28.11.11

ගුලිය නුඹ



බෙහෙත් බඩු කඩේකින් පුංචි මුදලට රැගෙන
දවටනේ ඉවත් කර කටේ දාගෙන සෙමින
උඩු තල්ලේ තියාගෙන නිරන්තරවම උරන
ගුලිය නුඹ ගුලිය නුඹ පිරිමි දුක් ගිනි නසන

පහේ ටොපි වෙලා ටික කලක් නුඹ රජ කලේ
සකල දුක් නසා අප හක්ක තුළ දඟ කලේ
දතේ ලෙඩ බඩේ ලෙඩ තත්පරෙන් දුරු කලේ
අපේ කරුමෙටයි නුඹ හතළිහට වැඩි කලේ

 පැණි රසද ඇඹුල මැද තිත්ත රස කැටි වෙලා
ගංජ බිඳුවක්ද අතර මැද සිර වෙලා
විටින් විට හැපෙන වැලි ගල් කැටද බේරලා
ගුලි කෑවෙ අපි ආතල් ලොවක තනි වෙලා

ගුලි සමග වැඩි සීනි ප්ලේන්ටිය කදිමයි
පැණි වළලු සමග ගුලි කෑවොතින් සැපමයි
ගුලි කෑ විට දැනෙන බඩ ගින්න අරුමයි
බමන මත දැනේ නම් වඩා හොඳ නෑමයි

හපන්නට එපා ගුලි දතින් සොමි බිඳෙනවා
තබා උඩු තල්ලෙ ඉරුවොතින් සැප ලැබෙනවා
වරට ගුලි එක බැගින් ගතොත් ඔබ රැකෙනවා
මියෙන්නට කලින් දෙවු ලොවේ සුව දැනෙනවා

අහර රුචි වඩවමින් සිරුර හැඩ කරමිනේ
බඩ පිපුම නවතමින් ගත සවිය ගෙනෙමිනේ
පුරුස සක්තිය දිනෙන් දිනම වැඩි කරමිනේ
ගුලිය කරලන මෙහෙය ලියමි මම මෙලෙසිනේ

පෙම්වතිය වෙත යද්දි ගුලිය අරගෙන යන්න
ප්රථම හාදුවට පෙර ගුලි එකක් ඔබ කන්න
මගුල් දා පෝරුවේ උඩදි ගුලි අරගන්න
මධු සමය දා රෑට පැණි සමග ගුලි කන්න

ගුලිය නම් දිව ඔසුව නිතර මිලයට ගනු
විභාගෙට යන දාට කටේ දාගෙන යනු
සටනකදි ගැටුමකදි ක්ෂණිකවම අරගනු
ගුලි කමින් ඔබෙ දිවිය අර්ථවත් කර ගනු

අතුරු ආබාධ නැත නුඹෙන් කිසි දින විඳී
නුඹේ ගුණ ලියලන්න හෙල බසේ ඉඩ මදී
වැජඹුණද ඉහළින්ම නේක ජන හද රැඳී
උතුම් වූ නීතියෙන් අද නුඹට වැට බඳී

නේක හැඩ ටොපි අතර එය බෝල ටොපියකී
එයට සම කරනු හැකි වෙනත් ටොපි නැත රැකී
මදන මෝදක සකල ලෙඩ වලට ඔසුවකී
මෝදකය රැක ගන්න පෙළ සැදෙමු අපි සකී


මෙය මගෙ සිතට එක් විකාර සිතිවිල්ලක් වන අතර මෙය කියවා බලා ගුලි කෑමට පෙළඹීමට තරම් 
 ඔබ මුග්ධයෙක් නොවන බව මම දනිමි.

80 comments:

Harshana said...

ගුලියක් කා විභාගය ලියු අපේ සදරුවාගේ උත්තර පත්‍රයත් ...... මේවගේ තියෙන්න ඇති.......
මොනවා උනත් ගුලියේ ගුණ හොදට දන්නවා වගේ.... එල පොස්ට් එකක්.

ඔබ නොදු‍ටු ලොවක්..... said...

ගුලියට ජය වේවා.. හප්පේ අද නේ දන්නේ 40ක් වෙලා කියලා....එළටම ලියලා තියෙනවා....නියමයි ඈ.....

Raj said...

