10.8.11

ප්‍රින්සිපල් සර් විසින් මාව සිපගත් දා

         මම ටිකක් විතර මතට ආදරේ කරන ආදර වන්තයෙක් . ! මගේ යාළුවෝ කියන්නේ මාව තුවාල කළොත් මගේ ඇඟෙන් මත් පැන් එළියට එන්න පටන් ගනීවී කියලයි . ඒත් ඔය කවුරුත් හිතන තරම් මම බොන්නේ නෑ . බොන්න ආසාව තිබ්බත් බීලා කෙළින් ඉන්න ඇඟේ හයිය තිබ්බත් . අතේ සල්ලි හිඟ කම නිසා මගේ බීම මටත් නොදැනීම හීනි වෙලා .

මේකත් එක බීපු කතාවක් .! අතේ සල්ලි තිබුණු කාලේ වෙච්ච කතාවක් . කැමතිනම් බලන්න .

සතියේ දවස් හතෙන් මට නිවාඩු ලැබෙන්නේ බදාදා දවසට විතරයි . එදා නම් වැහි බර බදාදා දවසක් .මම පරිගණකය ළඟට වෙලා ඉන්න අතරේ ..!

"
මචං සඳරු ! මචෝ ! උඹ ඉන්නවදෝ ! ?”

මම ඒ සද්දේ ඇහිලා දොර ඉස්සරහා දොර ළඟට ගියා . වෙලාව හවස හතරට කිට්ටුයි ,ලොකු වැහි අඳුරකුත් වැටිලා තිබුණා .


දොර ගාවට කිට්ටු වෙච්ච මම දැක්කා මගේ පන්තියේ හිටපු මගේ යාළුවෝ දෙන්නෙක් මාව බලන්න ඇවිල්ලා තියන වග . එකෙක් "රුවන්" , අනිකා "අමරේ" . අපි හැමෝම එක ගමේ.

පොඩි කාලේ ඉඳන් අමරෙයි මායි ගියේ එකම ඉස්කෝලෙට . රුවන් නම් වෙන කොහේද ඉස්කෝලෙක . ඒත් එක ගමේ නිසා අපි හැමෝම බුදු ෆිට් .

"
සඳරු උඹට අද වැඩක්ද ?” මම එළියට ආපු ගමන්ම රුවන් මගෙන් ඇහැවුවා !

"
නෑ..! එහෙම්ම කියලා වැඩක් නෑ ඇයි බං ?

"
අඩෝ අද මගේ පළවෙනි පඩිය . උඹලා දෙන්නටම සලකලා යන්නයි බං මේ ආවේ . යමුද ?”

 
මගේ මතකය ඈතටම ඈතට ගියා . රුවන් දහය වසරෙන් පස්සේ ඉස්කෝලේ ගියේ නෑ . කාලෙකට කලින් මිනිහා ගමේ කෙළවරක පොඩි සීඩී කඩයක් දාගෙන හිටියා . ඔය වීසීඩී , ඩීවීඩී නැගලා ගිය කාලේ උගේ වෙළඳාමත් සරුවට නැගලා ගියා .පස්සේ කාලෙකදී ඒ වගේම බැලා ගියා . දැන් මාස ගාණකට උඩදී මිනිහා කඩේ වහලා ගම පුරා ඇවිද්දා .. ! අයාලේ !

ඔන්න ඔය කාලේ මිනිහා සම්පූරණයෙන්ම යැපුනේ මගේ පිහිටෙන් . ඒ කීවේ මිනිහට බොන්න ඕන වුණාම එන්නේ මාව හොයාගෙන .

"
මචං අද මොනවා හරි කරමුද ? මමත් ගාණක් දෙන්නම් .” 

 
ඉතින් ඔහොම කියාගෙන ආවට හැමදාම සල්ලි වියදම් කළේ මම විතරයි . ඒත් අසෝක වීදුරුවෙන් දෙක , තුන නැමෙනකොට . රුවන් හැමදාම ගහපු එකම එක ට්‍රැක් එකක් තිබුණා ..


අඩෝ සඳරුව්ව්වා !! මම්ම ඔඳ ජොබ්බ්බක් කල්ල දාට උඹට මමයි අරං දෙන්නේ ! , සත්තම් පල්ල

 
කාලෙකට පස්සේ රුවන්ට විදුලි බල මණ්ඩලේ පුංචි තනතුරක් ලැබුණා . ඇත්තෙන්ම කීවොත් එතන තිබුණු පුංචිම තනතුර . ඒත් මේ පුංචි තනතුර හොබවන මගේ මිත්‍රයාගේ හිත නම් හැමදාමත් ලොකුයි. මගේ යාළුවෝ බොහොම දෙනෙකුගේ හිත ගොඩක් ලොකුයි .එකට හිටපු තමන්ගේ එවුන්ව ඒ ලොකු හිත් ඇතුළේ බොහොම පහසුවෙන් අමතක නොකර රඳවලා තියාගන්න උන්ට පුළුවන් ..

මටත් කට කොනින් හිනාවක් ගියා ..


හ්ම් .. යමුකෝ .. 

 
මමත් ටිකක් ඈතට යන්න වෙන නිසා . ඩෙනිම ඇඳලා බාටා දාලා ලක ලැහැත්ති වුණා . ඔය කාලේ මට මගේ බයික්කේත් තියනවා. ඒක නිසා ගමන් බිමන් ප්‍රශ්නයක් මට තිබුණෙම නෑ ! ඉතින් බයික් දෙකක නැගුණු අපි තුන් දෙනා නිදහසේ හොඳ බීමක් බොන්න පුළුවන් තැනක් බලා පිටත් වුණා

වෙලාව පහට කිට්ටුයි. අපි හොඳ ලස්සන ආපන ශාලාවක් වෙත ගොඩ වුණා . මගේ යාලුවාගේ පළමු පඩිය මතට දිය කරලා දන්න මට කිසිම උවමනාවක් නැතත් . උගේ උවමනාව මතම මමත් උගේ පිටිපස්සෙන් ඇදුණා . මම පාප මිතුරෙක් නම් නෙවේ... . !

"
අඩේ ලාභ *** බෝතලයක් අරං ගාලකට වෙලා අදිමු බං"
 
මම කීප විටක්ම රුවන්ට බල කෙරුවා

"
බෑ බං වැස්සක් එනවා . ඔය ගාල් අස්සේ යන්න බෑ අනික ඔවුවා අස්සේ බයිට් කන්න හොඳ නෑ "

 
ගොම්මං වෙලාවට ලඳු කැලෑ අස්සේ බැදුම් කන්න හොඳ නැති වග මම අත් දැකීමෙන්ම දන්න කරුණක් . ඒක නිසා මම මිතුරාගේ පස්සෙන් රෙස්ටුරන්ට් එකකට ඇතුළු වුණා

වටකුරු ප්ලාස්ටික් මේසයක් වටේ ඉඳගත්තු අපි තුන් දෙනා . රු 980 ක් දීලා මනරම් බෝතලයක් මිලදී ගත්තා

ඉතින් සුබ මොහොතින් මගේ මිතුරා බෝතලය විවර කරන්නයි සූදානම් වුණේ. ඒත් එකපාරම මම එක සිදුවීමක් දැක්කා . පපුවත් ගැස්සුණා ..


දකුණු පැත්තේ මේසෙක තනිවම වාඩිවෙලා හිටියේ මගේ මුල්ම විදුහල්පති තුමා !
ගමේ කෙනෙක් නිසා වගේම මගේ තාත්තා ඉන්න කාලේ එයාගේ හොඳම මිතුරෙක් වෙච්ච මේ ලොකු සර් මගේ දිහා ඇස් ලොකු කරං බලාන හිටියා .. 


ඒ බැල්ම ඇති මට පුටුවෙන් නැගිට්ටෙන්න ,ඒ බැල්මම ඇති මගේ ඔළුව බිමට නැවෙන්න .. ඒ බැල්මම ඇති මාව ලොකු සර් ගාවට නිකම්ම ඇදෙන්න ..! 


මමත් බයෙන් බයෙන් ලොකු සර් ළඟට ඇදුණා . ඔළුව කහන ගමන් .

"
සර් මේ .. මේ !” මම ඔළුව කහන ගමන් වචන හොයනවා ..

"
ආ සඳරු මොකෝ කොණ්ඩේ කපන්න ආවද ?” 

