27.7.11

නුඹම විය මට එකම සැනසුම



ලෝකේ කැරකෙනවා , ඔරලෝසුවේ කටු කැරකෙනවා , ජීවිතේ ගතවෙනවා !. අද මෙතන ඉන්න මම හෙට කොහේ ඉඳීවිද ? . මේ ජීවිතේදී මට කවුරු , කවුරු මුණ ගැහේවිද ? , කාගෙන් වෙන් වෙන්න වේවිද ? කාට ලං වෙන්න වේවිද ? . ඔය හැම ප්‍රශ්නයක්ම නොහිතා ඉන්න තරමට හොඳයි ..එතකොට දුක අඩුයි.

කොහොම වෙතත් තත්පරයක් ගානේ කප්පරක් දුක් දෙන මේකයි ජීවිතේ !

මෙතෙක් කල් මම ලියපු හැම ලියවිල්ලකටම වඩා මම අද මේ ලියන ලියවිල්ල වෙනස් වේවි . මේ ලියන මොහොත හැමදාකමත් මගේ මතකයෙන් නොමැකී තියේවි . මේ දුක්බර මොහොත හැමදාටම මට මතක් වේවි .. වදයක් වේවි ..!. සමහර විට මට හිනහවක් ගෙනේවි ..

මේ ලියවිල්ලට ඇරඹුමක් ගන්නේ කොතනින්ද කියලා මට හිතාගන්න බෑ ..ඉතින් මම පටන් ගන්නම් මුල ඉඳන්ම ..පටන් ගන්න වෙන්නේ පොඩි කථාවකින් ,වෙනදා වගේ මේක මට වෙච්ච මම සම්බන්ධ කතාවක් නෙවෙයි . මේ කතාවේදී මම නිකම්ම නිකම් තුන්වෙනියෙක් විතරයි . ඉස්කෝලේ යන කාලේ මගේ ඇස් වලින් දැකලා කන් වලින් අහපු මෙන්න මේක කතාවක්මත් නෙවෙයි ..නිකම්ම නිකම් සිදුවීමක් විතරක්ම කියලත් හිතේවි ..ඒත් හැම සිදුවීමකටම වටිනාකමක් තියනවා . . මට මේ සිදුවීම මහමෙරක් තරම් වටිනවා ..

….ඔන්න එකෝමත් එක කාලෙක . ලංකාවේ නැගෙනහිර පළාතේ .මුස්ලිම් වරුන්ගෙන් පිරිච්ච .පුංචි සිංහල ගමක .. ලස්සන කෙල්ලක් හිටියා .

නිරෝෂා !

නමටම හරියන කෙල්ල ! .. අවුවට පිච්චිලා හතරට පැලිච්ච පොළවක . දුප්පත් කමෙන් මිරිකිච්ච ගමක මේ වගේ කෙල්ලක් කොහොම ඉපදුණාද ? . "දියමන්තිත් හැදෙන්නේ ගල් අඟුරු පතල් වල.” ඉතින්. මේ වගේ කටුක පරිසරේකත් . පින්නෙ පිපුණු මලක් වගේ ලස්සන කෙල්ලක් උපන්න එකේ අරුමයක් නෑ ! .

මිනිහෙකුගේ ආත්මය වුණත් එළියට ඇදලා ගන්න සමත් වුණ ලස්සන ඇස් දෙකත් , උපරිමේට පායන පළාතක , කළුපාට මූණු අතරේ කලාතුරකින් දකින්න ලැබෙන සුදුපාට අහිංසක මූණත් , හුරතල් කටත් මේ කෙල්ලට උපතින්ම ලැබුණු දායාද වෙන්න ඇති !

..යන්තම් වයස පාළොහක් දහසයක් වෙනකම් කාගෙන්වත් බැල්මක් නැතුව මේ දුප්පත් කෙල්ල අර කියපු වේලිච්ච පොළවේ පය ගහලා ජීවත් වුණා ... … . .

සාමාන්‍ය පෙළ විභාගය ලං වෙනකොට කොයි කවුරුත් ටියුෂන් ක්ලාස් වලට කඩිමුඩියේ දුවන්න ගන්නවා . "ජීවිතේ එක්ක රේස් එක”... ඒ රේස් එක දිනන එක ඔය වයසේ කෙල්ලෙකුගේ හීනයක් .. කොල්ලොන්ට නම් වැඩිය බරක් පතලක් නෑ .. ඉතින් ! නිරෝෂත් රේස් එක දිවුවා .. ඒ නවයක් ගන්න රේස් එක දිවුවා .

නවය නපුරු නිසාද ? නැත්තම් දෛවයේ ලියැවුණු හැටිද ? . මම නම් ඒවා දන්නේ නෑ . ඒත් නිරෝෂා දිහාවට ඒ වෙනකොට කොල්ලෙකුගේ බැල්මක් යොමුවෙලා තිබුණා ..! බැල්ම දැම්මේ කළුම කලු කොල්ලෙක් ..! මිනිහා නිරෝෂාගේ රූපෙට වශී වෙලා හිටියා . නිරෝෂත් ඒ බව නොදැන හිටියා නෙවේ . ඒකිත් මේ හැම බැල්මක් ගැනම දැනං හිටියා . කොයි කෙල්ලද අකමැති තමන්ට කොල්ලෝ ලයින් දානවට ..?

ආදරේට පාටක් නෑ කියනවා නේ .. කලු වුණත් සුදු වුණත් .පුදුම විදිහට ඇතිවෙන රෝගයක් තමයි ආදරේ !

ටිකක් කලු වුණාට කොල්ලා හැන්ඩියා . කරේ එල්ලගත්තු සයිඩ් බෑග් එකයි , නීට් එකට අඳින ඇඳුමයි , හතරැස් කණ්ණාඩි කුට්ටමයි . කලු කොල්ලව නළුවෙක් බවට පත් කලා . ඉතින් තවත් මොන කතාද ?. අපේ සුන්දරිත් . කලු කොල්ලට අහු වුණා .. !

"රතු ඇපල් කන්නෙම පණුවො බං !” ..ඒ වචනේ මේ ජෝඩුව දකින වාරයක් ගානේ ඉස්කෝලේ හැම කොල්ලෙක්ම ඉරිසියාවෙන් කියාපු වචනයක් . "කලු වුණත් දොදොල් පැනිරහයිනේ !” .. ඉතින් නිරෝෂටත් මේ ආදරේ මහ මෙරක් වගේ පෙනෙන්නැති .. ඒකිත් බොක්කෙන්ම කලු කොල්ලට ආදරේ කරා ..ටික කාලෙකින් මුලු පළාතම මේ ආදර කතාව දැනගත්තා .. සමහරු සුබ පැතුවා ..!

කලු කොල්ලගේ දෙමවුපියන්ට ගල් වැඩ පොළක් තිබුණා !..

හ්ම්..! පොර යමක් කමක් තිබුණ පවුලක ඉපදිච්ච දෙවනියා ! . මුලු ඉස්කෝලෙම මේ කොල්ලව හැඳින්වුවේ නියම නමකින් ..

"ගල් මඩ්ඩා !”

එදත් , අදත් සමහර විට හෙටත් මේ කොල්ලගේ නම ඒකමයි ! ඉතින් මේ ගල් මඩ්ඩට ආදරේ කරපු අපේ කෙල්ලටත් නිකම්ම නමක් වැටුණා .

