6.10.11

පේදුරු මුත්තාගෙන් ලද අරුම පුදුම තෑග්ග !


මගෙ පුංචි සන්දියේදී මම උන්නු ගමේ කෙළවරකට වෙන්න මහා සද්දන්ත නුග ගහක් තිබුණා . ඔය ගහේ වයස හරියටම මට කියන්න බැරිවුනත් මගේ ගමේ උන්නු පරණ මිනිස්සු බොහොමයක් දෙනා තමන්ගේ ළමා කාලේ ගැන සඳහන් කරද්දී ඔය මහා ගහ ගැන නිතරම කීව හැටි මට මතකයි .

දන්න කියන හැමෝම ඒ මහ ගහ හැඳින්නුවේ "මහ නුඟේ" කියලයි

පහළට එල්ලි එල්ලී තිබිච්චි දිගම දිග මුල් නිසා ඒ ගහට තිබුණේ හරියට වයසක රැවුල තියන මන්තර කාරයකුගේ පෙනුමක් .හැන්දෑ කළුවර වැටුණාම හිත හයිය මිනිහෙක් ඔය නුඟේ ගාවින් ගියේ නොගිහින්ම බැරි ගමනක්ම වෙතොත් විතරමයි . ඒ ගියෙත් "ඉතිපිසෝ" ගාථාව සද්ද නගා කියන ගමන් .ඒ වගේම නුගේ දිහෑ යන්තම්වත් නොබලා ඉවත බලන් .

සත්තු සෑහෙන ගාණනකට නිවහන වෙලා තිබුණු මේ විසල් නුඟේ පෙන්වන්න අපි පුංචි සන්දියේදී ඉස්කෝලෙනුත් එක්කරගෙන ගියා මතකයි . ඒ දවස් වල එක වසර අච්චු පොතේ තිවුණු අප හා පරිසරය පාඩම ගැන කියාදෙද්දී මේ මහ නුගේ ගැන නිතර කියන්නත් අපේ චීචර් අමතක කළේ නැහැ.

සත්තුන්ට සරපයින්ට අයිති වෙච්චි ඔය මහ නුඟේට අරක්ගෙන මනුෂ්‍යයෙක් නොවන තවකෙක් උන්නා !

ඒ උත්තමයගේ නම රතු අප්පු !

රතු අප්පු. දෙවියෙක්ද , යක්‍ෂයෙක්ද කියලා මම නම් හරියට දන්නෑ . සමහරු කියන විදිහට රතු අප්පු කරදර දෙන යක්‍ෂයෙක් . ගමේ සමහරුන්ට නම් ගමට සෙත ගේන දෙයියෙක් !

මහ නුඟේ යට සිමෙන්තියෙන් බඳවලා තිබුණු පුංචි දේවලයක හැඩ හුරුකම් කියපු කුටිය ඇතුළේ . සමහර දින වල බිං කරුවල වැටුණහම පොල්තෙල් පහනක් දැල්වෙනවා . තවත් දින වල සුවඳ දුම් ගලා යනවා. එහෙමත් දිනක කෙසෙල් කොළේක තියාපු, නුගේට පුදකරාපු කැවිලි පෙවීලි ගහේ ජීවත් වුණු දඬුලේනුන්ගේ, මයිනන්ගේ, පලා ගිරවුන්ගේ, බෝදිලිං කටුස්සන්ගේ බඩගෝස්තර පිරෙවුවා! පොල්තෙලින් පෙඟිච්චි නිච්චි පහන් තිර බෙදාගන්න කපුටු හැතිකරේ පොර කෑවා !

කෙම්මුර දාට මහ නුඟේ දිහාවින් අලෝක ගුලි විසි වෙන හැටි ගැන ගමේ හිටපු සීයලා කතා කළේ හරිම ගෞරවයෙන් . කවදාකවත් ඒ ආලෝක ගුලි මම දැකලා නොතිබුණත් මම මගේ ඒ වැඩිහිටියන්ගේ කතා ඉස් මුදුණෙන්ම විශ්වාස කළා .

"දේවතා එළි"

හිටි ගමන් අහසට නගින දේවතා එළි දකින්න මම සෑහෙන්න ආස කළා . ඒත් ඒව දකින්නත් පින තියෙන්න ඕන කියලයි මගේ සීයා නම් නිතර කීවේ . ජනේලයෙන් එපිට ඈත මහ නුගේ දිහා බලාගෙන පැයගණන් ගත කළත් මම කිසිම දවසක දේවතා එළියක් නම් දැකලා නැහැ .

මට යාන්තමට මතකයි .මහ නුඟේ පාත් වුණු අතු අතරේ නුග ගෙඩි කන්න මීත්තෝ නිතරම පොරකනවා. ඒ නුග ගෙඩි අතරේ කපු රෙදි කෑලි වලින් ගැටගහපු පඬුරු ගොන්නකුත් ඒ නැමුණු නුග අතුවල එල්ලිලා තිවුණ හැටි මට තාම මතකයි . හරිහමං මතකයක් නැත්තේ තාත්තගේ අතේ එල්ලිලා මහ නුගේ ගාවින් යනකොට මම ඒ දිහා නොබලා ඇස් තදකරලා පියාගන්න නිසාමයි .

එක වැහි දවසක පාන්දර ජාමේ ගම දෙවනත් කරගෙන මහා "හූ" හඬක් ඇහුණා !

අසල්වැසි ගෙවල් වල උදවිය ඇඳන් හිටි ඇඳුම් පිටින්ම ඒ දිහාට දීවේ ගමේ කෙනෙකුට කරදරයක් වුණාම නෑහුණා වගේ ඇස් කන් පියාන ඉඳලා පුරුද්දක් නැති නිසාමයි . ග්‍රාම සේවක වෙච්ච මගේ තාත්තත් කඩිමුඩියේ ඒ පැත්තට දිවුවා .

අම්මත් මමත් තාත්තා එනතුරු බලාන් හිටියේ පුදුම කුතුහලයකින් .ගම් වැදුණු අලියෙක් කාව හරි පාගලා මරා දාලා වත්ද ?, වැස්ට කාගේ හරි ගෙදරක් කඩාන වැටිලා වත්ද ? , රණ්ඩුවක් වත්ද ? හිතින් හිත හිතා මමත් ජනේලෙන් එපිට හීනිවට වැටෙන වැහි බින්දු දිහා බලාන හිටියා . තාත්තා එනතුරු !

"සුසිරිපාලට රතු අප්පු වැහිලාලු ! අන්න බෙරිහන් දෙනවා. පිස්සු යක්කු !”

තාත්තා එහම කියාගෙන ඔළුවට වැටිච්ච වතුර අතින් පිහදන ගමන් ගෙට ගොඩ වුණා . මගේ තාත්තා කවදාවත් ඔය අමනුෂ්‍ය කතා විස්වාස කළේ නෑ

"දැන් මොකද කරන්නේ ?එහෙම ඇහුවේ මගේ අම්මා !

"පේදුරු සීයට එන්න කියනවාය කීවේ ! පුතා එක්ක මමත් තව ටිකකින් ඒ පැත්තේ යන්න ඕන"

මගෙ හිතට දැනුණේ පුදුම සතුටක් !

"පුතා එක්කරගෙන යන්න එපා මේ මහ වැස්සේ !

"ඔය පොඩ්ඩ තෙමුණට කාරි නෑ කොල්ලත් ඕව දැකගන්න ඕන"

"පේදුරු" මගේ සීයගේ තාත්තා . මගේ මුත්තා. හරිම ආඩම්බරෙන් මම අදටත් සිහිපත් කරන මගේ ගමේ හිටි මගේම නෑදෑයෙක් . වයසට ගිහින්ම කොන්ද ටිකක් නැමිලා කුදු බවක් පෙනුණත් .කිසිම දවසක කෙනෙකුට නැමිච්ච කෙනෙක් නම් නෙවේ පේදුරු මුත්තා. මනුෂ්‍යයෙකුටවත් අමනුඅෂ්‍යයෙකුටවත් . පේදුරු මුත්තා නෙවේ බය වුණේ. දිෂ්ටියක් වැහුණාම , බැල්මක් වැටුණාම , නූල්බඳින්න වුණාම පේදුරු මුත්තා ඇරුණහම වෙන සමතෙක් ඒ වැඩේට හිටියේ නැහැ .

නිදන් කැඹුරුමකින් හොයාගත්තු රිදී පුස්කොළ පොත් ගණනාවක් පේදුරු මුත්තා ගාව තියනවාය . උන්දෑ බය නැතුව යක්‍ෂයින් සමඟ ගනු දෙනු කරන්නේ ඒකය කියලා .මගේ තාත්තත් සීයත් නිතර කතා කරනවා මම අහලා දැකලා තිවුණා .

අපි සුසිරිපාල ලෑ ගෙදරට යනකොට උදේ දහයත් පහු වෙලා . වටේම තිබුණු වැහි අඳුර නිසා කැලේට වට වෙච්ච ගමේ තිබුණේ මහම මහා මූසල මුස්පේන්තු ගතියක් .වෙනදා වගේ ක්‍රියාශීලී බවක් නොපෙන්වාපු ගමේ උදවියත් . තැම්බුම් හොඳි බීලා ආපු එවුන් වගේ කම්මුල් වල අත ගහගෙන තැන් තැන් වල ඇන තියාන උන්නා .

ගේ ඇතුළෙන් එකපාරටම ඇහෙන මහ හූ හඬ සහ ගෙරවීම් හඬ එන්න එන්නම වැඩි වුණා ! . සුසිරිපාල අයියා මර හඬ දෙනවා ඒත් ඒ ඇහුණ හඬ එයාගේ නෙවේ ! . අහස ගොරවන හඬට සමාන වූ දරුණු හඬක් එදා මෙදා තුර කිසිම දවසක මම මිනිහෙකුගේ උගුරකින් ඒ වගේ හඬක් පිට වෙනවා නම් අහලා නෑ ! . යන්තම් සුසිරිපාලයියාගේ කාමරේට මම එබිලා බැලුවේ තාත්තගේ අත අත නොහැරම තදින් අල්ලං ඉන්න අතරේදී. සුසිරිපාලව ඇඳට තියලා ගැටහලා තිබුණු හැටි මම යාන්තමට දැක්කා

එකපාරටම ගං හබරල කොළයක් ඉහලාගෙන අමුත්තෝ දෙන්නෙක් වත්තට ඇතුළු වුණා ! එක්කෙනෙක් පේදුරු මුත්තා . ආනිකා මුතූ මුදලාලි 

කඩුල්ල පැනලා වත්තට ආපු පේදුරු මුත්තා වත්තේ තිබුණු කෙහෙල් ගහක මුදුනට කොටලා ඒ ගහ දෙපළු කළා . ගෙට ඇතුළු වෙද්දිම උළුවස්සට ඇණයකුත් ගැහුවා ගහලා මොන මොනාදෝ මැතිරුවා !. ඒ ඇයි කියලා කියන්න මම තවම දන්නෑ . ඒත් මම ඒ දේවල් දිහා බලාන උන්නේ පුදුම කැමැත්තකින් , ගෞරවයකින් .

"පේදුරු එනකොට අමනුෂ්‍යයෝ දුවනවා !!

ගේ ඇතුළේ හිටි උදවිය එහෙම කතා කරද්දී මටත් ඕන වුණේ පේදුරු මුත්තා වගේ වීරයෙක් වෙන්න . මගේ තාත්තා නම් ඒ ඇහුණු හැම වචනයකටම ඔලොක්කුවට හිනා වෙච්ච හැටි මට තාම මතකයි .
කුප්පි ලාම්පුවකුත් අරගෙන සුසිරිපාල හිටි කාමරේට පේදුරු මුත්තා ඇතුළු වෙනකොට ගේ ඇතුළේ හිටි හැමෝම පොද වැස්ස නොසලකා එළියට බැස්සා . කුඩෙ ඉහළගත්ත තාත්තත් මමත් ඒ අය පිටිපස්සෙන් එළියටම ඇවිදින් බලාන හිටියා .

