අපේ ගමේ අය නම් බ්‍රන්ත කියලා අපි හඳුන්නන්නේ අහන් ඉන්න ආස හිතෙන ආතල් සීන්ස් වලටනේ .. වෙච්චි
සීන් එකක් පෙරළගත්ත බාල්දියක් වගේ දේවල් කෙළින්ම කියද්දි කිසි ගතියක් නෑ .. හැබැයි
බ්රන්තදාලා අනලා ගානට උකුවට අනලා කියනකොට මරු ..
වෙනස් නමකින් සහ වෙනස් පිට කවරයකින් ආපු මේ බ්‍රන්ත පිරුණු
“චයිනමන්” පොත මගේ හිත ගත්තේ පිටුවක් ,පිටුවක් පුරාම ඇඳිච්ච මාර සරල භාෂාවත්
. හිත ඇදගන්නම කියාපු කුතුහලේ නිසා වගේම තමයි බීම නැත්තං අඩි ගැහිල්ල ගැන ලෝභ නැතිව
අත දිග ඇරලා ලියලා තියෙන එක .ඉතින් මගෙ ජීවිතේට කියවාපු හොඳම පොත චයිනමන් කියලා මම
කියන්නේ අන්නේකයි ..
පොත පුරා තියෙන ක්‍රිකට් විස්තරත්
අතරේ හරි ලස්සනට අපේ කම මික්ස් කරලා තිබුණා . මං නං ඔය ක්‍රිකට් වලට එච්චර
ලැදියාවක් තියෙන එකෙක් නෙවෙයි ..සල්ලි වලට ජිල් ගැහීම . එල්ලෙ බලා ගල් ගැසීම වගේ
ගේස්ම් ප්ලේ කරන කෙනෙක් .. ඒත් මට පොත අල්ලලා ගියා .
ඒ පොතේ පිටුවක් පිටුවක් පුරාම මහ අපූරු අපිළිවෙළක් තිබුණා .. ඒ
අපිළිවෙළත් පොතට එකතු කළේ මාරම ගතියක් ..ආතල් එකක් . ඉතින් මේ හැම දේම එක්ක ලස්සන ස්ටාර්ට්
එකක් ගත්ත මම දවස් එක හමාරක් තිස්සේ කියවලා කියවලා චයින්මන් ඉවර කළානේ ..
ඊට පස්සේ තමයි හොඳම හරිය . සාමාන්‍යයෙන් පොතක් කියෝලා ඉවර කළාම වැඩේ
ඉවරයි . ඒත් චයිනමන් එහෙම නෑ . කියෝලා ඉවර වුණාම තමයි වැඩේ පටන් ගන්නේ ..
පොත කියෝලා ඉවර කරපු මං ගූගල් එක පීර පීර මේ කථාවේ කථා නායකයා
"ප්‍රදීප් මැතිවු .." ගැන සොයන්න පටන් ගනිපු එකත් පොඩි පිස්සුවක් වගේ ..
චයිනමන් පොතේ ඉන්න ඩබ්ලිවු ජී කියන බේබදු ක්‍රිඩා විචාරකයා.. හුරේ
හුටං කියලා ප්‍රදීප් මැතිවුව හොයද්දී .. මම ගූගල් එකේ ප්‍රදීප් මැතිවු හොයා බැලුවා
. විටෙක සිංහලෙන් , විටෙක ඉංග්‍රීසියෙන් .. ඒ හොයන අතරේ මට
තේරුණ එක දෙයක් තමා .. ප්‍රදීප් මැතිවු හොයලා තියෙන්නේ මං විතරක් නොවෙන වග ..
චයිනමන් කියවලා ප්‍රදීප් මැතිවුගේ හපංකං අතරේ මං මුළා වෙච්ච එකම කෙනා මං නොවෙයි
කියන එකට ගූගල් සර්ච් රිසල්ට් එක සාක්කි .. ඒක හිතලා කරපු දෙයක් නෙවෙයි . මේ පොතේ
අකුරු අස්සේ ඉබේටම මගේ ඇඟට රිංඟාගත්තු අමුතුම කුතුහලයක් . අනිච්චානුක ප්රතීක ක්‍රියාවක්ද
මොකක්ද ..
චයින්මන් පොතේ පිටක් දෙකක් මෙතන උපුටා දැක්වන්නම් .. ඔබටත් ඒ අමුතු
පොත ගැන තීරණය කරන්න .
//ඔන්න ඕකයි ප්‍රශ්නෙ. ප්‍රදීප් මැතිව් කිව්වම කවුරුත් අහන්නෙ කවුද ඒ?