 
අප්පට සිරි ! ලොකු සර් දීපු ලොකු ටෝක් එක ..

"
මේ .. නෑ මේ සර් මේ යාළුවෙක් හම්බුනා . මේ එයා එක්ක මේ පොඩ්ඩක් . මේ"

"
හා හා .. තමුසෙලාගේ වැඩේ කරගන්නවා මාව බාධාවක් කරගන්න එපා . මමත් මේ ඇවිල්ලා ඉන්නේ බොන්න තමයි .. හරි හරි යනවකෝ ..”

 
තමන්ගේ ගෝලයෙක්ව මේ වගේ තැනකදී දැක්ක නිසා ලොකු සර් වුණත් සුපිරිවටම අස්පට් ගැහිලා හිටි බව ඒ කතා විලාසයෙන් මට තේරුම් ගියා . හිත සතුටෙන් බොන්න ආපු මගේ හිතත් .මොහොතකට දුකින් පිරුණා .. ඒ අතරේ මගේ වීදුරුවත් පිරුණා . ඒ පිරුනු වීදුරුව මගේ කටේ ගෑවෙද්දී මාව අතීතයට යැවුණා

ඒ මගේ පළවෙනි ලොකු සර් .

මාව ඉස්කෝලෙට භාර දුන්න දවස මට අද වගේ මතකයි මම හිතන්නේ ඒ 1995 අවුරුද්ද වෙන්න ඇති . වාර්නිස් කොළ ඔතාපු , කෝටුවක ගහපු බැලුම් බෝලයක් දීලා මේ ලොකු සර් මාව එක වසරට බාරගත්තු හැටි මට අද වගේ මතකයි . මේ ලොකු සර්ගේ නායකත්වය යටතේ මම අවුරුදු පහක්ම හිටියා . මගේ ගමේ පුංචි ඉස්කෝලේ පන්ති තිබුණේ 5 වසරට යනකම් විතරයි .

 මම අස් වෙන දවසෙත් අනිත් එවුන් එක්ක ගිහිං පුරුද්දට වගේ ලොකු සර්ට දණ ගහලා වැන්ද හැටි මට තවම මතකයි . කොඩි කණුව ගාව හිටපු ලොකු සර් වඳින හැමෝගෙම ඔළුව අතගලා සුබ පතන්නත් මතක කළේ නෑ . මමත් ඒ ඉස්කෝලෙන් අස් වෙලා හය වසරෙන් නගරේ ඉස්කෝලෙකට  ගමන ආරම්භ කලා ..

එදා ඉඳන් මාව ඉස්කෝලෙන් අස් කරන තුරුම මම විදුහල් පතිතුමන්ලාට පණ වගේ ආදරේ කරා . ! . මම ආපහු වතාවක් මොහොතකට මගේ පළවෙනි විදුහල්පති තුමා දිහා බැලුවා

ජීවිතේ හවස් වරුව ගෙවන මනුස්සයෙකුට කාගෙන් තහනමක්ද ? එක අතක දුම් වැටියක් . අනික් අතේ බාගේ බෝතලේ . අසරණයා වීදුරුව පුරුවනවා .එයාගේ බෝතලෙත් ඉවර වෙන්න ළඟයි . මම ඉවත බලාගත්තා .

"
පුතා ! පුතා !” 

 
ඒ සද්දෙන් මම ආයේ මගේ ලෝකෙට ආවා . වට පිට බලදී මම දැක්කේ බාගෙට නැගිටපු ලොකු සර් මට අත වනනවා .

"
පුතා පොඩ්ඩකට මෙහේ එනවකෝ ..”
 
උගුරටම එන්න තරම් බීලා හිටපු මමත් පුටු වල හැපි හැපී සර් ළඟට ගියා .සර් ගෙයි මගෙයි අතර මුලදී තිබුණු දුරස් බව හොඳටම අඩු වෙලා . දැන් ඔළුව කැහිලි නෑ හිතේ බය නෑ ,

"
ඇයි සර් ?” මමත් ළඟටම ගියා ගියා විතරක් නම් මදෑ එතනින් ඉඳගත්තා

"
තමුසෙලත් එනවලා ඕයි මේ ටේබල් එකට ..එනවා ඉතින් !”

"
ඕ ඕ ඕකේ සර් .” මමත් කොල්ලෝ දෙන්නව අඬගහගෙන සර් හිටපු මේසෙට ආවා .
දැන් සර් අපිට අඳුන ගන්නවා .

"
සර් මේ රුවන් . අහවල් පාසලේ තමා ගියේ .. , එතකොට මේ තමා සර් අමරේ ! මෙයත් අපේ ඉස්කෝලේ තමා . “

"
නෑ. . . . .!ලොකු සර් අත පුරුවලා පාරක් දුන්නා අමරේගේ පිටට . "යකෝ තෝ මාව දැක්කේ නෑ වගේ හිටිය නේද . ?අමරේ ඇඹරෙනවා

වෙලාව ගත වුණා . අපි එපා කියද්දී ලොකු සර් ගානේ තව භාගයක් ඇණවුම් කෙරුණා . ලොකු සර්රුයි ගෝලයොයි අතරේ දුම් වැටි හුවමාරු වුණා . "චියර්ස් "හඬත් එක්ක වීදුරු එකට ගැටුණා .. . . සාක්කු හිස් වුණා ! ඒත් අපේ හිත් පිරිලා ..

පුදුමයි පුදුමෙනුත් පුදුමයි ! එක ජරා දියරයක් අපි අතර තිබුණු සීමා මායිම් බින්ඳා . මම වසර පහක් මේ ලොකු සර් යටතේ ඉඳලත් ඒ වසර පහට අපි දෙන්නා වචන විස්සක් කතා කරලා නැතිව ඇති.. ඒත් අද ? මේ අමුතුම දියරය . අපිව කතා කෙරෙවුවා . අපිව ලං කෙරෙවුවා . අපිව යාළුවෝ කෙරෙවුවා !

පොද වැස්සක් වැටුණා . අපි අපේ බයික් වලින්ම ලොකු සර්ව ගෙදර ගිහිං දැම්මා .ලොකු සර්ගේ ගෙදර ගේට්ටුව ගාවදී අපි තුන් දෙනාම බිම වැට්ලා පෙරළිලා ලොකු සර්ට වැන්දා . ලොකු සර් අපි තුන් දෙනාගෙම හිස සිඹලා පිට අතගාලා අපිට සමුදුන්නා .

"
සෑර් අපි ඒනං ගීං එන්නං" මම දනිහේ වැලි පිහින ගමන් කියන්න වුණා
අපි ආයේ බයික් වලට නැග්ගා . ලොකු සර්ට අත වනාගෙන අපි යන්න පිටත් වුණා . ! 

බයික්කේ යනකොට වදින හීතල හුළඟ මගේ වෙරි මත වැඩි කෙරුවා .! ඒ අතරේ ආයෙමත් මගේ ලොකු සර් ගැන මතක් වුණා . කවදාවත් පගා ගහපු නැති , ඉස්කෝලේ වැඩ වලට දෙමවුපියන්ගෙන්න් , ළමයින්ගෙන් සල්ලි එකතු නොකරපු . ආසාධාරණව සල්ලි හම්බ නොකරපු මේ අසරණ මනුස්සයා ගැන මගේ හිතේ පුදුම ගෞරවයක් ඉපදුනා .

අසාධාරනව මහා සල්ලියක් හම්බ කළානම් අද අපිත් එක්ක නොබී තනියම තමන්ගේ ගෙදරට වෙලා හොඳම බෝතලයක් හිස් කරන්න මේ මනුස්සයාට හොඳටම පුළුවන් . ඒත් ඉතින් මගේ ලොකු සර්. තමන්ගේ සේවා කාලය ඇතුළේදී හම්බ කරගෙන තිබුණේ අද්දැකීම සම්භාරයක් විතරමයි .

එදා දවස ගැන මම හැමදාමත් හිතනවා . !

මම පාසල් යන සන්දියේ . මට කිසිම ගුරුවරයෙක් හොඳයි කියලා නෑ . මම කිසි දවසක පන්තියේ පාළොස් වෙනියාගෙන් ඉහළට ඇවිල්ලත් නෑ . කවදාවත් ගෙදර වැඩ කළෙත් නෑ . ඉතින් හැම ගුරුවරයාම මට බැන්නා විතරයි .මේ සිදුවීම තමයි ගුරුවරයෙක් මාව ඉම්බ පළවෙනි වතාව ඒත් මේ වෙනකොට මම පාසල් දිවියට සමු දීලා ඉවරයි.. හරියටම කීවොත් මාව ඉස්කෝලෙන් අස් කරලා දැන් වසර ගණනාවක් ගතවෙලා ඉවරයි . !

