20.12.10

විලංගු දැමු දෑතකින් කෙසේ ලියම්ද ?



             පහුගිය දවස් කීපයේ පුදුම නිදහසකින් මම හිස් අහසේ ඉගිල්ලුනා . හිතේ තිබුනු සේරම දුක සතුට අකුරු බවට හරවලා හිස් අහසේ පාකරා . යාළුවෝ ගොඩකුත් අඳුරගත්තා . ජීවිතයට ගොඩාක් දේවල් එකතුකරගත්තා . සමහර එපාකරපු දේවල් වලින් ඈත් උනා .

ඒත් ඒ නිදහස තවදුරටත් මගේ ලඟ රැඳිලා නෑ. දැං ඉතිං මට සිද්ධවෙන හැම දේම ඉස්සර වගේ ලියන්න බෑ . දැන් මගේ දෑතටම විලංගු වැටිලා ඉවරයි .

මේ බ්ලොග් එකේ තියන හැම දෙයක්ම මගේ ගෙදරට ආරංචි වෙනවා . තව කාගේ කන්වලට යනවද කියලා මම දන්නේ නෑ . ඉතිං ඔත්තුකාරයෙක් මගේ බ්ලොග් එකට රිංගලා කියලා මම දැනගත්තා .

ඔත්තු කාරයා මගේම යාළුවෙක්. ගෙවල් ලඟ කෙනෙක් . කාලයක් මගේ ලඟින්ම හිටපු කෙනෙක් . මගේ රහස් මගේ දුර්වලකම් . මගේ හැමදෙයක්ම යම් තරමකට දන්න කෙනෙක් . ඒවගේ කෙනෙකුගේ කටට පන ආවොත් ! කොහොමට හිටීවිද .?

මේ බ්ලොග් එකේ ලියපු නැති ලියන්නත් බැරි ගොඩාක් රහස් මගේ ජීවිතේ තියනවා . ඔත්තුකාරයා මගේ රහස් ගැන සෑහෙන තොරතුරු දන්නවා . දැනගත්තේ මගේම වරදින්

අපට දුක්බර කාල කොයිතරම් එනවද ? .
හිතේ කොයිතරම් දුක් වේදනා පිරෙනවද ?

අපිට ඒව හිතේ තියාගෙන ඉන්න අමාරුයි .හිතේ තියාගෙන හිටියොත් වෙන්නේ අපි අපිටවත් නොදැනී ටිකෙන් ටික පිච්චිලා යන එක . හොඳම වැඩේ තමයි කාටහරි කියලා හිත නිදහස් කරගන්න එක .

දැන්නම් මට හිතේ දුක පාකරන්න . හිස් අහසක් තියනවා . ඒත් කාලෙකට කලින් මම හිතේ දුක මගේ ගැටළු මේ හැම දෙයක් කීවේ මගේ යාළුවෙකුට . ඒත් ඒ කියපු දේවල් ඒ රහස් හැම දෙයක්ම . වෙනත් කටවල් වලින් මගේම කනට ඇහෙනකොට මට දැනෙන හැඟීම මොනවගේද ?

මම මෙච්චර කාලයක් කිසිම කෙනෙකුට උපදෙස් දෙන්න ගියේ නෑ ඒත් අද මම වැටිච්ච වලේ තව කවුරුවත් වැටෙනවා බලාගෙන ඉන්න මට බෑ . ඉතිං මම අද්දැකීමෙන් කියන මේ උපදෙස් දිහා පොඩ්ඩක් බලන්න .

හිතට දුකක් ආවම ඒ දුක කාටහරි අපිට සමීපම කෙනෙකුට කියලා හිත නිදහස් කරගන්නඑක තමයි අපි ගොඩ දෙනෙකුගේ සිරිත . අපිට බොහෝ වෙලාවන් වලදී අපේ දුක්, ගැටළු අපේ පවුලේ අයට කියන්න බෑ . අපිට වඩා වයසින් වැඩි ගොඩක් අය අපේ ගැටළු දිහා බලන්නේ තරමක් වෙනස් විදිහට .අපේ ගැටළුවක් ගැන කියන්න අපි තෝරගන්නේ අපේ වයසෙම අපිට ලඟින්ම ඉන්න අපේ හොඳම යාළුවෙක්ව. එහෙම කෙනෙකුට ගැටළුව ගැන කීවාම අපේ හිත ගොඩාක් නිදහස් වෙනවා .


