30.11.11

සොඳරි හඬා වැටුණු එක් මූසල රාත්‍රියක්..!


  එදා දවස පුරාම පොද වැස්ස වැටෙමින් තිබුණා මතකයි. කුප්පි ලාම්පුවේ එළියෙන් ලොක්කයියයි මායි දාං අතක් අදිමින් උන්නා. අම්මයි , නැන්දයි දෙන්නා කුස්සියේ දුම් ගහමින් රෑ කෑම වේල උයනවා .වෙලාව රෑ අටත් පැනලා ..එක පාරටම මහ වත්ත පැත්තෙන් ඇහුණේ මහා මල මූසල මුස්පේන්තු හඬක් . !!

බඩ පපුව හීතල කරගෙන යද්දී අපි දෙන්නම එක පිම්මේ දුවලා ගිහිං නතර වුණේ කුස්සියේ .

ඒ මූසල විලාපය කනට වැටුණු දවස් වෙනකොට අපි යන්තම් සිස්සත්තෙට මූණ දෙන පොඩි එවුන් වග ඇත්ත . ඒත් ඒ එදා මට ඇහුණු විලාපය මතක් වෙද්දි එදාට වඩා සෑහෙන අවුරුදු ගාණකින් වයසින් වැඩුණු මගේ හිත අදටත් ගැස්සිලා යන හේතුව මම තවම දන්නේ නෑ .

"
ඔය කෑගෑවේ සොඳරි !! උඹලා බය වෙන්න එපා ! ගෑනු ඉන්න තැන් වලට සොඳරි එන්නේ නෑ . නැන්දා එහෙම කීවේ ලිපේ තිබුණු පරිප්පු හොදි එක පොල්කටු හැන්දෙන් හැඳිගාන අතරේ .

ඔය කියන කාලේ අපේ ගමට කරන්ටෙක ලැබිලා තිබුණත් . අපේ දිහෑවට කරන්ටෙක ලැබිලා තිබුණේ නෑ . මොකද කීවොත් ඒ වෙනකොට මම උන්නේ මයෙ තාත්තට රජයෙන් දීලා තිබුණු කෝටස් එකේ . ඉතින් ඒ කෝටස් එකට කරන්ටෙක ගන්න අපිට පුළුවන් කමක් තිබුණේ නෑ !. තාත්තා නැති වුණාට පස්සේ අපිව එතනින් එළවාගන්න තිබුණු උවමනාව නිසාමද කොහෙදෝ අපිට කරන්ටෙක අරන් දෙන්න වගකිව යුත්තන්ගේ කිසිම උනන්දුවක් තිබුණෙත් නෑ !

ඒ වෙද්දි ලයිට් එළිය දකින්න පින නැති පළගැටියෝ වෙච්චි අපි ජීවිතේ එළිය කරගත්තේ ගෙදර හදාගත්තු කුප්පි ලාම්පුවෙන් තමයි . මුලු ගෙදරම කට්ට කළුවර මකන්න කුප්පි ලාම්පුවේ එළියට බැරි වුණත් කුප්පි ලාම්පු දෙකකින් විහිදුණු එළියෙන් අපි හැමෝම සෑහීමකට පත් වෙන්න පුලුවන් වුණා . එක ගෙයක ලාම්පු තුනක් පත්තු කරන්න හොඳ නැතෙයි කියන්නේ !

ලිපේ උඩ පැහෙමින් තිබුණු පරිප්පු හොද්ද හැඳිගාලා ඉවර වෙච්ච නැන්දා ලිප ගාව තිබුණු කොස්ස අතට අරගෙන ඉස්සරහා දොර ගාවට යන හැටි ලොක්කයියයි මායි බලාගෙන හිටියේ හරිම කුතුහලෙන් . ඉස්සරහා දොර යන්තම් ඇරපු නැන්දා කොස්ස එළියට වීසි කරලා දාලා ආයෙමත් දොර වහලා දොර පොල්ල තද කළා .

"
ඇයි නැන්දා ඔයා කොස්ස එළියට විසික් කෙරුවේ ?”

හිතට නැඟෙන හැම ගැටළුවකටම ඒ මොහොතේම පිළිතුරක් ලබා ගන්න උත්සාහ කරපු එක මගේ පොඩි කාලේ හැටියක් .

"
සොඳරි ඉලපතට , කොස්සට වගේ ගෑනුන්ට අයිති දේවල් වලට බයයි !”

මම ලොක්කයියා කීවේ මයෙ නැන්දගේ පුතන්ඩියාට. ඒකා මට වැඩියෙ අවුරුද්දකින් වැඩිමල් ! ඉගන ගන්නත් මට වඩා බොහොම දක්‍ෂයි . දාං අදිද්දිත් ලොක්කයියා මාව නිතරම පරද්දනවා . උගෙයි මගෙයි සමාන කමකට කියලා තිවුණේ අපි දෙන්නගෙම තාත්තලා කොටි වෙඩි තියලා මරාදාලා තිබුණ එක විතරයි .

"
උඹ සොඳරිව දැකලා තියනවද මලේ ?

වහලේ දිහෑ බලාගෙන බර කල්පනාවක උන්නු ලොක්කයියා මගෙන් එහෙම අහද්දී මගෙ හිත ගැස්සිලා ගියා .

"
නෑ කවදාකවත්ම දකලා නෑ ටීවී එකේවත් දැකලා නෑ ගැහෙන හදවතින් මම උත්තර දුන්නා .”

පරිප්පුත් එක්ක බත් කන අතරේ නැන්ද අපි දෙන්නට සොඳරිගේ කතාව කියන්න පටන්ගත්තා . යන්තම් කළුවර තැනක හිටපු අපි දෙන්නා බය හින්දම කුප්පි ලාම්පුව ළඟට කිට්ටු වුණා ‍‍

"සොඳරි කියන්නේ ළමයෙක් හම්බුවෙන්න උන්නු ගෑනු කෙනෙක්ලු . බොහොම ලස්සනයිලු . ඒ වුණාට ඉතින් සොඳරිගේ මනුස්සයා සොඳරිට නිතරම සලකලා තිබුණේ හරිම නරක විදිහටයි කියලයි මම අහලා තියෙන්නේ .

"
ඉතින් ඉතින් ...?කුතුහලය නිසාම අපි කතාව අහගන්න පුදුම විදිහට නොයිවසිල්ලෙන්

"සොඳරි ළමයාව වදන්න බොහෝම කිට්ටු කාලෙකදී දවසක් සොඳරිගේ මනුස්සයා සොඳරි එක්ක දබරයක් ඇති කරගෙන තිබුණා . ඉතින් ඒ මිනිහා සොඳරිට හොඳටෝම තඩිබාලා ගෙදරින් එළියට දාලා දොර වහගත්තා . අනේ ඉතින් බඩට වැදුණු පාපහරක් නිසා සොඳරිට හොඳටෝම අමාරු වුණා වතුර පොදක්වත් හොයා ගන්න හිතාගෙන කැලේ පැත්තට බඩගාගෙන යද්දි සොඳරි කැලේ මැද්දෙම මියැදුණාලු ..”

"
ඉතින් ඒකද කතාව ?”

"ඉවර නෑ , සමහරු කියනවා එදා ඒ විදියට මියැදිච්ච සොඳරි අද පිරිමි සංහතියටම වෛර කරනවාය කියලා . ඔය ඇහුණේ විලිරුදාවෙන් කෑගහන අම්මන්ඩියෙකුගේ හඬ නේද ? කාටත් ඇහෙන්නේ ඔය හඬ විතරමයි කාටවත් ඔය සොඳරිව දැක ගන්න නම් බෑ දැක්ක කෙනා ජීවත් වෙන්නෙත් නෑ .

නැන්දාගේ කතා විලාසයට මගෙ බඩ පපුව හීතල වෙලා ගියත් මම බය නැති බව පෙන්වන්න ගොඩක් උත්සහ කළා


"පිරිමියෙක් ඔය වෙලාවේ එළියට බැස්සොත් සොඳරි උගෙ බෙල්ලේ එල්ලිලා පහුරු ගාලා මරලා දානවලු . ඒත් ගෑනුන්ට නම් පණ බයයිලු . දැන් ඔය හඬ ඇහුණදා ඉඳලා දවස් හතක් ගිය තැන ගමේ කොතැනක හරි පිරිමියෙක් ගේ මල ගෙයක් අපිට ආරංචි වෙන්නැද්ද කියලා බලපල්ලකෝ . !”

අපි පිරිමි තමයි ඒත් ඒ වෙනකොට යන්තම් ඇටෙන් පොත්තෙන් එළියට එමින් හිටි පොඩි එවුන් වෙච්ච අපි ඔය විකාර කතා , ඕනෑවටත් වඩා පිළිගත්තා . මුත්‍රා බොක්ක පැලෙන්න තරම් චූ බරක් හැදිලා තිබුණත් නැන්දා කීව කතාව නිසා එළිය බහින්න තිබුණු බයට ගේ ඇතුළේ තිබුණු බාජනේකට චූ කරලා බයේ ගැහි ගැහී ඈඳට වැටිලා නිදාගන්න හදාපු එදා ඒ මොහොත මට තවම මතකයි හරියට මේ අද වගේ .