පළමු විදුහල්පති තුමා නොහිතපු විදිහට හමු වුණ ඒ දවස ඒ දවස මගෙ ජීවිතයටම අමතක නොවෙන දවසක් වේවි ! .

91 comments:

සාතන් said...

උඹටත් වෙන වැඩ... ඇත්තටම ඕක අමුතුම පානයක් බන්...

මහිම මදුරංග said...

අම්මප බන් සදරුවෝ කොහොමද බන් ඔහොම ලියන්නේ
පිස්සු හැදෙනවනේ බන්
පොතක් ගහමුකො
උබේ හැකියාව බ්ලොග් කියවන උන්ට විතරක් සිමාකරන්න එපා බන්
ඔන්න ඔහේ පොතක් දෙකක් ගහලා දාමුකො

BLOG ගඩොල් said...

ඇඩෙනවා බං! සිරාවටම ලියලා තියෙනවා. මටත් අපේ කොටියා සර්ව මතක් වුණා.

Abeetha Edirisinghe said...

උඹැට කියන්න මමත් දැන් සති දෙකකට උඩදි අර මගේ කථාවල ඉන්න බූලා සර් එක්ක සෙට් වුනා...

චතුර.... said...

කියන්න දෙයක් හිතා ගන්න බෑ..සර් බිව්වේ දුකටද සතුටටද..?

Unknown said...

පටන් ගත්තේ වෙනම විදිහකට. ඒත් හරිම සංවේදී පෝස්ට් එකක් විදිහට ඉවර වෙලා තියෙනවා.හිතට වදින පොස්ට් එකක්.

මගේ පලවෙනි විදුහල්පතිතුමිය දැන් ලෙඩ ඇඳේ. මේක කියවද්දි මට එයාව මතක් වුනා. මට පලවෙනි පාර කලන්තයක් ආවේ 4 වසරෙදි විතර. එතකොට ඒ විදුහල්පතිතුමියම ඇවිත් තමා මාව විදුහල්පති කාමරයට ගෙනිහින් සාත්තු කරලා අපේ තාත්තාට පනිවිඩය දුන්නෙත්..

වැප් said...

සුපිරි

වෙනදා වගේ හොරාට ඇවිත් යන්නේ නැතුව ... අද සටහනක් දාලාම යනවා

රත්ගමයා said...

නොදකින් බේබා...පිහියෙන් අනින්නමයි හිත..

Unknown said...

කියලා වැඩක් නෑ සඳරුවෝ උඹනම් නියමයි. මට හිතාගන්ඩ බැරි තරමට නියමයි. මේ ලියන විදිහ බලහංකෝ. ඇඩෙනවා මචං... කොහොම උනත් උඹට ජයවේවා.

networkdisa said...

මාර කතාවනෙ බං.ගහට ගහත් මොරටුවෙදි හමුවෙනව කියනවනෙ බං.ඒ වගේ තමයි තව තව කස්ටිය උබට ඔය වගේ තැන් වලදිම සෙට් වෙයි.මොකද උබත් වැඩිපුරම ඉන්නෙ ඒ වගේ තැන් වලනෙ.


ඕං උබ ගත්තු පානෙනම් මම *** තුනෙන් හොයාගත්ත.

Anonymous said...

ඔහොම ලොකු සර්ලා ලබන්න නම් පින් කරන්න ඕනෙ බන්.
අදත් කතාව ෆට්ටයි. උඔගෙ ටැලන්ට් එක නම් මසුරන්.
ජය වේවා.
JH

මාරයාගේ හෝරාව said...

මට ආසයි බං ඔය කතාව ඔය ලොකු සර්ගේ කටින් අහන්න...
ඒක උන්නැහේටත් අමුතුම අත්දැකීමක් වෙන්න ඇති සමහර විට..ඒත් හැමදාම එහොම යනවනං තව ගෝලයෝ හම්බ වෙලා නැතෑ...

කතාව ගැනවත්..උඹේ ලිවිල්ල ගැනවත් මං ආයෙත් අමුතුවෙන් කියන්න යන්නේ නැහැ..උඹ දන්නවනේ මං උඹ ගැන බලං ඉන්න විදිය...

Anonymous said...

oyata hoda hayiyawak tiyana.ai beela nikan winasha wenna hadanne.

Anonymous said...

සඳරුවෝ.. වෙනදා වගේම සුපිරියි බං. ලොකු කම් නැතුව මුළු හිතින්ම මිනිස්සු !
උඹට ජය !

පැණි දොඩම් said...

ෆට්ට ලොකු සර්ලා සහ ෆට්ට ගෝලයෝ.
ඒ ඔක්කොටම වැඩිය උඹේ ලිවිල්ල නම් ෆට්ටම ෆට්ට.

Sampath Sri Sitinamaluwa said...

සිරා මචං... උඹ සිරාවටම ලියනවා... මේ කතාව ඇතුලේ හැංගිච්ච කතා ගොඩයි.

@blog gadol: මටත් කොටියා සර්ව තමයි මතක් උනේ :D සර් තාම ඉන්නේ මත්තෙගොඩ නේද?

සංකල්ප said...

මම ගොඩක් වෙලාවට දැකලා තියෙන දෙයක් තමයි බොන සෙට් එක අතරේ අමුතු ෆිට් එකක් අමුතු සහෝදර බැම්මක් යාලු මිත්‍ර කමක් තියෙනවා.ඇයි කියලා කියන්න නම් දන්නේ නෑ. මොකෑ ඉතින් මම් බොන එකක් යෑ.

අඩේ සදරු මල්ලි ලොකු සර්රුත් එක්කත් සෙට් වෙලා තියෙනවනේ. අපේ එහෙම සර්ලා නෑ මලේ. අපේ ප්‍රින්සිපල් සර් උදෙම්ම ඉස්කෝලේ ඇවිත් දවල්ට ගහලා ගෙදර නිදියන එකෙක් !!!!! හික්ස් :)

Buru Babe said...

ගුරුවරුන්ට තියෙන ලොකුම සතුටක් තමයි තමන්ගේ ගෝලයෝ සතුටින් ඉන්නවා දකින එක. මම නම් අදටත් මගේ මීට අවුරුදු තිහක එහා ගුරුවරයාගේ ඉඳන් මට පුළුවන් හැමෝම බලන්න යනවා. මම ගිය අවුරුද්දේ ඔය වගේ මගේ කලින් පන්තියක ටීචර් කෙනෙක් බලන්න ගියාම එයා කිව්වේ ඔයාලා බටු ඇට වගේ ඉන්නකොට අපිට හිතුනේ නෑ ඔයාලා මෙහෙම ලොකු වෙයි කියලා. ඒ උනාට දැන් මෙහෙම ඔයාල අපිව හොයන් එද්දි අපේම ළමයින් අපි ගාවට එනවාට වඩා සතුටක් දැනෙන්නේ කියලා. අද කාලේ වගේ නෙමෙයි සඳරු ඔය කාලේ අඩු ගානේ ටියුශන් කඩවත් ගුරුවරුන්ට තිබ්බේ නෑ වෙන්න ඕනේ.

කැමීලියා said...

සඳරු, බනින්න හිතාගෙන කියෙව්වට ඇත්තටම දුක හිතෙනවා. ඔයා ජීවිතේ හැම සිද්ධියක් දිහාම සංවේදී විදියට බලන්න පුරුදු වෙලා තියන එක ගොඩක් වටිනවා. ඒත් ඔය බෝතලේ ටිකක් අඩු කරන්න මල්ලි.

Gayan Rupasinghe said...

සදරු මචං.. එක පාරක් බිග් මැච් එක දාක අපේ පන්තියෙ සිංහල උගන්නපු ගුරුතුමත් අපි එක්ක සෙට් වෙලා නැටුවා. ඔය සිද්දියත් මට අමතක නොවෙන සිද්දියක්.. උබේ ලිවීමේ හැකියාවනම් උපරිමයි මචන්..

ජය..

තාරක Dilsh@n said...

සිරා! කියල විතරයි කියන්නේ..

Praසන්ன said...

