පොසොන් මාසෙක උස්න කාලේ සිද්ද වෙච්ච මේ කතාව .. නත්තල් මාසේකදී කියන
එක පොඩ්ඩක් අපිළිවෙළයි තමා ..ඒත් ඉතින් මං පිළිවෙළට වැඩ කරන මිනිහෙකුත් නෙවෙයිනේ .
කෝමහරි ඉතින් මට මේ කතාව මතක් වුණේ ගෝල්ෆේස් පිට්ටනියේ හදන්න ගියපු
ලෝකෙ ලොකුම නත්තල් ගහ සීන් එක නිසානේ .. ඉතින් ඒ වගේ ලොකු සීන් එකක් ගැන තමයි මේ
කථාවත් ..
ක්‍රිස්තියානි කාරයන්ට නත්තල් වගේ තමයි .. බුද්දාගං කාරයන්ට පොසොන්
කියන්නේ .පොසොන් ගැන මං පොඩ්ඩක් මතක් කරන්නං ඉතිරිය උඹලට නිකම්ම මෙනෙහි වේවි ..
වෙසක් එකට බැතිබරව, සුදු ඇඳලා ඉන්න අපේ ගං වල උදවිය පොසොන් මාසේ ටිකක් ලොකුවට සමරනවා ..
තොරණ අටෝලා, මියුසිකල් සෝ ගහලා, බෙර පළලා .. බීලා ... මාරක ළිඳ හෙම
ගෙනල්ලා .. තවත් මියුසිකල් සෝ ඕගනයිස් කරලා .. බීලා .. භක්තිගීත ගයා නටලා . මාරක
බෝලේ , ටියුබ් ලයිට් ගිලින්නන්ගේ සන්දර්සන
කැඳවලා , පොසොන් කූඩු බලලා, කතුරු ඔංචිල්ලා පැදලා , බීලා ..
තව කියාගෙන ගිය හැටි එක හුස්මට ..
ඔන්න පොඩ්ඩෙන් අමතක වෙනවා .. ඇයි ඕයි දන්සල් !! .. ආ අන්තිමේට පන්සල්
..
ඉතින් ඔය වගේ නානාප්‍රකාර ජවුසන් වලින් සහ මියුසිකල් සෝ හි සුසංයෝගය
අතරේ උපදින ගුටි කෙළි වලින් අම්පාරේ පොසොන් උස්සවේ හැම විටෙකම වර්ණවත් වුණා.
17 කොළණිය 28 කොළණිය .බොක්කෙ බැද්ද , දමන, මාන්තොට්ටම ,බණ්ඩාර දූව වගේ අම්පාර අවට තියෙන අර්ද
සුස්ක ගම්මාන ඇතුළේ ගුලිගැහිලා ජීවත් වෙන, දුර්ලභ ගණයේ කෙල්ලෝ පවා ඒ කාලෙට එළි බහින නිසා, ඉහළ යන ගෝලීය උස්නත්වය හේතුකොටගෙන
ආක්ටික්වල අයිස් කඳු පවා දිය වුණා ..
ආං ඒ වගේ ලස්සන පොසොන් කාලෙක මමත්, අපේ ගමේ නොමේරූ ළදරු බවුද්ද ඒකකයත් එකතු වෙලා
මහා පරිමාණෙන් පොසොන් ඇක්ටිවිටි එකක් ක්‍රියාත්මක කරන්ඩ විශේෂ රැස්වීමක් කැඳවවුවා
.. නමින් කියන්ඩ බැරි තරම් විසාල පිරිසක් ඒ සඳහා එකතු වුණා . කවදාවත් මාව දමලා
නොයන රිපිටා සහ කිතුලා දෙන්නා අද වගේම, එදත් මාත් එක්ක හිටියා , නොහිටියා ..
නොමේරූ ළදරු බෞද්ධ ඒකකයේ සභාපතියා වුණේ කරෝල කඩේ තුංගෙ මාමා .. එතකොට
කාරක සභිකයන් විදිහට හිටියේ හයේ ගෙදර සමීරයි , සුනිලුයි , සැමන් කුමාරයි , සැලුන් තුසාරයි .
භාණ්ඩාගාර තනතුර බාරගෙන උන්න තිලකේ මුදලාලි ඇවිත් හිටියේ නෑනේ .. ගම
පුරා බැලුවත් උන්දැව හොයාගන්න බැරි වුණානේ ..ඒ අස්සේ මමයි කිතුලයි රිපිටයි ලේකම්
වරු ලු ..හෙහ්... රිපිටාට නම් හරියන්නේ අංගො වගෙ කේලම් තනතුරක්.
එකා වගේ එකට එකතු වෙලා හිටිය අපේ සමිතියේ එකම අරමුණ වුණේ මේ පොසොන්
උස්සවේට අපේ බැතිබර දායකත්වය තදටම දෙන්න මැදිහත් වෙන එක.. අන්න ඒ නිසයි බ්ලූ සෆාරි
බෝතලේකුයි, සෝඩා බෝතලේකුයි, ගෝල්ලිප් 8යි, බීඩි මිටියයි,බයිට් බාජනෙයි,පොල් බෑයකුයි. ආදී පූජා භාණ්ඩ කට්ටලයක්
ඒ අසලම තැම්පත් කරලා තිබුණේ.
“ඒනං කෂ්ටියම එකතු වෙලා මෙදා පාර පංසලේ තයිච්චියේ සුදු හුණු
ගාලා ගමු නේ”
තුංගෙ මාමා කට වටේ පිහදාගෙන එහෙම කියනකොට මට හරි ඔතෑනි බවක් දැනුණා
..අනික මං පොල් බෑය කන ගමන්නේ හිටියේ ..
“තයිච්චිය නෙමෙයිනේ මාමා.. චයිත්තිය !!”
රිපිටා වරදක් නිවැරදි කරලා සුරා පොදක් තොල ගෑවා.. මං ඌට පොල් බෑය
දික් කෙරුවා.
“එහෙම කොමං වැඩ නෙවෙයි.
අපි පොඩ්ඩක් අපේ අම්පාරේ සිංහල හයිය ලංකාවට පේන්න වැඩක් කරමු .ටිකක් අමාරුවෙයි ඒත්
අපි ජනප්‍රිය වෙනවා සුවර්”
..කාරක සභික සැමන් කුමාර එහෙම කීවා ..
අපෝ සිංහ හයිය පෙන්නලා ජනප්‍රිය වෙන්න හරි ලේසියි..! කාත්තංකුඩි
හන්දියට ගිහින් අපේ තම්බි බ්‍රදර්ස්ලාට කිරිබත් එක්ක ඌරු බාබත් දන්සලක් දුන්නා
නං ලංකාව නෙවේ ජාතියන්තරේ පවා කලම්බලා ..බීෆ් කරි මික්ෂ්චර සහිත ගූ මුට්ටි ප්‍රහාර
පවා කාගෙන ආ හැකියි.. ඊට පස්සේ අපිට ඔය සීන් එක දිගටම වවාගෙන කන්නත් හැකියි..
මං එහෙම හිතුවට කියන්න ගියේ නෑ ..ඔය හිතට එන හැමදේම කියන්නත් හොඳ
නෑ...
“කියහං අපි මොකෝ කරන්නේ ?”
මං බොරුවට පොයිය දැම්මා..
“අපි නිකං ලංකාවේ ලොකුම
පොසොන් කූඩුව වගේ ඇටෙවුවොත් ඒක ..පත්තරෙත් යාවි .. නේ”
“අඩෝ අපූරුයි .. ඒක කරමු
..” මං ආයෙත් පොයිය දැම්මා
“නෑ නෑ ඒකට වියදං වැඩි ..” තුංගෙ මාමා උදැල්ල දැම්මා. හැබැයි
උන්දැගෙ කතාව ඇත්ත.
සවු කඩදහි වගේම අනෙක් දේවල් වුණත් දැන් හරි ගණං ..ඉතින් කෝමද ලංකාවේ
විසාලම පොසොන් කූඩෙ හදන්නේ ..ඒ වෙනකොට මැල්පට් බෝතලේම රුපියල් නවසිය ගාණක් ..ඉතින්
ඔවු ගාන වැඩියි .. තුංගෙ මාමටත් වැඩියි .
“ සල්ලි නැතුව කරන්න හැකි
ලොකුම ලොකු...දේ මොකද්දෑ ?.” තුසාර බොරුවට කල්පනා කරනවා..
සමලිංගික ධර්මදාසගේ කොත්තු කඩේ කුස්සිය පැත්තට ගිහින් කලිසම පාත්
කරලා …….. ලොකු කොත්තුවක් ෆ්රීා කාලා එන්න නම්
සල්ලි යන්නෑ ..
මට එහෙමත් හිතුණා ඒත් .. මං ඉතින් ඒක කීවෙත් නෑ ..
මමත් කල්පනා කළා .. යාන්තමට මත් වෙච්ච මනසේ ඇඳුණු කල්පනා ලෝකෙට අක්ෂේ… කුමාර් ඇවිල්ලා පට්ට ඩාන්ස් එකක් දදා
නැටුවා ..පබ්ලික් ලැට් එකේ කංසා බීපු හැටි .. සාක්කුවේ තියෙන රු අසූවට සිගරට්
ගත්තාම තවත් කීයක් ඉතිරිද .. මේ වගේ සිතුවිලි අතරේ අයිලේ ගිය මනසට මාර අදහසක්
පත්තු වුණා ..
“අඩෝ මරු වැඩක් තියේ
කරන්න ..”
“මොකක් ..?”
හැමෝම මං දිහෑ බලං .. මං බෝතලේ දිහෑ බලං ..
