13.5.11

කොළඹ කාක්කෙකුට කේජු කවන්නට තැත්කල මගේ නෑදෑ පරපුර


          බොහොමයක් දෙනා තමන්ගේ නෑදෑ පරපුර ගැන කතාකරන්න හරිම කැමතියි . නෑදෑයෝ ගොඩක් අපි වටේ ඉන්නකොට මුලු ජීවිතේම පිරිලා වගේ දැනෙවා . තමන් තනිවෙලා නෑ කියලා දැනෙනවා ..ඒත් ඒ අපේ නෑදෑ පරපුර අපිව මොහොතකට කොන් කරාම . අපිව පවුලෙන් නෙරපලා හැරියම. දැනෙන හෑඟීම කොයිවගේද ?... මාස කීපයකට කලින් මම ඒ අද්දැකීම වින්ඳා. අදටත් විඳිමින් ඉන්නවා ..

ඉතින් මේ කතාව කොහෙන් පටන්ගන්නද ?, කොයි විදිහට වර්ග කරන්නද ? කියලා මටම හිතාගන්න බෑ .ඒත් මේක ලියන්න එපා කියලා මගේ හිත මට බලකරන්න කලින් මේක ලියලා ප්‍රසිද්ධ කරලා දාන්න ඕන අදාළ නම් ගම් වෙනස් කරලා මම ඒ කතාව මෙහෙම ලියන්නම් ..

මේ සියල්ල සිදු උණේ පහුගිය පෙබරවාරි මාසේ එක දවසක මගේ මාමගේ දුවගේ විවාහ මංගල උත්සවයට සහභාගී වෙච්චි දවසේ. මගේ අම්මගේ පැත්තෙන් නෑදෑයෝ ගොඩ දෙනෙක් මේ උත්සවයට සහභාගී උනා. සමහර නෑදෑයෝ මම හොඳට දැන අඳුනන උදවිය . සමහර අය යාන්තමට මතකයක් විතරක් තියන උදවිය . සමහරු මම උපන්තේකට දැකලත් නෑ
 
මගේ අම්මගේ මුල්ම රාජකාරිය උණේ මේ හැම නෑදෑයෙක් ළඟටම මාව එක්කරගෙන ගිහිල්ලා මාව හඳුන්වාදීමයි ! මම කොයිතරම් එපා කීවත් කොයිතරම් අකමැති උණත් මගේ අතින් ඇදගෙන යන අම්මා මාව හැමෝටම හඳුන්වා දෙන්න උනා ..එක එක අය එක එක විදිහට මාව අඳුනගත්තා . එක එක විදිහේ ප්‍රතිචාර දක්වන්නටත් උනා
ෂාහ් .. මෙච්චර ලොකු කොල්ලෙක් .ඉන්නවාද අපේ පරම්පරාවට .!

පුතා දැන් මොකද කරන්නේ

මොකද පුතා කෙට්ටු..? කන්නේ නැද්ද ?
ඔන්න ඔය විදිහේ මහා විකාර ප්‍රශ්න වලට මුහුණ දෙමින් මම . අම්මගේ පස්සෙන් බඩ ගාගෙන මගුල් ගෙදර පුරාම බීපු මිනිහෙක් වගේ වැනි වැනී ගමන් කරන්න උනා ..ඇත්තටම මට මේ නෑදෑ සහනුරේ දැන අඳුනගන්න කිසිම උවමනාවක් මට තිබුණේ නෑ . මට ඕනෑ උණේ එකම දෙයයි .පුළුවන් තරම් ඉක්මනට අම්මගෙන් වහං වෙලා මගුල් ගෙදරට ගෙනාපු හුරුබුහුටි වීදුරු බෝතල් අතරේ හැංගෙන්න . බෝතලක් මගේ තුරුලට අරං මගේ දෙතොල් වලින් සිප ගන්න ..මගේම පුංචි ලෝකයක තනි වෙන්න ..ඒත් අම්මා මාව එයාගේ ඇස් සීමාවෙන් මොහොතකවත් මොහොතකටවත් ඈත් නොකර තියාගන්න වගබලා ගත්තා .

අම්මා මාව ඊළඟට ඇදගෙන ගියේ තවත් පුංචි පවුලක් ළඟට .. ඒ පුංචි පවුලේ හිටියේ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි .. මට වඩා වසරක් පමණ වැඩිමල් දුවෙකුයි විතරයි . පවුල ළඟට මාව එක්කරගෙන ගිය අම්මා පුරුදු විදිහටම කතාව පටන්ගත්තා ..

අයියේ අක්කේ ඉතින් කොහොමද ?

ඉන්නවා නංගියේ ! .. මේ පුතාද ?

"අනේ ඔවුමයි මේ මගේ පුතා ..පුතේ මේ ඉන්නේ මයිනා මාමයි මයිනා නැන්දයි එයාලෙගේ දුවයි ..!

අම්මා මාව ඒ මයින ජෝඩුවගේ දෙපා මුලට තල්ලු කරා
මොකට වඳිනවද පුතේ ඕනෑ නෑ ඕනෑ නෑ .. නැන්දටත් වැඳපන් .. එහෙම කියනගමන් මගේ ලස්සනට හදාගෙන හිටපු කොණ්ඩෙත් අවුල් කරලා දාන්න මේ මයින් ජොඩුව අමතක කරේ නෑ .. අතරේ තව ඇස් දෙකක් මගේ දිහා බලාගෙන ඉන්න වග මම එක වරම දැක්කා ..හ්ම් .. තමයි මේ මයින ජෝඩුවගේ දුව ...

" පුතේ මේ ඉන්නේ මාලතී අක්කා ..මාලතී දුවේ මේ ඉන්නේ සඳරු "
අම්මා මාව ඒ කෙල්ලටත් අඳුන්වා දුන්නා .! ඇත්තටම මාව ඒ කෙල්ලට අඳුන්වා නොදුන්නානම් කොයිතරම් හොඳද කියලා .. අම්මා පස්සේ කීපවතාවක්ම කියනවා මට ඇහුණා ..ඒත් ඒ ගිය මොහොත ආපහු ගන්න බෑ ..


ටිකෙන් ටික දවල් උණා . අම්මටත් මගේ දිහාම බලාගෙනම ඉන්න බැහැ එයාට මගුල් ගෙදර සෑහෙන වැඩ කොටසක් බලන්න තිබුණා .. ඉතින් .. අම්මගේ ඇස් මායිමෙන් මම හෙමිහිට වහං උන මම මගුල් ගෙදර ඇතුළේ ඉබාගතේ ඇවිදිමින් .ජීවිතය හෙවුවා !. රන්වන් පාට බෝතල්වල දාපු ජීවිතය හොයමින් මම හැම තැනම ගියා ..


එළියේ හයි කරපු කුඩයක් යට පුටු පහක් හයක් විතර තියලා. කොල්ලෙකුයි කෙල්ලෝ ගොඩකුයි වට වෙලා වෙඩින් කේක් කන ගමන් පලතුරු යුෂ බොනවා . චාටර් කොල්ලා ගැනනම් මට ඇත්තටම අනුකම්පා හිතුණා . මගුල් ගෙදරකට ඇවිල්ලා කෙල්ලෝ රෑනක් එක්ක වාඩි වෙලා පලතුරු යුෂ බොනවට වඩා නරකද .අමුඩයක් ඇඳගෙන පොල් ලෙලි. තලන එක !..ඔය වගේ ලාමක චරිත ලක්‍ෂණ වලින් හෙබි කොල්ලොන්ට අපි කියන්නේ එහෙමයි ...එක පාරටම .. කුඩේ යටින් දැකලා පුරුදු කෙනෙක් නැගිට්ටා .. මාලතී අක්කා .

