29.12.10

අවංක ආදරයක පැහැය දුටිමි .



               

                     "වැස්ස" .. මම අද ගොඩාක් වෙලා බලාපොරොත්තුවෙන් හිටියා . අද දහවල් 2 මට මුහුනදෙන්න තියන වෙන්ව යාමක් අද වැස්සොත් සතියකින් කල්දාන්න මම හිතාගෙන උන්නා .. මොකද මම ඒ වෙන්වීමට තවම සූදානම් නෑ ..

මොකක්ද ඒ වෙන්වීම...?

අද තමයි මම උගන්වන පන්තියක අවසන් පාඩම යෙදිලා තිබුනු දවස . අදින් පසු ආයේ කවදාකවත් ඒ ලමයි කන්ඩායම මට එක තැනකදී දකින්න ලැබෙන්නේ නෑ..

වැස්ස එයාට පුලුවන් විදිහට එයාගේ සහය මට ලබලා දුන්නා ..ඒත් කුඩ අරගෙන එක් එක් ලමයා ඇවිදින් පන්තියේ වාඩි උනා .වෙනදා එන ළමයි සියලුදෙනාම අදත් අඩු නැතිව ආවා .වැස්සත් ,මමත් පැරදුනා .

අද මම මේ ළමයින්ට අවසන් පාඩම නේද කරන්න යන්නේ ? බව මතක්වෙනකොට හිතේ දුක පිටාරගලනවා. වචන උගුරේ හිරවෙනවා . ඒත් මම කවදාහරි මේකට මුහුනදෙන්න ඕන . ඒක නිසා මම මගේ හිත බොරුවට සනසවාගෙන හෙමිහිට ඒ පන්තියට ඇතුළු උනා .

වෙනදා කෙලින්ම පාඩමට යන මම අද මුලු පන්ති කාමරය පුරාම ඉඳගෙනහිටපු ඒ සුපුරුදු ළමයි කන්ඩායම දිහා එක වරක් බැලුවා ..වෙනදා මට විහිලු කරන ඒ හිනාවෙන මූනු අද අඳුරුයි . අඳුරෙන් පිරුනු මූනු අතරේ . හොඳටම දුකින් පිරුනු එක මූනක් මම දැක්කා . පස්වෙනි පේලියේ කෙලවරේම අසුනේ ඉඳගෙන අහක බලාගෙන කල්පනා කරන මගේ පුංචි ආදරවන්තිය.! මගේම කෙල්ලටත් මම උගන්වන අවසාන දිනය අද !

අපි දෙන්නගේ ආදරය පටන්ගත්ත තැන . එයාගේ පුංචි ලස්සන ඇස්දෙක මම මුලින්ම දැක්ක තැන. සේරම සිදු උනේ මේ පන්තිකාමරය ඇතුලේ. මම මේ ලියන මොහොත වෙනකොට මේ සේරම මතකයන් අතීතයට එකතුවෙලා ඉවරයි . මේ ළමයි හැමෝම තවම 10 වසරට පයතියන්න සූදානමින් ඉන්න ලමයි ..මේතරම් පුංචි ළමයි කන්ඩායමකට මම උගන්වපු පලවෙනි වතාව .

ටිකෙන් ටික තත්පරෙන් තත්පරේ වෙලාව ගෙවිලා ගියා. පොතට නැමිලා මෙතෙක් වේලා ලියමින් හිටපු ළමයි එක එක්කෙනා ඔලුව උස්සන්න ගත්තා . හමු වීමක් නම් වෙන්වීමකුත් ඒ ලඟම තියනවා ..!

ඉතිං ඔන්න මම එක්තරා ආදරනීය හමුවීමකට නැවතීමේ තිත තියන්න සූදානම් උනා

"ඉතිං මාස හයක් ඔයාල අපිත් එක්ක හිටියා . අපි අතින් ඔයාලට මොනවාහරි හිත් රිදීමක් උනානම් අපට සමාවෙන්න

"ඔයාලා හැමෝගෙම නම් මට මතක නැති උනත් .මට ඔයාලගේ මූනු සේරම මට හොඳට මතකයි "


ඔයාල හැමෝටම ජයවේවා !!

මම අවසානෙටම කියපු වචන කීපයක්.......

ඉතිං ඒක ඉවරයි ..!!

