4.5.11

ලවු කල කෙල්ලත් ,ලඟ සිටි බල්ලත් දෙදෙනාම අහිමිවූ කල .




       හදවතේ නැගුණු ලොකූ දුකක් එක්ක මේ ලිපිය ලියන්නේ බ්ලොග් එකට හිට්ස් බලාගෙනවත් කමෙන්ට් වලට ආසාවෙන් වත් නෙවේ . අද ලියන මේ ලිපිය ලියවෙන්නේ හිතේ ඉපදුණු අවංක දුක නිසාමයි . අවංක දුක උපන්නේ මගේ ළඟින්ම මගේ හෙවනැල්ලක් වගේ ඉඳගෙන මට ආදරේ කරපු මගේම කෙනෙකුගේ හදිසි වෙන්වීමක් නිසා...

මම අවුරුදු ගානක් ආදරෙන් කන්න බොන්න දීලා මගේම සහෝදරයෙක්ව වගේ හදාගත්තු මගේ බලු පැටියා."බින්දු" කවුද මහා පාහර බල්ලෙක් විසින් පැහැරගෙන ගිහිල්ලා ! ඉතින් පොඩි දුකකුත් එක්ක මෙහෙම ලියන්නම්... මේක නිර්මාණයක් නෙවේ ! මේක මගේ හිත ඇතුළේ කැකෑරෙන මගේ අහිංසක බලු පැටියාගේ වෙන්වීම නිසාම ලියවුණු ලියැවිල්ලක්...මේ ඇත්තමයි.. මයෙ අම්මාපල්ල!!

"බින්දු" මචං උඹ මගෙන් ඈත් වෙලා අදට හරියටම සතියයි…….
 අකාලෙට වහින මේ වැස්ස , මගේ ටකරං වහලෙට වට්ටන හැම වතුර බින්දුවක් ගානෙම මට හිතෙන්නේ උඹ තෙමනවා ඇති කියලා . උඹ ඉන්න තැනක් දන්නවානම් මම උඹව හොයාගෙන එනවනේ .. අනේ මම දන්නේ නෑ මචං උඹ මොන දීපංකරේ ඉන්නවද කියලා, උඹ කෑවද, බිවුවද කියලා. අඩුම ගානේ උඹ ජීවත් වෙනවද මැරිලද කියල වත්. මම දන්නේ නෑ

ජර්මන් සෙප්පඩ , පොන්නේරියන් . බොකසර් . වගේ ලොකු ලොකු වංසෙක එකෙක් නොවී පාරක ඇවිද ඇවිද හිටපු නිකම්ම නිකං අච්චාරු කුක්කෙක් වෙච්ච උඹ එක දවසක් කනාවට වගේ අපේ ඉඩම උඩින් දුවගෙන ගියහැටි මට තවම මතකයි . මම ඒ වෙලාවේ කකා හිටපු ජම්බු පීනට් වල සුවඳ දැනිලා උඹ කන් දෙක වන වනා මගේ ළඟ බිම ඉඳගෙන මගේ මූණ දිහා බලාගෙන හිටියා . සත්තයි බං ඒ වෙලාවේ මගේ පපුව හෝස් ගාල දාලා ගියා . එදා ඉඳන් උඹ අපේ ගෙදර සාමාජිකයෙක් උනා උඹගේ දෛවයයි මගේ දෛවයයි දෙකම ලියැවිලා තිබුණේ බොහොම සමානව අපිදෙන්නම වැඩිපුර කැමති දඩාවතේ යන්න. නිසා උඹ මට මචං කෙනෙක්ම උනා මටත් නොදැනීම

මස් මාළු නොගෙනාපු ගෙදර උඹටම මස් මාළු ඉවුව හැටි . මාසේ පඩිය අතට ගත්ත ගමන් උඹට පිස්සු බලු බේත විදින්න එක්කං ගිය හැටි .හත් අවුරුදකින් පණු බේත් නොබීපු මම උඹට පණු බේත් පොවපු හැටි .නංගිගෙන් හොරකම් කරපු ෂැම්පු බෝතලෙන් සුවඳ ෂැම්පු ගාලා උඹව නාවපු හැටි . ඇයි බං මට මේවා එකින් එක දැන් මතක් වෙන්නේ ? කොහොමද මම ඒවා අමතක කරන්නේ ?

පාං කියාගන්න බැරි ගානට කෙඩෑරි වෙලා මන්ද පෝෂණයෙන් හිටපු උඹ ටික දවසකින් දෙකකින් ඌරෙක් වගේ මහතට හැදුණා..තමන්ගේ ගොවිපලේ හැදුණ වට්ටක්කයක් දිහා බලාගෙන සතුටුවෙන ගොවියෙක් වගේ . මමත් උඹගේ ලස්සන බලලා සතුටු උනා . වට්ටක්කයක් වගේ මහත් වෙන උඹට තව තව කන්න බොන්නේ දුන්නේ ඒකයි . උඹගේ බූල් දිග වෙන්න විටමින් ගෙනල්ලා දුන්නෙත් ඒකයි . නුවර ඉන්න මගේ යාළුවෙකුට කියලා උඹගේ කරට දාන්න රු 480ක් වටින බෙල්ට් එකක් ගෙනාවෙත් ඒකයි .අනේ ඉතින් මම නොකරේ උඹගේ දත් මදින එක විතරයිනේ .

උඹගේ දෛවය ලියවිලා තිබුණේ පාරේ ඇවිදින චාටර් වල් බල්ලෙක් වගේ ජීවත් වෙන්න . ඒත් උඹට මාව හම්බ උනාට පස්සේ උඹ කොයිතරම් සැප වින්දද ? අපේ ගෙදර මිනිස්සු උඹට කොයි තරම් හොඳට සැලකුවාද ? උඹගේ ඇඟට ළංවෙන්න මැක්කෙකුටවත් ඉඩ දුන්නද ? අනික අපි කවදාවත් උඹට බල්ලා කියලාවත් කතා කළාද ? නෑ අපි උඹට අපේ පවුලේ කෙනෙකුට තරමටම ආදරේ කරා..

