3.6.11

ආදරබර Network එක හෙවත් ගල් කොරියේ ලවු එක .




      ජීවිතේදී අපිට හැම මොහොතකම අවංක වෙන්න පුළුවන්ද ? බෑ මම නම් මගේ ජීවිතේදී අවංකව වැඩ කරලා තියෙන්නේ කිහිප වතාවකදී විතරයි. මම හිතන්නේ මම මේ බ්ලොග් පිටුවල ලිවුවෙත් මම කරපු අවංක වැඩ විතරමයි .මම කරපු අවලං වැඩ සහ වෙනත් කෙනෙකුට වල කපන වැඩ ගැන කවදාකවත් ලියලා නැහැ. ඒවා ලිවුවොත් එහෙම ඔහේලා මාව අප්පිරිය කරාවි .. අපි කවුරුත් මිනිස්සු ! කාගේ කාගේත් කිල්ලෝටවල වගේම මගේ කිල්ලෝටෙත් හුණු තියනවා ඩිංග වෙන්න .


.ඉතින් වටෙන් වටෙන් ඇවිල්ලා පාර හදාගත්තේ මම කරපු එක මෝඩ වැඩක් ගැන ලියන්නයි..ඇත්තටම කීවොත් ඒක ටිකක් විතර හාල් වැඩක්. වෙන්න ඇති .කියවන ඔහෙලට එහෙමත් හිතේවි .සමහරවිට මම මේ කතාව ලිවුවේ අපරාදේ කියලා හිත හිත හැමදාම පසු තැවේවි .සමහරවිට .මම හිත හදා ගනීවි ..! එහෙනම් අහගන්න ..

එතකොට මම ජොබ් එකට ගිහිල්ලා මාස 10 විතර . ඒ මගේ ජොබ් එකේ ආරම්භක කාලේ හින්දා අද වගේ පඩියක් මට ලැබුණේ නෑ. යන්තමට කියලා ලැබුණේ මොනර නෝට්ටු 6ක් විතරමයි . විතරක්ම නෙවේ ඒ කාලේ සතියේ දවස් හතේම වැඩ කරන්නත් වුණා .! .උදේ පාන්දරම වැඩට යන්නත් වුණා !

ඔන්න ඔය කාලේ මම වැඩ කරන ඉන්ස්ටිටියුට් එකේ ඉගැන්වීම් වලට අමතරව Software development කරා .අපි තමයි තවමත් අපේ මුලු පළාතටම ඉන්න එකම මෘදුකාංග සංවර්ධන සමාගම ගොඩාක් ආයතන වලට අපි හදපු මෘදුකාංග විකුණන්න ඇති .

කතාව පටන් ගන්නේ අපේ පළාතේ තිබුණු ගල් කොරි හිමි කරුවෙක් අපිට කියලා මෘදුකාංගයක් හදව ගත්තාට පස්සෙයි

ගල් කොරි හිමි කරු = "මට ගල් කොරි දෙකක් තියනවා . දෙකේම ඔෆිස් වල අයට මේ මෘදුකාංගයෙන් වැඩ කරන්න ඕන. ආයතන දෙකම එකට සම්බන්ධ කරන්නත් ඕන" ..

මගේ බොස් = "ඒකියන්නේ නෙට්වර්ක් පහසුකම් ඕන ..දෙන්නම් ! . හැබැයි හොඳ ස්ප්‍රීඩ් ඉන්ටර් නෙට් කනෙක්‍ෂන් එකක් ඔයා ගන්න ඕන ඊට අමතරව රවුටර් නෙට්වර්ක් කේබල් ආදියත් ඔයා අරගන්න ඕන !

ගල් කොරි හිමි කරු ="ඔයාල ඕන ගානක ඕනම උපකරණයක් ගන්න අරගෙන මට බිල එවන්න මම ගෙවන්නම්

.මේ ගල් කොරි අයිතිකාරයට ඕනෑ විදිහට මෘදුකාංගය හදන්න අපි මාස කිහිපයක්ම වෙහෙස මහන්සි උනා .රෑත් වැඩ කලා . අපි කීවේ දෙන්නයි ..මමයි මගේ ලොක්කයි විතරයි .ලොක්කා දඩ බඩ ගාලා වෙඩි වගේ මෘදුකාංගය හදනවා .මම පොඩි පොඩි වැඩ ටික කරනවා. අපි ඒක හදාගන්න සෑහෙන්න මහන්සි වුණා . රෑත් වැඩ කළා .අන්තිමට අපි කොහොමහරි ඒ මෘදුකාංගය හදාගත්තා .

ඉතින් අපට ඉතිරි වෙලා තිබුණේ මේ මුදුකාංගය අදාළ ආයතන දෙකේ පිහිටවලා ඒ දෙක ජාලගත කරන්නයි ! වැඩේට බොස් කෙළින්ම යැවුවේ මාව .

