මේ සිදුවීමට මම මුහුණ
දීලා දැනට මාස තුනක් විතර ඇති . සිද්ධියක්
වෙච්ච ගමන්ම ඒක ලියන එක මට කොහෙත්ම කරන්න බෑ ඒ සිද්ධිය මාස ගකීපයක් හිතේ තැම්බිලා ගානට
පදම් වුණාට පස්සේ තමයි මට ඒ සිදුවීම අකුරු කරන්න හිතෙන්නේ .
මම හිතන්නේ ඒ මම හිතන්නේ ඒ මැයි මාසේ . අවුරුදු කාලා අතේ සතේ නැති මැයි මාසේ කියන්නේ මට වගේම කාට කාටත් අතේ පිච්චිය හිඟ වෙන කාලේ . රස්සාව නැති වුණ මුල් කාලේ නිසාම ඔය වෙනකොට මගෙ අතෙත් සතේ බෝම හිඟයි . ඒ නිසාම මම තීරණට කෙරුවා පුංචි පහේ රස්සාවක් කරන්න .
මම මගේ දන්න කියන යාළු මිත්රයෝ මාර්ගයෙන් රස්සා කීපයක්ම හොයලා බැලුවා . සමහර එවුවා නමට රස්සා තවත් එවුවා කරන්න මට සුදුසුකම් මදි . තව සමහරක් රස්සාවලට ගිහිං බැලිං නං එවුවට ගන්නේ කාන්තා පාර්සවේ විතරයි . ඉතින් ඔයි ජාතියේ රස්සා කීපයක්ම හොයලා බලලා අන්තිමේදී පෙම්වතුන්ගේ දෙයියා වෙච්ච හුච් දුරකථන සමාගමේ රස්සාවක් මට සෙට් වුණා . මට ඒ රස්සාව පංගරත්තු කළේ මගෙ ළඟම නෑයෙක් වෙච්ච හෙට්ටි අයියා .
හෙට්ටි අයියා කාලයක් හමුදාවේ සේවය කළා. හමුදා කඳවුරේ ඉන්න අතරේ අවේලාවේ අනව්ය ගමනක් ගිහින් ජොනී බට්ටෙක්ද මොකෙද්ද පෑගිලා හෙට්ටි අයියගෙ වම් කකුල සුණේ සුන් වෙලා තිබුණ හන්දා හෙට්ටි අයියා ප්ලාස්ටික් බොරු කකුලක් පැළඳගෙන හිටියා . දවසක් හැන්දෑ වරුවේ මාව හොයාගෙන ගෙදර ආව හෙට්ටි අයියා මට රස්සාවක් හොයාගත්ත සුබ ආරංචිය කියද්දී උන්දැගෙ මූණ හිනාවෙන් බැබලුණා .
"මයෙ මලයට මං අහවල් ෆෝන් කොම්පැනියේ රස්සාවක් පංගරාත්තු කළා . මලයට තියෙන්නේ ඒ මහත්තුරු දෙන බයික්කෙන් ගිහින් . සිග්නල් කුලුනු වල අඩුපාඩු බලලා හදන්න . ලස්ස ගාණක් පඩි දෙයියම්පා .. හෙටම මහ ටවුමෙ ඔෆීසියට ගිහින් විස්තර කතා කරගන්ඩකෝ ."
"ඉතින් හෙට්ටි අයියා ඒතරං ලොකු තනතුරක් මට දෙයිද ? "
"මං නියමෙට ඇනේ ගහලා තියෙන්නේ මල්ලියා. මං ඔයි කොම්පැනියම අල්ලං ඉන්නේ උන්දැල මයෙ වචනෙට පිටින් යන්නේ නෑ මයෙ මලයා .."
හෙට්ටි අයියගේ තියුණු කතාව අහලා ඇතෙක් බරට සන්තෝසේ මයෙ හිතේ පිරුණා. ඒ නිසාම ගොඩක් බලාපොරොත්තු තියාගෙන මම පහුවදා උදෙන්ම ගිහින් මල් කොම්පැනියේ අදාළ මහත්මයෙක්ව මූණටම මුණ ගැහුණා .
"ඔයාට අපි බයික් එකක් නම් දෙන්නේ නෑ ඔයා බයික් එකක් හොයාගන්න ."
