23.4.11

"නරි නන්ද" කතා වස්තුව






නෝනා වරුනි මහතුනි අවසර  දෙන්න
සත් කතාවක් කවියෙන්  පවසන්න
එපා ඉතින් කියවා බැණ බැණ යන්න
සඳරුට බැහැනෙ සුන්දර කවි  ගළපන්න

දුප්පත්කමෙන් උපරිමයෙන් දුක් වින්ද
ගම්මානයකි එහි නම නුගේ ලන්ද
කරුණක් නිසා එහි වූ අති පර සිද්ද
ගැමියෙක් හිටියා ඔහුගේ නම "නරි නන්ද"

ඔහු කිසි දිනක පෑනක් අල්ලලා නැතී
වරුසාවකට වත් පාසල් ගිහිං  නැතී
අත පය නම් සවියෙන් අඩුවක් නොමැතී
ඉන්නට බලෙන් අල්ලාගත් ගෙයක්  ඇතී

දැලි පිහියක් ඉනේ ගහගෙන ඉන්නේ
මරුමුස් ගතිය මූණෙන් පිළිඹිබු වෙන්නේ
මිනිහගෙ වැඩ එතෙකින් නෑ නිම වෙන්නේ
ඔහු දෙන ගේම් ඉදිරියටයි ලියවෙන්නේ

දවල් වරුව එලි පත්තක බුදියන්නේ
හවසට තමා මිනිහා වැඩ අරඹන්නේ
හොඳට ඉරුණු සරමක් ගෙන ඇඳගන්නේ
ගෑනුන් නාන තොටුපළ ගාවට යන්නේ !                                 

නාන තොටට බරවුණු ලොකු ගහක් යට
ඉඳගෙන මුවාවී හබරල පඳුරකට
මොනවද කලේ ඔහු තනියම එතන සිට
ස්ව්යං රැකියාව බව කිසිවෙක් කීය මට

වලා උනත් මිනිහා සිරියා වන්තයි
ඒක නිසා මිනිහට ගෑනුත් පොරකයි
පෙනී නාන්නට හැම ගෑනිම ආසයි
ඒක නිසා මිනිහා රජ සැප ගත්තයි

 
සැමියන් දැනං උන්නත් මේ බව නිතර
දැලි පිහියට බයෙන් කට වැහුවයි  නිතර
ගෙවල් වල ෂවර් ඇති ගෑනුත් නිතර
ළිඳෙන් නාල යයි පෙන්වා ඇඟ නිතර

-----------------

ගම්මානයේ සෙබලෙකි හැම සිත් ගත්ත              
ගිනි අවියක් කර මත රඳවා ගත්ත
ආමි බුලට් යැයි නමකුත් ලැබ ගත්ත
සී අයි ඩී එකෙත් ඉඳ පැන්ෂන් ගත්ත


දින සති මාස ඔය ලෙස යයි ගෙවීලා
මේ අවලං ජොබ් එක යයි නැගීලා
දවසක් නරි නන්ද ගැන සැක හිතීලා
ආමි බුලට් යයි පස්සෙන්  හඹාලා


බුලට් නරි නන්ද පසු පස්සෙන් යන්නේ
අවලං වැඩේ සියැසින් දැක ගන්නේ
විතරක් නෙවේ තව ඇත්තක් පෙනුනේ
බුලට් ගෙ බිරිඳත් ළිඳ ළඟ නානවනේ !


තමන්ගෙ ගෑනි අවලමෙකුට නතු වෙද්දී
ඉන රැඳි ගිනි අවියට අත ලං වෙද්දී
පිරිමි හදවතක් කෝපෙන් පිපිරෙද්දී
අනේ ඇහුණාද පිපිරුව වෙඩි, හඬ දී ?


ලියන්න බැරි තැනකට උණ්ඩය  වැදිලා
නන්ද මිය ගියා නරියෙකු ලෙස  වැටිලා
පොලීසියෙන් ආවත් යන්නට කුදලා
බුලට් හිටියා පිහියෙන් ඇනගෙන මැරිලා !

කවි සිතිවිලි නොම හඳුනන සිතක
සිතිවිලි නැගුණි අඩියක් දාගත් විටෙක
අසූ අටේ මම ඉපදී නැති කලක
මෙච්ච සිද්දියකි අපෙ අල්ලපු ගමක


සඳරු//

Image  [ http://defending.com/wp-content/uploads/2009/08/criminal-homicide.jpg]

42 comments:

කතන්දර Kathandara said...

