23.6.11

සමාවෙන්න දෙවියනේ !

 

       පුරුදු විදිහටම කෙටි නින්දකින් පස්සේ මම අවදි වෙලා බලනකොට බිත්තියේ කැලන්ඩරේ ඔක්තොම්බර් මාසෙට අදාළ කොලේ ඉරල දාලා .ඒ කියන්නේ අද නොවැම්බර් පළවෙනිදා වෙන්න ඇති !

.
හ්ම්.. එහෙනම්. මම මේ රෝහලේ ගෙවන එකොළොස් වෙනි මාසේ ..

මීට මාස එකොළහකට කලින් මම හොඳට කතා කරපු . අත පය හතර හොඳට හයිය තිබුණු කොල්ලෙක් .

ඒත් අද


අද වෙනකොට මම කතා කරන්න තබා තොල් දෙකවත් හොලවන්න බැරි . එක ඇහැක් විතරක් පේන, කන් ඇහෙන්නේ නැති , අත පය යන්තම් වත් හොලවන්න බැරි ඇඳක් මත එකම ඉරියවුවෙන් බුදියගෙන ඉන්න. නිකම්ම නිකං සරීර කූඩුවක් විතරමයි .

කඳුළු පිරිච්ච දකුණු ඇහෙන් හැමදාමත් එකම පැත්තට කැරකෙන සිවිලිං ෆෑන් එක දිහා බලාගෙන . මීට මාස එකොළහකට කලින් ඒ මගේ ජීවිතේ වෙනස් කරපු සිදුවීම මම ආයේ ආයේ මතක් කරා ..මම මේ සිදුවීම ලක්‍ෂ වාරයක් මතක් කරන්න ඇති. මේ ඇඳේ වැතිරිලා උඩ බලාගෙන ඉන්න මම මේක මතක් කරමින් ඉන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද ..?

මේ සියල්ල සිදුවුණේ පහුගිය අවුරුද්දේ උඳුවප් පෝය දවසට කලින් දවසේ රෑ . . . . . . . . . . . .

වෙලාව හරියටම මතක නැති වුණත් අහසේ හඳ පායලා තිබුණ විදිහෙනුයි , ඉඳ හිට ඇහුණු නරි බැල්ලියන්ගේ මූසල "හූ" හඬෙනුයි වෙලාව රෑ 11 ට විතර ඇති කියලා මට හිතුණා . දිරච්ච කොල අපේ කකුල් වලට පෑගෙද්දී නැගිච්ච "චොරොස්" හඬට අපිටම බය හිතුණා .

 "ටිකක් හෙමීට අඩිය තියපල්ලකෝ !” 



ඉස්සරහින්ම එළියක් අරගෙන යන නිශාන්ත කෙඳිරුවා ! .

ඉදිරියෙන්ම ගමන්කරපු නිශාන්තගේ අතේ තිබිච්ච චීන ෆෝන් එකෙන් විහිදුණු සුදුපාට එළිය කෑලි කපන කළුවරේ අපිට තිබුණු එකම ආලෝකය වුණා .උදැල්ලයි යකඩ ඉන්නයි දෑතටම ගත්ත රුවන් ඊළඟට ගමන් කරා . තුන් වනුවට හිටියේ "අජිත් " සෙරෙප්පු දෙකක්වත් නැතුව කුළු ගෙඩියයි සවලයි තනියම කර තියාගෙන කකුලේ ඇනෙන නිදිකුම්බා කටු ගැන යන්තම්වත් හිතන්නේවත් නැතුව නියම කොල්ලෙක් වගේ අජිත් ඉදිරියට යමින් හිටියා . අන්තිමට හිටියේ මමයි .මාලියි .වම් අතින් රුපියල් 10ක ප්ලාස්ටික් මල්ලකුත් , දකුණු අතින් මාලිගේ කෙට්ටු , සීතල අතත් අල්ලගෙන මම අනිත් උන්ගේ පස්සෙන් ඇවිදගෙන ගියා .

මගේ නම "එරන්ද”. මම මාලිගේ අතින් අල්ලගෙන හිටියට මම මාලිගේ පෙම්වතා නම් නෙවෙයි .! "මාලි" කියන්නේ මගේ ලොකුඅම්මගේ දුව . අම්මා තාත්තා නැති මාව පොඩි සංදියේ ඉඳලම හදාවඩා ගත්තේ මගේ ලොකු අම්මා . ඉතින් පුංචි කාලේ ඉඳලා මට හිටපු එකම මිතුරිය , මගේම සහෝදරිය වුණේ මාලි.

අපි කෑවේ බිවිවුවේ සෙල්ලම් කරේ එකට ඉගෙන ගත්තෙත් එකම ඉස්කෝලේ , එකම පන්තියේ . අපිට ඉස්සරහින් මේ ඇවිදගෙන යන . නිශාන්ත , රුවන් , සහ අජිත් .මේ තුන්දෙනත් අපේ පන්තියේ . අපි පස් දෙනා තමයි හැමදාමත් පන්තියේ එකටම හිටපු සෙට් එක .. .පුංචි ඉස්කෝලේ හිටපු ජනප්‍රියම ගැන්සිය .

ඒක හරිම පුදුම ගැන්සියක් .! කොල්ලෝ හතර දෙනයි එක කෙල්ලයි. ! අපි අතර රහස් තිබුණේ නෑ . අපි පස්දෙනා එකාට එකෙක් පණ වුණත් දෙන තරමට ලං වෙලා හිටියා .එක කෑම එක දිග ඇරගෙන කන අපි ඉස්කෝලේ ගියේ , පන්ති ගියේ එකට...

..! තව දෙයක්... අපි කට්ටියම උසස්පෙළ විභාගය ෆේල් වුණෙත් එකටමයි .

ඇත්ත.. අපේ ගැන්සියේ කවුරුවත් උසස්පෙළ වැඩ තුන ගොඩ දාන්න තරම් වාසනාවන්ත වුණේ නෑ . ඇත්තම කීවොත් අපි අදක්‍ෂයි !.අපිට එදා ඉඳන් පුළුවන් වුණේ අතේ පයේ වැඩ විතරමයි . හේන් කොටන , වපුරන . කාලෙට අපි ඉස්කෝලේ ගියේ නෑ .ගමේ මගුලක් , මරණයක් වුණු දාටත් අපි එතන . දෙමාපියන්ටත් ළමයින්ට උගන්වන්න ඒතරම් උනන්දුවක් තිබුණේ නෑ . අවාසනාවද , නොහැකියාවද මොකක් හින්දද මන්දා අපි පස් දෙනාම විභාගය ෆේල් .

ඉස්කෝලේ දැන්වීම් පුවරුවේ දාලා තිබුණු උසස්පෙළ ප්‍රතිථල ලේඛනයේ තිබුණු අපේ ප්‍රතිථල දැකලා ඇඬුවේ මාලි විතරයි . අපිට නම් ඒතරම් දුකක් දැනුණේ නෑ .අපි හැමෝම පාසල් ගමනට ආයිබෝං කියලා ගෙදර නතර වුණා . ඉගනීමට තිත තිවුවා !. ඔය විදිහට මාස හතක් අටක් විතර ගෙවුණා...