"සඳරු ඔයා ගිහිල්ලා මුලින්ම නෙට්වර්ක් එක හදන්න ඊටපස්සේ මේ Software දාන්න මේ සල්ලි වලින් ඉස්පන්චියක් කන්න. දැන් යන්න "

එහෙම කියලා බොස් මාව පිටත් කරා ..මමත් නෙට්වර්ක් කේබල් ද රවුටර්ද අතින් කටින් එල්ලගෙන .අදාළ තැන බලා පිටත් වුණා ! .

ඒ පොසොන් මාසේ සෙනසුරාදා දවසක් වෙලාව උදේ නවයට විතර . ඒ අපේ ගමට සැරටම පායන කාලේ .ගස් ,වැල් ,පාර මේ හැම තැනක්ම දූවිල්ලෙන් වැහිලා .ඉතින් කාන්තාරේ මැදින් බඩගාගෙන යන්නා වාගේ මමත් ඒ අති දුෂ්කර පාරවල් දිගේ .ගල් කොරිය ගාවට ආවා . එනකොටත් මට හොඳ ගනං. හුස්ම ගන්නවත් බැරි තරමට දූවිල්ල . දරන්න බැරි තරමට සැර අවුව .ඔය ඔක්කෝටම එහා... .එකපාරටම ගහගෙන එන සුදුපාට ගල්කුඩු හුලඟ .ඒවා මගේ නහය අස්සේ ගිහිල්ලා මාව පිස්සු වට්ටනවා...

එතන වැඩ කරන සේවකයෙක් ඇවිල්ලා . කොනක තිබුණු ඔෆිස් එකට මාව එක්කරගෙන ගියා .

"සර් අර ඉන්නේ අපේ ලියන මහත්තයා ! එයාව හම්බවෙන්න ..

මමත් හෙමිහිට ඉදිරියට ගියා

"
ඔය මහත්තයාද අර අහවල් ඔෆිස් එකෙන් ආවේ ?

"ඔවු මං තමයි"

"මහත්තයා මෙහේ ටිකක් විතර රස්නෙයි ගල් කුඩු එන හින්දා ෆෑන් එක දාන්නත් බෑ .මෙහෙම තමයි වැඩ කරන්න වෙන්නේ කමක් නෑ නේද ?

"කමක් නෑ"

ඊට පස්සේ මම වැඩ පටන් ගත්තා .! එතන තිබුණු අලුත්ම පරිගණක සේරම සවි කරලා නෙට්වර්ක් කේබල් ගහලා අන්තිමට ඒවා ජාලගත කරන්නත් මට පැයක් විතර යන්න ඇති.එතන නෙට්වර්ක් එක හොඳටම හරි ගියාට පසේ මම අනිත් ආයතනයට යන්න එතනින් එලියට බැස්සා .එතනත් මේ කරපු වැඩේම කරන්න එපැයි .


බාගෙට වැහිලා තිබුණු වීදුරු දොර ඇරගෙන මම එළියට ආවා .එතකොටම හමාගෙන ආපු ගල්කුඩු මිශ්‍ර සුදුපාට හුළඟ මාව වහගත්තා .හරියට හිම කුණාටුවකට මැදි වුණා වගේ ! ඒත් හුස්මගන්නයි අමාරු . එකපාරටම ගල්කුඩු හුළඟ මැදින් හුරුබුහුටි කෙල්ලෙකුගේ රූපයක් මතු වුණා ! ..අත් නැති ගවුමක් ඇඳපු .කොණ්ඩ දෙකක් ගොතාගනිපු. බාටා සෙරෙප්පු දෙකක් දාගෙන හිටි ඒ කෙල්ල ඇත්තටම හරි ලස්සනයි . එක අතකින් නහය වහගෙන අඩිය ඉක්මන් කරලා ඒ කෙල්ල මා ගාවට ආවා .

"යමු යමු ඇතුළට..

ඇත්තමයි එයාට තියෙන්නේ .ඩිජිටල් කඩහඬක් ..හරිම මිහිරියි ඒ හඬටම වසඟ වෙලාද මන්දා මමත් ආපහු වීදුරු වලින් හදාපු ඔෆිස් එක ඇතුළට ගියා ..

"තව පොඩ්ඩකින් ..ඕක අඩු වෙලා යයි ..මෙහෙම වෙලාවට අපිවත් එළියට බහිනේ නෑ …”

" වුණාට මම දැන් යන්න ඕන .ඔයාලගේ අනිත් බ්‍රාන්ච් එකේ තව වැඩ තියනවා .