පුටු වල තිබිච්චි කුෂන් ඉරුවම. මගේ සෙරෙප්පු දාගෙන එහෙ මෙහෙ ගියාම , මගේ එකම එක මේස් ජෝඩුව හිල් කරාම මම උඹට යන්තම් පොඩි පාරක් ගහනව තමයි . ඒත් ඒ උඹව හදාගන්න මිසක් උඹට රිද්දන්න නෙවෙයි .උඹත් ඒක දන්නවා . මම වැඩ ඇරිලා එනකොට උඹ කොයි මුල්ලේ හිටියත් දුවගෙන ඇවිල්ලා මගේ ඇඟේ එල්ලෙන උඹව මම ආයේ කවදා දකින්නද ?

එක අතකින් බැලුවම මගේ ගෙදර මිනිස්සුන්ට වැඩිය උඹ මට ලෙංගතුයි . බීලා ගෙදර එනකොට අම්මා මට රවනවා . නංගි නාහෙ වහගන්නවා, සීයා බනිනවා, ඒත් උඹ කෙළින්ම දුවගෙන ඇවිල්ලා මගේ ඔඩොක්කුවේ වාඩි වෙනවා . නංගිට මාව මතක් වෙන්නේ පඩි ගත්ත දවසට විතරයි . ඒත් උඹට මාව සතියේ දවස් හතේම මතකයි. මගේ හිටපු කෙල්ලත් මට උඹ තරම් ආදරේ කරේ නෑ බං! ..ඉතින් මට මේතරම් ආදරේ කරපු උඹවත් මට නැති උනා එහෙනම්

උඹව නාවන්න ගෙනාපු රු 300 වටින සබන් කෑල්ලෙන් දැන් ඉතින් මම නාන්නද ? . උඹට කන්න ගෙනාපු ඩෝග් ෆුඩ් දැන් ඉතින් මම කන්නද ? . උඹටම හදපු පුංචි බලු කූඩුව දැන් ඉතින් දරට ගන්නද ? දේවල් දිහා බලාගෙන හූල්ලන එක විතරයි අද මට කරන්න පුළුවන් . උඹව හොරකම් කරගෙන ගිය පාහර බල්ලා . උඹට කන්න බොන්න දෙනවද නැද්ද ? කියලා මට දැනගන්න විදිහකුත් නැති හැටි. උඹ ජීවත් වෙලාද නැත්තම් මැරිලද කියලවත් මට දැනගන්න විදිහකුත් නැති හැටි

"අපෝ ඔය හැටි සැප දෙන්නේ වල් බල්ලෙකුටද ?ඉස්සර මිනිස්සු මගෙන් අහපු වාර ගණන අනන්තයි මම උඹට කන්න බොන්න දීලා හැදුවට පස්සේ උඹව ලස්සන බලු කුක්කෙක් කළාට පස්සේ ඒ කැත කතා කියාපු එකෙක්ම උඹව හොරකම් කරගෙන යන්න ඇති ..උඹ කවදාකවත් මිනිස්සුන්ට බිරුවේ නෑ . මගේ ආදරේ හොඳට විඳපු උඹ ඒ ආදරේ පාරේ යන මිනිස්සුන්ගෙනුත් බලා පොරොත්තු වෙච්ච හැටි මම නොදැක්කා නෙවේ . අන්න එතනයි උඹටයි මටයි වැරදුණේ . මම උඹව සැරට හැදුවනම් අද උඹ මං එක්ක ඉන්නවා . මමයි උඹට වැඩි ආදරයක් දක්වලා උඹව මැටි බල්ලෙක් කරේ.

උඹ කෑම කාපු පිඟානයි , වතුර බීපු ලොකු පොල්කට්ටයි . උඹගේ පුංචි බලු කූඩුවයි මිදුලේ කොනක වේලෙනවා . බත් කන්න පිඟාන අතට ගත්තාම පුරුද්දට වගේ තවම උඹගේ කූඩුව දිහාවට මාව යැවෙනවා . ඉඳලා හිටලා තවම මට උඹගේ නම කියැවෙනවා . ඒත් .. ඒත් තව ටික දවසකින් උඹ ගැන මතකය අතීතයට එකතු වේවි මම වෙනදා වගේ හිනාවෙලා ඉඳීවි .. ඒත් කවදාක හරි මේ ලියපු ලිපිය මම දකිද්දී මට උඹ එක්ක ගත කරපු ඒ අමුතු අතීතය මතකෙට ඒවි .

අදින් පස්සේ මේ ගෙදර ආයේ සත්තු හැදෙන එකක් නෑ . උඹ තරම් මගේ ළඟින් ඉන්න වෙන බල්ලෙකුට පුළුවන් වෙන එකකුත් නෑ .මම උඹව සතියක්ම හෙවුවා . තවත් මට උඹව හොයන්න බෑ . හිතට දුකයි ඒත් බල්ලෙක් වෙනුවෙන් හැමදාම හූල්ලන්න මට බෑ . මම මන්ද බුද්ධිකයෙක් නොවන නිසා ! ඒත් මම හැමදාම උඹ එනකම් බලාන ඉන්නම්.. උඹව අල්ලං ඉන්න එවුන්ගෙන් නිදහස් වෙන්න පුළුවන් වෙච්ච ගමන්ම . වෙඩිල්ලක් වගේ දුවගෙන අපේ ගෙදර ඇවිල්ලා . මගේ අත් දෙකට පැනලා නතර වෙයං මචං ..

එහෙනම් ඉතින් ඊයේ පෙරේදා එකෙක් මගේ කෙල්ලව අරගෙන ගියා . තව කවුරු හරි එකෙක් මගේ බල්ලව අරගෙන ගියා ..ආදරේ කරපු කෙල්ලයි, ළඟින් හිටපු බල්ලයි දෙන්නම එකපාර නැතිවෙච්ච මේ ලෝකේ එකම කොල්ලා මමද ? ...



සඳරු//

Image {http://i696.photobucket.com/albums/vv321/emilejarreau/sad-dog.jpg }

68 comments:

Dinesh said...

අපෙත් අවුරුදු 10 අපි එක්ක හිටපු බල්ලා නැතිවෙලා දැන් මාස 6 විතර වෙනවා.. හිතට දුකයි තමයි යාළුවා ඒත් මොනවා කරන්නද.. ඔයාගේ බින්දු තාම ජීවතුන් අතර නම් හොද ආදරෙන් බලා ගන්න තැනකවත් ඉන්න කියලා අපි පතමු..

Anonymous said...

thawa ballek hoyaganin ban

Anonymous said...