සඳරු එන්න .වාඩි වෙන්න 
..
ලස්සන කෙල්ලෝ කීප දෙනෙකුත් ඒ කුඩේ යට හිටපු හින්දා ඒ ආරාධනාව පිළිගන්න කියලා මගේ හිතත් මට බල කරා .! මමත් හෙමිහිට ගිහින් ඒ කුඩේ යටින් තිබුණු පුටුවක වාඩි උනා .කෙල්ලෝ මට හීන් හිනාවක් පෑවා

ඉන්න සඳරු ඔයාව මම මෙයාලට අඳුන්වා දෙන්නම්කෝ...

මේ ඉන්නේ සඳරු අපේ නෑදෑයෙක් වෙන කෙනෙක් ..ඔයාලත් මෙයාව අඳුරගන්නකෝ..!

එහෙම කියපු මාලතී බීම උගුරක් බීවා ..එයාගේ තොල් වල ගාලා තිබ්බ රතු ලිපිස්ටික් . වීදුරුවේ කටේ තැවරුණා මට පඩික්කම මතක් උනා.. මම ඇරෙන්න අනිත් හැමෝමත් මාලතී අනුගමනය කරමින් බීම උගුරක් බිවා .. මාලතී ආයෙමත් කතාව පටන් ගත්තා ..

සඳරු මම ඔයාට වැදගත් කාරණයක් කියන්නයි එන්න කිවුවේ .

කියන්න .අක්කේ මොකද ? මමත් කුතුහලෙන්ම ඇහුවා

මල්ලි මේ ඉන්න අයියගෙ නම හර්ෂ .එයා ෆොටෝ ග්‍රැෆර් කෙනෙක් . ගොඩක් ප්‍රසිද්ධ අයගේ ෆොටෝ අරගන්නේ මෙයා තමයි ..අපි ආපු වෑන් එකත් මෙයාගේ . අනික මෙයාව මම පොඩි කාලේ ඉඳන්ම දන්නවා .

හ්ම් .. මමත් හූමිටි තියනවා

කාරණේ මේකයි හර්ෂට මෙහේ ගර්ල් කෙනෙක් ගැන හිත ගිහිල්ලා ..ඔයා දන්නවද ඒ ලකී ගර්ල් කවුද කියලා ඔයාගේ නංගි ..

මට ඒ මොහොතේ ඇති උනු තරහව මම අමාරුවෙන් මැඩ ගත්තා ..

මගේ නංගි තවම ඉස්කෝලේ යන කෙනෙක් එයාට කොල්ලෙක් ඕන නෑ . ඔයා මට එන්න කිවුවේ ඕක කියන්නද ? සොරි අක්කේ ඕවට නම් එන්න එපා .!

පුටුව පස්සෙට තල්ලු කරගෙන නැගිටපු මම එතනින් යන්න ගියා ... මට පුදුම තරක් ඇති උනා ..ඒත් මේ අය මගේ නෑදෑයෝ හින්දා මම යාන්තමට ඉවසලා හිටියා ..මම ඇවිදගෙන ඉස්සරහටම ගියා .ඒත් එක්කම මම මම මෙච්චර වෙලා හොයමින් හිටපු දේ දැක්කා .. මම දැක්කා පුංචි කාමරයක් ඒකේ ඇතුළේ බෝතල් ගොඩයි .. ඉස්තරම්ම ඒවා . මගේ මාමලා නෑදෑ පරපුර එකේ ඇතුළේ සෙට් වෙලා .මමත් ඇතුළේ හිටිය කොල්ලෙක්ට ටෝක් කරලා කඩල තසිමයි බාගෙකුයි ඉල්ලගත්තා.. නිදහස් තැනක වාඩි වෙලා මගේ දුක තුනී කරගන්න පටන් ගත්තා .. අම්මා මෙතනට ආවත් එකයි නැතත් එකයි කියලා හිතන ගමන් ..

වෙලාව ගෙවුණා බාගේ බෝතලෙන් තව ටිකක් ඉතිරියි . ඔකෝම බොන්න බෑ දැන් මගේ රතු කට්ට පැනලා ..උගුරටත් එනවා ..මම ආයෙමත් හෝටලේ ඉස්සරහ පැටතට ගියා . යන අතරේ එක්තරා සිදුවීමක් දැකලා මගේ වෙරි හිඳුනා ..

හර්ෂ මගේ නංගිගේ ෆොටෝ ගහනවා මාලතීත් මගේ නංගිගේ ළඟින් බොරුවට හිටගෙන ඉන්නවා . ඒත් බැලූ බැල්මට ඕන කෙනෙකුට හිතාගන්න පුළුවන්. මේ කැමරාව මානන්නේ තනිකරම මගේ නංගි දිහාවට බව ..ඒක දැකලා මට මොනවා උනාද කියලා හිතාගන්න බෑ .. මම ගිහිල්ලා හර්ෂ අතේ තිබුණු කැමරාව උදුරලා අරගෙන වේගෙන් බිම ගැහුවා .ඒකෙන් විසි වෙච්ච නිල් පාට කාඩ් එක අතට අරගෙන මම අඹරලා දැම්මා .. 

ඉතින් හර්ෂ ඇවිත් මාව තල්ලු කරලා දැම්මා ..එයාගේ කැමරාව කැඩුවට දුක ඇති ..බාගේ බෝතලෙන් වැඩි ප්‍රමාණයක් බීලා හිටපු හින්දමද කොහොද මාව වීසි වෙලා ගියා. ගිහිං එතන තිබුණු ප්ලාස්ටික් මේසෙකුයි පුටු වගේකුයි පෙරලගෙන වැටුණා ... වෙලාවේ මට හිතුණා අපරාදේ මම හොඳ සිහියෙන් හිටියනම් කියලා ...මමත් ප්ලාස්ටික් පුටුවක් උස්සලා අරගත්තා. හොඳවයින් දෙකක් දෙන්නම් කියලා ඉස්සරහට ගියා .. එතකොටම එතනට ආපු මගේ මාමා සහ බාප්පා මාව තද කරලා අල්ල ගත්තා . පුදුමාකාර තරහවකින් හිටපු මම ඒ දෙන්නගෙන් බේරෙන්න දැඟලුවා එතනනට වට වෙච්ච මගේ නෑදෑයෝ අතරින් එක පාරටම ඉස්සරහට ආපු මගේ අම්මා මම හිතපු නැති විදිහට මගේ කම්මුලට පාරක් ගැහුවා

අම්මා මට විහිළුවකට ඇරෙන්න ඇත්තට නම් කවදාකවත් ගහලා නෑ .තරහ ගියාම බැනලා නම් තියනවා ඒත් එයා කවදාකවත් අපිට අතක් උස්සලා ගැහුවේ නෑ . ඒත් එයා මට හයියෙන් ගහලා . අඬ අඬ යන්න ගියා ... ගහපු කම්මුල් පාර මගේ කම්මුලට යන්තමින්වත් දැනුණේ නෑ. ඒත් ඒ පාර මගේ පපුවට නම් තදින් දැනුණා. හරියට කුළුගෙඩියකින් ගැහුවා වගේම ..අම්මා එවේලේ හිතන්න ඇති මම බීලා නිකරුණේ ප්‍රශ්න ඇතිකරගන්නවා කියලා ..

දෙයියනේ මටත් උනේ මහ පුදුම වැඩක් .එතන හිටපු මගේ අම්මගේ පැත්තේ නෑදෑයෝ හැමෝම මට විරුද්ධව කතා කරා .මම මහා වරදක් කරපු එකෙක් ගානට ගත්තා මම නිසා මගුල් ගෙදර කඩා කප්පල් උනා කියලා කියන්න ගත්තා .මම සේරම දමල ගහලා ගෙදර ගියා .. අම්මා පැයකින් විතර ආපහු ගෙදර ආවත් එයාගේ ඇස්වල කඳුළු . ඒයා ඇවිදින් තිබුණේ සේරම නෑදෑකම් වලට ආයුබෝවන් කියලා..එයා කැමරාවටත් සල්ලි ගෙවලා .. තමන්ගේ සහෝදරයන්ට සහෝදරියන්ටත් සමුදීලා. එයා කියන විදිහට නම් ඒ සමුදීම හැමදාටමයි .ඉතින් මම මගේ අම්මා ගැන ආඩම්බර වෙනවා මේ දැනුත්‍

නෑදෑයෝ කියලා ජාතියක් හිටියට කවදාකවත් අපිට පණ දෙන්න එන්නේ නෑනේ . උන් ඉන්නේ අපිව කන්න විතරයි .මම ඒ මොහොතේ නංගිව බිල්ලට දීලා සන්සුන්ව හිටියනම් හැමෝම මගේ හොඳ කියාවි . හරි ගුණ යහපත් ළමයා කියලා කියාවි .! අදත් මගේ වටේ ඉඳීවි ..