ඒත් පොඩ්ඩක් හිතන්න .!

අපේ දුක අපේ ගැටළු අහගෙන ඉන්න කෙනා අපි ගැන මොනවා හිතාගෙන ඉන්නවා ඇත්ද..... ?

අපි ගැන මොන ආකාරයේ රූපයක් හිතේ මවාගන්නවා ඇත්ද........ ?

අපි මේ තව කෙනෙකුට කියන්නේ අපේ දුර්වලකම් , අපේ රහස් නේද ..?

මේ අහං ඉන්න කෙනා කවදාහරි දවසක අපිව වේදනාවට ලක්කරන්න අපි මේ කියන දේවල් යොදාගනීවි නේද ..?

අපි එහෙම හිතන්නේ නෑ නේද ?

පස්ස බිම ඇනුනම තමයි සමහර අයට මොලේ පෑදෙන්නේ . හරියට මට වගේ .

මම තව උපදෙසක් දෙන්නම් කැමතිනම් ගන්න .

තමන්ගේ හිතේ දුක කාටහරි කියන්න හිතාගෙන ඉන්නවානම්. ගැන තමන්ට වඩාත් විශ්වාසවන්තම. තමන්ට සමීපතම මිතුරෙක් කියලා කටක් ඇරලා කියන්න පුළුවන් අයෙකුට විතරක් කියන්න . එහෙම කෙනෙක් හොයාගන්න බැරිනම් . යන්න ගිහිං ගහක බෙනේකට කියන්න. නැත්නම් ගොළුවෙකුට කියන්න.එහෙම පරිස්සම් උනොත් අනාගතේදී මට වගේ පසුතැවෙන්න . ඔයගොල්ලොන්ට සිද්ධවෙන එකක් නෑ !.

ඔයාගේ හිතේ සතුට නැතිකරගන්න එපා !

ඔයාට අනින්න පිහියක් කාගෙවත් අතකට දෙන්න එපා !

පුළුවන්නම් මෙහෙම කරන්න .මොන දුක මොන ගැටළුව ආවත් ඉවසන්න . දරා ගැනීමේ ශක්තිය ඇතිකරගන්න .

දුකක් ආවම ඒක කොලේක ලියන්න..
ලියලා ඒක ගිනිතියලා දාන්න !
බැරිම තැනක් ආවොත් අඬන්න .
හැබැයි එක පාරකට වඩා අඬන්නත් එපා !
කාටවත් පේන්න අඬන්නත් එපා !

ඔයා බොන්න පුරුදුවෙච්ච කොල්ලෙක් නම් දාපං අඩිය කරටි කැඩෙන්න කාටවත් කියනවාට වඩා ඒක හොඳයි .

ඉතිං මගේ කියවිල්ල ඉවරයි .. එයාට බයේ මම මේ බ්ලොග් එක නවත්වන්නේ නම් නෑ !

මම දැන් හිතාගත්තා මම ලියන ඒව වෙනස් කරන්නෙත් නෑ . මොකද ඒ දේවල් මගේ ! මම ලියන්නේ මගේ දේවල් . බලන්නේ ඔයගොල්ලෝ..

අද ඉඳලා බ්ලොග් එක ලියන එක වැඩි කරන්න ඕන !


කස්ටියටම ජයවේවා !!


සඳරු //
 *****************************************************************************
ආදරනීය ඔත්තුකරු .ඔයා මේ බ්ලොග් එක බලන බවත් මේකේ තියන දේවල් තැන තැන කියන බවත් මම හොඳටම දන්නවා . ඔයාට ඒ දේවල් කාටවත් කියන්න එපා කියලා මම කියන්නේ නෑ . මොකද මට ඒතරම් බාල්දුවෙලා පුරුද්දක් නෑ !

