31.10.11

මහ වරුසාවට හේදුණු පළමු ප්‍රේමයේ මතකය. "ධනංජනී"



දා ඔක්තෝබර් මාසේ 15 වෙනිදා . වෙලාව උදේ දහයට විතර ඇති .වටින් ගොඩින් අහස කලු කරගෙන ටිකක් විතර තදින් වැස්සකුත් වැටෙමින් තිබුණා . හොඳට නොතෙමී ඉන්නට තරමට ලොකු කුඩයකුත් ඉහළ ගත්ත මම ඒ වැස්සෙම ටවුන් එක පැත්තට ගියා . කුඩේ නිසා මගේ දණහිසෙන් ඉහළ කොටසට වතුර බින්දුවක්වත් ඉහුණේ නෑ ඒත් කකුලේ ඇඟිලි නම් දියබුං ගහමිනුයි හිටියේ . සපත්තු ඇතුළට වතුර ගිහිල්ලා . ආයෙත් වැහි කාලේ ඇවිල්ලා .

උසාවිය ඉස්සරහා හැමදාම අවුවේ වේලි වේලි ඉන්න සුදු ඉරි අයියලා දෙන්නා මේ මහ වැස්සෙත් වෙනදා වගේම නොසැලී ඉන්නවා. වැහි කබා පෙරවගත්තු උන් දෙන්නා නිකම් හැරී පොටර් ෆිල්ම් එකේ මන්තර ඉස්කෝලේ ඉන්න ගුරුවරු වගේ . කොයිතරම් වැස්සත් උන් දෙන්නා කොහොමද රාජකාරිය නොකර ඉන්නේ ?. අවුව, වැස්ස රෑ දහවල් එකයිලුනේ උන්ට.!

"ආ..! සඳරු මලේ කොහේද මේ වැස්සේ ?"

ලොකු ට්රැෆික් අයියා මගෙන් එහෙම ඇහුවෙ ! ඌ හැමදාමත් මගෙන් කොම්පියුටර් ඉගන ගන්න එන බුදු ෆිට් එකක් නිසා .

"
මේ අහරෙට යනවා අයියේ ! මම එතනින් ඉක්මනට කැපුනා .”

ටවුමට ආපු මම ටවුම සිසාරා යන්න බැල්මක් හෙළුවා .මගේ ඇස් කෙනෙක්ව දැකගන්න ආසාවෙන් බලාන ඉන්නවා !

ටවුන් එකේ ඔරලෝසු කණුවට දකුණු පැත්තට වෙන්න ලොකු අන්දර ගහක් තියනවා . කෙළින්ම බැලුවාම නම් තියෙන්නේ වැව . ඉදිරියෙන්ම මැර බුවාලා ඉන්න යකඩ බජාර් එකත් . ඒ අසලම බස් නැවතුම්පලත් පේන්න තියනවා . ඒත් මගේ ඇස් හෙවුවේ එවුවයිං එකක්වත් නෙවේ .මම පණ දාගෙන මගේ බෝල ඇස් කරකවමින් හෙවුවේ එයාව .

වම් පැත්තේ අන්දර ගහ යට කුඩයක් ඉහළගෙන , තවත් කෙල්ලෝ දෙන්නෙක් එක්ක කතා බහ කරමින් ඉන්න ධනංජනීව අන්තිමේදී මට හමු වුණා . එකි තවමත් මාව දැකලා නැහැ ! . ඒකිගෙයි මගෙයි අතර පරතරය මීටර් සීයකට වැඩියි . කලිසමේ චූ කරගන්න පොඩි සන්දියේදී පටන් දැන අඳුනගත්තු නිතර නිතර හමු වුණු . අසල් වැසි ගෙදර ධනංජනී කෙල්ලව මට මහ වැස්සක් මැදදී විතරක් නෙවේ . සහරා කාන්තාරේ චන්ඩ වැලි කුණාටුවක් මැද්දෑවේ වුණත් අඳුනගත්තැහැකි ඒ විතරක් නෙවි. තිත්ත කළුවරක, කෙල්ලෝ සීයක් අතර හැංඟිලා හිටියත් මට ධනංජනීව අඳුනගන්න පුළුවන් .

මම අඩියට දෙකට වම් අත පැත්තෙන් තිබුණු ෂෙඩ් එකට දිවුවා .

මචං මේ කුඩේ පොඩ්ඩක් තියාගනිංකෝ මම එන ගමං ගන්නම්. මම එහම කීවම එතන තෙල් ගහන මගේ මිත්රයා හිතන්න ඇති මට පිස්සු හැදීගෙන එනවා කියලා

සයිඩ් බෑග් එකත් පිටිපස්සට කරගෙන උඩ සාක්කුවේ තිබුණු ෆෝන් එකත් ඒකටම ඔබාගෙන . මහ වැස්සෙම ධනංජනී ඉන්න දිහාවට දිවුවා . ඒත් ඒතරම් වේගෙන් නම් නෙවෙයි ටිකක් හෙමින් . මම ලැසිම ලැසිම ලැසි ගමනින් ඒ කෙල්ලෝ ඉන්න තැනට කිට්ටු වුණා . ළඟට කිට්ටු වුණාම වේග ටිකක් වැඩි කළා .

අනේ සඳරු මොකටද තෙමීගෙන ආවේ ? ඉක්මනට එනවා මෝඩයෝ කුඩේ ඇතුළට .

ඉබ්බා දියේ දැම්මාම මොනවාදෝ කීවලු ! මමත් කුඩේ යටටම රිංගුවා එතකොටම ධනංජනීගේ යෙහෙළියෝ දෙන්නා එයාට අත වනලා යන්න පිටත් වුණා.අන්තිමේදී මමයි එයයි කුඩේ යට තනි වුණා .පහළින් ගලාන යන කුණු කාණුවේ ගන්ධස්සාරේ ධංජනීගේ කොලොන් එකේ සුවඳට යටපත් වුණා .මගෙ හිතේ සතුට උතුරනවා !

එක ලඟ ගෙවල් දෙකක ජීවත් වුණත් . නිතර දෙවේලේ හමුවුණත් ඉස්සර නිතරම මේ වගේ කුඩේ යටින් ගමන් බිමන් ගියත් අපි ආයේමත් මේ වගේ ලං වුණේ කොයිතරම් කාලෙකට පස්සෙද ? මගෙ බඩ බොක්ක කූල් වෙලා ගියා .ඒත් ඒ වැහි වතුර වල සීතලට නම් නෙවෙයි .

මේ කතාව පටන්ගත්තේ මම මහ වැස්සේ ලොකු කුඩයක් යටින් එන සීන් එකෙන් නම් නෙවෙයි . කතාව පටන්ගත්තේ එදා උදේ හයට විතර !

ඒ මොහොතේ මම ඇඳේ පෙරළිලා හොඳටම බුදි . සීතල නිසා ඔළුවේ ඉඳන් පොරවං හිටපු මට ෆෝන් එක රිං වෙන එක මහම මහ කන්දොස් කිරියාවක්ම වුණා . කීප වතාවක්ම ෆෝන් එක දිහා බලනෙවත් නැතුව ෆෝන් එක කට් කරලා දැම්මත් තුන් වෙනි වතාවේ මම ෆෝන් එක දිහාවේ බැලුවා කවුද මේ තදියම් කාරයා කියලා හිතෙන් බනින ගමන් . ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ Dani කියලා වැටිලා තියනවා දැක්කා විතරයි මගේ නිදිබර සෝමාරි ගතිය අතුරුදන් වෙලා ගියා .

හලෝ

"
ඔයා අද වැඩට යනවද ?”

ඇයි ධනී ?”

මේ..! මට බඩු වගයක් ගන්න තියනවා . අනුත්තරාටයි, සඳමාලිටයි අද වෙන ගමනක් යන්න තියනවාලු ඉතින් ඔයාට බැරිද පැයකට මගෙත් එක්ක ටවුන් එකට යන්න එන්න .

"
මම එන්නම්

ඔයා එහෙනම් ටවුමට එන්න මම ඔරලෝසු කණුව ගාව ඉන්නම් .

ඒ ඉරිදා දවසක් . අනිත් අයට නිවාඩු වුණාට ඉරිදා කියන්නේ මට වැඩ වැඩිම දවස . ඒත් මේ කෙල්ලගේ ඉල්ලිම අහක දාන්න මට ඒ මොහොතේ හිත හදාගන්න නම් බැරිවුණා . ඒ මමත් අනිත් එවුං වගේම මනුස්ස පරාණයක් හින්දා වෙන්නැති..! සීතලේම වතුර බාල්දි දහයක් දොළහක් නාගත්තු මම බස් එකක එල්ලිලා පැය භාගයක් ඇතුළත ටවුන් එකට ගියා . ධනංජනීව මුණ ගැහුණා . ඉතින් මම නතරවුනේ එයාගේ කුඩේ යට .

ධනංජනී මගෙන් උදවුවක් ඉල්ලුවේ අවුරුදු දෙකකට විතර පස්සේ .ඉතින් කොහොමටවත් ඒ උදවුව නොකර ඉන්න මට පුළුවං කමක් තිබුණේ නෑ . ධනංජනී කියන්නේ මම ජීවිතේ වැඩිම කාලයක් ඇසුරු කරපු කෙල්ල. මගේ ළඟින්ම හිටපු කෙල්ල. අපි දෙන්නට තිබුණේ හරිම සුන්දර ළමා කාලයක්. මගේ ගෙවල් ගාවම තමයි ධනංජනීලෑ ගෙවල් තිබුණේ . ඒකි පොඩි කාලේ කොයි වෙලේ බැලුවත් හිටියේ මගෙත් එක්ක .මමත් එහෙමයි ඒකිත් එක්කම හිටියා . ටිකක් ලොකු වුණාමත් අපි දෙන්නා එකට හමු වුණා , නිතර කතා බහ කළා. එත් කලින් තිබුණු ලෙංගතු කම අපි දෙන්නා අතරින්ම ටික ටික ඈත්වෙලා තිබුණා . ඔය කාලෙදී මම ධනංජනීට පපුව පිරෙන්නම ආදරේ කරා . ඒත් ඒ ආදරේ මම කවදාකවත් එළියට දැම්මේ නෑ .