ගේ ඇතුළෙන් මට ඇහුණේ විලාපයකුත් ඒ විලාප හඩට වඩා උස් හඬින් මන්තර මතුරන හඬකුත් විතරමයි . පළාතම හීතල කරගෙන මහා හුළඟක් ආවා වැහි පොදත් කැටි කරගෙන ආ ඒ හුළඟේ හීතල ගතිය මට මේ දැනුත් දැනෙනවා වාගේ ! . විලාපයයි හීතලයි පොඩි එකෙක් වෙච්ච මාව හිරි වැට්ටුවා !

"ඕං නමෝ .”. කියමින් පේදුරු මුත්තා මතුරන හඬ ටික ටික වැඩි වෙනවා . මොහොතකින් හැම දේම ආයෙත් සාමාන්‍ය අතට හැරුණා .කුප්පියක් අත්ල මැද හිර කරගෙන රටක් රාජ්ජයක් දිනුවා වගේ ආඩම්බරෙන් ගෙදරින් එළියට බැස්සේ පේදුරු මුත්තා !

වත්ත පිටියේ හිටි හැමෝම මුමුණන්න වුණා .

උළුවස්සේ ඇනපු යකඩ ඇනේ ගලවාගත්තු පේදුරු මුත්තා . අත්ලේ සඟ්වාගෙන හිටපු පුංචි කුප්පියක් අතට අරගෙන ඒ යකඩ ඇනේ බෝතල කටේ ගැට ගැහුවා .වත්ත පිටියේ හිටි අපි හැමෝම ඒ කුප්පිය බලන්න එක් වුණේ සීනි බෝතලේට වහන කූඹි වගේ !

බෝතලේ ඇතුළේ හිරවෙච්ච රතු අප්පු යක්‍ෂයාව දැකගන්න මමත් බෝතලේ ගාවට එබුණා ඒත් හිස් බෝතලේ ඇතුළේ හිරවුණු ගැට දාපු නූල් කෑල්ලක් විතරමයි මම දැක්කේ .

"ගැට දොලකින් මම රතු අප්පුවාව ඇල්ලුවා ! හෙහ් හෙහ්..! මෙන්න මේ කුප්පිය ගැඹුරක වළලනවා හොඳයි ! ඕක බිඳගෙන හෙම ආයේ මට කරදර කරනවා නෙවෙයි !

ඔන්න ඔය විදිහට රතු අප්පු කියන අමනුෂ්‍යයා මගේ ගමෙන් පිටුවහල් වුණා ! ආයේ මම කිසිම දවසක ඒ උත්තමයා ගැන අහුවේ නෑ .මාස කීපයකට පස්සේ මහ නුඟ ගහත් කොල හැලිලා හැලිලා ගිහින් මැරිලා ගියා ! පුදුම හිතෙන විදිහට !

ඒකාලේ පේදුරු මුත්තා නිසා මගේ පවුලට ලැබිලා තිබුණු පිළිගැනීම නම් උපරිමයි .! "අපේ මුත්තා තමයි පේදුරු" මම එක වසර පන්තියේදී නිතරම එහෙම කියනවා මට මතකයි . පන්තියේ හැමෝම එතකොට මගෙ දිහා බලන්නේ බයකින් වගේ

පේදුරු මුත්තාට. මගේ තාත්තා වුණත් සීයේ කියලා කට ඇරලා ගෞරවයෙන් කතා බහ කළා , යනකොටත් කකුල් දෙක අල්ලලා පේදුරු මුත්තට වැඳ වැටුණා . ඒත් එයාගේ මන්තර ගැන තාත්තා කතා කළේ හරිම විහිළුවෙන් . තාත්තා ඒවා තඹ දොහිතුවකට වත් මායිං නොකරන බව දන්න පේදුරු මුත්තත් අපේ ගෙදර ආපු වෙලාවට වැඩිය කතා බහ කළේ නෑ

"මේ ගෙදර භූමි දෝෂයක් තියනවා ! ගෘහ මූලිකයට තමා ඒකෙන් බලපෑම . බලපල්ලා මේ ගෙදර ඉස්සරහා දොරින් බලාපුවාම පිටිපස්ස දොරින් මිදුල පේනවා මෙහෙම උළුවහු තියන්නේ කොයි රටේද ?සිය පාරකට වැඩිය පේදුරු මුත්තා එහම කියන්න ඇති

අපි එතකොට උන්නේ තාත්තට රජයෙන් දීපු කෝටස් එකේ අපිට උවමනා විදිහට ඒ ගෙවල් දොරවල් හදන්න බැරි බව අම්මත් දන්න වචන පාවිච්චි කරලා මුත්තට පැහැදිලි කළා .

"මට මල ගෙදරක එන්න උඹලා ඉඩ ඉඩ තියන්න විතරක් එපා !පේදුරු මුත්තා දබරඟිල්ල උරුක් කරලා අන්තිමට කීවේ එච්චරයි !

ඔය කතාව කියලා ටික කලකට පස්සේ තාත්තා නොඑන ගමන් ගියා . ගල් හිතක් තිබුණු පේදුරු මුත්තත් එදා නම් පොඩි එකෙක් වගේ තාත්තගේ මිනී පෙට්ටිය ගාව වැටිලා ඇඬුවා . ඒක දැකලා ගමම ඇඬුවා.

තාත්තගේ හත් දවසේ දානේ ඉවර වෙච්ච දවසෙම පේදුරු මුත්තත් නිදි පැදුරේම අවසන් ගමන් ගිහින් තිබුණා . මරන පරීක්‍ෂණයට කියැවුණේ හර්ධයේ ලේ කැටියක් හිරවීම කියලයි !

අද මට නිකමට හිතෙනවා පේදුරු මුත්තගේ ශාස්තරේ හරි කියලා . එයා කියපු දෙයක් වැරදිලා නැහැයි කියලා ! එයා කියාපු දේ එදා පිළිගත්තානම් කියලා ! පොඩ්ඩකට හරි හිත හදාගන්න මට පුළුවන් එතකොටයි .පේදුරු මුත්තගේ පුතා වෙච්ච මගේ සීයා අදටත් අපි ගාව ඉන්නවා .එයාට අවුරුදු 88ක් පේදුරු මුත්තා ගාව තිබුණු පෙත්පත් සේරම මගේ සීයට හිමිවුණා . ඒත් සීයා කවදවත් ඒවයින් වැඩක් කළේ නෑ .

"මොකෝ සියේ අර පේදුරු මුත්තගේ මන්තර පොත්, වෙද පොත් අල්ලන්නෙවත් නැත්තේ ! ඇයි ඒවා ට්‍රන්ක පෙට්ටියේ දාලා තියෙන්නේ ?මම දවසක් එහෙම අහද්දී

"වි ගත්තෝ අවියෙන්ම නසිති" කියලයි සීයා මට කීවේ 

පේදුරු මුත්තා ගැන මුල් මතක සටහන මගේ හිතට වැදුණු පළමු දවස වගේම අද දවසත් වැහි බරයි ! . වියළි කාල ගුණයක් හිමි අපේ පළාතම සීතල බවින් පිරිලා ගිහින් . සීයාගේ ට්‍රන්කා පෙට්ටිය ඇතුළේ තිබුණු බොහෝම පැරණි පොත්පත් කීපයක් හා පණ වාගේ ආරක්‍ෂා කරපු පුංචි පිළිමයක් වැඩට නොගිහින් ගෙදර හිටි අද දවසේ මගේ අතට පත් වුණා . අද මම මේ හැම දේකම උරුමක්කාරයා වුණා . !

"අද ඉඳන් උඹ මෙවුවා තියාගනිං උඹට දවසක මෙවුවා දෙන්න කෙනෙක් ලැබුනොත් දීපං නැත්තං ලිපේ දාපං !" පොත් ටික මගෙ අතට දීලා එහෙම කියද්දී සීයගේ කටහඬ වෙවුලුවා !

"මොකද සීයේ මේ හදිස්සියේ මෙවුවා මට දුන්නේ ?

"මට තව වැඩි කාලයක් නෑ .වෙවුලන හඬින් මගෙ සීයා එහෙම කියද්දී එදා තාත්තගේ මරණය දවසේ පවා නොදැනුණ අමුතු වේදනාවක් මට දැනුණා . ඒ දුන්න පොත් වල එකම එක වචනයක් පමණ මට කියවන්න බෑ . ඒත් මගේ වයසක සීයා ඒ තිබුණු හැම වචනයක්ම ලොකු සී ආර් පොතක පිරිසිදු සිංහලෙන් ලියා තිබුණා .

අද මේවා මගේ අල්මාරියේ තැන්පත් වේවි .! දවසක මේවා තව කෙනෙකුගේ අතට පත් වේවි ! ඔය විදිහට අතින් අත ගිහිං, ගිහිං දවසක නැති වෙලා යාවි. හරියට ගම් හතකට පේන්න නැගී හිටි මහ නුගේ අද තිබුණු තැනක්වත් හොයාගන්න බැරිවා වාගේ නැත්තටම නැති වෙලා යාවි .!. කොච්චර ලොකු සද්දන්තයෙක් වුණත් හැමදාටම ඉන්නේ නෑ .!

මේ අස්ථිර ලෝකෙක කොහෙද ඉස්තිර දේවල් ?


104 comments:

Weni said...

ඇතිවීම, පැවතීම, නැතිවීම ස්වභාවධර්මයේ නීතිය . ඒකට එරෙහිව යන්න කාටත් බැහැ. ඔය පොත් ටික කියවල බලහන්කො මලේ මොනවද තියෙන්නෙ කියලා!

නදී said...

මහ නුඟේ පාත් වුණු අතු අතරේ නුග ගෙඩි කන්න මීත්තෝ නිතරම පොරකනවා.

//මීත්තෝ කියන්නෙ?

Ashoka said...

සඳරුගේ සියලු ලිපි වලින් මම කියවපු හොඳම එක මේක ද ? අඩු තරමින් හොඳම ඒවායින් එකක්! කදිමයි, ඔහොම යo!

Anonymous said...

niyameta liyala thiyenawa mata maya ranjan ge pothak kiyewwa wage danuna

සිහින said...

ඔය පොත් පත් නැති වෙන්න දෙන්න එපා බං.උබලගේ මුත්තගෙ කාලෙ ඉදන්ම පරපුරෙන් පරපුරට ආව වගේ උබත් ඔය ටික පරිස්සම් කරපං.උබට නොතේරෙන දෙයක් ඇත්නම් මාරය අයිය කියා දෙයි.ඕවගෙන් ටිකක් උබත් ඉගෙනගනින් බං.කවද හරි අපිටත් ඕන වෙයි.අන්තිම හරිය ගොඩක්ම සංවේදියි.....

නදී said...

මේ අස්ථිර ලෝකෙක කොහෙද ඉස්තිර දේවල් ?

//ඒකනම් ඇත්ත,නරකද මල්ලි පොත් ටික කියවල බැලුවොත් විබේක පාඩුවෙ ඉන්න වෙලාවක.

Anonymous said...

නියමයි සඳරු.... මේ කතාවට මං මාර කැමතියි... සිරාවටම ලස්සනයි බං.... දැන් ඉතිං වටිනා කියන පොත් පත් ටික උඹ ආරක්ෂා කරගන්න ඕනේ.

මතක තියාගනින් ඒ උ​ඹගේ පරම්පරාවේ වටිනාකම්...!

Praසන්ன said...

මේ ලෝකෙ කිසිම දෙයක් ස්තිර නෑ මල්ලි.

Anonymous said...

සුපිරි! සඳරු අයියේ ඔයාගෙ ලියන විදිය නම් නියමයි. ජය වේවා!

Anonymous said...

කියවන මිනිස්සුන්ගේ ඇඟේ හිරිගඩු පිපෙන්න... ඇස කෙවෙනි අගට කඳුලක් එන්න....... බඩ අල්ලාගෙන හිනා වෙන්න...... මේ කි නොකී මාරම දේවල් එක්ක ලියන්න පුළුවන් පුතෙක් උඹ. අනිත් උන්ට අපහාස කරනවා නෙමේ සඳරු උඹ ගාවට කිට්ටුවෙන්න බ්ලොග් ලියන එකෙක් ලංකාවේ නෑ......... මම හිතන්නේ ලොවෙත් නැතුව ඇති.බොරුවට නෙමේ මල්ලි උඹ පත්තරේකට සෙට් වෙන්න try එකක් දීපන්කො...

jhothishalanka said...