අඩේ දැන් ඔක රුපියල් 40..ක් වෙලාද යකො.....ගුලියක් ගිය උඩ...ඉක්කොලේ යන කාලේනම් මමත් අගේට ඔකේ රහ බැලුව....දැන්නම් බාවිතාවේ නොමැත...මචො පංකාදු පදටික් ඈ...කොලේක් උනහම ගුලියක් කැවෙනැත්තං..කොලුකොම කොස් කොටන්ටෑ නේද ..මචං..ලා....හික්

පූසා said...

සැහ්....කියන්නත් ලැජ්ජයි මම ඕකක් කාලා නෑනේ!

නදී said...

මොනා මේ ගුලි කියන්නෙ අර ම** මෝ**යද?

Observer said...

ඒ කාලේ සත 50 ක් හරි රුපියලක් හරි. ඒ වුනාට ඒක පුද්ගල ආදායමත් ඉතින් ඒ වගේ තමා.

මං ලංගමින් අස් වෙලා, ටික කාලයක් ග්රොසරියක් කලා මෙහෙ එන්න කලින්. කඩ වලට ගුලි දාන පොරක් ඇවිල්ල, බලෙන් වගේ විකුණුනාට පස්සෙ සල්ලි දෙන්න කියල ගුලි බෝතලයක් තියල ගියා කවුන්ටරේ උඩ. හප්පට සිරි මාර සේල් එකක්නෙ තිබ්බේ ගුලි වලට. වැඩියෙත්ම අරන් යන්නේ මාකට් එකේ බර උස්සන පොරවල්, පේව්මන්ට් එකේ වෙළඳාන් කොරන කට්ටිය එහෙම. මං නං සූප්පු කලේ නෑ ඔන්න, ඇත්තමයි

sameera said...

" මෙය මගෙ සිතට ආ එක් විකාර සිතිවිල්ලක් වන අතර මෙය කියවා බලා ගුලි කෑමට පෙළඹීමට තරම් ඔබ මුග්ධයෙක් නොවන බව මම දනිමි. "
තොට ගහන්ඩ ඕනෙ මඩු වලිගෙන් , මං නං එක පාරයි ඕන් ඕක කාලා තියෙන්නෙ.................

Praසන්ன said...

අඩේ දැන් 40 වෙලාද?
5 ට තියෙන කාලෙනං මේ පැත්තෙ ජයට තිබුණ ඕව. දැන්නං හොයාගන්න අමාරුයි.
ගුලියට ජය වේවා !

රාජ් said...

මම නං එකසැරයයි කෑවෙ. ඒ ගැන වෙනම පෝස්ට් එකක දාන්නං.

පිණිබිඳු... said...

අනේ අම්මපා ගුලි ඇඩ්වර්ටයිසින් මෙව්වා..

Anonymous said...

හික්ස්..අපුරුයී...මන් තාම ඕවා දැකලා නෑ අනේ..අහලා තියෙනවා..ඕවා කෑවමද අර හිනා යනවා කියන්නේ...

ඔයා මාර කොල්ලෙක් තමයි...කරන්නෙම ඕන් නැති වැඩ..ඒත් පද ගලපලා තියෙන අපූරුවට බනින්න හිතෙන් නෑ..

ayesha said...

අම්මෝ ගුලි කැමේ තියෙන ප්‍රතිලාභ

Unknown said...

අප්පේ...අපි නම් ඕවා ගැන දන්නෙ නෑ..

saumiya said...

Iskole yana kaale nam guli kaawa... Rs.5 i. eth den hoyaganda na ban,,,
kohoma unath aathal eka nam dannawa...

නචියා said...

හප්පෙ කාපු කාලයක් මතක නෑ...

Abeetha Edirisinghe said...

ගුලි ගැන මතකය මද පවනයි..... කනවනම් කන්න ඔන්න දේවල්.. යකෝ ඔච්චරම තියෙනවනම් අපි ආපු දවස්වල එකක් දෙකක් කවන්න තිබ්බනේ.....

නදී.. ඕකේ ආයෙ තරු දාන්න දෙයක් නෑ.. මදන මෝදකය තමයි....

ටී.බී. හේරත් said...

"මොනවා පෙන්නුවත් මත්ද්‍රව්‍ය ඔබේ සියල්ල අඩපණ කරයි" ;)

priyantha said...