"මෙහේ කම්පියුටර් සෙට් කරලා ඉවරද ..සර්"

මෙන්න ...මෙන්න.. ඩිජිටල් කටහඬ මට "සර්" කියනවා සත්තයි බොලවු මගේ පපුව ඩිගි ඩිගි ගාලා ගැහුණා ! .යටි පතුල් වලටත් දාඩිය දානවා මට දැනුනා..මට කෙල්ලෙක් "සර්" කිවුවා ... වෙනකොට අවුරුදු 20 වයස මගේ හදවතට ඊට එහා දෙයක් නෑ !

"ඔවු මිස් මෙහේ නම් ඔක්කොම හරි මම ආයෙමත් එනකම් මේ එක කම්පියුටරයක්වත් ඕෆ් කරන්න එපා !

"
හොඳයි සර්"

"දැන් හුළඟ අඩුයි මම ගිහින් එන්නම් ..

මම ආපහු එළියට බැස්සා ලේන්සුව නහයට තියලා තද කරගෙන මම පාර පැත්තට දිවුවා ..ඉක්මනින්ම මම ගල්කුඩු පිරිච්ච ඒ කොරියෙන් එළියට ආවා . ගේට්ටුව ළඟ නතර කරලා තිබුණු මගේ බයික් එකට නැගලා .වාඩිවෙච්ච ගමන් මම සයිඩ් කණ්ණාඩියෙන් මූණ බැලුවා ..මුලු මූනම දිලිසෙනවා ඒ මුහුණේ තැන තැන රැඳුණු දිලිසෙන මිනිරන් පතුරු නිසා ..

එතකොටම ඇහුණේ ඉක්මනින් පය තියලා කෙනෙක් එන අඩි සද්දයක් ..

මම ආයෙත් හැරුණා ..නහයයි කටයි වහගෙන ඒ දුවගෙන එන්නේ .ඩිජිටල් කටහඬේ හිමිකාරි ..

"සර් යතුර දාලා ගිහිල්ලා ..

මගෙ බඩ පපුව දාලා ගියා ..

"ඉතින් ඇයි ඔයා මේ දූවිලි ගොඩේ දුවගෙන ආවේ මම එනවනේ "

ලැජ්ජාවෙන් හිනාවෙච්ච ඒකි . බයික් එකේ යතුර මගේ දිහාවට දික්කරා ..යතුර මගේ අතට ගන්නකොට මගේ අතයි ඒ හුරුබුහුටිගේ අතයි එකට ටච් උනා ! යාන්තමින් ඒ මොහොතේ මගේ ඇඟ දිගේ ගලාගෙන ගියේ 33000V විදුලියක්... අන්න ඒ මොහොතේ පටන් .. මගේ හදවත ඒ කෙල්ලට ආදරේ කරා ..සමහර විට ඒ ආශාව වෙන්න ඇති. ආදරේ නෙවෙයි වෙන්නත් ඇති. යතුර මට දීපු කෙල්ල ආපහු හැරිලා දුවන්න ගත්තා ..දුවන ගමන් එයා පොඩි ඇක්‍ෂන් එකකුත් දැම්මා . දාපු ඇක්‍ෂන් එක මගේ හිතේ රැඳිලා තියේ මේ දැනටත් ..

හදවත වෙනයි .මොළේ වෙනයි . දෙන්නා දෙවිදිහක් . හදවත කෑගහමින් ආදරේ ඉල්ලද්දී ..මගේ මොළේ මට මෙහෙම කියනවා .

"බලපන් සඳරු ඒකි උඹට වඩා කොච්චර මහතයිද ? උඹ නිකං අඩි කෝදුව වගේ .ඒකි බෙර කඳක් වගේ .. බැරි වෙලාවත් උඹ ඒකිව බැන්ඳ දවසක. වැරදීමකින් උඹ ඒකිට යටවුණොත් මොකද වෙන්නේ ? ..උඹව චප්ප වේවි බං..

සුසුමක් හෙළාපු මම බයික් එකෙ ස්ටාර්ට් කරගෙන ගමන පටන් ගත්තා මම හිතුවේ මේ සේරම මෙතනින් ඉවරයි කියලා ,,,,,ඒත් ..මේ කතාව පටන්ගත්තා විතරයි ..අවසානයට තව ගොඩක් දුරයි ..


.ලි : පටන්ගත්තු කතාවක් මම නවත්තන්නේ නෑ මිතුරනේ ..මේක සේරම ලියන්න තිබුණානම් හොඳයි .ඒත් මට හෙට උදෙන්ම වැඩට යන්නත් ඕන ...ගෙදර මදුරු කොයිල් කෑල්ලක්වත් නෑ මාව වටකරගෙන මදුරුවෝ කනවා . වගේ වාතාවරණයක් යටතේ ලියන එක කරන්න බෑ .. හෙට රෑට ඉතිරිය ලියන්නම් ..සමාවෙයල්ලා ..!!

