7.4.11

යකඩ බජාර් එකේ ලවු ස්ටෝරිය .2




        යකඩ බජාර් එකේ ලවු ස්ටෝරිය පළමු වෙනි කොටස පල කරද්දී මගේ බ්ලොග් එකේ ඇති වෙච්ච වරදක් නිසා . මේක අනික් අයගේ බ්ලොග් රෝල් වල යාවත්කාලීන වෙලා තිබුණේ නෑ . ඒක නිසා පළමුවෙනි කොටස නොදැකපු කෙනෙක් ඉන්නවානම් මෙතනින් ගිහිල්ලා කතාව බලන්න
  
පහු ගිය කොටසේදී අරවින්ද මට කිය කියා හිටියේ යකඩ බජාර් එකේ සුමුදුගේ මල්ලි ගැන .මගේ පිට දිගේ දාඩිය බින්දුවක් ගලාගෙන යනවා මට දැනුණා .! "අම්මට සිරි යකඩ බජාර් එක........!මම ගැන හිතලා ඉවර වෙනකොටම . අරවින්ද මෙන්න මෙහෙම කිවුවා.
   
"මචං සඳරු කෙල්ල සුමුදුලාගේ නංගි ! …. “

 මාව වෙවුලලා ගියා . මගේ අතවලටයි යටි පතුල් වලටයි දාඩිය ඉනුවා එක දිගටම . ඇයි දෙයියනේ ! යකඩ බජාර් එකේ කෙල්ලෙක් විතරමද මූට ලවු කරන්න හම්බ උණේ ?........මොකද්ද යකඩ බජාර් එක ? යමු මම කට්ටියටම යකඩ බජාර් එකත් පෙන්නලා දෙන්නම් .

 අපේ ටවුන් එකේ තියන ඔරලෝසු කණුව ගාව වටරවුම ළඟ ඉඳලා දකුණු අත පැත්තේ අන්න අර පේන වැව දිහා බලනකොට අදටත් අර වැවට උඩහින් පේන්නේ යකඩ බජාර් එක …. කැමරාවක් මගේ ළඟ තිබුණත් යකඩ බජාර් එකේ ෆොටෝ එකක් ගහගෙන එන්න තරම් අමාරුවක් මට තිබුණේ නෑ. .ඉතින් ඔයාලම යකඩ බජාර් එක හිතෙන් මවාගන්න .මම උදවු කරන්නම් .
  
ටකරන් හෙවිලි කරපු වහලවල් වලින් බිත්ති වලට ගහපු ඉටි රෙදි කාඩ්බෝඩ් වලින් වට කරපු. ගෙවල් 30 විතර තියන කොලනියක් අපේ වැව පිටිපස්සේ සරුවට වැඩුණු අන්දර ගස් හෙවනේ දැන් ගොඩ කාලෙක ඉඳන් තියනවා . ගෙවල් වල වහලය වගේම බිත්තිත් කහ පාට මිශ්රවුණු සුදු පාටයි . කවුරුවත් සුදු හුණු ආලේප කරල නම් නෙවෙයි . අන්දර ගස් උඩ හිටපු කාක්කෝ දහස් ගාණක් තත්පරයක් පාසාම හෙළන කාක් බෙටි වලින් නෑවිලා තමයි කොළණිය විදිහට සුදු පාට උණේ හිතෙන් මවා ගන්න හරිම අපිරිසිදු කොලණියක රූපයක් …...