අම්මගේ පැත්තේ නෑදෑයෝ සහ තාත්තගේ පැත්තේ නෑදෑයෝ . මේ දෙගොල්ල අපේ ජීවිතයට වැදගත් වෙන්නේ හරියට අපේ අත් දෙක වගේ .. ඉතින් මම මගේ වම් අත කපා ගත්තා .ඒත් තවම මගේ දකුණු අත හයියයි ..


:ලි . දුකාගේ දීනයකු ලෙස ජීවත් වූයෙමි . . පෝස්ට් එක දැකලයි මේක ලියන්න හිතුණේ.



Image { http://www.galanet.be/dossier/fichiers/Amis-Famille.jpg }


47 comments:

සංකල්ප said...

මල්ලි කරපු දේ හරි. ඕකට කියන්නේ සහෝදර කැක්කුම කියලා. තමන්ගේ සහෝදරියට නරකක් වෙන්න යද්දි මොන සහෝදරයද බලන් ඉන්නේ.

kasun said...

කරපු වැඩේ නම් එල..ඒත් කියන හැටියට එදා නස්තාර් වෙන්න බීල හිටපු එක තමා වැ‍රැද්ද.....නැත්නම් තව දෙකක් දෙන්න තිබුන අරූට......හික් :P

jhothishalanka said...

ඔයා කරපු වැඩේ 100%ක් හරි.ඒත් ඔයා වැඩ පෙන්නන්න ඕන තැනදි බීල හිටපු එක පාඩුයි.ඉගෙන ගන්න වයසෙ නංගිට කපුකම් කතා කරපු අර මාලනීද කව්ද කිව්ව කෙල්ලටත් හොදට බනින්න තිබ්බෙ.අපරාදෙ ඔයා එතනදි බීලා හිටියෙ නැත්නම් අම්මත් එක්කම එකතු වෙලා අරූට බනින්න තිබුනා.ඇත්තටම අපි සහෝදරයො විදියට ඉන්න ඕන මේ විදියට තමයි.ටිකක් මොලේ කල්පනා කරානම් වැරදි වැඩේ කරපු උන්ට පාඩමක් උගන්නන්න තිබුනා.අම්මටත් වැරදි වැටහීම.මට ඉන්2න අයියයි අක්කයි.අක්ක මට වඩා අවු 2ක් වැඩිමල්.ඉස්සර අක්කා පන්ති යනකොට එයාගෙ ආරක්‍ෂාවට මාවත් යවනවා.මගුල් ගෙවල් වලදිත් එහෙමයි. මම කාන්දම වගේ අක්කා ගාව කිසිම කොල්ලෙක්ට එයාත් එක්ක කතා කරන්න දෙන්නේ නැහැ.සමහර වෙලාවට අක්කටත් මගෙත් එක්ක තරහයි.ඒත් ඒ වැඩ වලින් එයාට ආරක්‍ෂාව ප්‍රවේශම ලැබුනා.ඔය වගේ තැනකදි මම නම් සදරුටත් වඩා දරුණුයි.

නදී said...

මටත් නංගියෙක් හිටියනම් මමත් ඔහොම තදින් හැසිරෙන්න තිබ්බ.

Anonymous said...

මම අයියාගේ හුගාක් පොස්ට් වල දැකලා තියෙනවා...හුගාක් තැන් වල නංගි..නංගි කියලා තියෙන..එ වචන වල ම තියෙනවා සහෝදරයෙක්ගේ පිරිලා තියෙන ආදරේ..සදරු අයියේ ඔය වගේ හොද අයියා කෙනෙක් ලබන්න ඔයාගේ නංගි වාසනා කරලා තියෙන්න ඕනේ...

Dayal Bathee said...

නියම සාමාන්ය තරුනයෙක් විදියට හැසිරිලා තියෙනව, මමත් ඔබගේ වයසේ හිටිය නම් කරන්නේ ඕකමයි.

ඒත් ඔබ තාත්ත කෙනෙක් වෙනකම් පිලිගන්න එකක් නහැ මා කිව්වොත් ඔබ කල දේ අන්තිම බොලඳයි, වැරදිය කියලා.

එකක්,
කවුද දන්නේ නංගි ඒ හාදයට කැමතිද කියලා
අනෙක,
මේ කාලේ ඕවගේ දෙයක් අසාමාන්යද?

ඔබ ගැන නරකට කතා කරන කී දෙනෙක් ඔබ හදාගත්තද?

දීර්ඝ කාලීනව ඔබටත් පවුලටත් එය හොඳ නොවේ.

කෙසේ වුවත් ගිය නුවන ඇතුන් ලවා අද්දවන්නට නොහැකිය.
කල හැක්කේ අනාගතයට එය පාඩමක් ලෙස ගැනීම පමනි.

නැදැයෝ ඇතුවත් බෑ නැතුවත් බෑ, ඒ නිසා ඔබ අම්මගේ පැත්තේ නෑදැයින් අත් හරින්න එපා කියලයි මං කියන්නේ, උපායශීලී විය යුතුයි.


විවේකය විනෝදය සඳහා විකල්ප දේ ගැන සිතා බලන්න, ලංකාවෙ අපිව ඒ ගැන යොමු කිරීමට කවුරුවත් නැහැ. අපිට නායකත්වයක් මග පෙන්වීමක්, අපිට කෙනෙකු දිහා බලාගෙන අපට චරිතය හදාගත හැකි, පිරිමි ගැහැනු දැන් ලංකාවේ අඩුය.

කාටත් වඩා මතට ඔබ කැමතියි වගේ.

මමත් ඔය දහරාවේ ගොස් අමාරුවේ වැටුන කෙනෙක්.

Hishan de Silva said...

මම නම් දන්නෙ නැහැ සදරු මේ ගෑනිට කොහොම ආමන්ත්‍රනය කරන්නද කියල. ඒකි දැං උඹේ නෑදෑයෙක් නෙවෙයි නේ ඒක හින්ද මේ ටික කිව්වට කමක් නැහැ. "සම හරක්" විට ඒ වගේ කතාවක් නංගිගෙ සහෝදරයට කියන එකේ ප්‍රතිඵල ගැන ඒකිගෙ ගිරවෙකුගෙ තරම්වත් පුංචි මොළේට තේරෙන්නෙ නැතුව ඇති. මේ වගේ ගෑනුන්ට කුණුහරුපෙන් බැනල වැඩකුත් නැහැ. මොකද උංගෙ ගොං මොළවල් වලට අපි කියන එකම එක කුණුහරුපෙක වත් අර්ථයක් තේරෙන්නෙ නැහැ. උඩින් නම් නිකං දහයට වත් ගනින්න බැරි විදියට තමා ඉන්නෙ ඒ උනාට ඇතුලෙන්? ඔය වගේ ගෑනුන්ට හරියන පිරිමිත් ඇති. ඒ උනාට උඹ ඒ වගේ නෙවෙයි. උඹ ගැන ආඩම්බරයි. මට නම් හිතුනෙ උඹ එවෙලෙ බීගෙන හිටපු එක හොදට ගියා කියල. නැත්නම් ඒකා එතනම. මේ පෝස්ට් එක උදේ පාන්දර කියවල මට ඇතිවුන තරහට වඩා අනිවාර්යයෙන්ම උඹට තරහ යන්න ඕනි. ඔන්න ඕක තමයි තත්වෙ. ඔය වගේ ගෑනුත් එක්ක වටේ ඉන්න ඔක්කොම ටිකත් ඔය වගේම ඇති සමහර විට. කවදාවත් ගැන්සි ගැහිල ඉන්න කෙල්ලො සෙට් එක්ක තනියම නම් කතාවට සෙට් වෙන්න එපා. භයකට එහෙම කියනව නෙවේ. උං ලෝකෙ ඉන්න ලොකුම සල්ලාලයොන්ටත් වඩා දරුණුයි. ඇත්තමයි අත්දැකීමෙන් කිව්වෙ. ඒවගේ ගෑනුන්ට අතින් පයින් වැඩ පෙන්නල හරියන්නෙත් නැහැ. උංට ගහන්න තියෙන්නෙ එකම එක ක්‍රමේකට විතරයි. ඔළුවෙන්. මට ඔය ක්‍රම ගැනත් ඕන නම් උඹට කුප්පියක් දෙකක් දාන්න පුළුවන්. එක්කො ඕනෙ නැහැ. මේ කියපු ටිකත් ඇති. උඹට නිසා කියන්නම් මම ඉගෙන ගන්න තැන ඉන්න බහුතරයක් ගෑනු ඔය විදියයි. ඉතින් ඒ ගැන තව කුමන කතාද? උංට අපිව නිකං ගොඩේ කාක්කො වගේ පේනව ඇති? උඹ මේ post එකත් කියවලම බලන්නකෝ පොපීගෙ දින පොත

