17.1.11

මගේ පන නුඹද ?




                  මෙච්චර කාලයක් මේ බ්ලොග් එකේ මගේ හිතට ආපු ගොඩාක් දේවල් මම ඔහේ ලියලා දැම්මා . ඒත් මට තාම උඹ ගැන ලියන්න බැරි උනා . උඹ ගැන මම හිතන්නේ නැති හින්දා එහෙම නෙවේ . මට උඹව වටින්නේ නැතිවත් නෙවේ . ආදරේ කරන කෙල්ල ගැන ලීවත් , යාළුවෝ ගැන ලීවත් , වල් අලි ගැන ලීවත් . මට උඹ ගැන ලියන්න බැරි උනා . ඉතින් මට අද උඹ ගැන ලියන්න හිතුනේ මොකද ? හේතුව උඹයි මායි දෙන්නම දන්නවා


මගේ ආදරනීය නංගි අද මම ලියන්න යන්නේ උඹ ගැන.


මම හොඳටම දන්නවා උඹ ඉන්නේ මාත් එක්ක තරහෙන් කියලා . ඒක සාමාන්‍යයි මොකද මම කවදාකවත් උඹට නියම සහෝදරයෙක් උනේ නෑ. . ඒ මගේ හැටි . මගේ ලැබීම . උඹ මට හොඳ සහෝදරියක් උනාට මම කවදාකවත් නියම සහෝදරයෙක් උනේ නෑ . උඹ පුංචිම කාලේ කතාකරන්න පටන්ගත්ත දවස් වල මට කතාකෙරේ අයියා කියලා නෙවේ . තාත්තා කියලා . උඹ තාත්තව දැකලා නැති නිසානේ . දවස්වල උඹ මට කොයිතරම් ආදරේද ? මම යන යන තැන මගේ පස්සෙන්ම එනවා . මගේ ලඟට වෙලා විකාර කතා කියව කියව ඉන්නවා.



ඒත් දැං උඹ යාළුවොන්ට මාව පෙන්නන්නත් බයයි . දැං උඹ මගෙත් එක්ක ගමනක්වත් යන්න කැමති නෑ . අර ඉන්නේ මගේ අයිය කියලා යාළුවෙකුට වත් උඹ කියන්නේ නෑ නේද ? මම ඒතරමටම එපා වෙලාද දැන් උඹට ? වෙනදා නම් මම හොඳටම බීල රෑවෙලා ගෙදර ආවත් උඹ මාව බේර ගන්නවා . කවදාවත් මම බොන බවක් අම්මට දැනගන්න උඹ ඉඩ තිවුවේ නෑ . ඉදිරියටත් මාව බේරගන්න ඉන්නේ උඹම විතරයි .



තාත්තා නැතිඋන දවසේ ඉඳලා මම උඹව බලාගත්තේ මලක් වගේ . . හරියට උඹ ඉපදුනදා සතුටු උනා වගේම. උඹ දනණගානවා දැකලා මම ගොඩක් සන්තෝස උනා .උඹ වැටි වැටී ඇවිදිනවා දැකලත් මම ගොඩක් සන්තෝස උනා . උඹ ඉස්කෝලේ යන හැටි . මම පුදුම සන්තෝසෙකින් බලං හිටියේ . උඹ ශිෂත්වේ පාස් උනාම මම තවත් තව තවත් . සතුටු උනා.උඹ මට වඩා ගොඩාක් හොඳට ඉගන ගන්න හැටි දැකලා මම සෑහෙන සන්තෝස උනා



උඹ වගේ නංගි කෙනෙක් මට ඉන්න එක ගැන මම ගොඩක් ආඩම්බර උනා . අපේ මැරිච්ච තාත්තත් උඹ ගැන ගොඩාක් ආඩම්බර වේවි .. ඒක කොයිතරම් දෙයක්ද ? මට නම් කවම කවදාවත් තාත්තට ගෞරවයක් ආඩම්බරයක් වෙන්න යමක් කරන්න බැරි උනා . මම කරේ හැමදාමත් ගෙදරට ප්‍රශ්න ඇතිකරපු එකම විතරයි .




මම උඹට ගොඩක් බනින්න ඇති . ඉඳලා හිටලා ගහන්නත් ඇති . ඒ මොන දේ කලත් මම ඒ දේවල් කලේ උඹත් එක්ක දශමෙකවත් තරහකින් නෙවේ . මම උඹට කොයිතරම් ගැහුවත් බැන්නත්. උඹ මං එක්ක තරහ වෙලා නෑ .. ඒත් අද මොකද ඔයා තරහ වෙලා ?



නංගියේ අද මම හින්දා උඹ ගොඩක් දුක් වෙන්න ඇති සමහර විට මං නිසා උඹේ යාළුවෝ ඉස්සරහා උඹ ලැජ්ජා වෙන්නත් ඇති . ඒත් මගේ පැත්තෙන් අද මම වැරදි නෑ ..



මගේ නංගි අද මාත් එක්ක තරහ වෙලා ඉන්න හේතුව මම ලියලා දාන්නයි යන්නේ .



මගේ නංගි අද දවල් ටියුෂන් පන්තියකට ගිය වෙලේ තමයි මේ සිදුවීම උනේ . එයා ගිය පන්තියේ සර් හදිසි වැඩකට යන්න තියනවා කියලා . ලමයි හැමෝටම පේපර් දීලා . සර්ගේ පරන ගෝලයෙකුට පන්තිය බලාගන්න කියලා සර් යන්න ගිහිං .



ඉතිං . ලමයි පේපර් එකක් ලියලා ඉවර වෙලා . තමන්ගේ නමත් පේපර් එකේ ලියලා . මේසේ උඩින් ගෙනෙල්ලා තිවුවලු . ඊටපස්සේ පන්තියේ සර්ගේ පරන ගෝලයා . මේ පේපර් එකින් එක අරං හෙමීට බලන්න පටන් ගත්තලු . ටික වේලාවකින් මගේ නංගිගේ පේපර් එක අතටගත්ත මේ මනුස්සයා . මගේ නගාගෙන් අහලා තියනවා .



"කෝ මේ පේපර් එකේ සම්පූර්න නම ලියලා නෑ නේ .. කෝ මුල් අකුරු ?



ඉතින් නංගි කීවලු එයාට මුල් අකුරු නෑ කියලා .



ඇත්තටම අපිට නමකුත් හොඳ වාසගමකුත් තිබ්බට අපේ නම් වලට මුල් අකුරු යෙදුනේ නෑ . ඒකට හේතුවනම් මම දන්නේ නෑ .



ඉතිං අර මනුස්සයා එක පාරටම කිවුවලු .


මුල් අකුරු නැත්නම් . තාත්තෙකුත් නැතිවෙන්න ඕන කියලා .


නංගිගේ යාළුවෙක් කිවුවලු "එහෙම කියන්න එපා ! එයාගේ තාත්ත නැති වෙලා" කියලා .


ඊටපස්සේ අර ගෝලයා අහනවලු "තාත්ත නැති වෙලාද නැත්නම් හැංගිලාද කියලා ? මේක අහපු ගමන් මගේ නංගි හොඳටම අඬන්න පටන් අරං .