 යකඩ බජාර් එකේ හිටපු මිනිස්සුන්ගේ වැඩත් කොළණිය වගේම තමයි හරිම අපිරිසිදුයි .යකඩ බජාර් එකේ පිරිමින්ගේ ප්රධාන ජීවනෝපාය හරිම වෙනස් වර්ගයේ එකක් . ජීවනෝපාය තමයි ඇපේට කැපවීම ! ඇපේට කැපවෙනවා කියන්නේ. යම් කිසි වරදක් කරලා පොලීසියට මාට්ටු වෙලා උසාවි යන්න වාසනාව ලබපු අයට ඇප දෙන්න ඉදිරිපත් වීම . තමන්ගේ කෙනෙක්ට ඇපයක් ඕනෑ උණාම කෙනෙක් කෙළින්ම දුවන්නේ යකඩ බජාර් එකට . එතන ඉන්නවා මුදලට ඇප වෙන්න කැමති කට්ටිය ඕන තරම් . කෙනෙකුට රු 1000 , 15000 , දුන්නම කෙළින්ම උසාවියට ඇවිල්ලා අර වැරදි කාරයා වෙනුවෙන් ඇප වෙනවා .! . ඔන්න යකඩ බජාර් එකේ පිරිමින්ගේ වැඩ
  
ඊළඟට යකඩ බජාර් එකේ ඉන්න ගෑනු .මම උන්ට යකඩ ගෑනු කිවුවොත් ගොඩක්ම නිවැරදියි !. මී කිරි විකුණන එක මේ යකඩ බජාර් එකේ ගෑනු අයගේ ප්රධාන ජීවනෝපාය . මම ඉන්න පළාත මීකිරි වලට හොඳ ගොඩක් ප්රසිද්ධ පළාතක් . රුහුණ නම් නෙවේ . වෙන පළාතක් .කිරි විකුණන එකට ඇප වෙන එකට අමතරව . මේ යකඩ බජාර් එකේ අය තව තව යටි කූට්ටු වැඩ බොහොමයක් කරා කියලා කට්ටිය කතා වෙනවා . ඒත් මම ඒවායේ ඇත්ත නැත්ත මෙතන කියන්න බලාපොරොතු වෙන්නේ නෑ

 අපේ නගරේ තිබුණු අනවසර ඉදි කිරීම් කොයි තරම් කඩලා බිඳලා දැම්මත් යකඩ බජාර් එකට අතක් තියන්න හයි කාරයෙක් කවදාකවත් හිටියේ නෑ . යකඩ බජාර් එකේ මිනිස්සුන්ගේ එකමුතුකමට මගේ මුලු ගමම බයයි පොලීසියත් බයයි !. යකඩ බජාර් එකේ එකෙක් ගේමකට බැස්සොත් . මුලු බජාර් එකම එතනට එකතු වෙනවා .වලියකට යනකොට ගෑණුයි පිරිමියි සේරම වලියට බහින්නේ කැති උදලු අරගෙන ශ්රමදානයකට යනවා වගේ . බලන්න ලස්සනයි ! ….ඉතින් ඔන්න යකඩ බජාර් එක ! ගැන කෙටියෙන්ම කල හැඳින්වීමක්
  
ඉතින් ඔන්න ඔය වගේ මරු වැයික්කියක දාමරිකයෙක්ගේ නංගිත් එක්ක මගේ මිත්රයා අරවින්ද බොහොම තදින් පැටලැවිලා හිටියා . වෙගේ තැනක කෙල්ලෙක් එක්ක පැටලැවුණොත් වෙනදේ මම මට පුළුවන් ජාති දාලා අරවින්දට පැහැදිලි කරන්න උත්සාහ කරා . ඒත් ….. පලක් උණේම නෑ . මම විනාඩි 10 විතර මූට තේරුම් කළාට පස්සෙත් මූ කියන්නේ "අනේ මට ඒකිව අමතක කරන්න බෑ බං කියලම විතරයි" බැරිම තැන මම තීරණය කළා මගේ හොඳම යාළුවා වෙනුවෙන් මේ ලවු කේස් එකට සම්බන්ධ වෙන්න.. අරවින්දට පුදුම සතුටක් දැනුණ වග උගේ මූණ දිහා බලපු මම දැනගත්තා . මටත් කොහෙන්දෝ අමුතු ගැම්මක් ආවා . "බලමු එහෙනම් යකඩ බජාර් එකත් එක්කත් හැප්පිලා .මම හිතන්නේ මගේ ජීවිතේටම ගත්ත දෙවැනි මෝඩ තීරණය තමයි ඒක . අදටත් මම ගැන පසුතැවෙනවා..!
  