“අපි හදමු ලොකුම හොල්මං
ගුහාව ..!!”
“චිහ් ..ඒත් ඉතින් වියදං
..”
සැලුන් තුසාර පයින්න හැදුවා ..ඒත් මං ඇරියේ නෑ..මොකෝ මයෙ පියා ගන්දර, සෝ මයෙ ඇඟෙත් දුවන්නේ දකුණු ලේ ඔය
තුසාර වගේ හාල් කෑලි වලට මං පදිරි නෑ ..
“ඇඩෝ !! කළු ඉටිරෙදි
ටිකක් විතරයි බං හොයාගන්න ඕන .. ඊට පස්සේ අර පාළු වත්තට ඉටිරෙදි ගහලා වට කරලා අපේ
එවුන්ටම කියනවා හොල්මං වගේ ඉන්න කියලා .. ටිකට් පොතක් ගහලා ටිකට් කැඩුවාම අත උඩින්
ලාබෙ හුයන්නෝ .”
“අම්මපා ඒක නං නරක නෑ කොල්ලෝ ..ගජ ලාබයි නේ !! “
තුංගෙ මාමා කට පුරා හිනාවෙලා දකුණු අතින් එයාගේ පුස්ප රාගේ කසන්න පටන්ගත්තා
. මං ආයේ බයිට් බාජනේ දිහෑ බලන්නෙවත් නැතුං ඉන්න හිතාගත්තා ..අල්ල කහන්නේ සල්ලි
හම්බුවෙන්න කියලා අහලා තිබ්බට වල්ල කහන්නේ ඇයි කියලා මං දන්නෑ ..? කමන්නෑ මොනා හරි හම්බු වෙයිනේ ..බයිද
වේ, මගේ අදහස හොඳයිනේ ..
ඉතිං අන්න ඒ විදිහටයි ලංකාවේ ලොකුම හොල්මං ගුහාව අම්පාරේ පුංචි ගමක්
ඇතුළේ ඉදිකෙරෙන්න ඔනෑ කරන මූලික සැලසුම් දියත් කෙරුණේ .. (මගේ සංකල්පයකින්)
පොසොන් සතිය උදා වෙනකොට අම්පාරෙ වේලිචි පොළව යාන්තමට තෙමාගෙන, හීං පොද වැස්සක් වැටුණා .. ඒ කියන්නේ
මහා විසාල පෑවිල්ලක් ඉස්සරහට එනවා . ඇලේ වතුර හිඳිලා ගියාම ඊළඟට එන කන්නේ කුඹුරු
ටික සෙත්ත පෝච්චි. කමක් නෑ පොසොන් එකට හොඳට ආතල් ගත්තානම් ඒ මදෑ .
ගම්මානේ ඇතුළේ පුංචි පුංචි සුකුරුත්තං කඩ , ආතල් පොට් ආදිය එකින් එක ඉදි වෙන්ඩ
පටන්ගත්තා . වෙල්ලස්සේ රජ වැඩකාරයන්ගේ මාරක ළිඳ වගේම සැන්ඩෝ ජවනිකා ආදී පිටින් ආ
සංදර්සන කාරයෝ ගමේ හොඳ හොඳ ප්ලේස් අල්ලාගත්තා .. අවුලක් නෑ අපි කට්ටිය කලින්ම
කැලේට යටවෙලා තිබුණ පාළු වත්ත අල්ලාගත්තා . ඒක නගර සභාවට අයිති බිමනේ ඉතින් සල්ලි
දෙන්ඩ ඔනෑ නෑනේ .අනික අපි පිං අතේ වැඩක්නේ කරන්නේ ..
හැම වතාවකම වාගේ හොඳ පුවක් ගස් එකසිය ගාණකට වග කියාන, ජයම්පති මුදලාලිගේ මහා තොරණ රාජයා මෙදා
පොටෙත් ගම මැද්දේ විරාජමානව නැගී සිටියා. කාටත් හොරෙන් අපි පාළු වත්ත වටේ කළු
ඉටිරෙදි ඇද්දා ..
“මයෙ පුතේ ටිකට් පොත් පනහක් වත් ගන්ඩ වෙයි නේ ..?”
ඒ අස්සේ තුංගෙ මාමා මාව හොයාගෙන ආවේ
එහෙම අහගෙන ..
එයා ටිකට් පොත් ගහන්ඩ ප්ලෑන් ගහනවා, මං මේ බෝතලයක් ගහලා සිගරට් පාරක් අදින්නේ
කෝමදැයි හිතනවා . ඉතිං කෝමදෑ පොසොන් සමරන්නේ ? .
“මේ මාමා එහෙම ටිකට් පොත්
ගහන්න බොරු වියදං ඔනෑ නෑ .. ටිකට් සීයක් ගහන්ඩකෝ ඒ ඇති . “
“ඇයි පුතේ සීයයිද ...”
“නෑ නෑ ..මිනිස්සුන්ට දෙන
ටිකට් එක ඇතුළට යන තැනදී අපි ආපිට ඉල්ලගන්නවා .. ඊට පස්සේ ආයෙමත් ඒක ඊළඟට එන එකාට
විකුන්නහම හරි ..”
“හ්ම් හ්ම් .. ඒකත් හොඳා ..”
මගේ උදාර අදහස් සහ අපූරු මග පෙන්වීම් එදවස මගෙ ගම් පළාතම එළිය කරමින්
දිස්නේ දුන්නේ මිචෙල් ඔබාමගෙ කොමඩ් එකේ ඉහිරිච්චි කොපර් සල්පේට් වගේ ..!!
පොසොන් හඳ එළිය ලංකාවට වැට්ලා, අම්පාරෙ කාෂ්ටක පොළව “චූස් ගාලා” සිපගත්තා ..අපේ හොල්මන් ගුහාව ගමේ
කෙළවරක බොහෝම බියකරු විදිහට පැන නැංගා .
ලෝකයේ ලොකුම සහ ලෝකයේ හොඳම හොල්මං ගුහාව
බඩ බුරුලට යන ඇතුළු වීමෙන් වළකින්න ..
කොන්දේසි සහ නියමයන් අදාළ වේ ..
ආන්න ඒ වගේ ප්රරචාරං පුවරු වටේම එල්ලලා බලුප් දාලා ගත්තාම, ආතල් එකේ අපේ හොල්මං ගුහාව බැබලුණා ..
තුංගේ මාමා ඇතුළුවීමේ දොරටුව ළඟ ට්කට් පොත තියාගෙන, සල්ලි දාන්න ලොකු ටින් එකකුත් ගෙනල්ලා
බලාන ඉන්නවා. සෙන්ටර් කෑම්ප් හන්දියෙන් ගෙනාපු මැල්පට් සහ ජෙට් බෝතල කීපයක් මිනිහගේ
කකුල්දෙක ගාව හැංගිලා . එකකින් බාගයක් ඉවරයි .
සැමන් කුමාර මල මිනියකට ඇඳලා, යන්තම් පදම් වී හොල්මං ගුහාව ඇතුළේ මිනීට්ටියක බුදි ..වලං ගෙදර රූපෙ
ඇඟේ මැටි ගාගෙන, මොකෙක්දො යකෙක් වගේ ඇඳගෙන ඇවිල්ලා ..මං
හිතන්නේ අර කොරහ බිඳං යන්න ගියපු යකා වෙන්නැති.
මොහිනී ,කුවේණී, මහසෝනා ,කඩවර යකා, ගෝරිමන්දයා, සහ තවත් බියකරු දේසීය යක්කු වගේම සුදු
රෙදි ඔතාපු කෙහෙල් කොටං අස්සේ හැංගිලා බටහිර පැළැන්තියේ ඩ්රැකිවගේ ධවල යක්කු පවා
උන්නා ..ගුහාව අස්සේ මහ කොට්ටං ගහ උඩට එල්ලූ කඹේකින් දැවටිලා රතු තීන්තෙන් පොඟවාපු
පඹයෙක් හිටිගමන් පහළට වැටෙනවා .. ෂා ඒක මහා මනරම් හොල්මං ගුහාවක් මොනායින්ද
අඩු.හැම ජාතියකම යක්කු හොල්මන් පිරිලා.කොටින්ම කීවොතින් ඇල්ෆ්‍රඩ් දොරේඅප්පාගේ
හොල්මනත් හිටියා ..
අපි හොල්මං ගැනයි , අරක්කු අඩුපාඩුයි බලන අතරේ කිතුලා කරන්ටෙක ගැන බැලුවා විදුලි වැඩට ඌ
දක්සයා.. කම්බියකට කොකු දාලා ඌ අපිට නොමිලෙම ලයිට් එහෙමත් අරන් දුන්නානේ ..ඉතින්
කිසිම බාදාවක් නැතුං අපේ හොල්මං ගුහාව හීං සැරේ දිස්නෙ දිදී විවෘත්ත වුණා ..
පොසොන් ආතල් ගන්න යන එන උදවිය අපේ හොල්මං ගුහාව දිහෑ බලාන ගියා
..සමහරු නැවතිලා ගාන අහලා බයවෙලා යන්න ගියා . පැයක් දෙකක් ගියත් ටිකට් දහයකට වඩා
විකිණිනුනේ නෑනේ ..මගේ හිතත් බියෙන් සලිත වෙලා යද්දී රිපිටා ගේමට බැස්සා..
“මේක හරියන්නෑ ඩෝ . ඉඳින්
මං ඈම්ප් එක අරන් එන්නං. බපල් දාලා, තඩි සද්දයක් දාලා බක්තිය අප්
කොරලා ගම්මු..!”
