28.4.11

පෙම්වතෙකුට හූ කිවුවෙමි.


"නෝනා වරුනි මහත් වරුනි සහෝදර සහෝදරියනි ........................විසින් 7 වෙනි වරටත් සංවිධානය කරනු ලබන මහා බක්මහ උලෙළ සඳහා ඔබ සැම සාදරයෙන් පිළිගනිමු"

ලවුඩ්ස්පීකර් කීපයකින්ම ඇහෙන්න පටන්ගත්ත ඒ කෙල්ලෙකුගේ සියුමැලි කටහඬට මම මොහොතක් හොඳට කන් දීගෙන හිටියා . ඇඳේ කොට්ට ගොඩක් මැද නිදාගෙන හිටපු මම ඇඳෙන් නැගිටලා ජනේලය ගාවට ගිහිල්ලා ආයෙමත් ඒ ඇහෙන හුරු පුරුදු කටහඬට කන් දුන්නා.....

එයාද ?

ඔවු ! එයාම තමයි . මේ ලෝකේ ඕනෑම හඬක් අතරින් මට ඒ සියුමැලි කටහඬ වෙන් කරලා අඳුරගන්න පුළුවන් .මට හොඳටම විශ්වාසයි .. කතා දෙකක් නෑ ඒ එයාමයි !

මාස කිහිපයකට උඩදී මගේ කන් දෙක වැඩියෙන්ම අහන්න ආසා කරපු ඒ හුරතල් කටහඬ මේ දැන් මට මගේ ගමේ අවුරුදු උත්සවයෙන් ඇහෙනවා .! මගේ ගමේ අවුරුදු උත්සවයේ නිවේදන කටයුතු . මගේ හිටපු කෙල්ලට බාරදීලා ! ඉතින්.....එදා මගේ කනට කරලා රහස් කොඳුරපු ඒ කටින් අද මුලු ගමටම අමතන්නයි මගේ හිටපු ආදරවන්තිය සූදානම් වෙන්නේ ! .. මටත් පොඩි හිනාවක් ගියා . ටිකෙන් ටික අවුරුදු උත්සවය පැත්තෙන් ඇහුණ ඒ සියුමැලි කටහඬට තවත් එක කටහඬක් එකතු උණා ! . පිරිමි කටහඬක් ! .. පිරිමි කෙනෙකුත් නිවේදනයට ඇවිදිල්ලා !

"කමක් නෑ .ඔන්න ඔහේ එනවුන්ස් කරපුදෙන් ! මගේ ඇඟේ වදිනවැයි"

මම එහෙම කියලා හිතලා සැනසුනා ! .

ටිකෙන් ටික උදේ ගෙවිලා මද්දහනෙට ඉර මුදුන් වෙන්නයි හදන්නේ ! ..... අවුරුදු උත්සවයත් ජයටම නැගලා යනවා . පැත්තට ගිහිල්ලා මගේ අතිජාත මිතුරු සේනාව සමග එකතු වෙන්න පුදුම අසාවකුත් මට නැතුව නෙවෙයි . ඒත් . . මොකද්ද මන්දා අමුතු හැඟීමක් යටි හිතේ තෙරපෙන හින්දා මෙදා පාර මට ඒ පැත්තට යන්න කිසිම ආසාවක් නෑ ..ඒත් ගියපාර අවුරුදු උත්සවේදී මමයි මගේ යාළු මිත්‍රයෝ සේනාවයි කරපු විකාර වැඩ එකින් එක මතකෙට එනකොට . මේ විදිහට පැත්තකට වෙලා ඉන්න කොහොමටවත් හිත දෙන්නේ නෑ

"දැන් මොකද කරන්නේ රේඩියෝ කට්ටවත් දාගෙන වැඩිකරගෙන අහනවා...... එහෙම හිතලා සාලේ පැත්තට යන්න . පුටුවෙන් නැගිටා විතරයි !

"ඇන්ටී .. ඇන්ටී .. සඳරු ඉන්නවදෝ"

අන්න මගේ පාප මිතුරු සේනාව මාව හොයාගෙන ඇව්ත් . දැන් ඉතින් නිවාස අඩස්සියේ හිටපු කාලසීමාව අවසන් .. මමත් අම්මා එන්න කලින් ඉක්මනට ඒ හඬ එන පැත්තට ගියා

"සඳරු අන්න උඹගේ පරණ කෑල්ලයි ඒකිගේ අලුත් ලවු එකයි . ඉස්ටේජ් එක උඩ ජෝගි නටනවා !

"මොකක් කීවා ඒ ඩිංගට තව එකෙක් එක්ක ...................?

"වරෙංකො යන්න... අනිත් එවුනුත් උඹ එනකම් බලං ඉන්නේ . ඉකමනට ලැහැත්ති වෙලා වර"

"
හරි උඹලා ඔහොම ඉඳපලා ගෙට එන්න ඕන නෑ .. මම විනාඩියෙන් එන්නම් …”

ගේ ඇතුළට දුවලා ගියපු මම ඇඳන් හිටපු ඇඳුමටම අස්ප ලාඩං දෙක වගේ ගෙවිච්ච මගේ සෙරෙප්පු කටු දෙක දාගත්තා.... කලු නයිට් ජෙල් ඩිංගක් උලාගෙන කොණ්ඩේ බෙකම් වගේ හදාගත්තා .මුල්ලක තිබිච්ච ෆෝන් එකත් සාක්කුවට දාගත්තා අම්මා හංගලා තිබිච්ච මගේ මුදල් පසුම්බියත් හොයලා අරගත්තා ,! ක්‍රියාදාම චිත්‍රපටයක ප්‍රධාන නළුවා අවසන් මෙහෙයුමට යන්න සූදානම් වෙනවා වගේ . මමත් ඒ අවුරුදු උත්සවයට යන්න සූදානම් උණා !

මගේ හිතේ මහා ලොකු කුතුහලයක් තෙරපෙනවා .

කවුද එයාගේ අළුත් ආදරවන්තයා ?
 
මට වඩා වැඩ්ඩෙක්ද ?

මට වඩා හැණ්ඩියෙක්ද ?

ජොබක් කරනවද ?

එයාව රවට්ටනව වත්ද ?

උසස්පෙළ ප්‍රතිඵල නිකුත් වෙච්ච දවසේවත් මගේ හදවත මේ තරම් ගැහුණේ නැතිව ඇති . ගේටුවෙන් ඇතුළට ගිහිල්ලා . පිට්ටනිය පුරාම හිටපු කොල්ලෝ කෙල්ල්ලෝ අංකල්ලා ඇන්ටිලා අතරින් . මාව ඇදගෙන මගේ යාළුවෝ ඉස්සරහටම ගියා . වේදිකාව ළඟටම

ඉතින් ඒ මොහොත උදා උණා . බිම බලාගෙන හිටපු මම හෙමීට ඇස් දෙක ඇරලා . ස්ටේජ් එක උඩ හිටපු පුංචි නිවේදිකාව දිහා බැලුවා.... මම කලින් ආදරේ කරපු .හිස් අහස බ්ලොග් එකේ පිටු පුරවාපු . මගේ ජීවිතේට අරමුණක් දීපු . පුංචි කෙල්ලව ආයෙමත් වතාවක් බලාගත්තා . රන්වන් පාට ළමා සාරියකින් සැරසිලා හිටියේ... එදා කෙනාමයි

ඊටපස්සේ මම හෙමීට ඔළුව හරවලා . දකුණු පැත්තේ හිටපු අනිත් නිවේදකයා ඒ කියන්නේ මගේ හිටපු කෙල්ලගේ අළුත් පෙම්වතා ! එයාව බලන්නත් මම ඔළුව හැරෙවුවා

මෙතැන් සිට සියලුදේම ලියැවෙන්නේ ..පැරදුණු පෙම්වතෙකුගේ දෘෂ්ටි කෝණයෙනි !

