30.7.11

බයික්කෙ නැතුව මට ජීවත් වෙන්න බැරී !



හවස පහට දවසේ වැඩ නිමා කොට
බස් නැවතුමට ආවෙමි අඩියට දෙකට
පැය හතරක්ම නැවතුමෙ වේලුණු කලට
කරුණක් සිහිව ඉනුවයි කඳුළක් නෙතට

මසකට පෙරදි මම නෑ බස් වල ඇද්දේ
බයික්කෙ නැගීලයි මම ගම වට පැද්දේ
වැඩි වුණ නිසා ටික ටික ජීවන යුද්දේ
බයික්කෙ විකිණුවේ සෝ සුසුමන් මැද්දේ

එදවස සුන්දරයි මට දැන් සිහි වෙනවා
බයික්කෙ නිසා මම කොතනත් එක වෙනවා
පාරේ යනෙන කෙල්ලන් මට ඇහැ දෙනවා
පයින් යනෙන අද ලොව මට හිනැහෙනවා
 
කිරිකැටි කෙල්ලො ඉස්කූටර පැද යද්දී
චූටි කොල්ලො මදුරුවො එළවං එද්දී
සීයල ආච්චිල හොන්ඩා ගෙනියද්දී
ගාටන්නෙමි ඉතින් මම දෙපයට දුක් දී

පෙට්‍රල් දැනේ කවදත් නැහැයට සුවඳ
ඇන්ජිමෙ හඬින් පිබිදුණි මගෙ සිත නිඹඳ
නොකියා සිටින්නේ කෙලෙසඳ මෙය සඹඳ
බයික්කෙ නුඹ කලා නිරතුරු මා ඔකඳ

ජීවන ගමනෙ හත් අවුරුද්දක් රිසිසේ
පැදගෙන ගියෙමු අපි මල් මාවත් ඔස්සේ
නුඹ නැති නිසා තෙරපුණු විට බස් අස්සේ
සිද්ඬාලේපේ පිහිටයි මට රෑ තිස්සේ

සුදු ඉරි අයියලා මගදිග රැක වුන්නත්
ගෝනි ගණං දඩ කොළ දෑතට දුන්නත්
ඉන්ධන වලට මගෙ මුලු පඩියම හිඳුනත්
එපා නොවිය නුඹ නම් මට කිසි දිනෙකත්

කලකට කලින් නෑ මට කෙල්ලක් වුන්නේ
බයික්කෙ නුඹයි මගෙ හිත සතුටක් දුන්නේ
නුඹ නැති මෙදින මට කෙළි පොඩ්ඩක් ඉන්නේ
ඒකිත් එක්ක මම පයිනුයි ගාටන්නේ

පාපුවරුවේ හැමදා එල්ලෙන්න බැරී
බසයේ ගියොත් රතු ඉර වළකන්න බැරී
බොසා බනින විට නොහඬා ඉන්න බැරී
බයික්කෙ නැතුව මට ජීවත් වෙන්න බැරී

මේ සිතිවිල්ල කවියක් පමණයි සබඳ
හිඟා නොකමි මම අත පය නැති වුවද
පැනයක් අසන්නෙමි පිළිතුරු දෙනවාද
රෝද නොමැති බ්ලොග් කරු මම විතරමද 
 

Image  - http://www.123rf.com/photo_8085156_man-riding-his-motocross-bike-with-paint-detaching-all-over-his-bike-and-body.html

73 comments:

මාතලන් said...

නියමයි ඈ.. පිටකොටුවේ බස් වලට නැග්ගනම් රෝද දෙකක් ගන්න තිබුනා.. බයික්කේ කියන වච්නයට වඩා බයිකේ යන වචනය යෙදුවනම් රස වැඩියි මයේ හිතේ.. එහෙම දාලා කියවල බලන්නකෝ...

සාතන් said...

මරු කවි සෙට් එක බන්... අන්තිම පුරස්නෙට උත්තරේ නම් ඉතිං මටත් රෝද නෑ බන්... කකුල් දෙකේ පිහිට තමයි...

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

පිස්සු හැදෙනවා ...මැවිල පේන කවියක් .

Anonymous said...

ඇති හැකි දාට ඉන්නා අය
නැති දා යන්ට යති
නැති දා ලග ඉන්ට
කෙල්ලෙක් හිටි එකම ඇති..

බස් එකේ පා පොරුවේ
තියෙනා යම යුද්දේ
ඉවසන්නට නම් වෙනවා
ගෙවුමට මේ ජීවන යුද්දේ..

අපි වෙමු පොදු කුලකයේ
සැමදා දුප්පතුන් සකි
රෝද දෙකක් නැති එක මගියා
නුබ විතරක් නොවෙය සකි..

සංකල්ප said...

නෑනේ මල්ලි. රෝද නැති බ්ලොග් කරුවා ඔයාම විතරක් නෙමේ නේ. අපරාදේ බයික් එක විකුනන්න උනේ. මොනා කරන්න ද දැන් ඉතින්.