අපි
අහල නෑනෙ. කියලයි. මේ දැන්. ඔබට වුණත් එහෙම හිතෙනව නම් ඒ ගැන පුදුම වෙන්නෙ නෑ.
මං මේ ගැන දිගට හරහට හොයල තියෙනවා. මිනිහ සෙල්ලම් කල තරඟයක් තරඟයක්
ගානෙ විශ්ලේෂණය කරන්න පුළුවන්. ඒත් මේ රටේ හොඳම, විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකය ගැන කිසි
කෙනෙක් නොදන්නෙ ඇයි?
හේතු ගොඩක් තියෙනව. වැරදි කාලෙ, වැරදි තැන මිනිහ හිටියෙ. සල්ලි,
කම්මැලිකම,
දේශපාලනේ,
ජාතිවාදෙ,
කැපිලි,
ලයිට්
කැපිලි,(ඒ කිව්වෙ විදුලි බලය) එහෙමත් නත්නම් කාලකණ්ණි කම...
ඔන්න ඔය වගේ පිළිවෙළක් නැති ඒවා. මං මේ ගැන ලියන්න ගත්තට කිසි කෙනෙක්
මේක කියවයිද, නැද්ද කවුද දන්නෙ... ඒකත් සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක්. – //
(නව වෙනි පිට )
චයිනමන් ගැන හදපු පුංචි ට්‍රේලර් එකක් මෙතනින්
බලන්න
හරි දැන් මෙහෙම හිතන්න කතුවරයෙක්ට තමන්ගේ පළවෙනි පොතෙන් මේ වගේ හයේ
පාරක් ගහන්න පුළුවන්ද ? .
ඇයි පොත සිංහලට පරිවර්තනය කරපු මනුස්සයාට ඔරිජිනල් පොතටත් ඇඬෙන්න සිංහලෙන් පොල් අඩි පලන්න
පුළුවන්ද ? .
අන්නේකයි මං තාමත් චයිනමන් කිය ඒ අපූරු පොතට මම කියෝපු හොඳම පොත
විදිහට සලකන්නේ ..මේ ගින්දර බැටිං කොම්බිනේසන් එක හින්ඳා ..
ශෙහාන් කරුණාතිලක තමයි සුද්දගේ කඩ්ඩ ලංකාවට දිරවන්න දිය කරලා චයිනමන්
කියන විශිෂ්ට පොත ලියලා තියෙන්නේ .. එතකොට දිලීප තමයි ඒ කඩ්ඩ දෙහි ඇඹුලෙන් ගලගාලා
ලස්සනට පරිවර්තනේ කළේ .. වෙලාවක් තිබ්බොත් ..ඔය චයිනමන් අරං කියවන්න .. ඔබ කන බොන
කෙනෙක් නම් හීනි අඩියකුත් දාන ගමන් පොතේ පිටු පෙරළවුවට කමක් නැ .. මං වග කියනවා ..
ඔය පොතේ තියෙන්නේ මතුරපු අකුරු .. ඒ නිසා බය නැතුං කියවන්න .
ඉතින් ඒ අකුරු වලට මතුරාපු ශෙහාන් කරුණාතිලක සහ දිලීප අබේසේකර ඩබල
ජනවාරි 14 සෙනසුරාදා හවස තුනේ ඉඳන් හතර වෙනකං ගාලු කොටුවේ ජාතික සමුද්‍ර
කෞතුකාගාරයේදී ඔබ අමතනවා . අකුරුවලට මතුරලා පොතක් ලියපු ඒ අමුතු නූල් සුත්තරේ රහස
හැමෝටම කියාදෙනවා .. වෙලාවක් තිබුණොත් එන්න .. මාත් යනවා ඔබත් හිටියොත් අපි හම්බුවෙමු
..
ජනවාරි 14 සෙනසුරාදා
ගාලු කොටුවේ ජාතික සමුද්‍ර කෞතුකාගායේ
ප.ව 3, 4 වෙනකං ..
ජනවාරි
15 වැනිදාගෙන් පස්සේ හිස් අහස බ්ලොග් එකෙන් අලුත් කතාවක් බලාපොරොත්තු වන්න .. එතකම්
.. චයිනමන් කියවන්න ..
92 comments:
පොත් සාප්පු වලදි දැකල පිටු දෙක තුනක් උඩින් පල්ලෙන් බැලුවට කවුද හිතුවෙ මෙච්චර හොද එකක් කියල. කියවල බලන්න ඕනෙ.