හද්ද පරණ සරමක් අඳගෙන...බුජාලා වැඩියෙන් යොදාපු සුදු කමීසයකින් සැරසිලා කොණ්ඩේ තෙල් ගාලා මදින් බෙදාපු කොල්ලෙක් මයික් එකක් අතේ අරගෙන ඉන්නවා මුහුණවර හරියටම. සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයාගේ වගේමයි !

"මූද බං එයාගේ අලුත් කොල්ලා . බලහංකෝ මුගේ හැටි" ! මම අත දික්කරලා මගේ යාළුවන්ට පෙන්නුවා

" උඹට පේන විදිහනේ බං . මූ තමයි අහවල් වේදිකා නාට්‍යයේ . පැනියාගේ චරිතය රඟ දක්වලා ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර උණේ . උඹට වඩා නම් හැණ්ඩියෙක් බං !

"අනේ උඹලෑ ඇස් පේන්නේ නෑ . මූ මොකෙද්ද ?

"නෑ නෑ බං ඉරිසියාවට උඹගේ ඇස් අන්ධ වෙලා තියෙනේ ඒකයි . කෙල්ලගේ අම්මයි තාත්තයි දෙන්නම ඔන්න සම්බන්දෙට කැමත්තත් දීලා"

මගේ යටි බඩ සිසිල් වේගෙන ගියා . මෙච්චර කල් ආදරේ කරපු මට කැමැත්ත නොදුන් ඒ දෙමවුපියෝ කොහේවත් ඉන්න කොල්ලෙකුට කැමැත්ත දීලා ! ඒත් මගේ හිතට පොඩ්ඩක්වත් දුකක් දැනුණේ නෑ . මොකද කියනවා නම් මම දැන් මේ සේරම දේවල් අතීතයට එකතුකරලා ඉවරයි . ඒත් මොකද්ද මන්දා මහ අමුතු හැඟීමක් මේ මොහොතේ ඉඳන් මගේ හිත ඇතුළේ කැලැත්තෙනවා .

"සඳරුවා මොකද බං මූඩ් ගහලා ?

"පිස්සුද බං

උඹට ඉරිසියයි නේද මචං .?

නෑ කියන්න හිතුණත් ඒ වෙලාවේ මගේම යාළුවෝ ඉස්සරහා මොකට බොරු කියනවද කියලා මට හිතුණා

"
හ්ම්... අම්බානෙට ඉරිසියයි බං"

මොහොතකින් මගේ වටේ හිටපු යාළු මිත්‍රයෝ එක එක අදහස් දෙන්න පටන්ගත්තා .

"අපි එහෙනම් මූට හූවක් දාමු . පොඩි මිස්ටේක් එකක් වෙනකම් ඉඳලා ඌට මයික් එක දාලා දුවන්න හූ කියමු . එතකොට උඹට සැටිස් බං"

මගෙත් මූණේ හිනාවක් ඇඳෙන්න ඇති . මමත් එක පයිං ඒ යෝජනාව ස්ථීර කළා .!

"හරි මෙතන ඉන්න අපි සේරමලා එකපාර ලොකු හූවක් දාමු . අරපැත්තේ ඉන්න එවුනුත් එතකොට එල කැඩෙන හූවක් තියාවි"

ඉතින් මම ආත්මාර්ථකාමියෙක් වෙන්න ඇති ඒත් මගේ හිතේ මොහොතකට නැගිච්ච ඒ ඉරිසියාව හැමදේකටම වැඩිය ලොකුයි මම මේක කරන්නම ඕන !

ඉතින් මගේ පුංචි ආදරවන්තියගේ බ්‍රෑන්ඩ් නිවු පෙම්වතා එක වචනයක් යන්තමින් වරද්දගන්නකම් අපි විනාඩි 15 විතර බලාගෙන හිටියා................................. අන්තිමේදී අපි බලාගෙන හිටපු ඒ සුන්දර මොහොත උදා උණා

මොහොතේම මගේ ගමේ හොර පොල් කඩන අංකල් කෙනෙක් ලිස්සන ගහ මුදුනටම නැගලා කොඩිය ගත්තා . එතකොටම අපේ ඉලක්කය වෙලා හිටපු නිවේදක පෙම්වතා . එකවරම ෆෝම් වුණා
 
ඔවු මෙන්න පිළිගන්න ලීස් ගහේ මුදුනටම ගිය ඒ ජයග්‍රාහකයා !

මම හිතන විදිහට ග්‍රීස් ගහයි ලිස්සන ගහයි කියන වචන දෙකම එකවර කියැවෙන්න ගිහිං .. පෙම් බුවාගේ කටින් පිටවුණේ ලීස් ගහ කියන වචනය !

අපිට ඒ හොඳටම ඇති .. එක වරම පිරිස මැද්දෙන් නැගපු හූ හඬට අහල පහළ ගම්මාන හතක් හෙලවෙන්න ඇති . හිතේ දහසක් හැඟීම් හිරකරගෙන හිටපු මම ඒ සේරම හැඟීම් හූ හඬකට පෙරළලා . හුළඟේ පා කරේ පුදුම ආතල් එකකින් . මම මගේ ජීවිතේට ඒතරම් හයියෙන් හූ කියලා නැතුව ඇති ...

"ඇඩෝව් ඊයේ රෑට කෑවේ ලීක්ස් දෝ ??

මෙන්න නිවේදකයක්ට ලූස් හැදිලෝ .! ! ! ! !

කොල්ලෝ සේරම තව තව වචන දාලා කෑගහන්න ගත්තා . ග්‍රීස් ගහ මුදුනේ හිටපු කොඩිය ගත්ත ජයග්‍රාහකයා පවා හිනහ වේවී පහළට එන අතරේ . ගමේ අවුරුදු උත්සවේට ආපු වයසක සීයාගේ ඉඳලා . පොඩි දරුවා වෙනකම්ම විනාඩියක් විතර හිනහා උණා .හැබැයි දෙන්නෙක් ඇරෙන්න .. කටවල් කජු ලෙලි වගේ කරගත්ත. මොහොතකට ගොළුවෙච්ච නිවේදක ජෝඩුව ...සද්ද නැතුව මොහොතක් හිටියා ...නිවේදක පෙම්වතාටනම් ඇපත් නෑ . එයා හරිම ලැජ්ජාවෙන් හිනා වෙන්න උත්සහ කළත් ඒ හිනාව බලෙන් මවා ගත් හිනාවක් කියලා හිටපු හැමෝටම පෙනුණා සමහර අය නැවත නැවත හූ කියන්න ගත්තා . නිවේදක බුවා මයික් එකට පිඹිනවා . මයික් එක වැඩ නෑ වගේ රඟපානවා . එක කෙලියයි...

