17.11.11

කක්කුස්සියේ ඉපිද බස් නැවතුම්පළෙන් අවසන් ගමන් ගිය මගේ පළමු පෙම් පත



මම නවය වසර පන්තියේ ඉගන ගන්න කාලේ .ඒ පන්තියටම හිටපු සීදේවි පෙනුමක් තිබුණු එකම කෙල්ල තමයි උංගි . පන්තියේ හිටපු කෙල්ල්ලෝ බොහෝම දෙනෙකුගේ සරීර කූඩු නිකම් ලබ්බට කෝටු ගැහුවා වාගේ අවලක්‍ෂණ වුණත් . උංගිට නම් බෝම හැඩ රූ සපුවක් තිබුණා .හරියටම ඉදිච්චි දෙළුම් ගෙඩියක් වගේ.උංගි ගේ මූණ රෝසපාටයි, ඇඟ සුදුම සුදු පාටයි . ගිනි කූටක අවුව වැටෙන අපේ ගම් පළාතේ ඒ වගේ කෙල්ලක් කොහොම ඉපදුණාද මන්දා ? . කතා දෙකක් නෑ එහෙම කෙල්ලක් මුලු ඉස්කෝලෙටම හිටියේ නෑ .

පන්තියේ හිටපු හැම කොල්ලම උංගිට ලයින් දාන බව මම දැනගෙන හිටියා . අපේ පන්තියේ විතරක් නෙවේ අහල පහළ පන්ති වල කොල්ලෝ පවා ඒ දවස් වල අපේ පන්තිය පැත්තේ කැරකි කැරකි හිටියේ උංගිව බලලා යන්තම් හරි හදවත සනසා ගන්න වෙන්නැති . වයසේ වැරැද්ද !

උංගි ගොඩාක් ආඩම්බරයි . උංගිගේ වටේ පෙරේත කපුටෝ වගේ කොල්ලෝ කැරකැවෙන බව උංගිත් දැනං ඉන්න ඇති . අනිත් කෙල්ලෝ ඉඳලා හිටලා පන්තියේ පිරිමි ළමයි එක්ක කතා බහ කළත් . පොත් පත් හුවමාරු කරගත්තත් උංගි නෙවේ ඒවට ගියේ . වලව්වුව කුමාරිහාමි කෙනෙක් වගේ ඒකි හැමදාමත් අපිට ගස්සමින් පොළවට අඟල් කීපයක් උඩින් හැමදාමත් ගමන් කරමින් හිටියා . හැබැයි ඒ ගැස්සිල්ලට, ඒ ගමනට පන්තියේ හිටපු කොල්ලෝ හැම එකාම පණ ඇරල ආසාවෙනුයි හිටියේ .

ඔය කියන කාලේ තමයි අපේ හැඟීම් කල එළි බහින්න පටන්ගෙන තිබුණු කාලේ . කෙල්ලෙක් ඇඟේ ගෑවුණොත් “චික් විතරක්”කියපු ඒ පොඩි කාලේ අපෙන් දුරස් වෙලා ගිහින් කෙල්ලෙක් ඇඟේ යන්තම් ගෑවුණත් සතියක් දෙකක් ඒ ගෑවුන තැන සෝදන් නැතුව ඉන්න තරමට අපි වෙනස් වෙලා තිබුණා . මදකිපෙන කාලෙට සද්දන්ත අලි ඇත්තු පවා වෙනස් වෙන එකේ නවය වසරේ පොඩි කොල්ලෝ වෙච්ච අපි සම්පූර්ණයෙන්ම පාලනයෙන් තොර වුණු එකේ අරුමයක් නෑ !

නවය වසරේදී අපේ ඉස්කෝලෙන් දීපු අච්චු පොත් අතරේ අපි කැමතිම එක පොතක් තිබුණා . ඒ තමයි සෞඛ්‍ය පොත . පොතක් පතක් නිකමටවත් කියවන්න අකමැති කොල්ලෝ පවා මහ රෑ ඇහැරගෙන සෞඛ්‍ය පොත කට පාඩම් කරන්න ගත්තා.අපි කාටත් හොරා සෞඛ්‍ය පොත අපේ ජීවන අත් පොත බවට පත් වෙලා තිබුණා . ඒ විතරක් නෙවෙයි අපි හැමෝම ඔය කියන කාලේ වෙනකොට දෑත අත වෙහෙසලා වැඩ කරන්නත් ඉගන ගනිමින් හිටියා . ඔය නව යවුවනේද මොකද්ද කියනවා නේ !

උංඟි අපි දිහෑ එක බැල්මක් හෙලුවොත් ඒ දවස් වල අපිට සතියකම කන්න බොන්න ඕන නෑ . එක හිනා පොදක් දුන්නොත් ? එහෙම වුණොත් නම් මලත් සැපයි කියලා අපිට ඒ වෙනකොට හිතිලා තිබුණා . ඒත් වටිනා කියන දේවල් ලබා ගන්න එක ඒ තරම් ලේසි නෑ . උංගි ගේ ආදරේ දිනාගන්න එවකට එකොළහ වසරේ ලොකු පන්තියක හිටපු රංකැටි අයියා සමත් වෙලා තිබුණා .

රංකැටි කියන ආදර නාමයෙන් හඳුන්වාපු අපිට වඩා වසර තුනක් වැඩිමහල් වෙච්ච ඒ අයියා . මුලු ඉස්කෝලෙම ජනප්‍රිය කෙනෙක් . ඉස්කෝලේ අරින වෙලාවට, ඉන්ටර්වල් එකට සහ පීරියඩ් එකක් අවසන් වෙනකොට බෙල් එක ගහන්න පැවරිලා තිබුණේ රංකැටි අයියට . ඉතින් ඌ මුලු ඉස්කෝලෙම ජනප්‍රිය තරුවක් බවට පත් වුණා . ඇත්තටම කීවොත් ඒ කාලේදී කොල්ලෙකුට ඉස්කෝලේ බෙල් එක ගහන්න වරම් ලැබෙනවා කියන්නේ හරියට රජ වුණා හා සමානයි . ඉතින් රංකැටිගේ පෙම්වතිය වෙන්න පොඩි පන්තිවල කෙල්ලෝ පවා පෝලිම් හැදිලා හිටියා. ඒ පෝලිමේ ඉදිරියටම ගිහින් රංකැටි එක්ක හාද වෙන්න වාසනාව ගත්තෙ අපේ පන්තියේ උංගි !

අපේම ඉඩමේ පිපුණු මලක් අල්ලපු වත්තේ එකා ඇවිත් කඩාගෙන යද්දී අපිට දැනෙන හැඟීම කොහොමද ? අපි හැමෝම කාලයක් පුදුම විදිහට දුක් වුණා . අන්තිමේදී පන්තියේ කොල්ලෝ හැමෝම උංගි ගැන හීන දකින එක නතර කළා . ඒකි ගැන හොරෙන් හොරෙන් කතා වෙන එකත් නතර කළා . මම හිතන විදිහට හැම කොල්ලෙක්ම එහෙම කරන්න තිබුණු එකම හේතුව තමයි . අපට වඩා දෙවසරක් වයසින් වැඩිමල් වෙච්ච කොල්ලෙක් එක්ක හැප්පෙන්න තිබුණු බය .

කවුරු උංගි ගැන හීන දකින එක නැවැත්තුවත් එකම එක කොල්ලෙක් ඒකි ගැන හීන දකින එක නතර කරලා තිබුණේ නෑ . ඒ කොල්ලා තමයි මම . පොඩි කාලේ කෙල්ලක් දැක්කාම හිතට එන්නේ , දැනෙන්නේ ආදරේ නම් නෙවෙයි. ඒකට කියන්නේ කෑදරේ ! ඉතින් ඒ වෙනකොට පොඩි එකා වෙච්ච මටත් උංගි ගැන හිතට වද දුන්නේ කෑදරේ වෙන්නැති .උදේ ඇහැරුනු මොහොතේ සිට ආයෙමත් රෑට නිදාගන්න යන මොහොත දක්වාම මගේ හිතේ උංගි ගැන නානාප්‍රකාර සිතිවිලි ඇඳෙන්න වුණා . උංගි එක්ක කතා බහ කරන්න, ඒකිගේ අතින් අල්ලං ගමේ පාරවල් දිගේ ඇවිදින්න, හින්දි චිත්‍රපටි වල නළුවෝ වගේ කෙල්ලව බදාගෙන කොළ ගොඩක රෝල් වෙලා යන්න .ඒවා තමයි මගේ හිතේ ඇඳුණු හීන .සමහර විට ඒක විකාරයි . සමහර විට ඒක සාමාන්‍ය දෙයක් වෙන්නැති .

ඒ දවස් වල මම ඒ තරම් පිළිවෙළකට ඇන්ඳ පැළැන්ඳ කෙනෙක් නම් නෙවේ . ආවට ගියාට ඇඳුමක් කැඩුමක් ඇඟේ දවටගෙන. බාටා සෙරෙප්පු කටු දෙකකුත් දාගෙන යන්නං වාලේ ඉස්කෝලේ ගියපු එකෙක් තමයි මම . ඉතින් උංගි මගෙත් එක්ක ඉස්කෝලේ කාලෙටම කතාබහ කරලා තිබුණේ වචන විස්සකටත් අඩුවෙන් . එහෙවු එකේ උංගිව යාළු කරගන්න එක මට ලොකුම ලොකු අභියෝගයක් වුණා .

හිත පිරෙන්නම උංගිට කැමැත්තෙන් හිටියත් මගේ හිතේ තිබුණු හැඟීම මට එළියට දාන්න විදිහක් තිබුණේ නෑ . මට දැනෙන දේවල් මට හිතෙන දේවල් කියන්න මට ඒ දවස් වල හරිහමං මිතුරෙක්වත් හිටියේ නෑ . මම ඉස්සර මගේ හිතේ තියන දේවල් වැඩිය එළියට පිට කරන කෙනෙක් නම් නෙවෙයි . ඒක නිසා මම හැම දෙයක්ම සැලසුම් කරේ තනියම .

ඉර අවරට ගිහිං තිබුණු එකමත් එක දවසක හැන්දෑවේ මම ගෙදර ඉස්සරහා පිලේ ගැට්ට උඩින් වාඩි වෙලා උංගි ගැන හිතමින් උන්නා . ඔන්න ඔය වෙලාවේ තමයි ඒ කාලකණ්ණි අදහස මගේ හිත ඇතුළට පාවෙලා ආවේ . හිතලා හිතලා හෙම්බත් වෙලා හිටි මම මගේ හිතේ ඉපදුණු ඒ අලුත් අදහස ඉස් මුදුණෙන්ම පිලි අරගෙන ඒ අදහස ක්‍රියාවට නංවන්න සූදානම් වුණා .

මගේ හිතට ආපු අදහස තමයි සෙනේ කොළයක් ලියන එක . ටෙලිපෝන් කියලා උපකරණයක් පත්තර, වලින් පොත් වලින් විතරක් දැකලා තිබුණු ඒ කාලේ හැම ආදර වන්තයාම ආදර සයුර තරණය කළේ සෙනේ කොලේ කියන ඔරුවේ පිහිටෙන් තමයි .

හිත ඇතුළේ තැම්බි තැම්බි තියන හැඟීම් සබ්බ සකල මනාවම එකට මුසු කරලා කලතලා අරගෙන , ඒ හැඟීම් අකුරු වලින් සුවඳ කොළේක අමුනලා, ලස්සනට හරි හතරැස්ව නවලා, ඉස්තිරික්කෙන් මැදලා, අත් දෙකෙන්ම ගිහින් දුන්නෝතින් සමහර විට උංගි මට කැමැත්ත දේවි ! ඊට පස්සේ රංකැටිව අතෑරලා දාවි . ඔන්න ඕක තමයි මගේ හිත ආපු අදහස . ආයෙමත් සැරයක් හිතන්න මතන්න ගියේ නෑ මම මේ අදහස ක්‍රියාවට නංවන්න එක හිතෙන්ම සූදානම් වුණා . හරි ගියෝතින් මම දිනුම් ! වැරදුණෝතින් මට නැති වෙන්න කියලා ඒ හැටි දේකුත් නෑ . ඉතින් මම කරන්න යන වැඩේ ගැන හිතේ බයක් නම් ඉපදුණේ නෑ .