පහුවදා අම්මයි නැන්දයි දෙන්නම ගමේ පන්සලට ගිහින් බෝධි පූජාවක් තියලා පිරිත් වතුර බෝතලයක් අරං ඇවිත් ගෙදරට ඉස්සා . එදා ඒ කල දේවල් දිහා පොඩි එවුවෝ වෙච්ච අපි මහ පුදුම භක්තියකින් බලාන හිටියා

ඒත් අද මේ සරීර කූඩුව ඇතුළේ ඉන්නේ ඒ එදා හිටපු මල් පෙති වගේ බොළඳ හිත් තිබුණු පැඟිරි පොඩි එවුන් නෙවෙයි . කාලය ගත වෙලා ගිහින් අපි කරදඬු උස් මහත් වෙච්ච ඉලන්දාරි වෙලා . දැන් මේ හිත් හරියට කලු ගල් ගෙඩි වගේ සවි සක්තියෙන් උපරිමේට පිරිලා . මිථ්‍යා විශ්වාස වලට . නිමිති වලට, දැන් මේ හිත් ඇතුළේ ඒ තරම් තැනක් නෑ, තැනක් දෙන්න අපි කැමතිත් නෑ .

"
විභාගෙට යන්න කලියෙන් නිමිත්තක් බලන්න යමු !”

 
නිතර ඔහොම කියන මගෙ අම්මා කොයි වෙලේත් කේන්දර , බෝධිපූජා , නිමිති හරි හරියට විශ්වාස කලා . හූනෙක් "චික් චික් " ගෑවම කොයි තරම් වැදගත් වැඩක් වුණත් පමා කරා . උදේ හවා දෙවියන්ට පහන තියන එක මහා ලොකු වගකීමක් කියලා හිතාගෙන වැඩ කලා . ගෙදර මිනිස්සු කරපින්නාගෙන ඉන්න මිථ්‍යා විශ්වාස කඩලා දාලා ඒ වැහිච්ච ඇස් අරවන්න මම කොතෙකුත් විශ්වාස කලා ඒත් වැඩක් නෑ .. මම තවම කජු කිරි කොල්ලෙක් ලු මට ඔවුවායේ තියන බලපෑම් තේරෙන්නේ තව ඉස්සරහටලු ..

තල් මලක් පීදුණොත් ගම් හතක් පාළු වෙනවාළු ! , සොඳරි හඬා වැටුනොත් දින හතක ඇතුළත පිරිමියෙකුගේ මරණයක් වෙනවාළු , හූනෙක් ඇඟට වැටුණාම විවිධ සුබ අසුභ දේ සිදු වෙනවාළු . යාළුවෝ ගැන්සියත් එක්ක අඩිය දානකොට නම් ඔවුවා උපහාසෙට අරං හිනා වෙන්න මට හොඳටම පුළුවන් . ඒත් මගේ හිත ඇතුළෙන් මම මේ අවිද්‍යාවත් එක්ක සටන් වදිනවා බොහෝම හෙමින් . මේවා ඇත්තද ? , බොරුද ? , පොඩි හෝ ඇත්තක් තියනවවත්ද ? අමූලික බොරු මනස්ගාතද ? මම තවම හොයනවා .. !

මීට දින කීපයක කලින් සෙනසුරාදා බෝම කාලෙකට පස්සේ අපිට සොඳරිගේ විලාපය ඇහුණා ! අම්මා රේඩියෝ එකේ පිරිත් මහ සද්දෙන් වැඩි කරන අතරේ මම එළියට බැහැලා ටෝච් එක ගහලා හතර අතේ හොයන්න ගත්තේ අම්මගේ නොනවතින දෝස්මුරේ මැදයි .
මෙවුවා මල විකාර

හිතෙන් බැණ බැණ ගෙදරට ආපු මම දොර වහලා දාලා බුදියගත්තා . ඒත් හරියටම ඊට දින තුනකට හතරකට පස්සේ ගෙවල් කීපයකට උඩින් ඉන්න නයනානන්ද මාමාගේ අවමගුලට සහභාගී වෙන්න මට සිද්ද වුණා . !

නයනානන්ද මාමා මගේ ගමේ හිටපු දෙවියෙක් වගේ මිනිහෙක් . මගෙ හොඳම යාළුවා කිතුලා ගේ තාත්තා . ඒ අවමගුලට සහභාගී වෙලා නිදි මැරුව ඊයේ දවසේ රෑ . අපි කතා වුණේ සොඳරි කෑගෑවේ මේ නිසාද කියන එකයි . .. ඒ ගැන අපි කාටවත් හරියට උත්තරයක් හොයාගන්න කවදාවත් බැරි වේවි .

මිථ්‍යා මත පිළිගන්න ඒවා මත්තේ නැහෙන්න තරම් මගෙ හිත දුබල නෑ ඒත් මේ ඇහෙන දකින දේ බොරු කියලා කියන්න තරම් මට හයියකුත් නෑ ! . හිතට එකඟවම කියනවා නම් මම දැන් මේ අමුතු දේවල් ටික ටික විශ්වාස කරනන්න පටන් අරං ..! විකාර කියලා හිතෙන් බැහැර කරන දේ මගෙ ඇස් පනාපිටම සිද්ද වෙනකොට මම කෝමද මේවා බොරුය කියලා හිනහ වෙන්නේ ...!

ජීවිතේ කියන්නේ ප්‍රශ්න ගොන්නක් .සමහර ප්‍රශ්න වලට උත්තර තියනවා . සමහර ප්‍රශ්න වලට උත්තර නෑ .. !
රැයක් තිස්සේ නිදි මරලා ඇවිදින් මේ ඩිංගිත්ත ලීවේ .මාසෙට ලියන ලිපි හත ගහන්නත් වඩා හිත හදාගෙන පොළවේ පය ගහලා ඉන්න ඔනෙ නිසාමයි . ! 
 

* උලමා යන සත්වයා අපේ පලාතේ සොඳරි ලෙස හඳුන්වයි.


120 comments:

ශශී said...

අදනම් මම එක වෙනවමයි බොල

අසරණයා said...

අඩේ... මම දෙක! කිතුලගේ ගෙදර ගියේ නැතෙයි

හිස් අහස said...

අඩේ අද මම තුන

කිතුලගේ ගෙදර ගියා දැන් ආවේ ආයේ හෙට අවසන් කටයුතුවලට යනවා

ශශී said...

හික් හික් ගණන් ගන්න එපා සඳරු මල්ලි ....
මම හැමදාමත් උබේ පෝස්ටු දකින්නෙ පහු වෙලා.
මොකද උඹ ලංකාවෙ වෙලාවෙන් දාපුවහම මෙහෙ වෙලාවත් එක්ක අපි පරක්කුයි .
මම හැමදාමත් පනස්වෙනි කොමෙන්ටුවෙන් එහා පැත්තෙ.
අද මම එක උන එක ගැන මාර සන්තෝසයි..
මචං මමනම් මිත්‍යා විශ්වාස ඒ හැටිම විශ්වාස කරන්නේම නැහැ. හැබැයි ඔය හූනො චික් චික් ගෑවහම එළියට බහින්නෙ නැති සිද්දි වගේ ඒවානම් අපේ ගම් වලත් තියෙනවා....
ඒ වගේ වෙලාවට පොඩ්ඩක් තෙපර බබා ඉඳලා තමා එලියට පහළිඅයට බහින්නෙ.
මමත් ඔය සොඳරිගෙ සීන් එක අහල තියෙන්නෙ අර බෝදිලිමගෙ කථන්දරේ විදිහට.
ඇත්ත නැත්තනම් අනේ මන්දා...
ඒත් ගින්නක් නැතුව දුමක් නඟින්නෙත් නැහැනෙ.

අසරණයා said...

උලම කියන සතා කුරුල්ලෙක්.මං ඌ දැකල තියෙනවා.කලු පාටයි. "කොහා" වගේ.හූ කියනවට අමතරව තවත් විදියකට කෑ ගහනව හූ කියන එකටතමයි ගොඩක් භය හිතෙන්නේ

මහිම මදුරංග said...

මම නම ඕව විස්වාස කරන්නේ නැ
එවුනට අපේ අම්මලා නම් ඕව ඔලුව උද තියාගෙන ඉන්නේ

Anonymous said...

උලමයි ,උළලේනයි දෙකෙක්ය?
මං පුංචි කාලේ , ඔය චරිතය බාර අරන් තිබ්බේ “පොකුට්ටා“ කියන කෝණ්ඩෙ පුංචියට කැරලි ගැහුන , මිටි හාදයා.

සයුරි said...

බෝදිලිමා කියන්නෙත් ඔය සොඳරි ටද සඳරු?

පුදුමේ කියන්නේ මටත් ඉස්සර ඕනම හොරර් ෆිල්ම් එකක් බලලා ගෙදර තනියම නිදා ගන්න උනත් බය නැහැ...ඒත් ලඟදි ඉඳන් ඒක වෙනස් වෙලා...ඔය බය නැති කම එන්නේ එක්තරා වයසකදි විතරක් වෙන්න ඇති

පොඩි මෑන් said...