වේදිකාව උඩ ඇස් දෙකක් මගේ දිහා බලාගෙන ඉන්න බව මම දැක්කේ මොහොතක් ගියාට පස්සේ . මාව දවලා අළු කරන තරමේ නපුරු බැල්මක් දීගෙන හිටියේ .. මීට මාස ගාණකට කලින් මගේම ආදර කථාවේ මගේ ආදරණීය පෙම්වතිය වෙලා .මගේ ලෝකයම මගේ ජීවිතයම වෙන්න පොරොන්දු වෙලා මගෙත් එක්ක හිටපු අද මගේ හිටපු පෙම්වතිය වන ඇය... මගේ හිනාව ඒ මොහොතේම අතුරුදහන් උනා .!

මේක ලියන දැනටත් මම එයා එක්ක තරහ නෑ . හැබැයි මෙගේ හිතේ කොනකවත් ආයේ එයා ගැන අංශුමාත්‍රයකවත් ආදර හැඟීමකුත් නෑ . මම එයා ගැන හිතන්නෙත් නෑ . අදින් පස්සේ එයා කවුරු එක්ක හිටියත් මට කමකුත් නෑ !

ඒත් එයා වෙන කෙනෙක් එක්ක ඉන්නකොට මට දැනෙන හැඟීමට කියන්න නමකුත් මම තාම දන්නෙ නෑ ! .



සඳරු //
Image[ http://raptorsrepublic.com/wp-content/uploads/2010/04/booing.jpg ]

69 comments:

Dinesh said...

මල්ලී ඒ ළමයට දැන් ආදරේ නැත්නම් හිතේ කොතනකවත් නැත්නම් ඇයි ඉරිසියාවක් හිතිලා හූ කිවුවේ.. අමනාප වෙන්න එපා මම එහෙම ඇහුවට..

ඒක නෙමෙයි කවුද සිම්බාබ්වේ කඩුළු රකින්නා? :)

කතන්දර Kathandara said...

ඒත් එයා වෙන කෙනෙක් එක්ක ඉන්නකොට මට දැනෙන හැඟීමට කියන්න නමකුත් මම තාම දන්නෙ නෑ !

උඹට ඉරිසියයි නේද මචං ….?”

"හ්ම්... අම්බානෙට ඉරිසියයි බං"

Hishan de Silva said...

අපිට කෙල්ලෙක් සොයා ගන්නව වගේ නෙවෙයි කෙල්ලෙක්ට කොල්ලෙක් ව සොයා ගන්නවයි කියන එක. Experience තියෙන කෙල්ලන්ට හැබැයි හොදේ.

උඹට කෙල්ලව තාමත් මතක් වෙනව නම් ඒ මතක් වෙන වෙලාවට උඹ මොකක් හරි ප්‍රයෝජනවත් වැඩක යෙදියං.

සෝරෝ said...

ඕව ​ඔහොම තමයි බං.. අපි ආදරේ කරපු ​කෙනා වෙන ​​කෙනෙක් එක්ක ඉන්නවා දැක්ම පට්ට ඉරිසියයි තමා බං.. දකින්න තියා ඇහුවමත් පට්ට ඉරිසියාවක් දැනෙන්නේ..

උඹ කරපු වැඩේ වැරදියි කියන්න තරම් මම අටලෝදහමට කම්පා නොවන කෙනෙක් නෙවෙයි.. ඒත් ඉතිං උඹ කල වැඩේ හරී කියන්නත් බෑ..

හැබැයි උඹ ඉන්න තැන මම හිටියත් කරන්නේ ඔය දේම වෙන්න පුළුවන්..

-ජය වේවා..!!

Anonymous said...

ඔහොම වෙලාවට හිතට එන දෙවල් ගැන දැන ගන්න නම්....... අය්යේ උඹට වෙලා තියනවා වගේ දෙයක් වෙන්නම ඔනේ......

අනේ මංදා අය්යේ උඹ නම්...........

රොබින් said...

හූ කීමේ වරදක් මට නොපෙනේ.

Anonymous said...

What to do machan..? I also faced a similar situation. It's heart breaking. But be brave & face the future. Don't worry about the past.
Good luck.

සාතන් said...

සමහර දේවල් වලට කියන්න නම් නෑ තමා... මීට ව‍ඩා දෙයක් කියන්න ගියොත් වෙනම පෝස්ට් එකක් දාන්න වෙනව... අන්තිමයම කියන්න තියෙන්නෙ,

අපි එකම රෑනෙ කුරුල්ලො.. අපි එකම රෑනෙ කුරුල්ලෝ..... :)

Podi Kumarihami said...

//ඒත් එයා වෙන කෙනෙක් එක්ක ඉන්නකොට මට දැනෙන හැඟීමට කියන්න නමකුත් මම තාම දන්නෙ නෑ ! //

මේකට කියන්නේ "just plain jealousy" කියලා.
හූ කීව එක නම් හොඳ නෑ. ගිය අයට යන්න දෙන්න.

Anonymous said...

අ‍නේ පවු.......

ගිය දේ ගියා‍වේ මල්ලි.....

තාරක Dilsh@n said...

මට නම් ඔය දේ වෙලා නෑ. ඒත් එහෙම දෙයක් ගැන හිතන්නත් අමාරුයි බන්...

Dilanka Madhawa said...

පිස්සු හැදෙනව බං...ජිකිz....ජීවිතේ ඔහොම තමයි...

සංකල්ප said...

මල්ලි ඔය කෙල්ල ඔයා අර බ්ලොග් ලිව්ව පුංචි සුරංගනාවිද ? අනේ මන්දා එයාලගේ අම්මලා මාරම වැරදි. අච්චර ආදරය කරපු මල්ලිට කැමති නොවි වෙන කොල්ලෙක්ට කැමැත්ත දුන්න එකනම් මාරම වැරදියි.

මල්ලිගේ හිතේ තාම ඒ නංගි ගැන් ආදරයක් තියෙන පාටයි නැත්නම් ඊර්ශ්‍යාවක් හිතෙන්නේ අහවල් එකටෙයි.

Anonymous said...