ආයෙමත් පාරක් බයික් එකක් ගන්න බලමු !!

Anonymous said...

එල තමා සඳරු... නියමයි බං.

Praසන්ன said...

කවි ටිකනං නියමයි සඳරු මල්ලි.
ටිකක් ඉවසල හිටහං බොට ආයෙ බයික්කයක් ගන්න පුලුවං වෙයි.

සාටර් said...

පට්ටයි බන්...සුපිරි කවි ටික!

කතන්දර Kathandara said...

අපේ තාත්තට නං කොල්ල කාලේ බයික් එකක් තිබුණලු!

උසස් පෙළ ඉවරවෙලා ඉන්න කාලේ මෝටසයිකල් පුරුදු වුනත්, මට නං කවදාකවත් බයික් එකක් ගන්නට හෝ ඒ සඳහා ලයිසොං ගන්නට හිතුනේ නෑ.

බයිසි මොටෝ කියන වචනෙත් හොඳයි කවි සඳහා.

පූසා said...

පැනයට පිළිතුරු දෙන්නෙමි මම කවියෙන්ම
රෝද නොමැති බ්ලොග්කරු ඔබ විතරක්ද
ටූ වීල් ෆෝ වීල් දෙස බලාන හූල්ලන
රෝද කොහෙද බං බස් වල අපෙ ගමන

කරුණක් තිබේ එනමුදු මට කියන්නට
පැය හතරක් හෝල්ට්වල උඹ හිටියාට
මෙහනම් එහෙම නෑ බං කන්නට කට්ට
ඕන තරම් බස් යනවා එක දිගට

Anonymous said...

මචෝ මේක කවි කොලේක ලියලා උදේ හවස බස් එකේ විකුනන්න බැරිද.බයික් එකට දෙකක් ගන්න බැරියැ.අර වැව් බැම්මෙ සිහිනෙත් එහෙම දේකට මරු.
එල කවි ටික මචෝ. ජය වේවා.
JH

Gayan Rupasinghe said...

එල එල සදරුවෝ. පට්ට කවිය. කොහොමත් වාහනෙකට පුරුදු වෙලා පයින් යන්න උනාම එපා වෙනවා තමයි. අඩේ උබ ට විතරක් නෙවෙයි සිංහයටත් තාම රෝද නෑ මචන්..

උබේ බජට් එක කියපන් අපි බයික්කෙයක් බලමු..


අඩුවට බයික්කෙයක් සෙට් කර ගන්න පුලුවන් මචං... මන් සෙට් කොරල දෙන්නම්..

ගිනි කුරුල්ලා said...

එල හොඳේ?? :)) නියම කවි පෙළක්..
මේ..රෝද 2ක් නම් මටත් තියෙනෝ..හැබැයි බ්ලොග් එකක් නෑ වගේ තමයි..:v
දුප්පතාගේ හිතවතා..
යන්න වැඩි දුරක් නැත්නම් ගන්න පුට් සයිකලයක්..හික්ස්..

හරී - පිණිපළස said...

අනේ මටත් බයික්කයක් නෑ අනේ!!!
රෝද හතරක්ම ගන්ට සුභ පැතුම්!!!!!!!!!

Hishan de Silva said...

මට රෝදත් නෑ break කුත් නෑ කොල්ලො...

Charith Yashoda said...

අව්ලක් නැහැ සදරු අය්යේ ,
කොහොමත් අය්යලේගේ අම්මට නම් නිවන් ගිය වගේ ඇති
මොකද දැන් අය්යට රට වටේ රවුම් ගහන්න බැහැනේ.:ද

jhothishalanka said...

නියම කවිය.සදරු මලේ.

Dasun said...

නියම කවි ටික සඳරු. හැබැයි ඉතිං අපේ ගෙදරත් තාම රෝද දෙකක් නෑ. ඒ නිසා මමත් රෝද නොමැති බ්ලොග්කරුවෙක් තමා.....

චතුවා said...

නුඹ නැති නිසා තෙරපුණු විට බස් අස්සේ
සිද්ඬාලේපේ පිහිටයි මට රෑ තිස්සේ

ෆට්ට කවි සෙට් එක..! මරුම මරු.. :D

රත්ගමයා said...

පට්ටයි...හික්....
පුස් බයික්කෙයක් වත් ගම්මු නේ

තාරා said...

රෝද දෙක, සතර පදිනා කාටත්ම
දැනේ වියෝ දුක නැතිකල මෙලෙසින්ම
දුක් නොම වන්න ඈ ලඟ නම් නිතැතින්ම
ගනු හැකි වේවි තව බයිකක් ලඟදීම

රෝද නොමැති බ්ලොග් කරු ඔබ විතර නොවේ
ඇවිද්ද පය මිස සකි අප සතුව නොවේ
එය ඔබ කැප කලේ දුරුචරයකට නොවේ
එබැවින් අලුත් බයිකක් තව දුරක නොවේ

(සකි=රෝද)

නදී said...