මේ පන්තියේ ඉන්නවා මගෙන් ඉගන ගන්න එන පොඩි කොල්ලෙක් . එයා මට ඒ වෙලාවෙම කෝල් එකක් අරං මේ විස්තරේ හෙමීට කියාගෙන ගියා . කාගේ වෙලාවට දන්නේ නෑ අද මම වැඩට නොගිහින් හිටපු දවසක් . මේ වගේ දෙයක් ඇහුනහම අත් දෙක බැඳ ගෙන පැත්තක වෙලා . හිනාවක් දාලා ඕක අමතක කරලා දාන්න මට පුලුවන් කමක් තිබ්බේ නෑ . තමන්ගේ එක බඩවැල කඩාගෙන ආපු සහෝදරියට මේ වගේ දෙයක් සිද්ධ උනාම . මේ ලෝකේ හැම අයිය කෙනෙක්ම වගේ ගන්න තීරනය මාත් අරගත්තා ..


මම විනාඩි හතරක් ඇතුලත පන්තිය ලඟට ගියා . මට කාගෙන් වත් අවසරයක් ඕන උනේ නෑ මම කෙලින්ම පන්තිය ඇතුලට ගියා . ලමයි තවම මේසෙට එබිලා පේපර් එකක් ලියනවා .

පන්තිය ඉස්සරහා මේසේ උඩ ඉඳගෙන කකුල් දෙක දෙපැත්තට දාගෙන හිටපු පතෝල කරලක් වගේ ඩයල් එක්කක් ගෑනු කටහඬකින් මගෙන් අහනවා ..


"උයා කාව හම්බු වෙන්ඩද ?


මම හදිස්සි උනේ නෑ මම කෙලින්ම ගියේ හතරවෙනි පේලියේ මැද හිටපු මගේ නංගි ගාවට .. මම එයාගෙන්ම මේ ගැන අහලා ඉන්න එක හොඳයි කියලා මට හිතුනා


මේ මේසේ උඩ ඉන්න එකා ඔයාට බැන්නද ?


නංගි කතා නෑ . බිම බලාගෙන ඉන්නවා


"ඔයාට තාත්ත ගැන කියලා බැන්නද ? මම ආයෙමත් ඇහුවා .


ප්‍රශ්නෙට නම් මට උත්තර හම්බ උනා . නංගි අත් දෙකෙන්ම මූන වහගෙන ඉකි ගගහ අඬන්න ගත්තා . ඒ කියන්නේ මූ මගේ නංගිව ඇඬෙවුවා ..නංගි බංකුව උඩ තියාගෙන හිටපු ගණිතය අච්චු පොත මම අතට අරං අර අලුකුත්තේරුවා ලඟට එන කොට කියනවා
 

"මේ ඔයා මේක අහගන්න හරිද ?


මට එයාගෙන් අහගන්න දෙයක් තිබුනේ නෑ . අතේ තිබුනු පොතෙන් මම ඒකගේ මූන හරහට පහරවල් ටිකක් දීගෙන දීගෙන ගියා . මේසෙන් අනිත් පැත්තට වැටුනා . මගේ අත වැදිලා හිටවලා තිබුනු White Board එක උගේ ඇඟ උඩට වැටුනා .


නංගි අඬ අඬා මගේ අතින් අදිනවා .. මම ඒක දැක්කේ ගොඩ වෙලාවක් ගියාට පස්සේ . නංගි මගේ අත හූරලා . මගේ අතින් ලේ එන්නම හූරලා . . ගෙදර යමු කිය කිය අඬනවා


ඉතින් මමත් නංගිව ඇදගෙන ගෙදර ආවා .


ආපු ගමන් නංගි අඬාගෙන ඇඳට දුවපු එක තමයි මුලින්ම කරේ .. ඒ වෙලාවේ ඉඳලා මේ වනතුරු නංගි මාත් එක්ක කතාකරන්නේ නෑ . අම්මත් මට බනිනවා . බලාගෙන යනකොට මම මහ පුදුම වැරදි කාරයෙක් නෙව ඔන්න මට වෙන දේවල් ..


නංගි උඹ නොදන්නව උනාට මගේ ඇඟේ දුවන්නෙත් උඹේ ඇඟේ දුවන ලේම තමයි . උඹට රිදෙන කොට ඊට වඩා සිය ගුනයක් මට රිදෙනවා . මම කෙල්ලෙකුට ආදරේ කරනවා තමයි මොකටද බොරු කියන්නේ මට ඒ කෙල්ල වෙනුවෙන් පන දෙන්න බෑ . හැබැයි උඹ වෙනුවෙන් මම පන උනත් දෙන්න ලෑස්තියි .


උඹ වෙනදා මට තේ හදලා මගේ අතටම ගෙනල්ලා දෙනවා . අද තමයි උඹ මගේ මේසේ පැත්තකින් තේ එක තියලා . අහක බලාගෙන ගියපු පලවෙනි දවස . උඹ හිතුවේ ඒ තේ එක මම බිවුවා කියලද ? ඊලඟ දවසෙත් ඔය විදිහටම මට සලකන්න හිතාගෙන ඉන්නවනම් . ඔය ගේන තේ එකට වහ ටිකකුත් එකතු කරලා අරගෙන වරෙං . මම උඹ ගැන හොයන්නේ බලන්නේ නැතුව ඉන්නනම් මට කරන්න තියෙන්නේ එච්චරයි ..


සඳරු //

























53 comments:

dinesh said...

මචං උඹේ බ්ලොගේ ලිපි සේරම වාගෙ මම කියවල තියනව.ඒ හැම එකටම වැඩිය සංවේදීම ලිපිය දැක්කෙ අද.තමන්ගෙ සහෝදරයෙකුට,සහෝදරියකට පිට එවුන් මොනව හරි නොහොබිනා දෙයක් කිව්වොත් ඒක දිහා කටයි පු** වහගෙන බලන් ඉන්න එක සැබෑ සහෝදර කම නෙමෙයි.ඒ උනාට මලේ අපි මේ හැප්පෙන්නෙ සමාජෙත් එක්ක.උඹේ ලිපි දෙක තුනකම දැක්ක කේස් දාපු අනිත් බුවාලට නෙලන්න ගිය අවස්ථා.ඒකනම් මචා හොඳ වැඩක් නෙමෙයි.මොකද කොයි හරි වෙලාවක උඹ අමාරුවෙ වැටෙන්න බැරි නෑ.ඒක නිසා ආයෙ මේවාගෙ වලියක් දා ගන්න කලින් දෙපාරක් හිතපං.
කවුද බං ක්ලාස් එකේ හිටපු නපුංසක බුවා.හික්.....හික්.......උඹ එලටම ලියල තියනවා.
"උයා කාව හම්බ වෙන්නද"........හික්......මට මැවිල පේනව බං..

සංකල්ප said...