මම මෙහෙම කියන්නම් . ඔබතුමා ආයෙත් හිස් අහසට ගොඩ වදින්න එපා ! ..
මම තවමත් තරමකට හරි ඔබගේ යාළුවෙක් නිසා මේ විදිහට කියන බව මතක තියාගන්න













32 comments:

පූසා said...

මගේ බ්ලොග් එක ගැන දන්නේ මගේ හොඳම යාලුවෝ කීප දෙනෙක් විතරයි. එයාල මේක ගැන කවදා හරි කාටහරි කියයිද දන්නේ නෑ. කමක් නෑ මම ලිව්වේ මට හිතෙන මගේ දේවල්නේ කියලා හිත හදාගන්නවා. හැබැයි යාලු කමට මොකක් වෙයිද කියන්න බෑ.මොනවා උනත් බ්ලොග් එක නවත්තන්නේ නෑ කියපු එක ගැන සතුටුයි

මෙවන්ත මධුරංග said...

ganan ganna epa sahodaraya. ohoma thama ape rate inna godak un. godak inne anunge dewal hoyala ewa tanin tana gihin pathurawanna balagena inna udawiya thama. sinhalenma kiyanawanam kolu wesgatta ganu inne godakma. oya duk wenna epa ohoma karana unta kawadawath hari yanne na. oya duk wenna epa sahodaraya. api oya ekkai. oyata jaya............

dinesh said...

මොකාද බං ඔය පාහරයා................අර හරක් කේස් එකේ බුවා නේද?
මචා කියපු කතාව සහතික ඇත්ත.අපි කාව හරි විශ්වාස කරල අපේ දුකක් හරි ප්‍රශ්නයක් හරි ‍ෆිට් එකේ යාළුවෙකුට කිව්වොත් සමහරවිට පසු කාලීනව ඌ ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න තියන අවස්ථා වැඩියි.මම මේ කියන්නෙ බොක්කවල් ගැන නෙමෙයි.
හොදම දේ තමයි ඕනෑම දෙයක් ඉවසා දරා ගැනීමේ ශක්තිය ඇති කරගන්න එක.හැබැයි ඕව තේරෙනකොට ටිකක් විතර පරක්කු වැඩිවෙලා තියෙන්නත් පුලුවන්.කොහොමත් උඹට කලින්ම තේරුන එක ලොකු දෙයක්.
මගෙත් කතාවක් තියනව බං අල්ලපු ගෙදර අක්කල දෙන්න ගැන ලියන්න.ඒ උනාට කරුමෙටවත් උන් දෙන්න බ්ලොගය කියෙව්වොත් මට ගෙදර යන්න වෙන්නෙ නෑ..හික්.............හික්.............

Roshanherath said...

ඒක ඇත්ත.. දුක දරාගෙන ජීවත් වෙන්න පුරුදුවෙන එක තමයි හොදම.. එතකොට වෙන කාටවත් අපිව බ්ලැක්මේල් කරන්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑ..

Anonymous said...

අඩො අවලමා තොට වෙන වැඩක් නැද්ද යකො අනුන්ගෙ දේවල් ගෙවල්ගානෙ කිය කිය ඇවිදින්නෙ? උදේ පාන්දරින්ම කාලෙකට පස්සෙ සදරු සහොගෙ දුක සැප බලන්න අවා. නොදකින් විතරක් කොහෙද යන ගෑනියෙකුටත් නැති පිරිමියෙකුටත් නැති එවුන් කරන දෙයක් අහන්න උනෙ.
සදරු උබ මූව දන්නවනම් පැත්තකට එක්කන් ගිහිල්ල කලිසම ගලොල බලපන් මෙච්චරකල් ආශ්‍රය කරල තියෙන්නෙ ගෑනියෙක්ද නැත්තම් දෙකටම නැති එකෙක්ද කියල....

සංකල්ප said...

ඕවා ගනන් ගන්න එපා චූටි සර් . නපුරු කාලය ආවම ඔහොම වෙනවා. විශ්ණු දෙවියනුත් කාලයක් බටකොළ කෑවා කියලා අහලා ඇති නේ. මොනා උනත් අයියා ප්‍රවේශම් වෙන්න.

