එදා හැන්දෑ වරුවේදී මම ගෙදර දිහාවට එද්දී තිලකේ මාමා අපේ ගෙදර සාලේ පුටුවක වාඩිගෙන ටීපෝ එක උඩ තිබුණ පත්තරයක් කියවමින් උන්නා . උන්දැගේ කකුල් දෙක ලඟ වැටිච්ච බිස්කට් කුඩු කන්න ඕනෑ හන්දම අපේ ගෙදර උන්නු පූස් තඩියත් ඒ ලඟම දවටෙමින් උන්නා .
“මේ යකා අවේලාවේ මොකට කඩා පාත් වුණාද මන්දා” හිතෙන් හිතන දේවල් පිටට ඇහෙන්නේ නැති නිසාම හිතෙන් බනිමිනුයි මමත් ගේ ඇතුලට ඇතුළු වුණේ .
“ආ සඳරු පුතා මම මේ උඹ හම්බෙන්ඩ කියලාමයි ආවේ”
මම ගෙදරට ඇතුල් වෙච්ච හැටියෙම තිලකේ මාමා මගේ ඇඟේ එල්ලෙන්න ගත්තු එකට නම් මට ටිකක් කේන්ති ගියා මොකද කීවොත් දවසෙම නැහිලා නැහිලා ගෙදර එන වෙලාවෙත් ටිකක් නිදාගන්න තියන චෑන්ස් එක මම පොඩ්ඩක්වත් නැති කරගන්න මම අකමැතියි .
“මාමා ගොඩක් වෙලාද ඇවිදින්”
ගෙදෙට්ට ආපු එකා යකා වුණත් ඒකව ආයේ යවන සිරිතක් නෑ නේ. ඒක නිසා මමත් යාප්පුවෙන් එහෙම ඇහුවා .
“නෑ මම දැන් මේ ටිහකට කලියෙන් ආවේ”
ටිකකට කලින් ආවා වුණත් ක්‍රීම් ක්‍රැකර් පැකට් එකෙන් බාගෙකටම වැඩේ දීලා තියන හැටි දැක්කාම මගෙ බඩ පපුව හීතල වෙලා ගියා. ගෙයි සාලේ තිබුනු මේසේ උඩට අතේ තිබුණ බෑග් එක විසි කරපු මම කකුලේ තිබුනු සෙරෙප්පු දෙක මේසේ යටට විහික් කලා .
“ඉතින් මාම”
මම කෙලිම කාරණේට බැස්සේ මේ කතාබහ අහවර කර දාලා හනිකට ඇඳට පැනලා නින්දක් දාන්න කියලා හිතාගෙනයි. අම්මා ගෙනාපු තේ කෝප්පෙන් උගුරක් හෙම ඇදලා කමිස කරේ කට පිහගෙන තිලකේ මාමා කතාව පටන්ගද්දී මට හිතුණා හඳ පායයි කියලා . !
“පුතා දන්නවානේ අපෙ ලොකු කොල්ලා රුවන් ?”
තිලකේ ගොයියා ආයෙ ඉතින් මගෙන් ප්‍රශ්න අහනවා ! ගෙවල් හතරකට පහකට උඩහින් ඉන්න මේ තිකකේ ගොයියගේ මුලු හත්මුතු පරම් පරාව ගැනම මට කීව හැකි ජාතකෙත් එක්කම .
“මම මොකෝ නොදන්නේ රුවන් මල්ලියාව ! ඇයි පොරට මක් වෙලාද ?”
“ඌට වෙන්න තියන හොඳම වැඩේ වෙලා පුතේ ඌ දැන් නිවාඩුවට ගෙදර ඇවිල්ලා අන්න ඌ දැන් බෙර කොටයක් වගේ මහත් වෙලා”
“නෑ! ගිය වංඟියේ දකිද්දිත් මේකා මහතයි නේ දැන් දැන් තව මහත් වෙලාද ?”
“නැතුං බෝඩිමෙන් දෙන කෑම කාලා කාලා මේකා දැන් ඌරෙක් වගේ .ඒ මදිවට ඇඟ වෙහෙසලා වැඩක් පලක් කරන්නෙම නෑ සෝමාරිකම ඇඟ පුරාම . ඉස්සර නම් නිදි මරාගෙන පාඩම් හරි කොලා දැන් කොහෙද කොයි වෙලේත් නිදන්නමයි තනන්නේ . වෙද මහත්තයත් කීවේ ඇඟ පොඩ්ඩක් අඩු කරගත්තා නම් හරි කියලයි .”
මට රුවන් මල්ලියා ගැන පවු කියලා හිතුනා . ඌ මට වඩා අවුරුදු කීපයකට බාලයි හරියටම කීවොතින් ඌ මයෙ නඟාගේ වයසේ . අපි ඉස්සර පිට්ටනියේ බෝල ගහද්දී ඌත් අපිත් එක්ක හරි හරියට සෙල්ල්මේ වැටිලා හිටියා . ඒ දවස් වළ කොහු මිටක් තරම් ඇට කෝටු කොල්ලෙක් වෙච්ච රුවන් අද වෙනකොට බතල ගෙඩියෙක් වෙලා .
