29.12.11

දුම් වැටියයි පෙම්වතියයි.



දවසක් මහ හඬින් ගොරවන්නට ගත්තා
සුලු මොහොතකින් වැස්සක් වැටෙනට ගත්තා
කවියක් කතාවක් ලියනට සිත් ගත්තා
ලැපත් අරං මම ඇඳටම නැග ගත්තා

දෑඟිලි එකින් එක කීබෝඩය මැද්දේ
වදිනා විටදි ඇහුණා ටිකි ටිකි සද්දේ
අකුරෙන් අකුර වදිනා විට පිටු මැද්දේ
හඬනා හඬක් මතුවිණ පරදා සද්දේ

මම පිරිමියෙකි නෑ කිසිදා බය ගත්තේ
එනමුදු හඬට මම නම් තැති ගත්තේ
සරම තදකරන් හොඳ හැටි ඇඳ ගත්තේ
හඬ එන දෙසට දෙසවන් යොමු කරගත්තේ

ඇඳ පොල්ලක් අරං ආවුදයක් ලෙසට
හෙමිහිට එබුණි මා නැඟ හුන් ඇඳ යටට
කළුවර නිසා කිසිවක් නොපෙනුණු කලට
එළියක් ඇල්ලුවයි මම මගෙ ඇඳ යටට

ආලෝකයෙන් ඇඳ යට කළුවර මැකුණේ
දුටුව දෙයින් මගෙ සියොළඟ ලේ හිඳුනේ
කඳුළු පෙර පෙරා සෝකෙන් තැවෙමින්නේ
සිගරෙට්ටුවකි හයියෙන් අඬලා තිබුණේ

ෆිල්ටරෙ කෙළවරින් කඳුලැලි වැගිරෙනවා
දුම් කොළ කැබලි අතරින් විසි වෙනවා
දැක්කොත් ඔබ හදත් අනිවා උණු වෙනවා
දුම් වැටියක් හොඳටම කඳුලැල් බොනවා

අසරණ දුම් වැටිය කුමකට හඬන්නෙද
කවුරුන් හෝ නුඹට බැන්නද ගැහුවාද
ඇවිදින් ඉතින් ඔතනින් එළියට ඇවිද
කියහන් මිතුර නුඹහට උනු දුක කිමද

මා කී බස් අසා නැසිලා වේගේ
ආවා දුම් වැටිය ඇවිදං වෙත මාගේ
කරණමක් ගසා හොඳ චණ්ඩියෙක් වගේ
දුම් වැටියත් මගේ ඇඳ උඩටම නැංගේ

වාඩි වෙලා මගෙ ඇඳ විට්ටම අයිනේ
බැල්මක් හෙළා මාදෙස නෙතු අගිනේ
කියූ කතාවම මගෙ පපුවට දැනුණේ
එදා පටන් මගෙ දිවියම වෙනස් වුණේ

රූප පෙට්ටියෙද පත්තර පිටු අතර
සද්ද කලයි ඉස්සර නම් අපි නිතර
දැල්වී නේක තරුණන්ගේ තොල් අතර
එදා ගත්ත ආතල් අද නැත මිතුර

මට දැන් ලැබෙන නින්දා අපහස බෝමයි
බොරු චෝදනා බොරු අවලාදද බෝමයි
ප්‍රසිද්ධියේ සිටියෝතින් දඩ උරුමයි
ඉඳින්නට වඩා ඇති සැප මිය යාමයි

දුම් බීවොතින් ලෙඩ දුක් හිමි වන බවට
කැලෑ පත්තරත් ගහලා ඇත එමට
ටීවී එකෙත් මා ගැන යයි ඇඩ් කවට
විෂ දුම කියයි උන් මගෙ නිර්මල දුමට

දුම් ඉරුවොත්න් ලිංගික සවි වියැකේලු
කටේ උගුරෙ පිළිකා තව ඇති වේලු
වයසට වඩා පෙනුමක් ඔබහට ඒලු
අසන්නට එපා බොරු බස් යාළු

භාවනාවකින් පිට කර ගත නොහැකි
සියක් වේදනා මට නම් නැසුව හැකී
චණ්ඩ සයුර මෙන් කැළඹුණු මනස සකී
නිසල වන්ට ඕනෑ දුම් ෂොට් එකකී

