6.5.11

අංග විකල මවු සෙනෙහස

        
            දරුවෙක්ව මාස ගාණක් බඩේ තියාගෙන කප්පරක් දුක් විඳගෙන ලොකු ලොකු බලාපොරොත්තු එක්ක දහසක් හීන දැක දැක හිටපු අම්මාකෙනෙක් ලෝකේ තියන දරුණුම වේදනාව විඳගෙන දරුවෙක්ව මේ ලෝකෙට බිහිකරා .! බිහි පු දරුවාව අතට ගත්තහම තමයි අම්මා දැනගත්තේ මේ දරුවා අංග විකලයි කියලා ! ඉතින් අම්මට මෙහෙම හිතුණොත් ?

"මේ අලුත උපන් දරුවා මේ ලෝකෙට බරක් වේවි. අංග විකලව ඉපදුණු නිසා දහසකුත් එකක් දුක් කරදර විඳීවි. මම නැතිදා සමාජයේ කොන් වේවි. ඒක නිසා මේ දරුවව මේ මොහොතේම මරලා දාන්න ඕන"

එහෙම හිතුණොත් අම්මා සාධාරණද ? , අසාධාරණද ? අම්මා මිනී මරුවෙක් වෙයිද ?, ගැලවුම් කාරියක් වේවිද ? අම්මා දිව්යලෝකේ යයිද?, අපායේ යයිද ? …......
මම නම් පිළිතුර දන්නවා .පහළ තියන පින්තූරයි පුංචි කතාවයි කියවලා ඔබ තමුන්නාන්සේලත් පොඩ්ඩක් හිතමුද ගැන ..(ගුසාරිස් බලලා තියනවනම් ඒක මෙතනට ගාවගන්න එපා )

මේ සිදුවීම උණේ මීට දින කිහිපයකට උඩදී.. 

මගේ ගමේ වැවු ඉහත්තාවේ නිතරම වල් අලි රංචු පිටින් ගැවසෙන එක සාමාන් දෙයක් . වල් අලියෙක් කියන්නේ අපිට නම් ඒතරම් අරුමයක් ගෙන දෙන දෙයක් නෙවේ නිසා ගමේ කිසිම කෙනෙක් නිදැල්ලේ ඇවිදින අලි රංචුව බලන්න අමුතු ආසාවක් දක්වන්නෙත් නෑ.. ඒත් ගිය සතියේ එක දවසක අපිට අහන්න ලැබුණේ මහ අමුතුම පුවතක් .

ඇතින්නක් තමන්ගේ අලුත උපන් ජුංඩි අලි පැටියව හොඬ වැලෙන් උස්සලා පොළවේ ගැහුවා කියලා ආරංචියක් .

වැව මැද මාළු අල්ලන උදවිය තමයි මුලින්ම මේ සිදුවීම දැකලා තියෙන්නේ . මාළු කාරයන්ගේ කෑගැහීම මැද තව තව ගමේ උදවිය එතනට එකතුවුණා  තමන්ගේ අලි එළවන එක්ස්පීරියන්ස් සේරම පාවිචි කරලා අලි අම්මාවයි අනෙකුත් අලි රංචුවයි කැලේට එළවලා දැම්මා ඊටපස්සේ මඩ වගුරක ගිලිලා හිටපු පුංචි අලි පැටියෙක්ව අපේ ගමේ කොල්ලෝ කුරුට්ටෝ ගම මැදට උස්සාගෙන ආවා..

  අලි පැටියව දැක්ක මොහොත මට කවදාකවත් අමතක නොවේවි ..රතුපාට ලේ වලින් නෑවිලා හිටිය පුංචි එකා කම්පනයටද කොහෙද වෙවුලනවා ...ඇඟපුරාම තුවාල මදිවට හොඬවැලෙන් කෑල්ලක් නෑ . ඔක්කෝටම හපන් !! මේ අහිංසකයාගේ ඉස්සරහ පාද දෙකම ඕනෑවට වඩා දිගින් වැඩියි !

මෙන්න මේ අංග විකල බව නිසා තමයි අලි අම්මා තීරණය කරලා තිබුණේ මේ අලි පැටියව මේ ලෝකෙට අනවශ්යයි කියලා ..එයා හිතන්න ඇති මේ ලෝකෙට අංග විකල අලියෙක් බර වැඩියි කියලා . ඒත් අපේ ගමේ අලින්ගෙන් බැට කාලා පදම් වෙච්ච මිනිස්සුන්ට මේ අංග විකල පැටියා අමුතු බරක් උණේ නෑ ...අලින්ට දාන්න බෙහෙත් අපි දන්නේ නැති නිසා .. අපි තුවාලවලට ගාන දම්පාට බෙහෙත් කොන්ඩිස් ගාල මේ අහිංසකයාව සුවපත් කරගන්න අපි උත්සහ කළා... අදට අපි දිනලා .ඒත් හෙටත් මේ සතා ජීවත් වේවිද ? මටනම් විශ්වාස නෑ ...

ඇත්තටම අද වෙනකොට මේ අලි පැංචා යාන්තම් සනීප වෙලා ..ඒත් තවම තත්පර කිහිපයකට වඩා හිටගෙන ඉන්න බෑඉතින් හිතෙන් මවාගෙන බලන්න හිටගන්න බැරි අලියෙක් ලොකු උනාම කොහොමද ? වන ජීවී දෙපාර්තමේන්තුවට බාර දුන්නත් හැමදාම මේ සතාව බලා කියාගන්න පුළුවන්ද ?