මල් කොම්පැනියේ මහත්තයා මට දමා ගහපු පළවෙනි තිත්ත ඇත්තෙන්ම හෙට්ටි අයියා මගේ හිතේ හදාපු අහස් මාළිගා දෙදරලා ගියා .
"ඒතකොට සර් කොයි කොයි පැතිවල ටවර්ද මට චෙක් කරන්න තියෙන්නේ ..?"
"ටවර් චෙක් කරන්නඩ කීවා. මල්ලී ඔයාගේ ඔළුව හොඳ නැද්ද ?. ඔයාට තියෙන්නේ කඩවල් වලට , කොමියුනිකේෂන් සෙන්ටර් වලට කාඩ් , රීලෝඩ් බෙදන්න . පුළුවන්නං කරන්න නැත්තං යන්ඩ ."
"නෑ නෑ සර් මං කරන්නං .."
කරන්නම දෙයක් නැති තැන මම රස්සාව බාරගත්තා ..හෙට්ටි අයියා කියන්නේ බොරුව කියන විෂබීජේ මේ අපි වසන වැවුගම්පත්තුවට ගෙනා මිනිහා වන වග මම හොඳින්ම දැනගෙන හිටියා ඒ වුණත් මම මොහොතකට හෙට්ටි අයියගේ ලොකු කතා වලට අහු වුණා .
අද කාලේ එකෙක් ඉහළට යනකොට අහවල් එකෙන් ඇදලා ඌව බිමට දාන්න බලාන ඉන්න එවුන් වැහි වැහලා . එහෙවු එකේ හෙට්ටි අයියා ඌට හැකි විදියට හරි මට රස්සාවක් හොයා දුන්නානේ . එහෙම හිතවුව මම හෙට්ටි අයියට මෛත්රී කෙරුවා . ඉතින් ඔන්න ඔයි විදිහට මම මල් කොම්පැනියේ අතකොලුවක් බවට පත් වුණා .
මයෙ අලුත් රසාව ගැන කීවොත් මට පැවරිලා තිබුණේ උතුරු වැවුගම්පත්තුව අවට ගම්මාන කීපයකම තිබුණ කඩ කෑලි වලට සිම් සහ ෆෝන් කාඩ් බෙදා දෙන්න . මඩ කැන්ද, බයි කෝමාරිය, ජඩයංතලාව , සහ මජිත්පුර කියන හද්ද පිටිසර ගම්මාන ටික මට බාර දීලා අත පිහගත්ත මල් කොම්පැනියේ අමණයෝ ඒ මදිවට මහා අමුතු ටාගට් එකකුත් මට පැටෙවුවේ කිසිම හිරිකිතයකින් තොරවයි .
"ඔයා දවසකට දහදාහක් ටාගට් කවර් කෙරුවොත් ඔයාට අපි හෙලිකොප්ටර් සවාරියක් දෙනවා ."
"සර් දහදාහක් තියා දාහක් වත් ටාගට් ගහන්ඩ බෑ අනික ඒ පළාත් වලට මල් සිග්නල් නෑ නේ ?" මං ගොං කතාවක් කීවා
"පිස්සුද හලෝ අපි ලංකාවටම තීජී හිටං දුන්නා අනික් එකෙක්ටවත් බැරි වුණා ඒම කරන්ඩ ."
"ඒකත් ඒමද. ඒක සර් නෙමේ මම ටාගට් ගැහැවුවොත් මට ලැබෙන හෙළි කොප්පර ගමන නොගිහිං මට අතට සල්ලි ගන්ඩ බැරිද ?" මං ආයෙ ගොං ප්රශ්නයක් ඇහැවුවා
"පිස්සුද ? එහෙම්බෑ . ගොං කතා කියන්න එපා" .
සුසුමක් හෙළාපු මම හද්ද පිටිසර ගම්මාන වල මල් ෆෝන් කාඩ් විකුණන්න පටන්ගතේ ඕං ඔය විදිහට .
