5.4.11

යකඩ බජාර් එකේ ලවු ස්ටෝරිය .



                 දැන් කාලයක් තිස්සේ ඉඳන් මටත් නොදැනීම මේ බ්ලොග් එක ඇතුළේ මම මගේ ජීවිත කතාව ලියාගෙන යනවා . බොහොම හෙමීට වගේම හරිම අපිළිවෙළට . වගේම බීගත්ත වෙලාවට මම ඕනෑවට වඩා අවංක බව මම හොඳටම දන්නවා. ඉතින් වෙලාවට මම පරිගණකය ගාවටවත් කිට්ටු නොවී ඉන්න වගබලා ගන්නවා . මම දන්නේ නෑ මොකට හිතුණද කියලා. මෙන්න මේ කථාවත් හිතේ තියාගෙන ඉන්නේ නැතුව සයිබර් අවකාශයේ පා කරලා යවන්න මට අද හිතුණාහැබැයි මම අද බීල නම් නෑ මේක ලියන්න මුල් උණේ මම උගන්වන Institute එකේ reception එකේ ඉන්න අක්කා . මට කියපු කතාවක් හින්දා !

සඳරු මල්ලී උඹනම් ඔය වලිවලට යන එක නවත්වන්නේ කාගෙන් හරි හොඳට කන්න හම්බවෙච්ච දවසකට තමයි" .

එයාගේ කථාවත් එක්ක මගේ මතකයන් මට නොදැනීම අවුරුදු කීපයක් ආපස්සට යැවුණා. මම මගේ ජීවිතේ මතක් කරන්න මතක සටහනක් කාලෙකින් මගේ මතකයට ආවා . වෙනදා තරම් ඉක්මනට ජරා මතක සටහන අමතක කරලන්න මට පුළුවන් උණේ නෑ !දෙයියනේ එකම එක සිද්ධියක් ගඟක් වගේ ගලාපු මගේ ජීවිතේ වෙනස් කරපු හැටි..!. එදා මහ රෑ වෙනකම්ම . මතක සටහන මගේ හිතේ හොල්මං කරා …..........ඉතින් ඔන්න ඔහේ ඒක ලියලා දාන්න මට හිතුණා . බලන කෙනෙක් බලන්නේ නැතෑ ….! .ඒත් එක කොටසකින් මේ කතාව ඉවරකරන්න මට බැරි වේවි …..


මේ සේරම සිද්ධ උණේ මීට වසර කීපයක කලින්. වෙන කොට මම ඉගන ගත්තේ 12 වසරේ .

පරක්කු වෙලා ඇවිල්ලා ඉස්කෝලෙ වැටෙන් හොරෙන් පනින එකත් ඉස්කෝලේ ඇරෙන්න කලින් . හොරෙන් පැනලා රවුම් ගහන එකත් මම ඇතුළු මගේ යාළුවෝ කට්ටියගේම පුරුද්දක් . පණට පණ උණත් දෙන්නතරම් යාළුවෝ මගේ වටේ හිටියා . කෙල්ලොයි කොල්ලොයි දෙගොල්ලොම . එකෙක්ව පාවලා නොදෙන ගතිය . යාළුවොන්ගේ ගූ කේස් වලදී ජීවිතෙත් අමතක කරලා ඒවට එකතු වෙන ගතිය .කෙල්ලොන්ට පැනි වක්කරන ගතිය. ඔන්න ඔය වගේ ඔය කාලෙට වැළඳෙන ලෙඩ රෝග සියල්ලම මටත් 100% ක්ම වැලඳිලා තිබුණා .

මගේ ජීවිතේ මේ කාලේ ගෙවුණේ බොහොම සතුටින් . උදේම නැගිටිනවා . බෑග් එක එල්ලගන්නවා ! කෙළින්ම ඉස්කෝලෙට යනවා . බෑග් එකේ නයි පොළොංගු ඉන්නවද කියන්නවත් මම දන්නේ නෑ .!පොතක් අල්ලන්වත් බෑග් එක අරින්නේ නැති කාලේ. ඔන්න ඔය කාලෙදී මගේ හොඳම යාළුවා උණේ …....ම් ම් අපි මිනිහට "අරවින්ද" කියමු .ඔවු ඉතින් අරවින්ද තමයි ඔය කාලේ මගේ හොඳම යාළුවා .මගේ බඩියා .මගේ බොක්ක !