යාලුවෝ වේශයෙන් උදව් කරන්න එන්නෙත් ඔය ඔත්තුකාරයාමද දන්නෙත් නෑ. අපේ හතුරෙක් අපට හතුරුකම් කරනවට වඩා මිතුරෙක් අපට හතුරුකමක් කරන එක ගොඩක් රිදෙනවා නේද චූටි සර් ? මටත් ඔහොම වෙලා තියෙනවා. ඒ වෙලාවට පුදුම දුකක් දැනෙන්නේ.

බුදුන්ටත් හතුරුකම් කරපු අය ඉන්න ලෝකේ පෘතග්ජනයෝ වෙච්චි අපට හතුරෝ නැතිවෙයි කියලා හිතන්න අමාරුයි.

මචං ඔත්තුකාරයා !!!!! මෙන්න උඹට මං ගානේ චීත්ත රෙද්දක් !!!!

Unknown said...

කව්ද සඳරු අයියේ ඔය ජරා වැඩේ කරපු කෙනා? ච******? එහෙමත් නැත්තන් වෙන කෙනෙක්ද? එයාව මං දන්නවද? ඇත්තටම අර කියන්න වගේ එක කියපු කෙනානම් මහා ජරා වැඩක් කරලා තියෙන්නේ ඔයා බයවෙන්නෙපා අයියේ වැඩිකල් යන්න කලින් එයට ඕක පඩිසන් දෙනවා ඔයා පරිස්සමෙන් කල්පනාවෙන් වැඩ කරන්න බ්ලොග් එක දිගටම ලියන්න ඔයාලට වරදින්නේ නෑ ඔයා දෙන්නට දෙන්න ඇත්තටම ආදරෙයිනෙ ඔයා දෙන්නගේ ආදරේ ජයගන්නවා ඒක කාටවත් වලක්වන්න බෑ

Anonymous said...

ඔය වගේ යාළුවො (ඔත්තුකාරයෝ) තියාගෙන ඉන්නෙ මොකටද මචෝ? කණ පැලෙන්න දුන්න නම් ඉවරයි.

දුක සතුට අපි හැමෝලටම අයිති දෙයක්.

ayesha said...

අනේ මන්දා යාළු ? යාළුවෝ කියලා අපි හිතන් ඉන්න අය අපිවම රවට්ටලා යනකොට හිතට දැනෙන්නේ ලොකු දුකකුයි කළකිරීමකුයි.

Anonymous said...

jeevithe marai minissuth ekka jeewath wenawata wada hodai saththunta gahakolata lanwena eka... eha mun nethuwath be.ane manda kalakirenawa....

හිස් අහස said...

@පූසා = බයවෙන්ඩ එපා පූස් ඔයාගේ ෆ්‍රෙඩාලා ටික එහෙම කරන එකක් නෑ , කොහොමටත් නම නොකියා බ්ලොග් ලියද්දී පරිස්සම් වෙන්ඩ .මොනවා උනත් මම නම් නවත්තන්නේ නෑ ..

.......................................................................................................................................

@මෙවන්ත මධුරංග= මගේ ප්‍රශණ අමතක කරමු ඔයා මොකද අමුතු ලෝකේ ලියන්නේ නැත්තේ . මම ගේම්ස් ගැන කියවන්න පට්ට අසාවෙන් හිටියේ . ඔයා ලියන එක නවත්තලානේ . ඉක්මනට ආයේ පටන්ගන්න . මම ඔයා හම්බ වෙනකම් උන්නේ මේ ගැන කියන්න !

.......................................................................................................................................

@dinesh = නෑ අයියා ගොපල්ලා නෙවේ වෙන බුවෙක් . මමත් හිතාගෙන උන්නේ අරූ මගේ බොක්ක කියලා . ඇයිද මන්දා ඌ මට මෙහෙම කරන්නේ . මට ඌට ගහන්ඩත් බෑ ඒ ඌ මගේ හොඳම යාළුවා වෙලා උන්න නිසා . වෙන එකෙක් නම් මම කනපිට ගහනවා . අඩේ අර අල්ලපු ගෙදර අක්කලාගේ සීන් එක ලියපංකෝ ! උඹ මාවත් ඇවිස්සුවානේ ...