//මම වල් ඌරෙක් , මම වල් ඌරෙක්//
කිලෝ කීයද ?
කියපු කතා ගොඩක් එක්ක එකඟයි.
පොතේ අපිළිවල මුලදි මට රිස්සුවෙ නැහැ.ඒත් ඒකට හුරුවුනාම අපිළිවලේ පිළිවලක් පෙනුනා....
මුලදි පටන් ගනිද්දි මට හිතුනෙ ප්‍රදීප් මැතිව් කියන්නේ ඇත්ත කෙනෙක් වෙන්නැති මම දන්නෙ නැති වුනාට කියලයි...
ඒක නෙමේ ,අලුත් හිස් අහස කොහෙද තියෙන්නේ ?
එච්චරටම හොඳයි නම් අරගෙන බලමුකෝ
කාලෙකින් කියවපු පොතක්..!
වේවැල් පාරවල්,ගල් පාරවල්,පොළු පාරවල් දීල තියනවා රිදෙන්නම.
ඕකෙ මුලම තමයි හොඳම කතාව තියෙන්නෙ..
'බොරු කාරයෙක් තමුන් කියන්නෙ බොරුවක් කියනකොට....' වගේ කතාවක්.හරියට මතක නෑ.එලි පිට කියන්න බැරි ගොඩක් දේ ඒ අස්සෙ තියනවා.කලා නිර්මාණ කියන්නෙ මෙන්න මෙව්වට තමා.පුළුවන් කමක් තිබ්බොතින් අනිවා එන්න වටින අවස්ථාවක්.
(සුදුයි චූටියි අතේ වාහනයක් එවන්න බැරිද දන්නෑ..?)
ජයවේවා..!!
උඹේ පොත එන්නේ කවදැයි....
චයිනමන් කියන නම මම මේ ළඟදි කොහේදි හරි දැක්කා... මේක කියවලා ඉවර වෙනකම් කල්පනා කළේ කොහෙදිද කියලා මතකම නෑ...
පොතට හපන් උඹේ චිවාරය..ඒක කියවපු එකෙක්ට අනිවා පොත ගන්න හිතෙනවා...
අඩි පුඩියේ ආදිනවත් අවසානෙට ලුණු ඇඹුල් ඇතිවම කියලා තියෙනවා නේද?
මටනම් ඔය අන්මන්ම් පොත් වැඩක් නැහැ මතා කියනවා වගේ උබගේ පොත එන්නේ කවදදා ...
ඒ පොත හීනියට අඩියක් ගහලා කියවනවා
මේක නම් මරු. එහෙනම් හෙට ගාල්ලෙදි හමුවෙමු
දැං මේක බලන වැඩි දෙනෙක් අහනව වගේ උඹේ පොත එන්නෙ කවදද? අන්න එදාට හීනියට හඳේ ගිහිල්ල උඹේ පොත කියෝනව මල්ලි ආයෙ කතා දෙකක් නෑ.
චයිනමන් කියල කියන්නේ ක්‍රිකට් ගැන පොතක්ද? හත්වලාමයි . අරගෙන බලන්නම්.
වයිමන් කිව්වම මතක් වුනේ සක්කරයගෙ පුතා වයිමා ආවත් කරන්න බැරි වැඩ ගැන කියපු බන්දුල මාමිව..
පොත දැක්කොත් තමා ගැනෙන්නේ. නැත්තං එලෝගෙන ගිහින් පොත් ගන්න හොඳ පුරුදු සෑමාට නැහැ බං !
අපි නමි ෂලෝක් හොමිස් තමා...
මේ පොත ඉංග්‍රීසියෙන් නිකුත් වුණේ දැනට අවුරුදු හතරකට පහකට කළින්, මගේ මතකය නිවැරදි නම්. පොතේ ගාන රුපියල් හාරදාහකට වැඩි නිසා, මම අතට අරන් බලලා තියලා ආවා. දිලීප අබේසේකර මේක පරිවර්තනය කළා කියලා දැන ගත්තත් මේක ගන්න වුණේ නෑ. තවත් කවුරු හරි මේ ගැන සටහනක් තියලා තිබුණු වග මතකයි. උඹ ආපහු ලියන එක ගැන සතුටුයි. මමත් කාලෙකට පස්සේ පොඩි සටහනක් දැම්මා.
අද ජනවාරි 15
කෝ උබගේ කතාව අද 16
මාත් පොත කියවලා පොරව හෙව්වා... පොතේ තියන තරඟ, දින වකවානු ඔක්කොම හරි.. ඒත් මැතිව්ස් නෑ... මේ පොත ආපු මුල් කාලෙම ක්‍රික් ඉන්ෆො එකෙන් ප්‍රොමෝශන් ලැබුණා... මේකට 'කොමන්වෙල්ත් බුක් ප්‍රයිස්' සම්මානය ලැබුණා... කියලා වැඩක් නෑ පස්ටම පොතක්...