මම ගිය ඒ දුප්පත් ගම්මාන වලට කිසිම දුරකථන සිග්නල් එකක් හරියාකාරව නැති බව මට හොඳටම තේරුණා. ඒ ගම්මාන වල අසරණ මිනිස්සුන්ට , කොල්ලන්ට, කෙල්ලන්ට ෆෝන් කනේ ගහගෙන මල් කඩනවාට වඩා කරන්න වැඩ එමට තිබුණා . ඉතින් සමහර දාට කාඩ් කීපයක් මගේම මුදලින් ගන්න මම දවසේ ටාගට් එක මගේ අතින්ම දාලා කවර් කරලා දැම්මේ කරන්න දෙයක් නැති කම නිසාමයි .
ඔය විදිහට මගේ අතින් කයිට් ජොබ් එකේ හිර වෙලා හිටි මම එක දවසක හවස් වරුවේ සියලුම වැඩ ඉවර කරලා මුදල් බාරදෙන්න මහ ටවුමේ මල් ඔෆිස් එක වෙත බයිසිකයල පදවමින් උන්නා . ඔය අතරේ තමා මම දැක්කේ මට මේ රස්සාව ලබා දෙන්න දාඩිය මුගුරු , ලේ, කඳුළු වගුරුවාපු අපේ හෙට්ටි අයියා හුරි මාර ගහක් යට ඉඳගෙන බුලත් හපමින් බස් එකක් එනකම් මග බලන හැටි.
"ආ හෙට්ටි අයියා . බෑරක් යන්ඩ ?"
"ඕ මලයා . කෝමද ජොබ් එක මොකෝ මේ මූණ එල්ලං ?"
"ටවර් බලාගන්ඩ කියලා උඹ මාව යවුවට උන් මට දුන්නේ කාඩ් බෙදන්න බං . ඒකත් අර හද්ද ඩොටේ සයිඩ් එකට බං සෙහ් .."
"අනේ මලයා මොකක් නමුත් වැරදීමක් වෙන්ඩැති . මං ආයේ කතා කරලා බලන්නම් මං ඔය කොම්පැනියේ ලොක්කෝ සොක්කෝ සේරමලා අල්ලං ඉන්නේ උඹ බය වෙන්ඩෙපා මයෙ මලයා."
"හරි හෙට්ටි අයියා උඹ දැන් කොහේ යන්ඩ මේ ඉන්නේ ?"
මම එහෙම ඇහැවුවේ මොනා වුණත් කකුලක් නැති රණවිරුවා වෙච්ච වෙච්චි හෙට්ටි අයියා ගැන හිතේ උපන්න කැක්කුම නිසයි .
"මං ටවුමට යන්ඩ මලයා"
"ආ නැගහන් අයියේ මමත් මේ මල් කොම්පැණියට සල්ලි ටික දෙන්න යන ගමන් ."
අඳුනන ගෙදරකින් හෙල්මට් කෑල්ලකුත් ඉල්ලගත්ත මම හෙට්ටි අයියාවත් බයික් එකේ නංඟා ගත්තේ අවලං ගමනක් ගිහිං කකුල කඩා ගත්තා වුණත් රට ජාතිය ගැන හිතලා නිකමට හරි හෙට්ටි අයියා හමුදාවට බැඳුණ අපේ එකෙක් නිසයි .
"අපි වෙනුවෙන් අපි හෙට්ටි අයියා .. උඹ හයියෙන් අල්ලං නේද ඉන්නේ ?" බයික් එක පදවන්න කලින් මම හෙට්ටි අයියා ගැන හොයා බැලුවා .
"අපි වෙනුවෙන් අපි මලයා . මං ලෙසටම අල්ලං ඉන්නේ පිඹලා යමං වැස්සක් එනවා ."
අපි මහ ටවුමට ළඟා වෙනකොට වෙලාව හවස පහකුත් ගාණක් . ගෙවල් බලා යන අක්කලා නංඟිලාගෙන් මුලු මහ ටවුමම පිරිලා . පාර දෙපැත්තෙම හුරුබූහුටි කෙල්ලෝ වැහි වැහැලා . මල් සමාගමෙන් දුන්නු ටීෂර්ට් එක ඇඟලාගෙන බයික් එක පදින මං දිහාත් කෙල්ලො කීප දෙනෙක්ම බැලුවා . මගෙත් හිතේ, ගතේ, වතේ, අතේ, හැමතැනම මල් පිපිලා ..