ඔය පොත් පත් ටික ස්කෑන් කරලා තියාගන්න.හැබැයි මතක තියාගන්න ස්කෑන් කරලා ගබඩා කරගන්න ඕන පෞද්ගලික තමා විතරක් භාවිතා කරන රහසිගත තැනක.පිට තැන්වලට අරන් ගිහින් ස්කෑන් කරන්න එපා.

රාජ් said...

ඔය පොත් බලල උඹත් පේදුරු මුත්ත වගේ මන්තර කාරයෙක් වෙයිද? ඒකත් නරක නෑ.

Anonymous said...

සිහින කියන කතාව හරි! නැති වෙන්න දෙන්න එපා! මොකද අවිය අවියක් වෙන්නෙ අවිය ඔ්න වෙනකොට විතරයිනෙ! සමහරවිට ඔය පොත් වල තියන දේවල් නැති වෙලා ගියාට පස්සෙ කවදහරි දවසක් එයි "එ්ව තිබ්බනක් කොච්චර හොඳද දෙයියනේ" කියල හිතෙන!

Dr. R. A. R. P. Susantha (Ph.D) said...

සදරූ,
මම හිතනවා ඔබ කියවා ඇතැයි කියා,
1. ඇලෙක්සැන්ඩර් දියුමාගේ කවුන්ට් ඔෆ් මොන්ටෙක්‍රිස්ටෝ කියන මහා විශාල පොතත්,
2, සර් හෙනරි රයිඩර් හැගාට්ගේ ශී, එහෙමත් නැත්නම් කිං සොලමන්ස් මයින්ස්,
මේවා ලෝක පූජිත නවකථා.
මට හිතුනා මේ කථාව කියවද්දි මම මේ කියවන්නේ මේ අයගේ කථාවක්ද කියලා. එතරම් විශ්මිතයි ඔබගේ කථා කීමේ හැකියාව.
මම ඔබට පොඩි උපදේශයක් දෙන්නම් මාව වරදවා තේරුම් ගන්න එපා. ඔබ වහාම සම්භව්‍ය ඉංග්‍රීසිය ඉගෙන ගන්න. හැකි තරම් ඉංග්‍රිසියෙන් ලියන්න. මම ඔට්ටුවක් අල්ලනවා, කෙදිනක හෝ ඔබ ලෝකයේ ඉහලම ලේඛකයෙක් වෙයි කියා.
තවදෙයක් අර පොත් ප්‍රවේසම් කර ගන්න. ඒ ඔබේ වටිනාකම. කෙදිනක හෝ ඔබේ ලෝක පූජිත කථාවලට වස්තු බීජ එම පොත් වලින් ඔබට ලැබෙයි.

මමනම් සිතන්නේ දැන් ඔබට ඔබේ මාර්ගය පෑදිලා තියන්නේ. කියවන්න කියවන්න හැම දේම අමතක කර තවතවත් කියවන්න. ඔබට ජයම පතනවා.

පූසා said...

බොරු කියන්නේ මොකටද ඔය යන්ත්‍ර මන්ත්‍ර ගැන ඒ හැටි විස්වාසයක් මගේ හිතේ නෑ. කොහොම උන්ත පරණ පොත් පරිස්සම් කරගනින්. ඒවා වටිනවා.
අපේ ගෙදරත් ඉස්සරහා දොරින් බලාපුවාම පිටිපස්ස දොරින් පේන එක වහන්න මැද්දෙක් බිත්තියක් බඳීන්න ගෙදර හදන්න කලින් ප්ලෑන් එක බැලුව කවුදෝ කෙනෙක් උපදෙස් දුන්නා. එයා එක එක දේවල් කිය කියා ප්ලෑන් එක සෑහෙන්න වෙනස් කළා මට මතකයි.

jhothishalanka said...

ආ තව එකක්.ස්කෑන් කරපු ෆයිල් ටික ෆේස්බුක් හරි ඊමේල් හරි වෙනත් සුදුසු තැනක අප්ලෝඩ් කරලා තියපන්.ප්‍රයිවෙට් විදියට.හැමදේම අස්ථිර වුනත් ඒ විදියට වැඩ කලොත් ඔයපොත් පත් වල අඩංගු දේවල් තව චිරාත් කාලයක් ආරක්‍ෂා වේවි.අල්මාරි වගේ තැන්වල තියනවාට වඩා ඒ ක්‍රමේ ආරක්‍ෂයි.

Dr. R. A. R. P. Susantha (Ph.D) said...

ඔය පොත් වල ඇති දෙයක් තේරුම ගන්න අමාරු වුවොත් මා අමතන්න. හැකි සහයක් ලබා දෙන්නම්. අනික මතක තබ ගන්න මේදේ,
ස්ත්‍රි රත්නං පුස්තක රත්නං පරහස්ත ගතං ගතේ - ස්ත්‍රිය සහ පොත කියන මේ රත්නයන් වෙනතක ගියොත් ගියා ගියාමයි. නැවත නොලැබෙන්නේය.

Anonymous said...

දේවතා එළි නං මාත් දැකල තියනව මලයො...
දකිනව මිසක් ආයෙ කාටවත් පෙන්නන්ඩ නං බැරුව..
මං දැනට දෙවතාවක් තැං වතාවක් දැකල තියෙනව...
කතාවට කියන්නෙ අපෙ ගමේ දේවාලෙ ලඟ මහ ඉඹුල් ගහට උන්නාන්සෙ වඩිනව කියලයි.... මං නං ආපහු වඩිනවත් දැකල තියෙනව

පිණිබිඳු... said...

ඔය දේවල් බොරුයි කියලා කියන්න අමාරුයි. නොපෙනෙන බලවේග නොදැක්ක පලියට එහෙම දේවල් නෑ කියන්න බෑ.

Anonymous said...

නිධන් හොරු එන්න තියෙනවා සඳරු. මේ වගේ දේවල් කියද්දි පරිස්සමින්.......... කාටද මේ කියන්නේ, කවුද මේවා කියවන්නේ කියලා මීට වඩා හිතනවා නං හොඳයි නේද?

හරී - පිණිපළස said...

කාලෙකින් කියවපු හොඳම සටහනක්, නිබන්දනයක් නොවන නිසාම වෙන්න ඇති සඳරු ගේ සටහන මේ තරම් සොඳුරු !!!!

සරත් ලංකාප්‍රිය said...

අවඥාවෙන් බැහැර කරන බොහොමයක් මතවල සත්‍යයක් තියෙනවා. සත්‍යයට වටින් බොහොමයක් බොරුත් බැඳිලා තියෙනවා. ඉතින් තෝරලා බේරලා ගන්න පුළුවන් කෙනාට හොඳයි ..ඔය දොර දෙක ගැන මතය නම් වාස්තු ශාස්ත්‍රයේ විතරක් නෙවෙයි චීනේ තියෙන ප්‍රසිද්ද ෆෙන්ෂුයි ශාස්ත්‍රයේත් තියෙනවා.

Gayan Rupasinghe said...

අනිවා ගෝල්ඩ් ෆිෂ් කිව්වා වගේම උබ ඒවා රැකගනින්,,, මමත් ඔය සබ්ජෙච්ට් එකට මාර ආසයි බං,, ලගදි මෙහෙ ලග ගෙදරක බුතයෝ හතක්‌ ඇල්ලුවා... මම එ‍ක බලන්නත් ගියා,,

ජය...

සිත්රූ සිහින said...

කතාව ලස්සනයි..ඔයාගෙ පරම්පරාවේ උරුමය වටිනකම් ආරක්ෂා කරගන්න..

සදරු ඔයාගෙ සීයාට දීර්ඝායුෂ පතනවා..

හිරණ්‍ය said...

ලස්සන කතාව, මට මතක් උනේ ආර් කේ නාරායන් ගේ මල්ගුඩි දවස, ඉතින් ඔය පොත්වලින් උඹ වැඩක් ගන්නේ නැද්ද? අඩුම තරමේ කියවලාවත් බලන්න.

ක්සැන්ඩරයා said...

මමත් හිතන්නේ මේක සඳරුගේ බ්ලොගේ තියන හොඳම ලිපි වලින් එකක්.. මම උදේම අව ගමන් තියන පැයේ කරන්නේ බ්ලොග් කියවන එක. අද කියවපු හොඳම ලිපිය මේක..

ගවේශකයා said...

මේක කියවන කොට මට දෙකක් කියන්න හිතුනා :D එක මේ පොස්ට් එකත් පට්ටයි,දෙක මෙහෙම අත්දැකීම් මට නැති එකට දුකයි

MUHUDU said...

ඇත්තටම කියවපු ලිපි වලින් හොඳම එකක් විදිහට මම දකින්නෙ. සත්‍ය සිදුවීම් එකතු කරලා ලියපු ලොකු අර්ථයක් තියෙන කෙටි කතාවක්!

මාරයාගේ හෝරාව said...

උඹ කිව්වේ ඇත්තමනං... මතක තියා ගනින් අල්මාරියේ ඉන්නේ සර්පයෙක්.. ඒ වගේම දෙපැත්ත කැපෙන ආයුධයක්.. ඒ හින්දා පරිහරණය ප්‍රවේසමට...

උඹලගේ සීයා හොඳ මනුස්සයෙක්... තමුන් වැඩක් නොගත්තත්..පරිස්සං කරපු විදිය වටිනවා වගේම ඒක මෙහෙම බාර දීමත් වටිනවා... මං දන්න හුග දෙනෙක් තමුන්ගෙන් පස්සේ කාටවත් සාත්තරේ දුන්නේ නැහැ..පොත් පත් පිච්චුවා.. ඒත් ඒ නරක චේතනාවකින් නෙවෙයි..වැරදි අතට යයි කියලා බයට.. ඒත් එහෙම කරන්න කරන්න වෙන්නේ වටින දේවල් නැත්තටම නැති වෙලා යන එක විතරයි...

මා ළගත් දැනට ටිකක් ඔය විදියේ එවා තියෙනවා... ඒත් නරක පැත්ත විතරයි.. හොඳ ටික මං දන්න කියන පන්සලක තියෙනවා... ඒත් මට කවදාවත් ඒ ටික අත පත ගාන්නවත් වෙන්නේ නැහැ. ඒ වගේම ඒ තියෙන තැන ඒවාට ආරස්සාවක් ඇත්තෙත් නැහැ... මගේ කොටහ නරක උනත් තාමත් මං දන්න කියන පන්සලක පරිස්සමට තැන්පත් කරලා තියලා තියෙනවා... උඹ ඕවා නොකියෙව්වට කමක් නැහැ..ඒත් විනාස කරන්න එපා. පුළුවන්නං අර ජ්‍යොතිෂ ලංකා කිව්වා වගේ ස්කෑන් කරලා කොහාට හරි අප්ලෝඩ් කරලා තියහං..කාටවත් අහු නොවෙන විදියට...අමතක නොවන පාස්වර්ඩ් එහෙකින් ලොක් කරලා...

දේවතා එළි දකින්නනං ඒ හැටිම අමාරු නැහැ සඳරුවෝ...

ඉඳුනිල් said...

මම ඔබේ බ්ලොග් එකට එන්න පටන් ගත්තේ ළඟදී. මේ පලවෙනි කමෙන්ටුව. හැමෝම කියනවා වගේ ලිවීම ඇති විශිෂ්ඨයි. අර පොත් වගේම ඒවගේ තියෙන දේවලුත් පරිස්සම් කර ගන්න. පරම්පරා උරුමය ඔබෙන් අවසන් වෙන්න දෙන්න එපා.

සිතුවිලි නිහඬයි said...

හම්......

ඔය පොත් ටික පරිස්සම් කරගන්න.....

cjgayan said...

