16.12.10

ඉතිං මම නිදහස් .

                                                  

     පුදුම අමාරුවකින් අද උදේ මම ඇඳේ පුරුදු පැත්තෙන්ම නැගිට්ටා .ඊයේ බීපු ලෙමන් ජින් තාම බඩ ඇතුලේ වැඩ . 

වතුර උගුරකින් කට හෝදලා දැම්මට පසේ මම කෙලින්ම ගියේ කන්නාඩිය ගාවට .ඊලඟට නලලේ දකුනු පැත්තේ අලවලා තිබුනු ප්ලාස්ටර්එක හෙමීට ගලවලා දැම්මා . නලලේ තුවාලෙනම් දැන් හොඳටම සනීපයි .ඒත් තුවාලේ කැලල තවම පැහැදිලිව පේන්න තියනවා .ටික දවසකින් මැකිලා යයි ! .

ඒ තුවාල කැලල මගේ දකුනු අතින් පිරිමදින අතරේ මට . මේ තුවාලෙ ඇතිවෙච්ච හැටි මතක් උනා . මීට මාස එකහමාරකට විතර කලින් ඒ මහ වැස්සේ මගේ බයික් එක හප්පගෙන වාහන කාරයෙක් ගිය හැටි ! එදා මම මරණය ලඟටම ගිහිං ආවා !

ඒ දවස මට තාම අමතක නෑ මම උගන්නපු Institute එකෙන් මාව ටිකක් ඈත පලාතක Institute එකකට මාරු කරපු දවස . ගෙදරින් ගොඩක් දුර . ඉතිං අකමැත්තෙන් උනත් මම එහේ වැඩ කරමින් හිටියා . ….

ඒ අනතුර උන දවසේ මමත් මගේ සහෝදර Lecturer කෙනෙකුත් ටිකක් රෑ වෙනකම් 7.00 විතර වෙනකම් ඉගැන්වීම් කරා .හතට විතර අපි වැඩ නතරකරා. Institute එක වහලා අපි එලියට බැස්සා .

එලියට බැහැලා දොරත් වහලා බලනකොට තමයි දැක්කේ ඇතුලේ එක බල්බ් එකක් පත්තු වෙනවා නේද කියලා . එතකොට තමයි මතක් උනේ එහෙනම් ඒ කාමරේ Computer ටිකත් On කරලා ඇති කියලා . අපි දෙන්නට හදිස්සියට ඒක අමතක වෙලා ! දොර වැහුවට පස්සේ ආයේ අරින්න යතුරක් අපි ලඟ තිබුනේ නෑ .එකක් තිබුනා මම හිටපු බෝඩිමේ මගේ කාමරේ . ඉතින් මගේ යාළුවගේ බයික් එකත් අරං මම බෝඩිමේ තිබුනු යතුර ගේන්න ගියා .. .යාළුවා මම එනකම් එතන නැවතුනා 
 
මම යතුර අරං එනකොට වහින්න පටන්ගත්තා හයියෙන් .වෙලාව 7:35 විතර ඇති .කොහොම හරි මම . මහ වැස්සෙම .Institute එක ලඟටම ආවා . මම Institute එකට හරවන්න බයික් එක Slow කරා . එතකොටම මගේ පිටි පස්සෙන් ආපු කැබ් එකක් . වේගයෙන් මගේ බයික් එකේ පිටිපස්සෙන් වැදුනා . සෑහෙන වේගයෙන් !
මම විසික් වෙලා වැටුනේ මහ පාර මැදට මට මතකයි මාව පුදුම වේගකින් රොල් වෙනවා . එක පාරටම තවත් බයික් එකක් මගේ ඇඟ උඩින් ගියා . ඒ බයික් එකත් එතනම පෙරලුනා . මට ඇස් ඇරං ඉන්න බෑ මම තදකරලා ඇස් පියාගත්තා නැගිටින්න තියා ඇඟිල්ලක්වත් හොලවන්න් බැරි උනා . එච්චරයි මතක. 
 
ඇහැරලා බලද්දී මම රෝහලක ඉන්නවා …........................

ඔය විදිහට මම රෝහලේ දවස් කීපයක් හිටියා . මම මේක ගැන කාටවත් කීවේනෑ .ඒත් එක්කෙනෙක්ට කිවුවා අපේ "සොඳුරු සිත" හිමිකාරියට .වත්. අක්කට . එයා නම් නිතරම මට ඉක්මන් සුවය පැතුවා..