මල්ලි, ඔයාගෙ හිතේ ඇති වෙච්ච ඉරිසියාව සබොහොම සාමාන්‍යයි. ඒක ඕනෙම පෙම්වතෙකුට පෙම්වතියකට පොදු දෙයක්.... ඒත් මොනව වුණත් මොහොතකට හරි ඔය දෙන්න ආදරේ කළා නෙ නේද?? ඒ නිසා හොඳ මල්ලි වගේ මීට පස්සෙ කවමදාවත් ඔය වගේ දේවල් කරන්ඩ එපා.
ආදරේ කරල ඔය දෙන්න දෙන්නට වෙච්ච පොරොන්දු ඉටු කරන්න බැරි වෙච්ච එකේ වාඩුව ගන්ඩ ඔය වගේ දේවල් කරන එකෙන් ඔයා තවත් දුක් වෙනව...දැන් බලන්ඩ ඔයාගෙ හිතෙත් සතුටක් නෑ නෙ එහෙම කළා කියල....

Anonymous said...

මට තේරෙනව මචන් ඔයා ගැන.. මාව කවදාවත් දාල යන්නෙ නැ කීව කෙල්ල,වෙන එකෙක් එක්ක ඉන්නවා මගෙ ඇස් දෙකෙන්ම දකින්න වුනා මචන් මට.ජිවිතෙට එ දවසනම් මට අමතක වෙන්නෙ නෑ.

Praසන්ன said...

හැමදේම අපට ලබාගන්න බෑනෙ.

නිශ් said...

තමන්ට දෙයක් නැති උනාම දැනෙන හැඟීමට වඩා දරුනුයි බන් ඒ දේම තවකෙනෙකුට ලැබිලා තියෙනවා කියලා දැක්කම දැනෙන හැඟීම.

ඒකට කියන්නෙ මොකක්ද හ්ම්ම්ම්ම් ඉරිසියාවම නෙවෙයි මන් හිතන්නේ. හැඟීම් සමුදායක එකතුවක්.

අලුත් කොල්ලා | The New Guy said...

නුඹ යන්නම යන්නම යනවා නම්
මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්
යළි එන්නම එන්නම හිතුනේ නම්
නුඹ එන්න එපා මගෙ හිත තහනම්

කවි කාරයො කොහොම කිව්වත් බන් මට තේරෙනව උඹේ හිතේ තියෙන දුකයි ඉරිසියාවයි. ඕක උඹට විතරක් නෙමෙයි බන් කොල්ලො ගොඩකට වෙලා විඳවන කථාවක්. ගිය දේ යන්න ඇරපන් බන් හිතට සහනයක්.අත්දැකීමෙන් මම මේ කියන්නෙ. ගිය දේ යන්නම ඇරපන්......

ජය වේවා....

සිතුවිලි නිහඬයි said...

හු කිව එක නම් හොද නෑ අයියේ...ඔයා හු කිවේ ඉරිසියවටම තමා....අපි ආදරේ කරන දේවල වලින් අපිට ලැබෙන්නේ බොහොම පොඩ්ඩයි....ඇත අහිමි වීම් වලටමයි හිත යන්නේ....

Sri said...

නියම වැඩේ....

Hishan de Silva said...

දැං දැං මේ වගේ කේස් වැඩි වෙන හින්ද මම නං කියන්නෙ ලෝකෙ ඉන්න විද්‍යඥයෝ සේරම ටික එකතු වෙලා මේ වගේ ප්‍රශ්න වලට ඉක්මන් සහනය ගෙන දෙන පෙත්තක් හදන්න ඕනෙ. මේක මේ රටේ ලෝකෙ දැවෙන ප්‍රශ්නයක් වෙලා. ප්‍රශ්නෙ ආව ගමන් පෙත්ත ගත්ත ඉක්මන් සහනය. මොකද කට්ට්ය කියන්නෙ? උඹ කොල්ලො ඒකිට ඇත්තටම ලව් කරල තියෙනව මට උඹ ගැන ආඩම්බරයි. දැං බලන්න මෙතන කමෙන්ට් කරල ඉන්න "අක්කියල" කීදෙනෙක්ට එහෙම කරල experience ඇතිද, අපි දන්නෙ නෑනේ? උපදෙස් ගන්නවනම් මම නම් කියන්නේ ඒ වගේ අයගෙන් ගන්න එක හොඳයි :)

Ishara ( DarKneT ) said...

හැම තැනම එකම වගේ කතා තමයි බන් :\

Dasun said...

මචං සදරු

එයා වෙන කොල්ලෙක් එක්ක ඉන්න කොට උඹට ඉරිසියා හිතුනේ නැත්නම් ඒක ලෙඩක්...හැබැයි ඒ හූ කියපු එක නම් වැරදි වගේ නේද?

Anonymous said...

ඕක සාමාන්‍ය ලෙඩක් බං. බෙහෙත් ඕනෙ නෑ. ඕක ඇ‍ඟෙන්ම ඇවිල්ල ඇඟටම දිරල යයි. ගල් පොල් ගහන්නෙ නැතුව හූවක් කියල නැවතිච්ච එක නං හොඳයි බං. මට ඔය වගේ අත්දැකීමක් නැතුව ඔයිට වැඩිය කියන්න බෑ. මොකෝ මගෙන් අයින් වෙච්ච එක කෙල්ලෙක්වත් එදාට පස්සෙ ආයෙ ඇහැට දැකල නෑ.

Charmi said...

මම හරි කැමතියි මේ ලිපියට.
හූ කියපු එක හොඳනෑ කියන්නෙ ඇයි? ඔන්න පිහියක් අරන් ගිහින් ඇන්නනං හොඳ නෑ.

පිණිබිඳු... said...

එයා මගේ වෙලා හිටියා.

මම එයාගෙ වෙලා හිටියා.

ඒත් අපි අපේ නෙමෙයි දැන්.

මගේ අතත් කෙනෙක් අල්ලගෙන.

එයාගෙ අතත් කෙනෙක් අල්ලගෙන.

ඒත් මගෙ හිත බෝතක් කටුවකින් හූරනවා වගේ එයාව දකින කොට.

එයාගෙ කෙල්ල දකින කොට.

ඔව් මම ඉරිසියයි පැලෙන්න.

ඉරිසියාව තමා.

Anonymous said...

වැඩේ නං නරකයි සදරැ. කාටද ඒත් හිනා නොයන්නෙ ලීස් ගහේ මුදුනට ගියා කිව්වනං. =D =D =D

අපරාජිතයා :::: Aparajithaya said...

"හද්ද පරණ සරමක් අඳගෙන...බුජාලා වැඩියෙන් යොදාපු සුදු කමීසයකින් සැරසිලා කොණ්ඩේ තෙල් ගාලා මදින් බෙදාපු කොල්ලෙක් මයික් එකක් අතේ අරගෙන ඉන්නවා මුහුණවර හරියටම. සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයාගේ වගේමයි !"
ඌ කැත අති මචං ඒත් එහෙමයි කියලා හිනා උන එක වැරදියි කියලයි මට හිතුනෙ මචං.

අඩේ මේ හැබෑවටම උබෙ පර්ස් එක ඇයි බොල අම්මා හංගලා තියෙන්නෙ..?

Ashoka said...

hmm a very thin line between becoming the hero or the villain.

On the other hand, even the villains in stories are human, may be they too are good people like Sandaru at other times when they are not being bettered by jealousy :-).

Can't approve your friends though, they should have acted with some responsibility.

