26.12.10

විකටයාගේ ආදරය..


                    මේ කතාබහ සිදු උනේ මමත් මගේ ආදරනීය සුරංගනාවියත් අතරේ .හරියටම මීට දින 4කට උඩදී . මේ කතාව මගේ ජීවිතයේ පරන මතකයන් ගොඩක් ආයෙත් අවුස්සලා දැම්මා .මම මේ කතාව ලියන්න ගත්තේ මගේ හිත ඇතුලේ අපිලිවෙලට විසිරිලා තියන . පරන මතකයන් ආපහු පිලිවෙලකට ගලපගන්න අදහසින් ..

පහුගිය බදාදා මමත් ඇයත් පුරුදු විදිහටම පුරුදු තැනදීම මුනගැහුනා ! වෙනදා ගේන හිනාව .වෙනදා ගේන ආදරේ අඩු නැතුව එයා එදත් අරගෙන ඇවිදින් තිබුනා .

ඒත් ආපු ගමන්ම එයා මට අමුතුම කතාවක් කිවුවා !

මට ඔයා ගැන කේලමක් අහන්න ලැබුනා . “

පුදුමයි එයා හිනාවෙන ගමන් තමයි එහෙම කීවේ .

කියන්නකෝ බලන්න

මේක මට කීවේ අහවලා . එයාට කියලා තියෙන්නේ අහවලා .”

ඉතින් මොනවද මං ගැන කියපු කේලම් ?”

ඔයාගේ පරන ආදරයක් .***** ගැන .”

මාව පිච්චිලා ගියා වගේ . මම බිම බලාගත්තා . මගේ පරන ආදර කතාවක් දැන් මගේ පෙම්වතියගේ කනට කේලමක් විදිහට වැටිලා ඉවරයි .

අයියෝ මම ඕව ගනං ගන්නේ නෑ ඔයා කලබල වෙලානේ !” මම ඔය බොරු කේලම් පොඩ්ඩක්වත් විශ්වාස කරන්නේ නෑ .

ඒක බොරුවක් නෙවේ ඒක ඇත්ත .”

එහෙනම් මට කියන්නකෝ ඒ කතාව ..මට ඔයාව විස්වාසයි . මට මාර ආසයි ඔයා පිස්සුවැටිලා හිටිය කෙල්ල ගැන දැනගන්න

ඉතිං මං මගේ හිතේ හංගගෙන හිටපු ඒ පරන ආදර කතාව . මගේ අළුත් ආදරවන්තියට කියන්න තීරණය කරා. එයා මගෙන් ඇහුවේ නැත්නම් මම මේක කවදාවත් කියන්නේ නෑ .. ඒත් අර කේලමා මොනවගේ දෙයක් කියලද කියලා මම දන්නේ නෑ . ඉතිං මම මගේ පැරදුනු ආදර කතාව කිසිම අඩුවක් නැතිවම කියන්න තීරණය කරා ..එයත් . තාත්තගෙන් සුරංගනා කතාවක් අහන්න බලං ඉන්න පුංචි ලමයෙක් වගේ මගේ ලඟින් වාඩිවෙලා උනන්දුවෙන් බලාගෙන හිටියා ..

එහෙනම් මම එයාට කියපු කතාව (ටිකක් වෙනස් විදිහට) ඔයගොල්ලොත් අහගන්න ..හරියටම දින වකවානු මම කියන්නේ නෑ කොහොම හරි ඒ අවුරුද්දක අවසාන මාස කීපය ..

එතකොට මම දැන් වැඩකරන ආයතනයට වැඩට ඇවිදින් මාසයක්වත් නෑ .. මගේ Training කාල සීමාව .

අපේ පලාතට ලස්සන කාල සිමාව එන්නේ අවුරුද්දේ අගදී .අවුව එච්චර සැර නෑ . උදේට ටිකක් සීතලයි ..ගස් වැල් සේරම කොලම කොලපාටයි . හුලඟත් හමන්නේ බොහොම හෙමීට . ඉතිං ඒවගේ ලස්සනම ලස්සන උදයක අවදි වෙච්ච මම මම වැඩට ගියා ..