"බයික්කෙ නුඹ කලා නිරතුරු මා ඔකඳ"

බයික්ක වලටත් මෙයා ඔකද වෙනව මෙන්න බොලේ.

නියමයි කවි ටික.

දිනුක said...

මටනං රෝද දෙකක් තියෙනවා ඒත් ඉතිං ඇංජිම කකුල් දෙක තමා.කන්දක් වෙර දාල පදිද්දි චේන් එක පැන්නම අනාගතෙත් ඉවරයි මචෝ.මරු කවි සෙට් එක බං

ලකී සිරි said...

සඳ රූ උඹට බයික් එකක් නැතිවුනාට බ්ලොග් එකක් තියනවනෙ . මට බ්ලොග් එකකුත් නෑ, බයික් එකකුත් නෑ.
අනික බයික් එකක් නැති වුනාට උඹගෙ නම ලෝකේ වටේම යනවා මලේ.

දේව් ගේ අඩවිය said...

සිරාවටම මලෝ..... කට්ටියම කියනවා වගේ පොඩ්ඩක් ට්‍රයි එකක් දාලා බලමු... බයිකෙක් ගන්න.....
අන්තිම කවිය නොලිවා නම් හොදා.. කවදාවත් උබ ගැන අපි එහෙම හිතන්නේ නැ බන්....

පිසාචයා said...

මට නම් තියේ රෝද දෙකේ එකක්.හැබයි කකුලේ බලේ තමයි.බ්ලෝග් ලියන් අයගෙන් පුටාර් එකෙන් ගමන් යන්නේ මං විතරක් වෙන්න ඕන...
කවි ටික නම් සුපිරියි අයියේ.....!!!!

පබලු said...

නියමයි නියමයි.බූත ගුණේ වගේම තමා මේ කවි පේලි උපරිමයි.ජයවේවා

සුමින්ද said...

රසකර ලියන ජීවන තොරතුරු නිබඳ
කවිකම නුඹේ අද දුටුවෙමි සබඳ
දුක් පැණී රසයි පැමිණෙන, නොකරන් වාද
පතනෙමි ලැබේවා! දිනකදි සිව් රෝද

සහන් සටහන් said...

රෝද දෙකක්නම් ඇත සැපටම පැද යන්ට
ගියත් ගිනිගනං ඉන්දන ඉහ උඩට
යන්නේ 30යි ගහනා තෙල් ලීටරෙට
මට දුක ඇත්තෙ නෑ කවුරුත් පස්සැහැට

ඉන්දික උපශාන්ත said...

බයිසිකලයක් නැති කොල්ලෙක්!

එහෙනං ඌ පොරක් නෙමෙයි.


ඒ අපි ඒ දවස්වල හිතපු හැටිය.

දුමී said...

නියමයි සඳරු මල්ලි, සතෙන් සතෙන් එකතු කරලා රෝද දෙකක් නෙමෙයි, හතරක්ම ගන්න පුළුවන්නේ. මගේ පලවෙනි කාර් එක මම ගත්තේ මම හදපු සොෆ්ට්වෙයාර් පැකේජ් එකක් කම්පැණි එකකට විකුණලා. සඳුරු මල්ලිත් ඒ පැත්තෙන් පොඩ්ඩක් හිතුවනම් ඕක මහ කජ්ජක් නෙමෙයි.

ඔය බයික් වලට ලව් කරන එක නම් සිරා වැඩක් තමයි. මටත් කාලයක් තිබුනා යමහා 100 සී.සී බයික් එකක්. ඒක මට දුන්නේ අපේ පොඩි බාප්පා. ඒකෙන් ගත්ත වැඩ මතක් වෙනකොට දැන් මටත් ඇඬෙනවා..

Nishantha lakmal said...

මම මේ බ්ලොග් එකට එකතු උනේ අදයි...ලස්සන කවි ටික ආසාවේ බෑ සදරු, සුබ පැතුම් අනාගතයට !!!!!!

Anonymous said...

සුපර් කවි ටික අයියා..ලස්සනයි..

ඔහොම තමා ගොඩක් කල් තිබ්බ දෙයක් නැති උනාම හිතට දැනෙන්නේ හිස් කමක් තමයි.. :) එක මග ඇරිලා යාවි..

duliponline said...

අඩේ . . . මට තියෙන්නෙ 110cc බජාජ් කැලිබර් ක්‍රෝමා එකක්. මම කැම්පස් යනදවස් වල පාට් ටයිම් කරපු මෙඩිකල් රෙපින් රස්සාවෙන් හම්බකරල තමයි ඕක ගත්තෙ. පස්සෙ බයික් එකට නමක් දැම්ම . . ."කොල්ල" කියල . . . මොකද ඌ විතරයි මගෙත් එක්ක ඕනෙම අපත ‍ටුවර් එකකට එන්නෙ . . ."බෑ" නොකිය. 2002 ගත්ත බයික් එක තමා තාම පාවිච්චි කරන්නෙ . . . වෙන බයික් එකකට යන්න මූව විකුනන්න හිත දෙන්නෙ නෑ මචෝ . . . මම හැමදාම රෑට බයික් එක අලිය දාල දොර වහන්න කලින් බයික් එක අතගාල, ඌට සුභ රාත්‍රියක් පතල තමයි දොර වහන්නෙ . . . .
අභියගෙං අහල බලපං මගෙ බයික් එක ගැන . . . දවසක් ඌ හෙන ආතල් එකක් ගත්ත ඕකෙ . . .