මේ පහුගිය දවසක දංනජනීලෑ අම්මා සහ මගේ අම්මා දෙන්නා අපි දෙන්නව ජෝඩු කරන්නත් පොඩි උත්සාහයක් ගත්තා . ඒත් ඒ වෙනකොට ධනංජනී සහ මම හිටියේ පොඩි හිත් අමනාපෙකින් ඒ වගේම . ඒක නිසා මම කෙළින්ම ඒ යෝජනාවට පයින් ගැහුවා ඊට පස්සේ මට ආයෙමත් ධනංජනීව හමුවුණේ මේ කුඩේ යටදී ..

ඔලුවේ වතුර ලේන්සුවෙන් පිහින ගමන් මම හොරැහින් ධනංජනී දිහෑ බළුවා .දෙයියනේ ඒකි ලස්සන වෙලා . කොණ්ඩෙත් ලස්සනට කඩා හැලෙනවා . මේ වගේ කෙල්ලක් එක්ක කුඩේ යටින් යන මාව දකින කොල්ලෝ මට ඉරිසියා කරාවි !. ඒ තරම්ම ධනංජනී ලස්සනයි. දකින ඕන කොල්ලෙක්ගේ බැල්ම පැහැරගන්න තරම්ම ඒකි ලස්සනයි. ඒත් මම මේ කෙල්ලට ආසා කළේ මේකි හොටු පෙරාගෙන මඩ ගාගෙන සොල්ලම් කරන පුංචි කාලෙදීමයි..

"
අපි යමුද ?

මගේ කල්පනා ලෝකේ සවාරිය ඉවර වුණේ . ධනංජනී එහෙම ඇහුවට පස්සෙයි

"
සඳරු ඔයා අද වැඩට යනවා නේද ?

"
නෑ අද මට එන්න වෙන්නේ නෑ අසනීපයි කියලා මම උදෙන්ම කෝල් එකක් දුන්නා .

"
බොරු කියන්න දන්නෙම නෑ !

"
නැතුව බෑ නේ කෙල්ලෙක් එක්ක ටවුන් ආවා කියලා නිවාඩු ගන්නයැයි"

"
ඒකත් ඇත්ත .

"
ඉතින් ඔයාට මොනාද ගන්න තියන බඩු . මිරිස් ගල් , වංගෙඩි වගේ බර දෙයක් ගෙදර ගෙනියන්න ඕන ඇති ඒකනේ ඔයා මට එන්න කීවේ .

"
ඒව නම් නෑ ඒත් මට බඩු ගොඩක් ගන්න ඕන"

"
තාත්තගේ පඩියට විදින්න ලැජ්ජ නැද්ද ?”

"
හන්නකෝ ලබන මාසේ මම බඳිනවා .! ඉතින් බඩු ගන්න තියනවා .

මහ හඬින් ගොරවලා අකුණක් ගැහුවා .හැබැයි ඒ වැහි බර අහසේ නම් නෙවේ මගේ පපුව ඇතුළේ.එහෙනම් ඒකද අවසානේ ?

ධනංජනීගේ කටින් පිටවුණු ඒ කියත් පටියක් වගේ තියුණු උත්තරේට . මාව සම්පූර්ණයෙන්ම ගොළු වුණා . හිත කඩාගෙන වැටුණා .එක අතකින් මට මෙහෙම වෙන්න ඕන . හැමදේකටම වැරදි කාරයා මම . මම කවදාවත් මගේ ආදරේ එයාට කියලා නෑ .එයාලෑ ගෙදරින් යෝජනාවක් ගෙනාවම ඒකටත් පයින් ගැහුවා . ඉහළට ඇද ගත්තු හුස්මක් හෙමිහිට පහළ දාන අතරේ මම හිත හදාගත්තා .

අපි දෙන්නම රෙදි කඩයක් ඇතුළට ගියා . එළියේ මහ වැස්සක් වහිනවා . අහසත් අඬනවාද මන්දා ? ධනංජනීගේ මූණෙන් අමුතු දුකක්වත් අමුතු සතුටක් වත් පේන්නේ නම් නෑ .ධනංජනී පැයක් විතර ඒ කඩේ ගත කරලා රෙදී මීටර කීපයක් අරගත්තා .

මේවා ජනෙල් දොරවල් වලට දාන්නයි ගත්තේ. එයා එහෙම කියනවා .

ඊළඟට ධනංජනීගේ දෙපා නතර වුණේ රත්තරන් බඩු කඩේක.

"
මේ ඔයා මේවත් ගන්න සල්ලි ගෙනාවද ?

"
අපෝ නෑ අම්මා මට කිවුවා ඩිසයින් එකක් තෝරගෙන එන්න කීවා මම මේ ඒකට යන්නේ .

"
මම එළියේ ඉන්නම් . ! “

"
හ්ම් ඔයාගේ කැමැත්තක්"

ධනංජනී එතනත් පැයක් විතර ගත කළා . කිසිම රත්තරන් බඩුවක් මිලට ගත්තේ නැතත් කඩේ තිබුණු හැම අස්සක් මුල්ලක් නෑරම එයා අවුස්සලා බැලුව බව නම් මම දැක්කා . ඊට පස්සේ අපි ආයෙමත් පිටත් වුණා .ධනංජනීගේ අතේ තිබුනු බර රෙදි මල්ල මම අතට ගත්තා . කෙල්ලෙකුට බර පටවලා කෝමද ?

"
දැන් ඉතින් මට වෙඩින් කියන්නේ නැද්ද ?” හිතේ ඇවිලෙන කෝටියක් දුක් ගින්දර තද කරන් මම එහෙම ඇහුවේ එන්න කියලා කීවත් නොගිහින් ඉන්න කලින්ම තීරණය කරගෙනමයි.

"
මොකද නැත්තේ ? තවම කාඩ් ගහලා නෑ මම ඔයාට වෙනම කියන්නයි හිටියේ .

"
දැන් ඉතින් කිවුව නේ ආයේ කාඩ් ඕන නෑ"

ධනංජනී නිහඬ වුණා .ඔන්න එතකොටම ධනංජනීගේ ෆෝන් එක නාද වෙන්න ගත්තා .

අනේ මේ කුඩේ පොඩ්ඩක් අල්ලගන්න

ධනංජනී එයාගේ හෑන් බෑක්කේ අවුස්සන්න ගත්තා . එයා බෑග් එක අස්සේ අත දාගෙන එහේට මෙහේට දඟලන දිහා මම ආසාවෙන් බලාන හිටියා .මේ තමයි අවසාන වතාව ආයේ මම මැරෙන තුරාවට මේ කෙල්ලට මේ තරම් ළඟින් ඉන්න බැරි වේවි .මේ සුවඳ මට විඳගන්න බැරිවේවි .අවුරුදු දහසයක් පරණ සම්බන්ධයක අවවසානයට මම ටික ටික කිට්ටු වෙලා .

"
හලෝ …… ඔවු ඔවු ………ආවා ආවා .. හ්ම් ..හ්ම් "

ඕක තමයි එයාගේ කෙටි දුරකථන සංවාදය ..ඊළඟට වෙන්න යන දේ මට ඉවෙන් වගේ දැනුණා . කමක් නෑ මම බබා වගේ ඉන්නම් ..මම එහෙම හිතන ගමන් හිත හදාගන්න ලොකු උත්සාහයක යෙදුණා .

"
මේ මේ සඳරු . අයියා මට බෑංක් එක ගාවට එන්න කියනවා මම යන්නද ?

"
එයා බෑංක් එකේද වැඩ . ?”

"
"

"
යමු මමත් එන්නම් මේ බඩු ටික ගෙනියන්නත් එපෑය "

"
අනේ එපා සඳරු ඒක හරි නෑ එයා ටිකක් වෙනස් ඔය ටික මම ගෙනියන්නම් "

"
හෙමද ? එහෙනම් මේ ටික ගන්නකෝ මම යන්නම් .

හිතේ තිබුණු ආදරයයි ඒ ආදරය උඩටම වැටුණු වෛරයයි . ලැජ්ජාවයි මේ තුනම වහින වැස්සට හේදිලාම පලයං කියලා හිතාගෙන මම කුඩෙන් එළියට ආවා. මොරසූරන මහ වැස්ස මැදටම.

"
සඳරු මම ඔයාව එහා පැත්තට ගිහින් දන්නම් තෙමෙන්න ඕන නෑ "

"
නෑ ධනී ආවෙත් නාගෙන නේ නාගෙනම යන්නම් ..

බෑග් එකේ තියන ෆෝන් එක තෙමෙන්නේ නැති බව මට විශ්වාසයි . මම ආපු පාර දිගේ වැස්සෙම ඇවිදගෙන ගියා . “තව වැස්ස වැඩි වෙයං තව වැඩිවෙයං” මම හිතෙන් මිමිනුවා .

මට හිතෙනවා මම ජීවිතේ කොහේ හරි තැනක් වරද්ද ගත්තා කියලා . ඒත් ඒ වරද ආපහු හදන්නවත් ඒ වරද මොකද්ද කියලා හිතන්නවත්. මට පුළුවන් කමක් නෑ . මම ධනංජනීව අවුරුදු ගාණක්ම ඇසුරු කළා . කාලයක් පපුව පිරෙන්න ආදරේ කළා තව කාලයක් වෛර කළා .අපි දෙන්නගේම ගෙවල් වල උදවිය හිතුවේ අපි දෙනට දෙන්නා දෙන්නා ආදරේ කරාවි කියලයි .ඒත් එහෙම වුණේ නෑ. දැන් මට ඒ කෙල්ලට ආයේ බනින්නවත් අවස්ථාවක් නෑ . ලබන මාසේ දවසක ඒකි වෙන ගෙදරක පදිංචියට යාවි . කමක් නෑ මම ආයේ ඒකිට වෛර කරන්නෙත් බැඳගෙන ආදරේ කරන්නෙත් නෑ .

