7.11.11

ඉංගිරිසිය බැරි හන්දයි මම මේ ලෙස බලු වුණේ




හෙල බස දැන පර තෙරටම
ඉංගිරිසිය නොම දැනේ
පෙර දිනයක උන්නයි මම
ගමක දිවිය ගෙවමිනේ

වේග තැපෑලෙන් දිනයක
ලැබුණයි ලියුමක් මට
ඉල්ලුම් කල රැකියාවක
පළමු පරික්‍ශනයට

දහස් ගණන් මල් පිපුණා
මගෙ සිංහල හිත මත
ඉතින් බොළඳ හිත හැදුණා
යන්නට නගරය වෙත

සියක් පැතුම් පොදි බන්දා
සියක් පැතුම් සිත දරා
මවුතුමියට මම වැන්දා
ෆයිල් එකත් අත දරා

බුදු සරණයි මගේ පුතේ !!
උඹ ඉහළින් දිනනවා
ඉන්ටවු එක දිනං ඇවිත්
රස්සාවක් කරනවා

මේ කිරිබත් කට කාපං
උතුරු දිසා බලමිනේ
දකුණු පාදෙ පෙර තබපං
රාහු කාලේ මඩිමිනේ

අම්මන්ඩිගෙ සුබ පැතීම
එලෙසින් අවසන් වුණා
පේවීලා හදවතින්ම
මම උදෙන් පිටත් වුණා

මම ඉන්ටවු එක දිනමින්
රස්සාවද කරන්නේ
අරගන්නා මුල් පඩියෙන්
පවුලම ගොඩ දමන්නේ

මගදි වදින සිසිල් සුළන්
හිතේ හීන මවන්නේ
ඉන්ටවු එක වෙත හෙමිහින්
මමත් ගමන් කරන්නේ

ඉන්ටවු එක පැවැත්වෙනා
නගරේ පැක්ටරියට
බස් රථයෙන් පිටත් වුණා
මිතුරනි මම හනිකට

ඇතුල් වෙච්චි හැටියෙම මම
පැක්ටේරිය ඇතුළට
කොහොම කියමි වුණු දේ මම
රෙදි ඇඳගෙන ඔබ හට

උදේ කාපු කිරිබත් කට
ආමාශය මැද ඉඳන්
ගුද මාර්ගෙ වෙත යන්නට
පේළි සැදී ඇත බලන්

ඉවසාගන්නට හදද්දි
බඩ දඟලයි දෙවියනේ
ගතද හිතද බෙරිහන්දී
කෑගසනා බව දැනේ

එළි බහින්න ළඟ පාතක
කක්කුස්සියකුත් නැතේ
පිහිද ගන්නටත් මා අත
ලේන්සුවක් ළඟ නැතේ

පිළිගැනීමෙ කවුන්ටරය
උඩ කෙල්ලක් ඉන්නවා
ඇගෙන් අහල කක්කුස්සිය
ඇති තැන මම හොයනවා

කකුල් දෙකම තද කර මම
කටද තොලද හපමිනේ
කෙල්ල ළඟට ගෑටුවෙ මම
කඳු නගිනා විලසිනේ

සුදු නංගියේ මට ඉමහත්
බඩෙ අමාරුවක් ඇතේ
කක්කුස්සිය පෙන්වූවොත්
නංගියෙ උඹ බුදු වෙතේ

එනිතිං යූ වෝන්ට් සර්
ටෙල් මී ඉංගිරිසියෙන්
ටෝක් කරනු බැරිය සර්
මට කරෙක්ට්ලි සිංහලෙන්

ඇහිලා ඉංගිරිසි වදන්
ඇගේ මුවින් පිට වුණ
හිටියයි පුවකක් විලසින්
මම ගිරයට අහු වුණ

බුදු නංගියෙ පිං අත් වෙයි
විහිළු නම් කරන්නෙපා
වැඳ වැටිලා මං ඇඬුවයි
බදාන ඇගෙ සුදු දෙපා

ජස්ට මිනිට් වෙයිට් අයියෙ
මම ඩික් එක ගේනකම්
සර්ච් කරල කක්කුස්සියෙ
තේරුම මම හොයනකම්

කාට කියන්නද මම දැන්
විඳිනා දුක දෙවියනේ
පස්ස අත් දෙකෙන් අල්ලන්
මම සුසුමක් හෙලුවනේ

දරා ගන්න නම් බෑ මට
දැනෙනා මේ බර තවත්
මරා කන්න හිතුණා මට
මේ සෝබන කෙල්ලවත්

ඉරා ගතිමි මම එවිටම
හතර වරිගෙ නම්බුවත්
ජරා කළෙමි සැනින්ම
කෙල්ලගෙ දෙපතුල් ළඟත්

දහසක් නෙත් ඉන් පසුවෙන්
මගේ දෙසට යොමු වුණේ
නාස් වසා ලේන්සුවෙන්
සැවොම සිනාසෙනු පෙනේ

ගතින් මල පයින අතරේ
නෙතින් කඳුළු වැගිරුනා
ඉතින් මගෙ වරද මිතුරේ
ටිකෙන් ටිකම වැටහුණා

ඉංගිරිසිය බැරි හන්දයි
මම මේ ලෙස බලු වුණේ
සිංහලයෙක් වුණු හන්දයි 
රෙද්දෙම ගූ පිටවුණේ

දුවං ගියෙමි මහ පාරට
කඳුළු සලා හඬමිනේ
බෙල්ල තැබුවෙ කෝච්චියට
අම්මව සිහි කරමිනේ

කෝච්චියේ හැප්පුණු මම
ලංකාවෙන් චුත වුණා
තවු තිසාවෙ අති උත්තම
දෙවියෙකු වී ඉපදුනා

හෙල බස රැක ගත්ත තැනා
මම දෙවි ලොව ඉපදුණේ
මට හිනැහුණු සියලු දෙනා
නිසි දඬුවම් ලැබුවනේ

පෑව සියලු දනන් එදින
ඉංගිරීසියෙන් හිනා
කොකු පණුවන් වෙමින් මෙදින
වැසිකිළියක ඉපදුනා

සුද්දා දුන් කඩුව අරන්
වැද්දා නොම නසන්න
පද්දා ඔබ සිහළ වදන්
සුද්දා කොර කරන්න


100 comments:

මැණික් - සුදු මැණිකේ said...

හි හී.... නියම කවි ටික...
දැන්නම් ඉතින් ඕනි තැනකදී ඉංග්‍රීසි නැතුව බෑ තමයි.නිකන් ෂෝ එකට නෙවෙයි. තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න, ගොඩක් තැන් වලදී වැඩ කටයුතු කරගන්න හොද ඉංග්‍රීසි දැනුමක් තියෙන එක වැදගත් නේද?
අද නම් පලවෙනි කොමෙන්‍ටුව මගෙන්.......:)

ජය වේවා..........!!!!

පන්සල් හංදිය said...

හිහ් ... හිහ් ....
නියමෙට ලියලා තියනවා ....
පට්ටයි ........

බොරුවට උඩ දාගෙන කඩු වනන උන්ට හොඳ පාඩම් මේවා, කොකු පණුවො වෙලා තමා උපදින්න වෙන්නෙ ......

නදී said...

සුද්දා දුන් කඩුව අරන්
වැද්දා නොම නසන්න
පද්දා ඔබ සිහළ වදන්
සුද්දා කොර කරන්න

මේක නම් මරු ඈ. හිහි කොහොමද බොලේ ඉන්ග්‍රීසියෙන් හිනා වෙන්නෙ?

