12.11.11

පැණියා සෑර් ගේ බඹර වදේ .


මීට අවුරුදු කිහිපයකට උඩදී මම ඉස්කෝලේ යන සන්දියේ සිද්ධ වෙච්ච මේ කතාව කාලයත් එක්ක මගේ හිත ඇතුලෙම වැළලිලා ගිහින් තිබුණා . මගේ හොඳම මිත්‍රයෙක් මේ කතාව මට ඊයේ පෙරෲර්‍රේදා දවසක ආයෙමත් සිහිපත් කළායින් පසුව මම හිතුණා ආයේ අමතක වෙලා යන්න කලියෙන් මේ කතාව ලෝක වියාප්ත ජාලයේ බිත්තියක අලවලා දාන්න .

එතකොට මම හිටියේ ඉස්කෝලේ දොළහ වසර පන්තියේ. ඒ තමයි මම ඉස්කෝලේ ගිය අවසන් අවුරුද්ද. සාමාන්‍යයෙන් බොහොමයක් දෙනා තමන්ගේ ඉස්කොලේ ගමනට සමු දෙන්නේ දහතුන වසරෙන් වුණාට මගේ දැඟලිල්ල නිසා ඊට වසරකට කලින් උසස් පෙළ විභාගය අත ළඟටම ඇවිදින් තියෙද්දී රතු පෑනෙන් නම ලියවාගත්තු අස්වීම් සහතිකයකුත් අතේ දරාහෙන අම්මගේ පිටිපස්සෙන් ඉස්කෝලෙන් දොට්ට බහින්න මට සිද්ධ වුණේ දෛවයේ සරදමකට වගේ. මේ සිදුවීම වුණේ මම ඉස්කෝලෙන් වීසි වෙන්න මාස තුනකට හතරකට පෙර ඇත්තටම කීවොත් පීටී සර් අපේ ඉස්කෝලෙට ආපු අලුත.

අපේ ඉස්කෝලේ හිටි සර්ලා අතරින් පොඩිම ඒ කීවේ වයසින් බාලම ගුරුතුමා තමයි අපේ පීටී සර් හෙවත් සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂය උගන්වාපු ගුරුතුමා. මම හිතන්නේ එතකොට එයැයිට වයස අවු 24 නැත්තම් 25 වගේ ඇති .එක ගොඩේ වැටිලා ඉන්නකොට පීටී සර් සහ අපේ අතරේ කිසිම වෙනසක් පෙනුණේ නෑ සර් කාරයත් හරියට ඉස්කෝලේ යන ළමයෙක් විදිහමයි . මුහුණේ වැවිලා තිබුණෙත් යාන්තම් හීනි රැවුල් ගස් කීපයක් විතරයි . ඒ වෙනකොට අපේ පන්තියේ සමහර කොල්ලන්ට හෙන පත උඩු රැවුල් පවා තිබුණා . ප්‍රසිද්දියේ පීටී සර් කියා හැඳින්නුවත් අපි කට්ටිය පීටී සර්ට ආදරේට නම් කීවේ පැණියා සර් කියලා .

මට මතක හැටියට කන්ද උඩරට තමයි පීටී සර්ගේ ගම් පළාත. ඒත් මිනිහා මොන හේතුවකට මේ වගේ කාෂ්ටක පළාතක කට්ටක් කාගෙන ජීවත් වෙනවද කියලා මුලදී නම් මට හිතාගන්න බැරිවුණා. ඒත් මම පස්සේ දැන ගත්තා එයා ගුරු දිවියේ මුල් අවධියේ දුෂ්කරක්‍රියාව කරනවා කියලා. පන්තියේ උගන්වන අතරතුරේදී නිතර නිතර ලොකූ ලේන්සුවක් අරගෙන මූන, අතපය, බෙල්ල වටේ පිහදාන එක පීටී සර්ගේ ලක්‍ෂණයක් . සමහර නැහැදිච්ච කොල්ලෝ නම් කීවේ සෞඛ්‍ය පාඩම උගන්වද්දි එයැයිට නිතර දාඩිය දානවා ඇති කියලා . ඒත් නුවර හීතලට හැදුණ කෙනෙක් අපේ වගේ කාන්තාර පළාතකට ආවාම ඔය විදිහට දාඩියෙන් තෙත බරිත වෙන එක සාමාන්‍ය දෙයක් බව මම හොඳින්ම දැනං හිටියා.

එක දවසක ඉස්කෝලේ ඕෆ් පීරියඩ් දෙක තුනක් එක ළඟ වැටුණු මොහොතක අපි කට්ටියම පන්තියේ කොට බිත්ති උඩ වාඩි වෙලා කුණු හරුප කතාවක රස විඳිමින් උන්නා . කතාව කියමින් හිටියේ මගේ හොඳම මිතුරා වෙච්ච කිතුලා . කිතුලා කතාව කටින් කියන ගමන්ම අංග චලනයෙන් රඟදක්වමින් පෙන්වමින්ද හිටියා .ඉතින් ඒක නිසා අපි හැමෝම අපේ පංචේද්‍රියන්ගේ අවධානය කිතුලා වෙත යොමාගෙනයි උන්නේ !

"මෙන්න මෙහෙමයි මචං ඇම්ඩා උඩ පැනලා චීචර්ට %$#@&*#$%#@#$

"මොනාද තමුසෙලා ඔය කරන්නේ ?
එකපාරටම පිටිපස්සෙන් ඇහුණු කටහඬටත් එක්කම කොට බිත්තිය උඩ වාඩිගෙන හිටපු අපි හැම දෙනාම තත්පරයෙන් බිමට පැන්නා . ඉස්කෝලේ කොට බිත්ති උඩ ඉඳගෙන හිඳීම වරදක්.! ඒකයි අපිටත්කලියෙන් අපේ සිරුර බිමට පැන්නේ . ආපහු හැරුණු අපි දැක්කේ අපේ ළාබාල පීටි සර් අපි දිහා තරහෙන් බලාන ඉන්න හැටි . ඒත් ඒ මූණේ තිබුණේ බලෙන් මවාගත්ත තරහක් විතරයි . මට නම් එක තත්පරයෙන් ඒක තේරුණා .

"මොනවද තමුසෙලා මේ බිත්ති උඩ නැගගෙන් කියන කතා . ? අර පැත්තේ පොඩි පන්තිවල ගෑනු ළමයින්ට හිටං තමුසෙලාගේ කතාව ඇහෙනවා ඇති . ප්‍රින්සිපල් සර්ට එහෙම ඇහුණොත් උඹලා සේරටම වදියි කන් රත් වෙන්න .

"නෑ සර් මම කිය කියා හිටියේ මේ .... මේ .

"ඔවු..! මොනාද කිය කියා හිටියේ ඇම්ඩෙක් ගැන ? සුවර් කුණුහරුප කතාවක් වෙන්නැති .

"සර් ඒක කුණුහරප කතාවක් නෙවේ ඇම්ඩා පැණි කාපු හැටි !

"මට ඕවයි වැඩක් නෑ තමුසෙලා පන්තියට ගිහින් පොතක් පෙරලගන්නවා .”

අපි හැමෝම හිත යටින් හිනා වෙන ගමන් පන්තියට ගිහිල්ලා ඉඳගත්තා . අපේ පීටී ගුරුතුමාත් පන්තියේ ගුරු පුටුවේ ඉඳගෙන ගෑනු ළමයි කීප දෙනෙක් එක්ක කතාව පටන්ගත්තා .
පවු..! අපේ පීටී සර් තාම ලාමක තරුණයා . ඒක නිසා පොර කෙල්ලොත් එක්ක කතාවට මාර කැමතියි . පීටි සර්ට අපි සත පහකවත් බයක් දැක්වුවේ නැතුවට ගුරුවරයෙකුට දක්වන ඒ ගරුත්වය සහ ගුරු භක්තිය නම් අනෙක් ගුරුවරුන්ට වගේම අපේ හිත් වල පීටී සර් වෙනුවෙනුත් වෙන් වෙලා තිබුණා .

ඒ දවස් වල අපේ පන්තිය බෙදලා තිබුණේ වෙනස් ක්‍රමේකට . එක පැත්තක කෙල්ලෝ , අනික් පැත්තේ කොල්ලෝ . එයිනුත් ඉගන ගන්න හැකි ළමයි ඉදිරිපස පේළි වලත් . නිරන්තරයෙන්ම ආතල් එක සහ ෆන් එක හොයන සොමි බර ළමයින් පසු පස පේළි වලටත් යන විදිහට පන්ති භේදයක් අපේ පුංචි ඉස්කෝලේ ඇතුළේ හැමදාමත් හැංගිලා තිබුණා . මම දන්න තරමින් කිසිම ගුරුවරයෙක් කැමති නැහැ පිටුපස පේළි ගාවට කිට්ටු වෙන්න . හැම ගුරුතුමාම කරන්නේ ඉදිරිපස පේළි ගාවට ඇවිදින් ඒ ළමයින්ගේ පොත් කියවලා බලලා යන එක විතරමයි . ඒත් එදා නම් නොහිතපු විදිහට පීටී සර් අපේ අන්තිම පේලිට ගොඩ වැදුණා .හරියට මුඩුක්කු පැල්පතකට රාජ්‍ය නායකයෙක් ගොඩ වැදුණා වගෙයි !

"මේ සමන්ත..! (අපේ කිතුලගේ නියම නම සමන්ත) මේ පැත්තේ මී පැණි තියනවද ?

"තියනවා සර් !

"මට ඊළඟ සැරේ ගෙදර යනකොට ගෙනියන්න මීපැණි බෝතලයක් දෙකක් අරගන්න ඕන පුළුවන්ද හොයලා දෙන්න.?

"පුළුවන් සර් මම හෙටම හොයලා කියන්නම් .

".. තව දෙයක් .මට ඔය මීවද ගස් වල තියන හැටි බලන්නත් ආසයි මේ ළඟ පාතක නැද්ද සමන්ත එහෙම ගහක බැඳපු මීවදයක් ?”

"ඒක නම් හොයලා බලන්න ඕන සර් මම හෙටම හොයලා කියන්නම්කෝ .

මීවද නම් අපේ පළාතේ ඒතරම් දුලබ නෑ . ඒත් මගෙ ජීවිත කාලෙටම මමත් දැකලා තියෙන්නේ මීවද පහක් නැත්තම් හයක් විතරමයි . ඒ මොකද කීවොත් මී මැස්සෝ කියන කෘමීන් ජාතිය හරිම නුවණක්කාරයි උං වද බඳින්නේ කාටවත් ලේසියෙන් නොපෙනෙන තැනක. ඒ වගේම ලේසියෙන් කිට්ටු වෙන්න බැරි තැනක . ඒ වුණාට මම දන්න තරමට, මගේ දිව කියන තරමට මී පැණි තරම් රස වෙනත් කෑම ජාතියක් මිහිපිට නෑ !! මම මගේ ජීතේට රස බලලා තියන හොඳම කෑම ජාතිය තමයි මීපැණි . අමෘත්තය පරාදයි !! . ඒත් ඉතින් ඒ නියම රස එන්නේ ගහෙන් කඩාගත්තු මීවදයකින් ගත් පැණි බිඳුවකින් මිස කඩේ විකුණන සීනි කලවං කල පැණි බෝතලයකින් නම් නෙවෙයි .