කතන්දර Kathandara said...

මගෙ නම හර්ෂ. වයස විස්සයි. ඉස්කෝලෙ ගිහින් ඉවර වුනේ ගිය අවුරුද්දේ.
ලඟදී මගුල් ගෙදරක ගියා, දුර නෑයෙකුගේ.

එතනදි ලස්සන කෙල්ලෙක් දැකලා පොඩි මල් කැඩිල්ලක් කරන්න ගියාම කෙල්ලගේ අයියා මට නෙලුවා! මගේ පනස්දාහේ කැමරාවත් කුඩු කළා.

මූ හරියට කෙල්ලෙකුට ට්‍රයි කරලා නැති එකෙක් වගේ.

ඌ බීල හිටිය හින්දා වෙන්න ඇති.

වෙරි හිඳුණාම මේ ලෝකය පවතින නියාම ධර්මය පිරිමි සත්තු සහ ගෑනු සත්තු අතර ඇතිවෙන සම්බන්ධ කම් බව ඌට තේරේවි.

Bindi said...

හොඳ අය්යා කෙනෙක්. කලයුතු හොඳම දේ නංගිට කියා දෙන්න මේ කටු බොරළු ජිවන මාවත ගැන . හැමදාම පස්සෙන් ඉන්න බැනේ. එක කරන්න ඔයා පියවි සිහියෙන් ඉන්න . බේබදු අය්යා කෙනෙක් ගැන නංගි ආඩම්බර වෙන එකක් නම් නෑ. මගේ තාත්තගේ දුම්පානය නතර කරන්න මා නොකළ සටනක් නෑ. එත් මහරගමින් ජීවිතය අවසන් වෙන එක වලක්වන්න මට බැරි වුනා . අරක්කුත් ඒ වගේම මැරයෙක් . බ්ලොග් ලියන සමහර මල්ලිලා ඔය දෙකම ගැන හරි ආඩම්බරයෙන් කතා කරන එක හොඳ නැහැ.

සම්පුර්ණ අමද්‍යප වෙන්න නෙමේ. ''ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනෑම නැත.''

මේ කියන්නේ ආදරණිය අක්ක කෙනෙක් ලෙසයි. ඔබ මට මගේ මල්ලි වගේමයි.

Anonymous said...

කාටද ඔහොම වෙනකොට තරහා යන්නේ නැත්තේ........

Ashoka said...

සඳරු බොනවා වැඩියි වගෙ නේද? දැන්නම් බීම අඩු කරගන්න විධි ගැන හිතන්න කාලය හරි වගේ. සමාජයීය ප්‍රශ්ණ ඇතිවෙනවා කියන්නේ සීමාව ඉක්මවෙනව කියන එක. සිහි කල්පනාව ඇති කෙනෙක් සහ නැති කෙනෙක් අතර ප්‍රශ්ණයකදී හැමෝම කවදත් ගන්නෙ සිහිය ඇති කෙනාගෙ පැත්ත, මේක සඳුන්ට අවාසියි. දැන්ම හිතන්න. සඳුන්ගෙ වයසත් එක්ක ඕක ලේසියෙන්ම අත් හැර ගන්න බැරි ඇබ්බැහිවීමක් වෙන්න පුළුවන්. ඊට පස්සෙ කල් යනකොට මතකය අඩු වීම, කේන්තියාම වගෙ දේ. අපි වෙන විනෝදා0ශයක් හොයාගමු. just a personal advice, no need to publish. :-)

සුපර් මාරියෝ said...

නියමයි අයියා.. ඔයා නියම අයියා කෙනෙක්..
අම්මට කාරනේ තේරුම් කරල දුන්නෙ නැද්ද?..

බීල නොහිටියනම් තවත් හොදයි....

පූසා said...

කතන්දර අයියාගේ කතාවට එකඟයි. මචං තරහ වෙන්න එපා පොඩ්ඩක් මේක ගැනත් හිතලා බලපන්කෝ. උඹ යන මඟුල් ගෙදරක ලස්සන කෙල්ලෙක් ඉඳලා උඹට හිත යනවා. ඉතිං උඹ මොකද කරන්නේ? උඹ කැමතිද ඒ කෙල්ලගේ අයියා බීගෙන ඇවිත් උඹට ගහනවට?

හිතලා බලපන්කෝ....... ලස්සන කෙල්ලෙක් දැක්කාම උඹට වුනත් මට වුනත් ඒ කෙල්ල ගැන කැමැත්තක් ඇති වෙන එක සාමාන්‍යයි. ඒ කෙල්ල කාගේ හරි නංගී කෙනෙක් වෙන්න පුළුවන්. නැද්ද?
මටත් නංගී කෙනෙක් ඉන්නවා. මම කැමති කෙල්ලෙක් එක්ක මම යාලු වෙනවා වගේම එයා කැමති කොල්ලෙක් එක්ක එයාට යාලු වෙන්නත් නිදහසක් තියෙන්න ඕනේ. හැබැයි එයා යාලු වුනේ මොනවගේ කොල්ලෙක් එක්කද කියලා හොයලා බලන එක අපේ යුතුකමක්.

පන්සල් හංදිය said...

මට හිතෙන හැටියට ඕක ඔයිට වැඩිය හොඳට විසඳන්න තිබුනා .....
එවෙලෙ එන කේන්තිය සාධාරණයි ......... ඒත් එතනදි උනේ ෆොටෝ එකක් ගන්න එක විතරක් නිසා ..... මම හිතන්නෙ නැහැ ඒකෙන් නංගිට හානියක් වෙයි කියලා ....

නංගිව එතනින් කතා කරගෙන අයින් කර ගත්ත නම් ඉවරයි ..

ඕනෙම නං ඔය කැමරාමන් රට ඇරලා යන්නෙ නැහැනෙ .... වෙන වෙලාවක සලකන්න තිබුනා ඇති වෙන්නම .....

අනිත් එක බීපු වෙලාවට අනෙක් වෙලාවල්වලට වඩා කල්පනාවෙන් ඉන්න ඕන .......

Podi Kumarihami said...

මට නම් හිතෙන්නේ පොඩ්ඩක් කලබල උනා වැඩී කියලා. නොබී උන්නා නම් ඔයිට වඩා කල්පනා කරලා මොනව හරි කරන්ට තිබුනා.

හැම එකට එකපාර ගිහින් ගහන්ට පටන්ගත්තාම හරියනවද සඳරූ??????

Ravi said...