වැඩේට ඕනෑ කරණ කළමනා එකතු කරන්න මම අනෙක් පහුදාම සූදානම් වුණා . සෙනේ කොළයක් හෙවත් ලවු ලෙටර් එකක් ලියනවා කියන එකත් ඒතරම් සෙල්ලම් වැඩක් නෙවෙයි .ඒකට නොයෙක් වර්ගයේ කළමනා රැසක්ම උවමනා වෙනවා . කොපි පොතක කොළයක් කඩලා හිතේ ඉපදුණු හැඟීම් ටික ලියා දාලා ඉඳා මේං කියලා ගිහින් දෙන්න තිබුණා වෙන කෙල්ලෙකුට නම් . ඒත් මේ උංගි කෙල්ල ආඩම්බරයි , පණ්ඩිතයි , කාටත් වඩා ලස්සනයි , ඉතින් ඒ ආඩම්බර කාරිට ගිහින් දෙන ලියමන එසේ මෙසේ එකක් වෙලා කොහොමද ?

අම්මේ හෙට ඉස්කෝලෙට රුපියල් පනහක් ගේන්න කීවා !

මම අනික් පහුවදා උදේ පාන්දරම අලි කෙබරයක් ඇදබෑවා

ඇයි ඒ මොකෝ රුපියල් පනහක් ?

. අම්මත් ඒ වෙලාවෙම ඕනෑ නැති ප්‍රශ්නයක් ඇහුවා . මම මෙහේ ආදරෙන් ඔකඳ වෙලා ඉන්නවා . අම්මා මගෙන් ප්‍රශ්න කරනවා . අනේ දෙයියනේ වැදූ අම්මට කොහොමද කටක් ඇරලා බොරුවක් කියන්නේ . ? ඒත් දෙවියනේ කොහොමද ඇත්ත කියනෙත් ?

අම්මා මම මයෙ පන්තියේ ඉන්න අර සුදුම සුදු බෝල ගෙඩියක් වගේ කෙල්ලට ලවු ලියමනක් දෙන්න යනවා

එහෙම කීවොත් මොනවයි මොනවා වෙයිද කියලා හිතා ගන්න බැරි නිසා . මම හිත ගල් කරගෙන මයෙ අම්මණ්ඩිට බොරුවක් කිවුවා .

බලන්න අම්මා ඉස්කෝලේ ටොයිලට් එකක් හදනවා නෙව අපෙන් සල්ලි එක්කහු කරගෙන .

මම හිතන්නේ ඒ බොරුව කීවට මට පවු නෑ . ආදරයේදී සහ යුද්ධයේදී හැම දෙයක්ම සාධාරණයි කියලා .අනගාරික ධර්මපාල තුමාත් කවුද උගතෙකුත් කියලා තියනවා නේ .!

වැඩි කතාබහක් නැතුවම අම්මා මට සල්ලි දුන්නා . ඉතින් මම එදා උදේ ඉස්කෝලේ යන්න පිටත් වුණේ හරිම සතුටකින් . මොකද කීවොත් මම කෙල්ලට පළමු ලියමන දෙන්නයි යන්නේ .! මගේ ඇඟට එදා නම් අමුතුම අමුතු වෙනස්කම් ගණනාවක් දැනෙන්න පටන්ගෙන තිබුණා . රුපියල් පනහා සාක්කුවේ හිර කරගත්තු මම හිත දැඩි කරගත්තා .

වෙනදා ඉස්කෝලෙ ඇරුණාම මම කෙළින්ම දුවන්නේ ගෙදර . ඒත් එදා මම කාටත් හොරෙන් ටවුමේ පොත් කඩේට හැරුණා .

මම අතේ තිබුණු සල්ලි වියදම් කරලා නිල් පාට ලස්සන කඩදහි කොළ කීපයකුයි , හොඳ සුරුවමට බෝල අකුරු ලියන්න හැකි රෙනෝල්ඩ් පෑනකුයි, පාට පාට හදවත් තියන වෛවරණ ඉස්ටිකර් කොලේකුයි මිලදී ගත්තා . ඒ දේවල් තමයි මගේ පළවෙනි සෙනේ කොලේට උවමනා වෙච්චි අඩුම කුඩුම .

එදා ගෙදර ආපු විගහින්ම මම දනිපනි ගාලා මේසේ උඩ බෙදා තිබුණු බත් එකත් කිඹුලා කිරිමැට්ට ගිලිනවා වාගේ ඔහෙන් මෙහෙන් ගිලදාලා මගේ ප්‍රථම රාජකීය පෙම් හසුන ලියන්න ලකලෑස්ති වුණා . ඒත් ආදරයට කොතනද බාධා නැත්තේ ?

මට මොහොතකින් තේරුම් ගියා මේ මගේ චූටි ගේ ඇතුළේ ඉඳගෙන ලස්සන කොළේක, ලස්සන පෑනකින් යමක් ලියද්දී අම්මා හරි සීයා හරි නැන්දා හරි ඇවිදින් මේ ආදර හසුන ලියන්න බාධා කරන බව . .. මට හිත නිදහසේ තියාගෙන හදවතට වැටෙන හැඟීම් බින්දුවෙන් බින්ඳුව එක්කහු කරගෙන මගේ සෙනේබර සෙනේ කොලේ ලියන්න මට යන්න තිබුණේ එකම තැනටයි .

කක්කුස්සිය !

ඇත්තටම ගෙදර තිබුණු නිදහස්ම තැන එතන . මටෙයි කියලා කාමරයක් නොතිබුණු නිසා . මට මේ ලිපිය නිදහසේ ලියාගන්න කක්කුස්සිය වෙත යන්නම සිදු වුණා .

මට අද වගේ මතකයි . මම කක්කුස්සිය ඇතුළේ ඉඳන්, ඒකේ වළෙන් විහිදුණු දුර්ගන්ධය ඉවසා දරාගෙන, කවදත් කැත මගේ අකුරු අමාරුවෙන් වටකුරු කරමින් ඒ ආදර හසුන ලියාපු හැටි .
මහා දුක් කන්දරාවක් විඳ දරාගෙන කොහෝම හරි හිත පිරෙන්නම මගේ හැඟීම් පුරුවලා මම මගේ සෙනේ කොලේ සම්පූර්ණ කරගත්තා. හිතේ තිබුණු හැඟීම් ඔක්කෝම ඒකේ ලියලා , මම ගෙනාපු ස්ටීකර් අලෝලා ඒ සෙනේ කොලේ හැඩ වැඩ කළා !. ඉතින් අනිත් පහුවදා මම ඉස්කෝලේ ගියේ මගේ මේ පෙම් හසුනත් අරගෙන .

කොයිතරම් හැඩ වැඩ දලා ලීවත් මේ සෙනේ කොලේ උංගි ගේ අතට දෙන්න නම් මට තිබුණේ පුදුමාකාර බයක් . මම ඒ වෙනකොට පොඩි එකා උංගි වගේ ආඩම්බර , අති පණ්ඩිත කෙල්ලක් ඉස්සරහට ගිහිං ලියුමක් දෙන්න තරම් මගේ හිත ඒ වෙනකොට මෝරලා තිබුණේ නෑ.

සෙනේ කොලේ සාක්කුවේ හංගාගෙන පන්තියට ගියපු මම උංගි යන්තම් එහා මෙහා වෙනතුරු ඉවසං ඉඳලා හෙමීට ඒකිගේ පැන්සල් පෙට්ටිය ඇතුළට ඒක දැම්මා . ඒත් මගේ හිතට සතුටක් දැනුණේ නෑ . ආයේ ඒක අරගනිං ආයේ ඒක ගනිං කියලා මගේ හිත මොරදෙන්න පටන්ගෙන තිබුණා . උංගි මේ සෙනේ කොලේ ටීචර්ට දුන්නොතින් ? මයෙ අප්පේ ...!! එහෙම දෙයක් වුනෝතින් නම් අද කාලේ ස්ත්‍රී දූෂණයකදී ලැබෙන දඩුවම් වලට සමාන දඬුවමක් මට ලැබෙනවා ඒකේ දෙකක් නෑ !

පන්තියෙන් එළියට ගිහිං ආපු උංගි ඒකිගේ මේසය වෙත ඇවිදින් වාඩි වුණාම මගේ පපුව මහ සද්දෙන් ගැහෙන්න ගත්තා . ඒ හඬ මටම ඇහෙන්නත් ගත්තා . ටික වෙලාවකින් මොකද්දෝ මන්දා විෂයක් උගන්වන්න ගුරුතුමෙක් පන්තියට ආපු නිසා පෑන ගන්නද කොහෙද උංගි පැන්සල් පෙට්ටිය ඇරියා !. මම දාඩිය බේරෙන මූණත් තහඩුව අතින් පිහින ගමන් ලාවට ඇරුණු ඇස් වලින් ඒ දිහා බලාන හිටියා .

උංගි පැන්සල් පෙට්ටිය ඇරියා . ඇරලා මම දැම්ම ලියුම එක වරටම අතට ගත්තා . ඒක යන්තම දිගෑරලා බොහෝම ඉක්මනට ආපහු පැන්සල් පෙට්ටියටම දාලා වැහුවා . වහලා ඒ පැන්සල් පෙට්ටිය බෑග් එකට දාගත්තා . මම සැනසුම් සුසුමක් හෙළුවා !

මම දිනුම් .!! මගේ හිත සතුටින් කෑමොර දෙනවා . උංගි මගේ සෙනේ කොලේ අරගත්තා .! අවුරුදු ගානකින් පපුවට දැනුණු ඒ සන්තෝසේ කියාගන්න බැරි තරම් .. ඒත් මගේ ජීවිතේදී මට සතුට ඒතරම් ළඟ නෑ . කන්දක් නැංගොතින් පල්ලමක් අහුවෙනවා , හිනා වුණොත් කඳුලකටත් ඇහැ හැඩගස්වා ගන්න වෙනවා .

එදා ඉස්කෝලේ ඇරිලා මම ගෙදර යන්න සූදානමින් තාර පාරට බැස්සා . මම ටිකක් දුර යනකොට . මගේ පන්තියේම එකෙක් ආපහු දුවගෙන ආවා .

"
මේ සඳරු උඹ උංගිට ලියුමක් දුන්නද ?

"
මේ මේ ම...ම න් න් නෑ ...!” වෙවුලන හඩින් මම උත්තර දුන්නා

"
මොකද නැත්තේ අන්න උංගිගේ කොල්ලා රංකැටි ඌ උඹේ ලියුම ගිහිං බස් හෝල්ට් එකේ ඇළෙවුවා"

මට නිකං වෙරි වගේ . මොහොතක් යනතුරු කිසිම දෙයක් හිතා ගන්න බැරිව මම මොකෙද්ද එකෙක් වගේ ඔහේ බලාගෙන හිටියා . ඊට පස්සේ මගෙ හිතට දැනුණේ මහ කියන්න බැරි තරම් පරාජිත , ලැජ්ජා සහගත හැඟීමක් .

බස් හෝල්ට් එක ගාවට හෙමීට කිට්ටු වෙච්ච මම එතන තිබුණු ලොරියකට අස්සෙන් එබිලා හොරෙන් ඒ බස් හෝල්ට් එක දිහෑවේ බැලුවා . මම දැක්ක දෙයින් මගෙ බඩ පපුව පිච්චිලා ගියා . .රංකැටියා මගේ සෙනේ කොලේ බස් හෝල්ට් එකේ අලෝලා !

ඉස්කෝල කීපයකම ළමයි බස් එක එනතුරා රැඳිලා ඉන්න ඒ බස් නැවතුම්පොළේ ඇතුළේ බිත්තියක මගේ ලස්සන ලියමන ඇලවිලා තිබුණා . කිචි බිචි ගගා හිනහා වෙන අක්කලා කීප දෙනෙක් සහ කොල්ලෝ රැළක් මගේ ලියමන හඬනගා කියවමින් හිටියා .

දෙනෝදාහක් මැද්දේ රෙදි ගැලවුනා වගේ හැඟීමක් මගේ හිතට එද්දී මම වෙන පාරකින් හැතැක්ම ගාණක් පයින්ම ගිහින් බස් එකක් අල්ලගත්තා .ගෙදර ගිය ගමන් කෑවෙත් නැතුං මම ඇඳට පැන්නා . මට ඇඬුණේ නැතත් මම පුදුම විදිහට අන්දුං කුන්දුං වෙලා හිටියා . ඇඳේ පෙරළිලා වහල දිහෑ බලාගෙන හිටපු මට ටිකෙන් ටික හැම දෙයක්ම තේරුම් යන්න පටන්ගත්තා .

උංගි කෙල්ල මම දීපු ලියමන කියවලා කෙළින්ම ගිහිං ඒක ඒකිගේ කොල්ලගේ අතට දෙන්නැති . ඌ ගිහිං ඒක බස් හෝල්ට් එකේ ඇළෙවුවා . අපොයි මම වගේ මෝඩයෙක් .!! මම අත මිටිගුලි කරලා ඔළුවට වේගවත් පාරවල් කීපයක්ම ගහගත්තා .