.......................................................................................................................................

@RoshanHerath= කොහොමද ? අදනේද ඔයා ආවේ ! ඔයාට බ්ලොග් 3 තියනව මම අදයි මේ බ්ලොග් ගැන දන්නේ. නියම බ්ලොග් ටික මම ගියා බලන්න ..ඒක ඇත්ත අපි පරිස්සම් වෙන්ඩ ඕන

.......................................................................................................................................

@ekayaka = පට්ටම කතාව මචා ! යාළුවා මේක බලනවා ඇතිනේ පොර පැත්තකට ගිහිං හෙමීට බලයි ඔයාගේ කතාව ඇහුනට පස්සේ ආයේ මට බලන්න වෙන්නේ නෑ .නියම කතාව මචං දාපං 5ක්

.......................................................................................................................................

@මධුරංග = අඩේ චූටි සර් කියන්න එපා බං මට වහ කන්න හිතෙනවා ! ඔයාකියන එක තමයි වෙන්ඩ ඇත්තේ. මු හැංගිලා ඉඳන් පිහියෙන් අනින වර්ගයේ කෙනෙක් . ඒකනේ හතුරෝ නැත්තේ කාටද ? ඔන්න මධුරංග සහෝදරයා ගානේ ඔත්තු කරුට චීත්තරෙද්ද පිලිගන්වන අවස්ථාව. අත්පොලසන් දෙන්ඩ !!

.......................................................................................................................................

@Thilini= මම ඒ නම ඔයාට පස්සේ වෙලාවක කියන්නම් .ඔවු ඔවු අපි දන්න කියන කෙනෙක් .වඩේ නම් ජරා තමයි ඒත් ඉතිං මගේ යාළුවනේ තවම බලමු මිනිහා හැදෙයිද කියලා .එයාට තවම චාන්ස් එක තියනවා. මොන පිස්සුද නගේ මම නවත්තන්න මේ බ්ලොග් එක ! ඔයාල කියවනකම් මේක මම ලියනවා .නගා හැදාම අපේ සපෝර්ට් එකට හිටියා ඔයාට පිං සිද්ධ වේවා !!

.......................................................................................................................................

@චින්තන = දවසක් හරි ඒ ගෙදරින් කාල තියන නිසා මචං මට එහෙම කරන්න හිත දෙන්නේ නෑ අනික මූ මට හිටි හොඳම යාළුවා ..නැත්තං මෙලහකට උගේ කනට ගහපු සද්දේ ඔයාලටත් ඇහිලා , ඒක ඇත්ත මචං දුක සතුට නිතරම අපිට අත් විඳින්න වෙනවා ඒකයි ලයිෆ් එක .

.......................................................................................................................................

@ayesha= ඔන්න යාළු මට ඉන්න යාළුවෝ ...මාව කන්න උපං යාළුවෝ තමයි මගේ වටේ ඉන්නේ .. ජයවේවා

.......................................................................................................................................

@Anonymous = නම නොදැම්ම ඔයාගේ කතාව හරි ගස්වලට හිතේ දුක කීවොත් එයාල කාටවත් ඒක කියන්නේ නෑ ..ඔයාගේ කතාව සහතික ඇත්ත ..

.......................................................................................................................................

Unknown said...

ඒකනම් සහතික ඇත්ත සඳරු. ඒ උනාට ඔයා මේක ලියන එක නවත්තන්න නම් එපා. වෙනස් කරන්නත් එපා. බය නැතිව ලියන්න. මම දන්නව කවුරු මොනව කිව්වත් ඔයගේ ගෙදර අය ඔයා ගැන හොදට දන්නවා. ඒ නිසා කිසි දෙයකට කණගාටු වෙන්න එපා. ඔයාගෙ අදහස් හංගගන්නත් එපා. මොකද වෙන කාටවත් මේ වගේ බ්ලොග් එකක් ලියන්න බෑ. ජයවේවා!!

Hasitha Gunasinghe said...