එදා ඒ වැටෙන වැස්සේ තෙමීගෙන යන අතරේදී මම තීරණය කළා ධනංජනීගේ මගුල් ගෙදර නොගිහින් ඉන්න . කෙල්ලෙක් නිසා දුක් වෙන කෙනෙක් නම් නෙවෙයි මම ඒ වුණත් මේ ලියන මොහොතෙත් මේ ගතවුණු සතිය පුරාමත් මගේ පපුව ඇතුළේ දඟලන අමුතුම හැඟීමට දෙන්න නමක් නම් මට හිතාගන්න බෑ ..! මම හැම අතකින්ම හිරවෙලා . මට පපුව පිරෙන්න ආදරේ කරන කෙල්ලෙක් මට දැන් ඉන්නවා ඉතින් ආයේ ධනංජනීට ළංවෙන්නත් මට බෑ .

දවසක්දා මම මටම පොරොන්දු වුණා ධනංජනීට කලින් මම කසාද බැඳලා ඒකිගෙන් පලි ගන්නවා කියලා . ඒත් පැරදුනේ මම .පරාජය භාරගත්තු මම මම මේ පැතුම කරන්නේ පිරිසිදු හිතකින් නම් නෙවේ නොකර බැරි නිසා.මගේ හිතේ දුකක් නෑ මේ ලිපිය ලීවෙත් මේ මාසෙට ලිපි හතක් නොතිබුණොත් ඒක අඩුවක් වගේ දැන නිසාම විතරයි .

සුබ මංගලම් ධනංජනී ..!!!

/ලි . හඬන සිත නිවන මල්පැනි නැතුව බැරි හැඩයි . !


104 comments:

පොඩි මෑන් said...

ච්යර්ස්..... එහෙනම් බොමු...

Buru Babe said...

ඔයාගේ හිත රිදිලා වගෙයි. ඒත් දන්නේ නැද්ද කියමනක් තියෙනවා ගියදේ ගියාවේ කියලා. යන්න යන දේවල් පස්සෙන් ගිහින් එලවලා අල්ලගන්න නම් මාත් අකැමැතියි.ඒක හින්දාම ජීවිතේ වැරදුනු අවශ්තා තියෙනවා. මොනවා වුනත් එයාට හොඳ යාළුවෙක් වෙන්න. ඒක ඔයාගේ හිතට සහනයක් වේවි සඳරු.

සාගර said...

ඕව ඔහොම තමා මල්ලි, සැලෙන්න එපා. මල් පැණි ටිකක්, වැඩිය නෙවි ටිකක් අරන් ඕක අමතක කරලා දාපන්.

Anonymous said...

බිදුණු කලක අමතක කල නොහැකි නම් සිතින්,
බිදෙන බදුන් කුමකට සුරකිම්ද ආදරෙන්.....

කීවෙ මම නෙමෙයි සදරුවො.. පුන්සිරි සොයිසා...

අහින්සක. අ.පේ.

MUHUDU said...

සඳරු, මේ කීවෙනි පළමු ප්‍රේමයද?

ලොකු පුතා said...

මචං, මට උඹේ හිතේ තියෙන දේ තේරෙනවා
මමත් ඔය දේ හොඳට විඳලා තියෙනවා, ඒක ආත්මාර්තයත් එක්ක මිශ්‍ර වෙච්චි හැගීමක්ද මන්දා
මට මතකයි උඹ ධනංජනී ගෙන් පළි ගන්න ප්ලෑන් කරපු ලිපියත්
අපිට යමක් ලැබෙන්නේ නැහැ කියල දැනෙද්දී, එහෙම නැත්නම් අපෙන් යමක් ගිලිහෙද්දී ඒකෙ වටිනාකම වැඩි වෙලා දැනෙනවා බං
ඒත් ඒක ඇත්තම වටිනාකමද කියල අපි දෙපාරක් හිතල බලන්න ඕනේ බං
(ඔය කිව්වට කොරන එකාටනේ අමාරුව තියෙන්නේ)
උඹ උඹට මැරීගෙන ලව් කරන කෙල්ලට ආදරේ කරපන්, ඒ ඇති.
ධනංජනීට යන්නම යන්න කියපන්

(මම මුලින්ම කරපු ආදරේ නතර කලේ මගේ උවමනාවට, ඒත් පස්සේ ඒ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාළු වෙලා යනවා දැක්කහම මගේ බඩ පපුව පිච්චෙනවා වගේ දැනුන. මම දන්නේ නැහැ ඇයි කියලා)

Anonymous said...

"අහන්නකෝ ලබන මාසේ මම බඳිනවා .! ඉතින් බඩු ගන්න තියනවා .”
අනේ අම්මපා බන් උඔටත් වෙන වැඩ.
කෙලෙසද මම මල් කලඔ අරන් යන්නේ සින්දුව මතක් වුනා මේක කියවද්දි.
මට නිකන් මැවිලා පේනවා උඔ සෙම් ගෙඩි අමාරුව හැදිලා අඬ අඬ මෙට්ටෙ කොහු කකා මේක ලියන හැටි.
ජය වේවා.
JH

ප.ලි. ඔය ගල් ටිකක් සැන්ඩි නැතුව ගත්තම කොයි සෙම් අමාරුවටත් හොඳයි නෙව.

duliponline said...

ඕව ඔහොම තමයි මචෝ . . .අල්ලල දාපං . . . .

එක නෙමෙයි මට කියපං . . .
//ධනංජනී කෙල්ලව මට මහ වැස්සක් මැදදී විතරක් නෙවේ . සහරා කාන්තාරේ චන්ඩ වැලි කුණාටුවක් මැද්දෑවේ වුණත් අඳුනගත්තැහැකි ඒ විතරක් නෙවි. තිත්ත කළුවරක, කෙල්ලෝ සීයක් අතර හැංඟිලා හිටියත් මට ධනංජනීව අඳුනගන්න පුළුවන් .//
කිවුවෙ . . .
කෙල්ල ගඳ ද ????

ඇනෝපිලිස් said...

අර අන්තිම පදේ තමයි ඉතින්....... හික් හික්.... මරු මරු ...... ඔහොම යන්..... අපි ඉන්නවා පස්සෙන්........

Dinesh said...

මට අර අහසෙදි හමු උන කෙල්ලගෙන් වෙන් උන මොහොතෙත් දැනුනේ ඔය වගේම හැගීමක්.. ඒ හැගිම මොකක්ද කියලා තේරුම් ගන්න හරි අමාරුයි.. හිත චපලයි ඒකයි මේ හැමදේම..

දුක් වෙන්න එපා බං.. සිත නිවන මල් පැණි නැතුව උනත් හිත හදාගන්න පුළුවන් මලේ.. මේ මං හිත හදාගත්තේ මල් පැණි නැතුව..

සයුරි said...

හඬන හිතින් මල් පැණියට වහල් වෙලා
නැත කිසි පලක් ගිය හකුරට කඳුළු සලා
තියන හකුර රැක ගන්නයි නොවී මුලා
පැන යන මුවන් දැක නාරින් නෙලූ පළා

Gimhani said...

සඳරූ, ඔයා මීට පෙර ධනංජනී ගැන දාපු ලිපියෙන් තමයි මම ඔයාගෙ ලිපි බලන්න පටන් ගත්තෙ. මට මතකයි ඔයාට විවාහ යෝජනාව ආපු වෙලාවෙ ඔයා ඒකට කැමති උනේ නෑ ඒ වනවිට ඔයාට පෙම්වතියක් හිටිය නිසා නේද.අනිත් එක මම හිතන්නෙ කොහොමත් ඔයාට ධනංජනීට රිද්දන්නත් උවමනාවක් තිබුන. කොහොම උනත් මම අත්දකීමෙන් දන්න දෙයක්
ආදරේ කල කෙනෙක්ට රිද්දනකොට අපිටත් ඒවගේම රිදෙනව...

ඇයගේ විවාහයට නොයා හිටියත් කමක්නෑ කියල මටත් හිතෙනවා ඒක දෙදෙනාටම දුකක් වෙයි. මින් පසු යාළුවන් විදියටම ඉන්න . වැඩි ඇසුරටත් යන්න ඒපා . පසුවට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්..
සුබ මංගලම් ධනංජනී ..!!!

දේව් ගේ අඩවිය said...

මලයා ධනි ගෙන් පලිගන්න තොරගත්තු විදිහ නම් ලස්සනයි කියලා මට හිතෙන්නේ නැ.. ඒත් මොනවා කරන්නද මල්ලිමනේ වැඩේ වරද්ද ගෙන තියෙන්නේ....

අය්යා වැඩ මොන බැන්ක් එකේද දන්නේ නැ

Observer said...

හැමදේම වෙන්නෙ හොඳට කියල හිත හදා ගමු.
ගිය හකුරට නාඬා, තියෙන හකුර වත් රැක ගං සඳරු.

Weni said...

ආදරයයි, වැස්සයි, විරහවයි තුන හැමදාම එකටම තමයි යන්නෙ..සිහින් පොද වැස්සකින් පටන් අරන් ගම් නියම් ගම් දෙගොඩ තලා ගිහින් ආයිමත් පොද වැස්සකින් නතර වෙනවා ආදරය ! ඒත් වැස්ස ?

Anonymous said...

adenawaa nathi wena kota thama age wadi :D

Malya said...

හිත කියන්නේ මහ පුදුමාකාර දෙයක්....

Anonymous said...

මචං උබට කියන්න ,මටත් ඔයවගේම සීන් එකක් වෙලා තියෙන්නේ, මාත් දන්නවා කවද හරි මටත් ඔය වැඩේම වෙනවා කියල, කවද හරි මාවත් එක්කන් ඔය විදිය බඩු ගන්න මෙකි මාවත් එක්කන් යාවි .මේක කියෙව්වම මට නිකන් මගේ කතාව ලියල දැම්ම වගේ කියල හිටුනා, සත්තයි..!!