"ගල් මඩ්ඩි !”

.. පාරෙදී බස් ඒකේදී . කොයි තැනදී වුණත් "..යි ! ගල් මඩ්ඩී !!!!!” කියලා කෑගහන්න කොල්ලෝ අමතක කළේ නෑ .. ඒකත් අමුතුම ආතල් එකක් . නිරෝෂත් තමන්ට ලැබුණු අලුත් නම . හිනහ වෙලා පිළිගත්තා .. ඒකිගේ හිතේ කහට නෑ !

කාලයක් ගත වුණා .!. ගලන ගඟක් වගේ වෙනස් වෙන මිනිස්සුන්ගේ ජීවිත .කවදාකවත් එක විදිහට තියෙන්නේ නෑ .. තියන්නත් බෑ !

වැඩි කතා ඔන්න නෑ මේ ආදර කතාව අවසන් වුණා ..! . ඒ ගැන වැඩි විස්තර මම දන්නේ නෑ . මොකද කීවොත් මමත් මේ ආදර කතාව දිහා බලන් හිටපු තවත් එක චරිතයක් විතරමයි ..ආදරේ එපා වෙච්ච කෙල්ල හුදකලා වුණා .. ඒත් අර ගල් මඩ්ඩි කියන නම තවමත් එහෙම්මයි ! . බොක්කෙන්ම කරපු පළවෙනි ආදරේ ! ඒකත් කෙල්ලගේ හිතේ නොමැකෙන්නම ඇඳිලා තිබුණා..!

ඉස්කෝලේ ගමනත් අවසන් කරපු අපේ කතා නායිකාව ..තමන්ගේ ගම් පාළාතේම තිබුණු පුංචි පරිගණක ඉගැන්වීම් කරන ආයතනයට පන්ති ආවා .. පරිගණක පාඨමාලාවක් කරලා ජීවිතෙන් ගොඩ යන්න ඒකිට හිතෙන්න ඇති ..! ..එහෙම නැත්තම් පරණ ලවු එක අමතක කරන්න පන්ති ගිහින් වත් උත්සාහ කරන්නැති ..

පරිගණක පන්තිය.. ඔන්න ඔතනදී තමයි අපි දෙන්නාගේ ඇස් එකට ගැටුණේ ! .

කෙල්ලක් දැක්කාම ඔකඳ වෙන මගේ හිත ඒ ඉස්සර දවසෙත් එහෙම්මයි ..සුපුරුදු විදිහටම ඔකඳ වුණා . ඒත් .. ඒ කෙල්ල මට වඩා වසර දෙකක් වැඩිමල් බව දැනගත් මොහොතෙම .රත් වුණු චාච්චියක දාපු බටර් කැටියක් වගේ මගේ ආදර හිතිවිල්ල දියවෙලා ගියා ..! නිරෝෂාව හමුවෙලා අදට වසර දෙක හමාරක් විතර ගත වුණත් මගේ හිතේ ඒකි ගැන තියෙන්නේ සහෝදර හැඟීමක් විතරමයි ..ඒ ගැන . මටම පුදුමයි ..!

මගෙන් බේරිලා කාලයක්ම එක දිගට මේ පරිගණක පන්තියේ ඉගන ගත්තු නිරෝෂා කෙල්ල . අන්තිමේදී ඒ ආයතනයේ . පිළිගැනීමේ නිලධාරිනිය බවට පත් වුණා !.

උපතින්ම ගෙනාපු ලස්සන , හිනාවෙන් ඕනම කෙනෙක් නම්ම ගන්න හැකියාව . මේ හැම දෙයක්ම තිබුණු නිසා ඒ රැකියාව බොහෝම හොඳට කරගෙන යන්න නිරෝෂට වැඩි අමාරුවක් වුණේ නෑ ..!

ඔන්න ඔය කාලේදී නිරෝෂා තමන්ගේ පළවෙනි ආදර කතාව මගෙත් එක්ක කියමින් කඳුළු හලාපු හැටි මට තවම මතකයි .. මම කවදාවත් හිතුවේ නෑ කෙල්ලෝ ආදරේදී මේතරම් සීරියස් කියලා . ..!
ඔය අතරේ කන්ද උඩරටින් හමාගෙන ආපු හුළං පාරක් එක්ක . නිරෝෂටත් විවාහ යෝජනාවක් ආවා .හදවතින්ම කරගෙන ගියපු පළවෙනි ආදරේ අමතක කරලා ..නිරෝෂත් තමන්ගේ දෙමවුපියන්ගේ මතයට ඉඩ දුන්නා ..!..එයා උඩරට කුමාරයෙකුට වචනේ දුන්නා ..! ..

එදා ඉඳන් හැමෝම සතුටින් . කෙල්ල සතුටින්, උඩරට කුමාරයත් සතුටින් , අපිත් සතුටින් ..!

ඒත් .. කවුදෝ ආයෙමත් දුකින් ..

නිරෝෂාගේ පළවෙනි ආදරේ..! අර කලු කොල්ලා.. ආයෙමත් එයාව හොයාගෙන ඇවිල්ලා වැඳ වැටිලා ආදරේ ඉල්ලනවා ..! ඒත් දැන් හැම දේකටම පමා වැඩියි .හිටි ගමන් ඇස් වල කඳුළු පුරෝගන්න නිරෝෂා අක්කා . හෙමිහිට අඬන ගමන් .මගෙන් කීපවතාවක්ම මෙහෙම ඇහුවා මතකයි ! ..

මම දැන් මොකද කරන්නේ .. ?

පළවෙනි ආදර කතාව කාටත් ලේසියෙන් අමතක කරන්න බෑ ඒක මමත් අත්දැකීමෙන් දන්න දෙයක් ..ඉතින් මම මොනවා කියන්නද ? මමත් උඩ බිම බලාගෙන කල්පනා කරනවා විතරමයි . නිරෝෂගේ වෙඩින් එකට දිනත් වෙන් වෙලා . ඒකි අවුරුදු දෙකක් තිස්සේ මේ ජොබ් එක කරලා එකතු කරපු සල්ලිත් ඒ වෙනුවෙන් වියදම් කරලා ඉවරයි .. පවුල් දෙකකටම බලාපොරොත්තු දීලත් ඉවරයි ..! .මම දකින විදිහට දැන් ආපහු හැරීමක් නෑ ..!.නිරෝෂාගේ කසාදෙට තව තියෙන්නේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු දින ගණනක් ..

අද. ඒ කියන්නේ 2011/ 07 /27 තමයි මේ කථාවේ අන්තිම දවස . හෙටින් පස්සේ මම තවත් එක දසමයකින් වත් මේ කතාවට සම්බන්ධ නෑ .. අද දවස තමයි නිරෝෂා අපේ ආයතනයේ වැඩ කරන අවසාන දවස . !

නිරෝෂා මගෙත් එක්ක අවුරුදු දෙකක්ම වැඩ කළා .. මට හැම දේකදීම සහයට හිටියා . මගේ බ්ලොග් එකේ හැම තැනකම වාගේ මට උදවු කරපු රිසෙප්ශන් අක්කා ගැන මම ලියලා ඇති ..කියවපු ඔබටත් ඒක මතක ඇති ..