Once again, honest and simple yet a very effective style of writing you have got and you seem to be getting plenty of events to write about too. :-)

Ravi said...

හෙහ්, නියම කොල්ලෙක්නෙ මල්ලි උඹ,

හරි, උඹට ඊර්ෂ්‍යා හිතුනා, ඒක හරි, ඒක සාධාරණයි,එහෙම හිතෙන්ඩ ඕනෙ,
උඹ හූ කිව්වා, ඒකත් හරි, ඒකත් සාධාරණයි,එහෙමත් කරන්ඩ ඕනෙ,
ඊට පස්සෙ උඹටම හිතුනා ඒ වැඩේ හොඳ නැහැ කියලා, ඒකත් හරි, ඒකත් සාධාරණයි,එහෙම හිතෙන්ඩත් ඕනෙ,
ඇත්තටම එහෙම හිතුනනම් මල්ලි උඹ ගොඩ,ආයෙ උඹ ඔය වැඩේ කවමදාවත් කරන්නෙ නැති බව මට සීයට සීයක් සහතිකයි,

nawammawatha සහ charmi, සම්පූර්ණයෙන් එකඟ වෙමි,....... හෙහ්, හෙහ්,

Ishan Yapa said...

එලම එල වැඩේ........ ෆට්ට ආ !!!! මේ කව්ද සිම්බාවේ ටීම් එකේ කීපර් ? තයිබු ද ?

හිස් අහස said...

@Dinesh= දිනේශ් අයියේ Tatenda Taibu කියන කොල්ලා තමයි සිබාබ්වේ ටීම් එකේ විකට් කීපර් . අන්න එයාගේ කපාපු පලුවක් තමයි මගේ හිටපු කෙල්ලගේ අළුත් පෙම්වතා . මට දිවුරාල පවසන්න පුලුවන් . ආදර හැඟීම නෑ අයියේ . මොකටද බං තරහ වෙන්නේ ? හි හි ..
......................................................................................................................................................
@Kathandara = කතා අයියා ඔයා හිතන්නේ ඒ ඉරිසියාව කියලද ? හ්ම් .. මටත් දැන් එහෙමම හිතෙනවා ..
......................................................................................................................................................
@Hishan Melanga = අපෝයි ඔවු බං ඒගැන කුමට කතාද . කෙල්ලෙක් පාරට බැහැලෑ කඳුලු සලපු ගමන් කොල්ලෝ රංචුචක් එයි කඳුලු පිහින්න ..දුක හිතෙන්නේ නම් නෑ බං මතක් වෙන වෙලාවට මම ලාවට පදම් වෙනවා . එතකොට ඔවුවා අමතකයි
......................................................................................................................................................
@සෝරෝ =මට ඒ දැනුනේ ඉරිසියාවමද ? අනේ මන්දා නෑ කියලත් හිතෙනවා .ඔන්න ඔය පොඩි හූවනේ බං පවු සිදු වෙන්නේ නෑ .අනේ මචං මම ඉන්න තැනනම් උඹට ඉන්න නොලැබේවා .... ජය ...
......................................................................................................................................................
@බීටා = ඒකනේ කියන්නේ .බීටා පැටියා කියන්න ගියේ අන්නේ මන්දා අයියේ උඹ නම් නරියෙක් කියලද ?
......................................................................................................................................................
@රොබින් = අන්න හරි මචං එක හූවක්නේ ! එක පොඩි හූවක් !
......................................................................................................................................................
@Anonymous = මචං මමත් ඔය අතීතය ගැන දැන් හිතන්නේ නෑ . ඒත් එද ඒඩබල දැක්කම මට මහා මොකද්ද මන්දා මස්ත බාල්දු ගතියක් දැනුනා . දැන්නම් ඒ හැඟීම් මොනවත් නෑ ගිය එකී ගියාමයි . ආයේ මට එපා ! අන්න එහම මම දැන් ඉන්නවා මචං
......................................................................................................................................................
@සාතන්=මට පේන්නේ සාතන් ගොයියත් කෙල්ලෙකුගෙන් පිදුම් ලැබගෙන වගේ ? අපිත් උඹලෑම රෑනේ තමයි මචෝ ! .
......................................................................................................................................................
@Podi Kumarihami = අනේ මම එයාගැන යන්තමින්වත් හිතන්නේ නෑ කුමාරි අක්කේ .ඔන්න ඔහේ ගියාවේ .මම නිකං මොකෝ කෙල්ලෙක් ඉස්සරහා අල වෙන්නේ නේද .just plain jealousy ඒකේ තේරුම හොයාගන්න ඕන සේරටම කලින් (මට නෝ කඩ්ඩ)
......................................................................................................................................................
@සොඳුරු සිත = ගියදේ ගියාවේ... . නැති උනේ මං , පැරදුනෙ මං . අක්කටනම් මොකද ඉතින් ? //
......................................................................................................................................................
@තාරක Dilsh@n = කිසි දෙයක් හිතන්න එපා මචෝ සෙට් එකට බොන්න අරං දීලා . ගිහිල්ලා හූ කියවපං . අන්න නියම වැඩ . අතින් පයින් නෙවේ . තනිකර හූවෙන් ! කොහොමද ඒක ?
......................................................................................................................................................
@කුරුං ගුරුං = ජීවිතේ දුකයි නගන්නේ හූ හඬම තමයි ... ඕං මං කීවා .
......................................................................................................................................................
@මධුරංග = එයාට සුරංගනාවි කියලා ආවඩපු මට හොඳ වැඩේ . අනේ එයාගේ අම්මලා අප්පලාගේ ලොකු හිත් . මටනම් එහෙම නැන්දා මාමා එපා ! .ඉරිසියාවක්ම නෑ පොඩි ජෙලක් වගේ තමා තියෙන්නේ .
......................................................................................................................................................
@hansakinkini = ආ ජනූ අක්කේ ? අනේ මටනිකම් ඒ වෙලාවේ යාලුවෝ එක්ක ඉන්නකොට නැඟිච්ච චූටි සිතිවිල්ලක් හූවකට පෙරලුවා විතරයි අක්කේ . අපෝ ආයේ කරන්න යන්නේ නෑ ඕවා . ඇත්තටම අක්කේ මට හීන් සතුටක් තියනවා . අර පෙම් බුවාට හූ කියපු එකෙන් .. ආයේ කොරන්නනම් හොඳනෑ තමයි ...

හිස් අහස said...

@Anonymous = ඇනා මට පේන්නේ ඔයත් කෙල්ලෙකුට බොක්ක පූජා කරලා වගේ ? බොක්කෙන් ලවු කරොත් මචං කොල්ලා කපෝති !අඩේ මගේ වාසනාවට මටනම් ඔයාට තරම් එපා වෙන වැඩක් උනේ නෑ ..
......................................................................................................................................................
@Praසන්ன = මටමමයි වෙන්නේ ! හැමදේම එපා එයා විතරක් උන්නම ඇති ඉස්සරමම එහෙම කීවා !
......................................................................................................................................................
@නිශ් = අප්පේ මට එපා උනා ඒ අවස්ථාවේදී අනික බං මම මේබව ම්ගේ යාළුවන්ගෙ කටවල් වලිනුත් ඇහුවනේ . අන්න ඒකයි වැඩිම හිතේ අමාරුව තිබ්බේ . හූවෙන් පස්සේ දැන්නම් හිත නිදහස් ...
......................................................................................................................................................
අළුත් කොල්ලා = කවියනම් පහර ! . අනේ මුල් දවස් ටිකේනම් පොඩි අවුලක් තිබ්බා දැන් නෑ මට ඔය දුක වැඩිය හිතේ තියාගෙන ඉන්න බෑ .