සඳරු //

බ්ලොගර් වල අවුලක් ඇතිවී තිබෙන නිසා ගල් කොරියේ කතාව ලියා තිබ්බත් PUBLISH කර ගැනීමට නොහැකිවී ඇත .හෙට අනිවා කතාව පල කරන්නම්



57 comments:

දේව් ගේ අඩවිය said...

ඉතිරි ටිකත් ලියනකන් අපි බලා ඉන්නවා හොදේ

Anonymous said...

අපොයි...මදැයි මම හිතුවා මේයාගේ මේ මුණ දිලිහුනේ පෙම් පාටට කියලා බලද්දි මේ මිනිරන් නේ.... ඇ දෙවියනේ දැන් කිවේ සස්නනයි කියලා ..දැන් කියන්නේ බැරල් එකක් කියලා... වෙන මුකුත්ම නෙමේ මම මේ හිතන්නේ සඳරු අයියා නම් හිත ගිය තැන මාලිගාව වගේ..අහුවෙන අහුවෙන තැන කෙල්ලන්ට හිත යනවද මන්දා.... කමක් නැ ඕකට කියන්නේ වයසේ වැරද්දලු නේ... :D

Dinesh said...

සදරු මලයගේ මොළේට මාර දේවල් තමයි එන්නේ.. ආපහු ආවම මොකද උනේ කියලා දැනගන්න නොයිවසිල්ලෙන් ඉන්නේ.. හෙට අමතක නොකර ඒ ගැන දාන්න..

රොබින් said...

බලමු ඊලඟට මොකද වෙන්නේ කියලා.

Anonymous said...

ඉතිරියත් දාන්නකෝ.... එක පාරටම හිතා ගන්න බැහැ මොකද වෙන්නේ කියලා... ඊළඟ එකත් කියවලම බලමුකො...

Dasun said...

සදරුවෝ, උඹට යන යන තැන් කෙල්ලො හම්බවෙනවනේ බං...

සංකල්ප said...

සදරු මල්ලිගේ වාසනාව තමයි ඉතින්. යන යන තැන කෙල්ලෝ. ඉදලා ඉදලා ඇතිවෙන පුංචි සිදුවීමක් ජීවිතේ ලොකු කාලයක් මතක හිටිනවා. මේකත් එහෙම වෙයි.

දවසක් දෙකක් ඔය පැත්තේ කැරකුනා නම් මොනවහරි සුබ කටයුත්තක් කරගන්න පුලුවන්.මල්ලි ගොඩ ගියොත් කාටද ආඩම්බර. මේ බ්ලොග් අවකාශේ අපට නේ.

මල්ලිගේ වෙලාවට තමයි යතුරත් දාලා ආවේ. බලාපන්කෝ එකෙත් හැටි. අර වෝල්ට් 33,000 ක කරන්ට් එක මුලු ඇගටම දැනෙන්න ඇති නේ.

සමනළී... said...

හපොය්....:D

රත්ගමයා said...

යකෝ මේක ලව් කිරිල්ලක්ද....මෙහෙම ලව් කොරන්න ගියොත් ලංකාවේ ඉන්න කෙල්ලෝ මදිවේවි.
අනිවා හොද චාටර් එකක් කන්න ඇති ඩිජිටල් කෙල්ලගෙන්..

Anonymous said...

හ්ම්... උඹව යටවුනානම් ඒ කෙල්ලටයි අමාරු...ඈටකටු ටික ඈනිලා...

සාතන් said...

පොල් පැලේට බඩු හරි වගේ....

සුපර් මාරියෝ said...

අඩේ මරු මරු... ඊලග කොටස එනකන් මම බලාගෙන් ඉන්නවෝ...

Podi Kumarihami said...

ලස්සන කෙල්ලක් දැක්ක හැටියෙම කොල්ලන්ට ආදරේ හිතෙනවා නේද? ඒ වගේ තමයි නැති උනාම මිදි ඇඹුල් කතාවලුත් මතක් වෙන එක.

ඔයාගේ භාෂාව හරි ලස්ස්නයි සඳරූ.
ඔයා එහම නෙමේ හොඳද?:D

Bindi said...

ලස්සන කතාව ..ගල් කුඩු එන නිසා නහයත් වහන් කියෙව්වේ. ඉතුරු ටික දැම්මම තමයි යමක් කියන්න පුළුවන් ඉතින්. මම හිතන්නේ මොලේට කීකරු වුනා නේද

ලකී සිරි said...

ඩිජිටල් ලව් එක නැගලා යයි වගෙ..

පිණිබිඳු... said...

හාච්චෝ...ස්... අපෝ දූවිල්ල. ඉන්න බෑ.. හා..ච්..චෝ...ස්...

කිඩෝ said...

ඉතුරුටිකත් යලපන්.... පුලුවන්නං අර ඇක්ශන් එකත් දාලම පෙන්නපන්....