කිසිම කෙනෙකුට අවවාද දීමට මගේ කිසිදු කැමැත්තක් නැත. ඒ අවවාද වලින් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව මම අත්දැකීමෙන්ම දන්නා බැවිනි. කිසිවකු මට අවවාද කරනවාටද මම දැඩි ලෙස අකමැත්තෙමි.ඒ මා කලයුතු දේ පිළිබඳව ස්වාධීන තීරණයකට එළඹීමට හැකියාවක් මට ඇතිබවට මා තරයේ විශ්වාස කරන බැවිනි.

එහෙයින් සඳරු මෙලෙස පමණක් පවසමි.මම ඔබ නම් ඔබ කල කිසිම දෙයක් මම නොකරන අතර මම හැසිරෙන්නේ ඔබ හැසිරුනු ආකාරයට හාත්පසින්ම වෙනස් අයුරින්ය.

එලෙසම මම සඳරු නොවන අතර සඳරු මම ද නොවේ.

අවසාන වශයෙන් අප කරන සියලුම ක්‍රියාවන්හි හොඳ නරක තීරණය වන්නේ එයින් පැනනඟින ප්‍රතිඵල අනුවය. ඔබ කල ක්‍රියාව නිසා ඇතිවුනු ප්‍රතිඵල හොඳද නරකද යන්න විනිශ්චය කිරීම ඔබටම භාර කරමි.

හා පැටික්කි (MS) said...

ම්ම්ම්ම් සඳරු නොබී හිටියනම් හොඳයි කියන එක සඳරුටත් දැනිලා තියනවා. ඒක ඔක්කොටම වඩා හොඳයි.
සඳරුගේ තරහා යාම මටත් නම් සාධාරණයි. නංගි එක්ක අර කොල්ලා කතා කලා නම් කිසිම වරදක් නැහැ. ඒත් කැමරාවක් මාන්න ගෙන ෆොටෝ ගනිද්දි අයියට ඔහොම තරහා යන එක වැරැද්දක් නැහැ. ඒ පිරිමි ළමයා කතාකර කර හිටියනම් විතරක් සඳරුට ඔහොම තරහා යන එකක් නැති වෙන්න තිබුනා. අනික අද කාලේ අහන්න දකින්න ලැබෙන ඒවත් එක්ක ඉතින් කෙනා කොයි විදියද නොදැන අයියා කෙනෙක් හැටියට ඔහොම හැසිරුණ එකේ මට නම් කිසිම වරදක් පේන්න නැහැ. මොකද නංගිත් පොඩියි. සමාජය ගැන සඳරු දන්නවා. ඉතින් ඒ නිසා සඳරුගේ හැසිරීමේ කිසිම වැරැද්දක් නැහැ.

ඔය නෑදෑයෝ නිසා ගොඩක් වෙලාවට අපිට නැති වෙන දේවල් තමා වැඩි. අම්මපත්වුන තත්වය ගැනනම් සඳරු වග කියන්න ඕනා. මොකද සඳරු ඒ වෙලාවේ බීමත්කමින් හිටි නිසා කිසිම කෙනෙක් සඳරු ක්‍රියාකලවිදිය සාධාරණත්වයෙන් බලන්නැහැ. හැබැයි සඳරු නොබී ඉඳලා ඔතනදී ක්‍රියාත්මක උනානම් ඔයාට එන්නේ වරදක් නෙමෙයි. අම්මට ආඩම්බරයක්. ඒ කොයිතරම් කොහොම උනත් පුතා දුවව ආරක්ෂාකරනවා කියන එක හොඳටම දැනිලා. නංගිටත් එහෙම හිතේවි නොකිව්වත්.

හ්ම්ම්ම් ටිකක් හරි හිතලා බොන එක නවත්තන්න බලන්න සඳරු. අඩු කරන්න හරි උත්සාහ කරන්න. වෙන කව්රුවත් වෙනුවෙන් නෙමෙයි. අම්මටයි නංගිටයි ඉන්නේ ඔයා විතරමයි. ඒ දෙන්නට පසුතැවිළි වෙන විදියට ඉන්න ඔයා උනත් ආසා නෑනේ. අනික තාත්තා වෙනුවෙන් ඔයා ඒ දෙන්නව හොඳින් බලාගෙන ආරක්ෂා කරන්නත් ඕනිනේ. ඒ නිසා ටිකක් ඔය බීම අඩු කරන්න හරි උත්සාහ කරන්න.

දිග කමෙන්ට් එකක් ලිව්වා. වැරදි යමක් ලිව්වනම් සමාවෙන්න. මට හිතුන දේවල් ටිකක් විතරයි ලිව්වේ.
අවශ්‍යනම් මකන්න පුලුවන් කිසිම ප්‍රශ්නයක් නෑ.

සමනළී... said...

හම්...... :O

තාරක Dilsh@n said...

උඹ නොබී ඉඳල අරුට ගිහින් කතා කරල ඊට පස්සෙ දෙයක් කලා නම් තාමත් ගොඩක් කට්ටිය ඔයා ලඟ..

මහිම මදුරංග said...

uba kalin ara nangita vihilu karapu ekata gagapuekatanam mama kemathi
but mekanam narakai

Anonymous said...

පලවෙනි වතාවටයි ඔයාට එකක් දාන්නෙ..
කියන්න දෙවල් ගොඩක් හිතට එනවා....

ඒත් දැනට එක ප්‍රශ්නයක් විතරක් අහන්නම්...
ඔයා නොබී හිටියනම් ඔය ප්‍රශ්නෙදි ඔයා හැසිරෙන්නෙත් ඔය විදියටමද ?
Luckey from UAE
(sorry for commenting anonymously..will not do again)

හිස් අහස said...

