15.2.12

ගමක් කාපු පොලිස් බල්ලෝ


සිදුවීම නම් මට කවදාකවත්ම අමතක වෙන එකක් නෑ . ඒ ඇයි කියලා කීවොත් මගේ ජීවිතේට මම අත් විඳලා තියන සිදුවීම් එක්ක බැලුවහාම මේ වගේ සිදුවීමක් නම් මම කිසි දිනෙක විඳලා නැති නිසා වෙන්නැති .මේ සිදුවීම මගේ හිතේ කාලාන්තරයක් තිස්සේ කැලතෙමින් තිබුණා ඒත් ඒක අකුරු කරගන්න විදියක් නැතිව මම දවස් ගාණක් කල් මැරුවා. අන්තිමේදී තීරණයක් අරගෙන මේ සිදුවීම ලියලා දාන්න හිතාගත්තා

පායන කාලෙට මගේ ගම් පළාත හරිම වෙනස් .වැහි කාලෙට පිරිලා තිබුණු ගස් වැල් සහ මිනිස්සුන්ගේ මූණු පායන කාලෙට මැලවිලා යන හැටි බලන්න දුකයි . කොළ හැළුණු ගස් වැල් සමහරක් මැරිලා යද්දී ඒ අතරින් එරමිණියා පතොක් වගේ කටු ගස් වර්ග වැවෙන්න පටන් ගන්නවා . ගස් කොළන් වල විතරක් නෙවෙයි මිනිස්සුන්ගේ වුණත් ගතිගුණ මේ කාලෙට වෙනස් වෙන එක සාමාන්‍ය දෙයක්.

කුඹුරු ගොයි තැන් පාළු වෙන කොට සමහරු හොර වැඩ පටන් ගන්නවා . වැලක වනලා තියන රෙදි කෑල්ලේ ඉඳන් අල්මරියේ තියන සල්ලි ටිකටත් උපරිම ආරක්‍ෂාව දෙන්න මේ පළාතේ මිනිස්සු පායන කාලෙට සූදානම් වෙන බවත් නොකියාම බෑ . ඉතින් මේ ලියැවෙන්නේ අපේ ගමේ හිටි එක හොරගෙඩියෙක් දුන්න රොබරියක් නිසා මගේ ගමම පච වෙච්ච කතාවක් .

 අවුරුද්ද නම් හරියටම මතක නැති වුණත් . ඒ අගෝස්තු මාසේ එක සිකුරාදා දවසක් බව මට ටක්කෙටම කීව හැකි .පහුවදා ඉස්කෝලේ නිවාඩු දවසක් බව මට හොඳට මතක නිසා මට දවස හරියටම කියන්ඩ පුළුවන්

ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් අම්මා බෙදලා දුන්න බත් එක කටට දෙකට ගිලලා දාන එක මගේ හැටියක් .රහ ගුණ බලන්න ඒ තරම් උවමනාවක් නැති ඒ කාලේ බඩ පුරුවා ගන්න මැටි ගුලියක් වුණත් ගිලින්න පායන පළාතේ අපි අනුවර්තනය වෙලා හිටියා . ඉතින් එදත් කඩිමුඩියේ බත් එක ගිල දාන අතරේ මගේ පිඟානට අඩු වැඩි සපයන්න මගේ ගාවට ආපු අම්මා පොල් කටු හැන්ඳකින් මගේ බත් පිඟානට හොදි ටිකක් වක්කරන ගමන් මම ඉස්කෝලේ ඉන්න අතරේ ගමේ වෙච්ච කතාවක් මට කියාපෑවා .

"
පුතේ චූටික්කු අයියලෑ දිහාට ඊයේ රෑ හොරු පැනලා"

"
මොහක් ..”

කටේ බත් පුරුවාගෙන හිටපු මම කලබලයෙන් එහෙම අහනකොට අම්මට ටිකක් කේන්ති ගියා .

"
ඉස්සර වෙලා කාලා ඉන්නවද මම කතාව කියන්නම් ඊට පස්සේ .” 

බත් එක ඉක්මනට ගිල දාලා කාලා ඉතුරු කල බත් පිඟාන මේසේ උඩ අතෑරලා යන්තම් අතත් හෝදගත්ත මම කුස්සියේ තිබුණු මැටි කළේ උස්සලා අරගෙන ඒකෙන්ම වතුර ටිකකුත් බීවේ කෝප්පෙකට වතුර ටිකක් නවා ගන්න තිබුණු කම්මැලි කම නිසාමයි . ඊට පස්සේ හෙමිහිට දෙර රෙද්ද අතරින් සාලෙට එබිකං කරපු මම අම්මට හොරෙන් පිටි පස්ස දොරෙන් පැනලා මගේ මිත්‍රයෙක් වෙච්ච ජනාව හමුවෙන්න ගියා

අම්මගෙන් මේ සිදුවීම ගැන කරුණු දැනගන්නවාට වඩා ජනා එක්ක ඒ හොරකම වෙච්ච තැනටම ගිහින් ඒ සිද්ධියේ අලගිය මුල ගිය තැන ඉඳන් හාරාවුස්සලා දැනගන්න මගේ හිතේ ආශාවක් තිබුණා . ටීවී එකේ ඒකාලේ නිතරම ගියපු පුංචි වීරයන්ගේ රහස් පරීක්‍ෂක කතා බළලාම ඔය වගේ සිද්ධියක් වෙච්ච හැටියේම අපිත් එතනට එක් රොක් වුණේ සීනි ගෝනියට එකතු වෙන ඇඹලයෝ රොත්තක් වගේ .
මම ජනාලාගේ ගෙදර යනකොටත් ඌ හිටියේ උගේ තාත්තගේ පුට් සයිකලේට හුළං ගන ගමන් .

"
..ඒ සඳරු මෙන්න මේ පොම්ප බටේ ටිකක් තද කරලා අල්ල ගනිං .”
 
මම ළඟට කිට්ටු වෙනකොටම ජනා කීවේ පුදුම සතුටකින් . මොකද කීවොතින් ජනා උඩ පැන පැන බයිසිකලේට හුළං ගැහුවත් ඒ කැඩුණු පොම්ප බටේ අතරින් හුළං පාරවල් එළියට පැනලා හතර අතේ විහිදෙනවා . තව කෙනෙකුගේ උපකාරයක් නැතුව මේ විදියට හුළං ගහන්න ගියොතින් ඌට තව සුමාන දෙකක්වත් ඒ බයිසිකලේට හුළං ගහන්න වෙන එකනම් සිකුරුයි කියලා මට හිතුණා .ඉතින් මමත් හනි හනිකට ගිහින් ඒ කැඩුණු පොම්ප බටේ කීප පොලකටම අත තියලා තද කරගත්තා . ඉතින් මගේ උදවුව නිසා විනාඩි කීපයක් ඇතුළත බයිසිකලේට හුළං ගහගන්න ජනාට පුළුවන් වුණා .

"
චූටික්කු අයියලෑ ගෙදෙට්ට ඊයේ හොරු පැනලා නේද බං . ?”

"
ඔවු වොවු ! මමත් මේ එහේ යන්ඩ තමා මේ .”

"
යමු දෙන්නම යමු එහෙනම් .”
 
ජනාව සයිකලේ පොල්ලේ ඉන්ඳවාගත්තු මම බයිසිකලේ පදින්න පටන් ගත්තා . ජනා මට වඩා ඇඟපතින් තරබාරු කොල්ලෙක් වුණත් ඌ හුළං ගහන්න මහන්සි වෙච්ච නිසා මම බයිසිකලේ පැදගෙන අපේ චූටික්කු අයියලෑ ගෙවල් දිහාට ගියා

චූටික්කු අයියා වැඩ කළේ සමූපකාරේ . ඉතින් ඒකෙන් බඩු මුට්ටු අරගන්න ගමේ ඕනෙම එකෙක් චූටික්කු අයියාව හොඳට අඳුනනවා . ඉතින් අපි දෙන්නා චූටික්කු අයියලෑ ගෙවල් පැත්තේ ගාටනකොටත් ගමේ සෑහෙන දෙනෙක් චූටික්කු අයියලෑ ගෙදරට එකතු වෙලා හිටියා

ගමක තත්වය ඕකයි.. දානයක් , බණක් , මගුලක් වගේ දෙයකදී විතරක්ම නෙවෙයි මරණයක් , හොරකමක් වගේ කරදරයකට හිරිහැරයකට ගම්වැසියෙක් මුහුණ දුන්නොතින් ගමේ භාගයක් දෙනා මොන වැදගත් වඩේ තිබුණත් ඒක අහක දාලා එතනට විජහට එකතු වෙනවා . පුළු පුළුවන් විදිහට විපතට පත්වූ එකාට උපකාර කරනවා . සල්ලිය බාගේ විය පැහැදම් කරලා උපකාර කරන්න බැරි නම් වචනයකින් හරි සවියක් වෙන්න ගමේ එවුං කවදාවත් පසුබට වුණේ නෑ .

චූටික්කු අයියලෑ ගෙදරට ලං වෙද්දිම මම දැක්කේ පපුව හීතල වෙලා යන දසුනක් . ගෙදර ප්‍රධාන දොර කඩා දාලා ! ඒ විතරක් නම් මදෑ . ගේ ඇතුළේ තිබුණු ලස්සන විදුලි පහන ඉස්සරහා පිල් ගැට්ටේ ගහලා කෑලි වල කඩා දාලා . ඒ අතරෙම මිදුලේ තැනින් තැන මුනිං අතට හරවලා තිබුණු මුට්ටි කීපයකුත් මම දැක්කා .