එලිසමය හැදුවෙමි.

තමන්ගෙ ගෑනි අවලමෙකුට නතු වෙද්දී
ඉන රැඳි ගිනි අවියට අත ලං වෙද්දී
පිරිමි හදවතක් කෝපෙන් පිපිරෙද්දී
අනේ ඇහුණාද පිපිරුව වෙඩි, හඬ දී

කතන්දර Kathandara said...

ඉරුණු සරමක් ම මොකටද?

දැන දැන ඔතනට ම නාන්න යන්නේ ගමේ ගෑනුත් හොඳ "ප්‍රදර්ශිකාවෝ" (exhibitionist) වගේ!

Podi Kumarihami said...

ලස්සන, දුක හිතෙන, මානුෂික කතාවක්. කවියෙන් කියලා තියන හන්දා තවත් ලස්සන වැඩී.

කවුද කියන්නේ සඳරූට කවි ලියන්න බෑ කියලා. දෙකක් දාගන ඔහොම නං තුනක් දාගත්තොත් කොහොම වෙයිද?

Anonymous said...

කවි සිතිවිලි නෑ කිවුවට නුඹගේ සිතේ
ලියලා තියනවා නියමෙට කවිය නුඹේ
කවි සිතිවිලි නැගුනා නම් මෙලෙස හදේ
ෂොටක් දාලා ලියපන් උඹ සෑම දිනේ

කවි කතාව කියෙවුවේ මම හුස්මකට
හිත ඇදුනා කවියේ ඇති කතාවට
තවත් මෙහෙම කවියෙන් කතා ලියන්නට
දිරිය ලැබේවා අය්යේ නුඹට...!

අලුත් කොල්ලා | The New Guy said...

හ හා.... ඉතාම හොඳ උත්සාහයක්.... ලස්සනට ලියවිලා තියෙනව සිද්ධිය......ජය වේවා!

Dasun said...

එල එල මචං ! ඉදලා හිටලා හරි කවියෙනුත් ලියමු...

අපරාජිතයා :::: Aparajithaya said...

මටත් තියෙන ප්‍රශ්නේ කතන්දරගේ ප්‍රශ්නෙමයි.ස්වයං රැකියාව කරන්න ඉරුණු සරමක්ම මොකටද බන්..? අපේ ඉස්කෝලේ ගාවත් මිනිහෙක් සරමේ හිලක් හදාගෙන අයිටම් එක එලියට දාගෙන කෙල්ලන්ට පෙන්න පෙන්න ඉඳලා අපෙන් කාවා ආයේ හොදි එපයි කියන්නම..

සංකල්ප said...

මල්ලිලාගේ ගමේත් ඉන්නේ මාරම ඩයල් නේ. ආමි බුලට් එක පට්ටම වෙඩික්කාරයෙක් වෙන්න ඇති. නැත්නම් කොහොමෙයි ඔච්චර ඒම් එකක් ගන්නේ.

ශා. කවි ටික නම් ගින්දර මල්ලි. මේ ටික කවි කොලයක ප්‍රින්ට් කරලා වික්කොත් මාරම ගානම් හොයා ගන්න පුලුවන්. අපේ පැත්තේ කවි කොල මාරම ජනප්‍රියයි.

Anonymous said...

මචං සඳරු.. උඹ කිව්ව විදියට කේස් එක හිතේ ඈඳිලා පෙනුනා බං... නියමයි මචං...

Dilshan Chaturanga said...

එල......................

Unknown said...

මැක්සා මැක්සා.කතාවත් එල​.කවි ටිකත් එල​.ලොවෙත් නෑ.

Anonymous said...

සඳරු මලේ, කවි කොලේමං මල් හතයි බං. ඉස්සර හක්මන ඉඳිත්දි යාන්තමට මතකයි එහෙත් කවි කොළ හරිම ප්‍රසිද්ධයි.

ගජං මල්ලි said...

පට්ට කතාව...88 කියන්නෙ ඉතින් කලබල කාලෙනෙ....හැබෑටම ඉරිච්ච සරම නරි නන්දෙට .... පිහිද ගන්න වෙන්න ඇති මගෙ හිතේ.......

Ravi said...

