23.5.11

දෙමුහුන් රථයකින් සුර ලොව බලා ගියෙමි.


    අද උදේ මම අවදි උනේ පාන්දර 5.35 වෙනදා නැති නැවුම් බවක්, වෙනදාට වඩා අමුතු සතුටකුත් හිතේ දරාගෙනයි !..ඇත්ත! අද විශේෂ දවසක් ! මටත් . මම උගන්වන ඉන්ස්ටිටියුට් එකටත් , මගේ ගමටත් මගේ පළාතටත් ..අහන්න එපා මොකක්ද ? කියලා ! ඉන්න මමම කියන්නම්

අද තමයි අද තමයි මගේ ගමට පළමුවෙනි වතාවට දෙමුහුන් කාර් එකක් එන දවස ..දෙමුහුන් ? ඉංගිරීසියෙන් නම්Hybridලු .ඒක ගේන්නේ මගේ බොස්. මගේ ආදර,බර ලොක්කා !. ඉතින් මට සතුටු නැද්ද ? මට ආඩම්බර නැද්ද ? කියන්න බැරි තරම් ආඩම්බරයි සන්තෝසයි .. ඉතින් හදවතේ පොපියන පුදුමාකාර සන්තෝසයත් එක්ක මම උදේම නාගන්න ගියා .සතුට වැඩි කමටද මන්දා බාල්දියත් ළිඳට වැටුණා …..

නාලා ඉවර චෙච්ච ගමන්ම මගේ රෙදි පෙට්ටිය අවුස්සලා කාලෙකින් ඇන්ඳේ නැති ලස්සන කමීසයකුත් හොයාගත්තා .එකම එක කලිසමත් මැදලා මැදලා ඇඳඟෙන .පොලිස් පාරක් ගාලා සපත්තු දෙකත් ඔප දමාගත්තා . මම මේතරම් ජයට ලක ලැහැස්ති උනේ මම කිලිටිවට ගියොත් බොස් මාව කාර් එක ඇතුළට දාගන්නේ නැතුව ඉඳීවි කියලා මට නිකමට හිතුණ නිසයි. කොහොමින් කොහොම හරි මගේ බයික් එකත් එළියට අරගෙන මම දෙයියනේ කියලා වැඩට ගියා ..හිත සතුටින් නිසා වෙන්න ඇති මම වෙලාවටත් කලින්ම ඉන්ස්ටිටියුට් එක ළඟ ..

බයික් එක වැලි අනෝදා ගහක් යටින් හෙවනේ නතර කරපු මම සයිඩ් කණ්ණාඩියෙන් මූණත් බලලා ඇතුළටම ගියා . එතකොටයි මම දන්නේ මම විතරක් නෙවේ අපේ ඉන්ස්ටිටියුට් එකේ වැඩ කරන හැමෝම කාර් එක පිළිගන්න ලැහැස්ති වෙන බව .සමහරු කේක් ගෙනෙල්ලා කාලා.තව සමහරු කිරිබත් කාලා ඇවිල්ලා . එක්කෙනෙක් පොල් මලකුත් ගෙනල්ලා කාර් එකේ ඉස්සරහා සවි කරන්න හිතාගෙන .අන්තිමට අපි සේරමලා කතා උනා දෙහි ගෙඩියයි මිරිස් කරල් දෙකයි සවිකරපු නූලක් කාර් එකේ ඉදිරි පස එල්ලලා අපේ ඇස්වහ කටවහ දුරු කරන්න .ඒත් එක්කම අලි වෙඩිල්ලක් දාලා කාර් එක පිළිගන්නත් ..

වෙලාව ගත වුනා ටිකෙන් ටික දවල් උනා .වෙනදාට වේගයෙන් කැරකැවෙන ඔරලෝසුවේ කටු එදා නම් කැරකුණේ බොහොම හෙමිහිට . ළමයින්ට උගන්වන අතරෙත් මම පාර දිහා බලපු වාර ගණන අනන්තයි ! පාරේ යන කාර් කිහිපයකටම මම රැවටුණා .බැරිම තැන මම හිත හදාගෙන ගිහිං පුටුවක ඉඳගෙන කාලයට ඉඩ දීලා බලාන හිටියා දෙමුහුන් කාර් එක එනතුරු .!

බොස්ට ඉස්සර තිබුණු කාර් එකටත් අපි පුදුම ආදරෙයි .බොස් ඉන්ස්ටිටියුට් එකට එන්න කිලෝමීටයක් විතර දුර තියා පරණ කාර් එකේ සද්දේ අපිට ඇහෙනවා . ඉතින් අපේ ඇඟට පතට දැනෙන්නේ පුදුම උද්යෝගිමත් බවක් . ඒ සද්දේ ඇහෙනකොට කම්මැලි කමට ඉන්න අපි නිකම්ම වැඩ පටන් ගන්නවා ..

ඉතින් මෙන්න මේ මොහොතේ පාළුව මකා ගන්නත් එක්ක බොස් අලුතින්ම ගේන දෙමුහුන් කාර් එක කොයි පාට වේවිද කියලා.අපේ කට්ටිය ඔට්ටු අල්ලන්න පටන් ගත්තා

"මම නම් කියන්නේ නිල් පාට බොස් ගේ වයිෆ් කැමතිම පාටනේ ! රු 45.25 ඔට්ටුයි "

ඉතින් තව කෙනෙක් ඉඳන්

"
නෑ නෑ බොස් නම් කැපුවත් කොල .. කාර් එක කොලපාටමයි .. වණ්ඩු එකයි ලැවරි එකයි ඔට්ටුයි "
"නෑ නෑ රෝස රෝස ! රු 77.75 ඔට්ටුයි"

"හෙහ්! රෝස ? රෝස ගෙනාවොත් මම කොණ්ඩේ බූ ගානවා !”

කට්ටිය සෑහෙන්න ඔට්ටු අල්ලනවා නවතින පාටක් නෑ .සිංහල බ්ලොග් අවකාශයම නියෝජනය කරන එකෙක් වෙච්ච මමත් මොකටද සෙකන්ඩ් වෙන්නේ ! මමත් ඇල්ලුවා ...ඔට්ටුවක්

"අඩෝව්! බොස් ගේන කාර් එක ලා දුඹුරු පාට නොවුණොත් මම රෙදි ගලවගෙන පාරේ යනවා !! “

කට්ටිය එකපාරටම මීයට පිම්බා වගේ ගොළු උනා!, ඔට්ටු අල්ලන එක නතර කරා .. උන් හැමෝම දන්නවා මගෙත් එක්ක ඔට්ටු අල්ලලා දිනන්න බැරි වග ..

ඔන්න ඔය මොහොතෙම එක පාරටම මහා බියකරු හඬක් අපේ පිටිපස්සෙන් ඇහුනා !!

