30.9.11

ඇක්මන් අයියාට අලියා ගහපු හැටි සහ කැම්පස් ඇත්තොන්ට අපි ගහපු හැටි




ඒ සිදුවීමට මම මුහුණ දුන්නේ 2008 වසරේ මුල් මාස කීපයේදී

ඔය කාලේ මට ජොබක් නෑ. හිතතේ කිසිම බරක් පතලක් නොතිබුණු මම හුළඟට පාවෙලා යන වරා මලක් වගේ ගම පුරාම කරක් ගැහුවා . මටම හරියන යාළු හිතමිත්‍රාදීන් රෑනකට මම එකතු වෙලා හිටි නිසා රවුම් ගහන එක මට පොඩ්ඩක් වත් එපා වුණේ නෑ ..!

යාලුවෙකුගේ මල ගෙදරක් , දානේ ගෙදරක් , පිරිත් ගෙදරක් කීවොතින් ඉතින් අපි හැමෝම නොවරදවාම එතනට එකතු වෙනවා .ඉතින් ඔය විදිහට රෝන්දේ ගහලා පාන්දර හයට හතට විතර ගෙදරට එන වෙලාවල් පවා තිබුණ .ඔන්න ඔහොම පමා වෙලා ගෙදර ඇවිදින් බුදිගයත්ත දවසට මම අවදි වෙන්නේ දහවල් දොළහට විතර.

පිරිත් ගෙදරක රෑ නිදි මරපු දවසක මම ගෙදර ආවේ හොඳ නින්දක් දාන්නම් කියලා හිතන ගමන් . මගේ ඇස් දෙකෙන්ම නිදිමත බේරි බේරි ආපු මම ඇඳට වැටුණා වැටුණ ගමන්ම නින්දටත් වැටුණා .ඒත් මට පැයක්වත් නිදිය ගන්න ලැබුණේ නෑ . කවුදෝ ජනේලෙට ගහන සද්දෙන් මම ඇහැරුණා .නිදිමතත් කරපිට තියාගෙන මම ජනේලේ ගාවට ගියේ "මේ වෙලාවේ මොකාද ?කියලා හිතන ගමන්

ජනේලේ ඇරියා විතරයි එතන හිටියේ හිටියේ මගේ හොඳම යාළුවෙක් වෙච්ච කිතුලා. !

"
මාර වැඩේ බං ඇක්මන් අයියට අලියා ගැහුවා !

"
නෑ ! මොකද පොරට අමාරුද කීයටද ඕක වුණේ ?

"
මේ දැන් විනාඩි දහයක් නෑ..! පොර කපෝති බං. එතනමයි. වරෙන්කෝ යන්න .

හරියට නින්දෙන් ඇහැරලා නොහිටියත්, ඉක්මනට කමිසයකුත් දාගෙන කිතුලා ආපු බයික්කෙම නැග ගත්තු මමත් මොහොතකින් හිටියේ ඇක්මන් අයියාගේ මල සිරුර ගාව .මම එතනට යනකොටත් ගමෙන් බාගයක්ම එතන එකතු වෙලා කම්මුලේ අතගහගෙන ඇක්මන් අයියා දිහා බලාගෙන හූල්ලමින් හිටියා .

පවු අප්පේ අසරණයා. හතරගාතේ දාගෙන වැටිලා මැරිලා .!

ඇක්මන් අයියා කියන්නේ මගේ තාත්තාගේ පැත්තෙන් ටිකක් දුරින් නෑදෑ වෙන කෙනෙක්. අපේ ගමේ එදා ඉඳන්ම ජීවත් වූ කෙනෙක් .කොයි වෙලේ මාව හම්බුණත් "චුට්ටෝ' කියලා පිටට තදින් පාරක් ගහන ඇක්මන් අයියා බීපු නැති වෙලාවට නම් හරිම හොඳ මනුස්සයා .ඒත් ඉතින් ඌට යන්තම් පදම් වුණාම වටේ ඉන්න හැමෝටම කන් වල ඇඟිලි ගහගෙන තමයි ඉන්න වෙන්නේ.

මොකද වෙලා තියෙන්නේ ? කියලා වටේ පිටේ කට්ටියගෙන් මම විමසලා බලද්දී ඇත්තටම වෙලා තිබුණේ මහ පුදුම දෙයක් . වෙච්ච සිද්ධිය අහපු මට ඇක්මන් අයියා මැරිලා හිටිය බවත් පොඩ්ඩකට අමතක වෙලා හිනාවකුත් ගියා . වටේ හිටපු අය කියන විදිහට වෙලා තිබුණේ මෙහෙම දෙයක්.

තනි අලියා තමන්ගේ පාඩුවේ ඇළෙන් වතුර බිබී ඉන්න අතරේදී අපේ ගමේ කෙළවරක ඉස්සර හොර රහසේ පෙරාපු මුල්ල පටස් ටිකක් බීපු ඇක්මන් අයියා සතුටින් උදම් වෙලා , මතින් මත් වෙලා මියුරු ගීතයකුත් ගයන ගමන් පොළවට මදක් උඩින් අඩිය තියමින් ඇල වෙතට ඇවිදිල්ලා තියනවා .

"
මේ ජී වනයේ...මුලු ෂංෂාරේ ...උදාරේ උදාරේ උදාරේ උදාරේ "

"
ඇක්මන් ඔය පැත්තට යන්න එපා තනියා ඇළෙන් වතුර බොනවා තව පොඩ්ඩකින් ඌ යන්න යාවි අනික් පාරෙන් යන්න .”

ඇල ගාව ගෙදර තිලකේ අයියා එහෙම කියලා කෑමොර දුන්නත් ඇක්මන් අයියා ඒ කාරුණික ඉල්ලීමට දක්වලා තිබුණේ ටිකක් විතර වෙනස් ප්‍රතිචාරයක් .

"
ඇඩෝව් මුන්ද බොල අලි ? අපිනේ එදා ඉඳන් අලි ! අපි කැපුවත් අලි යකෝව් !

ඔහොම සද්දයක් දාපු ඇක්මන් අයියා අලියා ළඟට ගිහින් ඇඳන් හිටිය සරම උස්සලා පශ්චාත් බාගේ අලියාට පෙන්නලා තිබුණේ අලියාව සමච්චලයට ලක්කරන්න හිතාගෙන මිසක් වෙන නරක චේතනාවකින් නම් නෙවෙයි.

තමන්ගේ පාඩුවේ, නිදහසේ වතුර ටිකක් බොන්න ආපු අලියා වතුර බොන අතරේදී ඇක්මන් අයියාගේ මේ නිර්වස්තර රංගනය මොහොතක් බලා ඉඳලා "කමක් නෑ මූ බීලනේ ඉන්නේ" කියලා හිතලද කොහේද මුවින් නොබැණ කිසිත් නොකියා ආපහු කැලේට යන්න හැරිලා ..!

"මොකදඩෝ යන්නේ බයද ?” කියලා අහපු ඇක්මන් අයියා අලියට ගලකින් පාරක් කෙළලා තිබුණු බවයි ඇසින් දුටු අය කියන්නේ . සමහර අය කියන විදිහට නම් ඇක්මන් අයියා අලියට පොල්ලකින් ගැහුවලු .කොහොම හරි කමක් නෑ අලියට වුණත් තියන එක විදිහක ඉවසීමේ සීමාවක් . ඉවසලා බැරිම තැන ඒ තනි අලියා ඇක්මන් අයියව හොඬ වැලෙන් අරං වමට එකයි ! දකුණට එකයි ! ගහලා එරමිණියා ලන්දකට විසික්කා කරලා දාලා යන්න ගියාලු

පවු. ඇක්මන් අයියට මල මුත්‍රා පිටවෙලා තිබුණා .! ,නහයේ හොටු බෝලයක් පිම්බිලා තිබුණා !

.
කොහොමහරි ඉතින් ඔන්න ඔය විදිහට අපේ ගමට වටින කියන මිනිහෙක් නැති වුණා .ඇත්තටම කීවොත් කතාව මේක නෙවෙයි . කතාව පටන්ගත්තේ ඇක්මන් අයියාගේ මල ගෙදර දවසේදීයි
ඇක්මන් අයියට දරුවෝ හිටියේ නෑ .ඇක්මන් අයියගේ තාත්තත් වයසයි ඉතින් ඇක්මන් අයියාගේ මල ගෙදර සියලූම වැඩ කටයුතු කළේ ඇක්මන් අයියාගේ මල්ලිලා දෙන්නා විසින් .