පහුවදා කාටත් උදෙන්ම ඉස්කෝලෙ යන්න ගෙදරින් පිටත් වෙච්චි මම බස් හෝල්ට් එක වෙත ඉක්මනින්ම ඇවිදං ගියා . මගේ සුන්දර සෙනේ බර ආදර හසුන ඒ වෙනකොටත් බස් හෝල්ට් එකේ බිත්තිය තදින් බදාගෙන හිටියා . ඉක්මනින්ම ගලවලා අරගෙන කීතු කීතු වලට ඉරලා ටිකක් එහාට වෙන්න තිබුණු කුණු කාණුවකට මගේ ප්‍රථම පෙම් හසුනේ කෑලි ටික වීසි කළාට පස්සේයි හිතට යාන්තමට සහනයක් දැනුණේ !

එදා පටන් දින ගණනක් යන තුරුම මේ සිදුවීම මුල් කරගෙන ඉස්කෝලෙන් බාගයක්ම ළමයි මට හිනා වුණා .ඒ විතරක් නම් මදෑ මට නමකුත් පට බැන්ඳා . මේ මුලු කතාවම කීවත් ඒ මට ලැබුණු නම ලියා දාන්න මගේ හිත දෙන්නේ නෑ .

ඔන්න ඔය විදිහට මගේ සෙනේ කොලේ කතාව අවසාන වුණා . කාලයක් ගියාට පස්සේ කාට කාටත් ඒ සිදුවීම අමතක වෙලා ගියා . මටත් මේ සිදුවීම අමතක වෙලාම ගියේ මම මේ සිදුවීම අමතක කරලා දාන්න ලොකූ උත්සාහයක් ගත්ත නිසාම වෙන්නැති .

මට මේ සිදුවුණු මුලු සිදුවීම මහා ජැජ්ජාවක් , දුකක්. දෙවියනේ..! මේ ලෝකේ මොන පෙම්වතාද කක්කුස්සියේ ඉඳන් ලියුම් ලීවේ ? .. ඒ වගේම ලියාපු ලියමන බස් හෝල්ට් එකක ප්‍රදශනය වෙන්න ඉඩ හැරියේ ? මේ ලෝකේ ඉන්න බිලියන ගණනක පෙම්වතුන්ගේ බූට් කතා , ආදර කතා අතරින් මගේ මේ කතාව වෙනස් වෙන්නේ ඔන්න ඔය හේතුව උඩ .

රොමියෝ ජුලියට්ලා , සාලිය අශෝකමාලා , රාමලා සීතලා , ජාලිය ක්‍රිෂ්ණජිනාලා . වගේ පෙම්වතුන් ආදරේ කරද්දී මම වින්ඳ තරම් දුකක් නම් කිසිම දවසක විඳලා නැතුව ඇති . ........! හී සැර දහසකට පපුව දුන්නත් ඒ සුපිරි පෙම්වතුන්ට අපේ කක්කුස්සියේ එක විනාඩියක් ඉන්න බැරිවේවි . ඒත් මම ඒ දුක වින්දා කක්කුස්සියේ හැංගිලා ලියමනක් ලීවා, බයේ ගැහි ගැහී ඒ ලියමන කෙල්ලටත් දුන්නා . අන්තිමට විඳින්න පුළුවන් ඉහළම ලැජ්ජාවත් අත්වින්දා ..

පළමුවැනි පෙම් හසුන මට උගන්වාපු පාඩම මගේ හිතේ තදින්ම වැදිලා තිබුණු හන්දාම මම ඊට පසුව කවම කවදාකවත් කෙල්ලෙකුට ලියුමක් දෙන්න නම් ගියේ නෑ .


කතාව සිහිපත් කළ කතන්දර කාරයාට ස්තූතියි !!

120 comments:

samadhi said...

පොඩි ප්‍රශ්නයක් සඳරු! ඔයා ලියුම ලියුවෙ ගොඩාක් මහන්සි වෙලා වෙලාව අරගෙන නෙ, එතකොට සෙනෙහේ කොලේ සුවඳ වෙනස් වෙලා තිබුනෙ නැද්ද? මම මේ කිව්වෙ ලියපු තැන අනුව?

cjgayan said...

සංවේදි කතාවක් අන්තිම වෙනකල්ම මම හිතුවෙ ඒකි කැමති වෙයි කියලයි..කමක් නෑ මලයා උඹ ඒකෙන් ජීවිතේට පාඩමක් හරි ඉගෙන ගත්තනේ.

ලිවීම නම් සුපිරි..

Praසන්ன said...

අඩේ සඳරුවො කක්කුස්සියේ සිට පෙම් හසුනක් ලියූ එකම තැනැත්තා විදියට උඹට රෙකෝඩ් එකක් ගහන්න පුලුවන්නෙ.
අඩුම ගානෙ ලියුමට පවුඩර් ටිකක්වත් දාල නෙමෙයිද දුන්නෙ.:D

අර පටබැඳල තිබුණ නමත් කිවුවනං තමා හොඳ.

චරිත්|charith said...

හයියෝ සඳරු! මේ අර "දෑත වෙහෙසලා වැඩ කරන්නත් ඉගන ගනිමින්" කෑල්ල තෙරුනා හොරයි වගේ.. හික්
මේ ෂුවර්ද අරක ධර්මපාලතුමා කියුව කියල?
එල කතාව... 1 ප්‍රශ්නයක්... කෙල්ලො කීයකට ඔකඳ උනාද බං!

මාධව - மாதவ - Madhawa said...

ඇමරිකන් පයි එකේ කතාවක් වගේ! මට මැවිලා පේනවා උඹ යන යන තැන කෙල්ලෝ කුටු කුටු ගගා හිනා වෙනවා! කතාව නම් උපරිමයි බං! මට එක පාරට මතක් උනේ ඇමරිකන් පයි මූවි එක! ඇරපු අතක් නෑ! උඹ තමයි ලංකාවේ පළමු කක්කුසි ලියුමක් ලියපු එකා!

Anonymous said...

අප්පා කියන්න දේවල් නෑ මල්ලි
- ශානු -

සීතල අයියා said...

නෝංඩි ගොඩාාාාාායි. :))

සයුරි said...

//ආදරයේදී සහ යුද්ධයේදී හැම දෙයක්ම සාධාරණයි කියලා .අනගාරික ධර්මපාල තුමාත් කියලා තියනවා නේ .!//

යකඩෝ මෙයා දන්න දේවල්...

මෙහෙම ප්‍රේම කතාවක් නම් මේ ඇහුවමයි...:))) අහ්හ් මටත් ඔයින් කොලයක් ලැබෙන්න ගිහින් මම එපා කිව්වනේ...අපරාදේ අරගෙන බලලා ඊට පස්සේ බෑ කියන්න තිබුනේ...:-/

දිල් said...

ලියම ප්‍රතික්ෂේප කලේ ගඳටය කියන සාධාර්ණ සැකය මට තියෙනවා.. :P

අනේ අනේ සඳරුවො...

අවංක පැට්ටා said...

මම නම් හිතුවෙ රංකැටියා උඹවත් බස් හෝල්ට් එකේ අලවලා ඇති කියලා
සිරාවටම කොලේ සුවඳට හානියක් උනේ නැද්ද?

prasanna86k said...

සඳරු නිකමට හිතපන් කක්කුස්සියේ ඉඳන් ලියුම ලියුවත් ඒක හැමෝටම කියවන්න ලැබිච්ච එක කොයි තරම් ප්‍රසිද්ධ වුනාද කියලා. මං හිතන්නේ නෑ මහා​ ගත් කතුරවරයෙක්වත් එතරම් වාසනා වන්ත වෙන්න ඇති කියලා.

පිණිබිඳු... said...

ඔය කොච්චර කිව්වත් ඉස්සර සෙනෙහෙ කොල තරම් දැන් එවන මැසේජ් සුන්දර නෑ. සෙනෙහෙ කොලයක් හම්බ උනාම ඕක ඉස්කෝලෙ කාට හරි අහුවෙයි කියලා බයේ ගැහි ගැහි ඉඳන් ගෙදර අරන් ගියත් ගැහෙනවා ගෙදර කෙනෙක්ට අහුවෙයිද කියලා. ඕවා හංගන්න මම නම් වෙනම ටෙක්නික් පාවිච්චි කරා. ඒවගේ පිහිටෙන් ඉස්කෝලෙ යන කාලෙ නම් එක ලියුමක් වත් මාට්ටු උනේ නෑ.

ayesha said...

ඇත්තතමා මේ වගේ දුකක් නම් කිසිම පෙම්වතෙක් විඳලා නැතුව ඇති ඒ ඇත්තටම "ආදරයේදී සහ යුද්ධයේදී හැම දෙයක්ම සාධාරණයි කියලා කිවේ අනගාරික ධර්මපාල තුමා ද?

sameera said...

අඩේ කාලා වරෙන්කො ........ අනේ බන් ඔය ලියමනේ ලියපුවා ටිකකුත් ලියහං කො අපිටත් බලා කියා ගන්ට .....
මොනා කියනවද බං මං ලියපු පලමු සෙනෙහෙ කොලේ ලියන්ට කාපු කට්ටක් උබ වගේම තමයි අම්මට පොඩි බොරුවක් කියලා කඩේට ගිහිල්ලා සුදුම සුදු කොලයක් අරන් ඇවිත් මුලුන්ම ලියුම කොපි පොතක පිටුවක ලියලා පස්සෙ ඒක කොපි කොරලා පොතක් අස්සෙ දාලා තමයි දුන්නෙ ඕන්...........
ඒක දුන්නට පස්සෙ දවස් ගානක් යනකං මගෙ හදවත කීං කීං ගෑවා බං ....
ඒක නෙවේ දැන් උංගි මොකෑ කරන්නෙ , ඒ ටිකත් කියපන්කො

Ice (අයේෂා කුලතුංග) said...

අපේ අම්මේ.... මදැයි ඔයින් ගියා.. ඊට පස්සේ සඳරු අයියට රංකැටියව එහෙම මුලිච්චි වුණේ නැතෙයි??
කොහොම නමුත් කොල්ලා පව් ඈ....
කතාව නම් පට්ටය... :) :)

කතන්දර Kathandara said...

"නව යව්වනේ" ද මොකක්ද එකේ ඔහොම තමයි.

මට හිතාගන්න බැරි මේ කතාව මං මතක් කළාය කියන්නේ ඇයි බොලේ මෙච්චර දෙයක් වෙලත් ඒක අමතක වෙලාද තිබුනේ?

නිර්මල said...

උඹ ලියුම ලියන්න තෝරගත්ත තැනනම් මරු....

කොල්ලෙක් කෙල්ලෙක්ට ලියුමක් දෙන එකේ හොදම හරිය තමයි කෙල්ල ලියුමට දක්වන ප්‍රතිචාරය.

මාතලන් said...

තැන්කූ අදත් නියම සෝ එකක් බැලුවා. මම උන්නේ පයිටුත් තියෙයි කියලා. රංකැටියා බස් හෝල්ට් එකේ අම්බානක නෙලනවා සඳරුට. ඒ කෑල්ල නැති උනත් පට්ට. උඹ මේවා ටෙලි ඩ්‍රාමා හදන උන්ට යවපන්. මම දැක්කා එහෙම ජයගත්ත එකෙක් ගැන. අපේ හරක් චූ කරන තැන රෙනවා. රෙන තැන ලව් ලෙටර් ලියනවා. මට ආරන්චියක් ආවා උංගි ඇවිල්ලම යට ලීය කඩාගෙන වැටුනයි කියලා...

වෙද ගෙදර මහ වෙදනා said...

අනේ මල්ලි ඕවා ගනන් ගන්න එපා. අපි කාටත් ඔය වගේ දේවල් වෙනවානෙ. ඕවා නැති ජීවිතේ වැඩක් නැහැනේද? අපේ වයසට ඇවිත් හිතන කොට තනියම හිනා යනවා. අපේ එකෙක් දවසක් මට කථාකලා ඔය සෙනේ කොලේ ගෙනිහින් දෙනකොට තනියට යන්න. මමත් ගියා. මොකද කෙල්ල මගේ කෙලි යාළුවන්ගේ යාළුවෙක් නිසා. අප්පට බොල මේකි සෙනෙහෙ කොලෙත් එක්ක මගේ පොත් මිටියම වීසිකලා. පොත් ටික බසෙක පුරා කාපන්කො, මම ඇහින්දා පොත් ටික යන බස් එකෙන් පැන්න. මාරම වැඩේ කියන්නෙ මේකි ආවනේ අපේ කැම්පස් එකටම කාලෙකට පස්සෙ. ඒ කාලෙ රැග් එහෙම තියෙයි ඈ හිතාගන්නකො වුනු දේ.