"
අඩෝ මල්ලියා . බලාපං අපිට වෙච්ච දේ “

එකපාරටම පිටු පසින් ඇහුණු වේදාත්මක හඬකින් මම ගැස්සිලා ගියා . ඒ චූටික්කු අයියා .

"
මොකද බං අයියේ මේ උඹලට උණේ ?”

"
අඩෝ මල්ලියා එක තඹ සතයක් උං ඉතිරි කරලා නෑ බං . සාක්කු වල තිබුණු දේවල් පවා අරං ගිහිං බං .”

"
අයියේ හොර ගෙඩියෝ මෙච්ච හරියක් කරද්දී උඹලා බතල තැම්බුවැයි ?”මම එහෙම අහද්දී ජනාට පොඩි හිනාවකුත් ගියා .

"
නෑ බං උං අපි නිදාගෙන ඉන්දෙද්දී වහලේ උළු අයිං කරලා අපිට නිදි බේත් ඉහලා ! ඉතින් අපි අද උදේ නැගිටිනකොට සේරම සුද්ද කරලා දාලා බං .”

"
පොලීසියෙන් ආවේ නැතෙයි බං ?”

"
මොකෝ නැත්තේ .මේ මිදුල පුරා තිබුණු අඩි පාරවල් කීපයක් මුට්ටි වලින් වහලා තිබ්බේ පොලීසියෙන් තමා . හවසට ආයේ පොලීසිය මේ පැත්තේ ඒවි . ඒත් බං දැන් පොලීසිය මොනා කරන්නද ?”
 
එහෙම කියාපු චූටික්කු අයියා ආයෙමත් ගේ පිටිපස්සට ගියා .

"
මේ හොරු නම් ගමේ එවුං වෙන්ඩ බෑ කතා දෙකක් නෑ මුං අල්ලපු ගමෙන් ආපු කාණ්ඩයක් තමා !

 “ගමේ කීප දෙනෙක් එගෙම කතාවෙන හැටි මම එක කනකින් අහගෙන හිටියා . මටත් ඒ කතාව හොඳටම විශ්වාසයි . මගේ මේ ගමේ හොර තක්කඩි හිටියේ බොහොම අඩුවෙන්. දෑත වෙහෙසලා හේන් කුඹුරු වැඩ කල බහුතරයක් දෙනා අතරේ ඉඳලා හිටලා කසිප්පු පෙරන්නෙක්, ගංජා හේනක සාඩම්බර හිමි කරුවෙක්,කැලෑ පාළුවෙක් දෙනෙක් උන්නත් හොරෙක් මංකොල්ල කාරයෙක් මේ ගමේ බෝම කාලෙකට ඉහත ඉඳන් නොහිටිය බව මට සහසුද්දෙන්ම කීව හැකි . ඒත් අවට ගම් වල නම් නම් දරාපු හොර ගෙඩියෝ රෑනක් ඒවෙනකොට හිටි බව මට හොඳට මතකයි.

එතනට ආපු ගමේ ගෑනු මිනිස්සුන්ගේ කටවල් දිහෑ බලාගෙන කටපල්ලෙන් වැටෙන නොයෙක් වචන අහුලමින් හිටි අපි දෙන්නා ගෙදර යන්න පිටත් වුණේ හවස බිං කළුවර වැටෙන්න කිට්ටු වුණාට පස්සෙයි

පහුදාට එළි වුණා . එදා සෙනසුරාදා දවසක්. සෙනසුරාදාට පස්ස පැත්තට ඉර එළිය වැටෙන තුරු නිදාගන්න මට එදා නම් ඉක්මනින් අවදි වෙන්න වුණා .

"
පුතා ඉක්මනට නැගිටින්න .චූටික්කුලාගේ හොරකම ගැන හොයන්න අන්න පොලිස් බල්ලෝ වගයක් ඇවිදිල්ලා ! බලන්න උං හරිම විශාලයි"

මමත් හනිකට අවදි වෙලා මූණේ වතුර ටිකක් ගාගෙන හනිකට පාර දිහෑට ගියේ උපන්තේකට නොදැක්ක පොලිස් බල්ලෝ නෙත් පුරා දැක බලාගන්න හිතාගෙනයි !

හන්දියේ මාළු ලෑල්ල ගාව පොලිස් ජීප්පුවක් නතරකරලා තිබුණා ගමේ ලොකු පොඩි බොහොම දෙනෙක් ඒ ජීප් එක වටේ එක්රැස් වෙලා උන්නේ නිකම් නියං ආධාර බෙදන්න ආපු වාහනයක් වටේ එකතු වෙන පීඩිත පන්තියේ ජන සමූහයක් වගෙයි .

එතන වට වෙලා උන්නු ගමේ උං අස්සෙන් රිංගලා මමත් කෝම හරි ඒ ජීප් එක ගාවට කිට්ටු වුණා . එතකොටම ජීප් එකෙන් තඩි පොලිස් බල්ලෝ දෙන්නෙක් බිමට බැස්සා . උන්ගේ කරපටි වලින් අල්ලාගෙන රාලහාමිලා දෙන්නෙකුත් ඒ අය සමගම හිටියා .

"
හප්ප්පුච්චියේ !! ඒ බල්ලොන්ගේ ලොකූ , . . . . !”

"
කිරි අත්තේ උංඟේ පත .. . . . . ! “

"
මයෙ අම්මා මෙහෙමත් බල්ලෝ . . . . !“

"
මුං බල්ලොද අලිද ...?”

ඔන්න ඔය වගේ ජොලි කියමන් ගමේ බොහෝ දෙනෙකුගේ කටින් එළියට විසික් වුණේ ඉබේටමයි . ඇත්ත . . . !‍ ජීප් එකෙන් බිමට බැහැපු පොලිස් බල්ලෝ දෙදෙනා නම් ගොඩාක් තරබාරුයි . අපි නිතර දෙවේලේ පාර තොටේදී දකින වල් බල්ලොන්ට , ලොං හැලිච්ච සිමෙන්ති බල්ලොන්ට , සිරුර පුරා තුවාල පිරුණු අච්චරු කුකන්ට වඩා උන් ගාම්භීරයි , උඩඟුයි ! ඒ විතරක් නෙවෙයි පොලිස් නිලධාරින්ටම හිමි චණ්ඩ සැර පරුෂ පෙනුමත් ඒ බල්ලෝ දෙන්නාට නොඅඩුව පිහිටලා තිබුණා .

පොලිස් බල්ලෝ දෙන්නා සමග පොලිස් නිලධාරින් පිරිසක් චූටික්කු අයියලෑ හොරු බිඳපු නිවස වෙත ගාටද්දී ගමේ සාමාන්‍ය ජනතාවත් ඒ පිටිපස්සේ බයෙන් බයෙන් ගමන් කලා . ඔන්න ඔහොම සිද්ධිය වූ ස්ථානයට ගමන් කරපු පොලිස් රාලහාමිලා සමග උන්නු පොලිස් බල්ලෝ දෙන්නා වහ වහා තමන්ගේ රාජකාරිය ආරම්භ කලා. 

චූටික්කුලෑ ගේ ඇතුළටත් වටේටත් ගියපු පොලිස් සුනඛ ඩබලගේ නාස් දෙකට මොකක්දෝ මන්දා සරොම් කඩාමල්ලක් එක් පොලිස් රාළහාමි මහත්තයෙක් ගාවන විදිහ මම ඈතක ඉඳන් බලාන හිටියා . ඒ සරොම් කෑල්ල්ලේ සුවඳ බලාපු පොලිස් නිල සුනඛ ජෝඩුව දෙපැත්තකට ගමන් කළා .

ගමේ උදවියත් කාණ්ඩ දෙකකට බෙදිලා ඒ පොලිස් බල්ලන් පිටුපසින් ගමන් කරන්න උත්සහ කළත් පොලිස් නිලධාරී මහතෙක් මම ජීවිතේට අහලා තිබුණු සුන්දරම බස් වහරකින් රැස්ව සිටි පිරිස අමතලා ආපසු ගෙවල් බලා යන්න කීව නිසා ගමේ උදවිය සමගම මමත් ගෙදර යන්ඩ ආපහු හැරුණා 

ගෙදර ගියපු මම උදේ වරුවේදී ජීප් එකෙන් බැහැපු පොලිස් බල්ලෝ දෙදෙනා ගැන අම්මට විස්තරයක් කරමින් ඉන්න අතරේ පාර පැත්තෙන් ඇහුණු කලබලයක් නිසා මට ඒ වැඩේ මොහොතකට නවත්තන්න සිද්ධ වුණා ! ඒ කලබලේ මොකද්ද බලන්න එළියට බැහැපු මම දැක්කේ පාර දිගේ ගෑනු පිරිමි රොත්තක් කොහේදෝ දුවන හැටියි .

"
චන්ද්‍රා අක්කේ කොහේද දුවන්නේ ?”

අම්මා පිලේ ඉඳන් කෑගහලා එහෙම අහද්දී පාර දිගේ දුවමින් සිටි අය අතරේ හිටි චනද්‍රා නැන්දා ආපහු හැරිලා අපේ වත්තට දුවගෙන ආවා . එයාගේ කොණ්ඩේ අවුල් වෙලා ඇස් දෙක එළියට පැනලා .මට එයාව පෙනුණේ නොමළ ගෙයකින් අබ ටිකක් හොයාන දිවුව කිසාගෝතමී වාගේ .

"
කොහේද බං මේ පණ කඩාගෙන දුවන්නේ ?”

අම්මා ආයෙමත් එහම අහද්දී බයෙන් ගැහෙමින් හිටි චන්ද්‍රා නැන්දා කටහඬ අවදි කලා !

