4.1.11

වල් අලියෙකු විසින් ලියනු ලැබූ පලමු බ්ලොග් ලිපිය.




          මීට කලින් මේ බ්ලොග් එකේ ලීවේ සඳරු කියලා . පිස්සෙක් . උගේ බ්ලොග් එකේ අද මමත් ලිපියක් ලියන්න හිතා ගත්තා . මේක ලියන්නේ සඳරුවටයි . උගේ ගෙවල් වටේ ඉන්න අනික් එවුන්ටයි පෙනෙන්න


මම වල් අලියෙක්මි..!

සඳරු කියන එකා ඉන්නෙත් අපේ ගෙවල් ලඟ . ඇත්තටම අපි ජීවත් වෙන්නේ අපිටම අයිති හද්ද පට්ට වනයක . මේ සඳරුවගේ ගෙදර එවුනුත් ගමේ එවුනුත් මෙහේ පදිංචියට එන්න කලින් අපේ වනේ මාර ගතියට තිබුනා. කොහේද මිනිස්සුන්ටත් මේක අස්සෙම එන්න ඕන උනානේ . ඔය කවුරුවත් දන්නේ නෑ මේ කැලෑව අපේ කියලා . මේක අයිති අපට . වෙන කාටවත් මේ කැලෑව අයිති නෑ .


සඳරුවෝ..! අද උඹයි උඹලගේ මිනිස්සු ගැන්සියයි එකතුවෙලා වන ජීවී කාර්යාලය ඉස්සරහා .හරි ලොකු උද්ගෝසනයක් කරා නේද ? අලි එලවපල්ලා කියලා.!


අපිව පන්නන්න නේද ? අනේ උඹලා පන්නයි අපිව . !


වනජීවී එකේ එකෙක්වත් උඹලව අලි බෙට්ටක් තරමටවත් ගනනකට ගත්තයි ? නෑ නේ . !


උඹලා මහ වැස්සේ බෝඩ් ලෑලි එල්ලගෙන ගේට්ටුව ලඟ ගිරිය කඩාගෙන කෑ කෝ ගහද්දී . වන ජීවි එකේ බුවාල ටික පිටිපස්ස දොරෙන් ෂේප් එකේ මාරු වෙලා හන්දියේ කඩේට ගිහිං ප්ලේන්ටියක් ගහනවා අපි බලාගෙන උන්නා . හොඳම වැඩේ උඹලට .


අපිව මෙහෙන් පන්නන්න උඹලා කාටවත් බෑ . බලහං දවසක අපි උඹලව පන්නලා දාන හැටි . සඳරු උඹලා උද්ගෝසන කරන අතරේ අපේ ටීම් එකේ සෙට් එකක් ගිහිං . වැව ලඟ තිබ්බ මාළු වාඩි සේරම කුඩු පට්ටං කරලා ඔරු දෙකකුත් පාගලා දාලයි ආවේ . උද්ගෝසනේ ඉවර වෙලා ආපු මාළු කාරයෝ ඒක දැකලා . කෑගහපු හැටිත් අපිට ආරංචියි .


ඇයි උඹලගේ අර විදුලි වැට කියලා රෙදි වැලක් තියෙන්නේ ඒක තාම විවෘත්ත කරලා නැතෙයි ? ඒක හදපු දවසේ නම් යන්තම් ජුංඩි කරන්ට් එකක් ගියා . ඒත් දැං අපි උඹලගේ අලි වැට කියන රෙදි වැලට මූත්‍රා කරලත් යනවා . මහ ලොකු අලි වැට !. කවුද ඕකට නම දැම්මේ .? උඹලගේ ගමේ එවුවොම නේද ඔය අලි වැට හදන්න කියලා . සල්ලි එකතු කොරලා දුන්නේ .? අපරාදේ ඒ සල්ලි වලින් උඹලට අලියා බීම එකක් බොන්න තිබුනා !. මොනවා කරන්නද උඹලගේ ගිය නුවන අදින්න අපි එන්නේ නෑ ..!


උඹලගේ ගෙවල් ලඟටම අපි අලි ගැන්සිය ආව දවස උඹට මතකද ? ඇයි අර උඹ මී පැටියෙක් වගේ ගේ ඇතුලට වෙලා දොර වහගෙන හිටියෙ ! අපේ නාකි අලියෙක් ඇවිල්ලා උඹලගේ ගෙදර පිටිපස්සේ තාප්පෙට එක පාරක් පස්ස පැත්තෙන් ඇනලා බිම දැම්මා . උඹ ජනේලෙන් බලාගෙන ඉන්නවා අපි දැක්කා . ලැජ්ජයි බං . උඹ පිරිමියෙක් නේද ? උනාට උඹ අඩිය දාපු වෙලාවට ඉන්නේ නිකං නාලාගිරි ඇතා වගේ ..බයේ බෑ