Pasindu said...

ජය වේවා !!!

ඉඳුනිල් said...

විශිෂ්ටයි. ඒ වගේම බොහොම ස්තුතියි මලේ , අපේ ගොයියෙකුට වුන ඔය වගේ සිද්දියක් මතක් වුනා. අවසර අරගෙන පල කරන්නම්..

Weni said...

හොඳ වැඩේ පොශ්, ඉංග්‍රීසි උඩ දමන් ඉන්න උන්ට.
නියමයි මලේ, නිදහස් පැදි පෙළ නම් !

ගිහාන් said...

නියම කවි ටික.. මුලදී හිතුවෙ ඇත්තටම වුන දෙයක් කියල..

Praසන්ன said...

පට්ටය, එළය.

අකීකරු හිත said...

කවි ටික නම් මරේ මරු මලේ.. අන්තිම කවිය සුපිරි....

Deeps said...

එළ!!

හසී said...

නියමයි සඳරු.... මරු..!

ඔබ නොදු‍ටු ලොවක්..... said...

"පින් පුරව් සිහළුනි සදා ඉපදී මියෙන්නට සිංහලේ "

Unknown said...

නියම කවි ටික.ඔයාට මේවා කොහොම හිතෙනවද මන්දා... :)))

cjgayan said...

අපොයි මේක සඳරුට වෙච්ච දෙයක් නෙමෙයි නේද ?.. නියමෙටම ලියලා තියෙනවා..

Raj said...

සහතික ඇත්ත..දැන් බලපං..පර සුද්දා යටත්විජිත කරගෙන හිටිය හුඟක් රටවලට උං ඉංගිරිසිය බලෙන් කාවැඇද්දුව.... ඔකුන් ලංකාවෙ මිසනාරි පාසැල් ආරම්බකලේ අපට ආදරෙට නෙවෙයි..උන්ගේ ලියකියවිලි වල වැඩකොරොගන්ට ඔන මිනිස්සු ඒවයෙන් උපද්දොගන්ට...දැන් බලපං චීනේ..කොරියාවෙ..ඔය මගුල් ඉංගිරිසියෙන්ද වැඩයන්නේ..නෑ..එතකොට ඒ රටවල් දියුනු නැද්ද..පර බටහිර සුද්දා එහේ ගියාම උන්ටත් ට්‍රාන්ස් ලෙටර්ල ගෙන්නගෙන යසට වැඩ කොරොගන්නේ...එතකොට අපිට ඉංගිරිසිය නැතුව දියුනු වෙන්ට බැරිද....
මං කියන්නැ ඉංගිරිසි තහනං කොරන්ට ඔනය කියලා..නමුත් ලංකාව ඉංගිරිවලින් දුවන රටක් වෙන්ට ඔනයැ...ඔං බලන්ට " මම යනො..." කියලා සරලව සිංහලේන් කියද්දී ඉංගිරිසියෙන්..." අයි ගො " කියල කියන්ට පුලුවන්ද බෑ....නිකං කුනුහරුප නොකියා..සිංහලෙන් වැඩකොරහල්ලකො...උවමනාම වෙලාවට විතරක් ඔය හරුප බස පවිච්චි කොරහං කලු සුද්දො වෙන්නැතිව...නැද්ද මචො....

Dasun said...

පට්ට කවි ටික බං... සුපිරියට ලියලා තියෙනවා...

Dr. R. A. R. P. Susantha (Ph.D) said...

දයාබර සදරූ,
ඉංග්‍රිසිය මහ කජ්ජක් නොවේ. එය වැරදියට භාවිතා කලත් අපේ එකෙක් මිසක් සුද්දෙක් කවදාවත් සිනා නොවෙයි. අපි පිටරැටියෙක් අපේ බස අමාරුවෙන් හසුරවනවා බලා යම් සතුටක් ලබනවා නේද? ඒ වගේම අපේ එකෙක් සිංහළය වරද්දා කියත්දී හිනා වෙනවා නේද? මෙයමයි ඉංග්‍රිසියටත්. ඒ නිසා ඒක ඔබ වැනි සුරුවෙකුට මහ කජ්ජක් නොවන බව දනිමි. සතියක් හරියට පුහුණු වෙතොත් ඔබට යම් තරමකට ඉංග්‍රිසිය හසුරවන්නෙක් බවට පත් වීම අමාරු කාරියක් නොවන බව මමනම් දනිමි.
කෙසේ වුවත් අගේ ඇති කවි පංතිය.

mayya said...

hi hi varadda kellage..boru sobana daanawata.....eth putho engreesi tikak igena ganna eka nam bohoma watinawa...aluth yamak igena ganna....

පිස්සා පලාමල්ල said...

දැන් නම් ඉතින් කඩ්ඩ නැතුව අමාරුයි ලංකාවෙ... වැඩේ කියන්නේ බන් මේ උපන් දා ඉදන් සිංහලෙන් ඉගෙන ගත්තු එව්වොන්ටත් සිංහල බැරි වෙන එකනේ අවුරුද්දෙන් දෙකෙන්... සන්දුක්කාරේ... කවි පෙළ පට්ට.

ඹාලු ෆිට් එක said...

කඩ්ඩ නම් වුවමනාය.
ඒකත් ගානකට ය.
ඉංගිරිසිය රෙද්ද අස්සෙ දාගෙන " කනවා..., කනවා...." කියන ඒකලාට සදරු කිවිපති ගෙ කවිපද ඉතා අගනෙය.
ෆට්ටය...
ජය ශ්‍රී.....

කෙෂාන් විදුරංග said...

පට්ට පට පට... නියමායි ආ... සෑර් මාර කවියෙක් නේ අප්පා.. හැබෑටම මොන කවි පරපුරටද අයිති ඔබතුමා?.... මාතෘකවෙන් හිතුනෙ වෙන දෙයක් ගැන...

පූසා said...

මරු කවිටික මචං!

මම ඊයේ නැත්ත පෙරේදා දොරමඩලාවේ නැවත විකාශයක් බැලුවා. ඒකට ආවා මැවිසුරු ඊලියන් ද සිල්වා මහත්මයා. අන්න අහනවානම් වැඩසටහන!. සිංහල ගැන අපේ දේ ගැන හරි අපූරු සංවාදයක් ගියා.

Anonymous said...

ඇත්ත කියපන් සඳරු උඹ ඉංගිරිසියට ඔච්චරම වයිර කරනවද? තවත් බාසාවක් ඉගෙන ගන්න එක කොච්චර හොඳ ද බන්... try එකක් දීපන් පොඩ්ඩ පොඩ්ඩ හරි ඉගෙන ගන්න "සිංහල කම තියෙන්න ඕන හිතෙයි වෙන කොහෙවත් නෙවෙයි"

ඹාලු ෆිට් එක said...

ෆට්ට කවි පද සහෝදරයා...
ඉංගිරිසිය රෙද්ද අස්සේ දාගෙන “ කනවෝ..කනවෝ..“ කියන ඒකලා මේ කවි පේලිය කියෙවුවොත් හොදා ඕන්ට...
හැබැයි ඉතිං කඩ්ඩ නොදැන අද කාලෙ ඉන්ට එකත් ලේසි නෑ..අමිමප..
ඔය කොයිකත් සමබරව තියාගෙන ඉන්ට එක තමා ඇගට පතට ගුණ.. නෙවෙන්නං...?

දිල් said...