නිරෝෂා මට කෙල්ලෝ සෙට් කරගන්න උදවු දුන්නා . මම බීලා වැඩි වුණාම මට කෙළින් ඉන්නත් උදවු දුන්නා . ප්‍රශ්න වලින් මාව බේරගත්තා .! මතකද..? බීඩි අහුලන්නත් උදවු දුන්නා..අදින් පසු මේ බ්ලොග් පිටුවේ රිසෙප්ශන් අක්කා කියලා කෙනෙක් ගැන ලියවෙන එකක් නෑ ! .. ඒකි යන්නම යනවා ..

නිරෝෂා උඹ හැබෑවටම මට සහෝදරියක් වුණා !. මගේ දකුණු අතේ කොටාපු පච්චේ වගේම මගේ හිතෙත් උඹ හැමදාකම නොමැකී ඉඳීවි .. මම මැරෙනකම්ම මට උඹව අමතක නොවේවි ..!.

ඉතින් අපි සමු අරගමු ..!

/ලි . . . ඉතින් නිරෝෂා අක්කගේ ලොකු ඉල්ලීමක් උඩ මම මේ කතාව බොහොම කෙටියෙන් මගේ බ්ලොග් පිටුවේ ලියන්න හිතුවා ..පුළුවන්නම් පොඩි අදහසක් දෙන්න.. මට නෙවේ !. මගේ සහෝදරීගේ හිත හැදෙන්න ..නිරෝෂා විවාහ වෙන්න සැරසෙන්නේ එක හිතකින් නොවන බව මම හොඳටම දන්නවා . සමහර විට ඔබ දෙන එක අදහසකින් නිරෝෂාගේ හිත හැදේවි .. අදහස දීපු ඔබටත් පිනක් සිදුවේවි ..!







60 comments:

මාතලන් said...

උඹ වගේ මිනිස්සු අද අඩුයි බන්..

නිරෝෂා දුවේ - එක පාරක් උඹව දාලා ගිය එකා ඊළඟ සැරෙත් උඹව දාලා යන එක යනවමයි, අනුන්ට නෙමෙයි තමන්ට ආදරය කරන්න ඉස්සෙල්ල. හැමෝම උඹට ආදරය කරාවී. පළවෙනි ආදරේ කියන්නෙ මෝඩ වැඩක්. එහෙම නැත්නම් ටෙස්ටින් එකක්.. අතීතයේ ජීවත් නොවී පැහැබර අනාගතයක් ගැන සිතන්න.. ඔබට සුබ අනාගතයක්..

Podi Kumarihami said...

ඔය උඩරට කුමාරයත් එක්ක නිරෝෂාට සතුටින් ඉන්ට කීව නම්...උඩරට කොල්ලෝ හොඳට හැදුනු උදවිය....:D (එයාලා ගැන කිසිම අයිඩියා එකක් නෑ හොඳේ...)

එකපාරක් බොරු කරපු කෙනා ආයම බොරු නොකරයි කියලා හිතන්නේ කොහොමද?

ඔයාට වගේ ඔකඳ වෙන හිතක් මේ ලෝකේ තවත් කෙනෙකුට නැතුව ඇති....:D

ශානි said...

මම නම් කියන්නේ එක පාරක් දාලා ගිය කෙනෙක්ව ආයෙම විශ්වාස කරන්න නරකයි

duliponline said...

මම මහා ලොකු . . . . බර සාර උපදෙස් දෙන්න නං දන්නෙ නෑ මලේ . . . . ඒත් මමත් කොල්ලෙක් . . . මගෙ හිත ඇතුලෙං මටම අවංක වෙලා කියනවනං මට කියන්න තියෙන්නෙ . . . . . උඹේ රිසෙප්ශන් අක්කට කියපං . . . . "හිත හදාගෙන ඔය කෙරෙන්න යන කසාදෙ කරගන්න" කියල . . . . කොල්ලෙක් විදියට උඹ දන්නව ඇති මම කියන හරුපෙ තේරුම . . . . .
(මතක ඇතුව කසාද බැන්දම ෆෝන් නොම්මරත් මාරු කරගන්න කියපං . . . . අතෑරපු ආදරේ කසාද බඳින්න ලංවෙච්චි කෙල්ලෙක්ව හොයාන ආපහු එන්නෙ . . . . . ඒ කෙල්ලට තියන ආදරේට නෙමේ. . . . . )

BLOG ගඩොල් said...

මේ වගේ බරපතල දෙයක් තීරණය කරද්දි අපිට මෙහෙම ඔන්ලයින් උපදෙස් දෙන එක අමාරුයි සහෝ. කොහොම වුණත් මටනං අහන්න තියෙන්නෙ අර කොල්ලා අවුරුදු ගානක් යනකං පොල් ගෑවද කියලා? උඹ කියපු විදිහටනං මෑන්ස්ගෙ වැරැද්ද

Praසන්ன said...

මාත් කියන්නේ දාල ගිය කෙනාව අමතක කරල ලැබිල තියෙන කෙනාව පිළිගන්න කියලයි.
හැබැයි මේ විස්තරේ අලුත් මනමාලයට කියල තිබුණොත් ඒක මතු ආරක්ෂාවට වැදගත් වෙයි.

පන්සල් හංදිය said...

@නිරෝෂා,
ගිය දේ ගියා, අතීතය කියන්නෙ අතීතයට, ඒක කවදාවත් අනාගතයක් වෙන්නෙ නැහැ. හැම දෙයක්ම තීරණය කරන්නෙ දෛවය තමා, පරණ දේවල් අමතක කරලා ජීවිතේ අලුතින් පටන් ගන්න. බඳින කෙනාට වැඩිය කල් නොයවා හැම දෙයක්ම පැහැදිලි කරලා කියල දෙන්න. නැත්නම් පස්සට ප්‍රශ්න වෙන්න පුලුවන් ..........

ඔබට ජය ..........

@සඳරු
බොට නම් තියෙන්නෙ මහ කුප්පම කුප්ප හිතක් .......

තාරා said...

අක්කගෙ තීරණේ ගැන අදහසක් දෙන්න තරම් නම් තව මම මෝරලා නෑ....

ඒත්,
"මම කවදාවත් හිතුවේ නෑ කෙල්ලෝ ආදරේදී මේතරම් සීරියස් කියලා . ..!"
----- කොල්ලො, කෙල්ලො ගැන දන්න දේවල් හුඟාක් අඩුයි...

Anonymous said...

ඕනයා සහ මාතලන් කියපු දේමයි මටත් කියන්න තියෙන්නේ... එක පාරක් දාලා ගිය කෙනෙක් අවුරුදු දෙකකට පස්සේ ආයෙත් ආදරේ ඉල්ලං එන්නේ මොකටද? කොල්ලෝ විදියට අපිට නම් තේරෙනවා කේස් එක..

ඒ නිසා, යෝජිත විවාහය කරගෙන, අළුත් සැමියත් එක්ක සතුටින් ඉන්න කියන එකම තමයි මටත් කියන්න තියෙන්නේ..

කස්ස said...