"මොකද මේ කට්ටිය කයිය ගහන්නේ මෙතන වැඩ නැද්ද ? “

අපේ මැනේජර් අයියගේ බඩ "බුරු බුරු" ගාන සද්දේ මට යාන්තමට ඇහුණා

මේං බොස් ඇවිල්ලා ! කිසිම සද්දයක් ඇහුණේ නෑ නේ.! කාර් එක ගෙනල්ලා නැද්ද ? පයින්ම ඇවිල්ලද ? අපිට ප්‍රශ්න කෝටියයි ..ඒත් අපි ජනේලෙන් එබිලා බැලුවහමයි දැක්කේ රතුම රතු පාට මාළු පාන් ගෙඩියකට හැඩ හුරුකම් කියන ජිල් බෝලයක් වගේ සුදිළෙන වටිනා දෙමුහුන් මෝටර් රථයක් ගේට්ටුව ගාව නවත්තලා තියන හැටි . ඒ මොහොතේ අපේ අය කෑ ගහගෙන කාර් එක ළඟට දුවපු හැටි මට තවම මැවි මැවී පේනවා . අපි විතරක් නෙවේ ගමෙන් බාගයක් මේ අරුම පුදුම තාක්සනේ සහිත කාර් එක බලන්න එක්රොක් උනා .සමහරු කාර් එක ඉඹින්න පවා පෙළඹුණා !

ඔන්න ටිකෙන් ටික වෙලාව 5.30ටත් ලං උනා අපි ගෙදර යන්නයි සූදානම ...බොස් ඔන්න ඔය මොහොතේ මගේ ළඟට ආවා .. 

"සඳරු ගෙදර යනවනම් මගෙත් එක්ක කාර් එකේ ගියහැකි …"

මටත් ඉතින් ඕන කරලා තිබුණේ ඔය ටික තමා දෙමුහුන් වාහනේ රවුමක් ගිහින් පොරක් වෙන්න . සිංහල බ්ලොග් අවකාසෙටම ආඩම්බරයක් වෙන්න ..ඔවු මම ඒ දේ කළා .. මමත් ගිහිං ඉස්සරහම සීට් එකේ වාඩි උනා වාඩි උනා විතරයි මට පස්ස පැත්තක් නෑ කියලා මට හිතුණා .. මම ආයේ ආයේමත් අතගලා බැලුවා පස්සපැත්ත තියනවා ..සීට් එකේ තිබුච්ච සනීප ගතියට මට පස්සක් නෑ වගේ දැනෙන්න ඇති.

ඒත් එක්කම බනින හඬක් ! සුද්දියෙක් මට කුණුහරපෙන් බැන්නා බොස් කාර් එකේ සුද්දියෙක්ව හංගං ඉන්නවද ? .මම සීට් එක යට බැලුවා පිටි පස්ස හැරිලා බැලුවා ..ඒත් කාර් එකේ හිටියේ බොස් විතරමයි ..

"සඳරු ඔය සීට් බෙල්ට් දාගන්න ඔය රෙකෝඩිං එකක් ඒකෙන් කියන්නේ සීට් බෙල්ට් දාගන්න කියලා" !

මගෙත් එක්ක එකට වැඩ කරන හැමෝටම අත වනාගෙන මමත් කාර් එකෙන් ගෙදර බලා පිටත් උනා

..මම මේ ගෙදර යන්නේ වෙනදා යන පාරෙමයි ..වෙනදා යන වෙලාවටමයි .ඒත් මට වෙනදා දැනෙන වේදනාව අද දැනුණේ නෑ .. පාරේ වළවල් සෑහෙන ගාණක් තිබුණත් මේ සුන්දර කාර් පොඩ්ඩ යන්තමටවත් ගැස්සුනේ නෑ .."සමන් මල් පියලේ සින්දුව" මගේ මතකයට ආවා …

පාරේ අයිනේ හිටිය කෙල්ලොන්ට මම හෙමිහිට ඇහැක් ගැහුවා .. අමුතු කාර් එක දිහා එයාලත් නතර වෙලා බලන හැටි මම දැක්කා ..මමත් හොඳට සීට් එකේ වාඩි වෙලා මගේම කාර් එක වගේ පාරේ ඉන්න ඈයොන්ට මවා පාමින් සතුටින් ඉඳගෙන උන්නා ...

හීන් වැස්සක් වැහැලා පාර තෙමලා කාර් එක පිළිගත්තා .

අලුත් කාර් පොඩ්ඩ තවම අතට නුහුරු හින්දා බොස් වැඩිය වේගයෙන් කාර් එක පැදෙවුවේ නෑ. . පාර දෙපැත්තේ හිටි මිනිස්සු කටවල් ඇරගෙන අපි දිහා බලා ගෙන හිටියා . අපි ටිකෙන් ටික කැලේ මායිමට ළඟා වුනා උස් ගස් මත හිටපු රිලවු අපිට අත වැනුවා ,මොනරු නැටුවා.මේ අතර පෙම් පිළිසඳරක යෙදිලා හිටිය වල් අලි දෙදෙනෙක් තමන්ගේ වැඩේ නතර කරලා කාර් එක දිහා බලාන හිටියා .වෙනදා අලි ඉදිරියෙන් බයික් එකේ යද්දී ඔළුව නමාගෙන වේගයෙන් පලා යන මම අද නම් පොරක් උනා ! අතේ මැදැඟිල්ල පමණක් දිගහැර අනෙක් සියලූම ඇඟිලි නවාගත් මම වීදුරුවෙන් එළියට අත දාලා උන්ට පෙන්නුවා !අලි පෙම්වතිය ඉදිරියේ අලි පෙම්වතෙකුත් පදිරි උනා !

"සඳරු ඔය වීදුරුව වහන්න"

මම ඒ හඬින් නැවත පියවි සිහියට ආවා …

විනාඩි තිහක විතර අමතක නොවන සවාරියක අවසානය ළඟා වෙලා ! ටිකෙන් ටික මගේ ගේ ගාවට දෙමුහුන් මෝටෝ රිය ළඟා උනා ..වෙනදා මම එනකොට ඉවත බලාගත් මිනිස්සු අද ! ඉරිසියාවෙන් පැළෙන ගමන් කාර් එකයි මායි දිහා බැලුවා ...හුළඟේ පාවෙලා ආපු වරා මලක් වගේ දෙමුහුන් රථය මගේ ගේ ඉස්සරහා නතර කලා ..! ...හ්ම්...මට දිග සුසුමක් පිටවුණා..

සඳරු එහෙනම් බහින්න මට පරක්කු වෙනවා ..

බොස් ගේ හඬින් තමයි මම ආයෙමත් පියවි ලෝකෙට ආවේ ..

මම ගිහිං එන්නම් සර්

මම බහින්න උත්සහ කලා ..ඒත් මගේ හිතට උවමනාව තිබුණට තවම සිරුරට කාර් එක දාලා යන්න උවමනා නැතිවා වගේ ...මාව සීට් එකට තියලා බැඳලා වගේ මට හෙලවෙන්නවත් බෑ ..

"මේ ඔය සීට් බෙල්ට් ගලවලා ඉන්න !.චි:හ් මුං කාර් වල ගිහිං නැද්ද මන්දා !”ඒ බොස් මුමුණන හඬ .