ඇක්මන් අයියාගේ ලොකු මල්ලී හොඳට ඉගනගත්තු කැම්පස් තේරුණු දක්‍ෂ කොල්ලා .! බාල මල්ලි නම් ඉතින් ගන්න දෙයක් නෑ ! ඌ හිටියේ අපිත් එක්ක. තමන්ගේ පොඩි අයියා කැම්පස් යනකොට මල්ලී තෝරාගෙන තිබුණේ ලොකු අයියා වෙච්ච ඇක්මන් අයියා ගමන් කල අඩිපාරේ ගමන් කරන එක . ඒ තමයි කන පැලෙන්න බොන එක .

ඇක්මන් අපේ නෑදෑයෙක් නිසා මමත් මල ගෙදරට ගිහින් මගේ උපරිම සහයෝගය ලබා දුන්නා . වත්ත පිටිය සකස් කරන ඒවා, වල කපන වැඩ , සැරසිලි කටයුතු මේ සේරම කරන්න ගමේ කොල්ලෝ සෑහෙන්න මහන්සි වුණා ඇත්තටම මලගෙදරක් වුනහම එතනට එකතුවෙන්නේ බොහොමයක් තරුණ කොල්ලෝ !

ඇකමන් අයියාගේ ලොකු මල්ලිගේ නම සුගත් . එයා ඉගන ගන්නේ ලංකාවේ තියන ලස්සනම සුන්දරම පළාතක තිබුණු කැම්පස් එකක .

ඇක්මන් අයියාගේ පොඩි මල්ලිගේ නම පියල් . ගමේ අය නම් කීවේ වෙන නමක් ඒත් ඒ නම මෙතන සඳහන් කරන එක සුදුසු නෑ . පියල් නම් මල ගෙදර දවසේ උදේ ඉඳන්ම හිටියේ බීලා . එයා බීලා හිටියේ අයියා මියැදිච්ච දුකටමත් නෙවේ බොන්න ඕන නිසා

එදා පියල් ගෙදරට එනකොට ආවේ ලොකු බූලියකුත් කර තියාගෙන .ඉස්සර ගම්මාන වල රට අරක්කු වැඩිය ප්‍රසිද්ධ නෑ . ගමේම හදන දේශීය දේවල් වලට . පිරිතකදී , මගුලකදී , මරණෙකදී මුල් තැන දෙනවා වැඩියි . නූගත් කම තමයි ඕකට මුල .අද නම් ඕව ටිකක් විතර අඩුයි !

පහුවදා දවල් දහය විතර වෙනකොට ඇක්මන් අයියගේ මිනිය මල් ශාලාවේ ඉඳලා ගෙදර ගෙනාවා . මිනී පෙට්ටිය ගෙට ගන්නවත් බැරි තරමට මල ගෙදර පිරිමි ටික බඹරු වගේ මතින් මත් වෙලා හිටියා .පියල්ගේ බූලියේ සෙතේ තමයි .! මම නම් ඔය වේලාවේ මලගෙදර හිටියේ නෑ . වටේ පිටේ අය මල ගෙදර ඒ මොහොතේ වෙච්ච සිදුවීමක් විස්තර කළේ මෙන්න මෙහෙමයි .

ඇක්මන් අයියාගේ ලොකු මල්ලී සුගත් හොඳ උගත් එකා නේ..! මිනිහා ඔය මත් පැනට පොඩ්ඩක්වත් ලැදි නෑ. ඒ වගේමයි මිනිහට තරහා ගියොත් නිකම් යකා වගේ . අනික මිනිහා උන්නෙත් ලංකාවේ තියන වලියට ටිකක් විතර බර කැම්පස් එකක .

සුගත් අයියා තමයි තව කෙනෙක් එක්ක එකතු වෙලා මිනී පෙට්ටිය ගෙට අරගෙන තියෙන්නේ . ඉතින් ඔය විදිහට මිනී පෙට්ටිය ගෙට අරගෙන හරි ගැස්සුවාට පස්සේ .වෙරි පිට හිටපු පියල් එකපාරටම දුවගෙන ඇවිල්ලා "අනේ මයෙ බුදු රත්තරන් ලොකු අයියා !!” කියාගෙන මිනී පෙට්ටියට පැනලා . ! වටේ පිටේ හියපු අය කොයිතරම් උත්සාහ කළත් පියල්ව අල්ලගන්න බැරි වෙලා . පියල් නිකම් අර ඩොල්ෆින් කෙනෙක් පිම්මක් පනිනවා වාගේ බල්ටියකුත් ගහලා තමයි පෙට්ටියට පැනලා තියෙන්නේ ! මම නම් දැක්කේ නෑ හැබැයි වටේ අය කියන්නේ එහෙමයි .

පියල්ගේ පිම්ම නිසා ඇල්බීසිය ලෑලි වලින් හදාපු බාල මිනී පෙට්ටිය දෙකටම කැඩිලා ගිහින් මිනිය වැටිලා නැතෑ බිමට .ඒත් පියල්ට මෙලෝ සිහියක් නෑ කෑගහමින් අඬනවා .! . හොඳ සිහියෙන් හිටපු සුගත් පැන්න ගමන් පියල්ට පයින් පාරක් දීලා බෙල්ලෙන් අල්ලලා එළියට ඇදලා දැම්මලු . ඊට පස්සේ යන්තම් පුටුවක් අඩේට තියලා මිනී පෙට්ටිය ආයෙත් කෙළින් කරලා යාන්තමට වැඩේ පිළිවළක් කර දැම්මලු.

ඉතින් කෝම හරි මල ගෙදර වැඩ කටයුතු ටික සාමදානයෙන් අවසන් වුණා . ඊට පස්සේ එළඹුණේ හත් දවසේ දානේ වැඩ කටයුතු ටික . ඔන්න ඔය දානේ වැඩ වලට උදවු දෙන්න සුගත් අයියගේ කැම්පස් එකේ කොල්ලෝ 15 විතර ගමට ආවා . ගමේ සෙට් එක වෙච්ච අපිත් ඉතින් දානේ ගෙදර දවසේ බැහැලම වැඩ කැම්පස් කට්ටියත් අපිත් එක්ක හරි හරියට වැඩ .

වයසක උදවිය ඉවුම් පිහුම් බාරගෙන තිබුණා ,අපේ අය ගේ ශුද්ධ පවිත්‍ර කරන එක සහ අනෙකුත් දේවල් වලට උදවු දෙමින් හිටියා . ඔන්න ඔය අතරේ කසිප්පු බූලියක් කරපින්නා ගත්තු පියල් වැටෙන් පැනලා ගෙදරට එනවා මම දැක්කා . මිනිහා .හෙමීට ඇවිල්ලා බූලිය ලෑලි ගොඩක් අසේ හැංඟුව හැටිත් මම වගේම තව කීප දෙනෙක් දැක්කා . මමත් ඉතින් මෑන්ස්ට ඇහැක් ගහලා නිකම් හිටියා .වැදගත් තැනකදී මත්පැන් බීම මගේ සිරිත නොවුණත් මම ඒකට තදින්ම විරුද්ධ වුණත් මට පියල්ට උපදෙස් දෙන්න නම් හිත දුන්නේ නෑ ! . බීමතින් ඉන්න එකෙකුට කෝමද උපදෙසක් දෙන්නේ ?

දානේ කටයුතු පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දී තමයි අවසන් ජවණිකාව පටන්ගත්තේ .

"තෝ මොකටද මේ ජරාව මෙතනටත් ගෙනාවේ ..?”

"ට ඕනි හින්දා ඩෝ ගෙනාවේ මේක මගේ ගෙදර තෝ පල කැම්පස්! !”

ගජරාමෙට උනුසුම් වචන හුවමාරුවක් වෙනවා . අපිත් ඉක්මන් කරලා ඒ පැත්තට ගෑටුවා .මළම කෙලියයි . අයියා මලෝ දෙන්නා ගජරාමෙට බැනගන්නවා . පියල් ගෙනාපු කසිප්පු බූලිය සුගත් දැකලා ඉතින් මත් පැනට කොහොමටත් විරුද්ධ සුගත් පියල් එක්ක රණ්ඩු වෙනවා

එක පාරටම ඉදිරියට පැනපු සුගත් බූලිය පියල් අතින් උදුරලා අරගෙන වීසික් කරලා දැම්මා . මල කෙලියයි . බූලිය ගිහින් වැදුණේ මිදුලේ බැඳපු ලිපේ පොලොස් හට්ටිය හැඳිගාමින් හිටි ජොසපින් ආච්චිගේ පිටේ . බූලිය වැදිච්ච පාරේ සැරට ආච්චි අම්මා පොලොස් හැළියත් පෙරලගෙන වැටුණා . තුනුරුවන්ගේ සරණින් ආච්චම්මට කිසිම කරදයක් නම් වුණේ නෑ .