කෑවෙද ,, නෑවෙද . මේ සේරම කළේ අපි එකට . මම කොහේ ගියත් අරවින්ද මාත් එක්ක ආවා .මම ඉස්කෝලෙන් පනින්න යනවද . අරවින්ද උගේ බෑග් එකත් අරං දුවලා එනවා . ඔන්න ඔය විදිහේ සහෝදර කමක් අපි දෙන්න අතරේ තිබුණා . ! සහෝදර බැඳීම මුලු ඉස්කෝලෙමත් අහල ඉස්කෝලත් දැනං උන්නා …...ඔය විදිහට කාලයක් ගෙවිලා ගියා ! ඔය කාලේ මම අරක්කු බොන එකෙක් නෙවේ . එතකොට මම බොන්නේ දුම් විතරයි . …....

පොසොන් මාසේ එක දවසක් . මම ඉස්කෝලේට යන්න ගෙදරි පිටත් උණා . මම ඉගනගන්න ඉස්කෝලේ තිබුණේ ගෙදර ඉඳන් කිලෝ මිටර් 20 විතර දුරකින් . අදට වඩා ගැඹුරු වළවල් කාලේ මම ඉස්කෝලේ යන පාරේ තිබුණා . ඉතින් ඔය වළවල් සහිත පාරේ යන්න පුළුවන් උණේ උස රෝද තියන . සුගතපාල අයියා එළවන බස් එකට විතරයි . උදේට මේ පාරේ යන්නේ සුගතපාල අයියගේ බස් එක විතරක් නිසා . හැමදාකම බස් එකට කට කපලා ලෝඩ් එක හිටියා . ලෝඩ් එක කිවුවේ . පාසල් ළමයි විතරමයි . මමත් අරවින්ද  හැමදාකම ගියේ මේ බස් එකේ .. . අපේ ගෙවල් වලට තරමක් ඉස්සරහින් තමයි අරවින්ද බස් එකට නගින්නේ .

ඒත් එදා දවසේ අරවින්ද බස් එකට නැංගේ නෑ . අරවින්ද බස් එකට නගින හෝල්ට් එකේ හිටපු කෙල්ලෝ කීප දෙනෙක් සහ පොඩි කොල්ලෝ කීප දෙනෙක් විතරක් එදා බස් එකට ගොඩ උණා ! ..
"ඒයි ඩොංකි කෝ බං අරවින්ද ?" . ! කොණ්ඩේ කොටට කපාපු මගේම පන්තියේ ඉන්න . කෙල්ලෙගෙන් මම ඇහුවා ! මම ටිකක් සද්දෙන් ඒක ඇහුවත් බස් එකේ හිටපු එකෙකුටවත් ගාණක් නෑ . හැමෝම මේ කෙල්ලට ඩොංකි කියන නිසා ඒක කාටවත් අරුමයක් නෙවේ .

අරවින්ද අන්න උදේ පාන්දරම ගියා !

පාන්දරම ගියා ? පයින්ද ?

නෑ එයාගේ තාත්තා එයාව එක්කගෙන බයිසිකලෙන් ගියා .මම දැක්කා !

මම වැඩිය ඔය ගැන අහන්න ගියේ නෑ . අරවින්දගේ තාත්තට බයික් එකක් නෑ ෆුට් සයිකලයක්නම් තියනවා ඒත් ඒක පැදගෙන කිලෝ මීටර දහයක් විතර දුර තියන ඉස්කෝලෙට යන එක මහ අසාමාන් දෙයක් . ඒත් වෙලාවේ මට ඒක ඒතරම් මීටර් උණේ නෑ. මොහොතකින්  ඉස්කෝලේට කිලෝමීටර 5 විතර මෙහාදී . තවත් අමුතු දෙයක් සිද්ධ උණා අපේ පාර දෙපැත්තේම තියෙන්නේ මහ විශාල කැලෑවක් කැලේ මැදදී. සුගතපාල අයියා එකපාරම බස් එක නතරකරා . උඩ රැක් එකේ පුරවලා තිබුණු ස්කූල් බෑග් වලින් කිහිපයක් වාඩි වෙලා හිටපු අයගේ ඔළුවලටත් වැටුණා .