කිඩෝ said...

පට්ටයි මචෝ
බොට විතරක් නෙ‍වේ මටත් රෝද නෑ :D ගාටමු එකට අපි දෙන්නම දෙපයට පින් දීලා

නදුන් උයන said...

හැමදාම වගේ සුපිරියි... !!!

බයිකක යද්දී තියන ආතල් දන්නේ එසේ ගොස් ඇති අය පමනි...... :)

හිස් අහස said...

@මාතලන් = උඹ කියූ කතාවත් ඇත්ත මට ඒක පස්සේ තමයි වැටහුනේ . අපරාදේ කලින් හිතුනානම් අප්පා !!
.............................................................................................................................
@සාතන් = ස්තූතියි.සාතේ මම වගේ තව එකෙක් ඉන්නවා එහෙනම්
.............................................................................................................................
@බුවා = තැන්කුයි මචං බුවා ..!
.............................................................................................................................
@අසනි = මගේ කවියට වඩා ඔයාගේ පිලිතුරු කවිය පට්ටයි වගේ .. ඔහොම ලියන්න එපා අනේ මට ඉරිසියාවයි !! :)
.............................................................................................................................
@මධුරංග= ලබන මාසේ ගන්නවා අයියේ ලොවෙත් නැති පට්ට බයික්කෙයක් ! එදාට තව එකක් ලියන්නම්
.............................................................................................................................
@prasanna86k = බයික්කේ විකුනපු එකද බං එල ? :)
.............................................................................................................................
@Praසන්ன = සත්තයි බං ලබන මාසේ වෙද්දී ගානට මුදල් සෙට් කරගෙන ලොවෙත් නැති රජ බඩුවක් ගේනවා මම ඔයාට තමා මුලින්ම කියන්නේ ඔන්න
.............................................................................................................................
@චාටර් කොල්ලා = ස්තූතියි කොලූ
.............................................................................................................................
@කතන්දර = ඒකටත් එක්ක පුතාට දැන් ඩයිහඩ්ඩසු එකක් තියෙන්නේ ! බයිසි මොටෝ.. අන්න වචනේ ..!
.............................................................................................................................
@පූසා = ඔය පලාතේ ඉතින් බයික්වල යනවාට වඩා බස් එකේ යන එක සැපයිනේ බං .. උඹගේ කවිදෙකත් පට්ට
.............................................................................................................................
@JH = අඩේ මට එහෙම කින්ඩිය දාන්න එපා .. 4 විලි ලැජ්ජාවයි ස්තූතියි ආ
.............................................................................................................................
@Gayan Rupasinghe = සිංහයාටත් රෝද නැත්තම් ඉතින් ආයේ මට නැති වුණාම මොකෝ . දැන් හිතට හයියයි . මචං මං ගෙවන්න එකක් ගන්න හිතං ඉන්නේ . වීර හොන්ඩා තමා මම ආසා ජාතිය
.............................................................................................................................
@ආගන්තුකයා = පුස් බයිසි කලයක් නම් මට තිබේ මචං ඒත් වැඩට ඒකෙන් ගියොත් ගිය ගමන් නාන්න වෙනවා !
.............................................................................................................................
@හරී - පිණිපළස = ස්තූතියි හරී ඔන්න මගේ ගොඩට තව කෙනෙක්
.............................................................................................................................
@Hishan Melanga = අන්න කතාව ..!

හිස් අහස said...

@චරිත් යශෝද/Charith Yashoda = පිස්සුද බං මලේ දැන් මාව වඩම්මාගෙන යන්න මගේ මිත්‍රයෝ ගෙදෙට්ටම එනවා බයික් වලින් උන්ට තේ අල්ලලාම අම්මට එපා වෙලා
.............................................................................................................................
@JHOTHISHALANKA = ස්තූතියි අයියේ
.............................................................................................................................
@නිර්මල = උඹ ඉතින් මගේ ෆ්‍රෙඩා නේ උඹටත් බයිකක් නෑ මටත් නෑ නෑ නෑ
.............................................................................................................................
@චතුවා (ළමයා) = සත්තයි බං උඹ එහෙම අපේ බස් වල ගියානම් අනික් පහුවදාට කපෝති !
.............................................................................................................................
@රත්ගමයා = ඊබේ එකෙන් බයික් එකක් අදිමුද ?
.............................................................................................................................
@තාරා = ගන්නවා අක්කේ සුපිරි බයික් එකක් ගන්නවා ලබන මාසේ පඩිය ගත්තාම ගාන ෆිට් . එතකොට මම ගන්න බයික් එක කිසිම බ්ලොග් කරුවෙකුට නැති එකක් .. ඈ :)
.............................................................................................................................
@නදී = ස්තූතියි අක්කේ මම ඉතින් ඔකඳ වෙන්න ආසයි නේ !
.............................................................................................................................
@දිනුක ජයකොඩි = මචං අනාගතේ පරදුවට තියලා කඳු නගින්න එපා ! ඒක අවධානම් . කීය කීය හරි දීලා බයිකක් ගන්න බලමු මේ මම වගේ
.............................................................................................................................
@Luckey = ඉතින් ලකියෝ අපි ලියමුකෝ බ්ලොග් පිටුවක් මොකෝ ලීවොත් අපි නෑවිත් ඉන්නවයෑ පුල් සප් එක දෙනවා මිසක . ලියමු ලියමු
.............................................................................................................................
@දේවාගේ අඩවිය = ගන්නවා ගන්නවා මචං ලබන මාසේ 18 වෙද්දී මම බයික්කෙක යන කොල්ලෙක් .. හි හි