දැන් නම් මට හොඳටම සුවයි .. මට වෙච්ච රිය අනතුර නිසා තව එක හොඳක් උනා . මගේ ස්ථාන මාරුව අහෝසි උනා . අපේ බොස් මාව ආපහු ගම් පලාතට ගෙනාව . එයාගේ ගානේ සේරම බෙහෙත් අරං දුන්නා .
ඒත් ආයෙමත් මේ වගේ දෙයක් උනොත් ! මම මොනවා හරි වෙලා මැරුනොත් ! මම ආදරේ කරන මගේ අම්මට , මගේ නංගිට මොකද වෙන්නේ ? මම කන්නාඩිය ගාව ඉඳන් ඔය ගැන ගොඩක් වෙලා හිතුවා .

අන්තිමට මම තීරනයක් ගත්තා ! ඒ පියවර තමයි ජීවිත රක්ෂණයක් ගන්න ඕන කියන එක . 
 
ඉතින් මම වෙනදා වෙලාවටම වැඩට යන්න සූදානම් උනා . වැඩට ගිහිංල්ලම ජීවිත රක්ෂණයත් හදාගන්න ඕන කියලා හිතා ගත්තා 
 
අද 12.30 විතර Institute එකෙන් මම හෙමීට එලියට බැහැලා . මැනේජර් අයියගේ බයික් එකත් අරං . ටවුන් එකට ආවා . මගේ රක්ෂණය ආරම්භ කරන්න ..

රක්ෂණ ආයතනයට ආපු මම ලොකුම ලොකු Application එකක් පිරෙවුවා . ඒකේ අහලා තිබුනා මම දුම් පානය කරනවද ? , මත් පැන් පානය කරනවද ? කියලා . දුම් පානය දැන් නෑනේ (ඔයාලට පින් සිද්ධ වෙන්න ) මත්පැන් පානය කරනවද කියන එකට නම් මම හරි ලකුනක් දැම්මා . දවසකට 100ml විතර කියලා දැම්මා !

අන්තිමේටම තිබුනේ මම මියගියොත් වන්දි මුදල් හිමිවෙන්නේ කාටද කියලා ලියන්න.

මම මගේ අම්මගේ නමයි , නංගිගේ නමයි එතන කොටුවේ පිරෙවුවා .(මට ඉන්නේ එච්චරයිනේ )

දැන් හිත නිදහස් …...........

 මම ආයේ එන්න පිටත් උනා ….... ටියුෂන් පන්තියක් ඒවෙලාවේ ඇරලා ..ලමයි පාර දිගටම ..
Institute එකට බයික් එක හරවනකොටම ..දැකලා පුරුදු ලමයිදෙන්නෙක් ඉන්නවා එතන. බස් එක එනකම්
කවුද මේ ! 
 
මගේ නගා නම් ඉන්නවා ! ..අනිත් එක්කෙනා කවුද ? 
 
අනිත් එක්කෙනා මගේ පුංචි කෙල්ල මගේ ආදරවන්තිය . 
 
ඒ දෙන්න පූස් පැටියෙක් අල්ලගෙන සෙල්ලං කරනවා .නියම ජෝඩුව !..දෙන්නම පුදුම සතුටකින් අර පූස් 
පැටියා හුරතල් කරනවා .උගේ පස්සේ එලවනවා !

මගේ නංගි 10 වසරේ ,මගේ ඒන්ජල් 9 වසරේ 
 
දෙන්නාම නියම යාළුවෝ දෙන්න . මට පුදුම සතුටක් දැනුනා ! 
 
මම ආපහු බයික් එක හරව ගෙන . රක්ෂණ සමාගමට ආවා . මම කලින් හමුවුන මෑන්ස් එතන හිටියා .. 
 
"අයියේ මට අර වන්දි මුදල් ලැබෙන ලැයිස්තුවට තව නමක් එකතු කරන්න ඕන !”