අරවින්ද සෙට් කරගෙන හිටපු කෙල්ල අපේ නගරයේ ප්රසිද්ධ විදුහලක තමයි ඉගනගත්තේ . අපි කෙල්ලට සමන්ති කියලා කියමු . සමන්තිටයි අරවින්දටයි හම්බවෙන්න ලැබුණේ දවසට විනාඩි 20 පමණ කාලයක් විතරයි ඒත් අරවින්දට ගතකරන පොඩි වේලාව බොක්කටම වැදිලා තිබුණා !
  
අපේ ඉස්කෝලේ ඉන්ටර්වල් එකට බෙල් එක ගහනකොටම මමයි අරවින්දයි හෙමීට වැටෙන් පැනලා සමන්තිගේ ඉස්කෝලේ ගාවට දුවනවා . අපේ පැත්තේ තාර පාරවල් වලට වඩා තියෙන්නේ අඩි පාරවල් ඒක නිසා කාටවත් නොපෙනී විනාඩි 5 කින් විතර අපිට ඉස්කෝලේ ළඟට එන්න පුළුවන් . අපි බාලිකා විදුහල පිටිපස්සේ වැට ළඟට යනකොට . සමන්ති එතන බලාගෙන ඉන්නවා තව කෙල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක . ඇත්තටම සමන්ති ලස්සනයි මගේ හිතත් කෙල්ල ළඟ මොහොතකට නතර උණා මොහොතකට විතරයි.! විතරමයි..!!

 . මේ වගේ කෙල්ලෙක් වෙනුවෙන් අරවින්ද බෙල්ල උණත් ගහල යනවට බය උණේ නැති එක සාධාරණයි කියලා මට හිතුණා . දෙන්නා කතා කරන අතරේ මම එතන සියඹලා ගහ යට වාඩි වෙලා සියඹලා කනවා . ඉන්ටර්වල් එක ඉවරවෙන්න විනාඩි කීපයක් තියලා . අපි ආපු පාරෙන්ම ආපහු ඉස්කෝලෙට දුවනවා ….... ඔයවිදිහට අපි හයවතාවක් නැත්තම් හත් වතාවක් විතර මේ හැංගිමුත්තම් සෙල්ලම කරා ….

 මට අද වගේ මතකයි එදා සිකුරාදා දවසක් . පුරුදු විදිහටම ඉස්කෝලේ ඇරුනා….මමයි අපේ 12 , 13 වසර සෙට් එකයි සෙනසුරාදට ක්රිකට් ගහන්න දිනයක් නියම කරගෙන ..ගාල කඩා ගත්ත හරක් වගේ කෑ ගහමින් ඉස්කෝලේ ගේට්ටුවෙන් එළියට ආවා ! ගේට්ටුවෙන් එළියට ඇවිල්ලා අඩි දහයක් යන්න ලැබුණේ නෑ . වේගෙන් ආපු බයික් දෙකක් අපිව පහුකරලා පාර හරස් කරලා නතර කළා .!මම කවදාවත්
දැකපු නැති මිනිස්සු හතර දෙනෙක් බයික් වලින් බැහැලා . අපේ ඉස්සරහට ආවා .
  
"මචං තමයි සුමුදු !අරවින්ද මගේ කනට කෙඳිරුවා ! . මම යන්තම් වත් බය උණේ නෑ . මොකද මගේ ඉස්කෝලේ 13 වසරේ නියම ගණං කාරයෝ ටික මෙතන ඉන්නවා . මගේ පන්තියේ ඉන්න හයිකාරයෝ ටිකත් මෙතන අපි ඔක්කොම 15 විතර ඉන්නවා . උං ඉන්නේ හතර දෙනයි ටිකෙන් ටික උං ඉස්සරහට ආවා . අපේ අයගෙන් අජිත් අයියා ඉස්සරහටම ගියා ..
  
