15.4.11

සුලෝචනාගේ වොච් එක නිසා මට අහිමි වූ අවුරුද්ද .




            අද සිංහල අලුත් අවුරුද්දට පෙර දිනයයි. තව මොහොතකින් අවුරුදු උදා වනු ඇත . එය මා හට ඒතරම් සතුට ගෙන දෙන කරුණක් නොවේ එය මට තවත් එක දිනයක් පමණි . කෙසේ වෙතත් අවුරුදු නිසා මට ලැබුණු සතියක නිවාඩුවට මම මුලු හදින්ම ඇලුම් කරමි . මෙතෙක් කල් මට නිවාඩු ලැබුණේ සතියකට එක් වතාවක් පමණි . නමුත් අවුරුදු නිසා සතියක නිවාඩුවක් ලැබී ඇත .


කාමරය තුළ ගෙවා දමන මේ දවස් හතක කාලය තුළ කරන්නේ කුමක් දැයි මම මොහොතක් සිතුවෙමි . පරිගණක ක්‍රීඩා කිරීමද දැන් මට එපා වී ඇත . රූපවාහිනිය නැරඹීමටද සිත් නොදේ . මන්ද යත් නිවසේ ඇති පැරණි රූපවාහිනිය නැරඹීම ජීවිතය එපා කරවන කටයුත්තක් වන බැවිනි .නමුත් එක් දෙයක් මාහට අමතක කල නොහැක .


හිස් බෑගයක් අතට ගත් මම වත්තෙහි වූ කෙසෙල් පඳුරු අතර යමක් සොයන්නට වීමි . විනාඩියක් දෙකක් පමණ සොයන විට මට මා සෙවූ නිදානය දක්නට ලැබුණි . හිස් වූ බියර් බෝතල හා .හිස් හතරැස් බෝතල කීපයක් මා සෙවූ නිදානය විය . මෙම බෝතල කීපය තැබෑරුමට ගෙනගොස් දුන් විට .මා මිලයට ගන්නා මත් පැනින් පිරීගිය නැවුම් බෝතල් වල මිල අඩුකරගත හැකිවනු ඇත.නමුත් තැබෑරුම වෙත යාමට තව කළුවර වැටෙන තෙක් සිටිය යුතුය .........

බිම් කළුවර වැටුණ පසු නිවසේ පිටුපස දොරින් හොරෙන් ඉවතට පැනගත් මම තැබෑරුම කරා ගමන් කරන්නට වීමි . අතරමගදී මගේ මව හඳුනන කිහිප දෙනෙක් මා පසුකර ගියද හාත්පස වෙලාගෙන තිබූ කළුවර හේතුකොටගෙන ඔවුන් කිසිවෙකුට මා හඳුනාගත නොහැකි විය ..

තැබෑරුම අසලට ළංවත්ම මා සමග කුඩා කල පාසැල් ගිය මගේ ගැන්සියේ එකෙකු කාණුවට කකුල් දෙක දමාගෙන සුව පහසු ඉරියවුවෙන් වාඩි වී සිටිනු දක්නට ලැබුණි . ඔවු වාඩිගෙන ඉරියවුවෙන් මේ මොහොතේ ඔහු සිටින තත්වය වටහා ගැනීමට මට අපහසු නොවුණි .

අඩේ සඳරුවා !

මත් පැන් සුවඳැති .උස් කටහඬින් මා අමතන හඬක් ඇසිණ .

මිතුරා මා අමතයි .

වරෙං බං වරෙං .


සාක්කුවෙන් ගත් බාගේ බෝතලයක් මා වෙත දිගු විය .................. බොන්නද ?. නොබොන්නද ? මා මේ ගමන ආවේද මත් පැනින් සැනහෙන්නටය . එම නිසා මා හට තව සිතන්නට දෙයක් ඉතිරිව නොතිබිණ . බාගේ බෝතලයෙන් කට පුරා ලොකු උගුරක් ඇද බීමට මා පෙළඹුණේ එබැවිනි . යාන්තමට බඩේ දැවිල්ලක් සමගම කට නලියන්නාක් මෙන් දැනුනද . එය මොහොතකින් පහව යන බව අද්දැකීමෙන් මම දනිමි


මිතුරාට අවුරුද්දට සුබ පතා මම එතැනින් ඉවත්ව තැබෑරුම දෙසට පිය නැගුවෙමි .හැම දෙනාම ඇතුළුවන තැබෑරුමේ ඉදිරිපස දොරින් නොව මම පිටිපස දොරින් ඇතුළු උනෙමි. . මා මල්ලෙහි පුරවා ගෙන ආ හිස් බෝතල් පිළිවෙලින් පරිස්සමන් බිම තැබුවෙමි .