අයියෝ... ම්ම්ම්ම්.... අපෝ සදරු අයියේ ඇ‍යි බල්ලව කුක්කේක් කලේ..හපන්න ඉගැන්නුවා නම් අද ඔහොම වෙන්නේ නැ... හ්ම්ම්..දැන් මොනා කරන්නද..

අනුරාධ said...

ඇත්තටම මට තේරෙන්නෙ නෑ බන් හිනා වෙන්නද අඩන්නද කියලා.

Podi Kumarihami said...

අනේ පව් සඳරූ, මටත් චූටි බලු පැටියෙක් ඉන්නවා. මත් එයාට හරිම ආදරෙයි. මේ කතාව කියෙව්වාම මට හිතුනේ එයා නැතිවෙලා වගේ. මටත් මෙහෙම උනොත් කියල හුස්ම ගන්නත් බැරුව ගියා. බලුවෙක් හදන කෙනෙකුට මේකේ දුක වැඩියෙන් දැනේවි. යාලුවන්ට ආදරේ කරන අයට ඊටත් වඩ තදින් දැනේවි.

"මමයි උඹට වැඩි ආදරයක් දක්වලා උඹව මැටි බල්ලෙක් කරේ."
මේ කියමන කොච්චර වටිනවද කියලා මට හිතුනේ හැබෑ ජීවිතයට ඒක ආදේශ කරගත්තාම. ගොඩාක් ආදරේ කලොත් පිරිමියෙකුත් මෙහෙම වෙයිද?

අනේ මං ඇත්තටමයි ඇහුවේ?

රොබින් said...

sorry kollo. I knw da feeln.

Hishan de Silva said...

අනේ මන්ද බං උඹටත් වෙන දේවල්? "මචං" හරියටම කියල තියෙනව. අපි හැමෝම එක අතකට බලු type තමා.

MaRLaN said...

සිරා කතාව අයියේ... මොනා උනත් බල්ල ඇවිල්ල ඇත්තටම හරි හිත හොද සතෙක්.. ඌ නිදහස් වෙච්ච ගමන් අයියව හොයන් එයි...

සමනළී... said...

බව් පැටියනම් පව්....නංගිගේ ෂැම්පු හොරකම් කරපු එකනම් වැරදී...:P

Anonymous said...

හ්ප්පට සිරි මේ මොකෑ වෙලා තියෙන්නේ... බල්ලටක් උඹව එපා වෙන්න ඇති මචං...

උඹ කටගොන්නක් බීගෙන එද්දී... ඌට වුනත් අප්පිරියා හිතෙන්න ඇති....

Kusal said...

අප්පා :-(

Anonymous said...

මම නම් බ්ල්ලේක් ඇති කරන්නේ නෑ. ඒත් ඉතින් මේක කියෙවුවම හෙන දුකය් බල්ල ගැන......පව් අසරණයා

පූසා said...

අඩේ දුකයි බං. මම සත්තු හදන්න කැමති නෑ ඒ වෙන මුකුත් නිසා නෙමෙයි උන් ලෙඩ වුනාම ඔය වගේ නැති වුනාම, මැරුනාම මට මාර දුකයි.

මේ ඒකනෙමෙයි මචං අපේ ගෙදර උදවිය එක්ක මම 6 වෙනිදා උඹලගේ ගම් පළාතට එනවා ඕං. සෙට් වෙමු!

jhothishalanka said...

මේක කියවනකොට මටත් හරිම දුක හිතුනා.හිතේ තියෙන දුකටම ඒ විදියටම ලිපියත් ලියැවිලා.අද කාලේ සමහර කෙල්ලො කොල්ලන්ට දක්වන ආදරේට අවංක කමට ලෙංගතු කමට වඩා බල්ලා හාම්පුතාට ලෙංගතුයි.ආදරෙයි.ලියල තියෙන විස්තරේ හැටියට මටත් හිතෙන්නේ බලු පැටිය මැරිල නැහැ.කවුරු හරි අරන් ගිහින්.තිරිසන් වැඩක්.

සාතන් said...

ගනන් ගන්න එපා බන්... ඕව ඔහොම තමා... මොනව වුනත් මනුස්සයෙක් නැතිවෙනවට වඩා සත්තු නැති වුනහම අප්සට්...

උඹේ හිටපු කෙල්ල උස්සපු එකාමද දන්නෙ නෑ බල්ලවත් ඉස්සුවෙ...

Anonymous said...

mage balu patiya nathiwela dan sathi 2k wenawa..oya duka matath oya wagema danuna..aiyage balu patiya inna thanakin nidahas una gamanma ikmanata aiya gawata ewi kiyala pathanawa..duk wenna epa..

Asanka Udayanga said...

අනේ මන්දා බන්.. මට හිතාගන්න පුලුවන් ගොඩක් ආදරය කරපු කෙනේක් ගෙන් වෙන් වුනාම තියන දුක කොහොමද කියලා...

අලුත් කොල්ලා | The New Guy said...

සඳරු උඹ නම් මාර කොල්ලෙක් බන්

@ පොඩි කුමාරිහාමි

/"මමයි උඹට වැඩි ආදරයක් දක්වලා උඹව මැටි බල්ලෙක් කරේ."
මේ කියමන කොච්චර වටිනවද කියලා මට හිතුනේ හැබෑ ජීවිතයට ඒක ආදේශ කරගත්තාම. ගොඩාක් ආදරේ කලොත් පිරිමියෙකුත් මෙහෙම වෙයිද?/

කවදාවත් නැහැ. ගොඩක් ආදරේ කරොත් පිරිමියෙක් පණ උනත් දෙයි... ඒ මැටි කමට නෙමෙයි. ඇතුලෙ හැoගිලා තියෙන කාටත් නොපෙනෙන සoවේදී කමට.

සංකල්ප said...

බලු පැටියා පව් බොලව්. ගෙදර ආදරෙන් හදපු එකා නේ. පොඩ්ඩක් හොයාන් මලේ ගමේ කොයි යහාක හරි ඉදීවි.

Anonymous said...