Raj said...

යකො තො දුකට එහේම බොන්නැ...අරක්කු තියෙන්නේ ආතල් එකට බොන්ඩ..උබට එල කෙල්ලෙක් සෙට් උනාම කියපං එතකොට බොමු....
ඔක්කොටම කලින් ඔය අසනීපේ හොඳකරන් හිටපං..වෙලාවට බේත් (අරක්කු නෙවෙයි) බීපං...

මාතලන් said...

ගොඩක්ම අමාරු උනොත් කොළඹ වරෙන් මෙහෙ හොඳ ස්පැසලිස්ලා ඉන්නෝ...

Test Profile said...

උඹට දෙන්නෙතුට එකපාර ආදරය කරන්න පුලුවන්ද...?

පුලුවන්නම් උඹ ඉක්මනට ෆන් සඳරු බවට පත්වෙයි...!

~ChAnDiKa~ said...

ඔන්න බලපං කොල්ලොන්ට වරදින තැන. අස්සයට පැනල යන්න දොර ඇරලා තියනවා. පැනලා ගියාට පස්සේ අස්සයා අපරාදේ කියල දුක් වෙනවා. අහෝ!!!

DragonD said...

මේ බ්ලොග අය්යගෙ අලුත් පෙම්වතිය දැක්කොත් නම් ලව් කරල ඉවරයි ඕන්..

ශානි said...

o_O එතකොට ඔයාගෙ අර ගෑණු ළමයා

ඔව්වා ගණන් ගන්ට එපා මල්ලි ගෑණු ළමයි කියන්නේ කාලගුණේ වගේ කියලා අහලා නැද්ද

sameera said...

කාලා වරෙන්කො මදෑ පලි ගන්න බලන් උන්නා ඒක නෙවි මචං ධනංජනී බ්ලොග් කියවන්නෙ නැද්ද බං........, චි මං මේ සිරා ලව් ස්ටොරියක් බලන්ට වාඩි උනා........ මට පේන්නෙ කොලුවො ධනී උඹට හොද පාඩමක් උගන්නලා වගේ උංගෙ ගෙදරින් එවපු යෝජනාව ප්‍රතික්ශේප කොලාට .....!

අකීකරු හිත said...

තමන් ආදරේ කරපු කෙනෙක්ට රිද්දන්න හිතුවට රිදෙන්නේ අපටමයි මල්ලි...හිත කියන්නේ මහම මහා පුදුමාකාර දෙයක්..

Praසන්ன said...

ගිය දේ ගියාවෙ කොල්ලො. මොනව කරන්නද
උඹ හීතලට බිව්වට කමක් නෑ කෙල්ලො හින්ද බොන්න එපා.

cjgayan said...

මොනා කියන්නද කියලා හිතා ගන්න බෑ. මොකද ආදරයයි වෛයිරයයි අතර වෙනස කෙස් ගසකට සමයි කියනවනේ. කොහොම උනත් උඹ හිත හදාගනිං(උඹල කියයි මටනේ අමාරුව තේරෙන්නෙ...හික්)ඕනෙම නම් මල් පැණි වඩියකට දුක බාරදීපං

නචියා said...

ධනංජනී බඳින කතාව කිව්වෙ පස්සෙනෙ. උඹට පණ වාගේ ආදරය කරන්න කෙල්ලෙක් ඉද්දි උඹ ධනංජනී ගැන හිත හිත ඒකිත් එක්ක කඩවල් ගානෙ ගියෙ ඇයි කියන එක තමයි මට හිතාගන්න බැරි.

අනිත් එක තමයි ධනංජනී බඳින්න ඉන්න කොල්ලා ටවුන් එකේ බැංකුවෙ වැඩ නම්, ඌව ඒ වෙලාවෙ හම්බ වෙනවනම්, ගත්ත බඩුත් ඌ දකිනවනම් උඹට එන්න කිව්වෙ මොකටද. අන්න එතන මොකක් හරි දෙයක් තියනවා මම හිතන්නෙ....

Dr. R. A. R. P. Susantha (Ph.D) said...

"නෑ ධනී ආවෙත් නාගෙන නේ නාගෙනම යන්නම් ..”

මේ කෑල්ල ඇති මුළු කථාවෙම හරය මෙතැන තියනවා. මට නම් හිතෙන්නේ අපි හැමෝටම මෙහෙම ආදර කථා තියනවා. ඔබට මම පොඩි කථාවක් කියන්නම්. මගේ පාසැලේ මගේම පංතියේ හිටියා කෙල්ලෙක්. මම ඇයට ආදරය කලා. ඒත් මම පරක්කුයි. ඇයට ආදර වන්තයෙක් හිටියා. මම ඒ අයට ගොඩක් උදව් කලා. නමුත් ඔහු ඇයව හැරගිය විට මට හිතුනේ නැහැ මගේ ආදර ප්‍රකාශ කරන්න. ඒත් මම විශ්වවිද්‍යාලෙදි යාළු වුනේ ඇයගෙම පෙනුම තියන මගේ බිරිඳත් එක්ක. මිනිස් සිත මහා පුදුමයි!

ගිහාන් said...

ඕව ඔහොම තමා බං.. හැම දේම උනේ හොඳට කියල හිතාගන්න.. මේ පෝස්ට් එක ධනංජනී දැක්කොත් මොකද වෙන්නේ?

මාඩා said...

adee..... apayat geyath kalin plyan machan.... hithe thiyana de hangan idala duk wenwat wada hodai eka paratama keyala dana eka.....

රාජ් said...

ටිකක් විතර බීපං.

මන්තරකාරි said...

මේකනේ මේ සඳරුට සෙම හැදිලා තියෙන්නේ. මල් පැණිනම් බීලා අහු වෙන්න එපා...

Unknown said...

හ්ම්.... දැන් පපුව පුරෝලා ආදරේ කරන කෙල්ලෙක් ඉන්නවානම් එයා ගැන හිතන්න.වෙන කෙනෙක් ගැන නිකමටවත් හිතේ තියෙන බව ඇගවෙන්න තියන්න එපා.පරණ දේවල් එයා දන්න එක වෙනම කතාවක්. ඒත් වර්තමානය එයා බව එයාට දැනෙන්න දෙන්න. බැරි වෙලාවත් මේක දැන ගත්තොත් ඒ කෙල්ල කොච්චර දුක් විදියිද කියලා හිතා ගන්නවත් ඔයාට බැරි වෙයි.

ජීවිතේ මල් said...

හ්ම්ම්ම්.....
අනේ මන්දා....

මොනා උනත් ගිය හකුරට නාඬන්නේ.....

ධනංජනී හැබැයි හද පතුලටම වැදී තිබෙන්නා සේයැ. :-)

දිල් said...

ඔය ගිය දේවල්වලට දුක් නොවී තමන් ලඟ තියෙන දේට ආදරේ වෙන්න බැරි ඇයි මේ මෝඩ කොල්ලට ? දැන් පහුගිය දවසක අපිට හැල්ලක් කිව්ව නේද අලුත්ම සම්බන්ධය ගැන....අතනටයි මෙතනටයි රින්ගන්න නොදී ඔය හිත එක තැනක නවතා ගනින්...නැත්තන් බොට හැමදාම හූල්ලන්න වෙයි....

mayya said...

sampuurana kathaawama meke thiyenwa neda...

""නෑ ධනී ආ‍ෙවත් නා‍ෙගන ‍ෙ‍න් නා‍ෙගනම යන්න໦ .."

Anonymous said...

Life eka ohoma thamai machng.

පූසා said...

උඹ කලිනුත් ධනංජනී ගැන ලිව්වා.. පොටෝ එකක් එක්කම... මොනවා කරන්නද බං... අර ඔබා මාමා කිව්වා වගේ හැමදේම වෙන්නේ හොඳටයි කියලා හිතාගමු...

දුමී said...

සඳරුවෝ, උඹේ කතා ගැන නම් කියලා වැඩක් නෑ... මේව කියවනකොට මට දැනෙනෙන්නෙ අති දක්ෂ කෙටි කතා කාරයෙක්ගේ කෙටි කතාවක් කියවනවා කියලයි...

ඊට පස්සෙ මේක මේ ඇත්තටම උඹට වෙච්චි දෙයක් කියලා හිතෙනකොට මට හිතුනේ, යකෝ මූ කෙල්ලෝ කී දෙනෙක්ට මේ වෙනකොට ලවු කරලද කියලා. සමහර විට ඒ කෙල්ලෝ ගාණ පොඩි කාලේ උඹේ ඔළුවෙ හිටපු උකුණො ගාණටත් වැඩියි මම හිතන්නෙ .... හික් හික් හික්....!

ධනීට සුභ මංගලම්....!

Asanka said...

Machan mama iye ra idhan eka husmanata ube blog eke serama kiyawala iwara kala. mama dhakapu sirama blog eka!!!


Ubata salli or mokak hari help ekak ona nam mata email ekak dapan..

socialbookmarkingwebsites@yahoo.com

සරත් ලංකාප්‍රිය said...

"නෑ ධනී ආවෙත් නාගෙන නේ නාගෙනම යන්නම් ..”
ඔය කියල තියෙන්නේ ඇත්ත.. එක නෙවෙයි මොකටද හතක ලියන්නේ ? එකේ විශේෂයක් තියෙනවද ?

Anonymous said...

අනේ මන්ද! මටත් අන්තිමේදි තේරුං ගියා කෙල්ලෙක් එක්ක යාලුකමක්, මං කිව්වෙ ලව්සීන් එකක් නෙවෙයි නිකං යාලු කමක් උනත් ජීවිත කාලයට සාපේක්ෂව පොඩි කාලෙකිං අවසාන වෙන බව! ... අන්තිමට මම යාලුකං පස්සෙ යන එක නැවැත්තුව(, එ් කියන්නෙ යාලුවංව නොසලකා හරිනව කියන එක නෙවෙයි!)