මේසේ උඩ විසිරිලා තිබුන මගේ Note ටික එකතු කරං මම පන්තියෙන් එලියට යන්න සූදානම් උනා. ළමයි එකා දෙන්නා නැගිටින සද්දේ මට ඇහුනා . වෙනදා දොරෙන් පොරකාගෙන එලියට යන ඒ පොඩි ළමයි . අද එක පේලියට මගේ ලඟට එන්න ගත්තා ...


මුලින්ම මට හිතාගන්න බැරි උනා ඇයි එයාල මගේ ලඟට එන්නේ කියලා ..පෝලිමේ මුලින්ම හිටපු ළමයා . මගේ ඉදිරියේ දනගහලා මට වැන්ඳම තමයි මට හේතුව වැටහුනේ . මම මොනවා කරන්නද කියලා මට මොහොතකට හිතාගන්න බැරි උනා . හිතේ පිරිච්ච දුක තව තවත් වැඩි උනා


පෝලිමට ආපු ළමයි අතරේ හිටපු මගේ ආදරවන්තියත් හෙමීට මගේ ලඟට ආවා .. එයත් මට වඳිනකොට .මගේ හිතේ පිරිච්ච දුක උපරිමේටම ලංඋනා . එයා මට වැඳලා නැගිටිනකොට ඒ ලස්සන ඇහැකින් වැටිච්ච කඳුළු බිංදුවක් මගේ දකුනු කකුලේ සපත්තුව උඩට වැටුනා ..! පන්ති කාමරේ සුදුපාට ලයිට් එලිය ඒ කඳුළු බිංදුවට වැටිලා රිදීපාටින් දිලිසුනා !.. කෙල්ලෙකුගේ අවංක ආදරයක පාට ඒ කඳුළු බිංදුවෙන් මම දැක්කා පලවෙනි වතාවට..

කඳුළු බිංදුව බිමට හෙලපු ඒ ඇස්දෙක . එක තත්පරේකට මගේ ඇස්දෙකත් එක්ක ගැටුනා . කඳුළු පුරවගත්ත ඒ ඇස්දෙක මගෙන් අහන ප්‍රශ්නය මට තේරුනා..

" දැන් ඉතින් අපි ආයේ කොහොමද හම්බවෙන්නේ ? "

මගේ ඇස්දෙක එයාට දීපු පිළිතුර උනේ "මම දන්නේ නෑ ..!”

ඇත්තටම ආයේ කොහොම අපි හමුවෙන්නද ?

මම තාම හිතනවා .....................

දැන් පොඩ්ඩක් දුකයි ..දුකට තිත තියන්න නම් මත් වෙන්නම වෙනවා ..

සඳරු //












28 comments:

චතුර.... said...

හිතට දුකයි ඒත් මොනවා කරන්නද...........?

dinesh said...

මොනව කරන්නද මලයො දැන්.
නගාව ආයෙත් සැරයක් මොකක් හරි class එකකට ගෙන්න ගන්න ක්‍රමයක් නැද්ද?බීල ඔලුව අවුල් කර ගන්නවට වැඩිය සිහියෙන් ප්ලෑනක් ගහපන්.වර්ථමානයේ ගලාගෙන යන සුන්දර ආදර කතාවෙ අලුත්ම තත්වය එතකොට මේක නේද....?ටිකක් දුක්බරයි....

Anonymous said...

සැරටම වදිනවා.මරු මචෝ Post එත.

පූසා said...

උත්තර නැති ප්‍රශ්න කාලය විසඳනවා.

පිණිබිඳු... said...

දුකට තිත තියන්න තිතට මත් වෙන්නම ඕනෙද යාලු. ඇයි ඔයාගේ සුරංගනාවිට දුක හිතෙන එකක් නැද්ද? කලාතුරකින් දැක්කත් ඇත්ත ආදරේ වෙනස් වෙන්නෙ නෑ හොඳේ.

අකීකරු හිත said...

තමන්ට සමිප අයගෙන් වෙන් වෙන එක දුකයි තමයි... ඒත් මේක කෙටි සමු ගැනිමක් විතරයිනේ...හිත හදා ගන්න..

ayesha said...

මත් නොවී කොහොමහරි ප්‍රශ්නෙට උත්තරය හොය ගන්න උත්සහ කරන්න යාළු. ඔයලගෙ ආදරේ කොහොම හරි ජය ගන්න පුලුවන් වෙයි.