හිස් අහස said...

@පිසාචයා = අන්න නියම කතාව පුටාර් එකේ යන පිසාචයා .. පට්ටයි පට්ටයි ..! :)
.............................................................................................................................
@පබලු = ස්තූතියි අක්කේ . ඒක මට හයියක්
.............................................................................................................................
@සුමින්ද = ජයවේවා සහෝ .. ස්තූතියි ඒ පද හතරට .
.............................................................................................................................
@සහන් = එලකිරි කවිය මචං ලීටරේට 30ද බං ඈ
.............................................................................................................................
@ඉන්දික උපශාන්ත =ඔයා මට හෙමීට කින්ඩියක් දැම්මද මන්දා
.............................................................................................................................
@දුමී අයියා = බයික්කෙයක් ගන්නවා මච දැන් සල්ලි නම් රෙඩි ඊලඟ මාසේ පඩිය එද්දී ගානටම රෙඩි . ගත්තු ගමන්ම බ්ලොග් පෝස්ට් එකක් දාන්න ඕන .මගේ බයික්කෙත් වික්කේ පුදුම දුකකින් මචං , මම ඒක හෝදපු හැටි පැදපු හැටි වැටුනු හැටි මේ සේරම මතක් වෙනවා හීනෙන් හිටං ..
.............................................................................................................................
@Nishantha lakmal = බොහොම ස්තූතියි මිත්‍රයා .. ආයෙමත් එන්න හිස් අහස පුරවන්න .
.............................................................................................................................
@නිම්ශා = තැන්කුයි නංගො
.............................................................................................................................
@ඕනයා = මමත් එහමමයි මචං බයික්කෙට පන දීගෙන හිටියේ . ඒත් අලුත් එකක් ගන්න ආසාවත් මගේ ගාව යමරෙට තිබ්බා ඒකයි වැඩියෙන්ම මේක වික්කේ . අභියා නම් අපේ දිහා ඇවිල්ලත් මගේ යාලුවෙකුගේ බයික්කෙන් හෙන රවුමක් ඇද්දා .බයික් ගැන නම් යමරෙට වචන බං
.............................................................................................................................
@කිඩෝ = ස්තූතියි පොඩි එකෝ උඹට තාම බයික් නැති එක හොඳයි ..
.............................................................................................................................
@නඳුන් උයන = සහතික ඇත්ත . බයික්කේ යන විට ලැබෙන සුවය ඒසී රථයේ නෑ

නාකියා said...

මගෙත් තියෙන වටිනාම සේසත තමා මගෙ බයිසි මොටෝ එක.ඒක විකුණන්න වෙන පළවෙනි මොහොතෙදිම මං නම් ග්‍රැමැක්සෝන් කුප්පියක් ගහනවා. ඒක නැතුව ජීවත් වෙනවා කියන්නෙ මහ විකාරයක්.

ඇත්තම කියහන්... බයිකෙ දාගෙන යද්දි කෙල්ලට දූවිලි/ හුළං වදින නිසා රෝද හතරකට මාරු වෙන්න නේද ඕක වික්කෙ ආ....

අපරාජිතයා :::: Aparajithaya said...

කෙලෙසක නම් පවසන්නද මා මිතුරේ...
ඉපදුන දා පටන් බස් වල අපි යන්නේ.....
කකුල් දෙකට පින් දීලයි වැජඹෙනේ.....
ඔව්වත් ප්‍රශ්ණ දැයි මා මේහි විමසන්නේ....

පැන්ඩා said...

ඉවසාපන් සබඳ
නොවෙ නුඹ පමණක්
සක් නැති බ්ලොග්කාර
මම ද සක් නැත්තෙමැයි

චතුර.... said...

තවම නැත නියමාකාරයෙන් විභාග සමත් වුවොත් පමණක් රෝද දෙකක් හෝ හතරක් ලැබෙන බවට පමණක් පොරොන්දුවක් ඇත..

පිස්සු පුසා said...

මට නම් රෝද දෙක තහනම්ය.මැහුම් දහ අටක් නිසාය

Gayan Rupasinghe said...