ජොබ් එකට ගිය අළුත .හිතේ අමුතු හැඟීම් ගොඩයි .ඉතිං මම ඒ දවස්වල වෙලාවටත් කලින් තමයි වැඩට යන්නේ

මට අද වගේ මතකයි !

එදා මම වැඩට ගිහිං ටිකක්වෙලා ජනේලෙන් පාර දිහා බලං හිටියා . …..

මම වැඩකරන ආයතනයේ මිදුල පුරාම වැවිච්ච තණකොල ගොල්ල උඩට ලඟ තිබුන සේපාලිකා මල් ගහෙන් මල් වැටිලා. මිදුල පුරාම වැටිච්ච සේපාලිකා මල් ඇතිරිල්ලට උඩින් අඩිය තිය තිය ගෑනු ලමයෙක් ආවා .. ඇත්තටම හරිම ලස්සන ගෑනු ළමයෙක් . එයාගේ දෙපයට පෑගෙන්නත් සේපාලිකා මල් ආසාවෙන් බලං හිටියා. ඒ දෙපයට පෑගෙන සේපාලිකා මලත් හරිම වාසනාවන්තයි නේද ? මම තනියම කල්පනාකරා . ඒත් මම කවදාවත් හිතුවේ නෑ ඒ වාසනාව මට ඇත්තටම ලැබෙයි කියලා. මගේ හදවතට මල් සුවඳක් දැනෙන්න ගත්තා.. ඇත්ත ඒ මොහොතේ පටන් මම ඒ නොදන්නා ගෑනු ලමයට අදරේ කරන්න ගත්තා ..

එයා ආවේ අපේ ආයතනයේ ඉංග්‍රීසි පාඨමාලාවක් හදාරන්න .සතියකට දවස් දෙකක් එයා පන්ති ආවා . දවස් දෙක එනකං මම ඇඟිලි ගැන්නා . ඒත් එයාව දැකපු හැටියේ මම ගොළුවෙනවා .

කොහොමින් කොහොම හරි සති තුනකුත් ගෙවිලා ගියා ..මම එයාට තවම එක වචනයක්වත් කතාකරලා නෑ . හිනා වෙලත් නෑ . හැබැයි ඒයාගේ නම නම් මම දැනං හිටියා ..

දවසක් මේ ලස්සන ගෑනු ලමයා . අපේ ආයතනයේ තිබුනු පරිගණකයක් ඉදිරියේ වාඩි වෙලා මොකක්දෝ වැඩක් කරමින් හිටියා .

ඔන්න එදා පලමුවෙනි වතාවට මෙයා මට කතාකලා ..

මට මේක අහගන්න Headphone එකක් දෙන්න පුලුවන්ද ?”

මාව මොහොතකට සීතල උනා . එයා මට කතාකලා . මම ඉක්මනට ලඟ තිබුනු වෙනත් පරිගණකයකින් Headphone එකක් ගලවගෙන එයා හිටපු පරිගණකයට හයිකරා .

එදා මම ගෙදර ගියේ පුදුම සතුටකින් . ගෙදර ගිහිං මම එයා ගැන ගොඩාක් වෙලා හිතුවා . අන්තිමට මම හිතුවා එයාව මගේ යාළුවෙක් කරගත්තොත් හොඳයි ඊට පස්සේ ආදරය ගැන හිතනවා කියලා . ඉතිං මම තීරණය කරා එයාට Friend කෙනෙක් විදිහට Email එකක් යවන්න .

එයාට ඔය තියන පිතූරේ තමයි මම Email කරේ ..සමහරවිට එයාට තවම ඒක මතක ඇති ..

පහුවදා උදේ එයා පුරුදු විදිහටම පන්ති ආවා ..

හෙමිහිට මගෙ ලඟට ඇවිදින් එයා මගෙන් මෙහෙම ඇහුවා

සඳරු කියන්නේ කවුද ?

මගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා ..

සඳරු කියන්නේ මම ..

ඔයාද මට Email එකක් එවුවේ .