Thusitha (දිමා) said...

කෙටි සමු ගැනිමක් විතරනේ........
සතියට දවසනෙ හම්බබුනේ දැන් ඉතින් දවස් දෙක තුනක් හම්බ වෙන්න විදියක් හොය ගමු.....(ලග පාත O/L පන්තියක් සෙට් කරල දෙන්න)

සංකල්ප said...

හිත ගොඩාක් රිදුනා සදරු මල්ලි යේ. සෑම හමු වීමකම වෙන් වීමක් තියෙනවා කියලා අහලා තියෙනවා. නමුත් වෙන්වීම මේ තරම්ම දුකක් කියලා දැන ගත්තේ මේ ලිපිය කියවලා. බය වෙන්න එපා ඔයාලා ලගදිම හමු වෙයි.

මල්ලි මේ රට හරිම පුංචියි. කවදාහරි හම්බ වෙච්ච දෙන්නෙක් ආයේ හමු නොවී ඉන්න තියෙන ඉඩ කඩ අඩුයි. ඉතින් එහෙව් එකේ ඔය ඈයෝ හම්බ නොවී තියේවි යෑ. සුරංගනාවී O/L පන්ති එනකොට ආයෙ හම්බ වෙන්න පුලුවන් නේ.

හිස් අහස said...

@කැන්ඩි = මොනවා කරන්නද කැන්ඩි . මම නම් ටිකක් වැඩිවෙන්න ගන්නවා

.....................................................................................................................................................

@dinesh= අනේ මන්දා මටනම් එපාවෙලා ඉන්නේ අයියා ..අපේ Instititete එකේ එයාලගේ වයස අයට පන්ති ආයේ නෑනේ . මම ටිකක් අරං ඉන්නනිසා වචන නොගැලපෙනවනම් ගනංගන්න එපා
.....................................................................................................................................................

@චින්තන = ඉස්තූතියි මචං ..

.....................................................................................................................................................

@පූසා= කාලයට ඉඩදීල මම බෝතලේ අතින් අරං බලා ඉන්නවා ..

.....................................................................................................................................................

@පිණිබිඳු= ඔයා දන්නවද සහෝදරී ගෑනුලමයි දුක යන්න අඬනවා . ඒත් පිරිමි ලමයින්ට එහෙම කරන්න බෑ .. එයාටම ආවේනික දුක ඉවත් කිරීමේ ක්‍රමවේදය්න් තියනවා .ඔයා කීව වගේ මගේ ආදරේනම් වෙනසක් නෑ කවදාවත්

.....................................................................................................................................................

@අකීකරු හිත= උත්සහ කරනවා සහෝදරී තවම උත්සහ කරනවා .. දවස් දෙක තුනකින් මේ දුක ඇරිලා යයි .. ඉස්තූතියි ..

.....................................................................................................................................................

@ayesha = යාළු ආදරේ ජයගත්තදාට මම මේ මත් වීම සඳහටම අතාරිනවා ..ඔයාට මගේ ඉස්තූතිය

.....................................................................................................................................................

@Thusitha Jayasinghe = කෙටි උනත් ඒ සමුගැනීම මගේ බොක්කටම වැදුනා මචං .. ඔයා කියන එක හරි o/l පන්තියක් වත් සෙට් කරන්න ඕන එයාට අන්න වැඩේ !

.....................................................................................................................................................

@මධුරංග = අයියගෙත් හිත රිදුනද ? සමාවෙයං කොල්ලෝ ..ඔයාහරි අපි කොහොම හරි හම්බවෙනවා .ඒත් අපි මුලින්ම හමු උන හැටි මතක් වෙනකොට . දුක ගොඩක් වැඩියි ..ඔයා කීවත් වගේ මම හිතාගත්තා O/L පන්තියකට එනකොටවත් එයාව විනාඩියකට හරි මුනගැහෙන්න . මේ රට ගොඩක් පොඩී නේද? ඒක හිතට සැනසීමක් ..

Anonymous said...

බොක්කටම වැදුන ! ලස්සනට ලියන්න පුළුවන් උඹට. අප්පිරියාවක් නැතුව ආදරේ ලියන කියන එකට උඹට ස්තූතියි

සංකල්ප said...