බ්ලොග් ලියද්දී ඔය වගේ හුටපට වෙන්න පුලුවන්. අපේ ගෙදර අය මම බ්ලොග් එකක් කරනවා කියලා දන්නවා වුණත් ඒක කියවන්නේ නැහැ මම දන්න විදිහට [හරි චාටර් නේද :)) ]

දවසක් අම්මා කියනවා ඔයා මොනවාද අර ඉන්ටර්නෙට් එකේ ලියන්නේ කියලා. මම ලියපු පෝස්ට් එකක් ගැන දවසක් අම්මලාගේ ඉස්කෝලේ ළමයෙක් අම්මාට කියලා. මම කිව්වේ අම්මාට මම ලියන්න මට හිතෙන දේ මට හොඳ දේ. මොකුත් නරක දෙයක් ලියලා තියෙනවාද කියලා කියවලා බලන්න කියලා.

අපිට ඕන එකක් ලියන්නත් බැහැ එක එක කතා :(

Hishan de Silva said...

මටත් ඔබේ ගැටළුවම තිබෙනව. ඇත්තටම මට ඔබේ ප්‍රෂ්ණය තේරෙනව. නමුත් මගේම සහෝදරෙයක් වගේ ඉන්න කෙනෙකුට ඒ ටික කියල හිත නිදහස් කරගන්නව. හැමදාම.
කාට කියන්න බැරි වුනත් ලෝකෙ කොහේ හරි ඉන්න අපි අපිව නොදන්න අපිට කියන්න.
නිසසල හිස් අහසට ආයුබෝවන්.

මම said...

අනේ ඔය ඔත්තුකාරයන්ට බනින්න එපා සඳරු .ඒ මනුස්සයට කරන්න වෙන වැඩක් නැද්ද කව්ද දන්නේ...පව් නේ ඔන්න ඔහෙ එන්න කියන්න ඔයාගේ බ්ලොග් එක බලන්න..පුලුවන් නම් එයාට තැන තැන ගිහින් කියන්න පුලුවන් ඒවා වැඩි පුර ලියන්න..පව් අප්පා නැත්හම් ඒ අහින්සකයා..

Anonymous said...

අයියෝ අයියා ඔයා පහු බහින්න එපා.. තවත් ලියන්න..ලියන්න.. කැමති හැමදෙම ලියන්න.... බලු හිත් තියන මිනිස්සු හන්දා අපේ අගයකම් පහල බස්ස ගන්න එපා... කවදහරි ඇති උන කාලෙක එගොල්ලෝ නවත්තයි ඔවා.. හැමදාම ඔය සෙල්ලම් කරන්න බැ... දිගටම ලියන්න...

හිස් අහස said...

@මිත්‍යාදෘෂ්ටිකයා = මම හිතලා බැළුවා මම ඇයි මේක නවත්වන්නේ මම වරදක් කරලා නෙවේ නේද ? ඉතිං පටන් ගත්ත කෙනාම අවසන් කරපුදෙන් ..

.......................................................................................................................................

@Hasitha= ඔයා හරි මගේ පවුලේ අය මේ බ්ලොග් එකේ දේවල් දැනගන්නවට මම පොඩ්ඩක්වත් කැමතිනෑ ..ඔයාට උන වැඩේම මට වෙලා තියනවා .අම්ම මගෙනුත් ඇහුවා දවසක් ඔය පෞද්ගළික විසතර ඉන්ටර්නෙට් දාන්නේ ඇයි කියලා .. මම කීව මම දාන්නේ නෑ කියලා ..ඔන්න අපිට වෙන දේවල්

.......................................................................................................................................

@Hishan Melanga = ඒක ඇත්ත අපිටත් වෙන දේවල් . මචං ඔයාගේ කතාව හරි . නොදන්න පලාතක ඉන්න නොදන්න කෙනෙකුට දෙයක් කීවොත් එයා ඒක ආයේ අවුස්සන්නේ නෑ . මොකද එයාට එහෙම කරලා වැඩක් නැතිනිසා .. ඔයා හරියටම හරි ..

.......................................................................................................................................