අපේ ගෙදර කලින් හිටිය රොවා අවුරුදු 14ක් හිටිය.. නැති වුණේ එයාගෙ පුටුව උඩ නිදාගෙන... මල්ලියි මමයි දිහා බලාගෙන.. දිගම දිග හුස්මක් පිට කරගෙන.. හරියට මං ඔයාලව දාල යන්නෙ කැමැත්තෙන් නම් නෙවෙයි.. ඒත් යන්ඩ වෙලානෙ කියන්න වගෙ... මට ඒක කවමදාවත් අමතක වෙන්නෙ නෑ... ඇයි මන්දා අපි මේතරම් සත්තුන්ට බැඳෙන්නෙ

පන්සල් හංදිය said...

කොහොමත් සත්තුන්ගේ තියන ගුණේ මිනිස්සුන්ගේ නැහැ..........

පිණිබිඳු... said...

කාලයක් තිස්සෙ ආදරෙන් බල්ලෙක් හදපුවාම ඇත්තටම ඒකා ගෙදර මනුස්සයෙක්ටත් වඩා ලං වෙනවා. මේ පෝස්ට් එකට අඩන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ. ආයේ බලු පැටියා ඔයා ගාවට එන්න කියලා මම පතනවා.

හසී said...

අනේ මන්දා සදරුවෝ :(

Anonymous said...

උඹට බල්ලෙක් ඕනිනමනම් මම එන්නම්. හැබැයි බුරන්ඩ මිනිසුන්ට කඩා පනින්නනම් මට බෑ.

Anonymous said...

මගේ බලු පැටියා ගිය අවුරුද්දෙ නැති උනා , ම0 හිතන්නෙ ම0 වැඩියම ආදරේ කලේ ඒ සතාට . මිනිස්සු වගේ නෙවේ උ0 හරි අවන්කයි .

Anonymous said...

වෙන කෙල්ලෙකුට ලව් කරල තවත් බල්ලෙක් හදාගන්න ගත්තම හරි

Anonymous said...

හයි‍යෝ......සත්තර‍නේ..සඳරුටමයි ‍වෙන්නේ.හැබැයි මල්ලියේ එක දෙයක්. උඹ ඔය බලු රාලට කරපු දේම අපිටත් කරල.

මෙන්න මෙහෙමයි. බල්ලට දක්වන ආදර කරුණාවම වගේ දෙයක්, සදරුගෙ ජීවිතේ ගැන හැමදේම කියල කියල දැන් “ හිස් අහසට“ කාලයක් තිස්සෙ එන යන අය විදහට අපිත් දැන් සදරුට ලෙංගතු වෙලා.

ඉතින් අපිට බයත් ඒකමයි, පුංචි බලු රාල උඹව දාලා ගියා වගේ, දවසක උඹත් අපිට නොකියම නොපෙනී යයි කියල... දිගටම ලියන්න සඳරු.. හරිම අවංක ,අව්‍යාජ හැඟීම් නිසා ද මන්ද හරිම ලස්සනයි, සරලයි.

සරල වුනාට සංස්කෘත වචන , බර බර වචන දාහකින් කියන්න බැරි හැඟීම් ගොඩක් මේ ඇතුලෙ තියෙනවා....

එහෙනම් , ජය වේවා .............

Anonymous said...

ube kellath giyada ban. mala magulai ube storya mama kiyewwa. danwath nobi idapan tc machan

zee said...

සදරුවෝ තව බල්ලෙක් ගමු, හෑබෑයි මෙදාපාර නම් ටිකක් සෑරට හදමු එතකොට කාටත් ගෙනියන්න බෑ නේ.......

Dasun said...

කිරිඅප්පට බල්ලෝ පැනපි....සැහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක්........

හිස් අහස said...

@Dinesh = දැන් ඉතින් එහෙම හිතලාවත් හිත හදාගන්නවා අයියේ .. මගේ බලු තඩියා අපි එක්ක හිටියේ දැන් අවුරුදු දෙක හමාරක විතර ඉඳන්
......................................................................................................................................................
@Anonymous = බෑ ඇනෝ ආයේ බල්ලෝ එපා අපි බලෝ හැදුවම තමයි වටේ ඉන්න උන්ටත් බලෝ ඕන වෙන්නේ .. ඔන්න අපේ ගම
......................................................................................................................................................
@නිම්ශා = අනේ නඟේ මම ඒකව හුරතල් කරලම ඌ හුරතලේට බර මැටි බල්ලෙක් උනා මටත් නොදැනීම .. අපරාදේ
......................................................................................................................................................
@අනුරාඬ= ආ පණු අයියා ...අඬන්නේ මොකටෙයි මචං හිනාවක් දාගෙන ඉඳපං . මමත් තව දවස් දෙකකින් විතර ඕක අල්ලලා දානවා
......................................................................................................................................................
@Podi Kumarihami= සත්තු ඇති කරාම ඔහොම තමා අක්කේ උං මැරුනම පැනලා ගියාම ලෙඩ උනාම අපිට හරි දුකයි ඒකයි මම ආයේ සත්තු නොහදා ඉන්න තීරණය කලේ. ඒකනේ මම කීවේ කෙල්ලන්ට වැඩිය ආදරේ දෙන්න හොඳනෑ කියලා පිරිමින්ටනම් කොච්චර ආදරේ දුන්නත් කමක් නැඑයාල කවදාවත් මැටි නෑ
......................................................................................................................................................
@රොබින් = ස්තූතියි රොබා මචං
......................................................................................................................................................
@Hishan Melanga = මමත් කරපු බලුවැඩ මේ කියලා කියන්න බෑ බං අපිත් යන්තමට බවුවෝ තමා
......................................................................................................................................................
@MaRLaN = සතියක් විතර ගියා මාලන් ඌ ආවේ නෑ නේ ...
......................................................................................................................................................
@තටු සිඳුනු සමනළියක් = අලුත් යාළුවෙක්ද මේ ..? නංගිට සැම්පු ඕන තරම් කඩෙන් ගන්න පුලුවන් සමනලී ඒත් බල්ලෙකුට කඩේ ගිහිං බඩු ගන්න බෑ නේ !
......................................................................................................................................................
@prasanna86k = අනේ නෑ මම බොනකොට බල්ලා මගේ බයිට් එකට වග කියනවා අපි දෙන්නම තමයි සෙට් වෙන්නේ
......................................................................................................................................................
@Hasitha = හ්ම් .. බල්ලා මිසිං
......................................................................................................................................................
@බීටා = ස්තූතියි මචං සප් එකට හිටියට
......................................................................................................................................................
@පූසා = කවදයි එන්නේ හය හරි හරි මම බලාගෙන ඉන්නම් .. අරවත් සෙට් කරගෙන ඉන්නේ ලෑස්තිවෙලාම වරෙන් මචං සෙට් වෙන්න
......................................................................................................................................................
@JHOTHISHALANKA = අනිවා මගේ බලු කුක්කා හොරකම් කරලා වටේ පිටේ කීප දෙනෙක් දැකලා තියනවා කෙනෙක් බල්ලව අහගෙන යන හැටි ඒත් ඌව හොයාගන බැරි උනා යෙයේ
......................................................................................................................................................
@සාතන් = අඩේ සිරාවට දැන් මටත් එහෙම හිතෙනවා හූ කිවුවට මල පැන්නද දන්නේ නෑ ඌට ...
......................................................................................................................................................
@Anonymous = මමනම් යාළු දැන් දුක්වෙන එක නතර කර දාලයි ඉන්නේ ..ඔයාටනම් ගොඩක් දුක ඇති මගේ බලු පැටියා දැන් අවුරුදු දෙක හමාරක් වෙනවා මට හම්බවෙලා .මමනම් අද ඉඳන් ආයේ ඕක හිතන්නේ නෑ .. ස්තූතියි