පහුවදා ඉස්කෝලේ ගියාට පස්සේ මම උදෙන්ම ගියා කිතුලාව හම්බ වෙන්න . මම හිටියේ පාසලේ ඉඳන් කිලෝ මීටර 20 පමණ දුරින් තිබුණු ගමක ඒත් කිතුලා ඒවනවිට හිටියේ නම් ඉස්කෝලෙට කිට්ටුවම ගමක . ඉතින් මට වඩා මේ ඉස්කෝලේ අවට තිබුණු කැලෑව ගැන කිතුලා හොඳටම දැනං උන්නා .

ලොකුද කුඩා ගල් පරුවත සෑහෙන ගාණක් සහ ඒ ගල් පරුවත අතරින් විහිදුණු ටිකක් විතර ගන කැලෑවක් ඉස්කෝලේ වත්ත වටේටම විහිදිලා තිබුණා . ඉස්කෝලේ වත්තට සරපයියෙක් දෙන්නෙක් ආපු දාට විතරක් ශ්‍රමදානයක් ක්‍රියාත්මක කරලා මේ කැලෑව ඉස්කෝලේ වත්ත සීමාවෙන් එපිටට එළවා දාන්න විදුහල්පති තුමා ක්‍රියා කරනවා .ඒත් ඊට පස්සේ ආයෙමත් ටික දවසකින් කැලෑව ඉස්කෝලේ වත්තට ලං වෙනවා . ඔය කියන කැලෑව ගැන අපි ගොඩක් දේවල් දැනගෙන හිටියා . ඒ කාලේ ඉස්කෝලේ ලොකු කොල්ලොයි කෙල්ලොයි ඔය කැලෑවේ තැන් තැන් වල නරක වැඩ කරනවා කියලත් අපි අහලා තිබුණා . මොනදේ වුණත් ඒ කැලෑව අපිට ගොඩක් වටිනවා .එවකට හරිහමං කක්කුස්සියක් නොතිබුණු අපේ පාසලට ඔය කැලෑව නිසා බොහොම ලොකු සේවයක් වුණ බවත් නොකියාම බෑ . කොහොමින් කොහොමට හරි ඔය කියන වනයේ මී වද එකක් හෝ දෙකක් අනිවාර්‍යයෙන්ම තිබියයුතු බව මම දැනගෙන හිටියා .

"කිතුලා උඹ සර් කාරයාට පෙන්නන්න මීවදයක් හොයාගත්තද?”

"අපෝ ඔවු බං මම ඊයේ ගෙදර යනකොටම ඇහැදී ගෙන ගියා ටිකක් පහළට යනකොට තියනවා තෙළඹු ගහක් අන්න ඒකේ නම් හෙණ දඩාර වදයක් බැඳලා තියනවා දැක්කා .

"ගොඩක් උඩද ?”

"නෑ බං පුදුමේ කියන්නේ අඩි දොළහක් විතර උසක් තියෙන්නේ .. ගහේ මැද කැඩිච්ච තැනක තමා බැඳලා තියෙන්නේ .. ඕන නම් කඩන්නත් පුළුවන් .”

මොහොතකින් අපිව හොයාගෙන ආවේ අපේ දයාබර පීටී ගුරුතුමා .

"කොහොමද වැඩේ .

"හරි සර් මම මීවදයක් තියන තැන පෙන්නන්නං .මම ඊයේ යන ගමන් පොඩ්ඩක් බලාගෙන ගියා .

"අපි දැන් යමු ! අපි තුන් දෙනා විතරක් "

මම පුදුම වුණා ! මම හිතුවේ පීටී සර් ඉස්කෝලේ ඇරුණාම අපිට යමු කියාවි කියලයි . ඒත් මේ පොර මේ දැන්මම යන්න කතා කරනවා !

කිතුලා මගේ මූණ දිහෑ බැලුවා .

"යනව නම් යමු !මමත් කීවා 

මොහොතකින් ඉස්කෝලේ වත්ත කෙළවරකින් අපි කැලේට ඇතුල් වුණා . මම හිතන විදිහට එදා ඉස්කෝලේ වටේම පැතිරිලා තිබිච්ච ඒ කැලෑ රොද අදටත් තියනවා . කිලෝ මීටර්යක් විතර ගාටලා ගාටලා ඉවර වෙලා අපි කිතුලා පෙන්වපු පාර දිගේ තෙළඹු ගහ යට ආවා . කැලෑව පුරාවටම පැතිරුණු මුත්‍රා වල දුර්ගන්ධය අපේ නාස් වලින් ඇතුල් වෙලා බඩ ඇතුළේ තිබුණු පොඩි බඩවැල් අඹරලා දැම්මා ..ඒත් ඒ මුත්‍රා ගඳ මැදින් හමාගෙන ආපු අමුතුම සුවඳ නම් මම හුඟාක් ආසාවෙන් ඉව කෙරුවා . චූ ගඳ අතරින් නැහැයට දැනුණේ මල් පැණි සුවඳක් !

"අර අර තියෙන්නෙ අන්න අතන මේ මගෙ ඇඟිල්ල කෙළින් බලන්න !

කිතුලා පෙන්වපු දිහෑවේ මම මොහොතක් විමසිල්ලෙන් බැලුවා . ගහේ කොළ බොහෝම සැරට වැවිලා තිබුණු නිසා .මට තත්පර කිහිපයක් යනතුරු ඒ මීවදය දැකගන්න බැරි වුණා . ඒත් මොහොතකින් මම ඒක දැක්කා . හපොයි ! ! ඒක බඹර වදයක් ! ඇත්තටම කිතුලා මීවදයක් කියලා රැවටිලා තිබුණට ඒක බඹර වදයක්

"මේ බඹර වදයක්නේ යකෝ !”

"හුටා ඇත්ත නේන්නම් . සර් මම ඊයේ හදිසියට නේ බලාගෙන ගීයේ මට පොඩ්ඩක් වැරදිලා !

මම දන්න තරමට මී පැණි වලට වඩා බඹර පැණි වල සීනි සාන්ද්‍රනය ගොඩාක් වැඩියි . ඒක නිසා බඹර පැණි කෑවාම මත් වෙන බවට කතාවක් තියනවා . අනික තමයි මී මැස්සෝ විදින එක මොහොතක් ඉවසාගෙන ඉන්න හැකි වුණත් බඹරු විදින එක ඉවසන්න බෑ . බඹරු කියන්නේ කිසිම අණක් ගුණක් නැති කෘමියෝ ජාතියක් .

"අපිට මේක කඩාගන්න බැරි වෙයිද ?

මෙච්චර වෙලා නිහඬවම මේ බඹර වදේ දිහෑ ආසාවෙන් බලාන හිටපු අපේ පීටි සර් මගෙන් එහෙම ඇහුවා

ඇත්තට මම ඉස්සර පොඩි කාලේ මගේ තාත්තයි පුංචි තාත්තයි දෙන්නා ගමන් මීයක් කඩන හැටි බලාන ඉඳලා තිබුණා ඒක නිසා ඒ ක්‍රමේට මේකත් කඩාගන්න හැකිවෙයි කියලා මගේ හිතේ පොඩි විශ්වාසයකුත් නොතිබුණාම නෙවෙයි .

"දැං මේක කඩලා ගෙනියන්නේ කරේ තියාගෙනද ?අපි හිස් අතින්ම ආපු විත්තිය මතකෙට ආපුහාම මම ඒවග අනික් දෙන්නාටත් මතක් කළා .

"කෝමද ගෙනියන්නේ .?පීටී සර්ට නම් මේක බිමට බානකම් ඉවසුමක් නැති හැඩයි !

"පොලිතින් මල්ලක් හරි ෂොපින් මලු කීපයක් හරි තිබ්බනම් හරි .. ඒත් ඉතින් මැටි මුට්ටියක් හරි ලබු කැටයක් තමා හරියටම හරියන්නේ ඉතින් මේ වෙලාවේ මුට්ටි හොයන්න බෑ නේ .අනික ඉතින් යටින් දුම් පාරකුත් ගහන්න ඕන සැරට .”

ඉතින් ඔන්න ඔය වගේ අඩු පාඩු රැසක් මැද්දේ අපි තුන් දෙනාම තීරණය කළා මේක බොහොම සැලසුම් සහගතව සිදු කරන්න . පහුවදා දවසේ ඉස්කෝලෙට එනකොට මම ගිනිපෙට්ටියක් සාක්කුවේ දාගෙන ආවේ . ඔය දුම් ගහන වැඩේ කරන්න ඕන නිසාමයි . මම ඉස්කෝලෙ ගේට්ටුවෙන් ඇතුළට එනකොටම කිතුලා මාව හොයාගෙන ආවා . උගේ සාක්කු දෙක පිම්බිලා තිබුණු විදිහට මම තේරුම් ගත්තා ඌ මලු කීපයක් අරගෙන ඇවිදින් තියන වග .උදේ පීරියඩ් වල ඉගැන්වීම් යෙදිලා තිබුණු නිසා අපි වැඩේ මොහොතකට ප්‍රමාද කළා .

වෙලාව දහය හමාරට විතර ඇති . ඔන්න එතකොටම විවේක කාලය හඟවන සීනුව නාද වුණා . පීටී සර් සමග අපේ පන්තියේ තව කොල්ලෝ පස් දෙනෙක් බඹර වදේ පිහිටි තෙළඹු ගහ තියන තැන බලා හොරෙන්ම පිටත් වුණා . එදා බොහෝම සැරට ඉර පායලා තිබුණා . කැලේ මැදට ඇවිදගෙන යනකොට වටේම තියන ගස් වල, වැල් වල කොළ අතේ මූණේ ගෑවීම නිසා මූණ අත පය කසන්නත් ගත්තා . පීටී සර්ගේ මූණ රතුම රතු වෙලා දාඩිය ගලනවා .

අපි තෙළඹු ගහ යටට ගිහින් වේලිච්ච කොළ සහ පොල් මටලු එකතු කරලා .පොඩි ගිනි මැලයක් ගහන්න පටන් ගත්තා . ටික ටික ගින්න සැර වෙද්දී ඒ ගින්න මතට මදුරුතලා ගස් කීපයකුත් කඩලා දාලා පයින් පාගලා ගින්න බාගෙට නිවලා අපි ඉක්මනින් ඒ හරියෙන් අයිං වුණා . බඹරු කියන්නේ අණක් ගුණක් නැති ජාතියක් . වටකරගෙන විද්දොතින් ආයේ ජීවත් වෙලා හමාරයි .

අපි ආපහු යන්න පිටත් වුණේ අපි ආපු කැලේ මැදින් නම් නෙවෙයි .කැලේට පොඩ්ඩක් එපිටින් වැටුණු අඩි පාර දිගේ තමයි අපි ආපහු ඉස්කෝලේ වත්ත බලා පිටත් වුණේ . ඒකට හේතුවක් තිබුණා . විවේක කාලයේදී කෑම කාලා ඉවර වෙච්ච ගමන් ඉස්කෝලේ ලොකු කුඩා හැම කොල්ලම කරන්නේ චූ කරන්න මේ කැලේ ඇතුළට රිංගන එක . ඉතින් ඒ මැදින් අපි කීප දෙනෙක් සහ ගුරුවරයෙක් මතු වුණාම උං අපි ගැන මොනවාහරි හිතාවි කියලා අපි කීපදෙනා හොර පාරකින්ම ඉස්කෝලේ බලා පිටත් වුණා .