මාර දියරයක්නෙ සඳරුවො මේක. දෙක වදිද්දි ඔලුව කැහිලි අරව මේව මොකුත් නැතිව කෙලින්ම ලොකු සර්ගෙ මේසටම සෙට් උනා එහෙනං.
ලියල තියෙන විදියනං හැමදාම වගේ උපරිමයි මලේ.

Gizaa said...

මචන් සදරු මල්ලි ලියපන් බන් පොතක් මට වචන නෑ උබේ ලියන විදිහ ගෑන කියන්න
උබට ජය වේවා මචන් :)
හෑමදාම කියනව වගෙ අදත් කියනේ මල්ලි ඔය බොන එක අතෑරල දාපන් එහෙම අමාරුම නම් සල්ලි නෑති නිසා නෙමේ උබ ගෑන පවුලේ මිනිස්සු ගෑන හිතලා ඔය පුරුද්ද අඩු කරගනින්. මෙවා කිවුවට උබ තරහනම් වෙන්න එපා මලේ :D

Anonymous said...

පටන් ගද්දිනම් හිතුවේ නෑ මේ කතාව ඇතුලේ හැගීම් බුරුතු පිටින් ගොණු වෙලා ඇති කියලා..අගේට ලියලා තියෙනවා..

"අතේ මිටේ කාසි හිග වෙද්දී...ඔය බෝතල් හිස් කරන්නේ නැත්තම්..අතේ මිටේ කාසි හිග වෙන එකමයි හොද....."( අපෝ මේකිගේ කට නේ..එහෙම කිව්වත් කමන් නෑ...ඔය නරක පුරුද්ද ටිකක් මග ඇරෙන්න දෙන්න යාලු )

rawana said...

අඩේ බන් ඔය වගේ ගුරුවරු ලබන්න පින් කරලා තියෙන්න ඕන බන් . උබට ජය

Thishura (Hima) said...

පිස්සු හැදෙයි
එල පෝස්ට් එක!

geeth said...

ඇඩෙන‍වා.....

පොත් ගුල්ලා said...

පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

http://www.youtube.com/watch?v=jUdZwzKU28o&feature=related

සඳරු මල්ලි,
වෙනද වගේම රසවත්.
හිතටත් හරිම සංවේදී.

Bindi said...

කියල වැඩක් නැහැ . ඒ අංශෙන් නම් ඉතින් සඳරු ගුරුතුමාගේ අඩි පාරේ යනවා වගේ . ලියවිල්ලේ හොඳකම නිසා බොන එකට බොට බනින්න විදියකුත් නැහැ . එකත් ලියනවනේ අපිට අඬන්න

කතන්දර Kathandara said...

/* අසාධාරනව මහා සල්ලියක් හම්බ කළානම් අද අපිත් එක්ක නොබී තනියම තමන්ගේ ගෙදරට වෙලා හොඳම බෝතලයක් හිස් කරන්න මේ මනුස්සයාට හොඳටම පුළුවන්
*/

මේ කතාව වැරදියි නේද?
ගෙදරදි බොනවට වැඩිය ගණං වැඩියි නේද බාර් එකේ බොන කොට?

Podi Kumarihami said...

මාර ගුරෙක් අප්පා...තියන්ට වටින්නේ නෑ...:D

ItalyDilan said...

අදටත් මම ගුරුවරයෙක් මුහුනට හම්බුනාම පොඩ්ඩක් හිනා වෙලා බිම බලාගන්නවා, ඒත් අර බීමට ඒවා වෙනස් කරන්න පුලුවන්

හීනියට.... said...

දෙන්නම ලෙසටම ගැහුව එහෙනම් එකම මේසේ ආ.....

සඳරුවො තාත්ත මක් වෙලාද හිටි ගමන් නැති උනේ බං......නොවුමනා පුරස්නයක්ද මන්ද.......

Dasun said...

අනේ මංදා සඳරු උඹටත් වෙන දේවල්...කොහොම වෙතත් මචං කීයෙන් කී දෙනාටද තමන්ගේ ප්‍රින්සිපල් එක්ක එක මේසේ ඉදගෙන ශොට් එකක් දාන්න හම්බ වෙන්නෙ?

වෙනදා වගේම අදත් උඹේ ලියවිල්ල හරිම සංවේදි ගතියක් තියෙනවා. දිගටම ලියපන්.

Chamila said...

එළ මචන්... උඹේ හැකියාව නියමයි !!! බුලට් එකතුකරගනින්...

පූසා said...

අඩේ මමත් බීලා තියනවා මට උගන්නන සර් කෙනෙක් එක්ක. හැබැයි ඉස්කෝලේ නෙමෙයි :D

දිල් said...

අර කතාවක් තියෙනවා නේද සඳරූ..." එක කුරුල්ලො ලඟින්නෙ එක අත්තේ " කියලා....

අපරාදේ කියන්න බෑ... මේ ගුරු ගෝල සබඳ කම නම් " පංකාදුයි...." :p

දිනුක said...

මම බිව්වෙ නැති උනාට බොන එකට බනින්නැත්තෙ ඔය හේතුව හින්දා තමයි.බිව්වාම ගොඩක් මිනිස්සු හරි ලෙංගතුයි (සමහර උන් නං වලියටම තමා)

සීතල අයියා said...

අම්මපා ඇත්තට මේකටත් වෙන දේවල්...හික්ස්...

හිස් අහස said...

@සාතන් = අමෘත්තය පරාදයි මගේ මිත්‍රයා . ඒ බීම පංකාදුයි
.............................................................................................................................
@mahima = අනේ යාළු මම ඉතින් ඔන්න ඔය මට වෙච්ච සිදුවීමක් පොඩ්ඩක් ලස්සන කරලා ලියාදානවා විතරයි . මට එහෙම්ම කියලා ලියන්න බෑ . ස්තූතියි .ඈ
.............................................................................................................................
@blog gadol = මම උඹලෑ කොටියා සෑර් ගැන හිතෙන් අමුතුම චිත්‍රයක් මවාගෙනයි ඉන්නේ !
.............................................................................................................................
@අභීත = ඉස්කෝලේ සර් කෙනෙක් එක්ක සෙට් වෙන එක තරම් මම කැමති දෙයක් තවත් නෑ අයියන්ඩි . බූලා සෑර්ට ආඩම්බර ඇති නිර්භීත ඔබතුමා අද ඉන්න තත්වය ගැන
.............................................................................................................................
@චතුර = සර් ඉස්සර බොන්නේ නෑ ඇයිද මන්දා දැන් බොන්න අරං . මමවත් ඒක දන්නේ නෑ මචං
.............................................................................................................................
@Nisupa = ඇත්තමයි සහෝදරී මම මේක මගේ හිතේ තිබුනු ලෙංගතුකම නිසා ලියපු එකක් . ඔයාගේ ලොකු ටීචර්ට මම ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන්නම්කෝ ..
.............................................................................................................................
@වැප් = ස්තූතියි බස් පියානනි . ඔබව දැකීමත් සතුටක්
.............................................................................................................................
@රත්ගමයා = මම උඹගේ වැඩේ හෙටම කරනවා මල්ලියේ
.............................................................................................................................
@මිත්‍යාදෘෂ්ටිකයා = මචං උඹයි මායි උඹලෑ අයියයි තුන් දෙනාම ගියපු ඉස්කෝලේ සර් ගැනයි මේ කතාව උඹට මතකද . ලොකු සර්ව
.............................................................................................................................
@Networkදිසා = හිකිස් . අපි එදා ගත්තේ ෆ්‍රෑන්ක්ලින් එකක් බං .. මම හරිම ආස බීමක්
.............................................................................................................................
@JH = මොකද්ද මචං ජේ එච් කියන්නේ මට විතරක් නම කියාපන්කෝ .. ස්තූතියි මාව වර්ණනා කරාට . අපේ ලොක්කා සර් ආයේ රත්තරන් මුනියා !
.............................................................................................................................
@මාරයාගේ හෝරාව = ලොකු සර්ගේ කටින්ම මේක අහගන්න නම් අයියේ එයාට තව බාගයක් පොවන්න වේවි . මම හිතන්නේ අපිව හමු වුණ නිසා එයා ටිකක් අස්පට් ගියා . බොහෝම තැන්කුයි ආවට
.............................................................................................................................
@Anonymous = ඔබ කවුරු වුණත් ස්තූතියි . මම බොන්නේ මාසයකට 5 වතාවක් විතර ඉස්සර නම් දිගටම බීවත් දැන් බොහෝම අඩුවෙන් තමා බොන්නේ . බොහොම ස්තූතියි මිත්‍රයා
.............................................................................................................................
@nawammawatha = ස්තූතියි නව අයියේ ජයවේවා !!
.............................................................................................................................
@පැණි දොඩම් = ලොකු සර් නැත්තම් මේ ලිවිලි නෑ අයියේ . ස්තූතියි ඈ
.............................................................................................................................
@Sampath Sri Sitinamaluwa =මම මෙතන නොලියපු කතා ගොඩයි මිත්‍රයා .ස්තුතියි ඈ
.............................................................................................................................
@මධුරංග = අපෙත් කිසිම සර් කෙනෙක් ළමයෙක් එක්ක හරියට හිනාවෙලා වචනයක් කතා කරන අය නෙවේ . ඉගන ගන්න පුලුවන් මුදලාලිලාගේ ළමයි එක්ක තමයි සර් ලා වුණත් වැඩි පුර කතා කලේ ඉතින් මේ සිදුවීම මට කොයි තරම් වටීදැයි ඔයාට තේරෙනවා ඇති

හිස් අහස said...