මම උඹටයි උඹේ ගමේ එවුවොන්ටයි එකක් කියන්නම් . ! උඹලා මේ ගම දාලා යන දවස වැඩි ඈතක නෙවේ . බලා ගනිං අපේ පසුගිය මාස හතරක ප්‍රගති වාර්ථාව (දල වසයෙන්)


කුඹුරු 25 පමන සුද්ද කරා
කෙසෙල් ගස් 500 පමන ඉවර කරා
ත්‍රීවීල් දෙකයි
බයික් දෙකයි
වෑන් එකයි
හරක් හයදෙනයි
මිනිස්සු හතරදෙනයි


ඔච්චරයි බං මට මතක . මොකෝ අපි දෙන ගේම් ලියා ගන්නව කියලයැ. …


උඹත් ඕටී කරලා රෑ වෙලා නේද ගෙදර එන්නේ කැලේ මැදදී අපි උඹවත් දවසක අල්ලගන්නම් . කීප වතාවක්ම උඹ බේරුනා මතක ඇති . උඹ ADSL ගන්න ඕන කියලා පහුගිය දොහක පොඩි එකෙක් වගේ අඬ අඬා හිටිය නේද ? යකෝ ! ටෙලිකොම් එකේ මාමිලා ඇවිල්ලා පාර අයිනේ දාපු අර කනුව. අපි පෙරලුවේ නැත්නම් තොට අද ADSL තියනවා .


උඹලා අපිව එලවන්න කොයිතරම් දැඟලුවත් අන්තිමේදී වෙන්නේ . උඹලා තැලෙන එක . අපි දන්නවා උඹලා මහ රෑට පුදුම බයකින් නිදාගන්න බව . උඹ උදේට නැගිටලා මිදුලේ තියන අලි බෙටි තොගේ දැකලා හිනා වෙනවා ඇති නේද . ?


සඳරුවෝ දැං උඹලා මැරීගෙන වැඩකරපු මන්තිරි එහෙම ඔය පලාතේ නෑලු නේද . දැන් එයාල වැඩ ඉන්නේ කොලඹය කියන්නේ . උඹලා උන්ට වැඳලා කීව නේද ....


"අනේ බුදු සෑර් මේ අලි ටික එලවලා දෙන්න" කියලා ?


මන්තිරී තුමා උඹලගේ ඔලුවේ අත ගහලා දිවුරලා කීව නේද . "බයවෙන්ඩ එපා අලි තුරන් කරනවා මේ රටෙන්" කියලා . උඹලා ඊයේ පෙරේදා ඒ උත්තමයන්ට මේ ගැන මතක්කරාම මොකද උං කීවේ . "අපි ඉතිං අලි එලෙවුවා තමයි" කියලා කීව නේද ?


උඹ දන්නවද සඳරු මේ රටේ මාර නීතියක් තියනවා . අපි මිනිහෙක්ව මැරුවොත් . අප කිසිම අවුලක් නෑ . හැබැයි උඹලා අලියෙක්ව මැරුවොත් . මහ උලු ගෙදර ලගින්න වෙනවා . දන්නවනේ ඉතිං මෙහෙම කතාවක් කියලා තියෙන්නේ අමාරුවකට නෙවේ කියලා . "අලි * කන්නත් අපි තැලෙන්නත් " ඉතිං තැලි තැලී හිටපිය .


අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි . අපි අලි . අපි උඹලා වගේ පදිරි වෙන්නේ නෑ ! අපි ඉස්සරහට උඹලට ඔයිට වඩා ගින්දර දෙනවා . උඹලගේ දුක අහන්න මොකෙක්වත් මේ පලාතේ නෑ . අපිට උඹලත් එක්ක සාමයක් නෑ . උඹලව එලවන එක තමයි අපේ බලා පොරොත්තුව .. බලාගෙන ඉඳපල්ලා . සමහර විට උඹලට හෙට ඉර පායනවා වෙනුවට අපේ වංගෙඩි කකුලක ඩම් එක බලා ගන්න පුලුවන් වේවි.


අන්තිමට මේකත් අහගෙන ගියානං . මේක අපේ පැරනි කියමනක්


" අලිය පෑගුවා කීවම එකෙක් ඇහුවලු ගූ ගියාද කියලා "


සඳරු ඕක උඹලගේ වන ජීවී දෙපාර්ථමේන්තුවට කියපන් උනුත් අලි ගැහුවා කීවම අහන්නේ ඔය වගේ ප්‍රශ්නනේ ! . අනේ *කේ නන්නානේ කීවලු උඹලටම හරියන . උඹලගේ එවුං


සඳරු කොල්ලෝ උඹ වැඩිකල් බ්ලොග් ලියන්නේ නෑ අපි උඹව පාරේදී රෑට අල්ලගන්නම් ..

 
මට සඳරුලාගේ ගමේ හැමෝම කියන්නේ පිස්සු අලියා ලියලා ...ඒක තමයි මගේ නම .


ඕං මං කුංචනාදයක් !!!!! දැම්මා ..
ජය වේවා !! 