"මචං රතු ලේබලෙන් දෙකක්" මගේ ඉල්ලීම


මා කැමතිම වර්ගයක රතු ලේබල් බෝතල දෙකක් මොහොතකින් මා ඉදිරියේය .. එවිටම මාගේ දකුණු අත කලිසමේ පිටුපස සාක්කුව වෙත යන්නේ මටත් නොදැනීමය . කලු පැහැති පසුම්බිය මොහොතකින් මාගේ දකුණු අත මතට පැනගති .....ඒත්.....................දහවල් රුපියල් හාරදහස් පන්සිය හැත්තෑ තුනක් ඉතිරිව තිබූ එම පසුබියෙහි ඉතිරිව ඇත්තේ රුපියල් පන්සිය හැත්තෑ තුන පමණි !


මොහොතේ මා පත් වූ තත්වය කියාපාමින් මෙතන ගජගා වන්නම නැටීමට මා කොහෙත්ම කැමති නැත . හිස් බෝතලද එතැනම දමා හිස් අතින් . නිවෙස් බලා පිටත් උනෙමි ..අප්‍රමාණ තරහක් මගේ හිතේ කැකෑරෙයි .


මොකාද මගේ සල්ලි ගත්තේ ? මම දවස් තිහේම වැඩකරලා උපයන මගේ සල්ලි මොකාද ගත්තේ ?. මම අනේක වාරයක් බැණ වදින්නට ඇති .

අම්මා මගෙන් අහන්නේ නැතුව සල්ලි ගන්නේ නෑ.....

සීයා කවදාවත් මගේ දේවල් අතපත ගාන්න යන්නෙත් නෑ !

එහෙනම් කවුද ? මොකාද ? මේ තුට්ටු දෙකේ වැඩේ කළේ .???

මොහොතකින් .මට ඇයව සිහියට නැගුණි . "මගේ නංගි

කි මගේ කාමරේ ළඟ කැරකි කරකි හිටියේ මේකටයි එහෙනම්. ! මගේ නැගෙණියට මම හිතින් බැණ වැදුණෙමි . දුරකථනය අතට ගත් මම ගෙදර අංකය ඩයල් කළෙමි

"හලෝ" ! නැගෙණියගේ කටහඬ

මේ තමුසේ මගේ ෆෝන් එකෙන් හාරදාහක් ගත්තද ? තරහ වැඩි කමට මට වචනද පටලැවෙයි..

ෆෝන් එකෙන් ?

නෑ ඕයි පර්ස් එකෙන් !

ඔවු ගත්තා .!

ඇගේ කටහඬඳ තියුණුය .

මොකටද ගත්තේ මගෙන් අහන්නේ නැතුව ?

අවුරුද්දට ඔයාගේ කාමරේ ගාන්න තීන්ත ගත්තා

හාරදාහකම තීන්ත ගත්තා ?

ගෙදරම තීන්ත ගාන්නත් හිතුණා .ඉතින් වැඩිපුර ගත්තා ..මේ...මේ. මම ඔරලෝසුවකුත් .

හරි ඕයි නවත්ත ගන්නවා ..ඕන මගුලක් ගන්නවා හැබැයි මීටපස්සේ ගන්නකොට අහලා ගන්නවා ! ..

මගේ හිතේ තිබූ තරහවත්, බඩේ තිබූ අරක්කු උගුරත් ඇයට බැණ වැදුණු අතර මා කළේ නිහඬව අසා හිටීම පමණි මා ඇයට බැන්නේ නැත ..ඇයට මගේ කාමරයේ තීන්ත ගෑමට උවමනාවක් නැත. මෙය ඔරලෝසුව ගැනීමට ඇය යෙදූ උප්පරවැට්ටියකි

ඇය නිහඬවම සිටී ..මගේ හිතේ කොනකින් දුකක් නැගෙන්නට විය

මොන පාටද කාමරේ ගාන්න ගත්තේ ?

රෝස පාට. හොඳයි නේද ?

රෝස පාට මා අකමැතිම වර්ණය වන අතර ඇයගේ ප්‍රියතම වර්ණයයි....

කමක් නෑ ඔරලෝසුවත් ගත්තද ?

"ඔවු සුලෝචනාගේ වොච් එක වගේමයි හැබැයි ඊට වඩා මේක කොලිටි ජාතියේ එකක් මේකේ බෙල්ට් එක..............................................