අරවින්ද කියන්නේ කවුද ? මැරයා ඇහුවා
  
ඇයි මොකටද ? අජිත් අයියා ඉස්සරහටම ගිහිලා ඇහුවා ….. ගැම්මට මමත් ඉස්සරහට ගියා..
  
අහපන් ඩෝ ! හොඳ හිතින් කියන්නේ තොපේ එකෙක් අපේ නංගිත් එක්ක ලවු කරනවා . මට පෙන්නපිය ඕකා ! ඕකුන්ගේ අම් #$%!@%$@ …... කියලා උගේ මවු බසින් මොනවාදෝ කියන්නත්

 ගත්තා ."අරවින්ද මෙතන ඉන්නවා .. පුළුවන් එකෙක් ඇවිල්ලා ඌට අත තියපං" . අජිතුත් දෙවනි උණේ නෑ ..

 ඒත් එක්කම මම බලා පොරොත්තුවෙන් හිටියා වගේ වලිය පටන් ගත්තා . දෑත බදලා දුන්න පාරකින් අජිත් අයියා පැත්තකට විසි වෙලා වැටුණා එකෙක් අජිත් අයියගේ ඇඟ උඩ නැගගත්තා.මම බෑග් එක විසි කරලා වලියට පැන්නා . අපි හැමෝම .එක ගොඩේ ගහගත්තා .අපේ කණ්ඩායමේ කට්ටිය වැඩි උණත් .අලි හතරදෙනෙක් වගේ හිටපු යකඩ බජාර් එකේ මැරයෝ එක්ක හැප්පෙන්න අපිට ගොඩක් අමාරු උණා . ඔය අතරේ අපේ ඉස්කෝලේ චිත් විෂය උගන්වන සර් පොල්ලකුත් අරං දුවගෙන ආවා එයා කීප දෙනෙකුට පොල්ලෙන් නෙලනවා. මම යාන්තමට දැක්කා . අපි විනාඩි 4 විතර ගහගන්න ඇති . එකපාරම මැරයෝ ටික බයික් එතනම දාලා පැනලා දිවුවා …...තරහෙන් හිටපු අපේ කොල්ලෝ අර බයික් වල ලයිට් කුඩුකරලා බයික් දෙකම කාණුවට දැම්මා මම යන්තම් හුස්මක් අරගෙන වට පිට බැලුවා ….අජිත් අයියට කතා කරගන්නවත් බෑ .චිත් සර්ගේ කමිසෙත් ඉරිලා . ඒත් තාම පොල්ල අතේ

 අරවින්දට ඇරෙන්න අනික් හැමෝටම එදා යන්තමට හරි තුවාල උණා . මේ වෙච්ච සිද්ධිය ගැන අනික් පහුවෙනිදා මුලු ඉස්කෝලෙම දැනගත්තා . උදේ රැස්වීමේදී මුලු ඉස්කෝලේම ළමයි මැදදී ප්රින්සිපල්  අරවින්දට කනේ පාරක් ගැහුවා.. ඒත් ගහපු කනේ පාර අරවින්දගෙයි සමන්තිගෙයි ආදරේ නවත්තන්න තරම් ප්රමාණවත් උණේ නෑ . අනේ එහෙම උනානම්... ආදරේ නවත්වන්න පුළුවන් උනානම් ...අදටත් මම හිත හිත පසු තැවෙනවා ..

  දවස් දෙකක් ගෙවිලා ගියා …..යකඩ බජාර් එකේ හයි කාරයන්ගේ තරම මුලු ඉස්කෝලෙම දැනගත්තා "හතර දෙනෙක් ඇවිල්ලා මෙහෙම කළා නම් දහයක් ආවොත් අපිව උස්සගෙන යයි" . කොල්ලෝ අහු මුලුවල කතා කරා …. වලියට ආවේ නැති සමහර කොල්ලෝ හිටං බලහංකෝ මේ සඳරුවයි අරවින්දයයි නිසා අපිත් නිකං බොරුවට වලියට ගියානේ . කියලා කෙල්ලෝ ඉස්සරහා වීරයෝ වෙන්න පටන් ගත්තා … "ආයේ නම් මල්ලිලා උඹලගේ වලි වලට අපි එන්නේ නෑ .ඕක නවත්තපං නැත්තං තනියම ගුටි කාපං" …... 13 වසරේ සෙට් එක අරවින්දගේ බෙල්ලෙන් අල්ලලා බැන්නා..අරවින්ද තනි උනා ..!
  