සුද්දා දුන් කඩුව අරන්
වැද්දා නොම නසන්න
පද්දා ඔබ සිහළ වදන්
සුද්දා කොර කරන්න

මේ ටික නම් නියමයි සඳ රූ...

අපි ඉතින් සිංහලෙන් ඉපදිලා ඉංග්‍රීසියෙන් ජීවත් වෙන ඇත්තොනෙ සඳරූ...හැම තැනම ඉංග්‍රීසි...නිකමට පිට කොටුවේ පේමන්ට් එකේ තියෙන රෙදි කඩේකට එබෙන්නකො... how can i help you mam කියලා අහන්නෙ...ඒ තරම් සුද්දව වටිනවානෙ :P

Jeew said...

ඔකනේ මල්ලි කියන්නේ.... උඹට ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගනින් කියලා. එහෙම වුණානම් ඉංග්‍රීසියෙන්ම රෙන්ඩ තිබුණනේ....

Dude said...

අපේ එකාට වුනොත් ඔහොම වැඩක්මයි.
henryblogwalker the Dude

පරිකල්පන said...

කවි ටික නං මසුරං. ජයවේවා!

Sabith said...

ප්‍රැක්ටිස් මේක්ස් මෑන් පර්ෆෙක්ට් මචො!

Anonymous said...

Sira kavi tika machng! Sinhala saha English dekama ada kale awashyai.

Stewart said...

වෙනදා වගේම ලස්සන වෑඩක්....
සුබ පතනවා....

Enemy said...

කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු. පට්ට කවි සෙට් එකක්නෙ. ඒක නෙවෙයි, අර කෝච්චිය ආවෙ මහ පාරෙ ද?

Anonymous said...

සඳරු ළමයො පැනයක් ඇත
මට නුඹගෙන් අසන්න
තවුතිසාවේ මුලීක බස
සිංහලදෝ කියන්න

සිංහල විතරක් දැන ගෙන
බැහැ මේ ලොව වසන්න
සිංහල බැරි සුන්දර ලද
සුද්දියෙක් ද කියන්න

ඉංගිරිසිය හරියට බැරි
ලැජ්ජාවක් නොවේමැයි
එනමුදු සිංහල බැරි සිංහයො
අප අතරේ අනන්තයි

සිංහල බැරි සිංහයො ටික
කූඩුවකට දමාලා
හයේ හතරේ පොල්ලක් ගෙන
හොද හැටි හිරි අරිල්ලා

“බුදු අම්මෝ ගහන්නෙපා“
මල්ලියෙ අත අරින්න
බැරි සිංහල එළියට එයි
සවනට මී පිරෙන්න

සිංහලෙන් හිනා වෙලා
ඉංගිරිසිය දමන්න
ඇන්දේ කලිසම වුනාට
සිංහලකම රැකෙන්න

෴ සඳරුට ජය ෴

ඉන්දික උපශාන්ත said...

ඉංග්‍රීසිය යනු කදකි. කද පාව්ච්චි කරන්නේ බරැති යමක් ගෙන යාමට පමණක් වන අතර, එහෙ මෙහේ යනවිට එල්ලාගෙන යෑමට නොවේ!

Theekshana said...

අඩෝ.. නියමයි බන් . අර අනිත් අය හැමදාම කියනව වගෙ උබ පොතක් ගහපන් යාලුවා

ක්සැන්ඩරයා said...

මම මේ ඔෆිස් එකේ රවුටර් සෙට් එකටම කෙලවිලා ඉඳගෙන ඉන්න වෙලේ උඹේ බ්ලොගේ අප්ඩේට් එකක් දැක්කම හෙන ගේමක් දීල ලයින් එකක් හදාගෙන ආවේ.. හප්පේ... ෆට්ට කවි ටික... කට්ට කෑවට පාඩු නෑ..

Anonymous said...

ෆට්ටයි බන් ෆට්ටයි.
කොහේ තිබිල එන අදහස්ද බන් මෙව්වා.
පොරටෝක් නැති විවිධත්වයක් ඇති උඔගේ මේ ලිවීමේ රටාව නම් නියමයි.
ජයම වේවා.
JH

මාධව විදුරංග said...

maxxa machoooo! :) hiki hiki! mmm! :) aththama kathawa! bt dan kaale english nathuwama bee bnZ! :(

Anonymous said...

කඩ්ඩ උවමනාය, ඒත් කඩ්ඩ නිසා හිංගල අමතක කිරීම බලු ය.

sudaraka said...

කවි ටික නම් මරු.ඒකේ ආයේ හොදන්න දෙයක් නෑ....ඒත් ඉOග්‍රීසි බැරී වීම නම් මන් දකින්නේ අපේ අඩුපාඩුවක් හැටියට...මව් බසට අමතරව තව බාශා දැන ගැනීම අවශ්ය වෙනවනේ...සින්හලකම තියෙන්න ඕන අපේ සිතුම් පැතුම් වල හා ක්‍රියාවේ මිසක් අපි පාවිච්චි කරන බාශාවේ නොවෙන බවයි මගේ හැගීම...

duliponline said...

මම උගන්නන්නං මචං උඹට ඉංග්‍රීසි . . . . අපි පටංගමු එදිනෙදා භාවිතාවෙන වාක්්‍ය කීපයකින් . . .

දැන් සද්ද කරල මේ වාක්්‍යය කියවපං . .
"මයි හන්ඩ්‍රඩ් බැක් යෙලෝ යෙලෝ ස්ලීපිං ඔන් ද ඩොංකි බෙඩ්"

තේරුම: මගෙ සීය පස්ස කහ කහ බූරු ඇඳේ බුදි

මේ වාක්්‍යය කටපාඩං උනාට පස්සෙ අපි අනිත් වාක්්‍යය කටපාඩං කරමු . .
(බො‍රැල්ලෙ ෆෙයාෆීල්ඩ් මැඩම්ගෙ තියරිය . . . . අනිවා වැඩ කරනව)

uwiniran said...

ඉන්ග්‍රීසි කියන්නෙ අත්යවශ්යම දෙයක් කියල මම හිතන්නෙ නැහැ. මොකද ඒක වැදගත් වෙන්නෙ තමුන් කරන රැකියාව අනුව. සිංහලෙන් වැඩ කිරීමට හැකියාව තිබියදී ඉංග්‍රීසියෙන් කරන්න යන්නෙ ලොකු කමට.
ලංකාවෙදි වැඩක් කරගැනීමට ගියාම බය නැතිව සිංහලෙන් කියන්න. ඒත් අනෙක් පුද්ගලයා දිගටම කඩුවෙන් කොටනවනම් කරන්න තියෙන්නෙ සුලු දෙයයි. දන්න සිංහලෙන්
"FUCK YOU" කියන්න.
නැත්තන් ඉතිං කලිසමේම රෙවෙයි.....

Somalal said...

සුද්දා දුන් කඩුව අරන්
වැද්දා නොම නසන්න
පද්දා ඔබ සිහළ වදන්
සුද්දා කොර කරන්න

පට්ටයි!!මරේ මරු!!

සරත් ගුණතුංග said...

ඉංගිරිසිය බැරු වුනාට
එපා පුතේ පසු තැවෙන්න
පණස් ගනන් අවුරුදු වල
මමත් හිටියෙ උඹ වගේම.

ඔක්කොම සිංහලෙන් කරා
පතාක යෝදයෝ වුනා
ආනන්දයෙ රජ කොල්ලෝ
පෙරමුණ බව පසිඳු වනා.