එකපාරටම නවත්තපු බස් එක ඇතුළට කළුම කලු පාට කොල්ලෝ දෙන්නෙක් නැග්ගා බස් එකේ පිරිලා හිටපු කෙල්ලෝවත් කොල්ලෝවවත් සත පහකට මායිං නොකර . බස් එකේ තෙරපිලා කාවදෝ හෙවුවා .

"අනේ කකුල එහාට යනවකෝ"

කෙල්ලෝ එකා දෙන්නා නහයෙන් අඬන්න සද්දේ මට ඇහුණා . උං විනාඩි කීපයක් යනකල්ම බස් එකේ සීට යට පවා හොයලා හොයලා බස් එකෙන් බිමට බැස්සා . බැහැලා එක පාරටම කොන්දොස්තර අයියගේ බෙල්ලෙන් අල්ලගත්තා .බස් එකේ හිටපු කෙල්ලෝ කෑගහන්න පටන්ගත්තේ රැහැයියෝ වගේ …! එතකොටම බස් එකේ හිටපු 13 වසර සෙට් එක බස් එකෙන් බිමට බැස්සා . පිටිපස්සෙන් අපිත් බිමට බැස්සා .කෙල්ලෝ සේරම බස් එක ඇතුළේ ඉතුරු උණා . …

කොන්දොස්තර ගේ බෙල්ලෙන් එකෙක් අල්ලං ඉන්න අතරේ අනිකා තමන්ගේ බයික් එකට දුවලා ගිහිං ඒකෙන් සුදුම සුදු පාට දිලිසෙන රම්බෝ පිහියක් එළියට ඇදලා ගත්තා !

"එකෙක් ලං වෙයං බලන්න .. හු*%$#@ ලා ! තොපිව කෑලි කරලා අමුණට දානවා දනගනිවු ! “ කලු පාටට දිලිසෙන දාමරිකයා කෑගහන්න පටන්ගත්තා .

13 වසරේ අජිත් අයියා එකපාරටම බෑග් එකෙන් චේන් එකක් ඇදලා ගත්තා . බස් එකේ ඩ්රයිවර් සුගත පාලයියා . ස්පැනර් එක අරගෙන ආවා . 13 වසරේ ලොකු අයියලා සෙට් එක පාර දෙපැත්තට පැනලා පොලු කඩාගත්තා . කෙල්ලෝ ඇඬිල්ල පටන්ගත්තා !

කලු පාට දාමරික ජෝඩුව ඒත් සරෙන්ඩර් උණේ නෑ . උං විනාඩියක් විතර බලං හිටියා . අන්තිමට කුණු හරප වැලක් කියලා . එක පාරටම බයික් එකේ නැගලා දූහුවිලි අවුස්සගෙන ඇරලා යන්න ගියා .වෙච්ච දේ ගැන එක එක අදහස් කියන ගමන් කට්ටිය ආපහු බස් එකට නැගිලා ගමන පටන්ගත්තා .කොන්දොස්තර අයියා එකපාරම කටහඬ අවදි කළා !

උං හෙවුවේ අරවින්ද කියලා කෙනෙක්ව ! .

මට හීන් දාඩිය දැම්මා . ඩොංකි මගේ මූණදිහා බැලුවා . බස් එකේ හිටපු හැමෝම මගේ දිහා බලනවා වගේ මට දැනුනා . "මේ යකා මොනවා කරගෙනද ?” මම තනිවම හිතෙන් මිමිනුවා . එක පාරටම සෙනග මැදින් ආපු 13 වසරේ එකෙක් මගෙන් මෙහෙම ඇහුවා

සඳරු උඹලා මොකද කරේ ? උඹයි අරවින්ද මොකහරි අවලං වැඩක් කරන්න ඇති .. නැත්තං අරවගේ බහිරවයෝ මේ අහක ඉන්න අපට කරදර කරන්නේ නෑ නේ !

දැං මට හොඳටම තේරෙනවා මූ මොකාටද එන්නේ කියලා . මූ අර වලිය යන්න හදපු වෙලාවේ හැංගිලා හිටපු වීරයෙක් . දැන් කෙල්ලෝ ඉස්සරහා පොර පාට් ටූ ඇට් කරන්නයි මෙයාගේ සූදානම .

"ඇයි මොනාද ඔයා කියවන්නේ ? කාටද අවලමා කියන්නේ මටද ?”