කොහොමහරි බූලිය වීසි කල තරහට පියල් පැන්න ගමන් සුගත්ට පාරක් ගැහුවා . සුගතයත් පියල්ට බිම දාගෙන දෙන්න පටන්ගත්තා . ඔය අතරේ ගමෙ පියල්ගේ පැත්තේ ගමේ කොල්ලෝ ටික සුගත්ව අල්ලගෙන තල්ලු කළා .එතකොටම කැම්පස් එකේ කොලු රැළ එතනට පැනලා ගමේ එකාලට නෙලන්න පටන් ගත්තේ නැතෑ !

ගමේ එවුන්ට ගහනවා බලන් ඉන්න බැරි නිසා අපි හැමෝම අතට අහුවෙච්ච දේවල් වලින් කැම්පස් ඇත්තන්ට ගහන්න පැන්නා .වෙලාවටම මගේ අතට අහු වුණේ කිරි ගොට්ටක් !

මමත් කිරි ගොට්ට අරං කෑගහගෙන වලියට පැන්නා .! කැම්පස් එකේ හිටියේ හොඳට කාපු බීපු පුෂ්ටිමත් කොලු රැළක් . ! අපේ ගමේ හිටියේ නිකං කැඳ බීල්ලා වගේ පාණ්ඩු පාට සෙට් එකක් . ටිකක් හරි ඇඟ පත තියන එකෙකුට හිටියේ මම විතරමයි. .

වලිය නැගලාම යන අතරේ අපේ ගමේ පුස්පෙට කැම්පස් අයියාකෙනෙක් බිම දාගෙන නෙලන්න ගත්තා . අපේ එකා අලුත් බැඳපු එකෙක්. තමන්ගේ බ්‍රෑන්ඩ් නිවු වයිෆ් ඉස්සහරා ගුටි කනකොට දැනෙන හැඟීම කෝමද ? ඒ වුණත් අපේ එකාගේ අලුත්ම වයිෆ් මෝල්ගහක් ආරගෙන වලිය මැදට දුවගෙන ආවා . "එකෙක්වත් මගේ පුස්පෙට අත තියන්නෙපා! කියලා කෑගහන්න ගත්තා. පුස්පේ නැගිටිනවා බොරු ! ඒ මෝල්ගහම උදුරගත්ත කැම්පස් අයියා කෙනෙක් ඒකෙන් හැමෝටම නෙලන්න ගත්තා .

කැම්පස් එකේ ඇත්තෝ අපේ අයට එළවා එළවා ගැහුවා . අපේ අයත් පණ එපා කියලා දිවුවා . අපේ අය දුවන පස්සෙන් මමත් දිවුවා ..වල් ඌරෝ රබං පලනකොට ජපං කුකුලන්ට මගුල් කියනවාලු !කට්ටිය දුවන අතරේ අතරේ උඩහ ගෙදර අප්පු මාමා පියල්ගේ බූලිය සරම අස්සේ ගහගෙන දුවන හැටි ගමේ කීප දෙනෙක්ම දැකලා තිබුණා .

පැනලා දුවපු අපේ ගමේ සෙට් එක වෙල් යාය මැදදී එකතු වෙලා වෙච්ච දේ ගැන සිංහාවලෝඛනයක යෙදෙන්න පටන්ගත්තා .
 
අපේ ගමේ කරුණාපාල මාමා තමයි මුලින්ම කටහඬ අවදි කළේ

"ඕකුං හෙට යද්දී අපි රිටන් එක දෙන්න ඕන !.නැත්තං අපි කෝමද රෙද්දක් ඇඳන් මේ ගමේ ඉන්නේ ?! තොපි ලැහැත්ති වෙයවු !

"
එහෙයි මාමා !”අපිත් නියෝගය ඉහළින්ම පිළිගත්තා

කරුණාපාල මමා කියන්නේ දේශීය සටන් කලාවේ කෙළ පැමිණිය කෙනෙක් . මරුවල්ලී හටන, ඌරා වළේ හටන , අංගම්පොර , නිල ශාස්ත්‍රය ආදී හැම දෙයක් ගැනම හසළ දැනුමක් තිබුණු කෙනෙක් තමයි කරුණාපාල මාමා . තුම්මුල්ල පැනලා පොළොවෙන් අඩි අටක් උඩට ගිහින් පා පහරක් ගහන්න පුළුවන් වුණෙත් කරුණාපාල මාමට විතරමයි .

පහුවදා කැම්පස් එකේ ඇත්තෝ ගෙවල් බලා යන්න හදන කොට අපි කස්ටිය සරම් කැහැපට ගහගෙන අවි ආයුධ අරගෙන බස් නැවතුම් පල වෙත යන පාරේ රැකලා හිටියා .කරුණාපාල මාමා ඉන්න නිසා අපිට පොඩ්ඩක්වත් බය වෙන්න දෙයක් තිබුණේ නම් නෑ .. ගුරු පාරේ වංගුවෙන් කැම්පස් අයියලා ටික එයාලගේ බෑග් උස්සගෙන එන හැටි අපිට පේනවා .අපිත් සන්නද්ධ වුණා .

"අද නම් කැපස් කොල්ලෝ ටික ගමේ උන්ගෙන් කනවා මදි නොකියන්න . කරුණාපාල මාමා තුම්මුල්ල පැනලා ගහන පා පහරින් කොල්ලෝ කී දෙනෙක් බිම වැටේවිද ? පට්ටම ගති" මම හිතින් ඉමැජින් කලා .

"
මම කියන්න කලින් තොපි එකෙක්වත් ගහන්නෑ හරී“ අපේ ලීඩර් කරුණා පාල මාමා නියෝගේ දුන්නා

කැම්පස් එකේ මල්ලව පොර ක්‍රීඩා කරලද මන්දා යෝධ ඇඟවල් තමා කැම්පස් ඇත්තොන්ට තිබුණේ . මම හිතන්නේ මොනවා හරි විසේස ආහාර වර්ගයක්වත් කැම්පස් එකෙන් දෙනවා ඇති සිසුන්ගේ ශරීර ශක්තිය වර්ධන වෙන්න

කට්ටිය ටික ටික ලං වුණා මම පොඩ්ඩක් වට පිට බැලුවා . අපේ කට්ටිය ටික ටික කැලේ පැත්තට ගියා . මමත් උපක්‍රමශීලීව කාණුවට පසු බැස්සේ අපේ අයත් ප්‍රතිවාදීනුත් අතර පරතරයක් තියාගන්න එක හොඳ නිසා .ළඟටම කිට්ටු වුණාට පස්සේ කැම්පස් අයියලා අතරින් කෙනෙක් අපෙන් මෙහෙම ඇහුවා .

"ආ මොකෝ මෙතන ?”

"
මේ අපි අහරෙට යන්න කියලා මහත්තයෝ . මහතැන්ලා යනවයි !?”

කරුණාපාල මාමා මෙන්න මුං එක්ක කතාව . මුගෙ අ*@#!*&@%

"
ඔවු යන්න කියලා තුන් මාසේ දානෙට ආයෙමත් එනවා !

"
හොඳා හොඳා මහත්තැන්ලට තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන්ගේ පිහිටයි ආරක්‍ෂාවයි !! පරිස්සමින් ගිහින් එන්න . ආයිත් එන්නකෝ”

ඔන්න ඔය විදිහට තමයි අපි ලංකාවේ හොඳම කැම්පස් එකක සෙට් එකකට රිටන් එක දුන්නේ ! කරුණාපාල මාමා කියාපු විදිහට අතින් පයින් සටන් කරනවාට වඩා වචන වලින් සටන් කරන එක බලවත් . කොහොම හරි අපි ආපහු ගෙවල් බලා ආවේ වීරයෝ වගේ . !!

"
අනේ උඹලා අර මල් වගේ කොල්ලොන්ට ගැහුවද ?