අර පාහරයා කරපු දේ ගැන කතා කරන්න දෙයක් නෑ මල්ලී. ඕකට ඔයා දීපු දඩුවම මදි. පොඩි ළමයින්ගෙන් ඔහොම දේවල් අහලා එයාලගේ හිත් පාරවන එක සහ ගහන අපරාධයක් !!!!!
අනික නමක් කොහොම තිබ්බම මොකද !!!! නම ඕන වෙන්නේ එදාල කෙනාගේ අනන්‍යතාවය හොයන්න මිසක් එයාලගේ පවුලේ විස්තර හොයන්න නෙමෙයි නේ.
මලයෝ නංගි ඔහොම හැසිරුනේ වෙන දෙයක් හින්දා නෙමෙයි. අයියා ඔයවගේ දේවල් වලට පැටලෙයි කියන බයට. නංගි එතනදී පුලුවන් උපරිමයෙන් මලයව අල්ලගන්න උත්සහ කරද්දි අත තුවාල වෙන්න ඇති. ඒ නගා තවමත් මලයට පන වගේ ආදරෙයි.
කියන්න වචන නෑ මලයෝ !!!!

Hishan de Silva said...

උඹ කරපු වැඩේ හරි කියන්නත් බැහැ වැරදිය කියන්නත් බැහැ කියල ඉතින් කියන කොට කියනව.


ඒ වුනාට ආවේගය එන කොට ඒක නවත්තගන්න හරිම අමාරුයි. මම ඒකත් හොදටම දන්නව අත් දැකීමෙන්ම. තව ටික කාලෙකින් මගේ ඒ අරුම පුදුම අත්දැකීම කියන්නම්කෝ.


මේකත් උනේ දෙනෝ දාහක් ඉස්සරහ. ඒක නිසා සිද්ධ වෙන හැම දෙයක්ම උඔටම වෙනවයි කියල හිතන්න එපා. ජීවිතේ "ප්‍රශ්න" හැමෝටම පොදු දෙයක්.

පූසා said...

මචං මම මේ කියන දේවල් අහලා මාත් එක්ක තරහා වෙන්න එපා. මට ඒ කතාව කියෙව්වාම දැනුන දේවල් තමයි මේ.
තව දෙයක් මම කියන්නම් උඹලගේ ගම් පැත්තේ කොල්ලෝ ඔක්කෝම වගේ උඹ වගේම ඉක්මනට කලබල වෙන ඉක්මනට තරහා යන හරිම aggressive කට්ටිය.

ඒ වගේම තමයි පුදුම බොක්කෙන් වැඩ කරනවා. යාළුවන්ට මාර බොක්ක. ඒ වගේම තමයි පොඩ්ඩක්වත් කම්මලි නෑ. ඕන වැඩක් බැහැලා කරනවා.

ඇත්ත අරූ උඹේ නංගිට කියලා තියෙන්නේ මහම මහ ජරා කතාවක් තමයි. මගේ නංගිට කවුරු හරි ඒ වගේ කතාවක් කිව්වනම් මටත් උගේ දත් ටික බඩට යවන්න හිතෙනවා. හැබැයි මම නංගි වෙනුවෙන් ඉවසලා ඌට ගහන්න යන්නේ නෑ. හැබැයි උගේ හත්මුතු පරම් පරාවම එපා වෙන්න ඌට බනින එක නම් බනිනවා. ඒක උනත් මචං මම කරන්නේ එකපාරට පන්තියට කඩා වැදිලා නෙමෙයි. පංතිය ඇරුනාම අරූව අල්ලගෙන.

මොකද බං කෙල්ලෝ අපි වගේ නෙමෙයි. එයාලට ලැජ්ජාව බය අපිට වඩා ගොඩාක් දැනෙනවා. ඔන්න මට මොකෙක් හරි අර වගේ කතාවක් කියලා මගේ අයියා උඹ වගේ පන්තිය මැද්දට ඇවිත් අරූට ගැහුවානම් මට සතුටුයි. ඒ මම කොල්ලෙක් නිසා. ඒ වුනාට කෙල්ලෝ එහෙම නෑ. උඹම කල්පනා කරලා බලපන් උඹේ නංගී ආයේ ඒ පංතියට ගිහින් හිත සතුටින් ඉන්නේ කොහොමද කියලා. එයාට එතැනට යන්න ගොඩාක් ලැජ්ජා හිතෙයි. එයාගේ යාළුවෝ, පංතියේ අනිත් කොල්ලෝ මොනවා කියයිද කියලා එයාට බය ඇති. ඒ ඔක්කෝටම වඩා එතන උගන්නන අය මොනවා කියයිද කියලා බය ඇති. හැබැයි මට හොඳටම විශ්වාසයි උඹේ නංගී දැන් ඔහොම කතා නොකර හිටියාට එයා දන්නවා උඹ එයාට ගොඩාක් ආදරේ නිසා තමයි ඒ වගේ උඹට තරහා ගියේ කියලා.

මොන දේ වුනත් ඉවසීමෙන් වැඩ කරන්න බලපන් මචං. මේවා අහලා උඹට මාත් එක්කත් තරහා යයිද දන්නේ නෑ.
:(

චේජනා said...

සඳරු, ටිකක් වෙලාව ගතවෙලා යන්න දෙන්න...හැම සහෝදරයෙක් ම ඔයා ගත්ත තීරණේ ගනීවි ඔය වගේ තැනක දි... ආවේගය අඩුවුණාම නංගි ඔයාව තේරුම් ගනියි... ඔයාටත් එයාව තේරුම් ගන්න පුළුවන් වෙයි...

අකීකරු හිත said...

නංගි හරි ඉක්මනට ඔයාව තේරුම් ගනි

පිණිබිඳු... said...

මට කියන්න දෙයක් නෑ සහෝ. ඔයා ඇත්තටම හොඳ අය්ය කෙනෙක්. තමන්ගෙම ලේ වලට අපහාස කරද්දි ඇස් කන් පියාගෙන බලාගෙන ඉන්නෙ කොහොමද. නංගි කවද හරි කතා කරයි ඇත්ත තේරුනාම.

සිත්රූ සිහින said...

නංගි දැන් චුට්ටක් තරහින් හිටියට අනිවාර්යෙන්ම එයා ආඩම්බර වෙනවා ඔයා වගේ අයියා කෙනෙක් ඉන්න ගැන..

(ටිකක් අවදානම් උනාට ඔයා කරපු දේ මම නම් වරදක් දකින්නැහැ..ඔයා එදා එහෙම නොකලනම් එයා තව දවසක් නංගිට එහෙම කියන්න තිබුනා..දැන් නම් ආයෙත් බලන්නෙවත් නැති වෙයි..)

නිශ් said...

ගහපු එකත් හරි ඒක එහෙම වෙන්නත් ඕනි.
ඒත් මලේ කිසිම නංගියෙක් කැමති වෙන එකක් නෑ ඔය කරපු දේට.කොයි කෙල්ලද කැමති තමන්ගෙ අයියා රන්ඩු වෙනවා දකින්න. ටිකක් හිතල බලල වැඩ කරපන් බන්. උඹට කරදරයක් උනොත් ඒක ඔයිට වඩා දුකක් වෙයි නංගිට.

MaRLaN said...

තමන්ගෙ සහෝදරියෙක්ට ඒ වගේ දෙයක් උනාම කාට උනත් ඉවසන්න බෑ ඒත් පොඩ්ඩක් කාලෙට ඉඩ දීල ඔය වැඩේ කලානම් ඕක ඔයිට වඩා වෙනස් වෙන්න තිබුනා... ඉවසීම පොඩ්ඩක් තියාගෙන වැඩ කරන්න බලන්න... කියන්න තියෙන්නේ උබනම් නියම අයියෙක් කියල තමයි....