"
අනේ නංඟියේ ගුණේ මල්ලිලෑ ගෙදරට තමයි පොලිස් බල්ලෝ දෙන්නා ඉව අල්ලගෙන ගිහින් තියෙන්නේ අන්න පොලීසියෙන් ගේ පෙරලනවා .” 

ඒ කතාව ඇහුණා විතරයි මම අඩියට දෙකට ගුණේ මාමලෑ ගෙදරට දිවුවා මම යනකොටත් අහලපහල හිටි බොහෝමයක් දෙනා ගේ අවට එකතු වෙලා ඉන්න හැටි මම දුර තියාම දැක්කා . ඒ එක්කම මම මගේ ජීවිතේට මගේ මේ ඇස් දෙකෙන් දැක්ක දුක්බරම සිදුවීමත් එදා දැකගත්තා .

ගුණේ මාමාව පොලීසියෙන් වටකරගෙන උන්නා . එයා අපිට මූණ දෙන්න බැරිවද කොහෙද බිම බලාගෙන කඳුළු හලමින් උන්නා . ඒ අතරම ගේ ඇතුළේ බඩු මුට්ටු සී සීකඩ විසුරුවමින් ගේ ඇතුළේ හොර බඩු හොයන පොලීස් නිලධාරින් කීප දෙනෙකුත් මම දැක්කා . ඒත් මම දැක්ක දුක්බර සිදුවීම ඒ එක නම් නෙවෙයි

ගුණේ මාමගේ අම්මා තමයි පුංචි හාමි ආච්චි . එයා ගේ වයස එතකොට අවුරුදු 80 විතර වෙන්නැති . ඒ මහලු කාන්තාව බිම වැතිරිලා කඳුළු වගුරුවමින් කාටදෝ වඳිමින් හිටියා . මමත් වටේ හිටි උදවිය අතරින් රිංගලා එතනට කිට්ටු වුණා . ඔන්න එතකොට මගේ ඇස් දෙකට කඳුළු උණාපු ඒ අමුතුම සිද්ධිය මම දැක්කා . පුංචි හාමි ආච්චි වඳිමින් හිටියේ පුවක් ගහක ගැටගහලා උන්නු පොලිස් බල්ලෙකුට .

"
අනේ බුදු මහත්තයෝ , අනේ මගේ පුතා හොරෙක් නෙවෙයි මහත්තයෝ. අනේ මේ අයට ඇත්ත හොරාව පෙන්නාදෙන්න මහත්තයෝ. අපි එදා වේල හොයාගෙන පාඩුවේ ජීවත් වෙන මිනිස්සු මහත්තයෝ .” 

බල්ලෙකුට "මහත්තයෝ" කියමින් වඳින කාන්තාවක් ජීවිතේට දැකලා තියනවාද ? මම හිතන්නෑ ඔබ කවුරුත් මම එදා ඒ දැකපු දසුනට සමාන දසුනක් ජීවිතයේ කවදාකහෝ දැකලා ඇතෙයි කියලා . එදා ඒ සිදුවීම දැකලා ගමේ යකඩ හිත් තිබුණු පිරිමි පවා ඇඬුවා . ගමෙන්ම වැඳුම් පිදුම් ලද බොහෝම වයස් ගත කාන්තාවක් ජර්මන් සෙප්පඩ බල්ලෙක් ඉදිරියේ වැඳ වැටිලා ඇඬුවා . ඒත් ඒ ආඩම්බර කාර පොලිස් බලු තඩියා පුංචි හාමි ආච්චිගේ අඳෝනාව කනකටවත් ගත්තේ නෑ . ඌ දක්වාපු එකම ප්‍රතිචාරය තමයි කකුලක් උස්සලා ඌව ගැටගහලා හිටි පුවක් ගහට මුත්‍රා කරපු එක.

පැයක් දෙකක් ගේ දෙවනත් කරමින් බඩු මුට්ටු සීසීකඩ විසුරුවමින් හෙවුවත් ගේ ඇතුළේ තිබිලා හොර බඩුවක් තබා රුපියලක්වත් වත් හොයාගන්න පොලීසියට බැරි වුණා . ඒ වුණත් පොලීසිය ගුණේ මාමව කුදලාගෙන පොලීසියට ගෙනිච්චා 
 .
සතියක් පුරාම පොලිස් රාලහාමිලත් පොලිස් බල්ලෝ දෙදෙනාත් හොර බඩු හොයමින් ගම පුරාම කරක් ගැහුවා ඔය කියන දවස් වල ගමේ තිබුණු තත්වය මට තාම මතකයි .

පොලිස් බල්ලෝ වැරදීමකින් හෝ තම වතු වලට ඇතුලුවේවි කියලා හිතාපු මිනිස්සු තමන්ගේ වත්ත වටේට කහ වතුර ඉහින්න ගත්තා , ගෙවල් වල තිබුණු කරවල උම්බලකඩ වගේ දේවල් කැලේට විසිකළා. යන්තම්වත් මේ මස් මාළු වල සුවඳ වැදිලා පොලිස් බල්ලෙක් තමන්ගේ ගේ දිහාවට ඒවි කියන බය හැම ගැමියෙකුගේම හිතේ මුල් බැහැගෙන තිබුණ නිසාම ඒ දවස් කීපයේම ගමේ ගෙවල්වල මිනිස්සු කෑවේ බතුයි එළවළුයි විතරමයි . කවදාවත් හොරකම් නොකරපු ගුණේ මාමට වෙච්ච දේ එක්ක බලද්දී බය සාධාරණයි . ගමේ මිනිස්සු වත්තට දිවගෙන එන වල් බල්ලෙක් දැක්කත් සිහිමුර්ජා වෙලා බිම ඇදවැටෙන තරම්, රෙද්දේ රෙවෙන තරම් බෙලහීන වෙලා තිබුණා

බඩුත් එක්ක ඇත්තම හොරාව අල්ලගන්නා තුරුම අපේ ගමේ උදවිය ගතකළ ඒ දුක්බර කාල සීමාව මට කවදාකවත් අමතක වෙන එකක් නෑ . මේ සේරම දේවල් සිද්ධ වුණේ එක වැරදි ඉවක් නිසා .තිරිසනෙකුට මිනිහෙක් පරදින්න හැටි මම එදා මයෙ මේ ඇස් දෙකෙන්ම දැක්කා .

ගුණේ මාමා හැබෑවටම හොරෙක් කියලා ඔප්පු වුණා නම් මම මේ කතාව කිසි දවසක නොලියන්න ඉඩ තිබුනා ඒත් රට ඉඳන් ආපු දක්‍ෂ පොලිස් බල්ලන්ට අල්ලන්ඩ බැරි වුණ ගෙවල් බින්ඳ හොරා හිත් පිත් නැති කනප්පුවක් විසින් අල්ලගත්තා .ඒ අරුම පුදුම කථාවත් මම දවසක ලියාදාන්නම්



ඒ කනප්පුවේ අරුම පුදුම කතාව දැනකියාගන්ඩ මෙතනින් යූ ටර්න් එකක් ගන්ට

 
ප/ලි මෙම කතාව සත්‍ය බවත් මෙහි එන සියලු නම් මනංකල්පිත බවත් පොලිස් බල්ලන් කියා මා මෙහි සඳහන් කර ඇත්තේ පොලිස් සුනඛයන්ට වන අතර මේ කතාව මගින් කිසිවෙකුට අපහාස කිරීමට හෝ චෝදනා කිරීමට මා උත්සාහ කර නොමැති බවත් කරුණාවෙන් සලකන්න .

104 comments:

පූසා said...

බොක්කටම වදින උඹේ ලියවිල්ල ගැන අමුතුවෙන් වර්ණනා කරන්න ඕන නෑනේ බං!

හිතහොඳ පිස්සා said...

පොලීසි වල ගොන් පාට් කොච්චර නම් තියෙනවද සඳරු අයියෙ.....අහිංසක මිනිහ හැමදාම තැලෙනව .

pavithra rox said...

patta..kathava..mama me me blog 1a cmnt karana palaveni vathava..oya lassanata blog 1a kaanava..jaya!!!!!

Anonymous said...

පොලිසියේ මිනිහත් එකයි බල්ලත් එකයි!

pavithra rox said...

හප්පට...මම මේ මේ බ්ලොග් එකේ කමෙන්ට් කරන පලවෙනි වතාව..බ්ලොග් එක නම් පට්ට කියල වැඩක් නෑ.සදරුට ජය ..!!!

Anonymous said...

නියමයි මල්ලියේ ..අර කනප්පු කතාවත් ලියපන්කො. ප්‍රසන්න ( වත්තල )

කිරිපුතා said...

සිරාවටම දුක හිතුනා මචං.........

දිනුක said...

බල්ලෙක් උනත් පොලීසියට බැඳුනම පොලිස් ගති පුරුදු වෙනවනෙ බං.පොලිස් බල්ලෝ..... අනේ අර හොරිකඩ බල්ලෝ කොච්චර හොඳද ඒ අතින් බලපුවාම.

බට්ටා said...

සඳරු අයියේ, මං අහන්නේ මෙච්චරයි! මෙච්චර දවස් පෝස්ට් එකක් දාන්නැතුව උඹ තැම්බුවෙ මඤ්ඤොක්කෙයි?

කස්ස said...

පවු බං ගුණේ මාමා! බුදුමයි බල්ලන්ට ඉව අප්සෙට් ගියා

Dude said...