ගමේ ගෑනු අය එහෙම අහද්දී . අපි උජාරුවෙන් "හෙහ්" කියලා ලෙස්සලා ගියා . ! . අපි කිසිම කෙනෙක් මේ ගැන ආයෙත් කතා කලේ නෑ . කාලයත් එක්කම මේ ගැන හැමෝටම අමතක වෙලා ගියා .හැබැයි කරුණාපාල මාමාගේ හයිරං ගමේ අපට විතරක් බවත් අපට මේ සිදුවීමෙන් පස්සේ තේරුම් ගියා .

දැන් ඉතින් කාලයක් ගත වෙලා තියන නිසා මේ කතාව ලියා දාන එකේ වරදක් නෑ . ඔන්න ඔහොම මම මුහුණ දීපු තවත් එක කතාවක් මේ වගේ නිමා වෙනවා මේ කතාවේ අතින් පයින් දැමිලි නෑ . ගෙදරට වෙලා බීවත් මලගෙවල් වල දානේ ගෙවල් වල ගිහින් නොබී ඉන්න මම තීරණය කරලා ගොඩක් කල් . මත්පැන් බොන පුරුද්දත් දැන් මගේ ජීවිතයෙන් හෙමිහිට ඉවත් වෙමින් යනවා .

අහලා ඇති නේද කතාවක් “අපේ අරක්කු අපිටම ගහනවා" කියලා මේ සිදුවීමෙන් පස්සේ එහෙම කියන්නේ කට කහනවට නොවන වග මට හොඳාකාරවම තේරුම් ගියා .


/ලි: මේ වලියට ආපු අයත් සමහර විට මේ බ්ලොග් එක කියවනවාද මන්දා ?

//ලි . කතාව සිහිපත් කර දුන් කිතුලාට මාගේ ප්‍රණාමය !


94 comments:

දේව් ගේ අඩවිය said...

අපේ ගමේ හිටියේ නිකං කැඳ බීල්ලා වගේ පාණ්ඩු පාට සෙට් එකක් . ටිකක් හරි ඇඟ පත තියන එකෙකුට හිටියේ මම විතරමයි.

මල්ලි විතරමද මල්ලි උන්නේ එහෙම... ඇයි එහෙමනම් මාමට මුල් තැන දුන්නේ

සිහින said...

කොහොම හරි මේ මාසෙත් හත ගැහුවා නේද බං.එල එල.. මේ කතාවත් පට්ට.ඔය කරුණාපාල මාමගේ වැන්දා ස්ටයිල් එක නොහොත් ශේප් නියාය මරු නේ..??

Sanjaya සිතුවිලි said...

ඔයිං ගියා හොදටම ඇති ..

මාධව විදුරංග said...

affo sandaru! gamatama awith gahala yanakan ubala balan idalanee! uba waliyata noya inna thibbe! :) mona unath bana gedara ara gaththa eka nam narakai bn!

මහිම මදුරංග said...

උබනම් සදරුවෝ.........
කියල වැඩක් නැ සිරා කතාව

MUHUDU said...

//මත්පැන් බොන පුරුද්දත් දැන් මගේ ජීවිතයෙන් හෙමිහිට ඉවත් වෙමින් යනවා//

දාන්න මල්ලි පහක්! :)

සාතන් said...

චික් විතරක් උඹල වගේ උන්... ගමටම ඇවිත් කෙලල ගියානෙ... හොස්ස ලගින් මැස්ස යන්න බැරි උන් ඉන්න ගමක් නේද ඕක... ;)

ඕවට තමයි කියන්නෙ ඇහුවොත් ප්‍රැක්ටිස්... ගැහුවොත් පරාදයි කියල... :)

පැන්ඩා said...

ඔන්න අපි නම් ඔය කියන එකෙ නෙවෙ සඳරුවො හරිද.

Charmi said...

යකෝ... අපේ ගමේ උනුත් රිටන් දෙන්නෙ ඔහොම්මමයි...

මාරයාගේ හෝරාව said...

දැන් ඔය ගමේ කී දෙනෙකුට විතර කරුණාපාල මාමා තුන් මුල්ල පැනලා ගහලා තියෙනවද..?

සෝරෝ said...

නොදෝමකිං.. මම මේ බලං ඉන්නවා මාමා තුංමුල්ල පනිනකං..... :D

මාමා මගේ බලාපොරොත්තු සුං කලා.... :D

ශ්‍රී said...

අර මිනී පෙට්ටිය දෙකට කඩන් වැටිච්ච සිද්ධිය නම් මැවිලා පෙනුනා බං... මමත් ඔය වැඩේ වෙන්න ආසන්න වෙච්ච අවස්ථාවක් දැකලා තියෙනවා. බොහෝම අමාරුවෙන් එදා පෙට්ටිය බේරගත්තේ!

අර මත්පැන් පුරුද්ද අතෑරීගෙන යන සිද්ධියට සතු‍ටුයි සඳරුවෝ හරී... :)

මේ උඹලා ගමේදී ගුටිකෙලගත්තට වඩා වැඩක් කලේම් නැද්ද???

Dinesh said...

අනේ බං උඹලගේ වැඩ.. අර කිරිගොටෙන් කී දෙනෙකුට ගැහුවද?? කරුණාපාල මාමා නැතුව උඹ ලිඩර් උනානම් ආයෙත් ගුටි කන්න හරි උන් එක්ක රණ්ඩු වෙනවා...

පූසා said...

"වල් ඌරෝ රබං පලනකොට ජපං කුකුලන්ට මගුල්"
හෙහ් හෙහ් හෙහ් කොයින්ද බං ඒක හොයා ගත්තේ :D

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

මත්පැන් ඉවත්වේගන යන එක නම් මචෝ එලම කිරි කාරණයක් (ඒක සමරන්නත් එක්ක ගහමුද අඩියක් හිහි )

කරුණාපාල මාමල වගෙ විසිල් විතරයි බල්ටි නැති පොරවල් ඕනි තරම් ඉන්නවා , එක්තරා වලියකදි පාසලක ශ්‍රේණි දෙකක් වලියකට පැටලිලා තිබුනා , පොඩි උන් ලොකු උන් දෙන්නෙක්ට ගැහුවා ලොකු පන්තියෙ ඔක්කොම පොඩි එවුන්ට හොය හොය ගහනව . තමන්ගෙ එකාලට ගහනව බලා ඉන්න බැරි වෙනදට අහිංසක පාට් උනුත් වලියට බැස්සා , වලිය ඉවර වෙනකන් අල්මාරියක් පිටිපස්සට වෙලා හිටිය පොරකුත් හිටියා , ඒ පොඩි උන්ගේ සෙට් එකටම (මුලු ශ්‍රේණියටම ) හිටපු එකම කරාටේ කලු පටි ශූරයා .....


ප.ලි - ඕව් , බුවාත් පොඩි උන්ගේ සෙට් එකේ එකෙක් තමයි !!!

Anonymous said...

මම හිතන්නෙ අයියා මළ ගෙදර වුන සීන් එකේ තරහට යාලුවොන්ට කියන්න ඇති මල්ලි අයෙත් විකාරයක් කලොත් සෙට් වෙලා කෙලින්න කියලා. අපරාදේ කියන්න බෑ ගමේ කොල්ලො ටිකත් ඕන්නැති වලියටනෙ සෙට් වෙලා තියෙන්නෙ!

කමක් නෑ බූලිය බේරුණානේ!

BLOG ගඩොල් said...

කැම්පස් කැන්ටින් වල තියෙන පෝෂ්‍යදායී ආහාර වල හැටියට උන් කට්ටිය අලි වගේ ලොකු වෙන එක අහන්නත් දෙයක්යෑ. හික් හික්!!

Chamila said...

//මම හිතන්නේ මොනවා හරි විසේස ආහාර වර්ගයක්වත් කැම්පස් එකෙන් දෙනවා ඇති සිසුන්ගේ ශරීර ශක්තිය වර්ධන වෙන්න//
විසේස ආහාර දෙන හැටි කතන්දර සූරීන් ලියල තිබ්බෙ :)

කරුණාපාල මාමලා කොහෙ උනත් ගින්දර ඩයල් වගේ... කරොත් නම තියන වැඩක් තමා.

(ඒක නෙවි, මොකුන්ද බං ජපං කුකුලො?)

මයියා said...

කොල්ලෝ.... විදීම නම් උපරිමයි...කට කනේ තියාගෙනයි මේකත් කෙටුවේ...