හ්ම් හ්ම්.. මම තියනවා මම දුරකථනය විසන්ධි කළෙමි

සුලෝචනා ! (නම මන:කල්පිතයි ) මගේ නැගෙණියගේ සම වයසේ මිතුරියකි . එය අරුමෝසම් බඩු පුරුවාගෙන ගමන් බිමන් යාමට ප්‍රිය කරන කෙල්ලකි . අද දහවල් අප නිවසට පැමිණි ඇය. තම අලුත්ම අළුත් අත් ඔරලෝසුව මගේ නැගෙණියට පෙන්වන අයුරු මම දුටුවෙමි ඒ මෝස්තරකාර කෙල්ල මගේ රතු ලේබල් බෝතල දෙකට තට්ටු කරතැයි මම ඒ මොහොතේ නොසිතුවෙමි .නගා ඒ ඔරලෝසුව දෙස ආශාවෙන් බලන අයුරුද මම නොදුටුවෙමි . දැන් මා ප්‍රමාද වැඩිය මගේ හාරදාහකට කෙලවිය . අහිංසක නංගාට බැනීමටද නොහැකිය

ඉතින් .

දැන් මම කුමක්නම් කරන්නද ? අද වැනි දිනයක මට කෙසේවත් නොබී සිටිය නොහැක . මිතුරා දුන් මත් පැන් උගුර නිසා දිව මත් වී ඇත . සිරුරද තව තව ඉල්ලයි . වට පිට බැලීමි . කාණුවේ ගැට්ට මත වාඩිවී ෆෝන් එක කනේ ගසාගෙන වල් පල් දොඩන මගේ මිතුරා නැවතත් මට දැකිය හැකි විය .. ඔහු අත තිබූ බාගේ බෝතලය තවම හිස් වී නොමැත ..... මද හිනාවක් පෑ මම ඔහු අසලම කාණුවේ ගැටේ හිඳ ගත්තෙමි අමුවෙන්ම උගුරක් කටේ හලා ගත්තෙමි .. කළුවර හිස් අහස දෙස බලා මම මෙසේ කීවෙමි...........

"ඉතින් සුලෝචනා. සැන්ඩිත් නෑ බයිටුත් නෑ. මට උඹ නිසා අවුරුදුත් නෑ .....! අවුලක් නෑ...


සඳරු //



(image: http://www.talkladiesfashion.com/wp-content/uploads/2008/11/ladieswatches.jpg)












45 comments:

Paraya said...

සික්... අපම අපරාදේ... රතු ලේබලේ
ඒ උනාට වෙච්ච වැඩේ නම් වරදක් නෑ වගේ... අවුරුද්ද දවසේ රහමෙර නැති වෙච්ච එක නම් හොදයි...

Gayan Rupasinghe said...

නංගිගෙත් ආසාව නෙ බං. පව් බනින්න එපා. අපොයි අපේ එකීටත් ඉන්නව ඔය තොරොම්බල් කරත්ත වගේ ඉන්න උන්. මට නම් පේන්න බෑ. පාරෙ දි දැක්කත් මම හිනා නොවී බැරි උනොත් මිසක් හිනා වෙන්නෙ වත් නෑ. හෙහ් හෙහ්. නංගි එක අතකට කරල තියෙන්නෙ පිං අතේ වැඩක්..

ජය...

MaRLaN said...

නංගිට ජය වේවා...

පූසා said...

අනේ ඔය රතු ලේබලේ කවදා ගන්න බැරිද බං. සතුටින් ඉන්නේ උඹේම නංගිනේ. ඒ මදෑ........

සුදර්ශන බංඩාර හේරත් said...

යකෝ නිකමට අපිට කියන්න්න එපැයි... නාන්න දෙනවනේ..

අපරාජිතයා :::: Aparajithaya said...

අඩේ සුලොචනාට ජය වේවා....... තොටනම් බොන්න නොලැබිච්ච එකමයි හොද.අනේ වාසනාවන්... මුළු අවුරුද්දෙම එසේම මරාල කඩා පත්වේවා.....!!

මම අවුරුද්දට දාපු පොස්ට් එකේ උබේ කමෙන්ට් එකට යටින් මම දාපු රිප්ලයි එකෙන් එකක් ඔය හරි ගොහින් තියෙන්නේ... අනික් එකත් අනිවා හරියන්න කියල ප්‍රර්ථනා කරනවා.... බොන්න තියා බෝතලයක් ඇස දෙකෙන් දකින්නවත් නොලැබේවා.... නංගිට හැමදාම කාමරේට පාට ගාන්න හිතෙවා උබේ පර්ස් එකෙන් බොන්න තියෙන සල්ලි ගල් ටික්කා කෙරේවා.....
( තරහින් නෙමෙයි උඹේම හොදටයි ඩෝ කිව්වේ හොදේ )

අපරාජිතයා :::: Aparajithaya said...