ශාහ්.. වීර හොන්ඩා එල.. අපේ අල්ලපු ගෙදර ඉන්න ගිහාන් කොලුවට එෆ් ඉසෙඩ් එස් කොල පාට එකක් තිබේ.. මු මෙකෙන් මාර වැඩ කිඩ දමයි.. සිංහයා ගොරවමින් බයික් පදින්නට ඇති නොහැකියාව පිලිබද තමන්ටම සාප කරගනියි.. හෙහ් හෙහ්..

ජය,,,,

Podi Kumarihami said...

පොඩ්ඩක් ඉන්ට අනේ කාරෙකක් හම්බවෙනකල්...:D
ඇයි ඔයා බයික් එක විකුනුවද?

වෙනදා වගේම ලස්සන කවි පෙලක්....

පිණිබිඳු... said...

කොල්ලන් සහ බයික් අතර ඇති සබඳතාව මම විඳ ඇත්තෙමි. එය දෙවියන්ටද පවා වෙන් කල නොහැකි බැඳීමකි. මේ දුක දෙවියන්ට පෙනී ඉක්මනට බයික්කයක් ගැනිමට හැකිවේවා. පඩි වැඩි වේවා. පෙට්‍රල් මිල අඩු වේවා.

Anonymous said...

විගහට බැඳල දෑවැද්දෙන් ගනින් බයිසිකලයක් මං වගේ.....

සරත් ලංකාප්‍රිය said...

මටත් බයිසිකල් ඔහොමම පෙනුනාය
වෙට්ටු දම දමා මම එය පැද්දාය
මගේ අඹු වැටුන හින්දා දවසක්දාය
බයික් කටුව විකුණන්නට සිදුවීය

මි හරක් පිඩියා said...

කවි ටික නම් හරිම අපුරුයි.
කවි මඩුවටත් කෙල උනානේ..චැහ්..
නැත්තම් හොදට කවි කියන්න තිබුනා සදරු අයියට.

ජීවිතේ මල් said...

"මේ සිතිවිල්ල කවියක් පමණයි සබඳ"
මේක කියෙව්වම හිතුනෙ බයික්කෙ විකුනල නෑ, තාම සඳරු මලෙයා ගාව එය තියෙනවා කියලයි...:-)
දුකයි නම් තමයි...
කමක් නෑ අලුත් එකක් ගන්නනෙ හදන්නේ... සුබ පෑතුම්... :)

කවි ටික නම් සු පි රි !!!!!!

මහිම මදුරංග said...

කවුරු කොහොම කිවත් රොද 2කේ අතල් එක දන්නෙ බයික්වලට ආදරේ උන් විතරනේ බං

පුස් බයික්කෙයක් වත් ගම්මු නේ

@පිණිබිඳු.
අන්න කතාව. සහතික ඇත්ත.

kasun said...

එල...
මේ ඉන්නේ ඕන තරම් බයික් එකක් තියා ෆුට්සයිකලයක් වත් නැති බ්ලොග් කරුවෝ...හී හී
හැබැයි අපිට විනාඩි 10න් 10ට වගේ බස් තියේ...
(බයික් එක තිබුන නම් මේ වගේ එල නිර්මානයක් කෙරෙයිද මං අහන්නේ....)

සිතුවිලි නිහඬයි said...

ලස්සන කවි ටික අයියා....ඉක්මනටම අලුත් බයික්කක් ගන්නකො

ayesha said...

නියමයි

නචියා said...

කවිය නම් හැමදාමත් වගේ සුපිරි ඈ.

කවි බැරි හින්දා ඔහේ ලියලා දාන්නම් උත්තරේ. මම තනියම යන්න පටන් ගත්ත කාලේ ඉදලා අද වෙනකල්ම හැම තැනම ගියෙ පයින්. තව කාලයක් යනකල් ඒක එහෙමම වේවි. මටත් ආසයි මගේම කියලා බයිසිකලයක් අරන් කෙල්ලවත් දාගෙන ඔක්කොටම පේන්න යන්න. ඒකට තාම මට වාසනාව නැතුව ඇති බන්. ඒත් ඉතින් බයිසිකලයක් නෑ කියලා මගේ වැඩ, මම යන්න ඕනෙ තැන් එකක් වත් මම මගඇරලා නෑ. ඒක පහසුවක් විතරයි.

අපටත් දවසක් තියෙයි බන්. එදාට ඇරලා යමු.
ජය වේවා !!!

priyantha said...

බයික් එකක් නොමැතිව බස් එකෙ යනවා....
හිතේ දුකට එතකොට කවි කියවෙනවා...

pandukabaya said...