අපි එක්ක රැහේ වැටිලා උන්නත් රුවන් අපි වගේ කාලකන්ණි වුණේ නම් නෑ. පහේ සිස්සත්ත විභාගෙදී ගමේ පුංචි ඉස්කෝලෙන් වැඩිම ළකුනු ගත්ත ඒකා කන්ද උඩරට තියන හොඳම ඉස්කෝලෙකට යන්න තරම් වාසනාවන්ත වුණා . මේ පට්ට පදිරි පලාතේ ඉඳන් වේලිලා කරකුට්ටං වෙච්ච මහ පොලවට වෛර කරමින් ඉන්න ජාතියේ එකෙක් නොවී සීතල කාමරේක ටයි දාගෙන කරන රස්සාවක් කවදා හරි ඌට හම්බු වෙයි කියලා මම හිතෙන් සතුටු වුණා . මම විතරක් නෙවේ ගමේ එකෙක් දෙන්නෙක් ඇරෙන්න බොහොමයක් උන් රුවන් මලයා නගරෙට යන දවසේ සුබ පතපු, කඳුලු හලපු හැටි මට තවම මතකයි .
නුවර ඉස්කෝලේ බෝඩිං කාමරේට වෙලා ඒකෙන් දෙන කෑම කකා එක තැනටම වෙලා තැපගෙන උන්නු රුවන් මල්ලියා පුස් ඌරෙක් වගේ මහත් වෙලා ඉන්න හැටි දැක්කාම මට ඌ ගැන හොඳටෝම දුක හිතුණා . ගමේම උන්නා නම් ඌට මෙහෙම දෙයක් වෙන්නේ නෑ කීයටවත් .
“පුතා උඹ මට උදවුවක් කරන්න ඕනෙ .”
තිලකේ මාමා එහෙම කියද්දී තමා මම රුවන් ගැන හිතන එක නතර කරවුවේ .
“මොකක්ද මාමා මගෙන් වෙන්න ඕනෙ . ? මම මාමට හැකි උදවුවක් කරන්නම් .”
තිලකේ මාමා මගෙන් ඉල්ලන්න හදන උදවුව ගැන කුතුහලයක් හිතේ තද කරන් මම එහෙම ඇහුවා .
“සඳරු පුතේ අපෙ රුවන්ව පොඩියක් මේ හැන්දෑ වරුවේ පිට්ටනිය පැත්තට එක්ක ගිහිං උගෙ ඈඟ ටිකක් වෙහෙස කරලා ගනිංකෝ .. !”
“අප්පට සිරි !”
මට බකස් ගාලා හිනාවක් ගියා සාලේ කොනක ඉඳන් අපේ කතාව අහගෙන උන්නු මගේ අම්මා මට රවන හැටි දැක්කාම මගේ හිනාව හෙමින් හෙමින් මැකිලා ගියා .
බැලින්නං මේක එක්සයිස් කෝස් එකක් . මගේ හිත ඇතුලට ගොඩක් සිතිවිලි ගලාගෙන එන්න වුණා . ඉස්සර රුවන් පොඩි කාලේ ඌව සෙල්ලමට අඬගහගෙන ගියා කියලා තිලකේ මාමා මට පලු යන්න බැන්න හැටි මට ආයෙත් මතකෙට ආවා . තිලකේ ගොයියට එහෙනම් මාව ආයෙත් ඔනෑ වුණා ..!
“අනෙ බෑ කියලා නම් කියන්න එපා පුතේ මම උඹගේ මාන්සිය හෑල්ලු කරන්නේ නෑ මම දන්නවා උඹ දවසෙම නැහිලා නැහිලා මෙතනට එන්නේ කියලා . මම උඹට ගානක් කාරිය ගෙවන්නම් .”
තිලකේ මාමා එහෙම කියද්දී මගේ හිත ඇතුලෙන් තවත් හිනාවක් ගියා . ඒ අදහස නම් නරකම නෑ මොකද මේ දවස් වළ මගේ අතේ පිච්චිය නෑ . ඉතින් සම්තින් එකක් හොයාගන්න ගූ වුණත් එක්කාසු කරන්න මම සූදානමින් තමා උන්නේ .
“සල්ලි නං නැතත් මොකෝ මාමා !”
මම එහෙම කීවත් මගෙ හිත තිලකේ මාමට තේරුණා .
“නෑ නෑ මගෙ ගාව ලොස් නෑ පුතා මම උඹට දවසට 100 ක්ම ගෙවන්නම් .”
“ඉතින් තිලකේ මාමේ රුවන් මල්ලියාට පිට්ටනියට ගිහින් වටයක් දෙකක් දුවලා කරලා එන්න බැරිද ඔය තනි නොතනියට ඉතින් මාමට වුණත් යන්න බැරියැ ?”