රිපිටා ගෙදර ගිහින් ඈම්පෙකක් සහ බපල් අරගෙන ඇවිල්ලා ගමටම ඇහෙන්න සද්ද
පූජාවක් දැම්මා . ඌ කෝමත් ගෙරි සිංහලයා නිසා බෙග් මාස්ටර්ගේ පෝය ඩේ සින්දු අහන්නෑ
..ඌ වෙනම ජාතියේ රැඩිකල් හිපොක් සින්දුවක් දැම්මා ..
“මගෙ කූඩුවට ඇවිත් සල්ලාල
පෙම්බරෙක් ... මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක් .”
“මගෙ පෙම්බරී සමග හාදව
දුන්න ගින්දරක් .. මට දුන්න ගින්දරක් ..”
පොල්කටු ගෙදර බෙල්ලි කොල්ලා බුලත් විට කන හුණු පැකට් එකකින් ඇඟේ ඇට
කෝටු සැකිල්ලක් ඇඳගෙන අවුදින්..මූණ පුරා පාං පිටි තවරගෙන.. අන්ඩ වෙයාර් එක පිටිං
පාරේ නැටුවා ..රිපිටගේ සින්දුවට බෙල්ලි කොල්ලගේ ඩාන්ස් එක පට්ට එන්ටර් ටේට්මන්ට්
.. මොහොතයි ගියේ ගමම එතන. ජයම්පතියගේ තොරණ ජාවාරමට හුළං.. හොඳ වැඩේ kරියට!!
ඒ අස්සේ හයේ හතරේ ඩයල් කීපදෙනක් එතනට අවුදින් රිපිටට ටෝක් කළා ..
“මලේ...!! මියුසිකල් සෝ
එකට යන්ඩ කලින් බෝතලයක් තියනවා ගහන්ඩ .. අපි මේක ඇතුළට ගිහින් ගහන්ඩද ..?”
කිතුලා උන් දිහෑ රවලා බැලුවා ,රිපිටා මං දිහෑ හැරිලා බැලුවා , මං සම්තින් එක ගැන හිතලා බැලුවා ..!!
“යන්ඩ දියන් මචෝ ..හැබැයි
එකාගෙන් ඩබල් අයකරාපිය .. අපේ මොකෝ ..?”
ඔන්න ඔය විදිහට ටික වෙලාවකින් අපේ හොල්මං ගුහාව වරලත් ගුදමක් යමක්
බවට පරිවර්තනය වුණා.එහෙන් මෙහෙන් සෙට් පිටින් බෝතල් අරන් ආපු ඩයල් අපි ඉල්ලන ගාන
දීලා .. ඉටි රෙදි වලින් වට කරපු කැලෑ මණ්ඩිය ඇතුළට රිංගලා හොරෙන්ජූස් ගහන්ඩ
පටන්ගත්තා ..
මමත් ඇරියේ නෑ .. ගැහුවා මැල්පට් බාගයක් තනියෙන් ..!!
ඊට පස්සේ කෙල්ලෝ හතර දෙනයි, කොල්ලෝ හතරයි වගේ කාණ්ඩයක් ආවා ..උන් පුරුදු විදිහටම රිපිටට ටෝක් කරා
වුණත් ..එතකොට රිපිටට හොඳට වෙරි .. කිතුලා ගේමට බැස්සා ..
“මොකෝ ..”
“අපිට ගුහා බලන්ඩ ..”
“ටිකට් අරන් යන්ඩ .හැබැයි
ඇතුළේ සීන් දාගෙන බදර් වුණොත්...”
දැන් මට සීන් එක තේරුණා ..මුං මේ එන්නේ හොල්මං ගුහාව බලන්ඩ නෙවෙයි ..
ගල් ලෝඩ් එකක් බාන්ඩ ..අපේ කිතුලා කෝමත් නහර කාරයා උගේ සද්දේ පොඩ්ඩක් වැඩියි .
ඉතින් මං එතෙන්ට මැදිහත් වුණා .
“ඒ කිචුළා .. දෙෂිය පාක්
..ෂොරි දෙෂීය පනාක් ගන්ඩ ෂුදා .. ෂල්ලි අරන් මෙ මල්ලිලා නංගියාලා..
යවන්ඩස්..නංගිලා බය කරඩෙපා ඩෝ ”
මම මුදුනා වගේ නැගිටලා එහෙම කීවට මොකෝ මාව කැරකිලා ගියා ..දෙසිය පනහා
ගානේ ගෙවාපු මේ රිලවු සෙට් එක කෙල්ලොත් ඇදගෙන හොල්මං ගුහාවට රිංගුවා .. මගෙ මොකෝ
..?
බෙල්ලි කොල්ලා තාම නටනවා ..උගේ මූණේ තිබ්බ සුදුපාට පිටි තට්ටුව
දාඩියටම හේදිලා ගිහින්, තට්ටං දෙක පුරා වැලි.. ඒත් ඌ උඩ පැන
පැන නටනවා .. මං ඌට අඬගහලා අසෝක වීදුරුවක් පුරෝලා මැල්පට් අඩියක් දුන්නා .. ඌට
ඉක්කා වැටුණා ..අනෙ මයෙ මොකෝ !!
ඔය විදිහට දවස් කීපයක් ගත වුණා ..
පොසොන් සතිය ඉවර වෙන්ඩයි , මේ විගඩං නවත්වන්ඩයි තව දවස් තියෙනවා . ජයම්පති මුදලාලිගේ තොරණට වගේම
අපේ හොල්මං ගුදමටත් බොහෝ දෙනෙකුගේ මනාපේ හිමි වුණා .. බැතිබර උදවිය සහ සෝබෝන්
විස්ස විජ්ජාලෙ ඉගෙනගත්තු මහත්තුරු වගේම විනය තකාපු තරුණ ප්‍රජාව අපිව තදින්
විවේචනේ කළාට මොකෝ .. යහමින් අඩිය දාන , කාමයට ලැදි සූටබල් ප්‍රජාව නම් අපේ හොල්මං ගුහාවට මේ දවස් ටිකේම ආවා
ගියා .. ඉතින් අපි සැලෙයිද ..? .. පොඩ්ඩක් වැනුණනට අපි සැලෙන්නෑ ..
ඇයි ඉතින් ඔය පොලිසියේ රාලහාමිලා පවා ඇවිදින් හොල්මං ගුහාවට රිංගලා
හොරෙන්ජූස් අඩිය දාලා හීන් සීරුවේ සංගීතෙ පැත්තට ගියේ..! . රට, ජාතිය සුරකින ඒ පොලිස් බටයන්ගෙන් අපි
සතපහක්වත් අය නොකළ බව විසේසෙන්ම කියන්න ඕන .. නෑ ලියන්නත් ඕන ..
පොසොන් සතියේ හතරවෙනි දවස වෙනකොට හොල්මං ගුහාවේ සංවිධායක මණ්ඩලයට
නිකං ලූස් වගේ .. ඇයි රෑ එළිවෙනකම් ඇහැරගෙන බොනවා . හම්බුවෙන ධනස්කන්දෙන් හිස්බඩත්, දවල්ටත් බොනවා .. රිපිටා දවස් ගානකින්
බුරුසුවක් දැකලා නෑ .. කිතුලා දවස් ගානකින් ගෙදර ගිහින් නෑ . හොල්මං විදිහට රඟදක්වාපු
අපේ කොල්ලන් ගොඩ දවසකින් නාලත් නෑ .
මට දවස් කීපයක් එක දිගට කක්කුස්සි ගිහිල්ලත්
නෑ.. බඩ පොඩ්ඩක් වේලෝලා වගේ .. ඒ මදිවට දොට්ට ගියෙත් හැලිබොරේන්ච් පාටට .. හැබැයි
සුවඳ හොඳයි . ලැවැන්ඩර් සහ අලි හක්ක ගලගාපු සුවඳ අතර මැද සුවඳක් විහිදුණා. ඇයි
ඉතිං වකු බඩු දෙකකින්ම පෙරන ලද ප්‍රෙස් බඩු නේ ..
රිපිටාගේ සද්ද පූජාවෙන් හැමදාමත් එකම සින්දු ටික වාදනේ වුණා ..බෙල්ලි
කොල්ලගේ අඩ නිරුවත් ඩාන්ස් නැටුම දැං පාරේ යන එවුන්ට වගේම අපිටත් අප්පිරියා වෙලා .
ඒ නිසා මට ඌට ස්තාන මාරුවක් දෙන්ඩ සිද්ද වුණා ..
“බෙල්ලි මල්ලී .ඔය නැටුව
මදෑ. මෙහෙ වර ..”
“අයියා .මට. කතා කළා ..?”
“ඕ..!! මේ.. උඹ බීලද
ඉන්නේ ..?”
“ නෑ අයියා ..කිතුල් අයියා මට බුන්ට දෙන්නෑ ..”
“හරි මං උඹට ඇති තරම්
බොන්ඩ දෙන්නං . උඹ හොල්මනක් වගේ ඇඳගෙන ගුහාවට රිංගපිය ..හොඳ කළුවර මුල්ලක් හොයාගෙන
මිනිස්සු බය කරපිය.. ගෙදර යද්දි සල්ලිත් දෙන්නං .රෙවෙනකං බොන්ඩත් දෙන්නං . හරිනේ ”
“මං කොයි හොල්මන වගේ අඳින්නෙ අයියා ..?”
“උඹ ඔය අහලා තියෙන මොකෙක්
හරි මැරිච්චි මිනිහෙක් කල්පනා කරලා ඒ වගේ ඇඳපං බං .. හ්ම් දැං පළ”
“එලාර වගේ අදින්ඩ.. මං “
“එපා ... දැං වාත නොවී
පලකෝ ..ගිහින් රිපිටා අයියගෙන් අහපන් ඌ කියාදෙයි ..”