අළුත් කොල්ල අයියේ . අනිවා අනිවා එයා ගියානම් ආයේ මම ඇස් කොනකින් වත් බලන්නේ නෑ . ගියානම් ගියදෙන්
......................................................................................................................................................
@සිතුවිලි නිහඬයි = අනේ නගා පොඩි හූවක්නේ . මගේ යාළුවෝ කීවා බිත්තර ප්‍රහාරයක් දීලා දුවමු කියලා . අන්තිමට පොලීසි ගානේ ලගින්න වෙයි කියලා මම ඒක කරෙත් නෑ . යන්තම් හූවක් විතරමයි .
......................................................................................................................................................
@මම = ජයවේවා ! අන්න මගේ පැත්තට මම
......................................................................................................................................................
@Hishan Melanga = ඔයවගේ අසහන වලට බෙහේත් හදලා තියෙන්නේ බං . ඔය තැබෑරුම් වල ලස්සන පෙට්ටිවල දාපු බෝතල් වල තියෙන්න්නේ අන්න ඔය බෙහෙත තමයි .ගැහුවොත් ආයේ සහනය උපරිමයි .
......................................................................................................................................................
@DarKneT | ඉෂාර = ඔයාටත් කෙල්ල විසින් සම්බාදකයක් පනවලා වගේ නේද ?

හිස් අහස said...

@නිර්මල = අම්මටසිරි නිර්මල ! අනේ නෑ මයෙ මචෝ . හූ විතරයි නේ අනික බං නරිත් ඔය හූ කියන්නේ ?
......................................................................................................................................................
@nawammawatha = හූ කියපු එවුන්ට පස්සේ ගල් පොල් අරන් දුන්නා ! නැත්තම් හරි නෑනේ .අනේ බං මමත් කියන්නේ ඒක උං වෙන කොල්ලෝ එක්ක යාළු වෙනවනම් අපිට නොපෙන්නෙන්න යාළුවෙන්න ඕන. නැත්තම් මට නිකම් කිති කැවෙනවා වගේ .. ආයේ හූකියන්න හිතෙනවා
......................................................................................................................................................
@Charmi = මගේ යාළුවෝ හැදුවේ බිත්තර වලින් ගහන්න . යන්තම් මොලේ ඇති එකෙක් එපා කියලා උංව නවත්තගත්තා . නැත්තම් අපි අද පොලීසියේ ඉන්නත් තිබුනා .. බොහොම ස්තූතියි ඔයා ලිපියට කැමති වීම මගේ හූවට හයියක්
......................................................................................................................................................
@පිණිබිඳු = "එයා මගේ වෙලා හිටියා ඒක කියන්නත්" මට ලැජ්ජයි ! දැන් පිණිබිඳු අක්කේ . බෝතල් කටුවකින් නෙවේ අනේ. දම්වැල් කියතකින් කපනවා වගේ .ස්තූතියි ඔයාගේ ලස්සන අදහසට..
......................................................................................................................................................
@ඉෂ් = එහෙනං ලීස් ගහේ උඩ හිටපු අංකල් කාරයත් හිනා වෙනවා මම බලාගෙන !
......................................................................................................................................................
@අපරාජිතයා = ඌ කැතමත් නෑ බං හැබැයි මට වඩා කැතයි .අම්මා පර්ස් එක හංගන්නේ ඒකේ තියන සල්ලි කොල හිටි හිටි ගමන් හිස් බෝතල් වලට පරිවතනය වනවා කියලා කවුරුහරි කෙනෙක් අම්මට ඔත්තුවක් දීලා මචං
......................................................................................................................................................
@Ashoka = අනේ අසෝක සහෝ . මම ඔන්න ඔය හිතේ ඒ වෙලාවේ ඇති වෙච්ච තරහට යන්තම් පොඩි හූවක් කීවා විතරයි . එතනින් එහාට මම ආයේ ඕක ගැන නොහිතා ඉන්නවා . ඔයා අදහසට උපදෙසට මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා .
......................................................................................................................................................
@Ravi = රවි අයියේ මට දැන් හිතෙනවා . අපරාදේ බිත්තර ප්‍රහාරයක් කෙලියානම් තවත් හොඳා කියලා ! ඒ වෙලාවට මම තනියෙන් හිටියානම් ආයෙ මී පැටියෙක් වගේ ඉන්න තිබ්බා . ඒත් කොල්ලෝ එක්ක සෙට් උනාම ඉතින් මමත් පොඩ්ඩක් උඩ යනවා ! ඒහැටි බං
......................................................................................................................................................
@කුක්කු පැටියා = තයිබු තයිබු තයිබු ! මූ මේ ඇවිත් තියෙන්නේ මාව බලල යන්න නෙවේ තයිබු බලල යන්න

පබලු said...

හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්....

නසරාණියා.. said...

අවුලක් නෑ බං. උඹට හොඳයි කියල හිතෙනවනම් තව හූ කියපන්. ඒත් මචන් ඒකෙන් ටික වෙලාවකට හිත රවට්ටගන්න පුලුවන් වෙනවට වඩා දෙයක් වෙන්නෙ නෑ. පහුගිය දේවල් අමතක කරලා දාලා හොඳින් ජීවත් වෙයන්. ( උඹ ඒ කොල්ලට හූ කිවුව එක ඇත්තටම වැරදියි මචං. උඹ හූ කියන්න ඕන ඒ අහිංසකයට නෙවෙයි, ඒ කෙල්ලටයි. ඒ කොල්ලා සමහරවිට උඹ කවුද කියලවත් දන්නෙ නැතුව ඇති)

~ChAnDiKa~ said...

හූ කියල හරි කමක් නෑ ඒකෙන් හරි උඹට හිතට සැනසීමක් දැනෙනවනං. අන්තිමට උඹට මොකක්ද ලැබුණේ?

Observer said...

අලුත් පෙන්වතාගේ හැඩ රුව කිව්වම මතක් වුනේ අර "ඕලු" කියන ටෙලියේ හිටිය නළුවා.

Unknown said...

චැහ් මම හිටයේ නෑනේ, හිටියනම් ගොං බෙට්ටක් හොයාගෙන ඕකට ගහන්නේ. එල එල අපි ආයේ ආපු දවසක උංගෙ ගමටම ගිහිං හූ කියලා එමු.

චතුවා said...

මොනා කියන්නද අෆ්ෆා.. :\ හැබැයි අනිවා මම හිටියනම් මමත් හූ කියනවාමයි..!