“අනේ මම ඕකව වංගියක් වදෙන් පොරෙන් වැවු පිට්ටනියට එක්කරගෙන ගියා විනාඩියක් ඌ වියායාම කරනකොට ගමේ ඉන්න කුපාඩි කොල්ලෝ හැත්ත වරිගෙන එතනට පැනලා මැජික් බලනවා වගේ බලන්න ගත්තා . ඒ විතරක් නම් මදෑ මුං හූ කියන්නත් ගත්තා . දැං රුවන් ගෙදරින් එලියට බහින්න බෑ කියලා ගෙටම වෙලා ඉන්නවා . ඒකයි මම මේ වැඩේ උඹටම බාර දුන්නේ .”
“ඔය ගමේ එකාලට ඕනෙ විදියට අපිට ඉන බෑනේ මාමා . මම රුවන්ව එක්ක ගිහින් ව්‍යායාම කරවන්නම් .”
“අනේ උඹට පින් සිද්ද වෙනවා පුතේ . උඹ ඒනං හෙට හැන්දෑවේ එනව නේ අපේ ගෙවල් දිහා ?”
“ඕ ඕ මං ඒ පැත්තේ එන්නම් .”
එපා කියද්දිම කුස්සියට ගෙහුං උන්දෑ තේ බීපු කෝප්පේ හෝදලා තියවුව තිලකේ මාමා ගෙයිං එලියට බැස්සේ රටක් අල්ලපු රජෙක් වගෙයි . ගෙයි දොරකඩට ගියපු තිලකේ මාම ආයිමත් වංඟියක් මට කතා කලා .
“ආ මේ තව එකක් සඳරු පුතා . අපෙ එකා දැන් වස කම්මැලියා වෙලා ඌ වියායාම කොරන්න බෑ කීවොතින් උඹ බැනලා හරි ගහලා හරි ඌව එක්ක පල දැං උඹට ඔනෑ හැටියට ඕකව ආම්බං කරගන්න ඕනෙ මම වචනයක් කියන්නෑ උඹට .”
“මාම බයගන්න එපා මං රුවන්ව මාසෙන් හදලා ගන්නවා බැරි වුණොතින් මකලා හරි ගන්නවා !!”
“හෙහ් හෙහ් .. යන්නං ඒනං මං”
තිලකේ මාමා පිටිපස්ස ගේට්ටුවෙන් පැනලා උගෙ පරන පුට් සයිකලේ පාගමින් ගෙදර පැත්තට ගියා . අතට ගානක් ලැබෙන නිසා හිතේ ඇතිවෙච්ච සතුටෙන් මමත් ඇඳට පැනලා පෙරලුනේ පොඩි නින්දක් දාන්න හිතාගෙනයි .”
*****
පහුවදා මම වැඩ ඇරිලා ගෙදර එන්න බස් කියලා හිතාගෙන බස් පොලට ආවා . බස් එකක් එනකල් මේ බස් නැවතුමේ වරු ගනං තැපලා මට හොඳට හුරුයි . ඒත් හිටගෙන ඉන්න ගියාම තමා සසර කළ කිරිලා හිත හුදකලා වෙන්නේ .
සුං ! ගාලා ආපු ආටා එකක් මගෙ කකුල් දෙක ගාව “බ්රාස්” ගාලා බ්රේක් ගහද්දී මම පොඩ්ඩක් ඈතට වුණේ මගෙත් එක්ක කොක්ක දාගත්තු යකඩ බජාර් එකේ ගැන්සියක්වත් මට සලකන්න ඇවිදින්ද කියලා හිතන ගමන් .
“ආ සඳරු පුතා නගින්ඩ .”
ආටා එකේ ඇතුලෙන් තිලකේ මාමාගේ කටහඬ ඇහුනු ගමන් තමා මගෙ ඇඟට ආයේ ජීව ශක්තියක් ලැබුණේ .
“මාමා මොකෝ මේ වෙලාවේ ?”
“උඹ නැගහං මමත් ගෙදෙට්ට තමා යන්නේ ! උඹව ගේ ගාව බස්සලා යන්නං”
ඉතින් මමත් හනි හනිකට ඒ ආටා එකේ එල්ලුනේ නිකං දෙනවා නං මොකද්ද එක වුණත් ගනිං කියලා අපෙ ගමේ පඬියෙක් කියාපු කියුමක් මතකෙට ආ හන්දයි .
“මම මේ අපෙ රුවන්ට වියායාමෙට අඳින්න ජම්පරයක් ගත්තා . තව ඌට දුවන සපද්දෙකකුත් ගත්තා . ඇඟ බහින කිරි පිටි එකකුත් ගත්තා බං මේ ! ඒක නෙවේ උඹ අද හවස එනවා නේද ?”
“අනිවා එනවා”
අතින් කටිං බඩු එල්ලාගෙන ආටා එකේ උන්නු තිලකේ මාමා ගැන මට ඇත්තටම දුක හිතුණා . තමන්ගේ පුතාගේ යහපත ගැන හිතන මුං කොච්චර උතුම් තාත්තලාද? කියලා මට ආයෙ ආයේ හිතුණා . මම බාරගත්ත වැඩේ හරියට නොකෙරුවොතින් මේ අසරණ මනුස්සයා මටත් එක්ක සාප කරාවි අන්තිමේදී ලබන ආත්මේ මට මේ තිලකේ මාමාගේ ගොන්නාම්බෙක් වෙලා උගෙ බර අදිමින් ණය ගෙවන්නත් වේවි . ඒක හන්දා මම මුගෙන් ගන්න සල්ලිවලට හරියන්න මම මුගේ පුතන්ඩියාගේ බර කොහොම හරි අඩු කරන්න ඕනෙ කියලා මම තදින්ම හිතාගත්තා .