ඔවු වෙවුලන කටහඩින් මම ඉත්තර දුන්නා .

එයා ලස්සනට හිනා උනා .....

ඇයි ඔයා මේක මට එවුවේ .?

නිකම් ..මට නඩු දාන්න නම් එපා ඕං !

මම නම් . නඩු දන්නේ නෑ . ඒත් ..********දැක්කොත් නම් නඩු දායි ..

වීදුරුවක් වගේ මගේ හදවත කුඩුවෙන සද්දේ මට ඇහුනා . කියන්නේ මෙයාට අයිතිකාරයෙක් ඉන්නවා .. හදවතෙන් දුක දෝරේ ගලන්න උනා . මට කතාකරගන්න බැරිව ගියා ..

ඉතිං ඔයාගේ Email එකත් මට දෙන්නකෝ මමත් ඔයාගේ Friend කෙනෙක් වෙන්න

මමත් මගේ Email ලිපිනය එයාට දිලා පැත්තකට වෙලා හිටියා .. හවස මම බලනකොට මට එක Email පනිවිඩයක් තිබුනා ,, පින්තූරයක් අමුනලා එවලා තිබුනා
 

මේක මම එයාගෙන් ලද පලමු හා අවසන් පනිවිඩය .. ඊට පස්සේ කවදාකවත් එයා මට. Email එවුවේ නෑ .

ඒත් එයා මාත් එක්ක නිතරම කතා කරා .නිතරම හිනා උනා , මට විහිලු කරා , මමත් දවසින් දවස එයාව මගේම කරගන්න පෙරුම් පිරුවා . අමුතු ගෑනු ලමයා . කොයි මොහොතෙත් හිටියේ හිනාවෙච්ච ගමන්මයි . හරිම සන්තෝසසෙන් . මම නිතරම එයාට Email යැවුවා එයා ඒව බලනවද ? නැද්ද ? මට වැදගත් උනේ නෑ .මම මේ හොරකං කරන්න හදන්නේ අනුන්ගේ ආදරයක් නේද ? මට එදා එහෙම හිතුනේ නෑ. මට ඕන උනේ එයාව මගේ පැත්තට නම්මගන්න විතරයි

මාස කීපයක් ගත උනා ....

මට එයාව එක දශමයක් වත් මගේ පැත්තට නම්ම ගන්න බැරි උනා . මම පරාද උනා කියලා මම තේරුම් ගත්තා .ඒත් මගේ හිත පරාජය බාරගෙන පැත්තකට වෙන්න පොඩ්ඩක්වත් කැමති උනේ නෑ .

මම ඒ අසරන ලමයට නිර්නාමික වලින් Email මගේ ආදරේ කිවුවා ..එයා හොඳටම දැනං උන්නා මේ Email එවන්නේ මම කියලා ..ඒත් ඒ හිතේ තියන අහිංසක කමට එයා ඒ බව කාටවත් කීවේ නෑ . ඇත්තටම එයා ඒක කීවනම් මම එදා ලොකු අමාරුවක වැටෙනවා .

ඇත්තටම කිවුවොත් මම එයාට වදයක් උනා . වටේ ඉන්න අයට මාව ජෝකර් කෙනෙක් උනා .


දවසක් මම එයා එනකම් බලං හිටියා . එයා ආවේ නෑ , ලඟ දවසෙත් බලං හිටියා . ඒත් ආවේ නෑ . එයා ආපහු කවදාවත්ම ආවේ නෑ .


එයා අනික් හැමෝටම කියන්න ඇති එයා යන බව ..ඒත් මට කීවේ නෑ ..ඒක තමයි වදයක් වෙච්ච මට එයා දීපු දඬුවම ..මට නොකියම යන්න ගියා .

අද එයා මේ ලෝකේ කොහේ ඉන්නවද කියලා මම දන්නේ නෑ ...කොහේ හිටියත් එයා පන වගේ ආරක්‍ෂා කරගත්ත එයාගේ ආදරේ දිනෙන් දින වැඩිවෙන්න කියලා අද මම හිතෙන් ප්‍රාර්ථනා කරනවා .!