යකෝ මු ආයෙත් බොන්න පටන් අරන් නේ. මලයෝ බිලා ප්‍රශ්න විසදන්න බෑ බන්.

චතුවා said...

කියන්න දෙයක් හිතා ගන්න බෑ සහෝ.. හැම දේම හොදින් වේවි!

Anonymous said...

භය නැතුව හිටපං, උඹට හම්බුවෙන්න විදියකුත් ඉක්මනටම හම්බුවෙයි. ඒ වගේම උඹ බොන එකටත් ඉක්මනට බඩු හම්බවෙයි. ඒකටත් ලෑස්ති වෙලා හිටපිය. ඉක්මනටම නැතත් අර අහිංසක කෙල්ලව බැඳපු දාකට හරි, ඔහ කරන වැඩේට උත්තර හම්බුවෙයි. මතක තියාගනින් අදාට ඒ කෙල්ලත් අමාරුවේ කියලා. කියනදෙයක් තේරුම් ගන්නේ නැති මෝඩයා.

Unknown said...

අනේ... දුකයි.මගෙ ඔෆිස් එකෙ යාලුවෙකුත් ඉන්නව මේ කතාව බලන.කතාව ඇත්ත නිසාම නම් මේ තරමටම දැනෙන්නෙ අපිට.. අනේ මන්ද හිස් අහස ...... කොහොම උනත් ජය වේවා !!!

Anonymous said...

කොහොම හරි පාරක් පැදෙයි අයියේ... අපි නොහිතෙන වෙලාවට උත්තර අපි ලගටම එනවා... ඉන්නකෝ අපි බලන් ඉමු මේ සැරේ මොකද වෙන්නේ කියලත්...

Anonymous said...

podi idea ekak thiyenawa hariyai da danne na

oya bona eken oyage angel ge jeevithe winaasa karana ekak na kiyala mata therunu dawasata mama eka kiyannaan. eka hariyana ekakda nadda kiyala mama dhanne na

තරු අහස said...

ඒ පුංච් කෙල්ල උඹට පණ වගේ නේද...මගේ නෙතටත් කඳුළලක් ආවා බං..මගේ පුංච් කෙල්ල..ම්..ඒක සිහිනයක්..උඹ දන්නවා..ඒක..ඒකයි මට කඳුළක් ආවේ..ලස්සනයි බං..දුකට..

මම said...

ම්ම්ම්...පිරිමියෙක් වෙච්ච ඔයාට ඔය තරම දුකනම් ඔයාගේ ඒන්ජල්ට මොනතරම් දුක ඇද්ද..? ඒ කියන්නේ දුක නිවාගන්න ඒන්ජලුත් බොන්න ඔනාද...? එහෙම බොන්න ඔයා ඉඩ දෙනවද සඳරු...

හිස් අහස said...

@nawammawatha = මමත් ඔයාට බොක්කෙන්ම ඉස්තූතිවන්ත වෙනවා . තෑන්කුයි නැවතත් මචං

.....................................................................................................................................................

@මධුරංග = සුරා පොදක් මා තොලගෑ පමනින් මා සලලෙකු වේදෝ ?

.....................................................................................................................................................

@චතුරංග (ළමයා) = මමත් හිතනවා පහුවෙද්දී සේරම හරියාවි ..කික් එකට ඉස්තූතියි මචං

.....................................................................................................................................................

@prasanna86k = මම වෙන මොනවා කරන්නද අයියේ ? ඔයා මට මෙහෙම කියන්නේ අපි දෙන්නගේ තියන ෆිට් එකට කියලා මම දන්නවා .ඒත් බං මම වගේ එකෙක් පොඩ්ඩක් බීකියා ගෙන උන්නම මොකෝ .අනේ මට බනින්න එපා බං ! මගේ වැඩේ ටිකක් ගොඩ ගියාම මම මේ බොන දේවල් සේරම නවත්වනවා (වතුර හැර)

.....................................................................................................................................................

@අමා දහර = අළුත් බ්ලොග් ලියන්නිට මුලින්ම ජය පතනවා ..ඔයාලට ගොඩක් ඉස්තූතියි ..යාළුවටත් ..ඔයාලටත් ජයෙන් ජය ..

.....................................................................................................................................................

