1.3.11

බොස් මට බැන්න දෙවනි දවස .




මේ හිස් අහස ලියන මාව මගේ කතා නොකරන හදවත දැන් බොහොම දෙනෙක් අඳුරනවා . එකමත් එක දවසක පරිගණක වල අලුත්ම තොරතුරු එකතුකරලා තාක්‍ෂණික බ්ලොග් එකක් ලියන්න මම පටන්ගත්තා ඒත් මගේ අත දැන් තව දුරටත් මට අවනත නෑ . මගෙ හිතත් මට අවනත නෑ . හිත එයාට ඕන දේ කියනවා , අත ලියනවා . බලන අය බලනවා .ඉතින් මම මගේ අම්මටවත් නොකියන මගේ ජීවිතේදී මට වෙච්ච හැමදෙයක්ම මම මේ බ්ලොග් එකේ ලියුවා .. ඉතින් අද මම මුහුන දුන් තවත් සත්‍ය සිදුවීමක් ගැන සටහනක් මේ . තවත් එක වලියක්

අද උදේ මම ඇඳෙන් නැගිටිද්දී මම නිකමටවත් හිතුවේ නෑ . අද මම වැඩ කරන ආයතනය ඇතුලේදීම ලොකු රන්ඩුවකට පැටලෙයි කියලා !!

අදත් මම වෙනදා පුරුදු විදිහටම වැඩට ගියා . දැන් මම මේ IT institute එකේ වැඩට ඇවිල්ලා අවුරුදු දෙකහමාරක් විතර ඇති . මේ මගේ පලවෙනි ජොබ් එක මේ මම මගේ ජීවිතය එකලස් කරගත්ත තැන . මේ අවුරුදු දෙක හමාර ඇතුලත මම ගොඩක් දේවල් ඉගන ගත්තා . ගොඩාක් යාලුවෝ අඳුන ගත්තා . එකම එක වෛරක්කාරයෙක් හදාගත්තා . !

අද මම institute එකට එනකොට වෙලාව හරියටම උදේ 7:55 යි . කිසිම කෙනෙක් ඇවිල්ලා නෑ තවම . මම මගේ ලඟ තිබුන යතුරෙන් දොර ඇරලා පුටු එකින් එක පිළිවෙලකට හදලා ජනෙල් ඇරලා . අපේ Staff එකේ අනික් අය එනකම් බලන් හිටියා . මම වැඩකරන institute එක බොහොම පොඩියි . මමත් මගේ ලොක්කත් ඇරුනාම තව දෙන්නෙක් විතරයි මේ institute එකේ දැන් මාස කිහිපයක් තිස්සේ වැඩකලේ . ඊයේ පෙරේදා තවත් අළුත් සුන්දර කාන්තා මූනක් අපේ Staff එකේ මූනු අතරට එකතු උනා . . ඉතින් දැන් අපි ඔක්කෝම පස් දෙනයි

මගේ පලවෙනි කතාවේ ඉඳලම මේ බ්ලොග් එකේ ලියලා ඇති මට මේ ආයතනය ඇතුලේ තරහකාරයෙක් හිටිය බවත් මිනිහා පහු වෙද්දී වැඩට නෑවිත් නතර උනා කියලත්. මිනිහා ගියාට පස්සේ සේරම සාමකාමී උනා . ඒත් මේ හැමදේම හිතුවෙවත් නැති විදිහට වෙනස් උනේ මගේ තරහා කාරයා . මේ institute එකේ Visiting Lecture කෙනෙක් විදිහට ආයෙමත් එන්න පටන්ගත්තට පස්සේ .

හරියටම උදේ 8:00 විතර තාත්ත කෙනෙක් ඇවිල්ලා තමන්ගේ දුවව අපේ institute එකේ පාඨමාලාවකට එකතු කරා. අලුත් ලමයගේ ඒ වැඩ ටික ඉවර වෙනකොටම . ඔන්න මගේ ජන්මාන්තර වෛරක්කාරයා පාරේ තිබ්බ ගොමරිටි වලට උඩින් පනිමින් .මන්ද බුද්ධිකයෙක් වගේ ගේට්ටුවෙන් ඇතුල්වෙන හැටි මම දැක්කා !. මම මිනිහට චමින්ද කියන නම දාල කතාව කියන්නම් . චමින්ද institute එක ඇතුලට ඇවිල්ලා . කෙලින්ම ගිහින් Computer lab එකේ තිබ්බ පිරිසිදු ප්ලාස්ටික් පුටුවකට පස්සපැත්ත තියලා ඉඳගත්තා . පරිගණකයක් ඔන් කරගෙන තමන්ගේ ගෙදර වගේ වැඩ පටන්ගත්තා . මමත් අහක බලාගෙන මගේ වැඩක් කරන්න පටන්ගත්තා . ටිකෙන් ටික අපේ Staff එකේ මූනු එකින් එක අන්න අර දොරෙන් මතුවෙන්න පටන්ගත්තා .වෙලාව 8.30යි අපි වැඩ පටන්ගත්තා ..

මගේ මුල්ම වැඩේ උනේ අලුතින් පන්ති ආපු ගෑනු ළමයෙකුට සහ පිරිමි ළමයෙකුට ඒ අයට මග ඇරුනු පාඩම් කියාදෙන එක . ටිකෙන් ටික රවුම් ඔරලෝසුවේ කටු කැරකෙන්න පටන්ගත්තා . වෙලාව 9.45 යි . මට ටිකක් උස් හඬින් කෙනෙක් කතාකරන සද්දෙ ඇහෙන්න පටන්ගත්තා . …..... මම පන්තිය අතරමග නතර කරලා ඒ දිහාවට ගියා . අද institute එකේ තරමක් වැඩ අධික දවසක් . practical වලටයි පන්තිවලටයි ආපු ළමයින් ඉස්සරහා මේසය වටේ පිරිලා . ළමයි ඉන්න බවක් තඹ සතේකට මායිම් නොකරන චමින්ද . මහ හයියෙන් කෑ ගහ ගහ එයාගේ යාලුවෙකුට සහතිකයක් හදලා දෙන්න කිය කිය බලකරනවා . Reception එකේ ඉන්න අක්කා හොඳටම බයවෙලා මුගේ කටේ සද්දෙට . අපේ ආයතනයේ නීතිරීති වලට අනුව සහතියක් ගන්නනම් අදාල පුද්ගලයාම එන්න ඕන . අන්න ඒ නීතිනිසා අපිට හිතුමනාපෙට සහතික හදලාදෙන්න බෑ කිසිම කෙනෙකුට . මුගේ සද්දෙ අඩු කරන්න ඕන නිසා මම මගේ කටහඬ අවදි කරා