අපි වෙනුවෙන්ම මවපු කෙනෙක් මේ ලෝකේ ඉන්නවා.. ඒයා අපිට හමු උන දවසට කාටවත් එයාව අපෙන් වෙන්කරන්න බෑ ! .

මට මවපු කෙනා මට දැන් හමු වෙලා ඉවරයි ..මම දැන් ආදරේ කරන්නේ එයාටම විතරයි .. ඒත් අර අමුතු ගෑනුලමයා මට උගන්වපු පාඩම මැරෙන තුරාවටම මට අමතකවෙන එකක් නෑ

අපි කාගෙන් හරි ඉල්ලීමක් කරනවානම් ඒක කරන්න ඕන තුන් පාරක් විතරයි .හතර වෙනි වතාවෙදි ඉල්ලුවොත් අපි බාල්දු වෙනවා . මම නම් හොඳටම බාල්දු උනා ...

ඔය විදිහට මගේ පැරදුනු ආදරේ ඉවර උනා .. ූ

මේ කතාව මුල ඉඳන්ම අහගෙන හිටපු මගේ ආදරී ..හිනාවෙන ගමන් මට මෙහෙම කිවුවා.

ඔයාට හොඳ වැඩේ !! හොඳම වැඩේ !

මටත් හිතුනා එදා එහෙම උන එක හොඳයි කියලා ..ඒකනේ අද මම මේ තරම් ආදරේ කරන කෙනෙක් මට ලැබුනේ .

කොහොමහරි මේ කතාව අවසන් වෙද්දී මම ගොඩක් දෙනෙකුට විහිළුකාරයෙක් වෙලා තිබුනා ..!

සඳරු //


32 comments:

Hishan de Silva said...

කොහොම උනත් අත්දැකිමක් බෙදා හදා ගත්න එක හොදයි.

අකීකරු හිත said...

ඔයාට හොද ආදරයක් දැන් ලැබිලා තියෙනවනේ.. ඒ ගැන සතුටු වෙන්න

Unknown said...

//අපි කාගෙන් හරි ඉල්ලීමක් කරනවානම් ඒක කරන්න ඕන තුන් පාරක් විතරයි ….හතර වෙනි වතාවෙදි ඉල්ලුවොත් අපි බාල්දු වෙනවා . මම නම් හොඳටම බාල්දු උනා ...//

ඇත්ත!! හොඳටම ඇත්ත!! මේ පුංචි දේ තේරුම ගන්නේ නැතුව මං බාල්දු වෙලා තියෙන වාර ගණන අනන්තයි!

Anonymous said...

අනේ බං මල්ලියේ... මම අහන්නෙ එකම දෙයයි. හොඳයි ජෝකර්ලට බැරිද ආදරේ කරන්න.ඒ හිත් අනුන්ව හිනස්සන /මන් තමන් ඇතුලතින් හඬනවා...

ජෝකර්ල තව කොච්චර හොදද අද කාලේ ඉන්න සමහු මිනිස්සුන්ට වඩා..
මම මේ හොයන මගේ ජෝකර් කොහෙ ගිහින් ද කියල නැහැ නෙ හොයා ගන්න...

පබලු said...

ඔයාගේ සුරංගවිත් එක්ක සතුටින් ඉන්න මල්ලි..ඔයා ලියන විදිය හරි ලස්සනයි.අවසන් වෙනකල්ම කියවන්න හිතෙනවා

Unknown said...

මං මේක කීප සැරයක්ම කියෙව්වා ඒත් මේකට මොන වගේ comment එකක් දාන්නද කියල මට හිතාගන්න බෑ ම්ම්ම්ම්ම්ම්ම්ම් මං මෙහෙම කියන්නම් ඔයා ඔය පරණ අය ගැන ඒ තරම් මතක තියාගන්නේ නැතුව ඔයාගේ පුංචි සුරංගනාවී එක්ක සතුටින් ඉන්න බලන්න පරණ දේවල් අමතක කරලා දාන්න

Unknown said...