1. බල්ලන්ගෙන් බේරන්න කාමරයක නිදි කෙරෙවුව්ව අංග විකල අලි පුංචා


2. හොඬ වැලත් තියෙන්නේ බාගෙට

3. වේදනාව ඉවසන්න බැරුව කඳුලු හලන පොඩි එකාව සනසන්නේ මම වැඩකරන ඉන්ස්ටිටියුට් එකේ මැනේජර් අයියා
 
 5. වාරු නැති දෙපයට බර දීලා අලි පැටියා මොහොතකට නැගිට්ටා
 
 6.යන්තම් අඩියක් එහාට මෙහාට ගියා
 
 7. මොහොතකින් වාරු නැතිව ආයෙත් බිම වැටුනා

 මිනිස්සු ඉන්නේ එකිනෙකාට උදවු කරගන්න. අපි  අලි වගේ ලොකු සයිස් නොවුනට උන්ට වඩා අපි බුද්ධිමත් .අපි එකිනෙකාට උදවු කරගන්නවා .අලියගේ පැත්තෙන් බැලුවාම හරි ඇති . ඒත් මිනිස්සුන්ගේ පැත්තෙන් බැලුවාම අලි සෙල්ලම් ගැලපෙන්නේ නෑ .අපේ එවුන්ට අපි හයියක් වෙනවා ඕන වෙලාවක බස් එකේදී පේමන්ට් එකේදී අංග විකල කෙනෙක් දැක්කම අපේ හිත් උනුවෙන්නේ ඒකයි අංග විකල ඈයොත් මේ ලෝකේ ජීවත් වෙන්න ඕන. අත පය හයිය තියන අපි උන්ව ජීවත් කරවන්න ඕන.


සඳරු //


සොඩින් නෙළුම් මල ගෙනියන
බතික් රන් පතින් දිදුලන ඇතින්නියේ
යදම් අමතකද පා බැදි විලංගුවේ

උනුන් හිසින් ඇන ඇන කොයි ලෙසිනේ කිරි බොන්නැයි
ඇතින්නියේ දරු සෙනෙහස දාලා ගියේ මන්දැයි

වටින් මහ සෙනග ඇවිදින් සාධු කියා වැන්දයි
නෙළුම් මලට නොවේ නුඹට නුඹ අම්මා හින්දයි
 {අතුල අධිකාරි}


ප:ලි  .2011/මැයි /07 . වන දින පස්වරු 1.45 පමන මෙම අලි පැටියා මියගිය බව ඔබ සැමටම  දන්වා සිටිමි

56 comments:

හා පැටික්කි (MS) said...

අනේ සඳරු පව් එයා......... ඔය පැත්තේ ඉන්නවා නේද වනජීවි කාර්යංශේ අය???? ඒ අය එක්ක පශු වෛද්‍ය වරයෙක් ඉන්න නිසා එයාලට කිව්වනම් මෙයාව සනීප කරන්න බලයි. ඒ වගේම පින්නවල වගේ අනාතාගාරයකට බාර දෙන්නත් කටයුතු කරයි. ඒ නිසා පොඩ්ඩක් හොයලා දැනුම් දෙන්න. අම්මට එපා උනාට එයාට වාසනාව තියනවා ජීවත් වෙන්න...........

Anonymous said...

සදරැ මේ විස්තරේ පත්තරේට හරි ටීවී එකට හරි දාන්න බැරිද? පව් අසරණ සතා! පින්නවල අලි අනාථාගාරයට වත් මේ පැටිය බාරදෙන්න බැරිද?

Podi Kumarihami said...

අනේ සඳරූ, ඔය ගොල්ලන්ගේ ගමෙත් හරිම වැඩනේ සිද්ධ වෙන්නේ. අර දුප්පත්, අසරණ අලි පැටියා දෑක්කාම වාවන්නේ නෑ. එයාට මොනවා හරි කරන්ට පුලුවන් නම් කියලා එවන්ට. ඔයාලා සල්ලි එකතු කරනවද? ඒකත් දන්වන්ට.

සමහර විට අම්මලාට දැනෙන දුක අපට විස්තර කරලා කියන්ට බැරිව ඇති. පහු කාලයක් එයාට කැලේ ඔය විදියට ජීවත් වෙන එක අමාරු හන්දා අලි අම්මා එහෙම කලාද දන්නේ නෑ.අනෙක සත්තුන්ගේ ලෝකේ නීති, රීති ගැන අපට දැනුමකුත් නෑනේ. මේ අලි පැටියා ගැන ඔයාලගේ (මම නම් දන්නේ නෑ දෙපාර්තමේන්තුවල නම් ) මොකකින් හරි යමක් කෙරෙන්න ඔනේ කියන එකයි මගේ හැඟීම.

Praසන්ன said...

අලි පැටියට ජීවත්වෙන්න වාසනාව ලැබේවා...!

Anonymous said...

සඳරු... මේ අර කිවා අලි පැටිය ද?

අනේ පවු .. ඒත් මේ අලි පැටිය මැරුණනම් හොඳයි කියන දරුණු වේතනාව මට පහල වෙන්නෙ ඇයි සඳරු....

තිස්ස දොඩන්ගොඩ said...

හරිම වටින වාර්ථාකරනයක් සහෝ...
මගේ සිතුවිලි ගොඩාක් ඈතට අරන් යන්න සමත් වුනා...
ස්වභාව ධර්මයාගේ තීරණයන්ට මනුස්සයා මැදිහත් වීම හොඳද නරකද කියා ටිකක් හිතන්න ඕනෑ කියා මට හිතුණා...
ඔබට ජය...

පිණිබිඳු... said...

කවුරු හරි බලධාරියෙක්ට ඉක්මනට දැනුම් දෙමු. මේ පින්තූර දැක්කම නම් පුදුම දුකක් දැනෙන්නෙ.

සමනළී... said...

අනේ එයාට දැන් කොහොමද අයියේ...එයාව වනජීවී එකට දෙන්න...පව් අප්පා....

අලුත් කොල්ලා | The New Guy said...

ඒ අලි අම්ම කළ දේ එක අතකින් හරි කියලත් හිතෙනව. ඒ පැටිය ලොකු වෙලා විඳින දුක එක්ක බලද්දි

අලි පැන්චා හිටියත් පවු මැරුණත් පවු.......... කියන්න දෙයක් හිතාගන්න බැරුව කොල්ල අසරණයි.

Anonymous said...

@තිස්ස අයියා
ඇත්ත....