@Gayan Rupasinghe:- අඩෝ සිංහයා උඹ නංගිගේ යාළුවො දැක්කම ගණන් ගන්න යන්නේ නැත්තේ නංගිගේ යාලුවෙක්ට ටෝක් කරන්න ගොහින් සෙරෙප්පු පාරක් කාපු නිසා නේද කියහන් කියහන් ඇත්ත මෙතන පච කෙලින්නේ නැතුව....?

හා පැටික්කි (MS) said...

හ්ම්ම්ම්ම් නංගියා පව්.......... අ‍නේ ඉතින් කිව්වනම් ‍දෙන එකක්යැ.

ඔය ‍තොරම්බල් කරත්ත නම් ‍පෙන්නන්න බෑ මටත්. ‍මෙ‍ලෝ වැඩකට නැති ප්ලාස්ටික් කෑලි එල්ලන්....... දුකම ‍දේ තමා දැන් අවුරුදු 2‍කේ 3‍නේ පුංචි පැටවුන්ටත් ඕවා දාලා ළමා ගතිය යවන එක.

හරි හරි ‍කෝම හරින් මතින් යන්තම් හරි ‍තොර අවුරුද්දක් වුනා......

පවු‍ලේ හැ‍මෝටමත් ඔයාටත් සියළු බලා‍පො‍රොත්තු ඉටුවන, සතුට ‍සොම්නස සපිරි නිදුක් නි‍රෝගී බවින් පිරි වාසනාවන්ත සුභම සුභ අළුත් අවුරුද්දක් ‍වේවා......!!!! හාවා සහ හාවි‍ගෙන්......

Praසන්ன said...

අයිය ගාව තිබ්බොත් අතේ බදින්න වෙන්නෙ රතු ලේබලයක් හින්ද කලින්ම නංගි වැඩේ දෙන්න ඇති.
කොහොම උනත් සුබ අලුත් අවුරුද්දක් වේවා මලේ...

තාරා said...

අපෝයි... අයියා බීලා ලෙඩ වෙනවට වඩා නංගි ඔරලෝසුවක් ගත්තු එක කොච්චර වටිනවද.... තීන්තත් ගානවනෙ... ඒත් මමත් නොකියා ගන්න එකට නම් කැමති නෑ.. මටත් නංගියෙකුයි මල්ලියෙකුයි 2ක්ම ඉන්න නිසා ඔය පරිප්පුව හොඳට කාලා තියෙනවා.. චි... වෙලාවට මට අයිය කෙනෙක් නෑනෙ....

අරක්කු නැති උනත් ඔයාට සුභ අළුත් අවුරුද්දක් වේවා අහස...

~ChAnDiKa~ said...

අර කිවුවත් වගේ උඹේම නංගිනේ. වෙන කවුරු දෙන්නද? ඒකිගේ හිත සතුටින් කියන්නේ උඹේ සතුටනේ. රෙඩ් ලේබලේ යකාට ගියාවේ බං.
ඔන්න උඹට සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා!!!!

කතන්දර Kathandara said...

මං කල්පනා කරන්නේ මොකක්ද මේ රතු බෝතලේ කියලා!

රොබින් said...

උගුඩුවා වගේ බොන්න එපා මලයෝ හැමදාම. සුලෝට ජය

Beetle said...

මීට කලින් අහලා තියෙන කතාවක් සිහි වුණා...

"සමහරවිට සැබෑ ජීවිතේ සිදුවීම් ප්‍රබන්ධයකට වඩා ප්‍රබලයි..."

සඳරුට සුභ අලුත් අවුරුද්දක් වේවා...

Anonymous said...

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අයියේ...
අවුර්ද්ද නම් අයියාට සුබ වෙලා නැති පාටයි.. එ උනාට කමක් නැ... එක දවසක් බොන්න වෙන් නැ කියලා මැරෙන් නැනේ..හැමදාම නොබි ඉන්නවා නම් හොදයි ...

හිරණ්‍ය said...

මේකට හිනාවෙන්නද අඬන්නද කියල හිතාගන්න බෑ, කොහොම උනත් සුබ නව වසරක් වේවා සහෝ.

Chanaka Aruna Munasinghe said...

ඉතින් ඊට පස්සෙ කාමරේ රෝස පාටින් පාට කළාලුද ??
කාමරේ පාටවත් වෙනස් කරව ගන්න බැලුවෙ නැද්ද රතු පාටට , මේක මතක් වෙවී තියෙන්නත් එක්ක

අලුත් කොල්ලා | The New Guy said...