තව දෙයක් ජෝකර්ලටත් ආදරේ කරන්න අවසර තියෙනවා හොදේ

පූසා said...

මටත් ඕකට ටිකක් සමාන අත්දැකීමක් තියනවා.(ටිකක් සමානයි කිව්වේ ඔයා වගේම මම විතරක් කෙල්ලෙක්ට ආදරේ කළා ඒත් එයා මට ආදරේ කළේ නෑ) ඒක ලියන්නත් හිතෙනවා........ බලමු හිතුනොත් ලියනවා

Anonymous said...

පරන දෙවල් අමතක කරලා අනාගතය ගැන හිතන්න......

සංකල්ප said...

මුලින්ම සදරූ අයියට සුබ නත්තලක් වේවා කියලා පතනවා !!!!

මට නම් හිතෙන්නේ අයියා, ඒ ආදරේ ඔයට නැති උනේ ඔයිට වඩා හොද ආදරයකට ඔයා හිමිකම් කියන හන්දා වෙන්න ඇති. ඔයා අද ඒ ගෑනු ලමයට ආදරේ කලා නම් ඔයාගේ සුරංගනාවිව ඔයාට ලැබෙන්නේ නැහැනේ. ගිය ආත්මේ ඉදන් පතාගෙන ආපු අය මේ ආත්මේ මුන නොගැහී තියෙන්නේ කොහොමෙයි ? මට නම් හිතෙන්නේ ඔයයි ඔයාගේ සුරංගනාවියි පතාගෙන ඇවිත් තියෙන්නේ කියලා.

තව එක දෙයක් කියන්න ඕනේ අයියා. ආදරය කියන්නේ විස්වාසය මත ගොඩ නැගෙන දෙයක්. ඇස්වහක් කටවහක් නෑ ඔයාගේ සුරංගනාවිට ඒ විස්වාසය තේරු ම් ගැනීම උපරිමයෙන් තියෙනවා. ඔයාලට දළදා සමිදු පිහිට පතනවා.

BLOG ගඩොල් said...

හැමදේම වෙන්නෙ හොදටනෙ බං! දැන් උඹට ඔය කෙල්ල එක්ක බැරිවෙලාහරි යාලුවෙන්න පුලුවන් වුණානං දැන් ඉන්න කෙල්ලත් එක්ක යාලුවෙන්න ලැබෙන්නෙ නෑ නොවැ! ඉතිං වෙච්ච වැඩේ හොදයි කියලා තමයි මටනං හිතෙන්නෙ

Paraya said...

ඒ අතීතය අමතක කරපන් බන්.ඔයා ඔය පුංචි සුරංගනාවි එක්ක ගොඩාක් සතුටෙන් ඉන්න.මටත් හිතෙනවා මගේ ආදර කතාව ලියලා මගේ හිතත් නිදහස් කර ගන්න..

Anonymous said...

අද මම ඇනෝ....(හේතුවක් ඇතිනිසා...කෙනා නම් කවුද කියලා තේරුණොත් කට පියන් හිටපන්...;))

මුලින්ම ඔය දෙන්නට මුළු හදවතින්ම සුභ පතනවා....සාමය සමගිය සතුට නිදුක් නීරෝගි සුව ජීවිතය පුරාවටම රැදෙන්නත්...සිතන පතන කරන කියන සෑමදේම අතිසාර්ථක වෙන්නත් කියලාත් ප්‍රාර්ථනා කරනවා...ජයෙන්ම ජය....!!!

ම්ම්ම්ම්ම්ම්ම් අනේ මන්ද බං....ආදරය කැපකිරීමක් කියලා හැමඑකාම කියනවා.ඒත් කරපු එකෙක් කොහේවත් නෑ.ඒ කියන උනුත් පට්ටටම ආදරේ විදින එවුන්...(එක්කෝ වංකව හෝ අවංකව)