@Ajith,
https://en.wikipedia.org/wiki/Left-arm_unorthodox_spin
චයිනමන්.. මාත් ආසම පොතක්.
චයිනමන්.. මාත් ආසම පොතක්.
අද ජනවාරි 20.. කෝ උඹේ කතාව?
අපිළිවෙලට තියෙන පිළිවෙලට කියවන්න පුළුවන් පොතක්...
අද ජනවාරි 23. උඹේ කතාව නැත්තං අඩුගානෙ කොමෙන්ට් වලට රිප්ලයි කරහං.
යකෝ අද ජනවාරි 24....
අද ජනවාරි 27 යකෝ...
අද ජනවාරි 30 නේ බන් උබට තාම 15 උනේ නැද්ද..
යකෝ ජනවාරි මාසෙ ඉවරවෙලා පෙබරවාරිත් ලබල. කෝ බොලාගෙ කතාව
අද පෙබරවාරි 3
අලුත් එකක් ලියමු..
මට බන්නින්න එපා මුට මොකද අපිනේ ලියන්න ඕනේ කියලා. අපි දැන් ගල් වල කොටලා තියන ශිලා ලිපි හොයාගෙන ඒවා කියවලා අපේ ඉතිහාසය හොයන්න ට්‍රයි කරනවා වගේ දවසක ඔයාලගේ මේ බ්ලොග් පොස්ට් අනාගත පරපුර ප්රෝයෝජන්යට ගනී..එයලා දෙයක් මේවගෙන් ඉගන ගනී හිතන පතන විදිහ වෙනසක් වෙයි ..අපි නැතත් ලෝකෙට දෙයක් ඉතුරු කරලා ගියා කියලා ඔයාලට සතුටු වෙන්න පුලුවන්. ඒ නිසා ලියමු
සදරැ අද පෙබරවාරි 5 බන්.කෝ ??????
අද පෙබරවාරි 7 බං.
Oh wow.. didnt know about this one. Thanks for the info..
අද පෙබරවාරි 08 බන් කෝ...
අද 12 යි.....
අද පෙබරවාරිම 13 බං
අද පෙබරවාරි..... නෑ එක්කො ඕන නෑ. හැක්..
සදරැවා උඹ කොහෙද බන්.......ලියහන්කෝ සුදා....
අද මාර්තුම දෙක බං.
අද 3
Adath na koo bn thooo...
machan sadaruwo.
pradeep mathew kiyanne just a legend ekak.me loke exist wechcha kenek newe.
ෂෙහාන් කරුණාතිලක පොතක් තුලින් ජිඉවමාන කරපු චරිතයක්.mage gawa english book eka tynawa.i read it.
mona unath cricket pisseknm aniwa kiyawannama oni pothak meka :)
Adoo koo bng uba... hamadama awith balanawa aluth ekak daalada kiyala...
Ada march 8��
Okane yako karanna bari.ade koheda tho inne liyapiya.anonymous kiyala tiyanawa wage hanadama awith yanawa yakoo...
Ada 12...
masa 2k wenawa den , ekak hari liyandoooooooooooooo
Me marthu 14 koo south kathaawa
Adoooo...
Ada martu 24 bn..
Ada 26 koo api blan innawoo
Oya ko ane
සදරැ මෙිකද ලියන්නැත්තෙ...
මේ ගුටි නොකා ලියපන් අයිය
සදරැ ලියපන් බන්....
ආ, මල්ලී... දැං ෆොරීන් ලිකර් ගහන හින්ද වෙන්නැති අපිව අමතක කරල තියෙන්නෙ නෙහ්.
උබ අවුරුද්දට ගමේ ඇවිත් නැහැ ...නැත්නම් උබ අපි වෙනුවෙන් කතවක් ලියනවා
මොකද මල්ලි කියන්නෙ, වසන්තෙටවත් එකක් දාමුද?
ඔබට මතක නැ අපිට අමතක නැ ....
අයියෙ ලියන්නෙ නැත්තෙ මොකද????..අපිව මෙහෙම අයින් කරල දාන්න කොහොමටවත් අයිතියක් නෑ ඔයාට..හැමදාම ඇවිල්ල බලල යනකොට බයත් හිතෙනව අයියෙ ඔහේ ඇවිත් නෑනෙ ඔයාට කරදරයක්වත් වෙලාද දන්නෙ නැහැ කියල..අනේ අපිව බය නොකර අපේ ලේ ටික පුච්චන්නෙ නැතුව කතාවක් දාපං අයියෙ
ඇයි දෙයියො නිහඬ.