එයා මට ආයෙමත් අර Application එක හොයලා දුන්නා . මට මොනවා හරි උනොත් මම ආදරේකරන මගේ පුංචි කෙල්ලටත් මොනවා හරි ඉතිරිකරලා මැරෙන්න ඕන කියලා විතරයි මට හිතුනේ …..මම මගේ සුරංගනාවිගේ නමත් එයාගේ මම දන්න විස්තරත් ඒ Application එකේ පිරෙවුවා . තව විස්තර ටිකක් අඩුයි ඒව හෙට ගිහිං දෙනවා .

"හැබැයි සර් මේක 3 බෙදුනාම ඒතරම් ලොකු ගානක් නෑ නේද ?” එතන හිටිය බුවා කියනවා !

"ඒකත් එහෙම තමයි නේද ? හරි වාරිකේ ඩබල් කරමු "

මම දෙපාරක් හිතුවේ නෑ .වාරිකේ දෙගුන කරලා ගෙවන්න තීරනේ කරා . මොකද මම මගේ අම්මට ,නංගිට වගේම ඒ තරමටම . මගේ කෙල්ලටත් ආදරෙයි . 
 
හැබැයි දැං ඉතිං බොන්න සල්ලියක් ඉතිරි වෙන්නේ නෑ ! 
 
ඒක නවත්තන්න. අපෝ බෑ ! 
 
මම OT කරලා බොන්න සල්ලි හොයාගන්නවා ! වැඩිපුර පැය 3 වැඩකරානම් මාසේ බොන්න යන ගාන ෂේප් .

ඉතිං OT කෙරිල්ල හෙට ඉඳලම පටන් ගන්නවා ! 
 
හෙට ඉඳන් Blog කියවන්න වෙන්නේ මහ රෑට ..!

                කොහොම නමුත් දැං ඉතිං මම නිදහස් ! 
              දැං ඉතිං උන්නොත් දාහයි මලොත් දෙදාහයි  !


ජයවෙවා !!!
සඳරු //
















29 comments:

dinesh said...

හික්.......හික්....හික්.....අඩේ මට තාම හිනා බං උඹේ අදහසට.ලිපිය කියවගෙන එනකොට මම හිතුවෙ මූ මේ බීම නතර කරන්න තමයි යන්නෙ කියල.බැලින්නම් මේක insurance එකක් දාගෙන.....!!!මරු අදහස බං.මාත් ඉස්සර මාස කීපයක් ලංකාවෙ කොම්පැණියක වැඩ කලා.ඒකෙනුත් පුරවන්න දීපු insurance form එකකට මාත් පසු අයිතිය දැම්මෙ අර සුමුදුගෙ.කොහොමත් ඉතින් ඉතුරුවකුත් වෙන හින්ද ගත්තු අදහසනම් හොඳයි.
කොල්ලො, උඹ Accident වෙච්ච කතාව අපිට නොකිව්වෙ ඇයි.බලන්න එන්න බැරි උනත් හිතින් හරි ප්‍රර්ථනා කරණවනෙ උඹට ඉක්මනට සනීප වෙන්න කියල.කොහොම උනත් ආයෙ දිගටම නඟාව meet වෙන්න පුලුවන් උන එකනම් හොඳයි.නැත්තන් උඹ පිස්සු කෙලින එක වැඩි වෙන්න තිබුනා.

Unknown said...

ඔයානම් මාරයි සඳරු, මටනම් කවදාවත් ඔය වගේ කැපකිරීමක් කරන්න බැරි වෙයි.

Anonymous said...

වැඩේ නම් නරක නෑ, හැබැයි ඔය OT කරන එක නවත්තලා අපේ බ්ලොග් ටික කියවන්න ගනින්. එතකොට අනිත් ජරා වැඩෙත් ඉවර වෙනවානේ.

පිණිබිඳු... said...

බොන්න OT කරල සල්ලි හොයන්නැතුව ඒ සල්ලි ඉතුරු කරා නම් ඔයාට තව කාලයක් කරදරයක් නැතුව ලෙඩක් නැතුව තමන් ආදරේ කරන අයට දුකක් නැතුව ජීවත් වෙන්න පුලුවන්. බණ කිව්ව නෙමේ හොඳද ඔන්

මම said...