බෙල්ලි කොල්ලා තාම ඉස්කෝලෙ යන වයසේ හොඳ එකා..ඌට වැඩියෙන් සම්තිං එකක්
දෙන්ට ඕන ..එතකොට උගෙ ඉස්කෝලෙ වැඩට ඔනෑ කරන පෑන්. පැන්සල්, සපත්තු,ඇඳුම් , බිහිත චතුරස්‍ර, සිගරට්, පොත් පත්, බියර්, වතුර ගෙනියන්න අරක්කු බෝතල්, සහ කාකටු පෙට්ටි වගේ දේවල් මිලදී ගත
හැකියිනේ ..
ඉතින් හැමදේම ලස්සනට ලයින් වුණා ..වැඩි වැඩියෙන් පිටි දමාලා , රතු ඇට සීනිත් දමාල, අනාලා හදවුව ලෑතරයක් වගේ හැඩට ඔරිජිනල්
පොසොන් හඳත් මිඩ්නයිට් අහසේ මුදුන් වුණා .. අන්න ඒ වෙලාවේ ගමේ ඒ. ජී. ඒ මහත්තයා ,උන්දැගෙ දරු පවුල සහ බිරිඳ කැටුං අපේ
හොල්මං ගුහාව දිහෑට කිට්ටු වුණා .. මං හනි හනිකට හැංඟුණා ..බුවා බලවතා ඇන්ඩ් මයෙ
පියාගෙ හිතවතා .. අනික මගේ පංචස්කන්දෙ පොඩ්ඩක් අරකු මිස්රිත කංසා ගඳයි.. ඒකයි .
“ළමයෝ අපිට ටිකට් හයක් දෙන්න ..”
ඒ ජී ඒ මහත්තයා කිතුලගෙන් ටිකට් ඉල්ලනවා .. කිතුලා ගාව ටිකට් නෑ
.කවුදෝ අසමජ්ජාතියො වගයක් ටිකට් සෝරෝගෙන්ම කංසා එතුවනේ ..
“සල්ලි ඕන්නෑ මහත්තයා..
මත්තයලා ගිහින් බලලා එන්න ..”
කිතුලා කට්ටියව හොල්මං ගුහාව ඇතුළට යැවුවා .
කිතුලාට වගකීමක් බාර දුන්න හැකියි කිසිම කුයිලක් මයිලක් නැතුව . ඌ
වගකීමක් බාරගත්ත දාට බොන්නැති හින්දා අපිට අරක්කුත් ඉතිරි වෙනවනේ .. මම ඒ ගැන හිත
හිතා සිගරට් එකක් පත්තු කළා ..
අන්න එතකොටම තමයි මට ඒ ඇඟ හීතල කරපු යටිගිරියෙන් කෑගහන හඬ ඇහුණේ .. ඒ
අතරෙම” අනේ අයියෝ පල හු! .. ඌවා ..” වගේ මහා අමුතු සද්ද බද්ද රැඳුණු කාලගෝට්ටියක්
සහ යටිගිරියෙන් තීව හූවක් ඇහුණා ..
හැබැයි රිපිටාට නම් වෙන සද්ද වගයක් ඇහුණයි කියන්නේ.ඌට ඇහුණේ ඝාන්ඨාර සද්ද දෙකයි , ලුණු පොල් කට්ටක් ඩිපෙන්ඩර් එකකට
යටවෙන සද්දෙයි ,
පඩික්කං පෙරළෙන හඬකුයි ලු.. මූ අරක්කු බොන්නේ කනෙන්ද මන්දා..!
හැබෑට මොකක්ද ඒ වුණේ ? දැන් හොල්මං ගුහාව පටන් අරන් දවස් කීයක් වුණාද කවුරුත් මේ තරම් බය
වෙලා විලාප තියන සද්දයක් නම් අපි අහලා තිබුණේ නෑ ..
පිටවීමේ දොර දිහාවෙන් එළියට දුවගෙන් ආවේ ඒ ජී ඒ මහත්තයා සහ ..
උන්දැගෙ දරු පවුල .. ඒ ජී ඒ මහත්තයාගේ නව යවුවන දූවරු දෙන්න බය වෙලා .. පොඩි එවුන්
අඬනවා, වයිෆ්ට විලි රුදාවද මන්දා ඒජී ඒ
මහත්තයා රතු පාට වෙලා දාඩියත් දාලා .. එතුමා අපිට බැණ වැදුණා !!.
“දැං මේ දැං මං මේ හොර ගුහාවට මොකක්ද කරන්න යන්නේ කියලා
තමුසෙලා බලාගන්නවාකෝ ..”
“ඇයි ෂර් ? බයද ?” රිපිටා වෙරි පිට හිටගත්තා . කිතුලා ඌව
ආම්බන් කරගෙන හනි හනිකට පැත්තකට ගියා .
ඒජීඒ මහත්තයා බැණ බැණ යන්න ගියා ..
කට්ටියම කාරණේ මොකක්ද කියලා හොයා
බලන්නයි හැදුවේ ..මං නම් මුල්ලකට ගිහින් හොරෙන් වමනේ දාන්නයි හැදුවේ ..
මහසෝනාට ඇඳගෙන ඔළුවට හෙල්මට් එකක් දාගෙන දාගෙන හිටි සැලුන් තුෂාර
එතනට ආවේ දාඩිය පෙරාගෙන ..
“මාර සීන්ස් එකනේ .. මං
කළුවරේ කෙල්ලත් එක්ක පොඩි උම්මා එක්ක ... ඉන්නකොට කවුද මිනිහෙක් මට කුණුහරපෙන්
බැන්නා .. “
“ඉතින් ..”
“මං ඌට හොඳවයින් දෙකක්
කීවා .. ඇයි බං මුණාද ඌ බල බල යන්නේ ..”
“යකෝ උඹ කෙල්ලට .. ඕක අස්සේ
..? කෙල්ල කොහෙන් ආවේ ? .”
“ඇයි බං ඔය දොරෙන් නේ
ආවේ..අනික මාව නම් අඳුනන්න බෑනේ බං මං මහසෝනානේ ..”
“අනේ තොපි වගේ හරක් ...හරි
ඉතිරියත් කියහං යකෝ .”
“අපි බැනගන්නකොට ..
බෙල්ලි කොල්ලා කරුවලේම ඇවිල්ලා ඒ මිනිහගේ අහවල් එක මිරිකුවා . විනාඩියක් විතර
මිරිකාන ඉඳලා හූ කියලා ඌ හැංඟුණා ..”
“දන්නවද උඹලා ඒ මිනිහා කවුද
කියලා .. ඒ තමයි ඒ ජී ඒ මහත්තයා .. “
“හුටා ..!! අරූ වල්ල පොඩි
කළේ ඒජීයේ මහත්තයාගේ..? ”
“බෙල්ලි කොල්ල ඇයි ඒජීයේ
මාත්තයාගේ වල්ල පොඩි කළේ ?”
ඒ ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ බීමත් රිපිටා ..!!
“හෙහ් හෙ ඌට මං තමා කීවේ
..ඒ කෂ්ටිය සුට්ටක් වැඩියෙං බය කර්න්ඩ කියලා ..”
තුංගෙ මාමත් සැලුන් තුසාරත් ඔළුවේ අත ගහගෙන ඉඳගත්තා .. ඊට පස්සේ අපි
හදාපු හොල්මං අපිටම කෙලපු නිසා අපි අපිටම බය වුණා.ඊට පස්සේ වෙච්ච දේ මට හරියට
නිච්චි නෑ..
රිපිටා ප්ලාස්ටික් පුටු පේළියක් පෙරළාගෙන වැටුණෙත් ... පොලීසියේ
උදවිය අපිව බලන්න ආවේත් ..හරියටම එකම වෙලාවක .. හැබැයි මට වමනේ ගියේ නම් පස්සේ
වෙලාවක ..
“..
චිහ් මෙතන හැටි ..” සාම්මාත්තයා කෙනෙක් ඔළුවේ අතගහගත්තා ..
“කුඹුර මේම නං නියර කෝමද කියලා හිතන්නකෝ .. ආං අර බූත ගුහාව
ඇතුළේ සිද්ද වෙන දේවල් තාම රාලහාමිලා දැකලා නෑනේ .. මහ සෝනා ගෑල්ලමයෙක් එක්ක මහ
අසික්කිත විදිහට හැසිරෙනවා .. “
“සර් අනේ සර් මොකක්ද අවුල
සර්... ඒ ඇතුළේ වෙන්නේ රඟපෑමක් සර්..” තුංගෙ මාමා පොලීසියට බැගෑපත්
වුණා ..
“ රඟපෑම් නෙවේ කවුද එකෙක්
මේ හොල්මං ගුහාව ඇතුළේ ඉඳන් මේ සර්ව අපහසුතාවයට පත් කරලා තියෙනවා ..”
“අපාසුතාවේ කීවේ මේ සර්
බය වෙන්නැති .. ඒකයි මේ අපි කිවුවනේ බය අයට යන්න එපා කියලා ..”
“බය නෙවෙයි ඔයි මේං මේ සයිස් කලු මිට්ටෙක් ඇවිත් මගේ ... මගේ
..ඌ ඌ මගේ .. මගේ .කණ මිරිකුවා ..”
අහවල් මංජුසාව මිරිකුවා කියලා කීවොත් නම කැත වෙනවානේ ඒ නිසා ඒජී ඒ
මහත්තයා බොරුවක් කියලා බිම බලාගත්තා ..