ඕ එල් සින්හලෙන් කරා
ඊට පස්සෙ අපි එරුනා.
ආපහු ඉංගිරිසියෙන්ම
වැඩ කරන්න සිද්ධ වුනා.

අනේ අපේ හෙල කොල්ලෝ
මොලේ තියෙන හොඳ කොල්ලෝ
ඉංගිරිසිය නිසා අනේ
මහ තැන් ඔක්කොම වැසුනා

ලෝකයෙ බැරි දෙයක් නැතේ
ගනින් හිතට මගේ පුතේ,
ඩේලි නෙව්ස් පත්තරේම - මුල සිට අගටම
කියවල තේරුම් අරගන් වෙලඳ දැන්වීම් සමගම

මාස හයක් එක දිගටම
මේ විදියට කලොත් එහෙම
සුද්දට උගෙ බාසාවම
උගන්වන්න පුලුවන් වෙයි

මේක නොවරදින ගුරුකම
මම මේ ටික කල හින්දයි
බයක් නැතිව කරොත් එහෙම
ඔබටත් මෙය පුලුවන් වෙයි.

හිතුමතේ said...

අන්තිම ටික කියවනකොටයි මේක අය්යාට නොවුන දෙයක් කියලා තෙරුනේ..........

අති විශිශ්ටයි සර්....

ලොකු පුතා said...

මාරු කවි ටික බං.... හැමදාම වගේ පට්ට.

කඩුව අපිට අවශ්‍ය වෙනවා, ඒත් ඒකෙන් කියවෙන්නේ නැහැ එකෙ එල්ලිලා ඉන්න ඕනේ කියලා...
ඒක තියෙන්න ඕනේ අවශ්‍ය විටක පාවිච්චි කරන්න විතරයි.
(ඒ කියන්නේ කඩ්ඩ දැනගෙන ඉන්න එක වටිනවා)
මගෙත් එක්ක මෙහෙ වැඩ කරන එකෙක් ඉන්නවා ඌ කෑගල්ලේ බෞද්ධ පවුලක
මු අපිත් එක්ක කතා කරන්නෙත් ඉංගිරිසියෙන්
අපේ මෝඩ යක්කු බහුතරයක් හිතං ඉන්නේ කඩ්ඩෙන් කතා කරන එක මහලොකු දෙයක් කියලා

ඒත් කවදාවත් දෙමළ මිනිහෙක් තවත් දෙමළ මිනිහෙක් එක්ක කතා කරන්නේ නැහැ දෙමලෙන් හැර වෙනත් භාෂාවකින්
ඒ වගේම තමන් ඉන්දියන් කාරයෝ... උනුත් උන්ගේ භාෂාව රකිනවා..

ඒත් අපේ ගොඩක් මෝඩ හින්ගලයෝ හිතාගෙන ඉන්නේ සුද්ද රීපු එකක් හරි කමක් නැහැ කෑවොත් ගොඩ තමයි කියලා...

රොබට් නොක්ස් අපේ මිනිස්සු වතුරෙන් පස්සේ හෝදන එක වර්ණනා කළා 17 වැනි සියවසේදී..
ඒත් දැන් අපේ එව්වෝ සුද්ද කරන විදිහට කොලෙකින් පස්ස පිහිදාගෙන විතරක් ඇවිත් සැනසෙන්න හදනවා
ඔය සුද්දෙක්ගේ අතක උනත් මලපහ පොඩ්ඩක් ගෑවුනොත් උන් කොලෙකින් පිහිදාගෙන නිකන් ඉන්නවද, නැහැනේ... :)

අපිට තියෙන්නේ අපි සුද්දන්ගෙන් ගත යුත්තේ කුමක්ද කියන එක ගැන හරි වැටහීමක් නැතුව හැම දේම ගන්න යන එක සහ අනවශ්‍ය විදිහට අනුකරණය කරන්න යන එක

Observer said...

No understand Sinhala kawi Sandaru, write English kawi please.

ප.ලි.
ඉංග්‍රීසි ආයුධයක් නෙමේ ආභරණයක් කර ගන්න එකයි වැරැද්ද

මුදියන්සේ said...

පට්ටයි, සොදුරු සිතගේ කවි ට් ඉකත් නියමට ගැලපෙනවා

කස්ස said...

හැක්.....පට්ට කවිය මචන්

සචී said...

පට්ට!

Dinesh said...

සුද්දා දුන් කඩුව අරන්
වැද්දා නොම නසන්න
පද්දා ඔබ සිහළ වදන්
සුද්දා කොර කරන්න

මේ ටිකනම් පට්ට.. කියන්න වචන නෑ.. කඩුව දැනගන්න එක හොදයි.. ඒත් සිංහල අමතක කරලා කඩුවම වැලද ගන්න එක තමයි අවුල..

හිස් අහස said...

@මැණික් - සුදු මැණිකේ=මැනිකෙ අක්කා අද උදෙන්ම ඇවිදින් වගේ..ඒත් ඉංගිරිසී අපිට එපා එපා එපා !! ජය වේවා සිංහලයට
.............................................................................................................................
@පන්සල් හංදිය = මම කඩ්ඩට අම්බානෙට බියක් දක්වනවා බං ..සත්තයි උඹට නියමයිලු
.............................................................................................................................
@Pasindu= ජය පිට ජය
.............................................................................................................................
@නදී = ඇයි නදී ඔය සමහරු ඉංගිරිසියෙන් අමතන විට උච්ච ස්වරයෙන් හිනා වෙන්නේ අවලා නැතෙයි ?
.............................................................................................................................
@ඉඳුනිල් = දාපං දාපං මචං වෙන නමකින් දාපං එතකොට ගින්නක් නෑ නේ
.............................................................................................................................
@Weni= තෑන්කිවු අයියා .. ආයිබෝ වේවා
.............................................................................................................................
@ගිහාන් = පිස්සුද එහෙනම් මචං මේක කවදාවත් මම මතක් කරන්නෙත් නෑ
.............................................................................................................................
@Praසන්ன = අනේක වාරයක් තෑන්ක්ස්
.............................................................................................................................
@අකීකරු හිත = අනේ ස්තූතියි බොහොම ස්තූතියි
.............................................................................................................................
@Deepika Priyadarshani = ස්තූතියි දීප්
.............................................................................................................................
@හසී = අක්කලා අද වැහි වැහැලා
.............................................................................................................................
@ඔබ නොදු‍ටු ලොවක් = ජයම වේවා !!
.............................................................................................................................
@නිසූපා = අපේ අම්මා මාව නැලෙවුවේ මේ වගේ කවි කියාලයි පොඩි සන්දියෙ ඒකයි මම මේ වගේ ගොං කවි ලියන්නේ අක්කේ
.............................................................................................................................
@cjgayan= අප්පේ නෑ මට තබා මම දන්න කියන එකෙක්ටවත් වෙච්ච දෙයක් නෙවේ
.............................................................................................................................
@රාජ් = ඉංගිරීසිය හොඳා ඒත් සිංහල වඩා හොඳා . කවදාවත් ඉංගිරිසියෙන් ඥාන පාල කියලා ලීව හැකිද ? බෑ සිංහල අති උසස් බසක්
.............................................................................................................................
@නිර්මල = ජොලියක් හරි ගන්න කියවලා බලන්ඩ බැරියෑ නේද බං
.............................................................................................................................
@වෙද ගෙදර මහ වෙදනා = අවුරුද්දක්ම පන්ති ගියා වෙද මහත්තයෝ . පුලුවන් උපරිමේට ට්‍රයි කලා ඒත් මට ඉගනීම පිහිටලා නෑ . ඒත් පස්සේ පරිගණකේ එක්ක වැඩ කරද්දී ජාලේ එක්ක ඉන්දෙද්දී . පොඩ්ඩක් විතර මට ඉංගිරිසිය කියවා තේරුම් ගන්න හැකි වුණා . ඒත් තාම කතා බහ කරන්නයි ලියාගන්නයි බෑ
.............................................................................................................................
@mayya = අප්පේ කිසිම බසක් නරක නෑ මම මේ අපේ බස පොඩ්ඩක් නග්ගලා ෆන් එකක් ගත්තා විතරයි කෙල්ලෙගේ තමා වරද
.............................................................................................................................
@පිස්සා පලාමල්ල = තෑන්ක්ස් වේවා බුදු සර්
.............................................................................................................................
@ඹාලු ෆිට් එක= මේ කවුද බොලේ මේ ! සාරි ගප්පියා නේද . ඔයා බ්ලොගේ හැදුවට ලියලා නෑ මොනවත් පටන් ගමු එහෙනම් හනිකට