සඳරුවා, මේ බ්ලොග් එක ලෝඩ් වීමේ අවුලක් තියෙනවා. දෙතුන් පාරක් ඇන්නත් නිල් පාට පසුබිමේ තියෙන අකුරු කියවන්න වෙන්නෙ හයිලයිට් කරලා. පොඩ්ඩක් බලමුද ටිකක් ලා පාට පසුබිමක තදපාට අකුරු තියෙන එකක් මුල ඉඳන්ම? ලෝඩ් වුනාට පස්සෙ නම් අවුලක් නෑ. අර දෙපැත්තෙ තියෙන නිල් පාටින් තමයි වැඩේ වල් වෙන්නෙ.

henryblogwalker the Dude

රයිටර් said...

බල්ලා ගුණේ මාමලාගේ ගෙදර හොයාගෙන ගියේ ඇයිද දන්නේ නෑ නේද සඳරු අයියේ.

ගුණේ මාමගේ අම්මා අඬපු එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ, අර තමන්ගේ ලේන් පැටවූ මුහුදට වැටුනාම නැට්ටෙන් මුහුදේ වතුර අයින් කරන්න හදපු ලේන් අම්මලාගේ කාතවලුත් අපේ ඉතිහාසෙත් තියනවනේ. එහෙම තමයි අම්මලා...

හැමදාම වගේ ඔයාගේ කතා සුපිරි මැක්සා.. ජය වේවා !!!

Anonymous said...

සඳරු අයියේ, කතාව නම් ෆට්ටයි ආ.... . නිතර නිතර නොලියා ඔහොම ලියන එක හොඳා. ඇත්තම කිව්වොත් තුන්තිස් පැයේම පෑන අතේ තියන් කුරුටුගාන වෘත්තීය පත්තරකාරයෝ වෙච්ච අපිටවත්, කොම්පීටර් කරන ඔයාට වගේ අදහස් ප්රකාශ කිරීමේ දක්ෂතාවක් නෑ.එදා ඔයාගැන ගිය ආටිකල් එක නිසා අපේ පත්තරෙත් දෙතුන්සීයක් වැඩිපුර විකිණුනා මං හිතන්නේ. ඔයාට සුභ පතනවා.
මේ හිස් අහසට මගේ පළවෙනි කොමන්ටුව.

saumiya said...

කනප්පුවේ සීන් එකත් ඉක්මනටම කියපන් මචං..

Gimhani said...

හිතට වදින කතාවක් .
…හුඟක් කලකින් නේද පෝස්ට් එකක් දෑම්මෙ ?

Pubudu said...

නියමෙට ලියල තියෙනව සඳරැ, අර කනප්පු කතාවත් ඉක්මනට ලියන්න. ජය!!

Ravi said...

/ පොලිස් බල්ලන් කියා මා මෙහි සඳහන් කර ඇත්තේ පොලිස් සුනඛයන්ට වන අතර මේ කතාව මගින් කිසිවෙකුට අපහාස කිරීමට හෝ චෝදනා කිරීමට මා උත්සාහ කර නොමැති බවත් කරුණාවෙන් සලකන්න . /

ඉතිං බං නෑ කිය කිය උඹ මේ වාක්කියෙං කොරල තියෙන්නෙ අන්තිම අපහාසයක් නෙව....පොලීසියෙ එවුන් උඹේ බොලොග් එක බලන්නෙ නැත්නං හොඳයි, බැරිවෙලාවත් බලනව නං එහෙම අද රෑ උඹ නිදා ගන්නෙ ගෙදර නෙවෙයි බලු කූඩුවෙ....හෙහ්, හෙහ්,

හරි, අපහාසෙ ගැන එච්චරයි....දැන් පොලිස් බල්ලො ගැන..ඒ කිව්වෙ මේ පොලිස් සුනඛයො ගැන. ඔය බල්ලො නොමඟ යවන එක එච්චර දෙයක් නෙවෙයි මල්ලි ඔලුව තියෙන හොරෙකුට....

එව්වට තියනව ක්‍රම සහ විධි....මම ඒ ගැන වැඩි විස්තර කියන්නෙ නෑ...මොකද කරුමෙටවත් පොලීසියෙං හිස් අහස බලනව නං අද රෑ උඹත් එක්ක මාත් බලු කූඩුවෙ. උඹට චෝදනාව අපහාස කිරීම.....මට.....රාජකාරි කඩාකප්පල් කිරීමට තැත් කිරීම සහ සොරකම් වලට අනුබල දිම.........

Anonymous said...

මේ ළඟකදී අපේ ගමේ අරක්කු බාර් එක කොල්ල කාල තිබුන.එතනටත් ඔය විදිහටම පොලිස් බල්ලෙක් අරන් ඇවිත් තිබුන.ඒකත් බොහොම ආඩම්බරයෙන් ගමවටේම කරක් ගැහුවා.එක ගෙදරක් ළඟදී නම් බල්ලා නෝන්ඩි උනා. ඒ ගෙදර හිටිය කැහැටු ගැහිලා හිටිය වල් බැල්ලියක් උජාරු පොලිස් බල්ලාගේ කන කෑව.එතනින් පස්සේ පොලිස් බල්ලා නොසන්සුන් උනා වගේ.ඌ වටපිට බලල ලඟම තිබුන ත්‍රී රෝද රථයට නැගල පසුපස ආසනයේ වාඩිවුණා.ඌව එලියට ගන්න බොහොම අමාරු වුණා.අන්තිමේදී ත්‍රී රෝද රථයේ හිමිකාරයා සැකකරුවෙක් වුණා.කොහොම උනත් ඔහු පසුව නිදහස් වුණා.

සරත් ලංකාප්‍රිය said...

පවු අහිංසක මනුස්සයට බල්ලත් පෙනෙන්න ඇත්තේ මනුස්සයෙක් වගෙයි.. සමහර මිනිස්සු බල්ලන් වගේ පෙන්නෙන පුළුවන් එකේ බල්ලෙක් මනුස්සයෙක් වගේ පෙනිච්ච ඒක පුදුමයක්ය..

සිත්රූ සිහින said...

කොයි තරම් පව්ද ඒ අම්ම..සමහරවිට ගුනේ මාමගෙ සරමක කෑල්ලක් හොරකම උන තැනට දාන්න ඇත්තෙත් හොරාම ප්ලෑන් කරල..:S

Anonymous said...

සිද්දිය අපිත් දැක්කා වගේ මලයා. රූප මැවෙන්ඩ කළ විස්තරේ නම් ෆට්ටයි ඈ! ගැමි කම බොක්කටම දැනෙනවා. පව් අඩේ, අර ආච්චි ගැන දුකයි. (අකාරුණික ලෝකේ බලු සරන පැතීම) බල්ලට ගිය රට නේ.
- සුද්දා

Praසන්ன said...

පොලිස් උනත් බල්ලොනෙ. නැත්තං ඌව ගැටගහල හිටපු පුවක් ගහට කකුල උස්සයිද?
නියමෙට ලියල තියෙනව සඳරු මලේ.
අර කනප්පු කතාවත් දාහං ඉක්මනට.

Pisakkaatuwa said...

ගොඩක් බල්ලෝ ගැන අහල තියනවා. හැබැයි 'සිමෙන්ති බල්ලෝ' කියල ජාතියක් ගැන ඇහුවේ අදයි. අඩේ කනප්පු සින් එක ගොඩක් තියෙන්නේ දකුණු පලාතෙනේ. එතකොට ඔය පැත්තෙත් කනප්පු සින් එක තියනවද?
අම්මල ගැනනම් කියල වැඩක් නැ මල්ලි. අම්මලාගේ දරුසේනේහස ඉස්සරහ හැමදෙයක්ම පරාදයි.

Ishara said...

මොකද අර පොලිස් බල්ලො ගැන වෙනම කියලා තියෙන්නෙ. ඇයි වෙන අයට මාරු කර ගනී කියලද? එහෙම වෙන්නෙ නෑ. අපි දන්නවානෙ ඔය මොන බල්ලොද කියලා.......

Raj said...

ඔකතමා බං අර ආච්චී අම්මගේන් කියැවෙන අහිංසක ගමේ ගැමියගේ සරල ගැමි කම..අප්සට්නේ මචො..ජිවිතේ වෙලාවකට ලැබෙන අත්දැකීම් මහ කමකට නැති ඒවා බං

ක්සැන්ඩරයා said...

පවු අර අහිංසක මනුස්සයා.. කතාව කියවද්දී මගේ හිතේ මැවිලා පෙනුනේම අර වයසක අත්තම්ම බල්ලෙක්ට වඳින හැටි,..

දිනෙෂ් තරංග said...

"..ඉතිං සඳරු සහෝදරයා ... , ඔන්න ඉතිං සති දෙකක් බලං ඉඳලා උපරිම බුල කෙලපු බල්ලෙක් ගැන තමා දැනගත්තේ ... එත් කතාව සුපිරියි වෙනදා වගේම ... බැරිද සහෝදරයා හැම සතියෙම එක දවසක ඔය පොස්ට් එක දාන්න... සති දෙකක් බලං ඉන්න උනාම මල පනිනවනෙ සහෝ ... කනප්පුවෙන් ඇත්ත හොරා අල්ලං ඌට නෙලපු සීන් එක ඉක්මනට පෝස්ට් කරපං සහෝ ... දිගටම ලියාපං ඔය විදියටම ... උඹට බුදු සරණයි ..."

Abeetha Edirisinghe said...

මටත් තියෙනවා කනප්පුවේ කතාවක්.. ඒත් උඹ මට වඩා දැනෙන්න ඒක ලියන නිසා උඹම ලියපන් උඹේ කථාව..

පොලිස් බල්ලෝ නම් මොනාද බන් පොලිස් මිනිස්සු කරන ඒවාත් එක්ක....

The තරුවා said...

හපොයි....

ගැමියාගේ පත් ඉරුව said...