තනි අලියා said...

අාදරේ වෙන්වෙං සෑහෙන කැපකිරිල්ලක් කරලනෙ! :D

කවදාවත් ලියුමක් දෑ නැතැයි මම අභිමානයෙන් කියමි!!

Theekshana said...

යකෝ වහකාල මැරෙන්ට හිතෙන සිද්දියක් නෙ බන් වෙලා තියෙන්නේ. උබ ඒදවස් ටිකේ ඉස්කෝලෙ ගියෙ කොහොමද සදරුවා

Harshana said...

Kathawa nam ela.... habai maama kalpana kale.... Ubatamane mewa wenne... ;)

Podi Kumarihami said...

අර ලමයි කීව නම කියන්ටකෝ හොඳ ලමයා වගේ.

ජාලිය + ක්‍රිෂ්නජිනා කියන්නේ පෙම්වතුන් නෙමේ අය්යයි, නංගියි.

//ආදරයේදී සහ යුද්ධයේදී හැම දෙයක්ම සාධාරණයි කියලා .අනගාරික ධර්මපාල තුමාත් කියලා තියනවා නේ //

හපොයි දෙය්යනේ...:D

තරිඳු said...

කොහොම උනත් ඌ උබට දීල තියෙන්නේ රජ කලේ දඩුවමක්..හික් හික්

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

දෑත ????????

ලව් ලෙටර් කියන්නෙ මහා භයානක දෙයක් තමා , දුන්නායින් පස්සෙ මොන දීපංකරෙ නවතිනවද නාථ දෙවියෝ වත් දන්නෙ නැ . ක්ලාස් ටීචර්ද , යාලු වෙච්ච කොල්ලද කෙල්ලගෙ අය්යද ප්‍රින්සිපල්ද කෙල්ලගෙ අම්මද ඔඅය වගේ පාර්ශව ගොඩයි , හැබැයි බස් හෝල්ට් බිත්තියක ගැහුව එකක් නම් ඇහුවේ අදමයි . උගේ පැත්තෙන් ඌ උඹට නියම දඬුවම දීල තියෙන්නෙ . සාමන්‍ය කොල්ලෙක් විදිහට තමන්ට වඩා අවුරුදු 2ක් බාල එක්කෙඋට නෙලනවා කියල විකප්ලය නැතුව ඌ නියම විසඳුමක් හොයාගෙන

කොහොම උනත් ලව් ලෙටර කියන්නෙ මහා භයානක දෙයක් බව නම් පැහැදිලියි

ඇනෝපිලිස් said...

යකෝ...... මට එහෙම උනා නම් බඩ කපන් මැරෙනව....... ඒත් උබට තියන ගට ගැන සතුටුයි......

දුශ් said...

අඩෝ මේ උබේ කීවෙනි කුලුදුල් ප්‍රේම කතාවද බන්? මට මතක් විදිහට මේක හතර වෙනි කුළුදුල.. අනේ මන්ද උබත්, මටත් තියන ප්‍රශ්නේ ඒකිට නහයක් තිබ්බද කියල උබට හොදටම sure ද? උබට නම් නහයක් නැති ගානයි නේ.. මට තියන ප්‍රශ්නේ, එකී එක අරන් උබට බැන්න නම් එකක්, කොල්ලට දීල අර වගේ බලු වැඩක් කරපු එක නම් චව්. එකී ඊලග ආත්මේ කොල්ලෙක් වෙලා උබට වෙච්ච සන්හදියම එකිටත් වෙලා, අම්බානෙක පච වෙත්ත්වා කියල මම ඉතා සිතින් ප්‍රර්ථනා කරනවා.. මේ උගේ කොල්ල හිතන් ඇති, උ හරි ලොකු වැඩක් කර කියල, උ බූට් එකක් කලාම නැති එකෙක්ද? උන් දෙන්න යහතින් ඉන්නවද? මේ උබට දාපු නමත් දාපන් ඇ? මෙච්චර පච වෙච්ච එකේ ඕක මොකද්ද? හේ හේ.. මොනවා උනත් පට්ට මචන්, අද නම් ලොක්ක බැනලා එලෙව්වත් මේක කියවල comment එකක් දාලමයි පස්ස බලනේ කියල පටන් ගත්තේ.. ඔන්න වැඩේ ගොඩ.. ලොක්ක අවේ නැ..

Gimhani said...

සඳරූ , උංගි කරල තියෙන්නෙ මහ කැත වැඩක්නෙ අනේ . මහ නපුරු කෙල්ලක් .. අකමැති උන එකමයි හොඳ ..

…ඒක නෙමේ සඳරූ එහෙන් ධ්නංජනී මෙහෙන් උංගී කී දෙනෙක් ගැන හීන මැව්වද ඔයා ඒ කාලේ ?

මන්තරකාරි said...

මං හිතුවෙ ඒක කියවලා කවුරුහරි සඳරුට ලස්සනට ලියන්න පුලුවන් කියන එක තේරුම් ගනීවි කියලා. අපරාදේ ඒක ඉරුවෙ නැත්නම් අපිටත් බලා ගන්න තිබුනනෙ... අනේ මං තවම සෙනේ කොලයක් කියවලා නෑනේ. ෆෝන් කියලා ජාතියක් ආවේ නැත්නම් හොඳයි වගේ...

නිසුපා said...

අප්පේ.... ඔයා ඊට පස්සෙ ඉස්කෝලෙ යන්න හිත හදා ගත්තෙ කොහොමද මල්ලි.මටනම් හිතාගන්න බෑ.

හැබැයි ඒ වයසෙ කාටත් ඔහොමයි නිසා ගානකුත් නෑ.

RanDil said...

මං මේ කල්පනා කරන්නේ එක්කෝ මේ දරුවා බොරු අතේ පැල කරනවා, නැත්තං මල්ටිනැෂනල් පෙම්වතෙක් වශයෙන් කටයුතු කරලා තිබෙනවා.

එහෙම නැත්තං අර ධනී කෙලී සඳරු ඒ කෙලීගේ අතින් ඇද්ද ගමන් ගිහින් ටීචර්ට කියලා ගුටි පුජාවක් ඉල්ලලා දෙන්න හේතුවත් මේකම වෙන්නත් පුළුවන් කියලා මට හිතෙනවා.

ඇයි අප්පා ඒ කෙල්ලගේ අතින් ඇද්දෙත් නමය වසරෙදී නේද? ඉතිං හරිම සත්‍ය ප්‍රේම බුංග රාජයෙක් තමයි මේ සඳරුත් හැබෑටම බලං ගියහම. ඔහොම ඔහොම කියාගෙන ගිහින් පංතියේ ඉන්න ගෑණු ළමයි සේරමටම ප්‍රේමය ප්‍රකාශ කරලා වගෙයි මට පේන්නේ.

:)

කස්ස said...

උඹ හොඳයි, මම ඉස්සර වෙලාම දුන්නේ මගෙ ඇඩ්‍රස් එකයි,චමින්ද වාස්ගෙ පින්තූරෙකුයි.හිතාගනින්කො ඕව කෙල්ලො සෙට් එක කිචි බිචි ගාල කතා කරන කොට ඇතිවන අපහසුව.දැන් මතක් වෙන කොටත් විලි ලැජ්ජයි.හැබැයි ඉතින් ඒ හිච්චි කාලෙ.

වාචාලයා said...

හත් ඉලව්වෙ වෙච්චිදේට මක් කොරන්නද?

විසිතුරු | visituru said...

රංකැටියා කරලා තියෙන්නෙ මහ බලු වැඩක්නෙ! මහ චාටර් බුවෙක්.. ඔය කෙල්ල දාගත්තා කියලා ඌ මහ ඔලුවෙන් ඉන්න ඇත්තෙ....

ItalyDilan said...

මටත් හිතාගන්න බැරි මේ කී වෙනි කුළුදුල් පෙමද බන්.... දැන් කාලෙත් ඔය වැසිකිළි තමා මල් කඩන්න හොදම තැන,,මාර අදහස් එන්නේ ඔතනින්

Beetle said...

ඒ වෙච්ච ලැජ්ජාව පිටින් හෙන මාකටින් පාරක් දාලා උඹට වෙන කෙල්ලෙක් සෙට් කරගන්න තිවුණා ටොයිස් වගේ :D

සපතේරු උන්නැහේ said...

සඳරුවා... මලේ බොට වෙන වැඩ නම් හිංදි චිත්‍රපටි වලටත් වඩා කොමිටල් නෙ බං..

අර නම " ලැට් ලියුමා " නේද..

කියවන්නෙක් පමණි said...

ඒ බස් හෝල්ට් එකේන් ගුරැවරැ යන්න ආපු නැති එක වාසනාවක්. පස්සේ කාලෙක බස්වල යනකොට ලව් ලෙටර් බහින අය ඉල්ලසරහට එන්ඩ, ලව් ලෙටර් නැග්ග අය සල්ලි ගන්න වගේ කොන්දලා කියන්න ගත්තා කියල ආරංචියකුත් තියෙනවා.
තව දෙයක් මාසෙට පෝස්ට් 7 දාන්න මාසේ අන්තිමට මොකක්ද එක ඉරාගෙන දගලන්නේ නැතිව මේ යන විදිහ හොදා ඕං..

Observer said...

මේක සඳරුවගෙ හෙන පචයක්.
ජාලිය ක්‍රිෂ්ණජිනා පෙම්වතුන්ලු.
අනාගාරික ධර්මපාල තුමාව ආදාහනේ කලාද මිහිදන් කලාද දන්නෙ නැහැ, ෂුවර් එකටම ආදාහනේ කරන්න ඇති.
නැත්තං එතුමා කිව්ව කියල මේක කෙලින ගජ බින්න වලට, වල ඇතුලෙ ඉඳගෙන දත්මිටි කනව ඇති.
එකම ඇත්ත 'හස්ත කර්මාන්තෙ' ගැන කියපු ටික විතර වෙන්නැති, එකත් දෑතින්ම කලාලු, ගැජමැටික් දෙකක් තියෙනවද දන්නැහැ හෙහ්..හෙහ්..හෙහ්..

හැබැයි ප්‍රබන්ධය නම් නියමයි, මුල ඉඳල අගටම රස වින්ද.
[කතා කියනවා කියන්නෙ, ඇත්තම කියන්න ඕනෙ කියල නීතියක් තියෙනවයෑ .

widanarala said...

මලේ උඹ වැඩේ වරද්දා ගෙනනේ....අපෙන් අහන්න එපයි බං වැඩක් කරද්දී, දැන්වත් අහගනිං...
උඹට තිබ්බේ ඔය ලියුම මොකක් හරි කොල කෑල්ලක ලියලා, පත්තර කොලේක හරි කමක් නෑ, එකත් එක්ක අර රුපියල් 50 , ඉන්හෑන්ඩ් ඒකිට දෙන්න,එහෙනම් ප්‍රේමය මතු වෙන ව්දිය බලාගන්න තිබ්බා....උඹ වැඩේ කාගෙනනේ...
මේකත් බලහන් කෝ...මේක ලියලා ගොඩක් කල්....ජනවාරි,
http://widanarala.blogspot.com/2011/01/blog-post_15.html

widanarala said...

ආ තව දෙයක්, රන්දිල් අක්කා ආයෙත් දැක්කා...බොහොම සතුටුයි..අපි බ්ලොග් කියවන්න පටන් ගත්තු කාලේ හිටපු ඉතාම ක්‍රියාශීලිම බ්ලොග්කාරියක් නේ... අපේ සන්සරසිදු මිත්‍රයාටත් බොහොම උදව් කලා මතකයි... මොකද පේන්න හිටියේ නැත්තේ ?

Anonymous said...

මං දැන් සති 2ක වෙලේ ඉඳල තමයි හිස් අහසට ගොඩ වෙන්නෙ.....ඔයාගෙ සෙනේ කොලේ කතාව කියවල පන යන්න හිනා උනා...... කොමෙන්ටුවෙ පහල ටිකට නම් බැනුම් අහන්න වෙයි කියල මට හිතෙනව.....එත් ඔන්නොහෙ කියලම දානව.......මීට සති කීපයකට උඩදි අපේ නංගිට සෙනේ කොලයක් ලැබිල තිබුන... එයා තාම කැම්පස් ගිය අලුත.....නංගි අකමැතියි කියල කියල තිබෙද්දිත් දෙවෙනි වසරෙ කොල්ලෙක් තමයි සෙනේ කොලේ පූජා කරලා තියෙන්නෙ.....නංගි සෙනේ කොලේ ගෙදර හැමෝටම ( මම , මල්ලි , අම්මා , තාත්තා ) පෙන්නුවා......අප්ප්පට සිරි එකෙ තිබිච්ච ආදර වදන් ටික....මේ දැනුත් මතක් වෙනවා......අපොයි පව් දෙයියනේ ඒ කොල්ලා.......හිකි හිකි.......... තාත්තත් හිනා වෙවී සෙනේ කොලේ කියෙව්වට තාත්තටත් අනේ අපොයි කියල හිතෙන්න ඇති......තාත්තා ඒ කාලෙ දීපු සෙනේ කොල ඒ කෙල්ලොත් ගෙවල් වල ගෙනිහින් ගෙවල් වල උන්ට පෙන්න පෙන්න මැරෙන්න හිනා වෙන්න ඇතිනෙ කියල මතක් වෙලා..................
මීට, මං :D

elephas said...