සිගා ගහන අය නෑ පොන්සියො වෙන්නේ
දිනෙන් දිනම ගත සවියෙන් වැඩි වෙන්නේ
දත් තිස් දෙකත් දෙතොලත් සුන්දර වෙන්නේ
කෙල්ලො වුණත් උන්ටයි තම සිත දෙන්නේ

ගිනි කූරක් අරං මගෙ කොන පුච්චාලා
මගේ පස්ස කෙළවර ඔබෙ මුව තියලා
ඇදපන් මචං ලෝකෙම අමතක කරලා
පිට කරලපං දුම් කඳ හද ගිනි නිවලා

දුම් වැටියේ කතා බහ මගෙ සිත රැඳුණේ
මටත් හොරා එය මා දෙතොලේ තැබුණේ
ගිනි පෙට්ටියෙන් එක කූරක් පත්තු වුණේ
මගේ මුවින් දුම් පාරක් නිකුත් වුණේ

දින සති මාස එක දිගටම එදා සිට
දුම් වැටි අරන් ඉරුවයි මම විටින් විට
කාලය ගෙවී යන බව නෑ දැනුණෙ මට
දත්වල රැඳුණි කහ පැහැ සිගරට් කහට

මුලින්ම මගෙ පපුවට හීතල දැනුණා
හදේ රැඳුණු දුක ටිකකට ඉවත් වුණා
මූහුණ වල ගැහී දත් කහ පාට වුණා
ටික ටික මගේ මුලු සිරුරම දුබල වුණා

උදේට තේ නැතත් දැන් සිගරට් ඕනේ
කක්කුස්සියට යන්නත් කලියෙන් ඕනේ
හවස තේ වෙලාවට තවෙකක් ඕනේ
මට ජීවත් වෙන්න ඉන් පසුවට දුම ඕනේ

සොඳුරු යුවතියක් මට හමුවන තුරුම
දුම්වැටි ඉරුවෙ මම දිනෙකට දහයක්ම
ඇගෙ ආදර වදන් මා වෙළනා තුරුම
නොමැදන උනිමි මා කල වරදක තරම

එපා රත්තරන් දැන් සිගරට් බොන්න
ඔබට බැහැ ඔහොම මට ළමයෙක් දෙන්න
තොල් කලු ඔබට හාදුවක් වුණත් දෙන්න
හිත නෑ රත්තරන් මට ඔබ හා ඉන්න

සිගරට් නොබීවොත් මම ඔබ සමග ඉමී
ඔබේ දෙපය ළඟ මම වැතිරි ඉඳිමි
සිගරට් සුවඳ නොම එන ඔය මුව සිඹිමි
මගෙ මුලු දිවිය ඔබ වෙනුවෙන් කැප කරමි

සිගරට්ටුවත් ආදරයත් අතින් ගෙන
දැම්මෙමි තරාදියකට මම බඩු කිරන
බර වුණු පැත්ත ආදරෙ බව දැන හැඳින
සිගරට් අත්හලෙමි ආදරෙ තබාගෙන

ගෙදරට හොරෙන් පස් වසරක් යන තුරුම
සිගරට් බීමි මට ඇය හමුවන තුරුම
අද දින පටන් දවසක මිය යන තුරුම
මම දුම් නොබොමි ළඟ සිටිනා තුරුම

සිගරට්ටුවෙන් ලද මත අමතක කරලා
අලුත් දිවියකට අඩිතාලම දමලා
සිටියත් ඇය සමග අද මුලු සිත පුදලා
ඇය ගියොතින් මැරෙයි මම සිගරට් ගහලා



 ප/ලි : දුම් බීම අත්හලෙමි . 

84 comments:

jhothishalanka said...

දැන් කවි කාරයෙක් වෙලා වගේ.

පූසා said...

ජය වේවා!

Raj said...

පට්ට කවි පෙල මචං...ඇත්ත ඇත්ත අරක්කු බිව්වත් සිගරට් බොන්ඩ එපා ලොක්කා....හැබැ ඉඳල හිටල මලක් ඇද්දටනම් කමක් නැ..හික්

Sammani said...

නුබ රිසි වුවත් සිගරට් සිරුරට විස ය
ප්‍රේමිය කියූ දේ තුල ඇති දේ සරි ය
සිගරට් බොන්නන්ගෙ තොල් ඇත්තට කලු ය
දකිනා විටදි හද ඇතිවෙනු පිලිකුල ය

වැඩකදි පමාවීමක් නම් සුබ නැති ය
නොකරම සිටීමට වැඩියෙන් හරි හොද ය
සිගරට් අත් හැරීමට ගත් තීරණ සරි ය
පිලිගනු සදරු මං එවනා මල් මිටි ය

Abeetha Edirisinghe said...