සීතල අයියා said...

මාර ලව්නෙ.මෙහෙමත් ලව් සීන් වෙනවද?අනේ මංදා...හික්ස්....

සරත් ලංකාප්‍රිය said...

මොහොම අපුරුයි ලියන කලාව.. හැබැයි ඔක්කොම කියවල මිසක් කොමෙන්ට් නම් දාන්නේ නැහැ.. අහ් වැරදිලා දැම්මනේ !

networkdisa said...

මටත් ඔය කාලෙ ඉන්ස්ටිටියුට් එකක වැඩ කලානෙ. හප්පා මටත් දවසක් කෙල්ලෙක් සර් කියල. වෙච්ච ඉතුරු හරිය කියන්න ඕනෙ නෑනෙ.

නචියා said...

අනේ මන්ද මචන්.. උබටත් යන යන තැන කෙල්ලොනෙ.. කමක් නෑ ඒකත් දැන් ඉවර වෙලානේ..

කතාව ලස්සනයි.. ඉතුරු ටිකත් දාපන් මචං බලන්න ආසාවෙන් ඉන්නවා....

උබට ජය..!!!

අපරාජිතයා :::: Aparajithaya said...

කෝ බොල ඉතිරි ටික දාපිය ඉක්මනට කියවන්න....

jhothishalanka said...

ඩිජිටල් ලව් එක ගැන ඉදිරි විස්තර ඉක්මනට දාන්න.(ඔයා ලියන විදියට කියවන්න ආසයි.)

hare :-) said...

හිත ගිය තැන මාලිගාව! ඔහොම යං ඔහොම යං!

තාරක Dilsh@n said...

ඩිජිටල් කට හඩවල් බැට්රි පවර් එක තියෙනකන් විතරයි බන්..
ඉතුරු ට්කත් දාපන්.

උඹත් සෙකන්ඩ් වෙන්න එපා වටකරගෙනම කාපන්..

හිස් අහස said...

@දේවා ගේ අඩවිය= ඉකමනට ලියන්නම් මචං ..
......................................................................................................................................................
@නිම්ශා = අනේ නෑ නිම්ශා කෙල්ලෙකුට ආදරේ කරේ එකම එක වතාවයි අනික් සේරම සාමාන්‍ය විදිහට ඇතිවෙන කැමැත්ත විතරයි .මම දකින දකින කෙල්ලගෙන් අහන්නෙත් නෑ..හොඳටම හිතගිය කෙනාගෙන් අහනවා .අනික් අයව අමතක කරනවා ..බලන්නකෝ මට වෙච්ච වැඩේ ..දිගටම බලන්න
......................................................................................................................................................
@Dinesh = අනිවා ලියනවා ..බොහොම ස්තූතියි මචං දිනේ
......................................................................................................................................................
@රොබින් = ඊලඟට වෙනදේ ඉක්මනට දෙන්නම් රොබා !
......................................................................................................................................................
@කොට ජීවිතේ = ඉකමනටම දෙන්නම් කොටී ඔයාට ඇඬෙයි අවසානය බැලුවම
......................................................................................................................................................
@නිර්මල = කෙල්ලෝ ඉන්න තැන්වලටනේ මචං මම නිතරම යන්නේ ..:)
......................................................................................................................................................
@මධුරංග = මේක මට ඉස්සරම ඉස්සර කාලේ සිද්දවෙච්ච සිද්දියක් බං එවකට මට අවුරුදු 20 යි ! පුංචි මතකයන් තමයි අපිව ජීවත් කරවනේ .ඔයාටත් ඒව නොඅඩුව ඇති
......................................................................................................................................................
@තටු සිඳුනු සමනළියක්. = ඇයි ඇයි සරපෙයෙක්ද ?
......................................................................................................................................................
@රත්ගමයා = මම කෙල්ලන්ගෙන් චා උනා කියලා ඔප්පු කලොත් මම සරමක් ඇඳගෙන ඔලුවෙන් හිටගන්නවා ! හරිද ?
......................................................................................................................................................
@prasanna86k = මෙහෙම හිටියට මම හරි පෘශ්ඨිමත්
......................................................................................................................................................
@සාතන් = අඩා ඒකියන්නේ මම ගොනාද මචං
......................................................................................................................................................
@සුපර් මාරියෝ = අනිවා දෙන්නම් ඊගාව කොටස .තරු විසිවෙන්න .

හිස් අහස said...