"ඔයාට ප්‍රශ්නයක් නම් ගිහින් සර් එක්ක විසඳගන්න"

"හරි මම සර්ට කියලා Action එකක් ගන්නම්"

චමින්ද ෆෝන් එකත් අරගෙන එලියට ගියා .. මමත් ඉතින් ආයේ මගේ පන්තියට ගියා . ඒත් විනාඩි දෙකකින් විතර මට ආයෙමත් චමින්දගේ කක්කුස්සි වල වගේ ශ්‍රීමුඛයේ සද්දේ ඇහෙන්න ගත්තා . මේපාර සද්දෙ තවත් වැඩියි වගේ .. මම කෙලින්ම එතනට ගියා . තවම චමින්ද Reception එකේ ඉන්න අක්කට බනිනවා . ගෑනියෙකුට බනින එක මොන පිරිමිකමක්ද ? මගෙ ජීවිතේට මම නම් කිසිම විදිහකින් ඒවගේ පහත් වැඩක් කරන්න හිතන්නෙවත් නෑ . ඒත් මේ පෙරේතයා මගේම සහෝදරියක් තරම් මට වටින මේ අසරන කෙල්ලට පලු යන්න බනිනවා !! . මගේ ඇඟේ ලේ නටන්න පටන්ගත්තා ! ඒත් මම ඉවසුවා .!

"මේ ඉරේශා තමුසේට මෙතන දේවල්වලට ඇඟිලිගහන්නේ නැතුව ඉන්නවා " චමින්ද අන්තිමටම කිවුවා .

මගේ ඉවසීමේ සීමාව ඒ මොහොතේදී මට අමතකවෙලා ගියා . .

එයා මෙතන වැඩ කරන කෙනෙක් මොකද එයාට මේව ගැන හොයන්න අයිතියක් නැත්තේ ? “ මගේ හඬ ..!

මේ සඳරු තමුසේ ගිහිං තමුසෙගේ පාඩම කරනවා ! “ උගේ හඬ

"උඹ මොකාද යකෝ ඒක මට කියලා දෙන්න ? “ එහෙම අහපු මම මගේ දකුණු අත පුරුවලා පාරක් චමින්දගේ මූනට අතඇරියා . මට වෙන කරන්න දෙයක් තිබුනේම නෑ . කියන දේ අහලා පැත්තකට වෙන්නද ? ඒක මම මැරුනොත් මිසක් සිද්දවෙන්නේ නෑ ! .

අපේ වලිය පටන්ගත්තා . මම ඌට පාරක් දෙකක් ගැහුවා ඌත් මාව හයියෙන් බදාගන්න ඇති . වටේම හිටපු ළමයි . Reception එකේ අක්කා . institute එකේ මැනේජර් අයියා . මේ හැමෝම වලිය බේරන්න දැඟලුවා . අද මුලින්ම ආයතනයට ආපු පිරිමි ළමයෙකුත් අපේ වලිය මැදට පැනලා අපිව වෙන්කරන්න උත්සහ කරා .. ඒත් මගේ හිත තිබුනේ තරහින් පිරිලා . මට මාවම අවනත නොවන තත්වයකයි මම හිටියේ ..

විනාඩි දෙකකදී විතර මේ වලිය අවසන් උනා . මාව බදාගෙන හිටපු මැනේජර් අයියයි .අක්කයි මේ දෙන්නා නිසා මට අතපය වනන්න ලැබුනේ බොහෝම හෙමීට . කෙල්ලෝ ඉන්න තැන ගහගන්න නොයන්න මම ආයේ ප්‍රවේසම් වෙනවා . මෙයාල පැනල අපිව අල්ලගන්නවා . ප්‍රතිවාදියා ඉඳන් අපිට නෙලනවා . වෙලාවට මට නම් එච්චර වැදුනේ නෑ එකක් දෙකක් විතර තමයි වැදුනේ ! ඉතින් එහෙම සිදුවීමක් සිදු උනා .! . මගේ ලස්සන කමිසේ අන්තිම බොත්තම් 2 ඇරෙන්න අනික් ඒව සේරම කැඩුනා . හැබැයි මමත් චමින්දට අමතක නොවෙන්නම දුන්නා ...

දැන් මම මේ ගැන සෑහෙන්න පසුතැවෙනවා . මම ළමයි ඉදිරියේ ගහගත්ත එක වැරදි. ඒත් වෙන මොනවා කරන්නද . ? මම මට පුලුවන් උපරිම ඉවසුවා . අනික මම වෙච්ච රන්ඩුවට හොඳ හේතුවකුත් තියනවා .ඉතින් ඊටපස්සේ . ඈත පලාතකට ගිහිල්ලා හිටපු මගේ බොස්ට මේ රන්ඩුව ආරංචි උනා . එයා හවසම ආපහු ආවා .

මම මේ ආයතනයේ පරනම සේවකයා . මම මෙහෙන් ගොඩක් දේවල් ඉගනගත්තා . මගේ මහන්සියත් මම මෙතනට ගොඩක්ම කැපකරා . ඒත් දැන් හොඳටම ඇති . මට මෙහෙන් අස්වෙන්න හිතුනා . මමයි මැනේජර් අයියයි සර් එනකම් බලාගෙන හිටියා . සර් මට බනීවිද ? මගේ හිතේ පොඩි ගැටලුවක් තිබුනා ඒත් බයක් තිබුනේ නෑ . වැඩිම උනොත් මාව අස්කරයි එච්චරයි ..