අත පය හතර නොකඩල අර උඹ කිවුව හතරට පැලිච්ච පොළවෙ, සල්ලාල මිනිස්සු අස්සෙ ආරක්ශා කරල අද වෙනකොට ඔලුව කෙලින් තියාගෙන ජීවත් වෙන්න උගන්නපු ගෙදරට බුදුන් වගේ ඉන්න දෙමවුපියන්ට නිරෝශ අක්ක ආදරේ නම්,වැරදි තීරනයක් ගන්න එකක් නැ.
ජීවිතේ කියන්නේ ඉස්සරහට යන්න ඕනේ එකක් මිසක් පස්සට යන එකක් නෙමේ.
අතීතය ගැන දුක් වෙන කෙනා රත් වෙච්ච ගලක් උඩට දාපු වේලිච්ච් බට පතුරක් වගේ පිච්චේනව.
නිරොශ අක්කගෙ අලුත් අනාගතයට සුබපැතුම්!

සිතුවිලි නිහඬයි said...

ඔය හැමෝම කිවා වගේ මටත් කියන්න තියෙන්නේ....."අක්කේ...දාලා ගියේ එපා නිසානේ...යේ දාලා නොයයි කියල ඔයාට තියන සහතිකේ මොකද්ද....ඒ නිසා ඔය තීන්දු වෙච්ච කසාදෙ කරන සතුටින් ඉන්න බලන්න...පරණ හැම දේම අතීතෙට එකතු කරන්න..."(අක්කා බලනවා කියල හිතපු නිසයි අක්කේ කියලම කිවේ)

ලකී සිරි said...

අප්පච්චියේ ..ගිය එකා ආයෙ ලඟට එන්නෙ නම් හොඳකට නෙවෙයි..

සියලුම සම්භන්දතා විසන්ධි නිකලොත් රිසෙප්ෂන් නගා අමාරුවේ...පරණ ලව් එකට නම් පොඩි ඉඩක්වත් තියා ගන්න එපා නගේ, අලුත් ජීවිතයට සුභ පැතුම්.

නදී said...

ඔක්කොම අමතක කරලා අලුත් ජීවිතයක් ගැන හිතන්න.එක වෙලාවකට දාල යන්නයි ආය ඕනේ උනාම එන්නයි මොකද්ද ඒ විකාරේ?

දාල යන වෙලාවට දුක් වෙන්නයි ආය එද්දි පිලිගන්නයි ලැස්තිවෙලා ඉන්න එපා!!!.හොදට හිතලා තීරණ ගන්න.මොලේ පාවිච්චි කරන්න.

Kasun said...

කිසි කතන්දරයක් නෑ සඳරුවෝ, අක්කට ඔය විකාර අමතක කරල වෙඩින් එකට ලේස්ති වෙන්න කියපන්. ගිය දේ ගියා, අපි වර්ථාමානයෙයි ජීවත් වෙන්න ඕන. ඒ මිනිහට එහෙම ආදරයක් තිබුන නම් මෙච්චර කල් මොකද කලේ? බඳින්න ලේස්ති වුනාම අහවල් එකකටද ආයෙත් එන්නෙ? ඒ මිනිහ ගැන නම් ආයෙත් හිතන්නවත් වෙලාව නාස්ති කරන්න එපා කියපන්. යන්න ඉන්න ගමන සතුටින් ගිහින් ලස්සන කූඩුවක් හදාගන්න කියපන්.

සංකල්ප said...

අඩේ මල්ලි උබලෑ රිෂෙප්ශන් අක්කද නිරෝෂා කියලා කියන්නේ. මල්ලිගේ බ්ලොග් ලිපි වලින් කියවලා තිබුනට නම දැන ගත්තේ අදනේ. බලහන්කෝ එකෙත් හැටි. මොනා උනත් ඒ අක්කට එයාගේ හිමිකාරයා හම්බ උනානේ. අපරාදේ මලේ උබලෑ ආයතනේට හිටපු හිත හොද එකියෙක් යන්නම යනවනේ.

මල්ලි මුලින් කියපු කතාව හරි බොලව් ඒකනේ මාත් කාලයක් යනකන්ම කිව්වේ ලස්සන කෙල්ලෝ යාලු වෙන්නෙම කලු කොල්ලොත් එක්කය කියලා. ඕං මම් බොරුද කිව්වේ හියහන් !!!!

මමත් ඒ සීන් ඇස් දෙකෙන්ම දැකලා තියෙනවනේ බොලව්.

මැරා... said...

පළමු ආදරය කියන්නේ විභාගයක්,එකෙන් පාස් වෙන අය ගොඩක් අඩුයි එ වගේම සෙකන්ඩ් ශයි කරන්න ඇඩ්මිශන් එන්නෙත් ගොඩක් අඩුවෙන්...ආයි කරල පේල් වෙනවට වඩා නොකර ඉන්න එක හොදයි.........

පිණිබිඳු... said...

මොනදේ උනත් තමන් ආදරේ කරන කෙනාට වැඩිය තමන්ට ආදරේ කරන කෙනා ගැන හිතල තීරණය ගන්න. එක පාරක් දාලා ගියපු කෙනා ආයෙ පාරක් ඒක නොකරාවි කියල කොහොමද හිතන්නෙ.

චතුර.... said...

පරණ කතාව අළුතෙන් ලියනවට වැඩිය අළුත් කතාව ලියන් යන එක හොඳයි..

Anonymous said...

මමත් නම් හිතන්නේ අක්කේ ගිය කෙනා ආයේ හිතන්නම එපා.. ගිය කෙනා ආයේ නොයාවි කියලා කියන්න බැහැ...

@සඳරු: ඕක ඔකද වෙලාමද මන්දා තියෙන්නේ..

Anonymous said...

ඕනය ඕව කියන්නේ පළපුරුද්දෙන්, ඒක හිංද උගෙ උපදෙස පිළිපැද්ද නං හරි....

සොඳුරු ආගන්තුකයා said...

මටත් කියන්න තියෙන්නෙ අර ඕනයා කිව්ව දේම තමා. මෙච්චර කාලෙකට ඒකිව අමතක කරලා තිබ්බ කොල්ලා බඳින්න ලං වෙද්දි කෙල්ලට කිට්ටු කරන්නෙ නං ආදරේකට වෙන්න බෑ..!! ඒ නිසා ඒ ගැන හිතිල්ල සම්පූර්ණයෙන් අතෑරලා ඔය යන ගමන හිත එකලාසෙක තියං යන්න කියපං කෙල්ලට.....

උඹේ ඔය දකින දකින කෙල්ලට ඔකඳ විල්ල නං බැඳපු කාලෙක වත් හැදෙයිද මංද.....

Grey said...

ඔය පාරේම මමත් ගිහින් තියෙනවා.
එක පාරක් හරි නොගියපු එක දෙවෙනි පාර හරි නොයන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා. අනික අම්මල හොයද්දි හොදට හොයල බලල තම තීරණය කරන්නේ...අපිට වඩා එයාලට අත්දැකීම් තියෙන නිසා ඒ තීරණය හරියන්න ඉඩ ගොඩක් වැඩි. අනික අම්මලාගේ හිත රිදවන්න ඕනේ නැනේ. ඒ වගේම අර කළු කොල්ලගේ ගෙවල් වලින් කැමති වෙයිද කියල කවුද දන්නේ..අන්තිමට මුළු ජීවිතේම විදවන්න වෙන්නේ.
ඒ නිසා අක්කට කියපන් එක හිතකින් ඕක කරන්න කියල.

Anonymous said...