මමත් බෑක් එක සීට් එක්කක උන්න අක්ක කෙනෙක්ගේ අතට දීල පැත්තට හැරුණා . මගේ වාසනාවට හෝ උගේ වාසනාවට එතන වලියක් ගියේ නෑ . 13 වසරේ උං ඇවිල්ලා අර කියවපු එකාව එක්කගෙන ඉස්සරහට ගියා .

මගේ හිත තරහෙන් පිරිලා . මොකා ගැනවත් නෙවේ . අරවින්ද ගැන මූ මගේ හොඳම යාළුවා වෙලත් . මට නිකමට මේ වගේ කේස් එකක් ගැන කීවේ නෑ . මොකද . මූට මාව දැන් ෂුවර් නැද්ද ? බස් එකෙන් බැහැලා පන්තියට ගියපු ගමන්ම මමයි ඩොංකියි කෙළින්ම අරවින්ද ගාවට ගියා .

"අරවින්ද උඹ මොකක්ද්ද දාගත්ත කේස් එක ?”

"ඒව වැඩක් නෑ බං . අල්ලලා දාපං"

" එහෙනං එච්චරයි ! “

"මම ආපහු යන්න හැරුණා ! “

" සඳරුවා . පොඩ්ඩක් ඉඳපං බං ..! ඩොංකි උඹ පලයං කෙල්ලේ පැත්තකට මේව අපේ කතා .”

ඒත් ලබ්බ තිබ්බා වගේ හිටපු ඩොංකි එතනින් අඟලක්වත් හෙලවුනේ නෑ . ඉතින් අරවින්ද අපි දෙන්නම ඉදිරියේ ලොකු කතාවකට මුලපිරුවා .

"මචං සඳරු උඹට මතකද එදා අපේ ඉස්කෝලේ ළඟදී බයිසිකලෙන් වැටිච්ච කෙල්ල . අන්න ඒකෙල්ල ගැන මම කාලෙක ඉඳන් හිත හිත හිටියා බං . කොහොම කොහොම හරි ඊයේ මම ඒකිගෙන් ඇහුවා . ඒකි මට වචනේ දුන්න බං මම මාර සතුටෙන් හිටියේ. ඒකයි මම ඊයේ හවස කාටුන් බලන්න උඹලෑ ගෙවල් පැත්තේ ආවේ නැත්තේ “.

"ඉතිං කවුද අර උඹට නෙලන්න හොයන ඩබල ? උඹලෑ මස්සිනාලද ?”

"නෑ බං උං උංන් ගෙන් එකෙක් තමයි මං හිතන්නේ තමයි යකඩ බජාර් එකේ සුමුදුගේ . මල්ලි ! “

මගේ පිට දිගේ දාඩිය බින්දුවක් ගලාගෙන යනවා මට දැනුණා .! අම්මට සිරි යකඩ බජාර් එක !මම හිතින් මිමිනුවාඑතකොටම පන්සිල් ගන්න සූදානම් වෙන්න කියන බෙල් එක වැදුණා !


මතු සම්බන්ධයි !

 සඳරු //








38 comments:

Anonymous said...

හික්... උඹටත් ඉන්නේ පට්ට යාලුවෝ කමා බං. ඊළඟ කොටසත් දාපංකෝ...

Asanka Udayanga said...

තේරුන් නෑ බන්.......

තාරක Dilsh@n said...

නියම කතාවක් වගේ.
අයියගෙ ස්කෝලෙ නියම 13 වසරෙ සෙට් එකක් නම් ඉඳල තියෙනවා

තාරක Dilsh@n said...

ඔයාගෙ බ්ලොග් එක මගෙ රීඩර් එකට අප්ඩේට් වෙන්නෙ නෑනෙ. මොකක් හරි අවුලක්ද?

හිස් අහස said...

@තාරක Dilsh@nඅනේ ඔවු බං මම මේ තාම හොයනවා මොකද වෙලා තියෙන්නේ කියලා පුලුවන්නම් උදවුවක් දියං ...මචං

රත්ගමයා said...

මටත් මතක් උනා හෙනම සීන් එකක්...13 වසරේ එකක් තමා...
ඒත් කෙලි ප්‍රශ්නයක් නම් නෙමේ..
වෙන අවුල්ක් එතන තිබ්බේ..අපේ ඉස්කෝලේ උනුයි ගාල්ලේ ජරාම පැත්තේ ඉන්න මදාවියෝ වගේකුයි...හොය හොය ගහනවා..
මේක නම් මරු...
හෙන ගේමක් ඉස්සරහට යාවි වගේ...
ඔන්න බලන්න ඉතින්...එතනත් කෙල්ලෙක් නේ

තාරක Dilsh@n said...