ගුලියක් කාල ලීව එකක්ද මන්දා....:DDD

Miyuru said...

අනේ යකෝ, මේ ගුලියකට ගිය කළ.... තව සිංදුත් හදලා....

Beetle said...

මගේ අම්මෝ 40/- ක්..?? පහටනේ බන් තිබුණේ..

මාධව විදුරංග said...

jarawa bn! oya hama ekekma jarawa! mona unath ube kawi liweema nam maxxa! :)

ක්සැන්ඩරයා said...

මෙන්න සිරා කවි.. යකෝ ගුලි හදන එකා දැක්කනම් උඹට නිකන් ගුලි දෙයි මාස්පතා කෝටා එකක් විදියට මේ ඇඩ්වටයිසින් වලට.

Anonymous said...

ගුලියක් කාල නැති කොලු කාලේ මොකටද ?

සීතල අයියා said...

මදන මෝදකය. මාර නමක්නෙ. හිකිස්.

uwiniran said...

"දතේ ලෙඩ බඩේ ලෙඩ තත්පරෙන් දුරු කලේ"
ඇයි බන් හිතේ ලෙඩ... ,
ලෙඩ විතරක් නෙමෙයි හිතත් අමතක වෙනවා.

ගුලි නොකෑ කට ....මක්කට.....

Anonymous said...

5 ටොපියක් ඉල්ලුවහම මල්ලි දැන් 5ට නැ 25කිව්වා දැන් 40ක් වෙලාද?


rosa.italy

මාරයාගේ හෝරාව said...

මොකක්ද යකෝ අර අන්තිමට දාලා තියෙන අවලං කතාව..?අච්චර හොඳ වැනුමක් කරලා අවසානේදී මඟුලක් කියෝනවා..මෙව්වා සාහිත්‍ය පොත්වලට යන්න තරං වටින වැනුම්.. ඕනනං දාන්න පුළුවන්
"සඳරු‍ පණ්ඩිතගේ ගුලි වැනුම" කියලා...

duliponline said...

අපිනං පාවිච්චි කොලේ ශ්‍රීමත් බ්‍රෑන්ඩ් එක. . . උඹලෑ පැත්තෙ තියෙන්නෙ වෙන බ්‍රෑන්ඩ් එකක්ද කොහෙද ??? කෝමද මාරි බිස්කට් දෙකක් මැද්දට තියල ආහාරයට ගත්තම තියන කික් එක . . . බිත්ති දිගේ යන්න පුලුවං . .

ගංජද අබිංද මචං ඕවයෙ තියෙන්නෙ ???

අකීකරු හිත said...

පහේ ටොපි කියලා තිබුනෙත් මේවමද

Anonymous said...

ඉස්කෝලෙ යන නැති බැරි කාලෙදි අපේ උදව්වට හිටි ගුලි මිතුරා මතක් කලාට ස්තුතියි.ඒ කාලෙ ඉතින් කාටවත් නෝන්ඩි නොවී පොඩි ආතල් එකක් ගන්න ඕක තමයි වැඩිපුරම පාවිච්චි කෙරුනෙ.

"ගුලි සමග වැඩි සීනි ප්ලේන්ටිය කදිමයි
පැණි වළලු සමග ගුලි කෑවොතින් සැපමයි
ගුලි කෑ විට දැනෙන බඩ ගින්න අරුමයි
බමන මත දැනේ නම් වඩා හොඳ නෑමයි"

සහතික ඇත්ත බන්. අවුරුදු 15 කට විතර එහා අතීතෙ මතක් වුනා.
අදත් පෝස්‍ටුව එලයි. උඔට ජය.
JH

Anonymous said...

අපේ කාලේ 5යි. කන්ට නම් හිතුනේ නෑ,

Observer said...

@ ඕනයා,
ගංජ, අබින්, දාල රු/- 40 ට දෙයි කියලද බෝගේ හිතේ, අත්තන ඇට යකෝ...ඇත්තන ඇට.

Anonymous said...