බඹර වදේ කඩලා අපේ සර්ට බෝතලයක් දෙකක් පිරෙන්නම පැණි ගෙනියන්නත් දීලා , අපිත් ටිකක් රස බලලා හැම දේම සතුටින් අවසන් වෙන්න ඉඩ තිබුණා . මේ වැඩේ හිතූ විදිහට සාර්ථක වුණා නම් මම මේ කතාව ලියාවිද ? අපොයි නෑ .. කොහෙන්දෝ මන්දා යන්තම් ඩිංගක් වැඩේ ගැස්සිලා තිබුණා .

අපි ඉස්කෝලේ වත්තට ඇතුළු වෙනකොටම කැලේ ඇතුළේ හිටපු ලොකු පොඩි කොල්ලෝ හැමෝම හූ තියාගෙන කැලෙන් එළියට පැනලා දුවන්න ගත්තා . ආයේ කවුරුවත් කාටවත් තේරුම් කරවන්න ඕනෑ වුණේ නෑ අපිත් කළේ කකුල් දෙකට වැඳලා උපරිම හයිය අරං දුවන්න ගත්ත එක .

අපි දුවන්න ගත්තා !! ඒත් කොහේ කියලා දුවන්නද ? අපි දිවුවේ පන්තියට . බුදු මැදුර ගාවින් පන්තියට හැරෙනකොටම මගේ දණහිසට පොඩ්ඩක් ඉහළින් පුදුම වේදනාවක් ආවා කකුල ලොක් වුණා වාගේ . මම ඒත් අමාරුවෙන් පන්තිය ඇතුළට ඇවිත් ඉඳගත්තා . මගේ සුදු දිග කලිසමේ වම් කකුලේ දණහිස හරියේ එල්ලිලා හිටියේ කුරුම්බැට්ටියක් විතර ලොකු දෙඹරෙක් . මම ඌට තනිරූල් පොතකින් දමලා ගහලා සපත්තුවෙන් පාගලා දැම්මා . ඌ අවසන් ගමන් ගියා . මම හෙමිහිට පන්තියේ කොට බිත්ති වලට ඉහළින් එබිලා බැලුවා ...

වැස්ස දාට හුඹස් වලින් එළියට පියාඹන මෙරු රංචු වගේ මහා විශාල බඹර සේනාවක් පිට්ටනිය දිහාවේ එහාට මෙහාට පියාඹන හැටි හැමෝම බලාන හිටියේ පුදුමාකාර බයකින්. දෙයියංගෙම පිහිටයි !!. විනාඩි පාළොහක් විතර පිට්ටනියේ කැරකැවුනු බඹර සේනාව හෙමිහිට යන්න ගියා .

පසුව මට ආරංචි වුණු වීදිහට නම් . ඉස්කෝලේ ළමයි හත් අට දෙනෙක බඹරු විදලා තිබුණා . පුදුමේ කියන්නේ එකම එක ගෑනු ළමයෙකුටවත් බඹරු විදලා තිබුණේ නම් නෑ . ! ඉස්කෝලේ හරහා ගමන් කරපු බඹර සෙනග . තාර පාරෙන් එහාට ඇදිලා ගියපු එක අපේම වාසනාව .බඹරු තුන් හතර දෙනෙක් ළමයෙකුට විද්දානම් සමහර විට ඒ ළමයා ජීවිතෙන් සමු ගන්නත් තිවුණා . වාසනාව .. !

ඉස්කෝලේ ඉස්සරහා කඩේකට දුවලා ගියපු කොල්ලෙක් ගෙනාපු අමු පුවක් ගෙඩි සුද්ද කරලා අපි ඒවායේ ලෙලි බඹරු විද්ද තැන අතුල්ලන අතරේදී . ප්‍රින්සිපල් සර් සහ තවත් සර්ලා කීප දෙනෙක් අපේ පන්තියට ආවා .

"සමන්ත කියන්නේ කවුද ?”

කිතුලා ඉබේටම නැගිටවුණා . කිතුලා විතරක් නෙවේ කකුල හිරිවැටිලා අමාරුවෙන් උන්නු මටත් පුටුවෙන් ඉබේටම නැගිටවුණා .

"මම සර් ..

"උඹ මොකටද එක එකාට පැණි ගිල්ලවන්න ගියේ ?

"මම එහෙම කරේ නෑ සර්"

කිතුලාගේ කටහඬේ එදා තිබුණු ඒ ප්‍රතාපවත් එඩිතර බව මට තවම මතකයි .ඌ යන්තම්වත් ගොත ගැහුවේ නෑ . එක එල්ලේම බලාගෙන කතා කළා . එතකොටම ඉදිරියට පැන්න ලොකුසර් කිතුලාට එක පිට එක කම්මුල් පාරවල් පහක් විතර ගහගෙන ගියා . ඌට ගානක්වත් නෑ .කොහොමත් කිතුලගෙන් මම ඒ පිරිමි ගතිය බලා පොරොත්තු වුණා .හැබැයි ඊළඟ මොහොතේ අපි කවුරුත් බලා පොරොත්තු නොවුණු දෙයක් සිදු වුණා .

"ගිහින් එන්න කියනවා පීටී සර්ට. පන්ති නායකයා වෙලා හිටි . අපේ ටීචර් කෙනෙකුගේ පුතන්ඩියාව විදුහල්පති තුමා දූත මෙහෙවරක යෙදෙවුවා .

සිදුවුණු දේ මගේ මොළේට වැටුණේ අන්න ඒ මොහොතේදී පීටී සර් අපේ අන්තිම පේළිය වෙත ඇවිදින් මී පැණි ගැන කතා වෙන හැටි හුඟක් අය අහගෙන හිටියා . ඉතින් ලොකු සර් ගේ කනට ඒ පණිවිඩේ ගිහින් තියන්න තරම් පහත් තත්වයකට වැටිච්ච කොල්ලෙකුත් මේ පන්තියේ ඉඳලා තියනවා.ඊළඟ මොහොතේ මොනා වේවිද කියලා අපි හැමෝම බලාන හිටියා .

අසරණ පීටී සර් ඔළුව නමාගෙන විදුහල් පති තුමා ළඟට හෙමිහිට ආවා .

"තමුන් නිසාද නේද මේ සේරම වුණේ ? . කවුද මේ වැඩේට හවුල් අනිත් අය ?

විදුහල්පති තුමා ඇහුවේ ප්‍රශ්න දෙකයි . පීටී සර්ගේ ඇස් වලින් ගලාන ආපු කඳුළු කැට කම්මුල් දිගේ බේරිලා ගිහින් සිමෙන්ති පොළවට වැටෙන්න පටන්ගත්තා. අපි හැමෝගෙම ඇස් වලට කඳුළු උනන්නගත්තේ අපිටත් හොරෙන්මයි .කොයිතරම් ඉගන ගත්තත් මූ අපේම වයසේ අපේම එකෙක් කියලා අපි එදා තේරුම්ගත්තා .අපේම එකෙක් අපිව පාවා දුන්නත් අපේ සර් අපිව පාවා දුන්නේ නෑ . එක වචනයක් වත් කටින් පිට කළේ නෑ .

විදුහල් පති තුමා සහ අනෙකුත් සහයක ඩැනීලා එතනින් ඉවත් වුණාම අපි හැමෝම පීටි සර්ව සනසන්න එකතු වුණා .

"සර් ගනංගන්න එපා සර් ..”එහෙම කියමින් අපි විනාඩි ගාණක් යනතුරු ලේන්සුවෙන් මූණ වගෙන අඬන පීටී සර්ව සෑනසුවා .

ඒ කඳුළු බින්දු වැටුණු දා පටන් විදුහලේ අනිත් ගුරුවරු පීටී සර්ව කොන් කරන්න පටන්ගත්තත් අපේ පන්තියේ ළමයි නම් පීටී සර්ට වෙනදාටත් වඩා ගරු කරන්න පටන් ගත්තා .
ඔන්න ඔය සිදුවීමට පස්සේ මගේ ජීවිතයේ දැකපු හොඳම මිනිස්සු අතරේ පීටී සර්ටත් මම තැනක් වෙන්කළා .ඔය සිදුවීමෙන් මාස කීපයකට පස්සේ මාව ඉස්කෝලෙන් අස් කල දවසේ සෑහෙන ළමයි රොත්තක් අවංකවම දුක් වුණත් මම වෙනුවෙන් දුක් වෙච්ච ගුරුවරු හිටියේ දෙන්නයි . ඉන් එක ගුරුතුමෙක් තමයි අපේ පීටී සර් . !

පීටී සර් අද වෙනකොට මේ ලකාවේ කොහේ ඉන්නවාද කියන්න මම දන්නේ නෑ . කොහේ කොතනක උන්නත් මැරෙන්න කලින් එක වතාවක් ඒ මනුස්සයාව ආයේ හමු වෙන්න මමත් මගේ හොඳම මිත්‍රයා කිතුලත් මග බලාගෙන ඉන්නවා .

කතාව සිහිපත් කල කිතුලාට ස්තූතියි ..


image - http://images.clipartof.com

98 comments:

Gimhani said...

සඳරූ,, කතාව කියවනකොට මට දැනුනෙ මාත් එතන හිටිය වගේ..ඔයාගේ අතීත කතා ඇහුවම සුන්දර වගේම මහා දුක්බර සිදුවීම් බොහොමයි නේද.. කතාවේ අන්තිමට එනකොට පපුව හිර කරනව වගේ.. ඔයා උත්සාහ ගත්තොත් ඒ සර් සොයා ගන්න පුළුවන් වෙයි මල්ලී ..මේක පුංචි රටක් නේ එතරම් අමාරු නෑ සොයගන්න.

miuranga said...

මමත් ඔහොම ඇටෑක් එකකට මූන දීලා තියනව කැම්පස් එකෙදී එත් ඒ පැනි ගන්න හිහින් නෙමේ. වදේ පුච්චල අයින්කරන්න ගිහින් හැබයි දරුනු දෙයක් නම උනේ නෑ

kingkusa said...

mata me labben sinhalen kotanna ba ban e nisa hithata ena de liya ganna widiyaka na. ela ela ohoma yaman macha

සිහින said...

ඔය කිතුලයි උඹයි සම්භන්ධ මාර කතානෙ බං තියන්නෙ.මමත් මී පැණි නං කාල තියනව. හැබැයි ඔරිමජිනල් ඒවද කියල සුවර් නෑ.පීටී සෑර් දැං නුවර කිට්ටුවම ඇති බං. දුස්කර කාලෙ ඉවර උනාම තමන්ගෙ ගමටම හදාගන්නවනෙ.උඹලව අල්ලල දුන්න උන්ට නෙලන්න තිබ්බෙ මී පැණි මතක් වෙන්න...

පිසාචයා said...

තමන්ට දෙයක් වෙන්කොට වඩා තමන් නිසා තව කවුරු හරි දුක් විදිනව බලන්න බැරි එක තමයි හොඳ මිනිහෙක්ගෙ ලක්ෂණය
කතාව නම් වෙනද වගේම උපරිමයි අයියෙ......

cjgayan said...

අප්පා ඔයින් ගියා මදැයි..

Podi Kumarihami said...

//පුදුමේ කියන්නේ එකම එක ගෑනු ළමයෙකුටවත් බඹරු විදලා තිබුණේ නම් නෑ .//

ගෑනු ලමයින්ට එයාලත් බයයි...:D

වෙනදා වගේම ලස්සනා කතාවක්. මේ පෝස්ට් ටික එකතු කරලා 'අපේ ගම' වගේ පොතක් එලියට දාන්ටකෝ සඳරූ....