එදා හැන්දෑ වරුවේ මම තිලකේ මාමාගේ ගෙවල් පැද්දට පැද්දුවේ රුවන් මලයාව අඬගහගෙන පොඩ්ඩක් ඇඟ වෙහෙස කරන වියායාමයක් කරන්න හිතාගෙනයි . ගෙදර දොරකොඩටම ගියපු මම ගේ ඇතුලට පොඩ්ඩක් ඇහැදාලා බැලුවා . රුවන් ගේ ඇතුලේ වාඩිගෙන උගේ හෑන්ඩ් ෆෝන් එක මිරිකමින් ඉන්නවා.
“අඩෝ රුවන් මල්ලී !”
මම කතා කළ සද්දෙට රුවන් ගැස්සිලා ගියා . ඌ හනිකට ඇඳන් උන්නු සරමත් ගැටගහමින් මා ගාවට ආවා . අප්පා එහෙමත් මස් පරුවතයක් මං මයෙ ජීවිතේට දැකලා තිබුනේ නෑ . උගෙ එක ගාතයක් ගැඹුරු තෙලේ බැදලා මාසයක් කෑහැකි . පස්ස පැත්තේ තට්ටමේ එල්ලේ පිට්ටනියක් හැදුව හැකි . ඒ තරම් ඌ ජොල් වෙලා .
“ආ සඳරු අයියේ ඉතින් එන්න ගෙට”
“ගෙට වෙලා ඉඳලා හරියන්නෑ වර අපි යමු පොඩ්ඩක් සෙල්ලං කරන්න .”
“අනේ සඳරු අයියේ අපෙ තාත්තා ඔයාව කුලියට ගත්තාට මට කරන්න දෙයක් නෑ . ඔයයි එයයි ඔයාලගේ වැඩක් බලාගන්න මට මගේ පාඩුවේ ඉන්නදීලා මෙතනින් යන්ඩ .”
මුගෙ කතාව බලකෝ ! ඇටෙං පොත්තෙන් එලියට ආවා විතරයි ඇඟ පත මහත් වුණා කියලා මූ මටත් සද්දේ දාන්න පටන් අරං . මගෙ ඇඟේ මාලු නටන්න ගත්තා . මම පැන්න ගමන් උගෙ බෙල්ලෙන් අල්ලාගෙන ඇදගෙන යන්න කියලා හිතුවත් උගෙ බෙල්ල මට පෙනුනේ නෑ . ඔලුව කෙලින්ම උගේ කඳට සවිවෙලා වගෙයි මට පෙනුනේ . ඉතින් මම පැන්න ගමන් උගෙ අතේ තිබුනු ෆෝන් කට්ට උදුරලා ගත්තා .
“අනෙ සඳරු අයියේ බලු වැඩ කරන්න එපා ! ෆෝන් එක දියන්”
“ෆෝන් එක හම්බෙයි උඹ වැව පැත්තට ආවොත් .”
“මට එපා උඹම තියාගනිං ඒනං .”
“හා මම මේක තලලා වැවට දාන්නං . ආ ඊට කලින් මේකේ තියන ඇස් ඇම් ඇස් ටික බලලා ඉන්ඩත් එපෑය හිකි හිකි .. !”
“අනේ මගෙ මැසේජ් කියවන්ඩ එපා සඳරු අයියේ .”
“එහෙනං අර අලුත් එක්සයිස් ජම්පරේ දාකියාගෙන වර මං යනවා .”
ෆෝන් එක සාක්කුවේ දමාගත්තු මම වැව පැත්තට අඩිය ඉක්මන් කලේ රුවන් මලයා කුප්පමේනියා පැලයකට දැපනේ වැටුනු බලලෙක් වගේ මේ ෆෝන් එක පස්සෙන් එන බව ඉර හඳ වගේ දැනගෙනයි .
පායන පෑවිල්ලට වැව හිඳිලා වැව මැද පොලවේ හෙන සයිස් ගසුත් වැවිලා . හැන්දෑ වරුව ඉරගල පැන්නාම මේ හිඳිච්ච වැවු පිටිය ඇඟට පතට දෙන සැප නං කියලා ලියලා නිම කරන්න බෑ .
මම ගිහින් හොඳ හෙවන තියන තැනක් බලලා ඉඳගත්තා . සාක්කුවේ තිබුනු රුවන් මල්ලියාගේ ෆෝන් එකට එස් එම් එස් ගලා එන්නේ නිකං වක්කඩ කැඩුවා වගේ . මූට කෙල්ලෙක් වත් ඉන්නවාද ? හිතේ උපන්න ඒ සැකේ නිසාම මම ෆෝන් එක අතට අරන් ඒකේ තිබුනු කෙටි පනිවිඩ එකින් එක කියවන්න වුණා .