හෆෝයි. සිරාවට ම මාර පවු වැඩේනෙ......... මොනා වුනත් ඔච්චර කට්ටක් කාල ලියපු ලියුමට ඔයිට වඩා තැනක් දෙන්ඩ තිබුනා :p

මලික් said...

ෂීක් මහා පජාත බඩුවක් එකිනම් .. උඹට කරපු වැඩේට කොටියම කාපිය ඒකිව .........

දුකා said...

අපේ කලින් ගෙදරට ඉස්සරහ ගෙදර නංගී කොල්ලෙක්ට ලියුමක් දීලා.

ඒ කොල්ල අපේ නන්ගිගේ ෆිට් එකට ලියුම නංගිට දීලා

නංගි මාත් එක්ක ෆිට් එකට මට දුන්නා

පස්සේ අපි දෙන්න ෆිට් වෙලා ඉස්සරහ ගෙදර කෙල්ලව මැඩෙව්වා මැඩවිල්ලක් . .

දැන් මතක් වෙද්දි ඒකි ගැන දුකත් හිතෙනවා බන් . .

ඉස්සර ඒකි අපි දෙන්නව දැක්කම ගේ ඇතුලට දුවලා ගිහින් හැංගෙනවා . .

මෙන්න ලියුමේ තිබ්බ දේවල් වලින් මතක කෑල්ලක්.

"අපේ ආදර අපි පාන් වගේ නේද සරත් . . .

බේකරියේ හැමදාම පාන් හදන්වා වගේ අපිත් හැමදාම ආදරේ කරමු . ."

අපි කෙලල්ව දැක්ක ගමන් කෑ ගහනවා ශිරානි පාන් ගේන්න කඩේ යන්නේ නැද්දෝ කියලා . .

අපි කරපු වැඩේ කැතයි කියල දැන් තේරුනේ රංකිරි කරපු ජරා වැඩේ නිසා . . .

Dedunu Dhananjaya said...

එල එල දැන් ඉතින් වුන දේ වුනානේ. ආදරය වෙනුවෙන් තමා ගොඩක් අය ජිවිතේ ලොකුම ලොකු ලැජ්ජාවල් දුකවල් කැප කිරිම් කරලා තියෙන්නේ.

පෝස්ට් එක එල ය‍ාලුවා

මධුරංග said...

අම්පාරෙ කෙල්ලො ඔහොම තමයි සදරු.....කට්ට කාලා කොල්ලො ලියන්නෙ කියලා උන් හිතන්න දන්නෙ නෑ....

ඹාලු ෆිට් එක said...

ආදරය සුන්දර වරදකි
කිසිදා සමාවක් නම් නැති
මට පෙන්නලා ආලේ හැටි
නුඹ දුන්නු දුක හොඳටම ඇති...කියන්නේ ඔන්න ඔය වගේ වෙලාවට තමා.....
ෂැහ්...
හරියටම ආදරේ කරනවනං, තමංගේ ප්‍රේම වන්තයා/තිය වෙනුවෙන් කක්කුස්සියට උනත් රිංගන්න ෆිට් එකක් තියෙන්න ඕනේ...
ඒ අතිං ඔයා රෝමියෝට වඩා විශිෂ්ඨයි!
පෝස්ට් එක නම් ෆට්ටයි!

ChammA said...

අනිවා මේක නම් රෙකෝඩ් එකක්ම තමා

හිස් අහස said...

@samadhi - අන්න ඒක නම් මට හරියට සුවර් නෑ මොකද ඔය සුවඳ දැනිලා දැනිලාම මගේ නහයට හුරුයි ඉතින් මට නොදැනුන ගඳක් ලියනෙන් විහිදුනාද මන්දා
.............................................................................................................................
@cjgayan =ස්තූතියි මචා අමුතුම ජාතියේ පාඩමක් නම් ඉගනගත්තා
............................................................................................................................
@Praසන්ன= පවුඩර් දාන්න නම් බැරි වුණා . මගේ නාසයට ඔය කක්කුස්සි ගඳ හොඳට හුරුයි ඒක නිසා මට නොදැනුනු ගඳක් ඇයට ආවාද මන්දා ! . මම උඹට විතරක් සුවර් එකට කියන්නම්
............................................................................................................................
@චරිත් = පස්සේ තමා දන්නේ ඒක කියලා තියෙන්නේ වෙන කෙනෙක් කියලා . මමත් දන්නෑ බං කවුද කීවේ කියලා ඇත්තටම
............................................................................................................................
@මාධව = මොකද්ද බං ඒ කතාව . මොන පයි ? මම එහෙම ෆිල්ම් එකක් ගැන අහලා නෑ නේ . හොයාගෙන බලන්න ඕන
............................................................................................................................
@ශානු = මටත් වචන නැති වුණා එදින
............................................................................................................................
@සීතල අයියා= ආයෙත් අහලා
............................................................................................................................
@සයුරි = මෝඩි මෝඩි . අපරාදේ ඒ කොල්ලගේ මහන්සියට හරි ඒක ගන්න තිබුණා . ආයේ ඉතින් ඔයාට මේ කපේට සෙනේ කොලයක් ලැබෙන්නේ නම් නෑ
............................................................................................................................
@දිල්= ආ අපේ කක්කුස්සිය එච්චර ගඳ නෑ ! හරිම සුවඳයි
............................................................................................................................
@අවංක පැට්ටා= අවකවම කීවොත් මචං අපේ කක්කුස්සිය මාර සුවඳයි . මාව බස් හෝල්ට් එකේ අලවන්න තිබුනු බය නිසා වෙන්නැති රංකැටි මගේ ලියමන ඇලෙවුවේ .
............................................................................................................................
@prasanna86k= ඒකත් ඇත්ත නේන්නම් . මගේ ලිපි අතරින් ගොඩ දෙනෙක් කියෝපු මුල්ම ලිපිය වෙන්නේ එතකොට ඒක .
............................................................................................................................
@පිණිබිඳු = ඔයා පාවිච්චි කරපු ටෙක්නික් මොනාද කියලා අපේ තරුන පරපුරේ දැන ගැනීම පිණිස කියලා දෙන්නෙකෝ අක්කන්ඩි
............................................................................................................................
@ayesha = අනගාරික තුමා නෙවේ වෙන කෙනෙක් කියලා තියෙන්නේ අපොයි තදියමට වැරදිලා
............................................................................................................................
@sameera= උංගි දැන් පුග්ගලික විස්ස විජ්ජාලෙක උපාදියක් හදාරනවාලු ! ඒකාලේ අපිට ඉතින් ඊමේල් තිබුනෑ . එස් එම් එස් තිබුනයෑ . යන්තම් ඒවායේ පිහිටෙන් අද නම් ජීවත් වෙනවා
............................................................................................................................
@Ice (අයේෂා කුලතුංග)= අපොයි මොකද නැත්තේ අන්නත අප්‍රමාන හමු වුණා ඒත් ඌ මාත් එක්ක කතා කලේවත් මම ඌ එක්ක කතා කලේවත් නෑ . මම අවුලක් නැතිව පරිස්සමෙන් හිටියා

හිස් අහස said...

@කතන්දර =තෑන්ක්ස් වේවා ලොකු අයියේ කතාව මතක් කලාට . මේකයි වුණේ කතාව මට ලියන්න අමතක වෙලා තිබුනේ . ඔයා තමයි ලවු ලෙටර් කෙලියක් ඇදලා අරගෙන මේක මතක් කරලා දුන්නේ . "යවිවනේ" කියලා ලියන්නේ මෙහෙම නේන්නම් හදන්න ඕන වරද
............................................................................................................................
@නිර්මල = ඒ ප්‍රතිචාරේ ලැබෙන කම් කොල්ලෝ පපුවේ ගිනි ඇවිලී ඇවිලී බලාන ඉන්නවා . කෙල්ලොන්ටනම් ගානක්වත් නෑ
............................................................................................................................
@මාතලන් =ටෙලි ඩ්‍රාමා හදන එවුන් මේවා අරං මාව බැලැක් මේල කරන්න ගනීවිද මන්දා . රෙන තැන ලියුම් ලියන එක නම් හරිම වැරදි පුරුද්දක් බං . කවුද ඔය වැඩ කරන චාටර් බුවා ?
............................................................................................................................
@වෙද ගෙදර මහ වෙදනා = නවක වදය දවසේ ඒ අසරන කෙල්ල මොනවා කලාද මොනවා වුණාද කියලා මට හීනෙකින්වත් හිතාගන්න බැරුවා අයියේ . දැඩි දඬුවම් දුන්නද ?
............................................................................................................................
@තනි අලියා = තවම පමා නෑ ලියමනක් ලියා දියං ඇතින්නියෙකුට හරි ඉක්මනට තුම්පත් රෑනක් වෙයං
............................................................................................................................
@Theekshana= ගෙදරින් එලවන හින්දා ගියා බං . ජීවිතේ එපාම වෙලා උන්නේ ඒ දින කීපේදී
............................................................................................................................
@Harshana = මොනා කරන්නද ? බං මටමමයි වෙන්නේ
............................................................................................................................
@Podi Kumarihami= ඕක මට හැමදාම අමතක වෙනවා . අනගාරික තුමා නෙවේ නම් කවුද ඇත්තට ඕක කීවේ . ? දන්න කෙනෙක් මට කියා දෙන්න . ඔන්න ඒ වචනේ කැපුවා මම
............................................................................................................................
@තරිඳු= උල තිවුවා නම් මීට වඩා සැපයි බං
............................................................................................................................
@බුවාගේ සිතුවිලි = අහ් .. වැරදිලා නේද වස නෝන්ඩිය . ඔන්න අත කියලා වෙනස් කලා .ලවු ලෙටර් කියන්නේ පුදුම බයානක දෙපැත්ත කැපෙන මුවහත් අවියක් . ‍
............................................................................................................................
@ඇනෝපිලිස් = මොන ගටක්ද බං . ගෙදරින් එලවන නිසා ඉස්කෝලේ ගිහිං ආයේ හාල් වෙලා ගෙදර ආවා ඉස්කෝලේ උන්ට ඕක අමතක වුණේ මාස ගානක් ගියායිං පස්සේ
............................................................................................................................
@දුශ්= නෑ මචං ආදර කතාවක් මෙතන නෑ මෙතන තියෙන්නේ මම කෙල්ලෙකුට පෙරේද කමක් දැක්වීමක් විතරයි . ආදර කතාවක් වෙන්ඩ නම් කෙල්ලත් මට හා කියන්ඩ ඕනෙ . මේක එතකොට අර්ධ ආදර කතාවක් . මට මේවගේ කතානම් එකසිය ගානට තියේ . ඒත් කෙල්ලත් හා කීව අවස්ථා තියෙන්නේ 4 විතරයි
............................................................................................................................
@Gimhani= උංගි කෙල්ල නම් කෝමත් යකින්නක් . අක්කන්ඩි ධනී හිටියේ අපේ එහා පන්තියේ . ගොඩ දෙනෙක්ට මම හීන මැවුවා ඒත් ඒ හීන ඇත්ත වුණේ අවස්ථා 4කදී විතරමයි අනෙක් ඒවා හීනම වෙලා මේ වහේ බොඳ වෙලා ගියා
............................................................................................................................
@මන්තර කාරි = මගේ ලියුම් ලිවීමේ හැකියාව නම් එදා ඉස්කෝලේ ළමයින් ගෙන් බාගයක්ම තේරුම් ගත්තා , අනේ මේ කියෝන කවුරු හරි පිංවත් කොල්ලෙක් මේ මන්තර කාරිට සෙනේ කොලයක් යවන්න ..
............................................................................................................................
@නිසුපා= කොහේද අක්කන්ඩි හිත හදාගත්තේ ! මම ගෙදර එවුන් මාව ගෙදරින් එලවන නිසාම ඉස්කෝලේ ගියා නැත්තම් මම ඉස්කෝලේ පැත්ත පලාතේ පස් පාගන්නේ නෑ .
............................................................................................................................
@RanDil= ධනීගේ අතින් ඇද්දෙත් නවයේදීම තමා . ඒත් අක්නඩි ධනී උන්නේ අපේ එහා පන්තියේ . මම එකසිය ගානට ප්‍රේමය ප්‍රකාශ කරලා තිබුණත් අනේ මට කෙල්ලෝ හතර දෙනායි කැමත්ත ප්‍රකාශ කලේ . ‍

හිස් අහස said...