හිස් අහස said...

@පබලු = බකමූනී :)
......................................................................................................................................................
@නසරාණියා.= මචං නසා! ඇත්තම කීවොත් ඒ කොල්ලා පිට ගං කාරයෙක් . මම ඉතින් ගමේ උපන් එකානේ බං මම කොහොමද බං කියපංකෝ ඌ ඉස්සරහා පදිරි වෙන්නේ .මම ආයේ නම් මොනවත් කරන්න යන්නේ නෑ මේ හූවෙන් ගේම ඉවරයක් කරනවා . අනික බං මගේ යාළුවෝ ඉස්සරහා මට වලදාගන්න වෙන්නේ මොකුත් නොකර හිටියනම් එහෙම .
......................................................................................................................................................
@..ChAnDiKa.= අනේ මන්දා මචං මට ඒ හූ කියපු එකෙන් මාරම ෆන් එකක් ආවා ! බලහංකෝ දැන් මගේ හිතේ තිබිච්ච අවුල් සේරම ඉවරයි . දැන් මගේ හිත හිතාගෙන ඉන්නේ මම දිනුම් කියලා . හැබැයි ඇත්තටම මම දිනුම් .
......................................................................................................................................................
@Observer = ඌ හෙන හැන්ඩි කොල්ලෙක්ද ඔබ්සර්වර් අයියේ ? අපේ ගෙදර ටීවී එක කැඩිලා මාස 2යි අපි ඕලු බලා නැත අයියේ !
......................................................................................................................................................
@මිත්‍යාදෘෂ්ටිකයා = මචං ඌ ඇවිල්ලා උඹලෑ ඉස්සර ගමේ ඩයල් එකක් . ජයසිරි කාරයගේ අල්ලපු ගෙදර ඉන්න කොල්ලා .. උඹ දන්නවත් ඇති සමහරවිට .
......................................................................................................................................................
@චතුවා (ළමයා)= මෙන්නෙ සිරා කොල්ලෝ ! ෂි:හ් මචං උඹ උපදින්න තිබුනේ අපේ අල්ලපු ගමේ ! එහෙනම් කොච්චර හොඳඳ . අපි දෙන්නටම එකතුවෙලා හූ කියන්න තිබුනා .

දුමී said...

සඳරු මල්ලි, උඹ වෙනුවෙන් මෙන්න මගෙනුත් හූවක්..... හූ හූ හූ....! උඹේ කතාව කියත්දි මගේ හිතේත් අම්බානෙකට ඊරිසියාවක් ඇති උනා ඒ අළුත් කොල්ල ගැන....! ඔය අත්දැකීම මමත් විඳලා තියෙනවා.....!

හිස් අහස said...

@දුමී = අයියා අපේ ගෙවල් ගාව හිටියනම් එහෙනම් මල් හතයි !අපි දෙන්නටම බෝතලයක් කඩලා . හූවක් කියලා දුක බෙදාගන්න තිබුනා

Anonymous said...

ඔයාගේ පැත්තෙන් ඔයා හරි... එච්චරයි සදරු අයියා... එ වේදනාව දැනෙන කෙනා එ ගැන දන්නවා..තුවාලයක් උනාම අපි එකට බෙහෙත් දාගන්නවා... හිත තුවාල උනා ..ඔයාට ක්‍රමයක් ලැබුනා නේ එක හොද කරගන්න ...ආයේ එහෙම වෙන්න දෙයක් නැ..තුවාලේ සුද්ධයි...

Thusitha (දිමා) said...

මගෙනුත් පෙම්වතාට හූ පාරක්...
හූ..... හූ......

ayesha said...

ඊරිසියක් ඇතිවෙන එක ස්වාභාවිකයි. අපි කාටත් එහෙම දෙයක් උනොත් පුන්චි දුකක් එක්ක ඊරිසියාවකුත් ඇතිවෙයි. ඒත් ඉතින් යාළු හූ කීම කොච්චර දුරට ඔයාගේ හිතට සහනයක් උනාද කියලා මම දන්නෑ

පන්සල් හංදිය said...

හූ කියපු එක අනුමත කරන්න නම් බැහැ....... ඒත් අපි හැමෝම මාර්ග ඵල ලබලා නැහැනේ..........

Unknown said...

අනේ මම දන්නෙ නැහැ . ඕවා ට හා කියන්නත් බැහැ . එපා කියන්නත් බැහැ..කොහොමටත් සිම්බාබ්වේ වලට වඩා රුසියාව ලොකුයිනේ .....

අකීකරු හිත said...

රුසියාවටත් වඩා ලොකුයිලු ඉරිසියාව...ඉරිසියා හිතෙනව තමයි ඔය වගේ වෙලාවට ගනන් ගන්න එපා මල්ලි

මකුළුවා..... said...

ඕකුන්ට තමා බං කෙල්ලෝ කියන්නේ....විශ්වාස කරලත් බෑ.නොකරත් බෑ....කොහොමවුනත් උඹේ වැඩේ නම් එළ පුතා.අතිවිශිෂ්ඨයි!

හිස් අහස said...

@නිම්ශා = මමනම් හිතුවා ඔයා මගේ හූව යවපත් විදිහට දකියි කියලා . මම හිතුවා හරි ඔයා ඉතින් කොහොමත් වලියට බරයිනේ.. :)
......................................................................................................................................................
@Thusitha Jayasinghe = එලම කිරි ... හූ හූ හු හූ
......................................................................................................................................................
@ayesha= අනේ ඉතින් මමත් මිනිහෙක් නේ . ඔන්න ඔඅය ජුංඩි ඉරිසියාවක් මගේ හිත ඇතුලෙන් නැගලා ආවද කොහෙද ..මටත් හරියට ඒක ඉරිසියාවමද කියලා හිතා ගන්න බෑ යාළු .
......................................................................................................................................................
@කල්හාර දිසානායක = අන්න හරි මචං . ඒ වෙලාවේ හිතට ආපු දේ මම කලා මිසක මම කාගැනවත් වෛරයකින් නෙවේ හූව කීවේ . පොඩි ආතල් එකකටත් එක්ක ..
......................................................................................................................................................
@roy = එක හූවයිනේ යාළුවේ ආයි හූ කියන්නේ නැතිව ඉන්න ඕන ..
......................................................................................................................................................
@අකීකරු හිත = අනේ මම ඒව ගනං ගන්නේ නෑ අක්කා .දැන් ඒව මගේ තුන් හිතකවත් නෑ .. ස්තූතියි .
......................................................................................................................................................
@මකුළුවා = මකුලුවා නම් දැලක් එලීමට සූරයෙකි .. මචං උඹ සිරාවටමද කීවේ ? හ්ම් .. මට මකුලුවව සුවර්

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

අන්තිම පේලියේ වචනේට කියන පදය හොයන්න යන්න එපා..
මමත් තවම හොයන නිසා....
ලස්සනයි කතාව හැගිම් අව්වනවා පරණ අතිතයම.
(අතිතය සිහිනයක් පමණයි සැබැ සුවදක් නැහැ)..........