වැප් said...

වාර්ථාකරණය .......

හිස් අහස said...

අපි වනජීවී ඔෆිස් එකට මේ ගැන දැනුම් දුන්නා .. ඒගොල්ලෝ තමයි දැන් මේ අලි පැටියට බොන්න කිරිබෝතල්, බේත් එහෙම සේරම ගේන්නේ . අපි කරන්නේ බලා ගන්න එක විතරයි .. තවම ඈතකට ගෙනියන්න තරම් සනීපයක් නැනි නිසා දැන් ඉන්න තැනම අලි පැටියව තව ටික දවසක් තියන එක සුදුසුයි කියලයි අලි වෙදාගේ මතය . සනීප වෙනකම් අපි එයාව බලාගන්නවා ...

Hishan de Silva said...

"අපි අලි වගේ ලොකු සයිස් නොවුනට උන්ට වඩා අපි බුද්ධිමත්"

මෙන්න කොල්ලො අපට වැරදිලා තියෙන තැන්වලින් නොම්මර එක. අපි කොච්චර බුද්ධිමත් උනත් අපිත් සත්තු ජාතියක්. අපේ කාලෙ "අම්මල" දරුවො ඉපදුනු ගමන් නැති කරල දාන අවස්ථා අද විරල දෙයක් නෙවෙයි නේද? එහෙව් එකේ අපි(මිනිස්සු) ඒ සත්තුන්ගෙන් වෙනස් කියල හිතාගත්තෙ මොන මීටරෙන් බලලද? මේක කතා කරල ඉවර කරන්න බැරි මාතෘකාවක්.

සම්පත් said...

මට නම් හිතෙන්නෙ අලියා..පහුවෙලා හරි ඇවිදීවි...අලියාගෙ පිනකට ඌ ඇවිද්දොත්..අපටත්..අසාමාන්‍ය අලියෙක් ලඟදිම දැක ගන්න පුලුවන් වෙයි...මූ ලොකු වෙලා පෙරහැරක ගියොත්...මොන වගේ තාලයක්..මවාවිද..?

අලි පැටියො...උඔ නම් මැරෙන්න එපො.....

වැප් said...

මං අහලා තියන විදිහට .... උන් එහෙම අංග විකල හෝ පරපුර ගෙනියන්න නොහැකි අලි පැටව් විනාශ කරනවලු .....

Anonymous said...

උඹලා ගැන මාර පුදුමයි බං... උඹලාව අලියෙක් මරන්න හදද්දී.. ඌව පන්නනවා.. නැත්තං වෙඩි තියනවා.. ඒත් ඒ අලියම වලකට වැටුනම උඹලම ගිහිං ගොඩ දානවා... බේරගන්නවා...

ඕක තමා බං මනුස්සකම කියන්නේ... හැම සතාටම පොදුවේ අනුකම්පා කිරීම තමා මනුස්සකම කියන්නේ... උඹ කිව්වට අංග විකල අයෙක් දැක්කම හිත උණුවෙනවා කියලා... එහෙම නොවෙන ඕනෙ තරම් තිරිසන්නු ඉන්නවා සඳරු... උඹ කවදාවත් උංටනම් මනුස්සකමක් දක්වන්න එපා.. උං සත්තුන්ටත් වැඩිය දරුණුයි...

අලි පැටියා ගැන දුකයි බං... ඌව ලොකු මහත් කරපං... පොළෝවේ ගහපු ඇතින්නට ඇඩෙයි එතකොට...

ජනූ said...

අනේ මල්ලි, මේක නම් හරිම දුක හිතෙන සිද්ධියක්!!!
ඔයා ඔහොම කියද්දි මට මතක් වුනේ අපේ ගෙදර පූසියෙකුට ඉපදුන පැටියෙක්ගෙ ඉස්සරහ කකුල් දෙකම තිබුණෙ නෑ... පුංචි කොට දෙකක් විතරයි.. ඇවිදින්ඩ බෑ... පැන පැන හාවෙක් වගේ ටික කාලයක් ජීවත් වුණත් එයා එයාගෙ සහෝදර සහෝදරියන්ට වඩා දුර්වලව හිටියෙ...
හැබැයි එයාගෙ අම්ම එයාට කිසිම කරදරයක් කළේ නෑ.. වෙන පූසියො වගේ ඉපදුන ගමන්ම කාල දැම්මෙත් නෑ... මාස හතර පහකට පස්සෙ පැටිය මැරුණ...
අනේ ඒ අතින් අපේ පූස් පැටිය වාසනාවන්තයි... මේ අලි පැටියට වෙලා තියෙන දේ දැක්කම මට හිතෙනව!!
අලි පැටියට කරදරයක් වෙන්ඩ එපා!!!

සංකල්ප said...

ඒ අලි අම්මා කරපු දේත් යම් කිසි සාධාරණත්වයක් තියෙනවා. මොකද ඒ අලි පැටියා ලොකු උනාට පස්සේ දුක් විදිනවට වඩා පොඩි කාලේදීම මැරෙන එක සැපයි කියලා අලි අම්මා හිතන්නත් ඇති.

ඉස්සර මම් අර සිංදුවෙන් කියවෙන්නේ අම්මා කෙනෙක් ගැන කියලා දැනගෙන හිටියේ නෑ. දෙතුන් පාරක් ඇහුවට පස්සේ තම තේරුනේ.

Anonymous said...

පැටියව දැක්කාම දුකේ බැරුවා.................
පැටියට ජීවත් වෙන්න වාසනාව ලැබෙන්න කියලා පතනවා

Observer said...

අලි අම්ම කරන්න හැදු දේ ඒ අම්මගෙ පැත්තෙන් හරි. ඔයාල කරන්න උත්සාහ කරන දේ අපේ (මනුෂ්‍යයෝ) පැත්තෙන් හරි. අලි පැටියාට ජීවත් වෙන්න වාසනාව ලැබේවා...!!

Bindi said...