බ්ලොග් එකේ Settings වල Site Feed එකේ තියෙනවා Allow Blog Feeds කියල එකක්. ඒක Full දිල බලන්න.
මමනම් ඉතිං බ්ලොග් ලියන කෙනෙක් නෙමේ. හරිද කියල දන්නෙනම් නෑ

Anonymous said...

මට හිතෙන හැටියටනම් "අඩේ පට්ට වලියක්" කියල අහක බලාගන්න බැරි සීන් එකක් වගේ. ඉස්කෝලේ කාලෙ වලියක් නං ඉතිං ආයෙ දෙකක් නෑ මල් රේන්දයක් කොහෙන් හරි ගෑවිලා ඇති. කාලයක් ගිහිල්ල හැරිල බලනකොට සමහර දේවල්වලට ඉස්සර කරපු ගොං කං කියල හිනාවෙන්න බැරි තරං.....

රොබින් said...

වලි කොතනද ගවුමක් එතන

Anonymous said...

ගවුමකට යන කේස් එකක වගේ... ඉතුරු කොටසත් ලියන්න කියවන්න බාගෙන ඉන්නවා

Ashoka said...

I can sense the start of another good series!

Sorry for typing in English, I'm slow and lazy to practice with the unicode key board.

you certainly know how to keep a story interesting and build the suspense. Whenever someone asking for a good Sinhala blog, I recommend you. Simple language, rich in feelings and expressions. Keep it going Sandaru!

jhothishalanka said...

13 වසර මොකක්ද? 12 වසර මොකක්ද?අවුරුද්දනෙ වෙනස.ම්........නියම සිද්ධියක් වගේ ඉක්මනට ඉතිරි කොටස දාන්න.ඉවසන්න බෑ..

Gayan Rupasinghe said...

කෝ බොල අනික් ටික.. ටක් ගාල දාහන් කො...... ඉස්කොලේ කාලේ වලි හොයා හොයා නෙ යන්නෙ කට්ටිය... හෙහ් හෙහ්.. ඒවගෙන් කමක් නෑ. ඉතුරු ටික ටක් ගාල දාහන් මචෝ..

ජය..

Anonymous said...

හ්හ්ම්ම්ම්.... හොඳ හුඹහකට වගේ කට්ටිය අත දාන්න යන්නේ... ඉතුරු ටිකත් දාන්නකෝ මොකද වෙන්නේ බලන්න....

Beetle said...

මොන වැඩ තිබුණත් මේක නිවාඩු දාලා හරි කියවන්න මමත් සෙට් වෙනවා...

Anonymous said...

අනෝ...සුපිරි...සුපිරි..වලියක් වෙයි වගේ.....වාව්..

Dasun said...

ඉක්මනට ඉතුරු ටිකත් දාපං මචෝ...
උඹේ බ්ලොග් එක රීඩර් අප්ඩේට් වෙලා නෑ. මොකක් හරි අවුලක් තියෙනවා. තව පොඩ්ඩෙන් කතාව මිස් වෙනවා.

පිණිබිඳු... said...

බ්ලොග් එක අප්ඩේට් වෙන්නෙ නැතෝ. දාපු ටෙස්ට් පෝස්ට් නම් අප්ඩේට් වෙනවා. අනේ වලි එපෝ... ශේප් න්‍යාය පාවිච්චි කරන්න බැරිද.

හිස් අහස said...

@මාලන් = කමෙන්ට් එක අත් වැරදීමෙන් මැකුන නේ ! සොරි ආ ....
.....................................................................................................................................................
@prasanna86k = බලහංකෝ මගේ යාළුවෝ කොයිවගේ එවුන්ද කියලා
.....................................................................................................................................................
@ = අසoක = දෙවනි කොටස දැම්මම බලන්න දොරේ එතකොට අවුලක් නෑ තේරෙයි
.....................................................................................................................................................
@තාරක Dilsh@n = අයේත් අහලා අපේ ඉස්කෝලේ හිටපු 13 සෙට් එකට උඩින් වටේ ඉස්කෝලවල එකෙක්වත් ගියේ නෑ !
.....................................................................................................................................................
@රත්ගමයා = ගාල්ල පැත්තේ ඉතින් වලියක් ගියොත් සොරිම තමයි . මාලු මන්න අරගෙන ඉඳියි පිලිගන්න බලාගෙන උඹ ගිටි කෑවද එදා ?
.....................................................................................................................................................
@nawammawatha = වලියක් කියන්නේ අයියේ මේක අමුර්ූඋම අමුතු වලියක් අනික් කොටසත් කියවලා බලන්නකෝ . මල් රේන්දයක් තමා