මෙන්න මේකත් කියවන්න වත් අක්කගෙ බ්ලොග් 1න් උස්සන්නෙ
http://sodurusitha.blogspot.com/2011/01/elder-brother.html
"BeInG a Br0tHeR iS eVeN bEtTeR tHaN bEinG a SupErhErO"

Anonymous said...

මචං සඳරු පිට ඉඳන් මට කියන්න බෑ උඹ වැරදියි කියල. උඹයි දන්නෙ එතන තිබුන තත්වය, හැබැයි මචං ඔය මෝඩකම, ගොං කම, ඉක්මන් කම, දුර දිග නොබැලීම, හදිස්සි කෝපය නෙමෙයි මචං, ඕක සහෝදර කැක්කුම.

මගෙ නංගිටත් ඔහොමම දෙයක් උනා, පිට තැනක නෙමෙයි, අපේ ගෙදරම නංගිත් එක්ක එකම ඉස්කෝලෙ එකම පන්තියෙ ඉඳල එකම කැම්පස් එකට සිලෙක්ට් වෙලා අපිත් එක්කම කොළඹ ගෙදර නැවතිලා කැම්පස් ගියපු යාලුවෙක් ගෙන්. එදා මං අඬන නංගිව තුරුල් කරං නංගිගෙ යාලුවට දන්න කියන සේරම වචනවලින් බැන්න. හැබැයි නංගි මාත් එක්ක තරහ උනේ නෑ. ඒකි දන්නව මං වැඩිය කතාබහ නොකලට, විහිළු නොකලට මං ඒකිට ආදරෙයි කියල. කලබල වෙන්න එපා. උඹෙ නංගිත් තේරුං ගනී උඹ ඒ සේරම කරේ උඹට තියෙන කියාහන්න බැරි ආදරේ හින්දමයි කියල.

මාරයාගේ හෝරාව said...

ආයේ ඉතිං නෙලන්නේ නැතිව අතගාන්නයෑ...

Anonymous said...

අද නම් මං උඹට බනින්නේ නෑ. ඔනේ කමක් වුනොත් කියපං මාත් එනවා සපෝට් එකට. උඹ කොයිතරම් බිව්වත්, පිස්සු කෙලියත් නංගිකෙනෙක්ගේ වටිනාකම දන්න සිරා පොරක්. කිසි ගින්නක් නෑ උඹ හරි. කරපු වැඩෙත් හරි.

නංගිට ටික දවසක් පාඩුවේ ඉන්න දීපන්. එයා ගැන ඇහැගහගෙන හිටපං. එයාගේ වැරදි හොයන්න නෙමේ. කාගෙන් හරි ආයෙත් එයාගේ හිත රිදෙන චවන ටිකක් ආයෙත් පිටවෙන්න බැරිනෑ.

මල්ලී, හයිය පෙන්නන්න ඕනෙ ඔය වගේ වෙලාවලදී තමා. මේ වැඩේ ගැන නම් කිසිම ආකාරයක කේන්තියක් උඹ ගැන හිතේ නෑ. නංගි තේරුම් ගනියි අයියා කොයිතරම් ආදරේද කියලා.

එල කොල්ලා...

~ChAnDiKa~ said...

මෙතනදී සඳරැ ඔයා ගත්තු තීරණෙ ගැන මල වැරැද්දක් කියන්න බෑ. මොකද තමන්ගෙ නංගිට එහෙම දෙයක් වුනානම් ඒක නොවුන ගානට ඉන්න අයියෙක්ට වඩානං හොඳයි රූකඩයක්. ඒ අතින් උඹෙ නංගී හරිම වාසනාවන්තයි. මමනං කියන්නෙ උඔ කරපු වැඩේ හරි. මොකද ඌ නංගිට කියපු කරපු දේවල් වල හැටියට ඌට ඔහොම කරල මදි...
හැබැයි මචෝ කේන්තියනම් පොඩ්ඩක් අඩු කරගන්න එක කෝකටත් හොඳයි නේද?

මලිති said...

අයියලා ආදරේට කරන දේවල් සමහර වෙලාවට නංගිලාගේ හිත් රිදෙනවා.ඒ උනාට තරහ වෙන්නෙ නැ.එයා ඉක්මනටම යාළුවෙයි.

ayesha said...

ඔයා වගේ අයියා කෙනෙක් ඉන්න නංගියෙකුට හැමදාටම තරහා වෙලා ඉන්න බෑ. එයා ඉක්මනටම ඔයා එක්ක ඉස්සර වගේම ආදරෙන් ඉදියි.

පිස්සා පලාමල්ල said...

ඔය දේ මගේ නංගිට උනානම් මම කරන්නෙත් ඕක තමයි. හැබැයි මලේ මුලු පන්තිය ඉස්සරහම නෙමෙයි. ඇයි දන්නවද අපි උබල වගේ නෙමෙයි බන් කෙල්ලො... උම් හරි වෙනස් විදියට හිතන්නේ. උබ හිතනවද නංගි උබ එක්ක තරහ වෙලා කියල... නැහ බන් ඒකි තරහ වෙලා නැහ. ඒක මට විශ්වාසයි. ඒත් උබ කරපු දේ ගැන ඒකිට තරහක් වගී දෙයක් ඇති.

උබ ආවේග ශීලි එකෙක් බව උබේ බ්ලොග් එකේ පෝස්ට් වලින් තේරෙනවා.. ඒක උබේ වයසත් එක්ක බලද්දි ඒ හැටි. මමත් එහෙමයි උබේ වයසෙදි. ඒත් කොල්ලො ඔයිට වඩ හිතපන් දෙයක් කරද්දි.

අනිවා ඌ කියපු කතාවට ඌට නෙලන්න ඕනි. මම උනානම් සෙට් එකක් අරන් ගිහින් ගහනව ඌට නැති වෙන්න. ඒත් වැඩේ නෝන්ඩි නොවෙන්න.

උබ අවුල් වෙන්න එපා බන්. ඒකි උබත් එක්ක තරහ වෙලා නැහ.

ජය

Ravi said...

මල්ලි, වෙච්චිදේ වෙලා ඉවරයිනෙ, වැඩේ හරිය කියන්නත් බැහැ වැරදිය කියන්නත් බැහැ, කොහොම උනත් සිදුවීම් වෙන්නෙ එව්වයින් ජීවිතයට යමක් එකතුකරගැනීමට කියලත් තියෙන නිසා මේ සිදුවීමෙනුත් මොනව හරි ජීවිතේට එකතු කර ගන්න,

සෝරෝ said...

උඹ කළ දේ හරිය නොකියන්න තරම් මගේ සහෝදර කම හීන නෑ බං.. මම වුනත් කරන්නේ ඔය ටිකම තමා...

තමන්ගෙම සහෝදරියක් නොවුනත් මෙතන කොමෙන්ට කරපු හැමෝම උඹව අනුමත කරන්නේ අපි උඹලා දැන් සහෝදරයෝ වගේ නිසානේ...

නංගී උදේට තේ එක අතටම ගෙනැත් දේවි....


ජය වේවා...!!

Dasun said...