උපරිමයි අයියේ කතාව කනප්පුව ගැනත් කතාව දාමු මම දැකලා තියෙනවා ඔය කනප්පු ඇවිදින කේස් එක ඒත් කොහොම වෙනවද කියලා හිතාගන්න බෑ දෙන්නෙක් අල්ලන් හිටියට හිතලා ඒක අරන් යන්නේ නෑනේ.... අපි ඉස්සර කාසියක් තියලා භුතයෝ ගෙන්නනවා කියලා සෙල්ලමක් කලා ඒක කරද්දිත් කාසිය ඔටෝ යනවා නිකන් පිස්සු වගේ.... තාමත් ඒ පැත්තේ කනප්පු ඇවිද්දවන කේස් එහෙම තියෙනවද

පරිකල්පන said...

අපි ජීවත් වෙන්නෙ මහ පුදුමාකාර ලෝකෙක සඳරු. වෙලාවකට මිනිස්සු කවුද සත්තු කවුද කියල වෙන් කරල අඳුරන්න බැරි තරං.

මකුළුවා..... said...

පොලිස්කාරයෝ වැරදි දෙයක් බල්ලොන්ට ඉව කරන්න දෙන්න ඇත්තේ....ඒකයි උන් වැරදි ගේකට රිංගන්න ඇත්තේ...ඒත් ඉතින් ඔය දෙගොල්ලම(පොලිසිය හා බල්ලෝ) මෝඩ ගස් හින්දා උන්ට ඒක තේරෙන්න නැතුව ඇති....:(

සිතුවිලි නිහඬයි said...

ලංකාවේ පොලිසිය ගැන කවර කතාද...එහෙව් එකේ පොලිස් බල්ලෝ....

කතා රසයනම් උපරිමයි අයියා....

රවින් said...

නියමයි මචන්... කනප්පුවේ කතාවත් ඉක්මනට දාපන්කෝ..

neel said...

මීට මාස 7-8 කට කලින් දවසක ඇඩ්‍රස් බාර් එකේ සිංහල අකුරක් වැදුනා ඒක කොහොමද වුනේ කියලා හිතා ගන්න බැරිව ඒක ඩිලීඩ් කරන්න එබුවාම ඩිලීඩ් එක එබුනේ එන්ටර් එක මෙන්න බොලේ සිංහල බ්ලොග් පොලිමක් . එදා තමයි සිංහල බ්ලොග් ගැන දැන ගත්තේ 1වෙනි එක හිස් අහස එදා සිට අද දක්වා කියෙව්වා.( සඳරුගේ ගමෙිකමට මම කැමතියි මමත් ගමක දකුණුපළාතේ හම්බන්තොට දිස්ත්‍රීක්කයේ.)හිස් අහස තමයි අනෙක් බ්ලොග් වලට යන්න මට පාර පෙන්නුවෙී සිංහල බ්ලොග් අවකාශයේම ඉන්නේ සුන්දර සරළ පිරිසක් ඒ සැමට බ්ලොග් කියවන අප වෙනුවෙන් තවදුරටත් ලියන්න ශක්තිය හා ධෛර්්‍යය පතනවා. මාස ගණනක සිට බ්ලොග් කියවූවත් මෙතෙක් කොමෙන්ට් කරන්න බැරිවුන නිසා හිස් අහස හරහා සැමට සුභ පතනවා!

ලොකු පුතා said...

කතාව එක හුස්මට කියවල ඉවර කලා
උඹගේ ලියවිල්ල හැමදාම කියනවා වගේ හරිම අපුරුයි
අර අම්මා ගැනනම් ලොකු දුකක් ඇති උනා බං
ගුණේ මාම නිදහස් වෙච්ච එක ලොකු දෙයක්
හොරකම් කරන්න ඇත්තේ හොඳ පළපුරුදු කාරයෝ ටිකක් වෙන්න ඕනේ
කනප්පු කතාවත් ඉක්මනට පළකරයි කියල බලාපොරොත්තු වෙනවා

මන්තරකාරි said...

සිමෙන්ති බල්ලො කියන්නේ මොක්කුද සඳරු? හොරා ගුණේ මාමාගේ සරම් කෑල්ලක් ගෙනිහින් හොරකම් කරපු තැන දාලාද??

Observer said...

//තිරිසනෙකුට මිනිහෙක් පරදින හැටි//
තව තැනක් තමා සඳරු රේස් බුකිය.
අර සිංදුවකුත් තියෙන්නෙ 'මිනිසෙකු පිට නැගි....'

Buddhi said...

මේ වගේම කතාවක් ඒ කාලේ ගියා හෙලිදරව්ව කියලා වැඩසටහනක. ලංකාවේ ප්‍රසිද්ද පුද්ගලයෙක් මරණයට පත්කරපු වරදට බල්ලො හොයාගෙන තිබුනෙ අහිංසක මිනිස්සු දෙන්නෙක්ව.

උඔට කියන්ඩ සඳරුවා ඒකාලේ අපි ලේලන්ඩ් බස් එකේ යද්දි ඔය බල්ලො යන්නෙ එසී කරපු රෝසා බස්වල....!

ItalyDilan said...

කියවන්න ගිහාම එක හුස්මට කියවන්න තරමට උබේ ලියවිල්ල ගොඩක් ලස්සනයි, ජර්මන් සෙප්පඩ උනත් උන් පොලිසියටනේ වැඩ

අසරණයා said...

කතාව කියවද්දී දුක හිතුනා.පොලිස් බල්ලොන්ටත් වරදින වෙලාවල් තියෙනවා. ඒවගේම කම්බ හොරු දන්නවා පොලිසියෙන් හිතන පතන විදිය.

මමත් එකදවසක් දැකල තියෙනවා කනප්පුව ඇවිදිනවා.එත ඒක එච්චර මතකයක් නැහැ බං.ඒ කතාවත් ඉක්මනට දාපන්කෝ.

චරිත said...

පොලිසිය.... අපෙ පොලිසිය.....

//// බල්ලොත් එක්ක බෑ ////

චාමර said...

සම්පූර්න වැරැද්ද සෙප්පඩ බල්ලාට වැරදි දෙයක් ඉව කරන්න දීපු පොලිස් ***ගේ. හොඳ වෙලාවට ඔය සීන් එක සඳරුගේ ගමේ උනේ. මෙහෙ උනා නම්, කරවල උම්බලකඩ වලට අමතරව සල්ලි කීය ගියත්, මසුත් ගෙනල්ලා තරහා කාරයෙකු වත්තකටම දායි.

රන් සමනළියක් said...

පොලිසියට අමුතුවෙන් ජර්මන් ශේපඩ් බල්ලෝ මොකටද? ඉන්න බල්ලෝ ටික හොදටම ඇති නේ.උන් කරන්නෙත් අහිංසම මිනිස්සුන්ව තලා පෙලා දාන එකනේ.

ඉන්ද්‍රජිත් said...

මාර අවුලක්නෙ...
කනප්පුව ගැනත් ඉක්මනට දාන්න..

මාධව විදුරංග said...

මචං! බල්ලගෙ වැරැද්ද නෙමෙයි! ඒ සරම් කෑල්ල ඉවකරන්න දුන්නේ කව්ද? ඒ මදිවට ඒ විදියට ගෙදරට පැනලා හිතෙන හිතෙන එකාව කුදලං යන්නෙ කව්ද? අන්න ඒකයි බල්ලා! පොලිස් බල්ලෝ මචං මිනිස්සුන්ව ආරක්ෂා කරන්න පුරුදු කරපු ජාතියක්! උං කවදාවත් ස්වාමියගෙ නියෝගයෙන් පිට කිසි දෙයක් කරන්නෙ නෑ බං! මං නම් දකින්නෙ බල්ලගෙ නෙමෙයි වැරැද්ද! බල්ලව පාලනය කරපු එකාගෙයි! මං හරි කියලා මං හිතනවා බං!

පිස්සා පලාමල්ල said...

අර කනප්පුවෙ සීන් එකත් දාපන් මචන්.. මොන එහෙකටද මන්දා මට පට්ට දුකක් දැනුනා මේක කියවල..

Anonymous said...

පොලිසියත් එකයි වෙලාවකට උන්ගෙ බල්ලොත් එකයි නිල ඇදුමෙන් වෙන වෙන වාසි ගන්නවා. ඒත් හැමෝම එහෙමත් නෙවෙයි.

ඒ මගුලෙන් කමක් නැහැ අර කනප්පුවෙ කතාව ඉක්මනටම දාපන්.

කතාව ගැන ඉතින් කියලා වැඩක් නැහැනෙ. අපි දැන් එළ වැඩක් දැක්කම කතාවට කියන්නෙත් '' අඩේ මේක සදරුවාගෙ පෝස්ට් එකක් වගේ නෙව'' කියලා.

අහින්සක. අ.පේ.

අනූ said...

ෆට්ටයි කතාව අයියේ.... කනප්පුවේ කතාවත් ඉක්මණින් අහන්න ආසයි !!!

අපේ ලොකු මාමලාගේ ගෙදරත් ඉන්නවා ජර්මන් සෙප්පඩ බල්ලෙක්..අවුරුදු තුනලු, හැබැයි දඩ සයිස්....

දුකා said...

මේ විදිහට වැරැද්දක් නොකරපු කෙනෙක්ව වැරදි කාරයෙක් කියලා සැක කරලා පොඉලිසියෙන් අඩම්තේට්ටම් කරන එකට විරුද්දව ගන්න පුලුවන් ක්‍රියා මාර්ග ගන හොයලා බලන්න ඕන . .