මිත්‍යා විස්වාස හිතේ තියාගෙන ඉදල අහඹු සිදුවීමක් උනාම අපි හිටනව ඒක නිසා උනා කියල... දැන් ඔය සොදරි කෑ ගහන්නෙ නැතුව උනත් ඔය මල ගෙදර වෙන්න තුබුනා.. එහෙනම් උඹල ඔය ගැන වචනයක් කතා කරන්නෙ නෑ...

ඒ මනුස්සයගෙ වෙලාව ඇවිත්.... සොදරි... උලමා කෑ ගැහුවෙ අහම්බෙන්....

මමනම් ඕව විස්වාස කරන්නෙ නෑ... ඒ මගේ මතේ...

සෙන්නා said...

"සොඳරි" මම ඔය නම ඇහුවමයි ඔය. උලමා කියන්නෙනම් කුරුල්ලෙක් කියලා තමා අහලා තියෙන්නෙ. හැබයි ඌ කෑගහන සද්දෙට ඕනම චන්ඩියෙක්ගෙ ලේ වතුර වෙනවලු. අනෙ මංදා එක එකා කියන එවා තමා ඔය ඉතින්.. මම නම් කවදාවත් අහලා නැහැ.

පූසා said...

ම්ම්හු මම නම් විශ්වාස කරන්නේ නැත.

Anonymous said...

" උලමා යන සත්වයා අපේ පලාතේ සොඳරි ලෙස හඳුන්වයි"

එතකොට ඔය පැත්තේ සඳරු කියන්නෙ කාටද බන්?

අදත් පෝස්‍ටුව හොඳයි. ජයෙන් ජයයි.

JH

Anonymous said...

අපෙ ගම් වල වයසක අය ඔය වගෙ කතා කියනවා කිරල කැගහන්ඩ හොද නැ කියලා අපෙ පැත්තේ කිරලා කියන්නේ ඔය උලමා කියන එකාටද දන්නේ නැ.
rosa.italy

ලොකු පුතා said...

මම අහන්න ආසම සද්ද දෙකෙන් පළවෙනි එක තමයි මේ සද්දේ...
අනිත් එක නරි හූ කියන සද්දේ

යාළුවනේ උළමා කියන්නෙ බකමුනු වර්ගයක්
Spot-bellied Eagle Owl කියල ඉංගිරිසියෙන් කියන්නෙ එයාට තමයි

http://en.wikipedia.org/wiki/Spot-bellied_Eagle-Owl
මේක බැලුවනම් විස්තර ගොඩක් දැනගන්න පුළුවන් වේවි.

අර උඹ කිව්ව ජාතියේ සිගුවීම් ගොඩකට මමත් මුණ දීල තියෙනවා. ඒත් ඒවා කාටවත් ඒත්තු ගන්නන්න බැහැ. එහෙම දෙයක් අත්දැකපු කෙනෙක් තමයි දන්නේ ඒකෙ නියම ස්වරුපය.

සමනලයාගේ linux පිටුව said...

මදැයි කොලා.....මට හිතුනා 7 වෙනි post එකක් දායිම කියලා ඒත් මේ මහ රෑ යක්කු ගස් පිනුම් ගහන වෙලාවේ හොල්මං කථාවක් දායි කියලා කවුද දන්නේ....දැන් ඉතින් බුදියපංකෝ

Dinesh said...

මාත් ඔය වගේ කතා අහලා තියෙනවා.. ඒත් ඒ ගැන ඒ තරම්ම විශ්වාසයක් මගේ හිතේ නෑ.. ඒත් මේ කියන කතාවල පොඩි හෝ ඇත්තක් නැහැයි කියලා අත අරින්න බෑ... අපි නොදන්න අපිට නොතේරෙන ගොඩක් දේවල් අපි අවට සිද්ද වෙනවා සදරුවෝ...

Anonymous said...

සඳරු මල්ලි...

මල්ලි ඔය කියන ජනප්‍රවාදය අපේ ගම් පලාත්වලත් තියෙනව... ඒත් අපි කියන්නෙ බොදිලිමා කියල...

උලමා කියන්නෙ යි බෝදිලිමා කියන්නෙයි හැබැයි දෙකක්... උලමා නොහොත් යක් කුරුල්ලා කියන්නෙ වියලි කලාපෙ ඉන්න අමිහිරි භයංකාර නාදයක් ඇති කුරුල්ලෙක්...

ItalyDilan said...

අනේ මන්දා බන් සමහර ඔය සිදුවීම් වලදී මමත් හිර වුනු තැන් තියනවා,,ඒවා ඇත්තද බොරුද කියලා හිතා ගන්න බෑ

ඔබ නොදු‍ටු ලොවක්..... said...

හප්පේ මමත් හිතුවේ මේ බෝදීලිමාද කියලා...මේ නම ඇහුවේ අදමයි...එළ ඈ...

Buru Babe said...

මට මතකයි කැලෑවක ටෙන්ට් එකක ඉන්නකොට ඔය වගේ කුරුල්ලෝ සද්දෙට මාත් භය වෙලා තියෙනවා. ඒත් ඉතින් ඒ බකමූනෙක් වෙන්න ඕනේ. මතක විදියට උලමාව දැකලා තියෙනවා වෙන්න ඕනේ. කෑඳැත්තා කියන්නෙත් එයාමද? බෝදිලිමා කියන්නේ කටුස්සෙක් නෙමෙයිද?
මම නම් භය ගොඩක් සර්පයන්ටයි කෘමියන්ටයි තමයි. ඇයි මීයෝ.

සඳරුලගේ ගමේ තාමත් ඔය කතා විශ්වාස කරනවා කියලා ඇහුවමත් පුදුමයි. සාස්තර කතා නම් ඉතින් පත්තර වලින් රූපවාහිනියෙන් ඇඩ් දාලා කරන හින්දාවත් විශ්වාස කරනවා කියමු. ඒත් කුරුල්ල්ලෙක් කෑ ගැහැවුවම මැරෙනව කියන එක නම් අනේ මන්දා.

සැනසීම said...

මචං මමනම් ඔය දේවල් කොහෙත්ම විශ්වාස කරන්නේ නැහැ මොකද අපේ ජීවිතයේදී අපි බය වෙන්න ඕනේ ඔය නොපෙනෙන අයට නෙවෙයි අපිට පෙනී පෙනී අපව කපන්න හදන අයට . මොකද ඔය නොපෙනෙන අය ඉන්නේ බොහෝම අඩුවෙන් ඒත් අපිව රවට්ටන ඕන තරම් අය වටපිටාවේ ඇස් දාගෙන ඉන්නවා . ඒනිසා ඒ අයගෙන් ටිකක් පරිස්සම් වෙයන් . උබ බයවෙන්න එපා මචං උබේ හිත හයියනම් ඕන යකෙකුගෙන් ගේම ඉල්ලපන . ඕන කරන එකම දෙය උබට උබ ගැන තියෙන ආත්මවිශ්වාසය විතරයි .

Harshana said...

ඔය කතාව නම් මම විශ්වාස කරන්නේ නෑ... මොකද මිනිසුන්ගේ සිතුවිලි තමයි ඔක්කොටමට මුල් වෙන්නේ...

ඒවා මොනවා උනත් කතාව නම් එල සදරු මලේ...

Weni said...

අපේ නදී ද මන්දා මේ ගැන පෝස්ට් එකක් දමලා තිබ්බ .. ඒකෙන් ගැලවෙන විස්තර පවා දමලා.. අපි විශ්වාස කලත් නැතත්.. මේ වගෙ සිදුවීම් වෙනවා..ඒ අතරෙ සම්බන්ධයක් තියෙනවද නැත්ද කියල නම් දන්නෙ නෑ.. මම නම් ඒවා රස විඳිනවා.. විශ්වාස කරන දේ සහ මිථ්‍යාව මැදින් හැමදාම වගේ ජීවිතය ගලා ගෙන යනවා..ආ මේ තියෙන්නෙ මන් අර කිව්ව ලිපියට යොමුව http://galaayanajeevithaya.blogspot.com/2011/10/blog-post_27.html

sameera said...

උලමා කියන්නෙ මොකාටද බං ... එහෙම සතෙක් නෑනෙ ඔය උලමා කියන්නෙ කෑරලා ට ම නේ ද ?

pandukabaya said...

හැමදාම වගේ උඹේ කතා නම් සුපර්. මේ, ඒක නෙවෙයි මචන්, උඹ හිස් අහසේ ලිව්ව කතා ටික පොතක් විදිහට හදපන්. ඒකට අනිවා හොඳම කෙටි කථා සංග්‍රහයට හිමි රාජ්ය සම්මානයත් ලැබෙයි

සිත් අහස said...

"ජීවිතේ කියන්නේ ප්‍රශ්න ගොන්නක් .සමහර ප්‍රශ්න වලට උත්තර තියනවා . සමහර ප්‍රශ්න වලට උත්තර නෑ .. !"