අනුන්ගේ කෙටි පණිවිඩ තියා මයිලක් දිහාවත් හොරෙන් බලන එක වැරදියි . ඒත් දැන් රුවන් ගැන මට වගකිමක් තියනවා . සල්ලි සාගරයක් වියදම් කරලා තිලකේ මාමා මේකට උගන්වන්න හදද්දී මූ කෙල්ලෝ පස්සේ ගිහින් ඉගනීම හාල් කරගත්තොත් තිලකෙයා ගේ පපුව පැලෙයි ඒක හන්දම මම උඩින්ම තිබුනු කෙටි පනිවිඩේ අමාරුවෙන් කියවන්න වුණා .
“මේ හලෝ අපෙ අයිය දැනගත්තොත් ඔයාගේ කෑලිවත් හොයන්ඩ වෙන්නෑ”
උඩම තිබුනු කෙටි පනිවිඩේ කියෙවුවා විතරයි මගෙ බඩ පපුවයි අනික් හැම තැනක්මයි කූල් වෙලා ගියා . මූ මේ කා එක්කද මැසේජ් කරගන්නේ ?. නමක් ගමක් නොතිබ්බ ඒ කෙටි පනිවිඩේ කාගෙද ? හිතේ උපන්න කුතුහලේ නිසාම මම ෆෝන් එකේ sent masg ගොඩට පැන්නා .
85 comments:
ada nam mama eka.thama post kiyewwe na.
මචං, උඹගෙම නංගිටද මූ sms යවල තියෙන්නෙ? :D
හිතාගත හැකි සංතෑසිය..... දුකා අය්ය ඔය වගේ සංතෑසියක් වෙලා තිබ්බා...
අපි ඇඩ් නොදා ඉන්නම් සඳරුම කියන්ටකෝ
@අහවලා = නෑ බං වෙන කෙල්ලෙකුට මම හෙට ඒ ගැන කියන්නම්
ඒත් ,...බැලුව සඳරු ට...ලෙඩක් දුකක්..වත්ද..? කියල..මොකෝ..පහුගිය දවස් ටිකේ උනේ...හොඳා..හොඳා..ආයිත් ආවනෙ..ලියමු...ලියමු..!
කුතුහලයෙන් ඉන්නෙ ඉතිරිටික බලන්න..!!!
අයියො බං මෙගා ටෙලියක් වගේනේ. කුතුහලේ උපරිමේට ගෙනත් අතාරිනව. වැරදියි වැරදියි බෝම වැරදියි. ඉක්මනට ඉතුරු ටිකත් දාන්ඩෝ ...
හිස් අහසට එකතු වෙන මගේ පලවෙනි කමෙන්ට් එක. :)
ඔය රුවන් ඔච්චර මහත් වුන ක්‍රමේ මොකක්ද කියලා අහගෙන මටත් කියලා දෙන්නකෝ සඳරු අයියේ... :/
අනේ බං :(
මෙවන් පියවරු මෙවන් සොයුරෝ වෙන කොයින්දා :D
ithuru tikath daapan ikmanata. ela ela :)
බෝඩිං කැම කාල මහත් වෙච්ච එකෙක් ගැන ඔය ඇහුවමයි.
සදරුවා කාලෙකින් වැඩ අල්ලලා තියෙන්නේ... ඉක්මනට අනිත් කෑල්ලත් දාහං මේක අමතක වෙන්න කලින්.
ජය වේවා!!!!
උබලගේ පැත්තර හරියට ඉර හඳ පායනව නේද සඳරුවෝ,, හෙටම ඉතුරු ටික දාපන් හොදේ.. හි හි..
ලොකු ඉස්කෝලවලට ගිහිල්ලා ඉගෙන ගන්න විතරක් කාලෙ වෙන් කරන අයට වෙන්නෙ ඔහොම තමා..හෙට කතාව බලලම කියන්නම්කෝ..
සැන්ට් මැසේජ් කාටද බොලේ..? :O
මොනා වුනත් අනුන්ගේ මැසේජ් කියවන එක හරි වැරදී ඈ.. :D
මම කල්පනා කලේ උඹටත් බාරවෙන කොන්තරාත්වල හැටි. එක එකාගෙ ඇඟ බස්සන්න!
ikmanta onaa hode,,,huga dawsakin ne lokka,,moko une???
අයියෝ හොදම හරිය බලන්න හෙට වෙනකන් ඉන්න ඕනෙනේ
Eka husmata kiyewwa. Great.
Anu
හෙටම යමක් කියන්නම්කො...
උබට සෙට් වෙන මරාල....
අඩෝ... ඉතින් උඹ උගේ ඇඟට බැස්සුවාද?
අඩෙි සදරුවෝ... උඹ මාර පිනක් නෙව කොරගෙන තියෙන්නේ. කොහොමහරි හෙට ඉතිරි කොටස දානකමි බලාගෙන ඉන්නේ. ඉක්මනට දානවා..!!!
අඩේ සඳරුවො තඩිය බොට ගේමක් ප්ලෑන්කොරනව වගේ.....................