එක දවසක් නොහිතපු විදිහට අපි පස්දෙනා ආයෙමත් වැවු කණ්ඩියේදී හමු වුණා .මුලින්ම කටහඬ අවදි කළේ අජිත් .

"උඹලා දැන් මොකද කරන්නේ ?'

"මම නම් කොහොම හරි කරලා ට්‍රැක්ටක් එකක් ගන්න හිතාගෙන ඉන්නේ කුඹුරු ටික හාලා හොඳ ගාණක් හොයන්න පුළුවන්." ඒ නිශාන්ත

"උඹලා නම් ඉතින් ට්‍රැක්ටර් ගනීවී මම මේ අපේ කුඹුර උගසින් බේරගන්නේ කොහොමෙයි කියලා හිතනවා " හැමදාමත් වගේ නාහෙන් අඬන ගමන් රුවන් කියාගෙන ගියා .

ඉතින් මචෝ උඹ මක්කෙයි කරන්නේ ?

අජිත් ඇහැවුවේ මම දිහා බලන ගමන් .

"මම හිතාගෙන ඉන්නේ කොළඹ යන්න .ගිහින් මොනාහරි දෙයක් කරන්න ” ඒ තමයි මගේ පිළිතුර "

"උඹලා දන්නවාද මම කරන්න යන දේ .?” ඔන්න අජිත් අන්තිමට කියන්න යනවා තමන් ගැන

"මම නිධානයක් ගොඩ දාන්නයි ඉන්නේ ..”

අපි සේරමලා අජිත් දිහා පුදුමෙන් බැලුවා .

"මොනවද බොලවු කන්න වගේ බලන්නේ ! මම කිවුවොත් කිවුවා .”

"උඹ ඔය කියන්නේ ඉස්කෝලේ කෝටස් ගෙවල් පිටි පස්සේ කැලේ තියන නිධානේ ගැනද ?මම ඇහැවුවා

"අන්න හරි උඹට තේරුණා ..ඒකම තමයි . ඒකේ කෝටි ගානක බඩු තියනවාලු බං . මොකද කියන්නේ උඹලත් එනවද ?

ඒ යෝජනාවට කැමති වෙනවද කියලා මම දෙපාරක් හිතුවා .

"එහෙමනම් වෙන කාවවත් ගාව ගන්නේ නැතුව අපි විතරක් මේ වැඩේ කරමු .ඒ එක පයින්ම කැමති වුණේ නිශාන්ත .

වැඩි කතා ඕනනෑ. ඔන්න ඔය විදිහට අපි දුර දිග නොබලා තීරණයක් ගත්තා . අපි ඉගනීම අතින් දුර්වල තැනක හිටි නිසාද මන්දා අපි දෙයක් කරද්දී ඒ ගැන වැඩි දුර හිතන්න ගියේ නෑ . අපි බැලුවේ ළඟ විතරයි .හරි හමං ඉගනීමක් නොලැබීමේ විපාකෙ ..අපිට ඕනෑ වුණේ මේ නිධානේ අරගෙන අපේ සිතුම් පැතුම් , සිහින මේ සේරම සම්පූර්ණ කරගන්න .

"මම ගිහිං මේක ගමේ හැමෝටම කියනවා .!”

මෙච්චර වෙලා කපා දාපු පරණ කෙහෙල් කොටයක් උඩ ඒදණ්ඩේ යනවා වාගේ එහාටයි මෙහාටයි ඇවිදිමින් හිටි මාලි කිවුවා !

"ඔයා කියන්නේ නෑ කියලා අපි හැමෝම දන්නවා " මම හිනහ වෙන ගමන් එහෙම කිවුවා .

"මාවත් එක්කං නොගියොත් මම කියනවද නැද්ද කියලා ඔයාලට බලාගත්තැහැකි .”

අපි කොයි තරම් එපා කීවත් කොයිතරම් පෙරත්ත කෙරුවත් මාලිව වළකන්න බැරි වුණා එයා අපිත් එක්ක මේ ගමන එන්න දැනටමත් ලැහැත්ති වෙලා ඉවරයි . අපි සීයක් ජාති කිවුවත් මේ කෙල්ලගේ දරදඬු හිත වෙනස් කරන්න බැරි වුණා . මට හිතුණා මාලි ඉස්සරහා මේ ගමන ගැන කතාව ඇදලා ගත්තේ අපරාදේ කියලා .ගෙදර ගියාට පස්සේ . මම මාලිගේ ළඟට කිට්ටු වෙලා එයාව මේ නිදන් වැඩෙන් අයින් කරන්න හිතුවා .

"මාලි ඔයාට මම ගේන කොටසින් බාගයක්ම දෙන්නම් ඔයා ගෙදර නවතින්න .”

"මට බෑ ! මම කිවුවොත් කිවුවා එකෝ මේ ගමන කැස්සල් . නැතම් මාත් එක්ක යමු !”

එදා ඉඳන් මම මාලිව දන්නවා .ඒකිගේ නොනැමෙන ගල් හිත ගැනත් දන්නවා .ඒක හින්දා අක්මැත්තෙන් මම මාලිවත් ගෙනියන්න කැමති වුණා .. . . . අනේ මම වගේ මෝඩයෙක් ..

ඉතින් ඔන්න ඔය විදිහට මම අරගත්ත බොළඳ තීරණයක් නිසා මේ කෑලි කපන ගන කළුවරේ අපි පස් දෙනා හොරෙන් ගෙදරින් පැනලා නිධානයක් ගන්න ගෙවල් ළඟ තිබුණු පුංචි කැලෑවකට ගාටනවා .

මාලිගේ පිටේ එල්ලගෙන හිටපු ස්කූල් බෑග් එකේ . හඳුන් කූරු පෙට්ටියකුයි , මැටි පහනකුයි පොල් තෙල් කුප්පියකුයි තිබුණා , මගේ මල්ලේ තිබුණේ හිස් පොහොර ගෝනි කීපයක් විතරමයි .

අපි මීට කලින් නිධාන ගැන අහලා තිබුණා විතරයි. ඒව ගන්නේ කොහොමද , ඒව ගනිද්දී කරන වත් පිළිවෙත් මොනවාද ? මේ කිසිම දෙයක් අපි දැනං හිටියේ නෑ.. අපේ සැලසුම වුණේ නිධානේ පිහිටලා තියන කලු ගල කඩලා ඒක අරගන්න එක .ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක් !. නිධානේ ගන්න අදහස අජිත්ගේ වුණාට මේ ඉසවුව ගැන හොඳින්ම දැනගෙන හිටියේ මේ ඉදිරියෙන්ම ගමන් කරන නිශාන්ත .

අපි අඩියෙන් අඩිය ගමනේ අවසානයට ළඟාවුණා .ගමන පටන්ගත් මොහොතේ ඉඳන්ම මම මාලිගේ අත අතහැරියේ නෑ තදින් අල්ලගෙන හිටියා .පණ්ඩිත කමට ආවට ඒකි හිටියේ හොඳටම බය වෙලා ! ඒකිගේ අත එදා අයිස් කඳක් වගේ හීතල වෙලා තිවුණේ ඒකයි .