සඳරැ කියන්න වචන නැ මචං ඇඟේ මයිල් ඉස්මයිල් වෙන්න දීලා තියෙනවා. මෙ හැමෝම කියනව වගේ පරම්පරාවෙ උරැමෙ රැක ගන්න ඉදිරියටත්..

ඉඳුනිල් said...

@හංසකිංකිණි : මමත් කිහිප වතාවක් දේවතා එලි දැකලා තියෙනවා. අපේ සමහර භෞතිකවාදීන්ට අනුව මිත්‍යාවක් හෝ බෝල අකුණු වුනත්, එකම දිශාවෙන් ඒම , එක තැන රැදී සිටීම හා ආපසු ආ දිශාවටම යෑම මම පැහැදිලිවම දැකලා තියෙනවා.

Gimhani said...

ලස්සන කථාවක් සඳරූ .. මේ පාරම්පරික දේවල් අපි ආරක්ෂා කල යුතුයි. සමහරු ඉන්නව මේ වටිනා පොත් සොරකම් කරන අය .
…ආරක්ෂා කරගන්න ....ලස්සනට ලියල වෙනද වගේම .

මාතලන් said...

උඹට ඔය පහලවෙලා තියෙන්නේ නිධානයක් විශ්වාසවන්ත කෙනෙක් එක්ක එකතුවෙලා හොඳ දේවල් ප්‍රයෝජනයට ගන්න බලපන්. ඔය නිධන් කතාව මම පිළිගන්නවා. මොකෝ අදටත් නිධානයකින් ප්‍රයෝජන ගන්න පවුලක් මම දන්න නිසා.
ලියපු ස්ටයිල් එක මරු සඳරූ

මන්තරකාරි said...

මම කැමතිම පෝස්ට් එකක්. මමනම් ඔව්වා විශ්වාස නොකරන්නේ නැහැ. ඒත් හිත ඔය හැම භූතයටම වඩා බලවත් කියලයි මං හිතන්නේ... ඔය පොත් ටිකනම් හොඳට පරිස්සම් කර ගන්න මලේ. ඔව්වා වැරදි කෙනෙක්ගෙ අතට ගියොත් භයානකයි. මන්තරවලින් හොඳ දේවල් කරන්නත් පුළුවන්, නරක දේවල් කරන්නත් පුළුවන්...
මමත් ඔය වගේ දේවල් දැකලා තියෙනවා, ඒත් සඳරුට වගේ ලස්සනට ලියා ගන්න තමයි බැරි...

Niගම්බූ කොලුවා said...

මාත් ඕවා විශ්වාස කලේ නෑ මුලින්, ඒත් එක සිද්ධියක් නිසා මාත්
යම් තරමකට දැන් මේ පිලිබඳව විශ්වාස කරනවා. සිද්ධිය කෙටියෙන්
මෙහෙමයි. අපේ අල්ලපු ගෙදර ඉන්නවා පවුලක්. අම්මයි තාත්තයි ලමයි
දෙන්නයි. ඒ පිරිමි කෙනා හරි උත්සහවන්තයි. කොහොමහරි මෙයා කර
කර හිටපු වියාපාරේ එහෙම දියුණු කරගෙන හොද තත්වෙකට අවා.
ඊට පස්සේ මේගොල්ලෝ හිටපු ගේ කඩලා හැදුවා අලුතින් ගෙයක්.
ඒ ගෙදර පදිංචි වෙලා වැඩි කාලයක් ගියේ නෑ ඒ
පිරිමි කෙනා අසනීපයක් හැදිලා ඇඳට වැ‍ටුනා. එයාව සනීප කරගන්න නොකරපු
දෙයක් නෑ. සැහෙන්න වියදම් කලා.වටේ පිටේ හිටපු අපිත් ගොඩක් උදව් කලත්
එයාට හැදුන ලෙඩේ මොකක්ද කියලාවත් දොස්තරලට හොයාගන්න බැරි උනා.
කොහොමහරි ඔහොම යනකොට මේ මනුස්සය අද මැරෙයි හෙට මැරෙයි කියන
තත්වේටම අවා.
ඔහොම ඉද්දි තමයි ජෝතිශ වැඩ ගැන එහෙම
දැනුමක් තිබ්බ කෙනෙක් වෙන මොකක්දෝ උවමනාවකට මෙයාලගේ
ගෙදරට ආවේ. එයා දැක්කා ඒ ගෙදර තිබුන දෝශ. අර සඳරු අය්යා කියපු
ඉස්සරහ දොරෙන් බැලුවම පිටිපස්සේ දොර පේන එක සහ වහලයේ අවුලක්.
එයා ඒක දැක්ක ගමන් අහල තිබ්බේ මේ ගෙදර ප්‍රධානියා මේ වෙනකොට
හොඳින් නෙමෙයි නේද ඉන්නේ කියලා. පස්සෙ එයා කියපු විදියට හැමෝම
එකතු වෙලා අර වැරදියට හදලා තිබුන ඒවා කඩලා වෙනස් කලා. ඊට පස්සේ
සතියක් යන්න කලින් මැරෙන්න වැටිලා හිටි අර මනුස්සයා සනීප උනා.එදා
ඉඳන් යම් පමණකට මාත් මේ ගැන විශ්වාස කරනවා

සාතන් said...

දේවතා එලි නම් මාත් දැකල තියෙනව...

දැන් උඹට ඉස්සරහට කතා කරන්න වෙන්නෙ සඳරු ගුරුන්නාන්සෙ කියලද?...

networkdisa said...

මම උබේ බ්ගයෙන් කියවපු හිතට වැදුනම ලිපිය මේකයි.අපේ මුත්තම්ම කෙනෙක් හිටිය අවුරුදු 103 ක්.මුත්තම්මට දුවල හිටිය 4දෙනෙක්.දුවල නොසලකපු මුත්තම්මව බලාගත්තෙ අපෙ අම්ම. අන්තිමට මුත්තම්ම නැතිඋනාට පස්සෙ දුවල ඇවිත් මුත්තම්මගෙ මිනියනම් අරන් ගියා උන්ගෙ ගෙදර ගන්න ඕන කියල.අපේ පවුලෙ වෙච්ච සිද්දියක හින්දයි කිව්වෙ.තරහ වෙන්න එපා උබේ බ්ලොගේ මම කතාවක ලිව්වට.

Podi Kumarihami said...

මට නම් දැන් හිතිලා තියෙන්නේ ඔයාගේ ගමේ ඇවිත් පදිංචි වෙන්ට...:D

තරිඳු said...

මම නම් ඔය යක්කු වැහෙන සීන් ඔන තරම් දැකලා ඇති එත් හොද හුරැන්වාන්සේ කෙනෙක් ගැන නම් කියන්න දන්නේ නෑ..........

Anonymous said...

ඇති යන්තම්. යන්තර මන්තර කාරයෙක් විතරයි සින්හල බ්ලොග් ලෝකෙට අඩුවකට තිබ්බේ. දැන් ඉතින් ඒකත් හරි. පොත්ටික කියවලා හෙමිහිට වැඩට බැහැපන්කො.
එල බන් අදත් නියමෙට ලියල තියෙනව. ජයෙන් ජය.
JH

චරිත said...

සඳරූ. වෙද ගෙදර පහ වෙදනා කියපු දේ හොඳට හිතට ගන්න. මේ ගැන මමත් ඔබට මීට කලින් කියලා ඇති. සමහර විට ඔබට මතකත් ඇති. ඔබේ ලිවීමේ හැකියාව අති විශිෂ්ඨයි. පොතක් ලියන්න. ඔබ කෙදිනක හෝ ලෝක පූජිත වේවි. මගේ සුභ පැතුම්.!

Raj said...

පුල් අප්සෙට්නේ බං.....මොනාකරන්නද....තාත්තයි..මුත්තයි....ලඟ..ලඟම උඹව දාලා යනකොට ඇතිවෙච්චි වෙදනාව....,..මචො..ඔය පොත් වැරදී මිනිහෙක් අතට නොයන්ට වග බලාගනින්....
උඹ ඔය කියන විදිහට..උඹලගේ..ගම දකින්ට ආසයිබං..මොකැ මාත් ගමේ ජීවත් වෙච්ච එකේක්....

ශානි said...

මහ නුඟේ පාත් වුණු අතු අතරේ නුග ගෙඩි කන්න මීත්තෝ නිතරම පොරකනවා.

//මීත්තෝ// කියන්නෙ මොක්කුන්ටද මල්ලි විහිළුවට නෙමෙයි ඇත්තට අහන්නේ දන්නේ නැති නිසා

ඇත්ත ඇථිර ලෝකේ ස්ථිර කිසිවක් නැත

මේක තමයි මම කියවපු ඔයාගෙ හොඳම ලිපිය මේක මගේ අදහස මට බනින්න එහෙම නම් එපා

කැමීලියා said...

අනේ මල්ලි පපුවටම දැනෙනවා ලියවිල්ල. අර කිව්ව වගේ කියවන හැමදේම අමතක කර කර ආයි අළුත් ඒවා කියවන්න. දිගටම ලියන්න.
ඔයාට දිග ගමනක් යන්න පුළුවං. ඔයාගේ වටිනාකම් වැඩි දියුණු කර ගන්න හැමදාම. ඒ වගේම පරම්පරාවෙ උරුමය රැකගන්න. ඔයා අපූරු මනුස්සයෙක්.. සදා ජය.

සීයාට දීර්ඝායුෂ..

සංකල්ප said...

මොනා උනත් මල්ලි ලෑ පේදුරු මුත්තා නම් පට්ටය. අපේ සීයා කාරයාටත් ඔහොම මන්තර ටිකක් පුලුවන්. මනුස්සයා දත් කැක්කුං වලට එහෙම බුලත් කොලේක යන්තරේ අඳලා මොනාද මොනාද කරනවා. දත් කැක්කුම නිට්ටාවට සුවයි !!!!

පොඩ්ඩක් ඔය යන්තර මන්තර එහෙම පාඩම් කරලා අත්හදා බලුවනම් නරකද ???

ItalyDilan said...

මම ඕවා විශ්වාස කරන්නෙත් නෑ නොකරන්නෙත් නෑ...ඕවගේ යම්කිසි ඇත්තක් තියනවා,ඔය ගෙවල් වල වැඩේ නම් ගොඩක් දුරට ඇත්ත..අඩේ ඔවා පරිස්සම් කරපන් සීයා පරිස්සම් කලා වගේ...

Suri said...

නියම කතාව ඇඩෙන්න ලියලා තියනවා. මට ඔය සිද්දිටික ඇහෙන් දැක්කා වගේ වැදුනා, එල............

LishWish said...

උපරිමයි.., කියවනකොට කාලය නවතිනවද මන්දා..!! හරිම ලස්සනයි..! සුභ පැතුම්!!

තාරක Dilsh@n said...

ඔය ටික පරිස්සම් කරගනින් කවද හරි දවසක පුතාටවත් ඕන වෙයි...

දුශ් said...

කියන්න වචන නැ.. එත් නොකිය බැ..
උබේ අත්දැකීම් නම් උබේ වයසට නෙමෙයි මචන්. අනික උබේ ලිවිල්ල ගැන නම් කියන්න වචන නැ, උබේ සිංහල ගැන නෙමෙයි මම කියන්නේ.. එත් උබට මිනිහෙක්ට දැනෙන්න දෙයක් කියන්න පුළුවන් හැකියාවක් තියනවා.. ඒ අතින් උබ මාරයි.. ඒ මේ පොඩි කාලෙට උබ විදපු දුක් කන්දරාව හින්ද වෙන්න ඇති, එත් ඒ වගේ පාඩුවක් වෙලා නැ.. ජීවිතේ අපිට නොතේරෙන් දේවල් ගොඩයි.. ඒ සේරගේම ඇත්ත නැත්ත හොයන්න අපිට බැරි වෙයි... එත් එවන් ජීවිතේට ගන්න ඕනේ මොනවද නැත්තේ මොනාද කියල උබට හොද idea එකක් තියනවා.. ලියන කියවන වැඩේ මලාට අතාරින්න එපා.. එච්චරයි.. උබට වරදින එකක් නැ..

දුශ් said...