හිස් අහස said...

@අසංක = ටිකක් දුකයි අසා .. ඒත් ඕක ඇරිලා යාවි ..ස්තූතියි සප් එකට
......................................................................................................................................................
@අළුත් කොල්ලා = ඇයි මචං මම මාර කොල්ලෙක් කීවේ ? පොඩ්ඩිට දුන්න උත්තරේට මම ලයික්
......................................................................................................................................................
@මධුරංග - ගම වටේම හෙවුවා මගේ ගමේ එකෙක් නෙවේ අයියේ මගේ ගමේ එක බල්ලෙක්වත් නෑ සඳරුගේ ගෙදරින් හොරකම් කරන්න තරම් හිත හයිය ..( ලොකු කම )
......................................................................................................................................................
@hansakinkini= අප්පේ අනේ මටනම් ඒවගේ අවසානයක් දකින්න නොලැබුනු එක හොඳයි . අවුරුදු 14 කියන්නේ සෙල්ලන්ද ? මමනම් හිතුවේ බල්ලා ඉස්සුවාට දුක දැනෙන්නේ මට පමනයි කියලා බලද්දී ඔයාටටූ මටවගේම අද්දැකීම් තියනවා නේද ?
......................................................................................................................................................
@පිණිබිඳු =අක්කේ මොකද අනේ අඬන්නේ . මෙන්න මේක බලලා හිනා වෙලා යන්න මේක ලියපු මමවත් අඬන්නේ නෑ අනේ හිතට දුකයි ඇත්තෙන්ම ..ඒත් මොකටද අපි අඬන්නේ නේද
......................................................................................................................................................
@හසී = සුදු පුංචා මතක් කරා කියන්න අක්කේ
......................................................................................................................................................
@ඇනෝ1 = අන්න එහෙම බවුවෙක් ත්මයි මට ඕන මම උඹව හදලා ගන්නම් ,
......................................................................................................................................................
@ඇනෝ2= බල්ලොන්ට හොඳ මතකයක් තියනවා ඇත්තටම උන් තමන්ට කන්න දුන්න මබුස්සයාට ගොඩක් ගරු කරනවා
......................................................................................................................................................
@ඇනෝ3 = කෙල්ලෙකුට ලවු කරාම . මම නිකම්ම බලු වෙයි නේද බං ආයේ බල්ලෝ ඕන වෙන එකනැනෑ
......................................................................................................................................................
@සොඳුරු සිත = එහෙම යනවද නොකියාම අපෝනෑ මම කවදාකවත් ඔයාලට නොකියා පැනලා යන්නේ නෑ අක්කා. ඔයාගේ ප්‍රසංසාවට හැමදාම මම ආසයි ...හැමදාම හිස් අහස පුරවන ඔයාලත් දැන් මගේ නෑයෝ වගේ වෙලා .. බොක්කෙන්ම ස්තූතියි වත් අක්කේ
......................................................................................................................................................
@prabathw7 =කෙල්ලත් ගියානේ බං . බල්ලත් ගියා ! දැන් මම බලු වෙලා ..මගේ කතාව කියෙවුවට ස්තූතියි
......................................................................................................................................................
@zee = හදන එකත් හදන්න ඕන රොබෝ බල්ලෙක් නැද්ද සී ..එතකොට කාටවත් උස්සන්න බෑ බරට හදන්න ඕන ‍
......................................................................................................................................................
@නිර්මල= අනිවා නිර්මල මේ ප්‍රස්නේ පිටින් දාලා අද ගහනවා කරටි කැඩ්ඩෙන්න .. ඉතින් ඉතින් ..?

Anonymous said...

ගෙදර උන්නු බල්ල නැති උනාම දැනෙන දුක නං මම හොඳා විඳල තියෙනව. දැන් ඉන්න එකාට කලින් උන්නු එකාටත් කලින් උන්න එකා පස්ස පැත්ත පණ නැති වෙන ලෙඩක් හැදිල දුක් විඳල මැරිල ගියා. ඊට පස්සෙ ගනාපු එකා අවුරුදු අටක් ඉඳල ලේ වමනෙ දාල මැරුන. දොස්තරල එකෙක්ටවත් ලෙඩේ මොකක්ද කියල හොයාගන්න බැරි වුනා. කෙල්ලො ගැනනං ආයෙ කියන්න ඕනෙ නෑ නෙ බං.....

අලුත් කොල්ලා | The New Guy said...

@ සඳරුවා - එළ කොල්ලෙක් කිව්වෙ හේතු දෙකක් ඇතුව

1) උඹ හිතන විදිහ
2) හිතෙන දේ මේ වගේ සරලව ලියන එක තමයි ප්‍රධානම හේතුව. මොකද ඕව හිතෙන විදිහටම ප්‍රබුද්ධෙන් ලිව්වොත් කියවන කෙල්ලො එහෙම අඬල මැරෙනවා.......

පොඩි කුමාරිහාමිට දුන්නෙ ඉතින් ඇත්තම පිළිතුර තමයි, තැන්කූ ලයික් එකට...