@Il mondo di una povera pazza = ඔයා අද නේද ආවේ මම මේ ඔයාගේ නම දැකලා බිය වුණා . අක්ක කෙනෙක් නේද ? අපේ ගමේ කොහොමටත් ටියුෂන් කඩ අඩුයි අක්කේ අනික මගේ ලොකු සර් ඉන්නේ දූලෑ දිහා . එයා පැන්සන් ගියාට පස්සේ කෝටස් එකෙන් අයින් වෙන්න වුණා .
.............................................................................................................................
@කැමීලියා = ඔය බැන්නද බැන්නද හූ හූ . මම දැන් බොන්නෙම නැති තරම් අක්කේ . ලඟදීම ඕක නවතීවි ස්තූතියි ඈ
.............................................................................................................................
@Gayan Rupasinghe = උඹට හිතාගන්න පුලුවන් ඇති එහෙනම් ඒ වෙලාවට කොල්ලෙකුට ඇතිවන ආඩම්බර හැඟීම . නේද මචං
.............................................................................................................................
@තාරක Dilsh@n = ස්තූතියි මචෝ !
.............................................................................................................................
@Praසන්ன = ආයේ මොනාද දුම් වැටියත් බෙදාගත්තා . වීදුරු එකට හැප්පුවා . අපි මාර ෆිට් වුණා , දියරයට පින් සිදුවෙන්න
.............................................................................................................................
@Gizaa = මම කවද්ද බං තරා වුණේ . මචං මම දැන් බොන්නෙම නැති තරම් . මාසේ පඩිය හම්බුනාම දවස් දෙකක් විතර බොනවා යාලුවෙක් සෙට් වුණාම පොඩ්ඩක් ගන්නවා එච්චරයි . මම ගිය මාසෙටම බීවේ තුන් පාරක් විතර .
.............................................................................................................................
@අසනි = ඔයාගේ කමෙන්ටුවට මට නම් පැලෙන්න හිනා . දැන් මම නොබොන තරම් . මේ ඉස්සර වෙච්ච දේවල් . ස්තූතියි ඔයාගේ අදහසට . තවම හිනා
.............................................................................................................................
@rawana = ආයෙත් අහලා , ජයෙන් ජය මිත්‍රයා
.............................................................................................................................
@Thishura (Hima) = ස්තූතියි මිත්‍රයා . ජයවේවා !!
.............................................................................................................................
@Geethika Dilruk (ගීතික දිල්රුක්) = ඒ කියන්නේ එල ඇති . ස්තූතියි මචෝ ,,!!
.............................................................................................................................
@පොත් ගුල්ලා = ස්තූතියි අයියේ මම ඕක අහලා බැලුවා . මම ඔය සින්දුවේ සේරම ටික අහලා තිබුනේ නෑ .අදයි ඇහැවුවේ
.............................................................................................................................
@Bindi = හික් හික් . ඔයා මට බනින්න නේද අවේ .හූ හූ . අනේ අක්කන්ඩි මගේ ගුරු තුමා හරිම හොඳ කෙනා

හිස් අහස said...

@කතන්දර Kathandara = මේකයි අයියේ මගේ ලොක්කා සර් ඉන්නේ දූලෑ ගෙදර එයාට දීපු කෝටස් එක රජයෙන් පවරගත්තා එයා පැන්සන් ගියාට පස්සේ . ඉතින් ඒකයි මම එහෙම කීවේ . මට ඩුරුතුමාට හරිහමං ගෙයක් නෑ කියලා ලියන්න හිත දුන්නෑ .
.............................................................................................................................
@Podi Kumarihami = අනේ කුමාරි අක්කේ . ඒම කියන්න එපා . ඒ මගේ ලොකු සර් .
.............................................................................................................................
@ItalyDilan = මේ මොන කතාද මගේ මිත්‍රයා . මුලින්ම මූන දීගන්න බැරිව හිටි මම සර් ගාවටම ගිහිං කතා කරපු දේවල් ගැන මම පුදුම වෙනවා
.............................................................................................................................
@හීනියට = මචං මේං මේක බලහං හීනියට .උඹ ඇහැවුවේ වැදගත් ප්‍රශ්නයක් මචෝ http://hisahasa.blogspot.com/2010/11/blog-post.html
.............................................................................................................................
@නිර්මල = මම හිතන්නේ මචං ඒ චාන්ස් එක වැදුනේ බ්ලොග් කරුවන් අතරින් මටම විතරයි මයෙ හිතේ . ස්තූතියි උඹට
.............................................................................................................................
@චමිල =ස්තූතියි මචං බුලට් කීවේ ?
.............................................................................................................................
@පූසා = දැන් උඹ මට පෙරලි පෙරලී කීවා නේද බොන්නෑ කියලා ඕක මට කීව නම් මම එදා උඹ ආ දවසේ බීර එකක් හරි ගේනවා
.............................................................................................................................
@දිල් = නිකම්ම ගුරූ නෙවේ අක්කේ . මගේ ලොකු සර් ඉතින් මට තියන ආඩම්බරේ කියලා නිම කරන්න බෑ
.............................................................................................................................
දිනුක ජයකොඩි = අපෝ බං සමහරු ඉන්නවා මූඩිය පෑගුනත් ඇති .කුනු හරප කියනවා මරෝ කියලා . ඔන්න ඔය වගේ උන් එක මම නැත .

duliponline said...

සික් විතරක් මමනං කැමතිම නෑ ඔය බොන එවුවංට . . . . ඊටත් වඩා පෙන්නන්න බෑ බීල . . . ගෙවල් වලට වෙල බොන්න නැතුව ඉන්න එවුංට කෝල් කරල බයිට් කරන එවුවංව . . . . .

Unknown said...

ඇති නෑදෑකම් වැඩි කරන්නයි - නැති නෑදෑකම් ඇති කරන්නයි ඔය දියරෙට පුළුවන් ලුනේ

Anonymous said...

උපරිමයි..හොදට ලියලා තියෙනවා අයියේ..දැනෙන්න..

ලකී සිරි said...

අඩේ මේක මාර කෙලියක්නේ...

මටත් දවසක් අපේ සර් කෙනෙක් හම්බ වුනා තේ එකක් බොන්න කඩේකට ගිය වෙලාවෙ. ඒ අවස්තාව මේ තරම් හැඟීම්බර වුනේ නැහැනෙ මලේ....මම මේ කල්පනා කලේ මොකක්ද හේතුව කියලා....

කොහොම වුනත් උඹගෙ ලියවිල්ල නම් සුපිරියි....හැමෝම කියන හින්දා කියනව නෙවෙයි බන්..ඒක ඇත්තටම එහෙමම තමයි.


/* අසාධාරනව මහා සල්ලියක් හම්බ කළානම් අද අපිත් එක්ක නොබී තනියම තමන්ගේ ගෙදරට වෙලා හොඳම බෝතලයක් හිස් කරන්න මේ මනුස්සයාට හොඳටම පුළුවන්
*/

කතාව ඇත්ත මලේ...ඒ මනුස්සයාට මේ වගෙ නිදහස් පරිසරයක් ගෙදර නැතිව ඇති....බෝතලේ ලාභ වුනාට කියන පරක්කුවෙන් බයිට් එකක් මේසෙට ගෙන්නගන ටී වී බලන ගමන් හීනියට ෂොට් එකක් දා ගන්න එක හැමෝටම කරන්න බැහැනෙ...