චතුර විජේකෝන් said...

""අනේ උඹලා අර මල් වගේ කොල්ලොන්ට ගැහුවද ?”

ගමේ ගෑනු අය එහෙම අහද්දී . අපි උජාරුවෙන් "හෙහ්" කියලා ලෙස්සලා ගියා . ! ."

ඒ කරමෙත් නරකම නෑ...

ආසාවෙන් කියෙව්වා මල්ලී...

අර පුරුද්ද ඔය විදිහට හැමදාම හිමිං හිමිං අත අරින්න.. එක පාරට එහෙම අත අරිනවා නෙවෙයි... හිකිස්..!

Beetle said...

මම මේක කරාටි කාරයෙක්ගෙන් දැනගත්තේ, ඕනෙම සටන් ශිල්පියෙක් අලුතෙන් යමක් ඉගෙන ගද්දි පොඩි භාවනාවක් වගේ එකක් කරනවලු මේකෙන් කාටවත් හානියක් කරන්න නොලැබේවා කියලා..

කරුණාපාල මාමා වන්දා ස්ටයිල් එකට මාරු වුනෙත්, බුවාගේ බුවා අල්මාරිය පිටිපස්සෙ හැන්ගෙන්න ඇත්තෙත් එහෙම හානියක් කරන්න තියෙන අකමැත්තට වෙන්න ඇති... නැතුව බයකට නෙමෙයි... :D

සයුරි said...

මාමට මොළේ තියනවා...නැත්නම් ඉතින් දෙවනි පාරටත් කන්නනේ වෙන්නේ :D

කතන්දර Kathandara said...

කැම්පස් අයියලා බොන්න ඇත්තේ සුදුවා වෙන්න ඇති!

නදී said...

ටිකක් හරි ඇඟ පත තියන එකෙකුට හිටියේ මම විතරමයි.

//අප්පේ අනිත් එවුන් ටික ගැන හිතා ගත්තෑකි එහෙනම්.

ඔයා කතාව කියල තියන හැටියට මැවිලා පෙනුනා සිද්දිය.

පොත් ගුල්ලා said...

සඳරු මල්ලි අද කතාවන් අපූරුවට ලියල තියෙනවා. බඩ අල්ලගෙන හිනා උනා. මේක තව දන්න කියන අයට කියවන්න කියන්න ඕනෙ. මල්ලිගේ උපහාසාත්මක රචනා කලාව විශිෂ්ටයි.

Anonymous said...

"මත්පැන් බොන පුරුද්දත් දැන් මගේ ජීවිතයෙන් හෙමිහිට ඉවත් වෙමින් යනවා"

නියමයි සදරු...නියම මිනිහෙක් කියන්නෙ තමන්ගෙ වැරදි අදුරගෙන ඒවා හදා ගන්න හයිය තියෙන අයට...

ජිවිතේ පටන් ගත්තා විතරනෙ...ලොකු දුරක් යමු නේද..."සිහියෙන් හොදේ..."

සංකල්ප said...

අප්පටසිරි අර කරුණාපාල කාරයා කටින් විතරක් බතල හිටවන එකෙක් නේ. ඊට පස්සේ ගමේ සීන් වලදි ඌ පච වෙන්නැති නේ. ඇයි ඉතින් උගේ කරැට්ටුව ගමේ කවුරු කවුරුත් දැනගන්න ඇති නේ.

"මත්පැන් බොන පුරුද්දත් දැන් මගේ ජීවිතයෙන් හෙමිහිට ඉවත් වෙමින් යනවා"

ඔන්න ඔය උඩ තියෙන වාක්කියට මම හෙනම ලයික් ය. ඒ සතුටට මම බොන්න කියලා හිතන් ඉන්නේ. ටිකෙන් ටික නොබීම හිටහන් මලයෝ.

Praසන්ன said...

'ටිකක් හරි ඇඟ පත තියන එකෙකුට හිටියේ මම විතරමයි.' හෙහ්.
ඕක මොකක්ද බං මේ පැත්තෙ කරාටෙ මාස්ටර් කෙනෙක් ඩෝප් කාරයෙක්ගෙන් අලවංගු පාරක් කාපු එකේ.

cjgayan said...

අප්පා සඳරැ පට්ට කතාව. ඔෆිස් එකේ එවුන් අහනව මොකද තනියෙම හිනා වෙන්නෙ කියලා..හිහ්..ආයේ තුන් මාසෙ දානෙට කැම්පස් කොල්ලො ටික ආවෙ නැතෙයි.

Abeetha Edirisinghe said...

ඕකට කියන්නේ විසිල් විතරයි.. බල්ටි නෑ කියලා...

නදී said...

"මත්පැන් බොන පුරුද්දත් දැන් මගේ ජීවිතයෙන් හෙමිහිට ඉවත් වෙමින් යනවා"

//නියමයි මල්ලි ඔන්න ඔහොම හිටුකෝ

පිණිබිඳු... said...

අනෙ අප්පේ අර පොලොස් ඇතිලිය හැඳි ගගා හිටපු ආච්චිට මොකෝ උනේ. උන්දැ ආවෙ නැද්ද සටනට හැන්ද උරුක් කරගෙන.

Dr. R. A. R. P. Susantha (Ph.D) said...

අනේ අප්පේ මෙහෙමත් හිනාවක්. මට මතක නැහැ ලියා තිබ්බේ මක්කැයි කියා, මක්කද ඒ තරමට හිනාව. දැන්නම් වැඩිය හිනාවීලා කැස්ස.

Knowledge Boost said...

ඇ බොල හිටපු ගමන් ඇක්මන් අයියා ඇඩ්ඩින් අයියා වුනේ කොහොමද? ඒක කොහොම වෙතත් කතාවනම් පට්ට

Raj said...

.පෙරේ...කස්ටිය ඉතින් කොහොමත් වලියට බරයිනේ.....
මචො අරක්කු වලින් ටිකක් ඇත්වෙන එකනං හොඳ වැඩක්.........

තරු said...

//මමත් කිරි ගොට්ට අරං කෑගහගෙන වලියට පැන්නා .! //
මේක නම් එල....මට මැවිලා පේනවා උඹ, උඹේ රෝස් පාන් බොඩිය පුම්බගෙන ,කිරිගොට්ට අතේ අරන් පනින විදිය.උඹට තිබුනෙ ඒක ඔලුවෙ නවාගෙන නිකන් Kung-fu style එකට පනින්න. කට්ටිය එහෙනම් බය වෙනවා ෂුවර්.

අවුලක් නැහැ ඊ ලඟ දානෙ දවසට කියපන් , අපි "හිස් අහසෙ" සෙට් එක ඇවිත් නෙලන්නම් ඕකුන්ට නාග සලන් වෙන්න.

ඕකුන්ට ගහන්න ලේසී, මුලින්ම අල්ලන්න ඕන අර එලු රැවුලෙන්..... හෙහ් හෙහ් හෙහ්....

Tanikada said...

කරුණාපාල කොහොමත් කරුනාවන්තයිනේ... ඔන්න ගිරිගොරිස් අය්යාවත් හිටියනම් අයෙත් වතාවක් කන්න තිබුන ....

ශානි said...

අපේ ගමේ හිටියේ නිකං කැඳ බීල්ලා වගේ පාණ්ඩු පාට සෙට් එකක් . ටිකක් හරි ඇඟ පත තියන එකෙකුට හිටියේ මම විතරමයි. .

හප්පා ගමේ කට්ටියගෙ සයිස් එක හිතා ගන්න පුළුවන් ඔයා එක්ක බලනකොට

මොනා උනත් කරුණාපාල මාමා කරලා තියෙන්නේ නම් කැත වැඩේ

දුකා said...

අර ෆොටෝ වලින් දැකපු හැටියට උඹ නම් ටිකක් ඇඟපත තියෙන එකා අනික් උන් ගැන හිතා ගත්තෑකි . . හික්ස් . .

මොනව වුනත් කැම්පස් කොල්ලන්ට දීලා තියෙනවා . . මදි නොකියන්න . . . උන් තැලුම් තෙල් එහෙම ගාන්න ඇති නේද බන් හූ

දුමී said...

මුලදි කියපු විදිහට මම හිතුවෙ කැම්පස් බුවාලට ආපහු දෙන්න ඇති කියලා කොලඹට කිරි අපිට කැකිරි මතක් වෙන්නම.....!