ස්වයංක්‍රීයවම විවර වෙච්ච දොර මම එළියට බැස්ස ගමන්ම වැහිලා ගියා .අසල්වැසි හැමෝගෙම ඇස් ඒ වෙලාවේ යොමු වෙලා තිබුණේ මගේ දිහාවට . රාජ්‍ය නායකයෙක් රට ඉඳලා එනකොට ගුවන් තොටේ රැස් වෙලා ඉන්න ජනතාව වගේම ගමේ උනුත් මා දිහා බැලුවා .හීනෙන් වගේ ඇවිදගෙන ගිය මම ගේ ඇතුළේ පුටුවක වාඩි උනා .මම තවම දෙමුහුන් රථයේ සිරියෙන් ඔකඳ වෙලා !! ඔකඳ බව දෙකඩ උනේ ..නොහිතපු විදිහට .

"පුතා කෝ බයික් එක ? ඒ මගේ නැන්දාගේ කටහඬ"

ඔෆිස් එකේ වැලි අනෝදා ගහ යට .

අම්මා නම් කම්මුලේ අත තියාගත්තා ..

ඒත් නැන්දා !

නැන්දා යටිගිරියෙන් කෑ ගහපු කෑගැහිල්ල නිසා මගේ දැහැන බිඳුණා , ආතල් කැඩුණා ! මම දිගම දිග හුස්මක් අරගෙන පපුව පුරෝ ගත්තා. රුපියල් තිහකුත් අතට අරගෙන මම කිණ්ඩිය දාපු අලි දෙන්නව සිහිපත් කරන ගමන්ම බස් නැවතුම්පළ වෙත ආයෙමත් බඩ ගෑවා ආයෙමත් බයික් එක අරගෙන එන්න .


ඉතින් ඔන්න ඔහොම මගේ ජීවිත පොතේ තවත් එක පිටුවක් පෙරළුණා. කොහොම වෙතත් තව අවුරුදු ගාණක් යනකල්ම මට ඒ සුන්දර මොහොත අමතක නොවේවි ..දෙමුහුන් රථයේ ගිය ඒ පළමු ගමන හැමදාකම මගේ හිතේ ඇඳිලා තියේවි ..

පලි : මා වැඩ කරන ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂක තුමනි ..ඔබ මේ බ්ලොග් අඩවිය කිසි දිනක නොදකිනු ඇතැයි මම විශ්වාස කරමි ..එහෙත් අනාගතයේදී යම් දිනක ඔබ මේ බ්ලොග් අඩවිය මාගේ බව කිසියම් ක්‍රමයකින් දැනගතහොත් .මේ ලියවිල්ල දුටුවහොත් .මෙය හුදෙක් විනෝදය තකා ලියන ලද්දක් බව සලකන්න !..මෙය ඔබට හෝ කිසිවෙකුට අපහාසවන අන්දමින් ලියන ලද්දක් නොවන බව දිවුරා ප්‍රකාශ කරමි.. එමෙන්ම ඔබ ගෙනා මෝටර් රථය පිළිබඳව මාගේ අවංක සතුටද ප්‍රකාශ කර සිටිමි .


සඳරු ..//

Image [ http://images.triplem.com.au/2009/03/18/149893/sport-funny-cars-gallery-mcqueen-600x400.jpg ]










63 comments:

පූසා said...

උඹට තිබ්බේ ආයේ බොස්ට කෝල් එකක් දාලා ගෙන්න ගන්න. එහෙනම් ආයෙත් කාර් එකේම උඹ වැඩ කරන තැනට යන්න තිබ්බා....

Anonymous said...

අපොයි දෙවියනේ වහ කන්න වෙන්නේ...ලැජ්ජාවේ පණ යනවා.. ඇයි දෙවියනේ ආයේමත් බස් එකේ ගිහින් බයික් කට්ට උස්සන් එන්න ගියාම ..අපො..යි...

Dinesh said...

එකනම් සොදුරුම අත්දැකීමක්.. දැන් ඒ ඔක්කොම හරි අර ඔට්ටුවට මොකද වෙන්නේ?? වාහනේ ලා දුඹුරු පාට නෙමෙයිනේ...

Anonymous said...

කාර් පොජ්ජෙ ෆෝටෝ කෑල්ලකුත් දැම්මනං ඉතින් මල් 7 බනිස් ගෙඩි 5. පට්ට ඈ

රොබින් said...

:D
අනේ බං උඹ..

Anonymous said...

මම දැක්කා කාර් එක. ඒ වගේම කළමණාකාර අධ්‍යක්ෂකවත් දැක්කා.

හරිම ලස්සනයි මල්ලියේ ලියල තියනවා...

දුක , සතුට , අනුකම්පාව, ආදරය , අවංකබව, හාස්‍ය මේ හැමදේම ලස්සනට ගලපල.

Ashoka said...

this one too will look good on a week end paper.

Prius ?

මාරයාගේ හෝරාව said...

මොනවා උනත් උඹ දිනන ඔට්ටුවක් අල්ලලා තියේ..ඇයි බං ඔය පාරවල් වල යද්දී ලා දුඹුරු නොවෙන වාහන තියේද..?

සංකල්ප said...

අඩේ මල්ලි මාත් ඔය දෙමුහුන් කාර් එකක ගිහින් නෑ බොලව්. මම ඉස් ඉස්සෙල්ලාම කාර් එකක ගියේත් කැම්පස් ආවට පස්සේ යාලුවෙක්ගේ කාර් එකකින්. මම කලේ මල්ලි කලා වගේ පේරාදෙණි හන්දියට ගිහින් පයින්ම ආපහු හොස්ටල් එකට ආව එකයි. ඒ කාර් එකත් බම්පෙන එකක්.

මට හිතා ගන්න පුලුවන් දෙමුහුන් කාර් එක කොයි වගේ ඇති ද කියලා.

Anonymous said...

කාර් එක

මෙකද?

http://www.topgearrules.org/wp-content/uploads/2009/06/2010-honda-insight.ජ්ප්ග්

නෑත්නම් මෙක ද?

http://www.motorcarhome.com/wp-content/uploads/2010/12/toyota-prius-2011.jpg

Praසන්ன said...

ඔය දෙමුහුං ඒව හින්ද තමන්ට තියෙන එක අමතක කරගන්න එපා..

Ravi said...

ඒයි, උඹ ඔට්ටුව පැරදුනා නෙව මලයො,

උඹ ඔට්ටුව ඇල්ලුවෙ මුලු මහත් සිංහල බ්ලොග් අවකාශය වෙනුවෙන්ම නිසා ඔට්ටුව කිරියාත්මක කරන දවසට බෙල්ලෙ එල්ල ගෙන පලයං බෝඩ් එකක් " සිංහල බ්ලොග් අවකාශය නියෝජනය කරමි " කියල........හෙහ්, හෙහ්,

ප.ලි. කොටස ගැන - අඩේ බොස් උඹට ප්‍රොමෝෂන් එකක් දෙන්ඩයි වටින්නෙ මෙහෙම පොරගෙ වාහනේ ගැන නොමිලේ ප්‍රචාරයක් දුන්නට.