අහ තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. ඔය පත් ටික අඩුක්කරලා අල්මාරියේ නොදා, කියවල බැලුවොත් මොකද? උබට උබේ මුත්තා ගැන වැඩිපුර යමක් ඉගන ගන්න පුළුවන් වෙයි....

සරත් ගුණතුංග said...

/site/books.phpඉඩ තියෙන වෙලාවක මේ අඩවියට ගොස් ආචාර්ය මන් (භූරිදත්ත තෙරුන් වහන්සේගේ) ජීවිත් කථාව කියවන්න. උන්වහන්සේ අමනුශ්‍යයන් හා කල සාකච්ඡා පිලිබඳ විස්තර සහ බුදු දහමේ සත්‍යතාවය පිලිබඳව එයින් කියවිය හැකිය. මේ සියල්ලම අද්භූත දේවල් නොව මේ ලෝකයේ සිදුවන සාමාන්‍ය දේවල්ය. අපේ නොදැනුවත් කම නිසා ඒවා අද්භූත දේවල් ගණයට වැටී ඇත.

http://www.luangta.com/English

Dasun said...

සඳරු, ඔය පොත් බොහොම වටින ඒවා.. පරිස්සමින් බලාගනින්. ඒ වගේමෑඅවායෙ තියෙන දේ හොඳ වැඩට විතරක් යොදාගනින්.

දැන් එහෙනම් අපිටත් මන්තර ගුරුකමක් කරගන්න ඕනනම් හිස් අහස පැත්තේ ආවහම හරි...

හසී said...

හ්ම්ම්ම්ම්...

Theekshana said...

මටත් ඔය වගෙ පොත් සෙට් එකක් හම්ම්බ උනා ඒව අපෙ සීයගෙ සීයට කාටවත් එව කියල දෙන්න වෙලා නෑ ගොඩක් එවා වෙද පොත් එව පරම් පරාවෙන් අපුවා. මන් හිතන්නෙ සෑහෙන්න පරනයි මොකද බන් ඔවට කරන්නෙ මටත් කියපන්කො එවා කියවන්න නම් බෑ අපි දන්න සින්හල වලින් අපි මෙවා Harry potter ට විකුනමුද බන්

Dinesh said...

සදරු මම දන්නෑ උඹ ඔය පොත් වලින් වැඩක් ගනියිද නැද්ද කියන්නනම්... ඒත් එක වැරදි අතකට යන්න දෙන්න එපා.. මොකද ඔය දේවල් වල ඇත්තකුත් තියෙනවා.. අනික ඕකෙන් උඹ කාටවත් නරකක් කරන්නත් එපා....

ශ්‍රී said...

මොනවා කියන්නද බං... ඔය යන්තර මන්තර ගැන නම් මං දන්නෙ නෑ! කොහොමවුනත් ඊට වඩා වටින හැකියාවක් උඹට තියෙනවා ලියන්න... අන්න ඒක වැඩිදියිණු කරගනින්... උනන්දු වුනොත් උඹට ඒ පැත්තෙන් මාර තැනකට එන්න පුලුවන් වේවි!

පැන්ඩා said...

ඔන්න ඉතින් සඳරුවො දැන් ලංකාවම දන්නව ඔය ටික උඹෙ අල්මාරියේ කියල..අර දුමිය එහෙම රට ඉඳන් බැලුවොත් ඔව ඒ රටවල කියෙව්වොත් උනුත් දැන ගන්නව..CIA , FIB ඔක්කොම ඇලර්ට්..ෆොක්ස් මොල්ඩර් ල ඇවිත් දැන් උබෙ ගේ පුරාම සෙන්සර් හයි කරලද දන්නෙ ත් නැ..උඹ අල්මාරිය කිව්වෙ රහස් වචනයක් නම් අවුලක් නැ..
මොකක් හරි කේස් එකක් වුනොත් අපිට සිග්නල් එකක් දීපන්කො

හිස් අහස said...

@Weni =කියවලා බලන්න ඕන වුණා නම් සහෝදරී මම ඉස්සර මෙවුවා හොරෙන්ම අරං බලනවා ඒත් අනේ මන්දා ම මේව බලන්න කිසිම පිරියක් නෑ සිංහලෙන් තිබ්බත් මහා බර වචන මගේ මොලේට දාගන්න බෑ ! තව කාලයක් ගියාම බලනවා අනේ
.............................................................................................................................
@නදී = ඔයාලා පැනි කුරුල්ලෝ වගේ කුඩා ජාතියක් . මම හිතන්නේ වී කුරුල්ලොද මන්දා ? වටුවෝ ද මන්දා ? .දවසක කියෝලා බලනවා හෙමින් හෙමින්
.............................................................................................................................
@Ashoka = තෑන්කියු අයියා ! ඔය වචනෙ මට හයියක් නෙව
.............................................................................................................................
@Anonymous = බොහොම ස්තූතියි සහෝ ඒක ඉතින් මට සතුටක් නෙව
.............................................................................................................................
@සිහින= නැති වෙන්නවත් වෙන අතකට පත් වෙන්ඩවත් මගේ අත පය හතරේ හයිය තියනකම් මම ඉඩ දෙන්නෑ මචෝ ! . දවසක උඹලට කියා දෙන්නම්
.............................................................................................................................
@prasanna86k = ඒක ඇත්ත මචෝ මලත් මෙවුවා පරිස්සං කරනවා මම තාරින්නෑ කවදාවත්
.............................................................................................................................
@Praසන්ன = සහතික ඇත්ත අයියා අද හිටියා හෙට නෑ
.............................................................................................................................
@විසිතුරු = ඔයාගේ විසිතුරු කමෙන්ටුවටත් තෑන්ක්ස් ඈ
.............................................................................................................................
@මලික් = උඹලට ඉතින් එහෙම හිතෙනවානම් මට ඒක සතුටක් අයියා ! මම ඉතින් ඔහේ හිතේ තියන හිතට දැනෙන කනෙන් අහපු ඇහැට දැකපු මොනා මොනා හරි ලියන එකෙක් බං .ස්තූතියි බං හයියක් වුණාට
.............................................................................................................................
@JHOTHISHALANKA = මමත් ඒක මුල ඉඳලාම හිතුවා . ඒත් බං ඉස්කෑනරයක් මේ පලාතේ හොයන්න තියන අමාරුව දන්නේ මා පමනයි ! මහේ කොමිනි කේසොන් දෙක තුනක නම් ඒවා තියේ ඒත් බං සුවර් නෑ අනික මෙවුවා මලේ දාගෙන ගිය හැකිය ? දවසක මම මෙවුවාගේ සිංහල පරිවර්ථනය නම් ටයිප් කරලා හංගලා තියනවා
.............................................................................................................................
@රාජ් = අඩේ මම ඒම වුනොත් වසියක් කරලා බ්ලොග් එකට පාඨකයෝ අද්ද ගන්නවා.!
.............................................................................................................................
@තනි අලියා = මචං නැති වෙන්න දෙන්නෑ ! මම පරිස්සං කරනවා මෙවුවා පණ වගේ මලත් මෙවුවා පරිස්සං කරලා තමා මැරෙන්නේ
.............................................................................................................................
@වෙද ගෙදර මහ වෙදනා = මගේ බ්ලොග් එකට ඔබ ආපු එක මට සතුටක් ! මට ඉංග්‍රීසිය නම් ඇත්තටම බැහැ ගුරුවරු කියන හැටියට මට පෙවුවත් බෑ . යන්තම් වචනයක් ගැට ගහගන්නවා ඇරෙන්න මම ඉංගිරිසිය ගැන දන්නේ බොහොම ටිකයි .පොත් ටික ගැන කීවොත් ඒවා නම් මම පන වගේ ආරක්‍ෂා කරගන්න හිතින් දිවුරලා ඉවරයි . ඇත්තටම ඉතින් දව්සක මට මේවා ඉගන ගන්න ආසාවක් ආවොතින් මම ඔබ හෝ වෙනයම් දන්න කෙනෙක්ව සම්බන්ධ කරගන්නවාමයි . මම ඉතින් බ්ලොග් අවකාසේ කෙනෙක් ඇර වෙන කෙනෙක් ගාව ගන්නත් අකමැතියි .
.............................................................................................................................
@පූසා = අන්න ඒක තමා කියන්නේ අපේ ගෙදර අපේ නොවූ නිසා අපට එහෙම බිත්ති බඳින්න හැකියාවක් තිබුනේ නෑ මචෝ අන්න එතනයි මම හිතන්නේ අපට වැරදුනු තැන
.............................................................................................................................
@hansakinkini= උල්කාපාත වගේ තරු කඩා වරෙනවා නම් මම දැකලා තියනවා ඒත් මම ඔය කියන දේවතා එලි නම් කවදාවත් දැකලා නෑ . අර දේවතා සිද්දිය ලියාපං අක්කේ මම ඔවුවා විස්වාස කරනවා !
.............................................................................................................................
@පිණිබිඳු = වෙන්න පුලුවන් අනේ නැත්තං මේතරම් කලක් ඔවුවා ආවේ කොහොමද ?

හිස් අහස said...

@Anonymous = ඒකත් ඇත්ත මචෝ මම මේ පෝස්ට් එක දැම්මට පසුව තමයි ඒක කල්පනා වුනේ මට මෙවුවා අතට ගත්ත හැටියෙම ඉමෝසනල් ගතියක් පහල වෙලා තමා මේක ලියැවුනේ .හොරු ආවොත් දෙන්නම් පැනි හැලෙන්න! අපේ ගෙදරට වතාවක් හොරෙක් ආවා ..!
.............................................................................................................................
@හරී - පිණිපළස = අක්කා කෙනෙක් මම ලියපුවා සොඳුරුයි කියනකොට මට ඉතින් ලැජ්ජාවේ බැරුවාලු !
.............................................................................................................................
@සරත් ලංකාප්‍රිය = ඒක නම් ඇත්ත වෙන්නැති මොකද මම දන්න කියන කිසිම ගෙදරක ඔය අපේ ගෙදර වගේ උලුවහු තියා තිබුනේ නෑ ඉස්සර කතාවක් තිබ්බා ගේ හදනකොට බාස් වහලට ගහන එක ඇනේකින් ගෙදර මිනිහට අනතුරක් වෙන්න වැඩේ සෙට් කරන්න හැකියාව තිබ්බලු !
.............................................................................................................................
@Gayan Rupasinghe = මමත් ඔය බූත ඇල්ලීම් වලට නම් කීප විටක්ම ගිහින් තියනවා ඒත් මචං තාම බෝතලේ අස්සේ හිර වෙච්ච එකාව නම් දැකලා නෑ !
.............................................................................................................................
@සිත්රූ සිහින = තාත්තා කියන නම වෙනුවට මම කීවේ සීයා කියන නම ඉස්සර ඉඳලාම . ඉතින් ඔයාට ස්තූතියි සහෝදරී !
.............................................................................................................................
@හිරණ්‍ය = සීයා ලියාපු එක ඇරෙන්න අනික් එවා මට අකුරක් දෙකක් විතර තේරුනා ඒත් හරිද මන්දා ? දවසක නිවාඩුවක් දාලා චෙක් කරන්න ඕන
.............................................................................................................................
@ක්සැන්ඩර් = ස්තූතියි මචෝ උඹල දෙන මේ ගැම්ම මට වටිනවා නෙව . අනික මේ ලිපිය මට විශේෂයි !
.............................................................................................................................
@ගවේශකයා = මේවගේම අද්දැකීම නැතත් මට ලබන්න බැරිවූ අද්දැකීම් ඔබට ඇති මගෙ මිත්‍රයා ! මට ඒක සුවර් !
.............................................................................................................................
@මුහුදු කොල්ලකාරයා = අප්පේ මේං ඉතින් එකෙක්ට කමෙන්ටුව පබිලිස් කරන කම් ඉන්න බෑ නෙව ! . උඹ ඉතින් මගෙ බොක්ක නේ උඹට ස්තූතියි පයිරේට් !
.............................................................................................................................
@මාරයාගේ හෝරාව = උඹට මක්කටද බං බොරු කියන්නේ උඹ හරි මම දන්න කියන කෙනෙක් හරි මෙහේ ආවොත් මම මෙවුවා උඹලට පෙන්වන්න වුණත් බය නෑ .මට සුවර්ම එකෙකුට මෙවුවා පෙන්වනවා ! සීයාගේ ඉදිරියේම ! මම දන්න විදිහට මෙතන තියෙන්නේ පොත් දෙකයි . මට ඒවා පරිස්සම් කරගන්න වැඩි අමාරුවක් නැති වේවි . කෝමත් සීයා ලියාපු සිංහල අකුරු සහිත එක නම් මට ටයිප් කරලා පාස්වර්ඩ් අකක් දාලා තියාගත හැකි .මම කවදාවත් දේවතා එලි දැකලා නෑ ! උඹ දැක තියනවාද අයියේ එවුවා ?
.............................................................................................................................
@ඉඳුනිල් = ස්තූතියි මිත්‍රයා . මගේ බ්ලොග් එකට ගොඩ වැදුනට . මම මේව පරිස්සම් කරනවා ඇස් දෙක වගේ !
.............................................................................................................................
@සිතුවිලි නිහඬයි = ඇත්තෙන්ම සහෝදරී එහෙම කරනවා මම
.............................................................................................................................
@cjgayan = අනිවා මම මලත් මෙවුවා පරිස්සම් කරලයි මැරෙන්නේ !
.............................................................................................................................
@Gimhani= තෑන්ක් වේවා අක්කේ .! ඇත්තටම මේවා පරම්පරා ගානක්ම මගේ කට්ටිය ගෙනාපුවා . මම කොහොමද මගෙන් මෙවුවා පිට යවන්නේ එහෙම වුනොත් මට හෙන ගහවි ! නැද්ද ?
.............................................................................................................................
@මාතලන් =ඇත්තටම මෙවුවා මගේ සීයා ගාව ගොඩාක් කල් තිබුණා මම ඉස්සරත් මේවා අරං බලනවා ඒත් මට තේරුන්නෑ කිසිම දෙයක් අන්ඩර දෙමල වගේ ! අද ඉතින් මෙවුවා මට හැමදාටම හම්බුණා ! තෑන්ක්ස් මා !