වෙද ගෙදර මහ වෙදනා said...

නියම කථාව. මල්ලීගේ ජීවිතේ වගේම මගේ ජීවිතෙත් පාසැල් ගොස් තිබෙන්නේ එක අවුරුද්දක් අඩුවෙන්. ඒ එක්තරා සිද්ධියක් නිසා අවසාන වසර මට පාසල තහනම් කලාපයක් වූ නිසා. ඒත් මම අද මගේ ජීවිතේ ඉහලම තැනකට ඇවිත් තියනවා. ඔබත් උතසාහ කරන්න.
මී පැණි මගේත් ආසාම දෙයක්. ඔබ කිව් ආකාරයෙන් ගහෙන් බාපු ගමන් බඩු මටත් රස බලන්න ලැබිලා තියනවා. ඒ මම කාලයක් මධ්‍යම පලාතේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී වෙලා හිටි නිසා, මම තමයි මී පැණි වගේ දේවල තත්තවය බලන්නේ. අපි මී පැණි ගත්තේ හසලක හංදියෙන් හැරිලා යන පාරක කිලෝ මීටර බර ගානක ගියපුවම තියෙන ඉස්කෝලෙ මහත්තයාගේ කඩෙන්. මම පරීක්ෂාවට එන දවසට ඒ මහත්තයා වැදෙදෝ ලව්වා මීපැණි ගෙන්නනවා මගේ පරිබෝජනයට. කියලා වැඩක් නැහැ. අන්න බඩු.
මගේ ජීවිතේත් මේ වගේ ගුරුවරයෙක් ඉන්නවා. එතුමා අද ලංකාවේ නැහැ. ඒත් එතුමා අද මගේ හොඳම මිත්‍රයෙක්.
ජය! ඔබ ඉතාම ලස්සනට මේ කථාව කියන කොට මට හිතුනේ මම මගේ කථාව කියනවා කියලා.

පන්සල් හංදිය said...

සර් කෙනෙක් විදියට කරපු වැඩේ හරි නැති උනත්, පොර නං ජෙන්ටා ජෙනුයින් .........

මධුරංග said...

අඩේ මේ පීටි සර් කියලා කියන්නේ මරු මනුස්සයෙක් නේ. කෝමහරි මේ මනුස්සයා පින්සිපල් සර්ගෙන් පැණි කාලා.

ඊට පස්සේ සර්ගේ ආසාව මේ සිද්දියෙන් පස්සේ ඉවර වෙන්න ඇති නේ

Music girl said...

මේ කතාව කියවද්දි දුක හිතුනා... ඔයා ඉස්කෝලෙන් අස්කළේ ඕකටද?.. මේ සිදුවීමට නෙවෙයි නම් කියන්න ඕන නෑ.. ලංකාව මහ ලොකු රටක් නෙවෙයිනෙ මල්ලි.... ඔයාට මුණ ගැහේවි සර්ව කවද හරි... උත්සාහ කරල බලන්න...
මං අලුත්.. අපෙ දිහා ඇවිත් යන්න එන්න...

සයුරි said...

ඔයාලගේ පී ටී සර් කවද හරි මේක කියවයි සමහර විට....කව්ද දන්නේ..ලෝකය හරිම පුංචි තැනක්......

ශානු said...

//මම ඌට තනිරූල් පොතකින් දමලා ගහලා සපත්තුවෙන් පාගලා දැම්මා . ඌ අවසන් ගමන් ගියා . මම හෙමිහිට පන්තියේ කොට බිත්ති වලට ඉහළින් එබිලා බැලුවා ... //

මම ආසම මෙන්න මේ කොටසට. ඔයාගෙ ලිවීමේ රටාවෙ මේ අව්‍යාජ බව තියෙන එක ගැන මම හරි ආසයි මල්ලී

මේක කියවද්දී මට මැවිලා පෙනුනේ මමත් එතන හිටියාවගේ

Raj said...

මේක පුංචී රටක් නේ බං පීටී සර් කොයිවෙලේ හරි උඹට මුනගැහෙයි...මදැ බඹර වද කැඩුව...අර පාහර කොල්ලව හොයාගත්තේ නැද්ද උබලා...

ChammA said...

ගොඩක් වෙලාවට පි.ටී සර් නුවරට මාරුව හදාගන්න ඇති,ගොඩක් අය දුෂ්කර ක්‍රියා ඉවර උනාම ඉතින් ගම්පලාතට යනවනේ

රුචා said...

මම දැකල තියන ලොකුම මි වදේ තියෙන්නෙ නුවර දළදා මාළිගාවේ.
ඒත් බඹර පැණි ගැන නම් මෙ අහපු දෙවැනි වතාව. පලවෙනි එක රන්වල මහත්තයගෙ සින්දුවෙන්. හැබැයි තවම කාල නම් නෑ.

ඕනයා said...

මැක්සා සර් කෙනෙක් . . . ටිකක් හොයල බැලුවොත් උඹට හොයාගන්න බැරි වෙන එකකුත් නෑ . . . .

ප.ලි.
ජෙනුයින් මී පැණි නං කාල තියනව . . . බඹර පැණි තමා සෙට් වෙලා නැත්තෙ

නිම්ශා said...

මම ත් තාම ඇත්තම මි වදයක් දැකලාම නැ.. අනික මොකද මන්දා ඔනාවට වඩා පැනි රස වලට කැමති නැති හින්දා මි පැනි කන්න ආසා නැ...

ඔයාගේ කතාව හරි අපුරුයි සඳරු අයියා..වෙනදා වගේම ලස්සනයි.. එත් ලොකු සර්ට කෙන්ති ගිය එකත් සාධාරණයි..පිටි සර් ඔයිට වැඩිය වගකිමෙන් ඔය දේ කලා නම් ඔහොම වෙන් නැ..යම්කිසි දෙයක් ලමෙක්ට උනා නම් එකට වගකියන්න ඔනේ පාසලේ මුල් නායකයා නේ නේද..

Observer said...

උඹල පී.ටී. සර්ට 'පැණිය' කියල නම දැම්මෙ කොහොමද ඔය සීන් එකට ඉස්සෙල්ල, එතනත් තව කතාවක් ඇතිනෙ.

Anonymous said...

මල්ලී ඔයා කැමතිනම් ඔයාගෙ පීටී සර් ගෙ නම කියන්ට.එයා නුවර නම් ඉන්නෙ හොයා ගන්ට පුලුවන් වෙයි
chathurika

ලොකු පුතා said...

සඳරු, උඹේ ලිවිල්ලනම් පංකාදුයි මචන්
කිතුලා එක්ක උඹ කරලා තියෙන හපන්කම් නම් කියල වැඩක් නැහැ.
උඹලගේ PT සර්ට පොඩ්ඩක් සෙනසුරාද වගේ වෙනකන් ඉවසගෙන හිටියනම් මොකද වෙන්නේ.
මිනිහත් කොල්ලා කාලේ නිසා වැඩිය හිතල බලන්නේ නැතුව වෙන්න ඇති මේක කරමු කියන්න ඇත්තේ.

පාවාදීපු එකා ගැනනම් කියන්න තියෙන්නේ,
ඉස්කෝලෙක පන්තියක් කියන්නෙත් ඉතින් සමාජයේම පොඩි පහේ නිරුපනයක්නේ, ඉතින් ඔය වගේ එව්වෝ නැති වෙන්න විදිහක් නැහැ
මමනම් ඔය පැණි වර්ග දෙකම කාල තියෙනවා. ගොඩ දෙනෙකුට වන්දනාවේ එහෙම ගියාම අනුරාධපුර දිහාවෙන් මී පැණි කියල ලැබෙන්නේ බඹර පැණි තමයි. මී වදේක තියෙනවට වඩා සෑහෙන පැණි ප්‍රමාණයක් බඹර වදේක තියෙනවා. ඉතින් පැණි විකුණන අයට ආර්ථිකව වාසි වෙන්නේ බඹර කැඩුවහම. ඊටත් වැඩිය වාසියි බඹර පැණි පොඩ්ඩක් මොඩිෆයි කරලා මී පැණි විදිහට විකුණුවහම.
අනික වියළි කලාපේ උනත් මී වද වලට වඩා බඹර වද ටිකක් සුලබයි මම හිතන්නේ.

Anonymous said...

වස වැ‍රැද්දක්නෙ සර් කාරයා කරල තියෙන්නෙ. ඇති රස්සාව බේර ගත්තා.
උඔලගෙ ඉස්කෝලෙ කෙල්ලො නාන්නෙ නැද්ද බන් ඒ කාලෙ. බඔරෙක්වත් අනින්නෙ නැත්තෙ.
අදත් කතාව නම් උපරිමයි.
ජය වේවා !
JH

Chanaka Aruna Munasinghe said...

දෙයියනේ බඹරු.

ඔන්න එක දවසක් කොහේදෝ ගමනක් යනකොට අපිට හම්බ වුණා ගල් පොත්තක් මේසයක් වගේ එකක්. ගල් පොත්ත ඉස්සරහට නෙරල තියෙන්නෙ ගල් පොත්තෙ අග්ගිස්සෙ වාඩි වෙලා කකුල් පල්ලෙහට දාගෙන වාඩි වෙලා ඉන්න පුලුවන් විදිහට. පල්ලෙහා මහ ප්‍රපාතයක්. අපි ඔතන වාඩි වෙලා කකුල් පද්ද පද්ද බිස්කට් කකා ටික වෙලාවක් හිටියා. පස්සෙ ප්‍රපාතෙ පැත්තට ගිහින් අපි වාඩි වෙලා හිටපු තැන බලනකොටයි ඇස් උඩ ඉන්දවුණේ. අපි වාඩි වෙලා ඉඳල තියෙන්නෙ යකිනි බලියක් වගේ දඩාර බඹරයක් උඩ. අර කකුල් පද්දද්දි කකුලක් බඹරෙ වැදුනනම් හෙම හෆෝයි .

ඉන්දික උපශාන්ත said...

//මම මගේ ජීතේට රස බලලා තියන හොඳම කෑම ජාතිය තමයි මීපැණි . අමෘත්තය පරාදයි !!//

අමෘතය කෑවෙ කොයි කාලෙද බං?

පරිකල්පන said...

මම පහ වසරෙ ඉද්දි අපේ ඉස්කෝලෙටත් බඹර ඇටෑක් එකක් හම්බ උනා. මං දන්න විධියටනම් මීමැස්සොන්ට වැඩිය බඹරු විස උනාට දෙඹරු තරං විස නෑ. ඔය පැත්තෙ බඹරු විස වැඩියි මයෙ හිතේ.

ප්‍රසංග said...

අම්මෝ ඔයින් ගියා මදැයි...
පීටි සර් නම් නියමයි.කවුරුවත් පාවල දුන්නෙ නැති නිසා...
අර ඔඔරෙ කැඩුවෙ නැතෙයි ඊට පස්සෙ...

Ice (අයේෂා කුලතුංග) said...

තමන් අත්විඳපු අත්දැකීම ලස්සනට ලියල තියෙනවා අයියා.. ඒ සර්ගේ නම කිව්වොත් නුවර ඉන්නවා නම් හොයල බලන්න පුළුවන්.. :) :)

Theekshana said...

සදරුවා මොකද බන් බබරු එක පාරම ඇවිස්සුනෙ උබලා බබරෙ කඩන්නත් ඉස්සෙල්ලා

Beetle said...