වලියට මුල ඔයා හරි
.....................................................................................................................................................
@රොබින් = මචං ඒ කෙල්ල වැඩි පුරම ඇන්ඳේ කලිසං නේ කෙල්ලගේ අම්මනම් ගවුම් ඇන්දා !
.....................................................................................................................................................
@බීටා = අනිවා බීටා බලන්ඩකෝ රෙදි ගැලවෙන සීන් එකක් මේක
.....................................................................................................................................................
@= Ashoka - බොහෝම ස්තූතියි සහෝදරයා . මගේ ඉංග්‍රීසි දැනුම නම් ගොඩක් දුර්වලයි මට යමක් කියවලා තේරුම්ගන්න යන්තම් ගලපලා ලියන්න විතරයි පුලුවන් ඒක නිසා නිතරම ඔයාගේ බ්ලොග් වලට ඇවිල්ලා කමෙන්ට් නොකර යනවා . ඔයාගේ ප්‍රසංසාවට ස්තූතියි
.....................................................................................................................................................
@JHOTHISHALANKA = බලමු බලමු අද හෙටම දාන්නම් මචං
.....................................................................................................................................................
@Gayan Rupasinghe = ඒකනේ බං ඒකාලේ වලියක් නැත්තං පාරේ යන එකෙක්ට හූ කියලා හරි නැති වලියක් ඇදගන්නවා . සිංහයත්

එහෙමද
.....................................................................................................................................................
@කොට ජීවිතේ = ඔවු කොට අක්කේ අහක යන නයෙක් තමයි මේ මෙට්ටේ අස්සේ දාගත්තේ ඔයා බලන්නකෝ කතාව .
.....................................................................................................................................................
@Beetle = එහෙනම් මචං නිවාඩු දාලා අපිදෙන්න සෙට් වෙමු
.....................................................................................................................................................
@නිම්ශා = වලි කොතනද නිම්ශා එතනය . ඉතාලියේදී "ලංකාවේ නිම්ශා" යන වචනය කාටහෝ ඇසුනොත් ඔහු සිහි මුර්ජා වනු නිසැකය.
.....................................................................................................................................................
@නිර්මල = අද හෙටම ලියන්නම් මචෝ.රීඩර් එකේ මොකද්ද අවුලක් තිබුනා දැන්නම් හරි වගේ ...
.....................................................................................................................................................
@පිණිබිඳු = පිණි අක්කේ රීඩර් එක අස්පට් වෙලා තිබ්බා .අන්තිමට දාපු එක ආවනේ ඒක නිසා දැන් හරි ඇති . සේප් නෑ අපි ලඟ !

Ashoka said...

hey, sandaru. oyata puluwan awith sinhalen comment karala yanna. no problemo....

btw, how did u find my blogs ? I thought they are very much unknown.

unlike me, you are a gifted writer.

how about writing some column or a story for a news paper, have you ever tried that?

ehema wadakata oya kamathida ? seriously.

පබලු said...

මෙන්න මෙයත් වැඩක් පටන් අරන්.
හ හා මතුසම්බන්දයි වුනාට සතියක්ම ඉන්න බැ.ඉක්මනට ඉතුරුවත් දාන්න

සංකල්ප said...

මට හිතාගන්න පුලුවන් මෙතන වෙන සීන් එක. අරවින්දයා ට්‍රයි කරන කෙල්ලටම යකඩ බජාර් එකේ බුවාත් ට්‍රයි වෙන්ටෑ.

අඩෝව් යකඩ බජාර් කාරයාට නෙලන්න නේ තිබ්බේ.

මලේ කතාවේ ඉතුරු ටික ඉක්මනට දාහන් !!!!!

Dinesh said...