මලේ උඹ තරු තුනේ අරක්කුය බොන්නෙ...........

මතට තිත උන එක හොඳයි බං හැමදාම බීලම හරි යන්නෙ නැහැ යන කලක් ගැන බලපං බං. මම මේ උඹට කියන්නෙ අත්දැකීමෙන්.

http:aluthkolla.blogspot.com

Dinesh said...

අඩේ.. අපරාදේ රතු ලේබල් දෙක... නංගිගෙත් ආසාව නිසා බැනපු නැති එක හොදයි.. කොහොමහරි යාළුවා පිහිට උනානේ...

හිස් අහස said...

@ පොජ්ජේ = වෙච්ච වැඩේ සම්පූර්න වැරදියි . පොජ්ජේ අයියේ අවුරුද්ද තියෙන්නේ බොන්න නේ !
.....................................................................................................................................................
Gayan Rupasinghe = නංගි නිසා තමයි බං මම බැන්නේ නැත්තේ . මේ උඹ නංගිගේ යාළුවෝ එක්ක කතා නොකරන්න හේතුව මම දන්නවා . හරිද . අන්න අපරාජිතයා යටින් ලියලා ගිහිල්ලා . ඒක ඇත්තද බං . චිකේ සිංහයා නම මාරු කරගනිං බං
.....................................................................................................................................................
@MaRLaN = මේ ලඟ පාත පොල්ලක් තිබුනා ...කෝ ඒක ?
.....................................................................................................................................................
@පූසා = ඒ උනාට බං ඒක රතු බෝතලයක්නේ . ඉස්සරහට ඕව ගනං යනවා දැන්ම අරන් තියාගන්න එක හොඳයි .
.....................................................................................................................................................
@සුදර්ශන බංඩාර හේරත් = අනිවා . පිටාර ගලන්න දෙනව නේද බං . උඹ ඉතින් පිටවානනේ ... නිකමට අහන්නේ . උඹ නිමාලි කියලා කෙල්ලෙක් දන්නවද බං ....මම අර කියාපු පලාතේ
.....................................................................................................................................................
@අපරාජිතයා = මක බෑවියං සුලෝචනා . මොනාද බං උඹලා මගේ යාලුවෝ නේද එහෙනම් ප්‍රාර්ථනා කරපල්ලා මං කැමති දෙයක් මට ලැබෙන්න කියලා . අඩේ මගෙ සල්ලි දාන්න සේප්පුවක් වත් ගන්න ඕන උඹ ප්‍රාර්ථනා කරන දේවල් හරි යනවා වගේ . සිංහයාට වසල නෝන්ඩිය
.....................................................................................................................................................
@හා පැටික්කි = ඇත්ත තමයි ඉල්ලුවානම් මම දෙන්නෙත් නෑ ඒ උනාට හොරකම නරකයි හාවි . ඔයා මේක අහල තියනවය ?"බොරු අරු මෝසම් පමනට වැඩියෙන් ගෝචර නෑ නිතර " හා කපල් එකට මගෙන් ආයෙත් සුබ පැතුම් . මේ හාවාට කියන්න මම මතක් කරා කියලා .
.....................................................................................................................................................
@Praසන්ன = සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා . ප්‍රසන්න අයියේ . ඔයා ලියන කෙටි කමෙන්ට් එක ඇතුලේ දහසක් දේවල් කැටි වෙලා තියනවා . ලියනවකෝ අයියේ බ්ලොග් එකක්
.....................................................................................................................................................
@රංග ප්‍රභාත් ජයසිංහ = අඩේ මම සල්ලි නැතුව අඬනවා උඹට ඒක ලස්සනයිලු බලපං ඉතින් උඹලා ... :)
.....................................................................................................................................................
@තාරා = ඔයාටත් එහෙනම් සල්ලි අතුරුදහන් වෙච්ච අද්දැකීම් ඇති නේද . එහෙම හොරෙන් සල්ලි ගන්නකොට තරහා යන්නේ නැත්තෙ කාටද අනේ . වෙලාවට අයියකෙනෙක් හිටියේ නැත්තේ.අරක්කු නැතු අවුරුද්දක් යනු පරිප්පු නැති හෝටලයක් මෙනි .
.....................................................................................................................................................
@ChAnDiKa = රතු ලේබලයක් නිසා දුකයි . මගේ නගා හින්දා ඉවසනවා . මචං උඹටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා . රෙඩ් ලේබලේ බඩඩ ගියාවේ කියපං බං

හිස් අහස said...