සංජීවනීද කොහෙදත් කියා ගුලියක් තිබ්බ මතකයි.වැඩි සීනි ප්ලේන්ටියට අමතරව ගුලිය කටේ තියන් නෙස්කැෆේ බීමත් එලෙසින්ම ආතල් එකක් ලැබෙන වැඩක් තමා.දැන්නම් ගුලි හොයගන්නත් නෑ බං .අන්තිමට ගත්තෙ 25ට තියෙනකොට.යකෝ ගුලියක් ගන්න තැනක් නැතිවුන හැටි... :"-(

Podi Kumarihami said...

මේ කියන්නේ මොන ගුලි ගැනද? :D

Anonymous said...

කාලෙකින් දැක්කේ නෑ බං....

දුශ් said...

"මෙය මගෙ සිතට ආ එක් විකාර සිතිවිල්ලක් වන අතර මෙය කියවා බලා ගුලි කෑමට පෙළඹීමට තරම් ඔබ මුග්ධයෙක් නොවන බව මම දනිමි."

මේ උබ මේ IT වැඩේ නවත්තල marketing කරන්න ගියොත් නරකද? උබ ගුලියට ගහල තියන තෙල දැක්කම මටත් කන්න හිතුන.. අර උබ අන්තිමේට කියපු කතාව නැත්තම් මම කනවා අම්මපා.. මොකෙක් උනත් මුග්ධයෙක් වෙන්න බැනේ මචන්..? මේ එක නෙමෙයි මොකද බන් මුග්ධයෙක් කියන්නේ.?

Anonymous said...

හිස් අහස නිල් කරන
පාට පාටින් වසන
ගුලිය ගැන දැන ගන්න
ආමි මම ගුලිගන්න

මම දන්න ගුලි ඇත්තේ
තුනයි, මේ අහගන්න
ගුත්තිලයෙ ගුරා ගත්
ගුලි තුනයි ඒ ඔන්න

ගුලි හදන ,ගුලි ඔතන
තැන මට පවසන්න
ගුලියෙ උපතත් මටත්
ආසයිනෙ දැනගන්න


කවිය කියවන විටදි
පුංචි කාලයට ගොස්
මතක් විය මට නිතැති
ටින් මහත්තය මෙන්න

මතකයිද සඳරුවෝ
කාටුනයක් තිබ්බ
පාපයා මෑන් කියලා.... ඒකෙ ඒ මනුස්සය, ඕනි වෙලාවාක අර ටින් එකක තියෙන මක්ක ද කාලා ,ධෛර්ය ශක්තිය ගන්න කෙනෙක්...
එයැයිතුත් කෑවේ මේ ගුලි ද දන්නෙ නැහැ..

Janaka Rathnayaka said...

නියමෙට ලියල තියෙනවා අපිත් පාසල් කාලේ ඔවයේ රහ බැලුවා....රස දන්නො දනිති...................

මාරයාගේ හෝරාව said...

@sithuwam...

සංජීවනී ගැන දැන ගන්න ඕනනං මගෙන් අහන්න..නිකමට වගේ සංජීවනී සමඟ කියලා සර්ච් පාරක් දැම්මනං බඩුම තමා

Anonymous said...

// පෙම්වතිය වෙත යද්දි ගුලිය අරගෙන යන්න
ප්‍රථම හාදුවට පෙර ගුලි එකක් ඔබ කන්න //

මේව අර පොඩි කුමාරිහාමි දැක්කොත් විනාසයි... තව අලුත් වෙරයිටි එකක් හදයි..

" ගුලි උම්මා "

අසරණයා said...

මචන් ලොකු මිනිහ වගේ කවි කතා ලිවුවට උබ හරි පොඩි එකෙක් නේ මං පොටෝ එකකින් දැක්කා
දැනට ලවු කියක් තුබුනද?
කීදෙනෙක් එක්ක රන්ඩු වෙලා තියේද ?
මාර පොරක් නේ.. උබත්. ඒත් මචන් මං ගුලි කාල කවදාවත් වෙනස් ලෝකෙකට ගිහින් නැහැනේ.. මං හිතන්නේ බාල බඩු වෙන්න ඇති

කස්ස said...

හික් ඉස්සර අපි ඒලෙවල් කරන කොට වෙඩින් කේක් කියල කෙල්ලන්ට ගුලි කැවුව.පට්ට කවිය.මගේ මතකය අවදි කලා

Theekshana said...

සදරුවා උබව අල්ලන් යයි රජතුමගෙ කට්ටිය.... අපි නෑ . මොකද මතට තිතලු නෙ බන් හික් හික්

වර්ණා said...