මම නම් කියන්නෙ දාලා ගිය එකා ඕනම නෑ අක්කේ. මත් කෙනෙක් ට ගොදාක් අඩරේ කරා අන්තිමට එයා මාව සැක කරන්න අරන් මව අතාරින්න හැදුව මම එත් හිටියා. එත් එයා හැමදාම මාව අඉන් කරල ආයෙ ටික කාලෙකින් මගෙ ජිවිතෙට එනව. එත් මම බලන් හිටිය. අන්තිමට මට ඒ ජිවිතෙ එපා උනා මම ගොඩක් දේවල් නති කර ගත්තා එයා නිස.

දාල ගිය කෙනෙක් අයේ ලන් කර ගන්න එපා අක්කේ එයාට අපේ ජිවිත වල වටින කම තේරෙන්නෙ නෑ.

ඔය අලුත් කෙනාට ඔක්කොම කියල අලුත් කෙනාව Marry කරන්න එයා ඔයාට ගොඩාක් ආදරේ කරවි.
එහෙම ආදරනීය ආදරයක් මම අද විදිනවා
ඔයාට සුබ පතුම් අක්කේ

``` Outsider``` said...

මේව ඉතින් හැඟීම් පිළිබඳ ගැටඵ තමයි. ඒත් ප්‍රබල හැඟීම් එක්ක ජීවිතය යථාර්තයක් කර ගන්න අමාරුයි. එහෙම වුණත් ඒ හැඟීම් නිසාම පසු කා‍ලයේ පුංචිම දේත් මහමෙරක් වෙනව.
ගොඩක් වෙලාවට ආදර සම්බන්ධතා වලට වඩා යෝජිත විවාහ සාර්ථක වෙනව හේතුව ඒකයි. ඔවුන් පටන් ගන්නෙ විවාහයෙන්. ඔවුන් එකිනෙකා හඳුනගන්නෙ විවාහයෙන් පසු හරියටම. ඒත් ආදරයේදී පෙන්නුම් කරන දේවල් වලින් බොහෝමයක් විවාහය යථාර්තයක් වුණාම වෙනස් කියල බොහෝ අය හඳුනගන්නව. ඒක සිත පිළිසිඳගත් ප්‍රබල හැඟීම් සමග ගැටඵ ඇති කරනව.

රුචක සදරුවන් said...

මේ මම හිස් අහසට දාන පලවෙනි කමෙන්ට් එක, උඩ තියන පෝස්ට් එකට මේ කමෙන්ට් එකේ කිසිම සම්බන්දයක් නෑ කියල මුකුත් කියන්ඩ නම් එපා :ඩී

දැනට සතියකට විතර කලින් සුභෂ් අයිය (කවුරුත් දන්න විදිහට "දුකා" අයියා) අපෙ ගෙදර ආපු වෙලාවක කතාකර කර ඉන්නගමන් "මල්ලි සිරා බ්ලොග් එකක් තියනව නිල් අහස කියල පට්ට හලෝ... අන්න මගෙ බ්ලොග් එකෙ අති ගිහිල්ල බලපන්කො. ......(ගමේ ) ඉන්න කොල්ලෙක් ලියන්නෙ. ඔය වගේ තව ගොඩක් දේවල් කිවුව. :D

මම ඉතින් කියවන්නෙ මම දන්නම බ්ලොග් කීපයක් විතරයි. කියෙවුවත් කමෙන්ට් කරන්නෙම නැති තරන්. සුභාෂ් අයියා කියපු හින්දම මමත් ආව හිස් අහසට. "නවකයෙකුට වද දුන්නෙමි" ඊලගට "බීසෝ හාමිනේගෙ ඩබල් ක්ලික් එක " ....... කියවගන ගිය පාර නැවතුනේ පෝස්ට් 72ම කමෙන්ටුත් එක්ක කියවල.සතියක් විතර ගියා වැඩේට.
මල්ලි හරිම ලස්සනට ලියල තියනව. සමහර ලිපි කියවද්දි ඇත්තටම දුක හිතෙනව (ඇඩුන )
තවත් සමහර ලිපි කියවද්දි පට්ට හිනා.

මල්ලිට හදවතින්ම සුභ පතනව ඉදිරියට තව තවත් ලස්සනට ලියන්න ලැබේවා කියල. අර මම කියවන බ්ලොග් අතලොස්සට හිස් අහසත් එකතු වුනා. :ඩී

( ලංකාවට ආපුවහම මල්ලිලගෙ ගම පැත්තෙ ඇවිල්ල යන්න හරි ආසයි.)
එහෙනම් සදරු මල්ලිට ජය වේවා... !!!

කතන්දර Kathandara said...

තාරා++

Test Profile said...

දැන් ඉතිං කරන්න දෙයක් නෑ සඳරු... එයාට හිත හදාගෙන ඉස්සරහට යන්න කියපං.

අපි ආදරෙන් බලාපොරොත්තුවෙන හැම දේම අපිට ලැබෙන්නේ නෑ කියල... කියලා දීපං.

විවාහ ජීවිතයට සුභපැතුවා කියලත් කියහං.

හීනියට.... said...

ගිය දේ ගියා....ආයේ මොනවද ඒව ගැන හිතන්නේ...
අනික ඔහොම දෙපැත්තක ඉන්න එක කොච්චර අසාධාරණද බදින්න ඉන්න කොලුවට.....

ෆොන් සිම් එකනම් ඔය ඉරිතැලිච්ච පොලෙවෙම තියල යමු....

Dasun said...

නිරෝෂා අක්කේ, එක සැරයක් දාලා ගිය එකා ආයෙත් එන්නේ හොඳකට කියලා මමනම් හිතන්නේ නෑ... අපි මොනවා කිව්වත් තීරණය අක්කගේ ඒ වගේම ගන්න තීරණයේ වගකීමත් අක්කගේ ඒ නිසා හොදට කල්පනා කරලා තීරණයක් ගන්න. අක්කට සුභ අනාගතයක්! ඒ වගේම හරි තීරණයක් ගන්න ශක්තිය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

Hishan de Silva said...

ඉතින් අක්කේ මට නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි. ඔය ප්‍රශ්න තාවකාලිකයි. දැන් ඔයාට ලැබුන කෙනා හොදයි. ඔයා වාසනාවන්තයි. තමන් හිතන හිතන විදියට ජීවිතේ කවදාවත් ගමන් කරන්නෙ නැහැ. හොදම දේ තමයි ජීවිතය කියන දිය රැල්ලට අහුවෙලා ඒ එක්කම ගමන් කරන එකයි. අපි ලබාපු මේ කෙටි ජීවිතේ අපි කැමති හැමදේම ලැබෙන්නෙ නැහැ ලබා ගන්නත් බැහැ. තවටික කාලෙකින් මේව ගැන ඔයා හිතල බලද්දි ඔයාටම හිනා යාවි. මට නම් කියන්න තියෙන්නෙ එච්චරයි. සුභ මංගලම් එහෙනම්....

රත්ගමයා said...

සිරාවට දුකයි ඕයි.... :(( අහක ඉන්න මටත් දුකයි නේ හත් ඉලව්වේ

Buratino said...