මට මතක් වුනේ ''ඇට මැස්සා '' හි රිවාරේස් අර බාප්පා ගෙන් ගුටි කාපු පොඩි කොල්ලට සාත්තු කරද්දී කියපු දේ.

''කරන්න තියෙන හොඳම දේ බෙල්ලේ ගලක් ගැට ගහල ගඟට දාන එක.'' එහෙම කිව්වේ ජිවත් වුනත් ඉස්සරහට තියෙන ශෝකජනක අනාගතය ගැන හිතල. ඒත් රිවාරෙසුත් සඳරු වගේමයි. කොල්ලව විසිකලේ නැහැ.

පරිණාමවාදයට අනුව ශක්තිවන්තයා ජයගන්න වනාන්තරයේ අලි අම්මගේ තීරණය හරිද මන්ද. අපේ දියුණු තාක්ෂණයෙන් උදව්වක් ඉල්ලන්නත් තේරුමක් තියෙන්න නැතිව ඇති.

සඳරු ලගේ උදව්වෙන් අලි පැටියා සුවපත් වෙන්න පතනවා.

පන්සල් හංදිය said...

පව් දෙයියනේ......... අලි පැටියා ජීවත් වෙයි...... ඉස්සරහටත් අලි පැටියට වුනේ මොකද කියලා ලියන්න ........

නදී said...

අනේ පව් ඒ පැටියා.

තාරක Dilsh@n said...

වැප් කියපු දේ ඇත්තනම් ඒ උන්ගෙ හැටි වගේ එකක්.
ඒත් අපි ම්න්ස්සුනේ...

neetha said...

හිත සසල කල කතාවක්.පුංචි අලි පැටියා දැක්කම හිත වාවන්නේ නැහැ.ඒත් අලි පැටියගේ අම්මා හිතන්න ඇත්තේ මේ පැටියට තනිවම ජීවත් වෙන්න බැරි නිසා පුංචි කාලේම නැතිවෙන එක හොඳයි කියලා වෙන්න ඇති. ඒ නිසා අපි ඒ අලි අම්මා ගැන අහිතක් හිතන්න නරකයි. ඔයිට වඩා කොච්චර නරක මිනිස් අම්මලා තාත්තල ඉන්නවද? සඳරූ මේ විස්තරේ ටපට්ටමට දෙන්නකො, ලංකාවේ විතරක් නෙවෙයි මුලු ලෝකෙම දැන ගනීවි අලි පුංචා ගැන . මේ ලගඳි පෙන්නුවා බැබුන් අම්මා කෙනෙක් ( ලංකාවෙ සිද්දියක් නෙවෙයි )මරපු කොටියෙක් බැබුන් අම්මගේ පුංචි පැටියව බලා ගන්න විදිහ. ඒ නිසා අටපට්ටමට මේ ආරංචිය දෙනවානම් හොඳයි.

යසියා said...

මගේ ලේ මස් වලින් හැදි කිරි සුවද ගලනා පුතුන්නේ....
මෙලෙස මේ ලොව දුක් විශින්නට ඇයිද මා නුබ බිහිකලේ....
නුබේ දුක මට ඉවසන්ට බැහැ ඒ නිසයි මා සැඩ වුනේ...
මේ බවෙන් නුබ මැරී උපදිනු නැවත මාගේ මවු කුසේ..

උබට දුක් විදින්න වෙනවානම් තවත් හුස්ම ගන්න එපා පුන්චි අලි පැටියො..
ලමා කාලය විදින අනිත් පුන්චි උන් දැක්කම උබට හුගාක් දුක හිතේවි..අඩන උබව සනසන්නට අම්මත් උබේ ලග ඉන්නෙ නෑ එදාට......
තෙරුවන් සරනයි පැටියෝ...
(දුකට ලියවුනා අයියා.. නුබෙ බ්ලොගය හැඩි කලා නම් මා මට සමාවෙන්න)

රතීගේ දිනපොත said...

අපි ඇවිදින මේ සංසාරේ පුරාවටම කොච්චර අංග විකල සත්තු අපිට හමුවෙන්න ඇද්ද. අපිත් ඒ වගේ වෙලාත් ඉන්න ඇති අපි ඒ බව දන්නේ නැනේ. අපිත් විකලාංග සහිතව ඉපදුනානම් තමයි අපිටත් මේවගේ ඉපදීමේ තියෙන බරපතලකම තේරෙන්නේ. ඉතින් මේ විදිහට හරි අසරණ ජීවිතයකට උදව්වක් වාරැවක් වෙන්න හිතේ ඇති වුන සිතිවිල්ලම ඇති සංසාරේ පුරාවටම ඔයා ඇතුලු පිරිසට මේ වගේ දෙයක් සිදු නොවෙන්න. මමත් සත්තුන්ට ගොඩක් කරැණාව දක්වන කෙනෙක්. මම ඔහේ නැති වුනත් මෙතන ඉදන් මෛත්‍රී කරනවා ඒ අහිංසක සතාට. බොහොම උතුම් වැඩක් සදරෑ. අපිට ඉතිරිවෙන්නේ මේ ජීවිතෙන් යද්දි ඔන්න ඔය වගේ දේකින් කරග්නනා කුසලයක් විතරයි සදරෑ.

jhothishalanka said...

අලි පැටියා ගැන දුකයි තමයි.

Dinesh said...

ෆොටෝ ටික දැක්කම ගොඩක්ම දුක හිතුනා සදරුවෝ.. පින්නවලට කතා කලානම් මේ සතා වෙනුවෙන් ලොකු දෙයක් කරයි..

හසී said...

අනේ........ :(

හිස් අහස said...