@කස්ස= අපෝ බං ඒ මොකද චමින්ද වාස් ගේ රූපයක් දුන්නේ උඹ හිතුවේ මේ රටේ කෙල්ලෝ චමින්ද වාස්ව දන්නෑ කියලද .. අපෝ මම හොඳයි බං උඹ පවු !!
............................................................................................................................
@වාචාලයා = මක් කොරන්නද තමා බං
............................................................................................................................
@විසිතුරු = මමත් හිතන්නේ ඒමයි ඌ මට ගහන්න බය ඇති ඒකනේ මගේ ලියමනෙන් පලි ගත්තේ
............................................................................................................................
@ItalyDilan= මචං මම තාම මගේ කුළුඳුල් පෙම ලියලා නෑ . පෙමක් සම්පූර්න වෙන්න කෙල්ල වචනේ දෙන්න එපෑය . මෙතන එහෙම දෙයක් වුණේ නැති නිසා පෙමක් නෑ ඒක පාර්ශවික පෙමක් පමනයි මෙතන තියෙන්නේ . මගේ පලමු පෙම දිනුවේ මහ නුවරදී
............................................................................................................................
@Beetle= අපේ පැත්තේ ඒ වාගේ කෙල්ලෝ නෑ බං වෙන කෙල්ලෙකුගේ පස්සේ ගිහින් ඇන ගත්තා කියන්නේ නිකම් කෙල්ලක් එක්ක නිඳාගෙන අහුවුණා වාගේ තමා ඒ කාලේ
............................................................................................................................
@සාපතේරු උන්නැහේ = ලඟින් යනවා ඒත් ඒක නෙවේ . මොකද මම ලැට් එකේ ඉඳන් ලීවා කියලා දන්නේ ඔයැයිලා විතරමයි
............................................................................................................................
@කියවන්නෙක් පමනි = සහතික ඇත්ත බං මට අන්තිම සතිය එනකොට තමා මතක් වෙන්නේ හප්පා පෝස්ට් ගතක් ලියන්න ඕන නේද කියලා ඉතින් කලබලේ ලියනවා . මේ වගේ හෙමීට ලියාගෙන යන එක හොඳයි වගේ
............................................................................................................................
@Observer = පචයක් නෙවා අයියන්ඩි හැබැයි ඔයා මේ ලිපියේ තිබ්බ වැරදි සේරම පෙන්නා දුන්නා අප්පේ ඔන්න ඒ සේරම ආයේ සකස් කලා . උඹ වගේ එකෙක්ට වරදක් හමු වුණා කියන්නේ වරද කරපු එකා කපෝති . ගැජැමන්ට් එකයි බං මටත් තියෙන්නේ හි හි

හිස් අහස said...

@widanarala= උංගිට සල්ලි තිබ්බා බොල . ඒකි ඕන නම් මාව වුණත් සල්ලි වලට ගන්න හැකියාව හොඳටම තිවුනා . මම එන්නකෝ උඹගේ වානිජ ආදරේ බලා යන්ඩ
............................................................................................................................
@Anonymous (මීට මං ) = අන්න නියම නංඟාලා ඒකේ වරදක් නෑ බං තමන් හදාපු ලොකු මහත් කරාපු ගෙදර එවුන්ට බොරුවක් කරන්නවත් ආයේ කිසි දෙයක් හංගන්නවත් ඕනේ නෑ නේ . උඹලෑ නඟා 100% හරි . හිස් අහසට ඇවිත් යනවට ස්තූතියි බං . කමෙන්ට් නැතත් උඹලා එන යන කියෝන එක මට වටිනවා
............................................................................................................................
@elephas = අප්පේ මේ දීපු තැන හොඳටම ඇති ඒ ලිපියට හිට්ස්ම හම්බුණා 100ක් විතර
............................................................................................................................
@මලික් = අනේ උඹ ඒකිව දැක්කානම් එහෙම කියන්නේ නෑ මයෙ අයියා . උඹත් ඒකිට ලියමනක් දෙනවා සුවර්
............................................................................................................................
@දුකා = අනේ පවු බං දුකා අයියා අල්ලපු ගෙදර කෙල්ලගේ ප්‍රතම ප්‍රේමය වෙන්නැති . අඩේ පාං ගෙඩියට ප්‍රේමය උපමා කරපු බවක් නම් මම ඇහුවේ උඹගේ කමෙන්ට් එකේ විතරමයි . ෆනේ ෆන් .අපි කැලයක් මැද කඩයක් දාගෙන ඉමු කියලා කෙල්ලක් ලියුමක ලියලා තිබ්බාය කියන්නේ
............................................................................................................................
@Dedunu Dhananjaya = ආදරේ වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑය කියනවා නේ මිත්‍රයා . ඔයා අලුත් එකෙක් වගේ අදමයි දැක්කේ ඉතින් වෙල් කම් කියනවා හිස් අහසට .
............................................................................................................................
@මධුරංග = අප්පා උඹ මයෙ පලාතේ එකෙක් ! යකෝ පිට දේසෙක තනියම ඉන්දෙද්දී තමංගේ එකෙක් හම්බුණා වාගේ සතුටුයි මට .. ජය වේවා දොරේ !!
............................................................................................................................
@මාලු ෆිට් එක /= "හරියටම ආදරේ කරනවනං, තමංගේ ප්‍රේම වන්තයා/තිය වෙනුවෙන් කක්කුස්සියට උනත් රිංගන්න ෆිට් එකක් තියෙන්න ඕනේ..." හෆ්ෆා බොහෝම බයානක වැකියක් නඟේ . ස්තූතියි ඇවිත් ගියාට . රොමියෝ නම් කවුද අපේ බල්ලගේ නමත් රොමියෝ
............................................................................................................................
@චම්මා = වර්ල්ඩ් රෙකෝඩ් එකක් නේද බොස් ?

ලොකු පුතා said...

රංකිරි උඹේ ලියුම බස් හෝල්ට් එකේ අලවන්නේ නැතුව ඇවිත් උඹත් එක්ක කතාබහ කරලා මේක විසඳ ගත්තනම් මීට වැඩිය ගොඩක් හොඳයි.
ඒත් ඉතින් ඌටත් ඒ කාලේ තේරෙන තරමටනෙ බං ඕක වෙන්න ඇත්තේ. අනික ඒ ලියුමේ බලපෑම ඌට සහ උගේ කෙල්ලටනේ. කෙල්ල ලස්සන නිසා ඌත් ටිකක් බයෙන් ඉන්න ඇත්තේ :)

උඹේ කුළුඳුල් ආදරේ ගැන හැමෝම වගේ ප්‍රශ්න කරන හින්ද මටත් පොඩි දෙයක් කියන්න හිතුනා.
මුල්ම කෙල්ල එක්ක යාළු වෙනකං ට්‍රයි කරන හැම කෙල්ලම කුළුඳුල් ආදරේ තමයි, ඔන්න තේරුණාද ?
(හොරාට කලින් කෙසෙල්කැන වැට පැන්නේ නැහැ ඕං....)

වසිලිස්සා said...

හරිම ලස්සන මතකයක් සඳරු.මගේ පලවෙනි සහ අවසාන සෙනෙහෙ කොලේ ලස්සනට හැඩ කරලා ,ලස්සන කවරෙකත් දාල එයට දෙන්න හිතන් හිටියට මට මහා බයක් සහ ලැජ්ජාවක් දැනුන මේක අහුවුනොත් අත්වන බයානක ඉරණම ගැන හිතල,අනේ දුකෙන් මන්ම පුච්චලා දැම්ම .හැබැයි කවි නම් ලියල දුන්න.දුක කිව්වා වගේම අපේ නංගිගේ යාලුවෙක්ට අපේ ගමේ බේකරියේ කොල්ලෙක් ලියුමක් දීල තිබ්බ.
"මන් ඔයාට හැමදාම ජෑම් පාන්,ඉස්පන්චි,කිඹුලා බනිස් දෙන්නම්, ඔයා මට කැමති වෙන්න" කියල
එදා ඉදල ඒ ළමය දකිද්දී අපිට හිනා යනවා :)

Dinesh said...

ඔතන උඹ කරපු එකම වැරැද්ද තමයි ලියුම ලියන්න තොරගත්ත තැන.. අඩු තරමේ සෙනේ කොලේට සෙන්ට් පොඩ්ඩක්වත් ගහන්න තිබුනනේ..
හිනා උනාට මොකද වෙලාවකට උඹට උන දේවල් ගැන දුකත් හිතෙනවා.. කෙල්ල බෑ කියලා ලියුම මූනට දමලා ගැහුවත් ඉවසත හැකි අර විදිහට ප්‍රදර්ශනේට තිබ්බම කාටද ඉවසන්න පුළුවන්..
ඒක නෙමෙයි ඕක බස් හෝල්ට් එකේ ගැහුවයින් සීන් එක ගෙදරට ආරංච් උනේ නැද්ද??

Buratheno said...

හික් හික්, ඔන්න ඕක තමා මම කකාගෙ පෝස්ට් එකේදිත් කිවුවෙ.. ලවුලෙටර් එකක් දුන්නට පස්සෙ ඒක කොහෙ ගිහිං නවතියිද දන්නෙ නෑ.. ඕක නිසා තමා මම කවදාවත් ඕවා ලිවුවෙ නැත්තෙ.. :)

මොනාවුනත් අර රංකිරියද මොකාද එකා මහ ගූ වැඩක් කරලා තියෙන්නෙ.. කොන්ද පණතියෙන එකෙක්නං ඌට තිබ්බා කෙලින්ම ඇවිත් උඹට කියන්න, කියන්න තියෙන දෙයක්, අර වගේ චොර වැඩක් නොකර..

@දුකා,

පවු යකෝ අර කෙල්ල.. :D

මකුළුවා..... said...

නියම ලිපියක් සඳරු අයියා....එල....

Bunny said...

උඹ පවු බං :)

Anonymous said...

මොන මගුලක් ද මන්දා>>>මම දන එක කොමෙන්ට් එකක් වත් වටෙන්නෙ නෑ......මචO,,,,, මේ උබ ලියුම ලීවේ ඉදගෙනද?????? හිටගෙන ද???MarK

පැණි දොඩම් said...

අඩේ අපිල ආවේ මෙතන ෆයිට් ඔක්කොම ඇති කියාලායි. රංකිරයි උඔයි අපේ රුපියල් පා කේවා.

දුකා said...

@බුරා
ඔව් බන් ඒකිව දැක්ක කාලයක් මතක නෑ . .
අපි නම් තාම මතක් කර කර හිනා වෙනවා.

Anonymous said...

ආයෙමත් ඉතින් පට්ට පට පට තමයි........

අහින්සක අ.පේ.

අසනි said...

දන්නවනම් ඒ ලිවුම ලියපු තැන, කෙල්ල ලිවුම විසි කරන්නේ බොලාගේ ඔලුවටත් උඩින්....අනේ මෙහෙව් එකෙක්....

ඉඳුනිල් said...

රංකැටියා හොඳ එකා බං. උඹට කායික පීඩාවක් එහෙම වුනේ නෑ නේද?

Gayan Rupasinghe said...

සදරු මලේ... ඔය 9 වසරේ අහවල් පොත අපි කියෙව්වේ 8 වසරේදී,,, ඔය පොත් ගබඩා කරලා තිබ්බ කාමරේ දොර කලා තමයි අපි ඔය පොත ගල් කොරල කියෙව්වේ.. කතාව නම් නියමයි මචෝ... ඔව්වා මොනාද... ගණන් ගන්න එපා...

ජය...

මධුරංග said...

ඔකොම කක්කුස්සියක ඉදන් ලියුමක් ලියපු කොල්ලෙක් ගැන ඇහුවමයි. මොනා උනත් අර කොල්ලා කරලා තියෙන්නේ කැත වැඩක්. කෙල්ලෙක් නිසා තව කොල්ලෙක්ව චාට‍්ර කරන එක කැත වැඩක් බොලවු.

Ishara said...

සැලෙන්න එපා මල්ලී එක කෙල්ලයැ මූදෙ ඉන්නෙ. අනික ඔය උංගිට ලව් කරන්න ගිහින් තියෙන්න උඹ ජංගි අඳින කාලෙනෙ. ඒක නිසා කොහොමත් ගණන් ගන්න එපා.