හිස් අහස said...

@මන්තරකාරි = ඔයා ඉතින් මන්තර කාරි නේ !ඔයා මන්තර දන්නවාද මෙයා ! ඉස්සර නම් මන්තර වලින් ගොඩක් දේ කල හැකියිලු ඒත් අද පුලුවන්ද ? මට ඒක ගැටලුවක්
.............................................................................................................................
@Y2K = ඔය කතාව අපේ තාත්තගේ මල ගෙදරට ආපු කීප දෙනෙක්ම කීවා . මම අර කලින් කෙනෙකුට කීවා වගේ වැටිලා ඉන්න ගෙදර හරි හමංව හදාගන්න එක කෝකටත් හොඳ වැඩක් .ඉස්සර කාලේ ඔය වහලේ ගහන වඩුවොන්ට හරියට සල්ලි නොදුන්නොත් මුදුන් ලීයට පොඩි වෙනසක් කරනවාලු ඒ අය එතකොට ගෙදර මහ මූලිකයට බැටේ !ලු
.............................................................................................................................
@සාතන් = ඉස්සරහට උඹලටේ මං ගාවට එන්න වෙන්නේ බඩ ගාගෙන මම කමෙන්ට් බොක්ස් එක ගාව මතුරපු නූලක් දැම්මා ! උඹ ඒක පන්නගෙන නේද ආවේ ?
.............................................................................................................................
@Networkදිසා = සඳරු ගාව තරහ මරහ නැත ! අනික උඹව තරහා කරගෙන කාගෙන්ද මම ජාල කරනය අහගන්නේ ? මම කියාවාපු සහ කියවන පට්ටම නෙට්වර්ක් බ්ලොග් එක තියෙන්නේ උඹට නේ ! මම මෙදාපාර ඒප්ලස් කරන්න ඉන්න නිසා උඹා සප් එක තමා මට
.............................................................................................................................
@Podi Kumarihami= ඔයා හදන්නේ ගමේ ඇවිදින් මගේ පොත් ටිකට බැටේ දෙන්නද ? . ඒවට ආවොත් අක්ක කියලා බලන්නෑ ඔයාට මම වසියක් කරනවා හරිද !
.............................................................................................................................
තරිඳු = අප්පේ මේපැත්තේ නම් මචං ගුරාලා වැහි වැහැලා !
.............................................................................................................................
@JH = ආයේ මොන කතාද කස්ටියව මගේ බ්ලොග් එකට දැන් ගෙන්න ගන්නේ වසී කරගෙන ! ඔය උඹත් මචං වසී වෙලා තමා මේකට අද ආවේ මම බලගතු වසියක් කමෙන්ට් බොක්ස් එක ගාව තැම්පත් කලා
.............................................................................................................................
@චරිත = ස්තූතියි මචෝ ඒත් කාලය මාව කොහේ යවයිද කියලා මම දන්නෑ සමහර විට මම ලෝක පූජිත හොරගෙඩියෙක් වුණොත් :) ස්තූතියි මචං උඹලා දෙන ගැම්ම නිසා තමයි මගේ බ්ලොග් එක තාම ලිය වෙන්නේ !
.............................................................................................................................
@Raj =දවසක සැට් වෙලා එන්ඩකෝ බලන්ඩ. එදා දුක නම් හිතුනා ඒත් සිරාවට මම ඇඬුවේ නෑ ඒ ඇයිද කියලා මම දන්නෙත් නෑ බං
.............................................................................................................................
@ශානු = මීත්තෝ කියන්නේ මෙයා ! වටු කුරුල්ලාට වෙන්ඩ ඕන . පැනි කුරුල්ලාට මදක් කුඩා වූ කුරුලු විසේසයක් මගේ නඟා නම් උන්ට කියන නියම නම දන්නවා ඒත් ඒකි පන්ති ගිහින් !
.............................................................................................................................
@කැමීලියා =තෑන්ක්ස් කැමී පරම්පරාවේ දේවල් නම් මම පන දීලා හරි ආරක්‍ෂා කරගන්නවා කවදාවත් ඒවා මම අත හැරලා දාන්නේ නෑ . අමතක කැඅන්නෙත් නෑ
.............................................................................................................................
@මධුරංග =අපේ පොඩි සීයාටත් මන්තර ටික ටික පුලුවනි ! උලුක්කුවට එහෙම මන්තර කියනවා මම දැකලා තියනවා ! මට පාඩම් කරන්න බෑ අයියේ මෙලව දෙයක් බෑ

හිස් අහස said...

@ItalyDilan = මම මේවා පරිස්සම් නොකලොත් මගේ මැරිච්ච එවුන් මට සාප කොරයි බං ඒක නිසා මම මගේ ගාව මෙවුවා පරිස්සමින් තියාගන්නවා
.............................................................................................................................
@Suri = තෑන්ක්යූ වේවා මිත්‍රයා ! ඔය දුන්නු සප් එක මට වටිනවා
.............................................................................................................................
@LishWish =මේක නොකියාම බෑ ඔබේ කවි වලට මම බොක්කෙන්ම කැමතියි ! ඔබේ බ්ලොග් එක මට ඒසී කල කුටියක් වගේ ! ඔබට ස්තූතියි ලිෂා!
.............................................................................................................................
@තාරක Dilsh@n = අප්පට සිරි හදපල්ලකෝ ළමයි !
.............................................................................................................................
@දුශ් = පටන්ගත්ත දේකින් මට එපා නොවුනේ මේ ලිවීම විතරයි ඒත් මම ලියාපු ලිපියක් දිහා බලලා මට කවදාවත් සැහීමකට පත් වෙන්ඩ බැරි වුණා මම දවසක මගේ මේ ලිපියක් ගැන සෑහීමකට පත් වූ දිනක අලුත් දෙයක් කරනවා ! ස්තූතියි දුශ් . මුත්තා ගැන නම් කිසි දෙයක් පොත් වල නෑ මචා . ! මම එයා ගැන ගොඩක් දේ දන්නවා
.............................................................................................................................
@සරත් ගුණතුංග = මම හිතන්නේ ඔබ කීවේ http://www.luangta.com/English/site/books.php කියන අඩවිය වෙන්නැති මම බලන්නම් .ඔබ හරි නුදුටු පමනින් යමක් අවිස්වාස කරන එක නම් අනුවන වැඩක් .
.............................................................................................................................
@නිර්මල = කියවන්ඩ බෑ බොලේ එවුවා ! මෙලව වචනයක් බෑ කියවන්න . මම හිතන්නේ මගේ සීයටවත් බෑ එතනින් සමහර දේ කියෝලා තේරුම් ගන්න කමක් නෑ මම මෙවුවා කාටවත් අහු වෙන්ඩ නොදී ආරක්‍ෂා සහිතව හගලා තියාගන්නවා !
.............................................................................................................................
@හසී = බස්සි බස්සි !
.............................................................................................................................
@Theekshana =මගේ ගාව තියන එවුවාගෙත් ගොඩක්ම තියෙන්නේ වෙද කම් ගැන තමා වික්කොත් හැරී අපිට කීයක් විතර දෙයිද බං ? මට ඕන නම් හැරීව සල්ලි වලට ගතෑකි :)
.............................................................................................................................
@ගීතක = තෑන්ක් වේවා ගීතේ ! බලමු ලියාගෙන ලියාගෙන යනවිට මම කොහේ හරි ගිහින් නවතින්නැතෑ ! නේද
.............................................................................................................................
@පැන්ඩා = මගේ අල්මාරියේ මගේ යට ඇඳුම් දාලා තියන නිසා මම හිතන්නෑ කවුරුත් ඒකට ඇඟිලි ගහන්න ඒවිය කියලා ..!සිරාවට උඹට තමා මම මුලින්ම සිග්නල් එක දෙන්නේ !

දේව් ගේ අඩවිය said...

මොනවා උනත් ඔය ටික පරිස්සම් කරගන්න මල්ලෝ... කොහොම උනත් ඔවා අපේ ජාතික උරුමයන්නේ... කොහොම වෙතත් තියන තැන නම් මාරු කරන්න වෙයි නේද ඉක්මනටම...

සිහිනයක මියැදුණ සිතක් said...

හුගක් දේවල් ගැන ආයෙමත් හිතන්න පුළුවන් විදිහට ලියල තියෙනවා. දන්න දේ කියන්න හැමොටම බෑ‍ කියන්න කොහොම වුනත් මෙච්චර ලස්සනට ලියන්න කොහොමටත් බෑ. ලිවිමට වගේම කතාවටත් සදරු කොච්චර දක්ෂදයිද කිල දැනුනේ බස්කතාබස් වලින්. ජය වේවා.

මචං ඔය පොත් පරිස්සම් කරගනින්. අනික ඒව කොහොම හරිඉගෙන ගෙන වැලලිලා ගිය අතීත උරුමයන් ආයෙමත් ජිවත් කරවන්න හිතුවනම් හොදයි කියලයි මං නම් හිතන්නේ.

සිත් අහස said...

කියන්න වචන නෑ සඳරු.. හරිම සංවේදී විදියට ලියලා තියෙනවා. මේ වගේ සරල ශෛලියක් එක්ක හිත ඇදෙන විදියට ලියන්න දන්න තව එකම එක කෙනයි මම දන්නේ,. සිබිල් වෙත්තසිංහ. පොඩි ළමයට වගේම,ඕනේම වැඩිහිටියෙක්ට ඒ භාශාව තේරුම් ගන්න පුළුවන්.. මේ පෝස්ට් එක කියවද්දි මට මතක් වුනේ සිබිල් වෙත්තසිංහගේ ළමා කාලය ලියවුන වැනියං කළූ වැනීයං පොත.

ඔබ නොදු‍ටු ලොවක්..... said...

අපේ පංසලෙත් තිබුනා ලොකු නුග ගහක්...අපි ටාසන් කරන්නේ අර එල්ලිලා තියෙන වැල් වල...

සයුරි said...