මොනාද ම්මේ ගුලි කියන්නේ? අපිනම් දන්නේ නැහැ ඔන්

පැණි දොඩම් said...

හප්පා.. ගුලි සංදේශේ.. උඹ බිස්නස් එකට බහින්නද යන්නේ..

Chanaka Aruna Munasinghe said...

ගුත්තිල පඬිතුමාට අර

මට මහලු වයසේ
බැරිය වෙණ ගායනා පෙරසේ

වෙලාවෙ

ශක්‍ර දෙයියො ගුලි තුනක්ම දුන්නලුනේ
ඒව එකින් එක උඩ විසි කර කටට දා ගත්තලුනෙ :)

:)
.

ItalyDilan said...

ගුළි ගැන ලියලා ටකරං කන්න වෙයි කියන බයට උබ යටින් අරක දැම්ම නේද? මාරයගෙන් අහපං ගුළි ගැන ලියන හැටි

Charith Samarakoon said...

උඹ නොගහපු එකක් නෑනෙ බං... එල ඕල් රවුන්ඩර් කෙනෙක්නෙ... මොනා කියන්නද නියමයි තමයි...

Chamila said...

මං මේ ලඟදිත් තනියම කල්පනා කොලා දැන් පහේ ටොපිය කීයෙ ටොපියක් වෙලා ඇද්ද කියල. 40 ක් වෙලා ඇති කියල නන් හීනෙකින්වත් හිතුවෙ නෑ.
කවි ටික මරු ආ... ටොපියක් කෑවා වගේ තමා.. :)

Dinesh said...

අපේ ලෝකේ එළිය කරපු ගුලියට ජයම වේවා.. ඇත්තටම දැන් මේක 40ක්ද සදරුවෝ??

හිස් අහස said...

@Harshana -ගුලියක් කාලා නෙවේ මම මලක් ඇදලයි ඉග්‍රිසි පේපරේ ලීවේ . තැන්කුයි මුලින්ම ආවට මචා
.............................................................................................................................
@ඔබ නොදු‍ටු ලොවක්= ගනං උස්සලා නේ
.............................................................................................................................
@Raj = ඒකනම් සහතික ඇත්ත ගුලිය නොකෑ කට හුඹස් කටයි නේ
.............................................................................................................................
@පූසා = මේව බලලා එහෙම කනවා නෙවෙයි !
.............................................................................................................................
@නදී = අන්න ඒක තමා ඇයි ඔයා ඒක හඬ නගා කියන්න බය
.............................................................................................................................
@Observer = අනෙ යන්ඩ ඔබා අයියන්ඩි ගුලි බෝතලේට වෙච්ච දේ මට හිතාගන්න හැකි .අපෙ සීයලෑ කඩෙත් ඔය ගුලි බොටල් එකක් තිබුණා වෙච්ච දේ හිතාගත හැකි නේ ඒකට ?
.............................................................................................................................
@sameera = මූට ගහන්න ඕනෙ වේලපු හරක් ප_යකින් කියලයි අපෙ ලොකු සෑර් කීවේ !
.............................................................................................................................
@Praසන්ன= තොග සහ සිල්ලර මිලට මෙවුවා ගෙන්වා ගැනීමට මා අමතන්න
.............................................................................................................................
@රාජ් = අන්න හරි ඒත් ඔය යටින් මෙවුව එකක් දාන්න අමතක කරන්න එපා සින්ඩියෙන් අපිව ගගහා පන්නාවි . මමත් මේ නොදා බැරි කමට දැම්මට බයේ ඉන්නේ
.............................................................................................................................
@පිණිබිඳු =මේ මේ ඒම කියන්ඩ එපා නංඟී
.............................................................................................................................
@අසනි = හිනා යන්නේ ඉනාව කෑවම නේ මේක වෙන බඩ්ඩක් යාලුවෝ ටික එක්ක සෙන්ටි මෙන්ටල් වුණාම ඉතින් මෙවුවා නොකරත් බෑ බෙලං
.............................................................................................................................
@ayesha= එහෙම කියලා කනවා එහෙම නෙවෙයි .
.............................................................................................................................
@නිසූපා =අනේ හරි සුරතල් බබී
.............................................................................................................................
@saumiya= ආතල් එකට කොහෙද මස්සිනා තහන්චි නැත්තේ ?
.............................................................................................................................
@නචියා = ඒනම් අපෙ අයියන්ඩි තොග සහ සිල්ලර මිලට මෙවුවා ගෙන්වා ගැනීමට මා අමතන්න
.............................................................................................................................
@අභීත = අයියා උඹ ඉල්ලුව දේ මම ගෙනත් තිබ්බේ නැද්ද ? උඹ මෙවුවා ඉල්ලුවා නම් මම අත කර පිරෙන්න ඔවුවා බොටල් එකක් ගෙනල්ලා දෙනවා . අපෙ සීයගෙ කඩෙත් මෙවුවා තියනවා බොලේ . සෙහ් යන්තම් මතක් කරන්න එපැයි !
.............................................................................................................................
@ටී.බී. හේරත්= හිතේ තියන සිතිවිල්ලක් කවි කලා විතරයි මචං උඹ හරි මමත් දන්නවා මෙවුවායේ තියන අයහපත් ප්‍රතිථල ගැන
.............................................................................................................................
@priyantha=එහෙනම් මීට වඩා සුපිරි එකක් ලියවෙනවා ආයේ දෙකක් නෑ
.............................................................................................................................
@Miyuru=සමා වෙයං කොලුවෝ මේක ගුලි සෝං
.............................................................................................................................
@Beetle=වැට් බද්ද වැදුනා නෙව අයියේ