නිධානේ පිහිටලා තිබුණු කළු ගල උඩට නැගුනු අපි ඒ ගල මුදුනේ තිබුණු ගෝනෙකුගේ අඩි සටහන් පෙළක් දිගේ ඉදිරියටම ගියා . ගල මෘදු වෙන්න බෙහෙත් වර්ගයක් දාලා ඒ මත විවිධ සලකුණු තියන එක නිධානයක් තැන්පත් කරන ඈත අතීත කාලේ කරන ක්‍රියාවක් බව මගේ සීයා මට පොඩි කාලේ කියලා දුන්නා මතකයි. .අන්තිමේදී අපි එතනට ළංවුණා .

අජිත් අපි කට්ටියටම එකට ලං වෙන්න කියලා මෙන්න මෙහෙම මුමුණන්න වුණා ..

.
"මේවා ගන්නකොට කියන මන්තර සාත්තර අපි දන්නේ නෑ නේ බං . අපි දෙවියන්ගෙන් මෙහෙම ඉල්ලමු . මේවා පොළවේ වැළලිලා කාටවත් වැඩක් නැති විදිහට තියනවාට වඩා අපි වගේ දුප්පත් මිනිස්සු මේවා අරගෙන සතුටෙන් ඉන්නවාට කැමති වෙන්න කියලා . අපි මේවා විකුණලා ගන්න මුදලින් වැඩි කොටසක් දුප්පත් මිනිස්සු වෙනුවෙන් වෙන් කරනවා කියලත් බාර වෙමු. අපිට වරදින්නේ නෑ"

ඔළුව හොල්ලනවා ඇරෙන්න මට නම් වෙන කරන්නදෙයක් තිබුණේ නෑ . මගේ හිත සතුටින් පිරුණා . හෙට ඉඳන් මගේ හැම හීනයක්ම සැබෑ වෙනවා . කොල්ලෝ ටික තමන්ගේ බලා පොරොත්තු සේරම සම්පූර්ණ කරගනීවි . මාලිත් තමන්ගේ දෑවැද්ද හදාගෙන හොඳ කොල්ලෙක් එක්ක දීග යයි.

ඔන්න ඔතනදී මම මාලිගේ සීතල අත අතහැරියා..දෙවියනේ !! ඒකිගේ අත අතහැරපු පව නිසාද අද මගේ අත් දෙකේ යන්තම් වත් පණ නැත්තේ ?

මාලිගේ පිටේ තිබුණු බෑග් එකෙන් පහන අරගෙන තිරේකුත් දාලා , යන්තමට පොල් තෙලුත් දාලා මම සාක්කුවෙන් ගිනි පෙට්ටිය අතට ගත්තා . වෙවුලන අතින් ගිනිකූරු කීපයක්ම ගැහුවත් ඒවා හුළඟට නිවුණා . මගේ ළඟින් දන ගහගත්ත මාලි එයාගේ දෝතින්ම පහන වහගෙන ඒ හමන සීතල හුළඟ යන්තමට නතර කරා ඒ වතාවේ මම ගහපු ගිනි කූර දැල්වුණා . මම පහන පත්තු කරා ..

ඉතින් ..


ඒ පත්තු කරපු පොල් තෙල් පහණේ එළියෙන් මම මාලිගේ සුදුමැලි මූණ දැක්කා .. දෙයියනේ..! මම හීනෙකින්වත් හිතුවේ නෑ ඒ මොහොත.... මගේ රත්තං කෙල්ලගේ ...... මගේ රත්තරං සහෝදරීගේ . මුහුණ දකින අවසන් වතාව වේවි කියලා …

දීප්තිමත් පහන් දැල්ලන් මම මාලිගේ මූණට අමතරව තව දෙයක් දැක්කා .වම් පැත්තේ හිටගෙන හිටපු කළු තඩි මිනිහෙක්..

මම ඒ ඉකමණින් පැත්තට හැරෙන කොටම . යකඩ ඉන්නක පළල් පැත්‍තෙන් තව කවුද කෙනෙක් මගේ ඔළුවට ගැහුවා .මම කැරකිලා මුනිං අතට බිම වැටුණත් ඇඟේ තිබ්බ සේරම හයිය දාලා ආයෙමත් උඩු අතට හැරුණා . මම යන්තමට දැක්කා මාලි තව මිනිහෙක්ගෙන් බේරෙන්න දඟලන හැටි . මගේ යාළුවෝ කිසි කෙනෙක් මම දැක්කේ නෑ . නළලට වැදුණු තව වේගවත් පාරක් සමග මගේ ඇස් දෙක පියැවුණා . මට මතක එච්චරයි ..

මම ඇස් ඇරලා බලන කොට මම හිටියේ මේ රෝහලේම ඇඳක .මට අහන්න ප්‍රශ්න ගණනාවක් තිබුණත් . මගේ දිව මට අවනත නෑ .අතපය හතර මට යන්තමටවත් හීලෑ නෑ .මාව බලන්න ඉඳ හිට පොලීසියෙන් ආවා . මාලිගේ ෆොටෝ එකක් මට පෙන්වමින් මොනවාදෝ කිවුවා .ඒ අය කතා කරන දේවල් මට තේරුණේ නෑ …මම තනියම ඇඬුවා .දවස් ගාණක් ඇඬුවා .අන්තිමේ මම හති වැටුණා .

දවසක් මම වීදුරු බෙහෙත් බෝතලේකින් මගේ මූණ දැක්කා . ඒ හිටියේ එදා හිටපු ලස්සන මූණක් සහිත එරන්ද නෙවේ .මටවත් අඳුරන්න බැරි අමුතුම ජීවියෙක් .



මාලිට මොනවා වුණාද

එයා ඉන්නවද මැරිද ?

"
කෝ මගේ යාළුවෝ ? , උන්ද මට මේ වැඩේ කරේ ?”

 කෝටි ගණං ප්‍රශ්න මගේ ඔළුවේ පිරිලා .මට දැන් ඕන මැරෙන්න .මගේ එක අතකවත් පණ තිබුණානම් . මම ඒක කරනවා .ඒත් මට දැන් කිසිම දෙයක් කරන්න බෑ . මේ පරඬැලක් වගේ ඇඟ ඇතුළට මම කොටුවෙලා . ...එහෙනම් දෙවියනේ දෙවියන්ට අයිති දේ ගන්න ගියපු දුප්පතෙකුට දෙවියෝ දුන්න දඬුවම මේකද ? ....මට සමාවෙන්න දෙවියනේ !

හැමදාකම නිදාගන්න කලින් මම හිතනවා . මම අවදි වෙනකොට මාලි මගේ ළඟින් ඉඳීවිය කියලා ..ඒත් මාස එකොළහක් තිස්සේ ඒක සිතිවිල්ලක් විතරමයි... . . . ඒ සිතිවිල්ල බලාපොරොත්තුවක් වෙලා මාව ජීවත් කරවනවා. . . . . ඒත් ඒ අඳුරු මතකය නම් මාව නොමරා මරනවා..!

මම ඇස් තද කරලා පියාගෙන ආයෙමත් සැරයක් නිදගන්න උත්සහ කරා...
ඉවරයි.