ආපෝ බලද්දී මෙයත් අර මාරයියගෙම ජාතියෙ කෙනෙක් වගේ...අනේ මංදා ඔය සල්ලිවලින් නම් ඔයාගෙ අම්මට පුතෙක් ආපහු ගන්නවත් ,ඔයාගෙ නංගිට අයියෙක් ආයේත් ගන්නවත් ඔයාගේ ඒන්ජල් ට ගොඩාක් ආදරේ කරන ඔයාවගේ ආදරවන්තයෙක් හොයාගන්නවත් පුලුවන්ද කියලා ටිකක් ආයෙත් හිතලා බලන්න...පුලුවන් කියලා හිතෙනවනම් ot කරලා හරි අනිවාර්යෙන්ම බොන්න සල්ලි හොයාගන්න සදරු...නැත්තම් අපරාදෙනෙ..ඔයාගේ ජිවිත රක්ෂණයට පුලුවන් නම් ඒ අයට ඔයා නැති අඩුව සදහටම මකන්න , තමන්ගේ පුතා නැතිවුනු වේදනාව අම්මට අමතක කරන්න ... එහෙනම් ඉතින් ජීවීත රක්ෂණ ගන්න වැඩෙත් නරක නෑ...සහෝදරයෙක් වගේ හිතට දැනුනු නිසයි කිව්වේ...මේ ගැන හිතන නොහිතන එක ඔයාගේ වැඩක්...මොනා උනත් ඔයා ලියන විදිහට මං ආසයි..සරලව කියවන කෙනාට තේරෙන්න ඔයා ලියනවා..එක දිගටම උනත් කියවගෙන යන්න පුලුවන්..

මං උඩින් ලියලා තියෙන ඒවා ගැන තරහක් ගන්න එපා..මට පිස්සු කියලා හිතලා අමතක කරලා දාන්න කැමතිනම්..

හිස් අහස said...

@dinesh = බීම නවත්වන්න.! අනේ බෑ අයියේ ..ඒක මගේ ජීවිතේ නෙව .හොඳයි නේද මගේ අයිඩියාව .ඔයත් කෙල්ලගේනම දැම්මද ? අඩේ මම හිතුවේ මට විතරයි පිස්සු කියලා. හි.හි .ඇයි බං අයියේ උඹලට මම කරදර කරන්නේ . අර මුල්ල පටස් ගැන ලියපු දවසට පහුවදා තමා මම හැප්පුනේ .මේ ඉතින් පිස්සු කෙලින කාලෙනේ අයියා

......................................................................

@මිත්‍යාදෘෂ්ටිකයා = පල පල ..උඹේ කැප කිරීම මම දන්නව. හි .හි හිටපියකෝ මට තෝ හම්බ වෙනකම් අල්ලගන්නම් අතටම එදාට

......................................................................

@prasanna86k = ජොබ් එක නැතත් මම බ්ලොග් බලන එක නතර කරන්නේ නෑ අයියේ මම අර ලස්සන මිටියාවතේ කතාව බලන්න අනිවා එනවා .. එලටම ලියනවා උඹ ඒ කතාව නම්

......................................................................

@පිණිබිඳු = සහෝදරී අපි ඉතින් කවදත් මැරෙනවනේ ..අනික මම හිටිය කියලා මොනා වෙන්ඩද ? අවවාදයක් දුන්නට මම මොකෝ තරහ වෙන්නේ .මම ගොඩාක් ඉස්තූතිවන්ත වෙනවා ඔයාගේ අවවාදෙට ..කවාදාවත් ඒව අහක දාන්නේනෑ ..එව මගේ හිතේ තියනවා

......................................................................

@මම = සහෝදරී අපි කවුරුත් ඉතිං අන්තිමේ යන්නේ මාරේ අයියව හොයාගෙන තමා නේද ? ඔයාගේ කතාවට මම ඩිම් වෙලා ගියා ..ඒක ඇත්ත තමා අපරාදේ මම බොන්න පුරුදු උනේ ..සමහර විට නොබී හිටියනම් .මම අද මානසික රෝගියෙක් වෙන්ඩ තිබ්බා සමහර විට , මම ගැන ලියලා තියන ප්‍රසංසා ටිකනම් මසුරං වගේ සහෝදරී ..ගොඩාක් පිං ඔයාට .මෙච්චර ලස්සනට මට අදහස් දෙන කෙනෙකුට පිස්සු කියල අමතක කරොත් මම තමයි ලොකුම පිස්සා වෙන්නේ ..ඔයාට ගොඩාක් ඉස්තූතියි ..