අනේ බං.. නිරෝෂට කියහං අරූට බම්බු ගහගන්ටය කියලා වෙඩින් එකට ලෑස්තිවෙන්ටය කියලා.. ඇත්ත ආදරේනං මොනදේ ආවත් එකට ඉන්න ඕන, දාලා ගිය එකෙක් ආයෙ එනවා කියන්නෙ ආදරේට නෙවෙයි, අර ඕනයා කියනවා වගේ කෑදරේට.. ආයෙමත් පාරක් ජීවිතේ නැතිනාස්ති කරගන්නෙ නැතිව, විවාහ වෙලා ඒ ආදරේට ආදරේ කරන්න පටන් ගන්න කියහං.. කාලය ඔය ඔක්කෝම දුක්ඛ දෝමනස්සයන් නැති කරලා දානවා, අනිවා ඩෙ‍ෆා..

Abeetha Edirisinghe said...

රිසෙප්ශන් නංගී වෙත ලියමි......

ජීවිතේ වැරදෙන්නෙ එක පාරයි... ඒ බුද්දිය යට කරගෙන හැගීම් උඩට එන වෙලාවල් වලදි... ජීවිතය කියන්නේ ආදරයේ පාට් එකක් නෙවෙයි... ඒත් ආදරය කියන්නෙ ජීවිතේ එක පාට් එකක් විතරයි... මේක නොදන්න උන් තමයි ආදරේ නිසා මුළු ජීවිතේම නැති කර ගන්නේ.... තේරෙනවනේ නේද?

අනිත් පැත්තට කියනවනම් මට කියන්න තියෙන්නේ ඕනයා කියපු එකම තමයි.... ඒ නිසා පරිස්සමින් ලමයො... මට මතකයි ඔයාව.. ඉන්ස්ටිටුට් එකට ආව වෙලාවේ තේ එකක්වත් නොදී සඳරුවා ලඟට වෙලා පොටෝ වලට පෙනි පෙනී සිටිය එකත් වැරදියි.. ගෙදරට එන උන්ටවත් හොඳට සලකපන් නංගියේ...

ඔන්න සන්දරුවෝ අවවාද දෙකක්ම දුන්න....

නචියා said...

නිරෝෂා - අවුරුදු දෙකකටත් වැඩි කාලයක් ඔයා ඉන්නවද නැද්ද කියලවත් බලන්න බැරි උණ කෙනා ගැන කොහොමද බලාපොරොත්තු තියාගන්නෙ. ප්‍රථම ආදරේ අමතක කරන්න බෑ තමයි. ඒ මතකය හිතේ විතරක් තියා ගන්න. උඩරට කුමාරයට ආදරය කරන්න එක හිතින්ම්..

විවාහ වීවිතය සතුටින් ගත කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ජය වේවා !!

මේ කථාව ලිව්ව අපේ සදරූටත් ස්තුති කොරන්නට එපායෑ ඉතිං.... ස්තූතියි ඕන් ඈ......

පූසා said...

ඒ කළු කොල්ලා මෙච්චර කාලයක් අක්කව අතහැරලා දාලා අඩ අඩා ඉන්න ඇතිද? නෑ නේ.ඒ ඉඳලා ඉඳලා අක්කා බඳින්න ලං වෙනකොටම ආපහු හොයං ඇවිත් ඔක්කොම අවුල් කරන එක හරිද?
දැන් ආපහු හැරිලා වැඩක් නෑ. නිරෝෂා අක්කට හිත හදාගන්න කියන්න.
අනික නිරෝෂා අක්කව මටත් අමතක වෙන්නේ නෑ..... :)
නිරෝෂාගේ හිත හොඳයි ඒ වගේ අයට වරදින්නේ නෑ....
අක්කාට බොහොම ප්‍රීතිමත් යුග දිවියක් ප්‍රාර්ථනා කරනවා :)

(ආයේ නිරෝෂා අක්කාව මුණ ගැහෙන එකක් නෑ කියලා මතක් වෙනකොට සිරාවටම හිතට පුංචි දුකක් නෙදැනෙනවමත් නෙමෙයි)

සෝරෝ said...

මෙතන වැඩි දෙනෙක් කියලා තියෙනවා වගේ මටත් කියන්න තියෙන්නේ අතීතය අමතක කරලා දැං අරං තියෙන තීරණේට අනුව වැඩ කරන්න කියලා...

පලමු ප්‍රේමය අමතක කරන්න බෑ තමා.. ඒත් අපි හැමදාමත් ඒ අතීතේ මතක් කර කර දුක් විඳින්න ඕන නෑ නේ.. ටික කාලයක් යද්දී අලුත් ජීවිතයට හුරු වෙයි.. ඊට පස්සේ ඉබේම අමතක වෙලා යාවි අතීත සීන් එක..

අලුත් ජීවිතේට මමත් සුභ පැතුවා කියපං නිරෝෂා නංගිට..!!

Gayan Rupasinghe said...

ම්ම් අනෙ මන්ද හිතා ගන්න බෑ මචං... රෙසෙප්ශන් අක්කව නම් මතකයි සහෝ. ඒ සහොදරී ඉස්සරහට තිබ්බ පියවර ඔහොමම තියල අලුත් ජීවිතයක් පටන් ගත්තාවේ බං. අර උඩින් එක සහෝ කෙනෙක් කිව්ව වගේ ෆෝන් නොම්මරේ වෙනස් කරන්න කියන්න. එතකොට හරි යවි. අක්කට වගෙම අර ගල් මඩ්ඩටත් දැන් අක්කව ඕනේ වෙලා ඇති. පව් ඌත්. අනේ මන්දා මචන්...

ජය...

Anonymous said...

ජිවිතේ කියන්නේ කවදාවත් පතනදේ හම්බෙන එකට නෙමේ..ලැබෙන දේ බාර ගන්න එකට.. ඒක අපි හැමෝගෙම උරුමේ

නිරෝෂා,
ගෑනියෙක්ගේ රූපේ තමයි ලොකේ තියෙන අස්තීරම දේ..පුදුම ඉක්මනට ඒක වැහැරිලා යනවා.. තමන්ට ආදරේ නොකල,මේ කුනු ශරිරෙට ආදරේ කල කෙනෙක්ට ජීවිතේම පුජා කරලා විදවනවට වැඩිය තමන්ට එක තප්පරයක් හරි හැගිමෙන් ආදරේ කරපු කෙනෙක් වෙනුවෙන් මැරෙන එක හොදයි.. ඒක ඔයාටම තේරෙයි.. අදුරු සෙවනැලි අරන් ගිහින් අලුත් ජීවිතේට, ඒකත් විනාස කර ගන්නවද කියන එක තියෙන්නේ ඔයාගෙම අතේ..

ඔයාට සුබ මංගලම්..!!

kasun said...

මට ආදරේ ගැන එච්චර ලොකු අත්දැකීම් නෑ තාම..ඒත් මටත් හිතෙන්නේ ඔය පරන ආදරේ ගැන හිතන එක නවත්තලා අලුත් ජීවිතේ ගැන හිතන එක හොදයි කියල...
එක පාරක් දමල ගහල ගිය කෙනා ආයෙත් විස්වාස කරන්න අමාරුයි නේහ්....
සදරු අයියාගේ කලින් පෝස්ට් වල තියන විදියට රිසිප්ශන් අක්ක හරිම හොද කෙනෙක් ..
ඉතින් එහෙම කෙනෙක් ආයෙත් සැරයක් අර රෑ වැ‍ටුන වලේම වැටෙන්න ඕන නෑ නේහ්...