එදා හවස මායි අරවින්දයි අපේ ගෙවල් ළඟදී හම්බ උණා අපි ළඟම යන්නේ එන්නේ නැති පාරක බෝක්කුවක් උඩ වාඩි උණා . මම සාක්කුවෙන් ගත්ත සිගරට් එකක් පත්තුකරගෙනම කතාවට වැටුණා .

  අරේ.! උඹ දැන් ඕක නවත්තනවද ?
  
ඒත් එක්කම පහළ බෝක්කුවෙන් වතුර ගලාගෙන යන සද්දේටත් වඩා සද්දෙන් අරවින්ද අඬන්න පටන්ගත්තා ….. මටත් පුදුම දුකක් දැනුණා . මම මෝඩයෙක්..! මම එදා දුකට වහල් උණා ..
  
"උඹ අඬන්න එපා බං . මම උඹ එක්ක ඉන්නවා . දැං ඔය පෙරන එක නවත්තපං" ….මම කිවුවා

 "සඳරු උඹ මගෙත් එක්ක ඉන්නවනම් මට ඇති බං ….. මට ඒකිව නැතුව බෑ බං මට උදවු කරපං.. උඹ තමයි මට දැන් ඉන්න එකම එකා . ගෙදර උංවත් මං එක්ක නෑ බං" .ඉකි ගගහා අඬන අතරේ අරවින්ද කියාගෙන ගියා
  
මම ඒතරම් සංවේදී හිතක් තියන කෙනෙක් නෙවේ ඒත් මොකටද මන්දා එදා මම අරවින්දට උදවු කරන්න තීරණය කළා …. මොනදේ උණත් මගේ හොඳම යාළුවා වෙනුවෙන් ඉවසන්නත් මම තීරණය කළා .ඒත් මම ගත්ත තීරණේ කොයිතරම් වැරදිද කියලා මට තේරුම් යනකොට මම හොඳටම පරක්කුයි …..
  
මතු සම්බන්ධයි …....

  
සඳරු //

30 comments:

කුමාරයා said...

මෙගා ඓකේ දෙවෙනි කොටසත් ඉක්මනටම දාන්න.දැනට නම් "අවාසනාවට ඇත්ත කතාවක්" වගේ පේන්නෙ.හොදට ලියල තියෙනව. අපිත් එක්ක දුක බෙදා හදා ගන්න එක හොදා අනික් ක්‍රමේට වැඩිය.

Anonymous said...

හින්දි ෆිල්ම් එකක් වගේ..එල ..සුපර්... ඔය කිව්ව ගමේ ද ඔහෝම තැනක් තියෙන්නේ කියලා හිතුනා..කිව්ව තාලේට හින්දි ෆිල්ම් එකක මූඩුක්කුවක් මතක් උනේ..වෙන මුඩුක්කු කොහෙන් දකින්නද...කොහොම උනත් පව් අරවින්ද...උදව් නොකර හිටියා නම් මම සදරු අයියා එක්ක කතා කරන්නේ නැ...

පූසා said...

අඩේ ඉතුරුටික ඉක්මනට දාපියෝ.........

Anonymous said...