ඇත්ත,.
උත්තර නැති ප්‍රශ්න වලට උත්තර කවදාවත් හොයාගන්නත් බෑ,.
ජීවිතය කියන්නේ යථාර්තයත් ෆැන්ටසියත් අතරේ හිර වෙලා තියෙන දෙයක් හැටියටයි මම දකින්නේ,.අපි යමක් ගැන දැඩිව විස්වාස කරනවා නම් ඒ විශ්වාසයන් සමහර වෙලාවට යථාර්තයක් බවට පත් වෙනවා,. සමහර වෙලාවට අපි නොහිතනා විදියේ දේවල් වෙනවා,. ඒක තමයි ජීවිතේ කියන්නේ,.

මම නම් මිථ්‍යා කථා කියන දේ දකින්නේ හරිම පුදුම දෙයක් විදියට,. ඇති වුන විදියක් දන්නේ නැති වුනත් ඒ කථාව මුළු සමාජයක්ම එකම විදියට පිළිගන්න එක පුදුමයක්, ඔයාලගේ පැත්තේ වගේම අපේ පැත්තෙත් උලමා කෑ ගහන එක අසුභ දෙයක් විදියටයි හිතන්නේ,. පූසො දෙන්නෙක් රෑ ගෙයි එළිපත්තේ රණ්ඩු වෙන එක, කෑරලෙක්ගේ අඳෝනාව,. ඔක්කොම අසුභ දේවල් විදියටයි ගැනෙන්නේ,. මොන තරම ඔය දේවල් විස්වාස නොකරත් අපිට ඔය වගේ දෙයක් අහන්න ලැබුනම හිත ගැස්සෙනව නේද?කාටවත් නොකිව්වත් ඒ ගැන හිතන්න පෙළඹෙනවා නේද?? ඒ අපේ හිත ඒ ගැන දැඩි විස්වාසෙකින් ඉන්න නිසා. අපි කොච්චර හංගන්න හැදුවත් ඒක තමයි ඇත්ත,. මම බය නෑ, ඕවා පිළිගන්නේ නෑ කියලා පුරසාරම් කියපු මම දන්න කීප දෙනෙක්ම අද වෙනකොට ඔය වගේ දේවල් විස්වාස කරන්න පටන් අරන්,.

මම හිතන විදියට නම් ඒවායෙත් යම් තරමකට බැහැර කරන්න බැරි විදියේ ඇත්තක් තියෙනවා,.

නදී said...

උලමා/උලලේනා/සොදරි කියන්නෙ එකාටමද?අපේ අම්මත් ඉස්සර කියනව උලලේනා කෑ ගැහුවම ගමෙ මිනිස්සු බයේ ඉන්නවලු.ඕං හෙට උදේ මරණයක් ආරංචි වෙයි එහෙනම් කියල.

Anonymous said...

අනේ මන්දා මල්ලි, ඔය වගේ දේවල් වල ඇත්ත නැත්ත නම්.සමහර අවස්ථා තියෙනවා විශ්වාස නොකර බැරි නේද? ඔයාගේ අද කතාවත් සුපර්.දිගටම ලියන්න.

සීතල අයියා said...

දැන් නයනානන්ද කොහොමද මැරිලා තියෙන්නෙ?

Dr. R. A. R. P. Susantha (Ph.D) said...

මල්ලී මමත් ඔය ගැන පොඩි පොඩි පරීක්ෂණ කරනවා. මට ආසයි උලමා හරි සොඳරි හරි මොකී හරි කෑගහනවා අහන්න. අපි ඉන්න කොළඹ රටේ කොහෙන්ද සොඳරියෝ මෙහේ සොඳුරියෝ නම් ඉන්නවා. ඒත් ආනිශංසෙ එකමයි. මුන් මරන්නෙ ලෙඩ දීල. ගැටවුන්ට තමයි ලෙඩ දෙන්නේ. නාකිත් අහුවෙනවා. හෙක්..... හෙක්....
ඔය මිත්‍යා මත කියලා කියන සමහරක් දේ නම් ඉතාම වටිනා මූලාශ්‍ර. වැඩේ අපේ රටේ ඔව්වා ගැන නිසි පරීක්ෂණ නොපැවැත්වීමයි.
උලමා කියන්නේ කටුසු වර්ගයට අයත් තරමක් විශාල සත්වයෙක්. උගේ හඬ මිනිස් හඬට බොහෝ සමානයි. විශේෂයෙන් විලාපයක් වගෙයි.

අගේ ඇති ලිපිය.

Dr. R. A. R. P. Susantha (Ph.D) said...

මලේ සපතේරු උන්නැහැගේ කථාව නම් පිළිගත හැකියි.

Gimhani said...

ගමේ ඉන්නකොටනම් එක එක කතා මේ ගැන අහල තියනවා ඒත් දැකපු කෙනෙක් නෑනෙ .

cjgayan said...

අනේ මන්දා බන් මම ඕව විශ්වාස කරන්නෙත් නෑ අවිශ්වාස කරන්නෙත් නෑ ..මම හිතන්නෙ ඔය කතාවල යම් තරමක සත්ය තාවයක් ඇති..

නචියා said...

සඳරුවො උඹ ටිකක් භය වෙලා වගේ. එතකොට උලමා කෑගැහුවම මිනිස්සු මැරෙනවද බන්.

ඔය වගේ සමහර දේවල් සත පහකට විශ්වාස නැතත් විශ්වාස කොකර වෙන කරන්න දේකුත් නෑනෙ.

Anonymous said...

මචං අපේ ගමේ විශ්වාසයක් තියෙනවා බකමූණා ගෙවල් කිට්ටුව අත්තක ඉඳලා කෑගැහුවොත් මළගෙයක් වෙනවා කියලා... ඒ වගේ දේවල් මං විශ්වාස කරන්නේ නම් නෑ... හොල්මන් විශ්වාස කරාට.

Unknown said...

අපි කියන්නෙ උල ලේනා කියලා!!!!

Yasantha Hennayake said...

කාලෙකින් සදරු අයියගේ බ්ලොගේට ආවේ.. මාව මතකද මංදා.. ආපු ගමන් කියෙව්වෙ චූ බර හැදෙන කතාවක්නෙ.. මං නම් ඕවා විශ්වාස කරන් නෑ.. ඒත් කොච්චර ස්ථාවරයක හිටියත් රෑට තනු උනාම නම් බය හිතෙනව.. :P

Pisakkatuwa said...

මචන් "උලම" කියන්නේ නම් සිරාවටම කුරුල්ලෙක්. මම ඇස්දෙකෙම්ම දැකල තියනවා.
හැබැය් ඔය පිරිමින්ට කරදර කරන කෙනාට අපෙපැත්තේ නම් කියන්නේ "බෝදිලිය/මොදිලිම" කියල.
"විලිසැනි" කියලත් කියනවා. අපේ ගම්වල මිනිස්සු නම් කියන්නේ ඌ පිරිමින්ගේ අහවල් එකේ එල්ලෙනවා කියල.
මට අවුරුදු 3 ක් විත‍ර කාලෙ අපේ සියලගේ ගෙදර ඉන්නකොට රැ 7 ට 8 ට විතර ගැණු කෙනෙක් අමාරුවෙන්
කෙදිරිගනවා වගේ ශබ්දයක් එළියෙන් ඇහුන. අපේ ආච්චි කිව්වා ඔන්න "බෝදිලිම" කියල. එතකොට සීය තුවක්කුවත්
අරන් එලියට ගිහිල්ල අර ශබ්දේ ආපු පැත්තට වෙඩිල්ලක් තිබ්බ. එතකොට මීහරක් රංචුවක් කැලේකඩාගෙන දුවනව වගේ
ශබ්දයක් ඇහුන. අනිත් දවසේ උදේ අපි අර ශබ්දේ ආපු තැන බැලුවත් හරක් අඩි නම් තිබ්බේ නැහැ.
කොහොම උනත් "බෝදිලිම" කියල ලංකාවට අවේනික වදවිගෙන යන කටුසු විශේෂයක් නම් ඉන්නවා.
මේ ලඟදි අනුරාධපුරේ පැත්තෙන් එකෙක් හම්බවෙලා තිබුන. ඌව දැක්කම බය හිතෙනවා. හැබැය් හරිම අහිංසකය්
කියලය් කියන්නේ.
ඉතින් බං, "බෝදිලිම" කියන්නේ අහිංසක කටුස්සෙක් නම්, "උලම" කියන්නේ කුරුල්ලෙක් නම්, "සොදරී" කියන්නේ උලමට නම්,
පිරිමින්ගේ අහවල් එකේ එල්ලෙන්නේ මොකෙක් වෙන්න ඇතිද බං. මිනුස්සු අතරේ ඔයවගේ කතා හැදෙන්නත් මොකක් හරි
හේතුවක් ඇතිනේ බං.

පැණි දොඩම් said...

උලම ඉන්නව බං සූ එකේ කූඩුවක.. ගිහින් බලපන් ඕනෙ වෙලාවක.
ඕව ඇත්ත නෙමේ බං.. අහඹු සිද්ධි.