@හා පැටික්කි (MS) = වන ජීවී අංකල් සහ අලි වෙදා වෙත අපි හැකි ඉක්මනින්ම දැනුම් දුන්නා එයාලත් හනි හනිකට ආවා. අපොයි හාවි අලි පැටියව පින්නවල යවන්න අපිට දුකයි !
......................................................................................................................................................
@ඉෂ් = දැන් දවස් කීපයක් එකට ඉඳලා මේ අලි පැටියගෙන් වෙන් වෙන්න අපිට දුකයි ..පින්නවල යවන්න පි කැමති නෑ ඉෂ්.
......................................................................................................................................................
@Podi Kumarihami = පොඩ්ඩි අක්කේ .අපේ ගම තව තව හරි වැඩ සිද්ද වෙනවා .අනේ අපිට සල්ලිනම් ඕන වෙන්නේ නෑ මොකද සේරම වියදම් වනජීවී මාමලා ගානේ .අපේ අතින් වියදම් උනේ ඔය කිරි පිටි පැකට් එකක් ගන්න පොඩි ගානක් විතරයි .මටත් හිතෙන්නේ අලිපෙටියගේ අනාගතේ ගැන හිතලා අලි අම්මා එහෙම කරන්න ඇති
......................................................................................................................................................
@Praසන්ன = මමත් එහමම ප්‍රාර්ථනා කරනවා ප්‍රසන්න අයියේ
......................................................................................................................................................
@සොඳුරු සිත = අන්න හරි මම ඔයාටනේ ඉස්සරවෙලාම මේක කීවේ මතකයිනේද ? ඒක දරුනු චේතනාවක්ම නෙවෙයි .සමහරවිට ඔයා අකමැති ඇති මේ පොඩි අලියා දුක් විඳිනවා බලන්න .
......................................................................................................................................................
@තිස්ස දොඩන්ගොඩ = තිස්ස අයියා මේ බ්ලොග් එකේ අදහසක් දෙන පලමු වතාව වෙන්න ඇති . ඔයාවනම් මම හොඳට දන්නවා ඔයා දුන්න ප්‍රසංසාව මට රටක් වටිනවා .. එහෙනම් දැන් තිස්ස අයියගෙනුත් මට කමෙන්ටුවක් තියනවා .
......................................................................................................................................................
@පිණිබිඳු = අපි නිසි බලධාරීන්ට දැනුම් දුන්නා එයාල හනි හනිකට ආවා .. දැන් අලියා අපිලඟ හිටියට එයාල නිතරම ප්‍රතිකාර කරනවා
......................................................................................................................................................
@තටු සිඳුනු සමනළියක් = වන ජීවී එකෙන් කීවා සනීප වෙනක්ම් අපි ලඟ් අතියාගන්න කියලා එයාට හොඳ කාමරයක් අපි හදලා දීලා තියෙන්නේ පරිස්සමෙන් ඉඳීවි .
......................................................................................................................................................
@අළුත් කොල්ලා = මටත් දැන් හිතෙනවා ලි අම්මා වැරදිත් නෑ ...මෙයා මැරුනොත් අපිට ගොඩක් දුක හිතේවි ..කොලුවෝ
......................................................................................................................................................
@වැප් =මට ලැජ්ජාවේ බෑ
......................................................................................................................................................
@Hishan Melanga = ඇත්ත අපිත් එහම කරනවා . අලි අමා ගැන තිබ්බ තරහ නිසා මම වැඩිය අපේ පැත්ත ගැන හිතුවේ නෑ . ඔයා දන්නවනේ මම කොහොමත් අලි එක්ක තරහයි කියලා
......................................................................................................................................................
@සචිඟු= මමත් එහම් ප්‍රාර්තනා කරනවා සචිඟු . මේ වගේ අලි පෙරහැර වලට ගන්නේ නෑ නේද . අලියගේ අංග ලක්‍ෂන සේරම බලලා තමයි අලියාව සිලෙක්ට් කරගන්නේ .
......................................................................................................................................................
@වැප් =ඔයාගේ කතාව හරි .මේ වගේ සිද්දියක් මම අත් වින්ද මුල් වතාව නෙවේ මේක මීට ගොඩ කාලෙකට කලින් මම දැකලා තියනවා මේවගේම අපේ ගමේ වෙච්ච තවත් අලි අපරාධයක් .

හිස් අහස said...