හිස් අහස said...

@මාධව = මම දන්නවා මචෝ ඒත් හිතට එන කවි සිතිවිල්ලා අකුරු කරලා පා කරන්න මට හිස් අහස හැර වෙන තැනක් කොයින්ද ?
.............................................................................................................................
@ක්සැන්ඩර්= හදන එවුන් සෙට් එකක්ම ඉන්නවා මචෝ සිරාවට එහෙම පොට්ට චාන්ස් එකක්වත් වදිනවා නම් එල
.............................................................................................................................
@මලික් = අනිවා ඒක නොකෑ කට හුඹස් කටයි නේ
.............................................................................................................................
@සීතල අයියා =මචං අයියේ උඹ ඒක අහලම නැද්ද ඈ ?
.............................................................................................................................
@uwiniran = අනිවා ඔය මොන ලෙඩේ හොඳ වුණත් මේකේ වටිනා කම හිතේ ලෙඩ හොඳ කරන්නම තමයි
.............................................................................................................................
@rosa.italy= උද්ධමනය වැඩි වුණා අයියේ
.............................................................................................................................
@මාරයාගේ හෝරාව = ඒ උලවුව දැම්මේ මචං උඹට වෙච්ච අකරතැබ්බේ මට හොඳට මතක නිසයි . මමත් විසික්කා වෙයිද මන්දා එලියට ?
.............................................................................................................................
@ඕනයා = කුෂ්මාන්ද අස්වගන්ධ මනිබද්‍ර නම් වටී
ධත්‍රි ප්‍රමභ ප්‍රමේහ ගජකේෂරී වටී
ගජන්කුෂය ත්‍රීකාන්තකදි රසද තව තව වටී
ගජන්කුෂය මෝදකය අපිට සැමදා වටී

ඔන්න අපෙ දිහෑ තියන එවුවා
.............................................................................................................................
@අකීකරු හිත = අනෙ අනේ ඔයත් මෙවුවා දන්නවා නේ ! දැන් හතලිහයි අක්කේ
.............................................................................................................................
@JH = සහතික ඇත්ත ගඳ නෑ වෙරි නෑ සැමටම නිහඬව ආතල් එකක් ගතහැකි මේ ඔසු ගුලියෙන් ස්තූතියි මචං ජයෙන් ජය
.............................................................................................................................
@Anonymous= දැන් හිතුනත් කන්න බෑ 40යි
.............................................................................................................................
@sithuwam = මොකක් කීවා මේ පැත්තේ ආවොත් හොයා දෙන්නම් ඔයාට ඇතෙක් බරට ගුලි !
.............................................................................................................................
@Podi Kumarihami=මේ බත් ගුලියක් ගැන මගෙ අක්කන්ඩි
.............................................................................................................................
@prasanna86k=මට හිතුනා උඹ කෝල් කරද්දිම
.............................................................................................................................
@දුශ් = මචං ටිකකට මාරයාට දාපු රිපලයි එක බලහංකෝ . ආ මුග්ධ කියන්නේ . දැනුම නැති , මෝඩ යන අදහස දෙන වදනක්
.............................................................................................................................
@සොඳුරු සිත = අපොයි අක්කේ මමත් පාපායි බැලුවා හැබැයි එයා කන්නේ ටින් කරපු නිවිති . යකඩෝ අර සුප්‍රසිද්ද කාටින් චරිතයට කරපු වින්නැහියක් මට හිනා කාලා මැරෙන්ඩ වගේ අප්පා .. සෝයි කවි ටික අක්කේ මම කැලේ
.............................................................................................................................
@Janaka Rathnayaka= රස හඳුනන්නෝ ගුලි අරගන්නෝ :)