 
ප:ලි අපට තියන මේ අලි ප්‍රෂ්නයට විසඳුමක් නැද්ද ?  
සඳරු //



















46 comments:

Anonymous said...

:O කිසිදු දෙයක් වැටහෙන් නැත....

dinesh said...

මොකද බං මේ...........!!උඹ දැන් අලින්ට විරුද්ධව බ්ලොග් ලියලා උන් මේක කියවපුදාට තමා වැඩේ තියෙන්නෙ.හික්....හික්.....උඹේ ටැලිපෝන් කනුවත් පෙරලුව කියන්නෙ ඇත්තද බං.හික්.........
දෙගොල්ලො සහයෝගෙන් ලයිෆ් එක ගෙනියපල්ලකො.
ඔය ප්‍රශ්නෙ මචං පිට ඉදන් බලන කෙනෙකුට වැඩිය තේරෙන්නෙ නෑ.අලියෙක් වෙඩි වැදිල ඉන්නකොට හරි,වලක වැටිල ඉන්නව හරි දැක්කොත් ඌ ගැන අනුකම්පාව උපදවා ගන්නවා මිසක් විපතට පත් වුන මනුස්සය ගැන තැකීමක් කරන්නෙ නෑ.අනේ අපේ සොබාව සෞන්දර්ය මේ මිනිස්සු විනාශ කරණව කියල තමා කොලඹ රටේ උදවිය හිතන්නෙ.ඒ උනාට මේ වේසාවො (අලි) ගම් වැදිල උන්ගෙ ආතල් එක හොඳට ගන්නවා.වනජීවී එකේ අය ගැනනම් කියල වැඩක් නෑ.ගොඩක් බුවාල නමට රස්සාව.කෝකටත් උඹ පරෙස්සම් වෙයන්
හික්....හික්.....අර ඇඩ්ඩින් අයියවත් හම්බවෙලා අලි මන්තරයක් දෙකක් අහ ගනින්..

BLOG ගඩොල් said...

pattai macho! kiyala wedak ne. I think this is the best post by u

Hishan de Silva said...

මේක serious case එකක් නේ...

jhothishalanka said...

ලියල තියෙන විදියට කියවනකොට හිනත් යනවා.ඒ වුනාට යාළු ඔයාලගේ ප්‍රශ්නේ ඔයා දැනෙන්න ලියලා තියෙනවා.ඔය අලි ප්‍රශ්නයට ඔයාලට ඉක්මනට හොද පිලිතුරක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.මොනා වුනත් අලියි අපියි දෙගොල්ලම මේ ලෝකේ ඉන්න ඕන.මේ ලිපිය පත්තරේකට එහෙම දැම්මොත් නියමයි.

Dasun said...

සඳරු,
මූ නම් හෙනම මැර අලියෙක් වගේ.කොයිකටත් පරිස්සමෙන් හිටපන්...

සින්ඩි ලංකා said...

සින්ඩි ලංකා, දිගු කලක් තිස්සේ කරන ලද පරීක්ෂනවල ප්‍රතිපලයක් ලෙස එලි දක්වන බ්ලොග් අඩවියකි. ඔබගේ අඩවියත් මෙම බ්ලොග් අඩවියට ඇතුලත් කරගැනීමට පහත තොරතුරු sindilanka@yahoo.com ලිපිනයට එවන්න. දින 7 ක් ඇතුලත ඔබගේ බ්ලොග් අඩවියත් "සින්ඩි ලංකා" වෙත ඇතුලත් කිරීමට කටයුතු කරමු.

අවශ්‍ය තොරතුරු
ඔබේ නම :
වෙබ්/බ්ලොග් ලිපිනය
ඔබව සම්බන්ද කරගතහැකි e -mail ලිපිනය

ඉහත තොරතුරු sindilanka@yahoo.com එවීමෙන් "සින්ඩි ලංකා" හි සාමාජිකත්වය ලබා ගත හැක.

පැන්ඩා said...

මම හිතන්නෙ මේක අපි කවුරුත් විහිළුවට ගන්න ඕනි කාරණය ක් නෙමෙ...ලංකාවෙ යුද්දෙන් පස්සෙ දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ මේ අලි මිනිස් ගැටුම...මේකට මැදි වෙල ඉන්න දෙපිරිසම අපේ රටේ සම්පත්..
අලි කියන්නෙ මොහොම අහින්සක සතෙක් ඒත් උගෙ ජනාවාස භූමි ප්‍රමාණය ක්ෂය වීමත් එක්ක උන් දැන කලහකාරී වෙලා..

මේ ප්‍රශ්න අපේ රටෙ විසදන්න අමාරු වෙලා තියෙන්නෙ බලධාරීන්ගෙ නොසැලකිල්ල හින්දයි..එකෙන් සඳරුල වගේ අහින්සක ගම්මුයි මේ වල් අලි අතරයි ගැටුම් තවත් උග්‍ර වෙනව.. හරි නම් බ්ලොග් ලියන අපි ඔක්කොම ලොකු කැම්පෙන් එකක් කරන්න ඕනි මෙක ගැණ බලධාරින්ගෙ අවදානය යොදවල දෙගොල්ලෙම රැක ගන්න..