හොඳ වෙලාවට සඳරු මල්ලි උඹට පුෂ්ටිමත් ඇඟක් තිබුනේ..... ගමේ අනිත් එවුන් ගැන හොඳට හිතා ගත්තැහැකි.....!

ItalyDilan said...

ඇයි බන් ඔය කරුණාපාල මාමවයි උබේ ගමේ සෙට් එකවයි යකඩ බජාර් එකට ගේමක් දෙන්න බැස්සුවේ නැත්තේ,,එහෙම උනා නම් අද උබේ කතාව මෙහෙම නෙමේ නේද ලියවෙන්නේ...

sampath said...

උබෙ ලිවිල්ල තමා ලිවිල්ල සදරුවෝ. උබේ blog එක දක්කේ ඊයේ මන් ඔක්කොම කියෙව්වා බන්. අත්තටම බන් උබ දෑන් කෙල්ලො කීදෙනෙක්ට සිරා love කරල තියෙනවාද. ඒක නෙමේ බන් උබට වඩා අව් රුදු 7 බාලා කෙල්ලව කෑමති කරගත්තේ කොහොමද කියල ටිකක් කියපන්කො. උබේ බොන එක ටිකක් අඩුකරපන්. උබ වගේ හිත හොද උන් අඩුයී බන්. උබට ජය..............

Chanaka Aruna Munasinghe said...

ඉතින් කැම්පුස් කට්ටිය තුන් මාසෙ දානෙටත් ආවද ?

Chandy VIC said...

නියම කතාව මල්ලි. කොහෙද ඔය ගම තියෙන්නේ? ගිහින් බලන්ඩ වටිනා පැත්තක් නේ.
ඒක නෙමේ මන් ඔය ඇහුවමයි ඌරෝ රබන් ගහන වගක්.

Anonymous said...

මං හිතුවේ එක පාරක් වගේ මේ පාරත් හොඳට කාලා කතාව ඉවරවෙයි කියලා. බලාගෙන යද්දී කට්ටියට මොලේ තියෙනවනේ...

Unknown said...

//මත්පැන් බොන පුරුද්දත් දැන් මගේ ජීවිතයෙන් හෙමිහිට ඉවත් වෙමින් යනවා// ලස්සනම වචන ටික......

හිස් අහස said...

@දේවා ගේ අඩවිය = මචං මාමා පරිනතයිනේ
.............................................................................................................................
@සිහින = හැමදේටම වැඩිය ලොකුයිනේ මචං ගැලවිජ්ජාව
.............................................................................................................................
@Sanjaya සිතුවිලි = තව පොඩ්ඩෙන් අපි අතින් මොනවයි මොනා වෙයිද දන්නෑ
.............................................................................................................................
@මාධව - மாதவ - Madhawa = අපි ඉවසුව මචං .අපේ අතින් ඔය කාගේ හරි අතක් පයක් කැඩුනොත් අපි කෝමද හිනහ වෙන්නේ ?
.............................................................................................................................
@මහිම = තෑන්ක්ස් මහී
.............................................................................................................................
@මුහුදු කොල්ලකාරයා = පොඩි සල්ලි නෑ අයියේ ! :)
.............................................................................................................................
@සාතන් = ඒම කියන්න එපා අපිට තද වෙනවා . හොයාගෙන ඇවිල්ලා ගහල යන්නේ අරී !
.............................................................................................................................
@පැන්ඩා =ඔයාලා නෙවෙයි අනික් කස්ටිය උඹ ආවානම් මම උඹලාගේ පැත්ත ගන්නවා නේ.............................................................................................................................
@Charmi = අඩේ අපි දෙන්නම එක ගමේද දන්නෑ !
.............................................................................................................................
@මාරයාගේ හෝරාව = එකොලොස් දෙනෙකුට ගහලා තියනවාලු පොර අතින් ගහලා ගඩොල් කඩන්න දස්සයා
.............................................................................................................................
@සෝරෝ = උඹ ඔය කියන කෙනාව සියැසින් දැක්කා .
.............................................................................................................................
@ගීතක - ඇත්ත කතා...!= අඩේ නෑ බං මම වෙන දෙයක් කලානම් අද හොඳ තැනක ඉන්නවා නෙව .
.............................................................................................................................
@Dinesh = හැරිච්ච හැරිච්ච අතේ දීලා ඇරියා වැදුනද කියලා නම් මතක නෑ
.............................................................................................................................
@පූසා = ඇයි බං අර ෆේමස් ප්‍රස්ථා පිරිලක් තියෙන්නේ
.............................................................................................................................
@buwa = කාටවත් කියන්න එපා මම මේ දැන් ලාවට ගත්තා . මට හිතාගත්තැහැකි .මම දන්නවා උඹ අල්මාරියේ හිටියේ බයට නෙවේ උඹ අතින් අනික් අයට හානියක් වේවි කියලා හිතුන නිසයි . අපේ කරුණා මාමත් එහෙම හිතලා තමයි වලිය නතර කලේ . :)
.............................................................................................................................
@විසිතුරු = අන්න හරි ඒකම තමා වෙලා තිබ්බේ . බූලිය කොහෙද බේරුනේ ඒක අප්පු මාමා උස්සලා !
.............................................................................................................................
@BLOG ගඩොල් = උඹගේ ෆොටෝවක් දැක්කානම් හරියටම කියනවා කැම්පස් කෑම ගැන මම
.............................................................................................................................
@චමිල = හැබෑටම ඒ ගැන මට මතක් වුනේ නෑ නෙව . මම හිතන්නේ අර සිසුන් කස්ටිය තහනම් උත්තේජක අරං තමා අපිට ගැහුවේ
.............................................................................................................................
@මයියා = ජයා වේවා මචෝ හිනා වෙයල්ලා සල්ලි ගන්නේ නෑ මම
.............................................................................................................................
@Chathura Wijekoon|චතුර විජේකෝන් = අඩේ අයියා ගොඩ කාලෙකින් ඈ . එකපාරම අතෑරියොත් මම කපෝති . සුලුවෙන් අඩු කරමු . බිඳෙන් බිඳ

හිස් අහස said...

@Beetle = ඇත්තටම මචං අයියේ ඔන්න ඕක තමා තියරිය වැඩ දන්න උන් කවදාවත් ගහගන්න යන්නෑලු . කරුනේ නම් එලම මැරයා ඈ
.............................................................................................................................
@Sayuri = නෑ මම හිතන්නේ මාමා බය වුනා කාගේ හරි අතක් පයක් කැඩේවි කියලා . ඒකයි ඉවත් වුනේ
.............................................................................................................................
@කතන්දර = එයාලා බීවේ නගරේ ඒවා . මම දැක්කා ලාවට . ඔයාල තමයි මේවට වග කියන්න ඕන ඔය කම්මලෙන් තමා කස්ටිය ආවේ
.............................................................................................................................
@නදී= ඔයාට කියන්න මම ටිකක් කෙට්ටු වුණාට ඇතෙක් වගේ සවිමත්
.............................................................................................................................
@පොත් ගුල්ලා = ස්තූතියි අයියේ උඹලා ඉතින් නිතර ඇදිල්ලා යන නිසා තමයි මමත් නොකඩවා ලියන්නේ
.............................................................................................................................
@අසනි = බලමු අනේ ටික ටික හැම දේකම අඩුවක් දකින්න ලැබේවි . මමත් වෙනස් වේවි
.............................................................................................................................
@මධුරංග = එකපාරම නෙවේ මචං මම ටික ටික අඩු කරනවා . උඹලා ඒනම් අපිට ගැවුවා ඈ
.............................................................................................................................
@Praසන්ன = මච බීවම ඉතින් බොහොම හොඳට ඉලක්කය පේනවා දැන් මේ මට වගේ . ඒකයි අලවැංජන පාරක් දීලා මාස්ටර්ව බිම හෙලන්න ඇත්තේ ලේසියෙන්ම
.............................................................................................................................
@cjgayan = උඹ ආයේ කමෙන්ට් කරන්න නාවොතින් මම හිතාගන්නම් උඹව සද්ද නගා හිනාවීමේ වරදට රැකියාවෙන් පහ කරලා කියලා :)
.............................................................................................................................
@අභීත = බල්ටි ගහන්න වෙලාවක් තිබුන්නෑ බං උඹත් දැක්කා ඔය කියන කරුණාපාල මාමව . මතකද අයියේ .
.............................................................................................................................
@නදී = තෑන්ක්ස් අක්කා එහෙම්ම ඉන්නම්
.............................................................................................................................
@පිණිබිඳු= උන්දැට අසූවයි අනේ ඒ අච්චම්මා ඇඬුවත් එක්ක

හිස් අහස said...