වෙනද වගේමයි සඳරු, අන්තිම ඉහළයි.

hare :-) said...

හෙ හේ... උඹත් දවස්ගාණක් තිස්සෙ ලොක්කගෙ කාර් එකේ යන්න ප්ලෑන් කරල වගේ... අනේ වාසනාවන්... සුපිරි ලිවිල්ල... හැමදාම වගේ.. :D

පන්සල් හංදිය said...

උඹ කොච්චර අව්‍යාජත්වයෙන් පිරිණු කොල්ලෙක්ද කියලා මේ පෝස්ට් එකෙන් පේනවා .......... හදවතින්ම සතුටුයි බ්ලොග් අවකාශයේ උඹ වගේ එකෙක අඳුර ගන්න ලැබීම ....

Hishan de Silva said...

කොළඹ පැත්තෙ මහත්තුරු නම් ඩ්‍රයිවින් සීට් එකේ යන්නෙ නෑ. ඒ අය යන්නෙ උඹ ඔය ගියා වගේ සීට් එකක වාඩි වෙලා පත්තරයක් එහෙම කියව කියව තමයි.

Anonymous said...

අපේ මලය :තනි ඇහෙන් ඇඬෙනව: කියල කියන්නෙ උඹට මේ වෙලා තියෙනව වගේ එව්ව වුණාම වෙන්ඩ ඇති..

හැබැයි මලයො අර කිව්වත් වගෙ උඹ ඔට්ටුව නං පරාදයි...
උඹ පාරෙ යන දවසට පොඩ්ඩක් කලිං කියපං
හූ කියන්ඩ එහෙම කට්ටිය එපැයි... නැද්ද??

පිණිබිඳු... said...

"සතුට වැඩි කමටද මන්දා බාල්දියත් ළිඳට වැටුණා ….."

ඈ කොල්ලො මට තියෙන ප්‍රශ්නෙ තමා බාල්දිය ලිඳට වැටුනට පස්සෙ ලිඳට පැනලද ඊට පස්සෙ නෑවෙ කියලා. හික්ස්.

Anonymous said...

මලේ මොකද්ද බං වරිගේ... Toyota ද Mazda ද Honda ද?

මාරයාගේ හෝරාව said...

කවුද කියන්නේ මූ ඔට්ටුව පරාදයි කියලා..?
"අඩෝව්! බොස් ගේන කාර් එක ලා දුඹුරු පාට නොවුණොත් මම රෙදි ගලවගෙන පාරේ යනවා"

බොස් ගේන කාර් එක "ලා දුඹුරු පාට නොවුනොත්"..ටිකක් කල්පනා කරහල්ලා..මූ අම්බ කපටියා... ඇයි යකෝ මුංගේ ඔය පාරවල් වල දවසක් ගියාම ඒ වාහනේ ලා දුඹුරු වෙන්නේ නැද්ද..?
අනික මේකා කියලා නැහැනේ බොසා ලා දුඹුරු පාට කාර් එකක් ගේනවා කියලා..කියලා තියෙන්නේ..ලා දුඹුරු වෙනවා කියලා විතරයි...

මකුළුවා..... said...

අනේ බං බොට තිබ්බේ කාර් එකේම නැගලා චූං එකේ ආපහු ඔෆිස් එකට ගිහින් බයිසිකලේ තැගලා ආපහු එන්නනේ.....

Podi Kumarihami said...

මට නම් මේ කතාව කියවලා හරිම හිනහයි. ආයම ලංකාවට ආවාම අර පින්තූරේ තියනවා වගේ දෙමුහුන් කාරෙකක සඳරූලාගේ ගමට ඇවිත්, සඳරූව ගම වටේ ගෙනියන්ට ඕනි.:D

රන් සමනළියක් said...

අයියො සදරු මොන දේ වුනත් තමන් ගාව හැම වෙලේම ඉන්න බ්යිසිකල් එක අමතක කරපු එක නම් වැරදි හොදද?

Thusitha (දිමා) said...

"අඩෝව්! බොස් ගේන කාර් එක ලා දුඹුරු පාට නොවුණොත් මම රෙදි ගලවගෙන පාරේ යනවා"
කපටිය......

jhothishalanka said...

මේ වගේ ලිපියක් කියවපුවමත් දෙමුහුන් වාහනයක ගියා වගේ සනීපයි.(ඇත්තමයි.)

ලකී සිරි said...

උඹ හරිම සුන්දර නිහතමානි කොල්ලෙක් මල්ලියෙ. මට ඔය වයසෙදි මෝටර් බයිසිකලයක් වත් තිබුනෙ නැහැ. කොම්පියුටරයක් නම් දැකලවත් නැතිව ඇති. ඒත් අද කාලෙ වෙනස් වෙලා. උත්සාහය සහ කැපවීම තියනවනම් අපි අවුරුදු 10 න් කළ දේ , ඔයාට ඊට වඩා ගොඩක් කෙටි කාලයකින් ලබා ගන්න පුලුවන්.
උඹගෙ අලුත් කාර් එක ගැනත් දවසක මේ බ්ලොග් එකේම ලියනවා කියලා හිතට ගනින්. හැබැයි ඒක ගන්න ඕන ඔයා හරි හම්බ කරන සල්ලි වලින්.
ඒත් ඊට ඉස්සර මම ආයෙත් බොන්නෙ නැහැ කියන පොස්ට් එක ලියන්න වෙයි..............ජීවිතය ජයගත්ත මිනිස්සු වෙන කරන්න දෙයක් නැති නිසා මත්පැන් බිව්වට, අරක්කු වලින් ජිවිතය ජයගන්න පුලුවන් බාර් අයිති කාරයට විතරයි,

Anonymous said...

ඕකනෙ කියන්නෙ බොලාට මුල මතක් අනෑ නෙව. ඇයි යෝදයො බයිසිකල් ක‍ටුව ඩිකියෙ හරි වහලෙ උඩ හරි ගැටගහගෙන නාවෙ. අපරාදෙ නෙව බස් ගාස්තුව.

ඒක නෙමෙයි, අනේ මේ මාවත් එක්ක පලයල්ලකො තියෙන එකෙක් ඔයි හයිබිරිඩ් හුචක්කුවක එක දවසක් ආසාවට.

හීනියට.... said...

හික්....මරුම ජෝගිය බO.......

ඒක් නෙමෙයි, අර යකඩ වලිය කියෙව්වෙ අදයි ඔන්න. පට්ට සීන් එක බO.....අර කෙල්ලො දෙන්න නොහිටින්න උන් උඹව මරල දානව....

මට මෙහෙ එකම එක යාලුවෙක්වත් නැහැයි කියහන්කො....පරිප්පු කාලම තදේටම හිතට අරන් ඉන්නේ එපා ඔය පාහර යක්කු කියල.....

කතන්දර Kathandara said...

ඇවිද්ද පය දහස් වටී.
හැබැයි මායා රංජන් ගේ පලාතේ නොවේ!

හිස් අහස said...