Unknown said...

හ්ම්ම්ම්ම් අවුලක් නෑ අයියේ පොඩි ෆන් එකකට වගේ එල​.පොඩි change එකකට වගේ නං වැඩේ හොඳයි

Anonymous said...

නරකම නෑ මල්ලි. පරාජය වෙන හැම අදරවන්තයන්ට ම හොඳ ආදර්ශයක්.

" හුවක් කියල හිත හදාගෙන අලුත් ජිවිතයක් පටන් ගන්න "

හිස් අහස said...

@෴දඟයා෴ =ඔයා හරි මොකටද ඔය පහුගිය එවුවා හොයන්නේ නේද මම ඒක මතක කරලා දානවා ..ස්තූතියි දඟයා !
....................................................................................................................................................
@Lakshan Mclaren = එහෙමයි එහෙමයි පපඩම් ලකී...!!
....................................................................................................................................................
@Anonymous = නම නොකීවට බොහොම ස්තූතියි.. ඔයා අර පරන පෝස්ට් එකට දාලා තියන කමෙන්ට් එක මාරම ගති මගේ හිතට නියමෙටම වැදුන කෙමෙන්ට් එකක් තමා ඒක .. බොහොම ස්තූතියි ඔයාගේ වටිනා අදහසට .

jhothishalanka said...

මටනම් හූ කියාගන්න වෙලා තියෙන්නේ මටමයි.

Unknown said...

යකෝ ඒ එතකොට ආප්ප ලතාගෙ පොඩි කොල්ලද? මුන්ට දැම්මම මගුල් විසේ ගහලද? (ආප්ප ලතා යනු ආප්ප පුච්චන ලතා යන්නයි) :D

Anonymous said...

bokkenma adare karapu kellak wena ekek ekka innawa dakkama e duka kohoma iwasannada...
mechchcra adare karapu kella kohoma ehema hasirenawada kiyala hita ganna ba,...
kollek ekka set unath yam kalayakadi..
affair eka nati wela ikmanatama ehema set wenawanam hitena dewal gana kata karala wadak na...api tamath e gana duk weddi
hoo kiwwe ube hite duka pita karaganna unata ein passe ubata eetath wada dukak danenna ati,e uba aththatama adare karapu nisa...
me duka hamadawatama tiyenawa ban aththatama adare karana unge hite...yam dawasaka ape jeewitheta tawa aya lan unath...
hitaganna ba ai kiyala...

mage case ekath ube wagemai..
bt mage hithata shaktiyak awa ube blog eka kiyawala..
digatama liyapan..
ubata cmment katana 1st time me..
man blog liyan nati unath ube hama blog ekama kiyawalath tiyanawa..
ube ewa tama kage nathath mulinma hoyala kiyawanne..
E Wadinnama liyala tiyana nisai...
Keep it Up Bro..!!!

-Ranga-

නචියා said...

ඒක ඇත්ත සදරූ.... මම අදරය කරපු කෙල්ල වෙන එකෙක් එක්ක ඉන්නවා දකිනකොට එන්නේ පුදුමාකර හැගීමක්.... ඒකට කියන්න නමක් නෑ තමයි..........

උබ ඒ ගැන තේරුම් අරගෙන ඉන්නවා කියලා පෙන්නනවා..

රවින් said...

හිනා යනවා බං උඹේ වැඩේට නම්.. ඒත් අනුමත කරන්න බෑ.. මම අනුමත කරත් නැතත් උඹ උඹට ඕන දේ කරන එකෙක් නේ... ආතල් කතාව

මැරා... said...

මම කවදාහරි උබලගේ ගෙදර එනවා........හූ කියන්න............

රස්තියාදු කාරය.. said...

සිර කොල්ලෙක්නේ.. එලම කිරි.. මල් හතයි..!
අරකි මුණ දෙක කරන ඉන්න ඇති.. එල පට්ට, කොල්ලට හූ කියපු එක තමා හොද.. කෙල්ල වැඩියෙන් රිදෙන්නේ එතකොට තමා.. මල් හතයි..!
ජය වේවා උබට.. හුක්කි හික්කු හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ

Charith Samarakoon said...

ඉරිසියාව...හික්...හූ.... උඹට නෙවෙයි හූ කියුවේ ඔන්න..

සුරා යකා said...

කලින් ආදරයක් වෙන කොල්ලෙක් එක්ක ඉන්න කොට හිතට මාර බරක් එනවා නේ බන් ...ඔය අත්දැකීම මම හොදට විඳලා තියෙනවා,,අපිට වඩා බර තියෙන එකෙක් සෙට් උනාම කෙල්ලෝ අපිව දාල යනවා ....ඕව ගණන ගන්න ඕන දේවල් නෙමේ.. ඕක ලෝක ස්බාවය නේ...

ටීම් ට්‍රැවලර්ස් said...

අනේ සඳරුවෝ....
ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත කියනවා නේ. ඒ වගේ උඹට තියෙන ටැලන්ට් එක එකක්. ඌට තියෙන ටැලන්ට් එක තව එකක්. මම උඹලගේ ආදර කතාව මුල ඉඳං දන්නේ නෑ. ඒත් උඹව ඒකිට එක් පාරක් එපා නම්, උඹ ඒකිට දහස් පාරක් එපා කියපං.

උඹ එල කොල්ලෙක්.

නවෝ!

Anonymous said...

ඔන්න අපෙනුත් හොද හූවක්. හූහූහූහූහූහූ..................................................................................................................
මචං කොල්ලෙක් වුනාම හිතේ හැටියට හූවක්වත් තියලා නැත්නම් ජීවිතේ මොකටද නේද බං.
අඩුගානේ අපි වයසට ගියාම දරු මුනුපුරන්ට කියන්නවත් දෙයක් තියෙන්න එපැයි නේ මචං.

Kalpani said...

අහිංසක සතුටු වීමක් අයිය.........වරදක් නම් මම දකින්නෙත් නෑ....

Anonymous said...

me comment eka liyanne godak parakku wela, mama awrudu 10 kata wada awankawama wishwasa karapu (adaraya kiyana wachanayatath wada mata kiyanna thiyenne wishwasaya kiyana wachanaya) kena gen thamai mage jeewithe me wemakam windapu ihalama awishwasaya athwinde. adara sambandhatha kadenawa, dikkasada wenna wunath wena siduweem athiwenawa samahara with minissunta. mage athdakeemen meka iyawana ayata paniwidayak dennam. kisima dawasaka thamanwa awankawa wishwasa karana kenekta awishwasa wantha kamak karanna epa.

Anonymous said...

අම්මපා අයියා....
තමුසෙත් මාර පොරක්නේ..
මං හිතුවේ ඔක ගොතපු කතාවක්ය කියලා.
මාත් නයා මහත්තායා ගාව කබුරපු කාලේ අහලා ඇත‍ෙ
ඇනෝ ආවේ හරි එකවුන්ට් එකට ලොග් ඕෆ් වෙන්න කම්මැලි අප්පා.

Post a Comment

තැන්කූ බං