පීටී සර්ට වැඩිය මටත් අල්ලලා යන්නේ කිතුලාව... පුළුවන්නම් උගෙන් අහලා ෆොටෝ එකක් දාපන් බ්ලොග් එකේ...

"සඳරු උඹට තේරෙන්නේ නැද්ද ? අපිට මුගෙන් මාස ගාණක් කෑව හැකි . මූ මෝරෙක් බං !” :D :D මේත් කිතුලා නේ..?

ItalyDilan said...

මමත් බඹර ප්‍රහාරයක් කාලා තියනවා දෙන්නෙක්,,,,අම්මේ ඒ වේදනාව නම්,,,උබ කියන ගහෙන් බාපු මී පැනිත් කාලා තියනවා ,මී වදයක් අපිම කඩලා...

Anonymous said...

@ all add ur Blogs http://lankabloggers.info

පිස්සා පලාමල්ල said...

පව් බන් සර් කිව්වට කොල්ලෙක් නේ... එච්චර දුර දිග හිතන්න නැතුව ඇති. නැත්තම් ඉරිද දවසක වගේ කරන්න තිබ්බ වැඩක් නේ.

පොඩ්ඩක් හෙව්වොත් උබට සර් ව හොයා ගන්න නම් බැරි වෙන එකක් නෑ.. සර් බ්ලොග් බලනවනම් උබව හොයා ගෙනම එයි හික් හික්...

ලිවිල්ල ඉතින් සැමදාම වගේ සුපිරි.

Praසන්ன said...

බඹරු කියන ජාතිය මී මැස්සො, දෙබරු වගේ නෙමෙයි පස්සෙන් එලව එලව වැඩේ දෙනව. උඹල බේරිච්ච එක ලොකු දෙයක්.