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

බොහොම කණගාටුයි සහෝදරයා . සත්තුන්ගේ ගොඩාක් හොඳ ගති ගුණ තිය්නව , මම කවදාවත් බල්ලෙක් නම් හදල නැ ඒත් හදපු පූසන් ගෙනුත් මම ඒ ගතිය දැකල තියනව

චතුවා said...

අහෝ දුකකි.. ඉරකි.. තිතකි.. සිරාවටම දුකයි බං... ලියලා තියෙන හැටියට පට්ටට දැනෙනවා..!

~ChAnDiKa~ said...

දුකයි බංග. වෙන කියන්න දෙයක් තේරෙන්නෙ නෑ... :(

යසියා said...

මටත් මගේ සහෝදරියක් වගේ ක්‍රීමිව නැති වෙච්ච දවසේ ඔහොම දුක හිතුනා... බල්ලෝ වෙල උපදින්නේ පින් මදි අපෙ සහොදරයොලු....බින්දුට වරද්දක් වෙන එකක් නෑ යාලුවා...

තාරක Dilsh@n said...

මිනිස්සු කරන තරම් බලු වැඩ බල්ලො ‍කරන්නෙ නැති හින්ද වෙන්න ඇති මිනිස්සු මෙච්චර බල්ලන්ට ආදරේ...

Anonymous said...

අනේ ... :(

priyantha said...

සඳරූ මං හිතුවේ මේ මගේ කතාවේම කොටසක් කියල. උඹට තරම්ම කාලයක් ලැබුනේ නැති උනත් මටත් ආදරේ කළ කෙල්ලක් මව එපා කියා යන්න ගියේ පසුගිය සැප්තැම්බර් මාසයේ අන්තිමේදී. ඒ ගිහින් හරියටම සති දෙකකට පස්සේ මම ආදරෙන් ඇති දැඩි කළ ලැසී මාව දාල නොයන ගමනම යන්න ගියා. උඹට නම් බල්ලා ඉන්නවාද නැද්ද කියන සැකය තමා ඇත්තේ. ඒත් මට මම මගේ අත්දෙකෙන් උස්සන් ගිහින් අවසන් කටයුතු කලේ. ආයේ කවදාවත් එන්නේ නැති බව දැනගෙනමයි. මමත් ලැසීව හැදුවේ ඔය කියන විධියටමයි. මම මා වෙනුවෙන් නොකරන වියදම් ඌට කළා. ඒවගේ අවංක ආදරයක් නැතිවීම දරන්න බෑ තමා.
පොඩ්ඩි
ඔයා කියනවා වගේම මගෙත් හුස්ම හිරවුනා වගේ. ඇස්වල කඳුළු පිසිමින් මේ ලියන්නේ. පිරිමි ගැන ඒ බවුවා ගැන වගේ හිතන්න එපා. ආදරේ ඇති පිරිමි එහෙම වෙන්නේ නෑ.

හිස් අහස said...

@nawammawatha = දැන් සමහර වෙලාවට කෑමක් කන්න අතට ගත්තාම නිකම්ම බින්දු කියලා නම කියවෙන්න හදනවා අනේ මන්දා බං
....................................................................................................................................................
@අළුත් කොල්ලා = බොහොම ස්තූතියි මචං මේ ඉතින් මම දන්න කියන ලේසිම ක්‍රමය . බැරෑරුම්ව ලියන්නත් හැකියි මට තව ටික දවසකින් එහෙමත් ලියනවා ..ඔන්න ඉතින් මට වෙච්චි දේ
....................................................................................................................................................
@buwa = සත්තු තමන්ට කන්න දෙන එකේ ගුනේ තියන්න දන්නවා බුවා මචං
....................................................................................................................................................
@චතුවා (ළමයා)=උඹලටත් දුකයිනම් මට කොච්චර දුක ඇද්ද ? වචනෙන්වත් දීපු ඔය සප් එකට ළමයට බොකු බඩවැල් හැම එහෙකින්ම ස්තූතියි
....................................................................................................................................................
@..ChAnDiKa = ස්තූතියි මචං ඒ සප් එකට ..
....................................................................................................................................................
@යසියා = "බල්ලෝ වෙල උපදින්නේ පින් මදි අපෙ සහොදරයොලු" යසියගේ ඒ කතාව මගේ බොක්කටම වැදුනා මට ඒක කවදාකවත් අමතක කරන්න බැරිවේවි..ස්තූතියි යසියෝ
....................................................................................................................................................
@තාරක Dilsh@n= බල්ලා තමන්ගේ ස්වාමියාට ද්‍රෝහී වෙන අවස්ථා ගොඩක්ම අඩුයි තාරක එන්න ඒකයි ඉස්සර ඉඳලාම මිනිහාගේ මිතුරා වෙන්න බල්ලට හැකි උනේ
....................................................................................................................................................
@ඉෂ් = මටත් අනේ තමයි අනේ
....................................................................................................................................................
@priyantha = බලාගෙන යද්දී ප්‍රියන්ත අයියගේ කතාව සහ මගේ කතාව එක ලඟින්ම යනව නේද ? කොරේ පිටට මරේ තමයි අයියේ ඔයවගේ වෙලාවට කියන්න වෙන්නේ .ඔයාගේ කමෙන්ට් එක දැකලා ඔන්න මට දැන් අවුල් ..මමනම් දන්නවා මගේ මචා පන පිටින් ඇති කියලා ඒත් වැඩ්ක් නෑ දැන් සතියක්නේ.. ආපහු එන එකක් නෑ

යසියා said...

නෑ බලපන් උන් කොච්චර අපිව අරක්ශ කරනවද?? ගෙදරට නයෙක් ආවම උන් බ‍යේ පස්සට යන්නෙ නෑ.. ගෙදර හැමෝම එනකන් ඌ ගේට්ටුව ගාවින් හෙල්ලෙනවද???......
මම දැකලා තියෙනවා සමහර හිගන්නෝ එයලට යාලුවෙක්ට ඉන්නේ එයලගේ බල්ලා විතරයි...

පැන්ඩා said...