හිස් අහස said...

@සපතේරු උන්නැහේ=අන්න ඒක තමයි අයියේ මට තියන ලොකුම බය පොඩි කමාරිගෙන් බේරිල්ලක් නෑ
.............................................................................................................................
@අසරණයා =හිතෙන් ලවු කරා මචං එකෂිය ගානට ඒත් මට කැමති වුණේ හතර දෙනයි , වලි වලටත් ගියා මච්ං එකෂිය ගානට ඒත් මම දිනුවේ විසි තිස් පාරයි . ආ මම ලොකුයි :)
.............................................................................................................................
කස්ස = මම මේ මග බලං උන්නේ උඹ එනතුරු තමා හිකි හිකි
.............................................................................................................................
@Theekshana= දොහොත් මුදුන් තබා මෙන්න වඳිමි රජුනි පින් ලැබෙන්න ! දැන් සේප් බං
.............................................................................................................................
@වර්ණා= කියන්නෙම නෑ සත්තයි
.............................................................................................................................
@පැණි දොඩම් = හෙක් හෙක් මාව සින්ඩි වලින් පැන්නුවොත් ඒක තමා බං කරන්න ඉන්නේ හිකි හිකි
.............................................................................................................................
@ මකරා = අන්න බලකෝ මකරා ඒ ඩිංගට පදයක් හැදුවා ඒකත් සක්කර දෙයියන්ට :0 මූවගේ මකරෙක් !
.............................................................................................................................
@ItalyDilan= මාරයාට ගුලි ගැන ලියලා වෙච්ච දේ මම හොඳින් දනිමි මචෝ ඒකයි යටින් ලීවේ
.............................................................................................................................
@චරිත් = මද කිපෙන කාලෙට ඉතින් පොලවේ පසුත් කනවා බං හික් හික්
.............................................................................................................................
@චමිල = උද්දමනය වැඩි වෙද්දී ඒවායේ මිළ සීග්‍රයෙන් ඉහල ගියා ! තෑන්කුයි මචෝ
.............................................................................................................................
@දිනේශ් = සත්තයි මචා පෝටීන් වෙනවා

සංකල්ප said...

මොකෑ මලේ බොලා ගුලියක් වත් කාලද ? හික්ස් :)
අපි ඉතින් කවදත් දේශිය නිෂ්පාදන නඟා හිටුවන්න එපැයි.

Anonymous said...

සියරට දේ සිරිසැප දේ .......

අහින්සක..

ලොකු පුතා said...

හම්බෝ රුපියල් 40/-ක්.... ගාන හොඳටම වැඩි වෙලානේ
අගේ ඇති කවිපෙළ සන්දරුවෝ

Anonymous said...

Api 9 wasare iddi guliyak rupiayal 5 yi . ape panthiye kollekge hitiya guliya kiyala . u guli kaala koi weleth hinaa wenawa. e kaale api honda lamayi nisaa kawe naha :( aparade.. sirawata mata meka ahala guliyak kanna hithuna kaala balala aathal eka kiyannamko..

මුග්ධයෙක් කියන්නේ මොන වගේ සතෙක්ද කියල මම දන්නේ නැහැ ගුලියක් කාලා රහද කියලා කියන්නම්..

elephas said...

සිරාවට ම ඕක කාලා විභාගෙ ලිවුවොත් මොනා වෙයි ද? අපට මේ දවස්වල term tests හෆ්ෆා. :(

Anonymous said...