එකපාරටම බයික් එකට පිටුපසින් ඇහුණු සද්දයක් නිසා මම කලබල වෙලා පිටුපස බැලුවා . හත් දෙයියනේ !! . හෙට්ටි අයියා බයික් එකෙන් බිමට වැටිලා . හෙට්ටි අයියා වැටිච්ච පාරේ සැරට උන්දැගෙ බොරු කකුල ගැලවිලා පාර දිගේ තවමත් රෝල් වෙනවා . අන්දුන් කුන්ඳුන් වෙච්ච මම බයික් එක මහපාර මැද්දෑවෙම නතර කෙරුවේ මේන් ස්ටෑන්ඩ් එක අටවලයි .
මම බයික් එකෙන් බැහැලා හෙට්ටි අයියා දිහා බලනකොට ඌ තමන්ගේ බොරු කකුල ගාවට බඩගාගෙන යන්න ලොකු උත්සාහයක යෙදෙනවා . පාර දෙපැත්තේ ඉන්න උදවියට මැජික් වගේ.
"බුදු අම්මේ මෙන්න මිනිහෙකුගේ කකුල ගැලවිලා වීසික්කා වෙලෝ...!"
කවුද එකෙක් කෑදුන්නු ඒ සද්දේට ටවුන් එකම හෙල්ලුණා . මම හනිකට හෙට්ටි අයියා ගාව දිවුවා . පාර දෙපැත්තේ උන්නු ගෑනු මිනිස්සු ලතෝනි දෙන හඬ අතරින් මම හෙට්ටි අයියට කතා කළා .
"හෙට්ටි අයියා උඹට අමාරුද . ?"
"අම්මා .. මයෙ අත තුවාල වුණා මලයා ඉන්ඩ බෑ කැක්කුම.."
"ඔහොම ඉඳින් .."
මම පුළුවන් හයිය දාලා හෙට්ටි අයියව අත් දෙකෙන්ම උස්සලා වඩා ගත්තා . සිමෙන්ති කොට්ට, යට ලී, බාල්ක.. වගේ බර දේවල් කාලයක් කරගහලම මට බර ඉසිලීමේ හොඳ හැකියාවක් තිබුණා . ඒ පිහිටෙන් මම හෙට්ටි අයියාව උස්සාගෙන ගිහින් බයික් එක උඩ ඉන්ඳෙවුවා .
"මල්ලියා මයෙ කකුල ..."
"ඉඳින් අයියා මං ගෙන්නං .."
මම හනිකට හෙට්ටි අයියාගේ බොරු කකුල ගාවට දිවුවා . ඔන්න එතකොටයි මට වටේ පිටේ පිරිලා උන්නු අයගේ බයෙන් මිරිකුණු මූණු හරියට පෙනුණේ . මම හෙට්ටි අයියාගේ බොරු කකුල අතට ගත්තා..
"අනේ බුදු මල්ලියේ ඔය කකුල අයිස් කැට දමාපු මල්ලක දමාපං මයෙ මල්ලියේ. . . ඔහොම ගන්න හොඳනෑ මල්ලියේ . මම හොස්පිරිතාලේ නර්ස් කෙනෙක් මල්ලියේ .."
තරබාරු නර්ස් අක්කා කෙනෙක් දුවගෙන ඇවිත් මගෙ කරේ එල්ලුණා .
ඒ මොහොතේ මම බොහොම කලබල වෙච්ච නිසා මගෙ අතින් හෙට්ටි අයියාගේ බොරු කකුල බිම අතෑරුනා. ඒක දැකපු නංඟිලා දෙන්නෙක් දඩි බිඩි ගාලා කලන්තේ දාලා ලස්සන ඈන්ගල් එකට බිම ඇදං වැටුණා . පාර දෙපැත්තේ බලං හිටි හැඩි දැඩි ජෙනුයින් අයියලා, මල්ලිලා බොහොමයක් දෙනා අත් වලින් මූණ වහගත්තා ..
"මේක ඇත්ත කකුලක් නෙවි බොරු කකුලක් ... දෙයියනේ ..!!"
එදා මම හෙට්ටි අයියගේ කකුල අතට අරගෙන කාටත් පේන්න ඉහළ ඔසවාගෙන මහ හයියෙන් ටවුන් එක මැද ඉඳන් කෑ ගැහුවා . ..