Anonymous said...

" කොල් සෙලින්කෝ " " ලොකු පොඩි සැමට රැකවරණය" තමයි මම නම් ...මට මතක නැහැ නෙව මම කාගේ නම දැම්ම ද කියල..

ආහ් "සඳරු" ඔන්න මම කාටවත් කීවේ නැහැ ඔයා තමයි කීවේ...

ඔන්න යාලුවනේ අහගන්න..ඇක්සිඩන්ට් එකෙන් වෙච්ච තුවාල සනිප වෙන්නත් කලින් තමයි අපේ මේ 'සඳරු" අර වලියකට එහෙම ගියේ ...

චතුවා said...

අද තමා සහෝ මම මුලක ඉදලා ඔයාගේ ආදර කතාව මුල ඉදලා කියෙව්වේ.. මම නම් ඒකේ වරදක් දකින්නේ නෑ.. අවංකවම කරනවානම්.. උඹ අවංකවම ආදරය කරනවා ඇති කියලා මම හිතනවා..

"මම" කිව්වත් වගේ මේ ඉන්නෙත් මාරයා ටයිප් පොරක්නේ.. කොහොම වුනත් ඔයාගේ වයසට ටිකක් විතර අඩුයි මට.. මමත් කියන්නේ පුලුවන් නම් නතර කරපං ඔය බීම කියලා.. රක්ෂණයක් දැම්මට වැඩක් නෑ. ඒ තුන්දෙනාට සල්ලි ලැබුණට මදි බං. උඹවත් ඕනේ..

කොහොම වුනත් ඕං ප්‍රේමයට මගෙනුත් සුබපැතුම්..

පිස්සා පලාමල්ල said...

අපොයි ඇග හිරිවැටෙනවා ලෙමන් ජින් කියද්දිත්.... අපොයි... ඔලුව කැක්කුම උපරිමෙට..

ජීවිත රක්ශන... අනේ මන්ද ඔව්ව නම් බොල... මම ඔව්ව ගැන දන්නෙ නැහ... හික් හික් හික් උබත් පිස්සට දෙවැනි නැහ නේ... බොන්න සල්ලි නැත්තනම් වැඩියෙන් හරි වැඩ කරල බොන්න හික් හික්... අපි ඔක්කොටම පිස්සු බොල...

හමුවෙමුද බෝතලේකට... හික් හික්

Anonymous said...

සැබැ ආදරයේදි මිට වඩා පරිත්‍යාග කරන්න පුලුවන් නේද සදරු අයියේ.... කවදහරි ඔයා ලගට ඔයාගේ ඇන්ජෙල් අවාම එයාට ඔයා ගැන හුගක් අඩම්බර හිතේයි අයියේ මම ආදරේ කලේ මේ වගේ කොල්ලෙක්ට නේ කියලා ... ඔයාගේ ඔය කොකටත් බොන තයිලෙත් එයා නවත්තලා දාවි... :)

පූසා said...

අනේ මන්දා මම කවදාවත් බොන අයට නවත්තන්න කියන්නෙත් නෑ (මොකද මමත් ඉතිං.....) ඒ වගේම නොබොන අයට පොවන්න යන්නෙත් නෑ. සිගරට් බොනවටනම් මම කැමති නෑ... ඔය ජීවිත රක්ෂණ ගැනත් මගේ ඒ හැටි පැහැදීමක් නෑ හැබැයි උඹ හරි පුදුම කොල්ලෙක්...

රත්නේ said...

මචං ප්‍රශ්ණවලට බොන්න එපා ඒක පිරිමි කමට හොදනෑ.. අපි නම් බොන්නේ ආණ්ඩුවේ මතට තිත වැඩපිලිවෙල කඩාකප්පල් කරන්න..

රත්නේ said...

වෙලාවක සෙට් වෙමු බොතලයකටම lol

මගේ සයිබර් නිවහන said...

මම ඔබගේ බ්ලොගය කියෙව්වා.එය ඉතාම විශිශ්ටයි........................
මමත් ඔන්න මගේ බ්ලොගයක් දියත් කලා.............ඉතින් මගේ බ්ලොග් එකට පොඩි publicity පාරක් දෙන්න මම මගේ ලිපිනය මෙහි සටහන් කරන්නම්.ඔයාලත් ගිහින් බලන්න.
ස්තුතියි සහෝ...............
ලිපිනය:- http://nadeesh22.blogspot.com/
මෙය දැන්වීමකි

සංකල්ප said...