@පූසා= උඹත් නිසාචර පූසෙක් නේ ! රෑටත් ඇහැරලා .යකෝ කාර් එක ගෙනාවේ මගේ බොස් නැතුව මම නෙවේ ! ඔහොම කීවනම් මට ගහලා පන්නයි
......................................................................................................................................................
@නිම්ශා = අනේ ඉතින් මටත් පොඩ්ඩක් විතර අමතක උනා බයික් එක වගේද අනේ ඔයවගේ කාර් එකක්ක රවුමක් යන්න ලැබීම ?
......................................................................................................................................................
@Dinesh = මාරේ අයියාගේ පිහිටෙන් මචං මම ඔට්ටුව මග හැරියා ! නැත්තං සොරි තමා ..
......................................................................................................................................................
@Anonymous = මේ මචං මම හෙවුවා දැන් තමා හම්බ උනේ මෙන්න ලිංක් එක දැම්මා කාර් එක මේකමයි http://hybridtopcars.com/images/toyota-prius-exterior-red-6163.png
......................................................................................................................................................
@රොබින් = මම අවිහිංසක කොල්ලෙක් රොබින් අයියා ..
......................................................................................................................................................
@සොඳුරු සිත = අපේ මැනේජර් අයියා මූනු පොත පුරාම බොස් ගේ කාර් එකේ පින්තූර වැපිරුවා නේ .. ඔයා ඒක දැක්කද ? ..ඔයාගේ බොක්කටම වදින ප්‍රසන්සාවට ස්තූතියි අක්කේ .. කොහොමද කාර් එක එල නේ ?
......................................................................................................................................................
@Ashoka = බොහොම ස්තූතියි මචං උඹගේ අදහසට ..මාව හැමදාම දිරිමත් කරන කෙනෙක් තමයි මචං උඹ ..
......................................................................................................................................................
@මාරයාගේ හෝරාව = මම පැන්න ගමන් ඔට්ටුව ඇල්ලුවේ බොස් මට කලින් කීවා කාර් එක ලා දුඹුරු කියලා ඒත් මෙයා ගෙනාවේ රතු නේ ! වෙලාවට මාරේ අයියාගේ අදහස දැක්කේ ! අයියේ උඹ නිසා මම අද රෙද්දක් ඇඳගෙන පාරේ බැහැලා යනවා . උඹට ස්තූතියි !
......................................................................................................................................................
@මධුරංග = මචං මධුරංග අයියේ .. උඹට කියන්න ඒක ඇතුල පට්ට සීතලයි බං බම්පර් වෙනවා හිටු කියලා ඒවගේ එකක නොගිය අපි ඉඳලා කුමකටද ? එන්ඩ දවසක මමත් එකක් ගන්නවා එදාට ඒකේ යමු
......................................................................................................................................................
@Anonymous 2 = නෑ නෑ මචං ඒ දෙවර්ගයම නෙවේ මෙන්න මේ පාටමයි මේකමයි http://hybridtopcars.com/images/toyota-prius-exterior-red-6163.png
......................................................................................................................................................
@Praසන්ன = මට මොහොතකට මාවත් අමතක උනා අයියේ ! ඇයි බං මම ජීවිතේට ඔයිං එහෙක ගිහිං තියා දැකලාවත් නෑ නේ !
......................................................................................................................................................
@Ravi = ඔට්ටුව පරාදයි තමා තව ඩිංගෙන් !බොස් මට මුලින්ම කීවේ දුඹුරුපාට එකක් ගේනවා කියලා ඊටපස්සේ එයා නොකියාම රතු පාට එකක් ගෙනවා .හැබැයි දැන් මම දන්නවා මොකද්ද කල යුත්තේ කියලා ..මාරේ අයියාගේ උපදෙස් පිලිපදිමි ..බොස් මාව සස්පැන්ඩ් කරයිද බං අප්පෝ අපේ බොසා ගල් හදවතක් තියන හිට්ලර් වගේ කෙනෙක් ..ස්තූතියි රවී. හැමදාම වගේ අදත් දුන්න ගැම්මට ..
......................................................................................................................................................
@hare :-) = ඇත්තටම කීවොත් මචං මම සති දෙහෙක ඉඳලා රෙඩි උනා මම ලියන කියන දේවල් ගැන සමහරක් තැන් ඔයාගේ බ්ලොග් එකෙනුත් ඉගන ගත්තා ස්තූතියි
......................................................................................................................................................
@කල්හාර දිසානායක = බොහොම ස්තූතියි කල්හාර අයියා ඔයා මාව එහම හැඳින්නුවාට ..සමහර විට ගමේ තැග්ගැහෙන හින්දා වෙන්න ඇති එහෙම වෙලා තියෙන්නේ ..මටත් පට්ට සතුටුයි ඔබවැනි බ්ලොග් ලියන්නෙක් මගේ බ්ලොග් එකට ආපු එක ගැන

හිස් අහස said...

@Hishan Melanga= මචං මම ගියේ ඩ්‍රයිවිං සීට් එකේ නෙවේ ඊට අල්ලපු සීට් එකේ ! ඩ්‍රයිවිං සීට් එකේ ඉද්දී පත්තර බැලීම තහනම් නේද ? සතුටුයි මචං උඹ මේ පැත්තේ ආව එකට .
......................................................................................................................................................
@hansakinkini= බයික් එක අරගෙන ගෙදර එනකොට වෙලාව අටයි කාලයි අක්කේ ! ඔට්ටුව නම් මාර මාරුවෙන් සේප් කරගත්තා .මම අනික් පහුවදා උදේ ගියගමන්ම කට්ටිය මගේ ඔට්ටුව ඉස්ට කරන්න කියලා බල කලා . වාසනාවට මාරේ අයියගේ කමෙන්ට් එක දැකලා මම තර්ක කරලා යන්තම් බේරි ..යන්තම් මම අදටත් රෙදි ඇඳගෙන පාරේ යන්න හැකි තත්වයක ඉන්නවා
......................................................................................................................................................
@පිණිබිඳු. = අනේ අනේ ! ඇයි අක්කේ අපේ ගෙදර එහා පැත්තේ ඇලක් තියනවා ඒකට ගිහිල්ලා නෑවා .. හවස ඇවිත් අල්ලපු ගෙදර බාල්දිය හොරකම් කරලා පාට ටිකක් ගාලා ලිඳ ගාව තිවුවා ..දැන් හරි
......................................................................................................................................................
@prasanna86k = මච මෙන්න මේ වර්ගේ http://hybridtopcars.com/images/toyota-prius-exterior-red-6163.png
......................................................................................................................................................
@මාරයාගේ හෝරාව = මාරයා නැත්තම් අද මම කපෝති ඔයාගේ උඩ කමෙන්ට් එක දැක්ක හින්දා මම යන්තම් මගේ සායම බේරගත්තා ..තර්ක කරලා කරලා යන්තම් බේරුනා ..බොස් මාව ඇන්ඳුවා නේ අයියේ ..රතු ගෙනවා දුඹුරු කියලා .
......................................................................................................................................................
@මකුළුවා..= උඹ හදන්නේ මාව රැකියා විරහිතයෙක් කරන්න නේද මකුළුවෝ ..ගෙදර ආවාට පස්සේ තමා දන්නේ බයික්කේ නෑ කියලා .
......................................................................................................................................................
@Podi Kumarihami = එහෙම දෙයක් කරන්න ඕන්නෑ නෑ මට වචනෙත් ඇති ඔයා සිරාවටද කීවේ ? ඔයා වගේ වලවු කාරියක් මම වගේ පීඩිත පන්තියේ එහෙකුට එහම කියපු දෙයම මට ඇති..ස්තූතියි පොඩ්ඩි හදවතින්ම
......................................................................................................................................................
@රන් සමනළියක් = අමතක කලේ නෑ අයියෝ අමතක උනා නේ ! ඔය වගේ අවස්ථාවක ගැමියෙකුට තමන්ගේ බිරිඳවත් අමතක වෙනවාලු .
......................................................................................................................................................
@Thusitha (දිමා) = දුඹුරු පාට වේවි තව ටික කලකින් නැද්ද දිමා ?
......................................................................................................................................................
@JHOTHISHALANKA = මගේ දෛවයේ නම් ලියැවිලා නැතුව ඇති මේවගේ කාර් එකක් මම ගන්නා බව කවදාකවත් මට හිතෙන්නේ එහෙමයි