එ් වෙනුවට මගෙ එකම යාලුව, මම ඉගෙනගත්ත දේවල් බව මට තේරුනා! :)

Podi Kumarihami said...

කිව්වත් වගේ ඔයාට වෙන කෙල්ලක් ඉන්නව නේද? මොකටද ඉතින් ඔය පරන කෙල්ලන්ගේ බෑග් උස්සන්ට ගියේ? හරි නරකයි අප්පා මේ පිරිමි කියන ජාතිය?

මදිද ඉතින් ගිහින් නාගත්තු නාගැනිල්ල....:)

ගලයා said...

හප්පට සිරි උඹමනේ වැඩේ කාගෙන තියෙන්නේ..අපරාදෙ ඇ සුවීට් කෙල්ල වෙන්ටැ...
මූදෙ එක මාලුවායැ ඉන්නේ උඹත් ඔය එකක් හොයාගනින්...
දැන් ඉතිං සැන්ටිං නැතුව තමා බොන්ට වෙන්නේ ..මයෙ හිතේ දැං සැන්ටිං වලට යන ගානත් එකා එක බෝතලේකට යනවා ඇති...
දැන් නම් ගසල ඉවරත් ඇති ...නැත්තං ටිකක් තොල ගාන්ට එන්ඩ වත් තිබ්බා....

අසේල said...

කෙලෙසද කිවමැන සිපගත් දෑතට මංගල මල් කලඹක් දෙන්නේ.......

Anonymous said...

matath okama wei wage!!!

ගිහාන් චින්තක said...

ඔන්න මම උඩම පෝස්ට් එකත් කියෙව්වලු... ඉතින් මම අප් ටු ඩේට්..
ඊළඟ එක එනකන් මග බලන් ඉන්නවලු... :)

කපීකේකී said...

අම්මා කෙනෙක් බිරිඳක් වෙලා ලොව කාට හෝ ඔබ උරුමැතී...
සතුටින්ද ඔබ පෙරටත් වඩා මගේ ඉපැරණි පෙම්වතී...

http://www.youtube.com/watch?v=kxSdvSjLdGo&feature=player_embedded

Anonymous said...

සඳරු මල්ලි... දකින දකින එකට ඔකඳ වෙන උඹ ඕනම තැනදි ඔකඳ වෙන්න පරක්කු වුනා... අප්පමාදෝ අමතපදං කිව්වෙ ඕකනෙ බං...

...

උඹේ ලිවිල්ල එන්ට එන්ට දියුනු වෙනව... මල්ලි උඹේ වස්තු බීජ ගබඩාව ඉවර වෙන්න කලින් බ්ලොග් වලින් එපිටට ලියන්න පටන් ගනින්...

...

මර ගායට වැස්සෙ තෙමිල නේද බොට සෙංගෙඩි හැදුනෙ... දැන් ඉතින් බෙහෙත් ටිකක් අරන් බීල නිදා ගනිං..

ගිමන්හල said...

හෑම කතාවකටම කලින් සෙම් ගෙඩි හෑදුනා කීවානේ,දෑන් මොකද එකේ තත්වය?

ඔවා ඔහොම තමා කොල්ලො.උබට හොද කෙල්ලෙක් ඉන්නවානම් මොකටද පහුගිය කොහු අවුස්සන්නේ...ෆුල් ආතල් එකේ ඉන්න කෙල්ලට ලව් කරපන්.

උබට ජය..........

ඉන්දික උපශාන්ත said...

කුමාරිහාමි කියනව වගේ පිරිමි අපි තීන දේට වඩා නැති උන දේ ගැන හිත හිත තැවෙනව වැඩියි වගේ බං. අතෑරල දාහං මලයො. පාරෙ තව බස් එයි, මොකෝ මේ ක්ෆිව් දාලයැ.

අර "සහරා කාන්තාරෙ" කියන කතාව වැරදියි. ඕක මුළු ලෝකෙම වරද්දං තීන එකේ උඹට උනාම මොකද එක අතකට. ඒත් මේ දැනගන්න කියන්නෙ. හරි වචනෙ "සහ්රා - SAHRA" ඒ කියන්නෙ අරාබියෙන් "කාන්තාරය" කියන එක. ගූගල් ට්‍රාන්ස්ලේටරේ ගහල බලහං SAHRA කියල.

ක්සැන්ඩරයා said...

මට ඔය අත්දැකීම හොඳටම තියනවා.. ඒක මට මේ ලිපිය කියවන වෙලාවෙදිත් දැනුනා. මට තේරුම් ගන්න පුළුවන් මොකද්ද හිතේ කැරකෙන්නේ කියල.. කොහොම හරි හත ගැහුවා නේද?

මාධව විදුරංග said...

eka malaida machoo looketa thiyenne! mmm! mage kathawath ookama thamai! anoge kathawa wageema mage kathawath ookamai! eeth uba paradune na bn! mokada ubata hoda kellek innawa! mmm! mona unath eeki ekka sathutin idin! mmm! oya yanna yana eunta yanna deela! :) :) mmm! looke hati bnZ!

wenada wage kathawa nam bokkatama wadinawa! mmm!

දිනිත් said...

යකෝ උඹ මේ වෙන්ඩ මාමණ්ඩියගෙ පරිවාස කාලෙ ඇතුලෙ ඉන්න එකා වෙච්චි, කොහොමද ධනී එක්ක කුඩේ යටිං යද්දි බුවා එහෙම දැක්ක නම්..බඩු බනිස් නේද ?

දුශ් said...

මේක නම් උබ ලියල තියෙන්නේ මටද මන්ද? උබ ඇත්ත කියන්න බය නැ, එත් මම බයයි... මට දැනුනත් මම පිළිගන්න කැමති නැති උන ඇත්ත, උබ කියනකොට තම මටත් තේරුනේ.. එත් ඉතින් දැන් වැඩක් නැ, අල්ලලා දාපන් බං, නැට්ට පිටින් අලි මැරෙන්නේ.. හේ හේ..
මොනවා උනත් උබ ලිවිල්ල නම් පට්ට මචන්.. මේ මම කියනවට උබේ love story ටික සේරම එකතතු කරලා එක love ස්ටෝර්ය් එකක් ලියපන්.. පොතක් විදියට.. කියන දේ අහල මේ වැඩේ හරියට කරපන්.. එකම එක පොතක් ලියපන්.. හරියට.. ජීවිතේම ගොඩ... හොද එක වගේ.. එක love story එකක් ලියපන්..එකම එකක්..

වර්ෂා said...

යන කෙනාට යන්න අරින්න..ඇරත් ඔයාට ගර්ල් කෙනෙක් ඉන්නවානේ?
අනික හිත රිදෙන රිදෙන පාරට මල්පැණි බොන්න ගියොත් ලෝක ජනගහණයෙන් 90%ක්ම දිය වෙලා ගිහින් තියෙයි..

Bindi said...

ඕක නම් ආත්මාර්ථකාමී කම , ඉරිසියාව . නෙලන්න බැරි මල් වැඩිය ලස්සනයි ලු.

පිස්සා පලාමල්ල said...

උබටත් වෙන්නේ සුපිරි සිද්දි බන් මලයො.... සෙම් ගෙඩිත් හදා ගත්ත එහෙනම් අහ්...

මට නම් අල්ලලම ගියේ අන්තිම පේලිය බන්...

" හඩන සිත නිවන මල් පැනි "

ඔය මොකුත් නෙමෙයි බන්... ඉරිසියාව.. හොඳයි නැද්ද.... මට පටලැවෙනව බන් මේ කෙල්ලො... තාම ඉන්නේ බිසෝ මැණිකෙගෙ ඩබල් ක්ලික් එකේ...

Dasun said...

පහුගිය පෝස්ට් එකකටවත් කමෙන්ට් එකක් දාන්න බැරි උනා මේ දවස්වල විභාගේ නිසා වැඩ වැඩි. ඒ වුනාට මේ පෝස්ට් එක දැක්කම මට කමෙන්ට් එකක් නොදා ඉන්න බැරිවුනා.

ඇයි බං උඹ මල් පැණි බිව්වා කියලා ඒ කෙල්ලට රිදෙන්නෙත් නෑ. උඹට වෙන වාසියකුත් නෑ..ඉතිං උඹ ගත්ත තීරණේ හරිද කියලා ටිකක් හිතලා බලපං.

Anonymous said...

කොච්චර ස්තරම් වුනත්...ගිය දේ වටින්නේම නෑ කියලා හිතන එක තමයි යාලු කරන්න තියෙන හොදම දේ...අපි හොද නෑ කියලා අහක දාන දේවල් හොදම දේ කියලා දැනෙන්නේ..ඒ දේ නැති වුනාම.ඒක ආදරේටත් පොදුයි..


"වියෝ වු පසුවයි දැනෙන්නෙ ප්‍රේමයේ අභිමන්"

හිත පුරා පෙම් කරන්ට ආදරයක් දැන් තියෙන එකේ මල් පැන් පොදක් තොල නොගා ඒ වෙලාව ඔයාගේ ආදරේ වෙනුවෙන් කැප කරොත් නරකද..ඒක හරියට වටිනවා..

හිස් අහස said...