බලහන් කෝ කෙල්ලෝ නිසා කොල්ලෝ කන කට්ටක්.......
සඳරු අය්යේ උඹවගේ දුකේදිය් සැපෙදි ඉන්න යාළුවෝ දැන් හරි අඩුය්...
මට මේක කියවද්දී අපේ එකෙක්ට වුන සිද්දියක් මතක් වුනා, අපේ ඉස්කෝලේ දෙන්නෙක් හිටියා උන් දෙන්නා මාරම යාළුය් එකට බත් එක කාපුවුන්.එකෙක් දාගෙන හිටියා හෙන පට්ටම කෑල්ලක්. කොහොම හරි අනික් එකා අරූගේ කෙල්ලව දාගත්තා. පස්සේ හෙන වලියක් ගියා ඕකට.දෙන්න ගේ යාලුකම එතනින් ඉවරය්...ඔන්න බලහන් එකට ඉන්න උන්......

ඔන්න බලහන් අය්යේ දැන් ඉන්න උන්

Asanka Udayanga said...

කතාව නම් එල....ආදරේ කියන්නේ හරිම පුදුම දෙයක්,සමහර විට අපි මොහොතකට අදුරගත් කෙනේක් වෙනුවෙන් ලොකු රිස්ක් එකක් ගන්නවා.....

Dasun said...

උඹ යාලුවත් එක්ක හොද කෑමක් කන්න වගේ යන්නේ?

හිරණ්‍ය said...

මෙච්චර Testing Post දාන්නේ ඇයි කියල බලන්න ආවහමයි මේ කතාව දැක්කේ, කිව්වත් වගේ Reading List එකේ මේක පෙන්නන්නේ නෑනේ. කොහොමහරි ඔන්න අද ඉදල කතාව කියවන්න තවත් කෙනෙක් ඉන්නවා. :)

Anonymous said...

එක හුස්මට කියෙව්වා..... ඉතුරු ටික කියවන්න බලාගෙන ඉන්නවා. හැමෝම එක්ක දුක බෙදා ගන්න එක හොඳයි.... :)

BLOG ගඩොල් said...

මටනං පේන්නෙ අරවින්දට ටොපිය සෙට් වෙලා වගේ. ඊළග කොටස එන තෙක් බලා හිඳිමි

පිණිබිඳු... said...

යාලුවො වෙනුවෙන් ඕනෙම දෙයක් කරපු කාලයක් තිබුණා. Anything For Friends [AFF]. ඒ උනාට දැන් එහෙම කරන්නත් බෑ එහෙම මැරෙන්න උනත් පුලුවන් යාලුවොත් නෑ.

Anonymous said...

හ්ම්.... සඳරු විතරක් නෙමෙයි අපි කාට කාටත් ඔය වගේ හැඟීම් වලට වහල් වෙච්ච කාලයක් තිබුනනෙ. අපි තමයි පොර කියල හිතෙන එක වයසෙ වැ‍රැද්ද. තමන්න තමන් විතරයි කියල හිතෙනකොට ටිකක් පරක්කු වෙලා වැඩියි සමහර වෙලාවට. කොහොම උනත් මම කලින් කිව්ව වගේ හිත අප්සට් වෙන කතාවක් ඊලඟ කොටසෙදි කියවන්න අපි හැමෝටම සිද්දවෙයි වගේ.

Anonymous said...

niyameta liyanava sadaru aiya...kiyanna wachana na...matath mohoma vage ekekata set wenna una..galle gal vala kiyala ekak tei...sorry singlish walin danavata...(::(:(
mulma post eka dapu davase hituva okkoma kiyavanna kiyala..ekai meka kiyavanna awe...comment ekak damma
----mama kuppaya---

Anonymous said...

ඉතිං ඊට පස්සේ.... උඹ මොන තරම් මොඩයෙක් වුනත් හොඳ යාළුවෙක් බං...

සම්පත් said...

අලි ,වලි ,අරක්කු සහ කෙල්ලොන් ගෙන් පිරුනු උඹෙ බ්ලොග් එකත් අමුතුම ලොකයක් බ0..............

~ChAnDiKa~ said...