ඔය පී.ටී. සර් ඉක්මනින් ඔයාට හම්බවෙයි. කොහොම උනත් මිනිහනං නියම පොරක් වගෙයි.

``` Outsider``` said...

බඹරු තුන හතරක් කෑවටනම් මැරෙන්නෙ නෑ. මොකද පොඩි කාලෙ තුන් හතර දෙනා ගානෙ කීප වතාවක්ම මට බැටේ දීල තියෙනව. හැබැයි හෙණ අමාරුයි.
ප්‍රින්සිපල්ල ඔහොම තමයි පොඩි දේටත් හෙණ සද්ද දානව. මට නම් පෙන්නන්න බෑ ඕකුන්.

මාතලන් said...

නියමෙටම ලියා ඇත. සර් ගේ නම දාලා පත්තරේ ඇඩ් එකක් දාපන්. සෝ එකක් වගේ ඔක්කොම ඉන්නවා. නරකද පිටපත් රචනයට යොමු උනොත්. කසි කබල් ටෙලි වලට වඩා උඹේ කතා ලස්සනයි..

Econo Designer said...

ප්‍රිය සඳරු,

කරපු වැඩේ කොච්චර භයානක වුනත්, කථාව නම් හරිම සුන්දරයි.

//තමන්ට දෙයක් වෙනකොට වඩා තමන් නිසා තව කවුරු හරි දුක් විදිනව බලන්න බැරි එක තමයි හොඳ මිනිහෙක්ගෙ ලක්ෂණය//

පිසාචයාත් එක්ක මමත් 100% එකගයි.

Sabith said...

ලස්සනට හිතේ ඇඳෙන්නම ලියල තියනවා බං!ඇත්තටම ගුරුවරු ගොඩක් හිටියට ජීවිත කාලෙටම හිතේ ඉඩ වෙන් වෙන්නේ කිහිප දෙනාටයි!

Chanaka Aruna Munasinghe said...

බඹර කපන හැටි මේක අහලවත් ඉගෙන ගන්

http://hadageepotha.blogspot.com/2010/08/blog-post_23.html

෴සොඳුරු සිත෴ said...

බඹරු වුනත් හරිම සාධාරන යි. බලන්න ගැහැණු ළමුන්ට කිසිම හානියක් වදහිංසාවක් කරල නැහැනෙව....

බඹරු දෙබරු හරිම වසයි වගේම එයාලගේ වද හරිම ලස්සනයි.

ගුරුවරයා ගැන කියනව නම් , විද්‍යා පීඨ වලින් අවුට් වෙච්චි ගමන්ම සීමා වාසික උගන්වන්න එන ගුරුවර ගුරුවරියෝ ස්කොල ළමයින්ගේ හිත් වලට ගේන්නෙ අමුතුම සතුටක්.

මොකද එයාල තරුණයි, ලස්සනයි, ආකර්ශණීයයි. තමන්ට වඩා ටිකයි වයසින් උනත් වැඩි. වැඩ කෑල්ල ගත්තොත් නම් ඉතින් ස්කෝල ළමයි වගේම තමයි.

ඒත් ඉතින් එයාල ස්කොල ළමයි එක්ක මුහුවෙලා එන කොටම එයාලට ආපහු යන්න කාලේ ඇවිත්....

ඉතින් හීනයක් වගේ පුංචිම පුංචි කාලයක මතක සටහනක් සදහටම හිතේ ඉතිරි කරල එයාල යන්නම යනවා. ඈතටම...

පැණි දොඩම් said...

කෙල්ලන් ට ඇනපු නැතිඑකේ නම් මොකක්හරි හොරයක් ඇත.

තනි අලියා said...

බොරු ගෞරවනීයකං වලිං ඔලුව උදුම්මවගත්ත නැති, ඔහොම ගුරුවරුත් ඉන්නව මචන්! :)

Dude said...

මමත් ඔය ඉස්කෝලෙ කාලෙ කතාවලට හැමදාම ආසයි. ඒක වෙන්නැති මමත් ගුරුවරයෙක් උනේ හැමදාම ඉස්කෝලෙ යන්න. එක දෙයක් තියෙනවා. මම නම් ඔය අන්තිම පේලිය අතෑරලා උගන්නන ගුරුවරයෙක් නෙවෙයි. ඇත්තටම අන්තිම පේලියට මගෙ අවධානය වැඩියි. සමහර විට ඉස්කෝලෙ යනකල්ම වගෙ මාත් හිටියෙ අන්තිම පිලියෙ නිසා වෙන්නැති.
henryblogwalker the Dude

ලහිරු said...

පට්ට කතාව, වගේම අම්බානක දුකයි කියවලා ඉවර වෙද්දි... !

දිනුක ජයකොඩි said...

තමනුත් මිනිස්සුය කියලා මතක තියෙන ගුරුවරු හරි අඩුයි මචං.මට එහෙම ගුරුවරු දෙතුන් දෙනෙකුට වඩා හම්බවෙලා නෑ.එහෙම සිරා මනුස්සයෙක් අපේ ජීවිතවලට ආවම තමයි අපිට තේරෙන්නෙ අනිත් උං කොච්චර චාටර් ද කියලා.මටත් පරණ සිද්දි ටිකක් මතක් උනා.එළ මචං

අනුපිය said...

නියමයි,සදරුවා කතාවනම් එක හුස්මට කියලා දෑම්මා විබාගයකුත් අත ලගම තියෙනකොට,ජීවිතයේ අන්තිමට විදින්න ඉතිරි වෙන්නේ මේ වගේ සොදුරු කතා වලින් තමා යාලුවා

මගේ ජීවිතයේත් ඔය වගේ කතා මල්ලක්ම තියෙනවා,නියමයි කොල්ලා කතාවනම්

දිගටම ලියපන්,උබට ජය............

prasanna86k said...

උඹලත් කරන වැඩ.... කාටවත් බයින්නත් බෑ බං....!

හිස් අහස said...

@Gimhani - ආයේ මෑන් එක්ක කතා බහ කරන්න ආසයි ඒත් මොනවා කියලා කතා කරන්නද අක්කේ . ජීවිතේ හැටි ඉතින් ඔහොම තමා හමු වෙනවා වෙන් වෙනවා
.............................................................................................................................
@miuranga= සාමාන්‍යයෙන් මචං කොල්ලොන්ට නම් ඔය මීමැස්සෙක් දෙන්නෙක් ඇන්නට ඉවසලා ඉන්ඩ හැකියි හැබැයි බං කෙල්ලෙකුට එක මැස්සෙක් ඇන්නා නම් ඇති බඩු බනිස් වෙන්න . උඹලෑ වෙලාව
.............................................................................................................................
@සිහින = නෙලන එක මට කලින්ම කිතුලා කරා .එදා වෙන වැඩක් යෙදිලා මට ඒකට සෙට් වෙන්න බැරි වුණා බං සෙහ් .. උඹලා අතර මගදී පැණි වදේක පොටෝ පොජ්ජක් ගහලා තියනවා දුටිමි !
.............................................................................................................................
@පිසාචයා = තැන්කුයි මලයා ඔයාගේ කැම්පස් දිවිය සොමියෙන් බරිත වෙන්ඩ කියලා පතනවා
.............................................................................................................................
@cjgayan = ඔයින් නොගියා නම් අද මම කොහේ ඉන්න තිබුණාද ? සමහර විට මහ උලු ගෙදර
.............................................................................................................................
@Podi Kumarihami = මොන පොත්ද අක්කා . ? මට හරියටම හිතෙනවා තව වසර පහක් එක දිගට බ්ලොග් ලීවොත් මම පොතක් ගහන්න තරම් හොඳ තැනකට ඒවි කියලා .
.............................................................................................................................
@වෙද ගෙදර මහ වෙදනා = තාත්තා ගමේ ග්‍රාම සේවක මහත්තයා වෙච්චි දවස් වල ගමේ මිනිස්සු තාත්තාව හොඳින් තියාගන්න හිතාගෙන මී කඩාගෙන එන හැටි මට තාම මතකයි . ඒ රසත් මට මතකයි . මේ කතා අපි හැමෝගෙම ජීවිතත එක්කත් පොඩ්ඩ පොඩ්ඩ හරි ගෑවිලා යනවා අයියේ .
.............................................................................................................................
@පන්සල් හංදිය = ආයෙත් අහලා මචං
.............................................................................................................................
@මධුරංග = ඉවර වුණා නේ . පැණි කෙසේ වෙතත් සර්ට ඉස්කෝලේ එපා වුණාලු
.............................................................................................................................
@Music girl = ඔයා මේ බ්ලොග් එක ඇතුලේ හොයලා බැලුවොතින් මාව ඉස්කෝලෙන් අහක් කල සිදුවීම හොයාගත හැකිවේවි සහෝදරී මේක බලන්නකෝ http://hisahasa.blogspot.com/2011/04/blog-post_05.html
.............................................................................................................................
@සයුරි = කියෙවුව්වොත් එයා අනිවා මාව හොයා ගනීවි

හිස් අහස said...

@ශානු = ස්තූතියි ශානු . ඔයාලට එහෙම දැනෙනවා නම් මට ඒක ලොකු සතුටක් .
.............................................................................................................................
@Raj= අපි දැනං හිටියා බං ඌ කවුද කියලා දවසක් කිතුලා ඌට තනියම වැඩේ දීලා .
.............................................................................................................................
@ChammA = මටත් හිතෙන්නේ එහෙමයි දැන් කසාදයක් කරගෙන දරුවෙක් මල්ලෙක් හදාගෙන් කුරුල්ලා වගේ ඇති බං
.............................................................................................................................
@රුචා= බඹර පැනි විසයි කියලා කට්ටිය කියනවා . ඔය සීගිරියේ එහෙම බඹර වද අම්බානෙට තියනවාලු .
.............................................................................................................................
@ඕනයා= කොහොම කියලා හොයන්නද බං . ! ආසයි අපි සර්ව ආයේ දැක ගන්න මිනිහට දැන පෛව අඳුනන්නත් හැකිද මන්දා ? . මචං ඒවට කියාපු පලාත මහියංගනේ . අපේ පැත්තටත් වැඩිය ඒ පැත්තේ බඹර පැණි තියනවා
.............................................................................................................................
@නිම්ශා = නඟේ . ඔය අනිත් සුවිට් කෑවාම වාගේ මී පැණි කෑවාම පිගර් එක අවුට් යන්නේ නෑ මී පැණි කියන්නේ අවුසදයක් . ඒකෙන් ඇඟ සේප් වෙනවාලු .. මී වදයක් කඩලා කලේක දාලා සිප් කරන්නද ඔහාට ?
.............................................................................................................................
@Observer= එහෙම්ම කියලා කතාවක් නම් නැතුවා අයියා . පොර කෙල්ලොත් එක්ක නිතර කදේ වැටෙන නිසා තමා අපි එහෙම කීවේ .
.............................................................................................................................
@chathurika = සර්ගේ නියම නම නම් "කසුන් නිමන්ත" . හමු වුනෝතින් අම්/ කාවන්තිස්ස විදුහලේ වැඩ කලාද කියලා අහන්න ?
.............................................................................................................................
@ලොකු පුතා = ලොක්කා ! අපේ පන්තියේ මචං ටීචර්ලා සර්ලාගේ ළමයි වෙනම සමාජයක් හදාගෙන හිටියා ! එවුං මචං කවදත් අපිට හතුරු කම් තමා කෙරුවේ . උඹ හරි කැපිලි කෙටිලි කේලම් මේ හැම දෙයක්ම මේ පන්ති ඇතුලේ හැංඟිලා තිබුණා එකට කාලා බීලා හිටියට සමහරුන්ගේ බොක්කවල් ගන්න දෙයක් නෑ .
.............................................................................................................................
@JH =වියලි කලාපෙනේ බං වතුර හිඟයි ඒක නිසා නාන්නේ නෑ . මම හිතන්නේ බඹරු ආපහු හැරිලා ගියේ කෙල්ලෝ නිසා . !
.............................................................................................................................
@Chanaka Aruna Munasinghe = හැබැයි ඹරු ඇවිස්සුනා නම් මකරා අද ප්‍රපාතෙන් පල්ලේ . අප්පා බං උඹ බේරිලා තියෙන්නේ 99න් ඔච්චර ලඟදී ඇවිස්සුනා නම් බඩු බනිස් . අප්පා ලිංක් එක බලන්නම ඕනෙ
.............................................................................................................................
@ඉන්දික උපශාන්ත = ඔන්න ඉතින් කොනක් අල්ලගත්තා . අඩේ එතන වැරදී තමා බං .. හික් හික්
.............................................................................................................................
@පරිකල්පන = හරි දෙඹරු තරම් විස නෑ ඒ වුණාට හතක් විද්දානම් ඇති සිහිසුන් වෙන්න . අම්මා උං මාර සැරයි . එදා මගේ පාදයේ ඇති වූ සලකුන තාම තියනවා .
.............................................................................................................................
@ප්‍රසංග = අන්න ඒක කියන්න බැරි වුණා නේ . අපි ආයේ එතනට යද්දී බඹරු වදේ තිබුනු පැණි සේරම බීලා යන්න ගිහිල්ලා . ! ඉටි ටික විතරයි ඉතිරි
.............................................................................................................................
@Ice (අයේෂා කුලතුංග) =අපේ සර්ගේ නම "කසුන් නිමන්ත" . හමු වුනෝතින් අම්/ කාවන්තිස්ස විදුහලේ වැඩ කලාද කියලා අහන්න ? තෑන්ක්ස් ඈ
.............................................................................................................................