හවස 5.30 විතර සර් ආවා . ආපු ගමන් මගෙන් ඇහුවා

"මොකද උනේ සඳරු ? " මමත් මගේ පැත්තෙන් කතාව කිවුවා . අපි චමින්දත් ආවාම මේ ගැන හෙට කතාකරමු . බොස් එහෙම කිවුවා . පේන විදිහට මගේ පැත්තට අවාසියි වගේ . කමක් නෑ .මම හෙට වෙනකම් ඉවසනවා .යන්න කිට්ටු වෙලා බොස් මට මෙහෙම කිවුවා !

"සඳරු මොකටද ගහමරාගත්තේ ?. ආයතනයේ ගරුත්වය බල්ලට දාන්න . තමන්ගේ ගරුත්වය ගැන වත් හිතන්න තිබුනා නේද ? “ ඔහොම කියලා මට ටිකක් බැන්නා 

ගෑනියෙකුට සද්දෙ දාන පොන්සියෙක් ඉස්සරහා පදිරි වෙන එකද ඔය කියන ගරුත්වය කියලා මට අහන්න හිතුනා ඒත් මම ඒ සිතිවිල්ල වචනවලට පෙරලුවේ නෑ .

ඉතින් හෙට ..නෑ ඇත්තටම දැන් වෙලාව රෑ 12 . පැනලා ඒ කියන්නේ අද . අද තමයි බොස් තීන්දුව දෙන්නේ . මට එක වචනයකින් හරි බැන්නොත් මම අස්වෙලා යන්න තීරනය කරා . …. කමක් නෑ එතකොට මම ගෙදර ඉඳගෙන පැයෙන් පැයට බ්ලොග් ලියනවා . මට කිසිම දුකක් නෑ . බලමු බොස් කොයි පැත්තට හැරේවිද කියලා .! ඌද මමද ?

ඉතින්.! හතරැස් බෝතලේකින් බාගයක්ම මගේ හිතේ අමාරුව අඩුකරන්න පාවිච්චිකරන්න සිද්ද උනා . දැං ටික ටික සැර බැහැල ගිහිල්ලා මම රන්ඩුවලට අකමැතියි.ඒවගේම කාටවත් යටත් වෙන්නත් අකමැතියි. පුලුවන්නම් මේක කියවලා මට මගේ පැත්තට හයියක් වෙන්න . සමහරු ඉතින් මට බනීවි . ඒත් මම හොඳටම දන්නවා අද මම සාදාරණයි . මම රන්ඩු උනේ හේතුවක් ඇතිව . මගේ තැන අද ඔයා හිටියොත් ඔයත් මේ තීරණය ගන්න බව මට හොඳටම විශ්වාසයි ..!




සඳරු ..//





























50 comments:

අපරාජිතයා :::: Aparajithaya said...

මේ දවස් වල බ්ලොග් කියෙව්වත් කොමෙන්ට් කරන්නෑ මට කැම්පස් එකේ එක්සැම් එකක් නිසා එත් උබට දෙයක් කියන්න හිතුනා.ඒ උඹ මගේම වයසේ කොල්ලෙක් නිසයි.

මචන් ජිවිතයේ අපි උඩගු කමට කාටවත් නොනැමී හිටියොත් අනිවා කෙල වෙනවා.ඕක මට ඉගැන්නුවේ කෙල්ලෙක් ලව් කරන්න ගිහින්.

උබට බොසා බැන්නත් ඉවසල ඉදපන් යන්න කිව්වොත් විතරක් පලයන්.මොකද හදිසී වෙලා ගන්න තීරණයක් ජිවිත කාලෙටම පසු තැවීමක් ඉතුරු කරනවා අනිවා එක මන් අත් විදලා තියනවා බං.මේ ලෝකේ කවදත් හරි මිනිහ එක්ක හිටිය මතුවටත් එහෙමයි.උබට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ උඹ හරිනම්.එත් පොඩ්ඩක් ඉවසල හිටපන් මචන්.. උබට ජය...!!!

Hishan de Silva said...

හැම වෙලේම අතට පයට කලින් හිතට කතා කරල බලල දෙපාරක් හිතල වැඩේ කරන්න පුරුදු වෙනව හොදා. වැරැද්ද වැටහිලා තියෙන එකත් හොදා. ඉස්සරහට කතාවෙන් ගහ ගන්න පුරුදු වෙන එක කෝකටත් හොදා.

Anonymous said...

Don't worry,you'll be alright. Try to find some other job.

dinesh said...

මචං මලේ අදනම් මම උඹේ පැත්තෙ.ඒ වාගෙම මුලින්ම කියනව ,අද උඹට කිසි කේස් එකක් වෙන්නෙ නෑ.බය නැතුව ඉඳපන්.හැබැයි බොසා මොනව කිව්වත් ටිකක් ඉවසුවොත් හොඳා.මං මේ බ්ලොගේ කියවන්න පටන් ගත්තෙ ඒ වෙනකොට මම දැකපු සුන්දරම ආදර කතාව තිබුනෙ මෙතන නිසා.ඒ උනාට ඒක නැති වෙන තැනට වැඩ සිද්ධ කෙරුවෙ ඔය කියන පාහරය.අනික උඹට කොච්චරනම් කේස් දැම්මද මූ.

(තවත් මල පනින්න හේතුව Reception එකේ නඟාට සද්දෙ දාපු එක.ඒක මෙතන කතා නොකර ඉමුකො. හික්z..)

jhothishalanka said...

බොස් ඔයාට අදත් බනින්න පුළුවන්.බනින එක ගනන් ගන්න එපා.අරූනම් මහ තිරිසනෙක්.ගහපු එක හොදයි.මම නම් පොඩි කාලේ හැරුණාම කාත් එක්කවත් රණ්ඩු වෙලා නැහැ.ආ ඒක නෙවෙයි. අර ජාතිවාදියාගේ බ්ලොග් එක නතර කරලා.ඔයාත් ටිකක් වැඩිපුර ඉවසන්න.ඔයාගෙ අව්‍යාජ බවට මම හරි කැමතියි.බ්ලොග් අවකාශයේ සිටින අව්‍යාජම දෙන්න මාරයයි ඔයයි කියල මට හිතෙන්නේ.