@prasanna86k = අපි ඉතින් මචං නිර්ධන පන්තියේ මිනිස්සුනේ අපි අලින්ට බොක්කෙන්ම සපෝර්ට් කරනවා ඒත් ලි තමයි අපිව තුට්ටුවකටවත් මායිං නොකරන්නේ . සමහරවිට මේ අලි පැටියා ලොකුවෙලා මට ගේමක් දෙන්නත් බැරි නෑ නේද ?
......................................................................................................................................................
@ජනූ ළමය = පවු අනේ ඒවගේ අසාමාන්‍ය පැටවු උපදින්න් කලින්ම වේදනාවක් නැතිව මැරිලා ගියාටනම් කමක් නෑ . මොකද ඒවගේ සිදුවීමක් අපි දැක්කම අපිටත් දුකයි .මෙයාටනම් අපි ඉදවි කරනවා උපරිමයෙන්ම .
......................................................................................................................................................
@මධුරංග = කතාව ඇත්ත සත්වලෝකේ ඔයවගේ දේවල් සාමාන්‍යයි කියලා මට අද කීප දෙන්ක්ම කිවුවා .දුර්වලයාට තැනක් නෑ . ඒ සින්දුවෙන් කියවෙන්නේ අලි අම්මකෙනෙක් ගැන අයියේ
......................................................................................................................................................
@බීටා = තෑන්කුයි බීටා ...
......................................................................................................................................................
@Observer=අලි අම්මටත් පවු නෑ එහෙනම් . ස්තූතියි ඔබ්සර්වර් අයියේ
......................................................................................................................................................
@Bindi = ඇට මැස්සා කතාව නම් මම කියවලා නෑ .ඇත්තටම අලි අම්මාගේ තීර්නය හරි . එයා බැලුවේ අලි පැටියා මොහොතක් හරි දුක් විඳින එකෙන් මුදවාගන්න . ස්තූතියි බින්දි
......................................................................................................................................................
@කසුන් කල්හාර = අනිවා සහෝ විශේස හේතුවක් තිබුනොත් මම ඔයාලට දැනුම් දෙන්නම් .
......................................................................................................................................................
@නදී = අපිටත් දුකයි නදී
......................................................................................................................................................
@තාරක Dilsh@n = සත්තුයි මිනිස්සුයි වෙන් වෙන්නේ අන්න ඒ දුර දිග හිතා බැලීමෙන් වෙන්න එති කියලා මට හිතෙනවා .. ස්තුතියි අදහසට
......................................................................................................................................................
@නීතා = බල්මු නේද ඒත් නීතා අක්කේ මම මේක අටපට්ටමට දාන්න ගියොත් සඳරු ඉන්න ඒරියා එක හැමෝටම මාට්ටු වෙනවා .මම ඒකට ඒ තරම්ම කැමති නෑ . අලි අම්මා හිතපු විදිහ හරි .එයාට ඔනෑ උනේ මේ පැටියව දිකින් මුදවා ගන්න නේ
......................................................................................................................................................
@යසියා = ඇයි මචං මෙච්චර ලස්සන කමෙන්ට් එකක් දාලා ඒකෙන් බ්ලොග් එක හැඩි වෙනවා කියන්නේ . මේවගේ කමෙන්ට් එකකින් කොහොමද එහෙම වෙන්නේ ? මටනම් හිතන්නවත් බැරි පද පේලි කීපයක් තමයි ඔයා ලියලා තියෙන්න්නේ .
......................................................................................................................................................
@රතී = මේ සතාව දැක්කාම හිතුනේ පවු අප්පා මේකට පි උදවු කරන්න ඕන කියලා එහෙම හිතලා මගේ යළුවෝ හැමෝම වගේ මේ සතාව හොප්ඳට බලා කියා ගත්තා . තව ටික දිනකින් මෙයා සනීප වේවි (සමහර විට ) ස්තූතියි රතී අයියේ
......................................................................................................................................................
@JHOTHISHALANKA = මටත් දුකයි මචං ඒත් ඉක්මනට සනීප වේවි
......................................................................................................................................................
@දිනේශ් = මෙයාව සනීප උනාම පින්නවලට යවන්න තමයි කතාව බලමු අපේ ගමේ කට්ටිය කැමති වෙන්නත් ඕන . සනීප වෙනකම්ම මෙයා අපි ගාව ඉඳීවි මචං .
......................................................................................................................................................
@හසී = අනේ කාලේ !

මකුළුවා..... said...

මචං මෙතනදී නම් උඹලා කරන වැඩේ හොඳයි...අනිවාර්යෙන්ම අගය කරන්න ඕනේ.පින්නවලට හෝ ඇත් අතුරු සෙවණට දැනුම් දෙන්න.ඒ අය උදව් කරයි.....
නමුත්....මං පෞද්ගලිකව හිතන්නේ අලි අම්මා කරන්න ගිය වැඩේ හොඳයි කියලා.මොකද ඔය පැටියා ලොකු වුණ කාලෙක තනියම ජීවත්වෙනවා කියන එක සෑහෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් දෙයක්.....ඒකට කමක් නෑ.අලි පැටියාට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

ඉන්දික උපශාන්ත said...

ඕව ඇත්තටම ඵල දෙන පිං සහෝ!
අර පොඩි උන් දෙන්නෙක් නියපොත්ත කියල අලියෙක්ට කන්න දුන්න විස්තරේ කියෙව්ව විතරයි, මේක.

Thusitha (දිමා) said...

ඇ‍ඩෙනව..

Dasun said...

සදරු,

මේ පැටියව දැක්කම සෑහෙන්න දුක හිතුනා. හැබැයි තිරිසන් සතුන් අතරේ විතරක් නෙමෙයි බුද්ධිමත් සතුන් කියලා සලකන මිනිස් සමාජයෙත් ඔය වගේ ඒවා වෙනවා නේද?

ඒ වගේම තමයි අලින්ගෙන් අවුරුද්ද පුරා බැටකන උඹලා ඒ අලින්ගෙන්ම එකෙක් සුවපත් කරන්න දරණ උත්සාහයත් සෑහෙන්න අගය කල යුත්තක් කියලයි මටනම් හිතෙන්නේ.

සෝරෝ said...

වාර්ථාකරණයට වගේම කථව පටං ගතිපු විදියටත් මම ලැයික්..

Anonymous said...

කකුල් කොට මිනිස්සු ඇවිදින්නේ නැද්ද ? ඇවිදිනවා.
දණහිසින් කකුල වෙන් වෙච්ච් අපේ මිනිස්සු ඇවිදින්නේ නැද්ද?ඇවිදිනවා.
අන්න ඒ වගේ.මට නම් හිතෙන්නේ ඒ අලි පැටියා ඇවිදිනවා.අමුතු වෙනසක් පෙනෙයි.ඒත් එයා ඇවිදිනවා.අනික පුංචි කාලේ අපිත් ඇවිද්දේ වැටි වැටි වෙච්චි කොට දැන් වැටි වැටි නැගිට්ටට ,
නැගිට නැගිට වැටුනට අලි පැටියා අනිවාර්යෙන්ම හුගාක් නිරෝගි අලි පැටියෙක් වෙනවා ඉසාරහට.
සඳරු ඇතුලු අලි පැටියට පිහිටවෙන හමෝටම බොහෝම පින්

පබලු
http://magethanikama.blogspot.com/

Ashoka said...

දැන් බලන්න, බැන බැන හරි ගමේ හිටියෙ නැත්නම් සඳරුට ඔය සිද්ධිය දැකල ඔහොම උදව් වෙන්න ලැබෙයිද ? මෙහෙම පොස්ට් එකක් ලියවෙයිද? අපිට මෙහෙම කියවන්න ලැබෙයිද? නගරයේ ගොඩ දෙනෙක්ට සඳරුට ලැබෙන ඔය විදිහෙ අත් දැකීම්වලින් 1/100 වත් ලැබෙන්නෙ නැහැ.