@Theekshana =මචං මම හිතන්නේ අපි දුම් ගැහුවා සැර මදි

හිස් අහස said...

@Beetle = අන්න හරි උඹට මගේ බ්ලොගේම මතකයිනේ අයියා . මම දවසක ඌ කරපු තව කතාවක් එක්ක පින්තූරෙකුත් දාන්නම්කෝ
.............................................................................................................................
@ItalyDilan= මම හිතන්නේ බඹරු ඇන්නට පාඩු නෑ නේද රස පැණි කනකොට ? ඉතාලියේදී වෙච්චි දෙයක්ත බං ඒ ?
.............................................................................................................................
@පිස්සා පලාමල්ල = ඉරිදාට ඉස්කෝලේ දහම් පාසල් බං . අනික මම ආයේ අමුතුවෙන් එදාට එන්න ඕනේ ටවුමට . ඒකයි කඩිමුඩියේ කරලා දැම්මේ . ස්තූතියි බොලේ . තෝ නිසා තමා .
.............................................................................................................................
@Praසන්ன = කියලා වැඩක් නෑ ගුරුවරු අතරේ ගුරු දෙයියෙක් ඒ පීටී සර් . වෙලාවට තමා බේරුනේ .
.............................................................................................................................
@Outsider = අප්පා ලොක්කලා ඔහොම්මයි බං . සාමාන්‍යයෙන් මචං කොල්ලොන්ට නම් ඔය මීමැස්සෙක් දෙන්නෙක් ඇන්නට ඉවසලා ඉන්ඩ හැකියි හැබැයි බං කෙල්ලෙකුට එක මැස්සෙක් ඇන්නා නම් ඇති බඩු බනිස් වෙන්න
.............................................................................................................................
@මාතලන් = තව වසර පහක්වත් බ්ලොගෙන් ට්‍රේන් වෙලාම වෙන වැඩකට අත ගහනවා දෙයියෝ . උඹට තරම් මට ලියන්න බෑ කියලා මට වෙලාවකට හිතෙනවා දෙයියෝ . මේ උඹගේ කමෙන්ට් එකට මම උඹට නැවෙනවා එහෙම නෙවේ . හිතෙන දේ බං .
.............................................................................................................................
@Econo Designer = ඒ කාලේ කිසිම දෙයක් ගැන ඒතරම් හිතන්නේ මතන්නේ නෑ නේ මචං . මොනදේ වුණත් . ඔන්න ඔය වගේ තදියම නිසා මම අනන්ත ඇනගෙන තියනවා .
.............................................................................................................................
@Sabith= සමහර ගුරුවරු හොරු නේ බං .ඔය අතරේ සමහරු දෙයියෝ බං
.............................................................................................................................
@සොසී = මම මේ මුලු පෝස්ට් එකෙන්ම කියාපු දේ ඔයා තනි කමෙන්ට් එකෙන් දාලා තියනවා .. ඔයා දක්‍ෂයි ලොක්කි
.............................................................................................................................
@පැණි දොඩම් = උන් නාන්නේ නෑ බං ඒකයි හොරේ
.............................................................................................................................
@තනි අලියා = ගිලී මලෙත් ඇත දත සුද්දෝ
.............................................................................................................................
@Dude= මචං බුද්දිමතුන් බිහිවෙන්නේ පිටිපස පේලි වලිනි කියන කියමන ඇත්ත
.............................................................................................................................
@ලහිරු = ස්තූතියි ලහිරු .
.............................................................................................................................
@දිනුක ජයකොඩි = මිනිහෙක් ලඟ ඉන්නකොට උගේ වටිනාකම උගෙන් අපිට තිබුනු පල පොරෝජනේ මටනම් වැඩිය මීටර් වෙන්නේ නෑ බං ගියාම තමා උගේ අඩුව දැනෙන්නේ
.............................................................................................................................
@අනුපිය = ස්තූතියි මචං . උඹලඟත් තියන කතා ටික අපිට පේන්න ලියාල දාපංකොයි . අපි එන්නම් වෙලාවක කියෝලා යන්න
.............................................................................................................................
@ගෝල් පිස් = අනේ බැනපංකෝ අයියා

මහි said...

//හරියට මුඩුක්කු පැල්පතකට රාජ්‍ය නායකයෙක් ගොඩ වැදුණා වගෙයි !//
හි හී.. නියම උපමාව... :D :D

සංවේදි මිනිස්සු ළඟ මනුස්සකම තියෙනවා. පී.ටී සර්ත් ඒ වගේ චරිතයක් කියලා දැනෙනවා. ලෝකයා හිනා වුණත්, ඒ සංවේදී මනුස්සකම ගොඩක් වටිනවා.....

Weni said...

සඳරූගෙ බඹරූ මොකෝ කෙල්ලන්ට ඇන්නෙ නැත්තෙ ??? සුවර් එකටම උන් බඹරියො වෙන්න ඇති..ඒකයි කොල්ලන්ටම පන්න පන්න ඇන්නෙ !!!

චතූ...... said...

පොඩි ට්‍රයි එකක් දැම්මොත් පීටී සර්ව ආයෙ හොයා ගන්න බැරි වෙන එකක් නෑ...
සර් නම් මරු ඩයල් එකක් වගේ..!!!!

කස්ස said...

මාර සීන් එක.ඇත්තටම ඹඹර පැනි රහද බං?
මීවද කඩන් කාල තියනව,දෙබර වද වලට ගහල අම්බානක විදගෙන තියන්ව.ඒත් ඹඹරෙකට වගකියා ගන්න බැරිවුනා පුංචි සන්දියේ.

rachi said...

පීටි සර් ඇඩුවා කියපුහාම නම් මටත් දුක හිතුනා බන්. මොකක් හරි කෙස් එකකට මමත් දවසක් ළමයින්ට බැන්නා. මටත් එත් එක්කම කඳුලුත් ආවා. මගෙයි ළමයින්ගෙයි වයස් පරතරය උබලගේ පීට් සර් ගෙයි උබලගෙයි වගේ තමා.
කොහොම හරි මට කදුළු එන හින්දා මම බිම බලාගෙන කතා කරේ. මම ඔලුව උස්සලා බලනකොට එතන හිටපු ගොඩක් එවුන්ගේ ඇස් වල කදුළු තිබ්බා. අපි කොල්ලෝ උනත් ජීවිතේ ගොඩක් සංවේදී වෙන අවස්ථා තියෙනවා. කොච්චර පොරවල් කියල හිතාගෙන ඉන්න එවුන්ට උනත් ඇඩේනවා, එහෙම වෙන්නේ උන්ගේ මරුසියට නෙවෙයි, හදවතින්ම................

මාරයාගේ හෝරාව said...

පව් ප්‍රින්සිපල්... එක ළමයෙකුට හරි බඹරු බැස්ටිය දීලා මලානං උන්දැ නෙව අහ ගන්ට ඕන..අහගෙනනං මදෑ අර ජනසංසදේ වගේ බ්ලොග් එහෙක නමත් යවා ගන්ට තිබුනා "ළමයින්ගේ ආරක්ෂාව ගැන සොයා නොබැළු විදුහල්පති නරුමයා" කියලා...

ආතල් එක පැත්තෙන් කතාව හරි උනත් ගුරුවරයෙක් හැටියට අළුත් සර් කරලා තියෙන්නේනං හොඳ වැඩක් නෙවෙයි..පාසල් කාලය තුලදී ළමුන්ගෙන් වැඩ ගැනීම..ඌත් පොඩි එකෙක් කියලා හිතලා අල්ලලා දානවා උනාට ඕක පුරුද්දට ගියානං එහෙම මුළු ඉස්කෝලෙම ළමයින්ට වෙන්නේ උන්දෑ ගෙදර යන්ට කිට්ටු වෙද්දී උන්දැට ගෙනියන්ට අඩුම කුඩුම හොයන්ට බැද්ද පුරා කරක් ගහන්ටයි...

උඹේ ලිවිල්ලනං අදත් හොඳටම හොඳයි මලේ...

rachi said...

මම මෙහෙට ආපු මුල් දවස් වල ෆාම් එකේ මොනවා හරි කර කර හිටියා. ළමයින්ට එක කරන්න කිව්වා. මමත් ඒ ලගම හිටියා. කොහොම හරි එකෙක් මගේ කරට ඇත දාගෙන අනික එකා කරන එක බලා ගෙන ඉන්නවා. මම උගේ මූණ දිහා බැලුවා. ඌ එත් දැක්කේ නෑ. මමත් ගණන් ගන්නේ නැතුව හිටිය ඉතින් මූ මොකද කරන්නේ කියලා බලන්න. මූ මාව දැකපු ගමන් ඔලුවේ ඇත ගහගෙන පැත්තකට ගියා.පස්සේ ඇවිල්ල සමාවෙන්නලු. මොනවා කියන්නද, මම කිව්වා ඕක ගණන් ගන්න එපා කියලා.
තව දවසක් මගේ ෆෝන් එක කපලා තිබ්බ දවසක මම කොල්ලෙක්ගේ ෆෝන් එකකින් ටවන් ගිය එකෙකුට කොල එකක් අරන් දෙන්න කිව්වා මොනවා හරි ගෙන්න. මූ කෝල් එක අරන් මට දුන්නා.
මම ඇහුවා කොහෙද ඉන්නේ කියලා. ඌ ඇහෙන්නෑ කිව්වා. අයෙත් ඇහුවා. ටවුන් එකේ ඉන්නේ හු... කියලා කිව්වා මාරම සීන් එක කියන්නේ මම ලවුඩ්ස් පීකර් ඔන් කරලා තිබ්බේ. කෙල්ලොයි කොල්ලොයි ඔක්කොම එතන හිටියා. ෆෝන් එකේ අයිති කාරයා ෆෝන් එක අරන් චුත උනා.
කොල්ලා ටවුන් ගිහින් ආවා ඒ වෙලාවේ උගේ මූනේ තිබ්බ අහිංසක කම හින්දා මොකුත්ම කිව්වේ නෑ.
මම ලබන මාසේ ඉදන් වෙන ජොබ් එකකට යන්න හිතාගෙන ඉන්නේ. එත් අම්පාර දාල යන එක ගැන නම් ගොඩක් දුකයි වගේ...
තව සතියක් තියෙනවා. ඊට පස්සේ අවසාන තීරණයක් ගන්න වෙනවා.

ශශී said...

සඳරුවො උඹට සර්ව හොයා ගන්න පුළුවන් වෙයි.. මේ රට බොහොම පුංචීයී බං. උඹ උන්දැව හදි ගැහෙන්න යන දවසට මී වදයක් අරගෙනෙ යම. කලගුණ සලකන්න වටින සර් කෙනෙක් නෙ බං. එදා අර වැටුන වගේම කඳුළු කැට සර් ගෙ ඇස් වලින් වැටෙයි බොල එදාටත්. ඒ උඹලා කලගුණ සලකන්න අමතක කෙරුවෙ නෑ කියලා සර් ට දැනෙන හිංදා..... පොඩ්ඩක් හොයලා බලපං. එතකොට උඹට සර් ගෙ ෆොටෝ එකක් එක්කම ඒ හම්බුන විඔස්තරේ දාල තව බ්ලොග් එකක් ලියන්න පුළුවන් වෙයිනෙ ... මොනවා උනත් නියම කතාව අන්තිමට අම්බානෙට දුක හිතුන ..උඹේ ලිවිල්ලෙ අමුතුම ගතියක් තියෙනව බං. උපමා, උපමේය නියමයි. කවදාහරි මේ උපමා සමාජ ගත උනොත් වෙයි. කිතුලවත් මතක් කලා කියපන් හරිද?

ප්‍රාර්ථනා said...

පී ටී සර් ඇඬුවා කියනකොට මටත් දුක හිතුනා,. ඒත් දෙඹරු විදලා එක ළමයෙක්ට හරි මොනව හරි වුනා නම්...
හැමදාමත් වගේ ලිවීම් රටාව නම් උපරිමයි සඳරු,.

ඔබ නොදු‍ටු ලොවක්..... said...

සර් එළ බුවෙක් නේ,,,අපෙත් මාමා එක්ක අපි කස්ටිය මීවදයක් කඩන්න ගිහිල්ලා මාමව ඉස්පිරිතාලේ නවත්තලා වැඩේ ඉවරවුනේ....

..ChAnDiKa.. said...

උඹට තියෙන අත්දැකීම් ගැන මාර පුදුමයි බං. අඩේ වෙලාවකට ඉරිසියත් හිතෙනවා.

මලිති said...

අන්තිම ටික කියවද්දි මටත් අඩුනා :D

නලිනි චන්දිමා said...

පව් අහිංසක පොඩි එකා. මං කිව්වෙ සර්.

අසනි said...

සර්ව හොයා ගන්නම් තියෙන්නෙ එක විදියයි..ඔයා ගෙ පාසලෙන් එතුමා ගියපු පාසල හොයා ගන්න ..ඒ පාසලෙන් අනිත් පාසල...ඉස්සර වගේ නෙමෙයිනේ...දුරකතන තියෙන නිසා හොයා ගන්න ලේසි වෙයි...

කතාවනම් සුපිරි...

වලාකුලක් ගැන සිතුවිලි said...

බුදු අම්මෝ.... මදැයි ඉතින් ඔයින් ගියා..

ක්සැන්ඩර් | Xander said...

ෂාහ්.. මේ දවස් ටිකේ වැඩ උපරිම හින්ද මං පරක්කු උන නේ.. ඔබා අය්යත් මට කලින් ඇවිල්ල. මං දන්නා එකෙක්ටත් ඔය වගේ සීන් එකක් උනා සේනගමද හේන ගමද කොහෙද ඉන්න කාලේ.

Lochanata Horen said...

maxa.....

Gayan Rupasinghe said...

යකෝ ඔන් ගියා ඇති, ඔය බමරු ම තමයි සීගිරියේත් හිටි ගමන් පිස්සු කෙලින්නේ... කිතුලත් එල කොල්ලෙක් නේ,,, දෙන්නටම

ජය වේවා....

රාජ් said...

ඇයි බං බඹරුන්ගෙ හැටි උඹලට තේරුංගන්න බැරි උනාද ඔච්චර කැලේ ඇවිදින එවුන් වෙලත්?

ayesha said...

හ්ම්. ඒ සර් මේ පුoචි රටේ කොහේදිහරි ඔයාට ආයේ හම්බවෙන්න කියල පතනවා. හුඟ කාලෙකින් blog බලන්න ආවේ.පරන ඒවත් බලන්න තියෙනවා. හෙමිහිට බලන්නම්

ඉඳුනිල් said...

කතාව මොකක් වුනත් ලිවීම විශිෂ්ටයි. ඔය පීටී සර් වගේ කොල්ලෙක් නොවුනත් අපේ ඉස්කෝලේහොස්ටල් එකේ හිටපු එක ගුරුවරයෙක් ළමයි එක්ක ඉස්කෝලේ වත්තෙන් හොරෙන් කුරුම්බා කඩලා ප්‍රින්සිපල්ට මාට්ටු වුනා. බිම හිටපු කොල්ලෝ වාෂ්ප වුනත් ගහෙන් අන්තිමට බැහැලා තියෙන්නේ ඒ සර්..

මාධව - மாதவ - Madhawa said...

machan ape gewal walata udaha mee wadayak kadila eka paarak maawa wata karan mee masso anna bN! mm! thama debaru nam anala na! mm! mee massa annama ehema ridenawanam ube kakule anuna kurumbattiya kohoma thiyenna adda! :D :D

ohoma sirla innawa bn! kollekne uuth! mm! :)

nama kiyapan balanna! apith dannawa athi kanda udarata nam! ;)

හිස් අහස said...

@මහි = ස්තූතියි මහී සංවේදී කම සමහරු දකින්නේ බොලඳ කම විදිහට . ඒකයි ගුරුවරු ලඟ අපේ සර් කොං වුණේ
.............................................................................................................................