@පොඩි මෑන්=බොන්ඩ ආසයි සල්ලි නැතේ මචං
.............................................................................................................................
@Il mondo di una povera pazza = දැං ඉතින් එහෙමවත් හිතලා හිත හදාගන්නවා . බෑ සහෝදරී යාළුවෙක් වගේ ඉන්න නම් මට කවදාවත් බැරි වේවි ..අවංකවම නම් .
.............................................................................................................................
@සාගර = මේ අපේ සෙට් එකේ ඉන්න සාගරද කියලා මම බැලුවේ ! බැලිංනං නෑ . ඕකේ අයියා
.............................................................................................................................
@අහින්සක අන්තිම පේලිය = කෙල්ලෝ කියන්නේ ඉතින් ආයේ බිඳෙන දේවල් තමයි බං .. එක පාරක් බිඳ ගත්තොත් ආයේ හදනවා බොරු :)
.............................................................................................................................
@මුහුදු කොල්ලකාරයා = මගේ අවුරුදු 22 ජීවිත කාලයේම තිබුනේ ප්‍රේම කතා 4යි . මේක ප්‍රේම කතාවක් නෙවෙයි බං මම ඒකිට කැමති වුණාට ඒකිගෙන් ඒක ඇහුවේ නෑ නේ .. ඇහුවත් බෑ කියාවි බං ..ඒකි අති පන්ඩිතයි
.............................................................................................................................
@ලොකු පුතා = යන එකීට යන්නම කියන්න තමයි මම කොහොමත් හිතාගෙන ඉන්නේ මේක ලීවේ නිකං බං ..අපරාදේ කියලා හිතෙනවා ලීවේ ..උඹ උඩින් කමෙන්ට් කලා නේද ? :)
.............................................................................................................................
@JH = ඒ සින්දුව අහන්න හිතුනා බං මටත් මේ කෙමෙන්ට් එක ලියලා ඉවර වෙලා මම ඒක බාගෙන අහනවා ..මීට කලින් ඒක අහලා තියේ වගේ මතකයි ..
.............................................................................................................................
@ඕනයා = අනෙ පල යන්ඩ ! ඒකි ගේ සුවඳ ගැන මම මේ ලිපියෙන්ම වර්නණා කරා දුටුවේ නැත්ද ? . ඒකි සුගන්ධවත් .
.............................................................................................................................
@ඇනෝපිලිස් = පස්සෙන් වරෙවු කොල්ලනේ මම වැටුනාම කර තියාගෙන යන්න
.............................................................................................................................
@දිනේශ් = ඒ වුනාට ඉතින් උඹ දොඩම් පැනි බීවනේ .
.............................................................................................................................
@සයුරි = කවිය දැකලා මම මට ටොක්කක් ඇනගත්තා තෑන්ක්ස් කෙල්ලෙ
.............................................................................................................................
@Gimhani= සිරාවට මම යන්නේ නෑ අපේ අම්මත් මට කීවා එදාට කොහේ හරි ගිහින් එන්න කියලා .
.............................................................................................................................
@දේවා ගේ අඩවිය=වැරදුනේ මටයි අයියන්ඩි .. ඩයල් එක වැඩ කොරන්නේ ඩී එප් චීචී එකේ
.............................................................................................................................
@Observer= හකුරු නොකෑ කට හුඹස් කටයි නේ ! නැද්ද අයියේ
.............................................................................................................................
@Weni= මේ ඉතින් වැහි කාලෙනේ බං ඉස්සරහට ගං වතුරත් ඒවි මම කියන්නේ ඔය වෙඩිම දවසට වැහැපං දෙගොඩ තලා යන්ඩ ..
.............................................................................................................................
@Anonymous= ඈත් වෙන්න් ඈත් වෙන්න කෙනෙකුගේ අගේ වැඩියි තමා බං .
.............................................................................................................................
@Malya Cruise= කියලා වැඩක් නෑ හිතක් පපුවක් නැතිව ඉපදුනා නම් සැපයි අනේ
.............................................................................................................................
@Anonymous= එදාට මම වගේ එන්නැතුං හොඳවයි දෙකක් කියලා වරෙං මචං . මම ප්‍රාර්ථනා කරන්නේ උඹට එහෙම නොවියං කියලා

හිස් අහස said...

@රාජ් =මට දැනටමත් කෙල්ලෙක් ඉන්නවා බොලේ ! ඒකනේ කෙලිය
.............................................................................................................................
@මාතලන් = මට සෙම් ගෙඩි හැදුනේ මේ ඊයේ පෙරේදා බොලවු ඔය වැස්සට තෙමිලා නෙවේ හවස හවස නාලා . ඕක ඇරිලා යාවි මචෝ දෙක වදිනකොට
.............................................................................................................................
@Prasanna = ඇයි බං ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගේ කියලා කියමනක් අහලා නැද්ද ?
.............................................................................................................................
@ChAnDiKa= ලංකාවේ ඉන්නා අස්සයෝ නෙවේ මචං වැස්සියෝ .වැස්සි පලා ගියාට දුකයි තමා .දැන් අවුලක් නෑ
.............................................................................................................................
@DragonD = එයාට මේක මම කවදාවත් නොකියන රසහක්
.............................................................................................................................
@ශානු = ඒ ගෑනු ළමයත් ඉන්නවා අනේ . එයාට දුකක් දෙන්නෑ මම
.............................................................................................................................
@sameera=මමත් හොඳ වැඩක් කරනවා මචං ඒකිගේ වෙඩිම දවසේ නහුතෙට වහින්න කියලා මම පොල් ගහනවා . ඒකිට පරිගණයක් නෑ ඒකි දන්නේ බ්ලොග් ගල් විතරයි
.............................................................................................................................
@අකීකරු හිත = බූමරංගේ වගේ කැරකිලා මටම වැදුනා නෙව අක්කේ
.............................................................................................................................
@Praසන්ன= බොනවා කීවට ඒක කරන්නත් බැරි වුණා මයෙ අයියේ . මේ පාර පඩියෙන් හෙන ගානක් වියදම් වුණා අපේ ගෙදර වයරින් කරන්න . ඒක නිසා මට තැඹිලි ගෙඩියක් පමන බොන්න සල්ලි සතයක්වත් ඉතිරි වුණේ නෑ . බලා පංකෝ ඒකෙත් හැටි .
.............................................................................................................................
@cjgayan= මල් පැනි පාරකට සෙට් වෙන්ඩ කියලා හිතුවට සල්ලි ඉවර වුණා දෙයියෝ මම දැන් අමුවෙන්ම දුක දරාගත්තා .
.............................................................................................................................
@නචියා = අනේ මන්දා බං එදා ඉරිදා දවසක් වෙලත් ඒ කොල්ලා මොකෝ ධනංජනී එක්ක නාවේ ? මටත් ඒක ගැටලුවක් සමහර විට ඌ ගල් ආඳෙක් වෙන්නැති මම ඕකා ගැන හොයන්න ඕන කවුද දන්නේ ඕකා ලෝකේ කාපු එකෙක්ද කියලා .
.............................................................................................................................
@වෙද ගෙදර මහ වෙදනා = අප්පා ! ඒ කතාව අහලා මගේ හිත නිකං මොකක්ද වුණා . ඇත්තටම වෙද මහත්තයෝ මමත් මගේ පලවෙනි කෙනාව අමතක කරලා නෑ අලුත් කෙනාගෙන් පවා මම පළමු කෙනාගේ රුව හොයපු අවස්ථා තියනවා .
.............................................................................................................................
@ගිහාන් = මේ පලාතෙන්ම බ්ලොග් ගැන දන්නේ දෙන්නයි තුන් දෙනයි බං මගේ බ්ලොග් එක ගැන රට්ටු දැනගත්තාට ගම්මු දන්නේ නෑ බං .
.............................................................................................................................
@මාඩා= එක පාරටම කියන්න තිබුනා බං ඒත් එහෙන් මෙහෙන් ආපු කේස් නිසා ඒක මග ඇරුණා දැන් ඉතින් ඒවා අහවරයි . ඔන්න ඕක මට පාඩමක්

හිස් අහස said...

@රාජ්2 = මලම කෙලියයි සල්ලි ඉවරයි . ඊලඟ මාසේ මේක මතක් වෙන්න බොනවා
.............................................................................................................................
@මන්තරකාරි = සෙම හැදුනේ මෙයා මම රාත්‍රී කාලයේ නාපු නිසා මිසක්ක එදා තෙමුන නිසා නෙවේ
.............................................................................................................................
@නිසුපා = ඔයා කීවොත් තාමා ඕං . ඒ කෙල්ලට මම මේ හාංකවිසියක දෙයක් වත් කියන්නේ නැතුවා අක්කේ . දැං ඉතින් කීවොත් ඔයා තමයි
.............................................................................................................................
@ජීවිතේ මල්ල = හෙහ් .. ධනංජනී නම් මට තිත්තයි . එයා මගේ හදේ කොතනකවත් නෑ . තූ නොදකිං . ඔයාට තෑන්ක්ස් ජීවිතේ
.............................................................................................................................
@දිල් = මෙන්න මෙයා මට බනිනවා ! අනේ අක්කේ හිත ගැන ඉතින් විස් වාස කරන්න බෑ නෙව හිත ගැන පුරාන කවියෝ මෙහෙම කිවලු . දිල්තෝ පාගල් හේ !
.............................................................................................................................
@mayya = ඒකි එලට ගියා මම තෙමුනා .
.............................................................................................................................
@u4j10 = ලයිෆ් එක වනාහි ෆිල්ම් එකකි අපි එහි ඇට්ටිං කරන්නෙමු
.............................................................................................................................
@පූසා = ඒ පොඩි ධනී ගැන නේ ලීවේ . ඒකි දාහක් වටිනවා මේකි මට ආයේ එපා මයි .
.............................................................................................................................
@දුමි අයියා = නෑ මචං මම ලවු කරලා තියෙන්නේ කෙල්ලෝ 4 දෙනෙක් එක්ක විතරයි කෙල්ල දහස් ගානකට හිත නම් පුදලා තියනවා ඒත් පෙරලා මට හිත දුන්නේ හතර දෙනයි . එතන ධනී නැත . ඒකි ආඩම්බරයි .
.............................................................................................................................
@Asanka = ජීවිතේට දැකපු නැති මම වගේ එකෙක්ට එහෙම කියාපු එකත් මදිද මචං . මම උඹට මේල් එකක් දාන්නම් . හැබැයි ෆ්‍රෙන්ඩ් සිප් එකකට මිසක් උඹන් ගානක් කපාගන්න නෙවේ . මම එහෙම එකෙක් නෙවේ බං . උඹ එල කොල්ලෙක්
.............................................................................................................................
@සරත් ලංකාප්‍රිය= හතේ හද වැදුන කොල්ලෙකුට හතේ සුව අමතක නොවේ කිසි දින .හත ලියන්නේ නිකං බං එහෙම විසේසයක් නැතුවා
.............................................................................................................................
@තනි අලියා = ඒක තමා අර පුන්සිරි මහත්තයා කීවා වගේ බිඳෙන බඳුන මොකටද සුරකිම්මු ආදරෙන් . වැඩි හොඳේ දබරෙටයි කියලා දන්න නිසා අපි අතේ දුරින් ඉම්මු
.............................................................................................................................
@Podi Kumarihami= මෙන්න මහිලා සමිතියේ ලොක්කි ඇවිදිල්ලා මට නඩු දායිද මන්දා:) ? මම ඒ කෙල්ලගේ මල්ල උස්සගත්තේ නැත්තං ඔයා කියාවි අපෝ මේ පිරිමි ජාතිය කෙල්ලටම බර පටෝනව කියලා . බලහංකෝ ඉතින් !
.............................................................................................................................
@ගලයා =කොහේ ගසන්නද දොරේ අතේ සතේ නැතේ ගෙදර වයරිං කරන්න සල්ලි ටික වැය කලා .කමක් නෑ ලබන මාසේ මේකට හරියන්න ගසනවා උපරිමේට
.............................................................................................................................
@සරුංගලේ = මල් කලඹක් තියා ලියුම් කවරයක්වත් දෙන්න බෑ මට