Anonymous said...

නියමයි මචන් එලටම ලියල තියනවා. කෙල්ලෙක්ව ජිවිතෙට ලං කරගත්තා කියන්නෙ ගු ගොඩක් ලග ඉන්නවා වගෙ මට නම්.පලමු සපත්තුව උරුම උනයින් පස්සෙ හිතෙන්නේ එහෙම.පලමු සපත්තු පාරට තාම විදවනවා.තනිකඩ ජිවිතය සැපයි.ඔයාගෙ ලිපි ඔක්කොම කියෙව්වට අදයි Comment එකක් දැම්මේ උබ නියම ගටක් තියන කොල්ලෙක් අපි උබෙ අහලකවත් නැ උබත් එක්ක බලද්දි අපි බයියො දුකයි බන්. උබට ජය

rosa.italy

sAm (සෑම්) said...

මම අදයි බ්ලොග් එකට ඔළුව දැම්මේ "නවය වසරේදී අපේ ඉස්කෝලෙන් දීපු අච්චු පොත් අතරේ අපි කැමතිම එක පොතක් තිබුණා...." මගේ ‍බ්ලොග් එකෙත් ඉස්කෝලේ වුණ සීන් ලියනකොට නවය වසරදී අග ඉදන් මුලට කියවපු සෞඛ්‍ය පොත ගැන විස්තරයක් දැම්මා. බලනකොට අ‍පි ඔක්කොම එක බෝට්ටුවේ සදරැවෝ...

චරිත්|charith said...

තව ප්‍රශ්නයක් ආව බං හික්! ඇත්තටම ඔය ඉර නගින පැත්තෙ කෙල්ලො ඔච්චර ගනන් ඇයි? උඹ හැන්ඩි කොල්ලනෙ...එක්කො උන් අසාමන්‍ය සුන්දර වෙන්නැති නේ.... :D

rawana said...

අඩේ සදරු අන්න බන් නියම පෙම්වත්තු උඹ නෙමේ බන් රන්කටියා කඩු නැ, කිනිසි නැ, ඩප්පි නැ , කෙලින්නම ඇලෙව්වා ලියුම තාප්පේ . නඩු නැ , ගේම පිනිෂ් .

ඉඳුනිල් said...

ප.ලි. අනේ මචෝ තරහ වෙන්න එපා කිව්වට. මෙතනදී උංගී හරි නේද :-) .. බලපන් ඒකි මනමේ කුමාරි වගේ චපල වුනේ නැහැ.රංකටියාට එක හිතින් ලවු කරලා..

ThinkTwice said...

ඇත්තටම ලස්සන කතාවක්. ඊට පස්සේ උබේ උන්ගිට මොකද උනේ..ඒකි අර රන්පැටිය කියන එකාව බැන්දද? එකත් කිව්වනම් තව හොදයි. මටත් මගේ ඉස්කෝලේ ගිය කලේ මතක් උනා. උබල නම් හරි වාසනාවන්තයි. උබලගේ ඉස්කෝලේ කෙල්ලොත් හිටිය. මම නම් පොඩි කාලේ ඉදන් ගියේ පිරිමි පාසලකට අපි ඉස්කෝලේ ඇරිලා කිලෝමීටර් ගණන් ඇත යනවා ගෑනු ළමයි ඉන්න ඉස්කෝල හොයාගෙන. හදිස්සියේ වත් සපෝර්ට් මීට් එකටවත් අරාදිත පාසල් වලින් කෙල්ලෝ අවොත් අපි කොල්ලෝ ඔක්කොම පිස්සු හැදිලා කෑගහනවා. එකයි අපේ තත්වේ.
මම ඉස්කෝලේ ගියේ කෝච්චියේ. මාත් අව්රුද්දක් ඔහොම කෙල්ලෙක්ට ලව් කරා. උබවගේ මමත් ලස්සන ලියුම් ලියාගෙන ගියා ඒකිට දෙන්න. සතියකට ලියුම් දෙකක් වත් ලියාගෙන ගියා(උබ වගේ toilet එකේ නෙමෙයි ලීවේ.) ලිව්වා ලියුම් හතළිහක් විතර ලගට ගිහින් දෙන්න ගට තිබ්බේ නැහැ. අන්තිමට කෙල්ලත් මම හැමදාම වටේ කැරකෙන නිසාදෝ මන් දිහා හොරෙන් බලන්නයි. ඉඩ හිට හිනා වෙන්නයි පටන් ගත්තා. මමත් පොඩ්ඩක් දිරිමත් වෙලා අප්‍රතිහර ධෙර්යෙන් ලියුම කෙල්ලගේ අතට දුන්නා. එයා පුදුම වෙන්න කලින් එයාම එක අතට අරගෙන. මම ලජ්ජවටයි බයටයි වහාම එතනින් පෙට්ටි දෙකතුනක් එහාට ගිහින් ඊලග ස්ටෂන් එකෙන් බැහැල දිව්වා.
ඊට පහුවදා මම ඉස්කෝලේ ඇරිලා යනකොට කෙල්ල හිටියා. මමත් බයෙන් බයෙන් ලගට ගියා ප්‍රතිචාරය දැන ගන්න. අප්පට සිරි මෙකි මම ඊයේ දුන්න ලියුම මගේ අතට දීල ඇහුවනේ "අය්යේ ඔයා ඉස්කෝලේ යන්නේ ඉගෙන ගන්නද? ලව් කරන්නද" කියලා මට චු යන්න වගේ උනා. අම්මෝ මම සොරි සොරි කියාගෙන ලියුමත් අරන් අන්තිම පෙට්ටියට යනකම් දිව්වා.

Weni said...

ඕන්න අද නම් මම අන්තිම හරියට තමයි කමෙන්ට් කරන්නෙ.. කතාව නම් කියෙව්ව දමපු ගමන්ම..වැඩ වැඩි නිසා දැන් තමයි නිවාඩුවක් ආවෙ !
අපි මොනවා කිව්වත් ඔය කොලු කාලෙ ඔව්ව ඔහොමම තමයි වෙන්නෙ !!

ඔබ නොදු‍ටු ලොවක්..... said...

"ඒ කාලේ හැම ආදර වන්තයාම ආදර සයුර තරණය කළේ සෙනේ කොලේ කියන ඔරුවේ පිහිටෙන් තමයි"
මේකනං එළම ටෝක් එකක් ....අතීතේ මතක් උනා......අක්කගේ "සරසි" පත්තරේ එක්ක එන ලියුං කොලේ තමයි මම උස්සන්නේ.....

Salinda said...

අයියත් මාර වැඩනෙ කරල තියෙන්නෙ...ඔයාලත් එක්ක බලද්දි අපි බබා ල..

අසරණයා said...

වට වෙලා ගැහුවනම් මිට වැඩිය හොඳයි කියලා හිතුන නේද?

Jeew said...

මල්ලි... උඹ ලියුම් ලියන්නේ කක්කුස්සියේ ඉඳං නම් අනිත් වැඩේ කරන්නේ කොහෙ ඉඳන් ද..?

Anonymous said...

ඔන්න මේ කතාව අහන්න.. මේක ඇත්ත කතාවක්..කළකට ඉහතදි වෙච්චි දෙයක්..

9 පන්තියේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි යාළු වුනා....දවසක් කෙල්ල කොල්ලට දීපු ලියුමක් වෙන දුශ්ඨ කොල්ලෙකුට අහු වුනා... මේ කොල්ල ඒක කෙලින්ම ප්‍රින්සිපල් තුමාට දුන්නනෙ. ප්‍රින්සිපල් තුමා කඩාගෙන ආවා පන්තියට... බැනලා බැනලා පන්තියටම ඇහෙන්න ලියුම කියෙව්වා..

දැන්මම මනමාල කම ඉහට ගහලද? අනේ.... අනේ..... "අපි
දෙන්න ඉස්සරවෙලාම හම්බුනෙත් බදාදා... ඉස්සරවෙලාම කතා කලෙත් බදාදා... මුල්ම ලියුම ලිව්වෙත් බදාදා " හ්...හ්... දැනගනි0 යකෝ ම0 තෝ හම ගහන්න්නෙත් බදාදා

සඳරුගෙ කතාව තරම්ම නම් රසවත් නෑ මයෙ හිතේ... ඉතින් කෙල්ලට වැටුනු නම දන්නවද.....හි......හි.......බදාදා

සරෝජා

පූසා said...

ඈ බං උඹ දැන් පළවෙනි එල පළවෙනි එක කිය කියා ආදර කතා කීයක් ලියලා තියෙනවද? :D
පළවෙනි ආදරේ වෙනින් එකක් පළවෙනි ලව් ලෙටර් එක වෙන එකක්. තව මොනවද බං පළවෙනි එව්වා තියෙන්නේ? :D

සිහින said...

මේක උඹ ඊයෙ ලිව්වට මගෙ Feed එකේ Update අනේ අද. ප්‍රශ්න දෙකයි අහන්න තියන්නෙ..
උංගිට මොකද උනේ ?
රංකැටිය දැං කොහෙද ?
සමහර විඩ උඩ Comment වල උඹ උත්තර දීලත් ඇති.ගෙදර ගිහිං තමයි ඒව කියවන්න වෙන්නෙ.මගෙ මුල්ම ආදර හසුනත් දුන්න දවසෙම ආපහු ලැබුනා.කෑලි හතරකට ඉරල කෑල්ලෙන් කෑල්ල බස් එකෙන් එලියට විසි කලා..

සරත් ලංකාප්‍රිය said...

දෙයියන්ගෙ පිහිටෙන් අපිට නම් සෙනෙහෙ කොල ලියන්න වෙනම ගොබිලෙක් හිටියා. ඌ ලියාල දුන්න විතරක් නෙවෙයි කෙල්ලන්ට ගිහිල්ලත් දුන්න.. ඌ කල වැඩවලින් සීයට අනුවක් විතර හරිගියා. මං අයිති උනේ අර වැරදුන සීයට දහයටයි..

ගොඩයා said...

හොඳ වෙලාවට මේතාක් කල් මම පෙම් හසුන් ලියලා නෑ. නැත්නම් මොනවගේ පෝරියල් සෙට් වෙයිද කව්ද දන්නේ? හොඳම වැඩේ තමයි කට වචනෙන් දෙන එක. ඔය රචනා කොරපු කොළ පස්සේ කාලෙක සාක්කිවලටත් සෙට් වෙනවනේ නැතනම්.

පිස්සා පලාමල්ල said...

උබට වෙන වැඩ සඳරුවො... අනේ අප්පේ... මම මේ කල්පන කරේ මෙච්චර දෙයක් වෙලත් උබට ඕක අමතක වෙලා තිබ්බ එක නෙව... උබේ බ්ලොගේ මුල ඉදන් කියවලත් මට තාම පට ලැවෙනව බන් මේ කෙල්ලො.... හරියටම ගාන කියහන් කොලේක වත් ලියල තිය ගන්න....

කතාව පට්ට....

ලව් ලෙටර් ගැන මාත් කෙටුව ලිපියක් කාලෙකට ඉස්සර...

ලව් ලෙටර් ( love letter ) ගැන මතක අවුස්සමුද ?

රන්සකු said...

matath una okama , eh mama atha ariye na malaya. wade karalama thami mama eka atha ariye.

ethakota dananjanee koheda hitiye.

Bindi said...

. ලියුම ගඳ ඇති ...D .. සඳරු මොකක් ලිව්වත් කියවන්න ලස්සනයි .කොල්ලන්ට ජිවිතේ ලේසි ඇති කියල හිතන් හිටියට අම්මෝ කොල්ලන්ට තියෙන ප්‍රශ්න . බලන් ගියහම කෙල්ලන්ට මෙච්චර ප්‍රශ්න නැහැනේ

ගිහාන් said...

කතාව නම් සුපිරි!!!!!!!!!!!!!!!!!!!! :D

ප්‍රසංග said...

ඔයින් ගියා මදැයි... මම හිතුවෙ අන්තිමේ වලියකුත් සෙට්වෙයි කියල...

පොඩි මෑන් said...

ලිවුවෙ නැති උනාට කියවල තියෙනවා..... :D කකුස්සියේ ඉදන් සෙනෙහෙ කොල :D

Anonymous said...

හත වසරෙදි අපේ ක්ලාස් එකෙත් හිටියා රෝස මලක් වාගෙ ලස්සන කෙල්ලෙක්.එයාටත් අපි ආදරේට කිව්වෙ උංගි කියලා..
ඒකි 12වසරෙ කොල්ලෙක් එක්ක යාළු වෙච්ච කාලෙ අපේ පංතියෙ කොල්ලන්ට හැම මගුලම පේන්න බැරුව ගියේ ඇයි කියලා මේක කියෙව්වාම තමයි හරියට මීටර් වුණේ..