@වෙද ගෙදර මහ වෙදනා = හැක්ස් ටොපියක් කන්න අපෙ අයියේ . කැස්ස තුරන් වේවි හිරු දුටු පිනි මෙන් !
@Knowledge Boost = අප්පේ තෑන්ක්ස් ආ ඔන්න ඒක හැදුවා
.............................................................................................................................
@Raj = හෙමිහිට ඈත් වෙන්න ඕන බං එකපාරම අමාරුයි .
.............................................................................................................................
@Tharu = උඹ තාම මගේ කාය සක්තිය දැකලා නෑ . මම වංගෙඩිය උස්සන්නේ තනි අතින් අරී . රැවුක ගැන කතා එපා ! :)
.............................................................................................................................
@Tanikada = අන්න එතනයි වැරදුනේ ගිරි ගෝරිස් දිව්වනේ පන කඩාගෙන
.............................................................................................................................
@ශානු = මෑන්ස් තැනට සුදුසු නුවණ අනුගමනය කලාලු .එහෙමයි ගමේ අය කියන්නේ
.............................................................................................................................
@දුකා = බෲස්ලිව දැක්කොත් කියන්න ඇහැකිද අපෙ අයියේ ඌ සක්තිවන්තයෙක් කියාල . ඒවගේ තමයි මේ බොඩියට එපිටන් ඉන්න මමත් අමු සක්තිවන්තයා .කවුද හූ කීවේ හොයාගෙන ඇවිල්ලා ගහල යන්නේ !
.............................................................................................................................
@දුමී = උඹ ආවේ නෑ නේ මචං අපේ ගමේ ආවනම් උඹට ඔය කරුණා මාමව එහෙම බලාගෙනම යන්න තිබ්බා අනික් උන් නම් කරුණා මාමව දැක්කා
.............................................................................................................................
@ItalyDilan = මචං යකඩ බජාර් එක අපේ ගමේ නෙවේ . ඒක තියෙන්නේ ඉස්කෝලෙ පලාතේ ඒකීවේ ටවුමේ .අනික බං ඒකේ එවුන් එක්ක හැප්පෙන්න කාටවත් බෑ .
.............................................................................................................................
@sampath = මම ඒකිව කැමති කරගත්තමත් නෙවෙයි බං ඒකිදවසක් ඒකිගේ පොතේ මගේ නම ලියාන තියනවා දැක්කා මම ඉතින් ඇහැවුවා එච්චරයි .
.............................................................................................................................
@Chanaka Aruna Munasinghe = මකරා පොඩි කාලේ වගේ . ආවනම් දෙනවා තුම්මුල්ල පැනලා
.............................................................................................................................
@Chandy VIC = ඒක මේ ප්‍රස්ථා පිරුලක් අයියේ අහලා නැද්ද ලැජ්ජයි බං උඹලා ගැන
.............................................................................................................................
@prasanna86k = අපි උපක්‍රම සීලී වුණා
.............................................................................................................................
sajith = හැමදාම බඩුපිට ඉන්නත් බෑ නේ මචං

ayesha said...

ඔයා ලීඩර් උනා නම් කොහොමද? මට නම් මේක කියවන් යද්දි හොදටම හිනා...මතට තිත වැටීගෙන එනවා කියලා අහන්න ලැබීම නම් ලොකු සතුටක්

Reshan Chathuranga said...

උඹලට තුම් මාසෙ හම්බුනේ නැද්ද

duliponline said...

හික් . . . . මට මැවිල පේනව මුලු ගමෙංම ලොකුවට තියන උඹේ රම්බෝ මාක් බොඩිය . . . .

Anonymous said...

ගොඩක් කනගාටුයි ප්‍රමාද වෙලා දැක්කට! සිදුවීම ගැන ටිකක් දුකයි!

මං ගැන කට්ටිය වැරදියට හිතුවද කියලත් හිතෙනව! ;)

වැදගත්: කරුණාපාල මාම, (අඩු වශයෙන් එයාගෙ දරැවෙක් හරි) දැනට ඉන්නවද?????

දිනුක said...

මම හිතන්නෙ කරුණාපාල මාමා යුධ උපාය මාර්ගයක් අනුගමනය කරන්න ඇත්තෙ.උඹලා හොයලා බැලුවද ඒ කොල්ලන්ට දැං මොකද වෙලා තියෙන්නෙ කියලා??

Gayan Rupasinghe said...

එක අතකට එක එහෙමම ඉවර වෙච්ච එක හොදයි මචන්... නිකම් මරා ගන්නවට වඩා... හෙහ් හෙහ්.... බ්ලොගේට එන්න පරක්කු උනා මචන්,, අද උදේ ඉදන් හාඩ් ඩිස්ක් එකත එක්ක ඔට්ටු උනා නොවැ.. හෙහ් හෙහ්
ජය...

ඉන්දික උපශාන්ත said...

උඹලට අර සරුංගල් කේස් එකේදි අල්ලපු ගමේ උන් කොහොම නෙලන්න ඇද්ද කියල දැනුයි මට තේරුණේ!

Bindi said...

අපොයි මන් පරක්කුයි ..අවුලක් නැහැ හිනා වුනා ඇතිතරම් . මළගෙදර නිකන් කුන්ග්ෆු පැන්ඩා වගේ තියෙන්න ඇති .

Photoshop Online said...

කාටද ආඩම්බර.............

networkdisa said...

උබල දුවද්දි අප්පු මාමා බුලිය සරම අස්සෙ ගහගෙන දුවපු කතාවටනම් මරු එකට හිනා ගියා බං. එල එල නියමයි.....

පබලු said...

හොද වෙලාවට අතට කිරි ගෝට්ට අහු වුනේ :D

තරිඳු said...

හික් පස්ස පැත්තෙනුත් හිනා...........

ඇනෝපිලිස් said...

"නහයේ හොටු බෝලයක් පිම්බිලා තිබුණා !"...අඩෝ මැවිල පේනව මචෝ...... උපහාසය පට්ට.... අනික තමන්ටම නේ....අර කරුනාපාල දැන් කෝට්ටෙ පැත්තෙ මඩුවක් අටෝගෙන ඉන්නවද...?? කාලෙක ඉඳන් මේ පැත්තෙ එන්නෙ... ඒත් අදයි කොමෙන්ට් කොරන්න පටන් ගත්තේ.......

Chandy VIC said...

අනේ මම අක්කා කෙනෙක් බං. අනික අපි අහල තියන ප්‍රස්ථා පිරුල නම් ටිකක් වෙනස්. මතක හැටියට " වල් ඌරෝ කැකුණ තලන කොට හබන් කුකුලන්ට රජමගුල්" වගේ එකක්. ඔය පැත්තට යනකොට ඒක වෙනස් වෙලා වෙන්ඩ ඇති. ඇයි හුගක් දුරනේ.

ගවේශකයා said...

පට්ටයි අයියෙ කතාව !!

uwiniran said...

කරුනාපාල මාමා පැරදුනේ නැහැ, පහුබැස්ස විතරයි...
දානෙට ආවහම කැම්පස් කොල්ලන්ට දෙයි රිටන් එක.

සරත් ලංකාප්‍රිය said...

ආදර්ශය
කැලේ ඉන්න අලි පු** පෙන්නන තරමට කෝචෝක් වැඩි උනාම ප්‍රතිප්‍රහාර දෙති.. නගරේ අලි වගේ නොවෙයි..

සීතල අයියා said...

හෆොයි... නෝංඩි ගොඩා....යි....

BLOG ගඩොල් said...

සඳරු - ඇයි බං උඹ මගේ ෆේස්බුක් ඔරිජිනල් එකේ ඉන්නවා. අර උඹේ ක්ලාස් එකේ කොල්ලො එකෙක්වත් නෑ කියලා කොමෙන්ට් එකක් දැම්මෙ මම

Buru Babe said...

සඳරුටම විතරක් මේ දේවල් වෙන්නේ මොකෝ?
සඳරුගේ මාමා නම් කියාපු මනුස්සයා. මොනවා උනත් ඒ මනුස්සයා මොන තරම් ලොකු දෙයක්ද කරලා තියෙන්නේ. නැත්නම් සඳරු ලා තාම පොලිසි උසාවි යන්න එපැයි. ඒ විතරක්ද ජොබ් එකකටවත් යන්න පුළුවන්යැ. නැත්නම් අර ටවුමේ කොල්ලන් ආයේ ගමට එන්නෙත් නෑ නේ.