X-Porter
heta ithuru tika balanta labei ne? api balan innawa ..
hisahasin nathath uba hama sathiyema paththaren hari ena ekanam loku sathutak..hamadama kiyanawa wage ewath asawen kiyawanawa..
jaya wewa !!
අතේ පිච්චිය නැති වෙලාවට ඔය හම්බුන කොන්තරාත් එකත් නරක නෑ. කොල්ලගේ මැසේජ් බලන්න ගිහින් ජොබ් එකට කෙලවගන්නේ නැතුව වැඩේ කරපන්.
කුතුහලේ උපරිම කරලා නවත්තන ක්‍රමේ නං නියමයි සදරුවෝ. මමත් මේ දවස් වල ඔය විදියටම කට්ටියට දවස් තුනක් එකම කතාවක් කියවන්න දීලා කරකවලා අත ඇරලා දාල ඉන්නේ. :P
අනුන්ගේ මැසේජ් කියවන එකනං හොද වැඩක් නෙමෙයි මලේ... :D
අඩේ ඒක බෝඩිමක් ද මාලිගාවක් ද බන්....?
සඳරුගෙන් කාලෙකින් ලිපියක් අවේ නැති නිසා මොකද කියල බැලුව. පාර්ට් ටයිම් ජොබ් එකකුත් සෙට් වෙලා තියෙන්නේ. වැව පිටියේ හරකෙක් කුලප්පු කරලා අර බතලයට සෙට් කරලා දුන්න නම් සතියෙන් වැඩේ ගොඩ. අන්කල් ට කියන්න කිරිපිටි වලට යන සල්ලිත් උඹට දෙන්න කියල.
".. අම්මෝ ඔන්න මලයා සති තුනකින් කතාවක් දාලා ලෙසටම... යකො නරියට කුකුල්ලු බාර දුන්න වගේනේ බං ... උඹ සේප් එකේ අර ඇස් එම් ඇස් එවපු සූටි නංගියාගේ නොම්බරේ සේවු පාරක් දාගත්තා නේද... කියපං මං කාටවත් කියන්නේ නෑ ...හික් හික් ... හැබැයි පුතෝ සල්ලි හොයන්න කියලා ගූ නං එකතු කරන්න එපා ... ඊට නංබුයි නගර සබාවේ කුණු ටැට්ටරේ යන එක ... ඉතුරු කෑල්ලත් ලෙසටම ලියපං මලයා ... ඕකව දුවෝපං කලංතේ අල්ලනකං ... ලෙසටම ...."
යකෝ මූ ඔච්චර මහත්වෙන්න කාපු බෝඩිම මොකක්ද බං.
ඉක්මනට ඉතුරු ටිකත් දාහං.
සඳරුගේ පාට් ටයිම් ජොබ් එක. ව්‍යායාම් උපදේශක
සඳරු සාමාන්‍යයෙන් කෙල්ලෙක් සෙට් වුනාම කොල්ලෙක්ගේ ඇඟ බහිනවා මචං.... ඒත් මූට මොකද වුනේ...
එල සඳරු...ඉක්මනට අනිකත් දාපන්.එක හුස්මට කියෙව්වා....
සාමාන්‍යයෙන් බෝඩිම් වල වෙන්නේ ඕකේ අනිත් පැත්ත. බුවා බෝඩිමේ කෙල්ල එක්කද යාළු වෙලා තියෙන්නේ.. :))
අඩෝ වැඩේ කැතයි ඈ . . අනුන්ගේ මැසේජ් කියවන එක ගැන මම මේ කිව්වේ හි හි හී
මලය ලෙඩක් ඇදගෙන වගෙයි ඉතුරු ටිකත් බලමු
සදරුවා උඹට මතකැයි ඇර සම්මාන මෙව්වා එක දවසේ අපේ පිටිපස්ස පේලියේ උන්නු එකා?
ඔය බතලයට ඇක්සයිස් කොරන්ඩ පුරුදු කොරන්ඩ ගිහින් හාල් මැස්සා වගේ ඉන්න උඹේ ඇඟත් බහී මල්ලියෙ...
මම ඒත් මේ ටිකේ සඳරු නැත්තේ මොකද කියල බැලුවේ. බලද්දී එක්සයිස් කෝස් එකක් නේ.. එහෙනම් පහුගිය දොහේ වැවු පිට්ටනියේ පොටෝ ගත්තේ මේ කෝස් එක කරන්න ගෙහුං වෙන්ටැති?
ග්‍රර්,,,, දැන් ඉතින් දවසක් බලාන ඉන්ඩ ඕනෙද මෙකෙ හොඳම හරියකියවන්ඩ.... ග්රර්රර්රර්රර්රර්රර්රර්
ඉක්මනටටටටටටටටට... දා දා :)
උගෙ එක ගාතයක් ගැඹුරු තෙලේ බැදලා මාසයක් කෑහැකි . පස්ස පැත්තේ තට්ටමේ එල්ලේ පිට්ටනියක් හැදුව හැකි.
මේක නං සුප් කැටයක් නේ..?
හෙට වෙනකන් ඉන්න වෙනවා..
මම මේකට දාන්න හිතාපු කමෙන්ට් එක .... හෙටම දානවා.