ක්සැන්ඩරයා said...

අපේ පැත්තේ කියන්නේ උලමා. බෝදිලිමා කියන එකා අපේ පැත්තේ කටුස්සෙක්. උලමා කියන එකා කුරුල්ලෙක්. උලමට සොඳරි කියලත් සමහර වෙලාවට කියනවා. අපේ පැත්තේ කියන්නේත් ඔය සඳරු කියපු බඩ දරු අම්මගේ කතාවමයි. එත් මරණයක් ආරංචි වෙනවා කියල කියනවනම් මට මතක නෑ. නමුත් පිරිමින්ට බයනැති ගෑනුන්ට බය එකෙක් කියලයි කියන්නේ. එත් දැන් අපේ ගෙවල් අහ ජනාකීර්ණ වෙන්න වෙන්න මට ඔය හඬ ඇහෙන එක නැතිම උනා.. එත් තනියෙන් රෑක යන පිරිමියෙක් උනත් බයකරන්න පුළුවන් මහා අමුතුම විලාපයක් ඒ හඬේ තිබුන කියලත් මතකයි. මේ කියන්නේ නුවර විත්ති.

Ice (අයේෂා කුලතුංග) said...

එක එක්කෙනා එක එක කතා කියනවා..
මාත් උලම දැකල තියෙනවා. කොහා වගේ.. රෑට දකිනකොට ඇස් රතු පාටයි. දැක්කම බය හිතෙනවා. කෑ ගහනවා ඇහුණාම ඊට හපන් බය හිතෙනවා.

මේකනේ වැඩේ , අපේ පරම්පරාව ඕව විස්වාස කරන්නේ නෑ. මාත් විස්වාස කරන්නෑ. ඒත් ඔය මිත්‍යා කතා හදලා තියෙන්නේ නම් කට කහනවට නෙමෙයි.

මාත් ඉස්සෙල්ලම උලමා කෑගහනවා ඇහුවේ හත වසරේදී. උලමා කියල සතෙක් ගැන ඉස්සෙල්ලම ඇහුවෙත් එදයි. ඊට පහුවෙනිදා තමයි අපේ ලොකු අත්තා (සීයා) නැතිවුණේ. අහම්බයක් වෙන්න පුළුවන්. ඒත්.... අමුතු ගුප්ත හැගීමක් ඇතිවුණා මගේ හිතේ එදා...

Ru_Sirini said...

ගෙදරක කුප්පි ලාම්පු 3ක් පත්තු කරන්න හොඳ නෑ කියන්නෙ ඇයි මලේ?

Mithuru said...

ඔය සේරම කතා ඇත්තද කියන්න මම නම් දන්නේ නෑ.හැබැයි සමහර දේ‍වල් මටත් විශ්වාස කරන්න වෙච්ච අවස්ථාවන් තිබුණා.
ඔය උලමා කෑගහන්න හොද නෑ කියලා මමත් අහලා තියෙනවා.
අපේ ගෙදර ළග ගහක උලමෙක් ඉන්නවා දැකලා අපේ තාත්තා මොකක්ද මන්දා කියලා උගේ කට ලොක් කළා.ඒ ගොල්ලො පුංචි කාලෙ එහෙම කරනවා කියලා.

Anonymous said...

උලමා ගේ පිරිමි සතාටත් බබ්බු හම්බු වෙනවද බොල?

Raj said...

උලම කැගැහුවම..පලාතම මුසලයි කියල මාත් අහල තියෙනව..අම්මපා ඔකා තාම මාත් ඇහැට දැකලා නැ බං

සිතුවිලි නිහඬයි said...

හම් හම්....අපේ පැත්තෙත් ඔය කතාව තියනවා....තව කියනවා ගැරඬි දෙන්නෙක් පෙම්කෙලිනවා දකින්න හොඳ නැ, බළල්ලු පොරකන්න හොඳ නැ, බල්ලො උඩුබුරලන්න හොඳ නැ,කණකොකා කැගහන්න හොඳ නැ...මේවා ඇහුනාම ගමේ මළගෙයක් වෙනවළු....අර ගැරඬින්ගේ සිද්ධිය මමත් ටිකක් විස්වාස කරනවා.....

Anonymous said...

ඔතන මෙහෙම දෙයක් තියෙනව දෙසැම්බර් මාසෙ දි කාළගුණය පොඩ්ඩක් වෙනස් වෙනවා එ කලෙදි සත්තුන්ගෙ හැසිරීම් වෙනස් වෙනව උදාහරණයක් විදියට නරි හූ කියනව, එවගෙම තමය් දුර්වල හරි රොග තියෙන අයෙගෙ එව උත්සන්න වෙල මැරෙනවා ඔය දෙකම එකට උනම අපිට හිතෙන්නෙ එවායෙ සම්බන්ඩයක් තියෙනව කියල.
තව දෙයක් තමා උලම කියන්නෙ වියලි කලාපෙ කලවල ඉන්නෙ කුරුල්ලෙක් ඌ ඉතා උච්ච් ස්වර වලින් කෑගහනව රෑට . මම හිතන්නෙ උ නිසචර කුරුල්ලෙක්. වඩි ඩුර විසතර අර්‍ ල් ස්පිටල් මහත්තයගෙ Far-off Things පොතෙ තියෙනව

Yasas

Anonymous said...

එතකොට උලම කියන්නෙ සොඳරිටද??????? කියාදුන්නාට ස්තූතියි!

වසිලිස්සා said...

සමහර පරණ මතයන්වල සත්ත්‍ය තාව නැතුවත් නොවේ.අපේ පැත්තෙත් ඔය උලමගේ ශබ්දය ගැන කියන්නේ අමීහිරි සිදුවිමක මුල කියල.උලම ගෙදරක වහල මුදුනින් පියඹා ගියොත් ඒ ගෙදර යට අගුනයි කියලත් කියනවා.සමහරවිට පරිසරයේ වෙනස්කම් සත්තුන්ට හොදින් දැනෙනවනේ.
ගමනක් යන්න යද්දී ගෑනු කෙනෙකුට කිවිසුමක් ගියොත් ඒ අසුබ නිමිත්තක් කියලත් කියනවා.
අපේ අත්තම්මව බලන්න ඉස්පිරිතාලෙට පිටත්වෙද්දී මට කිවිසුමක් ගියා(මන් අසනීපෙන් හිටියෙත් නෑ )අපේ අඳුරන ඇන්ටි කෙනෙක් කිව්වා "නරක ලකුණක් වතුර ටිකක් බීල යන්න කියල"මටත් මහා අමුතු හැන්ගීමක් ඇතිවුණා.අනේ අපි යද්දී අපේ අත්තම්මා දැඩි සත්කාර එකකයේදී අවසන් හුස්ම හෙලලා තිබුන.මට ඒ සිදුවීම ජිවිතේට අමතක වෙන්නේ නෑ .සමහර විශ්වාස තුල අපි නොහිතන පැත්තක් තියෙන්නත් පුළුවන්.
අදත් ලස්සනට ලියල තියෙනවා සඳරු.

ගිහාන් චින්තක said...

මම ඔය කථාව මීට සති දෙහෙකට කලින් තමා මුලින්ම ඇහුවේ.. දැන් ඔන්න උබත් ලියලා දාලා.. බලපංකෝ ඉතින් ඒකෙත් හැටි.....

වර්ණා said...

මම අද කි වෙනියද ? හිකිස්‌. අම්ම්මේ බය හිතුනා මට කතාව කියවනකොට, අපිට මෙහෙ නම් මොන යකෙක්ගෙවත් සද්දයක් ඇහෙන්නේ නැහැනේ අයියා.. එත ඕවා බොරුය කියන්නෙත් නැහැ මම. හිතා ගන්න බෑ..

මාධව විදුරංග said...

appo oowa vishwasa karanna epa bn! uba kalin post 1e qwanee kithulage thaththa diga kaalayak asaneepen hitiyai kiyala! marenna oya kita ULAMEK adanna ooni na bn! mmm!! boodilimage kathawa wageemai ookath! mmm! :) man nam wadiya oya paththata na! habei mage hitheth eka eka vikara hithenne nathuwa nemei!

සිත්රූ සිහින said...

ඇත්තටම සඳරු කතාව කියවන්න පටන් ගනිද්දි නම් මම හිතුවෙ ගැහැනු ලමයෙක් ගැන කියන්න යන්නෙ කියල..

සාතන් said...

උලම උගෙ වොයිස් එකෙන් කෑගහන්නෙ නැතුව බල්ලෙක් වගේ බුරන්නද බන්...

මිත්‍යා විස්වාස කියන එව්ව තනිකරම බොරු කියල මම කියන්නෙ නෑ.. හැබැයි ඉතිං සතෙක් උගේ ස්වභාවික ශබ්දය පිටකලා කියන එක අසුබයි කියන වගේ කතා නම් විස්වාස කරන්නෙ නෑ...

Anonymous said...