ප/ලි - ඔන්න ඉතින් මටත් හිතුනා කතාවක් ලියා දාන්න . වැඩිය හිතන්න එපා .සඳරුට නෝමල් එකේ කවි , කතා ලියන්න බෑ . රට ඉන්න යාළුවෙක් ගෙනාපු කියවන්න බැරි අමුතු නමක් තියන රන්වන් බෝතලක් තමා මේ කතාව ලියන්න සඳරුට උදවු දුන්නේ . දැන් ඉතින් පළු යන්න බැනපල්ලා .

ප/ප/ලි - මේක ඉවරයි කීවේ ඉවරටම ඉවරයි ආයේ නෑ. නිමි 

67 comments:

මහිම මදුරංග said...

උබට මල්ලි බැනල වැඩක් නෑ නේ .
කතවනම් හැමදම වගෙම උපරිමයි

networkdisa said...

ඔන්න පළවෙනි කොමෙන්ම්ව මගෙන්.
කතාවනම් මරු, ඔය වැඩේ කරන්න ඇත්තෙ යාළුවො වෙන්න ඇති නේද බං.
මේ ඒක නෙමේ අර නම කියවන්න බැරි රන්වන් බෝතලේ තාම උබ ලග තියෙනවද?
අනේ කොහොම හරි නම හොයල කියපන්කො.මටත් ආයි ඔය වගේ කතා ගොඩක් ලියන්න.

Dinesh said...

මුල ඉදන්ම ඇත්තමයි අමුතුම කුතුහලයකින් මම කතාව කියවගෙන ආවේ.. හිතුවෙම මේක මල්ලිගේ ගම් පැත්තේ කාට හරි උන අත්දැකිමක් කියලා.. ඉතුරු ටික එනකම් බලාගෙන ඉන්නවා..

කතන්දර Kathandara said...

ෂිහ්, අර රන්වන් බෝතලේ බහිරවයට දුන්න නම් මාලිත් ගොඩ, එරන්දත් ගොඩ!

සාතන් said...

රට බඩු නැතත් උඹට තව බෝතලයක් ගෙනත් දෙන්නද?... තව එකක් ලියපන් ඒක බීල.. :)

DragonD said...

මම හිතුව අන්තිමට ඔයා කියයි කියල , මේ මගේ යාලුවෙක්ට උන දෙයක් එයා මට හොස්පිටල් එකේ බලන්න ගියාම කිව්වෙ කියල වගේ දෙයක්
එල එල , ලස්සන කතාවක්....
ලඟ ඉන්න කෙනෙක් හෙම ඔහොම ඇත්ත වගේ වෙන්න කතාවක් කියල අන්තිමට මචන් මම හදල කිව්වෙ කිව්වොත් හෙම නම් ඉස්සර දත් පේලියම ස්වර්ගස්ත කරනවා....ගර්....

samadhi said...

ලස්සන කතාවක් සඳරු.

Hishan de Silva said...

මේක නම් නියමයි. මට ඔය උදැල්ල ගැන මුලින්ම කියනකොටම නිකමෙට වගේ හිතුන මුං මේ යන්නෙ නිධානයක්වත් හාරන්නද කියල.

කිඩෝ said...

අඩෝ කතාවනං එල ඒත් අර යාලුවො කරපු දේවලුයි උන්ට වුන දේවලුයි කිව්වනං තවත් එල...

සංකල්ප said...

මට මේ කතව කියවලා ඉවර වෙනකනම් අවසානය මොකද්ද කියලා හිතාගන්න බැරි උනා. ඒතරමටම මේ කතාව උපරිමයි. දුක, ත්‍රාසය, භීතිය මේ හැම එකක්ම අඩු වැඩි වශයෙන් මේ කතාවේ තියෙනවා.

ඒ වගේම මේ කතාව කියවගෙන යද්දි අවසානයේ දුකත් හිතෙනවා.ඇත්තටම මල්ලි මාලි නැති උනේ කොහොමද ? අර යකඩ ඉන්න අනිලද ? නැත්නම් අර යකෙක් වගේ මනුස්සයා ගහලද ?

ඊට පස්සේ අර සෙට් එකට මොකද උනේ.

මල්ලිට තව බෝතලයක් දුන්නා නම් කතා සෙට් එකක්ම ලියවා ගන්න තිබ්බා. මල්ලි කැමතිද දන්නේ නෑ වැඩේට. මල්ලි කැමති උනත් මම නම් කැමති නෑ බොලව් උබ බොනවට. උබ මගේ මලයෙක් වගේ.

පබලු said...

හික්zz,,,මේක මේ කතාවක් ද? හොද වෙලාවට කතාවක් වුනේ...
හැමදාම වගේ උපරිමයි සඳරු :)))

ලකී සිරි said...

මම මෙච්චර කල් හිතන් හිටියෙ කතා තියෙන්නෙ පොත් වල කියලා. දැන් බලන කොට බෝතල් වලත් කතා තියනවනෙ..
මතක තියා ගනින් සඳරූ.......ඔය බෝතල් කතා වැඩිය දිග නැහැ....

Praසන්ன said...

මොකටද මල්ලි උඹට බනින්නෙ. නියම කතාවනෙ.
සඳරු බෝතලේම බිව්වද? ඉතුරුව තිනෙවනං ඒ ටිකත් බීල කතාවෙ ඉතුරු හිරියත් ලියන්න.

හසී said...

සඳරු මරු ආ..... කියන්න වචන නෑ නියමයි.. අනික් කොටසත් ඉක්මනින් දාන්න.......

Gizaa said...

මල්ලි උඹ ලියන කථා නම් එල මම පෙරේදා තමා උඹේ බ්ලොග් එකක් ඉස්සෙල්ලාම කියෙව්වේ ඊයෙත් දවසම මුල ඉදල ඔක්කොම පොස්ට් ටික කියෙව්වා එල කාතා ටික උඹ ඔය වගෙ දුෂ්කර ගමක ඉපදිල ඉහලට යන්න උත්සහ දක්ෂතා තියන එකෙක් බව පෙනවා.එත් මලේ මෙකනම් නොකියම බෑ ඔය බොන එක නවත්තපන් එක උඹේ ඉදිරිගමනට බාදාවක් වේවි. තරහ වෙන්න එපා මෙහෙම කිව්වට.

Podi Kumarihami said...

ඔහොම තමා රට බීමවල බලේ දැක්කද? බෝතල් තුන, හතරක් එක පාර ගැහුවොත් කොහොමට හිටීද?:)

මෙන්න මේ කොටස ගැන මගේ බලවත් විරෝධය...:D
//ඉඳ හිට ඇහුණු නරි බැල්ලියන්ගේ මූසල "හූ" හඬෙනුයි //කොහොමද එරන්ද මේ බව දැන ගත්තේ???එයාලා හූ කියන්නේ වෙන විදියකටද?...:D

ලස්සන කතාව. කියවන කෙනාට අවසානය හිතාගන්ට දීලා තියන එකත් හොඳයි. ඔයා අනාගතයේදී ලංකාවේ ඉන්න දක්ෂම ලේඛකයින්ගෙන් කෙනෙක් වෙන බව නම් මට හොඳටම විශ්වාසයි.