@මම= වැඩක් නැතුව ඇති නැත්නම් ඔහොම කරයිද ..සහෝදරී ඔයාල වගේ යාළුවෝ නැත්නම් මම මෙලහකටත් මේ හිස් අහස හිස් කරලා දානවා ...මගේ පැත්තට සප් එකට උන්නට ගොඩක් ඉස්තූතියි ...

.......................................................................................................................................

@නිම්ශා = ඉස්තූතියි සහෝදරී ඔයාල ඉන්නකම් මම නතරකරන්නේ නෑ . ඒත් මම මීට පැය බාගෙකට කලින් හිතං උන්නේ මේ බ්ලොග් එක නවත්තනවා කියලා ..මම දැං හිතාගත්තා මොකටද මම පහු බහින්නේ කියලා ..මම දිගටම ලියනවා .ඉස්තූතියි සහෝදරී ..

Anonymous said...

උඹ කියන කතාව ඇත්ත.

Paraya said...

මොකාද බන් ඒ පාහාරයා... අපිනම් ෆැකල්ටි එකේ ඔය වගේ ඇත්තන්ට කියන්නේ චීත්ත නැත්තම් නයිටි කියලා.
ඉවසපන් මචං ඉවසපන්...ඔයවගේ උන්ගේ වැඩ වලට වැඩිය ආයුෂ නෑ.කොහේවත් ඉන්න චීත්තයක් නිසා ලියන එකට බාදාවක් කර ගන්න එපා.

මකුළුවා..... said...

ම‍චං මම හැමදාම කියන දෙයක් තමා ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි බය වෙන්න එපා කියලා....අපේ ජීවිතවල සමහර කරුණු තියෙනවා හෙලිවුනොත් ලැජ්ජාවට පත්වෙයි කියලා අපි බය වෙන.ඇතුලෙන් එහෙම වුනත් පිටින් කොයිම වෙලේකවත් ඒක පෙන්නන්නේ නැතුව හිටියොත් කවදාවත් ඒ කරුණු එළියට ඇදෙන්නේ නෑ.....උඹ බය නැතුව ලියපන්....

පිණිබිඳු... said...

මොනදේ උනත් බ්ලොග් එක නවත්තන්න එපා.

හිස් අහස said...

@prasanna86k= ඔයාට මම වෙලාවක ඔක්කෝම ටික කියන්නම්

.......................................................................................................................................

@පොජ්ජේ=ඔයා හරි අයියා මම අදිනවා දිගටම ..ඔයාට කොච්චර ප්‍රස්න ආවද ? ඔයා ඔය අගේට යන්නේ .. මමත් ඒවගේ දිගටම ලියාගෙන යනවා ..

.......................................................................................................................................

@මකුළුවා = අදින් පස්සේ මගේ හිත ඇතුලේ තියන දේවල් හිතේම හැංගිලා තියේවි මම ඒව කාටවත් කියන්නේ නෑ .. තෑන්කුයි මචං උඹලා ඉන්නකම් මම බය නෑ ..

.......................................................................................................................................

@පිණිබිඳු = ඔයා හරි සහෝදරී. මම මලොත් විතරයි මේ බ්ලොග් එක නවතින්නේ .

චතුවා said...

දැං මේක තමන්ට තමන්ව විතරක් විශ්වාස කරන්න වෙලා තියෙන ලෝකයක් බං. අම්මවයි අප්පච්චීවයි විශ්වාස කලාට මේ ප්‍රස්න කියන්න බෑ නෙව. මං නම් ඉතින් මගේ හොඳම පොඩිකාලේ ඉදලාම එකට හිටි යාලුවෙක්ට ඇරෙන්න වෙන කාටවත් කියලා නෑ මගේ බ්ලොග් එක ගැන. වට්ටු ඩූ.. ඔය වගේ එකෙක් මට හිටියනම් මට මේ වගේ ඉවසලා කරලා ‍බ්ලොග් පෝස්ට් එකක්නම් දාන්න ලැබෙන්නේ නෑ ඔත්තුකාරයාගේ දතක් දෙකක් ගලවන්නේ නැතිව.. හිහ් හිහ්

මම said...