ම්ම්ම්ම්ම් අනේ මන්දා...මමත් ඔයවගේම දේකට අද මුණදීලා ඉන්නවා...ඒත් තාමත් මට ඒයාව අහිමි කරගන්න හිතක්නෑ...පුළුවන් කමකුත් නෑ....මොකද ඇය ඒ තරමටම ගැලපෙනනිසා.ඒතරම් ගැලපීමක් නැති කෙනෙක් මිස් වෙනවා කියන්‍නේ...ඉදිරිය විදවීමක්මයි ඉතිරිවෙන්නේ කියලා මට දැනෙනවා...මොකද මාව හොදට තේරුම් ගත්ත කෙනෙක්ට විතරයි මගෙත් එක්ක ජීවිතය ගතකරන්න පුළුවන්...ඒක මම හොදටම දන්නවා..මොකද මම මමම නිසා...

dinesh said...

මචෝ.....ටිකක් පරක්කු උනා බං.
උඹ ඔය තව,තව මොනා හරි සීන් තියනවනම් කලින්ම කියපන් එයා පිටින් දැන ගන්න කලින්.මමනම් කෙල්ලෙක් සෙට් උන දාට බ්ලොග් එකේ ලිංක් එක දීල බලන්න කියනවා.....හික්....හික්...බඩුම තමා නේද???මලාට වැටෙන්නෙ නෑ.
තුන් පාරකට වැඩිය ඇහුවොත් බාල්දු වීමක් වෙයිද බං.
කොහොමත් මල්ලියෙ උඹ ලකී බෝයි කෙනෙක්.එයා උඹව තේරුම් අරන් තියනවා.

හිස් අහස said...

@Hishan Melanga=එපා වෙන අද්දැකීමක් කාත් එක්ක හරි බෙදාගත්තාම පොඩ්ඩක් විතර හිතට ෆිට් මචං

.......................................................................................................................................

@අකීකරු හිත= ඔයා හරි සහෝදරී ඒ ගැන හිතලා මම නිතරම උදේ හවස සන්තෝස වෙනවා .

.......................................................................................................................................

@Janani = මටත් ඒක තේරුම් ගියේ . ගොඩක් පහු උනාම . හොඳටම බාල්දු උනාට පස්සේ තමයි මගේ ඇස්දෙක පෑදුනේ . සුබ දවසක් සහෝදරී !

.......................................................................................................................................

@සොඳුරු සිත = පුලුවන් අක්කේ ඒත් මං කැමති . ජෝකර් කෙනෙක් නොවී ආදරේකරන්න . ඔයාගේ ජෝකර් ඔයාව හොයාගෙන එනකම් ඔයාවත් දන්නේ නෑ . එයාහමු උනාට පස්සේ ඔයා හැමදාම හිනා වෙලා ඉඳීවි ..

.......................................................................................................................................

@පබලු = දැන් නම් මම සතුටින් අක්කේ . ප්‍රසන්සාවට ඉස්තූතියි . ඔයාලියන ඔයාගෙන් මම ඉගනගත්ත දේවල් බොහොමයි .

.......................................................................................................................................

@Thilini =මගේ අතීතය කියන්නේ සනීප වෙන්නේ නැති තුවාලයක් . ඒත් මේදවස් ටිකේ මම හෙමිහිට ඒ තුවාලේ සනීපකරගන්නවා . මට හොඳ හෙදියකුත් ලැබුනනේ. "ජෝකර්ලටත් ආදරේ කරන්න අවසර තියෙනවා හොදේ" අවසර තිබුනනම් මෙයා අද "ජෝකර්" කෙනෙක් නෙවේ .."කිං" කෙනෙක්

.......................................................................................................................................

@පූසා = ලියන්න මචං . හිතේ තියාගෙන හිත හිතා ඉන්නවට වැඩිය . කියලා දාලා නිදහස් වෙන එක කොයිතරම් හොඳද .ඉක්මනටම ලියන්න..

.......................................................................................................................................

@pissigeloke = උත්සහ කරනවා ..මිත්‍රයා මම තවම උත්සාහ කරනවා ..

.......................................................................................................................................