@Kathandara = ඇයි අයියේ . අර රතු වටකුරු . අමෘත්තය බඳු දෙවුලොව පානය . රෙඩ් ලේබල්
.....................................................................................................................................................
@රොබින් = උගුඩුවා මම වගේ මම බොන්නේ නෑ දෙයියෝ මම ඔන්න ඔය ලාවට හීනිවට වක් කරගන්නවා විතරමයි .
.....................................................................................................................................................
@Beetle = සුබ අලුත් වුරුද්දක් වේවා බීටල් . ජීවිතෙත් කියන්නෙත් කවුදෝ ගොතපු ප්‍රබන්ධයක් තමයි
.....................................................................................................................................................
@නිම්ශා = මට මෙදා අවුරුදු නැත . ඔයාටනම් අවුරුදු ජය ඇති . ඒකත් හොඳයි නැත්තම් මේක ලියන්න වෙන්නෙත් නෑ නේ .සුබ අලුත් අවුරුද්දක් වේවා නගේ !!
.....................................................................................................................................................
@හිරණ්‍ය =මචං උඹලට ඔහොම උනානම් මොකද කරන්නේ . දුකයි නේද ? හිනා වෙන්න නම් එපා එතකොට මට ඇඬෙනවා . බ අලුත් අවුරුද්දක් වේවා හිරණ්‍ය !
.....................................................................................................................................................
@Chanaka Aruna Munasinghe = ආ මකරා . කොහොමද අවුරුද්ද . මොකෝ ලියන්නේ නැත්තේ . ඔවු බං රෝස පාටම ගෑවන්නේ . මට දැන් කාමරේට යන එකත් නිකං මොකද්ද වගේ .
.....................................................................................................................................................
@අළුත් කොල්ලා = පිස්සුද අලුත් කොලූ . මම බොන්නේ දුප්පතාගේ පානය බල්ලන්ට ගහන ඒවා .(ගල්) අන්න ඒවා . ඒත් අවුරුදු නිසා වෙනසක් කරන්න හිතලා තරු සහිත ඒවා ගහන්න ගියා . ඉතින් බල මට වෙච්ච දේ
.....................................................................................................................................................
@Dinesh = ඇති යන්තම් එක කොල්ලෙකුට මගේ දුක දැනුනා .කොහොමද අයියේ බනින්නේ .මට පවු හිතුනා . එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වේවා දිනේශ් අයියේ

මාරයාගේ හෝරාව said...

කියන්න දේවල් ගොඩායි..
මුළින්ම නංගීට මගේ විරෝධය..මොන දේ උනත් පර්ස් එකට බැසීම මා අනුමත නොකරමි..මක් නිසාද යත්..ඔය දේ බාර් එකේදී උන හින්දා හොඳයි..වෙන වැදගත් තැනකදී මුදල් ඕනම වෙලාවක උනානං..නෑදෑකමත් නැති වෙන වැඩක් තමා ඉතිං..

අනික තමා ඔයිට වඩා නංගීගේ උවමනාවල් හොයලා බලහං අපතයා වගේ ඉන්නේ නැතිව

යකෝ ගෙදර තීන්ත ගාන එක උඹ බැහැලා කරන්න ඕන දෙයක්නේ..

පුළුවන්නං ලබන අවුරුද්ද වෙනකොට සුලෝචනාට අවුරුදු නැති කරන්න බලහං...

Paraya said...

@MaRLaN :
නංගිට ජය වේවා...

අඩේ සදරුවෝ... මට ටිකිලා එකක් හම්බුන යාලූවෙක්ගෙන්...
අද මගේ ඉස්කෝලේ යාලූවෙක් ආවා.මෑන්ස්ට දෙන්න බලනකොට
යකෝ වැඩේ කියන්නේ ඒක මේ ඩිංගට අතුරුදහන්...මට හිතෙන්නේ අපේ මාමා ඒකට ෂොට් එක දීලා...

Podi Kumarihami said...

මොන විදියකට හරි අර දුප්පත් නංගිට අලුත් වොච් එකක් ගන්න උදව් කල ඔයා හොඳම, හොඳ අය්යෙක්. නංගිට ඒ අදහස දුන්නු සුලෝචනාත් හොඳම හොඳ කෙල්ලෙක්.

හැබැයි අපරාදේ අවුරුද්දට වැඩ අල්ලන්න බැරි උනේ....

Anonymous said...

ඇති යන්නං අරක්කු නැතිව අවුරුද්ද ලැබුවා.

පබලු said...