නචියා said...

සිරාවට මචං කියන්න වචන නෑ.. සුපිරි.. මේ කතාව අවසාන කරපන් හරිය. මේකෙ ඉන්න කොල්ලා කවුද. ඌට මොකද උනේ. කවුද මේවා කලේ... ඒ ටිකනම් උඹට කියන්නම වෙනවා.

Ashoka said...

සඳරුට ඇත්ත නොකීවොත් ඒක අසාධරණයි නෙ. මට නම් මේක එච්චරම (සමහර පසුගිය පොස්ට් එක්ක සසඳා බලන විට ) ග්‍රේට් කියලා හිතෙන්නේ නැහැ. හැබැයි ළමා කථාවක් හැටියට නම් සමහර විට ගොඩක් හොඳ ඇති, ළමයින්ගෙන් තමයි අහල බලන්න ඕනෑ. කොහොමත් මේ නිධන් කථා ළමයින් අතර නැගල යන ටොපික් එකක් නෙ. (රන් නිධානය ) :-)

සිතුවිලි නිහඬයි said...

අයියෝ.....කතාව නම් ලස්සනයි...මාලිට වුනේ මොකද්ද දන්නේ නැනේ

සරත් ලංකාප්‍රිය said...

ඇති යන්තම් ඒක කතාවක් වෙච්ච එක.. මං ගැස්ස්සිල හිටිය පටන් ගත්ත විදිහට.. මේ ඊයේ පෙරේද ගල් කොරියේ කෙල්ලක් පස්සේ ගිය එකා කොහොමද මාස එකොළහක් ඉස්පිරිතාලේ ගියේ කියල !!

රවින් said...

මේ ඇත්ත කතාවක් නෙවේද බං?? මට හරියටම අදහසක් ආවේ නෑ කොල්ලට මොකද්ද වුනේ කියලා.. කතාවේ තව තියෙනවා නේ??

සමනළී... said...

අඩේ....නියම කතාව අය්ය....කියන්න වචන නෑ...
ඉතුරු ටිකත් ඉක්මනට දැම්මනම් හොඳය්....:D :D :D

Anonymous said...

මමත් උඹට බෝතලයක් එවන්නම්.. තව මේ වගේ කතාවක් දාපං... මේ කතාවනම් මැක්සා බං...

මොන බ්‍රෑන්ඩ් එකෙන්ද ඕනේ...?

චතුවා said...

මොනා කියන්නද ආය.. පට්ටයි!

සිහින said...

ඇඩෝව් සඳරුව මං හිතුව උඹ මේ මාසේ 7 ක් ලියන්නේ නැති වෙයි කියල.. මේ ලියන්නේ එක සීරුවට.කොහෙන්ද බං කාලේ හොයාගන්නේ..උඹ බස් පදින්නේ නැති එක හොඳයි බං.අපි මහ රෑ වෙනකල් බස් පදින්න අරන් බ්ලොග් ලියන එකත් අමතක කරලා. කතාවනම් පට්ටම සිරා... රන්වන් යාලුවට ජය වේවා..!!
ඇත්තමයි මාත් කවද හරි රට ගියොත් උඹට VAT 69 එකක් හරි අර සරුපයෙක් ඇතුලට දාල ඉන්න එකක් හරි ගෙනත් දෙනවමයි.. (මෙය වත් නොදකීවා)
වෙන මොනවා කියන්නද.....

පූසා said...

අඩේ මරු කතාව උඹට තව ටිකක් බීලාම ලියනනයි තිබ්බේ. එහෙනම් තව අපූරුවට ලියවෙන්න තිබ්බා :D

කැමීලියා මලක් said...

සඳරු කතාව නම් maxa. අන්තිම වෙනකම් හිතාගන්න බෑ මොනව වුනාද කියලා. වෙලාවට අත්දැකීමක් නොවී කතාවක් වුනේ.

ඉතිං සඳරු ඔයාගෙ blog එකට මං අළුත්. ඒත් සේරම කියෙව්වා. අමුතු කලාවක් වෙනුවෙන් try කරල නැතුවට මොකද ඔයා ලියන blog එක හිතටම දැනෙනවා. මං හිතන්නේ අත්දැකීම් නිසා වෙන්නැති. ඔයා ඇත්තටම original මනුස්සයෙක්.

මෙතෙක් ඔයාගෙ post ගැන මට මෙහෙම හිතුනා.
අර අරවින්දයා නම් අන්තිමයි. මාර බලු කොල්ලෙක්.
ඔයාගෙ බිංදු නම් පව්. ඒත් මොනවා කරන්නද?
මල්ලි කෙල්ලො ගැන නම් වැඩිය විශ්වාස තියන්න එපා. ඉක්මනට හිතින් බැ‍ඳෙන්නත් එපා. එහෙමත් කෙනෙක් තමයි හොඳ. පුංචි සුරංගනාවි උගන්නපු පාඩම අමතක කරන්න එපා.
ලක්බිමේ article එක වැටිච්ච එකට ගොඩක් සතුටුයි.

මොනවා වෙතත් මල්ලි ඔය බෝතලේ නම් ටිකක් දුරස් කරන්න පුරුදු වෙන්න ඕන. මේ blog අවකාශෙට ඔයාගෙ පවුලට ඔයාව ගොඩක් වටිනවා. ඒ නිසා බෝතල් love එක නම් ටිකක් අඩු කරන්න හො‍ඳේ. සදා ජයෙන් ජය.

පිණිබිඳු... said...

ඉතින් බොල අර ප්‍රශ්න වලට උත්තර අපි අතින් දා ගන්නද ඕනෙ.

සෝරෝ said...

පට්ට කථාව ඕයි... නියමෙට ලියලා තියෙනවා......

ශානි said...

හොඳ මල්ලියා වගේ මේකේ ඊලඟ පෝස්ට් එක ඉක්මනට දාන්න ළමයෝ නියම කතාව කාලෙකින් කියෙව්ව හොඳ කතාවක්

සීතල අයියා said...

හෆොයි.මාලිට මක්කෙයි උනේ????????
ඒක ගැන ලියලා තව කොටසක් ලියන්න වෙයි.යාලුවට කියන්න තව එකක් ගෙනෙල්ලා දෙන්න කියලා.එතකොට හරි. :D

Anonymous said...

බොන්නේ නැතුව ගංජා ගහන්න පුරුදු වුනෝත් නරකද ඉඳල හිට්ල (සතියකට 3-4 සැරයක් වගේ) පොඩ්ඩක් බීල

Beetle said...

ඉවරකරන්න එපා මචං... සිරාවටම...!

Bindi said...

අනේ එක කතාවක් වෙච්ච එක හොඳයි. නිකමටවත් නිධානයක් හැරුවේ නැහැනේ

Grey said...

උබ දෙයියන්ටනේ කියල තියෙන්නේ..අන්න එතනයි වැරදිලා තියෙන්නේ..
උබ බහිරවයාට කිව්වනම් ඔය කතාව පොර කිසිම අවුලක් නැතුව අරන් යන්න දෙනවා.

හිස් අහස said...