හිස් අහස said...

@කෙෂාන් විදුරංග = මේවා කවිද සහෘද්ධයා මෙවුවා මේ නිකා ඉන්න බැරිවට ලියන ආතල් පද කෑලි ඉතින් මේ පලාතට ආයුබෝ කීවා
.............................................................................................................................
@පූස් = මට ටීවී නැත බං මම තනිව පරිගණකය හා දිවි ගෙවමි .ආසයි ඔය වැඩ සටහන බලන්න
.............................................................................................................................
@මලික් = සත්තයි ඇත්ත බොස් . මම මේ පොඩි සිඟිති ආතල් එකක් ගත්තා විතරයි . හිතේ පද පෙලක් ඇඳුනා ඒක ටිකක් චූ පද පෙලක් බව ඇත්ත මමත් ලීවා . එච්චරයි බං . සිරාවටම මචං මට කඩ්ඩ නම් බැරුවා . ඒත් මේ පරිගණකේ නිසා ජුංඩ ජුංඩ ඉගන ගන්නවා
.............................................................................................................................
@මාලු ෆිට් එක = මෙන්න තව මාලුවෙක් ! ඉංගිරිසිය කර මත්තේ තබා ගැන්ම වැරදියි බොස් දැන් උඹ බලහං මාලු ෆිට් එක . ! ෆිට් එක කීවේ ඇයි මාලු බොක්ක කියන්න තිබ්බා නේ ෆනී ඈ
.............................................................................................................................
@දිල් = අක්කට කියන්න අක්කේ . මේ පැත්තේ එහෙම පේමන්ට් කඩ කාරයෙක් ඔහොම ඇහැවුවොත් උගේ කඩේට ආයේ එකෙක්වත් යන්නේ නෑ බයට !
.............................................................................................................................
@Jeew = ඉංගිරීසි රෙන එක මගේ හීනයක් බං උඹට කියන්න මගේ කෑල්ල නම් ඉංගිරීසියෙන් දෙසනවා සූ සූ ගාලා ගූ විශිවෙනවා
.............................................................................................................................
@Dude = ලියන්නකෝ ඩූඩා ඒකත්
.............................................................................................................................
@පරිකල්පන= ස්තූතියි පරිකල්පන
.............................................................................................................................
@Sabith = මක්ක කීවා මචෝ !
.............................................................................................................................
@u4j10= අනිවා මම නිකම් ආතල් එකට ලීව එකක් මේක මචෝ
.............................................................................................................................
@wagesh = ජය පතනවා ඔයාටත්
.............................................................................................................................
@Enemy =සෙහ් මට ඒක ගලපන්න අමතක වෙලා බීර උගුරක් බොමින් තමා මේක ගැලපුවේ ඒකයි මිස් වුණේ ස්තූතියි ඔබට
.............................................................................................................................
@සොඳුරු සිත = කවිට නියමයි . තවු තිසාවේ තියන්නේ සිංහලම විතරයි . බොරුනම් ගිහින් බලන්ඩ සොසී ! . ලස්සන කවි පෙලක් මේ හරියේ අමුනලා අපිව වල්මත් නෑ කුල්මත් කලාට ස්තූතියි අක්කේ :)
.............................................................................................................................
@ඉන්දික උපශාන්ත = අන්න කතාව . සිරාවටම ඒක සහතික ඇත්ත .
.............................................................................................................................
@Theekshana = ස්තූතියි මිත්‍රයා
.............................................................................................................................
@ක්සැන්ඩර් = ඔෆිස් එකේ ඉඳලා බ්ලොග් බලලා උඹ ජොබට කෙලගන්නවා හෙම නෙවේ ඕං
.............................................................................................................................
@JH = ජය කිරි වේවා ජේ එච් අයියා . ඔවුවා මේ කාලා ඉන්න බැරි කමට එන අදස්ද කොහෙද බං ..හිකි හිකි
.............................................................................................................................
@මාධව - மாதவ - Madhawa = ඒක නේන්නම් හැම බසක්ම එක ලෙස වටිනා බව මම දන්නවා මේක නිකම් ජොලියට ලීවේ දොරේ . ෆන් එකට
.............................................................................................................................
@nawammawatha= උපන් බසට නිගරු කරනු එපා කොල්ලෙනේ ..නේද බං

හිස් අහස said...

@sudaraka = ඒක ඇත්ත බාසා ගනනාවක් දැනගෙන ඉන්න කෙනෙකුට කවදාවත් වරදින්නේ නෑ කෙල්ලොත් ලයික් :) මමත් හීන දැක්කා එහෙම එකෙක් වෙන්න ඒත් මචං බැරි වුණා නෙව :(
.............................................................................................................................
@ඕනයා = ඕක කියන්න බෑ යකෝ අපිව කෝටස් වලින් එලියට දාලා දැන් මාස ගානක් . අපි දැන් ඉන්නේ සීයගේ ගෙදර එහේ බූරු ඇඳකුත් තියනවා . අනික මගේ සීයා හිටපු තැපැල් ස්ථානාධිපති කෙනෙක් එයාට කඩ්ඩ නිකං . කේජු වගේ . මට මහ මග ලගින්න වෙනවා සුවර් ඕක කරලා
.............................................................................................................................
@uwiniran = මචං මම අනේක ඉංගිරිස් ෆිල්ම් බලනවා මට ආවා අතරේ නියමෙට හිතට අල්ලලා ගිය වදනක් තමයි ඔය වද්ද එෆ් . වද්ද පං . ඔන්න ඔය වගේ ඒවා ආසයි බං එවුවා කියන්න ටවුමක් මැදට ගිහින් .
.............................................................................................................................
@Somalal= ස්තූතියි අයියා
.............................................................................................................................
@සරත් ගුණතුංග = මගේ කවි ටික කැලේ ඔබතුමාගේ කවි ටික නෙව මසුරන් . ඉස්සර මට පේලි දෙකක් කියව ගන්න බෑ ඉංගිරීසියෙන් . ඒත් පරිගණකේ නිසා දැන් පරිගණකයේ බොහෝ වදන් ලිවීමට සහ කියවීමට හැකියි මට . තව කාලයක් යද්දී මමත් කට්ට ටිකක් වනාවි
.............................................................................................................................
@හිතුමතේ= අනෙ අම්මා මට නෙවේ මේක වුණේ
.............................................................................................................................
@ලොකු පුතා = සහතික ඇත්ත අපේ බාසාව පයිනියර් යානෙන් ලෝකෙන් එපිටටත් ගියා නෙව . ඒ ඉතින් අපේ බාසාවේ වැදගත් කම සුද්දා දැනගෙන හිටි නිසානෙව .
.............................................................................................................................
@Observer= අච්චර බෑ කියද්දී කඩ්ඩෙන් ලියලා ගිහින් නේ . මම හිතන්නේ ඔයා මට කඩ්ඩෙන් කීවේ මේක "සඳරු සිංහල කවි අවතක්සේරු කරන්නෙපා . කරුණාකර ඉංගිරීසි කවි ලියන්න " තව අවුරුදු ගානකිං මෙහා ඕවා නම් කරන්න බෑ වෙයි අයියා
.............................................................................................................................
@AmilaArt = ස්තූතියි ඔයාට
.............................................................................................................................
@කස්සා = ස්තූතියි මචං බොක්කෙන්ම

ජංජාල චාමර said...