මචන් සඳරු, උඹ විතරක් නෙවෙයි වාහනයක් නැති එකම බ්ලොග් කාරයා. උඹට තියෙන ගොඩක් දේවල් මට නම් නෑ.
මට උඹට වගේ කෙල්ලෙක් නෑ රස්සාවකුත් නෑ. ඒ වගේම වාහනයක් (පුස් බයික් එකක් වත්) නෑ. හැමදාම 138, 119 බස්වල කට්ට කකා මම ඉන්නවා. මගදිගට තියෙන අලුත් අලුත් වාහන බල බල හිතෙන් මවාගන්නවා මටත් ඒ වගේ එකක් තියෙනවා කියලා. උඹට නම් කවදා හරි හරියයි. හැබැයි මට නම් හඳ පායන දවස ගොඩක් ඈතයි

~ChAnDiKa~ said...

මේක බැලුවනං
http://hadapathula.blogspot.com/2011/08/blog-post.html

Anonymous said...

මල්ලී..

උඹ කලාවෙන් හුඟාක් දුර යන්න පුලුවන් කොල්ලෙක්... ඒ ප්‍රතිභාව උඹ උපතින් අරන් ආපු එකක්... පොතක් හරි හොඳ ටෙලිඩ්‍රාම ස්ක්‍රිප්ට් එකක් වගේ දෙයක් ලියන්න බලපන්... මිනිස්සුන්ට මතක හිටින දෙයක් කරන්න උඹට පුලුවන් වෙයි..

උඹ දන්නෙ නෑ ඇඩ්ඩිං මාමගෙ එලිච්චි ගිහින් තියෙන දුරක්...

Bindi said...

රෝද දෙකක් නැති වෙන කොට

බෝනික්කෙක් ලැබුණි නුඹට

පයින් යන්න රැගෙන ලඟට

පටලාගෙන අතින් අතට



අපිත් ඔහොම ඔය වයසේ

පයින් ගෑටුවා ඔබසේ

එදවස සිතුවත් දුකසේ

සතුටකි එය අද දවසේ

Bindi said...

ඇත්තටම කවියක් හරි කතාවක් හරි හදවතටම වදින්න ලියන හැකියාව ඔයාට තියෙනවා මල්ලි. අපිටත් මේක හැමදාම කියල එපාවෙනවා . හොඳයි ...අති විශිෂ්ටයි ..අනර්ගයි

හිස් අහස said...

@නාකියා = අඩේ සීයේ මට දැන්ම එක රෝදයක්වත් ගන්න වතක් නෑ බං කෙල්ලගෙන් තමා මේදවස් වල මම යැපෙන්නේ ..
.............................................................................................................................
@අපරාජිතයා = පික්සුද බ්‍රදර් අපි මේ නිකම් ආතල් එකට ලීවේ
.............................................................................................................................
@පැන්ඩා = ඔයාට තියනවා ජීප් එකයි . කාර් එකයි , බයික් එකයි ඔයා ධපති පන්තියේ පැන්ඩෙකි .
.............................................................................................................................
@චතුර = එහෙනම් සමත් වෙන්ඩයි තියෙන්නේ එතකොට ගතහැකි නෙව රෝද ගොඩක් . ගැම්ම දාලා විභාගේ කරපන් එහෙනම්
.............................................................................................................................
@පිස්සු පුසා =කෙල්ලෙක් නම් ජම්බු ගහෙනුත් කොල්ලෙක් වී නම් බයික්කෙනුත් වැටීමට ඕනෑමයි .සුබ පැතුම් මගේ මිතුරේ උඹ එලටම වැටිලා
.............................................................................................................................
@Gayan Rupasinghe = වට් ! උඹට බයික් බෑ කීවා ?
.............................................................................................................................
@Podi Kumarihami = කෙල්ලන් රිය පදවනවාට මම තරයේම විරුද්ධ වෙමි ඇයි එයාලා කාර් වලින් ඇවිත් කිඩ් නැප් කරනවා නේ
.............................................................................................................................
@පිණිබිඳු = ලබන මස අවසානයේදී ඔයාගේ අයිතිකාරයාගේ බයික්කේට වඩා ලස්සන එකක් මම ගන්නවා . හූ හූ
.............................................................................................................................
@nawammawatha = බැඳලා ගෑනිට මක්කයි බං ගිල්ලවන්නේ ? මට තියන ප්‍රශ්නේ ඒක
.............................................................................................................................
@සරත් ලංකාප්‍රිය = නෝනත් එක්ක බයික්කෙන් වැටුනයි .. චිකේ වස ලැජ්ජාව ! වික්ක එක හොඳා
.............................................................................................................................
@මීහරක් පීඩියා = මම කවියෙක් නෙවේ මලේ ඉඳලා හිටලා එන සිතුවිල්ලකට පන දෙන්න උත්සහ කරන කෙනෙක් .
.............................................................................................................................
@ජීවිතේ මල් = නෑ වික්කා .. දුකයි නම් තමා ඒත් අලුත් එකක් ගන්නවා කියලා සිහිවෙද්දී මගේ හිත පොපියනවා . සතුටෙන් ඉහේ මලක් පිපෙනවා

හිස් අහස said...