පැන්ඩා said...

මචං උඹ හොඳටම ආවේගශිලි වැඩි..බොහොම වැඩි දරුවො..උඹ මීට වඩා හොඳට‍ම ඉවසීම පුරුදු කරන්න ඕනි..මාරය දැක්කොත් මම හිතනව තව මේකට වලියකට උපදෙස් නොදී ගැලපෙන උපදෙසක් දෙන්න කියල..
රස්සාව නම් අතඇරගන්න එපා මචො..ඒකෙන් වෙන්න උඹ තවත් අර අලි ගහන කැලේට කොටු වෙන එක..උඹ කාගෙන චුට්ටක් හිටපන්..හෙමින් සීරුවෙ බොස්ට කියල උබේ වර්කින් එක්ස්පිරියන් සර්ටිෆයි කරල කොළ කැල්ලක් ගනී..ඊට පස්සෙ හෙමින් සිරුවෙ ඔය IDM golden key අනං මනං ඒවට ඇප්ලිකේශන් එකක් දාපන්..
සමහර විට උඹ කොළඹට එන සිහින සැබැ කරගන්නත් පොටක් පැදෙයි.

MaRLaN said...

අයියන්ඩිය වලිය අවුලක් නෑ කියමු තැන වැඩකුත් නෑ අසාදාරනේකදි කට වහගෙන ඉන්නත් බෑනෙ... ඒත් දුක අඩු වෙන්න කරපු වැඩේනම් හරිම නෑ හොදේ....

Anonymous said...

හු#ල තියෙයි.. මාර සීන් එකක් නේ බං.

අකීකරු හිත said...

මිට වඩා ටිකක් ඉවසුවොත් හොදයි නේද මල්ලි? මම කියන්නෙ නැ ඔයා වැරදි කියලා.ඒ වෙලාවෙ කල දේ වැරදි කියන්නෙත් නැ..ඒත් ජොබ් එක අතාරින්න හිතන්න එපා...ටිකක් ඉවසන්න පුරුදු වෙන්න..

සෝරෝ said...

උඹේ හිතට ක්ෂණික ආවේගයක් ආපු එක ගැන නම් කථා කරන්න දෙයක් නෑ.. මොකද මටත් අනන්තවත්වෙනවා ඔහොම.. හැබැයි උඹට වඩා මට පුළුවන්තරහා පාලනය කරගන්න..

හැබැයි උඹ අර පොරට බැන්න එක නම් අනුමත කරන්න පුළුවන් ඒ ගහපු එක නම් අනුමත කරන්නෑ මචෝ..

මමත් කියන්නේ බොස් බැන්නට වැඩිය හිතට ගන්නෙපා.. අයින් වෙන්න කිවුවොත් විතරක් අයින්වෙයන්.. මොක ජොබ් එකක් නැති කරගත්තා වගේ නෙවෙයි එකක් හොයාගන්න හෙනම දුකක් විඳින්න වෙනවා..

හැම දේම හොඳින් සිද්ද වේවි..

ජය වේවා...!!

Praසන්ன said...

බොසා මොනව කිව්වත් කරපු වැඩේ සාධාරනයි කියල තමයි කියන්න වෙන්නෙ.
(හතරැස් බෝතල් බාගයක් ඒකනං හරිම අසාධාරණයි..)

~:: My Cottage ::~ said...

godaak iwasanna sahodarayaa. iwasanna bari wunath iwasanna. meka athdakeeman kiyana deyak. parissamin theerana ganna, hadisi welaa ganna theerana nisaa gana pasuthewenna ida thiyaaganna epa.

Anonymous said...

ඔය වගේ වෙලාවකදි තරහ යනවා අනිවාර්යයෙන්ම. ඒත් ගහගත්තු ප්ලේස් එක තමයි හරි නැත්තේ. කොච්චර උනත් වට පිට හිටියේ ඔයාලගෙන් ඉගෙන ගන්න ළමයිනේ. ආයතනයේ නම කෙසේ වෙතත් ඔයාගේ නම තමයි කැත වෙන්නේ. සර් බැන්නත් ගහන් ගන්න එපා. ශේප් එකේ ඉඳලා අනිත් අය කියනවා වගේ එක්ස්පීරියන්ස් සෙටි‍ෆිකේට් එක අරගෙන වෙන ජොබ් එකකට ඇප්ලයි කරන්න. මොලේට ඉඩ දෙන්නේ නැතුව හිතට විතරක් ඉඩ දීලා වැඩ කලොත් මේ සමාජේ වැඩිකල් පය ගහලා ඉන්න අමාරුයි. හතුරට උනත් අතින් පයින් නෙලනවට වඩා මොලෙන් නෙලුවනම් තමයි ගොඩ යන්න පුලුවන්.

Anonymous said...

ඔක්කොම හොදයි..උඹ කියන කතා ඔක්කොම හරි..අරූට ඉස්සෙල්ලම අත උස්සපු එක ඇරෙන්න...

නචියා said...

සදරූ..... උඹ කරපු දේ වැරද්දක් මම නම් දකින්නේ නෑ.... අදින් පස්සේ ටිකක් කල්පනා කරපන් ළමයි ඉන්න තැන වලි වලට නොයා ඉන්න...... ලොක්කා මොනා කිව්වත් ගණන් ගන්න එපා...ජොබ් එක නැති කරගන්නත් එපා මචන්.....

පිණිබිඳු... said...

මාත් අද නම් ඔයාගෙ පැත්තෙ. අසාධාරණේකට කතා කරන්න අයිතියක් තියෙනවා. ඒත් ගහගන්න යන්න එපා සහෝ.

Asanka Udayanga said...

මචෝ කලබල වෙලා ජොබ් එක නෑති කරගන්න යන්න එපා.අනික මටනම් හිතෙන්නේ බොස් උබට බනින එකක් නෑ කියලා.මොකද උබ කරපි වෑඩේ හරියටම හරි.

Thusitha (දිමා) said...

‍කියන් තියන ඔක්කෝම අපරාජිතයා කියලතියනව..

Dakshina said...