සමහර තැන් වලදි හදවතට ඉඩ දෙන්න නරකයි තීරන ගන්න...මං හිතන්නේ රිසිප්ශන් අක්ක මෙතෙන්දි මොලෙන් තීරනයක් ගත්තොත් හොදයි කියල....

දේව් ගේ අඩවිය said...

ඇත්තටම හැමෝම කියන කතාවම තමා මටත් කියන්න තියෙන්නේ..... එක පාරක් දාලා ගිය කෙනෙක්ට ඊලග පාර කියන්නේ තවත් එක අවස්තාවක් විතරයි... එහෙම වුන අවස්ථා මගේ ජිවිතේ මම ගොඩාක් දැකලා තියනවා,... සතුටින් නව ජිවිතේ පටන් ගන්න කියන්න.... පලමු ආදරේ අමතක කරන්න අමාරු ඒ අදරේ තමා මුලින්ම හිතට දැනුන හින්දයි....
එත් හිතට ඔය උඩරට මහතෙන් ගේ ආදරේ ලැබුනහම ඒක අමතක වෙනවා සිකුරුයි....

@ සදරු ඇත්ත්මයි බන් මම මේ පැත්තේ එන එක ටිකක් අඩු ඇති මට උබ ලියන කථා වලට ඇඩෙනවා බන්

Yasantha Hennayake said...

අනේ මංදා.. මට නම් මේක කියන්න ලැජ්ජාවක් නෑ සදරු අයියේ.. මට ඇඩුනා.. මෙහෙමත් කෙල්ලෝ ඉන්නවද ඇත්තටම.. ඉස්සෙලම ආදරේ අමතක කරන්න බැරි.. මන්දා.. ඒ අක්කිට පුලුවන් ජීවිතේ අලුතෙන් පටන් ගන්න.. ඔක්කොම අමතක කරන්න.. සුබම සුබ යුග ජීවිතයක් ගත කරන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා!

නාකියා said...

මෙහෙමයි. මටනම් මේ කතාවෙදි කියන්න තියෙන්නෙ කෙල්ලට ඇත්තටම ආදරේ නම් දැන් අරූට තියෙන්නෙ ඒකිට හිත සතුටින් ඉන්න දෙන එකයි. ඒත් එහෙම වෙලා නැති නිසා මට උගේ මහ ලොකු ආදරේ ගැන ප්‍රශ්නයක් තියෙනවා තමයි..ඒ හන්දා නිරෝෂට කියන්න යන තැනකට සතුට ඇරන් යන්න පුළුවන් නම් විතරක් ඔය ගමන යන්න කියලා.
අනික තව දෙයක්.. මේකෙ උඩ ලියවුන කොමෙන්ටු වලට අනුවනම් දෙවැනි පාර චාන්ස් එකක් දෙනවා කියන්නේ හරි බයානක වැඩක් වගේ පෙන්නලා තියෙන්නේ.ඒත් ඒකට මම නම් එකග නෑ.කොටින්ම කියනවනම් ඔය කවුරු හරි කෙනෙක් ගෞතම බුදුන් වෙලා උන්නනම්,අංගුලිමාල අම්මවත් මරලා.
වැරදි කරන්නෙත් මිනිස්සුමයි. වැරදි හදාගන්න ඕනෙත් මිනිස්සුමයි.වැරද්දක් කරපු කෙනෙක්ට සමාව දීලා හරි මගට ගන්න ඕනෙත් මිනිස්සුමයි..
අනේ සදරුවෝ ‍උඹත් අර මොනවද වැඩේ කරන්න ඕනෙ වුනාම පිටිය හොයනවා වගේ, මඟුලත් කට උඩට ආවහමද උපදෙස් ඉල්ලන්නේ..

හිස් අහස said...

මම ඔහෙලා හැමෝට ස්තූතියි කියන්නම් මේ දුන්න උපදෙස් වලට නිරෝෂා අක්කා වෙනුවෙන් මම ස්තූතියි කරන්නම් ..මොකද ඒකිට සිංහල ටයිපිං බෑ ..

මම හිතන්නේ ඒකි මේ උපදෙස් දැකලා කඳුලු පුරෝගෙන තීරණයක් ගත්තා..

ස්තූතියි මිතුරනේ ..

ජීවිතේ මල් said...

සඳරුවෝ...
ලොකූ ෆොන්ට් වලින් , බෝල්ඩ් කරලා මේ කියන්නේ.... අ
අර උඩහිනුත් මේකම කියලා තිබ්බා...
පස්සට තියපු අඩියක් නම් ආයෙත් ඉස්සරහට ගන්න එපා කියන්නෝ...
එක පාරක් (කාගෙ වරදින් උනත්) ඩෑමේජ් වෙච්චි හාට් බ්‍රේක් එක ආයෙ නම් වෙනවමයි. වෙනත් වදනින් කිව්වොත් , කෑඩිච්ච එක ආයෙ කෑඩෙන්න හරි ලේසියි...

ඒ නිසා පිලිවෙලකට හදා ගත් හිත , දෑන් පිලිවෙලටම දීග යන්න කියන්න මල්ලි....
මම මීට සමාන කතා අහල තියනවා 4කට වඩා... ඒ හෑම ගෑනු දෑරිවියක්ම අද දුක් වෙනවා අර පිලිවෙලට යන්න ගිය දීගේ කඩාකප්පල් කරගෙන අන්තිමෙ ලවත් නෑ, දීගෙත් නෑ ,, මුකුත් නෑ...

කොල්ලන් එක්ක මගෙ කිසි තරහක් නෑ. ඒත් ඔය කියන හාදයා , නිරෝශා බඳින්න යන ආරන්චිය අහලා , ඒ ඉරිසියාව දරාගන්න බෑරුව ඒ අන් සතු වීම දරා ගන්න බෑරුව ඒක කඩන්න ආයෙ ආව නම්, අනේ ඒ අහින්සක ලමයාට සොරි වෙනවා.

මේ කොමෙන්ටු ඔක්කොම ඒ අක්කට පෙන්නන්ඩ...

ලොකු ෆොන්ට් වලින් " ගිය එකා ආයෙ ආවත් , යනව යනවමයි. " හෑරෙන්ඩ එපා කියන්ඩඩඩඩඩඩ........

ItalyDilan said...

පරක්කු උනා අද මේක දකිද්දී,,ගිය එකාට පයින් පාරක් ගහලා දාන එකතමා හොද

රන් සමනළියක් said...

අපෝයි නිරෝෂා බදින්න ඉන්න එක්කෙනාට ඇත්තම කියන්න .බොරුවක් කියන්න එපා කවමදාවත්ම ගොඩාක් පරක්කු නොවි ඇත්ත කියලා ගිය එකා දැක්කත් නොඅදුරන කෙනෙක් වගේ හිතා ගන්න.

Anith Kona said...

මට මතක් වෙන්නේ පිවිතුරුය පළමු පෙම... සින්දුව. හිත් බිඳිම් වැලපීම් සේරම , මිනිස්සුන්ටමයි. කොච්චරනම් මේවගේ එක තීරණයක් ගන්න බැරි අවස්ථා දැකලා ඇත්ද. ලියමන සාර්ථකයි අන්තර්ඝතය දුක අපේක්ෂාභංගත්වය වගේ දේ ගැන ලියවුනත්.

rawana said...

ඉදිරියට යමු නංගෝ ආපසු හැරෙන් එපා.good luck for your new life