@mahima = පුස් බයිසිකලයක් තියනවා ඒත් ඒකෙන් වැඩට ගියාම ළමයි මාව ගනං ගන්නෑ . අනික කිලෝමීටර විසිහතක් දුර පදිනකොට මගේ සිරුර කෘෂ වෙනවා මහී
.............................................................................................................................
@චතූ = ඔයාටත් ඒකක් නැතෙයි .මටත් නෑ දාන්න 5ක්
.............................................................................................................................
@සිතුවිලි නිහඬයි = තැන්Q සහෝදරී
.............................................................................................................................
@අයේශා = තෑන්කුයි යාලු
.............................................................................................................................
@නචියා = බයික්කේ තියන ආතල් එක සිහිවෙන්නේ කාලයක් ඒක උඩ වාඩිවෙලා ඒකෙන් බැස්සමයි මචං . අවුලක් නෑ මම තව මසකින් මිනිහෙක් . ස්තූතියි ආ !!
.............................................................................................................................
@ප්‍රියන්ත අයියා = අනිච්චේ දුක්කේ අයියන්ඩි
.............................................................................................................................
@pandukabaya = බලාගෙන යද්දී අපි බාගෙට බාගයක් අමු හිඟන්නොනේ ! අඩේ මට මාර සතුටුයි බං .දාපං මචං 5 උඹත් මගේ ගොඩේ . පයින් යන සේනාව අපි වෙමු
.............................................................................................................................
@..ChAnDiKa = උඹ කියනකම් ඒක මම දැක්කේ නෑ බං . ස්තූතියි උඹට බොක්කෙන්ම
.............................................................................................................................
@සපතේරු උන්නැහේ = අයියේ බොහොම ස්තූතියි මම ගැන ලොකු වැනුමක් දුන්නට . මම ඔය ඔහේ වාඩි වෙච්ච වෙලාවට හිතට ආපු දෙයක් ලියන කෙනෙක් . මට හිතලා කිසිම දෙයක් ලියන්න බෑ . මම ඉගනීමේදී අන්නත අසාර්ථක කෙනෙක් . ඔහේ ලියමු කාලයක් යනතුරු . එලිච්චි තමා එලිච්චි ඒක හෙන දුරක් ගියා නෙව
.............................................................................................................................
@Bindi = බෝනික්කියක් හිඟන්නෙකුට ලැබුනාය
ඇගෙන් සල්ලි අරගෙන ඌ කෑවේය
පසුව මතක් වී මගෙ හිත රිදුනාය
ඒත් පහුවදා එය අමතක වීය

මැරා... said...

ඔහොමතමයි සහො ජිවිතේ.....එත් බුකියෙන් ප්‍රතිචාරයක් නොමැත.....පොඩ්ඩක් විසිට් එකක් දාන්නකො......

පිස්සා පලාමල්ල said...

කවිය එළ.

සඳරුවා මට තේරෙන්නෙ නෑ ඇයි උබ ඒක වික්කේ උබට අලුත් එකක් ගන්න සල්ලි තියෙනම්... ? අලුත් එකක් ඕනි නිසාද ???

networkdisa said...

ඔන්න මචෝ අද තමයි බ්ලොග් එක කියවන්න වෙලාවක් ආවෙ.ඉස්සෙල්ලාම ආවෙ උබේ එකට.ඒත් ඒ ආපුගමන්නම උබ බයිකෙත් විකුනලානෙ බං.කවියනම් පට්ට.ඕව අමතක කරල ආයෙත් ෆුල් ට්‍රයි දීබන් සහෝ තිබ්බට වැඩිය හොද බයිකෙක් ගන්න.උබට ජයෙන් ජය!!!!!!!!!

රවින් said...

ගණන් ගන්න එපා බං... ඔය බයික් කියන ජාතිය මාව අම්බානක් පිස්සු වැට්ටුවා... ඒත් කාලෙත් එක්ක ආසාව අඩු වෙලා ගියා... හැබැයි මචං ඒ මම නේ... උඹට කොහොම වෙයිද දන්නේ නෑ...:-).. මට ඉතින් බයික් එකක ලොකු ඕනෑකමක් නැති නිසාද දන්නෙත් නෑ ඉතින්..:-)

පන්සල් හංදිය said...

නියමයි මලයා නියමෙට ලියලා තියනවා ......

හැකි ඉක්මනින් බයික් එකක් ගැනීමට හැකියාව ලැබේවා කියලා පතනවා .........

මාධව විදුරංග said...

mata nam puss cycle 1 thamai bns! :) :) niyama kawiya!

Charith Samarakoon said...

එල කවිය... මේ ඇයි හැමතැනම ඔකඳ රතු පාටින්? :D

Saiiyaa said...

රෝද දෙකක් නෙමේ හතරක් නෙමේ.. ලොකු ටෙන් වීලර් ලොරියක් ගන්න ලැබේවායි කියල බොක්කෙන්ම ප්‍රාර්ථනා කරමි..

මඩයා said...

මනුස්සයන්ටනෙ අය්යෙ ඔක්කොම වෙන්නෙ. ආයෙ හොද කාලයක් එන්නෙ නැතෑ

Post a Comment

තැන්කූ බං