හික්.. පට්ට පට පට..... සුපිරි ආ....

නලීන් පෙරේරාගේ දුම්වැටියේ සිංදුව මතක් වුනා....

අද මිතුරෝ... හෙට හතුරෝ...
දුක් දෙනවා එරෙහි වෙලා.....
ඒ වාගේ නුඹ ඇවිදින්....
දුක්දේදෝ.. එරෙහි වෙලා......

:D :D :D :D

saragoiya said...

අද දින පටන් දවසක මිය යන තුරුම
මම දුම් නොබොමි ඈ ළඟ සිටිනා තුරු

Niyamai.

රාජ් said...

දුම්බීම පිලිකා ඇතිකරයි හෘදයාබාධ ඇතිකරයි. මෙවැනි කවි මෙම අඩවියට දුම්වැටි සමාගම් විසින් බලෙන් ඔබ්බවනලද ඒවා බවට සාක්ෂි ඇත.

නජාත් අක්‍රම් said...

pahu wela hari aran thyenne hoda theeranayak.. Ela..

කතන්දර Kathandara said...

මොකක්ද මේකේ තාලේ?

miuranga said...

එල කොල්ලෙක්. ඉඳල හිටලා අඩියක ගැහුවත් සිගරට්නම් බොන්න එපා මචෝ .

දුශ් said...

එල කිරි කවිය, දාන්න මල්ලි පහක්..

Anonymous said...

ela ela. mona unath hoda teeranayak kollo..
cheerz...!!!

මාතරේ said...

උපරිමයි...! :ඩි දෙපැත්තම...

Sihina said...

ඔබ මහපාරක් වී

ඇය එහි ගල් කැටයක් වී කිම

ඔබ වෘක්ෂයක් වී

ඇය එහි ඉත්තක් වී කිම

ඔබ වාක්‍යක් වී

ඇය එහි අක්ෂරයක් වී කිම?

(ඕනෑම වාක්‍යයක අදහස උඩු යටිකුරු කරන්නට තනි අක්ෂරයකට හැක.)

Chandy VIC said...

නියමයි මල්ලි. හරිම සන්තෝසයි. ඔහොම යං. ඔයාට කවදාවත් වරදින්නේ නෑ

Harshana said...

අනේ වාසනාවන් ..... ඔහොම එකක්‌ අහන්න ලැබුන එකත් සතුටක්..
ඉතුරු ටික පස්සේ කියන්නම් .. :P

කවිපෙලේ හොදට ශෝකය ගැබ් වෙලා තියනවා ..එල..

වර්ණා said...

අනේ මොලේ පෑදුනා ඇති..

ලකී සිරි said...

ජය වේවා සදරූ...
අදහසත් හොදයි..කවි ටිකත් හොදයි....ඒ සේරටම වැඩිය දුම අයින් කරපු එක හොදයි

සෙන්නා said...

පිස්සු හැදෙනව.... එළටම ලියලා තියනවා මචන්....

ඔය කවි ලියන ග්‍රන්තිය හැමෝටම පිහිටලා නෑ මගෙ හිතේ... මටනම් පද පේලි දෙකක්වත් ගලප ගන්ඩ බෑ ඔය වගේ...

නියමයි... හොඳ ආදර්ශමත් පණිවිඩේකුත් තියනවා මේකේ...

නරකයා....!! said...

එළ කොල්ලෙක්නෙ ආ... ජය වේවා !!

cjgayan said...

එලටම ලියලා තියෙනවා.. ජය වේවා..

sAm (සෑම්) said...

පාන්දරට කක්කා බෙටි දමන්නට
අපේ එවුන් සික්කා බොයි නොනැවතිම
ඉක්කා ගැහෙනකොට ගැහුවෙත් සික්කාවේ
මක්කා කරන්ටද ලැජ්ජා නැති කමට අනේ..

:)

Unknown said...

අන්න හොද ලම්යා...
කාටත් ආදර්ශයක්..:))

ලහිරු said...

සුපිරි කවි ටික.. කියලා වැඩක් නෑ සහෝ... උපරිමයි! හැදෙන එකෙකුට නම් ඔන්න!

ගිහාන් චින්තක said...

අනේ සාදූ... හොඳයි මචං... හොඳයි.... අන්තිම පදේ තමා ඉතින් හරි නැත්තේ...