:D
henryblogwalker the Dude
ඉස්පාසුවක් නෑ අනිත් ටික කියවනකං ..
හෆ්ෆා.. අනුන්ගේ මැසේජ් කියවන්නෙ... :/ නරකයි!!!
හික්ස්ස්.. ඊලඟ කොටසත් දාන්නෝ....
සදරුවා වැඩේ කැතයි ආ.. අනුන්ගේ මැසේජ් බලනේ.. මට නම් සැක උඹ මේ නම ගම නැති කෙනා කවුද කියලා හොයන එකත් අර ශර්ලොක් හෝම්ස් තියරිය කලින් දැම්ම වගේ කරයිද දන්නේ නෑ.. ඉතුරු ටික ඉක්ක්මනට දාපන්..
මාරයි නේ බන්..!! අපි මේ බෝඩිම් වල වෙලා වේලෙනවා..!! මෙහෙමත් මහත් වෙන එකෙක් ඇහුවාමයි..!! නුවර කොහෙද දන්නේ නෑ ඔය බෝඩිම තියෙන්නේ ..?? අපිටත් යන්න
"පස්ස පැත්තේ තට්ටමේ" කියන්නේ බන් තව කොහේ හරි තට්ටමක් තියේද? කතා මගින් නවත්තන්න එපා බන්. ඉතුරුටික බලන්න තව ටික දවසක් ඉන්න එපෑ
සිරාවටම අයියේ මට ඕක දැක්ක ගමන් මතක් වුනේ අයියගෙම නංගිව තමා.... මොකෝ ඉතිං
/“මේ හලෝ අපෙ අයිය දැනගත්තොත් ඔයාගේ කෑලිවත් හොයන්ඩ වෙන්නෑ”//
මෙහෙම අයියලා ලබන්ඩ නංගිලා වාසනාවන්ත වෙන්න එපැයිනේ නැද්ද....
හ්ම්ම් මේ වෙන කෙල්ලෙක් වෙන්නැති නැත්තං අරකා එනවනේ පෝං එක ඉල්ලගෙන මොන ගැටේ හරි ගහලා උදුරගන්න...
ඒක නෙමේ අයියේ මාත් දැන් සෑහෙන ප්‍රමාණයකින් මහත්වෙමින් පවතින්නේ කෙට්ටු වෙන්න ක්‍රමයක් කාරිය දන්නවනම් කියන්නකෝ....
අනුන්ගේ මැසේජ් බලන එක කැත වැඩක් නම් තමා හැබැයි ඉතින් මිනිහා කියන සතා කුතුහලෙන් යුක්ත නිසා කස්ටිය දැනගෙන ඉන්නෝන මොන ක්‍රමේකින් හරි ලොක් එකක් දාලා හරි ඕක පරිස්සම් කොරගන්න මොකද පෝං එක ගන්න එකා කියන්නේ නෑනේ "මචං ලොක් එක ඇරලා දියං මැසේජ් ටික කියවන්න" කියලා...
ලිවිල්ල නම් උපරිමයි අයියේ මීට වඩා දිගට දුන්නත් එක හුස්මට කියවනවා කිසිම අමාරුවකින් තොරව... හෙටම අනික දාන්ඩෝ
අනිවා මල් ගොඩා............ක් තියෙයි හෙට :-)
දාමුකෝ බලන්න...
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
ela ela
එලම තමා ගොඩක් කල් බලන් හිටියා බං උඹ ලියනකන් ok ok ජය වේවා
එල කතවක් වගෙ...
මචන්, මටත් බැරිද උඹේ ඔය පංතියට ඇතුල් වෙන්ඩ.. බඩ ටිකක් අඩු කරගන්ඩ ?
උඹ වැඩට ගිහින් ආපු ගමන් දපනවද බන්... මටනම් ඔය වෙලාවට නිදා ගත්තොත් හෙනම මස්තෙ...
ඇග බස්සන්න කිව්වම උබත් ඉතිං රහස් පරීක්ෂක වැඩ කොරනවනේ..
:)
ජය සහෝ !
අඩේ ටක්කෙටම හෙට දාහන් හොඳේ...
හි හි..ලස්සන කතාව..හෙට වෙනකම් නම් ඉන්න බැරියෝ...නියම පරිප්පුව... :) :)
ඌ හිටපු බෝඩිම බෝඩිමක්නම් වෙන්න බැහැ...
මම හිතන්නේ උඹට වැරදිලාද කොහෙද.... ;)
මේ සඳරු අයියෙ ඔයා නිකන් අහිංසක බතලයන්ට පාර්ට් දාන්ඩ එපා හරි? මට තරහා යනවා. :p
වෙලාවට ළඟ පාතක නොහිටියේ. හිටියා නං අපේ පියතුමාත් ඔයාව කුලියට ගනියි. :D
බතලයෙකුගේ කතාවක් කිව්වම නිකං පව් නේ...
ඇයි වදේ බතල වෙන්නෙ හිතලයැ...
මොකක්ද ඒ සිද්දිය. අනිතිමට ඌට ගැහුවද?