“අඩෝ කිතුලෝ පට් පට් ගාලා
ලැයිට් නිවහන් ..අපි කරුවලේ දුවමු.. ඉක්මන් කරහන් ..”
මම කිතුලට රහසින් එහෙම කීවා
“සඳරු උඹ සිහියෙන් ඉඳින්
ඉස්සලා .. යකෝ රිපිටා බිමනේ ඌව දාලා දුවන්ඩ බෑ බූරුවෝ..” කිතුලට මල පැන්නා ..
“ආ ....” මං කරබාගත්තා ..
“මේ සේරම ඉටි රෙදි අයින්
කරන්න .. සාජන් .. ඔයි ඉටිරෙදි සේරම කඩන්න .. “
පොලීසියේ රාලහාමිලා අපේ හොල්මං ගුහාව කඩනවා බලන්න මහා ජකායක් එකතු
වුණා ..පාළු වත්ත වටකරලා ඇදලා තිබුණ කළු ඉටිරෙදි පොල් අතු ඉරාගෙන හොල්මං ගුහාවේ
ඇතුළේ හිටපු බෙබේ ප්‍රජාව පැනලා දීවා .කංසා ඩයල් කීපයක් කිසි ගාණක් නෑ වගේ රෙස්පට්
පිට එළියට බැහැලා යන්න ගියා.ඒ අස්සේ පොලිසියේ අය සහ ග්රාමාරස්සක නිලධාරීන් කීප
දෙනෙක් හිටියත් කළුවර නිසා නීතියේ දෑසට එයාලව පෙනුණේ නෑනේ ..
තොරණෙ ලවුස් පීකරෙන් නම කියෝගන්නයි, භක්ති ගීත කියන කෙල්ලන්ගේ ඇද හොයන්නයි .. දංසල්
බත් ගිලින්ඩයි ආපු උපාසක අම්මලා කම්මුලේ අත තියාගෙන අපි දිහෑ බලාන හිටියේ
ලෝකෝපකාරේ ගිල්ල ඉබ්බියො වගේ .. හැබැයි හොඳ වෙලාවට ලවු කරන්ඩ ආපු කවුරුත් ඒ වෙලේ
හොල්මං ගුහාවේ හිටියේ නෑ .. ඉඳලා දිවුවද කියලා දන්නෙත් නෑ ..
හොල්මං ගුහාවේ ඇතුළේ නේවාසිකව පදිංචි වෙලා හිටපු අපේ හොල්මං ගෲප් එකේ
වැඩි දෙනෙක් අතේ මාට්ටු ..පොලීසිය බය කරන්න ගියපු මහසෝනාට සහ ගරා යකාට කොස්තාපල්
රාලහාමිලා රංචුවක් පාරෙ පන්න පන්නා ගැහුවා .. පොලීසියෙන් යක්කු දමනය කරන හැටි
බලන්න රැකි බැද්ද විහාරස්ථානේ සුවාමින්ද්රයන් වහන්සේලා පවා දුවගෙන ආව ..ඒ
හාමුදුරුවන්ටත් හරි සිනා ..බඩ අල්ලං සිනාසුණා ..
ස්වාමින් වහන්සේලා හිස්සන පිනෙන් මතු ආත්මේ වැනිස් නගරේ ගොන්ඩෝලා
බෝට් පදින්න වරම් ලැබෙනවා කියලා ..මං කොහෙන් හරි අහලා තිවුණා..වගේ මතකයි .. මතකයි
.. නෑ මට වෙරි නේ ඒකයි සොරි !! ..
නෙල්සන් මැන්ඩෙලාගේ හොල්මන විදිහට ඇඳගෙන හිටං ඒ ජී ඒ මහත්තයාගේ වල්ල
පොඩි කරපු දුප්පත් බෙල්ලි කොල්ලා අතේ මාට්ටු .. පොලීසියෙන් කනට දෙකක් ගහද්දි ඌට චූ
ගියා ලීටර් දෙකක්.. නොසෑහෙන්න බීවම ඔහොම වෙනවා තමා . පවු ඌ චූ ගොඩේ වැටිලා ඇඬුවා
..
රිපිටා තාමත් බිම වැටිලා දූවිලි නානවා .. හිටි ගමන් දණ්ඩ නීති සංග්‍රහේ
වගන්ති කියනවා ..
“එකසිය දාතුන ආ…! වගතිය යටතේ ඇරෙස්ට්
කරන්න බෑ ”
මොන වගන්තිද ?
උගෙ
කට දෙපැත්තේ බාගෙට ජීර්ණය වුණ බත් .. ඌත් පවු ..මට වැරදීමකින් ඌව පෑගුණත් එක්කනේ
..
හොල්මං ගුහාවේ හිටි කුවේණි දුවලා ගිහින් ආටා එකක එල්ලුණා .. ඌව
අල්ලන්න බෑ ආයේ .. ගෝරිමන්දයා නැමති පෙරේත ආත්මයත් පොලිසියට දමනය වුණා .. හැබැයි
උගේ අයියා පොලීසියේ නිසා හෙමීට මාරු වුණා ..තපස්සු භල්ලුක යක්ෂ දෙබෑයෝ ආගිය අතක්
නෑ .. සුදු සරමයි කමීසෙයි ඇඳලා පපුවේ ලේ පැල්ලමක් ඇඳගෙන හිටි ඇල්ප්රිඩ් දොරේ
අප්පාගේ හොල්මන දුවන්ඩ ගිහින් වැටිලා ..ඌට එච්චරට වෙරි පොලීසියේ දෙන්නෙක් ඌව වත්තං
කරගෙන ගියා ..
අලවු යකා සහ ඒබරං බූතයා ඇටල් මැස්ටල් බෑංක් එකේ ඒටීම් එම් කුටියේ
ඇතුළේ හැංඟිලා ඉද්දි තමා බැංකුවේ සික්කාට අහුවෙලා තියෙන්නේ ..
“ඈ ඒජී ඒ මහත්තයා .. මේ
පොඩි paකයා කෝමද මහත්තයාගේ කණ
මිරිකුවේ ... මූ එච්චර උසත් නෑනේ .. මූ උඩ පැනලද ගැහැවද ? නැත්තං මාත්තයා පාත් වුණාද
? ”
රත්තරන් මොළ ගෙඩියක් තියෙන කිතුලා එහෙම කියද්දි ඒජීඒ මහත්තයාගේ කට
වැහුණා .. පවර්ස් බැස්සා ..පොලීසියටත් ඉස්ම ගියා ..
“යන්න දෙන්න
රාළහාමි..මේකා පොඩි එකෙක්නෙ” සුවාමින්ද්රයන් වහන්සේලා ඉල්ලා හිටියා
..බෙල්ලි කොල්ලා නිදහස් වුණා ..
අපිවත්තෙක්කරගෙන පොලීසියේ ඕ අයිසී මහත්තයා අපේ හොල්මං ගුහාව ඇතුළේ නිරීක්ෂණ
චාරිකාවක් ගියා . අපේ සුවාමින්ද්රයන් වහන්සේලා පෙරමුණ ගත්තා ... හංගාපු අවි ආවුද
පෙන්වන්ඩ යන්නා වගේ බයෙන් ගැහෙමින් වැනෙමින් අපිත් ඒ කියන විදිහට ගියා .. තුංගෙ
මාමා වෙවුලනවා . බිම පෙරළි පෙරළි දණ්ඩ නීති සංග්‍රහය කියෝපු රිපිටා දැන් නිදි ..
මං වැනි වැනී පෝලිමේ යන අතරේ පිට ගමක එකෙක් මාව තල්ලු කළා…ඩෝප් පිට මං පැන්න ගැම්මට නහයේ වැළිත්
ගෑවුණා.. මාව තල්ලු කළ එකා පවු..! කිතුලා දුන්නා ඌට බිම පෙරළගෙන.. සුවාමින්ද්රයන්
වහන්සේලා සහ පොලීසියේ තුන් නමක් මැදිහත් වෙලා තමයි අමාරුවෙන් කිතුලාව ඇදලා ගත්තේ..
හොල්මං ගුහාව ඇතුළේ නානාප්රරකාර දේෂීය මත්පැන් බෝතල් විසිරිලා
තිබුණා .. ගස් උඩ පවා හිස් බියර් ටින් තිබුණා . සුවාමින්ද්රයන් වහන්සේලා තමන්ගේ
දිග කුඩ පාවිච්චි කරලා ඒවා පොලීසියට පෙන්නාදුන්නා..රබර් සෙරෙප්පු ,මදන මෝදක,සිගරට් කොට , කංසා බී බවට සාක්කි දසඅතේ විසිරිලා..
හැම තැනම චූ ගඳයි .. යාන්තං වගේ ගූත් ගඳයි.. ඒ මගෙ ළඟද ? .. නෑ කිතුලා ළඟ වෙන්නැති ..
කටක් දෙකක් කාපු චිකන් කොත්තුවක් ළඟ .. ගඩොල් පාට බ්‍රෙසියර් එකක්
තිබුණා .. කප් සයිස් එක ටුවෙල් වගේ තමා මට මතක..
කෘතීම හොල්මං ගුහාවක් වෙනුවට අපි බෝම තාත්වික හොල්මං ගුහාවක් ගොඩනගල
තිබුණා .. අපක්ෂපාතී විශ්චය මණ්ඩලයක් පරීක්ෂා කළා නම් මේක ලෝකේ හොඳම හොල්මං ගුහාව
වෙනවා ඒකේ කතා දෙකක් නෑ.. ඒකේ නිර්මා පකයා විදිහට හරි නං මං ආඩම්බර වෙන්න ඕන ඒත්
මට ආඩම් බර වෙන්න බැරි වුණා ..