හිස් අහස said...

@Anonymous= අනේ මෙවන් දුකක් උඹලට නම් නොවේවා !!
.............................................................................................................................
@Gihan = තව දින කීපයකින් දෙන්නම් තව එකක් . දැන් මට හොඳයි .
.............................................................................................................................
@කපීකේකී = ඉන්ඩ මම අහලා බලන්න ඕන . තෑන්ක්ස් ආ මේ වගේ වෙලාවට සින්දුවක් තමා හොඳම බේත
.............................................................................................................................
@සපතේරු උන්නැහේ = මම හිතන්නේ මේක ලිවීමේ දක්‍ෂ තාවක් නෙවේ අයියා උඹ කියනවා නම් මම සතුටු වෙන්නම් . මට සෙම් ගෙඩි හැදුනේ හවස හවස නාලා බං . එදා තෙමීමට නම් නෙවේ
.............................................................................................................................
@එරන්ග අනුපිය ජයවර්ධන= දැන්නම් කෙල ගිලින්න ඇහැකි වේදනාවත් අඩුයි . හෙට අනිද්දට මම වල පල්ලේ නොහිටොයොත් වැඩේ ගොඩ
.............................................................................................................................
@ඉන්දික උපශාන්ත = මට කෙලි පොඩ්ඩක් දැනටත් ඉන්නවා බං :) . ඒකත් ඉන්න අතරේ තමා මේ මම දුක් වෙන්නේ . සහ්රා යකෝ පොඩි කාලේ ඉඳන් කියලා තියෙන්නේ වැරදි වචනයක් මම
.............................................................................................................................
@ක්සැන්ඩර්= හතේ හත වැදුනා බං
.............................................................................................................................
@මාධව - மாதவ - Madhawa = මට කෙල්ලක් ඉන්නවා බොලේ . මම මේ පරන මතකය්ක් අවසන් කලා කියලයි ලීවේ . කෝම හරි දුක කරගහන්න ආවට තෑන්ක්ස් ඈ
.............................................................................................................................
@දිනිත් =කුඩේ යටින් යනවා මාමි දැක්ක නම් පොර එතනම ඩවුන් :)
.............................................................................................................................
@දුශ් = බලමු බලමු බං මට දැන් තියන තත්තේ හැටියට නම් මේ පෝස්ට් එකක් ලියාගන්නත් හෙනම ගේමක් දෙන්න වෙනවා තව අවුරුදු පහක් ගියාම මම පොතල් ලියන්න තරම් මට්ටමකට එන බව නම් මට සුවර් . කෝම වෙතත් ස්තූතියි උඹලට මචෝ
.............................................................................................................................
@වර්ෂා = ඒක තමයි ඒ ඉන්න කෙනා එක්ක සතුටින් ඉන්න වෙන්නැති දෙයියෝ මට මෙහෙම කරන්න ඇත්තේ . ජීවිතේ කියන්නේ පොතක් සහෝදරී මම තාම ඉන්නේ මැද පිටුවේ .
.............................................................................................................................
@Bindi= අපොයි මේ මම ඉරිසියා කරනවා ? අනේ අක්කන්ඩි මම නම් එහෙම නෑ
.............................................................................................................................
@පිස්සා පලා මල්ල = ඉස්සරහට වරෙං අයියා හෙමින් හෙමින් වරෙං . ආයෙත් දවසක අමතාපන් මාව .
.............................................................................................................................
@නිර්මල = විභාගේ කෝමද මචෝ පෝස්ට් බල්ලට ගියාවේ කමෙන්ට් කොටියා කාපුවාවේ . උඹලා විභාග කරගෙන ඉඳිල්ලා . උඹලා කියවන බව මම කොහොමත් දන්නවා .
.............................................................................................................................
@අසනි = මල් පැණි නම් බොන්න බැරි වුණා අසනි . අතේ තිබ්බ සල්ලි ටිකට තට්ටු වුණා .අනේ මන්දා බං අසනි මම ඒකිගේ වෙඩිම දවසේ ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරා . හොඳයි නේ

ගයා said...

මටත් කියන්න තියෙන්නේ මචං ඉතිං ලාවට වගේ මල නොතලා රොන් පොදක් ගත්තට කමක් නෑ කියලා තමයි.

හිතුවක්කාර කෙල්ල said...

මේක හරිම හිතට දැනුනු කතාවක් :( දෙයක් අහිමි ව්එන්න යද්දි ඒ දේ වටිනාකම දැන්නවා වැඩියි තමා. ඒක හරි.. කොයිතරම් අකමැති දෙයක් වුනත්, පුංචි හරි ලෝභකමක් ඇති වෙනවා.

හැබැයි මමත් නිසූපා අක්කිගෙ කතාවට එකගයි අයියා.දැන් පපුව පිරෙන්න අඅදරේ කරන්න කෙනෙක් ඉන්න නිසා ඔය සිතිවිල්ලෙන් මිදෙන්න ඉක්මණටම..:) ජය වේවා..!! අයියගෙ වෙඩිමත් ඉක්මණටම ගන්නකෝ..

සංකල්ප said...

මොනවා කියන්නද කියලා හිතාගන්න බැරි උනා මලේ. මල්ලිත් ඉතින් හිතේ තියාගෙන ඉන්නවා නේ. ඔන්න ඔහේ ඒ කාලේ කියලා දැම්මා නම් මෙලහකට දරුවෝ තුන් දෙනෙක් ගේ තාත්තා කෙනෙක්.

"හඬන සිත නිවන මල්පැනි නැතුව බැරි හැඩයි . ! "

අද එහෙනම් වැඩේ හරි වගේ.

Ruka said...

ඉතින් මල් පැන් ටිකක් බීවද.ටුනාලන්තෙටනම් වහිනව."ඔනය" මෙහට ආපු ද ඉදන් වැස්ස.අපි නම් ඉතින් ඔය වෙලවට බොන්නෙ ගල්පැන් මචො...(ලන්කාවෙ හිටියනම් ගැසුව තමා මෙ වගෙ දවසක)
මචො උඹ ලියන විදිහ නම් මරේ මරු.ගමෙ කමයි, අපෙ කමයි,සේරම තියනව.අනෙ මාසෙට 10ක් ලීවත් කියවනව.

Anonymous said...

ඇත්තටම මම ඔය වගේ අත්දැකිමකට මුණ දිලා තියනවා.හැබැයි ඒ ධනංජනිගේ පැත්තෙන් කලකට පෙර ඔයාගේ කතාවට කිට්ටුවෙන් යන කතාවක ප්‍රධාන නලුවා වගේ එක්කෙනෙක් මගේ අලුත් ජිවිතේ දැකලා අද දුක් වෙනවා.එයා විවිධ විවිධ ක්‍රම වලින් ලං වෙන්න හැදුවත් දැන් මම වෙන කෙනෙක්ගේ වෙලා ඉවරයි.එකත් සදරුගෙයි ධනංජනිගේ වගේ ආදර කතාවක් නොවෙන ඒත් අමුතු ම විදියේ යාලු කමක් .මම මේ අවුරුද්දේ බදිනවා කිවුවාම එදා ඒ මුනේ තිබුන මට නොකිව කතාව අද මම කියෙවුවා.එයාගේ හිත ත් ඔයාගේ හිත වගේම වැස්සට හේදිලා යන්න ඇති.ඇනෝ කෙනෙක් විදියට කමෙන්ට් කලාට සමාවෙන්න හරිද?

ලොකු පුතා said...

උඹ මේක ලියපු එකේනම් කිසි අපරාදයක් නැහැ බං, මේක තමයි මනුස්ස ස්වභාවය
උඹ විතරක් නෙමෙයි, මේකේ තියෙන කමෙන්ට් කියවල බැලුවහම උඹට හිතෙන්නේ නැද්ද ගොඩ දෙනෙකුට මේ වගේ අත්දැකීම් තියෙනවා කියලා

<>
ඔව් බන්...
ලියල ඇන ගත්තා, ඉතින් ඒක මකල දැම්ම

kasun said...

හ්ම්....

Gayan Rupasinghe said...

අයියෝ මචන්... බලහන් උබටත් වෙන එව්වා.. උබ පරක්කු වෙනවා වැඩි වගේ මලයෝ... ඔය වගේ සීන් වලට ඉක්මන් වෙන්නේ ඕනේ මම හිතන හැටියට.... අනේ මන්දා.. ඔව්වට සැලෙන්න එපා මල්ලි. ඔව්වා මොනවද...