දීනු said...

මචං මටත් උඹට වගේම විදුහල්පති තුමෙක් මටත් ඉන්නවා. මමත් උඹ වගේම තමා ඉස්කෝලේ ගියේ. ඒ කියන්නේ මමත් මුලින්ම ගියේ 5 වසර‍ වෙනකල් තිබුන පාසලකට. ඒ ඉස්කෝලේ හිටපු විදුහල්පති තුමා තමා ‍මම මේ ලෝකෙන් වැඩියෙන්ම ගරු කරන ගුරුතුමා. ඒ විදුහල්පති කෙනෙක් නෙවෙයි බන් දෙවියෙක්. දැනුත් මගේ ගේ ලගින් යද්දී අම්මා හරි තාත්තා හරි හිටියොත් අන්වාර්යෙන්ම මම ගෙදර ආවාද කියාලා අහලා තමා යන්නේ. (හැබැයි මම උඹ වගේ ඒ සර් එක්ක බීලා නම් නෑ.)
මම 5 වසර ශිෂ්‍යත්ව විභාගය ලියන කාලේ හවස පන්ති යන්න ඉන්නවා. එතකොට අම්මා තමයි මට දවල්ට කන්න අරන් එන්නේ. එක දවසක් අම්මා එන්න පරක්කු වෙලා සර් දවල්ට කන්න ගෙනාපු කෑම එක මට දුන්නා. කාලා පන්ති යන්න කියලා. ඒ වගේ උතුම් ගුණ තිබුණ මනුස්සයෙක් තමයි බන් ඒ සර්.
ඊට පස්සේ මට එක එක ගුරුවරු හමුවුනා. ඒ හැමකෙනාම මම දැනටත් දැක්කොත් අදුන ගන්න පුළුවන්. කොහේදී හරි දැක්කොත් මම කථා කරලාමයි යන්නේ. පුදුම මනුස්ස ගති තියෙන ගුරුවරු බන් ඒ.
(මම හැමදාම උඹේ මේ බ්ලොග් එක බලනවා. ඒත් බන් මට වෙලාවක් නෑ කමෙන්ට් එකක් දාන්න. අද නම් දානවා කියලා හිතලා තමයි බෝඩිමට ආපු ගමන් උඹට කමෙන්ට් කලේ.)- උඹ කියලා කිව්වාට ගනන් ගන්න එපා හිතවත් කමට කිව්වේ.)

නදුන් උයන said...

කවදත් වගේ එල කිරි වෙන්න ලියල තියනව..එක හුස්මට කියෙව්ව... මල්ලියො... ඔයාට ඒ හැකියාව උපරිමයි...

ඒත්.. උඹේ බ්ලොග් එකට ඇවිල්ල ඔය අරක්කු ගැන තියන ලිපි කියවනකොට මට මතක් වෙන්නෙම අපිත් එක්ක එක බෝඩිමේ අවුරුදු 4ක් එකට හිටපු යාලුවෙක්ව... අද ඌ අපිත් එක්ක නෑ මල්ලියෝ... කව්රු මොනව කියුවත් ඌව අපෙන් සදහටම ඈත් කලේ ඔය බීම තමයි... අද ඌ හිටියනම් මුලු රටටම සේවයක් කරනව....
අපි යාලුවො විදිහට දැන් දුක්වෙන හැටි බලන්න අපේ යාලුව අද නෑ...
ඒ අම්මගේ කඳුලු බලන්න ඒක අද ගෙදර නෑ....
මම උඹෙන් ඉල්ලන්නේ එකම එක දෙයයි... නවත්ත ගන්න අමාරුම නම් ඔය බීම අඩු කරපන්...

ජීවිතේ කියන්නේ බොන එක කියල විතරක් හිතන්න එපා... හැම දේටම බෝතලේට ආරාධනා කරන්න එපා...
බීමත් එක්ක ලොකු සමාජයක් ඇසුරු කරන්න ලැබෙනව වෙන්න පුලුවන්.. ඒත් උඹ වගේ හිත හොඳ කොල්ලෙක්ට සමාජයක් ගොඩනගාගන්න බෝතලේ ඔනෙ වෙන්නේ නෑ...

සමහර විට මම වැරදිද දන්නේත් නෑ. ඒත් මම ආසයි උඹ ලගදිම දවසක බෝතලෙයෙන් තොරව ලියපු කතාවක් අහන්න...
උඹ ගැන ආදරේට මේ ටික ලියුවට මාත් එක්ක තර වෙන්න එපා....
අන්තිමට කියන්නේ.... මල්ලියො...
උඹට බීම අඩු කරගන්නත් අමාරුනම් .... බීල බයික් එකේ නම් යන්න එපා..(මම දන්නව දැන් බයික්ක නෑනේ... ) ඒත් යාලුවෙක්ගේ එකකවත් යන්න එපා සඳරු.....

හැමදාම වගේම අදත් ජයෙන් ජය පතනවා......

Test Profile said...

අපිට නැහැ බං ඔහොම හිත හොඳ ලොකු සර්ලා... අපේ වුං ඉන්නේ කුට්ටිය පුදනකං කට ඇරගෙන... අනිත් ගුරුවරු කෙසේ වුනත් ප්‍රින්සිපල්ලා නම් චා... හැමෝම නෙවෙයි සමහරු..

කිඩෝ said...

මටත් කියන්න තියෙන්නේ බන් අර ප්‍රසන්නයා කියපු ටිකම තමා සිරාවට මට හිතට එකගව කට ඇරලා පිනා නොකියා ප්‍රින්සිපල් කියලා කියන්න පුලුවන් එක ප්‍රින්සිපල් කෙනෙක් විතරයි හිටියේ.... ඒ සර් මේ අවුරුද්දේ මුල මැරුනා.....

ගිනි කුරුල්ලා said...

බොක්කෙන් ලියනවා කියන්නේ ඔන්න ඕකට තමයි..එල..

Anonymous said...

කියලා වැඩක් නෑ සඳරු මලයෝ.. ඇඩෙන තරමටම ලියලා තියෙනවා..

දේව් ගේ අඩවිය said...

සිරාවටම මලයන්ඩි ඇත්තටම උබේ හැකියවට අපි දෙන තැන හොදටම මදි... මෙහෙම හිත පිරෙන විදිහට එක හුස්මට කියවන්න ආස හිතෙන විදිහට ලියන උබට ජය

ප.ලි : බයිකේ වැඩේ ඕකේ නේද 18

Anonymous said...

කතාව පටන් ගන්නකොට, ඒක මේ තරම් සංවේදී කතාවක් වෙයි කියල හිතෙන්නේ නෑ. ගොඩක් සංවේදී කතාවක්. හිතට දැනෙන විදිහට ලියලා තියෙනවා......
ඒත්, බොන එක ඔය තරම් පුරුද්ද ට අරගෙන තියෙන එක ට නම් මම විරුද්ධයි....

හිස් අහස said...