අනේ මන්දා අයියා මේවට හා කියලත් බෑ. එපා කියලත් බෑ. OT කරලා බොන්න හොයා ගන්න එක නම් හොදයි. ඒත්... බොන එක තමයි අවුල. අන්තිමට පුංචි සර්ට මොනා වෙයිද කියලා හිත බයයි !!!! ආදරය කරන කෙනා වෙනුවෙන් කරපු කැප කිරීම අගය කරනවා අයියා !!! මේ වගේ කොල්ලෙක් ලැබෙන්න මේ වගේ කොල්ලෙක් ලැබෙන්න ඒන්ජල් ගිය ආත්මේ ලොකු පිනක් කරලා ඇති මයේ හිතේ !!!!

Thusitha (දිමා) said...

බිව්වට කමක්නැ බීල Bike පදින්න නම් එපා..
http://slbike.blogspot.com

Unknown said...

අනේ මන්ද සඳරු අයියේ ඔයා රක්ෂණයක් දාපු එක නම් හොදයි ඒත් ඔයා බොන එකනම් මට අනුමත කරන්න බෑ මොකද බොන මිනිස්සුන්ව මට පෙන්නන්න බෑ ඇත්තම කියනවනම් ඔය හැමදේටම බොන මිනිස්සු ගැන මට හිතෙන්නේ උන් පිරිමි කමක් ගෑවිලාවත් නැති අය විදිහට ඕකෙන් ලැබෙන දෙයක් නෑනේ නිකන් ලෙඩ හදාගන්නවා විතරයි අනික ඔයාගේ එන්ජල් දන්නවනම් ඔයා බොනවා කියල ඒ කෙල්ලට කොච්චර දුක හිතෙයිද? ඔයාම හොඳට කල්පනා කරලා බලල ඔය බොන එක නවත්තගන්න

මම said...

ආ..සඳරු ඔයා සිගරට් බොන එක නැවැත්තුවා නේ..එහෙනම් ඉතින් ප්‍රොෆයිල් පික්චර් එකත් වෙනස් කරන්න වෙයිනේ..නැත්තම් ඉතින් දකින අය හිතයි ඔයා අයේත් සිගරට් බොනවා කියලා

පැන්ඩා said...

මාත් ඉන්ශුරන්ස් ආයතනයක කණිෂ්ඨ විධායක නිළධාරියෙක් විදිහට වැඩ කරල තියේ කැම්පස් එන්න කලින්..ඉන්ශුරන්ස් දාන කොට හොන්ද පරිස්සමින් බලල ගැලපෙන පැලැන් එකක් තොරල හරියට වෙලාවට වාරික ගෙව්වොත් විතරක් කල් පිරෙන කොට ලාභයක් ගන්නත් පුලුවන් බව මතක තියා ගන්න,.,,හැබැයි මග අරින්නෙ නැතුව වෙලාවට වාරික දාන්න,,මාස 6 7 එකතු වෙන කල් ඉඳල එක පාර දැම්මට වැඩක් නැ..පිලිවෙලට මෙහෙම කලොත් කල් පිරෙන හුගක් වෙලාවට ලාභයි,,නැත්තං අතින් කයිට් තමයි...

තරු අහස said...

උඹට මොනා කියන්නද අයියේ...උඹ හොදයි කියලා හැමදාම කියන්න බෑ...මට නම් පුදුම සතුටක් තියෙන්නේ...උඹත් උතුම් ආදර වන්තයෙක්..මට උඹ ගැන එකම දුකයි තියෙන්නේ...ඒ බොන එක..

Anonymous said...

ලෙමන් ජින්.. ඊක්..
බීපන් බං ගල්.

හිස් අහස said...

@Wath= අක්ක කොහොමද හරියටම දන්නේ මම ගත්ත ඉන්සූරන්ස් එකේ නම ..? මම ගත්තේ AVIVA ඔයා ගත්ත එකම තමා , අපෝ අක්කේ කෑ ගහන්න එපා .වලියෙ තුවාල තාම සනීප වෙලා නෑ ..ඔයාගේ සුබපැතුම් කවිය නම් අනර්ඝයි !