මම කියන්නේ ගම හොඳයි බැන බැන හරි ඔහේම ඉන්න කියල නෙමෙයි, අපි හැමටම ඇති දේ හොඳට වඩා පෙනෙන්නෙ නැති දේ හොඳ. නැති දේ නරකට වඩා පෙනෙන්නෙ ඇති දේ නරක.

බලු පැටියා නැති වෙනකොට අලි පැටියෙක් .....

Ravi said...

සඳරු මල්ලි,

ස්වාභාව ධර්මයේ නීතිය තමා දුර්වලයා විනාශ කිරීම, ඇතින්න කලෙත් ඒ නියමයට අනුගත වීම පමණයි. මම කියවපු වන සතුන් ගැන ලියවුනු පොතක තිබුනා අප්‍රිකාවෙ පැටවුන් ප්‍රසූත කල පසු සිංහ ධේනුවන්, වල් ඊරියන් එහෙම පැටවුන් ගැන කිසිම සැලකිල්ලක් දක් වන්නෙ නැහැ කියල.නිදාසිටින විට ඔවුන් එහා මෙහා පෙරලෙන්නෙ ඕනම සුලු ප්‍රමාදයකින් පැටවුන් සිරුරට යටවී මිය යා හැකි ලෙසයි කියල.දිවි ගලවා ගන්නේ කඩිසරව ඉවතට පැන ගත හැකි පැටවුන්ට පමණයි.

එහෙම කරන්නෙ ඒ වනයේ දිවි රැකගත හැක්කේ ශක්තිමත් පැටවෙකුට පමණක් නිසා සහ ඉදිරි පරම්පරාවට විකෘති පැතිරීම වැලැක්වීම සඳහායි.

වැඩේ තියෙන්නෙ මිනිස්සු කියන අපි ස්වාභාව ධර්මයට අනුගත නොවන ස්වභාව ධර්මය සමඟ සටන් කරන සත්තු ජාතියක්නෙ......හෙහ්......හෙහ්,

අපිට අපේ අංගවිකල සාමාජිකයින් රැකබලා ගැනීමට හැකියාව තිබෙන නිසා අපි එවැන්නවුන් රැක බලා ගන්නවා විනා විනාශ කරන්නේ නැහැ.

ඒ ධර්මයම අපි අනික් සතුන්ටත් යොදාගන්නවා. ඒකෙ වරදක් කියන්නත් බෑ එක අතකට.

කොහොම උනත් ඔබේ ලියවිල්ල හද සසල කලා මල්ලි, ඇත්තටම.

රොබින් said...

සඳරැ මලේ...
උඹලා ගැන මට ආඩම්බරයි, සතුටුයි. එච්චරයි.
උඹලා හැමෝටම තෙරැවන් සරණයි.

හිස් අහස said...

2011/මැයි /07 . වන දින පස්වරු 1.45 පමන මෙම අලි පැටියා මියගිය බව ඔබ සැමටම දන්වා සිටිමි

jhothishalanka said...

අනේ පව්.අලි පැටියට ඒ ආත්මෙ ලැබිල තියෙන්නේ කරපු පවක් විදින්න.ඇත්තටම ඒ තත්ත්වයෙන් එයා ජීවත් වෙනවට වඩා මැරුණ එක හොදයි කියලත් දැන් හිතෙනවා.

හිස් අහස said...

@මකුළුවා. = ප්‍රාර්ථනාවට හදවතින්ම ස්තූතියි මකුළුවා . ඒත් අලි පැටියා අද දවල් මැරුනා .කවුරුවත් වැරදි නෑ සොබා දහමේ හැටි
....................................................................................................................................................
@ඉන්දික උපශාන්ත = ස්තූතියි මචං අලි පැටියටනම් ඉන්න පින තිබුනේ නෑ
....................................................................................................................................................
@Thusitha Jayasinghe = කඳුලු නෑ !
....................................................................................................................................................
@සෝරෝ = ස්තූතියි සෝරෝ ..
....................................................................................................................................................
@පබලු = මමත් බලාපොරොත්තු උනා මෙයා වැටි වැටි හරි නැගිටලා යාවි කියලා .. එත් අද එයා ගියා අවසන් ගමන ...
....................................................................................................................................................
@Ashoka = ගමනම් හොඳයි අසෝක සහෝදරයා ඒත් කාලෙකට මට එපා වෙනවා . අනික අලි පැටවුනම් හොඳයි මහ එවුං පන්නද්දී අපි බයික් දාලා දුවපු වෙලාවල් තියනවා ..කියලා වැඩක් නෑ අලි මදිවට පැට්ටු
....................................................................................................................................................
@Ravi = වන ජීවී එකේ කස්ටියත් කේවේ ඔය ටිකම තමයි රවී අයියේ ඒත් මගේ හිත තවම ඒක පිලිගන්න සූදානම් නෑ.. කොහොම හරි අද දවල් අලි පැටියා මැරුනා . මටනම් ඒහැටි දුකක් නෑ . ඒත් මගේ යාළුවන්ට ගොඩක් දුකයි එයාව දවස් කීපයක් බලා කියාගත්ත මිනිස්සුන්ටත් දුකයි සමහරුඇඬුවා ...මේ සතා දින කීපයට අපිට පුදුම විදිහට ලං උනා ..
....................................................................................................................................................
@රොබින් = ස්තූතියි රොබින් අයියා ...
....................................................................................................................................................
@JHOTHISHALANKA = ජීවත් උනානම් මීටවඩා දුක් විඳින්න වේවි නේද මැරිච්ච එකෙ හොඳක් කියලා හිතලා අපි හිත හදා ගත්තා ..

යසියා said...

බොහොම ස්තුතියි යාලුවා සමවෙන්න එහෙනම්....

Unknown said...

අලිපැටිය ගැන අැත්තටම දුකයි...

අකීකරු හිත said...