සඳරුවො ගමේ ඉන්නේ මේ උඹලාගේ,
අමුතුම ඩයල් අදහන්නයි වටින්නේ,
කවිටික මලේ නියමයි සැකයක් නැත්තේ,
දෙකක් දාපුවිට එල කවි ලියවෙන්නේ,

Anonymous said...

සඳරු අ‍‍‍ගෙයි සිත ඇති ලියයි රස
කරුමෙ අපේ , බෝතලයට යටයි සිත
එක එක ඩයල් සිටිනා නුඹෙ ගමේ යස
සිරි නරඹන්න එන්නටමයි මගේ සිත

Gayan Rupasinghe said...

කවිය එලය... මරුම තමා..

"ස්ව්‍යං රැකියාව බව කිසිවෙක් කීය මට"

මේ ටික තමා ගතිම ටික. අහ් තව දෙයක් උබ ඉන්නේ කොහෙද කියල මම හොයා ගත්තා මචෝ

ජය...

Hishan de Silva said...

ඔහොම එවුං මේ ලෝකෙං
චුත වෙන්නෙම ඔහොම තමා
වැඩි වැඩ පෙන්නුවොත් මලේ
යන්න වෙන්නෙ ඔහොම තමා
[ඩහරං ටං... ඩහරං ටං....]

පබලු said...

කවි කතාවක්.නියමයි මලේ.
සඳරු මොනව ලිව්වත් සජීවී යී.මැවෙනවා කියවද්දි ..

Ishan Yapa said...

ශහ් මාර කවි කෑල්ල ආ !! මරුවට ලියල තියෙනව !

Hasitha Gunasinghe said...

එල එල කොල්ලා. වෙසක් පෝයත් ළඟ එන නිසා හොඳට බිස්නස් තියේවි :)

Observer said...

"ඉරුණු සරම" ස්වයන් රැකියාව ලේසි කොරගන්න වෙන්නැති.

Dinesh said...

කතාවක් කවියකින් ලියන කොට ඒකේ අගය ගොඩාක් වැඩියි.. අපූරුයි සදරු මල්ලි...

Hansi said...

Kawi Tika Harima Lassanai!!!!!!

හිස් අහස said...

@ Kathandara= ඔයාගේ එලිසමයට බොහොම ස්තූතියි ඔන්න මම ඔයාගේ කවි පදය මගේ කවියට යෙදුවා! තරහ නෑ නේ ? . ඔයාගේ පදය නියමයි . එහෙම තමයි ඒකා ඉස්සර කාන්තාවෝ දැක්කම අංග ප්‍රදර්සනය කරනවලු ගෑණු ඉතින් ඌට පටස් ගාල වැටෙනවලු (අනුගමනය කරන්න යන්න එපා මෙහේ ගෑනු වෙනස් කොළඹ අයට වඩා)
.....................................................................................................................................................
@Podi Kumarihami = ගෙට බලනවා කල්දේරමක්ම ගහලා . එතකොට මම මහා කවි කාලිදාස වගේ වේවිද ?
.....................................................................................................................................................
@බීටා = ඉස්තූතියි බීට මල්ලියේ උඹට ,මට නිතරම කවි ලියන්න බැරි ඇයිද ?
.....................................................................................................................................................
@අළුත් කොල්ලා = කවි වලට මමත් තාම අළුත්නේ කොල්ලෝ ස්තූතියි
.....................................................................................................................................................
@නිර්මල = නිර්මල මචා ...ඔයාගේ බ්ලොග් එක අස්කරලා ලියන්න ගන්න කාලේ හරි නේදෝ ?
.....................................................................................................................................................
@අපරාජිතයා = එහෙම තමයි බං අංග ප්‍රදර්සනය කරනකොට ගෑනු නිකම්ම දාගන්න පුලුවන් .. හැබැයි අසූ ගනං වල දැන්නම් බැරුව ඇති ...
.....................................................................................................................................................
@මධුරංග = ඈ මෙන්න මුං මාව කවි කොල කාරයෙක් ගානට දැම්මා ... ඔහෙ හිටු
.....................................................................................................................................................
@prasanna86k = බොරු කියන්න එපා බං !
.....................................................................................................................................................
@Dilshan Chaturanga = වෙල්කම් අලුත් මචා ....දිලේ
.....................................................................................................................................................
@Lakshan Mclaren = තැන්කුයි ලකේ ..උඹලට හොඳනම් එච්චරයි ...ස්තූතියි මචං
.....................................................................................................................................................
@nawammawatha = අඩේ නවම් අයියේ මේ මගේ වෘත්තිය එහෙම නෙවේ .. හරිද ? මට මීට වඩා චාටර් ජොබක් තියනවා ...
.....................................................................................................................................................
@ගජං මල්ලි = ගංජ මල්ලීට විතරයි තේරුනේ ..බලන්න ඉතින් අනික් අය කොයි තත්වේද ඉන්නේ කියලා
.....................................................................................................................................................
@Ravi = තුනක් දමාගෙන මම දෙවු ලොව යන්නේ බොක්කෙන්ම ස්තූතියි රවී සහෝදරය .. ඔයාතරම් කවි කාරයෙක් නෙවේ අපි ..අපි බීපු කවි ලියන්නෝ .. ඔයා බොක්කෙන් කවි ලියන්නෙක්