ඉතින් එතනින් එහාට වෙච්ච දේවල් ඒ හැටි වැඩක් නෑ .. මට එවුවා කියන්න
හිත දෙන්නෙත් නෑ !!
මේ සේරම අවසන් වුණ තැන හොල්මං ගුහාවේ හදන්න මුල් වෙච්චි එකා ඇතුළු
සංවිධායක මණ්ඩලයටම පොලීසියෙන් සදාතනික පෝරියල් එකක් ලැබුණා .. ගුටි කෑවේ නැතිවුණාට
නොසෑහෙන්න බැණුම් අහන්නත් ..හොල්මං ගුහාව හැදූ තැන සුද්දකරන්නත්, එක්කාසු වෙච්චි සල්ලි රු 15,800ක් පන්සලට දීලා අත පිහිදගන්නත් අපිට
සිද්ධවුණා .. ආ ඇයි සමථ මණ්ඩල් ලගින්නත් වුණානේ !..
මචංලා ඒ කාලේ අපි ඒ සල්ලි වලින් ගොඩක් දේ කරන්න හිතාන උන්නා .. බයික්
වල පිනෑන්ස් ගෙවන්න . කෙල්ලන්ට රෙදි අරන් දෙන්න . අම්මලාට සල්ලි දෙන්න , අපිට දුමක් බොන්න .ජකූසි එකක් ගන්න. ඒ
හීන බිඳුණා බං ..
සතියකට පසු සුවාමින්ද්රයන් වහන්සේලාගේ උපදෙස් මත ..සමථ මණ්ඩලෙන් සහ
පොලීසියෙන් අපිව බෝම අනුහස් තියෙන වළේ විහාරෙට එක්ක ගියා ...
හෑම මසකම දිනක් (හාමුදුරුවන්ගේ අධීක්ෂණය යටතේ ) පන්සල් වත්ත සුද්ද
කරන්නයි , පිං අතේ වැඩ සහ අමද්‍යප සමිතියටයි, ඒකෙ වැඩ කටයුතු වලටයි උරදෙනවා කියලා
එතැනදී අපෙන් දිවුරුමක් ගත්තා ..
අපි හැමෝම දිවුරලා පොරොන්දු වුණා.. උපන් බිමේ නමින් , ළඟින්ම ඉන්න අයගේ නමින්,පරපුරේ නමින්,අදහන දෙවිවරුන්ගේ නමින් අපි දිවුරුවා
..
රිපිටත් ෆුල් සීරියස් පිට හාමුදුවොන්ගේ දෙපා මුල බිම බුදියලා දිවුරුවා කියහංකෝ
.. ඒක දැකලා මට කැස්සකුත් ආවා ..
ෆයිනලි මාත් දිවුරුවා.. ඕනෑ දේකට උර දෙන්න දිවුරලා පොරොන්දු වුණා
....
ගොඩාක් එවුන් බය ගත්තට ඔය දිවුරන එක මහ කජ්ජක් නෙවේ . උර දෙන්නනේ
කීවේ... පරණ පෝර උර වගයක් අපේ දර මඩුවේ තිබ්බා ඒවා හෝදලා දෙන එක මහ දෙයක් යැ .. ඒ
මදි නං තව ගෙනත් දෙන්න බැරියැ ...?
ආන්න එහෙමයි වැඩ දන්න එකා උර දුන්නේ ...
හැබැයි ....
හැබැයි ...!!
මං හිතන්නේ මට සුට්ටක් විතර වැරදුණා ..උඹලා කීවට පිළිගන්නෑ ...
අනුහස් තියෙන පන්සලක බොරුවට දිවුරලා අරගත්ත පවු මටම පටිසං දුන්නා
..දිවුරුම වැරදීලා..මට කෙලවෙලා.. පස්සෙ කාලෙක කාටවත් හිතාගන්න බැරි තරම් මං
විඳෙවුවා..එවුවා ඇහුවොත් උඹලත් අඬනවා උඹලෑ ගෑනුන්ගේ හස්බන්ඩ්ලත් අඬනවා.. එවුවා නං
මං ලියන්නෙත් නෑ .. ලියන්ඩ බෑ .. කියන්ඩත් බෑ .. ඉතින් තොපිලා අහන්ඩත් එපා .
එච්චරයි !!.. කතාව පිනිස් ,චැප්ටර් ක්ලොස් ..වෙනදා වගේම මං
බංකොලොත් ..
ප: ලි
..
ඔන්න ඒ අතරේ සිරාගේ කාමරේ බ්ලොග් එක
ලියන අර සිරා කියන අර තඩි බතලයා බොහොම අපූරු කටයුත්තක් කරන්ඩ යනවා ..ඉතින් උඹලත්
ගිහින් ඌට පොඩි සප් එකක් දීලා වරෙල්ලා . මොකෝ ඌ උදවු කරන්ඩ යන්නේ බොහෝම දුප්පත්
පලාතක තියෙන පාසැලකට ..
සිරාගේ කාමරේට
78 comments:
කිය්වමින්
කියවන්න ආසම බ්ලොගක් මචෝ මේක. නිතරම ඇවිත් උප්ඩේට් තියනවද බලල යනව. එත් දැන් උඹ දැන් වැඩිය ලියන්නෙත් නෑ. මං කියවල තියන් බ්ලොග් වලින් වැඩිපුරම හිනාවෙවී කියවල තියෙන්නෙ උඹෙ බ්ලොග් එක
ජය වේවා !! ayye !!!
පුදුමයි දවස් ගානක් මන්දිරේ දුවපු එක.. අපේ පැත්තක නම් එක දවසයි..
ලිවීම ගැන අළුතෙන් කියන්න අවශ්‍ය නෑ නේ...
හිනාවෙලා හක්කත් රිදෙනවා..අර නිර්මා පකය කොහෙද දැන්..
උබලත් කරල තියෙන වැඩ සදරුව......කාලෙකින් ඔයාගෙ කතාවක් කියවන්න පුලුවන් වීම සතුටක්..
/තපස්සු භල්ලුක යක්ෂ දෙබෑයෝ ආගිය අතක් නෑ ../
කොහොමද බොල රිම්පිඩියො තපස්සු භල්ලුක දෙන්නා යක්ෂ දෙබෑයං උනේ? උං ඩබල ඇවිල්ල වෙළඳ දෙබෑයන් නොහොත් ට්‍රේඩිං බ්‍රදර්ස්ලා නෙව...තෝ මට පේන්නෙ ඉතිහාසය රී මික්ස් කරනව....හෙහ්,හෙහ්,
යකුන් දමනය අ0ක දෙක.....අම්පාර..
පට්ට කතාව මලේ........
මොනවද බං මැල්පට් කියන්නේ...
මල්ලි උඹේ ලිවිල්ල තාම එහෙමමයි .. වෙලාව තියෙන හැටියට දිගටම ලියපං.. සතියක ට සැරයක් වත්..
හැමදාම වගේ කතාව එලට තියේ... යාලුවෙක්ගේ කන්තෝරුවෙදි පෝං කට්ටෙක් කියෙව්වේ..... මගදි සැරෙන් සැරෙන් ගිය හිනා ටිකට උන්ටික මගේ දිහා බැලුවේ පිස්සෙක් දිහා බලන ගානට......
මොනාද බං ඇත්තටම මැල්පට් කියන්නේ ? කපිල ගයාන් වගේ එකක්ද ?
දැන් මේක මේ කොයි කාලේ කතාවක්ද මචන්, මට පොඩි කොස්සක් තියෙනවා ඒ කාලේත් බ්ලූ සෆාරි හෙවත් බ්ලූ සැෆයර් තිබ්බද කියන එක ගැන.
මන් හිතන් හිටියෙ ඕක මේ ඊයේ පෙරේදා ආව එකක් කියලා
tope top!Harima asawen kiyewwa!
තව පොඩ්ඩෙන් හිනා ගිහිං ඉස්මුරුත්තාව හැදෙනවා යකෝ!!!
ගුටි නොකා අතක් පයක් කඩා ගන්නේ නැතිව මෙහෙම වෙච්ච එකත් ලොකු දෙයක්.
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
ඩ්රැකියුලා පියාඹලම යන්න ඇති නේ? දෙයියනේ හිනාවෙලාම බඩ රිදෙනවා!
//ක්‍රිස්තියානි කාරයන්ට නත්තල් වගේ තමයි .. බුද්දාගං කාරයන්ට පොසොන් කියන්නේ//
බුද්දාගමවත් ක්‍රිස්තියානි ආගමවත් දන්නැති හරකෙක් නේ ඩෝ උඹ. ක්‍රිස්තියානි කාරයට නත්තල් වැදගත් වෙන්නේ ඒ ආගම්කතෘගේ බිහිවීම. ඒ වගේ බුද්දාගම් කාරයට වැදගත් වෙන්නේ වෙසක් එක. තෙමගුල නිසා. උඹ තෙමගුල කියන්නේ වෙඩින් තුනක් කියලා හිතයිදදන්නේ නෑ. පොසොන් එක වැදගත් වෙන්නේ ලංකාවේ බෞද්ධයන්ට විතරයි. හාල්පාරුවෙක්නේ ඩෝ උඹ. ලියන්න කලින් හරියට කරුණු දැනගෙන ලියපන් ඩෝ.
පට්ටයි සඳරුවා ඊලග කතාවට ආයේ මාස ගානක් ගන්නෙපා මචෝ
මරු. පොලිසියට ගාණක් එක්ක වැඩේ පටන් ගත්තනං තමයි හරි. ඔය ඒජීඒ ට නොමිලෙ ඇට මිරිකව ගන්න දීල මදිවට....