"....ඉස්සරහා පදිරි වෙන එකද ඔය කියන ගරුත්වය කියලා මට අහන්න හිතුනා ඒත් මම ඒ සිතිවිල්ල වචනවලට පෙරලුවේ නෑ … ."

මචං, මමනම් දකින උඹ කරපු එකම මෝඩ වැඩේ ඔන්න ඕක. අපි අපිව බේරගන්න කිසිමදෙයක් කියන්න කැමති නැහැ. එහෙම එකක් කරන එක දුර්වල කමක් කියලා අපි හිතනවා වෙන්න ඇති. ඔය හේතුව නිසා ඉස්සර මමත් සෑහෙන්න ප්‍රශ්න වලට මුහුණ දුන්නා. හැබැයි දැන්නම් “කාටත් පෙර මම“ සංකල්පයේ තමා මම ඉන්නේ. මේ ලෝකේ ජීවත් වෙනකොට පොඩ්ඩක් විතර අත්මාර්ථකාමී වියන්. ඒකෙන් අවාසියක් වෙන්නේ නෑ.

ඇත්තටම වෙච්ච දේ කිවුවනම් මේ පුශ්නය උඹට වාසි වෙන විදිහට බේර ගන්න තිබුණා.

රත්ගමයා said...

ඔය වගේ පො**යෝ හැම තැනම ඉන්නවා..ඕකාට තියෙන්නේ ඉරිසියාවක්..දෙන්න තිබ්බේ ඇහැක් අක්ලු වෙන්න ගොබ්බයගේ..බොන එකට වඩා තව තුන හතරක් අනින්න පුලුවන් උනා නම් එල...බීල ගහන්න බෑ නේ..

Anonymous said...

ඔන්න ඔය වෙලාවට මං ලඟ උන්නනං උඹෙ කන මිරිකනව චූ පනින්න. සඳරු මල්ලී, ඇ‍ඟේ පතේ හයියෙන් ප්‍රශ්ණ විසඳුවෙ ගල් යුගේ. ඒකෙන් වෙන්නෙ කොච්චර නිවැරදි උනත් ඔයා අනිත් අය ඉස්සරහ හෑල්ලු වෙන එක.

චමින්ද අර කෙල්ලට බැනපු එකට ඔයාගෙ හිතේ ඇති වෙච්ච අප්‍රසාදයම වටේ පිටේ ඉඳපු අනිත් අයටත් හිතෙන්න ඇති. අර අක්කට අනුකම්පාවත් චමින්දය ගැන කේන්තියකුත් එන්න ඇති. ගෑණියෙක්ට සලකන්න දන්නෙ නැති එකෙක් කියල හිතෙන්න ඇති. ඒ වෙලාවෙ කේන්ති ගියපු එක මල්ලිගෙ පැත්තෙන් බැළුවම සාධාරණයි කියල එවෙලෙ ඔයාට හිතුනට ඔයා අද වෙනකොට යන්තං හරි පසුතැවෙනව ඇති.

ඒක නිසා හැඟීම් වලට මුල් තැන දීල ඇරගන්න යන්න එපා බං. ඊට වඩා ඔළුවෙන් ගේම දෙන්න උත්සාහ කරපන්. එතකොට මීට වඩා චමින්දයට රිද්දන්න පුලුවන්. උඹ ඌට ගැහුවම ඌ උඹත් එක්ක වෛර බැඳගන්නව මිසක් ඌ කරපු බලු වැඩේ ගැන ලැජ්ජාවක් ඇති වෙන්නෙ නෑ.

dinesh said...

මලේ මොකද උනේ.අවුලක් නෑ නේද??

ItalyDilan said...

ඒ වගේ අරූ හිටියා නම් නෙලපු එක තමා හරි...

Anonymous said...

Hey you have a great personality

හීනියට.... said...

කල්පනාවෙන්..පරිස්සමින්....

කිව්වත් වගෙ ඔලුවෙන් ගහන්න, ලැජ්ජාවෙන් වැටෙන්න...ඒකයි ගේම......

Anonymous said...

ඒ වගේ දෙයක් වෙද්දි කට පියන් හිටියොත් තමයි ඔයාට බනින්න ඔනා... කමක් නැ සදරු අයියේ...ඔයා කරපු දේට නම් මුකුත් කියන් නැ ..හිතේ ආවේගයක් ආවම එතන කවුද ඉන්නේ කින්ද මන්ද බල බල ඉන්න අමාරුයි..හිත එන දේ ට ඉඩ දිලා හිත නිදහස් කරන්න ඔනා... රස්සාව නැති උනොත් හෙට එකක් කොම හරි ලැබෙයි..එත් හිත ට එකග නැතුව මොකෙක්ද වගේ කට වහන් උන්නොත් ඔය වගේ ගෙම්බෝ තවත් බිහිවෙනවා..

ප : ලි - දුන්නා නේද අරුගේ දත් දෙක තුනක් බඩට යන්න ? නැත්නම් බොත්තම් ගැලවුන ශර්ට් එක අපරාදේ :(

හිස් අහස said...

@අපරාජිතයා = ඒත් කොහොමද මචං ඔයවගේ දෙයක් මගේ මූනට කියද්දී අහක අහක බලාගෙන ඉන්නේ අනික මූ මට හතුරුකම් කරපු පලවෙනි වතාව නෙවෙයි මේ . බොස් මට බැන්නේ නෑ . අරූට බැන්නෙත් නෑ ..අනේ මන්ද බං මට එපා උනා . ..
.....................................................................................................................................................
@Hishan Melanga = මට වැරැද්ද වැටහුනේ තරහ නිමී ගියාම . ඒත් ඉතින් දැං හිතෙනවා තව දෙකක් වනාගන්න තිබ්බා කියලා ..
.....................................................................................................................................................
@Anonymous = ඔයා හරි මේක නැත්නම් මම තව එකක් හොයා ගන්නවා ..
.....................................................................................................................................................
@ dinesh = මට අද බොසා බැන්නේ නෑ හැබැයි මට ඊයේ කියවපු තරමටවත් අරූට බොස් බැන්නේ නෑ .ඇයිද මන්දා .ඌ නතර වෙලා නෑ ඌ දිගටම එනවා අදත් ඇවිල්ලා පැය ගානක් ඉඳලා ගියා හරියට මට රිද්දන්න වගේ . ඔවු බං ඔය කොහේවත් හිටපු එකෙක් නිසා මගේ ආදරනීය ආදර කතාව වල පල්ලටම ගියා කමක්නෑ . අන්න Reception අක්ක ඔයාව මතක් කරන්න කීවා ....සත්තයි ඇත්ත බං ..ඒකි අන්න