Anonymous said...

Mulin Apu Kanata Wada Passe Apu Anga loku una Wage.

චීටා said...

නියමයි කොල්ලො කවි ටික අද හරිම අගෙයි
සඳරු ළමය හරි පාරට වැටිලා වගෙයි
ආදරයකට කල හැකි දේ හරි පුදුමයි
ඔහොම ම යං ඔබ දෙපලට ජය නියතයි

ඉඳුනිල් said...

උපත් පාලනේටත් සිගා ගන්න පුළුවන් නේද මචං ?

චමින්ද said...

පංකාදු පහයි මලේ.....

Ruka said...

සිගරට් නම් ගැණුන්ට වහක් වගේ..බිලා බැරිනම් නාලා ආවත් සිගරට් බොන්න එපාලු..
නියම කවිටික මචෝ..

Praසන්ன said...

නයිම කවි සෙට් එක සඳරු මල්ලී.
උඹ යාලු වෙලා ඉන්න කෙල්ලට උඹව දාල යන්න එපැයි කියල මම කිවුවයි කියහං. නැත්තං උඹ සිගරට් බීල මැරෙනව අපි බලාන ඉන්නෙ කොහොමෙයි.

ඇනෝපිලිස් said...

එල එල.......

Anonymous said...

එල එල මටනම් තම බැරි උනා ඕක කරන්න . දැන් ඉස්සර තරම් ගහන්නේ නෑ කියල හිත හදාගෙන ඉන්නේ . එල කවි ටික

මුදියන්සේ said...

ප්ටට්යි බොලවු, මරු, සුපිරි, එළ, සිරා

Observer said...

සඳරුගෙ අධිෂ්ඨානයට ජය වේවා...!!!

අකීකරු හිත said...

ප/ලි කොටස ගැන මාගේ බලවත් සංතෝෂය....

Anonymous said...

මෙන්න මගෙන් පහක්.
බොන්ඩ එපා බන් ඔය ජරාව.
ඔය අරක්කු තියෙන්නෙ බන් බොනවනම්. ගානට ගත්තම කාටවත් අවුලක් නැහැ ආතල් එකේ ඉන්න පුලුවන්නෙ.
ජයම වේවා.
JH

හා පැටික්කි (MS) said...

හ්ම්ම්ම්ම්................

samadhi said...

අනේ ඇති යාන්තම්...ඒ කෙල්ලට පින්සිද්ද වෙන්න මෙයා දැන් හැදෙනවා වගේ...ඔහොම යං ඔහොම යං ..Good boy..

jhothishalanka said...

කවිය කියෙව්වේ පස්සේ ලොකු පණිවුඩයක් තියෙනවා මේකේ.

D-tec Creations said...

Great work you have done it. any way.. I read your all post withing 2 days... :)
I was surprise about you...
All the best brother....

Anonymous said...

very good brother.... congrats...

පෙදරේරුවා නොහොත් මේසන් බාස් said...

ප/ලි : දුම් බීම අත්හලෙමි .

මමත් එහෙමයි.... ඔ‍ය ඉදලා හිටලා මලක් හරි සුරුට්ටුවක් හරි ඉරෙව්වොත් මිසක දුම් බොන්නේ අහවල් කැකිරි‍ ගෙඩියනටද ?

හෙඃ හෙඃ හේ...

දුකා said...

එල එල . . . ඕක අතෑරිය එක ලොකු දෙයක් බන්

හිතුවක්කාර කෙල්ල said...

"සිගරට්ටුවෙන් ලද මත අමතක කරලා
අලුත් දිවියකට අඩිතාලම දමලා
සිටියත් ඇය සමග අද මුලු සිත පුදලා
ඇය ගියොතින් මැරෙයි මම සිගරට් ගහලා"

ජය වේවා!!!! නියමයි නියමයි!!! හොඳ ආදර්ශයක් දෙනවා අයියා මේ කවි පෙළෙන්...නියමයි..!සිගරට් බොන එක නැවැත්තුව එකනම් නියමයි..

Anonymous said...

අද දින පටන් දවසක මිය යන තුරුම
මම දුම් නොබොමි ඈ ළඟ සිටිනා තුරු

එල එල සදරුවෝ.ඔහොම එකක්‌ අහන්න ලැබුන එකත් සතුටක්.මට නම් තම බැරි උනා බන් ඕක නවත්ත ගන්න....