අනේ මලේ..මුලින්ම තරහ අවසර..මගෙ ලැප් එක කැඩී ඇත..ෆුල් අනාථ මාරුතේ..ජාලය එක්ක සම්බන්ධ වෙන්නෙ බොඩිමේ මොකෙක් හරි නිදා ගත්තම,,දැන් මේ ලැප් එක අයිති එකා තාම නිදි.උඹෙ බ්ලොග් කියවන්න කමෙන්ට් දාන්න බැරි වුනේ එකයි..කොහොමින් කොහොම වුනත් බ්ලොග් ලිව්වක් කියෙව්වත් කමෙන්ට් දැම්මත් නොදැම්මත් අපේ බොක්කෙ ෆිට් එක එහෙම ම තමයි හොදේ සඳරු වො..

අල්ලල දාපන් බං අපි තව ටික දවසක් බලල ගෙමුකො හොඳ කෙල්ලෙකුයි බල්ලෙකුයි දෙකම.

සියළු දේ උඹට විතරක් නෙවෙ අපි ඔක්කොටම අනිත්‍යයි බං.

Anonymous said...

=D ඊළග පාර කුක්ක ව සැරට හදන්න අනේ...

Ishan Yapa said...

අපේ ගෙදර ඔය හුරතල්ලු හදන්නෙ නැත්තෙ ඔය හේතුව හින්දම තමා, කවදා හරි අපිට ඔය හුරතල්ලු හින්දා දුක් වෙන්න වෙනව නෙ !!! මොනව වුනත් මේ සිද්දිය නම් හරිම අප්සට් සීන් එකක් තමා ! ළඟදිම අයියගෙ බලු පැටියා දුවගෙන ඇවිල්ලා අයියගෙ ඔඩොක්කුවේ ආයෙත් නතර වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා !!!

Unknown said...

බිංදු??

සම්පත් said...

කෙල්ලොන්ට වඩා බ්ල්ලො හොඳයි...බන්...ආයිම....බල්ලෙක්..හදපන්.බල්ලෙක්..මදිනම්...බැල්ලකුත් හදපන්...කෙල්ලො දිහා බලන්න වත් එපා බන්...කෙල්ලො ඉන්න අපෙ ගොඩක් කොල්ලො , කෙල්ලො නැති අපි දිහා බලලා හූල්ලනවා..මොකද අපි උන්ට වඩා නිදහසක් විඳින නිසා...
(බැඳීම් පිරි ජීවිතයක ඇති කර්කශ බව පෙනෙන්නෙ බැඳීම් වලින් වෙලිලා පස්සෙ ඒවයින් අයින් නිදහස් උනාම විතරයි...බුදු දහමෙ ඇත්තත් ඔකම තමයි)

Thusitha (දිමා) said...

සමහර වෙලාවට මිනිස්සුන්ට වැඩියෙ සත්තු අපිට ලන් වෙනව.

http://www.facebook.com/media/set/?set=a.123840457692890.25169.100002008099821

මෙයත් මාත් එකක් අවුරුදු 9 එකට ඉදල ගිය දෙසම්බර් 7 වෙනිද මාව දාල ගියා...

උබගෙ බලු පැටියා ඉක්මනටම හම්බ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා....

Thusitha (දිමා) said...
This comment has been removed by the author.
හා පැටික්කි (MS) said...

අනේ සඳරු මට මගේ මාලන්ව මතක් උනා. එයා නම් මැරුණා ඒත් ලෙඩවෙලා හිටි ගමන්. එයාගැන මං ලිපියක් ලිව්වා. ඇත්තටම තාමත් ඒ අඩුව නම් තියනවා. ඒ මගේ මල්ලිනේ ඉතින්. අනේ මංදා........ හැබැයි එයා නම් සැරයි. ඒ හැමෝටම හැබැයි මාව ඇරෙන්න අනික් අයව හපනවා.

බිංදු මල්ලියා යන එන මඟදි ඇස ගැටිලා එක්කන් එන්න ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා............

සිත්රූ සිහින said...

ඔයා පව්..දුක් වෙන්නෙපා.. බින්දු කව් රු හරි හිරකරන් ඇත්තේ..නිදහස් උන ගමන් ඉක්මනින්ම එයි ඔයා හොයගෙන..සතෙක් උනත් කැමති තමන්ට වැඩියෙන් ආදරේ කරන කෙනෙක් ලග ඉන්න..

නචියා said...

ඇඩෙනවා මචන්... මටත් ඔය දුක ඔහොමම දැනිලා තියනවා.....

උබ සoවේදි එල කොල්ලෙක් මචන්........... බල්ලත් කෙල්ලත් ගැනත් වැඩිය නොහිතා ඉන්න බලපන්.........

kasun said...

කෙල්ලෙක් නම් ආයෙත් හොයා ගන්න බැරියැයි.....
ඒත් අර බලු පැටියා.....?

dinesh said...

අපේ තාත්තත් මම නැති පාලුව මකා ගන්න කියල ඔය ෂෙපර්ඩ් වර්ගෙක එකෙක් හදා ගන්න ගත්ත කියල ඉස්සර දවසක් මට කෝල් කරණකොට කිව්වා.ඒ දවස් වල ඒක එච්චර ගනන් ගත්තෙ නෑ.දැන්නම් ඌට යන සැප දැක්කම මට ඊරිසියයි බං.කොටින්ම මම දැන් ඌට සැර කෙරුවොත් එහෙම තාත්ත මට බනිනවා.

පොඩ්ඩක් හොයල බලපන් මලේ.වැඩි ඈතක බල්ලෙක් උස්සන් ගියා වෙන්න බෑ.

සරත් ලංකාප්‍රිය said...