හිස් අහස said...

@Luckey = ඔයා මට දීපු ප්‍රසන්සාවට බොහොම ස්තූතියි .මමත් පරිගණකයක් මුලින්ම ගත්තේ 2007 වසරේ තමයි ලකී.. මම හම්බ කරන දෙයින් කාර් එකක් ගන්නම් බෑ ඒත් යන්තම් මාසේ ජීවත් වෙන්න පුලුවන්.මගේ අම්මගේ සල්ලිවලට තමයි මම බයික් එක ගත්තේ .මට සල්ලි නැති උනාට එයාට තියනවා . මම ඒත් අම්මගෙන සල්ලි ඉල්ලන්නේ නෑ .බැරිම අවස්ථාවක හැර .මචං දවසක මට හරිහමං කෙල්ලක් සෙට් උනදාට මම මේ බින එක නතර කරනවා .සත්තයි .! මේ කමෙන්ට් එකට බොහොම ස්තූතියි ලකී
......................................................................................................................................................
@nawammawatha = ඒ කාර් එකේ ඩිකියක් නෑ අයියේ බස් ගාස්තුව වගේද බං මට අලි ගැහුවනම් එහම .මම බොස් ගේ කාර් එක හයිජැක් කරන්නම් .. අපි රවුමක් දාලා ආයිත් ගෙනල්ලා යතියමු .
......................................................................................................................................................
@Heeniyata = යකඩ බජාර් එකේ උන් තවම මා එක්ක තරහයි මම වැරදිලාවත් ඒ පැත්තේ යන්නේ නෑ මචං ඒත් මගේ අයියා පහුගිය ජන්දෙන් පස්සේ නගරාධිපති උනා .දැන් මම උන් එකෙක්ටවත් බය නෑ මවං ..
......................................................................................................................................................
@Kathandara = ඔයානම් කියයි කතන්දර අයියේ ! පයින් ගියානම් අර අලි දෙන්නා එකතු වෙලා මාව මරලා දානවා . කවුද ඒ මායා රන්ජන් ?

රොබින් said...

It's a 2010 Toyota Prius මලයා. 55, ක් වගේ වෙයි

priyantha said...

මට බාගෙට කියවද්දිම හිතුනේ බයික් එක දාල එන්න ඇති කියලමයි. මල්ලියේ අපිට ඇති වටිනාම දේ අපි අමාරුවෙන් ගත්ත එකයි. ඒක ෆුට් සයිකලයක් උනත් හයිබ්‍රිඩ් එකකට වඩා වටිනවා.
@ පොඩ්ඩියෝ
සඳරූ නම් එකපාරක් ගියා. මට නම් තාම එකපාරක් වත් යන්න බැරි උනා. මාවත් රවුමක් එක්ක යන්න බැරි වොයිදෝ...???

හසී said...

හික් හික් කොහොමින් හරි කාර් එකේ ගියානේ

Hishan de Silva said...

@හිස් අහස
මම කිව්වෙ උඹ ගිය ඔය සීට් එකෙ යන මහත්වරු ගැනම තමා. ඔය කොළඹ ලොකු ලොකු බෙන්ස් කාර්වල යන මහත්වරු සාමාන්‍යයෙන් ඩ්‍රයිවින් සීට් එකේ යන්නෙ නැහැ. මොකද ඒ අයට තමංගෙ වාහනය පදවන්න වෙනම ඩ්‍රයිවර් මහත්වරු ඉන්න නිසා. ඒ වගේ මහත්වරු පත්තරයක් එහෙම කියව කියව ෆුල් ඒ/සි එකේ යන්නෙ උඹ ඔය ගිය සීට් එකේම තමා.
ඉතින් දවසකට හරි බොසා උඹේ ඩ්‍රයිවර් උන්නැහේ වගේ පෙන්න ගන්න පුළුවං කොරොමයකට තමා මම පත්තරේකුත් අරං ඔය සීට් එකට වෙලා කියව කියව යන්න කිව්වෙ. ඉංග්‍රීසි පත්තරයක් නම් වඩා හොදයි.

networkdisa said...

මචෝ අර වල් අලි පෙම්වතා පදිරි කරපු හැටි තව ටිකක් පැහැදිලිව කියල දීහන්කො. මරැ කතා පොජ්ජ.

Anonymous said...

ආයෙමත් බස් එකේ ගිහින් බයික් එකේ එද්දී උඹ අර ඇඟිල්ල උස්සලා පෙන්නපු අලියෝ ​දෙන්න උඹේ පස්සෙන් ආවේ නැද්ද හොඬවැල උස්සගෙන........... :D

-සෝරෝ

හා පැටික්කි (MS) said...

අපරාදේ හෙට උදේටත් සර්ගෙන් ලිෆ්ට් ගන්න තිබ්බ චාන්ස් එක නැන්දා කෑවා.............

හිහ්..... බොස්ට කියන්න බොස්ගේ කාර් එක බ්ලොග් අවකාශේ හැමෝම වටවෙලා බලලා ලස්සනයි කිව්වා කියලා.

පැන්ඩා said...

කාලෙකින් බ්ලොග් අවකාශෙට පැත්තෙ ආපු මට සුපුරුදු පරිදි සඳරු ගෙ අපුරු පොස්ට් එක සෙට් වුනා..
එළ එළ හෙමින් හෙමින් බොසා එලවන්නත් දෙයි..ඉස්සර අපේ බොසා නම් උදේට බොස් එලවගෙන ආවොත් හවසට මම එලවගෙන යන්න ඕනි..උදේට මම ගෙනාවොත් හවසට බොස් එලවනව..හැබැයි ඉතින් බොසා ගෙ කාර් එක තමයි..මට කොයින්ද කාර්...

හිස් අහස said...