@පොඩි කුමාරි හාමි = මමත් ලස්සනයි අක්කේ .මාව දැක්කානම් ඔයා මාව එවෙලෙම කසාද බඳිනවා .
......................................................................................................................................................
@Bind= ගල්කුඩු නහය අස්සේ ගිහිල්ලා මගේ මොලේ කචල් උනා බින්දි අක්කේ . ඔයා බලාගෙන ඉන්නකෝ මොකද උනේ කියලා
......................................................................................................................................................
@Luckey = තවම ලවු කරෙත් නෑ ලකී මචෝ !
......................................................................................................................................................
@පිණිබිඳු. = නාහේ වහගන්න අක්කේ ...ලේන්සුවෙන්
......................................................................................................................................................
@කිඩෝ = කිඩෝ මචෝ උඹ හිතුවේ මම සමනලයෙක් කියලද ..ඒ ඇක්‍ෂන් එක දාන්න පුලුවන් කෙල්ලෙකුට විතරයි .හි ..හි
......................................................................................................................................................
@සීතල අයියා = උනා බං සත්තයි මටම එහෙම උනා ..
......................................................................................................................................................
@සරත් ලංකාප්‍රිය = ස්තූතියි සරත් අයියා ..වරදිලා හරි දාපු අදහසට .
......................................................................................................................................................
@Networkදිසා = සර් කීවම නිකං යටි බඩ කූල් වෙලා යනවා නේ බං ..අඩේ උඹත් මගේ ටයිප් පොරක් ..
......................................................................................................................................................
@නචියා = අතීතයට එකතු වෙච්ච පරණ කතාවක් මචං ඉතිරියත් ඉක්මනට දෙන්නම්
......................................................................................................................................................
@අපරාජිතයා = මේ ලියන ගමන් .. ඉක්මනට දෙන්නම්
......................................................................................................................................................
@JHOTHISHALANKA = ස්තූතියි සහෝදරයා .ඉක්මනට දෙන්නම් කතාව ..
......................................................................................................................................................
@hare :-) = ඒ මාලිගාව කැඩිලා දැන් වසර ගනනක් උනා හරී
......................................................................................................................................................
@තාරක Dilsh@n = කන්න බෑ මචං .දැන් මේ සිදුවීමට වසර ගානක් වෙනවා . පරන සිද්දියක් හද්ද පරන වැඩක්

සමනළී... said...

සර්පයෙක්ට හපන්.... මාර අය්යෙක් තමා...හම්....ඉතුරු ටිකත් ඉක්මනට දාන්නකො බලන්න.....

Anonymous said...

ඔච්චර ගල් කුඩු දූවිල්ල අස්සෙ කම්පියුටර් අප්සෙට් යන්නෙ නැද්ද සඳරු?

හැමදාමත් කියනවනෙ උඹෙ රචනා ශෛලිය නම් උපරිමයි කියල, අදත් ඒකම කියන්නම්,

කමෙන්ට්ස් දාන්න බැරි අවුලක් තියනව බං, මෙන්න මේක දාහං තරහ නැතුව....හෙහ්, හෙහ්,

- රවි

සෝරෝ said...

අනේ මංදා උඹත් යන යන තැන මාළිගා තනන්නමයි නේ හිත... :D

තරු අහස said...

හා හා සහෝ...ඔන්න මමත් එනවා හෙට ඉතුරු ටික බලන්න...

Anonymous said...

මචන් සදරු මම නිතර comment දැම්මේ නැතිඋනට හැමදාම මෙක කියවනව
මම වැඩිපුරම ආස උබලියන විදියට වැඩි වැඩ මුකුත් නැ
උබ පොර වෙන්න යන්නෙත් නැ
නියම ගමේ බයියෙක් විඩියට උබ ලියනව
(එහෙම කිවට තරහ වෙන්න එපෝ)
කියන්න වචන නැ බන් උපරිමයි.
දිගටම ලියපන්
උබට ජය.

RaVana said...

මට කතාවේ අනිත් හරිය හිතා ගත හැකි . උබ අතින් කාලා හරක් බැලුවා නේ ද? lol

priyantha said...

අර ඇක්ෂන් එක පොඩ්ඩක් කරල පෙන්නමුද? එලටම ලියල තියනවා සඳරූ නියමයි. කියන්න දෙයක් නෑ. නික්න් පැත්තක ඉඳන් කියවන අපිත් බලන් ඉන්නවා වගේ දැනෙන්න ලියන එක හැමෝටම කරන්න බෑ. ඒත් ඒක මේ අපූරුවට කරල තියෙන්නේ. ඉතිරිය ඉක්මනට එයි කියා හිතනවා.

හසී said...

හි හි ඉතින් ඉතින්.....

නදී said...

ඉතුරු ටිකත් ඉක්මනට දාන්නෝ...මැශින්ස් ඉතුරු වෙලා තියෙයිද දන්නෙ නැ අච්චරම දූවිල්ල නම්.

පන්සල් හංදිය said...

ඔන්න මාත් ආවා .......
මේ ආදරයක පටන් ගැන්මක්ද ..........

අකීකරු හිත said...