@ඕනයා = අඩේ සඳරුවාව බයිට් කොරන්න තරම් එකෙක් මේ හත්පත්තුවේම නෑ ! .මට කවුදෝ නන්නාදුනන සෙට් එකක් ඊයේ රෑ කෝල් කලා . මේ කියන්නේ උං ගැන වත්ද ? මට පේන්නේ ඕනයත් ඒ ගෲප් එකේම ක්‍රියාකාරී සාමාජිකයෙක් වගේ .
.............................................................................................................................
@ChammA= සහතික ඇත්ත මචං . රත්තරන් කෙන්දේ සිංහ තෙල් වගේ !
.............................................................................................................................
@නිම්ශා = ඒ වෙලාවේ මම දැනෙන්න අරං හිටි නිසා තමයි නඟේ මෙහෙම ලියැවුනේ !
.............................................................................................................................
@Luckey = ඉතින් බං මේ ප්‍රින්ස්පල් සර් , ආයේ ඉතින් මට මෑන්ව ප්‍රසිඩන්ට් තරම්ම ලොකුයි . ඉතින් ඒ වගේ කෙනෙක් එක්ක බීලා ආවා කීවාම මට මගේ අම්මවත් බැන්නේ නෑ .ලොකු සෑර් ඉන්නේ එයැයිලාගේ දූගේ ගෙදර . ඒකයි මම මෙතන නොකියා කීවේ .ස්තූතියි අයියේ . අදහසට . මට මාර ගැම්මක්
.............................................................................................................................
@දීනු = මචං බොහොම පුංචි වරදකට මාව ඉස්කෝලෙන් අස් කලේ ප්‍රින්සිපල් සර් කෙනෙක් . මම හිතන්නේ ඒ සිදුවීමෙන් මගේ ජීවිතේම වෙනස් වුණා . මගේ පලවෙනි ලොකුසර් සහ අවසන් ලොකු සර් අහසට පොලව වගේ කියලා මට හැම මොහොතෙම හිතෙනවා බං . හැමෝම එක වගේ නෑ . ඔවු මචං ඔයා මෙයා කියනවාට වඩා අපිට උඹ කියන වචනේ ලෙංගතුයි.
.............................................................................................................................
@නඳුන් උයන= මම මේ ඊයේ පෙරේදා තනිකඩ දිවියෙන් මිදුනා . දැන් කෙල්ලක් ඉන්න කොල්ලෙක් . ඉතින් මචෝ දැන් අකමැත්තෙන් හරි බීමට තිත තියන්න වෙනවා . ඒත් මට බය . මගේ යාලුවෝ ඒක කොහොම පිලිගනීවිද කියලා . අපෝ මූ කෙල්ල නිසා බීම නැවැත්තුවා කියලා අහගන්න මම කොහොමටවත් කැමති නෑ මචං .ස්තූතියි මචං
.............................................................................................................................
@Prasanna = මම උඩ කෙනෙක්ට කීවා වගේ මචං . මගේ ජීවිතේ කෑවේ ප්‍රින්සිපල් කෙනෙක් ඒ වගේමයි අද මම මගේ අම්මගෙන් පස්සේ ඊලඟට ගරු කරන කෙනත් ප්‍රින්සිපල් කෙනෙක් . ජීවිතේ හැටි බං ..
.............................................................................................................................
@ආගන්තුකයා = ස්තූතියි ආගන්තුක මිත්‍රයා
.............................................................................................................................
@sameerausa = තෑන්කුයි වේවා සමීර
.............................................................................................................................
@දේවා ගේ අඩවිය= බයික්කේ ගන්න තව ටික දොහක් ඉන්න වෙනවෝ . ලෝන් එක පාස් වෙලා නැතෝ . තැන්කුයි අයියන්ඩි

හිස් අහස said...

සීතල අයියා = සීතලයව මිස් වෙලා ! . අනේද කියන්නේ බං මටමමනේ වෙන්නේ

රතු මුහුද said...

මේක ලියද්දී 2ක් දාල නෙවෙයි නේද හිටියේ...............එල

නදුන් උයන said...

අන්න හරි සඳරු... ඔයාගේ බීම අඩුකරනව වගේම ඔයත් එක්ක ඉන්න යාලුවන්වත් ඒ නරක පුරුද්දෙන් ගලව ගන්න.... අන්න එතකොට ඔයාගේ දුඹුරු ඇස් දෙකටත් කොච්චර වටිනාකමක් ලැබෙනවද බලන්නකෝ....

(සඳරු.. තරහ වෙන්න එපා,... මම ඔයාව බේ බද්දෙක් විදිහට නෙමෙයි හිතන්නේ... ඔයාට ලස්සන අනාගතයක් තියන කොල්ලෙක් හන්දයි මේ ටික කියුවේ...)

හැමදාමත් ඔයාගේ ලිපි බලන්න අපි එනව.....

පැන්ඩා said...

අනේ මන්ද සදරු මේවා දකින කොට අපිටත් බොන්න හිතෙනව බං...
හැබැයි අර උඩ එක ගැන මම කැමති..අපි පොතක් ලියන්න ගමු මචන්..

නචියා said...

එළ සීන් එක බන්. ෂික් අපේ ප්‍රින්සිපල් එක්ක මටත් ඔහොම සෙට් වෙන්න තිබ්බා නම් කියන්න දේවල් ගොඩක් තියේ. පොරට හොරෙන් අපි කරපු දේවල් ගැන.

Tanikada said...

Loku sir tamath kollanta jeewithwenna ugannanawa ehenam....

සරත් ලංකාප්‍රිය said...

බොහොම රසවත් කතාව.. මේ ලොකුමහත්තය වගේ චරිටැහැ බොහොම අඩුයි අපේ රටේ. පගා ගහල මාලිගා හදා ගත්ත අය මිස.. උඹල එක්ක එකට බීපු එක නම් හොඳද මන්දා.. කෝක උනත් ඔය බීම නම් වැඩිපුර කිරීම හොඳ නැහැ සඳරු.. ඉඳ හිට සොමියකට මිත්‍රයන් එක්ක එක්වීම වෙනයි.... පුරුද්දට යන්න දෙන්න එපා..

මාතලන් said...

තැන්ක්ස්... ඇඬෙව්වට...
තවමත් කඳුළු ඇස්වල...

තාරා said...

ඒ කාලෙ ගුරුවරු ඉස්කෝලෙ යන එක නැවැත්තුවාම එයාලට දැනෙන පාලුව මම හොඳට දන්නවා.... අපේ තාත්තා ඉඳ හිට කියන දේවල් වලින්...

ආ සඳරු, අලි සංඝනනයක් තියෙනවලු... ඔයාලෑ ගමේ අලින්ටත් අනිවාර්යයෙන් එන්ඩ කියන්ඩ හොඳේ...

ජීවිතේ මල් said...

සඳරුවෝ.... හලේ නියම කතාව... හි හි... මන් හිතුව පින්සිපල් මාමා ඈත්තටම උම්මා දීල කියලා... හිකිස්...
ඒත් මලේ, අවන්කයා කියන්න කිව්වා අර බීඩි මිටිය , ගල් කොරිය වගෙ කතා තරම්ම මේක හොඳා........යි නම් නෙමෙයිද කොහෙදෝලු... අනේ මන්දා... හී හී
රස වින්දා කතාව... ජය වේවා මලේ !!!!

duliponline said...

//@ඕනයා = අඩේ සඳරුවාව බයිට් කොරන්න තරම් එකෙක් මේ හත්පත්තුවේම නෑ ! .//

හික් හික්. . . . . ඇයි තොපේ පත්තුවෙ එවුවංට හරක් මස් ඇලජික් ද ????

තරු said...

උඹේ මාතෘකාව දැක්ක ගමන් මම හිතුවෙ "ලී කෙලි" ගහන්න ආස සර් කෙනෙක් ගැන ලියන්න යන්නෙ කියල.
ඇත්තටම අන්තිම හරිය මාර දුකය්.

මගෙත් සර් කෙනෙක් ආවා මම වැඩ කරන තැන වැඩක් කරගන්න,දැක්කම දුකයි..සෙරෙප්පු දෙකක් දාගෙන , දාඩිය පෙරාගෙන, වෙනදා සුදට සුදේ බැබලි බැබලි හිටපු, ඇඳුම් පොඩිවෙලා.
වැඩේ නම් කරලා දුන්නා . ඒත් තාම පසුතැවෙනව කකුල් දෙක අල්ලල වඳින්න බැරි වෙච්ච එක ගැන.

හැබැය් මේ පොස්ට් එකේ මම කැමතිම හරිය මේක.

++++++++++ඇත්තෙන්ම කීවොත් එතන තිබුණු පුංචිම තනතුර . ඒත් මේ පුංචි තනතුර හොබවන මගේ මිත්‍රයාගේ හිත නම් හැමදාමත් ලොකුයි. මගේ යාළුවෝ බොහොම දෙනෙකුගේ හිත ගොඩක් ලොකුයි .එකට හිටපු තමන්ගේ එවුන්ව ඒ ලොකු හිත් ඇතුළේ බොහොම පහසුවෙන් අමතක නොකර රඳවලා තියාගන්න උන්ට පුළුවන්+++++++++++
මට ඔහොම යාලුවො නැහැනෙ බන්...කියන්න දුකයි.

කස්ස said...

ඕකට තමා මචන් කියන්නේ ගුරු ගෝල සම්බන්දතාවය කියල....

Anonymous said...