Janaka Rathnayaka said...

අද දින පටන් දවසක මිය යන තුරුම
මම දුම් නොබොමි ඈ ළඟ සිටිනා තුරු

එල එල සදරුවෝ.ඔහොම එකක්‌ අහන්න ලැබුන එකත් සතුටක්.මට නම් තම බැරි උනා බන් ඕක නවත්ත ගන්න....

Anonymous said...

හපෝයි ඕකි ගිය දවසට...!

මන්තරකාරි said...

මේකාව හදලා ගන්න සඳරුට නියම කෙල්ලෙක් ලැබිලා තියෙන්නෙ... :)

Nelum said...

ඔය තිරණෙන් නම්, කවදාවත් වැරද්දක් වෙන්නේ නැහැ! ලස්සන නිර්මාණයක්!

අසරණයා said...

අන්න කෙල්ලෝ ...සැබෑ ආදරේට කරන්න බැරි දෙයක් නැහැලු නේද.මල් ගැන මොනවත් කියන්නේ නැහැ..

Anonymous said...

1. පෙම්වතියට හිස නමා අාචාර කරමි

2. සිගරට් බොන්න බොන්න කොට වෙනවා :D

Weni said...

උඹ නම් කවි ලිවත් එල ... කතා ලිව්ව ත් එලම තමයි !

හිස් අහස said...

අදහස් දුන්නු නොදුන්නු කියවලා ගිය හැමෝටම ස්තූතියි . අද නම් සේරටම ප්‍රති උත්තර දෙන්ඩ විදියක් නෑ අද හෙන බඩු මුට්ටු තොගයක් කර ගහලා ආවේ උදේ ඉඳන්ම ඔෆිස් එකේ රෙපෙයාර් එකකට සෙට් මෝල් වුණා . ඒක නිසා ටයිප් කරන්නවත් පනක් නෑ ඇඟ රිදෙනවා .

උඩ කස්ටියටම ස්තූතියි ..!!

යට අයටත් ස්තූතියි !!

Ice (අයේෂා කුලතුංග) said...

දුම් වැටියට කෙලවේවා..!! සඳරු අයියට ජය වේවා! :PP

චතුරිකා ජයංගනී කස්තුරිඅාරච්චි said...

සඳරූ මල්ලිගෙ පෙම්වතියට ජය!!!!!
ආදරේ කියන්නෙ කොච්චර බලවත් දෙයක්ද නේද මල්ලි?

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

patta

Anonymous said...

පුරුද්ද නරක වුනාට... කවි ටික නම් උපරිමයි...

Anonymous said...

අා! මගෙ තියරියක් වැරදිලා :(

ගැමියාගේ පත් ඉරුව said...

නියමයි අයියේ හොදම හොද වැඩක් කරලා තියෙන්නේ අර කෙල්ලට පිං සිද්ධවෙන්න සදරු අයියට ජීවිතයක් ලැබෙන්න යන්නේ අනික් වැරැද්දත් ෂේප් එකේ හදාගන්න අයියේ ජය වේවා...

මේ සැරෙත් 7ක් ගහන්න පුළුවන් අයියේ සැලෙන්න එපා.පෙම්වතියට ජයම වේවා.....

කවි ටික නම් පට්ට ඈ දු්ම බොන්නේ නෑ කියලා කියන්න කරපු නිර්මානේ මාර ලස්සනයි.සදරු අයියගේ විප්ලවයට ජය වේවා

Unknown said...

මේන් මේවා තමයි හොඳ වැඩ...ඔය තොල් කළුවෙන්නේ නෑ ‍ෆිල්ටර් එකක් දාලා බිව්වම,අනික මෙන්තෝල් මික්ස් එක බොන්න ගඳ නෑ,ක්‍රෙස්ට් වයිටින් ටූත්පේස්ට් ගන්න ඕනේ කහටක් මැකෙනවා....පුරුස සක්තිය ඔය කූරකට වට්ටන්න පුළුවන්නං අද මම මෙතන නෑ..මගේ ළමයි දෙන්නත් නෑ....හික් හික් .....

සයුරි said...

නියමයි...දැන් එක දිගටම කවි නේ ලියන්නේ...ඔය ඔබ නොදුටු ලොවක් කියන එව්වා විස්වාස කොරන්ට එපා...:ප

ලොකු පුතා said...

සඳරුට සහ පෙම්වතියට(විශේෂයෙන්) ජය වේවා....!!!