සංකල්ප said...

හැබැයි කතාවනම් පට්ට. අලි බැලිල්ලයි බලි බැලිල්ලයි එපා වෙන්නේ නෑ කියනවනේ. එහෙම බලබල හිටියත් අන්තිමේදි අලියා ගිලපු දිවුල් වගේ මුකුත් වැඩක් නෑ. බලපු දේකුත් නෑ දැක්ක දේකුත් නෑ. මොනා කරන්නද අලින්ටයි ලමයින්ටයි නලියන්නම නේ ඕනේ.

කොහොම උනත් අලියෙක්ව මඩේ වැටුනොත් ගොඩ ගන්නත් අලියෙක්ම වැටුනොත් ගොඩ ගන්නත් අලියෙක්ම වැටුනොත් ගොඩ ගන්නත් අලියෙක්ම එපැයි.

'' කලල ගිලුන මත වරනිදු ගොඩ ගනිත
තුමුල බලැති ගිජිදෙකු මිස අන් කෙවත ''

Unknown said...

අම්මට සිරි උඹද එතකොට අර අපි ආපු දවස් ටිකේ හැංගිල හිටිය කියපු අලියා. සඳරු ගේ මිඳුලට ගොඩ වෙනකොටම මට උඹේ කුයිල දැනුනා. මම උඹව හෙව්වා ඒ උනාට උඹේ බෙට්ටක් විතරයි හම්බ උනේ. කොහොම උනත් උඹ පරිස්සමින් හිටපන් GTA Brothers & CJ සෙට් වෙලා උඹට ගේම දෙන දවස වැඩි දුර නෑ. ජය වේවා කිව්වට පරාජය වෙන්න රෙඩි වෙල හිටපන් -රි අලියා...

hare :-) said...

නියම පෝස්ට් එක මලේ... කිව්වත් වගේ උඹලා මොකෝ ඔය අලි අස්සෙ ගෙවල් හැදුවේ...?

සෝරෝ said...

මේ දවස් වල සිරිකොත පැත්තේ විප්ලව කරන්නේ උඹලගේ සෙට් එකේ අමාරු කාරයෝ ද.... :D

ජය වේවා...!!

පිණිබිඳු... said...

වල් අලි ප්‍රශ්නය වෙනත්ම ඇහැකින්. ඇත්තට අපි හැමදාම බලන්නෙ මේ ප්‍රශ්නෙ දිහා අලි පව්, මිනිස්සු උන්ගෙ තැන් අල්ලගෙන එහෙම කියලනෙ. ඒත් මේ ප්‍රශ්නෙදි අලියත් චූදිතයෙක් කියන එක ඔයා ඔප්පු කරා. අපූරුයි සහෝ.

සිත්රූ සිහින said...

ලස්සනට ලියල තියෙනව..හිනාත් යනව..චන්ඩි අලියෙක් නේද?

ayesha said...

නියමෙට ලියලා තියෙනවා post එක නම්. මටත් කියවන් යනකොට හිනා ගියා. ඒ උනාට මේක බරපතල ප්‍රශ්නයක් නේ. විසඳුමක් ඉක්මනට හොයා ගන්න වේවි. ඇත්තටම රෑ ගමන් යනකොට කල්පනාවෙන් පරිස්සමෙන් යන්න යාළු.

අකීකරු හිත said...

අලි ප්‍රස්නයක්නේ මේක... කියවනකොට හිනත් ගියා..ඒත් මේක හිනා වෙන්න කාරණයක් නෙමෙයි නේද...

Rachintha Jayawardhana said...

නියමම ලිපියක් මචන්! දෙපැත්තම සාධාරනයි.. නියමෙටම ලියලා තියෙනවා. දෙපැත්තෙම ප්‍රශ්න විසඳෙයි කියලා හිතනවා.

Anonymous said...

අඩේ හි‍ටු මං අපේ කොම්පැනිය ලඟ තියෙන සන්පවර් එකට කියල ඔය අලිය වටේට කරන්ට් වැටක් ගහන්න. ඔය කට්ටිය තමයි ලංකාව පුරාවටම අලි වැටවල් ගහන්නෙ.

රත්ගමයා said...

ඒක අලි ගම් වල ඉන්න හැමෝඅටම වගේ තියෙන ප්‍රශ්නයක් නේ... ප්‍රශ්නේ තව දරුනු උනොත් මට මැසේජයක් දාන්නකෝ..මෙහෙන් සෙටාර් එකක් එවන්නම් අලි බලාගන්න

-------- ටේක් කෙයාර් ------

නිශ් said...