හැඟිම් වලට වහල් වෙලා ගන්න ගොඩක් තීරණ වැරදී කියලා තේරෙන කොට අපි ගොඩක් පරක්කුයි මල්ලී.. ඉතිරි කොටසත් ඉක්මනට ලියමු.

MaRLaN said...

මුකුත් නොකියමි... අවසානයේදී අදහස් දක්වන්නම්

jhothishalanka said...

කතාව කියන විදියට අරවින්ද........ අනේ එහෙම වෙන්න එපා.ඉක්මනට අනිත් ටිකක් දාන්න.ඉවසන්න බෑ.

හිස් අහස said...

@කුමාරයා = අද හෙටම ලියනවා කුමාරයෝ . අරකනම් මම නවත්තලා ටිකක් කල් මචං
.....................................................................................................................................................
@නිම්ශා = හින්දි ෆිල්ම එකක මුඩුක්කුවක් තරම් ලොකු නෑ නගියේ . මේක අහිකුන්ටික වාඩියක් වගේ එකක් පුලුවන් උනොත් යකඩ බජාර් එකේ ගූගල් අර්ත් පාරක් ලබන සතියේ දෙන්නම් ....
.....................................................................................................................................................
@පූසා = බෑ
.....................................................................................................................................................
@බීටා = ඒකනේ මල්ලියේ කෙල්ලෝ කොයිවගේද කියලා මූනෙන් කියන්න බෑ ! කෙල්ලෙකුගේ හිත කියවන්න පුලුවන් එකෙක් මේ ලෝකේ උපදිනවද ඌ තමයි සුපර් මෑන් ...
.....................................................................................................................................................
@අසoක = මමනම් මචං ආයේ කවුරුවත් වෙනුවෙන් අවදානමක් ගන්න යන්නේ නෑ . මම මේකේදී හොඳ පාඩමක් ඉගනගත්තා
.....................................................................................................................................................
@නිර්මල = උඹට සහජ ඉවක් ඇත මගේ යාළුවේ
.....................................................................................................................................................
@හිරණ්‍ය = මොකද්ද මන්දා අවුලක් වෙලා මචං මම මේදවස්වල බ්ලොග් එක හදනවා තාම අවුල හොයාගන්න බැරි උනා
.....................................................................................................................................................
@කොට ජීවිතේ = එක හුස්මට කියවන්න එපා ! දුකක් නම් නෑ අක්කේ මම දැන් හිනාවෙලා ඉන්නවා
.....................................................................................................................................................
@blog gadol = අරවින්ද හක්කපටස් කන්නයි යන්නේ පූසනේ !
.....................................................................................................................................................
@පිණිබිඳු = හොඳ යාළුවොත් ඉන්නවා . ඒත් කිසිම කෙනෙක් වැඩිය කරට ගන්න එපා අක්කේ අපිට අපි විතරයි .
.....................................................................................................................................................
@nawammawatha = ගෙවිච්ච අතීතේ අපිට හදන්න බෑනේ අයියේ . ඒකාලේ මම අමු ගොනා ! හිත අප්සෙට් යයිද නැත්තං ඒක බලලා ඔයාට මේ බ්ලොග් එකත් එපාවෙයිද කියලා මට හිතෙනවා !
.....................................................................................................................................................
@කුප්පයෝ = මොකද මචං මේ බ්ලොග් එකත් වහගෙන වෙස් වලාගෙන මොකඛරි රහසිගත වැඩක් කරනවද ? ඔයා ගල් වලෙන් කෑවද ?
.....................................................................................................................................................
@prasanna86k = ඈ මම මෝඩයා ...? ඔහෙ හිටු
.....................................................................................................................................................
@සවිගු = චේන් පැනපු කොල්ලෙකුගේ ලෝකයක් සහෝදරයා හි හි .... :)
.....................................................................................................................................................
@..ChAnDiKa.. = ඉකමනටම ලියනවා අයියේ අද හෙටම ...ඒකාලේ අපි හරක් උපංගෙයි හරක්
.....................................................................................................................................................
@MaRLaN = මගේ අවසානයේදීද ?
.....................................................................................................................................................
@JHOTHISHALANKA = බය වෙන්න එපා අයියේ . ඌ අදටත් ඉන්නවා ..... ඕක මැරෙන්නේ නෑ හි හි ...