@මධුරංග = ස්තූතියි බං උඹවත් මගේ පැත්තේ ඉන්න එක මට හයියක්
......................................................................................................................................................
@චතූ = නැතත් මම දෙනවා කොහෙද අපේ එවුන් මාව අල්ලගෙන එතන ජෝගි නැටුවනේ !
......................................................................................................................................................
@JHOTHISHALANKA = සහෝදර කැක්කුම දැනෙන්න සහෝදරියක් හරි සහෝදරයෙක් හරි ඉන්නම ඕන මචං මගේ එකෙක්ට මොකක්හරි කරදරයක් වෙනකොට මගේ ඇඟේ ලේ රත් වෙන්නේ මම නොදැනුවත්වම . ඔයාගේ අක්කා ඔයාගේ ආරක්‍ෂාව වැරදියට තේරුම් ගත්තත් .අද එයාට තේරෙනවා ඇති ඔයා ගේ වටිනාකම ..
......................................................................................................................................................
@නදී. = අඩේ එහෙනම් වෙලාවට නොහිටියේ නේද ... :)
......................................................................................................................................................
@නිම්ශා = මොනාකරන්නද නගේ එක බඩවැල කඩාගෙන ආපු මගේ එකා මට වටිනව මහමෙරකටත් වැඩෙයෙන් ..ඔයාගේ අදහසට ස්තූතියි
......................................................................................................................................................
@Dhayal Bathee = හිතට ආපු දේ කරා මිසක මම වැඩිදුර හිතන්න ගියේ නෑ ..මම ටිකක් බොනවා තමයි ඒත් මේ හැමදෙයක්ම මම තව ටික දවසකින් නතර කරනවා .නංගි ඒ හාදයාට කැමති වෙන්න තබා ඒකව දැකලවත් තිබුනේ නෑ මචං ..නෑදෑයෝ නම් නැතුවත් බෑ ඔබ කියන කතාව හරි ඒත් ඔය ගිය නෑදෑයෝ මට ආයේ එපා කියලා මම හිත හදා අගත්තා ..ඔයාගේ අදහසට ස්තූතියි
......................................................................................................................................................
@Hishan Melanga = සමහර කෙල්ලෝ ගැන්සියකට වැටුනට පස්සේ උන්න තැනයි යන තැනයි මේ හැමතැනම අමතක වෙනවා මට ඒවෙලාවේ හිතට නැගිච්ච තරහා මේක කියවන හැම තත්පරයකදීම ආයෙත් මතකයට එනවා .ඔයාගේ දිග අදහසට ගොඩක්ස්තූතියි ..
......................................................................................................................................................
@Kathandara = මගේ නම සඳරු මගේ නංගිට වඩා වසර 7 පමන වැඩිමල් එකෙක් දවසක් එයාට ටෝක් කරන්න ආවා ඌ ඉන්නේ කොළඹ කරන්නේ මොනවද . කාගේ කවුද කින්ද මන්ද මම දන්නේ නෑ ..කොලොම්පුරේ ගොඩක් ඈයොන්ට ඇතිවෙන ආදරේ පිරිමි සත්තු සහ ගැහැනු සත්තු අතරේ ඇතිවෙන තවත් එක සම්බන්දයක් විතරයි කියලා මම දන්නවා..ඒක නිසා තාත්තත් නැති මගේ නඟාව ආරක්‍ෂා කරන්න මම පෙලඹුනා මට පුලුවන් විදිහට ..! කතන්දර අයියේ මම වැරදිද ?
......................................................................................................................................................
@Bindi = මම බොන එක ගැන මම කවදාකවත් ආඩම්බර වෙලා නෑ ඒත් මම ඒ ගැන ලැජ්ජවෙන්නෙත් නෑ .. ඔයා කීවදේ හරියටම හරි මමත් මේ බීම මගේ ජීවිතෙන් ඈත් කරන්න දැන් කාලාන්තරයක් තිස්සේ හිතාගෙන ඉන්නවා .. කොහොමත් මේ වසර ඉවරවෙන්න කලින් මම බොන එක නතර කරාවි ...සම්පූර්ණයෙන්ම ..ඔයාගේ අදහසකට මම කවදාකවත් ගරහන්නේ නෑ ඒක මට මහ මෙරක් තරම් .. ස්තූතියි අක්කේ
......................................................................................................................................................
@බීටා = පිට ඉඳන් බලන සමහරක් උදවියටනේ මල්ලී ..
......................................................................................................................................................
@Ashoka = මම මේක පබ්ලිෂ් කරාට අමනාප වෙන්න එපා .. ඔයා දීලා තියන උපදෙස් වලට ගරහන කෙනෙක් නෙවේ මම .. ඒ උපදෙස් පිගන්න අඩුම ගානේ උත්සහයක් හරි ගන්න කෙනෙක් .මේ දීපු උපදෙස් වලට හදවතිම ස්තූතියි .
......................................................................................................................................................
@සුපර් මාරියෝ = අම්ම තේරුම් ගත්තා . මල්ලී මම නියමම අයියෙකුත් නෙවේ ඒත් .. මගේ පැත්තෙන් මම හරි ඇති ..

හිස් අහස said...

@පූසා = මගේ නංගි තවම ආදරේ කියන්නේ මොකද්ද කියලා අඳුන්නනේ නැති වයසක ඉන්න ගමේ හැඳිච්ච කෙල්ලෙක් .. කොලඹ ගෙන්දගම් පොලවේ පයගහපු කිසිම දවසක නොදැකපු වසර ගානක් වැඩිමහලු කෙනෙකුට තමන්ගේ නංගිව දෙන්න කැමැත්තක් අපේ හිතේ ඇති වෙනවද බං .. එයාට නිදහස තියෙන්නඕන ඒත් දැම්ම නෙවේ එහෙම නේද මචෝ !
......................................................................................................................................................
@කල්හාර දිසානායක =උඹ කියපු කතාව නම් සහතික ඇත්ත . මට තිබ්බෙ නංගිව එතනින් ඉවත් කරගෙන යන්න .ෆොටෝ ගහන එකට මම කොහෙත්ම කැමති නෑ බං කැමරාව හුරු එකෙක් ඔය අරගෙන යන ෆොටෝ වලින් මොනවා කරයිද කියලා මම කොහොමද දන්නේ ..උතුර දකුන මාරු උනා මට ..
......................................................................................................................................................
@Podi Kumarihami = කුමාරි අක්කේ ගිය දේ ගියා මම වැරදි ඇති... බලමු .. ආයේ වලි නෑ කවදාකවත්
......................................................................................................................................................
@Ravi = අයියේ මම හැසිරුන ආකාරය වැරදි ඇති ඒත් ඒ වරද නිසා මට අහිමි උනේ මගේ නෑදෑයෝ විතරයි උංව මට පොල්පිත්තකින් කපා ගන්න පුලුවන් .ඒත් කවුද දන්නේ මගේ නංඟිව මම බේරගත්තද කියලා නේද ?
......................................................................................................................................................
@හා පැටික්කි = තවත් කෙනෙක් මාව තෙරුම් අරං . ඔය අරගෙන යන ෆොටෝ වලින් මොනවා හරි දෙයක් කරලා දාලා තිබුනොත් එදාට මම අඬලා හරියාවිද හාවි ..මම දන්නේ නෑ එකපාරක් එපා කීවම ඒක නැවත නැවත කරන්න යන කෙනෙකුට උපදෙස් දෙන්නේ කොයි විදිහට කියලා ඔයාගේ දිග අදහසට ගොඩක් ස්තූතියි ... මේ වගේ වටින අදහසක් මකන්නේ මොකටද?
......................................................................................................................................................
@තටු සිඳුනු සමනළියක් = :)
......................................................................................................................................................
@තාරක Dilsh@n = නේ මචං මට නිකම්ම පෙවුනනේ
......................................................................................................................................................
@mahima = ඔව්ව ඔහොම තමයි මගේ මිත්‍රයා .. මේක වෙච්ච හැටි වෙනස් කරලා මම හොඳ එකා වගේ වෙලා ලියන්න මට හිත දෙන්නේ නෑ ..මම ඇත්තම කතාව ලිවුවා ..
......................................................................................................................................................
@Luckey = නොබී හිටියනම්. එහෙනම් මම බනිනවා පලුයන්න .. මම බීලා හිටිනිසා මම ගුටි කෑවා .. නොබී හිටියනම් මොනවයි මොනා වෙයිද කියලා මට හිතාගන්නබෑ ..Luckey ස්තූතියි අදහසට දුර රටක ඉඳන් දීපු අදහසක් මට ගොඩක් වටිනවා .

Unknown said...

මටත් හිතන විදිහට මචං උඹ බොනව වැඩී වගේ. කොල්ලෙක් උනාම නොබිත් බෑ. ඒත් Control එකක් තියාගත්තොත් නරකද?

ayesha said...

නෑයෝ සහ වේයෝ දෙගොල්ලොම එකයි

සාතන් said...

මම නම් හිතන්නෙ කොල්ල උඹ ඌත් එක්ක දාගත්තු කොක්ක වැරදී කියල... හැබැයි ඉතිං අර බොලෑ අක්කයි කියන එකීට කන පුරෝල එකක් දුන්නනම් වටිනව....

හර්ෂ කියන එකාට නම් ටෝක් කරල ෆොටෝ ටික ඩිලීට් කරල දාන එක කරන්න තිබුනෙ... මොකද කොල්ලො විදිහට අපි වුනත් කෙල්ලො පස්සෙන් යනවනෙ බන්... දැන් ඉතිං මොනා කරන්නද..

සාතන් නම් වෙන තැන් වල කොච්චර බිව්‍වත් නංගිල, අක්කල ඉන්න තැන් වලදි නම් කටේ තියන්නෙ නෑ... මොකද අපේ වරදක් නැති වුනත් ඕව කටේ ගාගෙන ඉන්න වෙලාවක කේස් එකක් වුනොත් වැරැද්ද අපේ... ඊටත් වඩා ලැජ්ජාව අපේම සහෝදරියන්ටනෙ බන්...

(උඹට කේන්ති යන එක සාධාරණයි... අද රටේ තියෙන තත්වෙ සෑහෙන හොඳයිනෙ...)

Anonymous said...

සඳරු උඹ දන්නවනෙ මම මේ වගේ වෙලාවක උඹට කියන්නෙ මොකක්ද කියල.