නියම කතාව.. ඉතිරිය එනතුරු බලන් ඉන්නවා...

Hishan de Silva said...

සික්ඛා පදං සමාධියාමී...

Angel said...

නියම කතාව. ඊළඟට මොකද උනේ?

BLOG ගඩොල් said...

එල එල!! බලමු මොකද වෙන්නේ කියලා...

හිස් අහස said...

Ashoka =ashoka-wonders.blogspot.com ඔයාගේ නේද මම නිතරම එහේ යනවා එනවා . ඉස්සර ඉඳලම . මට කොහෙන් හරි සර්ච් රිසල්ට් එකකින් ඕක හම්බ උනා . අදයි දන්නේ ඒක ඔයාගේ කියලා ..ස්තූතියි ඔයාගේ වර්ණ්නාවට .. බලමුකෝ බලමුකෝ ...
.....................................................................................................................................................
@පබලු = සමාවෙන්න අක්කේ මේ කතාව ගොඩක් දිගයි අනික මගේ ජීවිතේ මුහුන දීපු ජරාම කතාවනේ ඒකයි මේක ලියන්නේ දිගට‍‍
.....................................................................................................................................................
@මධුරංග = නෑ අයියේ නෑ එයා කීයටවත් ඒ කෙල්ලට ට්‍රයි කරන්නේ නෑ ඔයාට දෙවනි කොටස දැක්කම තේරෙයි ...නෙලන්න ? අම්මෝ බෑ !
.....................................................................................................................................................
@Dinesh = මම මේ දැන් අනික් ටික ලියන්නයි යන්නේ අයියේ
.....................................................................................................................................................
@Hishan Melanga = සාදු සාදු සා !!
.....................................................................................................................................................
@StArry aNgeL = ඊලඟට ඔවුන් දැහැමෙන් සෙමෙන් ජීවත් විය...
.....................................................................................................................................................
@blog gadol = දැක්කට සතුටුයි සහෝදරවරුනි ෆීඩ් එක හදාගත්තද ?

සංකල්ප said...

මොකෝ මලේ මේ ටෙස්ටින් වන් ටූ ත්‍රි කරන්නේ. ????

නචියා said...

ඔන්න ආතල් කතාවක්.. අරවින්දගේ ආදරේට හොද ආරම්භයක්.... ඉතුරු ටිකත් දාමුකො බලන්න..

උබ අම්බනකට කාපු කතාවක් වගේ මේ පාර දාන්න යන්නේ....

Praසන්ன said...

පැහැදිලි කෑමක් ‍බලාපොරොත්තු වෙන්න පුලුවන් වගේ.

මකුළුවා..... said...

මතු සම්බන්ධයි.....කමෙන්ටුව අවසානයේදී.....

සෝරෝ said...

ඇඟ සීතල වෙන ප්‍රේම ජවනිකා ඇතුලත් කථාවක් වලේ නේ ද.. එළ එළ ඉතුරු ටිකත් දාපං ඉස්මනට..

ප.ලි - කොමෙන්ට් කරන්න පරක්කු වුනාට සොරි ​හොඳේ... :D

අලුත් කොල්ලා | The New Guy said...

***ක් හින්දා ගෙම්බන් වීමක්ද මේ??

http://aluthkolla.blogspot.com

Hasitha Gunasinghe said...

පන්සිල් විතරක් නෙමෙයි පින් දෙන්නෙත් වෙන සීන් එකක් වගේ තියෙන්නේ

මාධව විදුරංග said...

@ රොබින් - සිරා සිරා බ්ලොග් ගොඩක තඅයන වලි වලට හේතුව කම්බායක් තමයි....

@සදරූ - ඉතිරිය මං කියවන්නම්! කතාව එල!

මාධව විදුරංග said...

එළ කතාව.. ඒ උනාට ඔය ගව්ම් නිසා කෙල ගන්න එක මහ පජාති වැඩක් බං!

පන්සල් හංදිය said...

බලමු ඊගාව කෑල්ලත් .......
උඹලත් එක්ක 13 වසරේ ඉඳපු සෙට් එක නං එල වගේ .......

Anonymous said...

සදරු කෝ බං මේකෙ 2වෙනි කොටහ ... ඉක්මනට දාපං බං ... හිත හොද කොල්ලෙකුට අපිත් බොක්කෙන්... ජයවේවා ...

Post a Comment

තැන්කූ බං