@නිම්ශා = අපි නොහිතන වෙලාවට ප්‍රශ්නත් අපේ ලඟට එනවා . මේකනම් මම කාලයක් තිස්සේ දැනගෙන උන්න ප්‍රශ්නයක් .මොනවා හරි වෙන්නේනැතෑ නේද ? ඉස්තූතියි ..සහයට

.....................................................................................................................................................

@Anonymous = ඔයා කවුද ? මම හිතන කෙනාද ? TC ද ? අනේ මන්දා ?

.....................................................................................................................................................

@තරු අහස = පනටත් එහා බං . ඇයි බං උඹට වෙච්ච දේ ලියලා දන්නේ නැත්තේ . නිකම් දුක්වෙවී ඉන්නේ නැතුව ඕක ලියපං . අපි ඉන්නවනේ ඕන ගේමකට ..(නමට හරි )

.....................................................................................................................................................

@මම = "මම" ඔයා කියපු දේ මට නියමෙට රිදෙන්න වැදුනා . ඒත් අනේ අපි පිරිමි දුක හිතෙන වෙලාවට අඬන්නේ නෑ . අපිට ඬන්න තහනම් . අපි ඇඬුවොත් ලෝකයා අපිට හිනාවෙනවා.ඉතින් අපේ හිත ඇතුලේ ඒදුක පැසව පැසව තියනවා . ගෑනු ලමයි එහෙම නෑ . එයාලට අඬන්න ලෝකයා අවසර දීලයි තියෙන්නේ .අපිට දුකට බොන්න තියන එකම බේත . ඕක විතරමයි .. ඔයාට ගොඩක් ඉස්තූතියි හැමදාම මට සහය වෙනවට

Anonymous said...

oya hithana kena neme. methana 3-4k dannawa mawa..... oyaage blog ekata comment karapu 2nd time wenna oni...

minissunta udhaw karana kenek witharai......

oyaage angel 10ta nan yanne eya computer thora gaththoth subject ekak hatiyata eyata aye clz enna puluwan wei

සංකල්ප said...

කව්ද බං උබට සලලෙක් කිව්වේ. මං කිව්වේ නොබී ඉන්න කියලා. නෑ හොදයි මල්ලි මට කියන්න බීවට පස්සේ ඔක්කොම ප්‍රශ්න විසදුනාද ? විසදුනා නම් බිව්වට කාරි නෑ.

Thusitha (දිමා) said...

සුභ නව වසරක් වේවා !

෴ හසියා ෴ said...

අම්මපා දුක හිතුනා බං....මට වුනා වගේ දැනුනේ....

දැන් කෝමද ඇත්තටම හම්බවෙන්නේ...ආයේ පාඨමාලාවකට එන්න කියමු....

ම්ම්ම්ම්ම් ඔන්න උඹටත් උඹේ පුංචි පැටික්කිටත් සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන...කරන කියන හැමදේම අතිසාර්ථක වෙන....නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය ආදරය දයාව කරුණාව පිරී ඉතිරෙන....සුභම සුභ නව වසරක් වේවා....!!!

හසියගෙන් ඔන්න හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම උණුසුම් සුභ පැතුම්....!!!

දෙන්නම ගොඩාක් සතුටින් හැමදාමත්....!!!

දෙන්නටම ජය වේවා‍..!!

෴ හසියා ෴ said...

මෙන්න හසියගෙන් පුංචිම පුංචිම තෑග්ගක් අළුත් අවුරුද්දේ....

පිස්සා පලාමල්ල said...

ඉතින් ඇත්තටම කොහොමද හම්බුවෙන්නෙ බන් ?? ලෙඩ දා ගන්නෙ නැතිව පරිස්සමට මලේ.

මතට දෙන සහනාධාරෙ පොඩ්ඩක් අඩු කලොත් මේ අවුරුද්දෙ... පොඩි කේඅලනෙ බන් බොල තාම

Anonymous said...

ඔයාගෙ institute එකේ GIT course (O/L computer) තියෙනවද?

ගිහාන් චින්තක said...

පාන්දර 2.52යි. 2010 ඔක්කොම කියවලා ඉවර කලා.. නිදා ගන්නත් ඕනේ. ඉතිරි ටික කියවන්නේ නැතිව නිදා ගන්නත් ලෝභයි වගේ.. හිතා ගන්න බෑ...

Post a Comment

තැන්කූ බං