අප්පා උඹ ලියල තියෙන විදිහට හිනා වෙවී කියෙව්වත් ඒක යටින් තියෙනෙ කතාවෙ බියකරු බව හිතට දැනුනා මලේ. ඔය ප්‍රශ්නෙට උත්තරයක් නම් හොයන එක ලේසි නෑ. කොහොම උනත් පරිස්සමින් ගමන් බිමන් උඹ තියන තර්ජනය දැන් දැනත් නොසලකා හරින බව හිතුනා.

Anonymous said...

අම්මේ අලියෙක් කුලප්පු වෙලාද මේ...හෙ..හේ... කොහොම උනත් සඳරු බය වෙයි නේද....

හිස් අහස said...

අලි ගැටලුවකට කස්ටිය දක්වන උනන්දුව ඉහලයි වගේ ! මම අද ගෙදර ගිය ගමං කස්ටියගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නම් .මිත්‍රවරුනි මම දැන් හෝ ගාල වැඩ ..

අලියෙක්ගෙන් මැරුං නොකා ගෙදර යන්න ලැබෙයිද මට ?

ජය වේවා !!

Thusitha (දිමා) said...

අපොයි අලි කෙස් එකක්.....
මෙහෙනන් අලි යන්නෙ පෙරහැරේ විතරයි.. 31 රෑ අපේ සෙට් එකට ටිකක් වැඩි වෙලා ගිටියෙ. එත් කෙහෙම වුනත් පෙරහැර බලන්න ගියා. පෙරහැ‍රේ ගිය අලින්ගෙ බෙටි අලි පක්ෂ සමිතිය කරන අන්කල්ගෙ ගෙදර ගේට්ටුව ඉස්සරහට දැම්ම. හික් හික්...
01 වෙනිද උදේ අලි පක්ෂ සමිතිය කරන අන්කල් අලින්ගෙ බෙටි ගේට්ටුව ඉස්සරහට
දැම්ම වුන්ගේ අම්..**-/986++-/ හු2**-+5&^%$ කියල කෑ ගහ ගහ අල්ලපු ගෙදර එකත් එක්ක ජොගි නැටුව.(අල්ලපු ගෙදර එකා සංවිධාන කාරේක්)හික් හික්...

තාරා said...

ඔය දේශපාලුවොන්ට අලි ප්‍රශ්නය හොඳින් දැනෙන්නෙ කවද හරි අලියෙක් අවිත් උන්ගෙ තාප්පයක් පෙරලලා ගිය දාටයි. එදාට දුවගෙන එයි අලි සමූල ඝාතනය කරන්න. කෝකටත් ඔයලා පරිස්සමින් ඉන්න..

කේෂාන් De சில்வா said...

ඈත්ත තමයි.. මේක විහිළුවක් වගේ පෙනුනත් ගොඩක් ලොකු ගැටළුවක්. අපේ රටේ රටකරවන අයගෙන් මේ වගේ දෙයකට උදවු ගන්න පුළුවන් වෙයි කියල හිතන්න අමාරුයි. එයාලට කවදාවත් මේ ප්‍රශ්නෙ බැරෑරුම් කම දැනෙන්නෙ නෑ... ගමේ අයට කරන්න පුළුවන් දේවල් මොනවද කියල ටිකක් හිතල බලන්න. අපිත් ඕන උදව්වකට රෙඩි...

පූසා said...

පට්ටම පට්ට මචං කියලා වැඩක් නෑ. මැක්සා

හිස් අහස said...

@නිම්ශා = මේ ලිපිය අපේ ගමට තියන වල් අලි කරදරය ගැන . සහෝදරී ..

.......................................................................................................................................

@dinesh = බලන්න අයියා . අපට මාර කරදරේ මේ වල් අලි රංචුවගෙන් .උං කනු පෙරලන්නේ නැත්නම් අපි අන්තර්ජාල පහසුකම් අරගෙන දැන්

ගොඩක් කල් . මහ දවල්ටත් උං අපිට සද්දේ දානවා . ඔයාට කියන්න . දවසක් එක කුලප්පු වෙච්ච එකෙක් ටවුන් එකට පැනලා . 2 මිනිස්සු

මැරුවා.අපි කාට කියන්න ද මේ දුක ? අයියට හිනා .. මගේ බොක්ක කූල් වෙනවා රෑට

.......................................................................................................................................

@blog gadol = පූස් සහෝදර වරුනි . බොහෝම ඉස්තූතියි.. ! චංචලා 5 කෝ ?

.......................................................................................................................................

Hishan Melanga = පට්ටම සීරියස් . මට බය මුං මගේ කාමරේ කුඩු කරලා දායිද කියලා .

.......................................................................................................................................

@JHOTHISHALANKA = නිකංම දුක කීවොත් කවුරුවත් අහන්නේ නෑ නේ . ඉතිං පොඩ්ඩක් හිනා යන්න ලීවා . ඒත් අපේ ගමේ මිනිස්සු අඬන හැටි

දන්නේ මම විතරයි . අනේමන්දා අපේ අනාගතය කොහොම වේවිද කියලා .