ඉතිරියත් දාන්න ... ඊට පස්සේ කියන්නම්කො මොනා හරි..

Anonymous said...

මොකක්ද අයියේ කෙල්ල දැම්ම ඇක්ශන් එක

චතුවා said...

හික්ස් හික්ස්.. එල එල.. ඉක්මනට නෙක්ස්ට් පාට් එක ලියන්ටෝ..

පූසා said...

යකෝ මේකත් මට මිස් වෙලා :( කමක් නෑ තාම කතාව ඉවර නෑනේ. ඉක්මනට ඉතුරු ටිකත් ලියපන් මචං

Hishan de Silva said...

මගේ හදවත සන්තානයත් හිරි වැට්ටිල ගියා...

Praසන්ன said...

හදිස්සි වෙන්න එපා බං. ඔය නෙට්වර්ක් එකේ ඉතුරු කෑල්ල අනිත් බ්‍රාන්ච් එකේ ඇති.

හීනියට.... said...

වෙලාවට ගල්කුඩු හරහට හිටියෙ.....නැත්තන් මෙලහටත් නැව ගොහින් එහෙනං....

හිස් අහස said...

@තටු සිඳුනු සමනළියක්ය= ඉකමනට ලියන්නම් නගා මේ බ්ලොගර්වල අවුලක් ආවන්නේ ..
......................................................................................................................................................
@රවී = ඒ ගොල්ල වීදුරු වලින් කාමරයක් හදලා එකේ ඇතුලේ තමයි ඔෆිස් එක දාලා තිබ්බේ .ඒකනිසා අවුලක් නෑ හැබැයි මාර රස්නේයි
......................................................................................................................................................
@සෝරෝ = එවකට මම කුඩා කොළු ගැටයා නේ ..අහස් මාලිගා සෑදීම මගේ විනෝදාංෂය ඒකාලේ
......................................................................................................................................................
@තරු අහස = මගේ යාළුවේ උඹ කොහේද මෙතුවක් කල් උන්නේ ..? වරෙං වරෙං උඹව දැක්කම තියන සතුට
......................................................................................................................................................
@Anonymous = ස්තූතී මවං . නම නොකියා ගියාට කමක් නෑ උඹ දීපු ප්‍රසන්සාව මට රටක් වටිනවා .මම ඉතින් මචං උපං ගෙයි බයියා ඒක ඇත්ත ඒත් ඉතින් ලැජාවෙන්නේ මොකටෙයි ? තරහ වෙන්නෙත් මොකටෙයි උඹලා එක්ක තරහ වෙන්නේ නෑ බොලවු මම කවදාකවත් .ස්තූතියි ඇනා මචා! බොක්කෙන්ම
......................................................................................................................................................
@rdharsana = බලන්නකෝ මට හරක් ඇන්නා වගේ තමයි මතක
......................................................................................................................................................
@priyantha = ඒක කරන්න හැකි කෙල්ලෙකුට පමනයි මට නම් බෑ ඊයා !! ස්තූතියි ප්‍රියන්ත අයියේ ..ඉක්මනට දෙන්නම්
......................................................................................................................................................
@හසී අක්කේ = ඉතින් ඊටපස්සේ බයිකේ හැප්පිලා මම මැරුනා !! :)
......................................................................................................................................................
@නදී = වීදුරු කාමරයක් ඇතුලේ තමයි මැසින් සේරම තිබ්බේ ඒකට දූවිලි තියා සුලං පොදක්වත් යන්නේ නැතුවා !
......................................................................................................................................................
@කල්හාර දිසානායක = ඒක කෑදරයක ඇරඹුමක් කල්හාර අයියේ .ඔන්න බලන්නකෝ මට වෙච්ච වැඩේ
......................................................................................................................................................
@අකීකරු හිත = ඉක්මනට ලියන්නම් අක්කේ ..ස්තූතියි
......................................................................................................................................................
@බීටා = බලහංකෝ ඒකි මෙන්න මෙහෙම කරා නේ මල්ලියේ !
......................................................................................................................................................
@චතුවා = ලියනවා මචෝ පබිලිස් කරන්න බැරියෝ !
......................................................................................................................................................
@පූසා = ස්තූතියි පූසෝ ඉකමනට දෙන්නම්
......................................................................................................................................................
@Hishan Melanga = ගල් කිඩු ආග්‍රහනය කරාම ඔහොම වෙනවා මචං :)
......................................................................................................................................................
@Praසන්ன = අයියේ ! අම්මා අප්පා දැක්කා වගේ තියන සතුට . ඔයා දැක්කම .අනි බ්‍රාංච් එකේ නාකි ආච්චි කෙනෙක්වත් හිටියේ නෑ !
......................................................................................................................................................
@Heeniyata = බලන්නකෝ මාව ගල්රෝලකට යටවෙච්ච හැටි ..

pissi said...