"එහෙනං ඔය ලේ එන්නේ කොයින්ද ? ඔහේ අර අහිංසකයා හප්පලා බොරු කියලා පැනලා යන්නද හදන්නේ ?"
කවුද මන්දා බුද්ධිමතෙක් මාව නිරීක්ෂණය කරලා නිගමනයකට ඇවිල්ලා . මට අසූ හාරදාහට මල.
"ලේ එන්නේ නේද ? ලේ එන්නේ ඔහෙගෙ ගෑ @#$!#$!* න්"
මම හිතේ උපන්න තරහට එහෙම කෑ ගහලා . හෙට්ටි අයියා ගාවට ගිහින් බොරු කකුල ආයෙත් ඌට හයි කළා . ඔන්න ඊට පස්සේ වැවුගම්පත්තුව ටවුමේ කුලප්පු කාරයෝ ටිකත් සන්සුන් වුණා ..
මම හෙට්ටි අයියව ප්රයිවට් දොස්තර කෙනෙක් ගාවට එක්ක ගිහින් ඌගේ තුවාල වලට බෙහෙත් දම්ම ගත්තා ..
"ගාන 350යි"
දොස්තර මහත්තයාගේ සහයක තුමා පැන්න ගමන් එහෙම කියද්දී මට හෙට්ටි අයියව එතන දාල දුවන්න හිතුණා බැලුණා. හෙට්ටි අයියා බිම බලාගෙන මගෙන් මෙහෙම ඇහැවුවා ..
"මල්ලි උඹ ගාව සල්ලි කීයක්වත් නෑ ?"
"ඉඳින් හෙට්ටි අයියේ මං දෙන්නං .."
උදේ ඉඳන් කාඩ් විකුණාපු සල්ලි වලින් රුපියල් තුන්සිය පනහක් පට් පට් ගාලා ඇදලා අරගෙන දොස්තර ගාස්තුව ගෙවලා හෙට්ටි අයියත් එක්ක මම එළියට බැස්සා .
"අනේ මලේ මට දැන් ගෙදර යන්න ඕනැ මාව ගෙදර ගිහින් දාපං මට මාර අමාරුයි කැක්කුමයි ." හෙට්ටි අයියා අමාරුවෙන් කෙඳිරි ගෑවා .
"අපි මේ සල්ලි ටිකයි ඉතිරි කාඩ් ටිකයි ෆෝන් කොම්පැණියට දීගෙන අත්සන් කරලා ගෙදර යමු අයියේ .. මම එහෙම කියලා බයිසිකලේ හෙමිහිට පදවාගෙන මල් කොම්පැණියට ගියා ."
හෙට්ටි අයියව එළියෙන් ඉන්ඳවලා මම ලේ තැවරුණු ඇඳුම් පිටින් ඇතුළට ගියා . මට වැඩ භාර දෙන බොසා තව කීප දෙනෙක් එක්ක ඔෆිස් එක ඇතුළේ ඉඳන් මැච් එකක් බලනවා ..
"සෑර් මේ"
"ආ මම තමුන් එනකං තමා උන්නේ .මොකද්ද අර පාරේ පික්ෂුවක් නටලා තියෙන්නේ . තමුන් මොන පික්ෂුව නැටුවත් මට කමන්නෑ ඒත් අපේ කම්පැනි ටීෂර්ට් ඇඳන් එහෙම කරන්ඩ බෑ . තමුන් මේ කම්පැනියට අවනම්බු කෙරුවා .."
ලොක්කා කීව දෙයින් මට ආයෙත් කේන්ති ගියා ..
"සර් ඔයා එහෙම කියඩෙපා . මම අපේ හෙට්ටි අයියට උදවු කළේ . ඔයාලගෙත් හොඳ යාළුවෙක් නේද හෙට්ටි අයියා .."
"අනෙ මම අඳුනන හෙට්ටියෙක් නෑ අයිසේ . තමුන් අපෙ නම කෑවා කෑව කෑවා වා වාවා"
ලොක්කා පිස්සෙක් වගේ කෑගහනවා .