සමහර විට මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කලා කියලා හියුමන් රයිස්ට්ස් වොච් කියන සංවිදානයේ ලංකාවේ ශාඛාවේ නඩුවක් දන්න පුලුවන් ඇති . . .

සුපුරුදු පරිදි නියම ලිපිය සඳරු මල්ලී . . .

හිස් අහස said...

@පූසා = ස්තූතියි බං උදෙන්ම මේ පැත්තේ ගෑටුවාට , උඹ ඉතින් පුසෙක් නෙව උඹ කෝමත් බවුවන්ට විරුද්ධ ඇති
.............................................................................................................................
@හිතහොඳ පිස්සා = පිස්සුද ? ලංකාවේ පොලීසිය එහෙම නෑ ඔයා කියන්නේ වෙන කොහෙද පොලිසියක් ගැන
.............................................................................................................................
@pavithra rox = පලමුවෙනි වතාවේ ආව නිසා ඔන්න ඉතින් වෙල්කම් කියලා පිලිගත්තා කමෙන්ට් එකටත් ස්තූතියි නැවත එන්න
.............................................................................................................................
@තනි අලියා = අප්පෝ මට නම් බෑ කූඩුවේ ලගින්න
.............................................................................................................................
@ප්‍රසන්න = මොකෝ අද ඇනෝ ඇවිදින් ? හරි අයියා මම ලියන්නම් ඒකත්
.............................................................................................................................
@කිරිපුතා = එතන බලාන හිටියා නම් උඹ අඬාවි
.............................................................................................................................
@දිනුක = ඒක ඇත්ත බං උං දෙන දෙයක් කාලා අපේ පස්සෙන් වැටිලා ඉන්නවා ඒකටත් එක්ක අරුං
.............................................................................................................................
@බට්ටා = සොරි බට්ටේ ! මගේ පරිගණකේ අබලන් වෙලා ඉතින් ඒක බොහෝ වේලාවට වැඩ කරන්නේ නෑ ඉතින් ඒකත් එක්ක වැඩ කරන එක මගේ ලෝ කෝප ගන්නනවා ඉතින් ඒකයි පහුගිය දොහේ නිහඬව උන්නේ
.............................................................................................................................
@කස්ස = මම හිතන්නේ ඒ බවුවෝ දෙන්නා උන්ට ඕනෙ තැනට ඇවිදිල්ලා උට ඉව වැටිලා නෑ හරියට නේද ?
.............................................................................................................................
@Dude = මචෝ මම බ්‍රවුසර් කීපයකින්ම ලොග් වෙලා බැලුවා හ්ම් අවුලක් නම් පෙනුනේ නැත .
.............................................................................................................................
@පැතුම් [සිතුම් පැතුම්] = ඒක නම් දන්නේ බවුවෝ දෙන්නම තමා යාළු ඔන්න දොස්තර හොඳ හිත වත් වුණා නම් මම සුටුස් ගාලා උන්ට කතා කරලා වැඩේ ගොඩ දාගන්නවා බොල . :)
.............................................................................................................................
@Anonymous = කවුද බොලේ ඔයා ? අනේ මලේ පත්තර දෙතුන්සීයක් විකුනුනාද ? අපේ පැත්තේ එවුන් ඔන්න එදා මගේ මූන තියනවාය කියලා පත්තර අරගෙන මටම සල්ලිවලට වික්කා ඒකයි ඔය වැඩියෙන් විකිනුනේ :) හිකි හිකි
.............................................................................................................................
@saumiya =හනිකට ඒක කියන්නම් මචෝ
.............................................................................................................................
@Gimhani = ඔවු අක්කේ පරිගණකේ කැඩිලා ඒකයි කල් අරගත්තේ ස්තූතියි ඈ
.............................................................................................................................
@Pubudu = ලඟදීම ඒකත් අකුරු කරන්නම් මචෝ
.............................................................................................................................
@Ravi = නෑ නෑ අයියා ඒ අන්තිම වැකිය දැම්මේ මේ කතාවේ විනිවිද භාවයක් තියෙන්න ඕනෙ නිසා . මචං මම මැරෙන්න කලින් දවසක උඹව හම්බ වෙනවා එදාට උඹ මට ඔය බල්ලන් නොමගයවන සීක්‍රට් ක්‍රම සෙට් එකම කියාදියං හරි බල්ලෝ මරන මන්තරයක් නම් මම දන්නවා ඉතින් ඒක භාවිත කරන්න අපහසුයි ප්‍රායෝගිකව

හිස් අහස said...

@Anonymous = අප්පට සිරි බල්ලට වුණත් ලැජ්ජාවක් තියනවා ඒකනේ ඌ සමාජයට මුහුන දෙන්න බැරිව ආටා එක අස්සේ බැහැලා සැඟවීගත්තේ එ වුණත් එයාගේ හිමිකරුවන්ට නම් ලැජ්ජාවක් තිබී නැතුවා වාගෙයි තව ඩිංඟෙං අර බල්ලව හපාපු බල්ලවත් පොලෝසි ගෙනියනවා එයාලා
.............................................................................................................................
@සරත් ලංකාප්‍රිය = එයා විතරක් නෙවෙයි ගමේ බෝම දෙනෙක් ඒ දවස් වල ඔය පොලිස් බල්ලා ඉදිරියේ කරේ තිබුනු තුවාය පවා අතට ගත්ත හැටි මට මතකයි මිත්‍රයා
.............................................................................................................................
@සිත්රූ සිහින = හොරාගේ සරමයි , ගුනේගේ සරමයි දෙකේ ගඳ එක සමානද දන්නේ නෑ නේද ?
.............................................................................................................................
@සුද්දා = ආයෙත් අහලා මේ රටේ වැඩි හරියක් ඉතින් බව්වොන්ට තමා ගිහින් තියෙන්නේ එකක් තියා මේ මාත් පොර වගේ උන්නට බවුවෙක්වත් මායිං කරන්නේ නැති එකක් බොල :) හිකි හිකි
.............................................................................................................................
@Praසන්ன = ඒක තමා බං ඒක නෙවේ ඔයාගේ බ්ලොග් එක දකින් දකින වාරයක් පාසා මට හිනා යනවා නන්ස්ටොප් :) :)
.............................................................................................................................
@Pisakkaatuwa = මස්සිනා සිමෙන්ති බල්ලෝ කියන්නේ ඇඟේ ලොම් හැලිලා සුදු පැහැයට හුරු එනම් සිමෙන්ති පාටින් ඉන්න බව්වොන්ට නෙව . කෂියා නම් ඉස්සර මෙහේ තිබුනා සැපට දැන් නම් අඩුයි
.............................................................................................................................
@Ishara = නෑ බං කියන්ඩ බෑ නේ බවිවෝ බවුවෝ ටැපලිලා මාව හිරේ විලංඟුවේ දමයිද කියලා
.............................................................................................................................
@Raj = ඒ සිද්දිය සියැසින් දැක්කා නම් උඹ අඬනවා මචෝ
.............................................................................................................................
@දිනේෂ් තරංග = මචෝ මගේ පරිගණකේ අබලං වෙලා පුතේ . අවුලක් නෑ මම අනික් කතාවත් හෙමින් දෙන්නම් අවුලක් ගන්ට එපා ස්ලෝ එකේ කියෝමු නේ
.............................................................................................................................
@අභීත = උඹ උඹගේ කතාව කියාපං අභියා මමත් ආසයි උඹ මූන දීපු කනප්පුවේ කතාව මොකක්ද කියලා දැනගන්ට බය වෙන්ට එපා අභියා කනප්පුව උඹගෙයි මගෙයි කියලා නෑ නේ ලියාපං බං උඹගෙත් කතාව මම මාර ආසයි උඹ ලියන ක්‍රමෙන් ඒක කියවන්ඩ
.............................................................................................................................
@~තරූගේ ලෝකය = අනේ අපොයි !
.............................................................................................................................
@ගැමියාගේ පත් ඉරුව = කනප්පුව ඇවිද්දන සීන් එක මමත් දැන් නම් විස්වාස කරන්නේ නෑ ඒත් ඒ ගැන මේ කතාව මම ලියනවා උඹලාම කියෝලා තීරණය කරගනිල්ලා මස්ස්සිනාලා මේක මොන තාලේ කතාවක්ද කියලා .
.............................................................................................................................
@පරිකල්පන = සහතික ඇත්ත මචා .
.............................................................................................................................
@මකුළුවා = ඒක ඇත්ත බං බල්ලට කතා කරන්න හැකි වුණා නම් ඌ කියාවි මෙතන කවුද හරි කවුද වැරදි කියලා
.............................................................................................................................
@සිතුවිලි නිහඬයි = අනේ අම්මෝ පොලීසිය ගැන නම් මුකුත් කියන්ට එපා අපේ රටේ වගේ හොඳ පොලිසියක් කොහේවත් නෑ හ්ම්
.............................................................................................................................
@රවීන් = දෙන්නම් මචෝ කනප්පුවෙන්
.............................................................................................................................
@neel = උඹට කියන්ට මචෝ මටත් වුණේ ඔන්න ඔය සීන් එකමනේ මම ගූගල් එකේ සර්ච් කරද්දී වැරදීමෙන් මට සිංහල ටයිප් වෙලා තමා මමත් මේ බ්ලොග් හොයාගත්තේ ඉතින් ඊට පස්සේ අද මම බ්ලොග් ලියනවා උඹත් මේ චාන්ස් එකෙන් ලියාපං බ්ලොග් එකක් . ජය වේවා මචෝ !!

හිස් අහස said...