@මධුරංග = සුබම සුබ නත්තලක් කීව මල්ලියටත් ! පරන ලියපු ඒව බලනවට ඉස්තූතියි මලේ .මල්ලිලා වගේ අය බොක්කෙන්ම සුබපතන නිසාද් කොහේද මේතරම් අවදානම් ලවු ඉස්ටෝරියක් .අවුලක් නැතුව නැගල යන්නේ ..මලයා උඹටත් තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිටයි ආරක්‍ෂාවයි !

.......................................................................................................................................

@blog gadol= ඔයාල හරි . දැන් මම ලබන ආදරේ මට මිලකරන්න බැරිතරම් වටිනවා . වෙච්ච වැඩේ හොඳයිද ? අනේ මන්ද බං

.......................................................................................................................................

@පොජ්ජේ = අතීතයත් වෙලාවකට අපට වදයක් වෙලා පස්සෙන් එල්ලි එල්ලී කරදර කරනවා . ඔයානම් අම්බානෙට ආදරේ නිසා බැට කාපු කෙනෙක් කියලා මම දන්නවා . ලියපං පොජ්ජේ අයියේ . මටනම් දැන් බීල නිදහස් වෙන්ඩත් බෑ .ලියන්නම ඕන .

.......................................................................................................................................

@Anonymous = මම දන්නවා මම දන්නවා ..මට හිතාගන්න පුලුවන් ඔයා කවුද කියලා . ඔයා මේවගේ දේකට මූහුනදීල ඉන්නවා කියන එක මට විස්වාස කරන්නත් බෑ. ඒත් ඇනෝ නිසා මම වැඩිය කියවන්න යන්නේනෑ .ජය වෙන්ඩ කියලා පතනවා ..

.......................................................................................................................................

@dinesh = මම වෙනදා වෙලාවට නෙවේනේ අද පෝස්ට් එක දැම්මේ ඒකයි .පරක්කු උනාට මොකෝ .අයියගේ කතාව නම් සහතික ඇත්ත . මමත් මේ බ්ලොග් එකේ ලිංක් එක පර්ස් එකේ තියාගන්න ඕන . අනිවා බල්දු ..මටනම් දැන් වලදාගන්න හිටිලා තියෙන්නේ.. ජයවේවා කීව !!

Anonymous said...

තව පෙම් කතා තියේනම් නිවාඩුවක් දාලා හරි නගාට කියපිය. එක එකා අතින් දාලා කියන්න කලිං.

Ravi said...

ඔය වෙලාවෙ ඇත්තටම අපි පත්වෙන්නෙ විකටයෙක් බවටම නෙවෙයි, තමන් විකටයෙක් බව නොදන්නා විකටයෙක් බවට,

ලස්සනට ලියල තියෙනවා, මගේ සුබ පැතුම්,

පිණිබිඳු... said...

අපේ පැත්තෙන් බලද්දි ඒක ආදරය. එයාගෙ පැත්තෙන් බලද්දි අපි ඇණයක්. ඒක හරිම විඳවීමක්. හිත හදාගන්න සහෝ. පසුතැවීමක් ඉතුරු නොකරම දැන් ලැබිල තියෙන ආදරේට ආදරේ කරන්න.

ayesha said...

ඔයාට දැන් ලස්සන ආදරයක් ලැබිලා තියෙනවනේ අතීතේ මොනවා උනත්.

මම said...

ඔයා දැන් ආදරේ කරන ගෑණු ළමයගෙ ලක් එකට වෙන්න ඇති එහෙම උනේ..බැරි වෙලාවත් ඉතින් ඒ ළමය ඔයාට ආදරේ කලානම් ඉතින් ඒන්ජල්ට සොරි තමා නේ....ඒන්ජල් ලක් කාරී....

Anonymous said...

ඔහොම දේවල් අපේ ජිවිතේට වෙනවානේ සදරු අයියේ.. දැන් ඔය ඉන්නේ සුරංගනාවියක්...

හිස් අහස said...

@prasanna86k = ආයේ කවුරුහරි කේලම් කීවොත් මම අයියේ ඕකට හොඳ වැඩක් කරනවා ..

.......................................................................................................................................