සුභ අලුත් අවුරුද්දක් වේවා සඳරු ..
නංගා සාක්කුවට හොරෙන්ම බැහැපු එක වැරදි තමයි.ඒත් ඔයා රෙඩ් ලේබල් ගන්න ගිය එක තරම්ම වැරදි නැ ඕං..

Ravi said...

නරකද සඳරු, මේ කොරපු අපරාදෙට සුලෝචනාට මතක හිටින පාඩමක් ඉගැන්නුවනම්..........හෙහ්, හෙහ්,

MaRLaN said...

ඇයි අයියා පොල්ල මට ගහන්නද?

Hishan de Silva said...

අනේ මන්ද බං උඹට නම් කොහේ ගියත් කෙල්ලන් ගෙන්මයි ප්‍රශ්න... එලියට ගියාම එහෙං, ගෙදරට අවාම මෙහෙං :)

කලිනුත් කිව්වා වගේ සායක් ගෑවුනු තැනක කොහොමත් අවුලක් :(

ඔය වෙලාවක් තියෙන වෙලාවක ප්‍රයිවෙට් එකේ හදහනත් ටිකක් බලව ගනින්. මාරය අයියට දුන්න නම් නිකම්ම කොරල දෙයි.

සංකල්ප said...

නංගිට ජය වේව. මල්ලිගේ බීම චුට්ටක් හරි අඩු කරපු ඒ ආදරනීය නංගිට ජාතියේ උත්තමාචාරය !!!!!!

ආහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මල්ලිටත් මල්ලිගේ පවුලේ සියලුම දෙනාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!

(ගමේ ගියා ඒකයි පරක්කු උනේ සුබ පතන්න)

හිස් අහස said...

@මාරයාගේ හෝරාව = අනේද කියන්නේ බං කෙල්ලෙක් ඉස්සරහා පර්ස් එක ඇද්දනම් මගේ නම්බුවට මොකද වෙන්නේ . කුඩු නේ ! සුලෝචනාට දෙනම් වැඩක් . ඉතින් බං ඒකි මට කියන්න එපැය මට ඔරලෝසුවක් ඕන කියලා එහෙනම් මම ඔය පේමන්ට් එකෙන් පොඩි එකක් අරගෙන දෙනවා .බලහං මේ නංගිලා ඉන්නේ අපිව කන්නමයි .
.....................................................................................................................................................
@පොජ්ජේ =ජූලි හතයි පොජ්ජේ ටිකිලා සොට් හතරෙන් මම කට් . බලපං අයියේ මමා පේන්න ඉන්නවාද කියලා ? මාමා තනියම බෝතලේටම සොට දුන්නනම් .මාම රජ වැඩ කාරයෙක් .
.....................................................................................................................................................
@Podi Kumarihami = අනේ ඉතින් මම වොච් එක ගන්න උදවු කරාට මට රතු ලේබලේ ගන්න උදවු කරන්න කෙනෙක් උන්නේ නෑ නේ . වැඩ අල්ලන්න තියා අනුබව කරන්නත් බැරි උනා
.....................................................................................................................................................
@prasanna86k = උඹලට සතුටු ඇති ඉතින් . මට තමා ...
.....................................................................................................................................................
@පබලු = අක්කාටත් එසේම වේවා !! . ඔවු ඔවු මම තමා වැරදි උඩ ඉන්න දෙයියෝම බලා ගන්න ඕන මේවා !
.....................................................................................................................................................
@Ravi = එල වැඩක් තියනවා කරන්න . මම සුලෝචනාව බැන්ඳොත් ?
.....................................................................................................................................................
@MaRLaN = මේ ලඟපාත ගිනි අවියක් තිබ්බා ..... කොහෙද මන්දා ?
.....................................................................................................................................................
@Hishan Melanga = කාන්තාවෝ මට ඇලජික් බං .මාරයා අයියට හඳහන යවන්න මම හිතුවා ඒත් පොර මගෙන් මහ විසාල මුදලක් ඉල්ලන්න සූදානමින් ඉන්නේ .සායම ගියා මගේ
.....................................................................................................................................................
@මධුරංග = උත්තමා චාරය පුදන්න මගේ මිතුරාට මිනිහා නිසා යන්තම් හරි මම දවස ගෙවා ගත්තා .ආ ගමේ ගියාද කොහොමද ගමේ අවුරුද්ද ? ගමේ කෑම කාලා මහත් වෙලා ඉන්නේ ඔය

Ravi said...