@ ඔබ නොදු‍ටු ලොවක්
උඹේ කමෙන්ට් එකනම් ලොවෙත් නැති කමෙන්ට් එකක්....හික්

නචියා said...

ඒකත් නැවැත්තුවා එහෙනම්. එළ එළ .......

ජයවේවා....!!!

Anonymous said...

jayawewa.....

ජීවිතේ මල් said...

ජය වේවා ! (ඔය ජරා පුරුද්ද අත් හැරියට)

:)

Anonymous said...

ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉ‍ටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]

saumiya said...

Sigeret bonda epa ban.... eka maha jaraawak !!!

Chathu said...

Ela kiri machoo... danwath athi mole paduna .... kello nam poddak wath kemathi ne okata.......

සිතුවිලි පවුර.. said...

කවි ටික සුපිරි මරුම තමා.අළුත් ජීවිතයට ජය වේවා.!
බට ගහන හැම කොල්ලෙක්ටම ඔය වගේ කෙල්ලෙක්වත් සෙට් වෙනවනම්....

සිතූ - Sithu - said...

hehe... ඉතා එල!! ජය වේවා!! :) :D

Dinesh said...

කවි ටිකනම් උපරිමයි සදරුවෝ... දැන් දැන් උඹේ කවි මාරම ගති...

පවනි said...

මට බේරිල්ලක් නෑ බොලවු....
ඒ උනාට මට මගෙ අනාගතේ ගැන බයකුත් නෑ බොලවු..!!

duliponline said...

සිගරට් බීම නවත්තපු එක නං නියමයි මචෝ . . ඒත් ඉතිං එහෙමමයි කියල ඔය දේශීය ගොවියට අත හිත දෙන එක හෙම නතරකරනවා නෙමෙයි

පිස්සා පලාමල්ල said...

සිරාවට ලව් ( සිරාවට ) කිරිල්ලත් පුදුම සුද්දිය නේ බන්.. උබ දැන් තිත තියන් තියන් යනවනේ.. මාත් බීම අඩු කරා බන්.

ඕනය කිව්ව වගේ දේශීය ගොවියව ඉදල හිටල සලකා බලමු හික්

Mithuru said...

come-on සඳරු අයියා.ඔහොම තමයි ඉන්න ඕන.ජය වේවා!

සංකල්ප said...

දැන් ටීවි එකෙත් සිගරට් බොන දර්ශන වලට කොටු දාන්නේ නෑ. ඒ වෙනුවට එක එක වැකි දානවා. :)

චමිල් said...

මචං පට්ටම පට්ටම පට්ටම පට්ට. උඹේ මේ වචන ටික කියවලා හිතට දැනුනු දේ කියන්න වචන නෑ මචං. සුපිරියි.

ජය වේවා !

Anonymous said...

duma nawaththanna hethu una kella gena thava avurudu pahakata passe liyana kaviyath mata aniv kiyawanna salavanna .....dum bonna epa... eaka hari eath ... ara kella.....

The තරුවා said...

හිකිස්...පට්ට පට පට..

පරිකල්පන said...

ජය වේවා!!! ඔහොම යං... ඔහොම යං...

මන්ඩිපාල said...

පට්ටම ආතල්ය සිගැරට් ගහන විට,
ඒ බව කිව්වෙ එය ගහනා අයම විය,
මම නම් දන්නෙ මේකයි කිව යුතු සබද,
ආතල් දැනෙන්නෙ මේකෙන් මළ දවස...

බොන්න බොන්න ටික ටික තොල් කලු වෙනවා,
පෙනහළු ටිකෙන් ටික කර වී රොස් වෙනවා,
ගහන එකා ටික ටික පරඩැල් වෙනවා,
ගෙදර මුදල් ටික සුද්දට පුච්චනවා...

නුඹෙ පෙම්වතිය දුන් ඔවදන් පිළිපැදලා,
සිගැරට් නවත්තපු නුඹ හරි හොද මිනිහා,
නුඹේ ගමන සුභ වන බව මට දැනිලා,
මමත් පැතුව ජය ශ්‍රී නුඹ අගයාලා...

Charith Samarakoon said...

අඩේ පට්ට පට්ට... නියමයි.... ජයවේවා! සඳරුව ලියපු පට්ටම ප.ලි. එක... එළ එළ සඳරුව බොක්කෙන්, ලව් සිගා උඹ පළ...

Anonymous said...

Ela sirawatama.......

Post a Comment

තැන්කූ බං