@mahima= ස්තූතියි ඔබට !! නොබැන්නටයි . කතාව වර්ණනා කරාටයි . ඔයා මට දෙන හයිය මට සෑහෙන්න වටිනවා .
......................................................................................................................................................
@Networkදිසා = දිසා යන්තමින් මිස් වෙලා දෙවනි තැනට ගියා .බෝතලේ නම් තියනවා .හැබැයි මම වැඩ ඇරිලා එද්දී ඒකේ ඇඹලයෝ වහලා .පොඩ්ඩක් පිහිදලා බීලා දානවා
......................................................................................................................................................
@Dinesh = අනේ මචෝ කතාව ආයේ නෑ මේ කොටසින් ඉවරයි කතා නායක බුදියගත්තා !
......................................................................................................................................................
@කතන්දර Kathandara = අඩේ ඇත්තට ඒ හිටියේ බහිරවයද දන්නෑ . මේකනේ උනේ බෝතලේ ඇතුලේ තමයි මේ මුලු කතාවම ගැබ්ව තිබුනේ . මේ දිරය බීවම ඒ කතාව මගේ බඩ බොකු සිසාරා ගියා
......................................................................................................................................................
@සාතන් = අම්මප ලියනවා ! සිරාද මචං උඹ කියන්නේ ?
......................................................................................................................................................
@DragonD = නෑ මිත්‍රයා මේක මම අර කීවත් වගේ පාවෙමින් ඉන්න අවස්ථාවක තනි කම කාන්සිය මකාලන්න හිතාපු කතාවක කොටසක් . පාවෙන ගතිය ඉවර වුනාම කතාවත් ඉවර වුණා .ස්තූතියි ආවට ඒ වගේම මට දීපු වර්ණනාවට
......................................................................................................................................................
@samadhi = ස්තූතියි සමාධි !
......................................................................................................................................................
@Hishan Melanga = සමහර විට උං උදැල්ල ගෙනිච්චේ මාව මරලා හංගන්නද ?
......................................................................................................................................................
@කිඩෝ = කතාව කිවරයි පොඩි එකෝ .දැන් ගිහිං කුක්කු එකක් බීල දොයියන්න බොන්න මයියෙ අම්ම :)
......................................................................................................................................................
@මධුරංග = ත්‍රාසය භීතිය වගේම සුංගාරයත් දාන්නයි හිටියේ ඒවුණාට මට ඒකට මුඩ් නෑ .සෙට් එකට මොනා වුණාද කෙල්ලට මක්වුණාද ? අනේ මන්දා අයියේ . අපි ඩිංගිත්තක් බීවට හොඳ කොල්ලෝ .බ්ලොග් අවකාසේ එකම එකෙක් නම් රෙදි උස්සං කෑගහනවා අඩේ අරූ බීලා බ්ලොග් ලීනවා ඕකට මම .. කියලා ඒ අතින් උඹ දෙයීයෙක් අයියේ .
......................................................................................................................................................
@පබලු = පබලු අක්කා මට දීපු පලමු ප්‍රසන්සාව වගේමයි මේකත් ස්තූතියි .
......................................................................................................................................................
@Luckey = හැම බෝතලේකම කතා නෑ සමහර බෝතල් වල මූඩි වල පවා කතන්දර තියනවා . ටිකක් බීවට මම නරක නෑ ලකී. අපේ ජීවිතත් කෙටියි නේ ලකී ඉතින් මේක මොකද්ද ? ස්තූතියි මචෝ ..
......................................................................................................................................................
@Praසන්ன = මම ආයෙත් අහනවා ඔයාගේ නමේ දෙමල කෑල්ලෙන් කියවෙන්නේ "ප්‍රසන්න" කියන එක නේද ? කතාව හොඳයි කීවට ස්තූතියි ඒක මට හයියක් වේවි .ඉතිරිය බීලා බලන්න හදනකොට බෝතලේ පුරා ඇඹලයෝ .කතාව නතර කරා කතාව නිමි
......................................................................................................................................................
@හසී = අනේ මන්දා මුං බොරු කියනවාද මන්දා ? කතාව හොඳනම් එච්චරයි අක්කේ ඔයාට වැලි බොක්කෙන්ම තුති පුදමි .ආයේ කොටසක් නෑ මයෙ දෙයිඅයෝ !
......................................................................................................................................................
@Gizaa = ඔයාගේ කමෙන්ට් එක තිබ්බේ ස්පෑම් ගොඩේ .මම හොයලා හොයලා අරගත්ත . ඔයා මගේ බ්ලොග් එක කියෙවුවට ස්තූතියි . ඔයාගේ අලුත් බ්ලොග් එකටත් මගෙන් සුබ පැතුම් මචං .

හිස් අහස said...

@Podi Kumarihami= සාමාන්‍යයෙන් අක්කේ නරි බැල්ලියෝ උස් හඬින් හූ කියනවා . නරි පිරිමි හූව ටිකක් දිගට අදිනවා . අපේ ගම් වල නරි හිවල්ලු බහුල නිසා මට මේක හොඳට මතකයි . බෝතල් තුන හතරක් ගැහුවොත් මම දවස් 4ට විතර නැගිට ගන්න බැරුව ඉඳීවි .ස්තූතියි අක්කා
......................................................................................................................................................
@නචියා = කතාව ඉක්මනට අවසන් කරා නචි . මට මෙගා කතා ලියන්න බෑ .මොනවා කරන්නද බං ස්තූතියි ආසාවෙන් බැලුවට කතාව පිනිස් බං
......................................................................................................................................................
@Ashoka = බොහොම ස්තූතියි මචං බොහොම ස්තූතියි මාව කෙලින් කරාට. වරදක් දැක්ක තැන ඒක පෙන්වපු එක කොයිතරම් හොඳඳ ! උඹ මගේ කතා මුල ඉඳලම වර්ණනා කරා .ඉතින් උඹ කියන මේක මට පිලිනොගෙන ඉන්න බෑ . මම මගේ අඩුව හදාගන්නම් ඉක්මනට . උඹට ලක්‍ෂවාරයක් ඉස්තූතියි කොල්ලෝ . මම උඹගෙන් උත්තරයක් එනකම් හැම කතාවකම බලාන ඉන්නම් .
......................................................................................................................................................
@සිතුවිලි නිහඬයි = සමහර විට මාලි මැරුනා වෙන්න ඇති නේද සහෝදරී . මමවත් දන්නෑ මොනා වුණාද කියලා
......................................................................................................................................................
@සරත් ලංකාප්‍රිය = හි හි ! අම්මපා මටත් දැන් තමයි ඒක සිහිවුනේ . කස්ටිය බියවුනාද මන්දා ? පලි එක දැක්කාම තේරුම් ගනීවි නේ
......................................................................................................................................................
@රවින් = නෑ රවීන් =අඩේ රවීන් කියලා මගේ එල බොක්කක් ඉන්නවා කවදාකවත් වලියකදී මාව දාලා ගියේ නෑ . මට රවීන් කීවාම උඹවත් ඌවත් දෙන්නවම මතක් වෙනවා .
......................................................................................................................................................
@තටු සිඳුනු සමනළියක් = ස්තූතියි තටු සිඳුනු නගේ .. ආයේ නෑ හූ හූ කතාව ඉවරයි
......................................................................................................................................................
@prasanna86k = ගැලරි බෝතලක් ඕන මට
......................................................................................................................................................
@චතුවා ළමයා = එහෙනම් එච්චරයි මගේ මිත්‍රයා . ස්තූතියි බොක්කෙන්ම
......................................................................................................................................................
@තිශ් = මාසෙට හත නැත්තම් බොස් මට නිකම් මොකද්ද මොකද්ද වගේ .සරුපයි දාපු එවුවා නම් මට එපා මචං මට ගැලරි බෝතලක් එවපල්ලා ඒ ඇති .බස් පදින්න මාත් ආසයි ඒත් සිග්නල් මදි බං නැත්තං ඉතින් පාපුවරුවේ හරි යන්න එනවා .වත්ට මම මේක පෙන්වමි .
......................................................................................................................................................
@පූසා = බයිට් එකට ක්‍රිස්කෝ ටින් එකක්වත් තිබ්බානම් අප්පා !