උඹට ලවු ...බලහං ඉතින් උඹේ කමෙන්ට් එකක පවර් එක ..
.....................................................................................................................................................
@JHOTHISHALANKA = මචං බොස් මට අද මොකවත් කීවේ නෑ. මම හිතාගෙන උන්නේ මගේ පැත්තෙන් කරුනු විමසලා බලාවිය කියලා . ඒත් බොස් කතාකරේ අරූ එක්ක විතරමයි . ඇයිද මන්දා .ඕකට මම ආයේ දවසක නෙලනවා . ඔයාගේ ප්‍රසන්සාවට බොහොම ස්තූතියි . අරූගේ බ්ලොග් එක වහපු එකට මට සතුටුයි . දැං ඌ තව තැනක පටන්ගනීවිද මන්දා .
.....................................................................................................................................................
@පැන්da = මම තව හොඳයි පැන්ඩයියා ඔතන උන්නනම් මම දන්නවා අරූට කුඩු වෙන්න ගහනවා පැන්ඩයියේ මම කොහොමත් අප්‍රේල් වෙනකොට විතර මෙතනින් අස්වෙලා වෙන තැනකට යන්න තීරණය කරලා ඉවරයි . මම නගර සිහිනය මතක කරලා නෑ . ජය වේවා පැන්ඩයියේ මගේ සිහින ගැන පැන්ඩයියට මතකයි නේද . ? උඹ නම් දෙයියෙක් මට ඒක මතක් කරාම පුදුම සතුටුයි
.....................................................................................................................................................
@MaRLaN = මාලන් ඉතින් මගේ මිත්‍රයා . ඒව මගේ අනිත් මිත්‍රයා . ඔය දෙන්නම මට වටිනවා ..
.....................................................................................................................................................
@Anonymous = ආයෙත් අහලා
.....................................................................................................................................................
@අකීකරු හිත =අක්කේ මම කොහොමත් මේ ජොබ අත අරිනවා තව මාස කිහිපයකින් . මට අද බොස් බැන්නේ නෑ . ඒත් මට දැන් මෙතන තිත්ත වෙලා . මම ඕනවාටත් වඩා ඉවසනවා අක්කේ . ඒත් අපි හැමෝටම ඉවසන්න බැරි තැන් එනවනේ .අන්න ඒකයි මටත් උනේ . ඔයත් අකීකරුයි නේද ?
.....................................................................................................................................................
@සෝරෝ = ගැහුවා නෙවෙයි මචං ගැහුනා . මට මතකනෑ මම පලවෙනි පාර උගේ කොහාටද ගැහුවේ කියලා . ඒ තරමට මම සිහියකින් නෙවේ උන්නේ . අද නම් බොස් අරූ එක්ක මොනාදෝ කතා කරා මට මොනවත් කීවේ නෑ . ඒත් මට හිතෙනවා අරූ දැන් මුදුනා උනා කියලා
.....................................................................................................................................................
@Praසන්ன = අන්න හරි ප්‍රසන්න අයියා මගේ පැත්තේ . බෝතලයක්ම ගැහුවොත් සාධාරණ වේවිද ?

හිස් අහස said...

@My Cottage = ඔයා හරි මම ආයේ නම් කවදාවත් ළමයි ඉන්න තැනක ගහ මරාගන්න යන්නේ නෑ . මම මොනව කීවත් ඉවසනවා .මට අපේ බොස් කීවෙත් ඔය ටිකම තමයි ඉවසන්න තිබුනනේ කියලයි කීවේ . ඒත් ...මමයි දන්නේ ඒකේ අමාරුව
.....................................................................................................................................................
@කොට ජීවිතේ = මගෙ හිතට දැනෙන ලොකුම දුක අන්න ඒක . අලුතෙන් ආපු ළමයි සේරමලා දැක්කා අපේ වලිය . එයාල ලබන සතියේ එයිද දන්නේ නෑ ? මෙතන හැමදාම ගහමරාගන්නවා කියලා හිතුවද දන්නෙත් .නෑ . ඒකනම් මහම මහ ලැජ්ජාවක් . පරාදේ මට තිබුනේ ෂේප් එකේ කොනකට අරගෙන ගිහිං ඔබාගෙන නෙලන්න තිබ්බා . ෂිහ්
.....................................................................................................................................................
@Anonymous = ඒක නම් ඇත්ත බලහංකෝ මට තරහ ගියානේ මචං ..
.....................................................................................................................................................
@නචී = ලමයි ගොඩක් මෙතන ඉන්නවා කියලා මට අමතක උනා . මම හිතට ආපු තරහට ගැහුවේ . ඒ වෙලාවේ අරූ කතාකරපු විදිහට ඔලුව නමාගෙන හිටියනම් මට මාරම චාටර්..
.....................................................................................................................................................
@පිණිබිඳු = අරූ මට ගිහිං වැඩක් බලාගන්න කියලා කියපු වෙලාවේ මම නිකං හිටියනම් මට මාර පල් එක සහෝදරී මට ළමයි කින්ඩිය දානවා එහෙනම් .
.....................................................................................................................................................
@අසoක = අපේ බොසා පුදුමයි මට බැන්නෙත් නෑ අරූට බැන්නෙත් නෑ . දැන් ඌට බොස් කලින්ට වැඩිය ආදරෙයිද කොහෙද .
.....................................................................................................................................................
@Thusitha Jayasinghe = ඒකනෙව . ඔයාව දැක්ක කල්
.....................................................................................................................................................
@Dakshina = මට එහෙම කියන්න හිත දුන්නේ නෑ . කොහොමත් මම බොස් ඉස්සරහා එකට එක කියන්න අකමැතියි මචං. මට යමක් උගන්නපු මිනිහා ඒකයි . මම ඇත්ත සිදුවීම බොස්ට පැහැදිලිවම කිවුවා ඒත් අනේ මන්දා එක එක්කෙනා බලන හැටි වෙනස්නේ . අන්න ඒක නිසා . දැන් මගේ තරහා කාරය කලින්ට වැඩිය උඩ ගිහිල්ලා ..අද පටන් මමත් කාටත් පෙර මම සංකල්පය අනුගමනය කරනවා . (කාපෙම)
.....................................................................................................................................................
@රත්ගමයා = ඔයාගේ මහන්සියට ස්තූතියි ඔයාට සත්‍ය කතාව වසං කලාට සමාවෙන්න . මම දුන්නා උගේ බෙල්ල අක්ලු වෙන්න . මම නපුරෙක් නෙවේ ඒත් මම පො**නයකුත් නෙවේ ඒක නිසා මට මල පැන්නා ... උඹට ගොඩක් ස්තූතියි .
.....................................................................................................................................................
@nawammawatha = වෙලාවට නවම් අයියා නොහිටියේ . නැත්නම් මමයි කන්නේ . ඇත්තටම ළමයින්ගේ මූනු වලින් මම අමුත්තක් දැක්කා මචං . සමහර ළමයි එලියට දිවුවා . මට මතක් වෙද්දිත් හරිම දුකයි . මම යන්තම් නෙවේ ගොඩක් පසු තැවෙනවා . එකක් තමයි මට අරූට හරියට වනා ගන්න බැරි උනා . අනික තමයි . ළමයි ඉස්සරහා ගහගන්න උන එක . ඒත් බං ඌ මටත් බැනපු නිසා මම අබය වෙලා වගේ හිටිය‍නම් මට නමකුත් හැදෙනවා . ඔයා කියපු එක අහලා පොඩ්ඩක් විතර අවුල ගියා . මට ඒකේ බරපතලකම දැනුයි මතකෙට ආවේ .
.....................................................................................................................................................
@dinesh = අවුලක් නෑ අයියා .බොස් මටබැන්නේ නෑ අරූට බැන්නෙත් නෑ