මෙන්න තව එකක්! :P

Anonymous said...

ko ithiri tika???aaa......
:-@

ලකී සිරි said...

කෝ......................................................ඉතුරු ටික ?

Anonymous said...

ඈ බං උඹේ හිත නොගිය එක කෙල්ලෙක්වත් නැද්ද මේ අහල ගං හතක. අනේ බං ඔය මහත කජ්ජක්ද? බලාපන් ලෙස්ටර් සුමිත්‍රා :D

මකුළුවා..... said...

අඩේ සොරි බං...මොකුත් කියන්න බැරි වුනාට...උඹලගේ ගම තව හොඳයි අඩුතරමේ ඩොංගලයක්වත් පාවිච්චි කරන්න පුළුවන් හැබැයි අපේ ගෙදර පැත්තේ තාම ඩයල්-අප්...ඉතින් මංතුමාට මේ පැත්තේ එන්න විදියක් තිබ්බේ නැ....
මේ උඹ ඉපදුන නැකත මොකක්ද?යන යන තැන කෙල්ලෝ සෙට් වෙන්න....

කැමති නම් මූණු පොතේ ඉල්ලීමක් එවපන් අඳුරගන්න ආසයි.....

කේෂාන් De சில்வா said...

සදරු උඔ නම් පොඩ්ඩක් වත් වෙනස් වෙලා නැනේ බං.... බලමුකො මේ පාර කන චාටර් එක මොකක්ද කියල?...

මට මග හැරුනු ඔයාගෙ පරන Post ටිකත් කියවන්න ඕනෙ...

රන් සමනළියක් said...

මේ සදරු කෝ මේකේ ඉතුරු ටික ඔයාටත් බාල ගිරි දෝෂය ද?

හිස් අහස said...

@pissi = ඇයි පිස්සි ඔයා අකමැතිද දූවිල්ලට
....................................................................................................................................................
@Anonymous = මෙන්න දැම්මා මචං ඉතිරිය
....................................................................................................................................................
@Luckey = ලකී මචං මේං ලිවුවා මේං පබ්ලොස් කරා
....................................................................................................................................................
@nawammawatha= ඒ උනාට බං මං චප්ප උනොත් !
....................................................................................................................................................
@ශාන්=මට අඳුරන්න බැරි උනා මකුලුවෝ ඊමේල් එක දාන්න මම ඒකෙන් එවන්නම් මචං
....................................................................................................................................................
@කේෂාන් De சில்வா = මම චාටර් එකක් කෑවේ නෑ මචං පොඩි පසු තැවීමක් වින්දා ..ඉතින් ඉතින් වෙල්කම් බැක් ..
....................................................................................................................................................
@රන් සමනළියක් = මේං ලීවා ගිහිං බලලා එන්න

දුකා said...

සිරා කියන්නේ සිරාම සිරා ඈ . . මැවිලා පේනවා සිදුවීම් ටික . .

Saweera said...

එල එල අදම තමයි මේ පැත්තෙ ආ‍වෙ....එක හුස්මට සේරම කියෙව්ව..එකින් එකට කොමන්ට් කරන්න වෙලාව නැති එක ගැන සමාවෙන්ට ඕනෙ...මං බ්ලොග් ලිවිල්ලට අලුත් ටිකක් ඒ පැත්තෙත් ඇවිත් අදහසක් දීලයන්න
http://photoshopapethaleta.blogspot.com/
http://sanhithawa.blogspot.com/

දුමී said...

"බලපන් සඳරු ඒකි උඹට වඩා කොච්චර මහතයිද ? උඹ නිකං අඩි කෝදුව වගේ .ඒකි බෙර කඳක් වගේ .. බැරි වෙලාවත් උඹ ඒකිව බැන්ඳ දවසක. වැරදීමකින් උඹ ඒකිට යටවුණොත් මොකද වෙන්නේ …? ..උඹව චප්ප වේවි බං.. "

උඹ අච්චර වර්ණනා කරලා, ආශ්චර්යගේ ෆොටෝ එහෙකුත් දාලා දැන් කියනවා බෙර කඳක් කියලා.....!

හරි හරි නියමයි ... අර දුකා කිව්වා වගේ සීන් එක නිකන් ෆිල්ම් එකක් වගේ මැවිලා පේනවා..... ඉතුරු ටිකත් කියපන් මලේ....!

ඈ බං.... උඹ යකෙක්නෙ.... පැයකින් නෙට්වර්ක් එකක් දැම්මා කිව්වහම ඔෆිස් එහෙක.....!

වර්ණ said...

හැබැයි ඉතින් හැබෑ ජීවිතේටත් ජාල ගත කරන්න පටන් ගත්තොත් ලෙඩක් හදාගෙන තමයි නතර වෙන්නෙ

Post a Comment

තැන්කූ බං