උදේ සිට ඉන්ටනෙට් අවුල්ය… පරක්කු උනාට සමාව අයදිමි..

ජය...

ශශී said...

සඳරු නාගෙන ආපු එකා නාගෙනව යන එක තමා හොඳ. ඒක මමත් කැමතිම තියරියක්. මොනවා උනත් ඔය වගේ කේස් ගනන් ගන්න එපා බොල. උඹ මගෙ වයසට ආවහම හිතෙයි ඕවනම් මොනාද අප්පා කියලා ( අත්දැකීමෙන් කිව්වෙ හරිද? )

ඔබ නොදු‍ටු ලොවක්..... said...

"නුරා විරහගිනි නිවා දමන්නයි සුරා විතින්මා දෙතොල තෙමන්නේ" මේකනං කරන්න+ එපා !!!!

පැට්ටා said...

හප්පොච්චියේ .... සඳරුවෝ සිරාවටම උඹ කෙල්ලො කීයකට ලව් කරාද ඈ?....

අවුලක් ගන්නෙපා බන්.. ජීවිත වලට ඔය වගේ දේවල් ලං වෙන එකයි නැති වෙන එකයි සාමාන්‍ය දෙයක් මචෝ.

saumiya said...

owa ohoma tamai ban.. ganan ganda epa... bondama one nam chuttak beepan...
hebei biuwa kiyala hithe duka niwenne na,,,,

සිත් අහස said...

ඉතින් ,... අන්තිමේ,.. ඒකත් ඉවරයි,. පපුව පිරෙන්න ආදරේ කරන කවුරුත් අපේම වෙන්නේ නෑ මම දන්න විදියට නම්. ඒක නිසාම වෙන්න ඇති අපි ඒ අයට අපේ පපුව රිදෙනකන් ඇස්වලින් කඳුළු පනිනකන් ආදරේ කරන්නේ,මටත් මතකයි කලින් ධනංජනී ගැන ලියපු කථාව,. ඒත් ඉතින් නොලැබෙන දේ ගැන හිතලා පලක් නෑනේ,. ඊටත් පපුව පිරෙන්න ආදරේ කරන්න ඔයාට ඉන්නේ කෙලි පැට්ටෙක්,.

Unknown said...

කුළුදුල් ඒවා කරද්දි ඔහොම වෙයි කියලා අපි කිව්වා

Chandi said...

අනේ අම්මප මේ කොල්ලට ළඟ තියෙන දේ රැකගන්න බැරි උන හැටි. මලේ, හිත හදා ගෙන එක තැනකට කොටුවෙයන් කියල තමයි ඔන්න කියන්න තියෙන්නෙ. නැත්නම් කවදාහරිම පසු තැවෙන්නට වෙයි. අළුත් ආදරයට සුබ පැතුම්!

Prbath Neranja said...

Male...umba monawa kiwwath umba umbe aluth kellata wada wediye aadare Dananjanita....eka mama dannawa...mokada mamath umbawageam kollek..matath oyawagema weda siddawela thiyanawa..mama dannawa oka denena heti...puluwannam ne kiyapan?

RanDil said...

මල්ලි මේ කියන්නේ පහුගිය මාසේ ඉරිදාවක් ගැන නං, ඒ ඔක්තෝබර් 15 වෙනිදා වෙන්න බැරිය..... :D

"නෑ ධනී ආවෙත් නාගෙන නේ නාගෙනම යන්නම් ..”

ඒක නං එයාට වැටහෙන්න ඇති. මොනවා වුනත් ධනී ඔයාටම එන්න කිව්වේ, ඔය විදිහට ඔයාට දනවන්න වෙන්නත් පුළුවන්

පවනි said...

අපි කොයි තරම් නපුරු දරුණු මිනිස්සු උනත් ඔය වගේ දේකදි බොකු බඩවැල් සීතල වෙලා යනව බං.... ඔක්කොමත් හරි අපේ ඇස් පනාපිටම ඔහොම දෙයක් වෙනකොට දරාගන්න අමරුයි බං...ඒ උනත් අපිට දරාගන්න බැරි දෙයක් ඇත්තෙත් නෑ නෙ බං..

ඒකි උඹට සිරා ලව් කරා නම් ඒකි ඒක උඹට නොකිය ඉන්නෙත් නෑ...
ඒකි දැනගෙන හිටිය නම් උඹ ඒකිට සිරා ලව් කරා කියල ඒකි හොඳ කෙල්ලෙක් නම් කීයටවත් ඔය ගමන යන්න උඹට කත කරන්නෙත් නෑ!!!

Sumudu said...

සඳරු,
matath mehema scene ekak weegena yanawa, man meke nam wenas karala fb ekata daanna uben awasara ganne kohomada macho.

rachi said...

මේකත් බලපන් කතා දෙකම ටිකක් සමානයි වගේ....
මේක මගේ සිරාම කතාව. මට හිතා ගන්න බැරි මම කරපු දේම උඹත් කරේ කොහොමද කියන ඒක

http://rachiths.blogspot.com/2011/07/blog-post.html
********************************
http://rachiths.blogspot.com/2011/08/blog-post_30.html
************************
http://rachiths.blogspot.com/2011/08/blog-post_31.html

අග්නි ධාරා... said...

හපොයි......සදරු අයියේ.......
හැබෑට දැන් ඔය යාළුවෙලා ඉන්න ගෑණු ළමය බ්ලොග් එක බලන්නැද්ද...?.....:O

මුදියන්සේ said...

පට්ටයි, උඹේ අත්දැකීම අකුරු කරල තියන විදිහ සූපිරියි !

හිත හදගනින් යාලුවා, මාරයාට අනුව සෙනසුරු අපලෙ පැන්න එකේ උඹටත් හොද කලක් යාවි

දිනුක said...

ගෑනු නැති ජීවිතේ කවර පලක්ද බං.හිතපං බැරිවෙලාවත් මේ ලෝකෙ ගෑනු නැති උනා කියලා.අන්න එදාට තමයි අපිට තේරෙන්නෙ අනේ ඉතිං දැං කවුරු හින්දා හිත රිද්දගන්නද අප්පා කියලා..........ඔය හිත රිදෙන එකේනෙ බං ආතල් එක තියෙන්න.

Anonymous said...

දැන් මට තේරෙනවා , අහස හිස් මොක ද කියලා.

අහසෙ හිටපු හැම තරුවටම ආදරයෙන් ළං වෙලා , ඒ හැම තරුවම පොළවට එවලා. ඉතින් කොහෙ ද අහසට තරු....

Anonymous said...

අහෝ දුකකි.. ගනන්ගන්න එපා මලේ.. ඕව ඔහොම තමයි.

පබලු

නදුන් උයන said...

"වියෝ වු පසුවයි දැනෙන්නෙ ප්‍රේමයේ අභිමන්"

ගොඩයා said...

සඳරු මලේ, ඔය වගේ අත්දැකීම් සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ " මටත් නිතරම හිතෙන්නේ අර ප.ලි කෑල්ල. හඬන සිත නිවන මල් පැනි නැතිව බැරි හැඩැයි " කියලා.....

Anonymous said...

මල්ලී ඕක බොහොම සොඳුරු සිතිවිල්ලක් බං. හීනියට පැත්තකට වෙලා දෙකක් නවාගෙන කං දෙකෙන් පටං අරං කකුල් දෙක වෙනකං දුවන විදුලියෙ සුවය විඳපන්. සමහරවිට උඹ කවිත් ලියයි හෙට.

හිතුමතේ said...

හිතුමතේ ගොඩ වැදුනු පලවෙනි මොහොතෙම ආදරය දුකක් කියලා හිතට දැනෙන දෙයක් තමා කියවන්න ලැබුනේ... සදරුගේ වැරද්දක් උනත් දැන් කරන්න දෙයක් නැනේ.... ගිය හකුරට නාඩන්නේ තියන හකුර ‍රැක ගන්නේ

පැණි දොඩම් said...

ඇ බං.. මේ අර කලින් හිටපු තඩි ධනංජනීමද?

පන්සල් හංදිය said...

ඔන්න ඔය පරණ දේවල් අල්ලලා දාපං මලයා ...
කොහොම උනත් උඹගේ මේ ට්‍රික් එක නං මරු ...

“මචං මේ කුඩේ පොඩ්ඩක් තියාගනිංකෝ මම එන ගමං ගන්නම්”

ලහිරු said...

බොන්න ඕන ප්‍රශ්නයක් වගේ.... හික්ස්!

නජාත් අක්‍රම් said...

සමාන අත්දැකීමක් ඇත.. නමුත් මල් පැණි යනු ප්‍රශ්නයට විසඳුමක් නොවේ..

තාරක Dilsh@n said...

සිරාවටම උඹට දැන් කෙල්ලෙක් ඉන්නවා නේද? ඉතිං මේක ගැන හිතල දුක් වෙන්න ඕනේ නෑනේ...
සෝ මල් පැනි ඕනෙත් නෑ. ඒකට යන සල්ලිත් ඉතුරුයි...

Anonymous said...

නියමයි අයියෙ මමත් red label එකක රස බලමින් ඉන්නේ මාර අතල් monitor එක බොදවෙලා වගෙ වෙලාව 00.24 නුරා විරහා ගිනි නිවා දමන්නයි සුරා විතින් මා දෙතොල තෙමන්නේ............


rosa.italy

~ShiraN~ - SL said...

සිරාවටම දන්නෙ නැති නිසා අහන්නෙ ඔකඳ වෙලා කියන්නෙ මොකක්ද ? අයියා

Prabath said...

මේ කතාවට "මහා වැස්සේ ධනංජනී ගේ නයා ඇරීම" කියල මාතෘකාව යෙදුවනම් මරු

sajeewa said...

මම ලැසිම ලැසිම ලැසි ගමනින් ඒ කෙල්ලෝ ඉන්න තැනට කිට්ටු වුණා . ළඟට කිට්ටු වුණාම වේග ටිකක් වැඩි කළා .

Post a Comment

තැන්කූ බං