හිස් අහස said...

@සොඳුරු සිත = එන්න එන්න එන්න එන්න එන්න .. රොත්ත පිටින් චට්නි හදං එන්න. අපේ ඇවිත් යන්න එන්න ...
.....................................................................................................................................................
@Gayan Rupasinghe = ඔයත් කරාද ඒ වර්ගයේ රැකියාවක් ? අඩෝ සිංහයා කියන්න එපා ! උඹ මගේ බොක්කනේ .. අනෙ බුදු අයියේ
.....................................................................................................................................................
@Hishan Melanga = මෙන්න බොලේ බෙර ගහනවෝ .මට කවියෙන් පිලිතුරු දෙන්න බැරියෝ .. මම දැන් බීලා නැතෝ ..
.....................................................................................................................................................
@පබලු = අපි නොදන්න LIVE නේද අක්කේ
.....................................................................................................................................................
@කුක්කු පැටියා = කවි කෑල්ල ? හිටපිය මම කුක්කුට නඩු දානවා ...
.....................................................................................................................................................
@Hasitha = අයියේ .. කොහේද මෙතුවක් කල් උන්නේ ආගිය තැන් අපිට කීවෙත් නෑ ... මගේ පෝස්ට් ඔක්කෝම බලලා ගියා නේද ? බොහොම සතුටියි මට .. ඔක්කෝටම කමෙන්ට් දාලා තිබ්බා . ඔයාට ස්තූතියි ..ලියන්න ආයෙත් ආගිය කතා !
.....................................................................................................................................................
@Observer = ඔබා අයියේ ඒ මොකද දනවාද ? Input සහ Output .කරන්න ලේසී නේ..සරම Remove කරමින් ඉන්න ඕන නෑ නේ ... ස්තූතියි ඔබා අයියේ
.....................................................................................................................................................
@Dinesh =ඒ දුන්න සප් එකට බොක්කෙන්ම ස්තූතියි දිනේ
.....................................................................................................................................................
@Hansi = ස්තූතියි හංසි...පුංචි උනත් කමෙන්ටුව ලොකු ගැම්මක් එක මට

Hasitha Gunasinghe said...

@ සඳරු : කැම්පස් එකේ විභාගේ තිබ්බා. අද තමා විභාගේ ඉවර වුණේ............ :))

Beetle said...

බූත ගුණේ, නරි නන්ද, ආමි බුලට් මේ සේරම යකඩ බජාර් එකේ කට්ටියද..? :D

Anonymous said...

අප්පා සදරු අයියාල ගේ පැත්තේ ඉන්නේ මරු අය නේ.. ඇහ් බිව්වමද ඔහෝම ලියන්න පුලුවන්..එක මාර එනර්ජි ඩ්‍රින්ක් එකක් නේ..හරියට අර අපේ රටේ සින්දු කියන්න ආවම උගුර ශෙප් වෙන්න බොනවා වගේ..ඔහෝම කියන් එප ඔං ඊට පස්සේ බොන් ගනි ලියන්න කියලා....

jhothishalanka said...

අපූරු කවි ටික.හොදට රස වින්දා

නෙලුමා said...

බෑ කිය කිය ලිව්වට මේ ලියපු ටික ඉහටත් උඩින් සඳරුවෝ.
ජයෙන් ජයම වේවා.....!!!

නචියා said...

එල.. එල.... ඔහොම ගැලපුවාම ඇති....

පිණිබිඳු... said...