.......................................................................................................................................

@නිර්මල = මූ මචං පිස්සු අලියෙක් ඕල්වේස් මද කිපිලා ! හැබැයි මමත් අරින්නේ නෑ අලියා උනත් ගේම නං ගේම :)

.......................................................................................................................................

@සින්ඩි ලංකා = බලමු බලමු ..

.......................................................................................................................................

@පැන්da = ඇත්ත පැන්ඩයියේ = විහිලුවක් නෙවේ වහින කාලෙට අපිට උං ගෙන් බේරීමක් නෑ . මාර බයකින් තමයි උදේට රෑට පාරේ යන්නේ . අපි

වෙනුවෙං සද්දෙයක් දාන්න එකතු වෙනවා නම් කොයිතරම් දෙයක්ද . මොන බලදාරියටවත් අපේ දුක පේන්නේ නෑ . මිනිහෙක් මැරිච්ච දාට

පොඩ්ඩක් මූන දාලා යන්න නම් එනවා .. අපි වෙනුවෙං එහෙම හිතුව එකත් ඇති ..

.......................................................................................................................................

@මධුරංග = අයියේ අපි ඉතිං අලි දැකලම එපා වෙලා ඉන්න මිනිස්සු . අලි නිසා අපි ඉතිං නාහේ ලඟටම එරිලා ඉන්නේ . දවසක එන්නකෝ මේ

පැත්තේ .අලි බලමු ..

.......................................................................................................................................

@මිත්‍යාදෘෂ්ටිකයා = ඒකනේ මම ඔයාට එදා කීවේ . ඔයාලගේ පරන ගෙදර ගාව මම ඊයෙත් දැක්කා සෙට් එකක් ඉන්නවා . දෙමු ගේමක් ඕකුන්ට

දුං පිට වෙන්න .

.......................................................................................................................................

@h = තෑන්කුයි මචං . අනේ මන්දා අයියේ අපේ මවුපියන් තමයි මෙහේ ගෙවල් හදලා තියෙන්නේ . මොනවා කරන්නද ?

.......................................................................................................................................

@සෝරෝ = අනේ නෑ බුදු අයියේ ! අපි සාමකාමී . පුංචි මිනිස්සු රෑනක් . සිරිකොත මම තාම දැකලා වත් නෑ.. ජයම වේවා !!

හිස් අහස said...

.......................................................................................................................................

@පිණිබිඳු = අලිත් පවු සහෝදරී අපිත් පවු . හැමෝම කියන්නේ අලින්ට අපි කරදර කරනවා කියලා . ඒත් ලිඳක වැටිච්චි අලියෙක් ගොඩගන්න අපේ

මිනිස්සු කොයිතරම් දුක් විඳිනවද ? අලියා තමයි අපේ පලාතේ නීතියේ හැටියට වැරදි කරු . මොකද අපි උංගේ බිම් අගලක්වත් අල්ලගෙන නෑ ! .

ගොඩාරියක් ඉස්තූතියි සහෝදරී .

.......................................................................................................................................

@සිත්රූ සිහින = ඉස්තූතියි ගොඩක් . මැර අලියෙක් සහෝදරී . හොර අලියෙක් කියලත් කියන්න හැකියි .. හි .හි

.......................................................................................................................................

@ayesha = ඉස්තූතියි යාළු . අනේ මන්දා මෙවුවට අපට කවදා විසඳුම් ලැබේද කියලා . චන්දයක්වත් ලඟපාතක නෑනේ . රෑ මම යනකොට

දෙවියන්ට කොල අත්තක් එල්ලලා තමයි යන්නේ ..පරිස්සම් වෙනවා . ඒත් ඉතිං කියන්න බෑ ..

.......................................................................................................................................

අකීකරු හිත = ඔයා හිනා උනා නම් ඒකම මදෑ . හැබැයි අපේ පලාත් වල අයට නම් හිනා යන එකක් නෑ . හැම දාම හිනා වෙලා ඉන්න ... ජය

වේවා !

.......................................................................................................................................

@මුචලින්ද = අපටත් අයියේ ඒකමයි ඕන දෙපැත්තටම සාදාරනයක් උනානම් මේක ඉවරයි . මම නම් අයියේ කියන්නේ මේ අලි ටික අල්ලලා .

ඈතකට ගිහිං දැම්මා නම් වැඩේ ඉවරයි මිනීමරු අලි ටික විතරක් අල්ලං ගියානම් ඇති . ඉතිං මචං ජය වේවා !! .

.......................................................................................................................................

@nawammawatha = වැඩක් නෑ මචං අලි වැට ගැන දැං අලි හොඳටම දන්නවා . උං ලොකූ අතු කඩං ඇවිල්ලා වැටට දානවා ඊට පස්සේ ඒ වැට

කැඩිච්චි තැනින් එනවා . මුං හරිම බුද්ධිමත්. ජය වේවා !!

.......................................................................................................................................