@Weni = උන් නාලා නෑ බං ඒකයි බඹරු වුණත් උන්ටත් ගඳ සුවඳ දැනෙනවා නේ
.............................................................................................................................
@චතූ =ට්‍රයි එකක් දාලා බලන්නත් බෑ බං මම කොහේ කියලා හොයන්නද ?
.............................................................................................................................
@කස්ස = තිත්ත රස මැදින් දැනෙන ඒ මිහිරි රස මී පැණි වලට නම් දෙවනි වෙනවා බං
.............................................................................................................................
@rachi= උඹට කියන්න මමත් හෙන කාලෙකින් අඬලා නෑ .ඒත් එදා මගේ ඇස් වලට කඳුලු උනාගෙන ආවා බං .
.............................................................................................................................
@මාරයාගේ හෝරාව= පචු බං සර් පොඩි එකා නෙව ඔන්න ඕක අල්ලා දාහං මොකද කීවොතින් මචං මමත් මගේ පරිගණක පන්තියට එන කොල්ලන්ට කියලා අරවා මේවා ගෙන්න ගන්නවා . ඒක ඉතින් කොල්ලන්ට ගෞරවයක් නෙවිද ?
.............................................................................................................................
@rachi= අප්පා ඔයත් ජාති කෙනෙක් වගේ . එන්ඩකෝ අපිව බලා කියාගෙන යන්න අපේ ඉන්ස්ටිටියුට් එක දිහෑවේ
.............................................................................................................................
@ශශී= දැන් කොහේද බං මීවද දැන් මේ පැත්තත් කාන්තාර වේගෙන යනවා . අනික දැන් අපිට කැලේ හුරුත් නෑ . පරිගණක ඉස්සරහාම ඉඳලා අපිත් පොස් වෙලා බං .. කිතුලා මේක නිතර බලනවා අපේ දිහෑ ඇවිත්
.............................................................................................................................
@ප්‍රාර්ථනා = ඒක ඇත්ත ළමයෙකුට කරදර වුණා නම් ලොකු සර් ගස් තමා ඒපැත්ත හිතන්නත් එපෑ
.............................................................................................................................
@ඔබ නොදු‍ටු ලොවක් = අපරාදේ උඹලට තමා මී මැස්සෝ විදින්න තිබ්බේ පවු අසරණ මාමා
.............................................................................................................................
@ChAnDiKa= මතක් කරලා බලපන් මචා උඹටම ආවේනික අද්දැකීම් ගොනක් උඹගේ ලයිෆ් ස්ටෝරියේ ඇති .

හිස් අහස said...

@මලිති = ඔයා සංවේදී කෙනෙක් එහෙනම්
.............................................................................................................................
@නලිනි චන්දිමා = එතකොට බඹරා විදපු මම පවු නැද්ද අක්කේ ? මම ඊට වඩා පොඩි එකා හ්ම්
.............................................................................................................................
@අසනි = ඔය කීවේ ජොලි කතාවක් . තාම ඒ පාසලේ ඉන්නේ පාව පන්නාපු ප්‍රින්සිපල් සර් . ගේට්ටුවෙන් ඇතුල් වෙද්දීම මට හයේ හතරේ පොල්ලකින් පතබාවි එයා
.............................................................................................................................
@වලාකුලක් ගැන සිතුවිලි = ඔයිං නොගියා නම් එකෙක් මැරිලා අද වෙනකොට
.............................................................................................................................
@ක්සැන්ඩර් = කමෙන්ට් කරන්න කියලා නීතියක් දාලා නෑනේ මචා . උඹලට පුලුවන්නම් විතරක් දාපල්ලා කාට කාටත් වැඩ ඇති නේ . උඹලා කියෙවුවා නම් මට සතුටුයි . කමෙන්ට් දැම්මාම තවත් සතුටුයි නම් තමා .
.............................................................................................................................
@Lochanata Horen = තැන්කුයි කෝලා වලහා
.............................................................................................................................
@Gayan Rupasinghe = කිතුලා නියම කොල්ලා අප්පා ඌගැන කතා ඇත කප්පරක්
.............................................................................................................................
@රාජ් = දන්නවා බං හොඳටම දන්නවා ඒත් අපි හිතුවේ උං හුලං අතට පියාඹන එකක් නෑ උඩහට යාවි කියලා . ඒත් උං ආව නෙව
.............................................................................................................................
@ayesha = ස්තූතියි යාළු
.............................................................................................................................
@ඉඳුනිල්= මේ කමෙන්ට් එක දැක්කාම මගේ හිතේ ඒ කතාව මැවිලා පේන්න ගත්තා හෙහ් හෙහ්
.............................................................................................................................
@මාධව= නම නම් ඔය උඩ කමෙන්ට් අතරේ ඇති . නම කියන එක ඒතරම්ම හොඳත් නැතුවා නෙව .පොඩ්ඩක් හොයාල බලහං . සර් කෙනෙක් වුණත් බං ඉස්කෝලේ යන කාලේ ඌත් කොලු කමට මෙවුවා අන්නත කරලා ඇති නෙව

Chanaka Aruna Munasinghe said...

කියල වැඩක් නෑ. ඔය සිද්ධියෙන් පස්සෙ පුටුවක වාඩි වෙලා කකුල පද්දන්නත් මොකක්දො මොකක්දො වගේ තිබ්බා කාලයක් :)

Anonymous said...

ආහ්.."බඹරු ඇවිත්.."

මචෝ අර පුවක් ලෙල්ලෙ සීන් එක මක්කෙයි.... ඒක කෝකටත් තෛලය වගේ එකක්ද.... මක්ක උනත් කිතුලා ඇවිත් එල කොල්ලෙක්නෙ... මී යක් ඉල්ලුවම ඹඹරයක් පෙන්නන....පරිස්ස්මිං ... ඕකා තව මොනමොනවා පෙන්නයි දන්නෑ...හිහ්...හිහ්.....

X-Porter

Anonymous said...

මම උබේ බ්ලොග් එක ඔක්කොම කියෙව්වා ........පට්ට ...කියල වැඩක් නැ මචන් .....උබව නොදැක්කට මම හිතනවා උබේ කතාවලින් උබව මම දැක්ක කියල...උබේ ලියවිල්ල නම් පට්ට,,,,,,,නවල් එකක් ලියපන්......උබ වගේ මටත් බ්ලොගේ් එකක් පටන් ගන්න හිතෙනවා.....තව post එකක් ඉක්මනින් ලියපන් මම බලාගෙන ඉන්නවා.......උබට සුබ පැතුම් මගේ මුළු හදවතින් ම............<<<<>>>>

අවංක පැට්ටා said...

එළකිරි සර් කෙනෙක් නෙ. ගොඩාක් ඉස්කොල වලට එන විද්‍යාපීට සර් ලත් ටීචර් ලත් ඔය වගේ තමා. අපේ ඉස්කෝලෙටත් ආව ඒ වගේම පොඩි වයස් වල ටීචර් ල සෙට් එකකුයි සර් ල සෙට් එකකුයි, කොල්ලොත් එක්ක පට්ටම ෆිට්. :)

Dinesh said...

සර් ගැන මටත් දුක හිතුනා.. ඔහොම ගුරුවරු හම්බුවෙන්නේ ගොඩක් අඩුවෙන්.. ඒ දවස් වල මටත් අපේ ඉස්කෝලෙදි මුණ ගැහුනා ඔය වගේ ගුරුවරුයක්.. මං පස්සේ කාලෙකද එයාට කතා කලේ අක්කේ කියලා..

අසරණයා said...

මං වැඩිපුරම කාල තියෙන්නේ හොරෙන්.මී වඳයක් කඩන්න ගිහිල්ලා මී හරක් සෙට්ට් එකක් එළවන් ඇවිල්ලා මගේ යාළුවා ගොඩ ගත්තේ ළිදක ඉඳල.
මාර කතාව....

saumiya said...

Try kaloth sir wa hoyaganna amaru wena ekak na sandaruwooo.... kohoma unath ela kiri katawa... jaya wewa...

ක්සැන්ඩර් | Xander said...

පිස්සුද මලයා... මෙව්වා කියවල එක කොමෙන්ට් එකක් හරි නොදා යන්නේ කොහොමද? කොච්චර වැඩ තිබ්බත් මං උඹේ බ්ලොගේ කියවන්න විනාඩි පහකට හරි එනවාමයි. ඒ එන හැම දාකම මොකක්හරි කියල යන්නේ නීතියකට වඩා කතාව හිතට දැනෙන හින්ද අත්සනක් ගහල යන්න..

පිණිබිඳු... said...

මී වද වල රස මතක් උනා. අපේ ගෙදරත් මී මැසි පෙට්ටි තිබුණා.

Harshana Jayasuriya said...

Me lagadi tamai ube blog gana dana gaththe.... Mama Ampare giyath ubawa contact karaganna widihak nathi unaneee :(

චරිත්|charith said...

ඇද්දා ඇද්දා!!! මුළ ඉඳන්ම ඇද්දා... ඔන්න ආයෙ පරණ ඒවට කමෙන්ට් දාල වදදෙන්නෙ නම් නෑ අයිය්ණ්ඩි..හික්...අදින් පස්සෙ ඔන්න මමත් අප්ඩේට් වෙන කොල්ලෙක්... එල කතා ටික... සමහර ඒවට කමෙන්ට් නොදැම්මෙ උඹට ඇණයක් වෙන නිසායි...අවුලක් නෑනෙ... එළ!!! අනේ මන්ද මේකට කොහෙන් මාත් කඩන් වැටුනද කියල,මූනු පොතේ ගෝනගල කතාව කරල තිබිල දැකල ආව වගෙයි මතක...උඹ වගේනම් මට බ්ලොග් ලියන්න බෑ ෂුවර්...මගේ බ්ලොග වේලුනාවෙ,හිස් අහස තියෙන්නෙ... මගේ හිතත් කතාකරන්න හොරයිනෙ... ජයවේවා!

ප.ලි. : නැද්ද ළඟකදි හිත ඇඹරෙන ඇත්ත ලවු ස්ටෝරියක්? :D

චරිත්|charith said...

මේකත් දාන්න වෙයි..කලින් comment එකේ share වචනෙ කොටන්න අමතක උනා! සමාවේවා! ඒකයි කරල තිබ්බ එක... :D

Bindi said...

සර් කවද හරි හමු වෙයි . මේක හරි පුංචි ලෝකයක් මල්ලි . හරියට දුක හිතුනා මේ කතාවට නම් .

සරත් ලංකාප්‍රිය said...

අර කෙල්ලන්ට බඹරු ඇන්නෙ නැත්තෙ ඇයි ? උන් නාන්නෙ නැති හින්දාද ?

නචියා said...

අන්න නියම සර් කෙනෙක්. ඔය වගේ ගුරුවරු හොයා ගන්න නෑ බන් දැන් කාලෙ. කොහොම වුනත් මේ ලිපිය පීටී සර්ගෙ ඇහැ ගැහුනනම් වැඩේ අහවරයි. උඹලව හොයාගෙන එයි මචං...

Tanikada said...

මම දන්න හැටියටනම් මී මැස්සෝ ඉන්නේ ගස් බෙනයක නැත්නම් පොඩි ගුහාවල, ඈ බන් සදරුවෝ ගස් වලත් මී වද බදිනවද?...

uwiniran said...

මේක හරි සැන්ටිමැන්ටල් කතාවක්...... එල.

Hasitha said...

ලොකු පංතිවල කොල්ලොත් එක්ක මර්සි දාලා ඉන්න අමාරුයි උන් එක්ක ෆිට් එකේ ඉන්න ඕනේ. පීටී සර්ත් ඒක දැනගෙන හිටි බව පේනවා. එහෙම ගුරුවරු අඩු එකනේ අවුල :(

Chandi said...

කොච්චර පරක්කු වෙලා හරි වචනයක් ලියන්නෙ කථාව හරිම තාත්වික නිසාමයි සඳරු මල්ලි. ඔයාගෙ දස්කම් මොනතරම්ද? පාසැලෙන් ඉක්මනින් අස් උනාට මහවෙදනා කියනවා වගේ පුලුවන් තරම් උත්සාහ කරන්න ජීවිතේ ජයගන්න. එදාට ආපස්සට හැරිල බලල ඔබට සතුටුවෙන්න පුලුවනි. හැමෝම ජීවිත සාර්ථක කරගත්ත අය මහලොකුවට ඉගෙන ගත්ත අයම නෙවෙයි. ඔයාට ජයම පතනවා සෙනෙහසින් ඉදිරි ජීව්තය වාසනාවන්ත වේවා! කියල.

byscoplanka said...

very good machan

Anonymous said...

mama sinhala blogs nitharama kiyavanava. Eeth comment ekak danne mee palaveni vathava. This is an excellent blog! harima nirmanathmakai. digatama liyanna. Obata jaya!

shaminda srinath said...

උබනම් මහා @#!$%##$@ බන්,කොච්චර කොමෙන්ට් නොදා මාරු වෙන්න හැදුවත් උබ ලියන විදිහට එහෙම බෑ වගේ......උබට නම් හෙන පට්ට ආතල් ලයිෆ් 1ක් තිබිල තියෙන්නේ,එහෙං මෙහෙන් අව්ල් තිබුනට......උබ එක අපිත් එක්ක බෙදාගන්න එක ලොකු සතුටක් මචෝ......

Achintha Madushan said...

මචං මම මේ බ්ලොග් එකකට කොමෙන්ට් එකක් දාන පලවෙනි වතාව. උබ නම් පට්ටම ආතල් බුවෙක් බං. නියමයි මචන්... හැමදාම ලියන්න මේ වගේ....සුබ පැතුම් සදරු මල්ලි......

Anonymous said...

නියමයි...!!

janith said...

පීටී සර් අද වෙනකොට මේ ලකාවේ කොහේ ඉන්නවාද කියන්න මම දන්නේ නෑ . කොහේ කොතනක උන්නත් මැරෙන්න කලින් එක වතාවක් ඒ මනුස්සයාව ආයේ හමු වෙන්න මමත් මගේ හොඳම මිත්‍රයා කිතුලත් මග බලාගෙන ඉන්නවා .

සඳරු මේ ටික කියවද්දී හිතට අමුත්තක් දැනුනා බන්. ඒ මොකක්ද කියන්න තේරෙන්නේ නැ බන්

Post a Comment

Comment නොකලට මගේ හිතේ කහටක් නෑ කවදාකවත් !...මේ තත්පරෙත් ඔබට වටින බව මම හොඳටම දන්නවා ..

ජය වේවා !!