කවුද කියන්නෙ සඳරුට කවි ලියන්න බෑ කියලා. ඔය ලියල තියෙන්නෙ ඇස්ටි හැලෙන්න. කතාව මාර විදිහට මැවිලා පේනවා.

ඔයාගෙ සුරංගනාවි ගැන ලියන්නෙ නැද්ද. හුඟ දවසකින් ලිව්වෙ නෑ.

Unknown said...

අම්මට සිරි සඳරුවෝ මම බය උනා අපේ අල්ලපු ගෙදර නන්දනයවත් ද කියලා,, හෙහෙ පොර සෙල්ලම් පෙන්නන්නේ 2ක් දාගත්තමනේ. පොර බීපු වෙලාවට අපිටත් හෙන වින්දනේ... හෙහෙ එල කවි සෙට් එකක්. ජය වේවා..

හිස් අහස said...

@Hasitha = ඒක තමයි මම දැන් දැක්කේ ඔයාගේ අලුත්ම පෝස්ට් එක...
.....................................................................................................................................................
@Beetle = අප්පෝ නෑ යකඩ බජාර් එක තියෙන්නේ මගේ ගමේ නෙවේ ඒක තියෙන්නෙ මගේ ඉස්කෝලේ පැත්තේ ඒ කියන්නේ ටවුන් එකේ .. මෙයාල මම වගේම ගැමියෝ ..
.....................................................................................................................................................
@නිම්ශා = තවම මම මුග්ද සේන ගැන ලීවේ නෑනේ එයා ගැනත් ලියන්නම් දවසක ..තව ඉන්නවා රූපවතී ඇන්ටි . බෙරවා අයියා ! ඔය වගේ වීරයෝ ගොඩක් මගේ ගමේ උන්න නංගි ..එනජි ඩ්‍රින්ක් ! හි හි
.....................................................................................................................................................
@JHOTHISHALANKA = ස්තූතියි අයියේ !
.....................................................................................................................................................
@නෙලුමා = ජයපිට ජය නෙලුමෝ ! එලම කිරි !
.....................................................................................................................................................
@නචියා = බොහෝම ස්තූතියි මචෝ !
.....................................................................................................................................................
@පිණිබිඳු = සුරංගනාවි ....අප්පේ එයා ගැන මම කතාව අවසන් කරා .. ඔයා දැක්කේ නැද්ද අක්කේ ? හෙට දෙන්නම් අලුත් එකක් එයා ගැනයි එයාගේ අලුත්ම පෙම්වතා ගැනයි ..
.....................................................................................................................................................
@මිත්‍යාදෘෂ්ටිකයා = අඩෝ නෑබං උඹට මතකෙයි රාජගේ අම්මට පිහියෙන් ඇනපු ඩයල් එක අර බද්දේගම කඩේට ගිනි තිබ්බේ ? අන්න මිනිහා තමා බුලට් ! මතකයි නේද ? නන්දනයා නෙවෙයි ඈ

Anonymous said...

කවි ටිකනම් ලස්සනට ලියලා තියෙනවා සඳරු... බලාගෙන යනකොට බිව්වහම ඔයා මාර කවි කාරයෙක්නේ... :D

ayesha said...

නියමයි යාළු කවි ටික. දිගින් දිගටම මේ වගේ නිර්මාණ කරන්න ඔයාට සුභපැතුම්!

හිරණ්‍ය said...

කවියෙන්ම කතා ටිකක් ලියමු සහෝ,,,

~ChAnDiKa~ said...

සුපිරියි බං

තාරක Dilsh@n said...

බුලට් මැරුණෙ මොකෝ? පොලිසියට අහුවෙයි කියලද?

පට්ට් කවි ටික අයියා.

Unknown said...

කතාවත් එළ කවියත් එළ. ඡ‍යෙන් ඡයම වේවා!

Anonymous said...

සුපිරි

Anonymous said...

සඳරු මල්ලි.. කවි ටික නම් මල් මසුරං ..ලඟකදි ඉඳලා තමයි උඹේ බ්ලොග බලන්න සෙට් උනේ.. කියල වැඩක් නැහැ මල්ලි...ඇස්වහක් කට වහක් නැහැ.. උඹට හරි අපූරුවල ලියන්න පුලුවන්... බොක්ක තමා හරිය...
සංජීව අය්යා

Post a Comment

තැන්කූ බං