Haiyoo Dan me 5weni made ko sadaru aiyee kathawa
👋👋
මචංං...
උඹේ කොළඹ රස්සාව නැති වෙලා ආපහු ගමට ගිහින් අම්මවත් බලාගෙන සාමාන්‍ය රස්සාවක් කරගෙන අපිට කතා ලිය ලියා ඉන්න ලැබේවා
දාපිය බන් කතාවක්...
Uba wenas una ayye
අද ජූනි 27 බං.
අදින් මාසේ ඉවරයි
මූ ඇක්සිඩන්ට් වෙලා නැති වෙලා මාස 2ක් වගේ නෙ
සිරාවටම මෙයා නැති වෙලා ද?
මුලින් විචාරක.එතකොට මෙයත් ගියද?
Ade sadaru ayiye moko aththatama une blog liyana eka nawaththuwada
දැං මේකත් බ්‍රන්ත පිරුණු බ්ලොග් එකක් වීගෙන එන්නෙ.
යකෝ අවුරුද්දකුත් ගිහිල්ලනෙ. දැං උඹ ඊගාව පෝස්ට් එක දාන්න හිතාන ඉන්නෙ ලබන අවුරුද්දෙ ද?
බ්ලොග් පොස්ට් එකක් ලියන්න අදහසක් ඇත්තෙම නැද්ද බං.. උඹව කියවපු අපිට ඔහොම කරන එක සාධාරණ නැහැ නේද..
සදරැවා උඹටත් බිලොග් එකක් තිබුනේ..මතකද ?
හප්ෆා ඔන්න අදතමා තොගෙ ෙබාග කියවල ඉවර කොලේ මුලසිට අගටම එක හුස්මට දවස් 3ක් කියවේව.
ගමේ හිටිය උඹ එතකොට කොලඹ ඇවිත් නේද බං?
මේච්චර ආාවනේ කියැව්වෙ මේකෙ හැගිලා මගෙ කතාවත් තියනෙව වගේ දැකපු නිසා.
මාත් ගම එපාම වෙලා ආවෙ බං. අම්ම කොලඹ ජොබක් කරපු නිසා වැඩි අපහසුවක් නැතිව සංක්්්්රමනය උනා දැනට මාස 3කට විතර කලින් මට පුලුවන් උනා අම්මට පැන්න්ෙසාන් අරන්දීල ගමට යවන්ට.
මාව නම් ෙමහෙමටම සින්න වෙලා වගේ බං.
ඉස්සර නම් මාසකෙට පාරක් ගමට දිව්ව යාලුවො හොයාගනෙ මෙහෙ අම්බානට තනි වලො හිටියෙ දැන් නම් ඒකත් නැවතිලා. මෙහනෙුත් හම්වෙලා බං ඒ වගේම රස්තියාදුකාරයො ටිකක්.
හරි හරි මගෙ බයිල ඇති.
මචං දවසට පේලිය ගානෙ ලියල හරි කතාව ඉස්සරහට ඇදන් යමංෙකා.
අර ඉනිට්ටි ටියුට් එකට මක්කද උනේ?
තෝ කොලඹ ආවෙ කොහොමද?
මෙහෙට වෙලා මක්කද කරන්නෙ?
මෙහෙ ආවට පස්සෙ කෙල්ලො ඉස්සරහ බීඩි වැවුනෙ? බයික්කෙ බැදන් ගියපු කොස් ගෙඩි පතබෑඋනේ නැද්ද?
අම්බානයි තව ටිකක් තියනෙව අහන්ට ෙද්වල්.
සේරම කියවේවට එක්කටවත් කොමනේටුවක් දැම්මෙ නැති එකට සමාවයෙන්.
සේරටම හරියංට ඕන් ලීව අෑ.......
චයිනමන් නමත් බ්‍රන්තයක් මට නම්
yawuwana Hi...
???????????????????????
https://heethalaya.blogspot.com/p/blog-page.html
Well Done Sadaruwo
Well Done Sadaruwo
තණමල්විල කොල්ලෙක් කතාව හදන්න උබගේ කතා ගත්තද බන් ?
aye blog eka Liyanawanan meeka thama niyama kaale
oiiiiiiiiiiiiiiii sadru, liyapanko pako
Post a Comment
තැන්කූ බං