මල්ලි මම මේ ලිපිය දැකපු මුල්ම දවසේ කියෙව්වේ භාගයයි.ඉතිරිය කියවන්න බැරි තරම් මොකක්දෝ දුකක් දැනුනා.ඊට පස්සේ දවසේ ආයෙත් ඇවිත් කියෙව්වා. කමෙන්ට් කරන්න දේවල් ගොඩාරියක් හිතුනත් මුකුත්ම නොකියා ගියා.අද ආයෙත් ආවා. ඔයා දන්නවද අද ලිපියේ අග දකිද්දි මගේ හිතට ලොකු සැහැල්ලුවක් දැනුනා.. ඔයා මට බනිවි කෙනෙකුගේ මරණයකදි සතුටු වෙන ජරා හිතක් මට තියෙන්නෙ කියලා. ඒත් මල්ලි බලා ඉන්න මිනිස්සුන්ට පේනවට වඩා ඒ අහිංසකයා දුක් වින්දා.ඔයා ඇස් දෙකෙන්ම දකින්න ඇති ඒ දුක.මුළු ජිවිත කාලෙම ඒ පැටියා දුක් වෙනවට වඩා ඒ දුකින් මිදුන එක හොද නැද්ද. මංදා ඒ මගේ අදහස..

නචියා said...

ගොඩාක් දුක හිතෙන කතාවක්.... මම හිතන්නේ ඒ ඇතින්න කලේ හරි දේ........ අම්මා කෙනෙක් ඒ දේ කලාට අපායේ යන්නේ නෑ.........

ayesha said...

ඔයාලට පි0 සිද්ද වේවි

Anonymous said...

මං කියවනකොට අලි පැටිය අවසාන ගමන් ගිහිල්ල. ඒක නිසා මේක කියන්න ලෙසියි.

ඕකට කියන්නේ ස්වභාදහම් නීතිය කියල. දුර්වලයාට පැවැත්මක් නෑ. ඒ සතා මරන්න ඕනෑ කියල අලි අම්මට හිතුනෙ ඉස්සරහට දුක් විඳී කියල හිතිල නෙමෙයි. තම වර්ගයාහේ පැවැත්ම තහවුරුකරහැනීමට ස්වාභාවිකව ඇතිවූ ඉඟියක්.

මනුස්සයාටත් ඒ ඉඟිය එනව, ඒත් ක්‍රියාත්මක කරන්න බෑ සදාචාරාත්මක ගැටළුවක් නිසා. ඇමරිකාව ලෝක සාමය ඇතිකරන්න කියල අනිත් රටවල් වල අභ්‍යන්තර ගැටළු වලට අත පෙවීම වගේම තමයි මිනිස්සු ලෝකයේ ඇතිවෙන ඇතැම් ස්වාභාවික නියමයන් වලට අතපෙවීමත් මම දකින්නෙ.

priyantha said...

ටිකක් ප්‍රමාද වෙලා ආවේ කියවන්න. අලින්ගෙන් හරියට මිනිස්සුන්ට කරදර වෙනවා තමා. ඒත් ඒ එයාලගේ ප්‍රදේශ අපි අයිති කරන් ඉන්න නිසා නේද?
ඇත්තටම දුකයි ඔය සිදුවීම. මමත් ටීවී එකේ ඔය කතාව ඇහුවා. මෙතරම් විස්තරාත්මකව නම් නොවේ. ගොඩක් ස්තූතියි සඳරූ දැනුවත් කීරීමට..

dinesh said...

පව් අහිංසක සතා.ඊලඟ ආත්මෙවත් මෙවැනි විපතක්නම් නොවේවා...

හිස් අහස said...

@යසියා = සමාව මොකටද මිත්‍රයා ?
....................................................................................................................................................
@හර්ෂ = මටත් දුකයි ඒත් දැන් ඒක අතීතයට එක් වෙලා ඉවරයි මචං
....................................................................................................................................................
@අකීකරු හිත = සත්තුන්ගේ පැත්තෙන් ඒක හරි ඒත් අපේ පැත්තෙන් ඒක වැරදියි මිනිස්සු ඕන වෙලාවක අනිත් අය වෙනුවෙන් පෙනී හිටින්න ඕන .
....................................................................................................................................................
@නචියා = ඔයා හරි මේක පවක් නෙවේ .දුකින් නිදහස් කිරීමක්
....................................................................................................................................................
@ayesha = ස්තූතියි යාළු .
....................................................................................................................................................
@nawammawatha = මම අහන අහන හැමෝම කීවේ ඒකයි සත්තු අතර විතරක් නෙවේ කොතනත් පදුබලයාට තැනක් නෑ කියලා . අලි අම්මා ඒ වැඩේ කරේ තමන්ගේ පැටියා අනාගතේ දුක් විඳින එක නැති කරන්න වෙන්න ඇති ..
....................................................................................................................................................
@priyantha = ස්තූතියි ප්‍රයන්ත අයියේ අදහසක් දීලා අපිවත් බලලා ගියාට
....................................................................................................................................................
@දිනේශ් =අයියේ උඹ කොයි ලෝකෙද බං උන්නේ උඹ උන්නද මලාද කියලා අපිට කියන්නේවත් නැතුව එක පාරටම අතුරුදහන් උනා .චික් බං උඹ ..කමක් නෑ අයියා ආයේ ආවනේ .. හිතට මාර සතුටුයි ..

Anonymous said...

oyalata godak pin e satha wenuwen karapu hama deyakatama.alingen bata kana oyaalama mehema karunawen salakana hati dakkama aththatama harima santhosai.

මාධව විදුරංග said...

ඇඩෙනවා සදරු! ඒ අලි පැටියා මැරුණ එකම තමයි හොද! ඒ ඇතින්නි ඒ පැටියට ඔහොම තුවාල නොකලනම් ඌ කොහොම හරි ජීවත් වෙයි බං! ඒත් ඔහොම දුක් විද විද ජීවත් වෙන එකට වඩා මෙහෙම මැරිලා ගිය එක ගැන සතුටුයි!

ටීම් ට්‍රැවලර්ස් said...

සඳරුවා.. මෙයා දැන් කොහෙද ඉන්නේ? මොකද මෙයාට කලේ?

නවො!

Post a Comment

තැන්කූ බං