අත්දැකීමෙන් කියන්නේ, අර ඉස්සරහ දොරෙන් බැලුවම පිටි පස්ස පේන කතාවේ ලොකු ඇත්තක් තියනවා. මගේ යාළුවෙකු ගේ පවුලේ හතර දෙනෙක්ම නැති උනා (යාලුවත් ඇතුළුව). හිතාගන්නත් බැරි හේතු නිසා තමයි එයාලා නැති උනේ.

ඇනෝපිලිස් said...

කතාව ඉතින් පට්ට....... උඹත් පරිස්සම් වෙලා ඔය පොත් ටිකත් පරිස්සම් කරපන්....... පුලුවන්නම් ඉගෙනගනින්.... ජය....!!!!!!!

Anonymous said...

සඳරු මම උඹට වැඩිය කොමෙන්ට් කලේ නැති උනාට උඹගේ පෝස්ට් හැම එකක්ම කියවපු කෙනෙක්
මේක මගෙත් හිත ගොඩක් ඇද ගත්තු ලිපියක්
ඒ වගේම උඹේ අතට පත් වෙච්ච මේ වටිනා සම්පත ආරක්ෂා කර ගනින්
ඕක පාවිච්චි කරනවද නැද්ද කියන එකත් උඹම තීරණය කරපන්
ඒ ගැන දැනුම් තේරුම් ගන්න පුළුවන් වයසකනේ උඹ ඉන්නේ
මෙතන ගොඩ දෙනෙක් කියල තිබුන වගේ ඒවා ස්කෑන් කරලා කොහේ හරි හංගල තියා ගන්න පුලුවන්නම් ගොඩක් හොඳයි
අඩු ගානේ ඕවයේ ෆොටෝ ටිකක් හරි ගහල තියා ගන්න, මම සමහර වෙලාවට එහෙම කරනවා
ස්කෑන් කළා වගේ හොඳ නැති උනත් කියවන්න පුළුවන් තරමට ෆොටෝ එකේ අකුරු වදිනවා
ඔය දේවල් ටයිප් කරලා හරි ෆොටෝ ගහල හරි ආරක්ෂා කර ගනින්

මම දැන් ඉන්නේ ලංකාවේ නෙමෙයි, මම ආපහු ලංකාවට එන්නේ 2012 මාර්තු අග
ඒ වෙද්දීත් උඹට මේවා ස්කෑන් කර ගන්න බැරි උනොත් මට මේල් එකක් දාපන් (tharangann@gmail.com)
මම උඹට ස්කෑනර් එකක් ගෙනත් දෙන්නම්....
J

Beetle said...

මට මේක කියවලාම දැන් නිකන් උඹලෑ ගමේ රෑටත් ගිනි හුලක් නැතුව ඕන තැනක යන්න ඇහැකි... :D

උඹලගේ ගේ ගාවින් දකුණට හැරිලා ගියොත් කරුණාපාල අයියා කැම්පස් කොල්ලන්ට ගහන්ඩ රැකලා හිටපු වංගුව පහුකලා ඇක්මන් අයියට අලියා ගහපු ඇල දිගේ ගිහින් සුරංගයලා සරුංගල් අරින බන්ට් එකට ගොඩ වෙලා එතනින් වෙල පාස්කරලා මැරුණු නුගගහ පහුකරලා කණිශ්කයාට ගහපු එවුන් ඉන්න ගමට යන්න පුළුවන්...

අනිත් පැත්තට ගියොත් මල්කාන්තිලෑ ගෙවල් ලග පල්ලම පහුකරලා ඇල දිගේ පහලට ගිහින් වෙල කෙලවරේ පුවක් මණ්ඩියට ගොඩ වෙලා, චාර්ලිස් සීයාගේ අවතාරේ ඉන්න පුහු කොස් ගහ යටින් ඇල කෙලෙවරටම ගියොත් කසිප්පු වාඩිය පහුකරලා යකඩබජාර් එක පැත්තට යන්න පුළුවන්..

හරිද...? :D :D

Observer said...

සඳරු,
මන්තර කාරිත් විස්වාස කොරන් නැති එකේ, උඹය් උඹලගෙ තාත්තය් විස්වාස කොරන්නෙත් නැති එකේ මං කොහොමද අත්භූත දේවල් විස්වාස කොරන්නෙ.

කෝකටත් ටිකක් පරිස්සන් වෙයන්, ත්‍රී වීල් එකක් හයර් කොරන් කොමෙන්ට් කියවන්න අගට යන අස්සෙ, අහම්බෙන් වගේ, මූන බාගෙට වහ ගත්තු, ගෑනු මූණක් දැකල පොඩ්ඩක් බැලුව, මල කෙලියය් මහරජ කිව්වලු, පොඩි කුමාරිහාමි බොලා අහ පදිංචියට එන්න තනන්නේ.....හික්ස්...

"මීත්තෝ" කියන්නේ මොක්කුද බං?

Anonymous said...

මල්ලි මම නිශ්ශබ්දව උඹේ බ්ලොග් එක follow කරනවා දැන් ටික දවසක ඉඳන්. උඹේ ඔක්කොම පොස්ට් ටිකත් කියෙව්වා වගේම අඩු තරමින් දවසක් ඇර දවසක් හරි ඇවිත් බලනවා මොකුත් අලුත් පොස්ට් තියෙනවද කියල. මම නම් අවංකවම හිතන්නේ උඹට හරියන්නේ computer side එක නෙමෙයි ලේඛන කලාව කියලා. side එකෙන් ඒ වැඩේටත් බැහැපන්. උඹ ලියපු දේවල් ටික ටික පත්තරවලට එහෙම දාල නමහදාගෙන පොත් ලියන වැඩේට බැහැපන්. උඹට අනිවර්යෙන්ම ඒ side එකේ හොඳ අනාගතයක් තියෙනවා. මම සිරාවටමයි කියන්නේ. හිතලා බලපන්. උඹට තියෙන talent එක හැමෝටම නැහැ.

Anonymous said...

Brilliant Writing, I feel like I'm reading a Very well written Sinhalese novel which I used to read long time ago.

Keep it up man! write a book as most people have suggested.

Sam from Aussie -

Chanaka Aruna Munasinghe said...

සඳරුවෝ නොකීවයි කියන්න එපා. උඹ කවද හරි ලංකාවෙ ජනාධිපති වෙනවා !

duliponline said...

//@වෙද ගෙදර මහ වෙදනා = මගේ බ්ලොග් එකට ඔබ ආපු එක මට සතුටක් ! මට ඉංග්‍රීසිය නම් ඇත්තටම බැහැ ගුරුවරු කියන හැටියට මට පෙවුවත් බෑ . යන්තම් වචනයක් ගැට ගහගන්නවා ඇරෙන්න මම ඉංගිරිසිය ගැන දන්නේ බොහොම ටිකයි .//

මගෙ චූටි බාප්පා පාසල් අද්යාපනය නිමකරද්දි ඉංග්‍රීසියෙන් ලියන්න පුලුවංකම තිබුනෙ එයාගෙ සම්පූර්න නම විතරයි . . . මගෙ තාත්ත මට කියපු හැටියට එක දවසක් බාප්ප තීරනය කලාලු ඉංග්‍රීසි ඉගෙනගන්න. බාප්ප කලේ ඩික්ෂනරි දෙකක් (ඉංග්‍රීසි-සිංහල සහ ඉංග්‍රීසි ඉංග්‍රීසි) අරගෙන සිංහල භාවිතය සම්පූර්නයෙන්ම නවත්තපු එක. කතාව, පත්තර, පොත්, සිංදු වගේ හැම දෙයක්ම ඊට ඇතුලත් . . . පසුව මාස හය හතක් වගේ කෙටිකාලයක් ඇතුලත ඉතා හොඳින් ඉංග්‍රීසි ඉගෙනගත්ත මගෙ බාප්ප මේ වෙනකොට කුරුනෑගල ප්‍රදේශයේ ඉන්න ප්‍රසිද්ද ඉංග්‍රීසි ටියුශන් ගුරුවරයෙක්.

ප.ලි.
උඹේ ලිවීමේ හැකියාව සහ ඔය කියන පොත් ටික ගැන මම වෙද මහතාත් සමග 100%ක් එකඟයි

මාධව විදුරංග said...

සදරූ! නියම කතාව බං! ම්ම්ම්! උඹ ඔවා විශ්වාස නොකලත් අනිවා පරිස්සන් කරපං! සමහර විට උඹේ වාසනාව පෑදෙන්න ඕක හේතු වේවි! මං ඕවා විශ්වාස කරන්නේ නෑ! ඒත් මට හිතෙනවා මේ කතාව ඇහැව්වම මේ ටික අන්තිමට උඹේ අතට ආවේ නම් මොකක් හරි හේතුවක් ඇතුව කියලා...

කතාව නම් වෙනදා වගේම නියමයි! ඉස්සර මං ඩිලයිට් දාපු ගමන් ස්සෙල්ලම ගහන ඇඩ්‍රස් එක www.gmail.com. ඒත් දැං මං ඩිලයිට් දාපු ගමන් ඉස්සෙල්ලම ගහන ඇඩ්‍රස් එක http://hisahasa.blogspot.com කියන එකයි!

දිගටම ලියහන් මචෝ! උඹේ කතා වල ජීවිතය තියනවා!

හිස් අහස said...

@දේවා ගේ අඩවිය = ඇස්දෙක වාගේ රැක ගන්නම් අයියන්ඩි
.............................................................................................................................
@සිහිනයක මියැදුණ සිතක් = ස්තූතියි කීවා ඇත්තටම ඒවා මට ඉගන ගන්න බැරි වුණත් මගේ ගාව පරිස්සම් වෙලා තිබිලා මගේම එකෙක් ගාවට යන බව නම් මට ටක්කෙටම කිව හැකි . ඉතින් ආයිබෝං මේ පැත්තට
.............................................................................................................................
@ප්‍රාර්ථනා= සිබිල් නැන්දගේ කතා නිසා පොඩි කාලේ මම බිංදු පත්තරේ ආසාවෙන් කිවෙවුවා මතකයි . සමහර විට ඒ ගතිය ඇවිල්ලද මන්දා ? . කොහොම හරි කමන්නෑ තෑන්ක්ස් වේවා ඔයාට
.............................................................................................................................
@ඔබ නොදු‍ටු ලොවක් = සිරා කතාව ඒවා මාර හයියයි කැඩෙන්නෑ ලේසියට
.............................................................................................................................
@සයුරි= වෙලාවට තමා එහෙනම් අපි ගෙවල් මාරු කලේ ! අපේ අම්මා නම් ඕව විස්වාස කලා ඒත් තාත්තා සත පහකට ගනං ගත්තේ නෑ !
.............................................................................................................................
@ඇනෝපිලිස් = සත්තයි ඇත්ත මොනා කරන්නත් මම පරිස්සං වෙන්ඩ එපෑය !
.............................................................................................................................
@Anonymous j = ඔෆිස් එකට අලුතින් ගන්න ඉස්කෑනරෙන් වත් මෙවුවා පරිස්සම් කරලා පිටපත් කලොත් හොඳා කියලා හිතෙනවා . ඔයාට බොහොම ස්තූතියි මාව දැකලා නොතිබුනත් උදවක් දෙන්න ඉදිරිපත් වෙච්ච එකට . කට්ටිය කියන කතාව ඇත්ත මම මේවා පරිස්සම් කරගත්තාම ආයේ බය වෙවී ඉන්න දෙයක් නෑ නෙව .පාවීචි කරන්න නම් මට ට්‍රයි කලත් බැරි වේවි මචෝ !
.............................................................................................................................
@Beetle = කතාව නම් ඇත්ත ඒත් වැඩේ කියන්නේ තාත්තා නැති වුණාට පසු කාලාන්තරයක් කෝටස් වල හිටියා පස්සේ ඒවා ආයේ ඉල්ල ගත්තා ! අපි අපේ සීයලෑ ගෙදෙට්ට පිටුවහල් වුණා . ඒකීවේ මම දැන් ඉන්නේ ඔය කියන ගමෙන් කිලෝමීටර එක හමාරක් විතර එපිටට වෙන්න . කසිප්පු වාඩි ඇත මහ ගන වනේ අස්සේ
.............................................................................................................................
@Observer = කුමාරි අක්කා පදිංචියට ආවොත් ඉතින් ගමේ පිරිමි ටිකට ගම දාලා දුවන්න තමා වෙන්නේ . ඇයි ඉතින් එයා ගමේ ගෑනු ටික එක්ක දායි මහිලා සමිතියක් පිරිමින්ට නිකං පූසෝ වගේ ඉන්න වෙයි හැබැයි .මීත්තෝ කියන්නේ අයියා වටුවන්ට(දැං අහපං ඒ මොක්කුද කියලා )
.............................................................................................................................
@Anonymous =ලොකු ප්‍රසංසාවක් දුන්නට ස්තූතියි සහෝදරයා . මම දන්න තරමින් මට මෙලව දෙයක් හරියන්නෑ ! බ්ලොග් එක නිසා යන්තම් ටිකක් ලියන්න ආසාව ඇති වුණා නම් තමයි බලන අයගේ ප්‍රථිචාර මත ඒ ආසාව වැඩි දියුනු වුණත් තමයි ..බලමු කාලයත් එක්ක මම කොහේ කොහේ ඉඳියිද කියලා .ස්තූතියි ආයෙමත්
.............................................................................................................................
@Sam from Aussie = කියවගන්න අමාරු වුණත් ඉංග්‍රීසි කමෙන්ටුවක් එනවට මම කැමතියි ඇයි මම බෙල්ල කඩාගෙන හරි ඒක කියවනවා නේ .ස්තූතියි මචං බොක්කෙන්ම
.............................................................................................................................
@Chanaka Aruna Munasinghe= එදාට අයියේ මම උඹව අගමැති කරවනවා !
.............................................................................................................................
@ඕනයා = උඹට කියන්න බං ඉංගිරීසියට අකුරු 24 තියනවා කියලා මම දන්නේ ගිය සුමානේ ! ඉතින් අයියා උඹට හිතෙනවාද මම කඩ්ඩ වනයි කියලා .ස්තූතියි අයියා . අන්තිමේදී උඹ කමෙන්ට් එකක් දාලා
.............................................................................................................................
@මාධව - மாதவ - Madhawa = උඹලා මාරුවෙන් දාගන්න දවසේ ඩිලයිට් එක මගේ වල් පල් වලට වියදම් කරනවා කියලා දැනගත්ත එක කොච්චර සතුටක්ද ? ස්තූතියි මචං ..!