උඹයි දන්නෙ එතන තිබුන තත්වය. උඹයි දන්නෙ උඹේ නංගිට උඹ කොච්චර ආදරේද කියල, ඒ වෙලාවෙ ආපු ආවේගයත් දන්නෙ උඹයි. ඒක නිසා මගේ ජීවිත අත්දැකීම් මත උඹව විනිශ්චය කරන්නෙ මම හදිස්සි වෙන්නෙ නෑ.

[ඉතුරු කොටස පහල කමෙන්‍ටුවෙ]

Anonymous said...

ඒත් උඹ හරිම ආවේගශීලී වැඩියි. කසාදයක් බැඳල පොඩි එකෙකුගෙ තාත්තකෙනෙක් වෙන්න කලින් මගෙත් ආවේග උඹේ ආවේග වලට සමානයි කියල මට හිතෙනව. කාලයක් යනකොට උඹත් නිවෙයි. හැබැයි එදාට ආපස්ස හැරිල බැළුවම හිතට දුකක් ඇතිවෙයි. මේ දේවල් මීට වඩා හොඳින් විසඳන්න ඉඩ තිබුන කියල හිතෙයි.

අතේ පයේ හයියෙන් ප්‍රශ්ණ විසඳන්න පුළුවන් වෙන්නෙ යම් කාලසීමාවකට විතරයි. අතපය වලංගු නැතිවෙච්ච දාට පැන්ෂන් ගියපු පොලිස් කාරයෙක් ගානට වැටෙයි. අත පයට වඩා මොලේ පාවිච්චිකරන්න උඹට ඉක්මනටම හිතෙයි බං. එතකං පරිස්සමින් ඉඳපන්.

Angel said...

කරපු වැඩේ හරියටම හරි. නෑදැයෝ නැති වුනා කියල දුක් වෙන්න එපා. ඔයා හොඳ නම් නෑදැයෝ නැති උනාට කවදාවත් තනි වෙන එකක් නෑ.

අපරාජිතයා :::: Aparajithaya said...

අඩේ උබ කල වැඩේ සිරාවටම හරියටම හරි. මම ඔතන හිටියනම් කඩනවා පරයාගේ ෆොටෝ ගහපු අත. ඒත් තෝ ගොන් බූරුවා මොකටද යකෝ බීලා හිටියේ.දෙන්න තිබ්බේ ඒ **** ගේ දත් ඇන්දම බඩට යන්න.නොදකින් බීලා හිටියේ නැත්නම් එක කරන්න තිබ්බනේ බොල.

මචන් එක කවි පදයක් තියනවා ඒක හිතේ තියා ගනින්.
ඉටු කොට කල යුතු යුතුකම්
ලැබුනත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුලුවන්නම්
ඔබයි මගේ පුතා උතුම්.
උබේ අම්මා උබ ගැන අද සතුටු වෙනවා ඇති බොල....

අඩේ මේ මගේ බ්ලොග් එකේ උබේ පොස්ට් අප්ඩේට් වෙලා නැහැනේ බං පොඩ්ඩක් හොයල බලහන් මොකක් හරි අවුලක් වත්ද.මේකට අවෙත් උබ මොකුත් ලියල තියනවා කාලෙකින් දැක්කේ නැති නිසා බං....

රංග - මගේ ලෝකය said...

මේකෙ දෙපැත්තක් තියෙනව.

අය්ය කෙනෙක් විදියට අපේ නංගිට ට්‍රයි කරන්න ආව නම් අනිවා ගුටි තමා. ට්‍රයි නෙමේ විහිලු කරන්න ඇවිල්ල කාපු උනුත් ඉන්නව.

ඒ වගේම කොල්ලෙක් විදියට ලස්සන කෙල්ලක් දැක්කම ට්‍රයි කරන එක කොලුකම.

හීනියට.... said...

නොබී ඉඳල ඔය වැඩේ උනානම් වටිනාකම කෝටියයි.....එහෙනම් මුලින්ම අත පුරෝල කන්නේ අර අක්කන්ඩි.....

priyantha said...

සඳරූ
මම ඔයාට අදහස් දෙකක් විතරක් දෙන්නම්.
01
අයියා කෙනෙක් විධියට ඔයා හරි. එයට විවාදයක් නැත. ඒ නැතත් කොල්ලෙක් ලෙස අපි සෑම දෙනාම කෙල්ලන්ගේ ගෞරවය ආරක්‍ෂා කරන්න බැඳිල ඉන්න ඕන. එයයි නියම පිරිමි කම. එහෙම බැලුවම ඔයාගේ කේන්තිය සාධාරණයි.
02
මධුවිතට ඔය තරම් ලොල් වන්න එපා. ඔබ ලාබාල තරුණයෙන්. ඔබේ ඕනෑවට වඩා ආවේගශීලී හැසිරීමට හේතුව ඔය මත්වී සිටීමයි. ජීවිතය කියන්නේ මත්පැන් නොවේ. මම කිසිවෙකුට බොන්න එපා කියන්නේ නෑ. ඒත් තමා කරනා දෙය තමන්ට දරන්න පුළුවන් ප්‍රමාණයට කරන්න. මත්පැන් සාගරයක් මැද එයට සම්බන්ධ නොවී ඉන්න පුළුවන් නම් එයත් නියම පිරිමි ලක්‍ෂණයක්.
නෑයන් එපා කියා සලකන්න එපා. කාටත් ඔය වගේ ප්‍රශ්ණ එනවා. ඒත් තෝරාබේරාගෙන තමාට වඩා ගැලපෙන නෑයන් ලං කරගන්න. අනෙක් අය අතේ දුරින් තබාගන්න.
ඉවසීම හොඳින් ප්‍රගුණ කරන්න.

නිශ් said...

මම නම් ඔය කරපු වැඩේ කොහෙත්ම අනුමත කරන්නෙ නෑ. කිසිම දවසක මගුල් ගෙදරකදි වලි දාගන්න එපා. ඒකෙන් අපහසුතාවට පත්වෙන්නෙ ඒ දවස තමන්ගෙ ජීවිතේ හොඳම දවස උනු තවත් දෙන්නෙකුට.

හිතන්න උඹේ නංගිගෙ මඟුල් ගේ දවසෙ වෙන කෙනෙක් ඔය දේ කලා නම් මොකද වෙන්නෙ. අනික බී ගෙන.

රවින් said...

මචන් මගේ කොමෙන්ටුවට එන්න ඕන කරුනු ඔක්කොම සාතන්ගෙයි නිශ් ගෙයි කොමෙන්ටුවල තියෙනවා..

Hasitha Gunasinghe said...

බණ කියනවා නෙමෙයි ලොක්කා. ඒත් දෙකක් ගැන කියන්න ඕනේ.
බීලා දාගන්න සීන් එන්න එන්න වැඩි වෙන පාටක් තියෙන්නේ.
බීලා ඉන්න වෙලාවට වගේම නිකම් ඉන්න වෙලාවටත් මළ පනින එක එන්න එන්න වැඩි වෙන පාටක් තියෙන්නේ.

මේ දෙකම මට හිතෙන විදිහට අන්තරාදායකයි

නෙරංජි සුලක්ඛනා said...

මාරයි සදරු ගෙ වයස මම දන්නෙ නැහැ.මට 21 යිගඒ නිසා මල්ලි කියන්නම්...මල්ලියෙ නොබී හිටියා නම් ඔයා මේ කරන දේ ඔයිට වඩා වෙනස් වෙන්න ඉඩ තිබ්බා...බමුත් මෙතන වැරදි... මට අනුව නම් මාලතී අක්කා...ඒකි අමතක කළා ඒකී කෙල්ලෙක් කියලා

kule මල්ලි said...

කරපු වැඩේ නම් එල..,but uba hithanne beela uba kale wera wedak kiyalada ,, meeta wada hodata u weda karana thibba.

දුකා said...

අඩේ මේ ලිපිට මට මිස් උනේ කොහොමද?