රාජ් said...

ලගදි අපේ ගෙවල් කිට්ටුවත් ඔයවගේ සිද්ධියක් සිද්ධ වුනා. මැරිච්ච මණුස්සයගෙ ගෙදර උදවියට එච්චර ගානක්නෑ. කොහේදෝ ඉදලා ආපු කන සාක්කුවෙ දාගත්ත එකෙක් මිණිය බදාගෙන අඩනවා පෙට්ටිය වහන්න විදියකුත් නෑ. පස්සෙ ගෙදර එකෙක් ඌට දෙක තුනක් නෙලනකම්ම මිණිය ඇතෑරියෙ නෑ.

මැණික් - සුදු මැණිකේ said...

කතාව නම් ඉතින් වෙනදා වගේම සුපිරියි. කතාව කියවන් කොට මැවිලා පේනවා. එතන හිටියා වගේ.

//මත්පැන් බොන පුරුද්දත් දැන් මගේ ජීවිතයෙන් හෙමිහිට ඉවත් වෙමින් යනවා //.

මේක තමයි මේ කතාවේ තියෙන ලස්සනම වගන්තිය අයියේ. ඔය පුරුද්ද ඉක්මනින්ම අයියගේ ජීවිතෙන් ඉවත් වෙලා යන්න කියලා හදවතින්ම පතනවා.

ජය වේවා........!!!

ක්සැන්ඩරයා said...

මම හිතුව ගිනි අවි සහ ගිනි කෙලි සීන් එකක් යයි අන්තිමට කියල.. කොහෙද.. පොර ඔක්කොටම කලින් මාරු නේ?

Anonymous said...

"ගෙදරට වෙලා බීවත් මලගෙවල් වල දානේ ගෙවල් වල ගිහින් නොබී ඉන්න මම තීරණය කරලා ගොඩක් කල්" නියමයි කොල්ලා

Anonymous said...

Thank you for sharing this :-)

සිත්රූ සිහින said...

ඇක්මන් අයියා මැරුන දවසෙ ඉදලම මාර වැඩනෙ වෙලා තියෙන්නෙ..ඇක්මන් අය්යගෙ කතාවත් අන්දරේගෙ කතාවක් වගේනෙ..:D:D:D

Podi Kumarihami said...

//පවු. ඇක්මන් අයියට මල මුත්‍රා පිටවෙලා තිබුණා .! ,නහයේ හොටු බෝලයක් පිම්බිලා තිබුණා !//

අර කවුද කීවා වගේ සඳරූටමයි මේවා වෙන්නේ. ඒ වගේම මේ හැමදේම පෙනෙන්නෙත් ඔයාටමනේ.

ලස්සනයි කතාව නම්....:)))

පවනි said...

ඔක්කොම හොඳයි....
මාම කරපු වැඩෙත් හොඳයි....
කොහෙන් හරි දෙයක් ඉවර වෙන්න ඕනනෙ බං....

බොන එක අඩු කරන එකට නම් මටත් සෑහෙන්න සතුටුයි බං.. මටත් ඒක කරන විදිය දැනගන්ඩත් එක්ක අපි සෙට් වෙලා ගහමුද පොඩි අඩියක්?
;)

radika said...

mama oyage katha okkoma mea dan kiyawala iwara una witharai. ela katha tikak thiyenawa. thawath hodata liyanna

තරු said...

// උඹ තාම මගේ කාය සක්තිය දැකලා නෑ . මම වංගෙඩිය උස්සන්නේ තනි අතින් අරී . රැවුල ගැන කතා එපා ! :)//

අර පොඩි කොතළ හිඹුටු ව0ගෙඩියක් ද බන් ???

Anonymous said...

අඩෙයප්පා වෙඩක් නේ වෙඩක් නේ.. අප්පිල ඉතුව ඔඳ ඔඳ ෂෙල්ලං ඇතිය කියල, සුපියල් පාක්ම දීල තමා ඉෂ්ශරා පු‍ටුවට ආවා.. කැත වෙඩේ

Anonymous said...

සඳරු... ඔය කැම්පස් කොල්ලන් ටිකත් , මේ ලංකාවේ කොහේ හරි ගමක ගම් කොල්ලෝ... අනික එයාල වලි දාගන්න ගියාම ආතක් පාතක් නැහැ. උඹේ අතේ තිබ්බ කිරි ගොට්ටට මක්ක වෙයි ද කියල මට හිතා ගන්න බැහැ. කිරි ගොටු වෙනුවට ඒ අයියලයෙ අතේ තියෙන්නේ බයිසිකල් චේන් , අරව ද මෙවුව ද..

ඒත් ඉතින් හැමෝම එහෙම නැහැ. සඳරු වගේ අයත් කැම්පස් එනව කියල අමතක කරන්න එපා.

Observer said...

සඳරුවො,
කෝ බං මේකට දාපු කොමෙන්ට් කෑල්ල? බහිරවයද උඹද ගිල්ලෙ?

පැණි දොඩම් said...

හය්යෝ මම හිතුව අඩුම ගානෙ තව පාරක් ගුටිකෑවාවත්ද කියල.. හික්..
උඹලගෙ පැත්තෙ කසිප්පු නිකන් වතුර වගේද බං?

කැමීලියා said...

.... ගෙදරට වෙලා බීවත් මලගෙවල් වල දානේ ගෙවල් වල ගිහින් නොබී ඉන්න මම තීරණය කරලා ගොඩක් කල් . මත්පැන් බොන පුරුද්දත් දැන් මගේ ජීවිතයෙන් හෙමිහිට ඉවත් වෙමින් යනවා ....

මේ ටික නම් ගොඩක් හිතට ඇල්ලුවා. මොනව වුනත් හොඳ කොල්ලෙක්..

පිස්සා පලාමල්ල said...

අඩේ නිකන් මැවිලා පේනවා සීන් එක... හික් හික්... උබ විතරයි නම් ඇඟ පත තියෙන එකෙක්ට හිටියේ උබලගෙ ගමේ කොල්ලොත් මම විතර සයිස් එව්වො වෙන්න ඕනි හික්... හික්..

සතුටුයි සතුටුයි මතට බ්‍රේක් වදින එක ගැන...

නචියා said...

එළ කතාව බන්. බීම නවත්තපු එක නම් ලොකු දෙයක් මචං...

ජය..!!!!

rachi said...

ඔන්න පලවෙනි වතාවට මේ පැත්තේ ආවේ, පැත්ත ගීයත ඇත්ත කියන ඒක නම් සිරාවටම සිරා...

පන්සල් හංදිය said...

අයියෝ ... අයියෝ ...... හිනා කියන්නෙ බි.පෙ.සිනා ......
උඔ දාලා තියන පෝස්ට් මේ විදියට ඔෆීස් එකේදි කියෙව්වොත් ෂුවර් මට පිස්සු කියලා හිතනවා .......

ටීම් ට්‍රැවලර්ස් said...

ලොලේ ලොල් සදරුවා
හිකි හිකි....
නවෝ.

Prabath said...

පට්ට මචෝ පට්ට ස්ටෝරි එක... මට මැවිලා පේනවා සම්පූර්ණ සිද්දිය මේක තමයි පට්ටම සීන් එක
/***කට්ටිය දුවන අතරේ අතරේ උඩහ ගෙදර අප්පු මාමා පියල්ගේ බූලිය සරම අස්සේ ගහගෙන දුවන හැටි ගමේ කීප දෙනෙක්ම දැකලා තිබුණා .

වර්ණ said...

ලියන්නට දෙයක් හිතට එන්නේ නැත

Unknown said...

"ඇඩෝව් මුන්ද බොල අලි ? අපිනේ එදා ඉඳන් අලි ! අපි කැපුවත් අලි යකෝව් !”

:v

Anonymous said...

අඩේ සදරුවා ...හුග කාලෙකට පස්සේ ,ඔලුව කැක්කුම හැදෙනකම් හිනා උනා බන් ..!! සුපිරි ඉට්ටෝරිය තමයි ..!!

Anonymous said...

. ටිකක් හරි ඇඟ පත තියන එකෙකුට හිටියේ මම විතරමයි. heh....(Raviya)

Post a Comment

තැන්කූ බං