සඳරු,
මචං ඔය දේ මගෙ නංගිට වුණා නම් මම කරන්නෙත් උඹ කරපු දේම තමයි. නංගිට පොඩි කාලයක් දෙන්න. එයා තේරුම් ගනීවි උඹ ඒ දේ කළේ එයාට තියෙන ආදරේ නිසා කියලා. මටත් නංගි කෙනෙක් ඉන්න නිසා මම දන්නවා නංගි තරහා වෙලා කථා නොකර එන්න එක අයියා කෙනෙක්ට කොච්චර දුකද කියලා.

අර මිනිහටනම් හොදවයින් දෙකක් නෙලන්නම ඕන ඒ කියලා තියෙන කතාවලට....

හිස් අහස said...

@dinesh = අනේ මන්දා මචං මම වැඩිය ගෝරි දාගන්න ඒකෙක් නෙවේ , මේ මෑතකදී තමයි මගේ කාලේ නරක් වෙන්න ගත්තේ , ඇත්තටම මම වලි දාගෙන තියන වාර ගනන 10 ටත් අඩුයි . ආයේනම් වලියකට යන්න කලින් දහපාරක් හිතනවා . ඒත් බං අයියේ මේ වගේ ද්‍යක් උනාම මම කෝමද ? ඉවසං ඉන්නේ . ඔය ගුටි කාපු එකා මගේම වයසේ එකෙක් . ඕක අපේ ඉස්කෝලේ තමයි හිටියේ . ඔය යකා ඉස්සර අපි ලඟින් ගියේ දෙකට තුනට නැමීගෙන. දිනේශ් අයියේ ගම් රට බලා එන කාලෙත් ලඟයි නේද ? උඹ ලංකාවේ ආවොත් අපි සෙට් වෙන්ඩ බලමු ..

.....................................................................................................................................................

@මධුරංග = ඇත්ත බං අයියේ . නගා මාව ඇද්දේ නැත්නම් මම ඕකට අබ්බගාත වෙනක්ම්ම නෙලනවා . මොකද බං මම නංගියෙක් හදලා තියෙන්නේ ඔය එක එකාගෙන් පඩත්තර කතා අහන්නද ? ඒ උනාට බං අන්තිමේදි වැරදි කාරයා මම . ඔහොම තමයි මචං අපේ නංගා . තරහ ගියාම මාව හූරන එක එයා ඉස්සර ඉඳලම කරන දෙයක් .. මොකෝ අයිය දැන් පාඩම් කරන්නේ නැද්ද ? තට්ටු 3 න් පනින්න සූදානම් ද ?

.....................................................................................................................................................

@Hishan Melanga = මචං මමනම් හිතන්නේ මම කරේ ඒවෙලාවේ මට කරන්න පුලුවන් හොඳම වැඩේ කියලා මගේ හිත කියපු දේ තමයි . පස්සේ ඕකට ගේමක් දෙන්න ගියානම් වැඩේ යට ගැහෙනවා . අඩේ උඹත් පොඩ්ඩ ඇත්තං මල පනින එකෙක්‍ය කියන්නේ . අඩේ මචෝ උඹ ඔය හංගගෙන ඉන්න කතාවත් ලියපංකෝ දවසක . ප්‍රශ්න නම් මට දැන් ඒතරම් නෑ . පොඩි කාලේ තමා ගමකට ප්‍රශ්න ..

.....................................................................................................................................................

@පූසා = උඹ මොනදේ කීවත් මම තරහ වෙනවද ? මට ඇත්තටම තරහ යනවා අඩුයි .මම කොහොමටත් ඉස්කෝලේදීත් වලි වලට ගියේ 4 පාරයි අවුරුදු 13ටම අපේ පලාතේ කොල්ලෝනම් වලියට බරයි තමයි . ඒත් මං ඒතරම් වලියට බර එකෙක් නෙවේ බං . මට ඒවෙලාවේ හිතුනා අරූ මගේ නගාව තවත් පහත් කරලා කතකරයි කියලා . ඒකයි මම ඉක්මනටම එතනට ගියේ . මම කොහොමටවත් ආයේ නංගිව ඒ පන්තියට යවන්න හිතන්නේ නෑ . මම අම්මටත් කීවා ආයේ ඒ පන්තියට යවන්න එපා . ඕනනම් ගෙදරට ගුරුවරයෙක් ගෙන්නලා උගන්වන්න . කියලා . මම බීපු වෙලාවටත් නියමෙට ඉවසන එකෙක් මචං . උඹට ඕන දෙයක් කියන්න පුලුවන් මචං උඹ මගේ බොක්කනේ . මේ බ්ලොග් එකට එන අය එක්ක මගේ කිසිම තරහක් නෑ .. ඕන දෙයක් කියාපුවාවේ .. අන්න ඔයාලගේ ගම යට වෙලා ..

.....................................................................................................................................................

@චේජනා = මම හවසත් වැඩ ඇරිලා ඇවිල්ලා නගා කතාකරනකම් බලං උන්නා . නෑ. නෝ කතා ! මොනවා කරන්නද සහෝදරී මට . ඒ වෙලාවේ හිතුනේ ගහන්නමයි, දැන්නම් මටත් අවුල් ..

.....................................................................................................................................................

@අකීකරු හිත = මම තවම බලං ඉන්නවා සහෝදරී අදත් එයා මං එක්ක කත නෑ පැත්තකට වෙලා බුම්මගෙන ඉන්නේ ඔය

.....................................................................................................................................................

@සිත්රූ සිහින = අනේ මන්දා සහෝදරී ආඩම්බර වෙනවා නම් බැරියැ . මං දිහා බලන්නෙවත් නෑ නෙව . හරියට මෙතන ලොකුම වරද මම කලා වගේ ගෑනු ලමයි ඔහොම්මමයි .
.....................................................................................................................................................

@නිශ් = බලපං මචං කොහේවත් නැති අමනයෙකුගේ කට කැඩිච්ච කතාවක් හින්දා . අද මට දවසම එපා වෙලා . ගෙදර අයත් මං එක්ක අමනාපෙන් . අරූට තව සැරයක් නෙලන්න හිතෙනවා . උඹට ඉස්තූතියි

Thusitha (දිමා) said...

ඕකට ගහලමදි...

හිස් අහස said...

@MaRlaN = ඇත්තටම අයියේ අපේ එකෙකුට අපේ අගයක් නැති හැටි . ඉවසන්න ට්‍රයි බැරිව ගියා මචං . දැං නම් හිතෙනවා අපරාදේ කියලා . පොඩ්ඩක් හිතන්න තිබ්බා කියලා . වත් අක්කේ පෝස්ට එකත් මම බැලුවා

.....................................................................................................................................................

@awammawatha = නවම් අයියේ සහෝදර කැක්කුම ඔක්කෝටම වඩා ලොකුයි නේද ? ඇත්තටම ඔයා කිවුවා වගේ මටත් බැනලා ආවනම් වැඩේ තරමක් දුරට හරි ගොඩ දාගන්න තිබුනා එහෙනම් අද ගෙදර අය හැමෝම සතුටින් . දැන් අම්මනම් බනින්නේ නෑ . ඒත් නංගි තාම තරහයි . වෙලාවකට හිතෙන්නෙම තව දෙකක් දෙන්න තිබ්බා කියලා

.....................................................................................................................................................

@මාරයාගේ හෝරාව = මාරේ අයියේ දෙන එක දුන්නා මූන ලෙලදෙන්නම . ඔයාටත් අපිව මතක් උනා එහෙනම් ..