@රත්ගමයා = උඹ නම් මලේ උපං ගෙයි අලිය නෙව . අපිට සෙට් එකක් ට්‍රාන්ස් පෝට් කරන්න හැකිද ? කලුවෙවයි චුට්ටෙවයි . කඩු පොලු දීල

එවුවනම් හරි ..එක්කෝ මේ අලි ටික අල්ලලා රත්ගම හන්දියට ගෙහුං දාන්න ඕන .

.......................................................................................................................................

නිශ් = හිනා යන්න ලීවත් බය නම් තියනවා . ඒත් ගොඩ කාලයක් ඒ බය දැනිලාම දැන් ඒවට අපි හුරුවෙලා . මේ දවස්වල බයික් එක ගෙදර දාලා

බස් එකේ තමයි වැඩට යන්නේ . ඇයි මුං ගැහුවොත් කාට කියන්නද ?

.......................................................................................................................................

@මන්දාකිණි = අලි රෑනක් ඉන්නවා සහෝදරී . කුලප්පු වෙලා . ඒත් මේ සඳරුව බය කරන්න අලියෙක් ? අලි දුසිමක් ආවත් මම බයනෑ . හැබැයි

මගේ අවුසදේ අරං ඉන්න ඕන .

.......................................................................................................................................

@Thusitha Jayasinghe = ඉඳපං මචා මම මේක ගිහිං වල් අලියෙකුට කියනවා . එතකොට ඔයාට සබ්බුව හම්බවේවි . අර කීවත් වගේ එල වැඩක් නේ

කරලා තියෙන්නේ . අප්පේ අලි බෙට්ටකටත් අපට තියන බය .

.......................................................................................................................................

@තාරා = අන්න කතාව සහෝදරී . ජන්දකාලේට නිකං මී පැංචි වගේ අපේ ලඟට ඇවිල්ලා අලි එලවලන්න වරමක් ඉල්ලගත්තා . දැං ඉතිං පාරේ

යන්නේ හස්ති රාජයෝ ගානට . අපිව ගානක්වත් නෑ . අනේ පෙරලපිය ඔය මන්තිරියෙකුගේ ගෙයක් . ජය වේවා සහෝදරී

.......................................................................................................................................

@කේෂාන් = උඹලා බොක්කෙන්ම උදවු කරන බව මම දන්නවා මචං . බලපං උඹ මාව අපිව දැකලා වත් තියනවද කියලා ? අපේම ලොක්කොන්ට

තමයි අපි ගැන කැක්කුමක් නැත්තේ. ඒ අතිං උඹලව අඳුරගත්ත මම වාසනාවන්තයි .

.......................................................................................................................................

@පූසා = ආ කොහොමද ?මචා එන්ඩකෝ අලියෙක් බලලා යන්ඩ අපේ පැත්තේ

අරුණ වීරසිංහ said...

නියම ලිපිය... සාර්ථකයි..
දිය යුතු පණිවිඩය වක්‍රාකාරව දී ඇත..

පබලු said...

සුපිරි..අගේ කරන්න වචන නැ..

චතුර.... said...

එලකිරි කිව්වලු........!
හොඳට ලියලා තියෙනව...........

Ravi said...

හිතට වදින ලිපියක්, කාලයක් මමත් ඔය අලි මිනිස් වලිය බොහොම දරුණුවට තිබුනු ප්‍රදේශයක රස්සාව කල නිසා ඔයාගෙ ප්‍රශ්නෙ මට තෙරුම් ගත්තැහැකි, මල්ලි,

Anonymous said...

මේ සඳරු, පොඩ්ඩක් ටුයි එකක් දීපල්ලකෝ බං, අලි වැටට 230 කරන්ට් ලයින් එකක් වත් දාන්න. මොනා හරි කරපං බං ඕකට. මට නම් තේරෙන්නේ නැහැ මහ ලොකු දෙයක්. ඒත් බං උඹලට කරන්න පුළුවන් දේවල් තව ඈති බං. ​නැත්තං පෙස්සමක් යවපං ජනාධිපති කාර්යාලයට.

මමත් පොඩි ට්‍රයි එකක් දීලා බලන්නම්. සිරාවට කියන්නේ ඇ. මේක ජෝක් නෙමේ.

Nuwanga said...

Very attractive post.
please visit my blog and read it

හිස් අහස said...

@අරුණ වීරසිංහ = කෙලින්ම කීවොත් බලන්නේ වත් නැති නිසා වහෙං ඔරෝ කීව. බොහොම ඉතූඨියි සහෝදරයා ..

.......................................................................................................................................

පබලු = අක්කා අගය කරන්නේ අලියවද මාවද ? (මාව අගයන්න)

.......................................................................................................................................

@කැන්ඩි = තෑන්කුයි මචා..! අලි කිරි :)

.......................................................................................................................................

@Ravi= සහතික ඇත්ත අයියේ මේකේ රඟේ දන්නේ ඔයාල අපි වගේ අලි සෙල්ලං දැකපු අය .මම බයික් එක දාල දුවපු වෙලාවලුත් මට මතකයි..