ඒත් කල්පනා කලේ පෝරියල් පරක්කු ඇයි කියලා.. හම්බෙලා තියෙන්නෙ මදි නොකියන්නම..හෙහ් හෙහ් දැන් නම් හොල්මං මන්දිර හදන්න තහනං.
ජයවේවා..!!
මල්ලි උඹට හොඳටම විස්වාසද උඹලයෙ ඔය ගුහාව අස්සෙ 'ප්‍රීති' එහෙම තිබුණෙ නෑ කියල. නැත්තං උඹ ඒක හිතාමතාම අමතක කළාද, නැත්තං බොට වෙරි ද?
මොනව උනත් පට්ට කතාව තමයි.
ලබන පාරත් හදපං එකක්...
හෙහ් හෙහ් හෙහ්.... බොලත් කොරගන්න පින්කම්. මැදෑ ඔයින් ගියා.
මේක ලංකාවේ දේශපාලනය ගැන උපමා කතාවක් හෙම නෙමෙයි කියල සුවර් ද?
අනෙත් කතා වගේ ම මෙි කතාවත් අහන්න දෙයක් නැ සුපිරියි........සදරැවා
යකෝ අපේ ඩ්‍රැකියත් හොල්මං ගුහාවේ ඉඳලා...
බයිද වේ... උඹ වෙනදා ලියන ස්ටයිල් එක නෙවෙයි මචෝ... වෙනසක් දැණුනා
නියම කතාවක්. හිනාවෙනවට වැඩිය ඇත්තටම නිර්මා පකය ගැන දුක හිතුන අන්තිමට.
අපේ පැතිවල ඔය හොලමං කේස් තහනම් කරලම දැම්මා බන් පොලෝසියෙන්,,මොකෝ කසියා ගහලා කර්පට් වෙන උන් හොලං බලන්න එන කාන්තා පාර්ශවයට හිරිහැර කරලා,උන්ගෙ මිනිස්සු හොලං වලට හොදට නෙලලා.ඒ මදිවට වැඩිම උනොත් දැලි පිහි පාරක් දෙකක් ඇදිලා හොලමං මන්දීරේ අල වෙනවා
ඇඩෙන ඇත්ත හිනා යන විදියට අපට කියල දෙන සඳරුට මගේ ආචාරය.
Hari machan kawda danne un denna business karana kale mona kari jilmat wadak kala hinda malata passe yakku unada kiyala
පට්ට මචෝ.හිනා වේවි බැලුවේ.බලපං උඹලාගේ බලාපොරොත්තු බිඳ වැටුන හොල්මන් ගුහාව අපිව හිනස්සපු හැටි.
අඩෝ පට්ට බන්.....සුප්පා ඈ...
වෙනදා වගේම සුපිරිම තමයි ඈ....කොහෙන්දැයි yakshayo එන්නේ මේ talks ...????? Hinawela six pack අටම ඇවිල්ලා ....
"කටක් දෙකක් කාපු චිකන් කොත්තුවක් ළඟ .. ගඩොල් පාට බ්‍රෙසියර් එකක් තිබුණා .. කප් සයිස් එක ටුවෙල් වගේ තමා මට මතක.."----------> තෝ නම් අපේ රස්සාවල් කන්නම ආපු යකෙක්, යකෝ මේවා බලද්දි සද්දෙට හිනා යනවා, ඊට පස්සෙ මම මානසික රෝගියෙක් කියලා මානව සම්පත් අංශයෙන් මාස 3ක පඩි දීලා ගෙදර යවාවි...
:-) :-) :-)
පිස්සු හැදෙනවා දොරේ.....මැල්පට් කියන්නේ ලෝකල් භාන්ඩයක්ද..
පරණ රිදම් එක නැති උනාට කතාව එළ...
දිගටම ලියහන් බං...
හෙහ්.. පට්ට.. අර ලියන්නේ නෑ කියපු කතාත් ඔන්නොහෙ ලියල දාපං..
Tawa niwadu tiyane tawa akak liyahan
උඹ ගෙදර ගිහිං පෙට්ටි කඩෙයක් පිටිපස්සෙ සෙට්වෙලා ඉන්න දර්ශනය දුටුමතිං මං දැනගත්තා මොකක් හරි එකක් ලියවෙනවා කියලා. පලෝඅප් දුන්නට පාඩු නෑ. ඔය ලියල තියෙන්නෙ මල් පහට. අවංකයෙන් කියපං මේ ලිවිල්ලට යම් ප්‍රමාණයක මධ්‍යසාර හෝ වෙන යමක් ඇතුලත් නේද?
මෙහෙම ලිපි ලියවෙනවනං මේ රටේ ඩේටා කාඩ් හිඟයක් පවා ඇතිවෙන්න පුලුවං. අපේ රස්සා නැතිවෙන්න පුලුවං. සදාකාලික ඉලඇටකූඩු රෝගීන් ඇතිවෙන්න පුලුවං. ගෑනු බඩවෙන්න පුලුවං. එල්සීඩී මොනිටර් සව්කඩදාසි වගේ හිල්වෙන්න පුලුවං. කී බෝඩ් මැදිං බහින්න පුලුවං. මවුස් ගිලෙන්න පුලුවං. අන්තිමට අපි පිස්සො කියලා හංවඩු ගැහෙන්න පුලුවං.
මට පේන්නේ උඹටත් මට වගේම කොමෙන්ට් මොඩරේෂන් නොදා බැරිවෙලා වගේ. අපි ජාතියක් වසයෙං වෙනස් අන්නේකයි.
උඹලා හදලා තියෙන්නේ හොල්මන් ගුහාවක් නෙමේ පෙරේත විමානයක්නේ..
මිචෙල් ඔබාමගෙ සීන් එක මොකක්ද බන් ?
Anonymous : එල
...............................
Anonymous : දැන් වැඩිය ලියන්න වෙලාවක් නෑ මචං ඒත් පුලුවන් හැටියට බයිලයක් ලියන්නං .. ස්තූතියි බං
.............................................
Harendra Vishwajith : ජය ජය මල්ලියේ
.............................................
මාතලන් : අපේ දිහෑ එදා ඉඳන් මෙවුවා සතියක් තියේ .. නැත්තං කෝමද වියදං කවර් කරන්නේ . ස්තූ බං
.............................................
ඉන්දික : ඌ මේ කමෙන්ට් වලට උත්තර ටයිප් කරනවා
.............................................
Prasad Sanjeewa : තැන්කූ ප්‍රසා
.............................................
රවියා : උන් තමා අපාය පැත්තේ වෙළෙඳාම් ගැන බලාගන්නේ.. මං මේ පොඩි ආතල් එකක් ගත්තේ බං .. උඹගේ කමෙන්ට් එකට මට සතුටුයි බං
.............................................
SDC: තෑන්ක්ස් සනා
.............................................
සපතේරු අයියා : අයියා මැල්පට් කියන්නේ හිඟුරානේ පෙරන දහ ජරාවක් ..තනි කසිප්පු පැට්ටොල් බීවා වගේ ඒත් බදු බර නෑ අයියා .. ඒකයි බොන්නේ
.............................................
සූටික්කා :අඩෝ පිස්සු වගේ ඇට් කරහන් දිගටම .. එතකොට වැඩ අඩුයි බං .අයිස් මැරුව හැකි. මැල්පට් ගැන උඩ කමෙන්ට් එකේ ඇති නිපුවා ..
.............................................
Nipuna UK :මචං මේක ගිය අවුරුද්දේ සීන්ස් එකකි ..
.............................................
Sarath Perera : රොම්බ තෑන්ක්ස් සරා
.............................................
නාඩියා : අවුලක් නෑ ලේ පිරිසිදු වෙනවානේ
.............................................
කුරහන් හේනේ මල්ලී : ඒත් සල්ලි ටික තිබිලා අතක් කැඩුනානම් හිතට හොඳයි මල්ලියේ
Pra Jay : ෆිට්එක ආ
.............................................
Hasitha Prasad: බඩ රිදුමට අරක්කු නම් කියාපු !!
.............................................
Anonymous : මේ අඩෝ මේක කතාවක් සිරාගන්න එපා ඕයි .. තමුසේ මාව කන්ටෑක් කරගන එනවකෝ අඩියක් ගහලා ෆුල් ආතල් එකක් අරන් යන්න ..අපි හොඳ ඩයල් බං ඔහොම කේන්තිගන්නෙපා සුදා බඩ වේලනවා..
.............................................
Anonymous: හෙහ් එල කිරි සුද්දා ..
.............................................
ඉයන් : නෙක්ස් ටයිම් ගේමක් ගයන්ඩ ඉන්නේ ඔය කලින් අඩුපාඩු දුර ඇරලා
.............................................
ගස් ලබ්බා : අඩෝ ඒම දැන් එවුවා හදන්න තහනංද මචං .. අඩෝ ෂික් අපරාදේ
.............................................
ප්‍රසන්න : අපේ අයියලා ප්‍රීති භාවිතා නොකරයි එයාලා හරි සරලයි .. සෙරෙප්පු දෙකවත් දාන්න අකමැතියි අයියේ
.............................................
ගෝල්ඩ් ෆිෂ් : බෑලු දැන් තහනංලු
.............................................
DDT :පිං වැඩි වුණානේ මචෝ
.............................................
පැරා අයියා : නෑ .. සහ ඔවු සහ මේබි .. මං ඒහෙම කියන්නම්
.............................................
tharindu madusank : තැන්කූ මස්සිනා
.............................................
Dilshan :ඒ වෙනස සැපද මස්සිනා..