කවුරු හරි ඇත පළාතකට අරගෙන ගියානම් එන්න පුලුවන්ද ? මම තනියන් ඉන්න කාලේ ඔහොම බලු කුක්කෙක් අරන් හදන්න ගත්ත.. පස්සේ මට එක කරගන්න බැරි බව පිලි අරන් (ඒ මොකද මන් ජීවත් උනේ තනියම ගෙදරක-- මන් වැඩට ගිහින් එනකන් කොහොමද ඌ තනියම ඉන්නේ ? කන්නේ බොන්නේ ?)අක්කට දුන්න. මට තිබුන ආදරේ කවදාවත් අඩු උනේ නැහැ.. මම අක්කගේ ගෙදර ගියාම හෙවනැල්ල වගේ මගේ පස්සෙන් හිටිය.. මම ඉඳ ගත්තම මගේ පිටි පතුල උඩ ඔලුව තියාගෙන මුණ දිහා බලන් ඉන්නවා.. මෙච්චර සලකන අපිට බොබියා මෙහෙම ආදරේ නැහැනේ කියල අය්යත් කියනවා.. අන්තිමට හිටි ගමන් ගෙදරින් අතුරුදහන් උනා. ආ ගිය අතක් නැහැ.. ඒ දුක මම හොඳට දන්නවා.. බල්ලෙක් කවදාවත් ගෙදරක් දාල යන්නේ නැහැ.. එක සලකපු ප්‍රමාණය නිසා ඇතිවන බැඳීමක් නෙවෙයි එක සතාගේ ඉවට තේරෙන මනුස්සයාගේ ආදරේ තරම නිසා වෙන දෙයක්.. බලල කියන්න තමුන්ට ආදරේ කෙනාට කොන්දේසි විරහිතව ආදරේ කරන සතෙක්.. ඒ අතින් මනුස්සයින්ට කවදාවත් බල්ලෙකුට කිට්ටු වෙන්න බහ කියල මම තදින්ම විස්වාස කරනවා.

රස්තියාදු කාරය.. said...

කියල වැඩක් නැ දුක් සීන්..
සොරි වෙන්න ඕනේ මචෝ, මේක කියෙව්වේ හොටු පෙර පෙර හිනා වේවි..

Anonymous said...

http://en.wikipedia.org/wiki/Hachik%C5%8D

Anonymous said...

godak dukai machan.mata meeta wadiya monawath kiyaganda ba.

මාධව විදුරංග said...

man nam athi karanne puusoo! mm unuth gedarin dawasak pita hitiyoth maara dukai bn! mmm uba ballata patta adarei needa? mmm :( dukai bns!

saumiya said...

Mage ballage namath BINDU... mamath eyata godak adare kara... sandaruge bindu wagema mage binduth mata nati wela den saahena dawasak wenawa... me katawa kiyawanakota mata binduwa matak una... es deka bonda une matath nodenima.. eth monawa karannada... bindu aya enne na kiyala mama dannawa...

Anonymous said...

අයියෝ මටත් පොඩි කාලේ ඔය වගේම අත්දැකීමක් තියනවා. මට මතක් වෙනකොටත් තවමත් දුකයි......

චතුරිකා ජයංගනී කස්තුරිඅාරච්චි said...

අනේ සඳරු මල්ලියා ඇයි ඔයාටම මෙහෙම වෙන්නෙ?ඔයාගෙ දුක මට හොඳට දැනෙනවා. මොකද මමත් ඔය වගෙ හදපු බල්ලා ගමේ තිරිසනෙක් බැඳපු තුවක්කුවකට බිලි උනා... ඔයාට හිත හදා ගන්න පුලුවන් ඔයාගෙ බිංදු කොහෙ හරි ජීවත් වෙනවා කියලා.

Lakshmi Wickramasinghe said...

සදරු මල්ලි ඔයාගේ බ්ලොග් එකට මම අවේ දැනට දවස් දෙකකට කලින්. මට ආපු මේල් එකක ලින්ක් එකක් ච්ලික් කරාම මාව වැටුනේ ඔයාගේ බ්ලොග් එකට .ඒ වෙලාවේ ඉදන් ඊයේ දවසෙත් මම ඔයාගේ ලිපි ගොඩක් කියෙඋව. ඒ විතරක් නෙමෙය් ගොඩක් ඒවාට මට කමෙන්ට් දාන්න හිතුනා . එත් ඊට වඩා මට ඕන උනේ කාලේ නාස්ති නොකර ඔයාගේ ලිපි ඔක්කොම කියවන්න. ගෝනගල ගමේ ඇත්තම ඇත්ත ආදර කතාව වගේම ඔයාගේ නංගිට කියපු ලිපිය කියවද්දිත් මට අඩුන . දවසම මොනිටර් එක දිහා බලන් කියවන්නේ මොනාද කියල මගේ ඔෆිස් එකේ යාලුවෝ අහනකොට මම එයාලටත් ඔයාගේ ලිපි කියෙඋවා. එත් ඒ හැම ලිපියකටම වඩා මගේ හිතට දැනුනේ මේක . එක පාරටම ඔයාගේ ලිපිය මාව අරන් ගියේ මගේ අතීතයට . මට හිතුනා සදරු කියල බොරු නමකින් ඉන්නේ මගේ පරණ පෙම්වතද කියල එයා මගෙන් ඈත් වෙලා ටික දවසකට පස්සේ ඔයාට වගේම බල්ලෙක් ලැබිල එයා දවස් ගානක් මහන්සි වෙලා ලොකු කූඩුවකුත් හැදුව . වහලෙත් ගහල අන්තිම දවසේ, රෑ වෙලා නිසා හෙට උදෙන්ම බලු පැටියව කූඩුවට දානවා කියලා එයා නිදා ගෙන පාන්දර පහට විතර එලියට ගිහින් බලනකොට බලු පැටියා නැහැලු, කවුරු හරි තාප්පෙන් පැනලා බලු පැටියව හොරකම් කරලා. එයා ඒක මට කිවුවේ හරිම දුකෙන් . ආදරේ කරපු කෙල්ලත් ආදරෙන් හදා ගන්න ගත්තු බලු පැටියාත් දෙන්නම එක පාර නැති උන එකම කොල්ල මම වෙන්න ඇති සමහරවිට, එයා කිව්වේ එහෙමය්.

"ආදරේ කරපු කෙල්ලයි, ළඟින් හිටපු බල්ලයි දෙන්නම එකපාර නැතිවෙච්ච මේ ලෝකේ එකම කොල්ලා මමද ?"
නෑ මල්ලි එහෙම වෙච්ච එකම කෙනා ඔයා නෙමෙය් . එහෙම අය තව ඉන්නවා මේ ලෝකේ .....

Sanjeewa said...

ayooo salli

Anonymous said...

If some one wishes to be updated with latest technologies then he must be go to see this website and be up to date all the time.
My web site: www.PlanMybabyScam.org

Anonymous said...

Howdy just wanted to give you a brief heads up and let you know a few of the images aren't loading correctly. I'm not sure why but I think its a
linking issue. I've tried it in two different browsers and both show the same results.

My website :: pregnancyhelper.in

Anonymous said...

WOW just what I was looking for. Came here by
searching for mens health

Also visit my blog post viagra uk

Post a Comment

තැන්කූ බං