"අනේ මේ සර් ඔහේලෑ නල්ල මලේ කොම්පැනිය දුවන්නේ අර මාසෙට දෙසීයක් දාලා මල් කඩන පොඩි කෙල්ලෝ කොල්ලෝ නිසා . එහෙ නැතුං ඔහේලෑ මොන නම්බුවක්ද ? .. මං ආයේ එන්නේ නෑ වැඩට වෙන කෙනෙක් හොයාගෙන අර ඩොටේ ගම්මාන වල චාටර් කන්ඩ යවන්ඩ.."
"මොකක් කීවේ තමුසේ ?"
"ආ මෙන්න සල්ලි .. මෙන්න කාඩ් . ඔතන තුන්සිය පනහක් අඩුයි . එවුවා පස්සෙ දෙන්න . මං යනවා යන්ඩ.."
මම වීරයෙක් වගේ එළියට බහින්න සූදානම් වුණත් කොම්පැනියේ බොසා මට නිකම්ම යන්න ඇරියේ නෑ .
"මේ අයිසේ ඔය ටීෂර්ට් එක දීලා යනවා .. ඕකෙ කම්පැනි නම තියනවා තමුසෙ අපෙ නම කනවා ඔක ඇඳන් .."
"ආ ගන්න සෑර් අරං ඇඳගන්න ."
මම මල් සමාගමේ ටීෂර්ට් එකත් ගලෝලා දාලා තරහෙන් ගැහි ගැහී එළියට බැස්සා . මාව දැකපු හෙට්ටි අයියගේ මූණ දෙක වෙලා ..
"මොකෝ මලේ මේ කෝ ටීෂර්ට් එක ?. වැඩ ඇරිලා ගෙදර යනකොට ඒකත් ගලෝලා තියන්න ඔනෑද ?"
"ටීෂර්ට් එකත් නෑ රස්සාවත් ඕන්නෑ මම ඒ දෙකම දමලා ගහලා ආවේ බං යමං .."
"අනේ මලේ කලබල වෙන්න එපා මං පොඩ්ඩක් කතා කරන්නං ඒ මහත්තුරුත් එක්ක . ඔය සේරෝමලා මං අල්ලං ඉන්නේ . මං කීවොත් .."
හෙට්ටි අයියා මගේ හිත හදන්න උත්සාහ කළා වුණත් මගේ හිත හැදුණේ නෑ. මගේ හිත තව තවත් තරහෙන් පිරුණා .
"මේ යකෝ දැං උඹ බයික්කෙට නැග්ග වෙලෙත් කීවේ අල්ලං ඉන්නවා කියලා නේද ?. කොයි වෙලේ බැලුවත් අල්ලං ඉන්නේ අල්ලං ඉන්නේ .. මොකක්ද බොල තෝ අල්ලං ඉන්නේ ? පiයද ? . අනේ තොගේ කට විතරයි කට වහගෙන යමං ."
හෙට්ටි අයියා ආයේ මගෙත් එක්ක කතා කෙරුවේ නෑ . එදා ඉඳන් දවස් ගාණක් යනකල්ම මමත් හෙට්ටි අයියාව මුණ ගැහෙන්නේ නැතුව මග ඇරියා . මගේම ලොකු අයියාට වගේ මම හෙට්ටි අයියාට ගරු කළේ ඉතින් හෙට්ටි අයියාට කැත වචනයන් බැන්න එකට මගේ හිත මටම දොස් කීවා .. එදා ඉඳන් අද වෙනකම් හෙට්ටි අයියා මට කතා කෙරුවේ නෑ . අඩුම තරමේ උදේට ගුඩ්මෝනිං කියලා සුබ පැතුවේවත් නෑ . හෙට්ටි අයියා මා එක්ක හැබෑවටම අමනාප වෙලා ..
ඔයිකෙන් මේකෙන් වුණේ මට රස්සා එපා වෙච්ච එක .. ඒත් කාලකණ්ණි මං ගැන විශ්වාසය තියලා මට රස්සාවක් දෙන්න බ්ලොග් ලියන්නෙක් ඉදිරිපත් වුණා ...ඊට පස්සේ වෙච්ච ජරමර සහ වැඩි විස්තර ඊගාව ලිපි වලින් කියන්ඩ බැරියෑ ..

"දඩිං බිඩිං ඩෝ ....!!"