හිස් අහස said...

@ItalyDilan = ආයෙත් අහලා දොරේ . දෙන එක දුන්නා හුදකලා වෙන්න ..
.....................................................................................................................................................
@Anonymous = ස්තූතියි මචං
.....................................................................................................................................................
@Heeniyata = මට නැත්තෙත් කල්පනාවම තමයි ඉදිරියටවත් සිහියෙන් ඉන්න ඕන .මගේ තරහ කාරයා අනක් ගුනක් නැති අමනයෙක්. ඕකට ඔලුවෙන් මොනවත් කල නොහැක .. මචං
.....................................................................................................................................................
@නිම්ශා = මෙන්න අපේ මාෆියා නායිකාව ඇවිල්ලා . ඇත්තටම ඔයා ලඟ පාතක හිටියනම් මම ඔයාට කියල තමයි අරයට ගස්සවන්නේ . ඔයාටනම් දැන් මමත් බයයි . ඔයා හරි නගෝ මම බය වෙලා වගේ හිටියනම් ඌ මුදුනා වෙනවා . කොහොමත් මම ඔය දුන්නේ මට මාස ගානක් කරපු ඒවට . මම ඕකට එක වැරද්දක්වත් කරලා තිබ්බේ නෑ . දත් නම් බඩට ගියේ නෑ . අපේ එවුං මාව අල්ලගෙන හිටියනේ අම්ම ඇහුවා බොත්තං කෝ කියලා . මම කිවුවා ඔය තියෙන්නේ ඔයාට දැන් වයස නිසා ඇස් පේන්නේ නෑ කියලා . අම්ම හිතුවේ ඇත්ත කියලා හි හි ..

සංකල්ප said...

එල එල මල්ලි ඔන්න මමත් අද මල්ලිගෙ පැත්ත ගත්තා. අනිවාර්යෙන්ම අසාධාරනයට විරුද්ධ වෙන්න ඕනේ.

Gayan Rupasinghe said...

මචං සදරු.. උබ උන්නු තැන මම උන්නා නම් මමත් ඔය වගේ හැසිරෙවො අනිවා.. ඒත් මචං උබ තරහ කාරයෙක් එක්ක වැඩ කරනකොට මීට වඩා ටිකක් හිතල වැඩ කරහන් කොල්ලො.. කේන්ති ගත්තට කමක් නෑ. ඒත් උබට පාඩුවක් වෙන දෙයක් කරගන්නේ නැතුව.. මම උබේ පැත්තෙ..

ජය...

Podi Kumarihami said...

"පැණි සඳ" කියලා ලස්සන නමක් දාලා තියෙද්දිත් ඔයා හැසිරුන හැටි නම් වැරදියි.:D

poppy said...

Arayata one uneth randuwak adaganna wenna athi.tharaha giya welawata oya wage dewal api hamoma athin eka paarak hari wenawa ne...kisi awulak na....btw mamath dan ampare inne!right nw i'm infront of softlogic and NDB bank! :-D

Anonymous said...

මැට්ටෝ උඹ කලබල වෙනවා වැඩියි බං... වෙන කිසි කේස් එකක් නෑ උඹගේ... හිත හදාගෙන හිටපං, මොනාවෙයිද දන්නේ නැහැනේ...

හිස් අහස said...

@මධුරංග =බොහොම ස්තූතියි සහෝදරයා ඔයා හැමදාම මගේ පැත්තේ
.....................................................................................................................................................
@Gayan Rupasinghe = ඔයත් මමත් දෙන්නම කරන්නේ එකම ජොබනේ .ප්‍යා මාව තේරුම් ගත්ත එක මට ලොකු දෙයක් දැන් මම දන්නවා මම වැරදි නෑ කියලා ..එල තෑන්කුයි මචං
.....................................................................................................................................................
@Podi Kumarihami = අනේ මෙන්න වලවුවේ කුමාරි හාමි මගේ ඒරියා එකට ඇවිලා මට ලැජ්ජා කරනවා .. ගහනව කුමාරි හාමිගේ නෙරියට මඩ තලියක් හරිද ? :) ඒ නමට මම ආසයි ..පැනි ..හ්ම්
.....................................................................................................................................................
@poppy = මම ඔයාට කමෙන්ට් එකක් දැම්මා ඒක බලන්න ගිහිං
.....................................................................................................................................................
@prasanna86k = නෑ මචං මම උඹට කීවනේ සිද්දිය මම සද්ද නොකර හිටියනම් ලමයි මාව දෙකේ කොලේට දානවා . අරූ මුදුනා වෙනවා . මගේ ඇඟේ මාලු නටනවා මේක මතක් වෙද්දී .