Very nice post machan

There is a little book on this creature by R.L. Spitle "Sri lankawe yak kurulla" (sooriya publishers)..based on his own experiences and research..A very good one.

Observer said...

ම්හු... මට නම් හොල්මන් ඇතුළු සියලුම අද්භූත දේවල් මිනිස්සු හිතෙන මවා ගත්ත දේවල් විතරයි.
ඒ වුනාට ලිපිය නං රස වින්දා කියල කියන්න ඕනෙ.

Praසන්ன said...

යකෝ මේ මිනිස්සුත් එක්ක සතෙකුට නිදහසේ කෑ ගහන්නවත් බෑනෙ.
ඔය වගේ තමයි බල්ලෙක් උඩුබිරුවත් මොකක් හරි නරක දෙයක් වෙයි කියල විශ්වාසයක් තිබුණ. දැන්නං මේ පැත්තෙ ඕව ගණන් ගන්නෙ නෑ.
දැන් මේ උලම කටුස්සෙක් වගේය, කුරුල්ලෙක් වගේය කියල කියනව. උඹවත් කියපං මූ මොන වගේ කියල.

අකීකරු හිත said...

අපේ පැත්තේ කියන්නේ බෝදිලිමා කියලා... මම කවදාවත් ඒ කෑගහන සද්දේ නම් අහලා නැ..

නවම් said...

ඔය ඉන්නෙ උළම නං දෙහිවල සත්තුවත්තෙ බකුසු කූඩු පේලියෙ මැද හරියට වෙන්න

Anonymous said...

මොකද්ද අනේ....කට ඇරගෙන කියෙව්වාම..අවසානේ කියලා...සොදරි කියන්නේ උලමා කියලා...

උලමා කියන්නේ සතෙක්...ඔය වගේම හූනා,කෑරලාගේ හඩ අසුබයි කියන්නෙත් පදනමක් ඇතුවද නැද්ද දන් නෑ...හබැයි අසනි රෑට බල්ලෙක් බිරුවත් ෆට්ට බයයි අනේ...මොනවා වුනත් එක දෙයක් නම් දන්නවා...සත්තුන්ට වඩා මිනිස්සු හරි භයානකයි...

හසී said...

මමත් අහලා තියේ ඔය කතාව.. අනේ මන්දා ඉතින් ඇත්ත නැත්ත නම්..

හිස් අහස said...

ඔන්න මලගෙදර වැඩ කටයුතු ටික හොඳින් ඉවර කරගත්තා .. මාර තෙහෙට්ටුයි ඇඟට ඉතින් හෙට නිවාඩුවක් දාන්නයි ඉන්නේ හෙට මේ කමෙන්ටු සේරටම උත්තර දෙන්නම්කෝ ..

මම නැති අතරේ බ්ලොග් එකට ආව ගිය ඔහේලා හැමෝටම බොහෝම ස්තූතියි !!

Anonymous said...

මේක උලමට හොදට මැච් වෙනවා නේද බලන්න?
ඔලුව ගහල තියෙන හඬ වගේ පිහාටු ටික හෙම?
ස්පිට්ල්ට අනුව මේ කුරුල්ලාගේ ඔලුවේ හැන්දක් වගේ පේන පිහාටු වගේම ලප වගේ පපුවෙත් තියෙනවා.

http://en.wikipedia.org/wiki/Changeable_Hawk-eagle

Charith Samarakoon said...

හ්ම්..අම්මලා එහෙමයි බං...ඉවරයක් නෑ බෝධි පූජා,දේව පූජා... සමහර දේවල ඇත්තක් නැත්තෙම නැහැ...මමත් ඔන්න වැඩිය ඕවට නෑ...
සොඳරි නම ඇහුවමයි...අපිත් කියන්නෙ උලමා...ඕකා මේපලාතෙ කෑගහපු බවක්නම් මතක නෑ...කතාව එල!

ලොකු පුතා said...

මේ කමෙන්ට් ටික කියෙව්වට පස්සෙ මටනම් ලොකු දුකක් ඇති උනා. අපේ රටේ තියෙන පරිසරය සතා සීපාවා අපි හරියට අඳුරන්නේ නැහැ.

උලම කියන්නෙ ඇත්තටම කුරුල්ලෙක් තමා, ඌ නිශාචර කුරුල්ලෙක්.
ඒ වගේම කපුටු කුලයේ සතෙකුත් නෙමෙයි.
මනංකල්පිත සතෙකුත් නෙමෙයි.
බකමුණු වර්ගයක්.....

මම කලින් කමෙන්ට් එකේ දැම්ම වගේම උලම කියන්නෙ බකමුණු ඝනයට අයිති කුරුල්ලෙක්.
Spot-bellied Eagle-Owl එහෙමත් නැත්නම් Forest Eagle-Owl කියන්නෙත් උල්මටම තමයි
සිංහලෙන් "උලමා" එහෙමත් නැත්නම් "උකුසුබස්සා/උකුසුබකමුණා" කියලත් කියනවා
ඌ ඉන්නේ වියළි කලාපේ විතරක් නෙමෙයි, තෙත් කලාපෙත් ඉන්නවා.
නැත්නම් අපේ ගෙවල් පැත්තේ ඒ සද්දේ ඇහෙන්නේ කොහොමද :)

ඇත්තටම උලමා කියන්නෙ මුළුරට පුරාම දකින්න පුළුවන් කුරුල්ලෙක්...

20:01 ට කමෙන්ට් එකක් දාල තියෙන ඇනෝ ගේ ලින්ක් එකේ ඉන්න උකුස්සට(Crested Hawk-Eagle or Changeable Hawk-eagle) සිංහලෙන් කියන්නෙ "පෙරලි කොන්ඩඋකුස්සා" කියලා

මොනවා උනත් උලමා/බෝදිලිමා වගේ සතුන් සම්බන්ධව ඇති වෙලා තියෙන ජනප්‍රවාද ඇත්ත හෝ බොරු කියල කතා කරන්න කලින් සතාව නිවැරදිව අඳුන ගන්න එක වැදගත් කියල මම හිතනවා.

මේ පහලින් තියෙන්නේ මහාචාර්ය සරත් කොටගම මහත්මයාගේ කුරුළු අත්පොතේ වෙබ් සයිට් එක

http://www.fogsl.net/publication/pictorial-pocket-guide-1-429.htm

කැමති අය ඉන්නවනම් මේ ලින්ක් එකට ගියාම ඒකෙ වම් පැත්තේ පහල තියෙනවා පොත PDF විදිහට බාගත කරගන්න පහසුකම.
එතන Part iii කියන කොටසේ Plate 20 ට අදාලව මුලින්ම තියෙන්නේ "උලමා" ගැන විස්තර. පහල පිටුවේ රුපයකුත් තියෙනවා.
ජය වේවා...!

Kasun said...

ඔය වගේ දේවල් පිළිගන්න නම් මාත් කැමති නෑ බං. හැබැයි අහල දැකල තියන දේවල් නිසා ඒවා බැහැර කරන්නත් බෑ. හොඳම දේ ඒවා ගැන වැඩිය හිතන්නේ නැතුව ඉන්න එක.

Didi said...

දුමී කියන එකා ඉල ඇට කඩනවා...මේකා මවිල් කෙලින් කරනවා...
අයියේ උඹට ජය වේවා!!!

Raj said...

@ ලොකු පුතා...
නියම හැඳින්විමක් මචො..නරකද ඔය සත්තු ගැන වෙනම පොස්ට් එකක් දැම්මනම් උබේ බ්ලොග් එකේ

ගිමන්හල said...

මොන වෑඩේ තිබුනත් ඔයාගේ බ්ලොග් එක කියවන්න ඔන්න අපිත් ආවා.ඔලුව උස්සන්න බෑරි වෙන්නම වෑඩ,කතාවනම් ඉතින් වෙනදා වගේම පංකාදුයි.අපි ලගදි ඔය පෑත්තට ආවාත් එක්ක......මහ රාත්‍රියේ උලමෙක් කෑගහනවා අපිටත් ඇහුනා.එත් සතපහකට ගනන් ගත්තෙනම් නෑ.......ජය වේවා යාලුවා

මන්තරකාරි said...

මමත් ඔව්වා එච්චරම හිතන්නේ නෑ. ඒත් පුංචි කාලේ අපේ ගෙවල් කිට්ටුව ඇන්ටි කෙනෙක් මැරුණ දවසක අපේ නැන්දාලා කතා වෙනවා ඇහුනා "ඒක තමයි බල්ලෝ උඩු බිරුවේ" කියලා... පුංචි කාලෙම හිතට ඒක වැටුන නිසාද මන්දා බල්ලෝ උඩු බුරනවටනම් මං හරිම අකමැතියි...

duliponline said...

උලම කෑගාද්දි නිනිස්සු මැරෙනවද නැද්ද කියල මම හරියටම දන්නෙ නෑ මචෝ . . ඒත් ඒ ප්‍රවාද ඇතිවෙලා තාම පවතින්නෙ නිකමට නෙමෙයි . . අපේම ආරක්ෂාවට . .