රුපියල් 40/-ක්? අපොයි

duliponline said...

@සිතුවම්:
ඔය කියන්නෙ මෘථ සංජීවනී ගැනද ????
මල් හතයි තව තව හතයි ඈ

ශශී said...

මමනම් කාල නෑ අපි ඒලෙවල් කරන කාලෙ යාලුවො කනව මතකයි..මීගමුවෙ බීච් එක දිගේ, රේල් පාරවල් වල බඩ ගානවා මේක දකිද්දි උනව මත උනා බං අවුරුදු 7 කට එහා අතීතෙ..කවි පෙළනම් නියමයි සඳරු

Didi said...

අයියණ්ඩී මේක නම් පට්ටම පට්ට කවියක්...
35ට ගුලි දෙන්නම් මෙහෙ ආවොත්...

Didi said...

මාරම සීන් එක මට කමෙන්ට් කියවෙන්නෙත් ගුලි කවියේ තාලයටනේ

මුදියන්සේ said...

ආ මාත දැකලා තියනවා අපේ එවුන් ගුලි කාලා දෙන ආතල්,
හදේ යන්න තමයි කතාව

Chandi said...

ම් ...........මාර ගුලි කෑමක් නේ මේ. හැමෝම සාක්කි! වගේ.
අනේ, අපි නම් දන්නෑ ඕවා.

සිතුවිලි පවුර.. said...

බුදු සන්තෝ, හා බෙට්ටකටත් තියෙන ඩිමාන්ඩ් එක......
අපේ එවුන්නන් ඔකට කියන්නේ 'අලි බලනවා' කියලා...
මොකෑ වුනත් ලොවෙත් නෑ ලස්සනට ලියලා තියෙනවා.

සිතුවිලි පවුර.. said...

තාර පාර දිග කඩපිල් සෙවැනැල්ලේ....
ගිනි සුළඟින් දුවිලි ඇවිලෙනවා
ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ.........

ගින්නා said...

මචන් අපිට බැරි වෙයිද මේ කවි සෙට් එක 5 වසර සිංහල පෙළ පොතට එකතු කරන්න

ජංජාල චාමර said...

ගුලි ගැන වැඩිය දැනගෙන හිටියේ නෑ..දන දන්නවා...

Anonymous said...

ela kiri... mata mage school life eka matak una

පිස්සා පලාමල්ල said...

මේක කියෙව්වා කමෙන්ට් කරාද මතක නෑනේ බන්.... ගුලියක් නොකෑ එකා මොකටද කිව්වලු....

අඩේ හැබැයි ගුලි හදන එකෙක් දැක්කොත් උබව ගන්නව බ්‍රෑන්ඩ් තානපති විදියට ආයෙ හෝදන්න දෙයක් නෑ

සංජිව said...

මේකේ ඉන්න එවුන් ඔක්කොම අන්තිමට ගුලියක් කලා තියෙන්නේ අවුරැදු ගානකට පස්සේ.. යකොව් දැන් ගුලිය 140ක්.. හැබැයි ඉස්සර වගේ ගතියක් නැ....

පද ටිකනම් පට්ටා සදරැ

Anonymous said...

patta kavi tika. peni bothaletath ohomama kavi tikak liyamuda?

යාළුවා said...

පට්ට කවි ටික යාළුවා
සොඳුරු සිත අක්කාගෙත් කවිය නියමයි
ගුලි ගැන හිතාගන්නත් බෑ මට

Sajeewa D Vimukthi, said...

අස්සයා මාක් නම් පන්කාදුයි.....එත් කොලබට අවට පස්සේ ගුලියක් කන්න බැරි උනා....

Yasiru said...

ගුලිය වැඩි උනොත් පිස්සු පීකුදු වෙනවා

Yasiru said...

40 ට නෑ තලවතුගොඩ බෙහෙත් කඩේ 80 යි .

Janith Anjana said...

100

Anonymous said...

ape ofz eke unta guli gana kiyala denna meka loku upakarayak unaa.. 2005 nan rupiyal 5ai.

Pathum madhukantha said...

හම්මො සැප මතක් උනා ..කාලෙකින් කන්න බැරි උනා ඒකෙ සැප ගොඩක් උන් දන්නෙ නැතුවා..ආදරෙයි කලු බෝම්බේ

Post a Comment

තැන්කූ බං