උඹ දැන් නම් හොර වෙලා වගේ බන්... රුවන් තඩි ඇඟ නිසා කම්මැලි උනේ දුවන්න පනින්න... උඹ පෝස්ට් දාන්න කම්මැලි වුනේ අහවල් එකකටද... ?
අහින්සක අ.පේ.
බෙල්ලෙන් අල්ලගෙන එක්ක යනවට වඩා හොද උපක්රමයක්නෙ පාවිච්චිකරල තියෙන්නෙ, ෆෝන් එක උස්සපු එකෙන්. නියමයි ! :D
මමත් ඔය බෝඩිමට මාරු වෙන්න ඕනා..අපිටත් මහත් වෙන්න ඇහැකි වෙයි නේ
උගෙ එක ගාතයක් ගැඹුරු තෙලේ බැදලා මාසයක් කෑහැකි . පස්ස පැත්තේ තට්ටමේ එල්ලේ පිට්ටනියක් හැදුව හැකි
අපහාස කරන්ඩ එපා බොල පව්
මේකා මහත් වී ඇත්තේ කෙල්ලෝ දෙන චොකලට් ඇතුලු ජහජරාව කෑමෙන් බව මගේ අන්තශ්රෝතයට වැටහී තිබේ... එබැවින් ඒ සදහා පිළියමක් යෙදීම මැනවි...
Ithin ko ithuru kella, heta vunoooo..
මරු පුතයට ඇඟ බස්සවන කොන්තරාත් දිලා තියෙන්නේ..බලමුකො හෙට මොකෑ උනේ කියල
අඩේ...මගෙ බොක්ක සඳරු....උඹ කෝට්ටාවගේ ඉඳගෙන බතලයගෙන් ගුටිකාලා අඬාගෙන වරෙන්කෝ.මොනව උණත් ආටා එකක් නැවැත්තුවාම තාම යකඩ බජාර් එක ඔළුවට එනවා නේද?
මොකෝ කියන්නේ.මමත් සෙට් එකක් අරං එන්නං.උඹත් කිතුලට එහෙම කියලා සෙට් එකක් හදාගෙන යකඩ බජාර් flat කරමු.
"පස්ස පැත්තේ තට්ටමේ එල්ලේ පිට්ටනියක් හැදුව හැකි ."
http://kathandara.blogspot.com/2011/08/homosexuality-is-natural-tendency-dr.html
හප්පා සෑහෙන්න කාලෙකට පස්සෙ ඉඳලා ඉඳලා දාපු කථාවෙ බාගයයි... ඉක්මනට ඉතුරු ටික දාන්ඩෝ...............
අපි මේ මහත් වෙන්න දඟලනවා.. මුගේ තාත්තට මේකාගේ මහත අවුලට හිටලා.
සඳරු අයියේ කොල්ල අර "මාස්" වර්ගයේ කිරි පිටි එකක්වත් හොරාට ගහලද. නැත්තම් ඌරු පෙතිවත් හොරාට ගිලලද දන්නේ නෑ
කොහොම හරි සිම් එක මාරු කොරාපං ඒකා එන්න කලිං. ඊට පස්සේ උඹටත් ඇඟට මස් ටිකක් දාගන්න ඇහැකි ඕං.
මැසේජ් එකේ තිබ්බ නංගිගෙ අයියා සඳරුවත් ද කියලා නිකමට වගේ හිතුනා.
කුප්පමේනියා වලට දපනෙ වැටුනු පූස් පැටිය වගේ අන්න ඈතින් රුවන් නිකම් අලි පැටියෙක් වගේ එනව පේනවා......
නියමයි සඳරු.......
අනිත කොටස කෝ සඳරු මල්ලී...
බලා උන්නානේ හිහී...
අයියලටත් සෙට් වෙන ජොබ්.......පට්ට පෝස්ට් එක..ඊළඟ කොටසත් ඉක්මනටම දාන්න......
හැමෝටම ප්‍රති උත්තර බඳින්න බැරි වුණාට සමාවෙන්ඩ . ඊලඟ කොටසේදී මම හැමෝගෙම ප්‍රශ්න වලට උත්තර දෙන්නම් ..
අපොයි හොඳම තැනින් කඩලානේ. ඊට පස්සේ මොකද වුනේ
ආ.......ලව් කේස් එකක් හොද්ය් හොද්ය් අපේ එකෙකුට හරියනවනං ආයෙ මොනවද?
ඇත්තම කියන්නන් ,.,අනේ මට කියවන්න කම්මැලියි ,., උදේ පාන්දර නිසා වෙන්න ඇති,., පස්සෙ කියවන්නන් ඈ
මීලග කොටසත් කියවන්න යනෝ ..
නියමයි මචන් බොක්කටම වදින්න උබ ලියල තියෙනවා ....රාවණ සිද්ධම්.... .
Ai ban uba dan post danna me taram parakku :(((
hamadama blog ekata awith harila yanawa..
mokak hari karadarayakwath patalawa gaththada ayeth,
-Ranga-
මාත් යනවා සඳරු මලයගේ ව්‍යායාම පන්තියට.. හිකි හිකි :)
Post a Comment
තැන්කූ බං