සිරා කවි ටික!!! ලංකාවේ ගොඩක් දෙනෙක් දැන් ඉංග්‍රීසිය ආභරණයක් කරගෙන,අනිත් මිනිස්සුන්ට පේන්න පාවිච්චි කරන දෙයක් වෙලා.ඉංග්‍රීසි කියන්නේ තමන්ගේ අරමුණු වලට යන්න,අලුත් දැනුම හොයාගෙන යන්න, එහෙමත් නැත්තං ජාත්‍යන්තර ලෝකයත් එකක්ක ගනුදෙනු කරන්න අවශ්‍ය මෙවලමක් කියන එක ගොඩ දෙනෙක්ට අමතක වෙලා!!

Kasun said...

ඉතින් ඕක කෙල්ලගේ කකුල් දෙක මුලම දන්න ඕන වුනාද උඹට? ශික් පව් ඒ පොස් නංගි.

මාතරේ said...

බොක්කට වදින කවි පොඩ්ඩ! සුද්දගේ හෝදන්නැති පස්ස ඉඹින උන් ඉන්නකං මේ ටිකම තමා...

දිනුක said...

නියම හෙළයෙක්නම් හෙළුවෙන් වණන්න පුළුවන් වෙන්න ඕනෙ.හෙළුවෙන් වණන්නෝ පකට වෙත් කියලා පරණ පොතක තිබුණා.එළ එළ.....

Bindi said...

කොහෙන් එනවද මන්ද මේවා . මරු කවිටික . මගේ අදහස මව්බස සමග තව බාසාවල් හැකිතරම් ඉගෙන ගන්න හැකිනම් . කඩුව ආයුධයක් කරගෙන අනුන්ගේ බෙල්ල කැපීම නම් වැරදියි . සඳරුට ඉංග්‍රීසි දැනුමක් නැහැ කියන්නත් බැහැනේ . අන්තර්ජාලයේ හරඹ කරන්නේ කොහොමද නැත්නම් . ඉංග්‍රීසි නැතුව බැහැ. හැබැයි ඒක පාලමක් විතරයි . පාලම කරේ තියන් යන්න ඕන නැහැ .

මාරයාගේ හෝරාව said...

අනේ මංදා බං... මට ඕක ඉගෙන ගන්න හිතෙන්නෙම නැහැනේ..පට්ට කම්මැලි කමක් එන්නේ ඒ වෙලාවට...

මට යකා නගින්නේ මේ රට ඇතුලෙත් ඉංගිරිසියෙන්ම හැම දේම කරන්න වෙලා තියෙන එකයි.. හැබැයි මංනං මට ඉංග්‍රිසියෙන් කතා කරන අයට මට තේරෙන විදියට සිංහලෙන් උත්තර දෙනවා.. නොතේරුනොත් ආයෙම අහනවා අර කිව්වේ මොකක්ද මට ඒක තේරුනේ නැහැ කියලා.. මොකෑ ඕකට ලැජ්ජ වෙන්න ඕනද? මට ඉංග්‍රිසි බැහැ කියලා ඒක පුළුවන් එකා මට හිනාවෙන්නේ කොහොමද.. එහෙමනං ඌට බැරි කොච්චර දේවල් මට පුළුවන්ද..? ඉතිං මං ඒකට හිනා වෙනවයෑ... නටා ගන්න කියහං බං...

සංකල්ප said...

මරු කවි සෙට් එක. ගොඩක් වෙලාවට කඩ්ඩ නිසා මාත් කොර වෙනවා. අම්මෝ මේ සිංහල රටේ කඩ්ඩ මොකටෑ.

මැණික් - සුදු මැණිකේ said...

අනේ සදරු අයියේ මං කොහොමෙයි අක්කා වුනේ....
මං තාම පොඩි එකා නොවැ .......:'(

දේව් ගේ අඩවිය said...

මල්ලි අදනම් සොරි වෙන්න ඕනා හිතේ පොඩි ප්‍රශ්නයකුත් තියාගෙන නැවිත් ඉන්න එක හිතට හරි මදි හින්දා ඔන්න ඇවිත් ගියා... ශික් ඔය කෙල්ල කොහේ එකියක්ද මලයෝ

Chanaka Aruna Munasinghe said...

ආව් , දිව්‍ය ලෝකෙ ගියා අපේ පරණ යාලුවෙකුත්
භූත ගුණේ කියා හාදයෙක්. හම්බ වුණොත් මතක් කළා කියන්නකො.

දේව් ගේ අඩවිය said...

මල්ලි අදනම් සොරි වෙන්න ඕනා හිතේ පොඩි ප්‍රශ්නයකුත් තියාගෙන නැවිත් ඉන්න එක හිතට හරි මදි හින්දා ඔන්න ඇවිත් ගියා... ශික් ඔය කෙල්ල කොහේ එකියක්ද මලයෝ

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

සුද්දා දුන් කඩුව අරන්
වැද්දා නොම නසන්න
පද්දා ඔබ සිහළ වදන්
සුද්දා කොර කරන්න

මටත් ඔය කවිය තමා වැදුනේ ! එළය !!!

විශ්ව විසිරි වියමන said...

තුන් හෙළේ කැළෑ තුළ සිංහ පැටවු
නැත උන් රට අතැර ගොසින්...

JEEWAN said...

සිංහල රටේ අපිට ඕනේ දෙයක් කරගන්න ඉන්ග්ලිෂ් ඕනේ වෙනවා කියන්නේ නම් ලැජ්ජාවට කරුණක්

Beetle said...

කවි වලට වැඩිය මට නම් විරිදු ෆන් එකක් එන්නේ... කොටින්ම මම කවි ටික දෙවනි පාර කියෙව්වේ රඟ ටං ටං රඟ ටං ටං කියලා මේසෙට ගහමින්...

ඉංග්‍රීසි ඉගෙන ගන්න මගේ යළුවෙක් අමුතුම ට්‍රික් එකක් යෝජනා කලා... ගෑණු ළමයෙක්ගේ නමින් ෆේක් ෆ්‍රොෆයිල් එකක් හදාගෙන නාකි සුද්දෙක් එක්ක චැට් කරන එක...

Anonymous said...

සඳරු මල්ලී..කවුරු මොනව කිව්වත්, දැන් ඔය බඩකඩුත්තුව නැතුව බෑනෙ... හොඳම දේ ඕක අමුත්තක් වගේ දැනෙන් නැති ගානට ඉගෙන ගන්න එකයි...