.......................................................................................................................................

@ළමයා =ඇත්තටම මචං මගේ ආදරේ මම අවංකවයි කරන්නේ .වරදක් නැති එක ගැනනම් ගොඩක් සතුටුයි , මම මාරයා වගේ ! වෙන්ඩ බෑ .තව ටික කාලෙකින් නවත්තමු නේද ? ඔයා ඔතින් මගේ යහපතට කියන්නේ කියලා මම දන්නවා . ඒත් එකපාරටම නවත්තන්න බෑ අමාරුයි .සුබ පැතුවට ගොඩක් ඉස්තූතියි ..

.......................................................................................................................................

@පිස්සා පලාමල්ල = මෙන්න මගේ ගුරුතුමා ඇවිල්ලා ! අනේ ඉතින් මොනා කරන්නද ලඟපාතක තිබ්බේ ලෙමන් විතරයි ..උගුර බැරැන්ඩි වෙනවා මගේ ඕව බීවම ..ඒත් බාර් එකේ තිබ්බ අන්තිම බාගේ තමයි මම ගෙනාවේව් .අඩේ මට ආරාධනාවක් තියනවා නේද .කොහේටද බං අයියේ මම එන්නේ කියන්ඩ දැං එන්ඩද ? බෝතලයක් නෙවේ ගහමු බෝතල් දෙකක් උනත්..

.......................................................................................................................................

@නිම්ශා = ඔයා එහෙම හිතනවද නගෝ ? එයා මගේ ගාවට එන එක ඉතින් මට තාම හීනයක් .ඔයාට ඉස්තූතියි බලාපොරොත්තුවක් දුන්නට(මට බලාපොරොත්තුවක් උනත් රටක් වටිනවා ) ..එයා පොරොන්දු උනා බොන එක නවත්වනවා කියලා ..

.......................................................................................................................................

@පූසා= කොහොමද ඔන්න බලලා මල්ලෙන් එලිට පැන්නෝ ! අල්ලපියෝ ..දැන් සිගා නෑ මචං ඒව එපා උනා(ඒත් ඉන්ඩ අමාරුයි ඒව නැතුව) ඔන්න ඔහේ සල්ලි ඩිංගිත්තක් දාලා තියාගන්නවා .මම ගැන පුදුමයි ..? මම වගේ අලි ගොන් දන්ඩෙක් ගැන පුදුම නොහිතුනොත් තමා පුදුමේ

.......................................................................................................................................

@රත්නේ = අන්න හරිමචං මමත් එහෙනම් අද ඉඳලා දුකට බොන්නේ නෑ මතට තිත තබනවට විරෝදය පෑමට බොනවා .සෙට් වෙමුකෝ මචෝ ! ගහමු එල බ්‍රෑන්ඩ් එකක්

.......................................................................................................................................

@මධුරංග= බුව්වම මට ලැබෙන සහනේ මම විතරයි දන්නේ ..මම දැන් බීල බීල රීපට් වෙලා ඉන්නේ .ඒක නිසා මට දැන් උන්නත් 100 මලත් 2000. උඹල එහෙම බොන්න යනවා නෙවේ ඕං ..එයා නෙවේ බං මම තමා පිංකරලා තියෙන්නේ ..

.......................................................................................................................................

@Thilini= ඇයි සහෝදරී මට බනින්නේ ? හරි හරි අපි හෙමීට බොන එක අමතක කරමු ..ඔයාට මම දවල් විස්තරේ කීව නේ ..

.......................................................................................................................................

@මම = මට ඒක අමතක උනා ..මම දැන්ම වෙනස් කරන්නම් සමාවෙන්ඩ ..

.......................................................................................................................................

@පැන්da= ඔය මොනාවත් දැක්කේනෑ මම AVIVA එකේ තමයි වැඩේ පටන් ගත්තේ .ඒක අවුල්ද ? මම ගානට වාරිකේ සෙට් කරන්න තමයි හිතං ඉන්නේ ..අවු රුදු 20 තමයි සෙට් කලේ .ඔයාගේ උපදෙස් මම කලින් ගත්තේ නෑ නේ ..අපරාදේ ..