@රොබින් = බොස් කීවේ ලක්‍ෂ හතලිහක් උනා කියලා රොබින් අයියේ ! සමහර විට දැන් ගනං බැහැලා ඇති මයෙ හිතේ .
....................................................................................................................................................
@priyantha = ඔයාට කියන්න ප්‍රියන්ත අයියේ ඒ කාර් එක දිහා බැලුවම හුස්ම ගන්නත් අමතක වෙනවා .මම හිටි තැන ඔයා හිටියනම් සමහර විට ඔයත් එහෙම කරාවි .
....................................................................................................................................................
@හසී = ආයේ ඉතින් සඳරු කීවොත් කීවා .ගියොත් ගියා ..සුදු පුංචා මතක්කරා කියන්න
....................................................................................................................................................
@Hishan Melanga = බලපං මචං ඉතින් උඹත් ඉඳලා ඉඳලා කීව කතාව ඉංග්‍රීසි පත්තරයක් කියවන්න ඇහැකිනම් මම අද මේ ගමේ ඉඅඳීවිද හි ..හි ..අනික මම එහෙම කරානම් බොසා මගේ පස්ස පැත්තට පා පහරක් ගහලා කැලේ මැදදී කාර් එකෙන් එලියට දාවි.
....................................................................................................................................................
Networkදිසා = දිසා මෙන්න මෙහෙමයි මචං මුලින්ම අතේ මැදැඟිල්ල කෙලින් කරගන්න! ඉන් පසු අනෙක් ඇඟිලි පහම නවා ගන්න! දැන් ඕක කාට හරි පෙන්වලා මෙතන කමෙන්ට් එකක් දාන්න බලන්න ...නැතත් කමක් නෑ මම හිතා ගන්නම් වෙච්ච වැඩේ !
....................................................................................................................................................
@සෝරෝ = උඹ දෙයියෙක්ද පුතේ නැත්නම් උඹ සාස්තර කාරයෙක්ද ? උඹ කොහොමද ඒක හරියටම කීවේ ? මම ෆොටෝ ගහගත්තා ඉඳපන් මචෝ මම ලඟදීම ඒකත් දාන්නම් .
....................................................................................................................................................
@හා පැටික්කි= අප්පෝ බොස් එක්ක එන්න බෑ එයා එන්නේ හිටි හිටි ගමන්..මම මේක බ්ලොග් එකේ දැම්මා කියලා දැගත්තොත් එයා මාව රැකියා විරහිත නිකමෙක් බවට පත් කරාවි .
....................................................................................................................................................
@පැන්ඩා = බොරු කියන්න එපා ! පැන්ඩා අයියා ඔයා මටද බොරු කියන්නේ..? අනේ බලපල්ලා ! මේ පැන්ඩට කාර් එකකුයි ජීප් එකකුයි දෙකක්ම තියනවා.ඒත් මේකා මට කියනවා කාර් නෑ කියලා .හිතට දුකයි බං පපුව පැලෙන්න වගේ

දේව් ගේ අඩවිය said...

http://sadaru-world.blogspot.com/2011/05/blog-post_24.html

චතුවා said...

ඔයා වැඩ කරන තැන පොඩ්ඩක් කියන්න..
අනේ නෑ. බොස්ට මේ බ්ලොග් එකේ ලින්ක් එක දෙන්න එහෙම නෙවේ.. මං එහෙම කැත වැඩ කරනවාද..

@නිම්ශා.. බයික් එක උස්සන් එන්න ඕනේ නෑ නංගියේ.. පැදගෙන එන්න පුලුවන්නේ.. :P

පැන්ඩා said...

අඩෙ එව මගෙ නෙවෙ නෙ බං ඒව අපේ අප්පොච්චිගෙ..මට තියෙන්නෙ පුශ් එකක් විතරයි..උඹ්ට අඩුම තරමෙ මොටාර් බයික් එකක් වත් තියෙනව නෙ

Bindi said...

මම ඊයේ දාපු comment එක පොස්ට් වුනේ නැහැ. එත් මට කියන්න ඕන වුන දෙය හුඟක් අය කියලා. අපිත් සීසන් කට්ටෙන් ලංගම බස් වල එල්ලිලා ගිය අය මල්ලි. එදාට වඩා අද හොඳයි. අනික තාක්ෂනය අතිනුත් ඔයාල අපිට වඩා වාසනාවන්තයි. ඈත ගමක ඉන්න ඔයාටත් පරිගණක ලෝකයේ පිනුම් ගහන්න පුළුවන්. අපිට ඒවා කියවන්නත් පුළුවන්. මෙහෙ නම් ලොකු පොඩි බේදයක් නැහැ. බොහොම අය යන්නේ බයික් වල. [ඕනෑම සුපිරි වාහනයක් වුනත් පාරේ දකින්නත් පුළුවන්. ] බයික් වල ගෙන නොයන දෙයක් නැති තරම් . අපි බාගේ ලොරියක ගෙනියන බඩු මෙයාල බයික් එකේ ගෙනියනවා. කොට සාය කැලි ඇඳලා හුරුබුහුටි කෙල්ලෝ බයික් වලම තමයි ගමන බිමන. මෙහෙ අවොත් ඔය ඔයාගේ බයික් එක[ බයිසිකලයක් වුනත්] ගැන නම් කිසිම ලැජ්ජාවක් වෙන එකක් නැහැ.

නචියා said...

නියමයි මචං.... එලටම ලියලා තියවා..... උබටත් එකක් ගන්න ලැබෙයි............

හිස් අහස said...

සදරු ගේ ලෝකය = ආ මම දැක්කා මම දැක්කා අදහසකුත් දැම්මා !
....................................................................................................................................................
@චතුවා (ළමයා)=ළමයා මචං මම වැඩ කරන්නේ අපේ පලාතේ තියන IT Institute එකක උගන්වන්නෙක් හැටියට .ඒකේ FIT , BIT , A+ , MCP , සහ AAT වගේ පාඨමාලා වලට දේශන පවත්වනවා .. ඒකේ නම කියන්න මට නිකම් මොකද්ද වගේ මොකද කියනවා නම් අපේ ඉන්ස්ටිටියුට් එකේ ළමයි වගයක් මේක බලනවා මම දැක්කා ..මට මේල්ලුවක් දාන්න මම වැඩි විස්තර කියන්නම් .
....................................................................................................................................................
@පැන්ඩා = පැන්ඩයියේ බයික්කෙත් මගේ නෙවේ ඒක අපේ අම්මගේ .මට කොහේද බයික් ගන්න සල්ලි ..
....................................................................................................................................................
@Bindi = ඊයේ බ්ලොග් වල කමෙන්ට් කිරීමේ පොඩි අවුලක් තිබුනා තමයි .. ඔයා ලියන බ්ලොග් එක මම ඳුරාගත්තේ මෙන්න මේ කමෙන්ට් එක නිසා ඒක කියපු ගමන් මම ඒ බ්ලොග් එකේ රසිකයෙක් උනා .ඔන්න මගේ බ්ලොග් එකටත් ඒකේ සබැඳුමක් දාගත්තා ..
....................................................................................................................................................
@නචියා = ස්තූතියි නචියා ..මමත් එකක් ගන්න ඕන ..(හොරෙන්) :)

neetha said...