සරත් ලංකාප්‍රිය said...

ඉස්සෙල්ල පාර ඔය ස්මබන්දේ කැඩෙන්න ඇත්තේ හේතුවක් නිසානේ. ඔය හේතුව කාලයකට පස්සේ අතුරුදහන් උනාද ? අපරාදේ ජීවිතේ වැදගත්ම දවසක ප්‍රශ්නයක්. මන් මේ ලියනවෙලාවේ ඔය කටහව ඉවර ඇති,. ඒ හින්ද මොකටද මෝඩ කතා ලියන්නේ.
මේ සදරුවෝ .. උඹේ ප්‍රශ්නයකට උත්තරේ මම ඊයේ මගේ බ්ලොගේ ලිවුවා. කියවල අදහසක් දාපන්. මට පෙනෙනවා උඹේ හිත වයසින් වැඩි යට ඇදෙන ගතියක්.. මේ ඔහොම කතා ලියු දෙවෙනි පාර පලවෙනි පාර ගල් කොරියේ මහත කෙල්ල..

ayesha said...

සඳරුගේ යාළු සහෝදරී,
මම ප්‍රමාදයි ඔයා හොඳ තීරනයක් ගන්නැති කියලා හිතනවා. ඔයාට සුභම සුභ ලස්සන ආනාගතයක් ලබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා මම.

Ravi said...

සඳරු,

ගමරට ඇවිල්ල බොහෝ සේ කාර්ය බහුලයි මල්ලි, ඒකයි ප්‍රමාදය, සමා වුව මැන,

නිරෝෂා,

ඔබේ ඉදිරි අනාගතයට සුබ පැතුම්!!, උඩරට කොල්ලෙක් එක්ක ගියොත් වරදින්නෙ නෑ, තේරුණාද? ඒ නිසා නිර්භයව එක හිතින් ජීවිතේට මුහුණ දෙන්න.

හසී said...

නිරෝෂා අක්කාට සුබ පතනවා

චතුවා said...

ගියපු අය ආය මොකටද? උඩ රට ඉන්නේ එල කොල්ලෝ අපි වගේ..

නිරෝෂා අක්කට මගෙනුත් සුබපැතුම්..!!

අපරාජිතයා :::: Aparajithaya said...

මම පරක්කු වැඩියි මචං...ඒත් කියන්නම් මේ ලොකේ කෝක වෙන්නේත් හොඳට..

එක පාරක් ගිය එකෙක් යන්නේ එපා නිසානේ.. ඒ නිසා එහෙම එකෙක් ආයෙ ආවත් වැඩක් නැහැ.. ඒ වගේ එකෙකුට පුලුවන් දහපාරක් දාලා යන්න...

ඒක නිසා එව්ව ඔක්කොම අමතක කරන එක ගොඩාක් වටිනවා.ඒ අතීතය.. මේ වර්තමානය... අපේ අනාගතය රදාපවතින්නේ අතීතය මත නෙමෙයි.. අපේ වර්තමානය මත.. අපි ජීවත්වෙන මේ මොහොත මත..

මටත් මටකයි මමත් බොට ඔය අක්කව ජෝඩු කලා.. ඒත් අක්කේ හදවතට වහල් වෙන්න එපා බුද්දියට ඉඩ දෙන්න.

ගල් මඩ්ඩා අතිතය විතරයි ඌට ඔන මගුලක් කරගන්න කියලා අක්ක කන්ද උඩරට සුලගට ගහගෙන ගිහින් ජිවිතය රස විඳින්න..

ආයෙත් ඔව්ව ගැන පසු තෙවිලා ජිවිතේ නාස්ති කර ගන්න එපා....නිරෝෂා අක්කට මගේ බොක්කෙන්ම සුභ පැතුම්.....

කැමීලියා said...

හිත හදාගෙන ජීවිතේට මූණ දෙන්න නිරෝෂා අක්කේ.
හැඟීම් වලට වඩා බුද්ධියට ඉඩ දෙන්න. එතකොට ප්‍රශ්න අඩුයි.

රවින් said...

කමෙන්ට් එක පරක්කු වැඩිද මන්දා... ඒත් සඳරු අක්කට කියහන් ගල් මඩ්ඩාව අමතක කරන්න කියලා.. දැන් ඔය කෙරෙන්න යන එක කර ගන්න කියහන් බං. අරූ ආයිමත් අක්කව දාල නොයයි කියලා කිසිම සහතිකයක් නෑ නේද??? අනිත් වැදගත්ම දේ තමයි මචෝ අක්කට කියහන් වහාම බඳින්න යන කෙනාව මේ ගැන දැනුවත් කරන්න කියලා.. මම නම් හිතන්නේ එහෙමයි..

රස්තියාදු කාරය.. said...

"රතු ඇපල් කන්නෙම පණුවො බං !”

අනිවා.. අපි නම කියන්න "මී අබ කන්නේ පනුවෝ මයි..!" කියලා.. මොනවා උනොත් කළු කොල්ලන්නට කෙල්ලෝ කැමතිලු.. අනේ මන්ද අපේ උන්දැත් ලස්සනයි කියන්නේ කළු උන්ට.. මම ඉතින් සුදු උනාට පට්ට කොර හින්ද කැමති උන මිසක් නැත්තම් කෙල්ලොන්ගේ හිත යන්නේ කළු කොල්ලන්ටලු. එකනේ අර කළු කුමාරය වැහෙනවයි කියන්නේ.

අහ නිරෝෂා අක්කට කියන්න තියෙන්නේ.. ඔයා ගත්ත තීරණේ හරි, එයට එනවා නම් එන්න ඕනේ තරම් කල් ඔයා දුන්න දැන් එය පරක්කු වැඩි. අර සින්දුවක් තියනව අහල තියනවද..?

අකලට වට මහා වරුසාවක් සේ..
අසුබ දිනක අහ සුබ පතුවක් සේ..
මා හැර ගිය නුබ නොසිතු විලසක..
ඇයිදෝ යලි අවේ කියලා..

ඔයා song එක නම දෙපැත්තටම ලියල තියෙන්නේ ඔයා වගේ තෙරයක් ගන්න බැරුව හිටිය එක්කෙනෙක් පස්සේ හිත හද ගන්නවා.. අහල බලන්න.. එත් මම කියන්නේ..

Just forget it, simple as that..!

තාරක Dilsh@n said...

අතීතය සිහිනයක් පමණයි....
සැබෑ සුවයක් නෑ...

සිහින නොදකින සැබෑ අනාගතයකට සුභ පැතුම්...!!

සඳරු මලයට තමා බීඩියක් අහුලල දෙන්නවත් කෙනෙක් නැතුව යන්නේ දැන්...

ටීම් ට්‍රැවලර්ස් said...

Good Story!

නවෝ!

Unknown said...

ඔන්න යාළුවනේ ඔයාලගෙ හිතේ පුරවගෙන තිස්සෙම ආවර්ජනය කරන පළමු පෙම ගැන කාට හරි කියල හිත හෑල්ලු කරගන්න අවස්ථාවක් !!

http://palamupema.blogspot.com

ලංකාවේ Face Book උන්මාදය

http://fbunmadaya.blogspot.com

Post a Comment

තැන්කූ බං