපා පුතො..නූල දෙන තරමට ඇති තරං හිත පිරෙන්න වැඩ දාල නූල කඩා නොගෙන ඉදින්..සරුංගලේට නූල කියන්නෙ බදාවක් වගේ පෙනුනට එක එහෙම නැ..නූල නැත්තන් සරුංගලේ ඔහොම උජාරුවට උඩ යන්නෙ නැ..

සිත්රූ සිහින said...

අනේ අනේ බොසාට බැනල බැනල අන්තිමට ශේප් කරගත්තා..:P

Jeew said...

මට බොසාගේ ඊ මේල් එක එවපන්කෝ මල්ලි....
මම මේ පෝස්ට් එකේ ලින්ක් එකක් උන්දැට යවන්නං......

Anonymous said...

අඩේ මං මේක අපේ බොසාට යවනව දැන්ම. හැබැයි පුකට පයිං ගහල දොට්ට දැම්මොත් මං ගෑණියි ළමයයි එක්ක එනව ඔය අලි විමානෙ පදිංචිවෙන්න.

Ruka said...

බොසා හොද එකා එහෙනම්

පිස්සා පලාමල්ල said...

උබ තමා කොල්ලො චරිතෙ... කෝම හරි තඩි බටර් තලියකුත් ගාල...

Anonymous said...

ela aiya............

සංකල්ප said...

බොසාට මුලදි බැනගෙන ඇවිත් පස්සේ පස්සට බය හිතුනද මන්දා. බොසාවෙ ෂේප් කරලත් එක්ක.

The තරුවා said...

හෆෝයි පව් බොසා............ඊට වඩා උෘ එක්ක වැඩකරන උන්..

Anonymous said...

බොසා දැක්කද ‍කවිටික

Anonymous said...

කවදාහරි දවසක
උඹ ෙලාක්ෙකක් උන දාකට
උඹත් ඔෙහාම ෙවනවාමයි
ෙහාෙද සදරැ පුතා.
(රවියා)

Post a Comment

තැන්කූ බං