සප් එකට උන්නට....මේ මොකක්ද මේ...උන්නට නෙවෙයි ඉන්නවට හරිද....

හිස් අහස said...

@ළමයා = එයා ලොකු සීන් දාන්න ආවොත් මම අනිවා ඒක කරනවා .ඔයා හරි අපි නිර්නාමිකව ලියනවානම් ..කාටවත් නොකියා හැංගිලා ඉන්න එක හොඳටම හොඳයි ..හි .හි වට්ටු ඩූ..

@මම = අනේ සහෝදරී සමාවෙන්ඩ මට වැරදුනා !! ඔයා මට හැමදාකම ලබාදෙන සපෝර්ට් එකට පිං සිද්ධ වේවා ..ඔයාට තිස්තුං කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිටයි ආරක්‍ෂාවයි

෴ හසියා ෴ said...

හ්ම්ම්ම්ම්ම්ම්...කතාව නම් සහතික ඇත්ත‍‍‍...නිර්ණාමික බ්ලොග්කරණය මීට වඩා හොදයි කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි...

ඒත් එක එකාට බය වෙලා ඉන්න ඕනිත් නෑ එක අතකට‍‍‍‍....

උඹ ලියපන් උඹ ලියන විදිහට...ඉදිරියටම...එක එක කාඩ්බෝඩ් කාරයින්ට බයේ ඉන්න එපා....උඹ ලියපන්....ඔය වෙගේ කාඩ්බෝඩ් කාරයින්ගෙන් ඇත්වෙයන්...එතකොට හරි....

ඕනි දේකට අපිත් ඉන්නවා උඹත් එක්ක....
දිගටම ලියපන්....උඹට ජයවේවා....

Anonymous said...

හ්ම් හ්ම්ම් එහෙම එන්න..අනේ ඉහින් එන්ජල් ලමයටත් ඔයාටත් තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ පිහිටයි ආරක්ෂාවයි ඕන්..

මීට
"මම"

පිස්සා පලාමල්ල said...

මම නම් අපේ අතිජාත මිතුරු කැල ( ඒ කිව්වෙ ස්කෝලේ කාලේ ඉදන් අද මේ වනතුරු ඉන්න ) එව්වො ඇරුනම අනික් එව්වො එක්ක මගේ පුද්ගලික දේවල් කියන්නේ නැහ.. බ්ලොග් ලිවිල්ල උනත් කවුරු දන්නවද දන්නෙ නැහ. ඒත් මම කාටවත් කියල නැහ.. ලියන්න නිදහස එපැයි...

මාධව විදුරංග said...

!!! mmmm mona karannada bng! ganan ganna epa! mage blog 1k gana gedarin dannawa! bt eeka gana eyala ahanne na! ube ekath ehema shape 1e karahan!

Charith Samarakoon said...

දෙයියම්පා! ඕක ජාතික අපරාධයක් කරන්නෙ තවටිකෙන්! එහෙනම් මම හිස් අහස දකින්නෙත් නෑ! සඳරුවො වැඩේ ග්‍රේට් එකේකාට බයේ නැවතුනෙ නැති එක... ඕකගෙ ගෙවල් පැත්තෙ යවමුද සුදු වෑන් එකක්... හික්ස්... :D

සුරා යකා said...

සහෝදරයා ඔය වගේ චීත්ත ඕන තරම් අපේ අතරේ ඉන්නවා.උන හදන්නේ අපිටම කපලා අපේ ගෙදර අයගෙන් ලකුණු දා ගන්න ..සමහරවිට ඔකේ අරමුණ අපේම ලග නෑ වෙන කෙල්ලෙක් ද ගන්න ගෙදරින් ලකුණු දා ගැනීමක් වෙන්න පුළුවන්..එහෙම නැත්තම් මානසිකව වට්ටන්න වෙන්න පුළුවන්..වැටෙන්න එපා මචෝ .....දිගටම ලියපන් .බල්ලෝ පඩ ඇරියට පළාත ගද ගස්සන්න බෑ ....

Anonymous said...

උඹ නියම කොල්ලෙක් මචන්. අදහන්න වටිනවා...

Post a Comment

තැන්කූ බං