@ හිස් අහස,

පිස්සුද කොල්ලො, ඒ මොන අපරාදයක්ද හැබෑටම?,

ඒක හරියට පික් පොකට් ගැහුවම එල්ලලා මරණව වාගෙ දඬුවමක්නෙ බං ඒක,

සුලෝචනා අතින් වැරැද්දක් උනා තමා, ඒත් ඒකට ඒ කෙල්ලට ජීවිත කාලෙටම දඩුවම් දෙන එක හරි නැහැනෙ මල්ලී,

හිස් අහස said...

@අඩේ නිකා ඉන්න රවි අයියේ . මගෙත් එක්ක එන්නත් කෙල්ලෙක් පිං කරලා තියෙන්න ඕන එයාට මගෙත් එක්ක ආවොත් නිකං "ගඩාෆි" එක්ක ආවා වගේ තියෙයි .මේක මගේ නංගි නොදකින එක මගේ වාසනාව . නැත්තං සුලෝචනාවට නංගිගෙන් කනේ පාරක් ලැබෙනවා .

Dasun said...

අඩේ සදරුවෝ, ගනං ගන්න එපා බං නංගිනේ...අලුත් අවුරුද්දේ ඒ ඔරලෝසුව ගන්න පුලුවන් වෙච්චි හන්දා නංගි කොච්චර සතුටෙන් ඉන්න ඇත්ද?

Anonymous said...

අය්යේ බෝතලයක් නම් කවදා ගන්න බැරිද...... ඒ වගේද ඔයාගේ නංගී සතුටුවෙනව දැක්කම ඔයාට ඇතිවෙන සතුට

Ishan Yapa said...

ගෑනු උදවිය ගොඩක් වෙලාවට කොරන්නෙ අපේ වැඩ අල කොරන එක තමා. බට් ලොක්කා සැලෙන්ඩ එපා ! අනික එක දවසක් බිව්වෙ නෑ කියලා මැරෙන්නෙ නෑ නොවැ.

නචියා said...

නියම වැඩේ උබට වෙලා තියෙන්නේ. න0ගිගේ ආසවනේ බන්. න0ගිට තෑග්ගක් දුන්නා කියලා හිතාගනින්...

Anonymous said...

ජයවේවා ! අරක්කු නැති අවුරුද්දක්. නංගිට කියහං කරපු වැඩේ කැත උනත් ආයෙ වැ‍රැද්දකිත් නැතිය කියල.

පැන්ඩා said...

උඹෙ නංගි කරපු වැඩෙ හරි..මොකො තො රවන්නෙ මට ... බාර් එකට පුදල බීල වෙරි වෙලා ඇඟ පත ලෙඩ කරගෙන මුත්ත්‍රා කොරල පිට කරන සල්ලි නෙ කියල හිතල කෙල්ල ගන්න ඇත්තෙ..
ඔය උබ ආයෙත් මට රැව්වා..යකො රවන්න නෙවෙ පැන්ඩ මෙව කියන්නෙ උඹේ හොඳට

Hasitha Gunasinghe said...

සුලෝචනාගේ මෑණියන්ගේ සිට සියළුම ඥාතීන්ටද සුලෝචනාටද පින් සිදුවේවා :))

පිස්සා පලාමල්ල said...

එහෙම වෙච්චි එක හොඳයි බන්. බොන්න නම් කවද බැරිද.... උබට පස්සෙන්ද උදේ එහෙම හිතුන් නැද්ද ?

Anonymous said...

හොඳ.............. වැඩේ සඳරු මල්ලි........... හොඳම වැඩේ ඔයාට......
ඔයාගෙ නංගිට ජය වේව!!!!!!!

මාධව විදුරංග said...

අඩේ මේක සීරීයස්! උඹ කෙලින්ම නොකීවට නංගිට මාර ආදරෙයි නේද බං! උඹ බිව්වට හොද සහෝදරයෙක් කියලා මට දැනෙනවා! ගනන් ගන්න එපා බං!

ටීම් ට්‍රැවලර්ස් said...

පවු සඳරුවා නංගි...
මටත් ඉන්නවා නංගි කෙනෙක්. පොඩි කාලේ කොච්චර මරා ගත්තත් ලොකු වෙනකොට නංගි ගැන් ලොකු ආදරයක් ඇති වෙනවා.
බනින්න එප මචං. නංගිලා අයියලාට ගොඩක් ආදරෙයි..

නවෝ!

Saiiyaa said...

සඳරු අයියේ.. ඕවා ගනන් ගන්න එපා බං.. රෙඩ් ලේබල් බෝතල් ඕනතරං තියෙනවා.. ඒත් බොට කියල ඉන්නේ එක නංගියි නේ බං..

Post a Comment

තැන්කූ බං