.......................................................................................................................................

@prasanna86k = 230 ක් අයියේ අපේ පලාතට දවසේ වැඩිහරියක් විදුලිය නෑ වැස්සොත් අනිවා කරන්ට්එක යනවා . අනික අපේ අලි වැට දැන් කනු ටිකකට විතරක් සීමා වෙලා . අයියා ගැන ඉතිං මං දන්නවා ඔයාට බොහොම පිං ..ජය ,,

.......................................................................................................................................

@නුවංග = හරි දොරේ..! මම එන්නම් ඇවිල්ලා යන්ඩ ..

෴ හසියා ෴ said...

අනේ මං දාපු කොමෙන්ටුව....

මේ වල් අලියා ඒකත් කෑවා...අනේ ආයේ ටයිප් කොරන්න බැරියෝ....

උඹ පරිස්සමින් හිටපන්...උඹ විතරක් නෙමේ උඹේ පවුලේ අයත් පලාතේ අයත්....තෙරුවන් සරණයි...!!

ජය වේවා...!!!

Nuwanga said...

Thank you Sandaru, Tell me that my blog is good or bad

මම said...

ඔයා මේක ලියලා තියෙන විදිහට හිනාත් යනවා..මං අදයි දන්නේ අලින්ගෙන් කරදර ඔයාලටත් තියෙනවා කියලා...මොනාද කියන්න ඕන කියලා නම් මට තේරුමක් නෑ..ඔයාලාගේ ආරක්ෂාව ඔයාලම සපය ගන්න.වෙන මොකද ඉතින් අපි කියන්නේ...

පිස්සා පලාමල්ල said...

කොමෙන්ට් වල කියපුව බලන්න වෙලාවක් නැහ මලයො. ඒත් මේක හුඟක් බැරෑරුම් වගේම සංවේදී ගැටලුවක්. ජන ගහනයත් එක්ක ජනාවස ඇති වෙනවා. මිනිස්සු සත්තුන්ගෙ ගෙවල් අයිත් කර ගන්නව. උන් වන සත්තු කොහේ යන්නද...

අමාරුවෙන් හම්බු කර ගත්තු දේ විනාස කරද්දි මිනිස් අපිට තරහ යනවා...

ඇත්තටම විසදුමක් කෝ ?

සිතුවිලි නිහඬයි said...

කියවනකොට හිනා ගියත්......මිනිස්සුන්ට වගේම අලින්ටත් මේ ලෝකේ ජිවත් වෙන්න අයිතියක් තියනවනේ......ඉක්මනින්ම ඕකට විසදුමක් හොයන්න ඕන නිසි බලධාරියෝ විසින්...එත් එයාල කියනවා විතරනේ...වැඩ නෑ
.

රස්තියාදු කාරය.. said...

http://bobmckerrow.blogspot.com/2011/06/elephant-risk-reduction-programme-in.html

යාළුවා මේ ප්‍රශ්නේ දෙපැත්තක් තියනවා.. අලි මිනිස් ගැටුම, දෙපැත්තම අසරනෛ.. දෙපැත්ත බේරගන්න ඕනේ..
කාටද කියන්නේ.. මේ අලි mans එක්ක ගේමට යන්නේ නැතුව අලි කැල්ලක් වත් සෙට් කරලා පොරව හීල කරගත්තොත් මොකද..?
සෙට් කරගතහොත් කාටද පාඩු ගමේ රජා වගේ ඉන්න පුළුවන්නේ.. පොඩි try එකක් දාපන්,
මේ විහිලුවට කිව්වේ, මැරුම් මොක ඉදපන්. අපි බලමු මොනවා හරි කරන්න පුලුවන්ද කියල යාළුවා..

Anonymous said...

It is a great writing. I like this and many of other articles.Still reading , just new to read sinhala blogs after seeing Lakbima.

you have a very good skill in writing. my congratulations.(still I dont know to type in Sinhala font, but I like to study it ASAP )

Thanks & Rgds

Wathsala

Chinthaka_tc said...

Best of sadru... :D

ටීම් ට්‍රැවලර්ස් said...

:O :O :O

නවෝ!

Anonymous said...

උඹලගේ ගමේ එවුවොම නේද ඔය අලි වැට හදන්න කියලා . සල්ලි එකතු කොරලා දුන්නේ .? අපරාදේ ඒ සල්ලි වලින් උඹලට අලියා බීම එකක් බොන්න තිබුනා.maru ban

Anonymous said...

ඒ උනාට උඹ අඩිය දාපු වෙලාවට ඉන්නේ නිකං නාලාගිරි ඇතා වගේ ..බයේ බෑ.me kellath maruma thama.ado mama sinhalen type karanna dan ne ban.blog eka sinhalen kiyola mehema singlish walin comment dammama gathiyak ne..

Post a Comment

තැන්කූ බං