@ලොකු පුතා = බලපංකෝ ලොකු පුතේ හොරුන්ගේ තරම මම ඊගාව කොටසින් ඒ කතාව ගැන විස්තර කරන්න ට්‍රයි එකක් දෙන්නම් . පරිගණකේ කැඩිලා නිසා මට පොඩ්ඩක් කල් ඕනෙ වැඩියෙන්
.............................................................................................................................
@ මන්තර කාරි =සිමෙන්ති බල්ලෝ කියන්නේ ඇඟේ ලොම් හැලිලා සුදු පැහැයට හුරු එනම් සිමෙන්ති පාටින් ඉන්න බව්වොන්ට නෙව
.............................................................................................................................
@Observer = ඔන්න ඉතින් ඒ කාලේ ඔබා මාමා මාමා කරපු වැඩ ටික එලියට එනවා . ඔබා මාම සූදු කෙලියා නේ ? කියන්නම් නැන්දට
.............................................................................................................................
@බුද්ධි = මම හිතන්නේ බල්ලා වෙන සුවඳක් පාරේ ගිහින් ඌ අතරමං නෙටැති නේද බුද්ධි අයියා අනේ මන්දා බං බල්ලන්ගේ ඉව නම් හෙන පවර්පුල් ඒත් එදයින් පස්සේ මට රට බල්ලෝ අප්පිරිය වුණා අයියා
.............................................................................................................................
@ItalyDilan = අන්න ඒකයි මචෝ අවුල නැත්තං ඕකට පොලුපාරක් හරි ගල් පාරක් හරි දෙන්ට තිබුනා
.............................................................................................................................
@අසරණයා = මම නම් දැන් කනප්පු සීන් විස්වාස කරන්නේ නෑ තඹ සතේකට ඒත් කාලයක් තිබුනා මම ඒවා විස්වාස කරපු . ඔයත් බලලම තීරණය කරහංකෝ
.............................................................................................................................
@චරිත = උඹත් කූඩුවේ මාත් කූඩුවේ
.............................................................................................................................
@චාමර = අන්න කතාව මේ පැත්තේ බුවාල ඉස්සර එකට හිටපු නිසා සීන් එක යන්තමින් බේරුණා ඒත් දැං වගේ නම් බල්ලොන්ට පගාවක් දෙන්න වුණත් කැමති බුවාලා මේ ගම්මානවල ඉන්නවා
.............................................................................................................................
@රන් සමනලියක් = අනේ යාළු පොලීසියේ අයට මොනවත් කියන්න්න එපා මම නම් එයාලට හරි බියයි !
.............................................................................................................................
@ඉන්ද්‍රජිත් = ඉඳපං මචෝ දෙන්නං කනප්පුවෙන්
.............................................................................................................................
@මාධව = අනේ මන්දා බං මට මතක නෑ ඒක සරමක්ද කොට්ට උරයක්ද මොකක්ද කියලා . සමහරවිට ඔයාගේ ප්‍රශ්නයට ඊගාව කතාවෙන් පිළිතුරු ලැබේවි
.............................................................................................................................
@පිස්සා පලාමල්ල = දෙන්නම් ලොකු සැර් ඔයාට මම කනප්පුවෙන්
.............................................................................................................................
@අහින්සක. අ.පේ. = අඩෝ ඔය කීවට උඹලා බලු G ගොඩක් දැක්කත් කියනවාද මන්දා මේකත් සඳරුවාගේ පෝස්ට් එකක් වගේ කියාල එහෙම නෑ නේ ? :) ස්තූතියි ඈ
.............................................................................................................................
@Shani = අනේ යාළු ඌට ඔයාගේ මාමා මොනාද කන්න දෙන්නේ මමත් ඒවා කාලා ඉක්මනට ලොකු වෙන්න ඕනෙ :)
.............................................................................................................................
දුකා = දුකා අයියේ ඒකාලේ ඔය නීති ගැන අපි තියා අපේ ග්‍රාම සේවක මහත්තයාවත් දැනං උන්නේ නෑ හැබැයි මම බස්සාගේ බ්ලොග් එකේ ඔය ගැන හොඳ ලිපි පෙලක් දැක්කා . ස්තූතියි බං බොක්කෙන්ම

රාජ් said...

වෙන දවසක නෙවේ ඊලගට ඒ කතාව දාපං. මෙගා කරන්න නං එපා ඕං කිව්ව.

samadhi said...

මුලින් කියවනකොට නම් හිතුනේ ජොලි කතාවක් කියලා.එත් දැන් නම් ගොඩක් දුකයි.වෙනදා වගේම ලස්සනට ලියලා...

Anonymous said...

//පහුවදා ඉස්කෝලේ නිවාඩු දවසක් බව මට හොඳට මතක නිසා මට දවස හරියටම කියන්ඩ පුළුවන් . // උඹ මාර ආසාවෙන් ස්කෝලේ ගිහිං තියෙනවනේ....

අර කනප්පුවේ කතාව ලියපං සඳරු ඉක්මනට.

රැඩිකල් කොල්ලා said...

අර කනප්පු කේස් එකත් දාන්න, ලොවෙත් ගමේ කව්රුහරි තමයි..

geeth said...

හැම කෙනෙක්‌ටම ජීවිතෙ ගොඩක්‌ සිද්ධි අහන්ඩ දකින්ට ලැබෙනව ඒත් ඒවා රසවත්ව ලියා ගන්ට බැහැ මලයො.ඒ අතින් උඹ නම් සුපිරි.....කනප්පු සීන් එකත් ඉක්‌මනට දාහන්.

Asanka Udayanga said...

මචන් ඇත්තටම දෑනෙන්න ලියලා තියනවා,අහින්සක ගෑමි සිත් ප්‍රශ්නයක් තුල කොතරම් අසරන වෙනවද,රාජ් කීවත් වගේ ඉතුරු ටික ඉලග ලිපියෙන් දාන්න....

හිතුවක්කාර කෙල්ල said...

හයියෝ!!! මාරම දුකයිනෙ..:(

Anonymous said...

Sandaru,Hithata wedena widihata liyala thiyenawa.Niyamai.mama oya peththe giya weekend eheka awa :-)

kasun said...

හයියෝ..දැන් ඉතින් ඉදහන්කෝ කනප්පුවේ කතාව දානකං...
පට්ට ආ..!!!!

Unknown said...

එල එල....

Nishan de siva said...

මචං සිරාවටම දුක හිතුනා.උබ කිව්ව වගේ ගම් වල සෙනග දුකකදී කරදරයකදී ඒ ගෙදරට රොක් වෙන එක අදටත් අපේ ගම්වල තියෙනවා.උබ ලියලා තියෙන විදියත් සුපිරි මචං.

Unknown said...

මචෝ... ඔය පොලිස් බල්ලෝ උනත් උංගේ මහා එවුන් වගේම තමයි... කිසිම හිතක් පපුවක් නැහැ. හැබැයි ඔය බලු පොලිස් එවුන් අතර එකෙක් දෙන්නෙක් හොද එවුන් ඉන්නවා වගේ ඇත්ත හොරු අල්ලන හොද බල්ලොත් ඉන්නවා. හැබැයි වැඩෙි කියන්නේ බල්ලා කොයි තරමි හොද උනත් ඔය පොලිස් කාරයෝ හොද නැහැ.

මොනවා උනත් අර අමිමා ගැන මට හරි දුකයි මචෝ.. ඔයිට වඩා මිනිසුන්ට සාධරණව සලකන්න ඔය හරක් ඉගෙන ගන්න ඔින....!!! අර කනප්පු කතාව ඉක්මනටම දාන්න....

අනූ said...

ඌ විතරක් නෙමේ... නානාප්‍රකාර බලු රොත්තක්ම ඉන්නවා... උන්ට කන්න වෙනමම උයනවා... මොනා දෙනවද නම් දන්නෙ නැතෝ !!!

හසී said...

කනප්පු කතාව අහන්න මමත් ආසයි.. කොහොමත් සඳරු ලියන හැම කතාවකටම කැමති :)

kumaraya said...

නියම කතාවක් ...
අර කනප්පු කෑල්ලත් ඇහුවොත් තමයි හිතට හොඳටම වදින්නෙ.

කේෂාන් De சில்வா said...

ටික කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවෙ...

මිනිස්සුන්ටත් වරදිනව වගේ බල්ලොන්ට වරදිනව ඈති(මම හිතන්නෙ). ඒත් ඉතින් මිනිස්සුන්ට හිතන්න පුළුවන් විදියෙ මොළයක් දීල තියනවනෙ... ඒහෙම වෙලත් සතෙකුගෙ තීරණයක් මත තීරණ ගන්නව කියන්නෙ කොච්චර මෝඩ වැඩක්ද???

සෙන්නා said...

පිස්සු හැදෙනවා බන්... උඹ කොහොමද බන් ඔය තරම් ලස්සනට කතා ලියන්නෙ.. ?

ඕක මම ලිව්වනම් පේලි දෙකෙන් කතාව ඉවරයි... හිහ් හිහ්...

Anonymous said...

hamadama wagema mekath ela. umba paththara kaarayek wela ape minissunta sewayak karanakam mama balan innawa.

polwattacom

mekuwi said...

හැමදාම වගේම අපූරු ලියවිල්ලක්.හරිම පව් ඒ අම්ම .. කාලයක් තිස්සේ මල්ලිගේ හැම ලිපියක්ම කියෙව්වට ලඟදි තමා account එකක් හදන සිංහලෙන් කමෙන්ට් කරන්න ඉගෙනගත්තේ.. කනප්පු කතා නම් මන් අහලම නෑ, කනප්පුවෙන් කොහොමද හොරු අල්ලන්නේ, ඒ කතාව දානකන් නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා

සයුරි said...