මම මට තේරෙන පැහැදිලි කිරීම කරන්නං . . . උලම රටේ හැම පලාතකම ඉන්නව තමයි . . ඒත් වඩා බහුල වෙන්නෙ වියලි කලාපෙ. උලම කෑගහන්නෙ හෝ උලමගෙ සද්දෙ පැහැදිලිව ඇහෙන්නෙ වියලි කාලෙදි . . විශේෂයෙන් ඉඩෝර කාලයෙදි. මම හිතන්නෙ එතකොට ගස් වල කොල හැලිල හෙම තියන නිසා හඬ පැතිරීම වැඩි ඇති.

ඊලඟට . . . ඉඩෝරෙ කාලෙට රෑට එලිමහනට බහින සත්තු සර්පයො ප්‍රමානෙත් වැඩියි සහ විශේෂයෙන් උං ඉන්නෙ තිබහෙන් විකාර වෙලා . .එතනදි ඒ සතෙක්ගෙන් වෙන්න පුලුවන් හානිය වෙනදට වඩා වැඩියි . . .

ඊලඟට . . . උඹ ජීවත්වෙන පරිසරයත් එක්ක උඹ හොඳින්ම දන්නව නේද රෑට ඕනෙම හදිසියකට එලියට බහින්නෙ ගෑනුන්ට වඩා පිරිමි . . . .එතනදි පිරිමියෙක් මරනයට පත්වෙන්න තියන අවස්තාව වැඩියි . . .

නිකං හිතපං . . ඔය මම කියපු අවස්තා තුන එකතු වෙන්න ලොකු ඉඩක් නැද්ද කියල ඉඩෝරෙ කාලෙදි . . . ??????

ඔන්න ඔය වගේ දේවලින් ජීවිත ආරක්ෂා කරගන්න තමයි බං ඔය සොඳරි වගේ ප්‍රවාද ඇතිවෙන්නෙ.

මේ ප්‍රවාදත් එක්ක අපේ පැවැත්ම සහ ඒ ප්‍රවාද අදටත් වලංගුවෙන්නෙ ඇයි කියල උඹට තවත් හිතෙනවනං . . . හොයල බලපං දෙයියංගෙ ලෙඩ කියන්නෙ මොනවද ???? ඇයි ඒවට දෙයියංගෙ ලෙඩ කියන්නෙ??? ඇයි ඒවට මිනිස්සු බය ??? කියල . . . මම ඒගැන මෙතන ලියන්නෙ නැත්තෙ ඊට පස්සෙ මේක කොමෙන්ට් එකක් නොවී පෝස්ට් එකක් වෙන නිසා.
වෙදමහත්තයට පොඩි රික්වෙස්ට් එකක් දැම්මනං උන්දැ ඒ ගැන ලියයි මයෙ හිතේ.

හොඳට මතක තියාගනිං . . . ඔය වගේ ප්‍රවාද බිහිවෙන්නෙ මිනිස්සු අවේලාවෙ එලියට බහින එක නවත්තන්න සහ අනතුරුදායක හෝ අනවශ්්‍ය ස්තානවලට යන එක නවත්තන්න . . . ඒ දේට අපේ පැ‍රැන්නන්ට තිබ්බෙ බිනිස්සුංගෙ හිතේ බය ඇතිකරවන්න පුලුවං "වචන" දෙකයි . . . එකක් දෙවියෝ . . අනික යක්කු.

ප.ලි.
මොනම යකෙකුටවත් බයනැති මම අදටත් මගෙ ගමේ ගෙදර වත්ත පහල තියන බටපඳුර යට ලිඳේ නාන්න යන්නෙ නෑ ගොම්මනේ . . . මොකෙකුටවත් බය නැති මම "පොකුට"ට බයයි . . . ඒ බය මම හැමදාම මගෙ ලඟ තියාගන්න කැමතියි . . . .

ප.ප.ලි.
වැඩිහිටියන්ගෙ මත සහ විශ්වාස මිත්්‍යා කියල පාච්චල් කරන්න එපා . . . ඒවට ගරු කරපං . . . ඒ දෙවල් ඇතිවෙලා තවම පවතින්නෙ නිකං නෙමේ

වර්ණා said...

බෝදිලිම කියන සතාව නම් මුණු පොතේ කෙනෙක් විඩියෝ එකක් දාල තිබුන මම දැක්කා. මැරුණු බෝදිලිමෙක්ගේ, කොන්ඩෙත් තියෙන මිනිසෙක්ගේ වගේ රුපයක්. දැක්කම බය හිතෙනවා. :(((

දිනුක said...

අනේ අපොයි හැම පිරිමියම මැරෙන්න කළිං ඔය සොඳරි කෑ ගහනවද බං? මම අහල තියෙන විදිහට උලමා ටිකක් දුර්ලභයි.ලංකාවෙ පිරිමි මැරෙන විදිහට උලමො ඉන්න ඕනෙ සෑහෙන්න.අනේ මිනිස්සුන්ටත් තියෙන ප්‍රශ්න මචං...

ප.ලි. උඹේ කළිං ලිපි දෙකත් කියෙව්වා.සෑහෙන කාලෙකිං අන්තර්ජාලගත උනේ.

kasun said...

අපේ පැත්තේ නම් කියන්නේ උලම කෑ ගහපුවහම කවුරුහරි මැරෙනව කියල විතරයි..
ගෑනු ,පිරිමි කියල භේදයක් නෑ..!!!

ජංජාල චාමර said...

ඕවා ගැන විස්වාස කිරීම හෝ නොකිරීම තම තමන්ගේ පෞද්ගලිකත්වය කියලයි මට හිතෙන්නේ.... කාටවත් බැහැ අනිත් කෙනාගේ විශ්වාසයට හිනා වෙන්න.... :))

Anonymous said...

http://www.divaina.com/2011/01/09/feature08.html

Miyuru said...

මම නම් මේ පළමු වතාවට සොඳරි කියලා ඇහුවෙ... උලමයි බෝදිලිමයි ගැන නම් අහල තිබුණා.... ඇත්තටම මට හිතෙනව ඕනය කියන කතාවෙ ඇත්තක් තියෙනව කියලා..... ඇත්ත බොරු මොනව උනත් මං හරි ආසයි මේ වගේ කතා අහන්න..... ලස්සනට කතාව ලියල තියෙනව සඳරු.....

මකුළුවා..... said...

මචං හැමදේම බොරු කියලා එකපාර ප්‍රතික්ෂේප කරනව නම් ඒකත් වැරැද්දක්...හැබැයි එක පාර ඒක පිළිගන්නව නම් ඒකත් වැරැද්දක්...ඒ හින්දා තර්ක කරලා පිළිගන්න ට්‍රයි කරපන්....

Miyuru said...

කොහෙද බොලං මගේ කොමෙන්ටුව ගියේ.... අර ඕනයට පස්සෙ දැම්මෙ... ස්පෑම්වෙලාවත්ද...?

duliponline said...

@වර්ණා:
ඒක බොරුවක් . . . හදපු එකක් ඒක . . . බෝදිලිම කියන්නෙ එහෙම බය හිතෙන එකෙක් නෙමෙයි

BLOG ගඩොල් said...

උලමා කෑගහන එක අසුභයි කියලා මමත් අහලා තියෙනවා සහෝ. ඒත් විශ්වාස කරන්නේ නැහැ

Judy said...

මට හරි ආසයි ඔය කියන සද්දෙ අහන්න.... වියළි කලාපෙ නේද ඔවුන් ඉන්නවා කියන්නෙ...?

Anonymous said...

ko thama naththe mokada?kithulage thaththage thaniyata yawalada koheda me yakawa..

සෝරෝ said...

වෙලාවකට හිතෙනවා මේවා ඇත්තද කියලා ඒත් ඒ ක්ෂණයෙන් හිතෙනවා මේ මොන මනස්ගාත ද කියලා...

මමත් උඹ වගේම දෙලොවක් අතර අකරමං ලො සදරුවෝ... :D

දුකා said...

හිත් වේදනාවෙන් මිය ගිය ඇහැලේපොල කුමාරිහාමි උළමා වෙලා ඉපදුනු බව කියෙව්වා වගේ මතකයක් ආවා මේක කියවද්දී . . මතක නෑ කොහේද කියලා . .
හැමදාම වගේ මේ ලිපියත් උඹ අපූරුවට ලියලා තියෙනවා මලේ . .

Janaka Rathnayaka said...

මිත්‍යා විස්වාස කියන එව්ව තනිකරම බොරු කියල මම කියන්නෙ නෑ.සමහර දේවල් වල යම් තරමක ඇත්තක් තියෙනවා........

ශානි said...

විලි රුදාව හැදිලා මැරුණ ගැහැනු කෙනෙක් නේද බෝදිලිමා වෙලා ඉපදෙනවා කියන්නෙත් ඒ කියන්නේ එතකොට
බෝදිලිමා = සොඳරි = උලමාද

පිණිබිඳු... said...

ඔය සොඳරිගෙ කතාව මම අහල තියෙනවා. හැබැයි අපේ පැත්තෙත් කියන්නෙ උලමා කියලා තමා.