.......................................................................................................................................

@තරු අහස = මචං මගේ සහෝදරයෝ ..මේක අහපන් කෝ "සුරා සොඬක් මා තොලගෑ පමනින් මා සලෙලෙකු වේදෝ !!"

.......................................................................................................................................

@Anonymous= ගල් තිබුනේ නෑ බං එදා ඒකයි ගැහුවේ. අප්පේ මටත් හිතුනා ගල් හොඳයි කියලා ..

කේෂාන් De சில்வா said...

උඔ කරපු වැඩේ නම් හොදයි. අපි නැති දවසක අපිට ගොඩක් ආදරය කරන අපිත් ආදරය කරන අය ඡීවත් වෙන්නෙ කොහොමද කියල හොයල බලන එක හොදයි.
හැබැයි අර OT එක බොන්න කීයක් හරි හොයන එකටනම් මේ කේෂාන් එච්චරම කැමති නෑ.
ඡය වේවා!!

මකුළුවා..... said...

එළ එළ....ඕටී ටිකත් ඉතුරු කරගනින් බං බොන්නේ නැතුව....

නිරහංකාර අහිංසකාවි said...

fb eke onlne ena welawaka mata katha karanna aiya.. kiyanna deyak thiyanwa...

Hasitha Gunasinghe said...

කෝකටත් ඉන්ෂුවරන්ස් දැම්මා කියලා ෆන් එකේ යන්නේ නැතිව පරිස්සමෙන් පලයන් කොල්ලා. උඹට මොනවා හරි වුණොත් එයාලට සල්ලි හම්බුණා කියලා හිතට එන දුක අඩුවෙන්නේ නැහැනේ...............

ඒක නිසා හැමෝටම දුකක් වෙන්නේ නැතිවෙන්න පරිස්සමෙන් ගමන් බිමන් යන්න.

බොන්න එපා කීයලා නම් කියන්නේ නැහැ. දෙයක් කිව්වාම අහන එවුන්ට තමා ඒක කියන්න ඕනේ. කියන දේ අහන්නේ නැති එවුන්ට කියනවාට වඩා හොඳයි කට ගලක උලා ගන්න එක :))

හිස් අහස said...

@කේෂාන් De சில்வா=අනේ මන්ද මවං මට ඔහේ නිකම් හිතිලා වැඩේ කරා . අනේ ඉතිං මම බිංගක් බොන්නත් එපැයි , නැත්නම් ඉතිං මේ ලයිෆ් එකේ පලය කීම ..?

.......................................................................................................................................

@මකුළුවා......= මම බොන ගමං ඕටී කරනවා !ඒක කොහොමද ?

.......................................................................................................................................

@නිරහංකාර අහිංසකාවි = හරි නගේ මම කතාකරන්නම් ....

.......................................................................................................................................

@Hasitha= මම පරිස්සමෙන් බං ගියේ අර වාහන කාරය තමයි හයියෙන් ආවේ .දැන්නම් ඉතිං ආයේ පොඩ්ඩක් වත් බය නෑ මම යනවා කඟවේනා වගේ ! අනේ මචං බීවට බනින්න එපා .ඒක මගේ ලයිෆ් සර්කල් එක නේ කොහොමද මම ඒක කඩන්නේ ..

Anonymous said...

මම අදයි ඔයාගෙ ලිපි ගොඩක් කියෙව්වෙ. මට කියන්න තියෙන්නෙ මෙච්චරයි ඔයා හොද කොල්ලෙක් ඒත් බීම නිසා නාස්ති වෙනව. අර "මම" කියල තියෙන විදියට අනිත් අයට ඔයා නැතුව සල්ලිවලින් විතරක් වැඩක් නෑ.

ඔයාගෙ ආදරේට ජය පතනව. ඔයාවගේ අය ගොඩක් අඩුයි. ඔයාව ඔයාට සමහර වෙලාවට වින්නෙ නැතිවුනාට අනිත් අයට.. ඔයාගෙ වටේ ඉන්න අයට ඔයාව ගොඩක් වටිනව.

දිගු ගමනකට මගෙන් ආසිරි.. :)

ටීම් ට්‍රැවලර්ස් said...

ලොවෙත් නෑ සඳරුවෝ......

Post a Comment

තැන්කූ බං