ඔයාගේ නිහතමානි කම නිසා මේ සිද්දිය විස්තර කලාට කාර් එකකකින් නොගිය අයවත් ඔයවාගේ ලියන්නෙ නැහැ සඳරූ.

කොහොම උනත් බොස්ගෙ දෙමුහුන් වාහනේ ගේන බව දැනගෙන ඔයා සතුටින් හිටිය විදිහත් ඔය ගොල්ලො ඔට්ටු ඇල්ලුව විදිහත් වාහනේ ගිය විස්තරත් හරි අපූරුවට ලියල තියනවා.කවදහරි කාර් එකක් අරගෙන ඒ විස්තරත් ලියන්න හොඳේ.

(කොහොම උනත් ඔයා ඔට්ටු අල්ලපුදේ කරන්න උනේ නැහැනේ? )

ayesha said...

ඔන්න ඔයාට සතුටු නම් අපිටත් සතුටුයි

Anonymous said...

ඔක්කොම හොඳයි... ආයිත් බයික් එක ගේන්න බස් එකේ ගිය එක තමයි අවුල.... මාර ගතියට ලියල තියෙනවා සඳරු....

Unknown said...

අනේ මම දන්නේ නෑ බං උඹනම්. යකෝ මට පුකෙනුත් එක්ක හිනහයි උඹ ගැන දන්න හින්දා. මේකේ සමහර කමෙන්ටු දැක්කම තවත් ආතල්. මේකාට කාර් එකක් ගන්ඩ බැරිකමකුත් නෑ මේ වගේ පෝස්ට් එකක් දැම්මට. මොනවා උනත් සුපිරිම සුපිරියි.

සමනළී... said...

ෂා....මරු..හිනාවෙලා බඩ පැලුනෝ...:D පවු... බය්ක්පොජ්ජට දුක හිතෙන්න ඇති හාම්පුතා එයාව අමතක කරල කාර්පොජ්ජේ යනව දැක්කහම....:P ;) :D

රත්ගමයා said...

හික් හික්...දැන් ඉතින් අපිට පාටි දියව්...ඔයින් වාහනයක යන්න පෙර කල කුසලකර්ම වල ආනිසංස තියෙන්න ඕනා

Hasitha Gunasinghe said...

එළ එළ සඳරු කොල්ලා. අපිටත් ආඩම්බරයි අපේ කොල්ලෙක් ගිය උඩ ගැන. කොටින්ම මේ කොළඹ රටේ ඉදලා මටවත් තාම ඕකක යන්න වුනේ නැහැ නොවැ. ඉස්සරහට බයික් නැතුව හොඳ කාර් එකක් ගන්නත් සඳරු සර්ට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කොරනවා :))

අපරාජිතයා :::: Aparajithaya said...

හේ හේ අඩෝ මට මැදක් කියවද්දී හිතුනා කෝ උඹ උදේ ගිය බයික් පොජ්ජ අලියද ගෙදර අරන් අවේ කියල ඔය ලෙසටම වෙලා තියෙන්නේ..........

Ashoka said...

මටත් දෙමුහුන් රථයක් තියෙනවා නමුත් සඳරුගෙ බොස්ගෙ වගේ අළුත් එකක් නෙමෙයි. දුප්පත් පරන එකක්. 1997 මොඩල්. කොහොම උනත් මෑත කාලයේදී දෙමුහුන් රථ ගන්න හිතපු ගොඩ දෙනෙක් මගෙන් විස්තර ඇහුවා මොකද මම බොහෝ කලක් සිට මේක පාවිච්චි කරල සුර ලොව වගේම අපායටත් ගිහින් අත්දැකීම් ඇති නිසා.

සඳරුගේ පෝස්ට් එක දක්කම මට හිතුනා ඒ විස්තර ටික පෝස්ට් එකකට දම්මොත් සමහරවිට දෙමුහුම් රථ ගැන විස්තර හොයන අයට ප්‍රයොජනවත් වෙයි කියලා.

ඉතින් මෙන්න ඒක. අපි නොදන්න ප්‍රියස්

සාබිත් said...

මරු මරු ..මාත් අලුත්..sup එකක් දෙන්න.
www.sabithl.blogspot.com

පිස්සා පලාමල්ල said...

මට අහිංසක සතුටක් දැනුන බන් මේක කියවල....

Teena said...

හොඳ වෙලාවේ මං මේක ගෙදරදි කියෙව්වේ. හිනා කාලා මැරෙනවා. කතා දෙකක් නෑ නියමෙට ලියන්න පුළුවන් කෙනෙක් මල්ලි ඔයා..

pandukabaya said...

මටත් ඔය කාර් හයිබ්‍රිරිඩ් කාර් එකක් මුලින්ම පාවිච්චි කරන්න ලැබුනු දවසේ ඇබැද්දි ගොඩකට මුහුනපාන්න උනා. ජීවිතේට ටොයෝටා ප්‍රිරියුස් එකක් අල්ලාවත් නැති මට අපේ අයියාගේ මගුලට ගෙනාපු කාර් එකේ ආතල් එකක් ගන්න ලැබිච්ච දවස නම් අමතක වෙන්නේ නෑ. හැබැයි මම මේ හයිබ්‍රිඩ් කාර් වලට ආස නෑ. ඒවා සංකීර්ණ වැඩියි

මැරා... said...

සදරැ සහොදරයා කතාව මැද්දි මට උබෙන් ප්‍රශ්ණයක් අහන්න ඔන උනා අහන්නද ? " කො යකො බයික් එක ! "

ගිනි කුරුල්ලා said...

හික්ස්...ගොඩක් පහුවෙලා කියවපු නිසයි මෙහෙම් පරක්කු වෙලා කමෙන්ට් කරන්නේ.කියන්න දෙයක් නෑ අයියේ සිරාවටම ලියල තියෙනවා.:D :D
මට කාර් එකට නගිනකොටම හිතුනා මොකද්ද අර දුප්පත් බයිසිකලේට උනේ කියල..ඔය වෙලා තියෙන්නේ ඉතින්.:D
තව එකක්.අර කවුද කියල තියෙනවා වගේ හැමදාම උඹේ ඔය අහිංසක නිරහංකාරකම එහෙමම තියාගනින් අයියේ...
ජය වේවා!

මාධව විදුරංග said...

matat ohoma ekak thiyanawa land rover 1ka giya gamanak gana lianna bn! sapa nam sapa! ekama eka paarai giyee! :D :D

ටීම් ට්‍රැවලර්ස් said...

සදරුවා මෙහෙනම් මචං කාර් තිබ්බත් බයික් එකේ තමා ගමං.
බයික් එකේ මට ගෙදර ඉදන් ඔෆිස් එන්න කිලෝ මීටර 9 එන්න විනාඩි 45ක් යනවා උදේට. එච්චර බ්ලොක් එක. කාර් එකක ආවොතිං මචන් කට කපලා පැය එකහමාරක් සුවර්ම තමා.
බයික් එකට වැඳපං.

නවෝ!

Post a Comment

තැන්කූ බං