.....................................................................................................................................................

@prasanna86k = ඊලඟ වලියට මම උඹවත් කොහෝම හරි දායක කර ගන්නවා . අපෝ පුදුමයි බං උඹ කටක් ඇරලා මට හොඳක් කීවා . මම හිතුවේ අයියා වෙනදා වගේ මට බනීවි කියලා . බලාගෙන යද්දී රන් මාළුවා මගේ පැත්තෙනේ . බලහකෝ අපේ නංගිලාට . අපිව තේරුම් ගන්න කොයිතරම් කල් යාවිද මන්දා ? ඒකාට ගහන්න මොන හයියද බං අයියා . ඌ අපේ පන්තිවල හිටපු එක පිම්පි ඩයල් එකක් . අපේ පන්තියේ කෙල්ලොත් ඕකට ගහලා ඇති . ඒක නිසා ඌට ගහපු එකට මටත් ටිකක් අවුල්

.....................................................................................................................................................

@..ChAnDiKa. = මචා උඹනම් හරි . මම මොකවත් නොකර ඉන්නවාට වඩා හොඳයිනේද ගෙල වැලලාගෙන මිය යන එක . ඇත්තටම මම ගනං ගන්නේ නැතිව හිටියනම් . ඇත්තටම මාව රූකඩයකටත් අන්ත විදිහට මටම පෙනේවි . ඒත් ආයේ වලි නම් එපා වගේ

.....................................................................................................................................................

@මලිති = මමත් නංගිගෙන් ඉක්මනටම හිනාවක් බලාපොරොත්තුවෙන් ඉන්නේ . ඒත් තවම මාඑක්ක තරහෙන් . අද දවසෙම අපි වචනයක් වත් කතා කරලා නෑ .. අපෝ එපා වෙයි මටනම්

.....................................................................................................................................................

@ayesha = . මට සප් එක දුන්නට ගොඩක් ඉස්තූතියි යාළු . ඒත් මමනම් දැන් මාරම අප්සෙට් . කොහොම උනත් මම මුලින්ම නංගි එක්ක කතාවට යන්නේ නෑ එයා ඇවිල්ලා කතා කරනකම් ඉන්නවා

හිස් අහස said...

@පිස්සා පලාමල්ල = ඒක තමයි බං අපරාදේ එයාගේ පන්තියකුත් න්තර උනා . ඒත් ඒකට වගකියන්න ඕන ඒ පන්තිය කරන සර් . මොකටද අරවගේ හරකෙක් පන්තියක තියලා ගියේ . අනේ අයියේ මම යන්තම් ආවේගසීලී වෙන්නේ රත් වෙන කොට විතරයි . කොහොමත් මම යන්තම් වලිවලට යන කෙනෙක් ඉස්කෝලෙදීත් වලි හතරයි මම දාගත්තේ , ආයේ නම් ගොඩ කාලෙකට වලි නම් එපා .. මට සෙට් එක සෙට් කරගන්න කාලේ මදි උනා . මගේ යාළුවෝ එක්ක නොගිය එකතමයි හොඳ . උං ගියානම් මම අද උං එක්කම හිරේ

.....................................................................................................................................................

@Ravi = අපරාදේ මගේ කාලේ හොඳනෑ . දැං ගුටි කාපු එකාට වැඩිය මට දුක් වෙන්න වෙලා . ඔයා හරි අයියේ මම නම් ගොඩක් දේවල් ඉගන ගත්තා . කවදාවත් ගෑනුලමයි ඉදිරියේ වලි වලට නොයමි .

.....................................................................................................................................................

@සෝරෝ = දාන්න 5ක් මචා . කොහොමද බං අපි අපේ එකෙකුට අපහාස වෙන කොට පිට්ටුව තිබ්බා වගේ ඉන්නේ . ඒත් බං මගේ ගෙදර අයට දැං මාව පේන්නේ දාමරිකයෙකුට වඩා අන්ත විදිහට . අර පොන්සියා අයේමත් කාගේවත් නංගි කෙනෙකුට කතාකරන්න කලින් දෙපාරක් හිතාවි . තේ එක මූනේ හලාවිද දනේ නෑ මචං ...

.....................................................................................................................................................

@නිර්මල = පැය 18 විතර දැන් ගෙවිලා ඉවරයි මචං . ඒත් තවම නගා මං එක්ක තරහින් . ඇත්තම මචං නංගිලා ඉන්න අයිය කෙනෙක් උනාම කොයිතරම් දේවල් එක්ක හැප්පෙන්න වෙනව ද ? උඹ නම් අද්දැකීමෙන් ඒක දන්නවා ඇති ..අනිවා මම නෙලුවා මදි නොකියන්න

.....................................................................................................................................................

@Thusitha Jayasinghe = හරියට හරි ඕකව හම ගහන්න ඕන

MaRLaN said...

සදරු සර් මම අයියෙක් නෙමේ... මට 20යි...
බය වෙන්න එපා අද දවස ඇතුලත නංගි ඔයාට කතාකරයි...

෴ හසියා ෴ said...

උඹේ මං කියවපු සංවේදීම පෝස්ට් එක මේක මචෝ.

මචං කියන්න දෙයක් නෑ බං....උඹ සැබෑ අයියා කෙනෙක්....ගහගන්න මරාගන්න ඒවා මං කවදාවත් අනුමත කරන්නේ නම් නෑ...ඒත් මම උඹ උනානම් මමත් ඔය දේම තමා කරන්නේ....

අපේ රටේ උන්ට ඕක තමා වෙච්ච හෙනේ බං...එකෙක්ට වත් මතක නෑ අපි හැමෝම එකම ලේ දුවන එකම අංග උපාංග තියෙන එකම ‍කුලයේ (විද්‍යාත්මකව) කියන එක.මොඩ් රැලක් බං...ඔය වගේම තමයි බං කෙල්ලෝ කොල්ලෝ කීදෙනෙක්ගේ විවාහ ජීවිත නාස්ති වෙලා ඇතිද ඔය අකුරු පාවිච්චිය නැති වෙලා.මම දන්න ගොඩක් අය ඉන්නවා මුල් නම් විතරයි භාවිතා කරන්නේ.වාසගම භාවිතා කරන්නේ නෑ.එහෙම ඇත්තටම ඔය වගේ වාසගමක් නැතිනම් මොකක්ද තියෙන වැරැද්ද? අනේ මන්ද බං අපේ උන්ගේ මේ මිත්‍යා ආකල්ප තියෙනකන් අපේ රටට කවදාවත් සෙතක් වෙන්නේ නෑ....

උඹේ නංගි උඹත් එක්ක ඉක්මණටම යාළුවෙනවා...බලපංකෝ බොරුද කියලා...මටත් හිතුනා උඹට වගේම මටත් නංගි බබෙක් උන්නානම් කියලා....

උඹට ජය වේවා...!!!

හැමදේම ඉක්මනින්ම හොදවෙයි....!!!

හිස් අහස said...

@MaRlaN = ආ සොරි වෙන්ඩ මලේ . කවුද දන්නේ මම හිතුවේ අයියකෙනෙක් කියලා .. හෙට කතාකරයි බං ...

.....................................................................................................................................................