Ajith Dharma : ඌට හැමදාම පෝරියල් පමණි .. සදා දුකේ
.............................................
ඉතාලි ඩිලා : අන්න ඒකයි දැන් මේ පැත්තෙත් තහනම් කරලා බං .. අපරාදේ බං දුකයි
.............................................
ඇනෝ නිමා : ඔයාට මගේ උත්තමාචාරය
.............................................
හිරු ජයා : අන්න පොයින්ට් එක .. රවී මෙවුවට උත්තර දීපිය
.............................................
මනෝජ් ප්‍රනාන්දු : උඹලා සිනාසුන පිනම මට මදෑ මස්සිනේ ..
.............................................
රෝමාන්තික රස්තියාදුකාරයා : තෑන්කියි රෝමා
.............................................
සන්ක : මේ ටෝක් එන්නේ මදුවිතින් මහත්තයෝ
.............................................
තරු : උඹව මට මැවිලා පේනවා .. මානසික කේස් එකකට මාට්ටු වෙන හැටි .. අඩෝ මුකවාඩං දාං කියපන් අයියා ..
.............................................
අරුන පෙරේරා : තනිකර හිඟුරාන .. ඇංජිං ඔයිල් ගහනවා වගේ
.............................................
ලොකු පුතා : රිදම් එක තාම සොයනවා මචෝ ..
.............................................
කල්‍යාණ මිත්‍ර : බීපු දවසක වේගෙන් ලියලා දාන්න ඕනෙ
.............................................
කිතුලා : ආයේ බීලා කතාවක් මෙනෙහි කරමු මචෝ
.............................................
සුරංග : අඩෝ දවසේ කතාව .. දෙයියංගේ පිහිටෙන් උඹලා හිනාවෙලා සතුටෙන් ඉඳපල්ලා .. ඔවු බං මේ ලියන කතා ඇතුලේ අරක්කු අධි මාත්‍රා පිහිටලා තියෙනවා .. එවුවා ඉතින් වෙච්චාවේ නේද .. එනිවේ තෑන්ක්ස් මස්සිනා .. කමෙන්ට් හිර කළේ බං මේ සමහර එවුන් දේසපාලනේට බයින්නේ මේකේ කමෙන්ට් දාලා .. අන්තිමට ඒ පෝරියල් එකත් මට ..
සෙන්නා : මිචෙල් ගැන කියන්ඩ බෑ දොරේ බැරැක් මේවා දැක්කොත් බ්ලොග් එක කඩාවි .. සිනාසෙමින්
තෝ අපිව මරන්ඩද හදන්නේ.
යකෝ එක දිගටම හිනා වෙනකොට හුස්ම ගන්ඩ බැරි වෙනවා.
තැන්කිව් මලේ කාලෙකින් බොහොම හිනාවුනා
"මයෙ පියා ගන්දර, සෝ මයෙ ඇඟෙත් දුවන්නේ දකුණු ලේ" ado mekama athi machooo..... ~DEERAKA~
මේකෙ ඉංග්‍රීසි පරිවර්ථනයක් කරලා ජාත්‍යන්තර කළොත්, ජාත්‍යන්තරේ බෞද්ධ කට්ටිය අපේ ආඩම්බරේට හේතු භූත වෙලා තියෙන නුවර මුදුන් මලකඩේ ඉඳලා අනුරාධපුරේ මහ බෝ ගහ දක්වා තියෙන සියලුම කාබනික - අකාබනික සජීවී - අජීවී බෞද්ධ සංඛේත උන්ගෙ රටවල්වලට බලහත්කාරයෙන් ගෙනියනවා සිකුරුයි. :D
Ado ara pusparage thalagaththa AGA mahaththaya thama innawada ohe??
මෙන්න යකෝ කතා...පට්ට
මේක විශිෂ්ට ලිවීමක්. මම මතක ඇති කාලයකින් මේ තරම් සාර්ථක විදියට අපේම දුර්වලතාවලට හිනා වෙන උපහාසාත්මක රචනයක් දැකල නැහැ. ඔබ කවුරු වුනත් හදවතින්ම සුබ පැතුම්!
මටත් උඩ තියෙන කමෙන්ට් එකක් කොපි කරනව ඇරෙන්න වෙන කියන්න දෙයක් නැහැ.
හැට්ටර් -මේ විට්ටර් ගෙ මල්ලි said...
තෝ අපිව මරන්ඩද හදන්නේ.
යකෝ එක දිගටම හිනා වෙනකොට හුස්ම ගන්ඩ බැරි වෙනවා.
තැන්කිව් මලේ කාලෙකින් බොහොම හිනාවුනා
ශ්‍යාමන් හේමකොඩි.
බ්‍රා සයිස් එක 12 කියලා උබට සුවර්ද
එල ද බ්‍රා මචෝ
මාර සිද්දිය...
බ්ලොග් කියවන්න පටං ගත්තෙ මොකද කියල අමතක වෙලා තිබ්බෙ.. සඳරුව ඒක ආපහු මතක් කළා...
අඩෝ ගොඩ කාලෙකින් මයිල් කෙලින් වෙන්නම හිනා උනා......
patta
ඔය ඇටල් මැස්ටල් බැංකුව තියෙන්නේ අම්පාරේ විතරද? වැරදිලාවත් ඔය කියම ඒ.ජී.ඒ. මහත්තයා මේක බැලුවොත් ඇ- --න් එල්ලෙනවා
කියන්න දෙයක් නෑ බොල...වෙනදා වගේම මල් හතයි...උඹටම ආවේණික වෙච්ච අර්ධ ශුෂ්ක යෙදුම් එක්ක එනකොට රහ වැඩියි...කප් සයිස් එක 12 කියන්නෙ 5 වසරෙ වගේ කෙල්ලෙක් තමා ඒක අදින්න ඇත්තෙ...සැක නම් ඔය බ්‍රා මෙන්ඩාගෙන් අහලා බලහං...
අපේ වැඩේ ගැන සදහනක් කරලා උඹ දුන්න සප් එක අක්මාවෙන්ම අගය කරනවා සදරුවො. අපිට ජය වේවා එහෙනම්..
දෙන එක දෙනව ඔක්කොම ඇරියස් කවර්වෙන්න!
කෙමෙන්ට් වලට යටින් උත්තර දෙන්න පුලුවන් විදිහට හදපන්කෝ
පිස්සු හැදිලා ආපහු පිස්සු හැදුනා බං..... විස්තරේ හැටියට මමත් ඒ හොල්මං ගුහාවට විසිට් එකක් දැම්මා.....උඹ මගෙන් සල්ලි ගත්තෙත් නෑ......හොඳ වෙලාවට මගේ මුකුත් කවුරුවත් මිරිකුවෙත් නෑ....!
එලටම එල.....අගටම යනකන් කතාව මෙච්චර දිගයි කියලා හිතුනෙත් නෑ.....!
අර උඹ අන්තිමට ලියන්නෙම නෑ කියලා කියපු ටිකත් ලියපන්....උඹ මොනවා ලිව්වත් ඒක මාරම රහයි......!
Ayyo ila ata . Ela machan. Meka kiyawala iwara weddi gedara aya man diha balagena innawa. Hina gihin kiyapanko....
සතුටයි ආපහු ලියපු එකට
Machan .. lajjawen unath kiyanna oona .. mama me issellama blog ekak kiyewwa dawasa.. liyana eka nam liyala thiyanwa hodatama... thanks and good luck...
"කටක් දෙකක් කාපු චිකන් කොත්තුවක් ළඟ .. බ්‍රෙසියර් එකක් තිබුණා .. කප් සයිස් එක ටුවෙල් වගේ තමා මට මතක.."
යකෝ මේවදාල උබට මඩුවලිගපාර තමයි කන්නවෙන්නෙ හිටං.
සඳරු හොයාගෙන ආවේ අද චානුක දැම්ම පෝස්ට් එකත් එක්ක =
ඇවිල්ල කියවපු පළමුවැනි කතාවම සිරා නේ මචං
හිනාවෙනවා දැකල වටේ පිටේ අයත් මා දිහා බලනවා
හිනාවෙලා පපුවෙ අමරු හැදිලා මැරෙණ අයට විශේශ පැකේජ....
ජයරත්න
අඩෝ උඹනම් යකෙක් යකෝ... තෝව අල්ලලා ඉඹලා මරන්න හිතෙනවා යකූ...
අවුරුදු හයකට පස්සෙ ඔන්න මතක් වෙලා අැවිත් ගියා.
බුදුඅම්මො...
අද නම් අනිවා බොසා මුට පිස්සු කියලා එලවනවා...
මෙලෝ වැඩක් කරන්නේ නැතුව ගුලි කාලා වගේ හිනා වෙනවාට....
අම්පාරෙන් ආවත් හරි හොල්මන් ගුහාවක් බලන්න බැරි උනා.. ඒ මතෙකෙත් ඇවිස්සිලා ආවා.
අම්පාරෙ එවුං කතා කියන්ඩ දෙයියො . අපෙත් එකෙක් හිටියා පන පිහිටුවලා කියන්නේ ඇත්ත වගේ .
tahikea..... ko yako mewata reply
පට්ට සිරා සින්හල ෆිල්ම් එකක් බැලුව කාලෙකට පස්සෙ...ජය!!!!
පට්ට
අපි සිල්රෙදි බෙදුවා බොක්කබැද්ද දමන පැතිවල 2019,2020 වගේ
කාලෙකින් සෙට් උන සුපිරි බ්ලොග් එකක්
Great and I have a super give: How To Design House Renovation 1960 bungalow exterior makeover
Post a Comment
තැන්කූ බං