මමත් උඹේම වයසේදී වෙන්න ඕන ඔය වගේම දෙයක් කලා . . .

ඒත් පස්සේ කාලෙක වැඩිහිටියෙක් උනාට පස්සේ මට හිතුනා මම කලේ කොයි තරම් වැරදි වැඩක්ද කියලා . .

කෙල්ලෙක් දැක්ක ගමන් අපි ට්‍රයි කරන්න හිතනවා . . .

ඒ කෙල්ල කාගේ හරි නංගී කෙනෙක් කියලා අපි මොහොතකට වත් හිතනවාද?

ඒත් අපේ නංගීට කොල්ලෙක් ට්‍රයි කරන්න හැදුවොත් අපි මහා ලොකු වීරයෝ වෙන්න හදනවා . .

මගුල් ගෙවල් වලදී සෙට් වෙන සමහර ඒවා එදා දවස ජොලියේ ගෙවා ගන්න ඕන කරන අහිංසක ලව් . .

ලඟට වෙලා කතා කරන්න . .

කට්ටිය එක්ක ඉඳලා පින්තූරයක් ගන්න . . .

මෙලෝ රහක් නැති දේවල් කියවන්න . .

එකාට එකා විහිලු කර ගන්න . .

සමහර ඒවා සීරියස් ගිහින් කසාදම බැඳලත් ඉවර වෙන්න පුලුවන් . . .


නංගිත් ලේ ඇට මස් වලින් හැදුනු මනුස්සයෙක්නේ . .

අයිය කෙනෙක් ඉන්නවා කියලා නංගිලට ඒ මනුස්සයින්ට අයිති

අහිංසක සතුටක් ලබන්න අයිතියක් නැද්ද?

මනුස්ස නංගීගේ අහිංසක සතුට නැති කරන රාස්සයෙක්ද අයියා කියන්නේ . .

ඉස්සර අපේ නංගීත් එක්ක එයාගේ යාලුවන්ගේ පාර්ටි වලට මම යනවා.

යනකොටම කියනවා තමුසෙට මම කෑල්ලක් සෙට් කරලා දෙන්නක් කයිය ගහ ගහ ඉන්න කියලා . .

තනියෙම යාලුවෝ එක්ක ඩාන්ස් කරන නංගීට කවුරු හරි
කොල්ලෙක් ඕන නැති විදිහට ඇඟට එනව වගේ නම් ඒ කොල්ලව ඇදගෙන මගේ ලඟට එනවා . .

ඇවිත් මාව බදාගෙන කම්මුලට කිස් එකක් දීලා . . ඩාලිං ඔයා කේක් කෑවද කියලා අහනවා . .

අර කොල්ලට මාව අඳුන්නලා දෙනවා මේ මගේ බෝයිෆ්‍රෙන්ඩ් කියලා . .

අරූ හායි මචන් සන්තෝසයි අඳුන ගත්තට කියලා යන්න යනවා . .

සහෝදරයෝ අතරේ උනත් අන්ඩර්ස්ටේන්ඩ් එකක් තියෙන්න ඕන තමන්ගේ නංගී වැරැද්දක් කරන්නේ නෑ කියලා . .

ඒක ඇති වෙන්න නම් දෙන්නා හොඳම යාලුවෝ වගේ වෙන්න ඕන . .

මින් පස්සේ නම් ඔය වගේ ගොන් වැඩ කරන්න එපා සඳරුවෝ . . .
උඹ මගේ වයස ආපු කාලේක තේරෙයි මම කියපු දේ ඇත්තක්ද කියලා

නංගීත් මනුස්සයෙක්නේ බන් . .

Unknown said...

මම ඔයාගෙ වයස දන්නෙ නෑ සහෝ...මට 21...ඒ මොනා වුනත් මම වුනත් කරන්නෙ ඔයා කරපු දේ තමා...ඔයා කැමරාව පොලවෙ ගහලා නතර වෙන්න ඇති.. ඒත් මම නම් එතනින් නතර නොවේවි.. දුකා අයියා කියන දේත් ඇත්ත..ඒථ් නංගි ඒකට කැමති නැතිනම්? අනිත් එක අදකාලෙ වෙන ගැටළුත් එක්ක බැලුවාම ෆොටෝ එකත් වදයක් වෙන වෙලාවල් තියෙනවා... ඔයා කියපු දේ නම් මගෙ නංගිත් කරනවා දුකා අයියෙ..අදටත් ගොඩක් නංගිගෙ වයසෙ කට්ටිය හිතන් ඉන්නෙ මම එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා..ඒ ඔය වගෙම ගැටළු වලදි නංගි කරපු දේවල් නිසා...ඒ මොනා වුනත් තම්න්ගෙ නංගි අකමැති දෙයක් එයාට වෙනවා බලන් ඉන්න අයියා කෙනෙක්ට පුලුවන් කමක් නෑ.මොකද අයියායි නංගියි ගොඩක් ම සමීප නම් එයාලාට එයාලාගෙ හැඟිම් තේරුම් ගන්න පුලුවන්.නංගිගෙ කැමැත්ත අවබෝධය වගෙ...ඒ නිසා තීරනයක් ගන්න පහසුයි..අන්තිමටත් කියන්නෙ බලෙන් වාත වෙන මනුස්සයන්ට නම් මමත් වාත වෙනවමයි...

රස්තියාදු කාරය.. said...

මලයෝ.. මම උබට කියන්නේ මෙච්චරයි..
ප්‍රසිද්ද ස්ථාන වල බොන්න එපා, විශේසයෙන් නයෝ ඉන්න තැන වල, පව්ලේ අය ඉන්න තැන වැඩ කරන තැන බීල චාටෙර් වෙන්න එපා..
තනියම යාළුවොත් එක්ක බීපන් ඕනෙම නම්..
අනික පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනකොට අර ගන්න යන්න එපා...
ලගට කතා කරලා පැත්ත කට අරන් ගිහින් ඇති වෙන්න නෙලපන්..
උබ වගේ නහුතෙට නගින කොල්ලෙක් මමත් එත් අපි හින්ද අපේ අම්මල අක්කල නංගිලා දුකක් දෙන්න එපා..
පවනේ මචන්..

Harshana said...

පොස්ට් එක පරණ උනත් මේ ටික නොකියාම බෑ......

නෑයන් සමහ ජීවත් වීම පරිස්සමෙන් කල යුතුය. උන් ඉන්නේ අපිට වරදින තුරු බලාගෙනය. හැම එකාම එහෙම නැතත් .... අපි අවදියෙන් සිටීම වටි.. හැබැය් මේවගේ බීලා නම් ප්‍රශ්න විසදන්නට බැරිය.

Anonymous said...

elama ayya knk.patta.oya gana kiyanna wachana na ayye.ohoma tama niyama ayyala inna one.

අලි පැටියා said...

කියන්න දේවල් තියනවා සදරු ඒවා කිව්වොත් මට මග ජිවිත කාලෙටම මේ කොමෙන්ට් එක ලියන්න වේවි එක දෙයක් කියන්නන් උබට ජය

Asanka Udayanga said...

උඹ හරියටම හරි මචන්,මම වුනත් එවෙලේ කරන්නේ ඔක අනිව ඩෙෆා...

කෝරලේ මහත්තයා said...

මචන් සඳරු අද වෙනකල් මම හිතන් හිටියේ මම විතරයි මේ ලෝකෙටම ඉන්න නෑයෝ පෙන්වන්න බැරි එක කියල මම අද දැනගත්ත තවත්එකෙක් ඉන්නවා කියල නියමන් මචෝ කීප් ඉට් අප්

Saiiyaa said...

සඳරු අයියේ වැඩේනම් අතිවිශිෂ්ටයි..!! මටත් නංගි කෙනෙක් ඉන්නේ.. ඔයාගෙන් ආදර්ශ ගොඩක් ගන්න පුළුවන් මට.. ජයවේවා !!!

Post a Comment

තැන්කූ බං