Anonymous said...

සක්විති සෑර් ගාවට පන්ති ගියේ නැතැයි???

Unknown said...

සුද්දා දුන් කඩුව අරන්
වැද්දා නොම නසන්න
පද්දා ඔබ සිහළ වදන්
සුද්දා කොර කරන්න

පට්ට ටෝස සඳරු.........අපි නම් කඩ්ඩ දාන එවුන්ව ඉස්කෝලෙදි නැත්තට කොර කරනවා!!

සුශාන් ප්‍රියනාත් රත්නායක said...

හෙළ බසට , බස රකින වුනට නිති අත්වේවා ජය . . . :)

හිතුවක්කාර කෙල්ල said...

සුද්දා දුන් කඩුව අරන්
වැද්දා නොම නසන්න
පද්දා ඔබ සිහළ වදන්
සුද්දා කොර කරන්න


නියමම කවි ටික අයියේ... මරු..

ගිනි කුරුල්ලා said...

පට්ට කවි පේලිය අයියේ..කියන්න වචන නෑ..:)

Anonymous said...

ඇත්තෙන්ම ලස්සනයි. මට comment දාන්න ලෑබුනෙ අද...

රුචා said...

"ඉගන ගන්න නෑ ලේසි
ඉගෙන ගතොත් වේ වාසි
රජෙක වෙන්න ලෝ වාසි
ඉගෙන ගනින් ඉංග්‍රීසි"

මම නම් නෙවෙයි ඔහොම කියන්නෙ. නන්දා මාලිනී මහත්මිය තමයි ඔහොම කියන්නෙ.

සදරුගෙ බ්ලොග් එක නිතරම බැලුවට කමෙන්ට් කරන පලවෙනි වතාව. ජයවේවා!!!

Anonymous said...

අප්පේ සුපිරි කවි ටික අයියේ...කිව්වත් වගේ දැන් කඩ්ඩ නැතුවම බැ නෙව..

Sumudu said...

Machan Sandaru,
ube me kawi tika menna me un tika copy karagena unge nirmaanayak widiyata dala thiyenawa. poddak balapan.
http://www.facebook.com/#!/l0w3thna

mamath ekata comment 1k demma menna mehema.

Sumudu Chaturanga Udukumbura: ‎@ ලොවෙත් නෑ : මේ කවි ටික නම් හොඳයි, ඒත් ලිව්වෙ ඕගොල්ලො නෙමෙයි නිසා කවි ටික ගත්ත තැනත් සඳහන් කලා නම් සදාචාරවත් නේද. මෙන්න මෙතනයි ඔය කවි ටික තියෙන්නෙ.
http://hisahasa.blogspot.com/

ලොවෙත් නෑ ‎: Sumudu මේක මට ආවේ ඊ තැපෑලකින්. ඒකේ ලියපු කෙනා සඳහන් වුනේ නෑ. අපි දාපු අනිත් දේවල් වල අපි ගත්තු තැන දාලා ඇති. සමාවෙන්න ඕන !

ලොවෙත් නෑ : ‎Sumudu ස්තූතියි දැනුවත් කරාට, මම ඒක ගත්තු තැන tag කරා.

Sumudu Chaturanga Udukumbura : හරි හරි. ඔන්න ඔය මන් දාපු බ්ලොග් එකෙයි ඕක තියෙන්නෙ.
බ්ලොග් එක ලියන්නෙ අහිංසක කොල්ලෙක්.( මම නම් නෙමෙයි )
ඒකයි මම එහෙම කිව්වෙ.

‎ලොවෙත් නෑ : Sumudu නෑ, ඔයා කියපු දේ හරි. නැවතත්, ස්තූතියි ! :)

Anonymous said...

එල කවි රූ... සඳරූ.......

X-Porter

Weni said...

ඔය සිංහල බෑ බෑ වගෙ ඉන්න උන්ට කරන්න ඕනි සොසී කිව්ව දේම තමයි ! හිකිස් !

Anonymous said...

කියන්න වදන් නෑ මට ..සුපිරි කවි ටික

සුද්දා දුන් කඩුව අරන්
වැද්දා නොම නසන්න
පද්දා ඔබ සිහළ වදන්
සුද්දා කොර කරන්න

පබලු

දුකා said...

මොනා කරනන්ද බන් . . වෙනස් වෙන ලෝකේ උවමනාවන්ට අනුව වෙනස් වෙන්න එපැයි

Anonymous said...

http://lowethna.com/?q=node/9

uba mungen copy karada?mun uben copy karada?

duliponline said...

@අන්තිම ඇනෝ:
ඌ සඳරුවාට විතරක් නෙමේ තව හෙන සෙට් එකකට දීල තියනව පාර . . . හික්ස්

පිණිබිඳු... said...

මෙව්වට හිනා වෙන්නත් බයයි බං. ලබන ආත්මෙ මොකෙක් වෙලා ඉපදෙයිද දන්නෙ නෑනෙ.

kasun said...

පට්ට තමා...!!!!

Anonymous said...

antima set eka pattamai.!! jaya weewa.

Chamila said...

කලින් මේ පැත්තෙ ඇවිත් දිග කවි පන්තියක් හින්දා පස්සෙ කියවන්ඩ කියල තියල ගියා. ඔන්න දැන් තමා කියෙව්වෙ. මරු බන්. නියමෙට ගලපල තියනවා.
සමහරු ශෝ එකට පෙන්නුවට ඇත්තටම සිංහල බැරි සිංහල අය ඉන්නව බන් ලංකාවෙ. ඒක එ මිනිස්සුන්ගෙ පරිසරය වෙන්ඩ ඇති. දොස් කියන්ඩ බෑ.
ඉන්ග්‍රීසි බැරි වීම කියන්නෙ නන් බොහොම සාමාන්‍ය දෙයක්. හරියට මම ජපානෙට ඇවිත් ජපන් බෑ වගේ. ඒත් මහන්සි වෙලා ඒකෙන් ප්‍රයෝජනයක් ගන්ඩ පුලුවන් මට්ටමට ඉගෙන ගන්න පුලුවන්නන් ඒක වටිනව. ඒ වුනාට ලංකාවෙ ඉගෙනගන්ඩ දෙන්නෙ නෑනෙ. වචනයක් වැරදිච්ච ගමන් පාගල දානව... මොනව උනත් ඉන්ග්‍රීසි බෑ කියන එක ලැජ්ජාවට කාරණයක් නෙවේ.

saumiya said...

niyamai sandaru... elama kiri...

widanarala said...

හැබෑටම කකුස්සිය කියන වචනයේ මූලය කොතනක විය හැකිද? මට කිසියම් වචන දෙකක් මතක් වෙනවා, ඒත් ඒ දෙකෙන් 'කුස්සිය' කියන වචනය ටිකක් ගාම්භීර වගේම ටිකක් විතර පූජනීය වචනයක් නේ නෙද? ඒ නිසා 'කකුස්සිය' මූලය මම හිතන එක වෙන්න බෑ, සඳරුවෝ, ටිකක් මතක් කරල කියපන් ඔය වචනයේ මූලය මොකක් වෙන්න පුලුවන්ද කියලා...

Miyuru said...