Anonymous said...

have you ever heard the song " coward of the county " by kenney rogers ; in that song , one father who died in jail says his last words to his son,
"Son, my life is over, but yours is just begun.

Promise me, son, not to do the things I've done.
Walk away from trouble if you can.
It won't mean you're weak if you turn the other cheek.
I hope you're old enough to understand:

Son, you don't have to fight to be a man!"

Ragde

pissi said...

බොස් ඔයාට බැනපු එක වැරදි... ඔයා කරෙ ආයතනයෙ නීති රකින්න හදපු එක. මමත් IT institute එකක වැඩ කරලා තියෙනවා ඔය වගෙ චාටර් එවුන් එනවා ගනන් ගන්න එපා...

Anonymous said...

මොනව කරත් අපි දන්න කියන අපේ සදරැගෙ පැත්තෙ තමයි ඉතිං. මොන සෙල්ලම හරි දාල ජොබ් එක තියාගන්න හැබැයි. ජය!

Anonymous said...

@Anonymous

anonymous said well, walk away from the trouble if you can!

කතන්දර Kathandara said...

ඉවසුවා නම් හොඳයි.

සරදම් වචන වලින් පහර දෙන්නත් පුළුවන් වැටෙන්නම.

පාඩමක් ඉගෙන ගත්තට පස්සේ ඔය වලියට බර ගතිය මර්ධනය කර ගන්න පුළුවන් වෙයි.

Gayan Rupasinghe said...

ඔව් මචෝ, මේ ක්ලාස් වලට එක එක විදිහේ පොරවල් එනව. උන් ඇවිත් අපේ උන්ට පාට් දානකොට බලන් ඉන්න එක පිරිමි කම නෙවෙයි තමයි. උබ ට මම මෙහෙම කියන්නම්. උබේ බොස් ට ලියපන් ඔෆිශිලි ලෙටර් එකක්. සීන් 1 උන හැටි. මොකද දන්නවඩද. උබලගේ බොස් සීන් එක දිහා කොහ්ම බලනවද කියල අපි දන්නැ නොවැ. අනික අර උබේ අගෙයින්ස්ට් එකට ඉන්න එකා බොසා ගෙ ඔලුවට මොන මොනා දාලද කව්ද දන්නේ. නැත්නම් බොසා එක්ක කතා කරහන්, බොස් එක්ක කත කරන්න බය වෙන්න ඔනේ නෑනෙ බං. එල කිරි උබට ජය පතනව. කවද හරි ඇත්ත එලි වෙනව මචෝ.

චතුර.... said...

විභාග නිසා මේ පැත්තේ එන්න ලැබුනේ නෑ කාලෙකින්ම. අදයි මේක දැක්කේ. මමත් කියන්නේ ගහ නොගත්තානම් තමයි හොඳ කියලා. ඒත් ගහපු හේතුව නම් සාධාරණයි. ඔහොම අයට ගහනවට වැඩිය රිදෙන්න වෙන දෙයක් කරන එක තමයි වැඩිය හොඳ,මොකද ගහ ගන්න ගියහම අන්තිමට බලන්නේ ගහපු හේතුව නෙවෙයිනේ.. අනිත් එක සහෝ මම නම් ඔය හිතේ දුක යවා ගන්න කළයි කියන වැඩය කොහොමටවත් අනුමත කරන්නේ නැහැ.. කවදාවත් දැකලා නැති වුනත් මිතුරෙක් වගේ මගේ බ්ලොගයට නිතර ආව ගිය උඹ ඔය වගේ මෝඩ විසඳුමක් හොයා ගත්ත කියන එක නම් මම අනුමත කරන්නේ නෑ. දුක නැති වෙනකම් ඇති තරම් අඬපන් ඒක පිරිමි කමට කැලලක් නෙමේ ඒත් ඔයවගේ මෝඩ දේවල් මින් පස්සේ කරන්න එපා..

Hasitha Gunasinghe said...

ඉක්මන් කොටයි වගේම ලොක්කා උඹේ තියෙන ඔය කේන්තිය හරිම අහිතකරයි. ඉවසීම පුරුදු වෙයන්. මට කියන්න තියෙන්නේ එච්චරයි

මැරා... said...

සහොදරයා සදරැ මම එතන හිටියනම් මම කරන්නෙත් උබ කරන එකම තමයි උබ නියමෙට වැඩේ කරලා..ගැහුවොත් ගහනවා...බැන්නොත් බනිනවා...මට මාර දුකයි උබ මගේ බුදුෆිට් එකක් නොවුන එකට....

V-E-D-A said...

maxxa mchng kale hari dey wth job ekak nethi karaganna easy hoyaganna amarui...

මාධව විදුරංග said...

gahagena ? wisadanna bee sadaru macha! ubata iwasanna thibba! anika eeka clazz 1k nee bn!!

wenada wagema danenna liyala thiyanawa bn! asawen kiyewwe!

Anonymous said...

Pissuda????? Karana wena wadak aththema naththan math blogs liyanawa.

Anonymous said...

Pissuda????? Karana wena wadak aththema naththan math blogs liyanawa.

Anonymous said...

Pissuda????? Karana wena wadak aththema naththan math blogs liyanawa.

Anonymous said...

mata oyata tharam athdakeem nathi wenna puluwan jeevithe gana eth oya tharam patu vidihata jeevithe diha balanna epa. mohothakata hithanna oya oyage jeevitheta hari watinakamak denawada kiyala :)

Post a Comment

තැන්කූ බං