අර සරමේ තමයි ප්‍රශ්නේ තියෙන්න ඇත්තේ...ඒක හොරාගේ කියලා හරියටම කියන්නේ කොහොමද? ඉතින් ඇත්ත හොරා අහු උන හැටිත් කියන්නකෝ...

MUHUDU said...

මැවිල පේනව. අර ප.ලි කෑල්ලෙන් බල්ලන් සහ සුනඛයන් අතර වෙනස කිව්ව එක හොඳා. :D

Beetle said...

මාරයි... ගොඩක් දුක හිතෙනවා... මාත් අත් විඳලා තියෙනවා ගමේ මිනිස්සු පොලිසියෙදි ගොඩක් අසරණ වෙනවා... මේ බල්ලන්ට වඳින්න උනු සීන් එකත් සමහරවිට ඒකෙම කොටසක් වෙන්න ඇති...

ඔබාගේ කතාව තමයි අනිත් සීන් එක... තිරිසනෙකුට මිනිස්සු පරදින හැටි...

වෙනදා වගේම, නියම ලිවිල්ලක් මචන්...

බ්ලොගර් වල කමෙන්ට් රිප්ලයි එනබල් කරගන්න හැකි දැන්... මේ බ්ලොග් එකට ඒක ගොඩක් වටිනවා...

duliponline said...

පොලිස් බල්ලො කීවම මතක් උනේ . . . මේ ලඟදි මාලදිවයිනේ තිබ්බ මොකක් හරි රාජ්‍ය නායකයො සෙට්වෙන සීන් එකක ආරක්ෂාවට ලංකාවෙං පොලිස් බල්ලො සෙට් එකක් ගෙනල්ල තිබුන . . මගේ අම්මේ උංව බලන්න ආපු මිනිස්සු තොගේ . . . මාලෙ බල්ලො ඇතිකිරීම තහනං නිසා උපංතේකට බල්ලෙක් දැකල නැති එවුං මෙහෙ ඉන්නව

Dinesh said...

අන්තිමේ අහිංසකයෙක් වැරදි කාරයා අහු වෙනකන් දුක් වින්දා.. අර වයසක අම්මා බල්ලට වැන්දා කියලා අහද්දි හිතට දැනුනේ දුකක්.. ඇත්ත හොරා අහු උන හැටිත් ලියමුකෝ එහෙනම්..

Harshana said...

දවසක් පහු වෙලා නොවැ මේ පොස්ට් එක දැක්කේ .....

දැන් ඉතින් හොරා හොයාගත්ත කනප්පු කතාවත් ඉක්මනට ලියල දාපන්කෝ.....

උඹේ කතාවල අය ඉතින් අඩුවක් තියනවයැ .... එල

Unknown said...

කනප්පු කතාවත් ඉක්මනට ලියන්න මල්ලි...

මාතලන් said...

මේකනම් මරු. කනප්පුවේ කේස් එක මීට නැගලා යයි. පොඩ්ඩක් ඒ ගැන උඹේ අදහසුත් එක්ක ලියපන්

Weni said...

බල්ලො යන්නෙ ඉව පාරෙ.. ඒත් හිතක් පපුවක් තියෙන පොලිස් කාරයි ඉන්නවනම් ඒක හරියටම ඔය වැඩේ බල්ලටම දීලා බලා ඉන්න හොඳ නෑ.. ඒත් මෙහෙ පොලිසියට ඔය හිත පපුව එන්න තව සෑහෙන කාලයක් යයි කියලල්යි මට හිතෙන්නෙ..නියමෙට කතාව ලියලා තියෙනවා..සිද්ධියක් ලියන්නෙ කොහොමද කියලා හොඳම උදාහරනය තමයි සඳරූ මලයා උඹේ බ්ලොග් කෙරුවාව !

manu fonseka said...

හිතට ව‍දින විදියට ලියලා තියෙනවා....සදරු අයියට ජය...!!1

සුමේද said...

දුක්බර කතාවක් උනත් ලස්සනට ලියලා තියනවා.ස්තුතියි මල්ලි ඔයාගෙ අත්දෑකිම් අපිත් එක්ක බෙදා ගන්නවට...හෑමොම කියනවා වගේ ලිවිමේ හෑකියාව නම් ඉතාම ඉහලයි...

වර්ණා said...

ගොඩාක් දුක හිතුනා මට :(

පොඩි මෑන් said...

ඔය ලමප්පු සීන් එකක මාත් ඇස් දෙකෙන්ම දැකල තියෙනව... එක හොදයි අර ගොං පොලිස් බල්ලන්නට වඩා...


( මා මෙහෙ පොලිස් බල්ලන්යැයි ඇමතුවේ පොලිසි සුනඛයන්ට නොවන බව කරුවනාවෙන් සලකන්න..)

Unknown said...

පොලිස් බල්ලා කියනකොටම මතක් උනේ කනප්පුව..අපේ පැත්තෙත් ඔහොම හොරෙක් ඇල්ලුවා කනප්පුවකින්......

පැන්ඩා said...

කනප්පුවෙ ස්ටොරිය ඉක්මනට දාපන් හොදේ... අර සරම් කැල්ල කොහෙන්ද බන්..හොරා සරම දාල ගිහින් ද ? නැත්තං වෙන සීන් එකක් ද ?

අකීකරු හිත said...

//ලොං හැලිච්ච සිමෙන්ති බල්ලො\\ එහෙම ජාතියක් ඇහැව්වමයි මම

ලහිරු said...

පොලෝසියට බල්ලෝ රිංගලානේ මලේ...බලු ජනගනය වැඩි වෙලා! ඒකයි සීන් එක.

Anonymous said...

පොලිසියේ කකුල් 2 බහුතරය සහ කකුල් 4 බල්ලන් අතර වැඩි වෙනසක් නැත .~සධිෂ~

සොෆ්ට්වෙයාලන්තය said...

සඳරු..... සතියකට එක ගණනේ පෝස්ට් දාන්න බැරිද......?
කතාව නම් උපරිමයි... නෙස්ප්‍රේ වගේ.... :D

සොෆ්ට්වෙයාලන්තය said...

ඊළඟ කතාවත් ඉක්මනටම ඕන......

Bindi said...

මන් උන්නේ කකුල් හතරේ උන්ට මොලේ ටිකක් වැඩිය ඇති කියලනේ . බල්ලට වැරදි දෙයක් ඉව කරන්න දෙන්න ඇති . මල්ලිගේ ලිවීමේ හැකියාව ගැන කියන්න ඕන නැහැ ආයේ . පපුවටම දැනෙනවා

Budditha Fernando said...

අයියෙ ඔයා ලියන කතා මෙච්චරටම අපේ හිතට වදින්නෙ ඇයි කියලා මම මෙක කියවන ගමන් කල්පනා කරා.. මට හිතුන දේතමයි මේව ඇත්තටම වෙච්ච සත්‍ය සිදුවීම්. ඒව අපේ ජීවිතත් සමග එක්කාසුකරලා ලියන්න අයියට තියෙන්නෙ පුදුම හැකියාවක්..

මාධව විදුරංග said...

කනප්පුවෙ කතාව දාපංකො! බලපං කී දෙනෙක් බලං ඉන්නවද? හිකිස්! කනප්පුවෙ හොදවයින් විටක් එහෙමත් රෙඩි පිට තියහන්! ඉක්මණට කතාව දාහං!

jhothishalanka said...

මේ කතාව සදරු වගේ ලියන්න කාටවත් බැහැ.කනප්පු කතාව බලන්නත් ආසාවෙන් ඉන්නේ ඒකත් ඉක්මනට ලියන්න.

පැණි දොඩම් said...

ෂිහ් ඔය බල්ලෝ කරොත් කරන්නේ ඔයවගේ අසමජ්ජාති වැඩනේ.. මම හිතුවෙම කකුල් දෙකේ එකෙක් කියලයි.
කනප්පුව යවපු එක බලන්න ඉවසං ඉන්නේ හරිම අමාරුවෙන්.

විමුක්ති said...

දවස්2ක් තිස්සේ කියෙව්වා..මුලඉදන්ම,

විමුක්ති said...
This comment has been removed by the author.
Anonymous said...

ගොන්කං හා බලුකං

සොඳුරු සඳවතී said...

මහත්තයෝ කිය කිය බල්ලෙක්ට වඳින ආච්චී ගැන කියවනකොටනම් ඇස් වලට කඳුලු ආවා.මේ කතාව ගුණේ මාමා ව් නොදොස් කරලාම ඉවර වෙවා කියල පතනව.

Damith said...

මචං උබ ලියන විදියනම් මරු. කතාව කියවනකොට හරියට නිකන් මමත් එතන හිටිය වගෙ දැනෙන්නෙ.......

සංකල්ප said...

අපරාදේ බල්ලෝ ගේන්ඩ වියදම් කරපු සල්ලි !
අර අහිංසකයෙක්වනේ අල්ලලා තියෙන්නේ. මට හිතෙන්නේ බල්ලෝ මොකෙක්වත් ඇල්ලුවේ නැත්තන් මුන්ට කන්ඩ දෙන්නේ නැද්ද කොහෙද. ඒක වෙන්ටෑ මේ බල්ලෝ ටික අහල පහල ඉන්න අහිංසකයෙක්ව ඇල්ලුවේ.

Kushan said...

බල්ලොන්ගෙ ඉව කාලෙකට සරයක් අඩු වැඩි වෙනව... අවුරුද්දෙ හැම දාම එක විදියට නැහැ....උන්ගෙ සංවාස කාලයට ඉව වැඩි,අනිත් කාලවල ඉව තරමක් අඩුයි....

Post a Comment

තැන්කූ බං