Praසන්ன said...

ඒ කාලෙ බ්ලොග් එක තිබ්බනං ඔය රත්ගමය වගේ කට්ටියගෙන් උදව්වක් ගන්න තිබ්බ.
ඊළග කොටසත් දාමු.

පබලු said...

හ්ම්ම් ... අන්තිමේදි පසුතැවිල්ලක් ඉතුරු වෙලා වගේ

රන්දික කුලතුංග said...

නියම කතවක් වගේ.දිගටම ලියමු......

පිස්සා පලාමල්ල said...

කොටස් දෙකම බැලුවා... මේක නම් පට්ටම සිද්දියක් වගේ මල්ලි.. ඉක්මනට දාපන්කො...

සෝරෝ said...

වඅති බිහිසුනු ප්‍රේම ජවනිකා නේ තියෙන්නේ... :D

යකෝ මේක මෙගා ටෙලියක් ද... ඉස්මනට කොටස් ටික දාපං...

අලුත් කොල්ලා | The New Guy said...

කථාවනම් පට්ටය.......... කවදාද... ආයෙ ලියන්නේ............

http://aluthkolla.blogspot.com

හිස් අහස said...

Praසන්ன = රත්ගමයව ගේන්නේ ඇක්‍ෂන් එකේ අවසානයටම තමයි අයියේ . ඇත්තට රතු ගමයට මක්කවෙලාද මන්දා ඒකා කොහේ ගිහින්ද ? . ඔයා වලියට බර නැද්ද ?
.....................................................................................................................................................
@පබලු = කියන්න බැරි තරම් පසු තැවිල්ලක් අක්කේ
.....................................................................................................................................................
@රන්දික කුලතුංග = බොහොම ස්තූතියි රන්දික .. ඉකමනටම ලියන්නම්
.....................................................................................................................................................
@පිස්සා පලාමල්ල = ඕකේ සර් ඉක්මනටම දෙන්නම් එපා වෙන කොටසක් . අවසාන කොටස
.....................................................................................................................................................
@සෝරෝ = මෙගා නෙවෙයි බං මේක කොහොමත් ගොඩක් දිගයි ඇත්තම කතාවක්නේ. කෙටි කරන්න බෑ ඊලඟට අන්තිම කොටස
.....................................................................................................................................................
@අළුත් කොල්ලා = අලුත් කොලූ මම මේදැන් ලියන ගමන් . ස්තූතියි මුලු බ්ලොග් එක පුරාම කරක් ගහලා සේරම කියෙවුවාට .

ayesha said...

ඔන්න කොටස් 2 ම කියෙව්වේ අද තමා අනිත් කොටසත් ඉක්මනට දාන්නකො බලන්න

Podi Kumarihami said...

දෙකම කියවලා බලලා කමෙන්ට්ස් දාන්නම්. පලවෙනි එක තියනවා කියලා අපි දැක්කේ නැත්තේ කොහොමද?

රස්තියාදු කාරය.. said...

ඇග කිලි පොළ යන පරම ජවනිකා කියන්නේ මේවට තම...
අහල තිබුනට විස්වාස කරේ නැ.. දැන් නම් පට්ටම සුරේ..
උබ තම දවසකට හරි මිනිහ.. එල කිරි මල්ලි..

මාධව විදුරංග said...

පට්ට ලොමු දැහැ ගැන්වෙනවා.... කියලා වැඩක් නෑ... ඉතිරි ටිකත් බලමුකෝ! උඹ කමෙන්ට් මොඩරේට් කරනවා වගේ!

පන්සල් හංදිය said...

ලව් එක සිරා නං බෙල්ල ගියත් සැලෙන්න ඕන නැහැ, වාන වා පෝනා පෝ ........

Post a Comment

තැන්කූ බං