හිස් අහස said...

පබ්ලිස් නොකල ඇනෝ කමෙන්ටුව =මචං උඹ දාපු කමෙන්ට් එක පබිලිස් කරන එක හරි නෑ අහවලා තරහ වෙයිනේ පවුනේ බං . හික් හික්

තරු said...

කොල්ලො ෆට්ට කතාව...
කම්මැලි කම පැත්තක දාලා ඔය මන්තරයක් දෙකක් ඉගෙන ගනින්.
ආයි අර කැම්පස් බුවාල නෙලන්න ආවොත් අඩු ගානෙ , උන්ව බිමට අලවලා තියන්න වත් පුලුවන්නෙ....හෙහ් හෙහ්...

"ප්‍රවීන මන්ත්‍රාචාර්ය සඳරූ" කාටද ආඩම්බර.

duliponline said...

‍තෝ ඔහොම හිතුවොත් තොට කඩ්ඩ නෙමේ. . . අහවල් එකවත් හරියට වනාගන්න බැරි වෙනව ගොං නාම්බො

ශශී said...

ඇඬෙනවා යකෝ.... මමනම් ඕවා විශ්වාසස කරන්නෙ නෑ..නමුත් විශ්වාස කරන අය ගැන අහිතකුත් නෑ.....ලෙසටම ලියලා තියෙනවා මට වඩාත් සිත් ගත්තු කොමෙන්ටුවක් තිබ්බ බං. මහ ගෙදර මහ වෙදනගෙ ස්ත්‍රී රත්නං පුස්ථක රත්නං පර හස්ත ගතං ගතේ :ඪී

Observer said...

මං නොදන්න වටුවො, ඕකුන්නේ අර වැද්දගේ දැල උස්සගෙන පියෑඹුවෙ

Weni said...

"@Weni =කියවලා බලන්න ඕන වුණා නම් සහෝදරී මම ඉස්සර මෙවුවා හොරෙන්ම අරං බලනවා ඒත් අනේ මන්දා ම මේව බලන්න කිසිම පිරියක් නෑ සිංහලෙන් තිබ්බත් මහා බර වචන මගේ මොලේට දාගන්න බෑ ! තව කාලයක් ගියාම බලනවා අනේ "

මචෝ උඹෙ රිප්ලයි එක දැකලා හිනා ගියා. මගේත් වැරැද්ද බ්ලොග් ලෝකයේ ලියන නමයි කමෙන්ට් කරන නමයි දෙකක්-තුනක් වීම. මම ලියන්නා-වෙනිවැල්-වෙනී-- (බ්ලොග් එක http://www.liyanna-liyanna.blogspot.com/ - )ඔය මන්තර පොත් කියවන්න ඉස්සර වෙලාත් මෙන්න මගේ ලිංග විපර්යාසයකට පත් කරලා... හෆොයි ! මෙව්වා කියෙව්වොත් එහෙම.. මොනවයින් මොනවා වෙයිද මන්දා??
දැන් ඉතින් කනගාටුවෙන්න වෙන්න එපා සහෝ මගෙයි වැරැද්ද..මන් කිව්වෙ..!

චතුවා said...

අඩේ! ඒ ටික කියවලා බලාපං සඳරු අයියා.. ප්‍"රවීන මන්ත්‍රාචාර්ය සඳරූ" වෙන්න පුලුවන් වුනොත්.. අපිටත් බැරියැ වැඩක් හෙම කරගන්න!

දිනුක said...

මමනං කියන්නෙ ඔය මන්තර සාස්තරවල මිනිස්සුන්ට සේවයක් කරන්න පුළුවන් දෙයක් තියෙනවනං ඒවා මිනිස්සු අතරට යවන්න ඕනෙ.මොකද ඕවා හංගගෙන හිටියා කියලා කාටවත් යහපතක් වෙන්නෙ නෑනෙ.හැබැයි ඉතිං මිනිස්සුන්ට හානි කරවන ඒවානං විනාශ කරලා දැම්මත් කමක් නෑ.මම මන්තර ගුරුකං සත පහකට විශ්වාස කරන්නෑ.ඒත් ඕවයෙ ඇත්තක් තියෙනවනං අපරාදෙනෙ හංගං ඉන්නෙ.ඕවා පරම්පරාවෙ දේවල් කියලා හංගං ඉන්න ගියාම අපේ වෛද්‍ය ක්‍රමේ නශ්ඨ වෙලා යනවා වගේ ඕවත් කාටවත්ම නැතිවෙන එක තමයි වෙන්නෙ

widanarala said...

ඉස්සරහා දොරෙන් බැලුවම පස්සේ දොර පෙනීම නරකද කියලා මම අවශ්ය තාවයක් වෙලා හොයලා බැලුවා, එතකොට කෙනෙක් කිව්වා එහෙම පෙනෙනෙ එක නොවෙයි ගැටලුව, පිටිපස්සෙ උලුවස්සෙ එක පාදයක් හා ඉස්සරහ දොරේ එක පාදයක් එකම ඉරක පිහිටීම, හෝ දෙපැත්තෙන් අඟල් 3ක(මට මතක විදියට ) එනම් අඟල් 6ක සීමවේ පිහිටීමයි නරක කියලා, මේ මතය හරිද කියලා දන්න කෙනෙක් කියන්න..

හංසි said...

මට ඒ නුග ගහ ගැන දුකයි..මොකද මන්දා ඒ නුග ගහ මැරිලා ගියා කිව්වාම මහා ලොකු දුකක් දැනුනා. ඉස්සර කාලෙ තිබුන වෙදකම්, මන්ත්‍ර සූත්‍ර ගැන දැනගන්න මට පුදුම ආසාවක් තියෙන්නෙ. ඒ දේවල් ඇස් දෙකෙන් දකින්න ලැබෙනවා නම් කොච්චර හොඳද.. අයියා ආස නැද්ද ඔයාගෙ මුත්තාගෙ ශාස්ත්‍රය නිකමට හරි ඉගනගන්න??

සීතල අයියා said...

හ්ම් කියවනකොට මටත් ඇඩුනා යාලුවා...

Reader said...

සඳරු,ඔය ලියවිලි ඇත්තටම නිදන් කැඹුරුමකින් හොයාගත්තු රිදී පුස්කොළ නම් ඕවා තව කාලයක් ඔහොමම තියෙවි මෙච්චර කල් තිබුන වගේම.රහසිගතව තියාගන්න ඕන කිසිම දෙයක් ස්කෑන් කරල හෝ වෙන මොන විදිහකින් හරි වෙබ් එකට අප්ලෝඩ් කරන්න එපා. අන්තර්ජාලය කියන්නෙ පොදු තැනක්.

සුශාන් ප්‍රියනාත් රත්නායක said...

මේක නියමයි යාළුවා . . . ජය . . . :)

පිස්සා පලාමල්ල said...

සුපිරියට ම ලියල මලයො.... අනේ මන්ද ඔව්වයෙ ඇත්ත නැත්ත... ඒ උනාට ඉතින් ඔව්ව බොරුයි කියල කියන්නට් බෑ... පොත් ටික බොහොම පරිස්සමට තියපන්...

ayesha said...

හ්ම්... අස්ථීර ලොවේ ස්ථීර කිසිවක් නෑ..ඒක නම් සහතික ඇත්ත

දුකා said...

සුප්ත දේවල් විස්වාස කොරලත් බෑ නොකරත් බෑ වගේ . .
මටත් තියෙනවා මේ ගුප්ත දේවල් සම්බන්ධ එක මතකය්ක් . . දවසක හීන් සීරුවේ ඒක ලියන්නම් . .

Unknown said...

නියම ලිපියක් සඳරු... මම කියවපු උඹේ ලස්සනම පෝස්ට් එක... මට කවියක් මතක් වුණා...

සෙවනැළි අවදි නොම වන වැව් ඉවුරු කොණේ..
කාලය විසින් හෑරුව නුග ගසක බෙනේ..
මලකා කලුව ගිය ආයුධ කැබලි පෙනේ..
දෙවියෙක් නැත එහි බලයක් තිබෙනු දැනේ....

නචියා said...

ඔය ටික කියවලා බලපන් වැඩක් ගන්න පුළුවන්ද කියලා. උඹගෙ හීනෙ හැබෑ කරගන්න පුලුවන් එත්කොට.

පන්සල් හංදිය said...

ඔය පොත් ටික නං අර උඩ කියලා තියනවා වගේ ස්කෑන් කරලා පරිස්සම් කලොත් කවද හරි කාට හරි වැඩක් තියෙයි .......

Charith Samarakoon said...

ඕවා වටින සම්පත් බං...නිකමට හරි කියවපං...

Didi said...

100 වෙනි කමෙන්ටුව මගෙන්...
තවත් අතිශය සිරා කතාවක්...ජය වේවා !!!

compbuwa said...

සන් හිද ළග බාරයකට කිරි ඉතිරීම
කෙම්මුර දවස් වල පාහනින් සැරසීම
වන අතු කඩා ගස් දෙබලක දැ‍වටීම
මා නොකෙරැවත් නොකළෙමි එය ගැරහීම...

shaminda srinath said...

නියමයි මචන් නියමයි.............උබට තියෙන්නේ අමුතුම ජාතියේ අත්දැකීම්........පව්ද්ගලිකව මමනම් පට්ට ආසයි ඒවාට.........උබට ජයම වේවා මචෝ......!

ගොඩගමයා said...

ඔබගේ ලිවීමේ හැකියාව ගැන නම් කීමට වචන නැත...
ඔය දේවල් වල ඇත්තකුත් තියනම මම නම් හිතන්නේ..

Unknown said...

මාර රහයි මල්ලියේ

Post a Comment

තැන්කූ බං