@෴ හසියා ෴ = අඩේ ඔවුමයි බං අපිට ලස්සන වාසගමක් තියනවා ඒත් ඒකේ මුල අකුරු නෑ . ඉතින් බලහංකෝ කොහේවත් යන පිස්ස්සෙකුට මගේ නංගිගේ මුල් අකුරු හොයන්ඩ ඕන වෙච්ච හැටි . මමත් බල ඉන්නේ නංගි කතාකරනකම් .

එයා මුලින් කතාකරනකම් මම ඉන්නවා .. නංගියෙක් උන්නනම් උඹටත් මාර කට්ටක් කන්න වෙයි ඒත් මමනම් ඒ කට්ටට කැමතියි බං .

Anonymous said...

I have read all your posts. But this is the first time I am commenting in your blog.

Mathupitin beluwama gahaganna yana eka hondai kiyala oyata hithenna puluwan. Goda denek oyata honda kiyala comment karala thiyenne enisa wenna ethi.

Eth oya nikamatawath hithuwada oya ewidiyata hesirunata passe oyage nangi kohomada eyage guruwarayata, yaluwanta aima muhuna denne kiyala?

E nethath, beriwelawath guti kapu manussaya eke tharaha yam dawasaka oyage nangi pitin yewwoth mokada wenne? Oyata hema dama nangita thani rakinna behe neda?

Nangi oyath ekka aimath yalu wei. Eth meeta passe oya wage dewal karaddi dethun wathawak hithanna. Tharuna wayasedi ohoma hesirena eka swabhawikai eth api karana dewalin apita witharak newei paule ayatath balapanna puluwan nisa parissamin kriyathmaka weema thamai honda.

Sorry for typing in romans

Ano - 01

කේෂාන් De சில்வா said...

අනේ මම දන්නෙ නෑ බං. උඔ කරපු දේ හරි කියලත් හිතෙනව. ඒත් තව ටිකක් ඉවසල ඕක කථාබහ කරල විසදන්නත් තිබුන නේද??? මට එහෙම කියන්නත් බෑ.. දෙයක් වෙලා ඒකට මූන දුන්න කෙනා තමයි ඒක ගැන දන්නනෙ..

මේ ටික සදරුගෙ නංගිට... නංගි ඔය ඉන්න අයිය ඔයාට ගොඩක් ආදරෙයි. ඒ ආදරේ නිසාම තමයි ඔයා ගැන ගොඩක් හොයල බලන්නෙ. වෙන කිසිම කෙනෙක්ගෙ ආදරේ වගේ නෙමේ අයියගෙ ආදරේ. ඒක හැමදාම තියනව. ඒක නිසා අයියත් එක්ක තරහ වෙන්නෙ ​නැතුව ඉන්න. ආාා. අද තේක අතටම දෙන්න හොදේ...

pissi said...

ano කිව්ව දේ හරි...

නංගියා ඉක්මනට යාලුවෙයි.... මොකද නංගියටත් තරහ වෙල ඉන්න එක මාර දුකයි ඒත් වුන දේ නිසා තරහින් ඉන්නෙ....

කොච්චර තරහ වුනත් හිත ඇතුලෙන් දුකයි.... මමත් නංගියෙක් නිසා දන්නවා ඔවා....

සූර සරදියල් said...

අඩේ අයියා මේ පොස්ට් එක නම් බොක්කටම වැදුනා !!සිරා කතා ඔක්කොම කියලා තිබ්බේ!! අරුට ගුටි දීපු එක නම් එල!! මම හිටියනම් කරන්නෙත් ඔකමයි!!

Anonymous said...

උඹ හිතන්නෙ නංගි උඹට ආදරේ නෑ කියලද...අනිවා එයා ආදරෙයි බං..දුක් වෙන්න එපා..එයාට දුක ඇති..ඉක්මනට ඒක හරි යයි..ඔන්න බලාපං මං කිව්වෙ බොරුද කියලා...

තරු අහස

මකුළුවා..... said...

නියමයි මචං!ඔහොම පො****ට සලකන්න ඕනේ ඔ‍හොමම තමා....කොහොමත් උඹ සලකපු විදිය මම අනුමත කරනවා...උඹේ තැන මම හිටියනම් කතා දෙකක් නෑ මම ඔයිට වඩා දරුණු වෙයි....
ඉක්මන කොටයි කියල කතාවක් තිබ්බට මම නම් හිතන්නේ ඔය වගේ දේවල් වලදී නලවනවට වඩා සලකන එක හොඳයි කියලා...හැබැයි ගන්න තීරණේ ඉතා නිවැරදි,වේගවත් එකක් නම් අපට පසුතැවෙන්න වෙන්නේ නෑ.....

මකුළුවා..... said...

@මාරයාගේ හෝරාවආයේ පිස්සුවක් ඇතෑ අතගගා ඉන්න,හතර හන්දි පූට්ටු වෙන්න නෙලන්නේ නැතුව....තේද මාරයෝ?

නචියා said...

මම කියන්නේ උඹ කරපු දේ හරි... උඹ නියම අයිය කෙනෙක්.. ඔය වගේ එවුන්ට ඔහොම කරන්න ඕනේ.... නංගිගේ හිතේ උඹ තරහක් නෑ මචන්... එයාට තියෙන්නේ ලැජ්ජාව.... නංගී කතා කලේ නැතුවට කමක් නෑ ... උඹ නංගිත් එක්ක කතා කරපන්....එයා උඹව තෙරුන් ගනීවි... උඹ වෙනුවෙන් මේ ලිපිය නංගිට පෙන්වමු ද ?.... එතකොට එයා තේරුම් ගනීවි උඹ ගැන...දුක්වෙන්න එපා මචන් .... හැමදේම හරියාවි....

අලුත් කොල්ලා | The New Guy said...

මේක ලිව්වෙ උඹෙ ඇස් දෙකේ කඳුලු පුරවගෙන නෙමෙයි කියල පුලුවන්නම් කියපන් මල්ලි.....

මාරම සංවේදී ලියවිල්ලක් බං..... බොරු කියන්නෙ මොකටද මගෙ ඇස් දෙකට කඳුලු ආව බං..............

හේතුව දන්නවද? උඹට වගේම මටත් ඉන්නව නංගියෙක්... මගෙත් තාත්ත නැහැ.........

වැටෙන්ඩ එපා බං.......

http://aluthkolla.blogspot.com

රවින් said...

අනිත් කොමෙන්ට් කියෙව්වේ නෑ බං. උඹ කරපු එක හරි, උගේ ඇත පය කඩලාම ආව නම් වැඩිය හොඳයි.. යකෝ මේක හරි කෙළියක්නේ.. නංගිට ඔහොම දෙයක් කිව්වම කව්ද බං උඩ බලන් ඉන්නේ.. නංගිගේ හැසිරීම සාදාරණයි. ඒක ගැන හිතන්න එපා.. ඊළඟ දවසේ ඔයවගේ උන්ගේ අතක් පයක් කඩලාම ඉඳපන්..උඹ කල දේ නම් 100% හරි.. පෝස්ට් එක නම් පරණයි.. ඒත් ඔන්න මම අදහස කිව්වා..

Dilanka Madhawa said...