//අපේම ඉඩමේ පිපුණු මලක් අල්ලපු වත්තේ එකා ඇවිත් කඩාගෙන යද්දී අපිට දැනෙන හැඟීම කොහොමද ?//
හී...හී..ඇත්ත තමයි

නචියා said...

සඳරුවො මුල අකුර ලොකුවට දාන්න අමතක වුණාද ??..........:ඪ්

ඔය වගේ කෙල්ලන්ට අපි විඳින දුක තේරෙන්නෙ නෑ බන්. උන්ට ඒක සතුටක්. මොනා කරන්නද බන්. හොඳ වෙලාවට ඔහෙම දිය වුනේ. රංකැටියත් එක්ක වලියක් දාගන්නෙ නැතුව......

වර්ණා said...

අනේ ෂෝයි අනේ.. ආස හිතෙනවා. :)

ඕනයා said...

උඹට කියන්න මලේ . . ඔය උඩැහිං කොමෙන්ට් කරල තියන බ්ලොග් ලියන අයිය කෙනෙක්ගෙ නංගි කෙනක්ට සෙනේ කොලයක් දෙන ගිහිල්ල රෑ 11ට විතර ගෙදර මිනිස්සු දැකල පැන්නුව . . . කරන්න දෙයක් නැතිපාර පැදං ගිය මවුන්ටන් එක කරේ තියාගෙන වගුරකට පැනල ඉනක් මඩේ එරි එරි දිවුව දිවිල්ලක් . . . . තාම මතක් වෙනකොට ආතල්

@ඔබ්සර්වර්:
දැතිං කිවුවට අත් දෙකම එක පාර නෙමේ වෙන්ටැ අයියා . . . . හුරු අතේ ඔප්ශන් එක ඩිසබල් වෙද්දි චොයිස් දෙකයිතියෙන්නෙ 1.අනිත් අතට ස්විච් වෙන්න වෙනව . . . නැත්නං 2.ඉවසන්න වෙනව
මම කාලයක් දකුනු අත කඩාගෙන හිටිය . . ඒ කාලෙ මම ගියේ 1වෙනි චොයිස් එකට

@D:
ඔබතුමීට ලැබිච්ච කොල වලට මොනවද කොලේ ???

දිනුක ජයකොඩි said...

මමනං අපරාදෙ කියන්න බෑ ලිතුම් ලියලා නෑ.මොකද මම කැමති නෑ ලිඛිත සාක්ෂි කොහෙවත් ඉතුරු කරන්න.

පවනි said...

ඒ කොල්ල සාධාරණයි.... ඒකා මොනව වුනත් චීත්ත කෑල්ලක් හින්ද කොල්ලෙක්ට ගහන එක ගොන් වැඩක් කියල තේරෙන එකෙක්. ඒකනෙ උඹත් එක්ක රණ්ඩුවකට ආවෙත් නැත්තෙ.
කරපු වැඩේ නම් ටිකක් කැතයි. ඒ වගේම උඹගෙ දහිරියත් අගය කොරන්න වටිනව බං...

කොහොම වුනත් අපිට කවද හරි ඉතුරු වෙන්නෙ මතක සටහන් විතරනෙ අපේ ජීවිත වල. ඒ කාලෙ නම් මහ එපා කරපු අත්දැකීමක් වුනත් දැන් නම් මතක් කර කර සතුටු වෙන්න වුනත් පුලුවන් මතකසටහනක් නෙ...
නියම පෝස්ට් එක බං.

Music girl said...

එච්චර දෙයක් වෙලත් ඉස්කෝලෙ ගිය එකට තෑගි දෙන්න වටිනවා. සුවඳ වැඩිකමටම වෙන්න ඇති ලියුමට ඒ ඉරණම අත් උනේ...

Lochanata Horen said...

maru kewe.....

ප්‍රාර්ථනා said...

කෙල්ල ඒක ශේප් එකේ අරගෙන බෑග් එකේ දාගනිද්දිමයි හිතන්න ඇත්තේ හොඳ වැඩක් කරන්නම් කියලා,. :)
ඔයින් ගියා මදෑ ගුටියක් කාලා අත පයක් කඩාගන්නේ නැතුව,.

mal said...

මන් අද තමයි ඉස්සල්ලම හිස් අහසට ආවේ.ඔය ලියන ඒවා හරිම ලස්සනයි. අමුතුම ගතියක් තියෙනවා.සුබ පතනවා ඔබට දිගටම ලියන්න ශක්තිය ධෛර්ය ලැබේව කියල.සෙනේ කොළ ලියපු එක හොද පන්නරයක් වෙන්න ඇති නේද ඔයටගේ ලේඛන දිවියට?

දඟ මල්ල said...

අනේ පවු අහිංසකයා... මහ නපුරු කෙල්ලෙක්.....

ක්සැන්ඩර් | Xander said...

අෆ්ෆෝ.. රංකිරා උට හිතිච්ච හොඳම දේ කරලා තියෙන්නේ. එක ඒ කාලේ හැටියට හරි. අනේ මලයෝ උඹටත් වෙන දේවල්..

sgrk said...

අඩේ .. පට්ටම පට්ට සදරුවෝ .. මට හිස් අහස ලින්ක් එක සෙට් උනේ පෙරේද මම දවසින් කියෙව්වා උබේ බඩවැල් ටික සේරම .. කියන්න වචන නෑ සහෝ මම මේ වෙනකල් කියවපු හොදම බ්ලොග් එක ,, උබ සිරාවටම බොක්කටම යන්න ලියනවා ,, උබට මචෝ දිගම දිග ගමනකට මගේ සුබ පැතුම් .. ( උණුවෙන් දෙන්න බෑ මේ දවස් වල මෙහාට සීතල නිසා )

දුමී said...

උඹේ මේ කතාව මාවත් මගේ කොළු කාලෙට ඇදලා දැම්මා.....! අපිටත් ඔය වගේ කාලයක් තිබුනනේ මල්ලි....! හරිම සුන්දර කාලයක් තමයි ඒක...!

Najath Akram said...

Uba paw machan.. :(

මම ඩුමාංජරිය said...

නියමයි..... තාම හිනා මට.......

Podi Kumarihami said...

මූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා කියලා හැමෝම මගෙන් අහලා එවලා තියනවා ඒ මමද කියලා. අනේ මම නම් මූනු පොතේ නෑ හොඳේ. ඒ වෙන පොඩි කුමාරිහාමි කෙනෙක්. පොඩ්ඩි නම් නෙමේ...ඊලඟට තව කොහෙන් හරි ප්‍රවීනා පලිපාන කෙනෙකුත් එයිද දන්නේ නෑ. අනේ ඕං මම නම් නෙමේ.

ලොකු ඡෝන් said...

මම අවුරුදු 20ක් අතීතයට ගියා

පෙදරේරුවා නොහොත් මේසන් බාස් said...

අනේ අනේ සදරු මලේ,

කිවිවත් වගේ උඹටමයි මේවා වෙන්නේ...
කථාව නම් ඉස්තරම්.

ජීවිත කාලෙදි මමත් එකම එක වතාවක් සෙනෙහෙකොලයක් ලීවා ඔය වයසෙදිම වාගේ. හැබැයි ඒ යාළුවෙක් වෙනුවෙන්...
මම වෙනුවෙන් මම වැඩ පටන්ගත්තේ සා/පෙල ට පස්සේ. එතකොට නම් කෙලින්ම අහන්න තරම් “ගටක්“ ඇතිවෙලා තිබ්බා මට, අදත් හිතනකොට පුදුමයි ඒ ගැන.

මාරයාගේ හෝරාව said...

මේ ටිකේ වෙලාවක් නැති උනා ඇවිත් බලල යන්න..ඒකයි පරක්කු උනේ...

මට මේකට විතරක් උත්තර දියං...

උඹ කක්කුස්සියට වෙලා ඕක ලියනකොට නිකමටවත් සෞඛ්‍යපොත මතක් උනේ නැද්ද..?

ආන්න එහෙම මතක් වෙලා ඕක ලිව්වනං ඔය ලියුම හරි ලස්සනට තියෙන්න ඇති නේද...තිත් තිත් එහෙම වැටිලා..

ඔය ලියුං ගැන කිව්වම මතක් උනේ..මං මේ කල්පනා කරන්නේ මං කෙල්ලන්ට දීපූ ලියුං තොගේ එකතු කර ගත්තනං අළුත්ම බ්ලොග් එකක් පටන් ගන්න තිබුනා බං.. ඒ තරමට ලියුං දීලා ඇති..හැබැයි අපරාදේ කියන්ට බැහැ දැන් මේ ලියනවා වගේ නෙවෙයි මට ඔය ලව් ලෙටර් පණ පිහිටෝලා ලියන්න හැකියාවක් තිබ්බා... සමහර විට තාමත් ඒ ලියුං ඇති ඒ කෙල්ලෝ ගාව පරිස්සමට තියං.. ඒ තරමට ඒවා සාහිත්‍ය රසයෙන් පිරිලා..හපොයි ‍මගේ ලියුං කරදහි ටික...

Anonymous said...

.

චතුවා said...

අඩේ පිස්සු කොල්ලෙක්නේ සඳරු අයියා!

මගෙත් ඉන්නවා යාලුවෙක්.. ඌ හෙන කෙල්ලෝ පිස්සා. අදටත් ලස්සන කෙල්ලෙක් හෙම දැක්කොත් මොනා කරන්නත් කලින් ලියුමක් තමා දෙන්නේ. අවම පිටු ගාන ෆුල්ස්කැප් 4යි :D

Anonymous said...

හපොයි පරක්කු වෙනවා කියලා මෙච්චරත් පරක්කු වුනහැකියැ.
බිසි වුනා බන් පොඩ්ඩක් විතර. (එහෙමවත් කියල ශේප් වෙන්ඩ ඒපෑ).
හරි හරි ඊලඟ පෝස්‍ටුව දාපන්කො.
JH

Hasitha said...

කාලා වරෙන්කෝ කිව්වලු. දෙනෝ දාහක් යන එන බස් හෝල්ට් එකක ලියුම ඇලෙව්වා කියන්නේ රංකැටියගේ තියෙන කුපාඩිකම තමා. ඉතින් අන්තිමට උංගි රන්කැටි පෙම් පුවතට මොකද වුණේ ???

ශශී said...

අඩේ සඳරු වෙන එකෙක් ආදරය කරන කෙල්ලෙක්ට ඔහොම කොරනවට උඹට හොඳ දඬුවමක් කියන්නත් බෑ..... ඒ උනාට පව්. කොල්ල ට ඔහොම කරන්නෙ නැතුව සාකච්චා මර්ගයෙන් විසඳගන්න තිබ්බා. ඌත් කොල්ලෙක්නෙ කියල හිතන්න තිබ්බා. මේ අහපන්කො මම ලියුම් ලියන්න ගොහින් වෙච්චි ඇබැද්දියක්

මටත් මචන් නියම ඇබැද්දියක් වෙලා තියෙනවා මේ ලියුම් ලිවිල්ලෙන්. මම පෝස්ට් එකක් ලියන්නම් එතකොට උඹවත් ටැග් කොරන්නම්කො

Anonymous said...

කෙල්ල්ලෝ බොහෝම දෙනෙකුගේ සරීර කූඩු නිකම් ලබ්බට කෝටු ගැහුවා වාගේ අවලක්‍ෂණ වුණත්

aiye me oyalata veradena thena.meeka liyana mamath lassana kellek nemei.eeth matath aadaraya kiyana eka denenava.eeth man aadaraya karana kena eeka therum gannevath nehe.pirimi hema velavema hithanne lassana genunta vitharai adare karanna therenne kiyala.eeth eeta vada lassana hith thiyena ketha kello innava.

Anonymous said...

hi...hi..matath langadima oya sene kolayak lebena patai.. ape iskole ekek mata line parak danava.

namunu said...

patta.. mama ada thama 1st time mekata oluwa damme.. jaya wewa..sadaru..!!!

Ishara said...

අඩේ සඳරු..!! උඹට දාපු නමත් කියහන්කෝ..!! එතකොට තමා ගති..!!

nature of earth said...

අට්ටතම අපේ ඊ කලේ මතක් වෙද්දී, අපහු ඊ කාලෙට යන්න හිතෙනවා. මට ටිකකට හරි ඊ කලේ මටක් කරලා දුන්නට ගොඩාක් පින්.

Post a Comment

Comment නොකලට මගේ හිතේ කහටක් නෑ කවදාකවත් !...මේ තත්පරෙත් ඔබට වටින බව මම හොඳටම දන්නවා ..

ජය වේවා !!