මාත් එක්ක කතා කරපු අය කියපු හැටියට ඉන්දියන්කාරයො මොනතරම් දේශීයත්වය ගැන කතාකලත් උන්ගෙ අධ්‍යාපනය වැඩිපුරම කෙරිල තියෙන්නෙ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ නිසා ලෝකෙ කොහේ රටකට ගියත් කිසිම ප්‍රශ්නයක් නැතිව ඉහල රස්සාවලට යන්න, වැඩ කටයුතු ටික කරගන්න උන්ට පුලුවන්. ඒ උනාට උන් උන් එකතු උනාම කතා කරන්නෙ උන්ගෙ භාෂාවෙන්.
අපේ රටේ දරුවො එකේ පන්තියට යන්නත් කලින් ඉඳල ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගන්නෙ. ඒත් කීයෙන් කී දෙනාටද කතා කරන්න පුලුවන්, ජාත්‍යන්තර පාසැල්වලට යන අය ඇරුනු කොට. සමහරුන්ට ලියන්න කියවන්න පුලුවන් උනත් කතා කරන්න අපහසුයිනෙ. අපට ඉතින් ඉස්කෝලෙ යන කාලෙ ඉංග්‍රීසි පීරියඩ් එකත් මහ වදයක්නෙ. ඒක මොනතරම් පාඩුවක්ද කියන එක තේරෙන්නෙ උසස් අධ්‍යාපනය ලබනකොට, විදේශගත වෙන්න අවස්ථාවක් ලැබුනහම. දැන් දැන් නම් රට ඇතුලෙම වැඩක් කරගන්න ගියාමත්...
මේ කියපු විදියට කක්කුස්සියක්වත් හොයාගන්න බැරිවෙන හැඩයි ඉංග්‍රීසි බැරිව... :)

ඹාලු ෆිට් එක said...

අවසර වේවා...
ඹාලු ෆිට් එකට යමක් කියාන්නට තිබේ....
මඹ මාලු ෆිට් එක කියා මගේ ඔලොගුව නම් කොලේ අද කාලේ ඉංගිරිසිය ද රංචුව ඇතුලේ ඕනෑ කොරන නිසාය....
ඹඹ කිවේ ඉංගිරිසිය රෙද්ද අස්සේ දමාගන්ට එපා කියාය...
ප.ලි.- බ්ලොග් ගිණුමට දාන්ට හොද නමක් හොයා ගන්ට බැරිව හිටපු මට...හොද නමක් හොයලා දුන්නට පින් සඳරු අයියේ.. මම කොල්ලෙක් වගේ හිටියට කෙල්ලෙක් ඕන්ඩ...

ශශී said...

මේක කියවලා බොහොමයක් දවස් උනා කොමෙන්ටුවක් කොටා ගන්න බැරුව උන්නෙ... සඳරු මටනම් ඉන්ගිරීසි හොඳට පුළුවන්. බැරි ලියන්නයි කියවන්නයි කතා කරන්නයි විතරයි. රාජ් කියන කෙනාගෙයි මහ ගෙදර මහ් වෙදනා ගෙයි කොමෙන්ටු එලය .. උඹේ ලිවිල්ලත් සුපිරිය. නිකමට මම මේ කියන්නෙ උඹ ට්‍රයි එකක් දීපන් . මම මෙහෙ හෝටලයක වැඩට ආවහම ස්පාඤ්ඤ භාශාවේ අවශ්‍යතාවය දැනුනා ගොඩාක් . ගත්ත ඉන්ටර්නෙට් එක ගූග්ල් සර්ච් කරල තනියම ඉගෙන ගත්ත.. හෝටලේදි කතා කරන ඒවත් ප්‍රයෝජනවත් උනා තමයි. නමුත් හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ සඳරුවො .අද මම යම් තාක් දුරට ස්පාඤ්ඤ කතා කරනවා. ජීවිතේට අහල තිබ්බෙ නැති භාශාවක් උනත් .උඹ ගමට ආඩම්බරයක් වෙන්න හොඳට ඉන්ගිරීසි ඉගෙන ගනින්

නදුන් උයන said...

මේ කවි ටික නම් එල...
මුලින්ම අපේ රසිකයො ටිකට විරෝධතාවක්:
මේක කියවල කට්ටියම සඳරුට කඩ්ඩ උගන්නන්න හදන්නේ මොකෝ මේ... සඳරුගේ ඉංග්‍රීසි දැනුම ගැන මේ කවි හැම එකක්ම හොඳටම කියවපු අයට තේරෙන්න ඕනේ...

මමත් කඩ්ඩ බැරුව අනන්තව දුක් විඳල තියනව.. දැන්නම් මතක් වෙනකොටත් සමහර වෙලාවට දුකයි. සමහර වෙලාවට ලෝකේ ලොකුම කොම්පැනි ඇතුලෙදිත් කඩ්ඩ නිසා හිර වෙච්ච තැන් තිබුනා.. ඒත් කඩ්ඩ නෙවෙයි මුලු ජීවිතේ... තමුන් දන්න දෙයින් ඊට වඩා ලොකු දේවල් ගොඩක් කර ගන්න පුලුවන්...
මේ ලඟදි අපේ ඩීප්ස් නංගි ලියල තිබ්බ කඩ්ඩෙන් ඉතිරියට ගිය යෙහෙලියගේ කතාව... ඒක මට මතක හැටියට කොටස් 3ක් විතර තිබ්බ.. අන්න ඒ ලිපිය කියෙව්වනම් කඩ්ඩෙන් කල හැකි දේ සහ කළ නොහැකි දේ හොඳට අවබෝදකරගන්න පුලුවන් කට්ටියටම...

මම දැන් මේ ඉන්න රටේ මිනිස්සු ඉගෙන ගන්නේ කඩ්ඩෙන් ... ඒක හන්ද මෙහෙ හැමෝටම කඩ්ඩ පුලුවන්... ඒත් ඉතින් මෙහෙ අයගේ බුද්ධි මට්ටම ඉන්ග්‍රීසි දැනුමත් එක්ක සම කරන්න බැ කොහොමත්.

Chanaka Aruna Munasinghe said...

@ widanarala

කුස්සියෙ කෑම හැදුනා හැදුනා . ආහාර මාර්ගයෙ දිගේ දිග ගමනකින් පස්සෙ කක්කුස්සියට ගියා. ඔන්න ඔහොමයි ඕකෙ මූලය

නචියා said...

පට්ට බන්. සිරාවටම ලියලා තියනවා.

ජය...!!!

සෝරෝ said...

හේ හේ හේ...

සිරා කවිය බං...

Podi Kumarihami said...

මෙහෙමත් උපහාසයක් අප්පා. කෙල්ලෝ දන්නවා නම් ඔයා ඉස්සරහා ඉංග්‍රීසි වචනයක් කතා කරන්නේ නෑ...:D

Anonymous said...

මෙහිදී 'සෝබන කෙල්ල' ලෙස නම් කළ තරුණිය තමාගේ සිංහල නොදැනුවත්කම අඩුවක් ලෙස තේරුම් ගෙන අහළ පහළකින් හෝ 'ඩික් එකක්' තබාගෙන සිටීම අගය කළ යුතුය.

ලංකාවේ බොහෝ සෙයින් සිටින්නේ සිංහල නොදැනුවත්කම ගෞරවයක් ලෙස සිතන හිස් මිනිසුන් සහ සිංහලයන් අතර පොදුවේ ඇති අඩු භාෂා දැනීම (ඉංග්‍රීසි පමණක් නොව ) අඩුවක් ලෙස නොදකින මැට්ටන් රැසකි. මේ දෙපිරිසටම වඩා අර කෙල්ල බුද්ධිමත්ය.

Post a Comment

තැන්කූ බං