පිස්සා පලාමල්ල said...

ඕනයගේ අදහසත් එක්ක මම එකඟ වෙනව සඳරුවො.....

Anonymous said...

ko sndaru oya..dan nam balan indalama epa wela.hamadama awith oyage post ekai labunu comments tikai balala saddayak nathuwama yanawa.thawath nam iwasanna ba ,mukuth kiyawanna nathuwama kenthi enawane.liyanawako halo....

පිස්සු පුසා said...

හ්ම් මේක ජනප්‍රවාදයක් විතරයි කියලා මට හිතෙන්නෙ සදරුවෝ..වෙනදා වගේ ලස්සනට ලියලා තියෙනවා..

කිතුලාගේ පියාට නිවන්සුව..!!

Podi Kumarihami said...

අපි නම් උලමෙක් කියන්නේ කැත පිරිමි ලමයින්ට. ඒ ගොල්ලන් කෑගෑවොත් ඉතින් ලෝක විනාසයක්ම තමා...:D

වෙලාවට ඔය කියන සතා කෑගහනවා අහලා නැත්තේ.

Anonymous said...

ethrhata mako sandaru aiya evith neththe kalekin.

Anonymous said...

eththata koo sandaru aiya..

sAm (සෑම්) said...

//උලමා යන සත්වයා අපේ පලාතේ සොඳරි ලෙස හඳුන්වයි.//
හොදට ලියලා තියෙනවා.. නියමයි...

UK_Boy said...

සොදරී, සොකරි version
නුඹ හැඩකාරයි , කටකාරයි සොදරී එන්න එපා ..
නුඹේ හිත පතුලේ තරහා තිබුනට පිරිමින් මරන්නෙපා
නුඹ කැලේම වැවෙනා දෙයක් කාලා කැලේම ඉන්ට සොදා

UK_Boy said...

මේ ලිපිය කියවද්දී මට සින්දුවක් මතක් උනා මලේ
ඒ තමයි ගුණදාස කපුගේ ගේ උල ලේනෝ ගීතය, ඒ සින්දුවත් මල්ලිගේ ලිපිය වගේම ලස්සනයි
අහල බලමුකෝ කට්ටියත් එක්ක
මෙන්න ලින්ක් එක
http://www.youtube.com/watch?v=IkWlmhLPITI

Anonymous said...

මචන් උඔට කරදරයක්ද ?

RanDil said...

උලමා කියන්නේ, බකමූණු වර්ගයක් කියලා තමයි සත්ත්ව උද්‍යානයේ දැක්වෙන්නේ. මේ තියෙන්නේ එහේ ඉන්න උලමාගේ පිංතූරයක්
http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/296282_10150319075296048_751811047_8024575_1565355972_n.jpg

ඔය කිව්ව ජනප්‍රවාදය මං අහලා තියෙන්නේ බෝදිලිමා සම්බන්ධයෙන්. බෝදිලිමා කියන්නේ කටුසු විශේෂයක්. කථාවයි සත්තුයි ඒ අයගේ නම් ආදියයි සේරම ගමින් ගමට වෙනස් වෙලා.............. :)

Anonymous said...

@ sonduru sitha ..oyawath danne nadda sandaru gana.mekata kawru hari allagena gahalada manda.methana inna kawruma hari liyanako ape sandaruta mokak welada kiyala.

හිස් අහස said...

අන්තිම Anonymous =මට කිසි අවුලක් නෑ මේ දවස් වල අතේ මිටේ සල්ලි ටිකක් හිඟයි මිතුරෙකුගේ මල ගෙදරක් වෙච්ච නිසා වැඩත් ගොඩ ගැහුණා ඉතින් මොබි ඩේලි ඩිලයිට් එක වෙනදා වගේ දාගන්න විදියක් නෑ ඔන්න මම ඊයෙ පඩි ගත්තා ඒක නිසා ආයෙත් ජංජාලෙට අරක්ගත්තා ..දැන් ඉතින් ආයේ දිගටම ලියන්නයි ඉන්නේ මේ දැනුත් අලුත් එකක් ලියන ගමන්

මා ගැන සොයා බැලුවට ස්තූතියි මිත්‍රයා ..

Anonymous said...

athi yantham.api hithuwe oya wali captain nisa mala gedara dawas wala kagen hari honda hati guti kala liyaganna baruwa innawai kiyala.ekai halo hama thanama hoyala baluwe.

Bunny said...

නදී අක්කාගේ ලිපියක දැක්කා බෝදිලිමා ගැන නම්..! අනේ මංදා මට නම් ඔහොම සද්දයක් ඇහිලා නැ තාම..

සෙන්නා said...

සඳරු, අතේ මිටේ, හිඟ කමයි, අන්තර් ජාලයට යන එකයි අතරෙ සම්බන්දයක් තියනවද ? උඹ මොන වගේ කනෙක්ශන් එකක්ද පාවිච්චි කරන්නෙ ? ඔය පැත්තෙත් ටෙලිකොම් නැති වෙන්ඩ බෑ නේද ? unlimited connection එකක් ගත්තොත් නරකද ? මාසෙට එක්දාස් ගානක් ගෙවන්ඩ ඕනා මගෙ හිතේ.

Anonymous said...

adawath liyala nane.aye me palathe pas paganne na onna...

Shaggy said...

අපේ පැත්තෙ නම් ඔකා තුන් පාරක් අඩල නැවැත්තුවොත් මළ ගෙදරක් වෙන බවත් ඊට වඩා ඇඩුවොත් තදින් පායන බවත් විශ්වාස කරනවා. කිතුලගෙ පියා මැරුණෙ කොහොමද?

සංකල්ප said...

මමත් අහලා තියෙනවා උලමා කියන්නේ මැරිච්ච බඩ දරු අම්මා කෙනෙක් ගේ අවතාරයක් කියලා. උලමා කෑ ගැහුවම ඒ පලාතටම අපලයි කියලාත් අහලා තියෙනවා.

ඒත් උලමාට සොඳරි කියලා කියනවා කියලා ඇහුවේ අදමයි. අම්මෝ ඔය සොඳරි ආයෙම කෑ ගහන්න එපෝ !!!

ගැමියාගේ පත් ඉරුව said...

ඇග කිළිපොළා යන විදියට ලියලා තියෙනවා පට්ට ඈ....ඒ වගේම මේ බ්ලොග් එක කරන් යනවට ස්තූතියි.මම මගේ මුල්ම බ්ලොග් එකේ අයියව මතක් කරා...එල ආ...දිගටම ලියන්න

Anonymous said...

Ade 11 th una me maase... Ko ban uba ? Mokuth awlakda ?

Pissa.

Anonymous said...

oyata internet yanna apita sup ekak denna bari weyda kollo.post ekak nathuwa katta kanawata wada mobitel card ekaka number eka ewanna awasara diyanko ban..

Anonymous said...

අනේ මම දාපු කොමෙන්ට් එක කෝ........

අසරණයා said...

මොකද මචන් තවම අලුත් පොස්ට් එකක් නැත්තේ.. දාපන්කෝ ඉක්මනට අපි වේලෙනවා බං

Anonymous said...

adoo bang api weelenwa
monawa hari daapankooo
12 th unaa mee maase thama ekak wath nehe

ubata mokak hari awlakda?

නන්ඳු said...

අදමයි මේ පැත්තට ආවේ.. මමත් ඊයෙ උලමා ගැන ලිව්වා.. :)සොඳරි කියන නම උලමා හඳුන්වන තවත් නමක් බව දැනගත්තෙ අද... ගොඩක් ස්තූතියි..!

Anonymous said...

sadaru. Uba eka thanka kiyanawa Kithula inne 20km walata aha kiyala. dan kiyanawa gewala udaha kiyala. mokakda aththa. PT sir ge kathawa balapan.

ටීම් ට්‍රැවලර්ස් said...

සඳරුවා බුදු හාමුදුරුවෝ ගැන, අසු මහා ශ්‍රාවකයන් වහන්සේලා ගැන, සද්ධර්මය ගැන විශ්වාසය තියපං. ඔය හැම දේකටම වඩා ඒවා බලවත්.

නවෝ..

shaminda srinath said...

මම හොල්මන් කතා ඇතිතරම් අහල තියනවා.හොල්මන් දැක්ක කියන එවන් කියන කතා අහන ඉදල තියෙනවා,නිතරම හොල්මන් දකින යාලුවෙකුට් මට ඉන්නවා...එත් මේ ජීවිතේටම මම තවම හොල්මන් දැකල නැ....අඩුම තරමේ හොල්මන් කියල වෙන දේකටවත් මම රැවටිලා නැ......එත් සදරුව මොන එකක්ද මන්ද මම හොල්මන් වලට බයයි,,,,මම ජීවිතේටම බය හොල්මන් වලටි,සර්පයන්ටටයි විතරයි...එත් මම හොල්මන් දැකල නෑ.........

Anonymous said...

කතාව ලස්සනයි

Anonymous said...

කතාව ලස්සනයි

Anonymous said...

ලස්සනයි

Post a Comment

තැන්කූ බං