හිස් අහස said...

@කැමීලියා මලක් = බ්ලොග් අවකාසෙට් අලුතින් ඇවිල්ලා හොර කමට හැංගිලා හිටියා නේද ? අපිට කීවානම් අපිත් එනවා ඒ පැත්තේ රැග් එක දීලා යන්න .බොහොම ස්තූතියි අක්කා . ඔයාගේ ප්‍රසන්සාවට . මමත් ඔන්න එහේ ගියා .
......................................................................................................................................................
@පිණිබිඳු. =ඔන්න මම ඔයාව දැක්කා ! අද
......................................................................................................................................................
@සෝරෝ = අම්ම පල්ල කියපං මචෝ ! උඹත් එනවයි අපේ දියෑ
......................................................................................................................................................
@ශානු = අයේ දන්න බෑ මචෝ අපි වෙන කතාවක් ලියමු කතාව එලනම් මටත් හැපී
......................................................................................................................................................
@සීතල අයියා = මම හිතන්නේ මාලි අන්තරස් දාන වුණා . හික් හික් අපෝ මච මම ඌට වැඳලා වැඳලා මේ එකක් ගෙන්නගත්තේ ආයේ ඕක මට කඩල ඇටයක තරම් දෙයක් එවන්නේ නෑ
......................................................................................................................................................
@මලික් = එවුත් ඉඳ හිට ගන්නවා ඒත් මේ දවස් වල ඔය මල් වලට බැබිල මුසු කරන කුමන්ත්‍රණයක් තියනවා ඒක නිසා පිරිසිදු මලක් හොයාගන්න අමාරුයි මචෝ ..
......................................................................................................................................................
@Beetle =ඉවර වුණා මගෙ අයියේ .. සමාව , ස්තූතිය
......................................................................................................................................................
@Bindi = හාරන්න තිබ්බානම් පට්ට අතල් එකක් ගන්න තිවුනා
......................................................................................................................................................
@Grey = ඔයාල හිතුනේ ඒ බහිරවයා කියලැයි ? මම කතාවෙන් ඉස්මතු කලේ හොරු රෑනක් කියලා කමක් නෑ ඔයාල කතාව ඔයාල ඔන්න විදිහට හදාගත්තා ඒකට මට මාර සතුට .මචං ග්‍රේ බොහොම ස්තූතියි නිදරම මට දෙන ගැම්මට ..

පූසා said...

අපෝ වැඩක් නෑ බං. උඹට බයිට් එකට ඒවා ඉතුරු වෙන්නේ නෑ :D

Dinesh said...

අඩේ එතකොට
1.මාලිට මොකද උනේ??
2.යාලූවෝ ටික කෝ??
3.එදා රැ මොකද උනේ??
4.කවුද එරදට ගැහුවේ??

මේ ප්‍රශ්ණ වලට උත්තර හොයන්න පොලිසි යන්නේ වෙන්නේ...

ගමය said...

අනේ හොද හොද පෝස්ට් දාපු සඳරැත් එහෙනම් බෝතල් බ්ලොග්කාරයෙක් උනා එහෙනම්.(නෑ නෑ හොඳ ලක්ෂණ පෙන්නුම් කරනවා.අනිකත් ඉක්මනටම දාහන්.)

Praසන්ன said...

ඔවු ඔවු දෙමළ ඉංග්‍රීසි සිංහල ඔක්කොගෙංම කියන්නෙ ප්‍රසන්න කියල තමයි.
නයි දාල බෝතල් හදන එකේ ඇඹලයෙක් හිටියට මොකද මල්ලි.

පිණිබිඳු... said...

මාත් දැක්කා.... ඔයා නම් මම හිතාගෙන හිටපු කෙනා වගේම තමා.

duliponline said...

නියම කතාව මලේ . . . . මට නිකමට වගේ හිතෙනව උඹට පුලුවං වෙයි කියල හක්ක පටස් එකක් කාපු අලියෙක් හිතන විදියට ලස්සන කතාවක් ලියන්න. . . . .

ප.ලි.
මමත් එක්තරා ආකාරයක බේබද්දෙක් තමයි . . . ඒත් උඹේ නිර්මාණ හැකියාව ඔය විදියට ඇල්ක වලට පරපෝෂී කරගන්න එපා. බීපං . . . ලියපං. . . . හැබැයි දෙක අමුනගන්න එපා . . . . .

කැමීලියා මලක් said...

Thank you thank you ඒ පැත්තෙ ආවට. තාම ඒක සුට්ටි blog එකක් මලයො. ඒත් ඔයාල ටික ටික එනකොට හිතට හරි සතුටුයි. බලමු බලමු ඉස්සරහට හොඳ දෙයක් කරන්න.

Anonymous said...

මුල්ල පටස් ගැහැව්වමත් මේවගේ ත්‍රාසජනක කතා ලියවෙනවැයි ?

Ravi said...

උඹලයි හිතේ නිදහන් ගන්නවය කියන එක සෙල්ලමක්ය කියල නේද? ඔන්න දැක්කය නොදන්න දේවලට ගියහම වෙන දේ,

Anonymous said...

සඳරු මල්ලියා..

උඹට ෂුවර් නේද බීපු දේ රත්තරන් පාටයි කියල....
රට ඉඳන් ආපු යාලුව ගෙනැත් දුන්න බීම ඇබිසින්ත් ( Absinthe )ද කියල මට සැකයි... ඒකනම් කොලපාටයි... හැබැයි පුතෝ බිව්වට පස්සෙ කොල පාට රත්තරන් පාටට පෙනුනොත් පුදුමයක් නෑ...

ලියවෙච්චි කතාවෙ හැටියටයි බීපු දේ ගැන සැක හිතුනෙ ඕං....

මකුළුවා..... said...

සාර්ථක උත්සහයක් මචං....දිගටම ලියපන්....උඹට හොඳට ලියන්න පුළුවන් බං....පට්ට.....

BAWANTHA said...

ඔන්න මමත් පළවෙනි කොමෙන්ටුව දානව පට්ටයි සහෝ කියල වැඩක් නෑ නරකද බ්ලොග් එකට සර්ච් බාර් එකක් දැම්මොත්

හිරණ්‍ය said...