පලවෙනි වතාවටයි සඳරුගෙ බ්ලොග් එක බැලුවේ.සංවේදී කතාවක් ලස්සනට ලියල තියෙනවා.මත්පැන් බොන එක වැඩිය හොඳ නැති වුනත් පමණ දැන ගෙන කළොත් වරැද්දක් නැති බවයි මගේ හැඟීම.එකට බීල නැති වුනත් දෙවියන් වැනි ගුරුවරු මටත් මුන ගැසී තිබෙනවා.පාසලේ අප ගත කරන්නේ කෙටි කාළයක් වුවත් ගුරුවරයකුට සිසුවකු තුළ ඇති කළහැකි කළ හැකි බලපෑම විශාලයි.

පිස්සු පුසා said...

හික්ස්....අපේ උන් මට කියන්නේ ජාතික ඉස්කාගරය කියලා...මොනවා උනත් උබ නියෙමෙට ලියනවා බන්.අපි දෙන්නා එකම වයසනේ බලන් යනකොට ලොල්

මැරා... said...

සර්ට ඇඩුනද ? කොල්ලගේ තරම දැකලා.....

පිණිබිඳු... said...

ඔන්න බලන්න අරක්කු වල බලේ.. මොනා උනත් අපිට ඒ දවස් වල දෑහැට පෙන්නන්න බැරි ගුරුවරු හිටියා. ඒත් දැන් මතක් කරද්දි ගෞරවයක් මිසක් තරහක් හිතට එන්නෙ නෑ.

Beetle said...

උඹලා බිම පෙරළිලා වැන්දා, සර් ආදරෙන් ඉඹලා උඹලට සමුදුන්නා, මීට වැඩිය යමක් තියේද බන්... :)

එකට බිව්වත් සර් සර් විදියත් උඹලා පුතාලා විදියටත් දෙගොල්ලන්ගෙන් සමුගත්ත එක මාර වටිනවා මචං...සමහර තැන්වල වෙන්නේ පටන් ගද්දි ඉන්න "සර්" අන්තිමට "මචං පිනා" වෙන එකයි...

කතාව වෙනදටත් වඩා ලස්සනයි...

Anonymous said...

ඕකට තමා කියන්නෙ ගුරා හිටගෙන කරන දේ ගෝලයො දුව දුව කරනව කියල..

චතුවා said...

අප්පටසිරි මේකත් මාර කේස් එකක්නේ..

මම සා.පෙ කරපු ඉස්කෝලේ ප්‍රින්සිපල් නම් ඉස්කෝලේ ඇතුලේදීම ඉස්කෝලෙ‍ කොල්ලෝ එක්කම බෝතල් හිස් කරලා තියෙනවා.. :D වැඩේ කියන්නේ ඒ බෝතල් අරගෙන තියෙන්නේ කොල්ලොන්ගේ ගානේ.. :D :D

මහජන මුත්තා said...

මගෙ කදුලු කෑට කිබොර්ඩ් එකට වෑටෙනව දෑනුනා, සදරු මගෙ හදවතෙ සන්වෙදිම තෑනකට අත තිබ්බා.!

Anonymous said...

niyama kathawa machng.

මන්තරකාරි said...

මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ. මොනවා උනත් ඔය බීමනම් අඩුකරොත් හොඳයි...

Ravi said...

හෙහ්....හෙහ්.....මමත් මුලිම්ම මාත්තුරුකාව දැක්කම හිතුවෙ වෙන දෙයක්......කියවන්ඩ ලැජ්ජයි වගෙ හිතුන නිසා අත ඇරල දාල නිකම් හිටිය. පස්සෙ ඕන මඟුලක් කියල අද තමයි ඔන්න කියෙව්වෙ........බලද්දි මලේ මේ වෙන සීන් එකක්නෙ..........මරු කතාව.......අන්න මලේ ගුරුවරු.......හෙහ්, හෙහ්,

ලොකු සර්ගෙ පොටෝ කෑල්ලක් ඉල්ලන් ඇවිත් ගෙදර උඹෙ කාමරේ ගහගෙන උදේ හවා අල්ලහං දුං...........

සිත්රූ සිහින said...

කාලෙකින් බ්ලොග් එක කියෙව්වෙ..මේ කතාව කියවද්දි මටනම් ඇත්තටම ඇස් වලට කදුලු ආවා..

ඔයා කියනතරම් බොන්නෙ නැහැ කියල මටත් හිතෙනව..hehe

මාධව විදුරංග said...

niyama danena kathawak! uba niyameta eeka liyala thiyanawa!

පන්සල් හංදිය said...

එල මලයා නියමෙට ලියලා තියනවා ........

අපෙත් ප්‍රින්සිපල් කෙනෙක් හිටියා, අපිත් එක්ක බීලා නම් නැහැ, හැබැයි මොන කේස් එකක් ගියත් පොර ඉස්කෝලෙ ලමයින්ගෙ පැත්තෙ. පිට කිසි කෙනෙකුට ලමයෙකුට අත තියන්න දෙන්නෙ නැහැ. ඕන කොක්කකට ලමයිත් එක්ක බහිනවා .......

හැබැයි ඉතිං ඒ වගේම තමා පොරට මල පැන්නහමත් ....

ඇත්තටම අරක්කුවලට අපි සලකනවා මදිද මන්ද, අපිට හිතන්නවත් බැරි වෙනස්කම් අපිට නොදැනිම සිද්ධ කරන්න අරක්කුවලට පුදුම හැකියාවක් තමා තියෙන්නෙ .......

මැණික් - සුදු මැණිකේ said...

ලස්සනට ලියලා තියෙනවා අයියේ.......................

said...

පවුලේ වැඩිහිටිනෑයෝ , ඔෆිස් වල බොස් වගේ අය එක්ක බීලා තියේ ඒත් තාම උගන්නපු ගුරු වරයෙක් එක්ක නම් බොන්න ලැබිලා නැහැ :-)

Sanjaya Appu said...

උඹගේ ලිවිල්ල තමා ලිවිල්ල...මේ බ්ලොග් එකෙ හැම ලිපියම හිතට වදිනවා...බොහොම ස්තූතියි සඳරුවෝ..බිව්වට මොකෝ?!..ඒත් ඇබ්බැහිවෙන්න්න වෙන්න එපා මචෝ...!!! සුභ!!

ටීම් ට්‍රැවලර්ස් said...

ඔන්න අද දවසත් පටන් ගත්තා කියවන්න උඹෙ මේ කතාවෙන්. උදේ පාන්දරම බේබදු කතාවක්. ඒ කියන්නේ මගේ මුළු දවසම සුභයි.
සඳරුවෝ උඹ පොතල් කියන්න එහෙම අදහසක් නැද්ද? මේ කතාන්දර ඔක්කොම එකතු කරලා අපි පොතක් කරමු.
මොකද කියන්නේ මචං?

නවෝ!

shaminda srinath said...

මචන් මම උ/පේ විබහගේ ලියන්න ඉන්න කොට අපිට බයෝ කරපු මිස් පන්ති 3ක් ඉස්සරහ මාව නෙගිට්ටවල කිව්වා සක්කරයා ආවත් තමුසෙව විබහගෙන් පාස් කරන්න බැ කියල....ඉතින් මම විබහගේ පේල උන.....අය බන් අපිට ගුරුවරු එහෙම කලේ?

මාධව විදුරංග said...

උඹේ කතා කියවන්න ආයේ ආයේ එනවා බං! අප්පිරිය නෑ! කවදාවත්!

Kasun Palangasinghe said...

මම අදයි මුලින්ම උඹෙ කතා කියවන්නෙ.නියමයි.අයිමත් කවදාවත් වෙන සයි‍ට් එකකට යන්නෙ නෑ.ඇත්තටම හරිම රසවත්.ගොඩක් පින් අපේ හිත් පුරවනවට.

ප්‍රථම වතාවට හිස් අහස බැලුවෙමි said...

උඹ මාව පිස්සු වැට්ටුවා මචං.. මමත් ඔය වගේ ආතල් කොල්ලෙක් ඒක නිසා මේවා කියවද්දි මම කරපු වැඩ මතක් වෙනවා. ඒත් බං ඒවා මට ඔය වගේ ලියාගන්න බෑනෙ බං.. උඹට මාර හැකියාවක් තියෙන්නෙ මචං. ජය වේවා ....

Unknown said...

සඳරුවා උඹේ නමත් ලස්සනයි බං. ප්‍රින්සිපල් සර්ගේ කථාව බැලුවාම මටත් මගේ අතීතේ මතක් උනා. ඉස්කොලෙන් අස්කරාට උඹ දක්ෂයා..

Post a Comment

තැන්කූ බං