උඹේ ආදරේ නංගි තේරුම් ගනියි බං...එතලම් ඉවසපං.මම කියන්නෙත් අරූට නෙලපු එක හොඳයි...
ඒ බලු කතාව කියපු *** පුතාට ඒක ජෝක් එකක් උනත් උඹේ නංගිගේ හිත රිදෙන එක අහන්න දෙයක් නෙවේ.

හසී said...

දුක්‌ වෙන්න එපා සඳරු, මමත් නංගියෙක්, අයියලා කරන කියන දේවල් වලින් අපේ හිත් රිදුනාට අපි එයාලාට ගොඩාක් ආදරෙයි, එයා කතා කරයි ඔයා එක්ක, අපේ අයියයි මමයි ඕන තරම් තරහාවෙලා තියෙනවා එත් ඉක්‌මනින්ම යාලු වෙනවා... ඔයාගේ නංගිත් ඉක්මනින් යාලුවෙයි මම වගේ :)

Unknown said...

ඇත්තමයි සදරු මට නම් හිතා ගන්න බැහැ මොකද කියන්නෙ කියලා...ගැහැණු ළමයෙක් විදිහට නංගි දිහා බැලුවොත් එයාට ආයෙ යාලුවන්ගෙ මුහුණ බලන්න පුංචි ලැජ්ජාවක් ඇති...ඒ තරහ ටිකක් පිට කරනවා ඇති...අයියා වීරයෙක් කියන්න නංගිලා ආසයි වගේ ම අයියා චණ්ඩියෙක් කියන්න කවුරුත් නංගිලා කැමති නැහැ...

ඒත් මේක එහෙම පටු තැනක් නෙවෙයි.මම ඔයා නම් මටත් ඔහොම කරන්න හිතෙයි...නමුත් ඔයා ගිය උපරිමය වැඩියි...තරුණ අයියා කෙනෙක් හැටියට මීට වඩා හිතන්න වෙයි...මොකද ඔයාට තවම ඉන්නෙ නව යොවුන් වියේ නැගණියක්....

කොහොම නමුත් ඔයාගෙ ආදරය ඉදිරියෙ..මේ මම දුන්නු හැම සාධකයක්ම හැම කතාවක්ම දේම යටයි....

කාලය සුවගත් කරන කන් ඉවසපන් සදරු...නංගිට තවත් ආදරේ කරපන්...ටිකක් දැනෙන්න

Sri said...

උඹ කරපු දේ වරදක් දකින්නේ නෑ..මගේ නංගිට ඔහොම උනානම් මමත් කරන්නේ ඔය ටිකම තමයි... කවදා හරි නංගි උඹව තේරුම් ගනී.. එදාට නංගි උඹ ගැන ආඩම්බර වෙයි... නංගිලා ටිකක් අයියලාව තේරුම් ගන්නවා අඩුයි.. එත් තාත්තා නැති වුනාම තාත්තා වෙන්නේ අයියා කියලා එයාලට තේරෙන්නේ ගොඩක් කල් ගියාම..

දුමී said...

සඳරු මල්ලි, මට මේ පෝස්ට් එක මිස් වෙලා තිබුනේ. සානිකා බස් එකේ දාපු පෝස්ට් එකෙන් තමයි මේක දැක්කෙ. කියවලා ඉවර වෙනකොට මගේ ඇස් දෙකේ කඳුළු පිරිලා. මට මතක් උනේ මගේ නංගි කසාද බැඳලා ගිය දවසේ මම කෑ ගහලා අඬපු හැටි..... උඹ කරපු දේ හරි මල්ලි. මම උඹේ තැන හිටියනං මම කරන්නෙත් ඔය ටිකම තමයි. උඹේ නංගි උඹ ගැන ආඩම්බර වෙන්න ඕනෙ....!

මැරා... said...

මගේ නoගිත් ඔය වගේම තමයි බන්...

මැරා... said...

මම දාලතියන ගොඩක් බැලුවා නෑ මචන් සදරැවො කට්ටිය හිතලා තියෙන්නේ එක පැත්තක් ගැන විතරයි..මම අනිත් පැත්ත ගැන කියන්නම්....ඔය සිද්දිය දන්න එකෙක් උබගේ නoගිට විහිලු කරනන්න දෙපාරක් හිතනවා කියල මතක තියාගනින්.....අත්දැකිමෙන් කියන්නේ...එල එල හැම දාම කියනව වගේම කියනවා "හරියටම වැඩේ කරලා"

සාතන් said...

යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද බන්...

ප්‍රාර්ථනා තෙන්නකෝන් ( පොඩි එකී ) said...

කියවල බලන්න අයියේ...
http://prarthanatennakoon.blogspot.com/2011/02/blog-post_216.html

Charith Samarakoon said...

වැඩේ සාධාරණයි...

elephas said...

මේ පෝස්ට් 1 මූනු පොතේ බෙදා ගත්තට සහෝදරයා අකමැති වෙන 1ක් නෑ කියලා හිතනවා.............................
https://www.facebook.com/pages/I-Love-My-Sister-Brother/139995659410464

gallen avith said...

ape ayya adareda? kiyanna danne na. aya mata wada avrudu 1mk wadimal

Anonymous said...

sandaruwa ada thama mama umbe blog eka mula indala kiyawanna gaththe, umba liyapu siraama ekak thamai meeka.
jaya wewa machan

Unknown said...

සදරූගෙ බ්ලොග් එක මුල ඉදන් කියවගෙන යන ගමන්...

සිද්ධිය නම් වෙලා හුගක් කල්... කමෙන්ටුවක් නොදා යන්න හිතුනෙ නෑ... නියම සහෝදරයෙක් විදිහට සදරූගෙ හිතේ ඇති උනු සිතිවිල්ල මේ රටේ ඉන්න අය්යල ගෙන් 99% කට ඔය අවස්ථාවෙදි අනිව ඇති වෙනව. ඒකෙ දෙකක් නෑ. පොඩි අවුලකට තියෙන්නෙ පන්තිය ඇතුලෙදි අර *** ට ගහපු එක. ඒකෙන් නංගි එයාගෙ සම වයසෙ ළමයි අතරෙදි අපහසුතාවයකට පත් වෙන්න ඇති. මගේ අදහස නම් අරෑව අල්ලගන්න තිබ්බෙ පන්තිය ඇරෙනකන් ඉදල. ඊට පස්සෙ ඌව පැත්තකට එක්කන් ගිහිල්ල දෙන්ඩ තිබ්බෙ කොහොමද දන්නවද ඈ... :P

බොහෙම සංවේදී පෝස්ට් එකක්...

Anonymous said...

මට මුල ටික කියවනකොට උබ ගැන පොඩි තරහකුත් එක්ක ඇහැට කදුළු ආව බන් .එත් අන්තිම ටික කියවනකොට මට උබ ගැන මාර ආඩම්බරයක් හිතට ආවේ බන් !! උබ කොහොම කිව්වත් , උබ නියම සහෝදරයෙක් මලය .!! උබට වගේ ආදරේ කරන්න ,රණ්ඩු වෙන්න මට නංගියෙක් නැහැ .!! නැති නිසා මම ,නංගියෙක් නැති අඩුව දන්නවා !! මචන් සදරු ,කව්රු කොහොම කිව්වත් උබ නියම අයිය කෙනෙක් බන් ...!!!! උබට ජය ...!!!

Anonymous said...

Hrim hagimbarai

Post a Comment

තැන්කූ බං