ඉතිරි ටිකත් අර බෝතලේ උදව්වෙන්ම ලියමු නේ...

සිත් අහස said...

හපොයි... නියම කතාවක්,... ඒත් අර ප්‍රශ්න වලට උත්තර ටික කෝ.. :P

හිස් අහස said...

@පූසා = ඒක නම් ඇත්ත අරකි වගකියනවා බිස්කට් ලොරියකට වුණත්
....................................................................................................................................................
@Dinesh = මොනවා කරන්නද අයියා . කොල්ලට නැගිටගන්නවත් බෑ නේ . ඉතින් ඌ කොහොම කියලා හොයන්නද ඔවුවා
....................................................................................................................................................
@ගමය = ගම මචෝ මම එදා ඉඳන්ම බෝතල් කාරයෙක් තමා .ඒවුණාට අපි නරක නෑ මචෝ .ස්තූතියි ..
....................................................................................................................................................
@Praසන්ன = සහතික ඇත්ත ප්‍රසන්න අයියා . ඇඹලයාව පිහා දාලා ඒක පිනිස් කරා .
....................................................................................................................................................
@පිණිබිඳු = අයියෝ මට ලැජ්ජාවේ බෑ !
....................................................................................................................................................
@ඕනයා = ඒක ලීවොත් මාව වනජීවී එකෙන් ඇවිත් කුදලාගෙන යයි ඕන අයියේ . තෝ නේද මේ ගමේ අලි මරන ඝාතකයා කියලා !
....................................................................................................................................................
@කැමීලියා මලක් =ලස්සනට ලියන්න අපි එන්නම් බලන්න
....................................................................................................................................................
@nawammawatha = නෑ නෑ මයෙ නවම් අයියේ . මුල්ල පටස් වලට පෙම් කතා තමා ලියැවෙන්නේ
....................................................................................................................................................
@Ravi = දිස් ඉස් ඔන්ලි කතාවක් පමනයි අයියේ . සිරාවට ගන්න එපා බං . :)
....................................................................................................................................................
@සපතේරු උන්නැහේ = මටනම් සුවර් රත්තරන් පාටයි . අනික ඔයාට කියන්න ඒක බීවාම පුදුම ජවයක් එනේ ඇඟ්ටයි හිතටයි මම දිවුවා ගම වටේම බයිසිකල් පැද්දා . කවි ලිවුවා .අප්පා පැය 3 විතර බඩු බැස්සා .. තව එකක් තිබ්බනම් කියලා හිතුනා
....................................................................................................................................................
@මකුළුවා = උඹ ඉතින් මගේ එදා ඉඳන් ෆ්‍රෙඩා නේ ..
....................................................................................................................................................
@BAWANTHA = බොලාගේ කටේ මසුරන් දාන්න ඕන මට දැනුයි ඒක මතක් වුනේ ඔන්න දැම්මා .. ස්තූතියි මචෝ බොක්කෙන්ම
....................................................................................................................................................
@හිරණ්‍ය = අනේ බෑ භී .බෝතලේ හිස් වුණා !
....................................................................................................................................................
@ප්‍රාර්ථනා = අනේ මන්දා සහෝදරී මමත් ප්‍රාර්ථනා කරන්නම් එවුවාට විසඳුම් ලැබේවා කියලා .

අපරාජිතයා :::: Aparajithaya said...

මට නිකන් කොයිල් වගේ බං..... මට හිතුනෙනම් මචෝ ට්‍රැක්ටරේ ගන්නයි,කුඹුර බේර ගන්නයි,අනිකට අතට සල්ලි කියක් හරි ගන්නයි අර තිරිසන්නු 3න් දෙනා මාලිව කාට හරි විකුනන්න ඇති කියලයි....

duliponline said...

හොක් හොක් . . . . අබේපාලයව එක්කං ගිගිං අලි පන්නගත්තම උඹට කොහොමත් නඩු විස්සකට එහායිං සෙට් වෙනව මලේ . . . . ඒක නිසා වනජීවී එකට බය නොවී ලියපං

Anonymous said...

ඊලග පෝස්ට් එක දමපන්කො බන්.

මන්තරකාරි said...

කතාවනම් නියමයි. ඒත් මං බනිනවා... ඔය එක එක පාට බෝතල් බීලා ලෙඩ හදා ගන්නවකෝ අපිට ලස්සන කතාවක්වත් කියවන්න නැති වෙන්න...

පන්සල් හංදිය said...

අඩේ මම හොල්මන් වුනා මේක කියවන්න ගත්තාම, මොකද සඳරු මලයා ලියන්නෙ වැඩි හරියක් ජීවිත අත්දැකීම්නෙ, ටිකක් දුරු යනකොට තමා තේරුනේ කතාවක් වගේ කියලා, ඒත් ෂුවර් නැතුව හිටියේ ඉවර වෙනකං .......

kasun said...

සිරාවට මාත් හිතුවෙ මේක කාට හරි සිරාවටම උන සීන් එකක් කියල...නියමෙට ලියල තියේ...!!!
එකම අවුල ඉතින් අර බෝතලේ කේස් එක තමා..!!!

තරු said...

මච0..

මම උඹේ පොස්ට් ගොඩක් කියෙවුවා. ගොඩක් වෙලාවට ඒවා කියෙවුවම..
මගේ පපුව දන්න ගන්නවා... මේ යකෝ ලියලා තියෙන්නෙ මගේ කතාවනෙ කියල හිතෙනව.(දෙන්නගෙම නම් දෙක එකට යන නිසා වෙන්න ඇති )
උඹේ පපුවෙ තියන ගින්දර සීත කාමර වල ඉන්න අපිටත් දැනෙනෙවා.

දිගටම ලියපන් කොල්ලො...

පිස්සා පලාමල්ල said...

අඩෝ මම හිතුවෙ යාළුවෙක්ටවත් උන සීන් එකක්ද කියල... ඇඩෙනව බන්... ලිවිල්ල නම් සුපිරියි

Unknown said...

අප්පා මේක කතාවක්ද...?

මම හිතුවෙම සිරා සීන් එකක් කියලා.. පට්ට කතාව..!

Anonymous said...

ane yako

Anonymous said...

ela ela aiye,,,jaya wewa,,,thawa liyanna,,,

වර්ණ said...

උඹ මාරයෙක්නෙ බොල මාත් හිතන් උන්නෙ ඇත්ත කතාවක් කියලා

Isuru Sampath (ඉසුරු) said...

කතාවනම් සුපිරි........
අනෙ බන් ඕකෙ ඉතුරු හරියත්
ලංකාවෙ බෝතලයක් ගහල හරි ලියහන්කො
මොකද උබ කතාව නැවැත්තුවේ
අම්බානක අපිව හිර කරලා............
ඒක අමතක කරන්නත් බෑ..........
කොහොම හරි ලියහන්.......
හරිද බන්

RONAC said...

ko machan....mama dan dawas kiyaknam baluwada.....
mama asama blog walin 1k thamai oyage me"his ahasa" blog 1ka. ai dan post update wenne natte???

Post a Comment

තැන්කූ බං