@Ravi = අන්න ඒකයි මට තවම මේ සිද්ධිය අමතක කරන්න බැරි .ඔයා ඒක මතක්කරාම මට පොලව පලාගෙන යන්න හිතුනා .ඉස්තූතියි මචං

.......................................................................................................................................

@පිණිබිඳු = ඇත්ත සහෝදරී දැන් තියන ආදරේ මට රටක් වටිනවා විලි ලැජ්ජාවයි අඩේ .. මම ඇනයකුත් උනා නේද ? ඉඳල ඉවරයි ..

.......................................................................................................................................

@ayesha = මම ඒ පරන අතීතයෙන් ගොඩ ගියේ .මගේ දැන් ඉන්න එක්කෙනාගේ පිනට තමයි ..ඔයාට පිංසිද්ද වෙච්චි ..

.......................................................................................................................................

@මම = "ඒන්ජල් ලක් කාරී" ඒකනේ ඔයාට විතරයි සහෝදරී ඒක තේරුනේ . සඳරු ලැබුනා කියන්නේ ආයේ ලොතරැයියක් ඇදුනා වගේ තමයි .. :) ඔයාට එයා ගොඩක් ඉස්තූතියි කීව ..

.......................................................................................................................................

@නිම්ශා =ඒකම නේන්නං නගේ මම හිත හදාගෙන ඉන්නේ ..ඔයාට ජයවේවා !!

Thusitha (දිමා) said...

Email ලිපිනය මොකක්ද??? :*

හිස් අහස said...

@Thusitha Jayasinghe hisahasa@gmail.com

Thusitha (දිමා) said...

***** සේපාලිකා මල් ඇතිරිල්ලට උඩින් අඩිය තිය තිය ගෑනු ලමයගෙ එක.....****

හිස් අහස said...

@Thusitha Jayasinghe = කොහොමද මචං මම ඒක කියන්නේ ?....සමාවෙයන් මට

එයාගේEmail ලිපිනය පටන්ගන්නේ එයාගේ නමින් . මට කෙලවන්න බලං ඉන්න එකෙක් ඒ නම දැක්කොත් ඒ හොඳටම ඇති එයාටයි මටයි දෙන්නටම විඳවන්න වෙනවා ....

උඹ මට උදවුවක් කරන්න හැදුවේ කියලා මම දන්නවා ...

ජයවේවා ..!!

Thusitha (දිමා) said...

http://www.youtube.com/watch?v=uTfp5lBi0pA&feature=related

හිස් අහස said...

ඉස්තූතියි මචං...

පිස්සා පලාමල්ල said...

කෙල්ලො ගැන හුට පට නම් අකුරක් නැතිව කියපන් මලේ... අපොයි ඒ පාඩම මම ඉගෙන ගත්තෙ දිනිතිගෙන්. හිනා උනත් ගැහනු පරානයක් කියල තියපන්...

Charith Samarakoon said...

යකෝ මේක මගෙත් කතාව! හ්ම්ම් මටත් ඕකමයි දැනෙන්නෙ,හැබැයි මගේ කතාවෙ පොඩි ජරමරයකුත් තියෙනව..අහන්නෙපා ලියන්නැතුව මොන මගුලකට කියවනවද කියල...ඒ දේවල් ලියන්න මේ කාලෙ නෙවෙයි..හැබැයි කවදහරි ලියවෙනව...එල එල අපි එක වල්ලෙ පොල්!!!
:p

සෙන්නා said...

අල්ලලා දාපන් බන්.. බංබුව.. උඹව ඔයතරම් තෙරුම් ගත්ත උඹේ සුරන්ගනාවි එක්ක සතුටෙන් හිටපන්.. පත්තු වෙලා, නිවිලා යන තරු දිහා බලාගන හූල්ලනැතුව.

හැබයි මට ප්‍රශ්නයක් මතු උනා.. ඇයි බන් ඊ-මේල් එකක් යවපුවම ආයේ, ඊ-මේල් ඇඩ්‍රස් එක ඉල්ලන්නෙ ??

Anonymous said...

matath okama wuna ne.. thuth witharak! :P .. mona unath ubata jaya kolla!

Post a Comment

තැන්කූ බං